Wednesday, October 2, 2013

මගේ කෙරුවාව... Teacher's Day Souvenirs....


පහුගිය ටිකේ බ්ලොග් කියවිල්ලට හෙනහුරා ගහලා තිබ්බෙ... යන්තම් අහු උන වෙලාවට පෝස්ට් ටික කියෙව්වට ඉතිං පුසකාපු පෝස්ට් වලට කමෙන්ට් දාන්නත් කම්මැලියි.. ඉතිං කමෙන්ට් දැම්මෙත් ඉඳලා හිටලා... ඒකට ඉතිං අපේ සිරා මලයා එහෙම දකින දකින වෙලාවට බනින්න පටං ගත්ත නිසා මං දන්නවා අනිත් කට්ටියත් දැං බැන බැන ඇති කියල... හි හි... 

ගෙදරට වෙලා සැපට හිටපු මට එක එක ගමන් යන එක මහ එපාම කරපු දෙයක් වෙලා දැං.. ඒත් ඉතිං මොනා කරන්නද... ඒවත් කරන්න එපැයි.. ඒ අස්සට මගේ මේ පොඩියට පටං ගත්ත බිස්නස් එක... වෙඩිං කාඩ්ම කරන්නත් කම්මැලි සහ හැමදාම වෙඩිං කාඩුත් නැති හින්දා පහුගිය ටිකේ වෙන වැඩකට අතගැහුවා...මේ ලියන්න ගත්තේ ඒ ගැන.. (ඒක හින්දා තමයි මේ බ්ලොග් බලන්න වෙලාවත් නැති උනේ... සමහර වෙලාවට ඒ වැඩේ පටං ගත්තම පැය ගානක් ගියත් වෙලාව ගැන මතකයක් එන්නෙ නෑ... අපේ මහත්තයා ගෙදර ඇවිත් ගේට්ටුව ගාවට වෙලා හෝන් ගහනකොට තමයි මට වෙලාව බලන්න මතක් වෙන්නෙ... හි හි...)

මේ සතියෙ ඉතිං අපේ ගුරු දිනේ තියෙනවනේ... ගිය අවුරුද්දෙ ඒ ලෙවල් කරපු අපේ පොඩි එකෙක් මට කතා කරලා කාඩි ටිකක් හදලා දෙන්න කිව්වා විකුණන්න.. ඒත් ඉතිං මට ඔය කඩවල විකුණන්න කාඩි දාන්න හිතක් නෑ.. මොකද ඒවයේ ඩිස්ප්ලේ වලට දැම්මම ටික දවසකින් කාඩි එක චප්ප වෙනවා.. එතකොට කිසි කෙනෙක් ගන්න තියා බලන්නෙවත් නෑ... අපරාදේ මහන්සිය... මං ඒක නිසා කිව්වා කාඩි නෙවෙයි මං වෙන මොනා හරි හදලා දාන්නං කියලා.. ඔන්න ඔහොම තමයි මේ වැඩේ පටං ගත්තෙ.. එතකොටත් මං මේක හදන්න හිත හිත තමයි හිටියෙ.. මේකෙන් උනේ වැඩේ ඉක්මන් වෙච්ච එක... 




මල් ටිකකුත් හැදුවා ඉතිං.... 



