Tuesday, May 21, 2013

පන්දාහ




අලුත්ම රුපියල් පන්දාහේ නෝට්ටුව හැට්ටය තුළ රුවා ගත්තේ වැඩි පරිස්සමටය.

මතක හැටියට මේ මෙතෙක් කාලයකට ඇයට පඩි සල්ලි සඳහා ලැබුණ එකම පන්දාහේ නෝට්ටුව වේ. ඒ නිසා ඈ එය එසේ ප්‍රවේසම් කළේ තරමක ආඩම්බරයකිනුත් යුතුවය. 

විස්සේ කොලෙත් එකයි, පන්සියේ කොලෙත් එකයි, පන්දාහෙ කොලෙත් එකයි... යන්තම් එහෙට මෙහෙට උනොත් අලි පාඩුවක්... අනේ මන්දා .. මේවා එකම විදියට ගැහුවාම මාරු වෙනවා කියලා මේ ලොකු මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මන්දා... 

මේ සල්ලි කොලේ ගෙදර ගිහින් වෙනදා තියන තැන් වල තියන්න නරකයි... හදිසියේ එතනින් ගන්න වෙලාවක හරි මාරුවෙලා ගියොත්... මේක හංගලාවත් තිබ්බොත් ඉතුරු කරගන්න පුළුවන් වෙයි... 

හැම මාසයකම පඩියෙන් කීයක් හරි ඉතුරු කරගැනීමට දත කෑම ඇයට අලුත් දෙයක් නොවේ. ඒ සඳහා තමාවම රවටා ගන්නා ක්‍රමද ඇයට ඕනෑ තරම් තිබේ. කිසිවෙකුත් නොදන්‌නා, අත නොගසන තැන්වල, එනම් තුනපහ බෝතල් අතර, අල්මාරියේ යට ඇඳුම් අතර, අත දිග හරියේ බිත්ති මුල්ලක රිංගවා තැබිය හැකි කුඩා ප්ලාස්ටික් ඩප්පිය ඈ යොදා ගන්නේ මේ කාර්යය සඳහාය. එසේ සැඟවූ නෝට්ටුව අමතක වූ බවක් හඟවමින් වැඩ කිරීම ඇයගේ ප්‍රියතම හිත රවටා ගැනීමේක්‍රමවේදයයි.

මෙතෙක් කාලයකට එම ක්‍රමවේදයෙන් පලක් නොවුනේ මාසය අඟ වන විට දැනෙන්නට පටන් ගන්නා අඟහිඟකම් නිසා නොකැමැත්තෙන් හෝ සැඟ වූ සල්ලි ටික වියදම් කිරීමට සිදුවන නිසාවෙනි. 

එහෙත් මෙවර නම් මේ නෝට්ටුව ඉතිරි කරගැනීමේ ඇගේ අධිෂ්ඨානය දැඩිය.

කොහොම හරි ‌මේක ඉතුරු කරගත්තොත් ලබන මාසේ තව කීයක් හරි දාලා ඇදුම් ටිකක් ගන්නෝනේ... කොල්ලට පන්ති යන්න තියෙන්නෙ එක ඇදුමයි.. ඌ හිඟන්නා වගේ ඒක ඇන්දම... හෝදලා හෝදලා වැරහැලි වෙලා... ඌට ඩෙනිම් කලිසමකුයි ටී ෂර්ට් දෙකකුයි අරන් දුන්නොත් අවුරුද්දටම ඇති.. තාත්තණ්ඩිටත් සේල් දාපු තැනකින් අඩුවට වත් සපත්තු දෙකක් අරන් දෙන්න ඕනේ... මේ පාර අඩිය ගහන්න අරන් ගියාම මටම ලැජ්ජයි.... එයාගේ බැනියම් ටිකත් හොඳටම ඉරිලා... පවු අහිංසකයා... කොච්චර අඩුපාඩු තිබ්බත් චවනයක්වත් කියන්නේ නෑ... 

