Thursday, July 11, 2013

ඔන්න බ්ලොග් එකක් ගැන විස්තරේකුත් එක්කම ෂිපිං ගැනත් පොඩි විස්තරයක්...

පහුගිය ටිකේ බ්ලොග් කියෙව්වෙත්, ලිව්වෙත් අඩුවෙන් නිසා අලුත් බ්ලොග් හොය හොයා ගියෙත් නෑ... ඒක හින්දා මට මිස් වෙලා වගේ තිබිච්ච බ්ලොග් එකක් අද උදේ පාන්දර 4 ට විතර නැගිටලා.. ( රෑට පාන් කෑමේ ආනිසංස... )  ... කියෙව්වා... ඒකේ පරණ පෝස්ට් ටික කියවගෙන යනකොට තමයි තේරුනේ මේකේ ගොඩක් වැදගත් මාතෘකා කීපයක් ගැන ලියවිලා තිබ්බත් තාම කියවලා තියෙන්නේ කට්ටිය අඩුවෙන් කියලා.. ඒකත් එක හේතුවක් මේ පෝස්ට් එක දාන්න.. 

ගිහින් නැත්තං ඔන්න ගිහින් බලන්න මේ බ්ලොග් එක.. 

බ්ලොග් එකේ නම - කළු සහ සුදු
ලියන්නේ - එයාමයි... 

මේ තියෙන්නේ පෝස්ට් කීපයක අන්තර්ගතය.... 


දවල්ට කන්න ගියාමයි ඊළඟ දේ වුනේ..බත් ටික සේරම දිග හැර ගන්න කිව්වා අපිට...මස් මාළු තියෙන්නේ ඇහුවා..මස් ..මාළු...බිත්තර,,,ඔය හැම දේම කාගේ හරි ළඟ තිබුනා නේ..
එක්කෙනෙක් ආව බග් එකක් අරන්
හැම බත් එකක් ලඟින්ම තියා ගෙන තියාගෙන ගියා..අද ඉඳන් කන්න වෙන්නේ මේවා තමයි කියලා...
..............මොනවද මේ..?
මිනිස් ඇට කැබලි....අපේ සමහරු දුවල ගිහින් වමනෙත් දැම්ම...
මම නම් බයටම ගල් ගිල්ල වගේ හිටියේ....
අනේ ඉතින් එහෙම උන්න අපි..පස්සේ කලෙක anatomy වලට ගිහින් gloves වත් නැතුව මිනී අල්ලලා..ඇවිත් සබන් දාල අත හෝදන් බත් කෑවේ...යස අගේට..
එදා අපිට දුන්නෙත්...එහෙම මුලික පුහුණුවක්..

ඉතුරු ටික ගිහින් කියවන්න...



වෘත්තීය චිකිත්සාවෙන් කෙරෙන්නේ...දීර්ඝ කාලීනව හෝ කෙටි කාලීනව ආබාධ වලට ලක් වන පුද්ගලයන්ට..නැවත ක්රියාකාරී දිවියක් ලබා දීමට සහය  වීමයි...මෙහිදී රෝගියා ගේ නොහැකියාව වගේම ඉතුරු වී ඇති හැකියාවන්ද ඉතා අවධානයෙන් සලකනු ලබනවා..මොකද සමහර රෝගීන් ගත්තම... අය බොහෝ විට සිහි කල්පනාව පමණක් යන්තමට ඉතුරු වුන අය... ටික පවා මනුස්සයෙකුට කොයි තරම් වටිනවද කියලා දැනෙන්න නම්...එහෙම කෙනෙක් දකින්නම ඕන...

ඉතුරු ටික ගිහින් කියවන්න...



දවසක් නන්නානේ එනවා..ගිනි පෙට්ටියක මල් ටිකක් දාගෙන....මම පුටුවක වාඩි වෙලා ඉන්නවා...ආවා ළඟටම...දුන්න මල් ටික..මම දැන් බය බිරාන්ත වෙලා බලන් ඉන්නවා ගන්නේ නැතුව... ගමන මට සැරයක් දැම්ම.."ගන්නයි කිව්වේ මේක"කියලා..මොනවා කරන්නද ..ගත්තා කියන්නකෝ..මෙන්න ගමන මට දන ගහල වැඳගෙන...ජීවිතේට අහල නැති ගාතා වගයක් කියනවා..මොනවා කරන්නද අහගෙන හිටිය...
ඊට පස්සේ නැගිටලා කියනවා..මම ඉතින් අදහන්නේ මේ වගේ අය විතරයි කියලා..මල් ටික ආපහු උදුරාගෙන වගේ අරගෙන නන්නානේ කිය කියා යන්න ගියා....

ඉතුරු ටික ගිහින් කියවන්න...



යම් කෙනෙකුට රෝද පුටුවක් තාවකාලික හෝ සදාකාලිකව භාවිතා කරන්නට සිදු වෙන්න පුළුවන්.
තාවකාලිකව ඇති වන අස්ථි බිඳීමකදී...එහෙමත් නැත්නම් යම් යම් රෝගාබාධ වලදී...තාවකාලිකව රෝදපුටුවක් භාවිතා කරන්නට කෙනෙකුට සිදු වෙන්න පුළුවනි.
වගේම තමයි...සුෂුම්නා ආබාධ වගේ දීර්ඝ කාලීන..සදාකාලික ආබාධ වලදී ...අදාළ කෙනාට එතනින් එහා ජීවිතයම රෝදපුටුව සමග ගත කරන්නට සිදු වෙනවා...
මේ කොයි අවධියේදී වුනත්...අපිට නිවැරදි තේරීමක් නැති වුවොත් ...ඉන් ඇති වෙන අනිසි ප්රතිඵල එමටයි...

ඉතුරු ටික ගිහින් කියවන්න...

තව ඔය වගේ වැඩිපුර කතාබහ කෙරෙන මාතෘකා ගැන අපි නොහිතන පැත්තක් සහ රැකියාවට අදාලව ලියවුනු, අපි කතා නොකරනම මාතෘකා කීපයක් ගැන ලියවිලා තියෙනවා... 

