Friday, March 1, 2013

පාරවල් වල ඉරි අඳින හැටි දැනගත්ත හැටි....


ගිය ටිකේ ලියන්න ඉස්පාසුවක් තිබුනේ නැති හින්දා............. හි හි... බොරු බොරු... පටන් ගත්තෙම පත බොරුවකින්..... 

දිග නිවාඩුවක් හම්බුන එකේ ගියා පොඩි රවුමක් දාලා එන්න කියලා.... කවුද ඉතිං....  අපි දෙන්නා තමයි..... ගිය තැන් විස්තර නම් එච්චර නෑ ඉතිං.. නුවරට ගියා, දළඳා මාලිගාවට ගියා... ඊළඟ දවසේ අනුරාධපුරේ යන ගමන් යාපහු යනවා කියලා හිතාගෙන ගියාට, තඹුත්තේගම හරියට ගියාම තමයි දැනගත්තේ යාපහුව පහු වෙලා කියලා.. ඒ පාර ආයිත් කිලෝ මීටර් 30ක් ආපස්සට යන්න බෑ කියලා වේලාසනින්ම අනුරාධපුරේට ගිහින්, වටේම ඇවිදලා, පෝය දවසේ පාන්දර 6ට උඩමළුවයි, රුවන්මැලිසෑයටයි ගිහින් ආපු පාරෙන්ම ආවා යාපහුව හොයාගෙන..... 

මොකක් කිව්වා.... හිරුවා නැග්ගද යාපහු ඇහුවා..... ???? 

ඔව් ඔව්.. නැග්ගා.... නැග්ගා... මටත් පුදුමයි අප්පා.... හි හි... 

ඊට පස්සේ රවුමක් ගහලා පඬුවස් නුවර හොයාගෙන ගියා... ඒක තමයි ගමනෙන්ම අන්තිම නරක හරිය.... පාර නම් අන්තිමයි.... නිකවැරටිය පාරෙන්නේ ගියේ.... කො‌ෙහාම හරි ඒකත් කරගෙන මීගමු පාරෙන් කොළඹ ආවා සඳුදා හවස.... 

හරි.. ඔය ගමන යන ගමන් මට කාලාන්තරයක් තිස්සේ තිබිච්ච පුරස්නයක් විසඳගන්න ලැබුන සතුටට තමයි මේ ලියන්න ගත්තේ... මොකද්ද දන්නවද පුරස්නේ.... 

පාරවල් වල ඔය මැද ඉරි, අයිනේ ඉරි අඳින්නේ කො‌ෙහාමද කියන එක.... 

හි හි... 

ඇයි අප්පා... ඕක මට හරි මැජික් එකක් වෙලා තිබ්බේ... හරි කෙලින් මේවා අඳිනවානේ.... 

ඉතිං ඔන්න යන ගමන් මම අපේ මහත්තයාගෙන් ඇහුවා ඇත්තටම මේ ඉරි අඳින්‌නේ කො‌ෙහාමද කියලා... මොකද ඒ හරියේ අලුතින්ම ඉරි ඇඳලා, පාරවල් කිරි කිරි පාටින්, බබල බබල තිබ්බේ... 

ඕවා අඳින්නෙ අඩි රෑල තියලා, ඉරි ගහලා, බිම දිගේ බඩ ගාගෙන, පින්සල් වලින් හලෝ... ඒකවත් දන්නෙ නැද්ද.....

ඔන්න අපේ මහත්තයගේ උත්තරේ..... 

ඇහුව මෝඩකම කියලා හිත හිත, ඒත් වැඩේ දැනගන්න ඕනේ නිසා බල කරලා ඇහුවම ඔන්න කිව්වා... 

ඕකට පොඩි මැෂින් එකක් තියෙනවා... ඒකේ තීන්න දාලා, ඒකෙ තියෙන පොඩි රෝදයක් වගේ එකකින් තමයි ඉර ඇඳෙන්නේ තල්ලු කරගෙන යනකොට... ඕක තීන්න ජාතියක්මත් නෙවෙයි... ලොකු ලොරියක තියෙන බැරල් එකක, හැමතිස්සෙම රත්වෙවී තියාගෙන ඉන්නේ තාර වගේ... ඔය ඉරි පොඩ්ඩක් පාරෙන් ඉස්සිලා වගේ පේන්නේ ඒක නිසා... අනිත් එක වැස්ස වෙලාවට එහෙම ඔය ඉරි උඩ ලිස්සනවා....මාක් කරන්නේ ටේප් වලින් තමයි.. ටේප් එකෙන් මාක් කරලා, ලණුවක් දාලා අඳිනවා.... ”

ඔන්න අපේ මහත්තයා විස්තර කරපු හැටි.... 

මාත්හා හා.. ‌ෙත්රුනා.. කියලා ඔලුව වනලා ටික දුරක් යනකොට.. මෙන්න බොලේ කට්ටියක් පාරේ ඉරි අඳිනවා.... 

අපේ මහත්තයට බ්ලොග් එක මතක් වෙලා ෆොටෝ එකක් ගමු කියලා, හරවගෙන එන චුට්ටට, අර තල්ලු කරන් ගිය ඉරි අඳින මැෂිම නම් ආපහු ලෝඩ් කරන්න අර ලොකු බැරල් එකක් තියං ඉන්න ලොරිය ළඟට ඇවිල්ලා... දුක තමයි කියලා ඒ ලොරියෙ ෆොටෝ එකක් අරන් ආවා ඉතිං.. ඔන්න ඒ ෆොටෝ ටික ඔයාලටත් මං වගේ දන්නෙ නැති අය ඉන්නවා නම් අයිඩියා එකක් ගන්නත් එක්ක මම මේකේ දානවා... 

ආ... අමතක උනා කියන්න.... ගිය ගමනෙදි මට බ්ලොග් එක ගැන මෙලෝ මතකයක් තිබුනේ නැති උනත්, අපේ මහත්තයට නම් බ්ලොග් එක මතක් උනා.. ඒක නිසා ‌ෆොටෝ වල සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ එයාට හොඳේ.... 



ඔය ලොරියේ ලොකුවට තියෙන බැරල් එකේ තමයි තීන්න උණු වෙමින් තියෙනවා කිව්වේ... 
පොඩියට තියෙන බැරල් එක තමයි අර මං කිව්ව තල්ලු කරන් යන මැෂින් එක.... 


අන්තිමට තියෙන්නේ ඔය ලණු සීන් එක තමයි... හි හි


මේ ෆොටෝ ටික ගන්න වෙලාවේ ඔය රාජකාරියේ යෙදිලා හිටිය හැමෝම හොඳ සහයෝගයක් දුන්නා කියලත් කියන්න ඕනේ... අපි වැඩි වෙලා හිටියේ නැති නිසා මිසක් නැත්තම් ඒ අය ඉරි අඳින හැටි ෆොටෝ ගන්නත් පුළුවන් කියලා කිව්වා.. ඒත් රාජකාරියේ යෙදිලා ඉන්න අයට කරදර කරන එක හොඳ නැති නිසා අපි ඉක්මණට ආවා... 

