Tuesday, February 19, 2013

සබන් බෝල බොතලේ......



මේක ලියනවා කියලා හිතාගත්තේ ඊයේ උනාට ලියන්න හම්බුනේ නැති නිසා ඔන්න අද පටන් ගත්තා... 

පින්තූරේ බලලා කල්පනා කරනවා ඇතිනේ කට්ටිය මේ මොකද්ද මේ වැඩේ කියලා.. හි හි... මේ ගෙදර ඉන්න පොඩි එකා මම තමයි.. ඉතිං පොඩි එකාට සබන් බෝල පුම්බන්න හම්බුවෙලා තමයි ඔය.. හි හි

ඇත්තටම වෙච්ච වැඩේ තමයි එදා ගෙවල් අස් කරද්දි ලට්ට ලොට්ට ඔක්කොම කුණු ටැක්ටරේට පටවන්න කියලා අපේ ගෙදරට ගොඩ බාලා ගියාට පස්සේ අපේ නැන්දම්මා ඕනේ කරන බඩු වගෙකුත් නැති වෙලා කියලා කිව්ව එක.. ඉතිං අපි දෙන්නා ඉරිදා ඔය ඔක්කොම ඇදලා බැලුවා නැන්දම්මගේ නැති උනාය කියපු රාජකීය කොරහ තියෙනවද බලන්න.. ඒ අස්සේ තමයි මට ඔය භාණ්ඩේ හම්බුනේ... 

ඕක ඇවිල්ලා පේන විදියටම සබන් බෝල පුම්බන එකක් තමයි... ඕක දැකපු ගමන් මට හිතුනේ අනේ ඇත්තටම අපේ ළමයින්ට අපි කරන ලොකු අපරාදයක් නේද මේක කියලා... 

ඉස්සර ගස්ලබු බටයක් කපාගෙන, සබන් ටිකක් දිය කරගෙන ඕකෙන් බෝල පුම්බ පුම්බ වත්ත වටේ ඇවිදින එක මගේ හරිම ජොලි සෙල්ලමක්... අවුරදු 7ක් වෙනකම්ම තනියෙන් හිටපු එකානේ මම... ඉතිං ඔය වැඩේට මම එක්ස්පර්ට්... හි හි... 

හරි පුංචි දෙයක් වගේ උනත් ඕකෙදි කොච්චර දේවල් හිතන්න තිබ්බද.... වැඩේට හරියන විදියේ ගස්ලබු බටයක් හොයා ගන්න ඕනේ.. වැඩිය වේලිච්ච ඒවා හරියන්නේ නෑ... හීනි ගස්ලබු බටත් වැඩේ වණ කරනවා... 

ඊට පස්සේ සබන් දිය කිරිල්ල... ඒකත් එක්තරා සිස්ටම් එකකට කරන්න ඕනේ.. සන්ලයිට් වලින් සබන් පෙණ හදාගත්තම ලොකු බෝල පුම්බන්න බෑ... ඔන්න රින්සෝ ටිකක් දා ගත්තනං වැඩේ ගොඩ.. ගොඩක් ‌පෙණ එන්න හදාගෙනත් වැඩක් නෑ... ගානට තියෙන්න ඕනේ.. 

ඊට පස්සේ ඕක පුම්බන කලාව... ඒක තමයි සෙල්ලම... ලොකු බෝල පුම්බන්න නම් හිමීට, සීරුවෙන් පිඹින්න ඕනේ.. දඩිබිඩියට බෑ... ඒ ව‌ෙග්ම එක පාරට බෝල ගොඩක් පුම්බන්න නම් ඒකටත් පුරුද්ද තියෙන්න ඕනේ... ඒ අස්සට බටේ දිගේ සබන් වතුර ටික කටට එන්නේ නැති වෙන්නත් පරිස්සම් වෙන්න ඕනේ... 

හප්පා.. ඕක ලොකු ප්‍රොජෙක්ට් එකක්... හි හි

පස්සෙ කාලෙක ආවා මට මතකයි පොඩියට හදපු බෝතලයක් ඔය වගේ.. ඒකෙනුත් ‌බෝල පුම්බන්න එක පාරට බෑ.. පුරුදු වෙන්න ඕනේ... අනිත් එක ඒකේ සබන් වතුර ටික ඉක්මණට ඉවර වෙනවා... හි හි... 

ඔය සබන් බෝල පිම්බිල්ල හින්දා මම එක පාරක් හොඳ වැඩක් කරගත්තා... 

අපේ අම්මලගේ මහ‌ෙගදර හිටියා බලුස් කෙනෙක්.. ජිංගල් කියලා... දවසක් ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා, මෙයා එක්ක නට නට, මම සබන් බෝල පුම්බ පුම්බ ඉන්න කොට, වැරදිලා සබන් බෝලයක් මෙයාගේ ඇහැට ගියා... මෙයා පැන්න ගමන් කෑවේ මගේ ඇහැ ගාවම... හොඳ වෙලවට දම්පාට බේත් ටිකක් ගාලා ෂේප් කරගන්න පුලුවන් තරටම තුවාල උනේ.. ඊට කලින් දවසකුත් එයා මට ඔහොම වැඩක් කළා.. ඒක පස්සේ දවසක කියන්නම්.... 

මං මේ හෑල්ලක් ඇදබෑවේ මේක කියන්න... 

මේ මට අහුවෙච්ච බෝතලේ මාසයක් බෝල පිම්බුවත් වතුර නම් ඉවර වෙන්නේ නෑ.. පිඹින්නත් කිසිම ප්‍රැක්ටිස් එකක් ඕනේ නෑ.. ඔහේ පිම්බම සබන් බෝල පාවෙනවා.. එක එක සයිස් එකට ....... 


ඊළඟ හොඳම වැඩේ මේකත් Made in China.. හි හි..... 

