Tuesday, March 5, 2013

අධ්‍යාපනයයි, අපේ සුවච කීකරු දරුවයි ගැන මට හිතෙන හැටි...


ලෙවල් වලට මම තෝර ගත්ත චිත්‍ර විශය, මං හිටපු ගෝතමියේ නැති උන නිසා අනුලාවට යන්න සිද්ධ උන කතාව මං කලින් කියලා තියෙනවා මං හිතන්නේ.. 

මං පළවෙනියෙන් ඉස්කෝලෙට ගියේ සිකුරාදා දවසක අන්තිම පීරියඩ් එකේ දි... උදේ ඉඳන් ලියලියවිලි වැඩ වගයක් තිබ්බ නිසා.. ඒක නිසා මම මුලින්ම ඉස්‌කෝලෙට යනවා කියලා ගියේ සඳුදා දවසක... එදා මුලින්ම තිබ්බේ ඉකෝන්... ආට් ක්ලාසස් වලදි හැමතිස්සෙම වගේ සිද්ධ වෙන දෙයක් තමයි ක්ලාසස් දෙකක් එකට දාලා උගන්නන එක.. ඒ තරම් විශය ප්‍රමාණයකට ළමයි බෙදිලා හිටියේ... ඉතිං ඔන්න එදත් පන්තියේ පරණ ළමයි ටික අලුත් ළමයි ටිකට පොඩි රැග් එකක් දෙන්න කියලා හිනා වෙලා අලුතින් ආපු අපි පස්‌දෙනාව පන්තියේ මුල්ම පේලියේ වාඩි කෙරෙව්වා.. අපිත් හිනා වෙවීම ඒ රැග් එක බාර ගත්තේ කට්ටිය ඒක ටික කියන්න දඟලපු දැඟලිල්ල නිසා.. ඕක ලොකු දෙයක් නෙවෙයි නේ.. 

ඉතිං ඔන්න පන්තියට ටීචර් කෙනෙක් ආවා.. තරැණ ගුරුතුමියක්... ඇවිත් බොහොම කාරුණිකව අපිවත් පිළි අරගෙන, පොත පෙරලන්න කියලා මුලින්ම ලියා ගන්න කිව්වා සිඟාලෝවාද සූත්‍රයේ ළමයින්ගෙන් ගුරුවරුන්ට විය යුතු යුතුකම් සහ ගුරුවරුන්ගෙන් ළමයින්ට විය යුතු යුකුතම් කියලා තියෙන කොටස... 

මං ටිකක් හොල්මන් උනා.. මේ ඉකෝන් යැ... කො‌ෙහාමත් මට පෙන්නන්නම බැරි පිරීයඩ් එකක් තමයි බුද්ධාගම පීරීයඩ් එක... ඒකට කළේම නිදා ගත්ත එක තමයි... ඕලෙවල් වලින් බුද්ධාගම ඉගෙනගැනිල්ල ඉවර වෙච්ච එක ගැන මං හරිම සන්තෝසෙන් හිටියේ.. සතියට සැරයක් ළමා සාරිය ඇඳලා, දහම් පාසල් ගිහින්, පන්සල අතුගාලා, බෝ මළුව පිරිසිදු කරලා, මල් පෙරහරේ ගිහින් මල් පූජ කරලා, පන්තිවලට වෙලා මෙනා හරි ගාධාවක් දෙක්ක පාඩම් කරගන්න එක වගේ දෙයක් ඉගෙනගැනීමෙයි, ඉස්කෝලේ බුද්ධාගම ඉගෙනගැනීමෙයි මට නම් මහා වෙනසක් තිබ්බා..

කොහොම හරි ඔය කිව්ව වැඩේ ඉවර කළාට පස්සේ මේ ගුරුතුමිය දිග දේශනාවක් දුන්නා... ( ඒ වෙනකොටත් මට ඒ ටීචර්ට බාගෙට එපා වෙලා තිබ්බේ) පාසල ගැනත්, පාසලේ ළමයි ගැනත්, පාසලේ හොඳ දේවල් ගැනත් වගේ දේවල්... කො‌ෙහාම හරි මට ඒ වෙලාවේ තේරුනේ මේ ගුරුතුමිය මේ පාසලේම පෙර පාසලේ ඉඳන්ම ඉගෙන ගෙන, දැන් ගුරුපත්වීමත් මෙහෙටම ලැබුණ කෙනෙක් බවත්, ඒ ගැන ලොකු ආඩම්බරයකින් ඉන්න කෙනෙක් බවත්... 

කතාව ඉවර වෙලා එතුමිය කිව්වා මේ කතාව කිව්වේ අලුතින් ආපු ළමයින්ට තේරුම් ගන්න මේ ඉස්කෝලේ ඔයාලා කලින් හිටපු ඉස්කෝල වලට වඩා ගොඩක් වැදගත් බව... කියලා..... 

අන්න එතකොට මගේ රතුකට්ට පැන්නා... මම කලින් හිටපු ඉස්කෝලෙන් අයින් උනේ ඒකේ ඉගැන්වීම් අඩුපාඩුවක් නිසාවත්, වෙන මොකක් හරි අවුලක් නිසාවත් නෙවෙයි.. විශයයක් නොතිබුණු නිසා.. ඒ ඉස්කෝලේ මගේ චිත්‍ර ටීචර් කිව්වා මායි මගේ යාලුවයි වෙනුවෙන්ම එයා තවත් පන්තියක් කරන්නම්... කියලා..ප්‍රින්සිපල් මැඩම් උනත් ගොඩක් අකමැත්තෙන් තමයි අස්වීමේ සහතිකය ලියලා දුන්නේ.. ඒත් ළමයි දෙන්නෙක් විතරක් ඉඳලා විභාගයට සූදානම් වෙන එකට අභියෝගයක් නැතුව පාස් වෙන්න බැරි බව දන්න නිසයි අපි දෙන්නම අස් උනේ... ඒ දුකෙන් හිටපු මට, අර වගේ මගේ ඉස්කෝලේ පහතට දාලා කතා කරනවා දරා ගන්න ටිකක් ආමාරයි .. ඒ කාලේ ඉතිං ඉස්කෝලෙට ලොකු ආදරයක් තිබ්බානේ.... 

කො‌ෙහාම හරි ඔය අතරේ තමයි අර ගුරුතුමිය අපේ දැනුම පරික්ෂා කරන්න පටන් ගත්තේ.. පටන් ගත්තේ සිංහල භාෂාවෙන්... වෙන ඉස්කෝලවල සිංහල වත් හරියට උගන්නනේ නෑ කියලා වාක්‍යයක් දාලා තමයි ඔය වැඩෙත් පටන් ගත්තේ... ( ඒ කියන්නේ එයා කියන විදියට සිංහලයි, බුද්ධාගමයි හරියට උගන්නන්නේ අනුලා එකේ විතරයි..) මට සිංහල ගැන කිසිම ප්‍රශ්නයක් නෑ... මම ඒලෙවල් වලට තෝරගෙන හිටියෙත් සිංහල... 

