Friday, April 26, 2013

මගේ යාලුවෝ දෙන්නා....


Dear Diary.....

අද මට හරි දුක හිතෙන වැඩක් උනා....

අද උදේ එහා ගෙදර බ්ලැකී, ඔයාට මතකනේ මං කිව්වා හැමදාම රෑ එළිවෙනකම් කූඩුවට වෙලා කෑ ගහන එහා ගෙදර පොඩි බලු පැටියා, අන්න එයා , කීටීයා එක්ක පොරකනවා දැකලා මං ගියා රණ්ඩුව බේරන්න..... වත්ත බෙදලා නැති නිසා මුන් දෙන්නා පොරකෑවේ අපේ ලිඳ උඩ.. මං බය උනා එකෙක් හරි ලිඳට වැටෙයි කියලා... 

උන් දෙන්නම අනුන්ගේ තමයි .... ඒත් උන් දෙන්නටම මං හරි ආදරෙයි නේ.... උන් දෙන්නා තමයි දවල් දවසේ මාත් එක්ක මගේ පාලුව මකන්න ඉන්නේ... ඒකයි මං ගියේ රණ්ඩු බේරන්න.... 

ඒත් බලන්නකෝ මට වෙච්ච වැඩේ...  බ්ලැකී මාව කන්න පැන්නනේ... කිටීගේ නියපොතු පාරකුත් වැදුනා.... ඒක නිසා මං ආපහු ආවා... නැත්තම් මටයි බැනුම් අහන්න වෙන්නේ අහක යන බලු ‌පොර වලට මැදි වෙන්න යනවා කියලා වැඩක් බලාගෙන ඉන්‌ෙන් නැතුව... 

මට උනුත් එක්ක නම් පොඩ්ඩක් වත් තරහා නෑ..  ඒත් මං බයේ ඉන්නේ උන් දෙන්නගෙන් එකෙක් හරි කොයි වෙලාවේ හරි තුවාල කරගනියි, ලිඳට වැටෙයි කියලා.... උන් දෙන්නම මගේ හොඳ යාලුවෝනේ දැන්.... මාත් එක්ක සෙල්ලම් කරන උන් දෙන්නටම මොනවා හරි වෙනවට මං කැමති නෑ.. බ්ලැකී රෑ තිස්සේ කොච්චර කෑ ගැහුවත්, කිටී අපේ වත්තේ ජරා කරත් මං උන් දෙන්නට ආදරෙයි....

ඒත් මං දුකෙන් ඉන්නේ මට පොඩ්ඩක් තුවාල උන නිසා නෙවෙයි....

මං ආසයි උන් දෙන්නම මරාගන්‌ෙන් නැතුව ඉන්නවා නං.... උන් දෙන්නා එක්ක එකතු වෙලා සෙල්ලම් කරද්දි, මං හරි සතුටින් ඉන්නේ.... එකෙක් හරි තුවාල උනොත් මට දුක හිතෙනවා.... මට බේත් කරන්නත් බෑනේ.. උන් දෙන්නම අනුන්ගෙනේ.... 

එයාලා බ්ලැකීට නම් ආදරෙයි... බ්ලැකී ජර්මන් ෂෙපර්ඩ් එකෙක් නේ.... ඒක නිසා එයා වටිනවා ඇති... ඒත් එයාලා කිටීට ඒ තරම් ආදරේ නෑ.... ඌ නිකම් පූසෙක් නිසා එච්චර වටින්නේ නැතුව ඇති...  මට නම් උන් දෙන්නම එක වගේ වටිනවා.... උන් දෙන්නම මාත් එක්ක යාලුයි.... 

ඒ දෙන්නම මගේ නෙවෙයි උනත් මං නං ඒ දෙන්නටම ආදරෙයි.... උන්ගෙන් එකෙක් හරි, දෙන්නම හරි තුවාලයක් කරගනීයි, ලිඳට වැටෙයි කියලා මට බයයි...  මට ආයිත් එයාලා එක්ක හිනා වේවී, පිස්සු නටන්න, සෙල්ලම් කරන්න බැරි වෙයි කියලා බයයි.... 

ඒක නිසයි මට අද මෙච්චර දුක... මෙයාලා ඉක්මණට මේ රණ්ඩුව නවත්තලා යාලු වෙයි කියලා මං බලං ඉන්නවා..... එහෙම බැරි නම් අඩු ගානේ ලිඳේ වැටෙන්නෙවත් නැතුව හිටියොත් ඇති..... නැත්තම් ඉතිං ඇපේ ඇන්ටි තාප්පේ බැඳලා දායි බල්ලෝ පූසෝ එනවා කියලා.... 


