Tuesday, July 9, 2013

කෝච්චි නෑලු.... No trains today.....




කෝච්චි නෑලු... ස්ට්‍රයික් එකක් ලු... 

ඊයේ ගෙදර යන්න ලෑස්ති උනාම අපේ මහත්තයා කිව්වා ඉක්මණට එන්න කියලා බස් වල එන්න අමාරු වෙයි කියලා... ඒත් පාදුක්කේ ඉදන් එන එක එච්චර අමාරු උනේ නෑ...

මට මතක් උනේ ඉස්සර කෝචිචි නැති උනාම අපි මොන තරම් දුකක් විඳිනවද කියලා... ඉස්කෝලෙට යන්න, වැඩට යන්න.... 

කෝච්චි වල යන අයට සාමාන්‍යයෙන් තියෙන ලෙඩක් තමයි බස් වල යන්න අකමැත්ත.... මට නං ඒක තදට තිබ්බා... කෝච්චි නැති දවසට ගෙදර ඉන්න එක තමයි මං කරන්නෙ.. බස්‌ එ‌කේ යන්‌නේ වැඩට යන්නම ඕ‌ෙන් නම් විතරයි.... 

ඒ ඉතිං අපිනේ.. අපිට මොන බරක්ද ඒ කාලේ...  

ඒත් අද මේ කෝච්චි වල වහලේ ඉඳන් නැඟගෙන වැඩට යන, දරු මල්ලෝ නඩත්තු කරන පවුල් කාරයෝ... ?

අද උදේ පත්තර කතන්දර අහද්දි පම්පෝරි දෙකක් ඇහුනා... 

වර්ජකයෝ කියනවා වර්ජනය සාර්ථකයි.. කෝච්චි 4යි ඊයේ දවසටම වැඩ කළේ.. කියලා.. 

ඇමතියාද කොහෙද කියලා තිබ්බා කෝච්චි 12ක් වැඩ කළා කියලා.. 

දැන් කවුද මෙතන දිනලා තියෙන්නේ...???? 

මොන මඟුල කරන්නත් ක්‍රමයක් තියෙන්න ඕනේ... මං දන්නෑ මොන මොන ඉල්ලීම් වලට මේ වර්ජනය කරනවද කියලා... හැබැයි මේක දොස්තරලා ලෙඩ්ඩු ඇපේට තියාගෙන කරන වැඩ වර්ජන වලට වඩා ලොකු වෙනසක් නෑ... අපේ රටේ පෞද්ගලික ආයතන වලට වැඩ කරන මිනිස්සුන්ගේ මාසික පඩිය කියන්නේ ආණ්ඩුවේ අයගේ මාසික පඩිය වගේ එකක් නෙවෙයි... ගොඩක් අයට තියෙන්නේ පොඩි ගානක් බේසික් එක විදියට... තව තව හම්බුවෙන ඒවා ටික හම්බුවෙන්නේ එක එක දීමනා විදියට... ඕකෙන් එකක් තමයි ඉන්සෙන්ටිව් එක, පැමිණිමේ දීමනාව වගේ නම් වලින් හැඳින්වෙන දීමනාව.. එක දවසක් නිවාඩු දැම්මොත් රැ 1000ක් විතර කැපෙනවා... 

ඔය ලොකු ලොකු තැන් වල ඉන්න මිනිස්සුන්ට රැ 1000ක් කියන්නේ පොකට් මනී උනාට ඕකෙන් දවස් ගානක් යන්තම් ලෙව කාලා හරි ජීවත් වෙන පවුල් ඉන්නවා මේ රටේ.. ඒ අය තමයි ඔය බස් වල කෝච්චි වල සීසන් අරන් යන්නේ.... ඒ අයට මේ වගේ දීමනාවක් නැති වෙනවා කියන්නේ ‌ලොකු අමාරුවක් මාසේ ජීවත් වෙන්නේ ගියාම.... 

දැන් ඉතිං අපි සාර්ථකයිකිය කිය උඩ පැනපල්ලා දෙගොල්ලොම.... මොකද දෙපැත්තට බොලේ පාස් කරගන්න එකනේ මේ රටේ ජනප්‍රියම සෙල්ලම.... 

66 comments:

  1. ඔයා හරි හිරූ.... මේ කාලකන්නි දේශපාලුවො තමා ඔක්කොටම මුල... මමත් කොට්ටාවෙ ඉදල කෝච්චියෙ තමා එන්නෙ...