ඔන්න ඔහොමයි මං පහුගිය ටිකේ කාලේ ගත කළේ... ඇත්තටම කිව්වොත් කාලේ ගත උනේ... හි හි

අපේ මහත්තයා තමයි රැ එළිවෙනකම් ඇහැරගෙන මේ ඔක්කොටම උදව් කළේ.. එයානේ ඉතිං අපේ ගනංකාරයා... එයාට වගේ නූලටම මේ වගේ වැඩක් කරන්න මට නං කොහෙත්ම බෑ... හි හි... කොහොම උනත් මේ වැඩේ මේ පේන තරම් ලේසිත් නෑ... කොන්දයි බෙල්ලයි නෑ වගේ ඉවර වෙනකොට.. ඒත් ඉතිං හදලා ඉවර උනාම ඒ වගේම සන්තෝසෙකුත් තියෙනවා... අපි ඉස්කෝලෙ යන කාලේ නං ගුරු දිනේට දුන්නේ මේ වගේ අපිම හදපු නිර්මාණ තමයි.. ස්ටොකිනට් මල්, ගිනිකූරු අත්කම්... ඔය වගේ ඒවා.. දැන් ඉතිං අම්මලා ටීචර්ලට ලොකු ලොකු, ගොඩක් ගනං තෑගි අරන් යනවනෙ.. මේක නම් එහෙම ‌ලොකු ගනං  තෑග්ගක් නෙවෙයි... හැබැයි මේක ලස්සනයි.. ඒ වගේම කල් තියාගන්න පුළුවන්... ඒ වගේම ටිකක් කල්පනා කරලා, හිමින් සීරුවෙ කළොත් පොඩි එක්කෙනෙකුට උනත් හරිම ආස හිතෙන වැඩක්.. 

84 comments:

  1. හරිම ලස්සණ යි, හිරු අක්කේ. ගුරු දිනේට රෝස මල්, කාඩ් වගේ දේවල් දෙනවට වඩා මේ වගේ දෙයක් දෙන එක කොච්චර හොඳ ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං.. දැන් ළමයින්ට මේ වගේ දේවල් කරන්න වෙලාවක් නෑ නේ.. එහෙම එකේ අඩුගානේ මේ වගේ ඒවා අගේ කරන්නවත් පුරුදු කරන එක හොඳයි.. නැ්තතං ඉතිං රොබෝලා ටිකක් තමයි ඉස්සරහට එන්නෙ... හි හි

      Delete
  2. වැඩේ නම් ඉස්තරම්.....හබියා මෙච්චර සියුම් වැඩවල දක්ෂයෙක් එහෙනම්.........මොකද අපිට නම් ඔය කැත්තෙන් පොල්ලෙන් කරන වැඩ මිසක් ඔහොම ඒවා හිතන්නවත් බෑ

    ReplyDelete
    Replies
    1. හබියට කිරලා මැනලා කරන වැඩ ගානට පුළුවන්.. ගනංකාරයනේ.. මට ඒ වගේ වැඩ බෑ.. ඒ අතිං නං අපි දෙන්න නියමෙට් මැචිං... හි හි...

      Delete
  3. සිරාවටම ලස්සනයි හිරු.. ඉතින් ඕවා හදලා ෂොප් එකේ තියන්නකෝ..ආස හිතෙන අය ගනීවි.. අහ්හ් තව දෙයක් සිහිවටනයක් උනාට කමක් නැහැ සල්ලි ගන්න :) අමතක නොවෙන සිහිවටයක් වෙන්නේ එතකොටයි ..:)

    මාත් මේ ටිකේ කමෙන්ට් දැමීම පමණයි කරන්නේ.. ඔක්තෝබර් 10 වෙනකම් නිවාඩු දීලා තියෙන්නේ බ්ලොග් එකට.. මේ දවස් වල ප්‍රොමෝෂන් එකක් වත් කරානම් හොඳයි වගේ..මගේ බ්ලොග් එක. පරණ ඒවා කියවලා , ෆලෝ කරලා යන්න එන්න

    ReplyDelete
    Replies
    1. ෂොප් එකේ ටිකක් තියලා තියෙන්නෙ සහන්..

      Delete
  4. ඊ .... මාරයි නේ....... නෑ නැ එක්කොත් මුකුත් කියන්නෙත් නැ කොමෙන්ටුවක් දන්නෙත් නැ අපේ ඒවා වලට කොමෙන්ටු දාලත් නැනේ

    ReplyDelete
  5. අඩේ එල කිරි ඩිසයින් ටිකක් නේ අක්කේ ඔය එන්නම මගේ බර්ත් ඩේ කාර්ඩ් එකත් හදන්න එකත් තියෙන්නේ ගුරු දිනේදීමයි ඔයින් එකයි බර්ත්ඩේ කාර්ඩ් එකයි දෙකම මට දෙන්න ප්‍රසන්ට් එකක් විදියට පව් නැහැ බොලව්

    ReplyDelete
    Replies
    1. උඹට ප්‍රසන්ට්ම තමයි දෙන්නෙ තියෙන්නෙ... හි හි

      Delete
  6. ලස්සණ යි අනේ..සෑහෙන ඉවසීමකින් කරන්න ඔනෙ වැඩක් බව පේනවා.

