Tuesday, August 13, 2013

වෙන දේ, දකින දේ සහ මට හිතෙන දේ...


 

  • පුවත - මයාමි වෙරළ ප්‍රදේශයේ 18 හැව්රිදි තරුණයෙක් නීත්‍යානුකූල පොලිස් ටේසර් ගන් ප්‍රහාරයකින් මියගියේය.
  • පසුබිම - 18 හැවිරිදි ඊස්‍රයල් හර්නැන්ඩිස්-ලාච් නමැති තරුණයා අතහැර දැමූ මැක්ඩොනල්ඩ්ස් ගොඩනැගිල්ලක බිත්තියේ නීතිවිරෝධීව චිත්‍ර අඳිමින් සිට පොලිසියේ අණ නොතකා පලායන විට, මයාමි පොලිසිය විසින් විදුලි කම්පන ආයුධයකින් (ටේසර් ගන්)කම්පනයට පත් කිරීමෙන් අනතුරුව මිය යන ලදී.
  • ජනතා ප්‍රතිචාරය - මියගිය තරුණයා වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ජනතාව වීදි බැසීමත් සමඟම පොලීසිය විසින් මෙම ආයුධය මේ වන විට වැඩි වශයෙන් පාවිච්චි කරන බවටද කතිකාවතක් පැන නැඟී ඇත.එමෙන්ම මෙම ආයුධය පාවිච්චි කිරීමෙන් ඇතිවන අතුරු ප්‍රතිඵල පිළිබඳවද පුළුල් කතිකාවතක් පැන නැඟී ඇත.
  • පොලිසියේ ප්‍රතිචාරය - මේ වන විට අපරාධකරුවනගේ බිහිසුණු බව වැඩි වීම නිසා පොලිස් නිළධාරීන් පවා තුවාල ලබන අවස්ථා ඇති නිසා ටේසර් ගන් ආයුධයේ ඵලදායීත්වය පහත වැටි ඇති බවයි.



  • පුවත - වැලිවේරිය, රතුපස්වල හමුදා වෙඩිතැබීමෙන් 16 හැව්රිදි පාසල් සිසුවෙක් සහ තවත් කිහිප දෙනෙක් මිය ගියහ.
  • පසුබිම - වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පානීය ජල ප්‍රශ්නයක් හේතුවෙන් දැක්වූ විරෝධතාවයකදී, විරෝධතාකරුවන් පලවා හැරීම සඳහා සිදුකල වෙඩි තැබීමකදී අකිල දිනේෂ් ජයවර්ධන නමැති 16 හැව්රිදි පාසල් සිසුවෙක් හා තවත් කිහිප දෙනෙක් මිය ගියහ. පොලිසිය පවසන්නේ නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව හමුදාව විසින් මෙම වෙඩිතැබීම සිදුකරන ලද බවයි. 
  • ජනතා ප්‍රතිචාරය - විවිධ කණ්ඩායම් මඟින් මේ සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුවද ජනතා සංවිධානාත්මක බවක් දක්නට නොමැත. ෆේස් බුක්, ට්විටර් සහ අනෙකුත් සමාජ ජාල හරහා රජයට චෝදනා කරමින් බැනර්, පෝස්ටර් පළවීමට පටන් ගෙන ඇත. මියගිය තරුණයා වෙනුවෙන් ශෝක ප්‍රකාශ සහ රජයේ හමුදාවල ක්‍රියාකලාපය විවේචනය කරමින් සහ උපහාසයට ලක්කරමින් පළ කරන ප්‍රකාශ මේ අතර වේ.
  • රජයේ ප්‍රතිචාරය - ඊට අමතරව රජය විසින් මියගිය සිසුවාගේ අවමඟුල ඉතා ඉහල අන්දමින් සිදු කිරීමට පියවර ගෙන තිබේ. 


මට හිතෙන දේ.... 