    නමුත් මේ දවස් දෙකේ බයික් එක තිබුන නිසා වඩට ආව... නමුත් අනිත් ජනතාව කොච්චරනම් අපහසුතාවට පත්වෙන්න ඇත්ද?

    මටත් එපා වෙනව බස් එකේ එනකොට.. මොකද වෙනද සෙටාර් එක නෑනෙ.... ඒ කයි....

    ReplyDelete
    Replies
    1. අයියෝ කට පිරෙන්න පොටෝ දාන්නේ අපේ අහිංසක බයිට් ගැන දුකක් නැද්ද ජීයෝ..

      Delete
    2. කෝච්චියේ සෙට් එකම බස් එකටත් සෙට් උනොත් හරි ඉතිං... හි හි

      Delete
  2. සම්පුර්ණ ඇත්ත හිරු අක්කේ,මට මතකයි ඒ දවස්වල අපේ තාත්තාත් හැමදාම වැඩට ගියා ඔය පැමිණිමේ දීමනාව ලබා ගන්න.නොයා ඉන්නම බැරි හේතුවක් තිබුනොත් විතරයි නොගිහින් ඉන්නේ.

    කොහොමවුනත් දැන් රටේ තියෙන තත්වය උඩ සටන් නොකර ඉල්ලීම් ලබා ගන්න බැහැ නොව.මොකෝ මේ ආණ්ඩුව අපිට ඉල්ලනේ නැතුව දෙන්නේ ණයයි,බදුයි විතරනේ..:(

    ReplyDelete
    Replies
    1. ණයයි බදුයි නං මදි නොකියන්න දෙනවා... හි හි

      Delete
  3. ඇයි හිරුත් පාරමී දම් ලියන එක වර්ජනය කරලනෙ ඉන්නේ මේ දවස් වල නේද?

    ReplyDelete
    Replies
    1. මෙන්න ඔය ජාතියේ තවත් එක්කෙනෙක්....

      හිතනලන්තය - යකඩ කන දුම්රියෙනි

      Delete
    2. ගියා ඒ පැත්තෙත්...

      Delete
    3. පාරමී දම් එල්ලනවා PDF කරලා පැත්තකින්... ඒකට බ්ලොග් පෝස්ට් නාස්ති කරන එක අපරාදයක් තිසර...

      Delete
  4. ඔය ස්ට්‍රයික් වලින් පොඩි මිනිහ තමා කවදත් තැලෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. පොඩි මිනිහා ඉතිං හැමේඑකෙන්ම තැලෙනවනේ නඟා...

      Delete
  5. ඔව්ව මොනවද...88-89 කාලේ පාර අයිනේ මිනී දිහා බල බලා පයින්, ලොරි වල, බස් වල ඇඟිල්ලෙන් එල්ලිලා වැඩට ගිය කාලයකුත් තිබුනා.. වැඩට ගියොත් සහෝදරයන්ගෙන් ෂොට් එක.. ගියෙ නැත්තන් ලොකු අයියලාගෙන් ෂොට් එක..

    ReplyDelete
    Replies
    1. ඕකනේ වෙලා තියෙන්නෙ...

      Delete
  6. මහත්තයගෙ කට්ටියගෙ බස් නැද්ද දැන්?
    අවුරුදු 10 ක් තිස්සෙ බස් රස්සාව කරන අයට උගන්ඩා,ටැන්සානියා,ෂි ෂෙල්ස්,මාල දිවයින ට පවා පුද්ගලික බස් ප්‍රවාහනයට අත දෙනවලු ලොක්ක.
    එහෙම එකේ ලංකාවෙ ජනමනය රස්ති වුනාම මොකොද බොලේ.

    ReplyDelete
  7. අර කුප්‍රසිද්ධ "21" වැඩ වර්ජනයට වඩා නම් අති සාර්ථකයි..

    දැන් ගැමුණුගෙ එක කවද්ද දන්නෙ නෑ..

    මට දුක ආන්ඩුවේ උන්ම ආන්ඩුවට බනින එකට. මගේ මතය නම් ඔය මලදානේ ප්‍රයිවටයිස් කරන්න ඕන. ඇමතියා බඩු ගහන එක ගැන ලෙක්චර්ස් දෙනවා හරක්ට. ඌ කාන්තාවන් වර්ණනා කරලා 6 වැනි ස්ථානේ ගත්තා කියලා. ජනතාවටම හරියන ඇමතිවරු.