    ReplyDelete
    Replies
    1. ඉවසීම නං බැරියැ දිලිනි... බෙල්ල රිදෙන එකනේ ඉවසන්න බැරි... හි හි

      Delete
  7. ඔන්න ඩූඩ්ගේ කමෙන්ට් එක

    මට වගේ නම් ඔය ගල් අරක්කු බෝතලයක් දීපං රතු රිබන් එකකින් ගැටගහලා.
    (හිරූව ඔරොප්පු කිරීම සඳහා විශේෂයෙන් සකසන ලදි.)


    ඔන්න ගුරුවරයාගේ කමෙන්ට් එක

    හිරු. ඔය චීටර්ස් ඩේ එක ලියනකොට හුඟ දෙනෙක් කරන වැ‍රැද්දක් තමයි ඔය apostrophe එක දාන සීන් එක. මෙන්න හරි විදිය.

    TEACHERS' DAY.

    Note the apostrophe

    ReplyDelete
    Replies
    1. ඒ ඩිසයින් එක නම් පට්ට පට පට ඈ.

      Delete
    2. ඔය apostrophe එක ගැන අපිට ඉක්කෝලෙ කාලෙ ටීචර් කෙනෙක් විශේෂ පුහුනුවක් දුන්නා හෙන්රියෝ.. ටීචර් නම් මරු අහ් ;)

      Delete
    3. ස්තූතියි ඩූඩ්. අද වෙනකම්ම මමත් ඔය වැරැද්ද කරා!!!!

      Delete
    4. හොඳ වෙලාවට මං මේක දැම්මෙ අද.. නැත්තං අලුත් සෙට් එකක්ම වැරදියට යනව.. හි හි..

      ඇත්තටම ඕක මට පැටලෙනවා... නෙට් එකේ බැලුවත් එක එක තැන් වල එක එක විදියට.. දැන් ඉතිං අමතක වෙන්නෙ නෑ.. තෑන්ක්ස් ඩූඩ් අයියා...

      Delete
    5. මගෙ යාලුවෙ ටික දෙනෙක් ඉන්නව නැවුවල ජොබ් කරන,උන් කවුරුහරි බැස්සම නම් මමත් ඔය TEACHERS සමරනව.
      නිර්මාන ලස්සනයි.
      (අර නමින් විස්කියක් තියෙනව.එක ගැන කිවුවෙ.හිරු ඔව නොදන්න නිසයි කිවුවේ

      Delete
    6. නැතුව නැතුව දමිත්! ඕක ඇත්තෙන්ම ගුරු උපහාරයටමයි හදලා තියෙන්නේ. අන්න යුතුකම් දන්න සුද්දෝ!

      Delete
    7. වතාවක් හරියටම උපහාර දැක්වුවා ඔය ජාතියේ එකක් උගන්නපු ගුරුවරයකු සමග හවුලේ අනුමත කරලා.අම්මේ එහෙම කාලයක්.

