Friday, April 19, 2013

පිස්සුද... තාම කොහෙද අවුරදු....

හෑ... මොකක් කිව්වා... ?

සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා... මොලේ කොලොප්පන්ද.... තාම කොහෙද අවුරුදු... 

කිරියෙන් පැණීයෙන් ඉතිරෙන අලුත් අවුරුද්ද ලබන්නේ මේ මාසේ ලයිට් බිල ආවම.... 

මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා.. දැන්මම අවුරුද්දට සුබ පතන්නේ.... 

මට නම් හරිම සුබයි මේ අවුරුද්ද... මේ පේනවනේ උදේ පාන්දර මට වෙච්ච වැඩේ.... 



දැන් ඉතිං අයින් කරපල්ලකෝ අවුරුදු ගනං අප්ඩේට් නොවිච්ච බ්ලොග් හොයලා.... ඇත්තටම මේක 300කට සීමා කළේ බ්ලොගර් බාප්පා කාගෙන් අහලද මන්දන්නේ නෑ.. ඇයි වදේ... මෙච්චර බ්ලොග් තියෙන ලෝකේ 300 ක් විතරක් කියෝලා ඇති වැඩක් තියෙනවද මං අහන්නේ... 

හරි... ඒ කතා වැඩක් නෑ... 

මේ ටිකේ ගෙදරට බ්ලොග් පැත්තේ එන්න වෙලාවක් හම්බුනේ නැති නිසා කමෙන්ට් දැම්මේ නැති උනාට ඔක්කොම ටික කියෝගෙන ආවා... දැන් කල්පනා කරන්නේ මොනාද ලියන්නේ කියලා... 

1. ලයිට් බිල් වැඩි වෙච්ච කරුමේ ගැන.... ( අම්මපා මතක් වෙනකොටත් යකා වැහෙනවා... මේක නම් ‌ජනගහණය වැඩි කරන්න කරපු කුමන්ත්‍රණයක් මං කියන්නේ... ) 

2. උතුරු කොරියාව ලොකු සීන් දැම්මේ, දාලා තියෙන සම්බාධක ටික අයින් කරගන්න පොඩි තගක් විදියට කියලා පේන එක ගැන... ( මගේ භාෂාව වෙනස් වෙලාද..? ) 

3. බොස්ටන් ප්‍රෙශර් කුකර් බෝම්බ ගැන...( මුන්ට ප්‍රෙශර් කුකර් එකෙන් බෝම්බ හදන්න බැරි මොකෝ අපි මාමයිට් ඩප්පියෙන් අත් බෝම්බත් හදපු එකේ.. නැද්ද මං අහන්නේ...) 

4. ටෙක්සාස් වල වෙලා තියෙනවයි කියන එක... (නෝ කමෙන්ට්ස්) 

5. දකුණු ඉන්දියාවේ වුනාය කියන බෝම්බ පිපිරීම ගැන...  ( හනේ මන්දා...) 

6. කෙප්ලර් ටෙලස්කෝප් එක ජීවය පවතිනවා කියලා හිතන්න පුළුවන් තවත් ග්‍රහලෝක දෙකක් හොයලා දුන්න කතාව... ( අන්න මරු කතාව... ඇත්තටම වෙන ග්‍රහලෝකෙකින් ආපු මිනිස්සු කොට්ඨාසයක් ලංකාවෙත් ජීවත් වෙනවා කියලා මට පහුගිය ටිකේ බරපතල විදියට හිතුනා... එහෙම නැත්තම් ඉතිං මං වෙන ග්‍රහලෝකෙකින් ආපු කෙනෙක් වෙන්න ඕනේ.. හි හි) 

තාමත් කල්පනා කරනවා මොනවා ලියන්නද කියලා..... 

තාම කට්ටිය අවුරදු සමරන නිසා මොනවා ලිව්වත් පත්තියන් වෙන්නේ නෑ කියලා දන්නවා... හොඳට තෙල් කෑම, පැණි රස කෑම එහෙම කාලා මහත් වෙලා එන්නලකෝ.... හි හි.... 