දැන් ඉතිං මට මතක් වෙන්නේ Megamind කියන සුපිරි වීර කතාව .. මෙගාමයින්ඩ් වෙච්ච සුපිරි දුෂ්ටයා, මෙට්‍රො මෑන් කියන සුපිරි වීරයව බොහොම අමාරුවෙන් පරාජය කළාට පස්සේ මෙට්‍රොසිටි කියන නගරය අයිතිකරගන්නවා... ඒත් ටික දවසකින් දුෂ්ටයට තේරෙනවා සුපිරි වීරයෙක් නැතුව සුපිරි දුෂ්ටයෙක්ගෙන් ඇති වැඩක් නෑ කියලා.. ඉතිං එයා නැවත සුපිරි විරයෙක් නිර්මාණය කරනවා... අපේ රටටත් වෙලා තියෙන්නේ ඒ ටිකම තමයි කියලා මට හිතෙන්නේ.... 

අපේ රටේ මිනිස්සුන්ව ටේසර් ගන් වලින් කම්පනය කරන්න දෙයක් නෑ.. අපි ඔක්කොම නිර්වින්දනය වෙලා ඉවරයි දැනටම... පවතින රජයට අභියෝගයක් වෙන්න පුළුවන් විශ්වාසය තැබිය හැකි විපක්ෂයක් නැති කම, දවසින් දවස ඉහල යන ජීවන වියදම, මාධ්‍ය මඟින් ඉදිරිපත් කරන සුරංගනා කතා වලින් හිත සනසගෙන ඉන්න මිනිස්සුන්ට වෙන විකල්පයක් තියෙනවා කියල හිතන්නත් බෑ... ඒ මදිවට සති දෙකෙන් දෙකට එක එක අලුත් නාඩගම් එළිදැක්වෙන මේ රට තනිකරම නාඩගම් මඩුවක් වෙලා ඉවරයි... 

ප/ලි : සිදුවිම් ගැන කතන්දර බොහෝදුරට නිර්මාණාත්මක නිරෑපණයක් පමණයි. වැඩි විස්තර සර්ච් එකක් දාලා හොයාගන්න.. ඒ කියන්නේ තාම දන්නේ නැත්තං විතරක්... 

ප/ප/ලි : ටේසර් ගන් ගැන විස්තරයක් මෙන්න මෙතන තියෙනවා.. 

මයාමි සිද්ධියේ පින්තූරය ගත්තේ මෙතනින්... සිද්ධිය ගැන විස්තරෙත් මෙතන තියෙනවා.. ලංකාවේ සිද්ධියේ පින්තුරයේ නං මුල්ම තැන හොයාගන්න බැරි උනා.. හැබැයි වෝටර්මාක් එකේ හැටියට sinhala.adaderana.lk වෙන්න ඕනේ තැන...  

68 comments:

  1. මයාමි සීන්කෝන් එකට මොකක්ද රජයේ ප්‍රතිචාරය???

    ReplyDelete
    Replies
    1. ටීසර් ගන් පාවිච්චියෙන් සිද්ධවෙන අනතුරු ගැන ලොකු කතාවක් ඇති වෙලා තියෙන නිසා රජයෙනුත් ඒ ගැන මොකක් හරි කරයි වගේ.. ඒත් රජයෙන් මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගත්තා කියලා මට හොයාගන්න බැරි උනා.. පොලිසියේ ප්‍රතිචාරය නං අරක තමයි...

      Delete
  2. ඇත්තටම හිරූ

    මේ සිංහල අපේ රටයි... අප ඉපදිල මැරෙන රටයි...

    අනික ඔඅය දේශපාලනය මම කතා කරන එක ඇත්තැරල තියෙන්නෙ... මොකද කාලකන්නි හැත්තවල් ඔක්කොම එකයි...

    ReplyDelete
    Replies
    1. මේවා දේශපාලනයමත් නෙවෙයි මල්ලි...

      Delete
  3. කාටද ආඩම්බර ! අපි දැන් විදේශ ආධාර දෙනවා !!