ගේ කෑල්ල හදාගන්න ගත්තු ණය ටික ගෙවලා ඉවර වෙලා බිල් ටික ගෙව්වම එයාගේ පඩියෙ ඉතුරුවක් නෑ... මාසෙට ඕනේ හාල්, සීනි,පිටි ටික ගෙනල්ලා, මාසේ ගමන් වියදම් ටික වෙන් කළාම අතේ ඉතුරු වෙන්නේ සොච්චමයි... අද පඩිය ගෙදර ගෙනිහින් හෙට ඉඳලා බඩේ ගින්දරින් ඉන්න එපැයි.... අසනීපයක්වත් හදිස්සියේ හැදුනොත් කාට හරි ණය වෙන්න වෙනවා... මේ පන්දාහ හරි බැංකුවේ දාගත්තොත්.... එහෙනං ටික කාලෙකට හරි හිත නිදහස්... 

බසයේ අසුන්ගත් වෙලේ සිටම ඈගේ හිතේ පන්දාහ වියදම් කිරීමට ක්‍රම සීයක් පමණද, ඉතුරු කිරීමට ක්‍රම දහයක් පමණ සඳහාද සැලසුම් සකස් විය. 

ගෙට ගොඩවන විට දරුවා සිටියේ පාඩම් කරමිනි. ඒ දැක අගේ දෙනෙතට කඳුළු බිඳක්ද, දෙතොලතරට සිනා පොදක්ද නැඟුනි. 

තේ එකක්වත් හදා ගත්තේ නැද්ද පුතේ... 

මං හදාගත්ත අම්මේ... තාත්තා කිව්වා රෑ වෙනවා කියලා එන්න.. ඒක නිසා මං කඩෙන් පාන් ගෙඩියක් ගෙනාවා...

ඇයි ළමයෝ... බත් කටක් කෑවනං මොකද වෙන්නෙ... පාන් ගිලල වැඩක් තියෙනවද...

ඈ එසේ කීවද පාන් ගෙඩියක් තිබීම ඇයට සහනයකි. මහන්සිය වැඩිකමට උයන දෙයක් කෑමට වත් පිරියක් නොමැති නිසා බොහෝ විට ඈ නිදාගත්තේ නිරාහාරවය. අද එයටත් වඩා සහනය සැමියාට අතිකාල සේවය සඳහා මේ මස යම් මුදලක් අමතරව ලැබිය හැකි බැවිනි. 

අම්මෙ... ආච්චම්මා කතා කළා හවස...

ඉතිං... මොකෝ කිව්වේ.... 

නිසංසලා අක්කගේ වෙඩින් එක තියෙනවලු මේ මාසේ... 25 වෙනිදා... 30 වෙනිදා අනිත් එක... මේ ඉරිදා මඟුල් කියන්න එනවලු... එතකොට පරක්කු නිසා ආච්චම්මා කෝල් කරල කිව්ව...

හ්ම්ම්.. එහෙමද... ඒකත් හොඳයි...

එසේ කියමින්ම කාමරයට ගිය ඈ හැට්ටය අස්සෙන් පන්දාහ අතට ගත්තාය. 

එහෙනං තාත්තට සපත්තු දෙක මේ මාසෙම ගන්න වෙනවා... මට නම් සාරියක් හොයාගන්න බැරියැ... යන්න එන්න ගමන් වියදම් වලටත් හොඳ ගානක් යනවා... පන්දාහ මදිවෙයිද මන්දා... කමක් නෑ.. එහෙම උනොත් කාගෙන් හරි ණයක් ගන්නවා... මට ලොකු දෙයක් කරන්න බැරි බව අයියලා දන්නවනේ... 

ඈ යලිත් රුපියල් පන්දාහේ නෝට්ටුව නමා රෙදි තට්ටුව අතරේ ගැසුවේ ප්‍රවේසමටය. 