Good night dear diary.......

75 comments:

  1. ඒකනේ අපි අනුන්ගේ වලි නොදැක්කා සේ ඉන්නේ... හිරුවෝ මේ කතාව නම් නියමයි.. ගත යුතු අය නියම අදහස ගනි කියලා හිතනවා...මේ යටි පෙළ වටහාගත්තොත්....
    ලස්සන සමාජයක් බිහිවේවි..
    බල්ලා පුසා වගේම මම කියන තැන් නියම අය වටහා ගනිත්වා.

    ReplyDelete
    Replies
    1. මගේද ප්‍රාර්ථනාව එසේමය.....

      Delete
  2. බල්ලොයි පූසොයි අතරෙ තියෙන්නෙ ලව් හේට් රිලේශන්ශිප් එකක්.. අර අස්සට ඔයා මොකටද අත දාන්න ගියේ..

    ReplyDelete
    Replies
    1. තුවාල කරගනියි කියලා බයටනේ අයියේ....

      Delete
    2. @සරත් අපොයි නැහැ .. අපේ ගෙදරනම් උන් දෙන්න නිවුන් සහෝදරයෝ වගේ. හැබැයි බල්ලනම් ටිකක් වයසයි. ඒ හින්ද දාන්ගලේ නැහැ :D

      Delete
  3. බල්ලොයි පූසොයි ගහ ගන්නවට වඩා මං ආස නයි මුගටි ෆයිට් එකක් බලන්න..මොකද උන් බොක්කෙන්මයි ගහ ගන්නේ..

    ReplyDelete
    Replies
    1. මම දවසක් බලන් හිටියා වලිය ඉවරවෙනකම්ම.. ඇඩෙනවා!

      Delete
    2. ඔක්කොම එකයි.....

      Delete
  4. හෙහ් හෙහ්... කාට කියන්නද ඉතිං...

    ReplyDelete
  5. එතකොට දැන් වැරැද්ද බල්ලගේද,පූසගේද ඔයාගෙද?

    ReplyDelete
  6. උන් දෙන්නා සෙල්ලමට රන්ඩු කරගන්න ඇත්තෙ. අර දෙවෙනි පින්තූරෙ ඉන්න ජෝඩුවනම් හරි ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. සෙල්ලම ලෙල්ලම වෙනවා ලිඳට වැටුනානං....

      Delete
  7. බල්ලො පූසො අනුන්ගෙ උනාට කමක් නෑ වොලනක්ටියර් විදියට ගිහිල්ල බේත් දාන එකයි තියෙන්නෙ. :D

    ReplyDelete
  8. මොකද අප්පා එක ගෙදර ඉන්න උන් එහෙම කරන්නේ. ලිඳේ බැම්ම බෙදා ගන්න බැරුව ද.. මොක වුනත් ඉන්ජැස්සන් එකක් ගහ ගන්න එක හොඳයි. විස, හුරතල් අඳුනන්නේ නෑ.

    ReplyDelete
  9. මේක නරඹන්නිගේ ආදරය දිනා ගැනීමේ ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් අවුලක් නෑ..... හි හි

      Delete
  10. Oya degollo randu weddi beranna karanna thiyanne ekama deyayi. Gahanna wathura 1k..
    Injection 1k aniwaaryen gahaganna.

    ReplyDelete
  11. ඕකනේ මම කියන්නේ අපි හොඳ කරන්න ගිහින් වැරදි කාරයෝ වෙනවා කියලා ඔහොම වෙලාවල් වලදි. ඔය හොඳක් කරන්න ආවේ කියලා ඒ දෙන්නම නොහිතපු එක කොච්චර අසාධාරනද.

    මම අත දැම්මානම් නෙලනවා දෙන්නටම. පස්සේ ඇහුවොත් නම් කියලා දෙනවා තරහට නෙමේ ගැහුවේ කියලා.

    කොහොම උනත් දැන් මම ඔය දෙගොල්ලම ආස්සරේ නවත්තලා දාලා ඉන්නේ.

    ReplyDelete
  12. Replies
    1. හි හි.. ‌ෆිල්ම් එක වගේම තමයි.....

      Delete
  13. ජනප්‍රිය සංකල්පය සහ යථාර්ථය වෙනස් බොහෝ විට.