    ReplyDelete
  4. රතුපස්වල ඉවරයි, දැන් ග්‍රෑන්ඩ් පාස්

    ReplyDelete
  5. හිරු... ඔයා අනුර කුමාර දිසානායකගේ කතාව ඇහුවද...? ඒ කතාව තමයි මම මේ සිඳුවීමේදි දැකපු හොඳම විග්‍රහය. සමහර අය හිතනවා අපි කතාකරන්නේ දේශපාලණය කියලා. නෑ ඒක වැරදියි. දේශපාළනය කතා කරන පිරිසකුත් ඉන්නවා. නමුත් අපි කතා කරන්නේ සමාජ සාධාරනත්වය ගැන. අවම බලය යෙදිය යුතු තැනකට උපරිම බලය යොදවලා මිනිස්සු මරලා, පිරිසක් අබ්බගාතයෝ කරලා. ඊළඟට තමයි විසඳුම දෙන්නේ. ඇයි මේ තරම් ප්‍රායෝගික විසඳුමක් කලින් දෙන්න බැරි උනේ. බලය හා බලය හේතුවෙන් මෝහයට පත් වීම. ආමී කාරයෙකුට නිරායුධ එකෙක් තියා, ගලකින් ගහන එකාවත් වෙඩි තියලා මරන්න ලැජ්ජා නැත්ද. ගලක් ගහපු එකාට ගලකින් ගහන්න බැරිද..?

    ReplyDelete
    Replies
    1. මාතලන් ඔයාගෙ කියමන් නිවැරැදියි කියල මා හිතනවා.මේ රටේ ජීවත්වන කම්කරුවගෙ ඉදල ඉහලම නිලධරයා තුලම දක්නට ලැබෙන්නෙ සමාජ අසාධාරණත්වය. මේ සමාජ අසාධාරණත්වයට එරෙහිව ලියන දේවල් බලන්නෙ සීයෙන් කී දෙනාද? ඒ ටිකත් මේ සමාජ අසාධාරණත්වයට එරෙහිවන ටික දෙනෙක් පමණයි කියලයි මට හිතෙන්නෙ. ඒත් ඒකෙනුත් බහුතරයක් කැමති නෑ ඒ තියෙන්නා වූ සමාජ අසාධාරණත්වයට එරෙහිව නැගී සිටින්නට මොකද එහෙම වුණොත් මේ පවතින්නා වූ තත්ත්වය මත ඔහුට හෝ ඇයට කුමකින් කුමක් සිදුවේදැයි නොදන්නා නිසා. ඇතැම් විට තමන්ගෙ ශරීර කුඩුව වත් සොයාගැනීමට නොහැකි වේවි. යන්න මගේ විශ්වාසයයි

      Delete
    2. රා යිට් මාතලන් මමත් කියන්නෙ එක.අනුර කිවුවෙ එතන දෙශපලනයක්ගෑන නෙමෙයි.මටත් මිනිහගෙ පොලිටික් හරියන්නෙ නෑ.එත් මිනිහ කිවුවෙ සාමන්‍ය මිනිහට හිතෙන දෙ.මියාමි වල මන්දන්නෑ හිරු ලන්කවෙනම් ඔක එච්චර දෙයක් නමෙයි ආන්ඩුව කියයි 88/89 කාලෙ ඔයිට වෑඩිය මෑරුන කියල