68 comments:

  1. //තාම කට්ටිය අවුරදු සමරන නිසා මොනවා ලිව්වත් පත්තියන් වෙන්නේ නෑ කියලා දන්නවා//

    ඒකද දැන් අලුත්ම නිදහසට කාරණේ...

    ReplyDelete
    Replies
    1. මට ඒක හරි තියෙනවා... මොකද්ද ඔයාගේ නිදහසට කාරණේ... හි හි

      Delete
  2. ඒක ඇත්ත. මොන ලයිට් බිල්ද? හතරවන ළෝක යුද්දේ ආවත්, අපේ අය තවම ෂොපිං යනවා..

    ReplyDelete
    Replies
    1. හි හි.... ලෝක යුද්ධෙ නං මොනාද මෙයා.. ඒ ව‌ෙග්ද නෑ ගෙවල් වල තෑගිත් උස්සන් ගියේ නැත්තම් අහගන්න වෙන කතන්දර ටික....

      Delete
  3. Replies
    1. අවුරුද්ද අපිව ඇඹරුවා... හි හි

      Delete
  4. සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
    ලයිට් බිල අඩු වේවා!!1

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා ... පොල් ගෙඩියක්වත් ගහලා බලමු.... හි හි

      Delete
  5. ලයිට් බි&^%$$&^$%*(&%^()

    ReplyDelete
    Replies
    1. ලයිට් බිලෙත් ඔන්න ඔය වගේ ඒවා ප්‍රින්ට් වෙලා තියෙනවනම් කොච්ච්චර ෂෝක්ද ? එතකොට ගෙවන්න ඕනේ නෑනේ.

      Delete
    2. හි හි... එහෙම නැත්තම් අර ඕක ප්‍රින්ට් කරන ප්‍රින්ටරේ රිබන් එක අන්තෙටම ගෙවිලා තියෙන්න ඕනේ...

      Delete
  6. මොකක්ද මේ 300 කතාව ?

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් එකේ ෆලෝ කරන්න දෙන උපරිම බ්ලොග් ගාන 300යි කියන්නේ සුදීක අයියේ.. කාගෙන් අහලද මන්දා... හි හි...

      Delete
    2. නැ බං හීරු මම දැනට හය සීයකටත් වඩා ෆලෝ කරලා තියනවා බං , මට තේ රෙන්නේ නැ බං අඹ කියන එක

      Delete
    3. මන්දා අටම් ... මේ මට අද උදේ ආපු මැසේජ් එකක්නේ... ටිකක් හොයලා බලන්න ඕනේ මොකද්ද මේ කේස් එක කියලා...

      Delete
  7. මේ සැරේ අවුරුද්දට කේක් වලින් ලබපු ආදායම සහ බිල් ගෙවා අවසන්වූ පසු ඇති වෙච්ච දේ ගැන තමයි ලියන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් අම්මගෙන් තමයි අහන්න වෙන්නේ කෙන්ජි ... හි හි

      Delete
  8. ලයිට් බිල එන්න තව මාසයක් තියෙනවනේ. එතකන් ජොලියෙ ඉමු. (අර වතුර නටන කල් කකුලුවා දිය හැලියෙ ඉන්නවා වගේ.)

    ReplyDelete
    Replies
    1. වෙන කරන්න දෙයක් නෑ තමා....

      Delete
  9. ඇයි හිරුවා පැණිරස වැඩියෙන් කාලා මොලේ කොලොප්පන් වෙච්ච එක ගැන... හි හි

    ReplyDelete
    Replies
    1. මගේ හිනාව හොරකම් කරලා... හි හි

      Delete
  10. ලයිට් බිල !!!!!! ???? මට මතක නෑ

    ReplyDelete
    Replies
    1. ඔහොම යනකොට මතක් වෙයි... හි හි...