මට මේකේ ටිකක් හිතට වැදුනම පෝස්ට් එක තමයි ඔය රැකියාව ගැන ලියලා තියෙන පෝස්ට් එකේ මෙන්න මේ කෑල්ල... 

//එතකොට මට ආව වෘත්තීය තමයි..මේ වෘත්තීය චිකිත්සක කියන තනතුර...මේ ගැන මම කිසිම දෙයක් දන්නේ නැහැ..
අපේ අම්මා අඳුනන නර්ස් කෙනෙක් ගෙන් ඇහුවම කිව්වලු...අපෝ..ඒක හරියන එකක් නෙවෙයි...ඔය අංගොඩ වගේ හොස්පිටල් වල ලෙඩ්ඩුන්ට එක එක ඒවා උගන්නන එකයි ඕක කරලා කරන්න වෙන්නේ කියලා...//

මට හිතුන දේ තමයි අපේ සමාජයේ රැකියා සම්බන්ධයෙන් තෝරා ගැනීම් කරද්දි අපි කොච්චර අසරණ වෙනවද කියන එක... 

සම්ප්‍රදායික රැකියා කිහිපය සහ ( දොස්තර, ලෝයර්, ඉංජිනේරු, ටීචිං, නර්සිං, හමුදාව, ආණ්ඩුවේ ක්ලාක් කම, කම්පියුටර් සම්බන්ධ ඒවා, මැදපෙරදිග ගෘහ ‌සේවිකා, ගාමන්ට් ) තමන්ගේ සමීපතමයෙක් කරන රැකියාවක් නිසා වෙනත් රැකියාවක් ගැන දැනගන්න එකත් ඇරුනම අපේ රුකියා අවස්ථා පිළිබඳ දැනුම අන්තිම පහත මට්ටමක තියෙන්නේ...ඒ මදිවට ඔය රැකියා වලට තියෙනවනේ එක එක මට්ටම්... උසස් හරි පහත් හරි කියලා... ඕලෙවල් ෆේල් නං මෙහෙමයි, ඒ ලෙවල් ෆේල් නං මේක තමයි කොරන්න වෙන්නෙ, කම්පියුටර් ඉංග්‍රීසි නැතුව මොකක් වත් කොරන්න බෑ... අරකද මේකද කියලා කී දාහක් දේවල්ද... 

දැන් හරි හරියට වෘත්තීය අධ්‍යාපනය කියන මාතෘකාවත් කතා කෙරෙනවානේ... ඒත් ඇත්තටම මට නම් තේරෙන විදියට ඉස්කෝලෙ විශය මාලා තෝරගන්න කාලේ වෙන කොට අදටත් අපේ ළමයින්ගේ, දෙමව්පියන්ගේ මානසික මට්ටම් තියෙන්නේ යටත් විජිත කාලේ ඉඳලා ආපුවා... ඒ මදිවට මේ ඔක්කොම කැම්පස් යන්න කරන දැගලිල්ල.... ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ.. 

මං මේ කියන්න දැඟළුවේ මේකයි... 

විශය මාලාවක් තෝරගනිද්දි තේරුමක් තියෙනවා නං “ මං දක්ෂ මේ පැත්තට.. මට මේ පැත්තෙන් යන්න පුළුවන් ” කියලා, එතනින්ම දරුවා පරිණත පුද්ගලයෙක් වීම පටන් ගන්නවා.... එයා යන්නේ මොන පැත්තෙන්ද කියලා අවුරුදු 15 වෙද්දි එයාට තේරුම් ගන්න පුලුවන් නම් අනවශ්‍ය කාලය නාස්ති කිරීම් වලින් ගොඩක් වැලකෙන්න පුළුවන්.. 

මට තේරෙන විදියට මේකට තියෙන ලොකුම බාධකේ තමයි රැකියා වෙළඳපොල ගැන නිසි අවබෝධයක් නැති කම... මට හිතුනා මේකට පුංචි උදව්වක් කරන්න... ඒ තමයි මං රැකියා කරපු ක්ෂේත්‍ර කීපයෙම තියෙන වැඩි ප්‍රසිද්ධියක් නැති රැකියා අවස්ථා කීපයක් ගැන කියන්න... මොකද මට හිතෙන විදියට මේ බ්ලොග් කියවලා අදහස් දක්වන බොහෝ දෙනෙක් ඉන්නවා යම් විදියකින් සම්ප්‍රදායික දෙමවුපියන්ට වඩා වෙනස් අය... තමන්ට කර ගන්න බැරි උන දේ දරුවො ලව්වා කරවන්න දඟලන්නේ නැති අය... දරුවන්ගේ නිදහසට ගරු කරන අය... ඒ වගේ අයට පුළුවන් මෙතනම හෝ තමන්ගේ බ්ලොග් එකේ හෝ තමන් රැකියාව කරන ක්ශේත්‍රයට අදාළ විස්තර ටිකක්, සහ අවශ්‍ය සුදුසුකම් ටිකක් ලියලා තියන්න... එතකොට ඒ විශය ගැන නොදන්න කෙනෙක්ට උනත් දැනුවත් වෙන්න පුළුවන්... 

( උදාහරණයක් විදියට දැන් ගාමන්ට් එකක් රැකියාවක් කියන්නේ ජුකී මැෂින් ක්‍රියාකරවීම විතරයි කියලා හිතං ඉන්න අය මහ ගොඩක් මේ ලංකාවේ ඉන්නවනේ... ඒත් ඇත්තටම ගාමන්ට් එකක් ඇතුලේ කොච්චර රැකියාවල් තියෙනවද කියන එක ඒ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ට කියලා දෙන්න පුලුවන් තව කෙනෙක්ට... ඒ ගැන නොදන්න කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි ... අපෝ.. ඒවා ගෑණු ළමයින්ට හොඳ රස්සා නෙවෙයි.. කියලා...හි හි) 

ඉතිං මං වැඩ කරපු එක ෆීල්ඩ් එකක් තමයි ෂිපිං ( Shipping/Maritime/ Marine)... මං වැඩ කළේ පෞද්ගලික ආයතනයක.. ලංකාවේ රජයේ ආයතනය විදියට වරාය අධිකාරිය යටතේ තියෙන අතරේ පෞද්ගලික ආයතනයක් විදියට SAGT ( South Asia Gateway Terminals) කියන ආයතනය වරායේ කොටසක් බදු අරන් තියෙනවා... මම ඔය ෆීල්ඩ් එකට සම්බන්ධ උනේ මගේ තාත්තා ඔය ආයතනයේ වැඩ කරපු නිසා... 

