Saturday, February 2, 2013

ගෙදර ඉන්න එකත් පිස්සු හැදෙන වැඩක්... පාරමී දම් 8 කොටස





සුද්දී.... මං අද හැමෝටම කියනවා.. ඉන්නවකෝ....


සුදු අයියා එහා කාමරේ ඉදන් කෑ ගැහුවා.. 

අනේ එපා සුදු අයියේ...

මං එයාට කෑ ගැහුවා අඬ අඬම..මෙයාගේ කට ගැන මම දන්නැද්ද.... මොනවා කියයිද දන්නේ නෑ.. 

නෑ...මං කියනවාමයි..

අම්මා මාව තනිකරලා දාල යන්න බෑ කියලා විමලක්කව එනකම් මං ගාව හිටියා.. විමලක්කා කාමරේට ආවේ මට නෝණ්ඩියට හිනාවේගෙන... 

 මොකෝ මේ අඬන්නේ...”

විමලක්කා මාව තුරුළු කරගත්තා.. 

අරයට කියන්න යාලුවන්ට කියන්න එපා කියලා...”

හරි හරි... ඔන්න කසුන් බේබි මුකුත් කියන්නෑ හොඳේ.. පවුනේ අපේ චූටි....

විමලක්කා හයියෙන් කිව්වම අයියා ආයිත් කෑ ගැහුවා නෑ මං කියනවාමයි කියලා...ආපු කේන්තියට මං මගේ කොටේටේ අරන් බිත්තියට උඩින් එහා කාමරේට විසි කළේ ඒක අයියට වැදෙයි කියලා හිතලා... කොහෙද.. ඒක රිටන් උනා ආයිත් මගේ කාමරේටම... එයා ඉතිං බාස්කට්බෝල් කාරයානේ... 

මං ඉතිං දැන් ගෙදර ඉන්න එපැයි.. අයියා නං ඉස්කෝලේ ගියා... මාර පාළුයි.. අප්පච්චි හොඳ වෙලාවට අලුත් පොත් වගයක් ගෙනත් තිබ්බ හින්දා, මං ඒවා කියව කියව කාමරේට වෙලා හිටියා.. මට කන්න ජාති නං වැහි වැහැලා... අප්පච්චියි අයියයි පළතුරු බෑග් දෙක්කම ගෙනත් දුන්න නිසා දවල්ට කන්න කියලා හම්බුන තැම්බුම් හොද්ද ජනේලෙන් එළියට විසි කරන්න පුළුවන් උනා... 

සුදු අයියා ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන‌ෙකාටත් මං කාලා නෑ.. ගෙදර ඉන්න දවසට දවස තිස්සෙම කෑවත් බඩ පිරෙන්නේ නෑ.. ඒත් බතුයි පරිප්පුයි කන්න පුළුවන් මොකාටද... මං හිමීට සුදු අයියට කතා කළා... 

සුදු අයියේ.. අනෙ මේවා කන්න බෑ හලෝ...  
මං ඇඳ උඩට වෙලාම හිමීට කිව්වේ අයියා ඒ ළඟපාත ඉන්නවා කියලා දැනුන නිසා..  

ඔහොම තමයි.. හොඳ වැඩේ.. අපි නං මෙහෙ හොඳට වැඩ දෙනවා..

මේකා නං හරිම නරකයි.... මට සුදු අයියත් එක්කත් තරහා ගියා... 

හරි හරි... ඉන්නවා බලන්න මොනා හරි තියෙනවාද කියලා ගෙනත් දෙන්න..

හොඳ සුදු අයියා.. 

ඕයි.. පපඩමක් විතරයි උස්සන්න පුළුවන් උනේ... ආ ගන්නවා..

ටික වෙලාවකින් එහෙම කියාගෙන ඇවිත් පපඩමක් දික් කළා කාමරේට... වෙලාවේ හැටියට ඒකත් දිව්‍ය බෝජනයක්... පපඩමේ පිහිටෙන් මං බත් ටික කෑවා...  

මතු සම්බන්ධයි... 


