Thursday, May 30, 2013

පරක්කු වෙච්ච වෙසක් පණිවුඩයක් නොවේ.... ඉල්ලීමක් පමණයි....




පහුගිය දවස් ටිකේ වෙච්ච දේවල් ඔක්කෝම පැත්තකට වෙලා බලං ඉඳලා ඉඳල, අද උදේ තමයි යන්තම් මට පේන විදියට කතාවේ හරි කොණින් අල්ල ගත්ත එකෙක්ව හම්බ උනේ... ... ඒක නිසයිෙම් ලියන්න ගත්තේ... තව උන් ලියන්න ඇති... මට අහුවෙන්න නැතුව ඇති... 


කො‌ෙහාම හරි... මම මේ සිද්ධියෙදි හිටියේ බාලචන්ද්‍රන් ගැන කතා වෙද්දි හිටිය ස්ථාවරය හා සමාන ස්ථාවරයක.... ඒ කිව්වේ මේක කතා කළ යුතු නෑ කියන තැන... සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම වෙන්නේ කොහොමද... ඒක මීනිමැරුමක් ගැන වෙච්ච කතාවක්.. ත්‍රස්තවාදය ගැන වෙච්ච කතාවක්.. මේක එහෙම එකක් නෙවෙයිනේ ..කියලා...

නමුත් මට මේ දෙකේම පුදුමාකාර සමානකමක් පෙනුනා පසු සටහන් වලදි..  බලචන්ද්‍රන්‌ෙග් කේස් එකේදි වගේම මෙතෙන්දිත් බරපතල විදියට ප්‍රශ්න කිරීම් වලට ලක් උනේ එකිනෙකාගේ පෞද්ගලිකත්වයන්.... පහුගිය කාලේ බ්ලොග් පෝස්ට් සහ කමෙන්ට් බැලුවාම කෙනෙකුට මේ බව පැහැදිලිව පේන්න තියෙනවා.... 

කොහොම උනත් පහුගිය අවුරුද්දක කාලය අතුලත වෙච්ච සමාන සිද්දී කීපයක් මට පේනවා.. 

බාලචන්ද්‍රන්ගේ කේස් එක
හලාල් කේස් එක
බොදු බල සේනා කේස් එක
ඉන්දරතන හිමියන්ගේ කේස් එක

මේ කේස් වලදි බරපතල ප්‍රශ්න කීපයක් මම දැක්කා...  

අපේ රටේ මාධ්‍ය වල හැසිරීම
ආණ්ඩුවේ හැසිරීම
සංඝ්‍යා වහන්සේලාගේ හැසිරීම
ප්‍රසිද්ධ ජනමතය ( ස්ටීරියෝටයිප් එක

මාධ්‍ය වල හැසිරීම ගැන කීප දෙනෙක් ලියලා තිබ්බා... විශේෂයෙන් රෑපවාහිනී මාධ්‍ය වල හැසිරීම නම් කණගාටුදායකයි... හැබැයි ඒක ළඟදි ඇති වෙච්ච දෙයක් කියලා වැරදි වැටහීමක් ඇති කර ගත යුතු නෑ...කොහොම උනත් ඒ ගැන මම ආයිත් ලියන්න යන්නේ නෑ... මේ ගැන මාතලන් ලියපු පෝස්ට් එකේ සහ ලැබුන කමෙන්ට් වල හිතන්න දේවල් කීපයක් තිබ්බා.. ස්වර්ණවාහීනී ප්‍රාදේශීය වාර්තාකරු අත්අඩංගුවට ගත්ත කියලා නම් වැඩක් වෙන්නේ නෑ.. වාර්තාකාරයෝ එවන දේවල් සංස්කරණය කරලා, විකාශය කරන්න ඔය චැනල් වල ඉන්න ලොකු පුටු වල ඉන්න අයට සදාචාරයක් තිබිය යුතුයි. ඒත් ඒ අය නීතිය ඉදිරියට ගේන එක නම් මේ කපේට වෙන්නේ නෑ... මං මේ කියන්නේ නිවේදිකාවන්ට සාරි ඇන්දවීමේ සදාචාරය ගැන නෙවෙයි... ලෝකෙම පිළිගත්ත මාධ්‍ය සදාචාර නීති රීති ගැන... ( දැන් අපේ උන්ව කොපි කරලද කොහෙද ඔය නීති රීති දාන්න මුල් උන චැනලුත් අපේ අය කරන විදියටම කරනවා... මල් හතයි... ඒ ගැන ලියන්න වෙනම පෝස්‌ට් එකක් ලියන්න වෙනවා..හි හි) 

ඊළඟ තුනම එකට කතා කරන්න පුළුවන් දේවල්... ඒ කිව්‌ෙව් ඒ ටික ඔක්කොම එකට බැඳලා තියෙන දේවල් ටික හින්දනේ මෙච්චර කතාබහක් ඇති උනේ... සත්ව කරුණාව, හරක් මැරීම, හරක් මස් කෑම, ආණ්ඩුව එළිපිට කරන හොර වැඩ.... කොටින්ම කිව්වොත් ආගම, සංස්කෘතිය සහ ආණ්ඩුවනේ ඔය ඔක්කොටම මුල් උනේ... මට ලියන්න හිතුනේ ඔන්න ඔය ටික ගැන... 