    ReplyDelete
  14. හිරු කියපු දේ ගොඩ දෙනෙක් තේරුම් අරන් නැහැ වගේ..

    ReplyDelete
    Replies
    1. සහන්ට හිතෙන්නෙත් මට හිතුන දේම වගේ...

      Delete
    2. ඔව් තිලිණ මටත් එහෙම හිතුණා ..ඒත් බලමු අපි
      ඉස්සරහට මොකද වෙන්නේ කියලා ..සමහර විට
      කිටීලා , බ්ලැකීලා යාළු වෙලා අපි නරක අය වෙන්නත්
      පුළුවන් කතාව අවසානයේ ...

      Delete
    3. හි හි

      Delete
    4. අටමෝ..............

      හි හි

      Delete
  15. බල්ලොයි පූසෝයි ගොඩක් වෙලාවට වලි තමා ඉතින්.

    ReplyDelete
  16. උන්ගේ තිරිසන් සහජ ගති ස්වභාවයන් උඹට වෙනස් කරන්න පුළුවන්ද හිරුවෝ...

    ReplyDelete
    Replies
    1. බෑ තමයි... ඒත් අමාරුවේ වැටෙන එකෙන් වලක්වන්න හැදුවේ.. නැත්තම් අපිත් අමාරුවේ වැටෙනවානේ....

      Delete
  17. ඔහොම තමයි..තිරිසන් සත්තු කියන්නෙ ඒකනෙ.කොච්චර හීලෑ සතෙක් උනත් කේන්ති ගියාම දරුනුයි. ඒ වගේම පූසගෙ නියපොතු ඉතාදරුනු විසක් තියෙන්නෙ.

    අනේ මන්දා මමනම් බල්ලො පූසො අතේ දුරින් තියන් ඉන්නෙ. දෙන්නටම කෝට්ටක් අරන් දෙකක් දෙන්න තිබ්බෙ.

    ReplyDelete
  18. මමත් මේ පූස් බලු වලියක් බේරන්න ගිහින් හොඳට අහ ගත්තා බන් මේ ඊයේ පෙරේදා . .

    ReplyDelete
    Replies
    1. බලු භාෂාවෙන්ද, පූස් භාෂාවෙන්ද ? :D

      Delete
    2. සෙන්නා....... හයියෝ...... හි හි...

      Delete
    3. සික් දුකාත් කකුල් හතරේ බාසාව දන්නවා වගේ...

      Delete
  19. හිරු ලිව්වෙ ව්‍යංගයෙන් නෙවේ වෙන්නත් ඇති. ඒත් මේ කතාව කියෙව්වම මට මතක් උනේ මේ දවස්වල සිංහල බ්ලොග් කරුවන්ට වෙලා තියෙන දේ...

    //මෙයාලා ඉක්මණට මේ රණ්ඩුව නවත්තලා යාලු වෙයි කියලා මං බලං ඉන්නවා.....//
    දෙගොල්ලන්ටම ආදරේ කරන මමත් ඒදේම බලං ඉන්නවා.......

    ReplyDelete
  20. බල්ලටයි පූසටයි සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! ;)

    ReplyDelete
  21. ඕනෙම සතෙක් තමන්ගෙ ස්ථානය තවත් කෙනෙකුට ලැබෙනවට කැමති නෑ ඒ නිසා නිතරම වලිම තමයි.

    ReplyDelete
  22. ඔය බල්ලයි පූසයිනම් යාලුවෙයි, යාලුවෙලා එකතුවෙලා අනිත් උන් පස්සෙන් පන්නගෙනත් යයි.. උන් නවත්තනකොට වෙන දෙන්නෙක් පටන් ගනියි..ඕක ඉවරයක් නැති වලියක්..හැමදාම කවුරු හරි වලි.. හොඳම වැඩේ නොදැක්කා සේ ඉන්න එක..

    විශේෂයි ; වලියෙන් පස්සෙ දෙන්නම බව් බව්, ඥාව් ඥාව් කිය කිය කියන එවට හූ මිටිවත් තැබීමෙන් වලකින්න..

    ReplyDelete
  23. බලු/පූස් රන්ඩු නම් ටික වෙලාවටයි.නමුත්................හ්ම්........!!!! එක්කෝ ඕන නැහැ.