105 comments:

  1. හොඳ වටයක් ගහලා වගේ! හැබැයි අනුරාධපුරේ ආපු එකේ මිහින්තලේ පත්ටටත් ඇවිත් යන්න තිබ්බා!!!

    ReplyDelete
    Replies
    1. මිහින්තලේ යන්න වෙලාව මදි උනා නාඩියෝ.. අපි දෙන්නම කලින් මිහින්තලේ ගිහින් තියෙනවා.. ඒත් යාපහු ගිහින් තිබ්බේ නෑ අපේ මහත්තයා.. ඉතිං තේරිම උනේ යාපහුව.. හි හි

      Delete
  2. වැස්ස වෙලාවට එහෙම ඔය ඉරි උඩ ලිස්සනවා.

    මෙන්න මේකනං සහතික ඇත්ත. ඒක ඉගනගත්තෙ හොඳ පාඩමකුත් එක්ක.

    ReplyDelete
    Replies
    1. අනිවා රාජ්.. මාර කස්ටක් කන්නේ බයිසිකලේ ටයර් ගෙවුනම.. ඔය සුදු රෙද්ද උඩින් යන කොට මැන්ටල් වෙනවා..

      Delete
    2. අත්දැකීමෙන්ද කොහෙද දෙන්නම ඒක කිව්වේ.. හි හි....

      Delete
    3. ලිස්සනවා ලිස්සිල්ලක් හිරුවේ .දවස් කීයක් නං බෙල්ල නොකැඩි බේරුනාද

      Delete
  3. කොහේද බං නූල් ගහ ගහ ඉරි අදින්නේ ඒ ඉස්සර.. දැං ඔය මැෂිමෙම තියෙනවා ඉරිගහන්න පුළුවන් එකක්. දෙපැත්තෙන් ඉර වදිනවා. අනික ඔය තීන්ත ජාතියක් නෙමෙයි බං පාප්පයක් වගේ ගාන හුනු විශේෂයක්...හරියට පොටි වගේ... අපේ මහත්තයාට බ්ලොග් වල උන් ටික මතක් වෙලා කෑම ටිකක් අරගෙන ආපු එක නං පංකාදුයි...පොටෝ පොටෝ...

    ReplyDelete
    Replies
    1. නූල් ගහන්නේ ඔය බස් හෝල්ට් වල එහෙම.. ඔය මං ෆොටෝ දාලා තියෙන්නේ බස් හෝල්ට් එකක වංගු ගහපු ඉරක් අඳින තැනක් තමයි.... .. හි හි

      Delete
  4. හිරු මම යමක් එකතු කරන්නම්, ඔබගේ ඉදිරිපත් කිරීමට උඩන් යනවා නොවේ. කිසිම කෙනෙක් මෙවැනි දැනුවත් කිරීමක් කර නැහැනේ.

    පාරේ ඉරි ඇදීමට (සුදු සහ කහ) යන පාට වර්ගයලින් යුතු ප්ලාස්ටික් කුඩු විශේෂයක් තිබෙනවා. එය ඔබ පෙන්වා ඇති යන්ත්‍රයේ බැරලයට යොදා අධිකව රත් කරනවා. එවිට දියරයක් බවට පත්වෙනවා. මේන්න මේ උණු දියරය තමා පාරේ ආලේප කරන්නේ.
    ඉරි අතර දිස්නය දීමට භාවිත කරන්නේ සිහින් වීදුරු බෝල විශේෂයක්. ඉහත ඉරි අදින විටම එම ඉරි මත අදාල විදුරු බෝල (වර්ගය හරියටම නොදනී) යොදනවා. රත්‍රීයේ දිස්නය දෙනු ලබනුයේ මේ විදුරු බෝල විශේෂය නිසා.

    උ/පෙළ ඉගෙන ගනිද්දී රසායන විද්‍යා සර් (පාසලේ) එක්තරා විද්‍යාත්මක සිද්ධියක් පැහිදිලි කිරීමකදී කියා දුන් දෙයකි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ කියලා දුන්න සමහර දේවල් තාමත් මතකයේ තියෙනවා නේද... හි හි... නිර්මලාගේ මේ කමෙන්ට් එක මම පෝස්ට් එකට එකතු කරන්න කියලා හිටියේ.. දැන් නම් එකතු කරනවා නම් කමෙන්ට් ඔක්කොම එකතු කරන්න වෙනවා.. ඒක නිසා මෙහෙමම තියනවා...

      මෙහෙම තොරතුරක්, විස්තරයක් දුන්නම ඒක ගැන මගේ තියෙන්නේ ලොකු සතුටක්... මොකද මේ බ්ලොග් වල කමෙන්ට් තීරුවේ සංවාද වලට මම පෝස්ට් එකට වඩා ආසයි... හි හි

      Delete
    2. හරියට හරි මට ඊටත් වඩා සතුටුයි.ඔයාලා දෙන්නම අපිව දැනුවත් කිරීම පිළිබඳව.නිර්මලා යනු මම කැමති චරිතයකි.මම දකින මිනිස් චරිතය තුල සහ ඇය පවසන දේ තුල ඇයද ජිවමාන බව මම විශ්වාස කරමි.

      මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

      Delete
  5. අක්කිනම් මාර වසනාවන්තයි. හික් මාත් තව ටික දවසකින් අරයා එක්ක යනවා වටයක් ලංකාවට ආවම. හි හි...

    ReplyDelete
    Replies
    1. හි හි.. හීන මව මව හිටු.. ආවාම තියෙන වැඩ කන්දරාව කරලා ඉවර උනාම බැරියැ රවුම් ගහන්න යන්න.. හි හි

      Delete
  6. ඇත්තටම වටින පාඩමක්...