      Delete
  11. මමත් මේ 300 වැඩේට නම් විරුද්ධයි ..අපේ බ්ලොග් රෝල් ටික
    කප්පාදු කරලා තමයි ගූගල් කාරයොත් සම්පත් ඉතුරු කර ගන්නේ ..

    ඇත්තටම කාට නැතත් හිරුට නම් අවුරුදු තියෙන්න ඇති ....
    ( මාත් කේක් කඩයක් දාගන්න ඕනේ පොඩියට හරි )
    සුබ අලුත් අවුරුද්දක් වේවා ..

    ReplyDelete
    Replies
    1. ( මුන්ට ප්‍රෙශර් කුකර් එකෙන් බෝම්බ හදන්න බැරි මොකෝ අපි මාමයිට් ඩප්පියෙන් අත් බෝම්බත් හදපු එකේ.. නැද්ද මං අහන්නේ...)

      ++++++++++++++++++++++++++++++++

      Delete
    2. මොක්දද මේ 300 කියලා මං කල්පනා කරන්නේ සහන්... එච්චර බ්ලොග් තියෙනවද කියලා ගනින්න හැදුවා.. කම්මැලියි බං... URL එකෙන් ඇඳලා දාපුවත් එක්කමද කොහෙද ගනං හැදිලා තියෙන්නේ... හි හි...

      Delete
  12. අම්මෝ.... මට අවුරුදු තිබුනෙත් නෑ... මට වැඩකුත් නෑ... මම ගෙදර හිටියෙත් නෑ....


    අම්මට සිරි මට පෝස්ට් එකක් දාන්න අමතක උනා.. මගේ බ්ලොග් එක පැත්තට එන්න.. තව ටික දොහකින්...

    ReplyDelete
    Replies
    1. හා හා. එන්නම්.... හි හි

      Delete
  13. //ලයිට් බිල් වැඩි වෙච්ච කරුමේ ගැන.... ( අම්මපා මතක් වෙනකොටත් යකා වැහෙනවා... මේක නම් ‌ජනගහණය වැඩි කරන්න කරපු කුමන්ත්‍රණයක් මං කියන්නේ... ) //

    ඔය තියෙන්නේ උත්තරේ, සිංහල ජනගහනය අඩුවෙනවා කියලා කෑගහපු අයට දැන් තියෙන්නේ වැඩ පටාන් ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔවු... ඊට පස්සේ ඉපදෙන උන්ට පන්සලෙන් කන්න බොන්න දෙනවානේ... හි හි...

      Delete
  14. ඇයි නෝලිමිට් ගිය කී දෙනෙකුට කුණු බිත්තර ගැහුවද කියල ලියන්න බැරිද. මොකද රත්නපුරේ නෝ ලිමිට් එකේ කිලෝමීරේක විතර පෝලිමක් තිබුණලු.

    ReplyDelete
    Replies
    1. හි හි.. ඒක නම් දන්නේ නෑ.. හැබැයි රත්නපුරේට යවපු යෝගට් ජාතියකින් 70%ක්ම රිටන් වෙලා තිබ්බා හලාල් නෑ කියලා... ඒ මීට මාස ගාණකට කලින් හැබැයි...

      12-13 නම් පාදුක්ක ටවුන් එකේ වාහනේක තියා පයින්වත් යන්න බැරි තරම් සෙනඟක් හිටියා.. හැබැයි එහෙ නොලිමිට්, ෆැෂන් බග් එහෙම නෑ...

      Delete
  15. වෙනත් ග්‍රහ ලෝකෙකිං ආපු නඩයක් ඉන්නවා ලංකාවෙ ඉංගිරිසි අකුරු තුනකින් නමක් දාගෙන..

    ReplyDelete
    Replies
    1. මං තාම කල්පනා කරනවා ඒ කවුද කියලා....