මේ බෝතලයක් අරන් දුන්න ළමයෙක් කවදාවත් හිතන්නේ නෑ මේ වැඩේ ගස්ලබු බටේකින් කරන්න පුලුවන් කියලා... එහෙමත් නැත්තම් මේකට දාන සබන් වතුර එක හදන්නවත්.. මොකද මේ බෝතලේ තියෙන සබන් වතුර ටික ඉවර වෙනකොට ළමයගේ සබන් බෝල පිම්බිල්ලේ ආසාවත් ඉවරයි.. හි හි

එහෙම බැලුවාම වැඩිහිටියෝ, දෙමවුපියෝ හැටියට අපිම නේද මේ ළමයින්ගේ හැකියාවන්, දක්ෂකම් නැති කරන්න වැඩ කරන්නේ කියලා මට හිතුනා... ළමයින්ට හිතන්න අවස්ථාවක් දෙන්නේ නැත්තේ අපි ආදරේට කරන මේ වගේ වැඩවලින් නෙවෙයි ද කියන එක මට හිතට තදින් වැදුනා.... ඒ වෙලාවෙම හිතාගත්තා මේක ලියනවා කියලා....  

ඉතිං අපේ මහත්තයට කියලා ඔය ෆොටෝ දෙක ගත්තා මේකේ දාන්න... ඊට පස්සේ සබන් බෝල පුම්බ පුම්බ වත්ත වටේ ඇවිද්දා ගෙදර ඇන්ටිවත් හිනස්සවන්න එක්ක... 

හරි වැඩක්නේ... මං තාම පොඩි එකා තමා...... මොකද හිනාවෙන්නෙ.... හි හි.... 

ප/ලි... 

කලින් පෝස්ට් එකේ කමෙන්ට් වලට උත්තර දැම්මෙ නෑ. .... දැන් දන්නවනේ කට්ටිය කියපු දේවල් ඇත්ත කියල.. හි හි.... 

145 comments:

  1. අලේ...ඔන්න චූටි පැටියෙක් සබන් බෝල පුම්බනවා...හි හි හී

    ඉස්සර අපිත් ඔය ගස්ලබු බට කපාගෙන අම්ම්ගේ සබන් කැටේ හොරෙන් අරන් එක විකාරයක් කලා. එකෙක් සබන් බෝල පුම්බද්දී තව එකෙක් ඒවා අල්ලන්න උඩ පනිනවා..ෂික් ..ඒ කාලෙ හැමදාම තියෙන්නෙ තිබ්බේ.. :(

    ReplyDelete
    Replies
    1. අජෝව් බොට කව්ද කිව්වේ එක වෙන්න කියලා.. ලෙඩා හිටු ලෙඩා විදියට...

      Delete
    2. හපෝයි මෙතන නරක වචන කියන තැනක්. එන්න හොඳ නෑ අපි වගේ පොඩි එවුන්ට.

      Delete
    3. ඒ කාලේ තියෙනවා ළිහිණී.. අපේ හිතේ.. හි හි...

      මොකද මේ කට්ටිය රණ්ඩු වෙන්නේ... මොන්ටිසෝරි වගේ.. හි හි

      Delete
  2. අපි ඒ දවස් වල මරා ගන්නවා ඔයින් එකක් උඹ කිව්ව වගේ ගස් ලබු බට කපල හදාගන්න... සබන් දිය කොරන එක තමා ආතල්ම වැඩේ.. සබන් දිය කරල ඇතිද කියල බලන්න භාජනේට බටෙන් පිම්බව වෙන දේ කියල වැඩක් නෑ.. ගොජ ගොජ ගාලා පෙන උතුරන්නේ.. මතක් වෙන කොටත් සනීපයි අප්පා...

    ඊයේ ලියන්නේ කොහේද යකෝ ලියන එකෙකුටවත් ලියන්න නොදෙන එකේ.. හැක්...

    ReplyDelete
    Replies
    1. හි හි... අනේ දුවන්න කිව්වේ.. ලියනවා නම් ලියන්න ඔය ඕනේ තරම් වෙලා තියෙන්නේ.... කකා බිබී ඉන්නවා මිසක් වෙන කල්පනාවක් තියෙනවයි... හි හි

      Delete
  3. අනිවා ඒ කලේ තාමත් මතක් වෙනව නේද අක්කේ

    ReplyDelete
  4. මටත් ඕක මතක් වෙනව අපේ පොඩි එකා ඔය වැඩේ කරද්දි... මට නම් ඒ දවස්වල සබන් වතුර පෙවිලත් තියෙනව අප්පා... මෙහේ පාක්වල ඉන්නව පත සබන් බෝල පුම්බන අය... ළමයි, මහ උන් සබන් බෝලෙ ඇතුලට දානවා.... ලොකු දිග ලූප් එකකට හෙමිහිට පිඹලා තමයි ඒක හදන්නෙ...

    ඒක නෙවෙයි නැන්දම්මගෙ රාජකීය කොරහ හම්බ උනාද.... :D

    ReplyDelete
    Replies
    1. හම්බුනා හම්බුනා.. ඒක අර පරණ කාලේ කොරහක් නේ... නැති උනා නං විනාසයි... හි හි

      Delete
    2. හිරු වැහැරුනත් නැන්දම්මගෙ කොරහේ නාවන්න බැරිය.

      Delete
  5. හිහ හිහ හිහ හිහ...
    මේවා දැකලා පන පලයන් පෙරේදා කිව්වලු...

    ReplyDelete
    Replies
    1. ඔයාව ස්පෑම් එකට යවලා තිබ්බනේ ගූගල් දෙයියා... හි හි

      Delete
    2. අනේ වැඩක් නෑ අක්කේ...
      අපේ දැන් ජීවිතේ ඔක්කොම ස්පෑම් තමා.
      ගූගලයාහ්....
      මම ඕකව පෙති ගහනවා..... ඉඳගෙන.