    ReplyDelete
    Replies
    1. ඔන්න මචන් දැන් ප්‍රවුර්ති වලට කිවුව ගැමුණුගෙ එක අද රෑ 12.00 ඉදන් කියල... හෙට අපි වඩ වර්ජනය කරනව.. මොකද වැඩට යන්න බැරි නිසා...


      හුරේ.......................

      Delete
    2. ගැමුණුගේ එකේ තත්වේ කොහොමද දන්නෑ.. මං අද පාර පැත්තේ ගියේ නෑ...

      Delete
  8. ඇත්තටම මම මේ ලගකදි තමා දැනගත්තෙ කෝච්චිය මේ රටේ ජනතාවට කරන දායකත්වය. කී දෙනෙක් නම් කොච්චිවල වැඩට යනවද එනවද කියලා. ඔයාගේ කතාව ඇත්ත හිරු අහිංසත දුප්පත් එදාවේල හොයාගන්න බැරි මිනිහා හැම පැත්තෙනම තැලෙනවා හරියට බොතල් අස්සෙ අරුක්කාල් වගේ

    ReplyDelete
    Replies
    1. බෝතල් අස්සේ අරුක්කාල්ද

      රුපියල් අස්සේ අලුක්කාල්ද

      Delete
    2. බෝතල් අස්සේ කුප්පි වෙන්නෝන මම හිතන්නෙ :)

      දැන් මෙතන මේ මම වගේ. :D

      Delete
    3. අනේ මංදා ඔන්න ඔහේ ලියලා දැම්මා. එහෙනම් මෙහෙම ලියමු “ බොතල් අස්සෙ කසිප්පු“

      Delete
    4. ඔව් ඉතිං.. මොනා නැතත් රහමෙර නම් කමක් නෑ නේ කට්ටියට.... හි හි

      Delete
  9. මිනිස්සු අමාරුවේ නොදා වර්ජන කියන දේවල් කරන්න බෑ. දොස්තරගෙ ඉඳල කොන්දොස්තර දක්වා වර්ජන වල තත්වෙ ඒකයි.
    වර්ජනය කල යුත්තේ අන්තිම තුරුම්පුව විදියට(ඒත් එහෙම වෙනවද කියන අවුල තියනව)
    දැන් හුඟ දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ වර්ජකයාට චෝදනා කරන්න. උද්ඝෝෂනයක් කරල ට්‍රැෆික් එකකට අහුවුනත් මිනිස්සු බනින්නෙ පාරෙ ඉන්න එකාට මිසක් වගකිවයුත්තට නෙවේ.

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ රාජ්.. මොකද වර්ජන වලින් අමාරුවේ වැටෙන්නෙ වර්ජකයෝ වගේම අසරණ මිනිස්සු... අනිත් එක අපේ රටේ කෝච්චි බස් වල යන වැඩි හරියක් දෙනා පෞද්ගලික අංශයේ අය.. ඔය මොන වර්ජනයක්වත් නෑ ඒ අයට... ආණ්ඩුවෙ වගේ නෙවෙයි.... ඒ අයට වර්ජන පේන්න බැරි, ඔය වර්ජන නිසා එයාලගේ රස්සාවට තට්ටු වෙන නිසා... ආණ්ඩුවේ නං බැරියැ අද ස්ට්‍රයික් කියලා බේරෙන්නේ... ඒත් පෞද්ගලික ආයතන වල එහෙම බෑ...

      මං ඉස්සර වැඩ කරපු තැන හරියට 7ට මං ඔෆිස් එකට යන්න ඕනෙ.. නැත්තං රටවල් කීපෙක උන් අල්ලන්න බෑ... මොකද අපි වැඩ පටං ගන්නකොට උන් ඕෆ් වෙලා යනවා.. එකෙක් මිස් උනොත් කම්පැණියට පාඩුයි.. මගේ ජොබ් එකත් ඉවරයි....

      ඔය වගේ ජොබි වලට ට්‍රැෆික්ද, ස්ට්‍රයික්ද කියලා බේරෙන්න බෑ ඉතිං.... ස්ට්‍රයික් කරන එකා ඉල්ලීම් ලබා ගනී.. රස්සාව නැති වෙන එකාට හුලං තමයි....

      Delete
  10. සර්තකයි...නැ නැ වර්ජනය නෙමයි ඔයාගේ ලිපිය

    ReplyDelete
  11. ඇයි මිනිස්සුන්ට බැරි ඕවයෙ යන්නැතුව ස්ට්‍රයික් කරන්න.