74 comments:

  1. හ්ම්ම්ම්...ලංකාවේ 5000න් මොනවා කියල කරන්නද ඉතිං...ඉලව් මඟුල් වලටම මාසෙකට එච්චර යනවා....

    ReplyDelete
    Replies
    1. ඊට වැඩිය යනවා නාඩියෝ... මඟුලක් කියන්නේ අඩුම ගානේ 5000ක් යන වැඩක්.. තෑග්ගක් වත් අරගෙන ගමන් වියදමුත් එක්කම... ඒ අතරට අලුතින් ඇඳුමක් එහෙම ගන්න උනොත් ඉතිං විනාසයි...

      Delete
  2. අර ලොකු මහත්තුරුන්ට ඔය නෝට්ටු වල තියෙන අඩුපාඩු පේනවනං ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උන්ට ඕවා පේන්නේ නෑද්ද මන්දා බං....

      Delete
  3. ඕක තමයි අපි හුඟ දෙනෙකුගෙ ඇත්ත කතාව හිරු.

    ඔය සල්ලි කොල ඔක්කොම එක ගානට ගහන එකට මම විරුද්ධ නෑ හිරු. ඇත්තෙන්ම ඩොලර් එකේ ඉඳලා සීයට එනකල් නෝට්‍ටු එකම සයිස්. එකම පාට. ජනාධිපති විතරයි වෙනස්. ඒක වොලට් එකේ දාලා තියාගන්න පුලුවන් ගනට හදලා තියෙන්නෙ. යුරෝ එහෙම නෑ.. තියාගන්න ගියාමත් මල ඇනයක්. ලොකු නෝට්‍ටු වොලට් එකෙන් එලියටත් පනිනවා.

    ReplyDelete
    Replies
    1. සල්ලි කොලයක් කියන්නේ මිනිස්සුන්ට පුරුදු වෙන්න කාලයක් යන එකක් ඩූඩ් අයියේ.. දැන් අවුරැදු 10ක විතර ඉඳලා සල්ලි කොල එක එක පාට වල, එක එක සයිස් වලට කීප පාරක්ම මාරු උනා... අපේ රටේ මං දන්න විදියට දැනට සංසරණයේ තියෙනවා 1000 කොල ජාති තුනක්... 2000 එකක්... 200 එකක්... 10, 20, 50 ,100, 500 ජාති දෙක ගානේ... ඕකෙන් 20 සහ 500 කොල දෙක එකම පාටවල්... එකම සයිස්..

      Delete
    2. හිරූ සමීක්ෂණයකුත් කරලානේ.ඒක නම් ඇත්ත තමයි.

      මම කිව්වේ ප්‍රමාණය ගැන විතරයි.

      Delete
  4. යාංතමට මාසෙ ගැට ගහගන්න මිනිස්සු විදින දුක .. ඒ මානසික පීඩාවම කොයි තරම්ද? ලොකු මහත්තුරුන්ට ඔය කොයිකත් තේරෙන්‍නෙ නෑ ඉතින්..

    ReplyDelete
    Replies
    1. තේරෙන්නේ නෑ තරූ.. ඒකනේ මේ රැපියල් 1000කින් ලයිට් බිල වැඩි කරලා, ඒක ගෙවන්න මේ රටේ මිනිස්සුන්ට පුළුවන් කියලා කියන්නේ ස්ටේජ්වල නැගලා....

      Delete
  5. ලංකාවේ ඉන්නකන් නම් මමත් ඔය විදිහට හංගන්න හැදුවට ඒක මමම හොරාගන්න එක නවත්තන්න බැරි උනා.. ඉතින් වැඩේ අත ඇරල දැම්මා... මෙහෙදි නම් ගත්ත ගමන් එකවුන්ට් එකට දාන නිසා මොනවහරි ඉතිරි වෙනවා..

    ReplyDelete
    Replies
    1. මං ගෙදර ඉන්න කාලේ ඔය වැඩේ කළා.. ඒත් දැන් නම් බෑ... හි හි

      Delete
  6. රුපියල් 5000 ක මොනව ඉතුරු කරන්නද මේ කාලෙ හැටියට.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ප්‍රසා අයියේ...