      Delete
  6. අපි ඇ‍ලේ නාන්න යනවා ඉස්කොලේ යන කාලේ හත් අට දෙනෙක් එක්ක. නාන්න ගෙනියන සබන් කැටේ යන්තම් පොත්තක් විතරයි ගෙදර එද්දි ඉතුරු වෙන්නේ. ගස්ලබු බට නැති උනොත් අත්දෙකෙන් සබන් ‍බොල පුම්බලා යවනවා...ඇලේ වතුරට සබන් බොලේ වැටිලා ඈතට ඈතට යනවා.වැඩිම දුරක් අනිත් අයට වඩා යවා ගත්තොත් ඉතිං නොනා ගෙදර ආවත් කමක් නෑ කියලයි ඒ දවස් වල නම් හිතෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ අපේ ජාතියේ අය.. හි හි

      Delete
  7. දැන් ඉන්න ළමයින් නම් මේ සබන් බෝල හදන බෝතල් හින්ද පැපොල් බටෙන් සබන් බෝල පුම්බන්න දන්නෙවත් නැතිව ඇති , ඕක තමයි දැන් ඉන්න ළමයින්ගේ තත්වය ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සංජය මටත් මේක දැක්කම හිතුනේ...

      Delete
  8. මම තාමත් බැනුම් අහනවා ඕක කරල. මෙහෙ පොඩි උන්ට ගෙනාපු බෝතල් දෙකක් තියනවා... කට්ටිය කෑගහනව පුංචිනෙ බබා වෙලා තියෙන්නෙ කියල...

    ReplyDelete
    Replies
    1. හි හි.... මං වගේම එක්කෙනෙක්....

      Delete
  9. අඩේ අප්පා මෙන්න ලොකු බබ්බු පොඩි බබ්බු වෙන්ට යනවෝ... (විහිළුවක් ඈ....)
    පොඩි අයට ඔය දන්න කියන හැමදෙයක් ගැනම කියලා දෙන්න "අපේ මහත්තයට" පොඩි එක්කෙනෙක්ව ගෙනත් දෙන්න කිව්වනම් අහවරයි නොවැ හිරූ අක්කෙ.....

    ReplyDelete
    Replies
    1. හි හි... පොඩි එකා පොඩි එකා විදියට හිටු....

      Delete
  10. සබන් වතුර බීලා ඇති අනන්තවත්. මට නම් ඕතන් තියෙන ප්‍රශ්ණේ අපේ උන්ට මේ වගේ දෙයක්වත් හදා ගන්න බැරි එක. ඊයේ පිටකොටුවෙ දැක්කා සබන් බෝල එන ගන් එකක්. පිඹින්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාතලන්.. මේකත් මේඩ් ඉන් චයිනා.... අනේ අපේ රට....

      Delete
  11. අනේ අපේ පොඩි එකාවත් පන්සලක්, පෙරහැරක් ලගින් ගියොත් ඔය සබන් බෝල එකක් අරන් දෙන්න වෙනවා. දැන් ළමයි ඉන්ස්ටන්ට් වැඩට පුරුදුවෙලා හන්දා පැපොල් බටේ බෝල පුම්බන්න අකමැතියි. අනේ ඇත්තට අපි නම් රසවින්දා ඒ කාලේ ඇතිවෙන්න.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අප්පා අපේ ඒ කාලේ ගැන... එහෙම බැලුවාම දැන් ඉන්න ළමයින්ගේ ලෝකේ ඔක්කොම තියෙන්නේ කම්පියුටරේ ඇතුලේ....

      Delete
  12. මමත් ඔය වැඩේ අනන්ත ට්‍රයි කොරල තියෙනවා හැබැයි ජීවිතේට කවදාවත් බෝලයක් පුම්බන්න හම්බ වෙලා නැහැ. නාකි දනගානවා කියන්නේ මේකට තමයි. අලි බබා.

    ReplyDelete
    Replies
    1. හරි හරි... අපි අලි බබ්බු... හි හි

      Delete
  13. මට මතකයි අපේ වැටේ තිබුනා වැට එඬරු කියල ගස් ජාතියක්.. එවුවයෙ කොලෙ න‍ටුව කැඩුවම එක පැත්තකින් පිම්බාම අනිත් පැත්තෙන් සබන් බෝල යනවා. නියමයි.. සබන් බෝල යැවිල්ලෙ ලොකුම කෙරුවාව තමයි ලොකුම බෝලය වැඩිම උසකට යැවිල්ල..

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++
      මටත් මතක් උනේ දැං.. තැන්කුයි දෙන්නටම. අපි ඔය කඩපු කෑලි දෙක දුරස් කරාම සුදු පාට නූලක් වගේ ඒක ඇදෙනවා.. හරිම අපූරු මතක සටහන්

      Delete
    2. "පැලඉනි" කියන්නෙත් ඔය ගස් ජාතියටමයි. කළු ලෑලි කළු කරන්න ඔය කිරි ගන්නව ඒ වගේම දත් කැක්කුමටත් ටිකක් විතර හොඳ බෙහෙතක්?

      Delete
    3. ඔය වැට එරඬු සෙල්ලම අපිත් කලා. ඇඳුම් ඉවරයි කහට ගෑවිලා..ඒ විතරක්ද ඒවායෙ ගෙඩිත් තලලා හොරෙන් කාලා තියෙනවා. වසද දන්නෙත් නෑ..

      Delete
    4. @ ළිහිණි
      වෙන්ඩ බෑ ඔය ඉන්නේ යසපූරුවට

      Delete
    5. මොනවා වැඩ එඬරු සෙල්ලම ළිහිණියත් කළා?...

      Delete
    6. හප්පේ නලින් අයියා..වයසට ගිහින් දැන් ඇසුත් පේන්නෙ නෑනේ..." වැඩ එඬරු " නෙමේ " වැට එඬරු "

      Delete
    7. @මාතලන්

      සිරාවටම මාතලන්.. ඔය වැට එඬරු ඇට තලලා කෑවොත් වමනෙ ගිහින් මැරෙනවා. එහෙම මැරිච්ච එවුනුත් අපේ පැත්තෙ ඉන්නවා. කොට්ටම්බ තලලා කනවා වගේ තමා..