ප/ලි 

මේ දවස් ටිකේම ඩයලොග් අවුලක් හින්දා බ්ලොග්ස්පොට් වලට යන්න බෑ මට..  ( දහපාරක් විතර කෝල් කළාට පස්සේ පිළිගත්තා එයාලගේ අවුලක් කියලා.. ඒ මදිවට එතන ඉන්න සමහර කට්ටිය බ්ලොග් කියන්නේ මොනාද කියලා දන්නෙත් නෑ කියලා කෝල් කරපු සමහර කිව්වා .. හි හි ) 

අපේ රටේ පාරිභෝගික සේවාවන් ගැන මල් හතේ රිපෝට් එකක් හිතේ තියාගෙන‌ මේ දවස් ටිකේ බැන බැන ඉන්නවා.... ඒක නිසා කමෙන්ට් නොදැම්මට කට්ටිය සමාවෙන්න හොදේ... රීඩරෙන් කියවන්න පුළුවන් නිසා පෝස්ට් නම් හැම එකම කියවනවා... එච්චර තමයි ඉතිං... ඒක නිසා කමෙන්ට් දාන්න නම් බෑ...  අඟහරුවාදා වෙනකම් මේ සන්තෑසිය තියෙයිද දන්නේ නැති නිසා මේක දාන්න හිතුවා.. මේක දාන්න පුළුවන් වෙයි කියලා හිතනවා... 

63 comments:

  1. ඔය දාලා තියෙන්නේ.. හුහු... යකෝ නිවාඩු (බ්ලොග්)නිවාඩු කාලයේවත් ගෙදර වැඩක් පලක් කරගෙන හිටු. ඇත්ත බං මම කිව්ව
    ඌරත් බ්ලොග් ගැන නොදනී. අපරාදේ කියන්න බෑ ඒකා පස්සේ ස්ර්වර් පොයින්ට් එකටත් ගිහිං තිබ්බා. මේ අපේ ප්‍රසාගේ පට්ට කරදරේ නේ. මුණු පොතේ යන්න බෑ “කෝ ඇහුවද “ අහනවනේ.. මම මුණු පොතේ යන් එකත් නැවැත්තුවා බං. උඹේ අර අටමගලෙට වැඩිය බ්ලොගර් කේස් එක ලෝකුයි හොදේ.. ඔහොමම කරාපං. හැක්

    ReplyDelete
    Replies
    1. ඔන්න දැන් නං යන්තම් හරි වගේ දේශකයෝ....

      Delete
    2. අඩේ කට්ටියව ‍මූනුපොතෙං අයිං කරන්න හොඳ ක්‍රමයක් මං හොයාගෙන වගේ. :D

      Delete
  2. එත් බැලුවා මොකද නිස්සබිද කියලා..
    පාරිභෝගික සේවාවන් ඉතින් කොහොමත් ලංකාවෙ හොදයිනේ....

    ReplyDelete
    Replies
    1. ගිය ටිකේ බැන්නට දැන් පවු කියලා හිතෙනවා අනේ... මහ පාන්දර මට කෝල් කළා හරිද අහන්න.. හි හි

      Delete
  3. ඈ...
    මේවා කන්න බෑ කියන්නේ කෙල්ලංට වෙන කෑමද දෙන්නේ????????
    මං අදුරන කෙල්ලංටනං ඔය කාලේ දීලා තියෙන්නේ තනකොල.. මොකද උං කරන තරමක් කරන්නේ හරක් වැඩ....

    ReplyDelete
    Replies
    1. හිරුවෝ උඹ මේ ජාතියේ තනකොල දැකලා තියෙනවද...? මම නම් දැකලා තියෙන්නේ මේ තණකොළ විතරයි.. තරියෝ අමනාප වෙන්න කාරි නෑ බං සිංහල ටීචර් කියන්න කලින් කිවුවේ හොඳේ.

      Delete
    2. ඔය තනකොලත් සමහර කෙල්ලෝ කනවා...
      ඈත තියා දැක්ක ගමං කියන්න පුළුවං... :D

      (අමනාප වෙන්නේ මක්කටද වැරැද්දක් පෙන්නලා දුන්නම)

      Delete
    3. තනකොල???? හෙහ් හෙහ් .....

      මට මතක් වෙන්නෙ 5 ශිෂ්‍යත්ව පන්තියෙ ටීචර් අපි නිසා හිනාවෙච්ච තරමක්. එදායින් පස්සෙ ඕක නම් වරදින්නෙ නෑ.