ඉතිං කාට හරි ඇවිත් "ක්ෂිතිජය" කියන වචනේ හරියට බෝඩ් එකේ ලියන්න කිව්වම මං නැගිට්ටා.. ගිහින් ලිව්වා වචනේ... ලියලා පන්තිය පැත්තට හැරිලා කිව්වා.. 

මම කලින් හිටපු ගෝතමී එකේ මේ හැමදෙයක්ම හොඳට ඉගැන්නුවා... ඒක ගොඩක් හොද ඉස්කෝලයක්...  මම ඒකෙන් අස් උනේ මම තෝරගත්ත එක විශයයක් කරන්න පහසුකම් නැති උන නිසා විතරයි... " කියලා ... ඊට පස්සේ මම ඉඳගත්තා.. 

ඒ ටීචර් මම ගැන මොනවා හිතුවද කියලා මම දන්නේ නෑ... ඒත් මට නම් ටීචර්ව විතරක් නෙවෙයි ඉස්කෝලෙත් එතනින්ම එපා උනා.. ඇත්තම කිව්වොත් ඒ විශයත් එපා උනා...අදටත් කවුරුහරි ඉකෝන් ගැන ඇහුවොත් මම කෙලින්ම කියනවා මට ඉකෝන් පෙන්නන්න බෑ කියලා... ඒ ව‌ෙග්ම අදටත්ම මම අනුලා එකට වඩා ගෝතමියට ගොඩක් ආසයි... ඒත් මාත් එක්ක හිටපු ළමයි අර ටීචර්ගේ තත්වෙට වඩා උසස් තත්වෙක හිටියා කියලා මම දැනගත්තේ ඒ පීරියඩ් එකෙන් පස්සේ අපිත් එක්ක කතා කරද්දි, වෙච්ච දේ ගැන ... ඕවා ගනං ගන්න එපා.. එයා කො‌ෙහාමත් පොඩ්ඩක් උඩින් තමයි යන්නේ .. කියලා අපේ රිදුනු හිත් හදන්න උත්සාහ කරපු නිසා.... ( අපේ මහත්තයගේ පවුලේ ඔක්‌ෙකාම ගෑණු අය අනුලියන්ස්ලා නිසා ඕක කිව්වම මාව මරන්න වගේ බැලුවත් මං ඇත්ත කියන්න බය වෙන්නේ මොකටද...හි හි)  

( ඉස්කෝලවල නම් ගම් දාලාම ලිව්ව එකට කිසි කෙනෙක් තරහා වෙන්න ඕනේ නෑ... හි හි ) 

මේ කතාව මට ලියන්න හිතුනේ පහුගිය ටිකේ රයිගමයි, ඩූඩ් අයියයි දෙන්නම ලියලා තිබ්බ සමරසිංහ ගුණසේකර මහත්තයාගේ ඉන්ටවිවු එකේ දක්වලා තිබ්බ අදහස් ගැන තිබ්බ පෝස්ට් ටික කියවලා, අද බයිට් ටික හම්බුන ගමන් ගිහින් ඒ ඉන්ටවීවු එක කියවගෙන යද්දී අහු උන මෙන්න මේ කෑල්ල නිසා... 

//මොනරාගල ප්‍රදේශයේ ඉන්න ගුරුවරයට තියෙන්නෙ උච්ඡ මානය. මේ ඉන්නෙ මට වැඩිය තත්ත්වයෙන් පහත් ගඳගහන ළමයි. ගුරුවරයා ළමයි ළඟට ගන්නෙ නෑ දුරින් තියාගෙන කතාකරන්නෙ. නමුත් රොයල් එකට ගියාම කොහොමදළමය එන්නෙ බීඑම්ඩබ්ලිව් කාර් එකෙන් ගුරුවරය එන්නෙ මෝටර් සයිකලෙන්. එතකොට එතනදි මොකද වෙන්නෙ හීන මානයක් ඇතිවෙනව. එතනදි මොකද වෙන්නෙඋච්ඡ මානය සහ හීනමානය යන දෙකේදිම වෙන්නෙ දරුව ගුරුවරයගෙන් ගුටිකන එක. තමන්ගෙ ඇරියස් පිට කරන්නෙ දරුවගෙන්.//

///ඔව් ඉස්සර අපිට හොඳ ළමයෙක් හිටිය. දැන් ළමය නෑ. ඇයි මේපාසල අසාර්ථක වීමලෝකයේ දියුණු රටවල්වල කොහේවත් පාසල්වල ආගම උගන්වන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ ආගම විහිළුවට ලක්කිරිමක්. ආගම නින්දාවට පත්කිරීමක්. පාසල්වල ආගම උගන්වන ගුරුවරය කියන්නෙ කවටයෙක්. ළමයි අකමැතිම විෂය රිලිජන්. ආගම උගන්වල ශික්ෂණයක් ගේන්න පුළුවන් කියල හිතනවනම් ඒක හීනයක්. ආගම කියන්නෙ පර්සනල් දෙයක්. නිසා ළමයා අසාර්ථක වීම සාධාරණයි. ///

ඇත්තටම ඉස්කෝල වල ආගමි ඉගැන්වීම විකාරයක් කියලා හිතන තැනක මාත් හිටියා... නමුත් වැට උඩ... මොකද ඇත්තටම යහපත් ළමයෙක් කියලා අපේ හිතේ ඇදිච්ච රෑපයක් තියෙනවනේ.. අම්මට තාත්තට වැඳලා ගෙදරින් එළියට බහින, ගුරුවරුන්ට කීකරු, රස්තියාදුවේ යන්නේ නැති, රණ්ඩු වලට පැටලෙන්නේ නැති, හොඳට ඉගෙන ගෙන විභාග වලට හොඳ ළකුණු ගන්න, කුඩු ගහන්නේ සිගරට් බොන්නේ නැති... බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගී වෙන.... ඔන්න ඔහොම ලිස්ට් එකක් තියෙනවානේ... 

නමුත් ඇත්තටම යහපත් ළමයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද.... ? 

දැන් ඉතිං මට මතක් වෙන්නේ ෆිල්ම් වල ඉන්න ගුණ යහපත් චණ්ඩියෝ... එයාලා හැමතිස්සෙම ෆයිට් කරන්නේ සාධාරණය වෙනුවෙන්... ඒක නිසා එයාලා චණ්ඩි... හැබැයි කතාවේ වීරයා විදියට එයාගේ තියෙනවා යහපත් ගතිගුණ... වැඩිහිටියන්ට සලකනවා.. ගෑණුන්ට සලකනවා... අසාධාරණයට විරුද්දව කතා කරනවා.. සටන් කරනවා.. අපි නරඹන්නෝ විදියට හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා චණ්ඩියා දිනයි.. දිනලා කාව හරි කසාද බැඳලා යහපත් ජීවිතයක් ගත කරයි කියලා... ගොඩක් ෆිල්ම් ඉවර වෙන්නෙත් එහෙමනේ... 