    ReplyDelete
  12. මම නම හිතන්නේ මේ වැඩ වර්ජනේ සාර්ථක ඇති. මොකද "කාල් ගාන්තයි" විපක්ස හරක් රැලයි මේකට ඇත දැම්මේ නෑනේ..!

    ReplyDelete
    Replies
    1. විපස්සෙ අත දැම්මොත් ඒක විනාසයි තමයි... හි හි

      Delete
  13. ඔයා කියනදේ හරි අක්කේ ..එකඟයි !//දැන් ඉතිං “ අපි සාර්ථකයි ” කිය කිය උඩ පැනපල්ලා දෙගොල්ලොම.... මොකද දෙපැත්තට බොලේ පාස් කරගන්න එකනේ මේ රටේ ජනප්‍රියම සෙල්ලම....// මේ දේවල් හිතෙන්නේ අපි වගේ මිනිස්සුන්ට විතරයිනේ ..එකනේ පුදුමේ

    ReplyDelete
    Replies
    1. හිතෙනවා ඇති.. ඒත් කියන්නේ නෑ රෙහානි.. කිව්වයි කියලා ඇති වැඩේ මොකද්ද...

      Delete
  14. මොකක් හරි අලුත් රැල්ලක් එනව කියන්නෙ ඇත්තද

    ReplyDelete
  15. පට්ටම ආතල් එක කියන්නේ මෙච්චර දේවල් ‍වෙද්දි ඇමතියා හෙන ආඩම්බරෙන් කියනවා ඌ ලෝකෙං හයලු !!! අනේ ඉතිං මුන්ට චන්දේ දීපු උං නේද !!!

    ReplyDelete
    Replies
    1. අනේ ඔය ඇමතියෝ කියන්නේ අර ලැජ්ජ නැති මුදලිලගේ දෙවනි පරම්පරාව බං...

      Delete
  16. මම නම් කියන්නෙ තනිකර වැරැද්ද ආණ්ඩුවෙ. ඒ කිව්වෙ මහින්දගෙ රජයම නෙවි. හිටපු හැම රජයක්ම. එක එකා එක එකපාරට ඉල්ලනකොට අන්තිමට කේවල් කරල ඌට චුට්ටක් දෙනවා. ඊළඟට තව එකෙක් පටන්ගත්තම ඌටත් චුට්ටක් දෙනවා. ඊටත් පස්සෙ තව එකෙක්. මේක කවද්ද ඉවර වෙන්නෙ. වැටුප් විෂමතා ඉවත්කරන්න අර සැටලයිට් නෝනා දේවේන්ද්‍ර කොමිසමකුත් පත්කරානේද. ඒකෙ වාර්තාවවත් එළියට ආවද මන්දා. ලොකු මුදලක් අවශ්‍ය උනත් අපේ රටේ කරන නාස්තිකාරවැඩවල හැටියට ඒක කරන්න බැරිකමක් නෑ. සමස්ථ රාජ්‍ය සේවයෙම වැටුප් විෂමතා ඉවත් කරල වැටුප් තලවල පිහිටුව නම් ආයෙ එකෙක්ටවත් හිතුමතේ කෑගහන්න බෑ අපිට ඕන කියල. ඒත් පත්වෙන හැම ආණ්ඩුවක්ම මේක හිඟන්නගෙ තුවාලක් කරගන්නවා. මේ කරන වැඩෙන් මේ ප්‍රශ්නෙට කවදාවත් ස්ථිර විසඳුමක් දෙන්න බැරිවෙනවා. අන්තිමට තව තවත් උගුලෙ හිරවෙන්නෙ ශ්‍රී ලංකා ආණ්ඩුවමයි. පක්‍ෂ විසින් පිහිටවපු රජයන් නම් තමන්ගෙ කාලෙ ඉවර උනාම අනිත් එකාට දීල අයින් වේවි. ඒත් රටට ....

    ReplyDelete
    Replies
    1. //එක එකා එක එකපාරට ඉල්ලනකොට අන්තිමට කේවල් කරල ඌට චුට්ටක් දෙනවා. ඊළඟට තව එකෙක් පටන්ගත්තම ඌටත් චුට්ටක් දෙනවා. //

      අන්න ඒකනේ... අනිත් එක රජයේ ඒවා කෙසේ වෙතත් පෞද්ගලික අංශයේ වැටුප් වල කොච්චර විශමතාවයන් තියෙනවද... කිසි කෙනෙක් නෑ ඒවා ගැන කතා කරන්න....