    ReplyDelete
  24. හිරුවයි, අපේ මහත්තයයි වලියක් ගිහින් ඒකට අර අහිංසකයො දෙන්න පිට වරද පටවල

    ReplyDelete
  25. බල්ලෝ පූසෝ ඉන්නේ වලි දාන්න නෙව.. ඔය අහිංසක පුසොත් බල්ලොත් ඉන්නවා තමා. ඇයි ලොං හැලිච්ච ඈයෝ උනුත් ඉන්නවා. මොනා උනත් පනේ ඔයා ඔය වලි ගැන හිතන්න එපා. ඒක උංගේ පුරුද්ද නෙව ජන්මේ වැරැද්දද මන්ද ජර්මන් සෙපඩ්ඩඩෙක් උනත්. ඔය එක එක බලු ජාති පුස් ජාති ගැන කියන්න ගියාම බං වැඩක් නෑ මොකද හරියට සිංහයෝ වගේ මයිල් කෙලින් කරන් ඉන්න චීං ගාන්නවත් බැරි සද්දන්ත බල්ලෝ ඉන්නේ. සමහර බල්ලෝ ඉන්නවා අනුන්ගේ වතු වලට පැනල රන්ඩු වෙන්නේ පුසොත් එක්ක. ඉතිං ඔය ගැන කතා කරල වැඩක් නෑ. බෙහෙත් දාන්න ඕන කියල ඇඩුවොත් බෙහෙත් දාපං. රන්ඩු කොරන ඒවා නවත්තන්න මේ සම්මජ්ජාතියේ හිතන්නෙපා. මොකද උං බල්ලෝ නෙව. උන් කියන එක අපියට තේරෙන්නේ නෑ අපි කියන ඒවා උන්ට තේරෙන්නෙත් නෑ. ඒක නිසා උන් බල්ලො උනත් අපි බල්ලොත් එක්ක ජීවත් වෙනවැය. ආදරේ තමා ඉතිං හුරතල් සත්තු නෙව. විටෙක දුක විටෙක සැපත. ඒක තමා සදාකාලික සත්‍ය රෝදය.

    ReplyDelete
    Replies
    1. ඔය කියලා තියෙන්නේ....

      Delete
  26. ඔයා බළලුන්ට ආදරය කිරීම ඉතා අගය කරනවා දරුවා....... :P

    ReplyDelete
    Replies
    1. මට ඔක්කොම එකයි නේ....

      Delete
  27. නොදැක්කා වගේ ඉඳින් බොල පස්සේ නරක මිනිස්සු වෙන්නේ අපි.උන් දෙන්නා යාළුවෙලා අපි නරක් වෙයි! :)

    ReplyDelete
  28. කරන්ට් බිල වැඩී හිරුවො.. "අපේ මහත්තයට" කියලා මොකක් හරි ගැජමැටික් එකක් හදනවකෝ

    ReplyDelete
    Replies
    1. එයාගෙත් බ්ලඩ් ප්‍රෙශර් වැඩි වෙලා බං මේ දවස්වල... හි හි

      Delete
  29. උන්දෙන්නගේ ඇත්ත පින්තූරයක් දැම්මනම් අපූරුයි හිරූ..
    කොහොම වුනත් අනුන්ගේ වලිවලට පැටලෙන්න යන්නැතිව ඉන්නවා නම් වටිනවා..

    ReplyDelete
    Replies
    1. කිටියා නම් ෆොටෝජෙනික්.. බ්ලැකීව නම් අල්ලන්න බෑ දුවනවා... හි හි

      Delete
  30. අපේ බව්වයි පුසයිත් හිටපු ගමන් වලි. හැබැයි ඒ දෙන්න නම් බැන්න ගමන් වලිය නවත්තනවා. ඒ නිසා වැඩිය දුර දිග යන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. සද්දේ දැම්මේ නැත්‌ෙත් දුවන්න ගිහින් ලිඳට වැටෙයි කියල...

      Delete
  31. මුලින්ම හිතුනා පරිවර්තනයක්ද කියලා, පස්සෙ හිතුනා හිරු ඉස්සර ලියපු එකක් කියලා... දැන් හිතෙනවා වෙන දෙයක්... බල්ලන්ටයි පූසන්ටයි උනත් පුළුවන් යාලු වෙලා ඉන්න...

    ReplyDelete
    Replies
    1. අන්ක ඒක තමයි මටත් ඕනේ තිසර....

      Delete
  32. samagiya api hamotama watinawa sathunta witharak newe neda hiru. un denna nam sellamata randu unada danneth na tikakin aye age dawati dawati idi. eth ape kattiya randu unama.............

    ReplyDelete