      Delete
    8. මමත් යවලා තියෙනවා ඩෝ එඩරු බෝල!!! :)

      Delete
    9. එඩරු වැඩේ නැගලා යන වැඩක්

      Delete
    10. mamath karala thiyanawa oka. api kiwwe pela ini kiyala. ewaye mul thalala panaa (comb) wage ewa hadanna puluwan mata mathaka widiyata.

      Delete
    11. අප්පට සිරි අකුරු වැරදිලා නේන්නම්...

      Delete
    12. මාත් කොරලා නම් තියෙනවා .. හැබැයි ගස් ජාතියේ නම නම් දන්නේ නෑ... හි හි

      Delete
  14. ඔය වගේ වැඩ පැපොල් බට වලින් කරන්න දැං හැදෙන එවුවො දන්නෙ නෑ. සමහර උං පැපොල් ගහක්වත් දැකල නෑ. ඉතිං මක්කැයි කරන්නෙ මේඩ් ඉන් චයින ගන්නව මිසක්ක.

    මේක කියවනකොට මට මතක් උනේ ඉස්කෝලෙ කලු ලෑලිවල ගාන්න එඬරු කිරියි, පාං දැලියි එකතුකරපු හැටි.

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ කෙහෙල් මුහ...

      Delete
    2. අපි ඕකට බැට්රිත් තලාගන ගියා

      Delete
    3. ඕකට අහු උනේ පුංචිම කාලේ.. ඒ හින්දා එච්චර මතකයක් නෑ...

      Delete
  15. ඔහොම ඒවා කරා නේද කියල මතක් උනෙත් දැන් තමයි මට..
    මන් නම් ආසම දේදුන්නේ පාට සබන් බෝල අස්සෙන් පේන
    එකට තමයි ... ගස් ලබු ගහක් දැකපු කාලයක් මතක නැහැ ..
    හොඳ රෙඩ් ලේඩි ගස් දෙකක් තුනක් හිටවන්න ඕනේ..
    හොඳ වෙලාවට මතක් උනේ....

    ReplyDelete
    Replies
    1. රෙඩ් ලේඩි එපාබං , ගං ගස් ලබ්බක් හිටවහං හොයාගන.

      Delete
    2. නැහැ මචන් රෙඩ් ලේඩි වල ඉක්මනට ගෙඩි එනවා නේද ?
      අනික නිකම්ම ගස් ලබුවලට වඩා රසයි , ගුණයි , පෝෂදායකයි ..:)

      Delete
    3. රෙඩ් ලේඩි හොඳයි තමයි... කො‌ෙහාමත් ගස්ලබු කිව්වොත් මට ඕනේ එකක්.. හි හි...

      Delete
  16. හොද වෙලාවට ජිංගල්ගේ ඇහැට ගිහින් නැවතුනේ.. ඔය නරක තැනකටවත් ගිහින් දැවිල්ලක් ඇල්ලුවනං.. අනේ මංදා...

    // ඊට කලින් දවසකුත් එයා මට ඔහොම වැඩක් කළා.. ඒක පස්සේ දවසක කියන්නම්.... //

    එහෙම වෙලාවත්ද..?

    ReplyDelete
    Replies
    1. හි හි.... පස්‌ෙස් පස්සේ...

      Delete
  17. ඔහොම තමයි ඉතිං ඕවා කාලෙට වෙනස් වෙනවා... හැබැ‍යි ඕක මේඩ් ඉන් චයිනා කිව්වහම නං පොඩ්ඩක් අප්සැට්... ඇ‍යි යකඩෝ සබං බෝල පුම්බන ගැජට් එකක්වත් හදාගන්න බැරිද ලංකාවේ?

    ගස්ලබු බට දෙකකින් එකම බෝලේ පිම්බීම.. එතකොට.. ටිකක් ලොකු ගස්ලබු බටේකට දුම් උරලා, ඒක සබන් බෝලය ඇතුලට පිඹීම... බෝල ජොයින්ට් කිරීම. බෝල බිම වැටෙන්න නොදී උඩට පිඹීම... ඔය තියෙන්නෙ කරනව නං ඕන තරං බෝල සෙල්ලං..

    ReplyDelete
    Replies
    1. හි හි.... බෝල සෙල්ලම් නේ.... කියලා වැඩක් නෑ.. මේකත් රටින් ගෙනාපු එකක් කියලා දැක්කම තමයි මටත් හොඳටම අප්සට් උනේ...

      Delete
  18. කඹයකින් පුඩුවක් හදලා ඒකෙන් සෑහෙන විශාල බෝල පුම්බන මනුස්සයෙක්ගේ වීඩියෝ එකක් මම දවසක් අන්තර්ජාලයෙන් දැක්කා.

    ReplyDelete
    Replies
    1. මේක පොඩි අයගේ සෙල්ලමක් විතරක් නෙවෙයි නේ... හි හි... ( මං බේරුනෝ...)

      Delete
  19. මාත් ඔය සබන් බෝල සෙල්ලම ඇති වෙන්න කරපු එකෙක් කොච්චර ඕකට ඇබ්බැහි වුනාද කිව්වොත් ඒ කාලේ අපේ ගේ වටේට තිබ්බ ගස්ලබු ගස් වල තිබ්බේ කඳ විතරයි.ඒ විතරක් නම් මදැයි අතු කපන්න උස මදි ගස්වල මුලින්ම කපලා දාලා අහල පහල එව්වොත් එකතු කරගෙන පුම්බන්න ගිහින් නොසෑහෙන්න ගුටිත් කාලා තියෙනවා...

    අපේ නැන්දගේ පොඩි එකාටත් සබන් බෝල පුම්බන පොඩි අයිටම් එකක් හම්බුවෙලා තිබ්බා ඒකා ඉතින් මගෙන් තමා ඔව්වා අහගන්න එන්නේ කෝමහරි ඒක කියලා දෙන්න ගිහින් 90%ක් විතරම බෝල පිම්බුවේ මමයි අන්තිමට...