      Delete
    8. හපෝයි බෙබේලා ටික... හි හි

      Delete
  8. අඩේ හිරූ වැඩ්ඩියෙක් නේ... එල එල... ඔය හැකියාවෙන් ප්‍රයෝජනයක් ගත්තනම් තමා හොද... නේද?? එල එල....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මේ කරන්නෙ.. හි හි

      Delete
  9. කාඩ් ටික හරිම ලස්සනයි හිරූ,ඔය කාඩ් වෙනත් දිනවලටත් ඒ කියන්නෙ කාන්තා දිනය මව්වරුන්ගේ දිනය වගේ එව්වටත් හදන්න පුළුවනි නේද,වැඩිහිටි දිනයට මටත් කාඩ් එකක් එවන්න

    ReplyDelete
    Replies
    1. හපොයි දෙයියනේ.. වැඩිහිටි දිනේ පහු උනානේ හැලපයියේ.. හි හි

      Delete
  10. ඩිසයින් ටික ලස්සනයි. අලුත් බිස්නස් එකටත් සුබ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අනේ.. හි හි

      Delete
  11. ඇත්තටම ඔය වගේ එව්වා හදන්නේ කොහොමද කියල හැබෑටම හරි බලන්න තිබ්බා නම් හදන්න යන මහන්සිය ගැන මීටත් වඩා වටිනාකමක් ගන්න පුල්වන්. අර මල් වැඩ ටික නම් මරේ මරු. අත සහ මනස එකතුවුනාම හැදෙන නිර්මාණශීලිත්වය කොයි වගේද කියලා පුදුම හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මේක හදන විදිය ගොඩක් අමාරු නෑ රතී... පුංචි ළමයින්ටත් අත හුරුවෙන්න දෙන ප්‍රැක්ටිකල් මේවා... කල්පනා කරලා බලලා ගැලපෙන විදියට නිර්මාණයක් කරන එකයි ටිකක් අමාරු...

      Delete
  12. හිරුවගෙ නිර්මාන අපෙ තාත්තගෙ ඉක්කෝලෙ එවුන්ට පෙන්නුව නම්.. මේ වගේ එකක් අපෙ ගෙදරටත් එනවු ෂුවර් නේ ??

    :)

    ලස්සනයි අහ් .. !

    ReplyDelete
    Replies
    1. ඇයි සෑම්ගේ ටීචර්ලට දුන්නොත් හොඳ නැද්ද... හි හි

      Delete
  13. ලස්සනයි අක්කො.... තව ලස්සන අලුත් නිර්මාණ බලාගන්න පුලුවන් වෙයිනේ අපිට ඉස්සරහට නෙහ්?

    ReplyDelete
    Replies
    1. ඔව්වොවි.. තව තියෙනව.. හිමින් හිමින් දාන්නංකෝ බ්‌ලොග් එකේ.. හි හි

      Delete
  14. මරේ මරු වැඩක් නෙ.
    ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මරුම වැඩක් තමයි ප්‍රසා අයියේ.. හි හි...

      Delete
  15. ස්වයං නිර්මාණ කරුවන්ට මම හරි කැමතියි. හැකියාවට රැකියාවක් කියන්නේ මෙන්න මේවට.

    ReplyDelete
    Replies
    1. රැකියාවකටත් වඩා මේක කරද්දි හිතට හරි සැහැල්ලුයි සුදීක අයියෙ.. මට නං ගොඩක්ම වැදගත් ඒක තමයි...

      Delete
  16. දිගින් දිගටම කරගෙන යන්න. එක් එක් කාරණාවලට වෙන් වෙච්ච දින තියනාවනේ තව ඕන තරම්.

    ඩූඩ් කියලා තියෙන ජාතියේ තෑග්ගකට තමයි මමත් කැමති. රිබන් අනවශ්‍යය.සෝඩා අවශ්‍යය.

    ////////(හිරූව ඔරොප්පු කිරීම සඳහා විශේෂයෙන් සකසන ලදි.)/////Dude's

    ReplyDelete
    Replies
    1. (හිරූව ඔරොප්පු කිරීම සඳහා විශේෂයෙන් සකසන ලදි.)
      මේ වැඩේ හරියට පත්තු වුනොත් මචං, මල්වඩම් අනවශ්‍යයි. :D

      Delete
    2. අපි ගනං ගනී ඕවා.. පුහ්... හි හි

      Delete
  17. නෙදකින් මෙව්වා කාඩ්ද බලකො කැත

    ReplyDelete
    Replies
    1. කාඩ් නෙවෙයි අටම්.. හි හි...