ඔන්න එකෝමත් එක කාලෙක ඉඳලා තියෙන රටක් තියෙනවා... මේ රටේ මිනිස්සු ඉස්සර ඉඳලා බඩගින්නට මීනි මස් කෑවලු... දැන් කන්න වෙන වෙන ජාති තිබ්බත් මේ රටේ ප්‍රධාන සංස්කෘතික අංගයක් තමයි වාර්ෂික මිනී මස් කෑමේ උත්සවය... මේක මේ රටේ වැසියෝ සියලු දෙනාම බො‌ෙහාම සෞභාග්‍යවත් අනාගතයක් වෙනුවෙන් බැතිබරව සමරන උත්සවයක්... ඒ ගොල්ලෝ අදහන ආගමෙත් මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.. 

ඉතිං කාලයත් එක්ක ලෝකෙ දියුණු වෙලා, මිනිහගේ මොලේ දියුණු වෙලා, බඩගින්නට මිනී මස් කන්න ඕනේ නෑ කියලා තේරුම් ගත්තට පස්සේ, මිනී මස් කෑම ලෝක සම්මතයක් විදියට තහනම් කළා.. ( මේක සම්පූර්ණ හිතලු කතාවක්මත් නෙවෙයි කියලා කැනිබලිසම් ( Cannibalism/ anthropophagy ) ගැන දන්න අයට තේරෙනවා ඇති) කාලයක් යනකොට මේ තහනම මිනිස්සුන්ට ජීර්ණය වෙලා දැන් මේක තහනමක් විතරක් නෙවෙයි,  බොහොම පිලිකුල් සහගත වැඩකුත් වෙලා තියෙන්නේ... 

ඉතිං ලෝකෙ නීති ටික ටික අර රට ඇතුලට එනකොට මේ රට ඇතුලේම පිරිසක් කල්පනා කරන්න ගත්තා ඇත්තටම අපි මේ කරන්නේ පිළිකුල් සහගත ක්‍රියාවක්නේ කියලා.. ඒ අය මේකෙන් වැළකෙන්න උත්සාහ කරන්න ගත්තා.. ඉතිං ඔන්න රට ඇතුලේ කොටස් දෙකක් බිහි උනා... අර උත්සවයට සංස්කෘතිකමය සහ ආගමික පිළිවෙතක් වශයෙන් හිතලා සහභාගී වෙච්ච අය සහ දියුණු මොලෙන් කල්පනා කරලා මේකට සහභාගී නොවී ඉන්න අය කියලා... ඔය අතරෙ ඒ රට ඇතුලෙම තව කට්ටියක් හිටියා කන්න කොච්චර ජාති තිබ්බත් එයාලා අර පරණ විදියටම මිනී මස්ම විතරක් කන අයත්... ඒ අය අර ප්‍රධාන සමාජෙන් වෙන්වෙලා ජීවත් වෙන්න පටන් ගත්තා.. රටක් හැටියට වෙන කරන්න දේකුත් නැති නිසා ඒ අයට ඒ විදියට කරගෙන යන්න ඉඩත් දුන්නා... 

දැන් ඔන්න ලෝකෙන් ලොකු විරෝධයක් එනවා මේ රටේ අයගේ මිනීමස් කෑමට... දැන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ.. රටෙන් එක ප්‍රතිශතයක් තර්ක කරනවා අපි දැන් දියුණු සමාජයක්,ගෝත්‍රික විය යුතු නෑ තව දුරටත්, මේක පිලිකුල් සහගත සිරිතක් නිසා නැවැත්විය යුතුයි කියලා... තව කට්ටියක් තර්ක කරනවා සදාචාරාත්මක නීති රීති අනුව ඕනේ දෙයක් කන්න, ඕනේ ආගමක් අදහන්න නීති දාන්න බැරි නිසා මේක තහනම් කරන්න බෑ කියලා.... තව කට්ටියක් උද්ඝෝෂන කරනවා එයාලගේ ජීවන රටාවන් වෙනස් වෙනවයි, මානව අයිතිවාසිකම් කඩ වෙනවයි කියලා... ඔය අතරේ දියුණු මනසක් නැති අය වැඩි නිසා අර ගෝත්‍රික සිරිතට ආයිත් යන්න පටන් ගන්න පිරිස වැඩි වෙනවා... මොකද විචාර බුද්ධියක් නැති නිසා එයාලට තියෙන්නේ කෙනෙක් කරන දේ බලාගෙන ඒකම කරන්න විතරයි.... 

හරි.. කතාව ඉවරයි..ඔතන මිනී මස වෙනුවට කැමති මසක්, කැමති චාරිත්‍රයක්, කැමති පිළිවෙතක් ආදේශ කරගත්තට මට කමක් නෑ... 