      Delete
    4. තරියට වෙච්ච වැඩේ.. හි හි... ඒක නෙවෙයි.. ඇත්තටම DDTයෝ ඒ වගේ වැඩක් උනාම ආයිත් ජීවිතේට අමතක වෙන්නේ නෑ නේද..

      ඒ දවස් ටිකට තෙල් කෑම, බිත්තර, මස් මාළු එහෙම දෙන්නේ නෑ තරියෝ.. මං හිතන්නේ එහෙම කන්න ආස නැති වෙන හින්දා වෙන්න ඇති බඩගිනි වැඩි වෙන්න තැම්බුම් හොඳි දෙන්නේ.. මට නම් එහෙමකට අමාරුවක් උනේ නෑ හැබැයි.. මම කෑවේ පළතුරුම විතරයි.. හි හි

      Delete
  4. මෙහෙම අයියෙක් ඉන්නවා නම් මොනවා කරන්න බැරිද...:)

    ReplyDelete
    Replies
    1. ණයට එකෙක් ගනිං බං

      Delete
    2. ලිහිණි කෙල්ලට දැන් හොදයිද??

      Delete
    3. හි හි.. ඒ කියන්නේ කතාව වදිනවා නේද කට්ටියට... හි හි..

      අනේ අම්මෝ ගයිනි.. දේශකයා වගේ අයියෙක් ( අන්කල් කෙ‌ෙනක් දැන්නම්) ......???????????

      හි හි...

      Delete
    4. අජෝ ෆිට් කොල්ලොන්ට කයි කතන්දර හදනවා නෙමෙයි අරිය...

      Delete
  5. බ්ලොග් ගැන දන්නේ නැති අය ඩයලොග් එකේ වැඩ මේකට වෙනම පෝස්ට් එකක් දාන්න වෙයි
    වගේ හිරු ...:D

    ReplyDelete
    Replies
    1. වෙනම පෝස්ට් එකක්..ම්ම්ම්.. හිතලා බලන්න ඕනේ තමා.. හි හි...

      ඇත්තටම මම මුලින්ම කතා කරපු කෙනා බ්ලොග් කිව්වම අඳුරගත්තා.. හැබැයි දුන්නේ නම් අර හැමදාම දෙන පතෝල උත්තරේ තමයි... ටිකක් මේවා දන්න අය නිසා අපිට පුළුවන් හරියට ලෙඩේ කියලා විස්තර කරන්න.. ඒත් නොදන්න කෙනෙක්ට එහෙම ඔය වගේ අයත් එක්ක තමන්ගේ වැඩේ හරියට කරගන්න බැහැ කියන එක එයාලා පොඩ්ඩක් සැලකිල්ලට ගත්තොත් හොඳයි ඉස්සරහටවත්...

      අද උදේ වෙද්දි නම් මට ඒ කට්ටියට බනින්න මොකද්ද වගේ.. ඇත්තටම අද උදේ ඉඳලා මේ වෙනකොට කෝල් කීපයක් ආවා ඩයලොග් එකෙන්.. හි හි.. ආයිත් අවුල් උනොත් මෙහෙම කරන්න කියලා, ඒක කරන විදිය කියලත් දුන්නා.. කස්ටමර් සර්විස් එකට අපිට කරන්න පුළුවන් උදවුවක්, තොරතුරක් ඉල්ලුවාම කරන එක අපේ යුතුකම.. අපි ඒක කරනවා.. ඒත් එක පාරක් කෙනෙක්ට වැඩක් හරියට අවශ්‍ය වෙලාවට වැඩේ කෙරැනේ නැත්තම් ඉතිං හැමදාම ඒ මානසිකත්වය තමයි එයාගේ තියෙන්නේ... කස්ටමර් සර්විස් කෙලවගන්නේ ඕන්න ඔය වගේ වැඩ හින්දා තමයි...

      Delete
  6. Replies
    1. හා හා.. එච්චර ‌‌ගොඩක් නෑ නේ.. හි හි..

      Delete
  7. එක දිගටම වගේ ළඟ ළඟ ආපු කතාව ටිකක් පරක්කු වුනේ මේකයි එහෙනම්.