    ආයෙත් ආසා හිතෙනවා මෙව්වා දැක්කම සිරාවට අර බට තුවක්කුත් මතක් වෙනවා... ඒ කාලේ දුනු ඊතල හදපු හැටි අනේ දෙයියනේ කොච්චර අපරාදයක්ද ඉක්මනින් ලොකු වෙලා කරගත්තේ... මේ බවක් දන්නවනම් පොඩි කාලේ තවත් හොඳට මතක හිටින දේවල් කරනවනේ... ඇත්තටම දුක හිතෙනවා

    ReplyDelete
    Replies
    1. //මේ බවක් දන්නවනම් පොඩි කාලේ තවත් හොඳට මතක හිටින දේවල් කරනවනේ... ඇත්තටම දුක හිතෙනවා//

      කියලා වැඩක් නෑ කොල්ලෝ....

      Delete
  20. පොඩි කාලේ ප්‍රෝෙජක්ට් තවම කරනවාද.....?
    වයසට ගියා කියලා හිත පිළිගන්න කැමති නෑ නේද....?

    ReplyDelete
    Replies
    1. කවදාවත් ඒක නම් පිළිගන්න එකක් නෑ නිර්මලා මගේ හිත නම්... හි හි

      Delete
  21. :D මට උඩින් ඉන්න ඇත්තෝ නාකිය් අප්පා හෙනට... මම නම් ක්ලාස් ඇරිලා අම්මා මාව එක්කන් එද්දී ඕකක් දැක්කොත් එතනින් හෙල්ලෙන්නෑ... ඉතින් අම්මා අරන් දෙනවා..ගෙදර ඇවිල්ලා ඉතින් විනාසයි වෙන වැඩක් නෑ, සබන් බෝල පුම්ඹ බුම්ඹ ඉන්නෝ... :D ^_^

    ReplyDelete
    Replies
    1. තාමත්...????? වෙල්කම් ටු මයි වර්ල්ඩ් නඟා.. හි හි

      Delete
  22. ලස්සන ජීවිතයක්.... ඇත්තටම ආසයි මටත් ඔය වගේ සතුටු වෙන්න.. නමුත් වෙලාවක් සහ අපේ හිත දන්නව අපි ලොකුයි කියල...

    ජීවිතය සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. වෙලාවකට මට නම් අමතක වෙනවා මං ලොකුයි කියලා.... එහෙම‌ වෙනවට මං හරි ආසයි.. හි හි

      Delete
  23. මටත් තිබුන සම්බෝල පුම්බන මෙව්වා එකක්. ඒකට නම් මොකද්ද මංදා දියරයක් තිබුනා. ඒකෙන් පිම්බෙන තරම් ලස්සනට, ලොකුවට සබන් වලින් පිම්බෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මෙයා දන්නේ නෑ සිස්ටම් එක.... හි හි..

      Delete
  24. අගේ ඇති අදහසක් හිරුවෝ... ඇත්තටම ගස්ලබු බටේට අපේ පොඩ්ඩෝ හුරු කරවන්න ඕන.. ඒවා දැන් වියැකී ගිහින්...

    // පුම්බන කලාව... ඒක තමයි සෙල්ලම... ලොකු බෝල පුම්බන්න නම් හිමීට, සීරුවෙන් පිඹින්න ඕනේ.. දඩිබිඩියට බෑ.//
    නරකද දැං පුම්බන කලාව දෙසට නෙත් යොමු කළොත්.=
    අපේ මහත්තයත් ආසා වෙයි..=

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. එකෙන්ම

      Delete
    3. හි..හි..දවසේ කතාව..මහත්තයත් ආසවේවි..!!

      Delete
    4. නාකි සෙට් එක.. හි හි





      ( මං දුවනෝ....... හි හි)

      Delete
    5. කලින් කමෙන්ට් එකේ වචනයක් ඉල්ලාඅස්කරගනිමි.

      අඩෝව්...! බලපිය බොගෙත් හැටි..නාකි හිරු..!:)))

      Delete
  25. හම්බෝ මගේ කට කහනවා කහනවා වගේ දැනුනා ගස්ලබු කිරි කහට ගෑවිලා..ඇයි අත් දෙක සුදුම සුදු පාට වෙන්නේ සබන් වතුරට. එච්චර කාලෙක නෙමෙයි. ඊයේ පෙරේද වගේනේ..

    අද කාලේ ඉන්නේ ළමයි නෙමෙයිනේ රෝබෝලානේ. ඉතින් මෙව්වාගේ ගැජට් තමයි වටින්නේ එව්වොන්ට

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ පැතුම් කියලා....

      Delete
  26. සබන් බෝල පුම්බන එක නොකරපු නෙනෙක් නෑ වගේ බලං යනකොට.

    එක සබං බෝල පුම්බන දියරයකුයි, බටෙයි සෙට් එකේම ගහලා තිබුනේ Made in England කියලා. මේ අවුරුදු දහයකට විතර ඉස්සර.

    ඒ වෙලාවේ මම කල්පනා කලේ යකෝ එංගලන්තෙන් ගේනවා නම් වෙන බඩු නැතුවටද මේකම ගේන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. සබන් බෝල පිම්බිල්ල එපා වෙච්ච එකෙකුත් නෑ ඩූඩ් අයියේ.... හි හි..

      ඒ ගැන කතා කරන්න කරන්න පුදුම කළකිරීමක් එන්නේ අප්පා..

      Delete
  27. අඩේ මේක කියෝලා මට කතාවක් මතක් උනා! :)

    ඔය බෝල වර්ෂන් ඔක්කොම කරපු එකෙක් විදිහට මම සතුටු වෙනවා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උබ දන්න ඔක්කොම බෝල වර්ෂන් ටික කියපන් බලන්න .

