Friday, January 4, 2013

පසුතැවීමට වඩා පරිස්සම හොඳයි... Better be safe than being sorry .....


අද ලියන්න ගත්තේ ටිකක් විවාදාත්මක කතාවක්... නමුත් මාස කීපයක් තිස්සෙම මේක ලිවිය යුතුයි කියලා මං හිතුවා.. මේ ගැන ගොඩක් දේවල් මට හිතුනා වගේම, අතීතයේ මං මුහුණ දීපු පොඩි සිද්ධි කීපයක් මට මතක් උනා... ඒක නිසා මේක මගේ ඔලුවේ විතරක් තියාගෙන ඉඳලා හරි යන්නේ නෑ කියලා හිතුනා..මේක ලිවීමෙන් මාව ස්ත්‍රිවාදියෙක් විදියට හංවඩු ගැහෙන්න ඉඩ තියෙනවා.. නමුත් මේ ලියන්නේ ගෑහැණු ගැන විතරක් නෙවෙයි.. පිරිමි ගැනත් එක්කම...

පහුගිය ටිකේ කාන්තාවන් ගැන ගොඩක් දේවල් කතා කළා... දූෂණ, අතවර, මිනීමැරුම්,බලාපරාධ, බලහත්කාරකම් ගැන කතා වෙනවා හොදටම වැඩියි... මට හිතුනා පොඩියට හරි මං දන්නේ දේවලින් ගැහැණීයකට, පිරිමියෙක්ට, ළමයෙක්ට මේ වගේ අවස්ථාවක දි ගැලවෙන්න ක්‍රම සහ තමන් අතින් නොදැනුවත්ව හරි කෙනෙක්ට වැරැද්දක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ ගැන කතා කරන්න..  

ඒ ව‌ෙග්ම මුලින්ම කියන්න දෙයක් තියෙනවා... මම නීතිවේදියෙක් නෙවෙයි.. දෙශපාලකයෙක් නෙවෙයි... කැම්පස් ගිය කෙනෙකුත් නෙවෙයි.. මේ රටින් පිටට අඩියක් තියපු කෙනෙකුත් නෙවෙයි.. මම මේ රටේ දුප්පත් පවුලක ඉපදිලා, රජයේ පාසල් වලින් ඉගෙන ගෙන, සාමාන්‍ය තත්වයේ රැකියාවක් කරලා, දැන් කසාද බැඳලා ගෙදර ඉන්න සාමාන්‍ය ගෘහණියක්... ඒක නිසා මං මේ ලියන දේ ගැන මේක කියවන අයට මීට වඩා දැනුමක් තියෙන්න පුළුවන්..  ඒ දන්න අය මේ ගැන සංවාදයක් ඇති කරනවා නම් මං කැමතියි..  

පාරතොටේදි, ව්‍යාපාරික ස්ථාන වලදි, රැකියා ස්ථානයේදි මිනිස්සු වශයෙන් අපි කාගෙත් මානසික මට්ටම අනුව යම් යම් අපහසුතා ඇති වෙනවා... මේක ගැහැණුන්ට විතරක් නෙවෙයි.. පිරිමින්ටත් එහෙමයි... 

ඉංග්‍රිසියේ තියෙනවා ප්‍රසිද්ධ කියමනක්.. Ladies first කියලා... අපිත් ගොඩක් තැන් වල ඕක පාවිච්චි කරනවා... විහිළුවට පාවිච්චි උනත් මේකේ අර්ථයක් තියෙනවා... ඇත්තටම අද කාලේ මේ කතාව ඒ තරම් අදාළත්වයක් නෑ.. හේතුව කාන්තාවක් පිරිමිත් සමඟ කරට කර ඉන්න උත්සාහ කරන නිසා... නමුත් පිරිමියෙක් කාන්තාවකට තමන්ට කලින් අවස්ථාවක් ලබා දෙනවා නම්, ඒ කිව්වේ පෝලිමක, බස් එකකට නඟිද්දි වගේ අවස්ථාවක උනත්, එතන ඉස්මතු වෙන්නේ ඒ පිරිමි කෙනාගේ මහත්මා ගතියක්.... ඒ වගේම ඒ කාන්තාවට උනත් යම් පැහැදීමක් ඇතිවෙනවා ඒ කෙනා ගැන... ඒ ව‌ෙග් වෙලාවක, තමන්ට බස් එකට නඟින්න ඉඩ දීලා පස්සට වෙච්ච පිරිමි කෙනාට බොහොම ස්තූතියිහෝ “ Thank you” කියලා කියන එක කාන්තාවගේ හැදිච්චකම පෙන්නන දෙයක්... දෙකම බැරි නම් හිනාවකින් සංග්‍රහ කරන්න බැරිකමක් නෑනේ...