මේ තියෙන්නේ කොළඹ වරායේ SAGT ආයතනය අරන් තියෙන කොටස... ලේසියෙන් අඳුනගන්න පුළුවන් රතුයි සුදුයි ගාපු ක්‍රේන් වලින්... කහ පාටින් තියෙන්නේ JCT - Jaya Container Terminal එක... 

ෂිපිං වල ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා.. ( මේ මං දළ වශයෙන් මගේ අත්දැකීම් වලින් ලියන්නේ.. වැරදීම් වෙන්න පුලුවන්...) එකක් කෙලින්ම වරායට සම්බන්ධ ආයතන.. තව එකක් තමයි ප්‍රධාන කන්ටේනර් සහ මගී ප්‍රවාහන ( Container lines and Passenger lines)විශාල සමාගම් වල නිල ඒජන්තකරුවෝ... ( Eg : Hapag lloyd, Hyundai- Aitken Spence / CMA CGM - CMA CGM Lanka/ Maersk line - Maersk Lanka) තව කට්ටියක් තමයි Freight Forwarding and cargo services කට්ටිය...  Cargo Clearing කට්ටියත් services වලටම සම්බන්ධ උනාට ක්ලියරින් විතරක්ම කරන ආයතනත් තියෙනවා....  


දැන් මෙතන .... ෂිපිං කියන්නේ නැව් වල වැඩ කරන එකනේ... අපොයි ඔය නැව් වල නම් යන්න බෑ... කියලා හිතං හිටිය කට්ටිය ඉන්නවනං දැනගන්නත් එක්ක මේ කියන්නේ මං මේ කියන ඔක්කොම ගොඩබිම ඉඳලා කරන රැකියා... ඒ වගේම මේ හැම ආයතනයකම ගෑණු ළමයිනුත් වැඩ කරනවා... 

ඒ ගෑණු ළමයි වැඩ කරන අංශ ප්‍රධානවම තියෙන්නේ ලියකියවිලි ( Documentation) අංශ වල... මේවගේ තියෙනවා නීතිමය අංශ, එකවුන්ට් ( ඒක නම් දන්නවනේ) අංශ... ඒ වගේම ඉහල තනතුරුවලත් කාන්තා පර්ශවය ඉන්නවා ඕනේ තරම්... 

ක්ලාක්ස්ලා, එක්සෙකටිවු ලා, මැනේජර්ලා, එකවුන්ටන්ලා ඕනෙ තරම් ඉන්නවා... 

කොල්ලන්ටත් ඕනේ තරම් ජොබ් තියෙනවා... ඒ වගේම කාසා/ CASA - Ceylon Association of Ships' Agents) එකේ සහ CINEC - Colombo International Nautical & Engineering College  / තේරෙන බාසාවෙන් CINEC Maritime campus එකේ තියෙනවා පාඨමාලා, පුංචිම රැකියාවෙ ඉඳන් ඉහලට යනකම්ම... 

මේකට ඉංග්‍රීසි දැනුම, කම්පියුටර් දැනුම යම්තරමකට ඕනේ... හැබැයි ඔය දෙකේම පරතෙරෙට යන්න උවමනාවක් නෑ... ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙන ගත්තනං, කම්පියුටරේක වර්ඩ්, එක්සෙල් වගේ සොෆ්ට්වෙයාර්වල වැඩ කරන්න දන්නවානං, තව දුරටත් ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නං, ඉතුරු ටික සිම්පල්... 

මේ ජොබ්ස් වල තියෙන අමාරුම සහ වටිනාම දේ මං දැන් කියන්නම්... ඒ තමයි මේ ජොබ් වල ටයි දාලා, සාරි , ස්කර්ට්ස් ඇන්ඩ් බ්ලවුස් ඇඳලා ගියාට මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා... ඒසී රූම් වල, කැරකෙන පුටුවේ වාඩි වෙලා අලි බඩට උඩින් ටයි එක දාගෙන ඉන්න තැනට එන්න, ඇති වෙන්න මහන්සි වෙන්න වෙනවා... හැබැයි ඕලෙවල් ෆේල් වෙලා ක්ලාක් කෙනෙක් විදියට ආපු කෙනාටත් මේ තැනට එන්න පුළුවන්... එකම දේ ඉගෙන ගන්න ඕනේ.. උත්සාහ කරන්න ඕනේ... මහන්සි වෙන්න ඕනේ... රස්සාව ආදායම් මාර්ගයක් විතරක් කරගන්නේ නැතුව ඒකට ආසාවෙන් කරනවා නම් ගොඩ යන්න පුළුවන්... එහෙම නැත්තං පටං ගත්ත තැනම කාල් ගගා ඉන්නත් පුළුවන්.. තමන්ගේ කැමැත්ත.... 

මේ අනතුරකට ලක් වෙච්ච කන්ටේනර් නැවක්... පේනවනේ ඇලවෙලා, ‌හොම්බෙන් ගිහින් තියෙන හැටි.... 


මේ මම කිව්වේ වරායට කෙලින්ම සම්බන්ධ රැකියා ගැන නෙවෙයි.. වරායෙන් පිට වැඩ කරන Freight forwarding and cargo services, Main line agents ලා වගේ ආයතන ගැන විතරයි... වරායට කෙලින්ම සම්බන්ධ රකියා ගැන වෙනම ලියන්න වෙනවා.. ඒ තරම් ගොඩක් තියෙනවා.. ඒ වගේම ඒවට පාඨමාලා දැන් NAITA - National Apprentice and Industrial Training Authority එකේ තියෙනවා.... හැබැයි NAITA එකේ මේ වගේ පාඨමාලා වලට ඇප්ලයි කරන්න වයස 18ට කලින් වෙන්න ඕනේ... ( ඒ කියන්නේ ඒ ලෙවල් කරලා රිසල්ට්ස් එනකම් බලං හිටියොත් වැඩේ හබක්) .. ඒක නිසා මේ ක්ෂේත්‍රයට යන්න අදහසක් තියෙනවා නං ටිකක් හොයලා බලන්න... මේ තියෙන්නේ ෂිපිං සම්බන්ධව මගේ ආසම වෙඩ් අඩවිය... මං මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ඒ වගේම මේක ජ්‍යාත්‍යන්තර ප්‍රමිති වලට අනුව යන විස්තර තියෙන සයිට් එකක්... http://www.hapag-lloyd.com  මගේ අත්දැකීම නං ඕනෙම කෂේත්‍රයක් ගැන ඉගෙන ගන්නකොට ඒ ගැන ආසාව ඇති වෙනවා... ආසාවක් තියෙනවා නම් ඉගෙන ගන්න හිතෙනවා...  ඉගෙන ගන්නකොට ඉහලට යන්න බැරිකමක් නෑ.... හි හි... 