ඕකම ළමයින්ට ආදේශ කරන්න බැරිද කියලා මං මේ උදේ කල්පනා කළා... ළමයි කියන්නේ ෆයිට් කරන්න හැමතිස්සෙම සූදානම් පිට ඉන්න ජාතියක්... ඒත් අපි දෙමවුපියෝ විදියට බලාපොරොත්තු වෙන්නේ එයාලා ෆයිට් නොකර කීකරුව ගෙදරදි, පාසලේදි, ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් වලදි ඉන්නවා දකින්න....කියන දේ අහලා, කියන විදියට පාඩම් කරලා විභාග පාස් වෙනවා දකින්න... එයාලට හිතෙන දෙයක් කියන්න අපි අවස්ථාව දෙනවා අඩුයි නේද... එයාලා හිතන දෙයක් කරන්න අපි අවස්ථාව දෙනවා අඩුයි නේද...  

මං අහලා තියෙනවා ගොඩක් අය කියනවා ලංකාවේ ඒ ලෙවල් වලට වඩා ලන්ඩන් ඒ ලෙවල් මාර ලේසියි කියනවා... මං දැන් හිතෙනවා... ( මේක මම ෆැක්ට්ස් හැටියට දන්නේ නෑ .. මට හිතෙන දෙයක් විතරයි.. වැරදි නම් හැදුවට කමක් නෑ..)මේ ලන්ඩන් ඒ ‌ලෙවල් වලට දෙනවා ඇත්තේ විශය කරුණු ගැන බේසික් දැනුමක් විතරයි වෙන්න ඇති කියලා... 

අපේ වගේ විභාගෙට එන්න පුළුවන් ගනං ටික ඔක්කොම උදාහරණ දීලා, හදවලා හදවලා, කටපාඩම් කරවලා යවන්නේ නැතුව ළමයින්ට තියරිය ගැන බේසික් දැනුම හොඳින් දීලා, ඉතුරු ටික හදා ගන්න එයාලටම ඉඩ දීලා ඇති කියලා... එත‌ෙකාට ළමයින්ගේ විභාගෙදි බලාපොරොත්තු වෙන්නේ එයාලා තියරියේ බේසික් ටික හරියට ග්‍රහණය කරගෙනද කියලා පරික්ෂා කරලා බලන එක මිසක්, ගානේ උත්තරේ හරියටම ඇවිල්ලා කියලා බලන්න නෙවෙයි කියලා.... මං හරිද දන් නෑ ඉතිං... ඒත් එහෙම නේද හරි නම් වෙන්න ඕනේ.... ඔන්න මට හිතෙන විදිය... 

කීප දෙනෙක්ම මේ කතාවට ලින්ක් දීලා තිබ්බා.. අතෑරිච්ච අය ඉන්නවනං ගිහින් කියවලා බලලා අදහසක් ඇත්නම් කියමුකෝ බලන්න...

45 comments:

  1. සිරාවට අද කිසිම අදහසක් නෑ නෙව.. නිකං පොල්ලෙන් ගහල මොලේ ගලවල හෝදන්න දාලා වගේ ඉන්නේ.. හික්...

    ReplyDelete
    Replies
    1. කො‌ෙහාමත් ඔය මොළේ එහෙමනේ..... නේද...........................හි හි...

      Delete
  2. අනේ මන්දා..මම නම් AL වලට කලේ ගණන් හදන එක.. :) ඒකෙත් සමහර ඒවා නම් මොකට ඉගැන්නුවද කියලා මම තාමත් හිතනවා....

    ReplyDelete
    Replies
    1. මම නම් කළේ ලයිබ්‍රරි එකක් ඉවර වෙනකම් පොත් කියෝපු එක... හි හි

      Delete
  3. මාත් ඔය කියන ලිපිය කියෙව්වා.. මංදා මටනං පෙනුනේ ඒ මනුස්සයා කුමක් හෝ හේතුවක් උඩ අනිත් ආගම් කෙසේ වෙතත් බෞද්ධයා ගැන වෛරයක් හිතේ තියං කතා කරනවා කියලයි. ඒක ලිපිය පුරාවටම තැනින් තැන ඉස්මතුවෙන ආකාරයක් පැහැදිලිව පේනවා. සම්මතයට විරුද්ධව යමක් කියන පමණින් ඒක සමාජයේ එක්තරා පිරිසකට රුචියක් ඇති කරවනවා. ඒ පිරිසත් හැදිලා තියෙන්නේ කුමන හෝ හේතුවක් හින්දා සම්මතයත් සමඟ ඇති වෛරයකුත් සමග... උදාහරණයක් හැටියට මං දන්න එක්තරා මනුස්සයෙක් බෞද්ධාගමට ගැරහුවේ එයාගේ කුල ප්‍රශ්නයක් මූලික කරගෙන. ප්‍රශ්නය තිබුනේ ගමේ පන්සලේ දායක සභාවේ..ඒත් මේ මනුස්සයා ඒකට වෛර බැන්දේ බුදු හාමුදුරුවොත් එක්කලා. එතැන් පටන් පුද්ගලයා දරුණු ලෙසින් විවේචනයට හුරු උනා... උගතෙක් උනත් අර පෞද්ගලික තරහා නිසා අන්තවාදීව කටයුතු කිරීම හින්දා කාලයත් එක්ක ඒ මනුස්සයගේ දැන උගත්කමටවත් සලකන කෙනෙක් නැති ගානට ගියාට පස්සේ අවසාන කාලෙදී ඔළුව තෝන්තු ගතියෙන් හිටලා පාරක් අයිනේ මැරිලා ගියා... සමහරු කිව්වේ කරගත්ත කරුම හින්දා කියලා.. මට ඒ ටික අදාල නැහැ... සමහර විට එහෙම වෙන්නත් ඇති.. නොවෙන්නත් ඇති.. කාරණාව ඒක නෙවෙයි... විවේචනය පහසුයි වගේම විවේචන ජනප්‍රිය වෙන්නත් පුළුවන්.. ඒත් විවේචනය කරන්නා එය කරන්නේ සද්භාවයෙන්මද යන්න නොදැන ඒ පස්සේ යාම අනිත් අයත් විපතට වැටීමට හේතුවක් වෙන්න පුළුවන්...