      Delete
  16. බ්ලොග් 300කුත් දාගෙන මදි වෙච්ච හිරුවාට තරු පෙනෙන්නෙ ඩොංගලේ බිල වැඩි වෙච්ච දාටයි..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඔන්‌නොහෙ අයින් කරලා දාලා හිත හදාගන්න පුළුවන් සරත් අයියේ.. ඒත් ලයිට් බිල එහෙමද...

      Delete
  17. Ayi meeta kalin wena loka wala aya dakala nadda? Nikan wadak balaagena yanawa manussayo yanna :-D
    Current bila wadi unoth nam mama yanawa affa gedara.. Mona magulakda..?
    Adath Hiru mama gana laawata kiyala neda??

    ReplyDelete
    Replies
    1. හි හි... වෙන ග්‍රහලෝක මතක් වෙනවා අප්පා මේ වෙන දේවල්වල හැටියට...

      Delete
  18. Replies
    1. නෑ කොල්ලෝ... එදාට ගෙදර යනවා...

      Delete
  19. ලයිට් බිල අඩුකරල ගෙදර ජනගහනය වත් වැඩිකරගන්න බලන එකයි ඇත්තෙ.

    ReplyDelete
  20. ඒ මදිවට රස්නෙ....හිරුත් අපිට ‍රැස් පෙන්නවද කොහෙද...!(මමකිව්වෙ...අහසෙ හිරු..:)))

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. මේ රස්නේ හින්දමද මන්දා උණ ගතිය අඩුවෙන්නෙත් නැත්තේ වී....

      Delete
  21. ෆලෝ නොකර නම් බ්ලොග් රෝලට බ්ලොග් ඊට වඩා දාන්න පුළුවන්.ගානක් නම් දන්නේ නැහැ ඒ වුනාට මගේ එක බ්ලොග් රොලක 438ක් තියෙනවා.ලයිට් බිල වැඩි කරා කියලා මොකෝ අපි ජනගහනය වැඩි කරන්න ඈ? බොලාලට නම් පුළුවන් අපි නම් තාම තනිකඩයෝ :D

    ReplyDelete
    Replies
    1. ඉක්මණට කෙල්ලෙක් හොයං කසාද බැඳපං.. එතකොට බැරියැ... හි හි...

      Delete
  22. ලයිට් බිලට හොදම විසදුම - නයිට් සිකුරිටි රස්සාවක් හොයාගන්න.එතකොට රෑට ගෙදර නැති නිසා නිකම්ම ගෙදර ලයිට් බිල අඩුවෙනවා.ආදායමත් වැඩිවෙනවා.කොහොමද ටිකිරි මොළේ

    ReplyDelete
    Replies
    1. ඔය කරන්ට් එක වැඩිපුර යන්නේ ලයිට් වලට නෙවෙයි හසරුල්... මොකද ගොඩක් අය දැන් CFL නේ දාලා තියෙන්නේ.. අපේ නම් ලොකු කරන්ට් එකක් යන්නේ ෆ්‍රිජ් එකට තමයි... එහෙමයි කියල ඒක ඕෆ් කරලා තියන්නද... වොෂින් මැෂින්, සිවිලිම් ෆෑන්, වතුර මෝටර් වලට එහෙමත් ලොකු කරන්ට් එකක් යනවා...

      දැන් නම් කො‌ෙහාමවත් සාමාන්‍ය ගෙදරක කරන්ට් බිල 90ට අඩුකරන්න බෑ... මොකද පාවිච්චි කරන ඉලෙක්ට්‍රික් බඩු වැඩියි නේ... මුන් කියන්නේ බඩු අරගෙන නිකම් තියාගෙන ඉන්න කියලද කොහෙද... ගොන් හරක්... මුන්ට පිස්සු අප්පා..