      මොකද උබේ ලිස්ට් එකේ නැති ඒවා අපේ ඒවගේ තිබ්බොත්

      සහ

      අපේ ලිස්ට් එකේ නැති ඒවා උබේ ලිස්ට් එකේ තිබ්බොත්

      මාරු කරගත්තැකි ..:D

      Delete
    2. රජාගේ බෝල කෙරුවාව අපි ගෙට්ටුවෙදී දැක්ක :)

      Delete
    3. රජාට ඔය සුබ වෙලා තියෙන්නේ.... හි හි

      Delete
  28. here
    ඔය තියෙන්නෙ මට සබන් බෝල පුම්බන්න ගිහින් වෙච්ච ඇබැද්දිය.. කමක් නෑ නේ ද බන් දුවේ ලින්ක් එක දැම්මට ?

    ReplyDelete
    Replies
    1. වෙනි අන්කල්ට හෙනම ගෙඹි අපලයක්නේ තිබිලා තියෙන්‌ෙන්.... හි හි...

      අනේ ඒකට මක් වෙනවද මාමේ... ( හැක් හැක්...)

      Delete
  29. ඔන්න ඕකයි කියන්නේ හැම වැඩිහිටියෙක් ඇතුලෙම පොඩි එකෙක් ඉන්නවා කියල.

    ReplyDelete
  30. බෝල පුම්බන්න ඔච්චර අමාරුද බොල?. :P

    ReplyDelete
    Replies
    1. ප්‍රැක්ටිස් නැත්තම් බෑ බොල... හි හි

      Delete
  31. මං නම් පැංච කාලෙ ගස්ලබු බටෙන් සන්ලයිට් බෝල පුම්බලා තියේ..
    හිරූවා මේව පුම්බන වෙලාවෙ අහල පහල ගෙවල්වල මිනිස්සු නොහිටින්න ඇතිනේ :P

    ReplyDelete
    Replies
    1. හිටියත් කට්ටිය හිනාවෙන්න අති අනේ .. හි හි...

      Delete
  32. මෙන්න අලි බබ්බු නැළවෙනවා හූ :)

    අතින් රෙදි හෝදනවා නම් බලන්න සබන් පෙන ගොඩේ අත ඔබල මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි අතරින් අලි සබන් බෝලයක් ගත හැකි. මී ඇස් දෙක පල්ලා.. :D

    සෙල්ලම් බඩු හුඟක් හරියකින් වෙන්නේ අපේ පොඩි එවුන්ගේ හැකියාවන් මොට කරන එක තමයි. සරුංගලයක්, බට තුවක්කුවක්, පොඩි කරත්තයක්, වෙසක් කුඩුවක් හදන එකෙන් කොයි තරම් දෙයක් ඉගෙන ගන්නව ද.. මට මතකයි අපි කඩදාසි නවල කපලා එක එක සත්තුන්ගේ රූප, පොඩි බෑග් වගේ ඒවා හදනවා ජොලියට වගේ...

    ReplyDelete
    Replies
    1. මේ ළමයි ලොකු වෙලා මොනවා කතා කරයිද චන්දන මේ අපි වගේ... වීඩියෝ ‌ගේම් ගහපු හැටි, කම්පියුටරෙන් ගේම් ගහපු හැටි, අන්ග්‍රි බර්ඩ් සෙල්ලම් කරපු හැටි......????????

      Delete
  33. යCOW උඹේ කම්පනාව ඕවා පුම්බ පුම්බ ඉන්න එකද බං... ;-)

    ReplyDelete
  34. බොලාගෙ මේ අතීත ආවර්ජණ ව්ලින් අපේ මතක අලුත් වෙනව බං..! අනික අපි හැමෝටම සමාන අත්දැකීම්ද මන්ද ලබල තියෙන්නෙ.

    ඇත්ත අපි තම්යි ලමයි නරක් කරන්නෙ.

    දැන් ඉස්කෝලවල1,2 ශ්‍රේණිවල ලම්යින්ට කියල දෙන්නෙ මේවගේ දේවල් තමා.අපි ඒ කාලෙ කැලේ පැනල ඉගෙනගත්තුව..කැලේ පැනිල්ල නරකයි කියල...ඉස්කෝලෙ උගන්නනව.
    පැපොල් බටෙන් කරන් තව්ත් සෙල්ලමක් මතක් උනා...පන්දම් හදන එක..!

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ එකේ දෙකේ ඉන්න කාලේ මම දැක්කා පැපොල් බටෙන් කරන ලස්සන සෙල්ලමක්, මම ඒක ආසාවෙන් බලාගන හිටියා, ඊයං උනුකරලා පැපොල් බටයට වක්කරලා , ලොකු මිනිස්සු කරන සෙල්ලමක්

      Delete
    2. ඔය තියෙන්නේ අපි දන්නැති ඒවත්..

      මතකද අර සින්දුව...

      කැලේ පැන්න මං වගේම බාල සන්දියේ..
      දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ.....

      Delete
  35. ඒපාර ආයෙමත් පොඩි වෙන්න හදනවද?මොකද දැන් අපේ පැත්තෙ නොයෙන්නේ?

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ බ්ලොග් කියවුනේ අඩුවෙන් ගයනි... කියෙව්ව ඒවටත් කමෙන්ට් කරන්න හම්බුනේ නෑ...

      Delete
  36. හම්මෝ මාරයි අක්කේ.. පොඩි කාලේ අපිට තිබ්බ දේවල් විතරකක් නෙවි ඒ දැනුමත් දැන් අපිට නෑ. මමත් ලිව්වා ඔය ගැන පොඩි පොස්ටුවක්. http://sulakkhana.blogspot.com/2013/01/blog-post_26.html මොනා වුනත් මමත් තාම ආසයි පුංචි කාලේ වගේ සරුංගලයක් හදන්න. වෙල් යායක දුවන්න. ඒත් අපිට කොයිද දැන් වෙලාවක්... :'(

    ReplyDelete
    Replies
    1. හැමෝටම පුරස්න තමයි අප්පා... හි හි

      Delete
  37. Hetama ekak ape panchita hadala denna one. Nanakota hamadama athin saban bola arinna kiyanawa. Eyath try karanawa hodatama ba thama.