    තේරුම් යයිද මංදා... :D

    ReplyDelete
    Replies
    1. මටත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඇයි මේ දේවල් මෙහේ ඉන්න කොට කිව්වෙ නැත්තේ කියලා. හැබයි මාරේ මෙහෙම දෙයක් තියෙනවා. විෂය මාලාව වෙනස් කරන්න කියලා කරපු යෝජනා සහ ඒ වෙනුවට ඉදිරිපත් කල විකල්ප වලට තැනක් නෑ.. ආගම උගන්වන එකනම් බොරු වැඩක්. එහෙනම් විද්‍යාව උගන්වන එක නවත්තලා, පින් පවු විතරක් කියලා දුන්නාම ඇති.. මම කියන්නෙ බුද්ධාගම නෙමෙයි, සියළුම ආගම්...

      Delete
    2. මම අනුලා එකට යනකොට මගේ නංගි ගියේ අල්ලපු වැටේ තියෙන සෙන් ජෝසප් එකට.. ඒකේ හැම ආගමකම, හැම ජාතියකම ළමයි හිටියා.. ( මුස්ලිම් ළමයි හිටියා කියලා මතක නෑ.. ඒත් මැලේ ළමයි නම් හිටියා) සතියේ දවස් 5ට ආගම් කීපයක්ම උදේ රැස්වීමෙදි මතක් කරනවා.. ආගම ඉගැන්වීම කො‌ෙහාම උනාද කියලා නම් මම දන්නේ නෑ... බුදු මැදුරක්, පොඩි පල්ලියක් එහෙමත් තියෙනවා ඉස්කෝලේ ඇතුලේ.. මම අනුලා එකට වඩා ඉස්කෝලෙට වඩා ඒ ඉස්කෝලෙට ආසයි තාමයි... ළමයි හරිම එකමුතුයි...

      එක එක දේවල් අපි තේරම් ගන්නේ අපේ මට්ටමින්.. අපි හැමෝටම යම් යම් දේවල් ගැන විවේචන තියෙනවා.. විවේචන ගැන මාරයියා කියන කතාව හරි... ඒත් ඉතිං අපි කිසි කෙනෙක් හැම කෙනාම කරන හැම දෙයක්ම සද්භාවයෙන් කරනවා කියලා දැනගන්න පර සිත් දැනීමේ නුවණක් දියුණු කරලා නෑනේ.. ඉතිං මතුපිටින් මිනිහෙක් කරන කියන දේවල් වලින් සහ පේන්න තියෙන දෙයින් යම් අදහසක් ගැන කතා කරනවා මිසක් මිනිහෙක් ගැන ගැඹුරින් තේරුම් ගන්න අපිට පුළුවන්ද... නමුත් කියන දෙයක් අපිට තේරෙන විදියේ ඇත්තක් කියලා හිතෙනවා නම් ඒ ගැන කතා කළාට පාඩුවක් නෑ නේද...

      Delete
  4. >>ලංකාවේ ඒ ලෙවල් වලට වඩා ලන්ඩන් ඒ ලෙවල් මාර ලේසියි කියනවා<<

    මම මේ කෑල්ල විතරක් ගන්නම්කො,

    ලන්ඩන් ඒ ලෙවල් නැතිනම් EdExcel AL මගෙ එක දරුවෙක් කලා. අනිත් එක්කෙනා ලබන අවුරුද්දෙ කරනවා විද්‍යා ධාරාවෙන්. නමුත් ඒ දෙන්නම ලංකාවෙ එක කරලා නැති නිසා මට ඒක ගැන යමක් කියන්න බෑ. එතකොට වාණිජ, කලා ගැන නම් මම කියන්න දන්නෙම නෑ. කොහොමත් මම ඔය සබ්ජෙක්ට් උගන්නනෙ නැති නිසා මට ඔය ගැන නම් මොකුත් කියන්න බෑ.

    නමුත් මෙහෙම දෙයක් නම් තියෙනවා. අටේ පන්තියේ පොත් ලැයිස්තුවත් එක්ක Casio Scientific Calculator එකක් ගන්න තියෙනවා. මේ ලමයින්ට මේ කැල්කියුලේටර් එක විභාග වලට පාවිච්චි කරන්න පුලුවන්. ගණන හදන්න ක්‍රමයයි වැදගත්. සුළු කිරීම් වලට කාලය වැය කිරීමට වඩා කැල්කියුලේටරයෙන් නියමිත ක්‍රමය පාවිච්චි කරලා ගණන විසඳීමයි වැදගත්. හැබැයි විබාග වලදී කැල් එක පිටිපස්සෙ තියෙන රීසෙට් බොත්තම ඔබලා ළමයා සේව් කර ඇති දත්ත තිබේ නම් මකා දමනවා.

    ඒ වගේම අවශය සමීකරණ දෙනවා. ආවර්තිතා වගුව අපි වගේ කට පාඩම් කරන්න අවශය නෑ. මොකද ආවර්තිතා වගුව දෙනවා. පොත්ත බේරුනු කැහැ‍ටු සෝමට කියලා ආවර්තිතා වගුව කටපාඩම් කරනවට වඩා ඒක පාවිච්චි කරලා ගැටලුවක් විසඳීමට තියෙන හැකියාවයි සලකා බලන්නෙ. දැන් ලංකාවෙත් එහෙමද මම දන්නෙ නෑ.

    ඔය ඉහලින් කිව්වෙ මම උගන්නන්නෙ නැති අනිත් විෂයයන් ගැනයි. ඕකෙ හරි වැ‍රැද්ද කතා කරන්න නෙවෙයි, ක්‍රමය මේකයි කියන්නයි. ඔය ගැන දල අදහසක් මට තිබුනත් මම ඒ ගැන කියන්නෙ නැත්තෙ මොකකට ටිංකිරි ගාගන්නවද කියලා, මට අදාල නොවන මගුලක් කතා කරන්න ගිහින්. ඕනෙම අය යන්න xtremepapers.net. බාගෙන බලන්න පේපර් එකක් තමන්ගෙ ඇස්වලින්ම.