      Delete
  23. ඇත්තටම ලයිට් බිල කීයකින් වැඩි වෙනවද? ස්ථාවර ගාස්තුව කීයද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හොයන්න යන්න එපා .......... අනිතිමට වෙන්නේ දුක හිතෙන එක

      Delete
    2. ආයේ ලංකාවට එනකොට ඔහෙන් ලයිට් ටිකක් අරන් එන්න.ඇත්තටම ලයිට් බිල වැඩිවෙන්නේ නෑ......ඒක බොරුවක්.වැඩිවෙන්නේ කරන්ට් බිල....

      Delete
    3. කො‌ෙහාමත් යුනිට් 90 පැන්නම කෙලවෙන්නම දීලා තියෙනවා ඩූඩ් අයියේ... දිනෙල්ක කිව්වා වගේ ඇඟේ ලේ ටික පුච්චගන්න බිල එනකම් බලං ඉන්නවා මාත්...

      Delete
  24. ලයිට් බිල ගාවට, වතුර බිල. ඊට පස්සෙ බස් ගාස්තු...... හොද හොද සෙල්ලන් තව එළිවෙනකොට....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි... තාම ඔය පටන් ගත්තා විතරයි...

      Delete
  25. ඒ මම අලි පැටියා වගේ මහත් වෙලා කියනවකෝ :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි අර ගෙදරට අපු වසවර්තියෝ ටිකත් එක්ක දඟලලා වත් ටිකක් අඩු උනේ නැද්ද... හි හි

      Delete
  26. අමාත්‍ය අංශ වලින් හා රාජ්‍ය ආයතන වලින් ගන්න තියෙන ඒවා අය නොකර මුං ඒවත් අපටම ගෙවන්න කියනවා. ලොකු ලොක්කෝ හරි අමාරුවෙන් නොවැ ජීවත් වෙන්නේ. ඒකයි උන්ට ටිකක් සහන දීලා තියෙන්නේ. දැන් උන්ගේ අමාරුව අමාරුව නම් හොඳ වෙන්නේ නැතැයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි සරා අයියේ හිනායනම වැඩේ... අම්මපා මුන් මොන ලෝකෙන් ඇවිල්ලද කියලා හිතෙනවා කියන කතා ඇහුවම...

      Delete
  27. දැන් ඉතින් වෙසක් එකට එක කූඬුවක් එල්ලලා බලන් ඉන්න තියෙන්නෙ..

    ෆලෝ නම් 300ට වැඩිය පුළුවන් අක්කේ.. මමත් ඊට වැඩිය ෆලෝ කරනවා..

    ReplyDelete
    Replies
    1. වෙසක් එකට ඉටිපන්දම් තමයි... හි හි

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  28. ලයිට් බිල වැඩි කලේ ආන්ඩුව නොවේය. ඒක අදිරාජ්ජිය වාදි කුමන්ත්‍රනයක්ය, කියලා කියන්නේ දේශහිතෙෂි දොස්තර වසන්ත බන්ඩාර මහත්තයාය.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල උදේට සිවුදෙස බැලුවා නම් ( විජය දිසානායක කරන දවසට) මේ වෙන හැමදෙයක්ම ඇමරිකානු අධිරාජ්‍යවාදය නිසා වෙන දේවල් කියලා ටක්කෙටම තේරෙනවා... වචන 10ක් කිව්වොත් එකපාරක් හරි ඔය වචන දෙක නම් කියනවාමයි.... හි හි

      Delete
  29. ara kiwwath wage mewa ahena kota dakina kota kiyawana kota yaka naginawane.

    ReplyDelete
  30. මේ තෙල් කන කෑමට මහත් වෙනවනම් මම මෙලහකට පුපුරලා අක්කේ...

    සහෘදයනි ඔබට දැන් ලියන්න දෙයක් ඇත්තෙම නැද්ද...එහෙනම් මෙන්න හිරු අක්කගේ ආදර්ශය.."මාතෘකා පමණක් පොස්ට් යොදා පලකරන්න" විහිලුවට ඈ...!!

    ReplyDelete
  31. නිල් පාටින් අන්තිමට තියන ටික වඩා අගෙයි!

    ReplyDelete