      Delete
  17. මමත් පැය 6ක් බස් එකේ තැප්පා කෝච්චි නැති කමට බස් එකක!

    ReplyDelete
  18. වෙලාවට ඊයේ කලින්ම දැනගත්ත හින්දා බස් එකේ ආවා. නැත්තම් ඉතිං කට්ට තමයි

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි.... දැන් බස් නෑලු ඔන්න...

      Delete
  19. දැන් ඒක ඉවරලු. ඊලඟට බස් වර්ජනයලු .

    ReplyDelete
  20. කවුරු මොනව කිව්වත් අසරණ වෙන්නෙ ජනතාව....

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැත දිලිනි...

      Delete
  21. කෝච්චි නැති නිසා බ්ලොග් එක දිනපතාම අප්ඩේට් කළා.මම හිතන්නෙ මම මේ බ්ලොග් එකේ දාපු පළමුවැනි කොමෙන්ට් එක.බ්ලොග් ලෝකයෙ ඕගොල්ලොත් එක්ක වාද කරන මට ඕගොල්ලො එක්ක සුහදත්වය වර්ධනය කර ගන්න අවශ්‍යයි.

    ReplyDelete
  22. කෝච්චි විතරක් නෙවෙයි, මොන වර්ජනයක් තිබ්බත් දැනෙන්නෙ දුප්පත් අපිට, අර දැනෙන්න ඕනෙ උන්ට කලින්.

    ReplyDelete
    Replies
    1. අනිවා.. අපිව ඇපේට තියලනේ ඕවා කරන්නේ...

      Delete
  23. වර්ජනය නම් සාර්ථකයි. එත් මහ ජනයා අන්ත අසරණයි. මේ වර්ජනය කළ උනුත් ඉතින් මහජනයෝමනේ. ඉතිං කාට බනින්නද.

    ReplyDelete
    Replies
    1. හි හි.. බනින්න ඕනේ කාටද කියලා අර උඩ මදුරු නාශකයා කියලා තිබ්බේ නලීන් අයියේ...

      Delete
  24. වර්ජනය ඉතා සාර්ථකයි.. මම දන්න තරමින් බොහෝ දෙනෙක් නිවාඩු දාලා ගෙවල්වල වැඩපලක් කරගෙන හිටියා..බස්වල ගිහින් අතපය කඩාගන්නෙ නැතුව

    ReplyDelete
    Replies
    1. නිවාඩු දාන්න පුළුවන් අයට හොඳයි ඉතිං..

      Delete
  25. //කෝච්චි වල යන අයට සාමාන්‍යයෙන් තියෙන ලෙඩක් තමයි බස් වල යන්න අකමැත්ත//

    මටත් ඕක තිබ්බා ඉස්සර තදට

    ඒ හින්දා තාමත් බස්වල ගමන මහ වදයක් විදිහට දැනෙනවා

    කෝච්චියේ යං කියුවහම තාමත් කට කනේ

    ReplyDelete
    Replies
    1. මටත් තදට තියෙන ලෙඩක්..

      Delete
  26. කාලයක් තිබ්බා වර්ජන සාමාන්‍ය දේවල් උන.. දැන් වර්ජනයක් උනම මෙන්න මෙහෙම අපි පුදුම වෙනවා. මට හිතෙනව ඔය පටන් ගත්තා විතරයි කියලා.

    ReplyDelete
    Replies
    1. පුදුම වෙන්නේ නෑ අයියේ... එපා වෙනවා...

      Delete
  27. අන්තිමට අපි නම් අසාර්ථක උනා පැය ගණන් චාටර් කකා බස් අස්සේ....

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැති සඳු...

      Delete
  28. අපිත් වර්ජනය කරමුද..ම්ම්ම්..බ්ලොග් ලිවිල්ලවත්..!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒකත් එහෙමයි... කාටද බලමු පාඩු ....



      හි හි

      Delete
  29. අදත් තව පැය බාගෙකින් ද කොහෙද තවත් මොකද්ද මංගල්ලයක් පටන් ගන්නව ලු. වර්ජන සාර්ථක වුනත් නැතත් මේ අපිට තමයි කෙලවෙන්නෙ..

    ReplyDelete
  30. අනේ මන්දා . අපේ පැත්තටනම් තාම කොච්චි නැනේ . තිබ්බත් බස් එක හොඳයි. ඕන තැනකින් නවත්තවගෙන බැස්ස හැකි.

    ReplyDelete