    එතකොට මට අදාල මම උගන්නලා තියෙන උගන්නන Cambridge O/L / Cambridge IGCSE ඉංග්‍රීසි ගැන නම් කියන්න තියෙන්නෙ මේ පේපර් එක ලංකාවේ ඉංග්‍රීසි O/L පේපර් එකට වඩා හුඟාක්, ටිකක් නෙවෙයි හුඟාක් ඉදිරියෙන් තියෙන අමාරු පේපර් එකක්. මම එහෙම කියන්නෙ මම මේ ලඟදි ලංකාවෙදි ලංකාවේ English O/L paper එකක් දැකපු නිසා.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ විභාග වලට වඩා පිටරට ඒවා ලේසියි කියන්නෙ අමු මිථයාවක්. මුලින්ම කියන්නං මේක නයෙක් නෙවෙයි. අපි පි‍ටුවාහල් උන අය ඉතිං ලමයිංට උගන්නන්නෙ ඒ රටෙ හැටියටනෙ. මගෙ දුවත් කලෙ IGCSE ඕ ලෙවල් ඒ ලෙවල් දෙකටම. මං ආර්ථික විද්යාව උපාධියටත් කල කෙනෙක්. මගෙ කෙල්ලට විදයාව කලාට ඕ ලෙවල් වලට ආර්තික විද්යාව ඉගෙන ගන්න උනා. ඒක කෙල්ලට වහ කදුරු වගේ. අන්තිමට මගෙ කොලේ බේරාගන්න මටයි ටියූශන් දෙන්න උනේ.සිංහලෙන් ආර්තික විද්යාව ඉගෙනගෙන ඉන්ග්‍රීසියෙන් උගන්නන එක ලේසි නෑ. මටත් ආයිත් පොත් අරං ඉගෙන ගෙනයි උගන්නන්න උනේ පාරිභාශික වචන හොයාගෙන. අපි ඒ ලෙවල් කරනකොට තිබ්බ තරම් අමාරු ප්‍රශ්නපත්‍ර තමයි තිබුණේ. ඕ ලෙවල් එකටත් කේස් දීලා එවුවා විදයාත්මකව විග්‍රහ කරන්න තිබුණා ප්‍රශ්න පත්‍ර දෙකයි.. හරියට ආර්ථික විදයාව ඉගෙන නොගෙන විභාගය සමත් වීම සිහිනයක්.. මගෙ කෙල්ලට ඒ ප්ලස් තිබුණා. හැබැයි අපි දෙන්නාම නැහුණා ඒකට.

      Delete
    2. //මං අහලා තියෙනවා ගොඩක් අය කියනවා ලංකාවේ ඒ ලෙවල් වලට වඩා ලන්ඩන් ඒ ලෙවල් මාර ලේසියි කියනවා... මං දැන් හිතෙනවා... //

      අපේ රටේ ඒලෙවල් කියන්නේ කඩයිමක්. ගන්න අවශ්‍ය ළමයි ගාන කලින් තීරණය කරලා ඉදිරිපත් වෙන අය පුළුවන් තරම් ෆේල් කරන ක්‍රමයක් තමයි බලන්නේ. නමුත් මේ ගැටලුව නැති රටකට දැනුම පරීක්ෂා කරන්න පුළුවන්. බොහෝ විට දැනුම යෙදවීම තමයි පරීක්ෂා කරන්නේ. සමහර විට එක ගාණක් හදලා පෙන්වනවා. ඒ ක්‍රමයට වෙනත් ගානක් හදන්න.

      Delete
    3. සුදීක අයියා කියන කතාව හරි... ඒකයි අපේ රටේ විභාග වල තියෙන වැරැදද් මං හිතන විදියට...

      හපොයි සරත් අයියේ.. සිංහලෙන් ඉකෝන් කරපු අයට ඉංග්‍රීසියෙන් කරනකොට හරි අමාරුයි තමයි... අපේ බාප්පා කෙනෙක් මලදිවයිනේ ඉකෝන් ගුරුවරුයෙක් විදියට වැඩ කළා.. එයා කියන කිසිම දෙයක් සිංහලෙන් ඉකෝන් කරපු මට තේරුනේ නෑ.. හි හි....

      ඩුඩ් අයියගේ ‌තොරතුරු වලට ස්තූතියි... ආවර්තිතා වගුව නම් තාම පාඩම් කරනවා කට්ටිය මං හිතන්නේ.. ඒව නම් වැඩකට නැති වැඩ කියලා මාත් හිතන්නේ... මාත් කිව්වේ ඔය ගැන තමයි...

      Delete
  5. ඒ ලිපිය මාත් කියෙව්ව රයිගමගෙ ලින්ක් එකෙන් ගිහිල්ල. එකඟවිය හැකි-නොහැකි දේවල් තියනව. විශේෂයෙන් අගය කලයුතු තරමේ කියන්න බෑ.
    ආගම ඔච්චර ළමයින්ගෙ අප්‍රිය විෂයක්ද? මගේ අධ්‍ය්‍යාපන කාලෙ ගත්තම හැම විෂයයක්ම අප්‍රිය පිරිස හැරුනම අනිත් සියල්ලන්ම ආගමට කැමති උදවිය.

    ReplyDelete
    Replies
    1. හි හි.. මට මතක ඇති කාලෙක බුද්ධාගම පිරියඩ් එකේ පිස්සු කෙලියා ඇරෙන්න වෙන දෙයක් කළේ නෑ රාජ්.. මං හිතන්නේ ඒක තමයි අපිට තිබ්බ ෆ්‍රි පිරියඩ් එක... මොකද ඉස්කෝලේ ආගම උගන්නන පරිසරයක් තිබ්බේ නෑ නේ.. හැබැයි දහම් පාසලේදි නම් ආසාවෙන් ගාථා එහෙම පාඩම් කළා... ජාතක කතා කියෙව්වා...

      Delete
  6. ආගම කියන්නේ ප්‍රායෝගිකව ළමයට අවබෝධ කරගන්න දෙන්න ඕනි දෙයක් මිසක් කටපාඩම් කරවලා විභාගෙන් ඒ එකක් ගන්න උගන්නන්න ඕනි දෙයක් නෙවේ කියලයි මාත් හිතන්නේ.
    මම ඕ ලෙවෙල් කරනකොට අපේ මිස් ඉගැන්නුවේ විභාග ප්‍රශ්න වලට උත්තර ලියන හැටි..
    මිස් ගේ වැරද්දක් නෙවේ.එහෙම ඉගැන්නුවේ නැත්නම් දෙමව්පියෝ එනවනේ රෙදි උස්සගෙන.

    ReplyDelete
    Replies
    1. මමත් හිතනවා ප්‍රමුදි... ආගම උගන්නන්න නෙවෙයි මඟ පෙන්වීමක් කරන්න විරතයි ඕනේ.. ටීචර්ලා ගැන නම් කතා නොකලට කමක් නෑ... මම ඕලෙවල් ක්ලාස් එකෙදි අපේ සිංහල ටීචර්ම තමයි බුද්ධාගමත් කළේ.. ඔක්කොම පීරියඩ් එකට අල්ලලා සිංහල කළා මිසක් බුද්ධාගම කළේ නෑ... එයාට බබෙක් හම්බුවෙන්න ඉඳලා වේලාසන නිවාඩු ගියා... හි හි

      Delete
  7. නියම පෝස්ට් එක

    අපේ පාසල්වල විෂයයන් වෙනුවට අදාල "දෙය" උගන්වනවා නම් සමාජය මීට වඩා ශික්ෂිත වන එක අනිවාර්යයි.(ශික්ෂිත යනුවෙන් මා අදහස් කළේ ආර්ථික සමාජයීය සහ දේශපාලනික කියන සියල්ලෙන්ම)

