Friday, March 29, 2013

කෞතුකාගාරේ.........



කෞතුකාගාරේ පඩිපෙළක් කඩං වැටිලා ඉස්කෝලේ ළමයි 30කට ආසන්න ගණනක් තුවාල වෙලාලු... මාස ගාණකට කලින් කෞතුකාගාරේ තිබ්බ පැරණි බඩු වගයක් අතුරුදහන් උනා කට්ටියට මතකයි නේ... මේ නිවුස් එක ඊයේ රෑ දැක්ක ගමන් මට පොඩි සර්ච් එකක් දාන්න හිතුනා... 

නෑ නෑ නෙට් එකේ ඒ කතාව හොයන්න බෑ... ඔයාලා තමයි කියන්න ඕනේ.... 

මොකද්ද දන්නවද... 

ඔය කෞතුකාගාරේ පාලනය තියෙන්නේ කවුරු අතේද...? කෞතුකාගාරේ තියෙන ඉඩම කොච්චර වටිනවද... ? ඕක ඔතනින් අයින් කරලා ඔය ඉඩකඩ මොන වගේ දේකට යෙදෙව්වොත් ප්‍රයෝජනවත් වෙයිද....?

මොකද මට නම් දැන් හිතෙන්නේ කෞතුකාගාරේ ඔතන තිබ්බ වාසනාවන්ත කාලේ ඉවර වේගෙන එනවා කියලා.... 

සමහර විට ඒකත් ඈත පලාතකට යන්න ලෑස්ති වෙනවා ඇති... ඒ කිව්වේ වටිනා කියන බඩු ටික එක එක දේශපාලකයන්ගේ සහ හෙන්චංයියන්ගේ සාලේ වීදුරු අල්මාරි වල ප්‍රදර්ශනය වෙද්දී, වටිනා කියන චිත්‍ර ටික බිත්ති වල එල්ලෙද්දී, මුදල්මය වටිනාකම් තියෙන ඒවා බැංකු සුරැකුම් පෙට්ටිවල රැඳෙද්දී, අපේ දේශපාලකයන්ට වැඩකට නැති අම්බලන්ගොඩ රෑකඩ ටිකයි, අර නිල් තල්මහගේ ඇටසැකිල්ලයි, එළියේ තියෙන ඔරුවයි, ( ඒක බේරන්නෙත් නැති වෙයි....  කාගේ හරි ගාඩ්න් ඩෙකරේෂන් එකක් විදියට යයි) පොත් පත් ටිකයි විතරක් කොහේ හරි කැලෑවක ඇටෙවයි....

අවුරදු 140කට කිට්ටු කාලයක් පැරණි පඩිපෙලක් කියන්නේ වටින වස්තුවක්... පැරණිකම සහ ඒ හා සම්බන්ධ කතා නිසා... කොහොමත් කෞතුකාගාරය කියන්නේ ජාතික වස්තුවක් තමයි.... ඒකට තියෙන සැලකිල්ල මෙහෙම නම් අපේ රටේ ආනාගත පරම්පරාවට ඉතුරු වෙන දේවල් ගැන යහපත් බලාපොරොත්තු ටික බල්ලට දාන එක හොඳයි කියලා මම හිතනවා.... 

මේක ලිව්වේ හිතේ තියෙන ආවේගෙත් එක්ක... අපි මොන තරම් දැනුමක් ඔය කෞතුකාගාරෙන් ගත්තද.... ? ඉස්කෝලෙන් එක්කන් ගියේ එකපාරක් උනත් චිත්‍ර කරන කාලේ හිටියේ ඕකේ පදිංචි වෙලා.. අර පඩිපෙල නඟිනකොට බිත්තියේ ගහලා තියෙන වෙස් මූණු ටිකේ ඉඳලා, හැමෝටම යන්න දෙන්නේ නැති තැනක තියෙන අවලෝකිතේෂ්වර පිළිමේ පවා චිත්‍රයට නැඟුවා... 

දැන් අම්මලා යවයිද ළමයි මේ වෙච්ච දේට පස්සේ කෞතුකාගාරෙට....? 