      Delete
  18. අහ්. මෙයා අතුරුදහන් වුන ටිකේ මේවා තමයි හදලා තියෙන්නේ.. කෝම වුනත් වැඩේ නම් නියමයි අක්කේ..

    ReplyDelete
    Replies
    1. කවුද අතුරැදහන් වුනේ කියලා හිරැ අක්කා කියලා දෙයි :පී

      Delete
    2. ඒක නම් ඇත්ත.... (දැන් සේරම මට බනිද දන්නෙ නෑ)

      Delete
    3. මං උත්තර දෙන්න ඕනෙ නෑ වගේ.. හි හි

      Delete
  19. අයිසිං වලින්ද හැදුවෙ ?? කන්න පුළුවන්ද මේව ... අන්න එහෙනම් වටිනවා...

    අනික වෙලාව නෑ කියල මේකි මේ පට්ට බොරු කියන්නෙ. දවසම online ඉන්නව මැශිම දාගෙන අහිංසක පොඩි උන්ට බැන බැන :(

    ReplyDelete
    Replies
    1. හි හි... මං කොහොමත් ඔන්ලයින් තමයි දවසම.. ඒත් ටයිප් කරන්න බෑ... කට්ටිය කරන කියන ඒවා බලං ඉන්නෙ.. වැරදි අහු උන තැන බැනුම් අහන්න වෙනවා තමයි... හි හි...

      Delete
  20. කවුද බොල සිරා මලයා...දෙනවා දෙකක් බොට...සිරා අයියා කියලා කියහං...

    බොලාගෙ කලා හැකියාව ගැන මට නම් කිසිම අවිශ්වාසයක් නෑ...ඉතාම ලස්සනයි මේ හැම නිර්මාණයක්ම...හිරු කෙල්ලගෙ තරහා යන රෝගයත් මේ වගේ ඉවසීමෙන් කරන්න ඕනෙ වැඩක් එක්ක නිතරම ගැවසෙද්දි නැත්තටම නැති වෙලා යයි කියලා හිතෙනවා...අපේ මහත්තයා මතක් කලා කියන්න...අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. හරි අයියා.. හි හි...

      කවුද බොලේ මට තරහ යනවා කිව්වෙ... මං ඇවිල්ලා සාන්ත දාන්න තීන්ත බෝතලයක් නේ... හි හි

      Delete
  21. ලස්සනයි හිරැ අක්කෙ. මටත් ඔවා හදන්න පුළුවන් වුණාට මෙච්චර ලස්සනට හදලා ඉවර කරන්න බෑ. :) 

    ReplyDelete
    Replies
    1. හික්.. මටත් ඔය ලෙඩේ තියෙනව.. ඒත් අපේ මහත්තයගෙන් බැනුම් අහන්න බැරි නිසා ඉවසිල්ලෙන් වැඩේ කරනවා... හි හි

      Delete
  22. දැන් බලන් ගියාම මම විතරක් නෙමෙයි බ්ලොග් කට්ටිය ගොඩාක් නිවාඩු ගිහින් නේද? මේක නම් හිරුවෝ ගොඩාක් ලස්සනයි... මගේ වෙඩින් කාඩ්ස් මම අතින් හැදුවේ.. ඒත් මෙච්චර ලස්සනට කරගන්න බැරි වුනා.. :(

    ReplyDelete
    Replies
    1. එක තමයි වෙඩින් එකට ගොඩක් කට්ටිය ආවේ....

      Delete
    2. මේ ටිකේ ගොඩක් අය බිසී නෙ.. ඒක හින්දා වෙන්නැති බ්ලොග් පෝස්ටුත් අඩුයි..

      Delete
  23. // අපේ මහත්තයා තමයි රැ එළිවෙනකම් ඇහැරගෙන මේ ඔක්කොටම උදව් කළේ.. //

    අපේ මහත්තයාට ජයවේවා

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා... හි හි....