      Delete
  7. අපරාදේ මාස දෙකක් කන්න තිබුනා.. බුරි උල්වෙන්නම..

    ReplyDelete
    Replies
    1. තනියෙන් කනවනම් මාස 8 ක්, මතක නැද්ද බන්දු සීයා කිව්වේ, රුපියල් 2500 කින් හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලනේ,

      Delete
    2. ඇයි බං අර එදා අවුරුදු උත්සවේ දවසේ එක බ්ලොග් කාරයෙක් බනිස් ගෙඩි 6ක් කෑවා මතකද , ඒ යකත් කියුවනේ 2500කින් මාසෙම කාලා ඉන්ට හැකිය කියලා , මම නං එදා හිතුවා ඌ දිහා බැලුවහම ඒක ඇත්ත තමා කියලා . ඇයි බං ඉතින් ඔහොම යන යන තැන් වලින් අනුන්ගේ එව්වත් එක්ක කෑවහම ගෙදර ලිප පත්තු කරන්ඩ ඕනද ,

      Delete
    3. අර අහිංසක මාරයට ගහන මඩ මේවා..මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ

      Delete
    4. මම නම් හිතන්නෙම බන්දුල ලොක්කා ඔය කතාව කිව්වේ 2500හෙන් ජීවත් වෙලා, ඉතුරු උවමනා එපාකම් වලට හොරකම් කරපල්ලා කියලා... හි හි

      Delete
  8. හැම මාසෙම මෙහෙම තමයි.අපි කන හැටි ලිපා දනී කිව්වලු... inna එikakin ennam.meke sinhala awul ඇlaa wage...

    ReplyDelete
    Replies
    1. දුප්පත් මිනිහගේ පොකට් එකට හැමදාම වෙන්නේ ඕක හිරු.ඒ වගේම මම දුප්පත්ව ඉන්න තාක් මම කියවන්නෙත් මේවා ගැන.මට යහමින් සල්ලි තියේ නම් මම කියවන්නේ වෙන දෙයක් ගැන. ( සංචාරයක් යන හැටි , කොහෙද යන්නේ , මොකක්ද හොඳ හෝටලේ වගේ.)

      එකම මනුස්සයා තුල ඔය දෙන්නම ඉන්නවා හිරු..ඔයාගෙත් ඉන්නවා මගෙත් ඉන්නවා අනිත් අයගෙත් ඉන්නවා...

      Delete
    2. දුප්පත්, සාමාන්‍ය මිනිහා හිත හිත දුක්වෙන්නේ තමන්ගෙ ගෑණිගෙයි තමයන්ගෙයි බඩට තුන් වෙල දාගන්න එක ගැන, ළමයගේ බඩට පොෂ්‍යදායී දේවල් ටික දාගන්න එක, ළමයව ඉස්කෝලෙකට දාගන්න එක, ඉහට වහලක් ගහගන්න එක ගැන.... ඒ කියන්නේ මූලික මානව අවශ්‍යතා ටික සපුර ගන්න.... එහෙම බැලුවාම ලොකු මිනිහා හිතන දේ ගැන අපි මොනවට සංවේදී වෙන්නද සහන්.... සම්පත් සීමිතයි අවශ්‍යතා අසීමිතයි කියලා ඉකෝන් වලටත් උගන්නනවා තමයි.... ඒත් මුලික අවශ්‍යතා ටික ගැන, සුපිරි අවශ්‍යතා වල ගානට දාලා හිතන එක අසාධාරණයි කියලා මට හිතෙනවා....