කොච්චර දුර පළාත් වලින්, යාපනෙන්, ත්‍රිකුණාමලෙන් ළමයි එනවද මේ කොළඹ තියෙන කෞතුකාගාරේ, කලා භවන, විහාමහාදේවී පාක් එක, සත්තු වත්ත බලන්න... ඒ කාලේ අපිට ට්‍රිප් එකක් යන්න හම්බුනේ නෑ යුද්ධෙ නිසා.. දැන් ඉන්න උන්ටවත් ඒ වාසනාව තියෙනවනේ කියලා හිතලා සතුටු උනත් මට නම් දැන් විශ්වාසයක් නෑ තව අවුරදු කීපයක් යනකොට ළමයින්ට ගිහින් බලන්න තැනක් ඉතුරු වෙලා තියෙයි කියලා... 

74 comments:

  1. කෞතුකාගාරය පාලනය වෙන්නේ සංස්කෘතික දෙපාර්තමේතුවෙන්,රජයේ හැමදෙපාර්තමේන්තුවකටම පොදු අලස පාලනයක් පවතින්නේ ඒ නිසයි.
    මෙහි පාලනය පුද්ගලික අංශයට පැවරුවොත් මීට වඩා හොඳ ප්‍රතිපල ලබාගන්න පුලුවන්වෙයි.

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවා රාජ්‍ය හා පෞද්ගලික දෙපැත්තම එකතු කරලා කළානම් හොඳයි කියලා... පෞද්ගලික අංශයටම දුන්නොත් ප්‍රශ්න ඇතිවෙයි කියලා මට හිතෙනවා...

      Delete
    2. හිරු මේ පාර නම් හාවටම විදල!

      Delete
  2. අවුරුදු සිය දහස් ගණනක ඉතිහාසයක්, තමන්ගෙ කියල පෙන්වන්න කෞතුක වස්තූන් නැති රටවල් දන්නව කෞතාකාගාරයක අගේ. අපිට ඉතිං ඕනෑවටත් වඩා තියෙන නිසා අගයක් නෑ. එකාතකට යකඩ මල්ලටත් ගුල්ලො ගැහුව කොට අනිත් ඒව ගැන අපි හිත කරදර කරගන්නෙ මොකටද, අර නන්දා මාලිනිය ගයනව වගේ සීගිරිය කළුගල්වලටයි, සිංහරාජෙ ලී මෝලකටයි විකුණන දේශපාලන සංස්කෘතියක් අපිට දැන් ලැබිල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත DDT... අපිට තියෙන නිසා අගයක් නෑ... සින්දුව ඇත්ත වේගෙන එන්නේ මටත් පේන විදියට...

      Delete
  3. ටීචර් කෙනෙක් කිව්වා මම කියන්න ඕන ටික. ඒ වෙලාවේ දරුවෝ බස් 10-15 ක දරුවෝ ගොඩාක් ඇවිත් තියෙනවා. කෞතුකාගාරෙන් කරන්නේ ටිකට් එක දෙන එක විතරනේ. ඕනම දෙයක් දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඔය කඩාගෙන වැටෙන වෙලාවේ පඩිපෙල පුරවලා දරුවොයි ටීචර්ලයි ඉඳලා තියෙනවා. එතකොට සෙනග ආවම කොන්ට්‍රෝල් නොකරපු කෞතුකාගාර පාළණයත් වැරදියි, ළමයින්ව විනයානුකූලව ගෙනියන්න බැරි ගුරුවරුත් වැරදියි, අපි පොඩි කාළේ ට්‍රිප් එක්ක යනකොට කොයි ළෝකේ ගියත් දෙන්නා දෙන්නා අත් අල්ලගෙන බොහෝම විනයානූකූලව යන්නේ. දැන් ඉන්න උන්ට අස්ප විසේ. කාගෙද වැරද්ද. ගුරුවරුන්ගේ. කෞතුකාගාරේ නම් ත්ව ටික දවසකින් හිරු කිව්වා වගේ කොළඹ 7 ගෙවල් වලට විමධ්‍යගත කරලා දායි.