    ගණිතය කියන විෂය වෙනුවට ගණිතය ඉගැන්වුවානම් තාර්කික බුද්ධියෙන් හෙබි මිනිසුන් ද
    සෞඛ්‍යය කියන විෂය වෙනුවට සෞඛ්‍යය ඉගැන්වුවා නම් පවිත්‍ර මිනිසුන් සහ පිරිසිදු පරිසරයක් ද
    සිංහල කියන විෂය වෙනුවට සිංහල ඉගැන්වුවානම් රසඥතාවයක් ඇති මිනිසුන් ද
    ඉංග්‍රීසි කියන විෂය වෙනුවට ඉංග්‍රීසි ඉගැන්වුවානම් විශාල දැනුම්සම්භාරයකින් හෙබි මිනිසුන් ද
    විද්‍යාව කියන විෂය වෙනුවට විද්‍යාව ඉගැන්වුවානම් බෝ ගස්වල අපල පාන්කඩ එල්ලන-දෙයියන්ට පොල් ගහන මැට්ටන් වෙනුවට යමක් කළ හැකි අවබෝධාත්මක දියුණු මිනිසකු ද සමාජයට දායාද වන්නට ඉඩ තිබුණි.
    පාසල්වල ආගම ඉගැන්වීම මුළුමනින්ම නිරර්ථක වැඩක්, ආගම වෙනුට සංස්කෘතිය හා ප්‍රජාචාරය ඉගැන්වීම ත් හැදෑරීම ත් කළ හැකියි.
    සියලුම ඉගැනවීම් විෂය නිර්දේශ වලින් පිටතට ගෙන ක්‍රියාකාරකම් හරහා ම සිදුවිය යුතුයි.
    මේ කාලකන්නි අධ්‍යපනයෙන් කෙරෙන්නෙ විභාග වෙනුවෙන් දරුවන් මැඩවීම හැර අන් යමක් නෙවෙයි. විභාගයෙන් කෙරෙන්නෙ ත් ස්මරණ ශක්තිය පිරික්සා බැලීම පමණයි.
    ඒ වෙනුවෙන් දරුවෙක් තමන්ගේ ජීවිතයේ වටිනාම කාලය නිරපරාදේ නාස්ති කළ යුතුයි. ඔහුට මේ නිසා මග හැරෙන ජීවිතයේ “අවධින්” සහ “අවස්ථාවන්” නැවත කිසිදාක ලැබෙන්නෙ නෑ. අවසානයේ දී තරුණයෙකු ලෙස වැඩී ඇති දරුවා සමාජ ගත වෙන්නේ පිරිපුන් මිනිසකු ලෙස නොව ළමයකු ලෙසමයි.

    ReplyDelete
    Replies
    1. //ගණිතය කියන විෂය වෙනුවට ගණිතය ඉගැන්වුවානම් තාර්කික බුද්ධියෙන් හෙබි මිනිසුන් ද
      සෞඛ්‍යය කියන විෂය වෙනුවට සෞඛ්‍යය ඉගැන්වුවා නම් පවිත්‍ර මිනිසුන් සහ පිරිසිදු පරිසරයක් ද
      සිංහල කියන විෂය වෙනුවට සිංහල ඉගැන්වුවානම් රසඥතාවයක් ඇති මිනිසුන් ද
      ඉංග්‍රීසි කියන විෂය වෙනුවට ඉංග්‍රීසි ඉගැන්වුවානම් විශාල දැනුම්සම්භාරයකින් හෙබි මිනිසුන් ද
      විද්‍යාව කියන විෂය වෙනුවට විද්‍යාව ඉගැන්වුවානම් බෝ ගස්වල අපල පාන්කඩ එල්ලන-දෙයියන්ට පොල් ගහන මැට්ටන් වෙනුවට යමක් කළ හැකි අවබෝධාත්මක දියුණු මිනිසකු ද සමාජයට දායාද වන්නට ඉඩ තිබුණි.//

      මේක නම් සහතික ඇත්ත. අපේ ඉගැන්වීම් syllabus එකට විතරක් සීමා වෙලා .එතැනින් එහාට දෙයක් නෑ. අත්හදා බැලීම් නෑ. ගවේෂණයන් කරන්නෙ නෑ. කට පාඩමින් ඔළුව පුවරන්න හදනවා විතරමයි..ළමා අවදියේ නිදහස් මනසින් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ.

      පහු ගිය වකවානුවේ පෙර පාසැල්වල ඉගෙන්වීම් නොකර ක්‍රියාකාරකම් සඳහා පමණක් දරුවන්ව යොමු කරන්න තීරණය කලත්...අපේ දෙමාපියන්ට එය මදි.

      දෙමාපියන්ට ඕනේ දරුවන්ව " Super Star " කෙනෙක් කරන්න.

      Delete
    2. දෙන්නම කියන්නේ ඇත්තය... හි හි

      Delete
  8. ලන්ඩන් ඒ ලෙවල් කරලම බලන්න ඕනේ ලේසිය. කරපු එකෙක්ගෙන්ම ඕනේ දැනගන්න.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඒ ලෙවල් කළාය මලයා..? හි හි

      Delete
  9. ධර්ම විෂයයක් පමණක් වි ඇති නිසායි මෙතරම් අපට හුල්ලන්න වෙන්නෙ.ධර්මය කට පාඩම් කළ යුතු යමක් නොවෙයි.එය වටහා ගැනිම තමයි මැනවි.

    අධ්‍යාපන ක්‍රමය නම් වෙනස් විය යුතුයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. මම 2015 ඒ ලෙවල් කරන්නේ.අපි ඉගෙනගන්නෙ අපේ අධ්‍යාපන ක්‍රමයකට නෙවෙයිනෙ.සුද්දගේ අධ්‍යාපන ක්‍රමයකටනෙ.මාධ්‍යවලින් ළමයින්ගේ ඔලු විකාර කරලා ඉතින් එතකොට අධ්‍යාපනය එපා කරපු දෙයක් වෙනව තමයි.අනික් අතට ධර්මය වටහාගෙන හෙමින් ගමනක් යනව නම් කවදාවත් ඉගෙනගන්න ළමයෙක්ට වරදින්නෙ නෑ.

      Delete
    2. අප්පා.. වර්ශා තාම ඉස්කෝලේ යනවද... ඔහොම හිතන ළමයි ඉන්නවා කියන්නෙත් ලොකු සතුටක් .... හි හි

      Delete
  10. ලන්ඩන් හරි ලෝකල් හරි මට නම් දැන් ඒලෙවල් කියද්දිත් අප්‍රසන්න හැඟීමක් එන්නෙ..

    ReplyDelete
    Replies
    1. හි හි... හිතාගත්තෑකි...

      Delete
  11. ආගම විෂයක් විදිහට උගන්වන එක මටත් හෙන ප්‍රශ්නයක්. දහම්පාසලේ වෙනම උගන්වනවා, ස්කොලේ වෙනම උගන්වනවා. ඒ කාලේ වෙන වැදගත් විෂයක් ඉගැන්නුවා නම් කොච්චර වටිනවද.. ?