දැන් මේ මම කියන්න ගියේ මෙන්න මේකයි... මේ වගේ දේවල් හිතෙන හිතෙන විදියට නීති දාලා, තහනම් කරලා හරි ගස්සන්න පුළුවන් දේවල් වත්, ත්‍රිපිටකෙන්, කුරාණෙන්, බයිබලෙන් ඡේද ගනන් උපුට උපුට, ආගමික ශාස්තෘවරුන්ව කුණුහරුපෙන් පට්ට ගහන්න පටන් අරන් හරිගස්සන්න හරි නවත්තන්න හරි පුළුවන් දේවල් කියලා මම හිතන්නේ නෑ.... මේ වගේ දෙයක් නවත්තන්න ඕනේ නම්, නවත්තන්න පුළුවන් මානසිකව දියුණු වෙච්ච සමාජයක විතරයි කියන එක... එහෙම හිතුවාම මට හිතෙන තව දෙයක් තමයි මානසිකව දියුණු වෙච්ච සමාජයකදි ආගම්, සංස්කෘතීන් වගේ දේවල් වලට ලැබෙන්නෙ අඩු වටිනාකමක් කියන එක.... එහෙම නැතුව තාමත් දියුණු මනසක් නැති සමාජයක්, මේ වගේ ආගමික, සංස්කාතික පැති වලින් නීති දාලා හදන්න ගියොත් අර සමාජය ආයිත් පරණ ගෝත්‍රික මට්ටමටම වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියන එක... පහුගිය කාලේ ලෝකේ සිද්ධ වෙච්ච ඉස්ලාම් ආගමිකයන්ගේ සිද්ධිත්, ලංකාවේ අද වෙනකොට ජනප්‍රිය මතය වෙලා තියෙන බෞද්ධාගමිකයන්ගේ සිද්ධිත් අරන් බැලුවාම මේක පැහැදිලියි කියලා මට හිතෙනවා....  

ආගමික, සංස්කෘතික බැඳීම් වලින් ඇතිවෙන නීති රීති වැඩිපුරම ඕනෙ වෙන්නේ තමන් තුළ ස්වයං විනයක්, ස්වයං පාලනයක් ඇති කරගන්න තරම් දියුණු මනසක් නැති මිනිස්සුන්ට... එහෙම ආගම් ඇති වෙන්නේ ඉඳලා හිටලා බිහිවෙන දියුණු මනසක් තියෙන පුද්ගලයෙක්ගේ පස්සෙන් යන්න තරම් දියුණු මනසක් තියෙන පුද්ගලයෝ නිසා.... එහෙම පස්සෙන් ගිහින් හරියට තේරුම් ගන්න අයගෙත් පස්සෙන් යන අය, ඒ අයගෙ පස්සෙන් යන අය, ඒ අයගේ පස්සෙන් යන අය... කිය කිය ඕක කාලාන්තරයක් යද්දි ආයිත් ඒ දියුණු මනසක් තිබ්බ පුද්ගලයන්ගේ පස්සෙන් යන්නේ දියුණු මනසක් නැති අය.... අන්න එතකොට දර්ශනය ආගමක් වෙනවා.... කොටින්ම කිව්වොත් අන්න එතකොට කෙළ වෙනවා..... ඔන්න ඔහොමයි මට හිතෙන්නේ... 

මේ ගැන තව ලියන්න පැත්තක් තියෙනවා.... 

ඒ තමයි මේ දැන් ඇති වෙලා තියෙන බෞද්ධ, ඉස්ලාම් අන්තගාමීත්වය, විශේෂයෙන් ෆේස්බුක් එකේ වැඩිපුර පිස්සු කෙලින අපේ අවුරුදු 13-20 කට්ටිය හින්දා අපිට ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එක... හැම දෙමලම කොටියෙක් නෙවෙයි කියලා අපේ ඔලුවලට දාන්න අපේ අධ්‍යාපනයට අවුරදු 30ක් ගියා... යන්තම් අපේ පරම්පරාව ඒක තේරුම් අරන් දෙමල, මුස්ලිම්, බෞද්ධ ඔක්කොම සහයෝගෙන් හිටියා.... 

ඔන්න දැන් ඉන්න පරම්පරාව ඉන්නේ ජාතිවාදයෙන් මත් වෙලා නෙවෙයි... ආගම්වාදයෙන් මත් වෙලා... ඒක නිසා මට උපදෙසක් විදියට කියන්න තියෙන්නේ ඔය කිව්ව වයස් කාණ්ඩයේ දරුවො එහෙම ඉන්නවනං පොඩ්ඩක් හොයලා බලන්න එයාලා මේ ගැන මොන වගේ මතයකද ඉන්නේ කියලා.. ඉල්ලීමක් විදියට කියන්න තියෙන්නේ තමන් දරන මතය වෙනුවෙන් විවෘත මනසකින් පෙනී ඉන්න.. ඒ ගැන විවෘත මනසකින් කතා කරන්න... සංවාද වලට එද්දි විවෘත මනසකින් එන්න... සංයමයෙන් තමන්ගෙ මතය පැහැදිලි කරන්න.... අනිවාර්යයෙන්ම දරුවන්ටත් ඒ විදියට කතා කරන්න.... අපි කවුරවත් නොදියුණු මනසක් තියෙන අය කියලා පිළිගන්න කැමති නෑ තමයි... ඒත් අපි ඇත්තටම නොදියුණු සමාජයක් තාමත්... අඩුම ගානේ අපි දියුණු මනසක් සහිත මිනිස්සු වෙන්න උත්සාහ කරමු...


ප/ලි : තව ලියන්න දේවල් තියෙනවා... ඒත් පෝස්ට් එක දැනටත් දිග වැඩියි.. ඒක නිසා නවත්තනවා.. කොහොමත් මට මේ වගේ ඒවා කෙටියෙන්
ලියන්න තේරෙන්නේ නෑ.... මේක කිසිසේත් ලියන්න හිටිය මාතෘකාවක් නෙවෙයි... ඒත් අත කසනවා වගේ නිසා ලිව්වා... දවස් ගානක් හිතලා, කපලා කොටලා ලියලා නෑ... ඒක නිසා සමහර දේවල් ලියවිලා නෑ අන්තිමට...