      Delete
    3. //ආන්ඩුව කියයි 88/89 කාලෙ ඔයිට වෑඩිය මෑරුන කියල//

      ඇත්ත බං, ඒත් ඕක කියන්න ආණ්ඩුවක් ඕනද. හරියට බඩුමිල වැඩි කරල ඇමති ඉස්සරහට ඇවිත් බටර් ගානව වගේ, ඒක කරන්න විෂයභාර ඇමතියෙක් ඕනද. අපි උන් තරම් තවම මැරුවෙ නෑ කියන්න ආණ්ඩුවක් මොටද, දැන් ඉරිදා පත්තරවල ඇමති බැසිල් සමාව ගන්නවා, ඒත් කැරලි මර්ධන පොලිසිය යවන්න ඕන තැනට හමුදාව යැව්වෙ කව්ද කියල කවුරුවත් කියන්නෙ නෑ. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගියාම ඕක තමයි වෙන්නෙ. ඔය මොකෙක්වත් යවන්න අවශ්‍ය වෙන්නෙ නැති තැනට මේක කලින්ම විසඳගන්න තිබුනා, ඒත් ඉතිං අපේ රටේ සාමාන්‍ය සුපුරුදු පරිදි එකෙක් දෙන්නෙක් මැරෙනකන් එකෙක්ගෙවත් ඇස් ඇරෙන්නෙ නෑනේ. අර කටුනායක කොල්ලෙක් මැරුවා, අන්තිමට ඇමතිවරු මරනෙ ගෙදර මාරුවෙන් මාරුවට මුරකළා. දැන් මේක කරපු හැටිත් ඔය මාධ්‍යවල තිබුනෙ, මුංට ලැජ්ජත් නෑ මේව බල බල රෙද්ද උස්සන් ගිහින් කතිරෙ ගහන එවුන්ට ලැජ්ජත් නෑ.

      Delete
    4. //ආමී කාරයෙකුට නිරායුධ එකෙක් තියා, ගලකින් ගහන එකාවත් වෙඩි තියලා මරන්න ලැජ්ජා නැත්ද. ගලක් ගහපු එකාට ගලකින් ගහන්න බැරිද..?// මේක කිව්වෙ අනුර කුමාරද...මාතලන් ලිව්වද..කවුරු කිව්වත්+++++++++++++++++++

      Delete
    5. මාතලන් කිව්වට පස්සෙ තමයි ඒක ඇහුවේ.. මං කියන්න හිටපු ටික මදුරු නාශකයා කියලා තියෙන්නෙ.. ඒ නැතත් දමිත් අපේ මිනිස්සුන්ට විපක්ෂෙ කිව්වම ඒක කොළ පාට රතු පාට වෙලා තමයි තේරුම් ගන්නෙ.. මේවා පොලිටික්ස් නෙවෙයි කියන එක තේරුම් ගන්න බෑ.. අනේ මන්දා මේ රට නං..

      මොකා කිව්වත් කතාව ඇත්ත වී....

      Delete
  6. // මේ රට තනිකරම නාඩගම් මඩුවක් වෙලා ඉවරයි... //

    හිරු , නාඩගම් මඩුවක් නොවේ. රුකඩ මඩුවක්. නූල් වලීන් අපිව අදිනවා. අපිවත් නිකම්ම නටවනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒ විදියට බැලුවත් ඇත්ත තමයි....

      Delete
  7. වීරයගෙ/දුෂ්ටයගෙ චරිතෙ උනත් කාලයක් රඟපානකොට එපාවෙනව බං.

    ReplyDelete
    Replies
    1. ‘වීරයා මැරිලා‘ බං.

      Delete
  8. මෙහෙව් රටට මොට පායා ද සූරියා කිව්ව ලු.

    ReplyDelete
    Replies
    1. මේක පිහිටලා තියෙන්න තිබ්බෙ ආක්ටික් පැත්තෙ.. එහෙනං මෙලහට වඳවෙලාම ගිහිල්ලා...

      Delete
  9. දේශපාලුවෝ ගැන කතාකරන එකටත් උන්ට බනින එකටත් උද්ඝෝෂන කරන එකටත් වඩා හොදයි බීරි අලියෙක් ගෙනල්ල තියාගෙන වීනා වාදනේ කොරන එක. පොස්ට් එකනම් මරු. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. දේශපාලනේමත් නෙවෙයි පොඩ්ඩො මෙතන තියෙන්නෙ...