      අපේ රටේ තුන් වෙල නැතත් දෙවේලක් හරි හාල් හුණ්ඩුවක්, අලයක් කොළයක් තම්බගෙන ළූණු ගෙඩියක්, පොල් ටිකක් ගාගෙන කන්න දේවල් තියෙන නිසාත්, ඉහට වහලක් නැති උනත් ඉටි රෙද්දක් හරි පොරෝ ගෙන සීතලේ නොමැරී ඉන්න පුළුවන් දේශගුණයක් තියෙන නිසත් සෝමාලියාවේ ඉතියෝපියාවේ, ඉන්දියාවේ වගේ මිනිස්සු මැරෙන්නේ නැති නිසා තාම රටක් විදියට ලැජ්ජ වෙන්නේ නැතුව ඉන්නවා.. බැරි වෙලා හරි ඔය කියපු ටිකත් මෙහෙ නැති උනා නම් අද මේ රට ඉතියෝපියාවට, සෝමාලියාවට අන්ත වෙලා....

      Delete
  9. හත්වලාමයි දැන් පන්දාහටත් නෝට්‍ටුවක් තියෙනවද ?රුපියලේ වටිනාකම ඉහල යන විදිහට ඉක්මණටම දහදාහෙ එකත් ගහන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. ඇ අයියේ ඇත්තටම දන්නේ නැද්ද දැන් ගොඩක්කල්නේ

      Delete
    2. හා.. තියෙනවා තියෙනවා අයියේ... මළ වදයක්... ඉස්සර බස් වල 100ක් දුන්නම මාරු නැතුව නහයෙන් අඬනවා වගේ දැන් කඩ වලට 5000 දුන්නම නහයෙන් අඬනවා.....

      Delete
    3. මං ඒකාලෙ අයිස් ක්‍රීං ගන්න කඩේකට ගොඩ වුනාම එකේ මුදලාලි මෙහෙම කියනවා අහගෙන..

      "සරත් කියනවා දැන් ලංකාව දැකල ඌට පිස්සු හැදෙනවලු.... අරවද, මේවද, රුපියල් පහේ කාසිද ....."

      පාටයි සයිස් එකයි නිසා ඒ රුපියල් පහේ කාසියත් හෙන කොන්ට්‍රවර්ෂල් ඒ දවස් වල ...

      Delete
  10. ඕක එච්චර සංවේදී නෑ හිරු..හේතුව අපිකාටත් පොදුඅත්දැකීමක් නිසා.

    මටත් මේ මාසෙම මගුල් ගෙවල් නිසා..කෙලවෙලා ඉන්නෙ. ඒ අතරෙ ඇඳුනුත් ගන්න උනොත්, බඩුම තමා.
    ඇත්තටම බන්දුල මහත්තයගෙන් ඇහැව්ව නම් හරි දැන් එක්කෙනෙකුට මාසයක් කන්න කීයක් යනවද කියල..?

    ReplyDelete
    Replies
    1. හැමෝටම පොදු දෙයක් නිසා තමයි ඇත්තටම සංවේදී විය යුතු වී.. අපේ රටේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ හැමෝටම තියෙන ප්‍රශ්න සාමාන්‍යකරණය වෙලා ‌අඩු ප්‍රතිශතයකගේ ප්‍රශ්න ලොකුවට පෙන්නන එක....

      Delete
  11. වැරදිලාවත් පන්දාහ සීයේ කොළ වලින් තිබුනානම් මේ වෙනකොට වෙච්ච දෙයක් නෑ, කොහොමත් සල්ලි මාරු නොකර ලොකු කොළ වලින්ම තියෙනවානම් ටිකක කල් තියා ගන්න පුලුවන් වියදම් නොකර,

    ReplyDelete
    Replies
    1. අනේ නිකං හිටහං එහෙනං ර මනුස්සයා ඕක හැට්ටේ අස්සේ ගහගන පාරේ එන්නේ කොහොමද

      Delete
    2. ඔව්.. ඒක ඇත්ත... මාරු කළාම සල්ලි වලට වෙන දෙයක් හොයන්න බෑ... අනිත් එක ඕක සීයේ කොල වලින් තිබ්බොත් ඒක විශේෂයෙන් ඉතුරු කරන්න හිතෙන්නෙත් නෑ....