    හිරු මමත් ගියා අනුරාධපුරේ.. මමත් උදේ 05 ඉදල උඩ මලුවෙ සහ රුවැන්වැලිසෑයෙ හිටියෙ... මම විතරක් නෙමේ.. අපේ අම්ම ඇතුලු පවුලේ සැම.... හෙමින් සැරේ දාන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. එහෙනං අපි යන වෙලාවේ ඔවායත් ඉන්න ඇති ඒ හරියේ... ඒත් අපි දෙන්නවා නං පොඩි උන් ගොඩක් මැද්දට හිර උනා... හි හි

      Delete
  7. බදුලු පාර කාපට් කරද්දී මාත් දැක්ක ඔය ඉරි ගැහිල්ල.
    //අනිත් එක වැස්ස වෙලාවට එහෙම ඔය ඉරි උඩ ලිස්සනවා// ෂහතික ඇත්ත නෝනා... අත්දුටුවයි..! හි හි... :D

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කියලා. කාලයක් මම මගේ දඬු මොණරේ පැද්දේ ලැයිසොන් නැතුව. හැමදාමත් පොලෝසියෙන් අල්ලනවා. මමත් හැමදාම පදිනවා. අවිස්සාවෙල්ලේ ඔය ටවුම වෙනස් කොරන්න බස් නැවතුම් පොල එහෙම ගෝමස් එක ලඟට ගෙනත් තිබුනු කාලේ පොලෝසියට වෙට්‍ටුවක් දාන්න ගෙහුන් මම නතර උනේ තඩි ලොරියක් යට. හේතුව ඔය ඉලවු සුදු ඉර. රෝද හතරේ ඒවා පදින්න නොගත්ත නම් මම අදටත් ලැයිසොන් ගැන හිතන්නේ නෑ. මට ලැයිසොන් ගන්න කියලා කිවුවේ ඇඹිලිපිටියේ උසාවියේ නඩුකාර හාන්දුරුවෝ නෙව. උන්දැගේ වචනේ අහක දාන්න බැරි කොමටම තමයි ලැයිසොන් කරදාසිය ගත්තේ. මී ඇස් දෙක පල්ල සහතික ඇත්ත. එහෙනං....!

      Delete
    2. අැත්ත බං ඒ් වෙග් උත්තමෙයක් කිව්වම ෙනාකර හැකිය ෙන්ද

      Delete
    3. ඒක හරි. ඔච්චර කියලත් නොකෙරුවොත් මොනවා නොහිතයි ද.. :)

      ඔය ඉර දිගේ ලිස්සගෙන ගිහින් තව පොඩ්ඩෙන් මං දවසක් කාර් එකක ලයිට් ටික ගලවනවා. ඒක වෙන්න තත්පරයක් තියද්දි කාර් එක ඉස්සරහට ගත්ත නිසා මට ඒ කාරිය කරන්න ලැබුනේ නෑ. කාපට් එක දැම්ම අලුත් නම් කොහොමත් වීදුරුවට වතුර දාපු ගානයි පොදයක් වැටුනම.

      Delete
    4. අත්දෑකීම් ගොඩ්ඩායි... හි හි..

      // ඇස් දෙක පල්ල සහතික ඇත්ත. එහෙනං....!//
      සරා අයියගේ කමෙන්ට් එක් කියවලා අපේ මහත්තයටත් හිනා... හි හි....

      Delete
  8. Sha..... Denna raumak dala wage. Sathutui sathutui. Nodanna deyak danagaththa onna.

    ReplyDelete
    Replies
    1. ආ.. මෙන්න මෙයාගේ මූණ වැටිලා... හි හි

      Delete
  9. මමත් දවසක් මේ වගේ බලන් ඉඳලා තියෙනවා. කුඩු වර්ගයක් රත් කරලා හදා ගන්න මිශ්‍රණයක් තමා පාවිච්චි කරන්නේ.ඔය ඉරි අදින එකත් කලාවක් වගේ. නියමිත තැන්වල දිගු ඉරකුත් ( වංගු සහත තැන්වල ) සහ අනෙකුත් තැන්වල කඩ ඉරි වලිනුත් තමා අඳින්නේ..

    ඔය ඉරි උඩ ලිස්සන කතාව නම් ඇත්ත. එහෙම ලිස්සලා හුඟාක් අනතුරුත් වෙලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මාත් බලං හිටියා ළිහිණි ටිකක් වෙලා.. මං ඉතිං කවදාවත් පාරකට කිට්ටුව පදිංචි වෙලා ඉඳලා නෑ නේ.. ඉතිං ‌මේවා මැජික් තමයි... හි හි

      Delete
  10. ඉරි ගැන ගොඩක් දේවල් දැනගත්ත හිරූ.සාමාන්‍යයෙන් කෙනෙකුට නොපෙනෙන දෙයක් ගැන තමා ඔබ ලියල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. සමාන්‍යයෙන් කෙනෙකුට හිතෙන්නේ නනැති පුරස්නනේ හැලපයියේ මට හැමදාම තියෙන්නේ.. හි හි

      Delete
  11. මේ රට වල ඕක අඳින්නේ කොම්පියුටර් එහෙම හයි කරලා තියන ලොකු ට්‍රක් එකකින්... කැඩි ඉරි, තනි ඉරි, ඩබල් ඉරි ඔක්කොම අඳින්නේ ඒකෙන් තමයි. ඒ ට්‍රක් එක එළවන රස්සාවේ පඩිය පට්ටයි කියලා තමයි කියන්නේ.

    තව ඉරි ජාතියක් තියනවා, audible lines කියලා. හයිවේ වල දාර වල මේ ලයින් එක අඳින්නේ. ඒක සුමට එකක් නෙමෙයි, දාර දාර තියනවා. මිනිස්සු නින්ද ගිහින් හරි වෙන කල්පනාවක හරි, අහක බලාගෙන හරි ඉන්නකොට වාහනේ හයිවේ එකෙන් අහකට යනකොට, රෝදේ මේ ඉර උඩින් ගියාම "ඩර්ර්ර්" ගලා සද්දේ එනවා. ඉතිං අනතුරක් වෙන්න කලින් මොනවා හරි කරගන්න චාන්ස් එකක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔය audible lines මෙහෙත් තියෙනව ලොකු වංගුවල සහ අනතුරු බහුලව සිදුවෙන ස්ථානවල.

      Delete
    2. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නම් මම ගිහින් නෑ... වෙන තැන් වල නම් මම දැකලා නෑ.. සමහර විට අලුත් වැඩියා කරපු නුවර - නුවර එළි පාරේ තියනවද දන්නෙ නෑ.. ඒ වගේ ඒවට තමා ඕනෙම, එක පැත්තකින් හෙල නිසා.

      Delete
    3. මං දැකලා තියෙනවා සමහර අලුත් පාරවල් වල ඔය කියනවා වගේ ලයින් එකක් දාලා තියෙනවා පාර මැද්දෙත්... ඒත් අපේ අය නම් ඒවා උඩිනුත් යනවා ගානක් නැතුව... කවදා හැදෙන රටක්ද මන්දා මේක...

      Delete
  12. නිර්මල කියල තියෙනව වගේ ඕකට ගන්නෙ ප්ලාස්ටික් කුඩු ජාතියක්. 'තර්මෝ ප්ලාස්ට් රෝඩ් සයින්' කියල කියන්නෙ ඕකට තමයි මං හිතන්නෙ.