    ReplyDelete
  8. කොට වැඩියි යකෝ

    ReplyDelete
    Replies
    1. මට මේකට කියන්න දෙයක් මතක් වුනා අටම්, ඒත් මේ කෙලි බ්ලොග් එකක් නිසා මොකුත් කියන්නෙ නෑ. නමුත් කිව්වා කියලා හිතාගං. :D

      Delete
    2. ඉතින් ඕක කෑ ගහ ගහ කියන්න ඕනයැ... නැද්ද ඩූඩ්... හික්ස්...

      Delete
    3. Dude
      අපිත් පොඩ්ඩක් මෙහෙම තැනක් දැක්කහම සද්දේ දාන්ඩ ඕන බං නැත්තං කොහොමද අපේ වැරදි වහගන්නේ

      Delete
    4. කොට ඒවා දික් වෙන්න යටින් බරක් එල්ලනවලු..

      පතෝල දික් වෙන්න ගල් එල්ලනවලු.

      අටමාගේ පෝස්ට් කොට නිසා, හැම එකාම බනින නිසා, මූ අවස්ථාවක් ලද සැනින සද්දයක් දාලා.. අනෙ යකෝ..

      Delete
    5. මූ කොටට ලියන ගමන් මේ අහිංසක කෙල්ලට කොටයි කියලා ලියනවානෙ..

      Delete
    6. හි හි...

      ටිකක් දැම්මේ අප්ඩේට් උනේ නැති උනොත් අවුලක් වෙන නිසානේ... ප්‍රීවිව් බලන්නත් බැරිව හිටියේ.. කෙලින්ම පබ්ලිෂ් කළා.. හරි ගියා.. හි හි...

      Delete
  9. අද නං පානියක් දාල යන්න ගිහින්... ඒකනේ මේ තරම් කෙටි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මං මැරිලා කියලා හිතයි කියලා මේක දැම්මේ... හි හි..

      Delete
  10. අදයි ඔයා කතාවක් ලියනව කියල දැක්කෙ... කොට කෑලි ටිකක් නිසා ආපස්සට දුවල කියවලා එන්න ලේසි උනා... මටත් ඔය පොඩි කාලෙ අයියල පිස්සුවක් තිබ්බා... ඒ මං අර කියන කතාවල ඉන්න රශ්මිගෙ අයියල හින්දා... උන් දෙන්නා හරිම ආදරෙයි රශ්මිට... එකම නගා හින්දා වෙන්නැති.... ඉස්කෝලෙ ඉන්ටවල් එකේදිත් ඇවිත් කෑම කෑවද කියල බලලා කොණ්ඩෙ හදලා කතා කරල යනවා... මං ඉතින් ගෙදර ඇවිත් අම්මත් එක්ක රණ්ඩු වෙනවා ඇයි මට කලින් අයියෙක් හදා ගත්තෙ නැත්තෙ ඇයි කියලා...

    මං බ්ලොග් කියවන්න ගත්ත අළුත කවුදෝ මන්දා බාගෙට ලියල අතහැරපු බ්ලොගක් අහම්බෙන් කියවන්න ලැබුණා... ඒකෙ තිබ්බෙත් අහිමි අයියෙක් ගැන ලතැවෙන නංගියෙකුගෙ කතාවක්... ඒ කියල තිබ්බ ගොඩාක් දේවලුත් මගේ සිතුවිලිවලට සමානයි... ඔයාට නම් සමහරවිට මතක ඇති ගොඩ කාලෙක ඉඳන් මේකෙ ඉන්න කෙනෙක් හින්දා... :D

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ මියුරු ගොඩක් අයට ඔය අයියලා පිස්සුව එක වයසකදි තිබිලා තියෙනවා මේකට වැටෙන කමෙන්ට් බැලුවම.. අයියලා නැති අයට වගේම ඉන්න අයියා වාතයක් වෙලා ඉන්න අයටත්... හි හි

      ඔන්න මහේෂ් නිශාන්ත අයියා මේ පැත්තේ ආවානං අහගන්න තිබ්බා ඒකටත් මොකක් හරි වෛද්‍ය විද්‍යාත්මක හේතුවක් තියෙනවද කියලා... හි හි

      බාගෙට ලියපු බ්ලොග් නම් මම එච්චර ආසාවෙන් කියවන්නේ නැති නිසා මතක නෑ මියුරු...