      Delete
  12. මුදල්වලට ප්‍රමිතියක් තියන එක නම් හොදයි.. අනේ ඒත් අද 5000න් මොනවද කරන්න හැකි.

    ReplyDelete
  13. කීයක් හරි අතට ගත්තම අපිටත් කරන්න වැඩ 1000 ක් තියෙනවා. අන්තිමට ඒ එකක් වත් කෙරෙන්නේත් නෑ 5000හේ කෑලිත් නෑ...

    ReplyDelete
  14. ගිය සතියේ එකයි ,මේ සතියේ එකයි ලබන සතියේ දෙකයි තියෙනවා.....ඔව් යකුනේ මගුල් ගෙවල් තමා...

    ReplyDelete
    Replies
    1. හාපෝ.. මතක් වෙනකොටත් එපා වෙනවා....

      Delete
  15. රට ඉන්න එකේ ලොකුම වාසිය. නෝ මඟුල්!

    ලංකාවෙ තියෙන්නෙ ශ්‍රම ඉල්ලුමට සැපයුම නැති තත්වයක් උනත් තාම පඩි අඩු වීම අරුමයක්!

    ReplyDelete
    Replies
    1. පඩි අඩු වීමට හේතුව අපේ රටේ අය තාමත් තමන්ගේ හැකියාව මාකට් කරන්න දන්නේ නැති කම.. ඒක දන්න බිස්නස් කාරයෝ කරන්නේ කළ දුටු කල වල ඉහ ගන්න එක....

      Delete
  16. හුඟදෙනෙක් ඔහොමතමා මේ අපිත් ඇතුලුව ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒක තමයි තියෙන ප්‍රශ්නේ....

      Delete
  17. මාසයක් මැරිලා උපයපු දේ දවසින් ඉවර වෙන්නම මග පෑදුනා!
    මේ වගේ සිද්දි මධ්‍යම පාන්තිකයන්ට සුලබ දේවල්!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒකනේ දුක...

      Delete
  18. හැට්ටෙ අස්සෙ තිබ්බ හැඹිළියට පොකැට් ගහපු කතාව හිරූ දන්නවැයි

    ReplyDelete
    Replies
    1. රොසන්ටගේ හැඹිලියද

      Delete
    2. හෙහ්..හෙහ්..හෙහ්..:) :):).

      Delete
    3. හිරුවත් සල්ලි දාන්නේ හැට්ටේ අස්සෙද? අර මක්කටෙයි අටමා ඒ සල්ලි ගන්න ගියේ. අපේ මහත්තයා දැක්කනං විසුමක් වෙන්නේ නෑ.

      Delete
    4. හැලපයගේ කතාව දන්නේ නෑනේ...

      Delete
  19. ඒ පන් දාහත් හරි එහෙනම්.. :) කාටත්‍ ඔහොම තමයි.

    ReplyDelete
  20. මට පන්දාහත් එක්ක කිසි ගැටළුවක් නෑ. මොකද මගේ අතේ රැඳෙන්නේ නැති නිසා. බය තියෙන්නේ පන්සීයයි විස්සයි එක්ක.

    ReplyDelete
    Replies
    1. මම නං විස්සට බය නැ , තව පහක්දාලා පුච්චල දානවා

      Delete
    2. සුදීක අයියට තියෙන කේස් එකම තමයි මටත් තියෙන්නේ...

      Delete
  21. මුදලක් අතට ලැබුනම පිරිමියාට වඩා ගැහැණිය තමයි කප්පරක් දේවල් හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්... මොකද පිරිමියට වඩා වගකීම් රාශියක් ඇය මත පැටවිලා තියෙන නිසා....

      Delete
  22. පන්දාහක් දැක්ක කාලයක් මතක නෑ.....