    හිරුව මේ පැත්තෙත් ආවද මංද මේ ඊයෙ පෙරේද මේ පැත්තෙ පාරවල් වලත් අලුතිං ඔය ඉරි ඇඳගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ නොදන්න විස්තර.. ඈ ප්‍රසා අයි‌ෙය්.... ඔයා මොන පැත්තෙද ඉන්නේ කියලා මං දන්නේ නෑ නේ.. හි හි

      Delete
  13. හූ හූ... අපි දැක්කා උයා හතරගාතෙං යාපහුව නගිනවා... :-D

    ReplyDelete
    Replies
    1. පිස්සු තමා... පොඩ්ඩක් නතර වෙවී ෂේප් එකේ නැග්ගේ බං... හි හි

      Delete
  14. මැෂින් එක නම් දැකලා තියෙනවා වැඩ කරන හැටි තාම දැකලා නෑ. මෙහේ පාරවල් කාපට් කරලා අවරුදු 5ක් විතර වුනත් තාමත් ඉරි ගහලා නෑ. නිතරම වගේ රෑට බයික් පෙරලෙනවා.

    කහ ඉරිනම් පින්සලෙනුත් අඳිනව නේද....?

    ReplyDelete
    Replies
    1. කහ ඉරි නම් පින්සලෙන් අඳිනවා දැකලා තියෙනවා.. ඒවාට ගන්‌ෙන් නිකම් තීන්තද දන්නෑ... හරි ඉක්මණට මැකෙනවානේ....

      Delete
  15. මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොද හැටි මතකයි.....
    මමත් ඔය මාර්ග සලකුණු ගැන ඉගෙන ගත්තෙ අපේ මනුස්පයාගෙන්, අපි හිතුවට මුකුත් දන්නෙ නෑ කියල ඔය වගේ දේවල් ගැන එයාල හොදට දන්නවා... මාර්ග සලකුණු ගැන නම් මම ලර්නර්ස් යන්න කලින් කියල දුන්න.. ඒක හොදට මතක හිටිය මොකද කියල දුන්නේ අපි සතියක් දෙවෙනි හනිමූන් ට්‍රිප් එක ගිහින් එද්දි.....

    ReplyDelete
    Replies
    1. දන්නවා උනාට ඒවා ගනං ගන් නැතුව යන එකනේ නදිනි මෙයාලගේ තියෙන අවුල... හැබැයි මෙදා පාර නම් වැඩිය ස්පීඩ් ගියෙ නෑ... ඒක නිසා මාත් ඇඟේ ලේ ටික බේරගෙන ආවා සන්තෝසෙන්.... හි හි

      Delete
  16. මමත් දැකලා තියනවා අපේ පාරේ ඔය ඉරි අඳින විදිහ. ඇඳලා විනාඩි ගානකින් වේලෙනවා මයේ හිතේ.. පොඩි කාලේ රබර් සෙරෙප්පුව ලෙස්සල අනන්තවත් වැටිලත් තියනවා වැස්ස දවස්වල. දැන් ලොකුයි කියලා නෑ වෙන කල්පනාවක ගිහින් ලෙස්සුවොත් සොරිම තමයි.

    ReplyDelete
    Replies
    1. හි හි... රබර් සෙරප්පුවත් ලිස්සන තරමට රේස් දුවන එකෙක් ද මේ...

      Delete
  17. මට තියෙන අවුල වංගුවල ඔය ඉර නය ගියා වගේ අදින්නේ කොහොමද කියල.

    ReplyDelete
    Replies
    1. මුලින්ම රටහුණු වලින් ඉරක් අඳිනවා. එක දිගේ අර මැෂිමේ තියෙන ඒරියල් එකක් වගේ නැට්ට තියාගෙන තල්ලු කරනවා. එතකොට ඒ ඉර අයිනට හිටින විදියට මිශ්‍රණය වැක්කෙරෙනවා.

      Delete
    2. ඔය මම දාලා තියෙන්නේ ළණු කේස් එක එන්නේ ඒ තැන් වලදි ලු කල්හාන්... ඔය ළණුවක් අල්ලගෙන මාක් කරන්නේ බස් හෝල්ට් එකක්...

      Delete
  18. කෙල්ල කාලෙකට පස්සේ සුපිරි වටයක් ඇවිදලනේ... ඉරි අදින එක නං මේ දවස්වල හැමතැනම වගේ කෙරෙනවා..

    ReplyDelete
    Replies
    1. හි හි... හොඳ වටයක් ගැහුවා නලීන් අයියේ.....

      Delete
  19. ඇයි බොල අක්කේ නිකවැරටිය පාරේ ගියේ අර රත්තරන් වගේ දිලිසෙන බැෂිල් කාපට් දාපු පාර තියෙද්දි???

    හයියූ... ඇහුවනම් කියනවනේ පාර!
    මම දැන් පුරාවිද්‍යාඥයා වෙලා ඉන්නේ :) :)

    මීගමු පාරෙන් කොළඹ ආවා... යකෝ අපේ මාලිගාව ඉස්සරහින්නේ ගිහින් තියෙන්නේ... නොදෝකින්.. ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මාලිගාව ගාව බෝඩ් එකක් ගහලා තියපං.. ඊළඟ පාර එන්නම් ... හි හි.... නිකවැරටිය පාරේ ගියේ පඬුවස් නුවර හොයන්නනේ බං... ඒක නම් දුකක්... ඉස්සර නම් ගොඩක් සරුවට තිබ්බ කියලා අපේ මහත්තයා කියනවා... දන් නම් පාරේ බෝඩ් එකක් වත් නෑ... තාම කැණිම් කෙරෙනවා වගේ පෙනුනා.. සමහර විට ඒ හින්දා වෙන්න ඇති... හි හි...

      Delete
  20. ඔය ඉරි ගැහිල්ලෙන් කී දෙනෙක්නම් ගහනවා ඇද්ද නේ...?

    ReplyDelete
    Replies
    1. මේවගෙන් එච්චර ගහන්න බෑ....පාර උඩ පේන්න තියෙනවනේ..දිගක් පලලක් තියෙනවා...ඒ හින්දා ගනන් මිමි තියෙනවා...කොලිටි එක බලන්න ස්පෙසි‍ෆිකේශන් තියෙනවා..