(මේක ඇතුලේ Sea freight and Air freight කියලා කොටස් දෙකක් තියෙනවා... මේ දෙකම මේ සමහර ආයතන වල කෙරෙනවා... මං ලිව්වේ  Sea freight ගැන විතරයි.. ) 

( මේක තමයි ප්‍රධාන දේ... ප්‍රවාහනය... ගොඩබිමින්, අහසින්, මුහුදෙන්.. ඕක ඇතුලේ තමයි මේ ජොබ්ස් ඔක්කොම තියෙන්‌නේ...)  




මෙයා නං ළඟදි දවසක ලංකාවට ආයුබෝවන් කියලා ආපහු ගියා... මට නං මේකේ රවුමක් යන්නත් අවස්ථාව හම්බුනා.. ඒ ඇරෙන්න ෂිපිං ෆීල්ඩ් එකේ ඉන්නවා ජීවිතේට වරායට අඩිය තියලා නැති කට්ටියත්... හි හි

අනිත් ක්ෂේත්‍රය, ඒ කිව්වේ ප්‍රින්ටිං ගැන වෙන දවසක කියන්නම්... දැනට ඇති වගේ.... මේකත් හොඳටම දිග වැඩියි... 

ප/ලි : මේක කියවලා මේ විදියට ලියලා තියන එක හොඳයි කියලා හිතෙන කෙනෙක් ඉන්නවා නං, කැමති නම් කමෙන්ට් එකක් දාලා තමන්ගේ රැකියා ක්ෂේත්‍රය ගැන පොඩි විස්තරයක් දැම්මට කමක් නෑ... එක්කෙනෙක්ට හරි ප්‍රයෝජනයක් උනානං එච්චරයි මට ඕනේ.. හි හි

79 comments:

  1. සරත් ලංක්‍රප්‍රිය මහත්මයාණෙනි, ඔබතුමාගේ පිනටයි රට පැටවුනේ. නැත්නං ඔබතුමාව අල්ලගෙන කාවි මේකි..

    මම ඉතිං ජොබ් එකක් කියල එකක් ලාවට කරනවා. ඒකේ වැඩිපුරම පඩි ගෙවන්නේ බ්ලොග් ලියන එකටයි කියවන එකටයි. හැබැයි පඩි පතේ ඒ විස්තර නෑ.. ෆීල්ඩ් එක පැඩිෆිල්ඩ් කියල හිතාගන්ටකෝ..

    ReplyDelete
    Replies
    1. දේශක මහත්තයා ඔය ලමයා මාව නොදන්නවාට මම එයාගෙ තාත්තාව දන්නවා. !

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මේ ළමයා වැඩිය කාවවත් දන්නේ නෑ... මේ ළමයව නං දන්නව කට්ටිය... හි හි..

      මං කිව්වේ දවසක් තාත්තව දන්නව ඇති කියලා... ( දැං ඉතිං මං කටක් ඇරලා අයියා කියන්නේ කොහොමද කියන්නකෝ.. වෙනී අන්කල් වගේ සරත් අන්කල් කියනවා මීට පස්සේ)

      Delete
    4. නැතුව නැතුව බං හෙන වයසක මනුස්සයා, කොන්ඩෙට ඝනසැරේට ඇන්ටිකොරෝසිව් ගාලා , කෙහෙකං ඇවරිත් කඩෙන් අරං මයේ හිතේ

      Delete
    5. මේකා ඔය ඊරිසියාවට කියන කතා දරුවෝ.. මං කවද්ද කිවුවෙ අයිය කියන්න කියල ? හ්ම් ? තාම සීය උනේ නෑ..

      Delete
    6. තව ටික කාලෙකින් සීයා කියයි කට්ටිය.. හි හි..

      Delete
  2. හොද කතා ටිකක් තියෙනවා වගෙයි. ඒත් ඉතින් කියවන්න වෙලාව තමා හරස් වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. කමක් නෑ.. නිදහසේ බලන්න...

      Delete
  3. හොඳ විස්තරයක් හිරු.. තමන්ගේ වෘතීය අද්දැකීම් බෙදා ගන්න එක වටිනවා අධ්‍යාපනික අරමුණෙන්. ( සමහ අය නම් තමන්ගේ මහන්තත්තකම පෙන්නීමටනේ කරන්නේ පොඩි දෙයක් කුරුටු ගෑවත් ) ඉඩක් තියෙන වෙලාවට තව ලියන්න මේ ක්ෂේත්‍රය ගැන..මාත් කැමති මේවා ගැන දැනගන්න..

    ReplyDelete
    Replies
    1. මට ඉතිං පෙන්නන්න මහන්තත්තකම් නෑ නේ සහන්.. මං මේ ගෙද්ට්ට වෙලා බතක් තම්බගෙන ඉන්න එකා කියලා හැමෝම දන්නවනේ.. ලියන්න ඕනෙ.. ෂිපිං කියන්නේ අපි හිතනවට වඩා චාන්ස් තියෙන ෆීල්ඩ් එකක්.. මාත් තාත්තා වැඩ කළා උනත් වැඩට යනකම්ම මේක මොකද්ද කියලාවත් දැනගෙන හිටියේ නෑ... මාස 6ක් ඇද්දා සතියේ දවස් 7ම බෑ බෑ කිය කිය... එපා උනා... ඒත් අතෑරියේ නෑ.. ටිකක් අගක් මුලක් තේරෙන්න ගත්තම මාර ඉන්ට්‍රස්ටින්....