      Delete
  11. පාරිභෝගික සේවා ගැන කතා කලොත් බල්ලො බත් කන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ඩූඩ් අයියේ.. ඕකට හේතු ගොඩක් මට හිතෙනවා...

      Delete
  12. ඩයලොග් කිව්වහම මතක් උනේ. මගෙ යාලුවෙක් zte ෆෝන් එකක් අරන් අන්තර් ජංජාල settings හදාගන්න නුගේගොඩ ආකේඩ් එකට ගිහින් තිබුන. එතකොට කිව්වලු මේකෙ GPRS නෑ කියල.
    මම ඒකට ජෙනරල් settings ටික දැම්මහම අගේටවත් නෙට් යන්ට පුලුවන් උනා. යාලුව අතින් settings ඩිලීට් වෙලා ආයෙමත් අර ආකේඩ් එකට ගිහිල්ල. එයාල ආයෙමත් අර කතාවම කිව්වලු. එතකොට යාලුව එයා ජංජාලෙන් බාගත්තු ෆොටෝ එහෙම පෙන්නල. ඩයලොග් එකේ අය කිව්වලු ඔයා මේව bluetooth වලින් දාන්න ඇති කියල. තව මොන කතාද. ඇත්තටම ඒ ෆෝන් එකේ 3Gත් තියනව.

    අපිත් ඩයලොග් තමයි හිරු, අපිට නම් අවුලක් නෑ.

    මේ පෝස්ට් එක දිග වැඩි නිසා පස්සෙ කියවන්නම් ඇ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඩයලොග් එකෙන් මට නම් ගොඩක් අවුල් වෙලා නෑ.. ( මම එදා ඉඳන්ම ඩයලොග් තමයි) සමහර විට මම ලෙඩේ හොයාගෙන කෙලින්ම එතනට යන නිසාද දන්නේ නෑ.. ඕවා ගැන මොනාවත් දන්නේ නැති කෙනෙක් ගියාම නම් ඇත්තටම රස්තියාදු කරවනවා කියලා ගොඩක් අය කියනවා...

      අම්මේ.. පව් වැඩේ.. හරි දිග පෝස්ට් එකක් නේ.. හි හි

      Delete
  13. කෝ අනේ කතාව, මම කියවන්න ලැහැස්ති වෙනකොටම කතාව ඉවරයි. හොද්දෙ ලුණු බලල ඉවර වෙනකොට හොද්දත් ඉවරයි වගේ.

    ඩයලොග්වල එහෙම අවුලක්ය කිව්වෙ ඔයාට විතරක් තියෙන එකක්ද නැත්නම් ...., මම සාමාන්‍යයෙන් මාසෙ මුල ඩයලොග් යූස් කරන්නෙ, මාසෙ අගට එනකොට මදිවෙන ටික දුවන්නෙ එටිසලාට්වලින්. මේ මාසෙට තාම ඩයලොග් පැකේජ් එක ඇක්ටිව් කරගත්තෙත් නෑ, හැබෑට එහෙම අවුලක් තියෙනම් මේ මාසෙ එක දැන්ම ඇක්ටිව්කරන් වැඩක් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. නෑ අනේ.. කට්ටියකටම අවුල තිබ්බා... කතාව මෙහෙම දැම්මේ චෙක් කරන්නත් එක්ක. .ගොඩක් දාලා අප්ඩේට් නොවී අවුලක් වෙයි කියලා හිතලා...

      Delete
  14. අඩුවෙන් ලියලා වගේ.අවුලක් තියෙනවා තමයි ලයින් වල.මඟ හැරෙන ඒවා කොහොමද කියවන්නේ?
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ගූගල් රීඩරෙන් කියෙව්වා ගයනි.. ඒත් කමෙන්ට් කරන්න බෑ ඉතිං... දැන් හරි වගේ..