53 comments:

  1. මං ආගම අදහන්නෙ මගේ මානසික තෘප්තියටයි, ස්වයං විනයක් ඇති කර ගන්නයි විතරයි.. කවදාවත් කිසිම ආගමකට වහල් වෙන්නෙ නම් නෑ...

    හෘද සාක්ෂියට එකඟව හරි කියල හිතෙන දේ කරනවා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කොල්ලෝ කරන්න ඕනෙත්... ඒක නෙවෙයි... පහුගිය ටිකේ පේන්න හිටියේ නැත්තේ මොකෝ.... එග්සෑම්ද...?

      Delete
    2. 24 පෝය දවසෙ ඉඳන් තාමත් කැහැ කැහැ ඉන්නව අෆ්ෆා.. ජරා සෙම හොඳ වෙන්නෙම නෑ..

      අනික ඉතං දවසම A/C එකේ ඉන්නකොට කොහේ සනීප වෙන්නද ? 7 පාරක් බෙහෙත් ගෙනාවා

      Delete
  2. කෙල්ල සෑහෙන දියුණුවෙලා.. ලංකාවේ ෆේස් බුක් එකේ ඉන්න 13-20 අයට වඩා, වැඩිහිටියොයි පිස්සු කෙලින්නේ. උන්ව මොන්ටිසෝරි යවලා ගන්න ඕන ආයමත්. සමහර උන්ගේ වැඩ පොඩි උන් සිහි කරණවා. අන්තීමට පොඩි උන්ට වැරදි කියලා වැඩක් නෑ. ඒ දරුවෝ දරන්නේ දෙමව්පියන්ගේ හා සමාජයේ මතය. කොහොමත් මේ මළ විකාර සමාජය වැඩි කල් පවතින එකක් නෑ. දැන් මේ සක්කිලි ක්‍රමයේ උපරිමයට ඇවිත් තියෙන්නේ. දැන් තියෙන්නේ උන් උන් මරා ගන්න යුගය.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනම් මාතල ඔලුව තියන ගොඩක් උන් facebook යන්නේ නැ වගේම යන උනුත් ඔකේ ස්ටේටස් අප්ඩේට් කරකර ඉන්නේ නැ. උන්ට කරන්න වැඩ තියනවා වගේම ආතල් ගන්න ඕන තරම් වෙන ක්‍රම තියනවා.

      Delete
    2. නාකි ටිකට වෙලා තියෙන්නේ පහුගිය යුද්ධෙ කාලේ තිබ්බ ගතිය නැති වෙච්ච එක මතලන්... උන් ටික මලාට පස්සේ ඔය දැන් ඉස්කෝලේ යන උන් ටිකට තමයි විඳවන්නේ වෙන්නේ දිගට හරහට...

      ඇත්ත නිශාන්ත... ඒක තමයි පොඩි උන් ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනෙත්.. උන්ව එක එකාගේ අදහස් වලට නම්ම ගන්න හරි ලේසියි...

      Delete
  3. ඒ තමයි මේ දැන් ඇති වෙලා තියෙන බෞද්ධ, ඉස්ලාම් අන්තගාමීත්වය, විශේෂයෙන් ෆේස්බුක් එකේ වැඩිපුර පිස්සු කෙලින අපේ අවුරුදු 13-20 කට්ටිය හින්දා අපිට ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එක... හැම දෙමලම කොටියෙක් නෙවෙයි කියලා අපේ ඔලුවලට දාන්න අපේ අධ්‍යාපනයට අවුරදු 30ක් ගියා... යන්තම් අපේ පරම්පරාව ඒක තේරුම් අරන් දෙමල, මුස්ලිම්, බෞද්ධ ඔක්කොම සහයෝගෙන් හිටියා....

    සම්පූර්නයෙන්ම හරි එකඟයි.. එක්තරා පක්ශයක් කොලු ගැටවුන් ඉස්සර්හට දාගෙන කල හන්බ දෙකෙන් උන විනාශෙම තමයි මේ කොලු ගැටවුන් ඉස්සරහට ඇවිත් කරන්නෙත්..

    ReplyDelete
  4. උඹේ අතේ රත්තරන් වළලු දාන්න වටිනවා මේ ලියලා තියෙන ලියවිල්ලට. තමන්ගේ මතේ විතරක් හරි කියලා අනික් මත නොසලකා හරින පිරිසක් මාත් දැක්කා.
    ඒ හාමුදුරුවෝ පෙනී හොටපු කාරණය ඇත්තටම වැදගත් එකක්ද? නැද්ද?, ආගමකට හානියක් උණාද? නැද්ද?, හාමුදුරුවන්ට නිවන් යන්න පුලුවන්ද? බැරිද?, හරක් මස් කෑම හරිද? වැරදිද?, අනික් සත්තු මැරීම හරිද? වැරදිද? කියන ප්‍රශ්ණ රාශියක් මතු උණා. ඒවට උත්තරත් අපි දැක්කා. ඒ සිද්ධියෙන් ගත යුත්ත ගත්තද කියන එකනම් තාම පැහැදිලි නෑ. මම හිතන්නේ වේදිකාවලදී අවශ්‍ය කාලෙට විතරක් එක ගනියි. :D