    ReplyDelete
    Replies
    1. මාත් හිතනවා පැතුම්... ඒ කාලේ නාස්තියක් තමයි... දැනට යන පිළිවෙල බලද්දී..

      Delete
  12. ඉතිං මම මොනවද කියන්න ඕනෑ හිරූ,ආවෙමි බැලුවෙමි යමි.ලිපිය හොඳයි.....හොඳම විග්‍රහයක් කරල තියෙන්නෙ ඔය ඩූඩා.

    ReplyDelete
    Replies
    1. හි හි.. හැලපයා පැනලා ගිහින්...

      Delete
  13. මම නම් ඉතින් හෙන හොඳ ළමයෙක් කියලා තමා අපේ ඉස්කෝලේ ටීචර්ලා කිව්වේ.ඒක නිසා ගුරුවරු ගැනත් මට තියෙන්නේ මහත් ගෞරවයක්.මේ ප්‍රශ්න ගැන නම් කතා කරලා වැඩක් නැහැ.මොකද ඔය කරුණු එකක්වත් ප්‍රායෝගිකව කරන්න බැහැ කවදාවත් මේ සිස්ටම් එක යටතේ.

    ReplyDelete
  14. පාසලෙන් ආගම කියන විෂය ඉවත් කරනවාට මමනම් විරුද්ධයි. මොකද අද මම මේ තත්ත්වයේ ඉන්නේ එහෙම දෙයක් තිබුණු නිසයි. ඕකට ප්‍රධාන හේතුව තමයි ගුරුවරයා. පාලි භාෂාව වගේම පැරණි (ශුද්ධ) සිංහල වචනත් තරමක් බුද්ධාගම කියන විශයෙන් දරුවන් ඈත් කරන්න හේතුවක් උණා. බොහොමයක් ගුරුවරු කරන්නේ දරුවන්ට ඔහේ පාඩම කියා දීමත් ගාථා පාඩම් ගැනීමත් පමණයි. නමුත් ඕනෑම විශයකදී මෙන් ආගමේද ඒ වගේම සිංහල සාහිත්‍යය කියන විෂයේද භාෂාමය රසාස්වාදය ලබාදීලා ආකර්ශනීය විදියට කියලා දෙනවනම් කිසිම විෂයක් නොගැලපෙන්නේනෑ.


    අපි ඒලෙවල් වලට ගියාම මැත්ස් කරපු සර් බනිනවා සිලබස් එකට. එයාලා දහය වසරේ කරපුවාලු අපිට ඒලෙවෙල් වලට තියෙන්නේ කියලා. අපේ අධ්‍යාපන ක්‍රමයේ බලාපොරොත්තු වෙන්නේ වසරකට සමත් වෙන ශිෂ්‍ය සංඛ්‍යාව මිසක් වැඩදායි පුරවැසියන් ගණන නෙවෙයි.
    ඒත් රටකට ඕනි "ගිරා පෝතකයින් නෙවෙයි" කියන එක තේරුම් ගන්නකම් අපි අඳුරේ.

    ReplyDelete
    Replies
    1. මම ඔය ගැන ඉන්නේ වැට උඩ අකම්... මම ඉස්කෝලෙන් ඉගෙන ගත්ත ආගමක් නෑ.. මගේ හැදියාව හැදුනේ ගෙදරිනුයි දහම් පාසලෙනුයි... ඒත් එහෙම වැදගත් කමක් තිබ්බ ළමයි ඉන්නවා.. ඒකයි මම කිව්‌ෙව් වැට උඩ කියලා...

      ඇත්ත ගිරා පෝතකයින් හදනා අධ්‍යාපන ක්‍රමයක් නේ තියෙන්නේ.. අපේ මිනිස්සුන්ට ඕනේත් ඒකමද මන්දා...

      Delete
  15. පාන් කෑවම ඔහොම්මමයි! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනං කේක් කාපං.. හි හි

      Delete
  16. අනේ මන්දා හිරු මමනම් බුද්ධ ධර්මය ආසාවෙන් ඉගෙන ගත්තා ඉස්කෝලෙදි.
    හැබැයි සිංහල සාහිත්‍ය උගන්වන ගුරුතුමාමයි.ඉගැන්නුවෙ. හරිම රසවත් විදියට බුද්ධචරිතය එහෙම පහදලා දුන්න මතකයි.

    හැබැයි උදේට පිට්ටනියෙ පන්සිල් ගන්නනවනෙ බලෙන්..එතකොට නම් කොල්ලො..විකාර කතා කිය..කිය තමා හිටියෙ.

    ReplyDelete
    Replies
    1. මම නම් ඒ පීරියඩ් වලට නිදා ගත්තා තමයි... හි හි ... මම ඕලෙවල් ක්ලාස් එකෙදි අපේ සිංහල ටීචර්ම තමයි බුද්ධාගමත් කළේ.. ඔක්කොම පීරියඩ් එකට අල්ලලා සිංහල කළා මිසක් බුද්ධාගම කළේ නෑ... එයාට බබෙක් හම්බුවෙන්න ඉඳලා වේලාසන නිවාඩු ගියා... හි හි

      ඒත් දහම් පාසලේදි නම් ආසාවෙන් ගාථා එහෙම පාඩම් කළා.. මල් පූජ කිරිම් වලට ගියා.. හැමදේම ආසාවෙන් කළා.. මං හිතන්නේ ඒක අදාළ පරිසරය නිසා සිද්ධ වෙච්ච දෙයක් කියලා...

      Delete
  17. එක එක උදාහරණ අරගෙන යම් යම් දේවල් පෙන්නනන් පුළුවන් උනත් ලොකුම ප්‍රශ්නෙ තියෙන්නේ අපේ රටේ අධ්‍යාපනයේ විෂය මාලා යාවත්කාලීන කරන්න ක්‍රමවේදයක් තියනවද කියන එකයි. සමහර වෙලාවට විද්‍යාව වැනි විෂයන් වල සීග්‍ර දියුණුවත් එක්ක ඉගෙනගත් සමහර දේවල් රැකියාවක් කරනකොට අදාල වෙන්නෙ නෑ. නමුත් ඒක ප්‍රශ්නයක් කියලා මම හිතන්නෙ නෑ... යම් කිසි විෂයක මූලික සිද්ධාන්ත ඉගෙනගත් කෙනෙකුට ඒ වෙනස්වීම් වලට හැඩගැහෙන්න අමාරු නැහැ. දැන් පරිගණක මෘදුකාංග ලියන අයට ඉගෙන ගන්න කාලේ තිබ්බ වර්ශන් එක නෙමෙයි රැකියාවට එනකොට තියෙන්නේ... අලුත් වර්ශන් එකට වගේම, අලුත්ම භාෂාවකට උනත් හුරු වෙන්න අමාරු නැහැ එහෙම කියලා. නමුත් කාලයත් සමග යාවත්කාලීන වීම කල යුතුමයි... නැත්නම් ඒ ක්ෂේත්‍රයේ තියන අලුත් දෑ ගැන අපේ දැනීම අල්ප වෙනවා.