      Delete
  24. එළකිරි වගේ තියෙනවනේ..මමත් ඕවා හදනවා වේලපු මල්වලින්...

    ReplyDelete
    Replies
    1. මොන මල්ද අර වේලාපු සුවද ගහන මල්ද?

      Delete
    2. බැරිද ටිකක් ඉල්ල ගන්න.පොඩි හදිසියකට මගෙ යාලුවෙකුට

      Delete
    3. වේලාපු සුවද ගහන මල්ද? එන්න අපේ පැත්තට

      Delete
    4. ඉස්සර වේලපු මල් තාම තියෙනවා ඩික්ෂනරිය වගේ අලි පත පොත් අස්සෙ.. ඒත් ඒවා වලින් නෙවෙයි මේවා හැදුවෙ.. දැන් නං මල් හොයන්න නෑ මේ කොන්ක්‍රිට් වනන්තරේ.... හි හි

      Delete
  25. අහා මම දැක්ක ඔය ටික කලින් fb page එකේ තියනවා මම හිතුවේ මොකක් හරි කොම්පිතර් ජිල් මාට් එකක් දාලා කියලා ඇත්තටම ලස්සනයි හැබැයි මහත්තයා හවුල් උන් නැත්නම් කොම තියේද කියලා අපිට හිතා ගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. එයා නැත්තං වැඩේ අන්ජබජල් වෙනව බොරලු.. හි හි

      Delete
  26. අම්මපා..මෙච්චර ලස්සන හීන්සීරුවට මෙව්ව කරන්න බොලාට ඉවසීමක් තියෙනවද බං..? ඒ තරම් සියුම් ලස්සනයි..!

    ඕං මගෙන් තරු5ක්ම ලමයට..! :)))

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා.. සමහර වෙලාවට... හි හි

      තැන්කියු ඈ තරු 5ට.... හි හි

      Delete
  27. හිරු ගේ දක්ෂතා ගැන අමුතුවෙන් කිව යුතු නැත.

    ReplyDelete
    Replies
    1. කොහෙද බොල ගයනියෝ ගිහින් හිටියේ.. හි හි...

      Delete
  28. පින්තූර වලින්ම කියන්න පුළුවන් හොඳ නිර්මාන බව. හදිස්සියකට මේ වගේ දෙයක් ඕනේ වෙලා පොත් කඩේකට ගොඩවුනාම බොහෝවිට තියන දේවල් දැක්කම කියන්න තියෙන්නේ 'බල්ලොත් බත් නොකන' නිර්මාණ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක හින්දම තමයි මාත් මේවා හැදුවෙ මුලින්ම.. කඩෙං ගන්න ගියාම හිතෙනවා අනේ මේවට වඩා කොච්චර ලස්සනට මටම මේව කරන්න පුලුවන්ද කියලා.. ඒත් ඉතිං එකක් දෙකක් කරන්න බඩු ගන්න ගියාම වියදමත් වැඩියි... එහෙම හදපු කීපයක් දැකලා තමයි අපේ මහත්තයා කිව්වෙ මෙහෙම වැඩක් පටං ගමු කියලා...

      Delete
    2. අපටත් එන්න බැරිද ඒවා බලන්න.

      Delete
  29. ඔයත් මුලින් කිව්ව වාගේ මමත් ටික දවසකින් තමා බ්ලොග් කියවන්න ආවෙ මමත් පොඩි වැඩක් කරනව ගෙදර . (ඉදිකිරීම් කටයුත්තක්)
    ඔයාගෙ වැඩේනම් නියමයි . ඉදල හිටල උනත් කොම්පීතරෙන් ටිකක් ඈත් වෙලා බලන්නම ඕන කොච්චර දුරට තමා නිර්මාණශීලී-ද කියල .
    වැඩ් එළ ජයෙන් ජය !!!

    ReplyDelete
    Replies
    1. කොම්පීතරෙනුත් මේවට සෑහෙන උදවුවක් තියෙනවා මට.. ඒත් ග්‍රැෆික් ටිකක් විතර කම්මැලි ගතියක් දැනෙනවා මේ ළඟදි ඉඳන්.. ඒක නිසා මේ වැඩේට ආසයි තමා.. හි හි...