    දෙමළු කියන්නේ කොටි නොවන අතර, කොටින්ට කත් අදින දෙමළු ඕන තරම් මං දැකලා තියෙනවා. මුස්ලිම් කියන්නේ අන්තවාදීන් නොවන අතරම අන්තවාදයට කත් අදින උනුත් මං දැකලා තියෙනවා. (ඔය ඔක්කොම අපේ පැත්තේ හිටියොත් හොඳින්ම තේරුම් ගත්තැකි.) දැන්වත් අපි කරන්න ඕනි ඇවිලෙන ගින්නට පිදුරු දාන එකද වතුර ගහන එකද කියන එක තේරුම් අරන් වැඩ කලොත් රටට ජාතියට කරන ලොකුම යහපතක් වේවි. හැබැයි ඒක කරන්න ඕනි ඒක පාර්ශවිකවනම් නෙවෙයි. හැම ආගමක්ම ජාතියක්ම එකතු වෙලා කැප වෙලා.

    තව අවුරුදු දහපාළොවකින් මතුවෙන්න තියෙන ගැටලුවක් දැන්ම නියපොත්තෙන් කැඩුවොත්නම් බොහොම වටිනවා. මේ ලිපිය ඒකට පළමු පියවරම නොවුණත් විශාල පියවරක් වෙයි කියලනම් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ටිකක් පැත්තකින් බලං ඉන්නකොට මේක පැහැදිලි අකමෝ... අපේ අය හැමතිස්සෙම අල්ලගන්නේ ප්‍රශ්නේ වැරදි කොණෙන්... ඒකයි ලොකුම අවුල....

      Delete
  5. මට තේරෙන්නෑ ඕයි!!!

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි ඕයි... හි හි

      Delete
  6. ලංකාවේ හිටපු අවුරුදු ගානටම වඩා මොකක්දෝ ලොකු ප්‍රශ්නයක් මට දැන් පේනවා. මට හිතෙන්නෙ පිටින් ඉදන් බලන නිසා වෙන්න ඇති, කොහොම වුනත් ඉස්සරහට එන්න ඉන්න සමාජය හදා ගත්තේ නැත්නම් ලොකු විනාසයක් අත ලගයි කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පිට ඉඳන් බලන අයට මේවා ගැඹුරට පේනවා ඇති නදිනි... හැබැයි ඒක එච්චර ගැඹුරට කාවදින්නේ නෑ...

      Delete
  7. හිරු, මම අදමයි ආවෙ මෙහෙ.

    ඔයා ගෙ අදහසට තව ටිකක් එකතු කරනවනම්, දෙමළු කොටි කියන අන්තවාදය අවුරුදු 30කටත් වඩා පවතින්න මුල් වුනේ, බණ්ඩාරනායකට කෙටි පාරකින් අගමැති වෙන්න තිබ්බ උවමනාව බව අපි දන්නවනෙ. ඔයා හිතන්නකො දැන් ඇයි මේ හලාල් ප්‍රශ්නෙයි, හරක් මරණ එකටයි අන්‍යාගමිකකරණයටයි විරුද්ධව ඇති කරන්න යන ජන රැල්ල පිටිපස්සෙ තියෙන්නෙ මොන දේශපාලන උවමනාවද කියලා. (බොදු බල සේනා රැස්වීම් වලට ආරක්ෂක ලේකමුත් සහභාගී වෙනවනෙ, හැම විරෝධතාවකටම ගහන, වෙඩි තියන ආණ්ඩුව මේ විරෝධතා වලට උදාසීනයි නෙ) මට මතුකරන්න ඕනෙ උනේ ඒකයි.

    ලයිට් බිලෙන් ආණ්ඩුවට දැනෙන බලපෑමක් කරන්න පටන්ගන්න කොටම හෙළඋරුම පලාත් සභා මන්ත්‍රී කෙනෙක් ගිණිතියාගන්නව, නිකනුත් නෙවෙයි හැමෝම දැනුවත් කරලා. ඊටපස්සෙ එයාගෙ දේහය ගැන පෙළපාලි ගිහිං මස්කඩ වලට ගහනවා.

    කුපිත ජනබලය දේශපාලනයට හරි ප්‍රයෝජනයි. බෙදා වෙන්කර පාලනය කිරීම හරිම ලේසියි. අපේ මුල්ම වගකීම හුළං හමන්නෙ කොහෙන්ද කියලා තේරුම්ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ගොඩක් දේවල යටින් දුවන්නේ දේශපාලනික අරමුණු තමයි ඩ්‍රැකී... හැබැයි අපි දැනගන්න ඕනේ වැඩිපුරම තර්ජනයක් තියෙන අරමුණ තේරුම් ගන්න... මොකද දේශපාලකයෝ කියන්නේ මේ රටට වත් මිනිස්සුන්ට වත් ආදරේට බලය ලබාගන්න හදන ජාතියක් නෙවෙයි... පහුගිය දේශපාලනික ඉතිහාසය ගැන හොදට බැලුවාම.... උන් අපිව නටවනවා වෙනුවට අපි උන්ව නටවන්න නම් අපි මේවා තේරුම් ගන්න ඕනේ....