      ගහන්න්න පුලුවන් පාර යට තියෙන එවාගෙන් තමයි..ඒත් ඉතින් වැඩිම උනොත් මිලියන් වලින්...ඒත් පාර පටන් ගන්නත් කලින් බිලියන් වලින් ගහලා ඉවරයි....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. නැත්තෙමත් නෑ.
      පාරක ඉරි ගැසීමේදී සමාන්‍යෙයන් එම ඉරක ඝනකම මි. මී. 3 ක් පමණ බලනවා. ඉතින් ඔයාලා බලන්නකෝ හැම තැනම නියමිත ඝනකම තියෙනවාද කියා.
      අනිත් කාරණය බාල මැටීරියල් පාවිච්චි කරන වේලාවලුත් තිබෙවා. කුරුණෑගල පළාත් සභා පාරක වරක් එහෙම දෙයක් වුනා.
      තවම 2007 මාර්ග සංඥා සංශෝධනය ගැසට් කර නැහැ. ඒ නිසා බොහෝ පාරවල්වල (පරණ ක්‍රමයට) ඉරි ගහනවා. (මෙකෙන් වාසි ගන්නේ පොලිස් රාලහාමිලා.)
      නමුත්, ඔබ කියනදේ ද නිවැරැදියි. සල්ලි හංගලා ගන්න වඩාත් පහසු පොළවට යට වෙන කොටස්. ඒ වාගේම ව්‍යාපෘතියක් පටන් ගන්න විට හැකි උපරිමය දක්වා ගසා කාලා අවසන්.

      Delete
    4. මාතලන්ට එතනත් මතක් වෙච්ච එක... හි හි...

      හැබැයි මේවයින් ගහගන්නේ ලොකු පුටු වල උන් මිසක් පොඩි මිනිස්සු නම් නෙවෙයි... මේ වැඩ කරපු අය මොන මහන්සියක් වෙනවද කියලා බලං ඉන්දැද්දී තේරුනා...

      Delete
  21. කට්ටිය ඉරිනම් ගහනවා මහන්සි වෙලා, ඒ වුනාට ඒකෙන් දෙන අණ / සංඥාව නම් පිළිපදිනවා බොහොම අඩු බවක් තමා පෙන්නුම් කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. සෙන්නා, බලංගොඩ පහුවෙලා බදුල්ල පැත්තට යනකොට සමහර තැන් තියෙනවා එක දිගට කිලෝ මීටරය, දෙක දිග ඩබල් ඉරි. තනි ඉරීම තියෙනවා එකදිගට කිලෝ මීටර් ගානක් වෙච්චි එව්වා. ලොරියක් කොට කොටා තිහට හතලිහට යද්දී පස්සෙන් යන වාහන කොහොම යන්නද. අනික දකුණට වංගුවක් තියෙද්දී ඉදිරිය බොහෝම පැහැදිලිනම් ඉස්සර කරන්න පුළුවන් නේද? ඒ වගේම තමයි ඩබල් ඉරි මොන විදියකින්වත් කපන්න තහනම්. එතකොට ගෙදරින් මීටර් සීයක් එහා කඩේට බයික් එකේ ගිය එකා ආපහු ගේ පහු කරගෙන කිලෝ මීටරයක් විතර ගිහින් හරෝගෙන එන්න ඕනි. මේවා ප්‍රායෝගික නෑ.

      හැබැයි ඉරි කපන වැඩෙන් මමනම් අනන්තවත් ලේ පුච්චගෙන තියෙනවා. විශේෂයෙන් මහ රෑ. ප්‍රයිවට් බස් කාරයෝ රෝන් සයිඩ් එනවා විශාල වංගු වලදී වාහන නැති පාළු වෙලාවටත්.

      Delete
    2. අකමා,

      ඔය ඉරි පාරෙ ඇඳලා තියෙන්නෙ ලස්සනට නෙමේ කියලා උඹ දන්නවනෙ.. වංගු වල දිගටම තනි ඉරි, ඩබල් ඉරි ගහන්නෙ එතන අනතුරක් තියන නිසානෙ.. තමුන්ට කැමතිනම් නීතිය කඩලා ඉස්සර කළෑකි..හැබැයි at your own risk..

      >> එතකොට ගෙදරින් මීටර් සීයක් එහා කඩේට බයික් එකේ ගිය එකා ආපහු ගේ පහු කරගෙන කිලෝ මීටරයක් විතර ගිහින් හරෝගෙන එන්න ඕනි. මේවා ප්‍රායෝගික නෑ. <<

      ඕවා ප්‍රායෝගික නෑ කියලා අපිට හිතෙන්නෙ අපේ විනය මදි හින්දා. අපිට හැමදේම ලේසියෙන් කරගන්න ඕනා හින්දා.. පාරක ඉරි ගහද්දි එතන තියන ගේකුයි, ඒ ගෙදර මිනිස්සු යන ඉස්සරහා තියන කඩෙයි ගැන හිතන්න බෑනෙ මචන්.. වඩා වැදගත් දේවල් ගැන අවධානය යොමු කරන්න වෙනවා.. කරලා එහෙම කටයුතු කරන්න වෙනවා.. හරි ඔය ඉරි කපලා යන්නෙ ඉරි තියන හින්දනෙ.. ඉරි වෙනුවට පාර මැද්දෙ දිගටම අඟල් හයක් විතර උස ගැට්ටක් දාලා තිබුනොත් උබැහැ මොකෑ කොරන්නෙ..??

      මෙහෙ මචන් එක එක්සිට් එකක් මිස් වුනොත් සමහර වෙලාවට කිලෝ මීටර් ගනන් ගිහින් තමා ආයෙ හරි පාරට එන්න පුළුවන්..ඕනා ඕනා තැන් වලින් යූ ටර්න් ගහන්නවත්, හරවන්නවත් බෑ..ඔහෙදි ඉස්සරහ කඩේට යන්න පොඩි දුරක් යන්න බැරි අයියලා මෙහෙදි හරි අපූරුවට එහෙම දුර ගිහින් හරවන් ආයෙ හරි පාරට එනවා..

      ඔය ඉතින් උඹම කියලා තියෙන්නෙ ඒවයෙ ආදිනව ගැන.. වෙන මොන කතාද ?

      මීට පස්සෙ ඉරි වලට ගරු කරලා පරිස්සමෙන් පැදහන් හරිද ? :D:D

      Delete
    3. ඕවා ඉතින් කරන්න බැරි ලංකාවේදී තමයි. පිට රටකට ගියාම ඔය ප්‍රයෝගික නැති දේවලුත් යස අගේට කරන්නේ අපේ අයියලා..

      Delete
    4. ඔව් සෙන්නා ඔයාගේ කතාවට මං එකඟයි. විනය අංක එකට ගෙන්න ඕනි. ඒත් මං අර පහල කමෙන්ට් එකක දැම්ම විදියට එක පැත්තකට විතරක් භයානක වංගුවල ඉස්සර කිරීම වලක්වා අනෙක් පැත්තෙන් එන වාහන වලට ඒ හැකියාව ලබා දීමෙන් ඔවැනි වැරදි වලට පෙළඹීම් අඩු කරන්න පුළුවන්.
      (දකුණට තරමක වංගුවක් ඇති විටෙක, පාරේ දකුණු පැත්ත තැන්නක් හෝ පල්ලමක් නම්, එනම් පාරේ ඉදිරිය පැහැදිලිව පෙනෙයිනම් අනතුරු දායක බව අඩුයි නේද? ඒත් අනෙක් පසින් එන වාහනවලට වමට ඇති වංගුව නිසාත් ඉදිරියෙන් යන වාහනය නිසාත් ඉස්සර කිරීම අතිශය භයන්කාර වෙනවා නේද?