      Delete
    2. ෂිපින් ගැන අංග සම්පූර්ණ ලිපියක් ඉදිරි දිනෙක ( සමහර විට අවුරුද්දකින් වෙන්නත් පුලුවන් :D ) කුරුන්දෙන් බලාපොරොත්තු වෙන්න..

      Delete
  4. උඩම අකුරු කියවන්න අමාරුයි හෙන පොඩියට පේන්නේ. කළු සහ සුදු කියන්නේ සුපිරි බ්ලොග් එකක්.

    ReplyDelete
    Replies
    1. උඩම ටික කියවන්න ඒ බ්ලොග් එකට ගිහින්... හි හි

      Delete
    2. ඒ බ්ලොග් එක මං කියවන්න ගත්තේ බොහොම කාලෙක ඉදන්. ගිහින් බලන්න.

      Delete
    3. මං දන්නවා.. නලින් අයියට බ්ලොග් එකක් අතෑරෙනවා කියන්නේ ලෝක පුදුමයක්... හි හි

      Delete
    4. හිරු ට යි..නලින් ටයි...ස්තුතියි....

      Delete
  5. හොඳ විස්තර ටිකක් තියෙනව. අපේ එවුවොනං යන්නෙ නැවුවල මළකඩ කඩන්නනෙ. :D

    ReplyDelete
    Replies
    1. ඒක තමා මේක ලිව්වේ ප්‍රසා අයියේ....

      Delete
  6. නියම බ්ලොගක්නේ..... ඒක නෙවෙයි ඔයා ෂිපින් යන අතරේ ෆිෂරින් එහෙම ගියේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ මොන ෆිෂරින්ද අනේ... හි හි

      Delete
  7. නොදන්න විසිතර ටිකක් දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි... හි හි

      Delete
  8. ෂිපින්, ෆ්රේට් ෆොවර්ඩින්ග් සහ ක්ලියරින්ග් - දෙයියෝ තමයි දන්නේ අන්තිමට ඔය හැමෝම අපිට එවන බිල් වල මොන මොන මගුල් වලට සල්ලි ඉල්ලලද කියලා.......

    ReplyDelete
    Replies
    1. හා... ඒවා අපිට අදාල නැත... හි හි...

      ඕකෙ තියෙන කේස් එක සඳුන් අපේ කට්ටියගේ ෆොවර්ඩිං ‌චේන් එක වැඩි වෙන එක.. හැම එකාම අර චාජ් මේ චාජ් කියලා කීයක් හරි ඇඩි කරනවා... එහෙම උනාම අන්තිමට අලි බිලක් එනවා.. බැරි වෙලා හරි පිටරට ඉඳන් බඩු එවනවා නං පුළුවන් තරම් මේන් ලයින් එකට කිට්ටු ඒජන්ට් කෙනෙක්ව අල්ලන්න.. ඒ කියන්නේ ‌ෆොවර්ඩස්ලා අඩු වෙන තරමට ඔයාලගේ ගාන අඩු වෙනවා.. සමහර විට ‌‌‌ෆ්‍රේට් එක වැඩි වෙන්න පුළුවන් ටිකක් ඒත් මේන් ලයින් එකත් එක්කම ලෝඩ් කරන්න පුලුවන් නම් ඩොකියුමන්ටේෂන් කිය කිය ඇඩ් කරන 3000 ඒවා ඔක්කොම අඩු වෙනවා.... ( ෆොවර්ඩර්ස්ලා අල්ලන එකේ වාසිය තමයි කස්ටමර්ට කරන්න කියලා වැඩි දෙයක් නෑ.. බඩු ටික බාර දීලා, සල්ලි දෙන එක සහ පස්සෙ සල්ලි දෙන්න පුලුවන් විදියට බඩු ටික ගැනීමේ වාසිය හම්බුවෙනවා.. ඒක ටිකක් දිග කතාවක්.)

      Delete
  9. ම‍ට එක සැරේට මීටර් උනේ පිෂින්!

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි බං. මම මේ දුවන් ආවා බලන්න පිෂින්.

      Delete
    2. හුහ් .... ඇයි පිෂින් නරකද?

      Delete
  10. මොකද අකුරු වලට වේලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ළගකදි ඉදන් ගයනිට පෙනීමේ දෝෂයක් තියෙනවා වගේ...? මම දැක්කා කලින් මාතලන්ගේ පෝස්ටුවකත් අකුරු පොඩියි කිය කියා නාහෙන් අඬ අඬා හිටියා.

      Delete
    2. ඒවා ඒ බ්ලොග් එකට ගිහින් කියවන්න කියලා මං ඔය කියවන්න බැරි වෙන්නම දැම්මේ ගයනි.. හි හි

      Delete
  11. ඇත්තටම හොඳ විස්තරයක්..ඒත් ඕවායෙ අපි නොදන්න අහල නැති ‍රැකියාකොච්චර තියෙනවද...ඒවත් විස්තර උනානම් හොඳා.
    උදාහරනයකට මේ ලඟදි විස්තරයක් දැක්කා..බන්ධනාගාරෙ තියෙන සුද්දොන්ගෙ කාලෙ හදපු ලොන්ඩ්‍රියක් ගැන..අඩි500ක් විතර දිග බුමුතුරුනු ඉක්මනින් හෝදල වේලන්නපුලුවන් යන්ත්‍ර තියෙනව කියල දැක්කම..පුදුම හිතුන...ඇයි..එක්දහස් නමසිය බරගනන්වලනෙ..!හදල තියෙන්නෙ.

    ඉස්සරම වරායෙ ඉන්ජිනේරු අංශයට සම්බන්ද වෙන්න අවස්තාවක් ලැබුනත්..ගියේ නැත්තෙ..කොලඹ ඉන්න එක එපාවෙලා තිබුන නිසා.(ඩොක්යාඩ් එකට)

    තියෙන ප්‍රශ්නෙ හිරු ඔතැන්ට රිංගන බොහෝ දෙනා දේශපාලන ගැත්තන් හැටියට පත්වීම් ලබන එකයි.