      Delete
  8. සත්ත්ව මාංශ ආහාරයට ගන්න එක මිනී මස් කන තරම් කවදා හෝ යම් මතු අනාගතයක ,පිළිකුල් සහගත වේවි කියලා විශ්වාස කරන්න අමාරුයි නේද හිරු අක්කේ ...එහෙම මානසික දියුණුවක් මේ සමාජේ ඇත්තටම ඇති කරන්න පුලුවන්ද ?පුලුවන්නම් එක කොයිතරම් දෙයක්ද ?කොහොම වුනත් ඔයාගේ ලියමන ගොඩක් වටිනවා !එකේගත යුත්තක් ඇත්තටම තියනවා හිතනවනම්

    ReplyDelete
    Replies
    1. මිනී මස් කන එකත් මේ වගේ තමයි රෙහානි මීට කාලෙකට කලින්... දැන් අපිට ඒ තත්වෙ අමතකත් වෙලා... ඒක තමයි වෙන්න ඕනෙත්... මස් වලින් ලැබෙන රසය, ගුණය වෙනුවට ඒ හා සමාන ආදේශක එද්දි මිනිස්සු තේරුම් අරන් මස් කන එක නවත්තාවි.. හැමෝම නොවුනත් වැඩි දෙනෙක්.. දැනට අපි තාමත් ඒ තැනට ඇවිල්ලා නෑ...

      Delete
    2. මස්වලට ආදේශක ඕන නෑ අනේ. දැන් දැන් මස් මාළුවල ගනන් ඇහුවම සාමාන්‍ය මිනිස්සු කොහොමත් නිර්මාංශයි.

      Delete
  9. එනපොට නම් හොඳම නැත කියලයි මටත් හිතෙන්නේ . මුණු පොතේ නම් මන් ආස්ස්රය කරන්නේ ටිකක් ඔලුව තියෙන උන් නිසා මට නම් වැඩිපුර කුණු ගොඩවල් දකින්න වෙන්නේ නැහැ . දැක්කත් අහක බලන් ඉන්නව . හැබැයි ඒ ඉතින් අපි ගිනි පෙනෙල්ලේ හැටි දන්නා නිසා . අර කිවා වගේ අලුත් පරම්පරාව ගැන තමයි දුක . මේවා අවුළුවන්නේ 13 20 ළමයි නෙමේ .. ශරීරයෙන් විතරක් වයසට ගිය මොලේ මෝරපු නැති අලි බබාලා වෙච්චි කොට ළමයි පරිස්සන් කර ගන්න වෙන්නේ දෙමපියන්ටම තමයි .

    ReplyDelete
    Replies
    1. අවුලවන්නේ යුද්ධෙ නැතුව පාලුවෙන් ඉන්න අය බින්දි.. හැබැයි විඳවන්නේ එන්න ඉන්න අය.. ඒකයි තේරුම් ගන්න ඕනේ.. අඩුම ගානේ තමන්ගෙ ළමයි එක්ක එයාලා මේ ගැන දරන අදහස් ගැන කතා කළොත් එයාලට තේරුම් කරලා හරි දෙන්න පුලවුන්.... ඒත් දැන් ඉන්න දෙමවුපියන්ටත් මේවා කතා කරන්න තරම් වෙලාවක් නෑ බොහෝ දුරට...

      Delete
  10. දැන් එන්න එන්න ඇතිවේගෙන එන තත්වයනම් සුභ නැහැ හිරුවෝ .. තියෙන ගැටළු ලිහනවා වෙනුවට තවත් ගැටළු අලුතින් එකතු වෙන තැනටයි රටේ බුද්ධි මතුනුත් වැඩ කරන්නේ ...

    ReplyDelete
  11. මම බෞද්ධයෙක් හැටියට අනික් ආගම් වගැන කතා කිරීමේ සදාචාරාත්මක අයිතියක් නැහැ කියලා හිතෙන්නේ. නමුත් බුදු දහම යනු අන්තවාදී දහමක් නොවන් බව සැම බෞද්ධයෙක්ම මුලින්ම දැනගත යුතු වෙනවා. බෞද්ධයන හට අසාධාරන කම් වන විට නිහඬව සිටිය යුතු යයි මින් අදහස් නොකරන අතර අන්තගාමි වීම පැහැදිලිවම පුතික්ෂේප කරනවා.

    පළමු කොට අප කලයුතු වන්නේ ධර්මයෙහි නියම අර්ථය වටහාගෙන ඒ අනුව කටයුතු කිරීමයි. බුදුරජානන් වහන්සේ ගිහියන්ගේ නිත්‍ය සීලය ලෙස දක්වා ඇත්තේ පංච සීලය පමණයි. මෙයට අලුතින් යම් යම් සීල වෘත එක් කිරීම් ධර්ම විරෝධී වන අතර, තෙරුවන් ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා. (ඒ ගැන පහදී කීමක් පසුව පොසේ එකකින් කරන්නම්)

    ධර්මයෙහි නියම අර්ථය යටපත් වීමෙන් විශාල හානියක් සිදුවිය හැකි බැවින්, අපි අපගේ මත වාදයන් වල නොසිට බුදු දහම තේරුම් ගැනීම වඩා වැදගත් වෙනවා.




    ReplyDelete
    Replies
    1. ආයිලාෂ්ගේ පෝස්ට් ටික මං කියවනවා...

      Delete
  12. ඈ යකෝ හි හි ගගා හිටිය හිරුවද මේ. අපේ මහත්තයා කෙල්ලගේ මොලේ ඉහළ තත්ත්වයකට ගෙනල්ලනේ. නියමයි ලිපිය.