      Delete
  10. .........බාල ඩීසල්, බාල සේලයින්, දයාසිරි, රතුපස්වල, කිරිපිටි , ග්‍රෑන්ඩ් පාස්...ඇයි යකෝ හුස්මක් කටක් ගන්න ඉඩක් දියල්ලකෝ.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ.. අන්න ඒ අස්සේ රනිල් ගොයියා ඉන්දියාවේ ගිහිල්ලලු.. ඒ මදිවට කුණු ගොඩවල් ගිනි තියන අස්සෙ ඕනෙ කරන ලියකියවිලිත් පුච්චලලු...

      Delete
  11. ඊළඟට මක්කා වෙයිද මාත්තුරුකාව ?????

    ReplyDelete
    Replies
    1. රනිල් ගොයියා ඉන්දියා ගිය එකද, නැත්තං ෆයිල් පුච්චපු එකද....

      Delete
  12. ජනතාවට හෙන වැදී ගියත් අපට කම් නැත.අප කොලඹ වරාය ලොව හොඳම වරායන් 30 අතරට ගෙනාවෙමු!

    -ශ්‍රී ලංකා රජයේ දැනුම් දීමකි-

    ReplyDelete
  13. Aththata eelanga eka mokak weyida? A/L? O/L? Thawa aluth ekak?

    ReplyDelete
    Replies
    1. විභාගේ අමාරුයි කිව්ව නේ කොල්ලට...

      Delete
  14. "අපේ රටේ මිනිස්සුන්ව ටීසර් ගන් වලින් කම්පනය කරන්න දෙයක් නෑ.. අපි ඔක්කොම නිර්වින්දනය වෙලා ඉවරයි දැනටම..."

    මෙන්න මේ කතාව නම් සහතික ඇත්ත හිරුවෝ . . .

    තවම 100% නිර්වින්දනය නොවුනු උන්ට දුක් වෙනවා ඇර වෙන කරන්න දෙයක් නෑ බන් . .

    ReplyDelete
    Replies
    1. නිර්වින්දනය නොවී ඉන්නේ බොහොම ‌ටික දෙනයි.. එකෙනුත් මොනම හරි බලයක් තියෙන අයත් තමන්ට යමක් නැත්තං කට අරින්නෙ නෑ....

      Delete
  15. //පවතින රජයට අභියෝගයක් වෙන්න පුළුවන් විශ්වාසය තැබිය හැකි විපක්ෂයක් නැති කම,//

    හරියට හරි..... මේ මොහොතෙ රටට ඕන කරන්නෙ ශක්තිමත් විපක්ශයක්. ආන්ඩුවට තග දන්න පුලුවන් එකක්. එහෙම නැතුව ආන්ඩු බලය විපක්ශයට පූජ කරා කියලා මේ වගේ සිදුවීම් වලක්වන්න බෑ. මොකද මේ ආන්ඩුක්‍රම ඇතුලෙදි "ඇල්වතුරත් නිවලා බොන" ජාතියෙ දේශපාලනඥායො බිහි වෙන්නෙ නැති නිසා. අනික දැන් කිඹුල් කදුලු හලන රනිල් මහත්තයට තියෙන්නෙත් 60,000කගෙ ලේ ගැවිච්ච අතීතයක්නෙ. ඒ කාලෙ අවනීතියට එරෙහිව ජිනීවා ගියපු මහින්ද තමයි දැන් ලේ හොලවන්නෙ. ඒක නිසා මේ ක්‍රමේ ඇතුලෙදි හැමෝම මිනී මරුවෝ.

    ReplyDelete
    Replies
    1. පක්ෂ කිව්වම අපේ අයට මතක් වෙන්නෙ කොළ නිල් රතු.. මේක ආණ්ඩු සහ විපක්ස කියන පොදු තැන ඉඳලා බලන්න පුළුවන් අය කී දෙනාද ඉන්නෙ...