    ReplyDelete
    Replies
    1. මං මෙතන කිව්වේ පෞද්ගලික අංශෙ ඒවා ගැන විතරයි වීයෝ... රජයේ ඒවා ගැන නම් මට එච්චර අත්දැකීමක් නෑ.... හම්මෝ ..ඔක්කොම ලියන්න ගියානං මට වෙනම බ්ලොග් එකක් ලියන්න වෙනවා... ඒත් තරම් ජොබ්ස් තියෙනවා...

      පෞද්ගලික අංශෙත් ගොඩක් වෙලාවට රස්සාවල් වලට යන්නේ දැනඇඳුනුම්කම් වලට... මොකද මේකේ තියෙන රස්සා ගොඩ දන්නෙ නැති අය හිතන්නේ ෂිපිං කිව්වම එක්කො නැව් අතුගාන්න, නැත්තං මළකඩ කඩන්න කියලා... ගෑණු ළමයි යවන්න කැමති නෑ සමහර අම්මලා... ඔය වගේ විකාර අදහස් නිසා ගොඩක් අය මේ ගැන හරියට දන්නේ නෑ... ඒත් ඇත්තටම පොඩිම තැනින් පටං අරං ඉහලටම යන්න පුළුවන් ෆීල්ඩ් එකක් මේක....

      Delete
  12. මම නම් රැකියා රාශියක් කරපු කෙනෙක්. එක එක තරාතිරමේ. කොයි ජොබ් එක කලත් ඒකට උපරිම කැපවීමෙන් හා ආශාවෙන් තමයි කරන්නේ. මේ මොන මල වදයක්ද කියලා කරන ජොබ් එකෙන් තමන්ට වැඩකුත් නෑ, ආයතනයට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ.

    අර මූදේ නැව් ගියාම පාරවල් හිටින්නේ නෑ කියලා, උගන්නන්නේ මොන කෝස් එකේද දන්නේ නෑ..

    කෙලට දෙන්න ආවේ පොරි හැලෙන්න. ඒත් හී හී කොමෙන්ට් එකක් හරි දාලා හැම එකටම. දැන් කොමෙන්ට් වලට රිප්ලයි නොකරන උන්ගේ ඒවා කියවන්නේ නෑ.. මාරයගෙ එකටයි කතාගේ එකටයි දැම්මත් නොදැම්මත් යනවා...



    ReplyDelete
    Replies
    1. වතුරවලට වඩා ලේ ඝනයිද මොකක්ද කියනවනේ... ඒ වගේ සීන් එකක්.. දුකා අමතක උනා.. දුකත් මේකට ඇතුලත්...

      Delete
    2. ඒක නං ඇත්ත මාතලන්.. මොන ජොබ් එක උනත් කරන්නං වාලේ කරනවා නං ඉතිං හබක් තමයි...

      එහෙම කෝස් එකක් නෑ... හි හි

      Delete
  13. ගොඩක් වැදගත් කරුණු ටිකක් හිරු අක්කේ....

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි නඟා.. හි හි

      Delete
  14. අනේ හිරුවෝ ... උදේට කන්නෙත් ශිපින් දවල්ට කන්නෙත් ශිපින් රෑට කන්නෙත් ශිපින් තමයි මං.. මීට වඩා හොඳයි වැලිමඩ ගිහින් අල වැවුවා නං.. අල වවන මනුස්සයාටත් තමුන්ට කියලා වෙලාවක් තියනවා.. ..වැඩි විස්තර ඕනෙ නං අපේ හාමිනේ කියයි..

    ReplyDelete
    Replies
    1. ඔහොම කිව්වද හරි යනවද මේ වගකිවයුතු රැකියා කරන ඈයොත්... හි හි

      Delete
  15. ඇත්තටම මේවා අපේ අධ්‍යාපන ක්‍රමයේ තියන දුර්වලතා වලට හොඳ නිදසුන්.. ශිපින් ඉන්ඩස්ට්‍රි එකෙන් කී ලක්ශයක් ලංකාවෙ ජීවත් වෙනවා ඇත්ද ? ඒත් මොන ඉස්කෝලෙද ඒ ගැන යන්තම්වත් උගන්වන්නෙ ? හැමෝවම දොස්තරලා, ඉන්ජිනේරුවො, ටීචර්ලා කරන්න හදන එක විතරයි කරන්නෙ.. මෙහෙම ෆීල්ඩ් එකක් තියනවා, මේ මේ රැකියා අවස්ථා තියනවා කියලා යොමු කිරීමක් කළානම් මීට වැඩිය කොච්චර ඵලදායීතාවය වැඩි වෙයිද ?

    මමත් ඉතින් නැව් එක්ක ඔට්ටු වෙන ශිපින් බුවෙක් කියලා හිරූ දන්නවා ඇති මයෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. මටත් ඔන්න ඕක තමයි සෙන්නා හිතුනේ...

      දන්නවා දන්නවා... හි හි

      Delete
  16. අර බොලොග්ගෙට නම් මාත් යනව කලින් ඉඳලම. කියවන්න දේවල් ගොඩක් තියනව ඒකෙ.

    ReplyDelete
    Replies
    1. මං දැක්කා චන්දන ඉන්නවා ඒ පැත්තේ...

      Delete
  17. අකුරු ටිකක් ලොකු කරන්ඩ බැරිවෙයිද ඈ අක්කේ (නිල්පාට එව්වා )

    ReplyDelete
    Replies
    1. බෑ.. ඒවා ඒ බ්ලොග් එකට ගිහින් කියවන්න....

      Delete
  18. හම්මෝ මාර දේවල් ටිකක් දැනගත්තා !
    නැව් ගැන අහපු නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා .

    ReplyDelete
    Replies
    1. නැව් ගැන නං කියන්න ජාති තියෙනවා නඟා.. මෙතන නැව් ගැන මං කිව්වෙත් නෑ.... හි හි

      Delete
    2. නඟා???????? හයියෝ..... අරූ වහ කයි.

      Delete
    3. අන්න ඒකනේ “වයලීනයා“ වගේ නමක් දාගන්න එපැයැ මේ අපි වගේ..

      Delete
  19. ඔය විදියට ගත්තාම තව කොච්චර ක්ෂේත්‍ර ඇතිද නේ?