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයට නම් මේකේ කිසිම ක්‍රෙඩිටි එකක් නෑ නලීන් අයියේ... හි හි

      Delete
  13. අපිට වඩා කේන්ති යනවනේ.
    ගොඩක් කරුනු අඩංගු සාර්ථකව ලියවුනු ලිපියක්.

    ReplyDelete
    Replies
    1. හි හි... කේන්ති නම් නැත....

      Delete
  14. අගේට ලියල තියනවා හිරු,
    / ආගමික, සංස්කෘතික බැඳීම් වලින් ඇතිවෙන නීති රීති වැඩිපුරම ඕනෙ වෙන්නේ තමන් තුළ ස්වයං විනයක්, ස්වයං පාලනයක් ඇති කරගන්න තරම් දියුණු මනසක් නැති මිනිස්සුන්ට/
    මේ ටික කියවන කොට නම් අදිකාරම් මහත්තයා කියූ දේවල් මතක් වුනා
    /ඒත් අපි ඇත්තටම නොදියුණු සමාජයක් තාමත්/
    මේක පිළිගන්න පුළුවන් කොන්දක් තියන එකත් ලොකු දෙයක් දැන් කාලේ හැටියට

    ReplyDelete
    Replies
    1. වැරැද්ද පිළිගන්න කොන්ද පන නැති එකත් ලොකු ප්‍රශ්නයක් තමයි....

      Delete
  15. මෙයා මේ බරසාර කතන්දර ලියන්න පටන් අරගෙන නේ ඒ පාර. ඕවට ඔත්තර දෙන්න ගියොත් මෙතන කමෙන්ට් එක වරුවක් කොටන්න වෙනව. ලේසියෙන්ම උත්තරයක් දෙනව නම් අපේ රටේ තියෙන්නෙ අංගවිකල වෙච්ච විකාර සමාජයක්. හැම ක්‍ෂේත්‍රයකම ඒ ලක්‍ෂණ අඩුවක් නැතුව තියෙනව.

    ReplyDelete
    Replies
    1. පැනලා ගිහින් මෙයා... හි හි

      Delete
    2. නැතුව අනේ ඔයා මං වෙනුවෙන් මේ කීබෝඩ් එකට කොටනවය. දැන් මම ඔය විවාදාපන්න කතා අස්සට රිංගීමෙන් වැළකිල සිටින්න තමා අදහස් කරගෙන ඉන්නෙ. මට කම්මැලියි වාද කර කර දිගින් දිගට කමෙන්ට් කොටන්න.

      Delete
  16. කාලෙකට පස්සෙ හිරු ලියපු හොඳ පෝස්ට් එකක්.සම්පූර්ණයෙන්ම එකඟයි.

    ප.ලි. මේ පෝස්ට් එකෙ මැදටත් "හි...හි" දැම්මනම් මේකෙනුත් වැඩක් නෑ.(තමන් කියන දේට තමන්ම හිනා වෙනවනම් අනිත් අය ඒක නිසි බරින් ගන්නෙ නෑ)

    ReplyDelete
    Replies
    1. හිනාවන්න ඕනේ තැනදි ලෝබ නැතුව මං හිනාවෙනවා සුමිත් අයියේ... ඒත් මේවට නම් හිනාවෙන්න පුළුවන් තත්වයක් නෑ දැන්....

      Delete
  17. අම්මෝ උඹත් දන්න ජාති

    ReplyDelete
  18. මේකට කෙටියෙන්ම කියන්න පුළුවන් පැරණි සිංහල කියමනක් තියෙනවා.

    "පන්සලේ ලොකු හාමුදුරුවරු හිටගෙන චූ කරනකොට, සාම්නේරලා දුව-දුව චූ කරනවා" කියන එක.

    හැබැයි උපහැරනේ හාමුදුරුවරු හිටියට හාමුදුරුවරුන්ම කියලා හිතන්න එපා. සමස්ත වැඩිහිටි සමාජය ගැනමයි මේ කියන්නේ. යමක් කමක් තේරෙන වැඩිහිටියන් වශයෙන් අපි හැගීම් වලට වඩා බුද්ධියට ඉඩ දී කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි නීතියත්. නීතිය අතට ගෙන කටයුතු කරන ඇයට දඬුවම් කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මන් අහලා තියන විදිහට ඔහොම නෙවේ "ගුරා හිටගෙන කරන කොට දුව දුව කරනවා" කියල

      Delete
    2. එක එක වර්ශන් තියෙනවා නේ ඕවයේ....

      Delete
  19. කියෙව්වට මොන විදියේ කමෙන්ට් එකක් දාන්නද කියලා හිතාගන්න බෑ අප්පා.

    // නවත්තන්න පුළුවන් මානසිකව දියුණු වෙච්ච සමාජයක විතරයි කියන එක... එහෙම හිතුවාම මට හිතෙන තව දෙයක් තමයි මානසිකව දියුණු වෙච්ච සමාජයකදි ආගම්, සංස්කෘතීන් වගේ දේවල් වලට ලැබෙන්නෙ අඩු වටිනාකමක් කියන එක.... එහෙම නැතුව තාමත් දියුණු මනසක් නැති සමාජයක්, මේ වගේ ආගමික, සංස්කාතික පැති වලින් නීති දාලා හදන්න ගියොත් අර සමාජය ආයිත් පරණ ගෝත්‍රික මට්ටමටම වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියන එක...//

    කියන්න ඕන ඔක්කොම මේ ටික ඇතුලේ තියනවා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මාත් ලියන්න හිටිය එක්ක නෙවෙයි සයුරි මේ... ගොඩක් මේ ගැන කතා කරන තැන් වලදි මාත් කට පියං එන එක තමයි කරන්නේ....