    ReplyDelete
    Replies
    1. මාතලන් එක තැනකදී හරි ලස්සනට ප්රපශ්ණයට ගැළපෙන්න පිළිතුරු දෙනවා.මෙතනිදිද්ත් ගැළපෙන්න පිළිතුරු දිලා තියෙනවා.ඒත් තවත් තැනකදී පාතල රජෙක් වගේ ප්රනතිචාර දෙනවා.මාතලන් මෙතන කියන විදියට විනය නැති වෙන්න හේතුව කුමක්ද කියලා මම අහන්න කැමතියි?
      මං මුලින්ම කියෙව්වෙ මාතලන්ගේ ලිපි..ඒ ලිපි ලියපු විදිය නිසා මම කැමැත්තෙන් ඒවා කියෙව්වා.

      Delete
    2. ගුරුවරුන්ගේ වරද මිස වෙන කුමක්ද...? ගුරුවරයා ඉගැන්වීම හැර අන් සියල්ලම කරණවා.. එතනයි වැරැද්ද...

      Delete
    3. මමත් ගයනිගෙ කතාවට එකඟයි.....මාතලන්ගෙ බ්ලොගයෙදි පාතාලයෙක් මෙන් හැසිරෙන ඔහු අනික් බ්ලොග්වලදී ඉතාම වැදගත් ආකාරයට හැසිරෙනවා

      Delete
    4. මම සෙනසුරාදා දැක්කා චීනෙත් මේ වගේ සීන් එකක් වෙලා තියෙනවා.. ළමයි ඔක්කොම නැග්ගම විදුලි සෝපානය නැවතිලා බර වැඩි වෙලා... මාතලන් කිව්වා වගේ දැන් නම් ළමයින්ගේ විනය කියන එක නම් අන්තිමයි.. ටීචර්ලා ඊට හපන්.... එයාලට බනින්න බෑ අප්පා.. මොකද ළමයෙක්ට බැන්නොත් අම්මලා ටීචර්ව මාරු කරන සමාජයක්නේ දැන් තියෙන්නේ...

      Delete
  4. අද පත්තරවල තියෙන විදියට වැරැද්ද යන්නෙ ළමයිංගෙ පිටිං වගේ. එතකොට ඒ ළමයිංට හැදියාව උගන්නන ගුරුවරු, ඒ ගුරුවරුන්ට උපදෙස් දෙන්න ඉන්න කෞතුකාගාර පරිපාලනය, ඒ ගොල්ලංගෙ කිසි වරැද්දක් නෑ. අනේද කියන්නෙ.

    මටත් මතකයි අපිත් ඕක බලන්න යද්දි දෙන්න දෙන්න අත් අල්ලගෙන තමයි ගියේ.

    ReplyDelete
    Replies
    1. ම් ....... දෙන්න දෙන්න අත් අල්ලගෙන ගියාය කිව්වෙ ප්‍රසන්න අයියෙ, මේ ..... හෙහ් හෙහ් හෙහ් ....

      Delete
    2. ඉස්කෝලෙ යන කාලෙ මලයො.

      Delete
    3. ඉස්කෝලෙන් නම් මම ගිහින් නෑ.. ඒත් ක්ලාස් එකෙන් යද්දි ඔතනදි අපි නම් ඇවිද්දෙත් පරිස්සමෙන්... මෙතන කොච්චර වටිනාකමක් තියෙන තැනක්ද කියලා අපේ ඔලුවල තිබ්බා... මෙතන ළමයින්ගේ අතේ 10% වැරැද්දක් තියෙනවා නම් ගුරුවරුන්ගේ අතේ ඉතුරු 40% ම තියෙන්නේ.. කෞතුකාගාර පරිපාලනය ඉතුරු ටිකට වගකියන්න ඕනේ...

      දැන් ඉතිං ඔය වෙලා තියෙන්නේ වෙන්න ඕනේ හරිය.... වහලා දාලනේ නැවත දැනුම් දෙනතුරු....