    ReplyDelete
  23. හැම මාසෙම ඔය සෙතේම තමයි නේද? හීන මවනවා හීන බිඳෙනවා.... පන්දාහක් මාත් දැකලා නැහැ... ඒක නෙමෙයි හිරු මං දන්න තරමින් නෝට්ටුවක් ස්කෑන් කිරීම නීති විරෝධියි :)

    ReplyDelete
    Replies
    1. මං ස්කෑන් කළේ නෑ තිසර... නෙට් එකේ තිබ්බ එකක් දැම්මේ....

      Delete
  24. මහන්සියෙන් උපයන හැම එකාගෙම තත්වේ ඕක තමා බං

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹත් හැමදාම 5000 හේ කොළ හංගනවා, හොඳා හොඳා, එතකොට හැට්ටේ අස්සේ වෙනුවට උඹ කොහෙද ඒවා හංගන්නේ

      Delete
    2. අටම් හංගන්නේ නෑ ලුනේ.. එයා ඒවා පුච්චනවලු... හි හි

      Delete
  25. හිගන්නගෙ පාත්තරේට හෙනහුරා වැටෙනවා කියන්නෙ ඕකට තමා.. ඔහොම ගානට බැලන්ස් කරගෙන යනකොට මගුලක් සෙට් වුනොත් විනාසයි. දෙකයි සෙට් වුනොත් කපෝතියි.. තුනක් සෙට් වුනොත් ලෝක විනාසෙ තමා..

    ReplyDelete
    Replies
    1. දැන් නම් එකක් සෙට් උනත් ලෝක විනාසේ වගේ තමා... හි හි

      Delete
  26. රටක් පෝසත් වෙන්න වෙන්න සල්ලි කොල කුඩා වෙලා එක සමාන වෙනවා.... :D

    ReplyDelete
  27. මේ කාන්තාව තංගල්ලෙ බැංකුව කෙරෙහි දැඩි විශ්වාසයක් තබපු කෙනෙක් වගෙයි පේන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒ බැංකුව කෝකටත් වඩා ෂුවර්... හි හි

      Delete
  28. හැමෝටම ඔය සෙතේම තමා. සල්ලි පේනවා ව්තරයි. ඉවරයි..... අයියෝ සල්ලි......

    ReplyDelete
    Replies
    1. සල්ලි තමයි .... හි හි

      Delete
  29. දාඩිය මහන්සියෙන් හැම සතයක්ම හම්බකරන මිනිසුන්ගේ සැබෑ ජිවන තත්වය මේක තමයි. ලෙඩකට දුකකට ගන්න, ඇදුමක් ගන්න, කියක් හරි ඉතිරි කරන්න හැදුවොත් අන්තිමේදි ඒක එතුරේ ගහගෙන ගියා වගේ වෙනත් දේකට යොදවන්න වෙනවා. ජීවිතේ හැටි.......

    ReplyDelete
  30. `මාත් දැකල නැහැනේ පන්දාහේ කොලේ . දැක්කද කියලා මතක නැතුවද . මන් නම් වැඩි පාවිච්චිය ලක්ෂ පහේ කොලේ ...D

    ReplyDelete
  31. අපිට මෙව්වා තාම ටිකයි දැනෙන්නේ.තාම ගෙදරින් සල්ලි දෙනවනේ..

    ReplyDelete
  32. පන්දාහ මොන වගේද...??? කාලෙකින් අල්ලලා නෑ... අපේ පැත්තට එන්න කියන්න බෑ... කොල්ලෝ පද හදනවා නැට්ට හල හල යනවා කියලා...

    ReplyDelete
    Replies
    1. නැට්ට හැලුවනං හොඳයි... ගූගල් ප්ලස් එකෙන් බ්ලොග් එක හොයාගෙන එන්න මට නම් තේරෙන්නේ නෑ.. ඒක මොන මගුලක්ද මන්දා.... මං තාමත් පරණ ප්‍රොෆයිල් මෝඩ් එකේම තියාගෙන ඉන්නේ ඒකයි....

      Delete