      Delete
  30. මම මේ නයි පොළොංගු ටිකක් අල්ලගන්න කියල ආවා.. :D
    මටත් වෙලා තිබ්බේ හිරු අක්කට උන සන්තැසියම තමයි.. එක එක වැඩ කෝටියක් විතර සෙට් උනා.. ඒ ටික ඉවර වෙද්දී මෙගා බයිට් 500 නිකම්ම ඉවරයි..
    ගුරු දිනේට අපිත් ටීචර් ලට සර්ලට වැඳලා කියල ඉන්නවා උදේම. අපේ ඉස්කෝලේ ගුරු දිනේ වෙනුවෙන් වෙනම වැඩ සටහනක් තියනවා. ආරංචි හැටියට මේ පාර සඳුදා තමයි තිබ්බේ.
    මේ වගේ දෙයක් තිබ්බ නම් ගිහින් දෙන්න තිබ්බ.. මේ ටික හරි ලස්සනයි. කල් තියාගන්නත් පුළුවන් තමා.. අනික මහා ලොකු ඉඩක් යන්නෙත් නෑ.. ලොකු ලොකු කල්දේරම් සයිස් තෑගි වලට වඩා මෙහෙම දෙයක් ගොඩ කල් පවතින්න තියන ඉඩ වැඩියි..
    සුබ පතනවා අක්කට!

    ReplyDelete
    Replies
    1. නයි පොළොංගු ටික අල්ලලා එහා වත්තට දැම්ම... හි හි..

      මේ පාර ගුරු දිනේ එක එක දවස් වල එක එක ඉස්කෝල වල... නිවාඩු දවසක් සෙට් උන නිසා වෙන්නැති...

      තැන්කියු ඈ... ලබන සැරේ කලින්ම කියන්නම්කෝ වැඩේ කරනවා නං... තැපෑලෙන් හරි එවන්න.. හි හි

      Delete
  31. ගොඩාක් ලස්ස්නයි හිරු මේ ටික. ලස්සන නිර්මාණශීලි හැකියාවක් ඔයාට තියනවා.

    //අපේ මහත්තයා තමයි රැ එළිවෙනකම් ඇහැරගෙන මේ ඔක්කොටම උදව් කළේ.. එයානේ ඉතිං අපේ ගනංකාරයා... එයාට වගේ නූලටම මේ වගේ වැඩක් කරන්න මට නං කොහෙත්ම බෑ...//

    මේකේ කියලා තියනවා වගේ අපේ මහත්තයා නැත්තං මේවා මෙච්චර ලස්සන වෙන එකකුත් නෑ වගේ :P

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා.. එයා නැත්තං මං මේවා කරන්නෙ තියා කරනන් හිතන්නෙවත් නෑ... හි හි

      Delete
  32. කෝ මම දාපු කමෙන්ට් ටික ?

    ReplyDelete
    Replies
    1. ඒ ටික නං මං මකලා දැම්මා... බ්ලොග් එකේ කමෙන්ට් වලට මට තාම රිප්ලයි ටික දාගන්න පුළුවන්... අනිත් එක කමෙන්ට් ගොඩක් තිබ්බයි කියලා වැඩක් නෑ නේද ඒවයින් වැඩක් ගන්න බැරි නං කාටවත්...

      Delete
  33. බොහොම සුන්දර නිර්මානයක් ..

    ReplyDelete
  34. හිරු අක්කේ නියමයි ,, fb එකෙත් දැක්කා ඔයාගේ කාර්ඩ් ,, අනේ ඔයාගේ මහත්තයත් හොද කෙනෙක් වෙන්න ඇති ,,දිගටම අළුත් දේ කරන්න ශක්තිය දයිර්ය පතනවා

    ReplyDelete
  35. ලා....ස්සනයි. ඒවා හරිම ලස්සනයිනේ..

    ReplyDelete