    හිරු, මෙහෙමත් එකක් තියෙනවා. අවුරුදු 15 කියන්නෙ ජීවිතය ගැන අවසන් තීරණයක් ගන්න පුලුවන් වයසක් කියලා ඔයා හිතනවද? මම නම්ම් හිතන්නේ ඔය තීරණ මාස කීපයකින් නැවත නැවත වෙනස් වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. අපි අවුරුදු 11 වෙනකොට සෞන්දර්‌ය විශයන් තෝරනවා... අවුරුදු 14 වෙනකොට කොමර්ස්, ලැන්වේජස්, හෝම් සයන්ස්, ටෙක්නිකල් වගේ සබ්ජෙක්ට් ‌තෝරගන්නවා... 16 දි ඕලෙවල් කරනවා... ඊට පස්සේ ආර්ට්, මැත්ස්, සයන්ස් වලට අයිති සබ්ජෙක්ට් තෝරගන්නවා... ඒ කියන්නේ 15 වෙනකොට අපි යන පැත්ත ගැන පොඩි දැනීමක් හරි තියෙනවා කියන එකනේ ඩූඩ් අයියේ.... ඒත් ඒ වෙනකොටත් අපිට තියෙන ඉලක්ක මොනාද කියලා කල්පනා කරලා බැලුවම මං මේ කියන එක අයියට තේරෙයි.. අපි ඔය හැම තීරණයක්ම ගන්නේ කැම්පස් බලාගෙන... ඒත් කැම්පස් යන්න හම්බුවෙන්නේ කීදෙනාටද...

      අවුරදු 15 වෙනකොට මේ වගේ තව තියෙන වෘත්තීමය වශයෙන් ඉහලට යන්න පුලූවන් ෆීල්ඩ් ගැන (ඉස්කෝල වල සෙමිනාස් හරි තියලා) දැනුවත් කරලා තිබ්බම ළමයිටම තීරණය කරන්න පුලුවන් ඒලෙවල් කර කර අවුරුදු දෙකක් නාස්ති කරනවද නැත්තං මේ වගේ වෘත්තීය අධ්‍යාපනයක් පැත්තට යොමු වෙනවද කියලා.. දැන් වෙන්නේ පුලුවන් එකයි, බැරි එකයි, යන්න කැමති එකයි, යන්න අකමැති එකයි හැම එකාම කැම්පස් යවන්න දඟලන එකනේ....

      Delete
  20. නොදන්නාම ක්ෂේත්‍රයක් ගැන යමක් දැන ගත්තා , ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි ... හි හි

      Delete
  21. ආ ..ඒ මගේ අක්කා ලියන බ්ලොග් එක.

    ReplyDelete
    Replies
    1. දන්නවා දන්නවා... හි හි

      Delete
    2. මට පාර කියාදුන්නේ හසරැල්..මගේ මල්ලි..බ්ලොග් ලියන්නට..

      Delete
  22. හැම රස්සවක්ම කරන අය වැදගත් කියන පණිවුඩය මේ සමාජයට දෙන්න ඕනේ. එතකොට තමයි කවුරුත් කැමැත්තෙන් තමන්ගේ රැකියා තෝරා ගන්නේ.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ තියෙන රස්සා වලින් ඉස්කෝලෙ යන උන්ට තියෙන්නේ රස්සා ටිකයිනේ අයියේ. .. අනිත් රස්සා ඔක්කොම කරන්නේ ඉස්කෝලෙ නොගිය උන්.. රස්තියාදු ගහපු උන්.. අනේ මේවා කියනකොටත් මට............

      Delete
  23. මාව ස්පෑම් වෙලෝ.......................

    ReplyDelete
    Replies
    1. ම් ..... මොකද බං සහන් උඹ නිතරම ස්පෑම් වෙන්නෙ.

      Delete
    2. මගේ බ්ලොග් මෙවලම් ටික නිසා මාව අඳුනාගැනෙන්නේ බොට් කෙනෙක් විදිහට මචන්..ඒකයි ඔය නිතරම් ස්පෑම් වෙන්නේ...

      Delete
  24. ශිපින් ෆීල්ඩ් එකේ තියෙන ඔ‍ෆිස් රස්සාවල්, අනිත් ෆීල්ඩ් වල තියෙන ඔ‍ෆිස් රස්සාවලට වඩා වෙනච් කියන්නේ ඇයි...?


    මොනා උනත් උත්සහවන්ත කැපවීමක් තියෙන අය හට ඉතා කෙටි කාලයකින් හොද තැනකට එන්න පුළුවන් අශයක් කියලා මට දැනිලා තියෙනේ මං දන්න අදුනන කීප දේනෙකුත් එහෙම වෙචිචි අය නිසා...

    ReplyDelete
    Replies
    1. මේකනේ මයියා... අනිත් ෆීල්ඩ් වල ඔෆිස් වල පාඩුවක් මනින්නේ මුදලින්නේ.. වාරය, එයාපෝට් එක සම්බන්ධ වැඩ වලදි පාඩුව මනින්නේ කාලයෙන්... ඒ කියන්නේ Time is money කියන එක ප්‍රැක්ටිකලිම වෙන තැනක් තමයි ට්‍රාන්ස්පොටේෂන් කියන්නේ.. මෙහෙ අපි විනාඩි ගානක් ඩොකියුමන්ට් එකක් පරක්කු උනොත් සමහර විට නැවකට පැයක් පරක්කු වෙන්න සිද්ධ වෙන්න පුළුවන්... එතකොට ඒක සමහර විට ආයතනයක් වැහෙන්න හේතුවෙන්න පුලුවන්.. ඔය වගේ සංකීර්ණ ක්‍රියාවලියක් ඇතුලේ වැඩ කරනකොට හැම වැඩකම, ඒ කිව්‌ෙව් ෆොටෝ කොපියක් ගැහීමත් ලොකු වගකීමක්... ඒ වගකීම කරට අරන් කරන්න පුලුවන්නම් විතරයි ඉහලට යන්න පුළුවන්...