    අධ්‍යාපන ක්‍රමය ගත්තොත් අපේ ක්‍රමයේ තියන එක වැරැද්දක් තමයි, ලමයාට 'ඉගෙන ගන්න' දෙන්නෙ නැතුව, 'උගන්නන' එක. අපි පුරුදු වෙලා ඉන්නේ පොතේ තියනවනම් හරි, ගුරුවරයා කියනවා නම් හරි කියලා හිතන්න. ගුරුවරයාගේ දැනුමට, පොතට අභියෝග කරන්න අද පාසල් වල ඉඩක් නැහැ. අපි බොහෝ වෙලාවට කතාකරනවනේ අපේ ජීවිත වෙනස් කරන්න දායක වෙච්ච ගුරුවරුන් ගැන. ඔවුන් ගැන ඉතා ගෞරවයෙන්.

    නමුත් එතනම තියනවා ප්‍රශ්නයක්. ගුරුවරයා ළමයින් කෙරෙහි තියන විශේෂ කරුණාවක්, සැලකිල්ලක් නිසා තමා ළමයෙක් හරි මග යන්නෙ කියන එක. ඒක එහෙම විය යුතු නැහැ. තමන්ගේ විෂය නිවැරදිව උගන්වන්න පුලුවන් ගුරුවරයෙක් සිටීම ප්‍රමාණවත් වෙන්න ඕනේ. අර වගේ විශේෂ සැලකිල්ලක් ලැබීම සාර්ථකත්වයේ රහස වීම ගැටළුවක් වෙන්නෙ ඒ නිසයි.

    කොහොමත් වැඩිහිටියන්ට ගුරුවරුන්ට සැලකීම කියන ලේබලය යටතේ ඔවුන්ව ප්‍රශන කිරීම කියන්නෙ පවක් විදිහටනේ අපි සලකන්නේ. ළමයින්ව හදන්නේ ඔවුන් දෙමාපියන් ගුරුවරුන් මත යැපෙන පිරිසක් හැටියට. අර කිව්වා වගේ කොඳු කඩලා. විවාහයෙන් පසුවත් අම්මලගෙ තාත්තලගෙ මැදිහත් වීමක් නැතුව යමක් කරගන්න බැරි අය කොච්චර ඉන්නවද?

    රටේ අධ්‍යාපන ක්‍රමයෙන් පරම්පරාවක ආකල්ප මතිමතාන්තර, සිතුම් පැතුම් වෙනස් කරන්න පුළුවන් කියන මතයේ මම ඉන්නේ. මෑත කාලීනව බලපුවහම විශ්වවිද්‍යාල වලින් පවා බිහිවෙන්නෙ උගතුන් මිසක් බුද්ධිමතුන් නෙමෙයි කියන එක පැහැදිලි වෙනවා. ඒ වගේම රටේ බුද්ධිමතුන් බිහිවීම කියන එක අද අවශ්‍ය නැති දෙයක් වගේ වෙලා. රටක බුද්ධිමත් ජනතාවක් ඉන්න එක ලංකාවේ දේශපාලනය එක්ක ගැලපෙන්නෙ නෑ. ඒ නිසා බුද්ධිමතුන් බිහිකරන්න අවශ්‍යතාවයක් නැහැ. කොන්ද කැඩුණු උගතුන් තමා ඔවුන්ට අවශ්‍ය. මේ ක්ෂේත්‍රයේ ප්‍රගතියක් ලඟකදි නම් අපේක්ෂා කරන්න බැරිබව පහුගිය කාල වල හිටපු අධ්‍යාපන ඇමතිලගෙන්ම පෙණුනා. අනික හැමදේම පල්වෙන තැනක අධ්‍යාපනය විතරක් පල්නොවෙයි කියලා හිතන එකත් තේරුමක් නැති දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේකට එකතු කරන්න දෙයක් මට නෑ තිසර... ඔක්කොම තියෙනවා..

      Delete
  18. පාසල්වල ආගම උගන්වන එකත් දහම් පාසල් වල ආගම උගන්වන එකත් අතර වෙනස ඒ විෂයට අනුකූල පරිසරයක් පාසලේ නැති එක කියලයි මටනං හිතෙන්නෙ.

    ලංකාවෙ තියෙන්නෙ පොත පාඩම් කරවල විභාග පාස්කරන තියරිටිකල් අධ්‍යාපන ක්‍රමයක්. අඩුම ගානෙ සමාජයේ තමන්ට හදිසි අවස්ථාවකදි මැරෙන්නැතිව බෙරෙන්න පුලුවං දෙයක්වත් කියල දෙන්නෙ නෑ. වැවක හරි ගඟක හරි මිනිහෙක් ගිලෙද්දි ගොඩ ඉඳල පැනල ඒ මිනිහව බේරගන්න එතන වටවෙලා බලා ඉන්න කී දෙනෙකුටද පුලුවං.
    ඒ වගේම නවීන තාක්ෂණය භාවිතාවක් ලංකාවෙ සාමාන්‍ය පාසල්වල ඇත්තෙම නෑ. අපි ඒ ලෙවල් කරන කාලෙ සයන්ස් වලට ඕනකරන ඔසිලස්කෝප් වගේ උපකරණ අපේ ඉස්කෝලෙ තිබුණත් ඒව උගන්නන අය ඒව ක්‍රියාකරන්නෙ කොහොමද කියලවත් දන්නෙ නෑ. සමහර උපකරණ ක්‍රියාකාරී තත්වයේ නෑ.

    ReplyDelete
  19. බොහොඅය කියන එක දෙයක් තමයි අපේ විබාග ක්‍රමය අමාරුයි ලන්ඩන් සිලබස් ලේසියි කියන එක. ඒ අතින් මෑතක් වන තුරුම අපේ විබාග ක්‍රමයට ලෝකයේ හොඳ පිලිගැනිමක් තිබුණා..

    සාමානයයෙන් අගනුවර ආසන්නයේ ාසල්වල තරගය නිසා එක පාසලක් තවත් පාසලක් අඩුතක්සේරුවෙන් තමයි බලන්නේ..නගරයෙන් බැහැරව නම් එහෙම නැහැ

    ReplyDelete
  20. මාත් ගෝතමී එකට ආදරෙයි ඈ...
    හිකිස්...
    අපේ විස්කි අපට හොදා...
    හැබැයි අනුලා එකේ ටයි එකටත් ටිකක් කැමතියි... :D

    ReplyDelete