      15-20Kmph වේගෙන් කඳු අදින ලොරි මේ පාරවල් වල සාමාන්‍ය දෙයක්. ඒවගේ වාහනයක් පිටිපස්සෙන් ඩොල්ෆින් එකක්, මොන්ටෙරෝ එකක්, ඉන්සයිට් එකක් යයිද? හරි හරි.. ඔක්කොම විනය ගරුකයි කියමුකෝ. එතකොට ලංකාවේ තියෙන වාහන වල හැටියට ට්‍රැෆික් එක කොච්චරක් දිග වෙයිද?

      ඔය ගොඩක් දේවල් වලට විසඳුම විනය හැදීම, මාර්ග සලකුණු යාවත්කාලීන කිරීම, මාර්ග පුළුල් කිරීම වගේ දේවල් නේද?

      .........//මීට පස්සෙ ඉරි වලට ගරු කරලා පරිස්සමෙන් පැදහන් හරිද ? :D:D//..... :D :D

      Delete
    5. හි හි.. මං ඕනේ නෑ මුකුත් කියන්න.. සෙන්නගේ කතාව හරි... මං දැකලා තියෙනවා හයි වේ එකේ පාර හරහා පනින මිනිස්සුත්... ටිකක් ඈතින් තියෙනවා පාර පනින්න තැනක් හදලා පාරට යටින්... එතනින් යන්න බෑ... ගේ ඉස්සරහින් තියෙන්න ඕනේ පාර පනින තැන .. අනේ මන්දා අපේ මිනිස්සු...

      Delete
  22. ඒක හොඳා. ඇඟ බහින්ටත් එක්ක. මොකෑ ඉතින් කනවා කම්පීතර ඔබනවා හැර වෙන වැඩක් කොරන එකක් කියලයෑ. හැක්... ඒත් මම බැලුවා හිරුවට කොහෙද කුරුණෑගල නෑයෝ කියලා. මේකයි එහෙනම් හොරේ නේද.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ සරා අයියේ.. අපේ මහත්තයා මට කම්පියුටරේ තහනම් කරලා තිබ්බේ ඊයේ දවසමත්... අද මේ හොරෙන් රිංගුවේ රිප්ලයි ටික දාන්න.. හි හි...

      Delete
  23. මම්ත් දැනන් උන්නෙ නෑ..ඕන් අද තමා දැන ගත්තෙ හිරු ! හි හි..

    ReplyDelete
    Replies
    1. වෙනි අන්කල් වගේ රටේ වටේ යන කෙනෙකුත් මේක නොදැන හිටිය එනකම් පුදුමයක්... හි හි

      Delete
  24. හ්ම්ම් හ්ම්ම් පැණිහඳ ‍ටුවර්ස්..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ සරත් අයියේ.. ඒ ගියේ කොයි කාලෙද.. හි හි

      Delete
  25. අයියෝ ඇහුවා නම් කියලා දෙනවනේ...මේක මගේ රස්සාවනේ....මේ තීන්ත වලට දානවා ග්ලාස් බිඩ්ස්..පොඩි වීදූරු කෑලි...එතෙකොට තමයි ‍රැට ඒවා දිලිසෙන්නේ....තීන්තවලත් තියෙනවා පොඩි ල්ය්මිනස් ගතියක්....ඒතකොට අර ගහන ඉරේ පලල වෙනස් කරන්නත් අර තල්ලු කරන් යන කරත්තෙ පොඩි ගැජමන්ට් එකක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ගහන ඉරේ ඝනකම වැඩි කරන්නත් පුලුවන්....එකෙන තමයි අර තිසර කියලා තියෙන ඕඩියබල් ලයින්ස් අදින්නේ....තව ඔනේ නම් දෙන්නම් ස්පෙසි‍ෆිකේශන් ටොන් ගනන්...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මම උඩින් දාපු කොමන්ට් එකේ වැරදීමක් වූවා. එකේ 2007 නොවේ 2001 විය යුතුයි. 2001 මාර්ග සංඥා සංශෝදනයවත් ගැසට් වී නැහැ නේද? මා දැන ගත් පරිදි අසන්නේ.
      සමහර පාරවල්වලනම් ඒත් අළුත් ක්‍රමය තිබෙනවා. එත් ගැසට් කිරීම සම්බන්දයෙන් ඔබ යමක් දන්නවා ද?
      ගැසට් කරලා නැති ආකාරයක මාර්ග සංඥා / ඉරි ගසලා තිබුනොත්, ඒක නීති විරෝධී කියා මා සිතන්නේ. කට තියෙන මහත්තෙයෙකුටනම් ඉර කපලා අසු වුවහොත් පොලිසියට උගන්වන්න පුලුවන්. එත් මේ ශ්‍රී ලංකාවේ නම් ඒ දේ කරන්න බැරිවෙයි. මතකනේ අර හරස්පාර බ්ලොග් එකේ තියෙන පොලීසිය හාවා අල්ලපු කතාව.
      http://haraspara.blogspot.com/2013/02/blog-post_27.html

      Delete
    4. හම්බන්තොට පැත්තේ යනකොටනම් තියෙනවා කහ ඉරිවලට පොඩ්ඩක් මෙහායින් කිරිබත් කෑල්ලක් වගේ කොටුවක් ඇඳලා. ඇත්තටම එක ගොඩක් වටිනවා සීබ්‍රා ඉරි වලට වඩා. අනික තමයි ඩබල් ඉරි තියෙනවා එක පැත්තක් කඩ ඉරි. අනික් පැත්ත තනි ඉර තියෙන ඒවා. එකත් ගොඩක් වටිනවා...
      ඔය සඤ්ඤා ගැන කාලෙකට ඉස්සර අපේ ලර්නස් එකෙන් ඇහුවම උන් කියනවා බොරු කියන්න එපා කියලා. :D

      Delete
    5. ඇත්තෙන්ම AKM එය තමා අළුත් මාර්ග සලකුණු ක්‍රමය. ඒත් ඒක තාම ගැසට් කරලා නැහැ. එනිසාමදෝ තාම පරණ ක්‍රමයටත් ඉරි අදිනවා.