      Delete
  5. බොරු කියන්න ඕනෙ නෑ හිරුවෝ.... මට ඇත්තටම මම ගැන ලැජ්ජයි.... මම ඔතනින් අනන්ත අප්‍රමානයක් ගිහිල්ල ඇති... නමුත් මම ඕක බලන්න තාම ගිහිල්ල නෑ... ඔන්න තත්වෙ... ඒක නිසා මම ඕකෙ ඇතුලෙ තියන දෙයක් දන්නෙත් නෑ... නමුත් මට ආසයි ඕක බලන්න යන්න.... අනිව ලගදිම යනව....

    ReplyDelete
    Replies
    1. මාත් මෙහෙම ලැජ්ජ වෙන කෙනෙක්... හරිම නරකයි තමයි, සැමි අයියගෙන් විස්තර අහගත්තා තියන් දේවල් ගැන ඒත් තාමත් යන්න බැරි උනා, පේන විදිහට අපි ලංකාවට එද්දි මේක වහල තියෙයිවගේ.

      Delete
    2. ලැජ්ජ වෙන්න ඕනෙ කෙනෙක් අපේ ගෙදරත් ඉන්නවා.. හි හි.... අපේ මහත්තයා...

      Delete
    3. මිනිහගේ ලැජ්ජාව කොච්චරද කියනවනං හිරු දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑලු.

      Delete
    4. මගේ දිහා ඇහැක් ඇරලා නොබැලුවොත් ඉතිං එයා ඉඳලා හමාරයි ගෙදර.. හි හි

      Delete
  6. ඔව්වා ගැන
    …දෙය්යො දනී
    …මං නොදනී.

    …ඇත්තටම මොකක්ද ඔය ඉඩමෙ කරන්න පුලුවන් .......ම්ම්ම්ම් හෝටලයක් .... හොඳ පෞද්ගලික රෝහලක් ......

    ReplyDelete
    Replies
    1. ඔය දෙකටම හොඳ තැන.... හි හි

      Delete
  7. Hiru kiyana kathaawa aththa. Mewa witharak newe, danata MULU LOKETAMA ithuru wela thiyana EKAMA STEAM RAILCAR 1 Dematagoda Shed eke diranna daalalu. Loke thibba ekama Patu aamana Garrat 1 kapuwa. Thawa ithin anaagatheta monawa ithuru wennada? Okayi kathaawa.

    ReplyDelete
    Replies
    1. හිනා වෙන්නද අඬන්නද.....

      Delete
  8. කෞතුකාගාරේ පාලකයින් ළමයින්ට බනිනවා. ළමයින්ගේ දෙමව්පියෝ ගුරුවරු කෞතුකාගාරේ පාලකයින්ට බනිනවා.

    තව ටික කාලයක් යනකොට ස්කොලවලින් එන ළමයින්ට පෙන්නන්න තියෙන්නේ "පුතේ ඔය තරු හතේ හෝටලේ හදලා තියන ඉඩමේ තමයි කෞතුකාගාරේ හදලා තිබුනේ"

    ReplyDelete
    Replies
    1. අනිවා පැතුම්.. එච්චර තමයි ඉතුර වෙන්නේ...

      Delete
  9. යහපත් පරිපාලනයක් යටතේ කෞතුකාගාරය තව දුරටත් පවතින්න ඕන. පහුගිය දවස්වල අහන්න ලැබුණු සිද්ධි දෙකේම, ඒ කිව්වෙ කෞතුකාගාරෙ පඩිපෙළයි, සීගිරියෙ සිංහපාද වැනසිල්ලයි, දෙකම ගත්තහම ළමයින්ගෙ විනයක් නැතිකම හා ඔවුන්ට නිවැරදි මග පෙන්වීමක් නොකළ ගුරුවරුනුත්, තමන්ගෙ යටතේ තියෙන වටිනා කියන ස්ථානය රැක නොගත් නිලධාරීන්ගෙත් කියන තුන්ගොල්ලගෙම වැරැද්ද.
    සිද්ධි තාම දෙකයිනෙ. තව කීපයක් වුණාට පස්සෙ සමහරවිට වෙනසක් වෙයි.