    ReplyDelete
  38. Oya wath dakka ehenam onna. Thawa tikak muhuna penuna nam thamai hoda.

    ReplyDelete
    Replies
    1. හදලා දෙන්න.. එයා ආස වෙයි.. අම්මට පස්සෙන් දුවන්න වෙයි... හි හි
      ඇයි අප්පා ම‌ෙග් ෆොටෝ මේකේ හෙන ගොඩක් තියෙනවනේ... ඔන්න බැලුවේ නැත්තම් බලන්නකෝ
      ගවුම් මෝස්තර...

      Delete
  39. ඇත්තම කියනවා නම් පෝස්‍ටුව කියවලා ඊලඟට කොමෙන්ට් ටික කියෙවුවා. හත්තිලව්වේ දැන් මතක නෑ උඹ ලියලා තිබුනේ මොනා ගැනද කියලා. හැබෑටම හිරුවෝ මොනා ගැනද අද ලිවුවේ...?

    ReplyDelete
    Replies
    1. සිරාවටම සරතෝ . මටනං මෙව්වා කියවනකොට රැට දවල් වරුවෙම කරදර මහන්සිය අමතක වෙනවා

      Delete
    2. සිරාවට මටත් මතක නෑ සරා අයියේ.. හි හි

      Delete
  40. "සබන් බෝල" අෆ්ෆෙ අයේ මතක් කලා නේ. ටක් ගලා ඒ කාලෙට දුවලා එන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. දුවන්න දුවන්න.. හි හි

      Delete
  41. සබං බෝල නේ...
    මං නං නානකොට හැමදාම පුම්බනවා..
    ඒ කියන්නේ ඉතිං අවුරුද්දකට සැරයක් වගේ තමා..
    හිකිස්...

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලා ඇත්තත් කියනවා නේ.. හි හි

      Delete
  42. hiruge photo ekakuth dakka ehenam ada..

    ReplyDelete
    Replies
    1. මේකේ තැන් තැන් වල මගේ ෆොටෝ තියෙනවා සයුරි.. හි හි...

      ඔන්න එකක්.. ගවුම් මෝස්තර...

      Delete
  43. සබන් කෑල්ල දියකරනවා කියල කොච්චර අම්මගෙන් බැනුම් අහන්න ඇද්ද?.නිවාඩු කාලේදී අම්ම රෙදි හොදන තැනට ගිහින් ඉන්න විතරයි තියෙන්නේ.සබන් වතුර නිකම්ම ලැබෙනවා..

    ReplyDelete
    Replies
    1. හි හි... මේ ඉන්නේ තව එක්කෙනෙක්...

      Delete
  44. කුරුම්ඹැට්ටි මැසිම, පුවක් කොලපුවෙ තියල ඇදගෙන යන එක, දෙල් බූවෙන් නියපොතු සුදු කරන එක, දම් ගෙඩිවලට සමාන ගෙඩි දමා විහින් තුවක්කුව සැදීම, පැට්‍රොමැක්ස් ලාම්පුවේ වීදුරු චිමිනියෙ වීදුරු පටි තුනක් එකට බැඳ සදන මැජික් .......අනේ මගේ ළමා කාලෙ මට ආයි දෙන්නකෝ,,

    ReplyDelete
    Replies
    1. ඔය සමහර සෙල්ලම් අපි තාමත් කරනවා නෑයෝ කට්ටිය සෙට් උනාම.... හැබයි බේබද්දෝ ටික නැති දවසට විතරයි...

      ///පැට්‍රොමැක්ස් ලාම්පුවේ වීදුරු චිමිනියෙ වීදුරු පටි තුනක් එකට බැඳ සදන මැජික්///

      මෙන්න මේක නම් දන්නේ නෑ.. දන්න කෙනෙක් කියලා දෙන්නකෝ...

      Delete
    2. මට මතක විදියට නම් ඕක තමා බහුරූපේක්ෂ්‍ය කියලා අපි නම දැම්මේ

      වීදුරු පටි තුනක් දික් අතට ත්‍රිකෝණයක් වගේ එකතු කරලා වටේ කළු ටේප් වලින් ඔතලා එක පැත්තක ත්‍රිකෝණ මූණත සුදු සව් කොලේකින් වහලා අනික් පැත්තේ ත්‍රිකෝණ මූනතෙන් මොනා හරි පාට පාට කොල චූටියට කඩලා දාලා බලනකොට එක එක රටා මැවෙනවා අර වීදුරු පටි තුනට පරාවර්තනය වෙලා

      ඕං ඕක තමා මමනම් දන්නේ මං නං අරගත්තේ පැට්‍රෝල් මැක්ස් එකේද කොහෙද තියෙන දිග වීදුරු ඒකත් සීයට හොරෙන් ගත්තේ පස්සේ එව්වා අඩු වෙනකොට තාත්තා කොහෙන්දෝ මන්දා වීදුරු පටි ගෙනත් දුන්නා

      Delete
    3. ගැමිය කියල තියෙන එක හරි.

      Delete
    4. ඕකට කියන්නේ ප්‍රිස්ම කතාවක් නේද.. මට එක නම් මතකයි....

      Delete
  45. අපි නම් බෝල සෙල්ලම කලේ නාන වෙලාවට.අනික ඔය නොයෙක් ගැජට් ඒ කාලෙ තිබ්බෙත් නෑනෙ හිරූ ගස්ලබු පිති ඇරෙන්න

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඒ පරම්පරාවන් නිර්මාණශීලී උනේ... හිතන්න වෙලාවත්, අවශ්‍යතාවයත් තිබ්බ හින්දා...

      Delete
  46. ඒ මටත් මතකයි මන් ඕවා පිම්බුව එක දවසක් ගස්ලබු පිත්තක් නැතුව බීම බටෙකින් පිබින්න ගිහින් මගේ බඩේ තමයි අන්තිමට සබන් බෝල පිම්බුනේ :පී

    ReplyDelete
    Replies
    1. ඒක එකපාරක් හරි වෙනවාමයි නේ.. හි හි...