      Delete
  15. ලංකාවේ ඩයලොග් එකේ වැඩකරන්නේ මීහරක්. පෙන්න බැහැ ඕකුන්ව ගහන්නේ ඕනේ හොඳ මඩක්

    ReplyDelete
    Replies
    1. ඔයා මඩ ගහන්න .. මම එන්නම් බලන්න... හි හි

      Delete
  16. අනේ මන්දා පොඩ්ඩයි වගේනේ :(

    ReplyDelete
    Replies
    1. වගේ නෙවෙයි.. පොඩ්ඩයි තමයි... හි හි

      Delete
  17. මාත් ඒ දවස් ටික ගෙවාගත්තෙ කතා පොත්වල පිහිටෙන් තමයි..P

    ReplyDelete
  18. ආදරණීය ඩබල..!

    පපඩම් නම් මතක් කරන්න එපාබං...! අර අහිංසකයා බැනුම් අහවි.

    ReplyDelete
    Replies
    1. හි හි... කො‌ෙහාමත් තව ටික කාලයක් යනකම් පපඩම් කිව්‌ෙවාත් සිරා තමයි... හි හි

      Delete
  19. අනේ සූටීනේ පෝස්ට් එක....:‘(

    ReplyDelete
    Replies
    1. සූටියි තමයි අනේ... හි හි

      Delete
  20. මේකට '8 කොටස' කියල දාන්න ඔට්ටු නෑ... 7.1 කියලා දාපං...

    ReplyDelete
    Replies
    1. හා හා.. එහෙම කරමු... හි හි..

      Delete
  21. කතාවට අදාළ නොවෙන කමෙන්ට්ස් යන ගතියක් මට මේ ළඟදී ඉඳල දැනුනා මගේ පොස්ට් වලත්.

    ReplyDelete
    Replies
    1. ගෙට්ටුවක් ඉවර උනාම ටික කාලයක් යනකම් ඕක තියෙනවා සුදීක අයියේ.. හි හි

      Delete
  22. අය්යෝ හිරු අක්කේ මටත් ඔය සේතේමයි ..අද තමයි යන්තම් බ්ලොග් එකට ආවේ

    ReplyDelete
    Replies
    1. ඩයලොග් එක මරාගෙන කෑවේ නැති ටික විතරයි මේ ටිකේ... ඇයි වදේ.. බ්‌ෙලාග් ටිකයි කමෙන්ට් ටිකයි කියෙව්වේ නැති උනාම නිකම් කෑවේ නෑ වගේ ගතියක් තියෙනවනේ... හි හි

      Delete
  23. මටත් තියෙන ප්‍රශ්නයක් තමා ගෙදර ඉන්න එක. මම නම් කොයිවෙලේකත් ගෙයින් පිට ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් ගෙදර ඉන්නවා කියන්නේ පුදුම සැපක්.. දැන් ගෙදරම ඉඳලා එපා වෙලා මට නම්... හි හි

      Delete
  24. මම ඉස්සෙල්ලම ඩයලොග් එකට කතාකරනකොට උං මේ අවුල ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. කොමන් ඉෂූ එකක් ගැන කාගෙංවත් කම්ප්ලේන් එකක් ඇවිල්ල නෑ කිවුව. කස්ටමර් කෙයා එකේ හිටිය එකා බ්ලොග් කිවුවහම හිතුවෙ ඒක වැල සයිට් එකක් කියල.
    පස්සෙ කට්ටිය කතාකරල කියනකොට තමයි උංටත් අවුල තේරිල තියෙන්නෙ.
    පස්සෙ ටෙක්නිකල් එකට කතාකළාම උංගෙ අවුලක් කියල පිළිගන්ත.

    හැබැයි අනික් ඒවයෙ කස්ටමර් කෙයා වලට වැඩියනං ඩයලොග් එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියන්නේ වැල සයිට් එකක් කියලා හිතුව එකනේ මල් හතේ වැඩේ... හි හි

      Delete
  25. පාරමී දම් 8 කොටස ලස්සනයි. ඒත් අර අන්තිමටම ලියපු පාරිභෝගික සේවාවව ගැන කියල වැඩක් නෑ. ඒත් මොකුත් නොකියත් බෑ. ඒ.තරමට සේවය හොදයි.

    ReplyDelete
  26. හරිම ලස්සනට ඔයා මේ බ්ලාග් එක කරගෙන යනවා ඔයාට මම සුබ පතනවා

    ReplyDelete
  27. මොකද බැලුවා මේ දවස් වල සද්ද නැත්තේ කියලා .....

    ReplyDelete