    හිරු චිත්‍රත් ඇන්දද? අහන්නත් ආසයි.

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ හිරුගේ චිත්‍ර පෝස්ට් කීයක නම් තිබ්බද?

      Delete
    2. ළමයින්ට විනය කියලා දෙන්න ගියාම අම්මලා ටීචර්ලගේ ඇඟට ගොඩවෙන රටක්නේ නදිනි මේක... තව දෙකතුනක් වෙනකොට අනේ මන්දා..

      චිත්‍ර..?? ඇයි දෙයියනේ.. මේ මෙහෙම හිටියට චිත්‍ර වලින් ඒලෙවල් ඒ එකක් ගත්ත එකෙක් මේ.. හි හි

      Delete
    3. අන්න හරි විනය තකා තදින්ම ක්‍රියාත්මක වෙන්න ඕන

      Delete
  10. නිධන් හරන්නන් හොරුන් තක්කඩින් එකතුවෙලා තව අවුරුදු පහකින් විතර රටේ සියලුම පවුරාණික වටිනා වස්තු විනාස කරාවි.. ඊලඟ පරපුරට හුලං..

    ReplyDelete
    Replies
    1. යෑස්.... ඒක නම් පැහැදිලි අනාවැකියක්....

      Delete
  11. මිනිස්සු අද ජිවත් වෙන්නේ ජිවත් වෙන්න ඕන නිසා මිස අවබෝධයකින් ජිවත් විමක් පෙන්නුම් කරන්නේ නැ.ඒදා කෑවා එච්චරයි.අනිත් ඒකාට මොනවා උනත් මට මොකද? යන සිතුවිල්ලේ ඉන්නේ.හැම තැනකදීම ඔහොම තමයි.වෙනස් වෙන්න ඕන තැන වෙනස් නොකර මේ වෙන දේවල් නවත්වන්න බෑ.මිනිසා සිතනපතන විදිය වෙනස් විය යුතුමයි.බුද්ධියත් උගත්කමත් සම්පුර්ණ වෙන්න ඔහු තුල මිනිස් ගති පිහිටන්න ඕන.පොතපත තුල තිබෙන ටික ජය ගත්තට ගතිපැවතුම් අයහපත් නම් ඒතන ඇති හොදක් නැත.

    ReplyDelete
  12. කෞතුකාගාරය කෞතුකාගාරයට යැවිය යුතු තත්වයට පත්ව ඇති බව කරුනාවෙන් සලකන්න.

    ඇත්තටම ඔතන කෞතුකාගාරයකට ආරක්ෂාව මදි. ඕක හම්බන්තොටට හරි, පල්ලෙකැලේට හරි ගෙනියන්න ඕන කියල මං යෝජනාකරනව.

    ReplyDelete
    Replies
    1. හි හි.... කාලෝචිත යෝජනවක්....

      Delete
    2. මත්තල හොඳ නැද්ද?

      Delete
  13. පෝස්ටුව කියෙව්වු නැතෝ... උඩින් තිබ්බ ලෝගො බැනර් එකට කෙළ පෙර පෙර ඉන්නවෝ... අනේ ඉතිං මටත් කවදා ලෝගො එකක් හදා ගන්නද :'(

    ReplyDelete
    Replies
    1. මේල් එකක් එවුවා.. බලන්න...

      Delete
  14. සෑහෙන්න අපලයක් තියෙනවා වගේ නේද ඔය කියන
    තැනට ...

    (අනේ හිරු ලොකු කමෙන්ට් එකක් ලියල ..ආයේ මැකුවා ..
    ඔච්චරයි ඉතුරු උනේ . )

    ReplyDelete
    Replies
    1. හි හි.. කමෙන්ට් එකට මොකද උනේ කියලා හිතාගත්තෑකි...