      Delete
    6. මාර වැඩේ... අපි දන් නෑ නේ ඔය ගැසට් වල මොනවා තියෙනවද කියල.. ඉතිං පොලිසිය කියන එක කොරන්න තමයි වෙන්නේ... ඇත්තටම අපේ රටේ හැම එකම කරන්නේ කණපිටට.. මුලින් කරන්න ඕනේ දේවල් කරන්නෙ නැතුව පස්සේ වැඩ අවුල් උනාම ආයිමත් විකාර කරනවා.. හැම තිස්සෙම එහෙමනේ...

      Delete
  26. යකෝ මේක දැකල නැද්ද???

    ReplyDelete
    Replies
    1. නෑ නේ බං සෑම්.. ඒකනේ මේවා මැජික්.. හි හි

      Delete
  27. හපෝ... චී... පාරෙ ඉරි අඳින්නවත් දන්නෙ නැද්ද ? මමත් දන්නෙ දැං :D

    ReplyDelete
  28. අයියෝ සල්ලි බොලා ඕකවත් කලින් දන්නේ නැද්ද?.ඔයාලා ටුවර් එක ගියේ බයික් එකේද?

    ReplyDelete
    Replies
    1. බයික් එකේ තමයි නිෂාන්... හි හි... දන් නැති නිසානේ බං මේවා මැජික්...

      Delete
  29. හිරූ කියන මැෂිම ගන්න කලින් පොඩ්ඩක් මැන්ටල් බුවෙක් ඔය පාරවල් වල ඉරි ගහන ජොබ් එකට ගියාලු. මූට සුපර්වයිසර් ලොකු තීන්ත ටින් එකකුයි පින්සලෙයි දුන්නලු. පළවෙනි දවසෙ මූ කිලෝ මීටර් තුනක් ඉර ඇන්දලු. දෙවෙනි දවසෙ දෙකකටත් අඩුයිලු. තුන්වෙනි දවසෙ කිලෝමීටර් බාගයක්වත් ගහගන්න බැරිවෙලා.
    පස්සෙ සුපා ගිහින් බැලුවලු මූ නිදාගන්නවද කියලා. බැලින්නම් තීන්ත ටින් එක අර මුලින්ම දවසෙ තියාපු තැන පාර මැද්දෙලු තවම. මූ එතනට ගිහිල්ලයි පින්සලේ තීන්ත එකේ ඔබාගෙන එන්නෙ.

    ReplyDelete
    Replies
    1. හි හි.. ඩූඩ් අයියටත් මතක් වෙන දේවල්... හි හි

      Delete
    2. අම්මට හුඩු..එහෙනම් පාරෙ ඇලෙන ගම් ටිකක් ගාල වෙන්නැති පාරෙ ගිය වසවර්තියෙක්...හික්..!:))))

      Delete
  30. අහ්හ්... හිරු අක්කා හොද වටයක් දාලා වගේ... හොදා හොදා.....

    ඉරි කතාව අදයි දැන ගත්තේ.... තැන්කූ ඈ....

    ReplyDelete
  31. බොට පිස්සුද? "මේකට පිස්සු නටපු ඉස්කෝලේ කාලේ" කියලා ලේබල් එකක් දාන්න. මට හිතුණා මේ දවස් ටිකේම සබන් බෝල පුම්බන්නයි, වෙරළේ හීන දකින්නයි යනකොට. අපි වගේ වැදගත් මිනිස්සු ආශ්‍රය කරන එකත් දැන් නවත්තලානේ තියෙන්නේ. යසයි බොට. ඔහොම වෙලා මදි.

    ------
    අර මැෂින් එකනම් මහ පාරේම ඉන්න අපිට නිතරම හම්බ වෙනවා. ඕකෙ යටිනුත් පොඩි ගිනි දැල්ලක් තියෙනවා. අනික තමයි ඔය තීන්ත එක රබර්, වීදුරු කුඩු වගේ දේවල් මිශ්‍ර කරලා හදලා තියෙන්නේ. වැඩිපුර ගෑවුණු ඒවා කපන කටුවෙන් කපන්නේ.

    මේ දවස්වල රෑට රත්නපුරේ පැත්තේ කැරකුනොත් කාපට් එකේ රැළි ග්‍රේඩර් කරන මැෂින් එකකුත් බලා ගන්න පුළුවන්. ටික කාලෙකට ඉස්සෙල්ලා වෙන මැෂින් එකකින් ඔය වැඩේ කරන්න හැදුවත් දුවිල්ල නිසාද කොහෙද වැඩේ අල්ලලා දැම්මා. දැන් මේකෙන් පාර ග්‍රේඩර් කරලා එන කුඩු ටිකත් ටිපර් එකටම පැටවෙනවා. දුවිල්ලත් සාපේක්ෂව අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඒ ‌ලේබල් එකේ ටිකක් පරණ මතක සහ පොඩි පොඩි දැනුමට යමක් දේවල් තියෙන නිසා බං ඒක දැම්මේ.. හි හි...

      ඔය ගෑස් සිලින්ඩරේකුත් පටවනවා දැක්කම තමයි මං ඒ ගැජට් එක දැක්කේ... ග්‍රේඩර් එකක් දවසක් අපේ මහත්තයා මට පෙන්නුවා මහරගම හරියේ පාර හදනකොට...

      Delete
  32. ඔය සීන් කෝන්නං ඉතිං පොඩි කාලෙදිම මං බලාගත්තා තාත්තට පිං සිද්ධ වෙන්න...
    ට්‍රිප් එකේ විස්තර ටිකත් එයි නේ ලඟදිම??????

    ReplyDelete
    Replies
    1. ට්‍රිප් එකේ ඒ තරම් විස්තර නෑ තරියෝ.. හි හි

      Delete
  33. පඬුවස් නුවර පන්සලේ විහාර ගෙය ඇතුලෙ ලස්සනට ඇදපු චිත්‍ර තියෙනව නේද?මම අවුරුදු 8/9 දි වගෙ ගිය මතකයක් තියෙනව.එකෙනුත් මතක තියෙන්නෙ අපාය ගැන ඇදල තිබ්බ චිත්‍රය පෙන්නල,ආච්චි මාව බය කලා පව් වැඩ කලොත් වෙන්නෙ මේකයි කියල:).

    ReplyDelete
    Replies
    1. එදා පෝයනේ කෙන්ජි.. සිල් ඇත්තෝ විහාර ගේ පැත්තේ හිටියේ නිසා අපි දෙන්නා ගියේ නෑ.. බාධාවෙන නිසා... ඒත් තාම ඒවා තියෙනවා කියලා එතන හිටපු කෙනෙක් කිව්වා...

      Delete
  34. " මොකක් කිව්වා.... හිරුවා නැග්ගද යාපහු ඇහුවා..... ???? "

    අපි දැක්කා හරි අපූරුවට කොණ්දත් අල්ලන් යාපහු නගින ලස්සන.. බර කීයක් විතර අඩු වෙලාද දන්නේ නෑනේ.. හෙහ්..