      එකවුන්ට්ස් වල ඉන්න අය ඇරෙන්න අනිත් ඩොකියුමන්ටේෂන් වල ඉන්න අයට අයිස් ගහන්න හම්බුවෙනවා අඩුයි... මේන් ලයින් වල ඔෆිස් ගත්‌ෙතාත් කස්ටමර් ස්ර්විස් එකේ ඉන්න අයට ඔපරේෂන්ස්, එකවුන්ට්ස් එක්ක සහ කස්ටමර්ලත් එක්කත් තොරතුරු හුවමාරු කරගන්න වෙන නිසා බුම්මට්ටන්ට සහ නිදිමතයොන්ට ඒවා හරියන්නේ නෑ... හරිම ඇක්විට් ඩිපාර්ට්මන්ට්ස්... නැව් දෙකක් තුනක් ආපු දවසට විවේකයක් ඇත්තෙම නෑ...

      ඒත් Freight forwarding වල තත්වෙ ඔයිට වෙනස්.. එයාලා තමයි චේන් එකේ ඊළඟට ඉන්නේ... එයාලා පුෂ් කරන්නේ මේන් ලයින් එක... එතනදි ඔෆිස් වල කස්ටමර් ස්ර්විස් වල ඉන්න අයට ගොඩක් ටෆ් වෙන්න වෙනවා.. ඒ වගේම හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන්නත් වෙනවා.. ඒවත් එක්කම කස්ටමර්ට බටර් ගාලා ෂේප් කරගන්නත් වෙනවා.. ‌ගොඩක් Forwarding කම්පැණිවල ස්ටාෆ් එක පොඩ්ඩයි.. සමහර විට 4 දෙනයි 5 දෙනයි.. ඉතිං මහන්සි වෙන්න වෙනවා...

      මගේ අත්දැකීම අනුව නං මේන් ලයින් එකක ඔෆිස් එකකට වඩා forwarding එකක වැඩ අමාරුයි කියන එක... හැබැයි field එක ගැන හොඳ අත්දැකීම් ගන්නනං forwarding තමයි හොඳම...

      Delete
  25. "ෂිපිං" නේ ???? හයියූ... මං දැක්කෙ "පිෂිං" වගේ... හිරුවා හැක් කොරන හැටි උගන්නනවා කියල හිතං දුවං ආවේ...

    ReplyDelete
    Replies
    1. හොර වැඩ කිව්වොත් උඹලට.... හි හි

      Delete
  26. මං නං ජීවිතේට මූදු ගිහිං නෑ. අර පෙන්නලා තියන බ්ලොග් වලටත් යන්නං. ඒ වුණාට එවුං අපේ ඒවට එන්නේ නෑ නේ.
    ගොඩ වදින්න මේ පැත්තටත්

    ReplyDelete
    Replies
    1. හැම එකම එහෙම බලාපොරොත්තු වෙන්න එපා.. ලිපියක් කියවන්න ඒක රසවිඳින්න පුළුවන් නම්, කොමෙන්ට් කරන්න ඒක ගැන අදහසක් එනව නම්, ෆලෝ කරන්න ඒ ශෛලියට කැමති නම්.........

      Delete
    2. සෙන්කොලේ.....මම ඔන්න බ්ලොග් එකට ආවා...

      Delete
    3. යකො එන එකෙක් එයි නෑති එකෙක් නෑතිවෙයි.කලගුන සලකන්න නෙමෙයි රසවිදින්න පලයන්.නෑත්ටන් මෙ අපි එන්නෙ අපෙ මොකට එන්න කියලද.මම නම් එන්න එප කිවුවත් යනව මට කියවන්න දෙයක් තියෙනව නම්

      Delete
  27. මේක පට්ට දිගයි බං.. පස්සෙ බලන්නම්. සුදු කළු බලලා එමි..

    ReplyDelete
  28. මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
    ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
    සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්

    ReplyDelete
    Replies
    1. ඈ බොල.. වත්ත වගේ අඬ අඬ කමෙන්ට් දාදා යන්නේ මේ බ්ලොග් එක මොකාගෙද කියලාවත් බැලුවද.... හිරු, සහන් කියන්නේ මොක්කුද කියලවත් හොයලා බැලුවද.... මං දැන් තැන් දෙක තුනක දැක්කා මේ කමෙන්ට් එක.... ඔහොම හැමතැනම අඬ අඬ ගියා කියලා නම් කට්ටිය එන්නේ නෑ පුතෝ... හි හි...

      අන්න මං කමෙන්ට් එකක් දැම්මා ඔයාගේ බ්ලොග් එකේම..... පොඩ්ඩක් කියවලා බලන්න...

      Delete
  29. //ලංකාවේ රජයේ ආයතනය විදියට වරාය අධිකාරිය යටතේ තියෙන අතරේ පෞද්ගලික ආයතනයක් විදියට SAGT ( South Asia Gateway Terminals) කියන ආයතනය වරායේ කොටසක් බදු අරන් තියෙනවා...//
    මේකට තව පුංචි දෙයක් එකතු කරන්නම්..
    ඇත්තටම ඔය ක්‍රමයට කියන්නෙ BOT ( Build, Operate, Transfer) කියල. ඒ කියන්නෙ ආයොජකයෙක් වරායෙ ජැටිය හදලා කාලයක් (අවුරුදු 35ක් විතර) පාවිච්චි කරලා, ඊට පස්සෙ ලංකාවට පවරා දෙනවා. ලගදි විවෘත කරන්න යන (CICT - Colombo International Container Terminal) එකත් ඒ වගේ.

    ReplyDelete
  30. දෑන් කට්ටියම උදවු කිරිමට බරවෙල නෙ.එක හොදයි අපිත් නොදන්න සයිට් දෑන ගන්නව.ගිහිල්ල බලන්නම්.ශිපින් ගෑනත් නොදන්න දෙවල් තමයි කියලදිල තිබුනෙ හි හි

    ReplyDelete
  31. ඔබ ගෙනා කරුණු කියෙවුවා හැරුණවිට වෙනත් දෙයක් කියන්න තරම් මම වරායේ ඇතුලත ගැන විස්තර දන්නේ නෑ. ත්‍රීකුණාමලයෙන් දවසක් නැවක යන්න හිතුනා. ඒත් ඒ අවස්තාවක් නැතිවූවා.

    ReplyDelete