      Delete
  15. ම්ම්ම්.......කෞතුකාගාරය අයින් කරලා තරු 7 හෝටලයක් අනාගතේ දවසක ඔතන නොහදා ඉඳීවි කියලා හිතන්න පුළුවන්ද..?
    කාලෙකට පස්සේ හිරු අක්කගේ බ්ලොග් එක පැත්තට ගොඩවදින්න වෙලාවක් ලැබුනේ...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. මාත් දැක්කේ ගොඩ කාලෙකින්...

      Delete
  16. කෞතුකාගාරය තියෙන ගොඩනැගිල්ලටත් අතීත වටිනාකමක් තියෙනවා කියලයි මම අහලා තියෙන්නේ. කොළඔ තියෙන බොහොමයක් ගොඩනැගිලි වලට ඉතිහාසයක් තියෙනවා .
    මේ සිදධ වෙන දේවල් වලට නම් කෞතුකාගාර පරිපාලනය වගකීම ගන්න ඕනේ කියන එක මමත් විශ්වාස කරනව. ඒත් කාටවත් දොස් පැවරීමෙන් විතරක් මේ දේවල් හදන්න පුලුවන් වේවිද.

    ReplyDelete
    Replies
    1. කෞතුකාගාරය තියෙන ගොඩනැගිල්ල කෞතුකාගාරය සඳහාම හදපු එකක් කියලායි තියෙන්නේ.. ඒකේ ‌ෛඑතිහාසික වටිනාකමක් තියෙනවා.. ඒවා පරිස්සම් කරන්න කියලා ඉන්න අය තමන්ගේ වැඩේ කරන්නේ නෑ කියන එක නේ මෙවයින් තේරෙන්නේ...

      Delete
  17. කෞතුකාගාරේ ඔතනින් අයින් කරගන්න බැරුව තමයි ගොඩක් අය දගලන්නේ....

    අලුත් හෙඩර් එක නම් පට්ට....රෙට්රෝ.....

    ReplyDelete
  18. කෞතුකාගාරෙත් කෞතුකාගාරේට එකතු වේවි මෙහෙම ගියොත්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ප්‍රමුදි තියෙන බය....

      Delete
  19. අර දිණමිණ ලින්ක් එක error කියලා ආවා හිරූ.

    එක පාරටම අදාල නැති වගේ පෙනුනත් මේ කතාව පොඩ්ඩක් අහන්නකෝ. මෙහෙ තියෙනවා බොමෙස්ටික් ෆ්ලයිට් එකක් ඩෝර්නියර් කියලා. ඒක මේ පොඩි එකක් හරියට වෑන් එකක් වාගෙ. ඒකට නගින්න පඩිපෙලක් වෙනම හේත්තු කරන්න දෙයක් නෑ. දොර ඇරලා පාත් කලාම ඒකෙ ඇතුල් පැත්තෙ පඩි පෙල. මෙතන අනිවාර්යයෙන්ම ගුවන් සේවකයෙක් හිටගෙන ඉන්නවා විශේෂ කරුණකට. ඒ තමයි පඩි පෙලට එක වතාවකට එක්කෙනෙකුට වඩා ඩොඩවීමට ඉඩ නොදීමට. එක්කෙනෙක් ඇතුලට ගියාමයි අනිත් එක්කෙනා පඩිපෙලට ගොඩ වෙන්නෙ. මොකද පඩිපෙල දොරේ නිසා පොඩ්ඩක් ඇද වුනොත් දොර සීල් වෙන්නෙ නෑ. ඉතින් කොහොමත් ෆ්ලයි කරන්න බැරි නිසා.