      Delete
  47. අනේ මාත් සබන් බෝල පිම්බුවා ගස්ලබු බටෙන්. හරිම සුන්දර මතක. අද ගොඩක් ළමයි ඕවා දන්නෙත් නෑ. මං පොඩි කාලේ තවත් ආස එකක් තමා බට තුවක්කු කේස් එක. කිරල ඇටයක් දාලා ටාර් ගාල තියනවා. හරිම ශෝක්.....

    අපේ අක්කගේ පොඩි එකාටත් මේ ලගදි අපේ තාත්තා බට තුවක්කුවක් හදා දුන්නා. ඌට මාර ජොලි. හතර වටේටම විද විද හිටියා. එයා නම් හැබැයි ඔය වගේ දේවල් දැක්කම හදා දෙන්න කියල කා ගහනවා. අපිත් ඉතිං හදා දෙනවා. මේ ලගදි දුන්නක් ඔනිමයි කියලා හදා දෙනකන් අඩ අඩ හිටියා. හදලා දුන්නට පස්සේ තමා ඇඩියාව නවත්තන්නේ....

    ReplyDelete
    Replies
    1. හි හි... ඒ පොඩ්ඩට නම් සීයා ඉන්නවා.. ‌ගොඩක් දැන් ඉන්න තාත්තලත් ඕවා දන්නේ නෑ සමනලී...

      Delete
  48. අනේ ශෝක් කෙලි පොඩ්ඩ සබන් බෝල පුම්බ පුම්බ වත්ත වටේම දුවනවා... :-)

    ගස්ලබු බට කෝ දැන් ඉන්න උන්ට බෝල පුම්බන්න... ? පොල්කටුත් නෑ... සබනුයි වතුරයි විතරමයි තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. හි හි...

      දැන් පොඩි උන්ට ඕවට වෙලාවකුත් නෑ නේ සෙන්නා...

      Delete
  49. දැන් හැමදෙයක්ම චීනෙන් ඇවිල්ලා ලමයින්ට අලුතෙන් නිර්මාණාත්මකව හිතන්න දෙයක් ඉතුරුවෙලා නැ. ඒකාලේ මේ එකක් හදාගන්න අපි කොයි තරම් මහන්සි වුනාද..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අයියේ....

      Delete
  50. අඩේ මං ගාවත් තියනවා ඔව්වෑන් බෝතලයක සෑහෙන කාලෙකට කලින් ගෙනාපු

    ReplyDelete
  51. ඔයා සබං වතුර එකත් මේඩ් ඉන් චයිනද ;) ( සුවර් නැති හිංද ඇහුවෙ )

    ReplyDelete
    Replies
    1. බෝතලේ ගහලා තිබ්බේ නං එහෙම තමයි දිලුම්... ඒක තමයි මටත් අනේ අපොයි කියවුනේ...

      Delete
  52. ඔයා ලියලා තියෙන දේ හරිම රසවත්. මම හරිම ආසාවෙන් කියෙව්වේ. තවත් හොඳට ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි !!!

    ReplyDelete
  53. This comment has been removed by the author.

    ReplyDelete
  54. අපි නම් සබන් බෝල යවන්න ගත්තේ පැපොල් බටේ නෙවෙයි. බුත්සරණ දලුවක්. ඒකෙන් නලා පිඹින්නත් පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඔය නම් තමයි මම දන්නේ නැත්තේ... නැත්තං ඔය ඔක්කොම ජාති කරලා තියෙනව... හි හි..

      Delete
  55. බොහොම ආසා ඇති වැඩක්. දැනටත් කොහේදි හරි ඔය බෝතලයක් දැක්කොත් අහල පහල දන්න කියන පොඩි එවුන්ට ගෙනත් දෙනවා.... හිරු ටත් පොඩි කාලෙට යන්න පුළුවන් වුනා එහෙනම්

    ReplyDelete
  56. හිරූ කිව්වට පස්සෙ සබන් බෝල පුම්බන්න ආයෙත් ආසාවක් ආවා..කරලම බලන්නෝනැ..

    ReplyDelete
  57. හි හි ඔය වැඩේ මාර ජොලි තමයි ඉස්සර මන් බැනුම් අහනවා ගෙදර සබන් ටික ඉවර කරනවා කියල... ඒ තරමටම සබන් බෝල පිස්සුව මට තිබුනා ... :)

    ReplyDelete
  58. මේකට නම් කොමෙන්ටුවක් නොදා ඉන්න බෑ. මොකද පුංචි කාලෙ ඔය අත්දැකීම අමුතු එකක් නොවූ නිසා මටත්. මතක් වෙනකොටත් ආසයි අෆ්ෆා....

    ReplyDelete
  59. වැඩ රාජකාරී අධික වීම මත එන්නට පමා වුනෙමි...

    //අපේ ළමයින්ට අපි කරන ලොකු අපරාදයක් නේද මේක කියලා...//

    බොලේ අපි නොදන්නවා උනාට හිරුවට දරුවොත් ඉන්නවනෙ...

    ReplyDelete
  60. එරඬු බටෙනුත් ඔය සෙල්ලම කලා තමයි. දැන් ඉන්න උන් ඔව්ව දන්නවද කියල නොහිත පරිස්සමට පුම්බල අරන් ඒකට වත් කියල දෙන්න ( මේ අපි වගේ ).

    ඉන්නෙ රටින් පිට උනත් අපේ ලොකු බාහු ඔය "ඉහල ගෙටත් බෙදාල" ගනින්න, ආච්චිගෙ වත්තෙ පොල් කඩන්න වගෙම නිවාඩු ආවම පුවක් කොල පදින්න එහෙත රුසිය. හැමදේම තියෙන්නෙ ළමයින්ගෙ මව්පියො අතේ.

    ReplyDelete