      Delete
  16. //දවසින් දවස ඉහල යන ජීවන වියදම//

    කතාකරල වැඩක් නෑ හිරු කතාකරල, අද උදේ බඩු ගනිද්දි රට ළූණු කිලෝ දෙකක් ගන්න ගිය මම ගාන බලල එකක් ගත්තා, 140 යි කිලෝ එක.

    ඒ උනත් මම හිතන්නෙ තවම පෙරහර යන්න පටන් ගත්තෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දාට බොන්න පුළුවන් කිරිපිටිත් එකට එකක් ගණන් යයි...

      Delete
    2. තාම කස විතරයි ...

      Delete
  17. මේව ගැනකතා කරන්නත් අප්පිරියයි හිරු..!
    වරායටගිහින් ඈත පේන මුහුදයි.කොන්ක්‍රීට් ගොඩයි බලන්න දුන්නම ඔක්කොම අමතකයි අපේ මිනිස්සුන්ට..ඕය චැනොල් වල කියන්නෙ....!!

    ReplyDelete
    Replies
    1. අමතකත් නෙවෙයි.. තියෙන දෙයින් හිතහදාගැනීම...

      Delete
  18. අයිස්චර්යය දරුවා... අයිස්චර්යය.... මේ වගේ ආඩම්බර කාර තාත්ත කෙනෙක් ඉන්න රටක ඉපදීම පූරුවෝ වාසනාවක් නොවේද ?

    ReplyDelete
    Replies
    1. තාත්ත විතරද වැරදි... ?

      Delete
  19. අනේ අපිනං ඔව්වට නෑ..
    අපි හෙන දේශප්‍රේමියි...

    ReplyDelete
    Replies
    1. හි හි.. ඇයි අපි... නැත්තං දත් තිස් දෙක මැද්දෙ ඉන්න දිව වගේ ඉඳලත් මේ කතා කරන්නෙ මොකදට...

      Delete
  20. ආණ්ඩුව පැත්තේ මාධය ටික ඉන්නකනුයි,,ජනතාව අළුත් මාධය වෙතට යොමු නොවන තාක් කල් ඔය විකාරය දිගටම තියෙයි...
    කඩන් නොවැ‍ටුනු ආන්ඩු කවදාවත් තිබිලා නැහැ....අපේ අවුල කලින් එකට වැඩිය එන එක පිස්සු කෙළින එක...

    ReplyDelete
    Replies
    1. අපේ වෙලා තියෙන්නේ මේ පක්ෂ දේශපාලනය මිනිස්සුන්ගෙ ඔලුවවත් ඇතුලේ තියෙන එක.. ආණ්ඩුව කිව්වම ශ්‍රී ලංකා... විපක්ෂෙ කිව්වම යූඑන්පී... හැබැයි දැන් ඇත්තටම ආණ්ඩුවෙ ඉන්නෙ ශ්‍රි ලංකා කරයෝ විතරද.. විපක්ෂෙ යූඑන්පී සෙට් එක කීයක් ඉන්නවද... ආණ්ඩුවයි විපක්ෂෙයි කියලා මේ කතා කරන්නෙ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පැත්තෙ වාඩි වෙලා ඉන්න සෙට් එකයි විපක්ෂෙ පැත්තෙ වාඩි වෙලා ඉන්න සෙට් එකයි ගැන කියන ටික තේරුම් ගන්න පුලුවන් අය බොහොම අඩුයි...

      Delete
  21. මේ විදියට ගියොත් අනේ අපිට කියක් හරි හම්බ කොරන් ඇවිල්ල මගුලක් තුලාවක් කරගන්න වත් ලංකාව තව අවරුදු දෙක තුනක් වත් තියෙයිද බොලල්ලා ?????????

    ReplyDelete
  22. හිරූ, Taser ටේයිසර්/ටේසර්, ටීසර් නෙවෙයි, හරි?
    (My job!) :D

    ReplyDelete
  23. මම බලන් ඉන්නෙ තාම නුවණක්කාර ඇමතියෙක් "පසුගිය කාලයේ පාට පාට වැසි වැස්ස නිසයි විෂ ජලය ඇති වෙලා තියෙන්නෙ" කියල කියනකන්.