    එතකොට අවුරුදු 140ක් වයස ලී පඩිපෙල ආරක්ෂා කරගන්න පළමු වගකීම කාගේ වෙන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. domestic flight. not bomestic.:D

      Delete
    2. ඒක වැඩනේ ඩූඩ් මාත් බය වුණා ඒක වැඩ නෑ කීවාම. හිරුගේ කතාවට බොහොම එකගයි.ඔය කියන කෞතුකාගාරේ අධ්‍යක්ෂවරයේක් විදියට ටික කාලයක් හිටියා සිරිනිමල් ලද්දුසිංහ කියල කෙනෙක්.(තෙල්මා නෝනෙගෙන් පස්සේ) උන්නැහේ නොයින්න අදටත් කිරිටය ඔතන නෑ. මේ බොරුවක් නං මං කියන්නේ උන්නැහේ තාම ඉන්නවා. ඒත් මේ සටහන් එතුමො කියවාවි යැයි සැක සහිතයි.

      Delete
    3. වගකීම කාගෙද කියන එකත් ප්‍රශ්නයක්... ළමයින්ගේ විනයක් නැතිකමත් ප්‍රශ්නයක්...

      Delete
  20. මේ පාර නිවාඩුවට කෞතුකාගාරෙ බලන්න යන්න අපිත් හිතන් ඉන්නවා. තවම බලන්න යන්න දෙනවා නේද?

    ඕක වහල දාන්න කලින් තව එක පාරක් හරි බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. දැනට දින නියමයක් නැතුව වහලා තියෙන්‌ෙන් සිතු...

      Delete
  21. මාත් තාම ඕකට ගිහින් තියෙන්නේ එක පාරයි.. එහෙනම් කෞතුකාගාරෙත් දැන් ඇන්ටික් වෙලා...

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා... හි හි...

      Delete
  22. Replies
    1. අක්කේ රටක් දියුණු කරන්න අලුත් දේවල් ඕනේ පරණ දේවල් තියන් වැඩක් නැහැ. අපේ දේසපාලු තුමාලගේ අදහස් තේරුම් ගන්න බැහැනේ ඔයාට. අපි වගේ අය නෙවෙයි බොල ඔය තැන්වල ඉන්නේ සෑහෙන්න සුදුසු කම් තියෙන උදවිය. හරක් හොරු,ස්ත්‍රී දූෂකයෝ,මංකොල්ල කාරයෝ, පික්පොකට් කාරයෝ, කසියා මුදලාලිලා. මේ ඔයාලා අපි වගේ සොක්කෝ නෙවෙයි.:D

      Delete
    2. පුහ් අපි සොක්කොද.. එන්න එපා මල්ලි හරිද... හි හි

      Delete
  23. ඒ ගැන හිතත්ති දුකක් භයක් දැනෙනවා.පොඩි කාලේ ගියාට ආයේ යන්න බැරි වුනා. කවදාවත් යන්න බැරි වෙයි ද දන්නේ නැහැ ඔහොම ගියොත්.

    ReplyDelete
    Replies
    1. දැනට නම් යන්න බෑ... වහලා..

      Delete
  24. අපේ රට කොහේ,කොතැනටද...මේ ගමන් කරන්නෙ..???????

    තමන්ගෙ ඉතිහාසය..ජාතියක ප්‍රෞඩත්වය..පෙන්නන්න තියෙන මේ වගේ තැන් සුරකින එක පැත්තකින් තියල..අරෙහෙ අර මදි නොකියන්න වංශෙ කබල් ගාන්නෙ..අම්පාරෙ.

    ReplyDelete
    Replies
    1. අනේ කරුණාකරලා රටේ සංවර්ධනයට නම් මොකුත් කියන්න
      එපා.එක අක්කර 100 දෙසීයක් ඉලක්ක කරන් අලුත් ක්‍රමයකට
      මේ යන ගමන ගොඩක් දෙනෙක්ට ඉවසන්න බැරි බව දන්නවා.
      මිලියන දෙතුන්දාහක් දාහක් සංවර්ධනය වෙනුවෙන් වැය කරද්දී
      ඇහේ කටු අනිනවා වගේ නේද?තමන්ගේ ජාතියටම නේද මේ
      ද්‍රෝහී වෙන්නේ වීයෝ? ඇයි මේ වගේ දේවල් තේරුම් ගන්න
      බැරි ඔයාලට.පාට කණ්නාඩිය ගලවලා බලන්නකෝ මහත්තයෝ
      මේ වගේ හැම දෙයක්ම හෙලා දකින්නේ නැතුව..