      Delete
  20. මට හිතා ගන්න අමාරුයි මේ හිරුගේ හරිම මතයද කියලා. ඔයා අනිත් සයිට් වල සමහර පොස්ට් වලට දාල තියන කොමෙන්ට් එක්ක බලන කොට මට නම් හිතෙන්නේ මඩේ හිටවපු ඉන්නක් වගේ කියලා. ඒ ඒ කාලෙට ඒ ඒ සිද්දි වලට පරස් පර මතයන්. තරහා වෙන්න එපා මම දැක්ක දේ ලීවේ.

    උඩින් උනේ වැරදීමක් මේ කොමෙන්ට් එක වැරදි තැනකට වැටුනේ දැන් ඔන්න හරි

    ReplyDelete
    Replies
    1. සිද්ධීන් අනුව, කාලය අනුව, අත්දැකීම් අනුව තමන් දරන අදහස් වෙනස් වෙන්න පුළුවන් නිශාන්ත... අනිත් එක සාකච්ඡා වලින්, සංවාද වලින් කෙනෙක්ගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්... ගොඩක් තැන් වලදි මම අනිත් අයත් එක්ක පැටලෙනවා ඒ ඒ මතෘකා වලට අදාළව සංවාද වලට... ඒ මට නොපැහැදිලි තැනක් පැහැදිලි කරගන්න ගොඩක් වෙලාවට... මම මගේ මතය හරියටම හරි, මම මේක මළත් වෙනස් කරන්නේ නෑ කියලා තැන ඉන්න කෙනෙක් නෙවෙයි... කෙනෙක් මගේ අදහසක් වැරදියි කියලා මට පැහැදිලි කරලා දුන්නොත්, එයා කියන දේ හරි කියලා මට තේරුණොත් මං මගේ අදහස වෙනස් කරගන්න ලෑස්තියි.... අනිත් එක මේ කිසිම දෙයක් මගේ මතයන් නෙවෙයි... මං දරන අදහස්, මම දකින අහන දේ ගැන මට හිතෙන දේවල් විතරයි....

      මතයන් ගැන කිව්වොත්, මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය ගැන මගේ මතයේ වෙනසක් නෑ, බුද්ධාගම, බුද්ධ දර්ශනය ගැන මගේ මතයේ වෙනසක් නෑ... යම් යම් මාතෘකා වලදි මේවට සම්බන්ධ අදහස් වෙනස් උනත්, ප්‍රතික්‍රියා වෙනස් උනත්, කොතනදි වත් ප්‍රධාන මතය වෙනස් වෙලා නෑ තාමත්...

      Delete
  21. මම දකින හැටියට ලංකාවේ මාධ්‍යකලාවේ අලුත් ට්‍රෙන්ඩ් එක තමයි පුවත් මැවිම. ඉතාම නොවටිනා දේ වුණත් විකුණන්න පුලුවන් යුගයක්.

    ඔබ ඔය ඉහත සඳහන් කර ඇති පුවත් සිතයේ උණුසුම් පුවත් වුණා. ඒ විදියටම එළඹෙන සතියෙත් ඒ විදියටම පුවත් මැවේවි. ඒවා හරි හෝ වැරදි උණත් උනුස්ම් පුවත් වේවි.

    ඔය ආගම් වාදය වුණත් තාවකාලිකයි.

    අනෙක් අතට facebook එක භාවිතා කරන්නේ වැඩිම වශයෙන් ‍යොවුන් වයසේ අය. ඒඅය ඇතැම් වෙලාවට ජනමතය උනුසුම් වෙන්න පුවත් සටහන් කරලා කමෙන්ට් අපේක්ෂා කරනවා. ඒ හරහා පොඩි ත්‍රිල් එකක් ගන්නවා

    ReplyDelete
    Replies
    1. ත්‍රිල් එක වැඩි උනාම තමයි කෙල වෙන්නේ අයියේ.... ඒකයි බය...

      Delete
  22. ඔය හැමතැනකම තියෙන්නෙ දේශපාලන බළල් හස්ත...

    ReplyDelete
  23. මටනම් බර වැඩී මේවා...!හිතන්න නම් ඕන තමා...ඒත් මට බෑ..!
    උඩින් සිරා කියල තියෙන කාරනාව නම් ඇත්ත.

    ReplyDelete
  24. බොහොම හොඳ ලිපියක් හිරු... මේ ගැන මගේ අදහස දක්වන්න හිටියත්, අධික වැඩ නිසා කොරගන්න බැරි උනා... තාම බැහැ ඉතිං... ඒ නිසා බැලුවා කියලා ලියලා යන්න ආවේ...

    ReplyDelete
  25. අපට ඔළුවක් දීලා තියෙන්නේ ඉතින් තමන් හිතලා මතලා වැඩ කරන්න නේ. වටින ලිපියක්. වෙලාවක මේ පැත්තේ එන්න. http://kurutugegeepota.blogspot.com/

    ReplyDelete