    ReplyDelete
    Replies
    1. හැබෑට.. ඒක කිව්වෙ නෑ නේ.... හි හි

      Delete
  24. හැම අසාධාරණයකට මොකක් හරි උත්තරයක් හදනවා.ඒ හැම උත්තරයක්ම මාධ්‍ය විසින්ම ජනතාවට ටික දවසකින් ඒත්තු ගන්නනවා හරි කියලා.මිනිස්සුත් පිලිගන්නවා හෝ අමතක කරනවා.නිර්වින්දණය ඉල්ලන් විඳගන්නවා.

    ReplyDelete
    Replies
    1. බඩ පොත්ත පිටට නොඇලී තියාගන්න නං නිර්වින්දනය වෙන්න වෙනවා අරූ...

      Delete
  25. මමනම් දකින්නේ හිරුවෝ අපේ රටට වෙලා තියෙන ලොකුම වැරැද්ද කොන්ද පණ ඇති විපක්ෂයක් නැති එක. නොගහ හදන දරුවා දැනටම රටට ඇණයක් වෙලා ඉවරයි. ඌව මට්ටු කරන්න හරි හමන් කට්ටියක් හිටියනම්.....

    බ්ලොගේට අන්දලා තියෙන ඇඳුමනම් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. යෑස්... හැබැයි විපක්ෂෙ කියන්නෙ පාට පාට නෙවෙයි.... අන්න ඒකත් තේරුම් ගන්න ඕනෙ...

      Delete
  26. "පවතින රජයට අභියෝගයක් වෙන්න පුළුවන් විශ්වාසය තැබිය හැකි විපක්ෂයක් නැති කම,"

    සහතික ඇත්ත.... විපක්ෂයක් කියලා එකක් අද තියනවාද කියලා හිතෙන්නෙවත් නැති තරං ...විසෙන් විස නසන්න එකෙක් එනවනං මිනිස්සුන්ට දැනටම එපාවෙලා තියන මේ රජය සුනේ සුං

    ReplyDelete
    Replies
    1. අලුතෙන් ඕනෙ නෑ.. ඉන්න ගමන් බය කරන්නයි ඕනෙ... දැන් අලුතෙන් ගේන්නවත් එකෙක් නෑ නේ.. ඉතිං ආණ්ඩුව මොකාට බය වෙන්නද...

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. මම මේ පැත්තේ ආපු දෙවෙනි වතාව. කලින් ආවේ නලීන්ගේ සමකයවටේ හරහා.
    අධික බලය ලැබීම නිසා තමයි මේ ව්‍යසන. ඉතින් විටකදි මානව හිමිකම් කොමිසන් වලට බනිනවාටනේ. ටිකක් නැවතිල්ලේ බැලුවාම ඔහොම යනකොට ඒවා නොතිබුනා නම් මොන තත්වයක් උදා වෙයිද? හිතාගන්නවත් බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. මානව හිමිකම් කොමිසම් වලට බනින්න වෙලා තියෙන්නෙත් මේ පිස්සු නිසා තමයි ඉතිං.. මොකද මුන්ව එලෝලා දාගන්න කියලත් හරි හමන් එකෙක් නෑනේ.. ඒ අස්සට අරුන් අත දැම්මොත් සිරියාවට වෙච්ච හරිය නොවී තියෙයිද...

      Delete
  29. ඉස්සර ආණ්ඩු වල මල්බෙරි කණ්ඩායම්, ඉඟුරු කල්ලි වගේ ඒවා තිබුණා නේද ? මේකේ එහෙම එකක් වත් නෑනේ.

    ReplyDelete
    Replies
    1. මොන මල්බෙරිද.. බැරි බැරි නං ඉන්නවා... හි හි

      Delete