      (කොහොමද ටෝක් එක ඕන තැනක බස්සන්න පුළුවන් නේද වීයෝ:D)

      Delete
  25. නටබුන් වූ කටුගෙය.... වෙයි ද..

    ReplyDelete
  26. සම්පූර්ණම ඇත්ත. මමත් පර්යේෂණ වැඩසටහන් කීපයකටම යම්යම් කරුණු හොයන්න වගේම පොත්පත් හොයන්නත් සති කිපයකට කලින් දින හත අටක්ම කෞතුකාගාරෙට ගියා.ඒවගේ වටිනා සම්පත් විනාහ වෙන්න හැර තිබිම උවමනාවෙන්ම කරන වැඩක් බව පෙනුනා.

    ReplyDelete
  27. දන්නවාද නවතම සොයා ගැනීම,
    කෞතුකාගාරේ නැතිවුන මඟුල් කඩුව තරප්පුව කාපු වේයාමයි කාලා තියෙන්නේ. අපරාදේ කන්ගැට්ටවත් (ලොකු අය කියන පරිදි ලෝකයේ සිටින එකම අති සූක්ෂම, දක්ෂ, ඥානවන්ත, විචක්ෂණශීලී, .... කුඩ්ඩා)බේරලා සියලුම බඩු වේයා පිට දාන්න තිබුනේ.

    ReplyDelete
  28. කාටවත් දැන් මේවගෙ වටිනාකමක් නැහැ... මේවා බාරව ඉන්න අමාත්‍යංශ වලටවත් කිසි වගකීමක් නැහැ. ඔහේ තියෙන්න ඇරලා නිකං ඉන්නවා මිසක් කිසිම ප්‍රගතියක් නැහැ. මූලිකම හේතුව නුසුදුස්සෝ පත්කිරීම, ඊට පස්සෙ සුදුස්සෙක් හිටියත් දේශපාලන බලපෑම්. යමක් කරන්න පුළුවන් මනුස්සයත් ඔහේ නිකං ඉන්නවා සිද්ධවෙන අපබ්‍රංශ දැක්කහම.

    ළමයින්ගේ විනය ගැන නම් මට ප්‍රශ්නයක් නැහැ.. ළමයි කොහොමටත් දඟලනවා. කොහොම උනත්, තැනක් ආරක්ෂා කරගැනීමේ ප්‍රධාන වගකීම තියෙන්නේ ඒ ඒ තැන්වල අයටයි. පිටින් යන කෙනෙකුට සමහර විට අනතුරුදායක දේ ගැන, සමහර දේවල් වල ඇති වටිනාකම ගැන අවබෝධයක් නැතිවෙන්න පුළුවන්. ඒවා හරි හැටි පාලනය කරන්න ඕනේ ඒ ස්ථානයේ අය.

    හ්ම්ම් දවස් කීපයකින් බ්ලොග් කියවන්න ආවෙ නෑ.. දැන් හිරුගෙ බ්ලොගේ හිරුත් නැති, ලයිට් එකක්වත් වත් නැති ගානට කලුවරයිනෙ.

    ReplyDelete
  29. කන්ගැට්ටා නොහොත් වෙන එකෙක් සැගවී සිටි පඩි පෙල කඩා දැමුවේ කෞතුකාගාරයට ඇති අපලය ඉවත් කරවීමටයි.. හැක්...

    ReplyDelete
  30. ඔයාගේ අළුත් ඇදුම හරිම ලස්සනයි මෙයා. ඒත් ඒත් මොකක්ද අර කඩපු නැති පෙට්ටියක පින්තූරක් පස්සෙන් තියෙන්නේ... හැක්...

    ReplyDelete
  31. මෙහාට ආවේ අඩවි රජා පස්සේ. මේ කතාව දැක්කම බයථ් හිතුනා. ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලාවේ ඔතනට ගියානේ කියලා.

    බ්ලොග් ලෝකෙට අමුත්තියක් මං.

    ReplyDelete