    මෙහේ පාරේ ඉරි අදින සිස්ටම් එක වෙනස්..

    ReplyDelete
    Replies
    1. කිලෝ එකහමාරයි මලයා... හැබැයි අමාරුවෙන් නැග්ගට පාඩු නෑ වගේ.. හි හි...

      Delete
  35. දෙන්න එක්ක හොඳ රවුමක් ගහල
    අපේ පැත්තෙ ආවේ නෑ නේද
    තරහයි
    සීගිරිය පැත්තෙත් ආව නම් කොපමණ හොඳද?

    ReplyDelete
    Replies
    1. හම්මෝ.. යාපහුත් නැගලා සීගිරිත් නඟින්න... හි හි...

      සීගිරිය යන්න නම් දවසක් වෙන් කරන්න වෙනවා.. මෙදා පාර ඒක අමතක කළා... සීගිරියට යන්නම වෙන දවසක යනවා.. මම නම් කටපාඩම් වෙනකම් ගිහින් තියෙනවා.. අපේ මහත්තයා ගිහින් නෑලු...

      Delete
  36. මීට පස්සේ යන්න කලින් දැනුම් දෙන්න. එතකොට ඒ පැත්තේ ඉන්න අයගේ අනුග්‍රය ලබා ගන්න පුළුවන් ආහාර පාන වලට. මම ඉතිං ඔය වගේ දෙයක් දැක්කොත් නැවතිලා බලන් ඉන්න එකානේ. ඉස්සර වරු ගණන් ඕව බලන් ඉඳල තියෙනවා. හැබැයි කැමරා නෑ අපිට ඒ දවස් වල. ෆිල්ම් රෝල් දාන ඒවා විතරයි තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. බො‌ෙහාම ස්තූතියි සුදීක අයියේ.. මේ ගමන ගියේ ටිකක් හදිස්සියේ.. වැඩිය ප්ලෑන් කළේ නෑ.. බිස්කට් පැකට් ටිකක් දාන් ගියා හදිස්සියක් උනොත් කියලා.. ඒත් කෑම බීම වලට නම් එහෙම අවුලක් උනේ නෑ.. හි හි

      Delete
  37. හිරු.. අපේ ගම්පළාතේ රවුමක් ඇවිදලා ඇවිත්.. නිවාඩුවෙන් හොඳ ප්‍රයෝජනයක් අරන්..යාපහුවට යන්න දළදාගමින් හැරිල කිලෝමීටර්15 විතර යන්න ඕනේ.. මේදවස්වල නම් අව්ව සැරයි..

    පාරේ මායිම් ලකුනු කරන එකනම් මටත් පුදුමයි මමත් දවසක් බලන් හිටියා..ඒවෙන තෙක්ම මමත් හිතා හිටියේ පින්සලෙන් තීන්ත අදිනවා කියලා

    ReplyDelete
    Replies
    1. මාත් මෙච්චර කල් හිතන් හිටියේ එහෙමයි කියලා තමයි අයියේ.. කහ ඉරි අඳිනවා දැකලා තිබ්බ නිසා.. ඒකනේ මේක මෙච්චර මැජික් එකක් උනේ.හි හි... ඔය දළදා‌ගම හන්දිය මිස් වෙලා තමයි අපිට කලින් දවසේ පාර වැරදුනේ...

      Delete
  38. එතකොට මේකත් අපි තනියෙම කතාකරන බ්ලොග් එකක් දැන් නේ?

    මේක හරියට පාටියකට ඉන්වයිට් කරලා අමුත්තො ආවාම කාමරේට වැදිලා නිදා ගන්නවා වගේ.

    අපි කාලා බීලා යමල්ලා මචංලා. ගනිං ඔය බෝතලේ මෙහාට...

    ReplyDelete
    Replies
    1. සොරි ඩූඩ් අයියේ.... අපේ මහත්තයා වීක් එන්ඩ් එකට මං කම්පියුටරේ ගාවට ආපු ගමන් බනිනවා.. ඒක නිසා හොරෙන් ඇවිත් මේ කමෙන්ට් ටික දැම්මෙත්.... හි හි

      Delete
    2. එහෙනම් සොරිම වේවා. පවුල පළමුව. අපේ මහත්තයා හරි.

      චෝදනාව ඉල්ලා අස්කර ගන්නවා.

      (ඒ වුනාට මේ කමෙන්ට් එක ගැලපෙන තවත් බ්ලොග් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා.)

      Delete
  39. මේක පාරවල් වල මම ගොඩාක් දැකල තියෙන දර්ශනයක්. එත් මේ අඳින විදිය දකිනකම් අපිටත් හෙන මැජික් එකක්. කොහොමද මේ ඉර කෙලින් ගහන්නේ කියල.

    ReplyDelete
  40. මමත් පාරවල් වල ඉරි අඳින හැටි දැනගත්තෙ ගොඩක් කාලෙකට පස්සෙ..තවත් ආසාවක් තිබුනා පාරවල් වල කැට්ස් අයි හයිකරන හැටි බලාගන්න..නුවර පාරේ ඒවා හයිකරන හැටි බලන්න හම්බවුන නිසා ඒකත් හරි..

    ReplyDelete
  41. අයියත් සෑහෙන්න බයිටක් දෙනවා වගේ නේද ඔයාට???? හික් හික් හික්.

    ReplyDelete
  42. සුදු ඉරි කෙසේ වෙතත් කහ ඉරිනම් තාම අඳින්නෙ අතින්,පින්සලෙන්...! අපේ පැත්තෙ.

    ReplyDelete
  43. ඕය සුදු තීන්න ජාතියක්ද මංදා ඔවා ගාන මැසිම ගාවට යන්න බැ අම්බානෙක රස්නෙයි

    ReplyDelete
  44. හිරු ගොඩාක් ආසාවෙන් කියෙව්වා. කවදාවත් හිතල නෑ මෙහෙම අඳින්නෙ කොහොමද කියලා. ස්තූතියි ඔබටත් නිර්මලාටත් මේ දැනුවත් කිරීමට. වන්දනා ගමන ගිය එක හොඳා නිවාඩු පාඩුවෙ.

    ReplyDelete

  45. කහ ඉරි නම් ඉස්කෝලේ යන කාලේ අඳිනවා දැකල
    ඇති නහුතෙට..මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න
    පාරවල් හැදීමේ සියලු ක්‍රම බලාගත්ත..
    ( හැංගිච්ච පවා :wink..)

    habai hiru 2005 wage kalin okkoma kare
    pinsalen thamayi..langadi oya machine awe...

    ReplyDelete