සාමාන්‍යයෙන් මම දන්න තරමට සාරි අඳින්නේ නැති ඔෆිස් වල ( බොහෝ විට පෞද්ගලික අංශයේ) කාන්තාවන්ගේ ඇඳුම් වල තියෙන්නේ වෙස්ටර්න් මෝස්තර... විශේෂයෙන්ම අපේ රටේ තියෙන පිටරට බැංකු ශාඛාවල එහෙම ... ෂෝට් ටයිට් ස්කර්ට්ස් ( අර පස්සෙන් ඕපන් එක තියපු ඒවා) ජැකට්ස්, වගේ ඇඳුම් යුනිෆොම් විදියට තියෙනවා නම් පුළුවන් තරම් ඒ ඇදුම ඇඳගෙන පොදු ප්‍රවාහන සේවා වල නොයන එක තමයි කාන්තාවකට වැඩියම ගැලපෙන්නේ... එහෙම කරන්න වෙන්නේ කාර්යාලීය ප්‍රවාහන සේවයක් නැත්තම්... එහෙම නැත්තම් ඇඳුම් මාරැ කරගෙන බස් එකේ හරි කෝච්චියේ හරි එන එක තමයි නුවණට හුරු.. ඒ ඇඳුම නිසා තමන්ට අපහසුතාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා...

ඇඳුම් ගැන නම් මං වැඩිය කතා කරන්නේ නෑ... කලින් දවසකත් කතා කරපු නිසා... 

එතකොට බස් වල යද්දි... 

බස් වලදි තමයි අපේ රටේ ගැහැණු පිරිමි දෙපාර්ශවයම අපහසුතාවයන්ට පත්වෙන්නේ වැඩිපුරම.... පොල් පටවන නිසා.... මමත් ඇති වෙන්න ඔය කට්ට කාලා තියෙනවා... හි හි... ඒ ගොඩක් වෙලාවට නොදැනුවත්කම් හින්දා... අපිට හැම මිනිහම හදන්න බෑ... තමන් පරිස්සම් වෙන එක තමයි නුවණට හුරු කියලා මම පස්සේ හිතුවා... ඒක නිසා බස් වල යද්දි කාන්තාවක් අපහසුතාවයට පත් වෙන්න තියෙන අවස්ථා වලදි කරන්න පුළුවන් දේවල් කීපයක් මම කියන්න හිතුවා... 

එකක් තමයි සීට් එකේ ඉදගන්නකොට පුළුවන් තරම් ජනේලයක් පැත්තට වෙන්න ඉඳගැනීම... එතකොට උරහිසට ජැක් ගහන්න තියෙන අවස්ථාව අඩුයි... එහෙම ඉඳගත්තම පිරිමි කෙනෙක් දුවලා ඇවිත් එතනින් ඉඳගත්තොත් නැගිටලා යන්නයැ... හැම තිස්සෙම ටිකක් ලොකු බෑග් එකක් අතේ තියාගත්තම කකුල් වැහෙන්න තියාගන්න පුළුවන්.. ඒ ව‌ෙග්ම වැස්සත් නැතත් එහෙම අවස්ථාවකදි කුඩේ බෑග් එකෙන් එළියට අරන් තියාගන්න පේන්න... කොණ්ඩෙ.. ගොඩක් අය ගොතන්නේ නෑ නේ දැං.. පෝනි ටේල් එකක් ව‌ෙග් දාලා නම් ඉන්නේ ජනේලේ පැත්තෙන් නැතුව අනිත් පැත්තෙ උරහිස උඩින් අරගෙන ඉස්සරහට දාගන්න.. ඒකෙන් එක විදියකට අනිත් අයට කරදරයක් නොවෙනවා වගේම, හිට ගෙන ඉන්න අයට පිං කැටේ වගේ ගවුම් කර අස්සෙන් පේන එකත් වළකිනවා...

බස් එකේ ඔය පැත්තේ ගෑණු ළමයෙක් ඉඳගත්තම සමහර විකාරකාරයෝ කරන දෙයක් තමයි සීට් එක අස්සෙන් අත දාන එක.. එහෙම ඉඩ තියෙන තැනක් නම් හොඳම දේ අයිනටම වෙන්න එක්කො කුඩේ ‌හෝ ටිකක් මහත පොතක් හේත්තු කරන එක.. එහෙම නැත්තම් බෑග් එකක්... එතකොට අත දාන්න බෑ... ( ඉස්සර මගේ බෑග් එකේ නම් හැමතිස්සෙම මහත පොතක් තිබ්බා...)

බැරි වෙලා හරි ඒ පැත්‌තේ ඉදගන්න බැරි උනොත් පුළුවන් තරම් ගැණු කෙනෙක් ඉන්න සීට් එකක ම ඉඳගන්න බලන්න.. විශේෂයෙන් පොල් පටවන බස් රෑට් වලදි... කොණ්ඩේ නම් ඉස්සරහට දාගැනීම අනිවාර්යයි.. මොකද නැත්තම් හිටගෙන ඉන්න අයට කරදරයි... අනිත් එක ‌බෙල්ල, කර වහගන්නත් ලේසියි.. 

හිටගෙන යන්න උනොත්... ඇන්ටි කෙනෙක් ගාවින්, ගෑණු ළමයෙක් හිටියොත් එයා ගාවින් හිටගන්න... සීට් එකකට හේත්තු වෙන්න එපා... එහෙට මෙහෙට වෙන්නවත් බෑ එතකොට... අනිත් එක ඒ වගේ තැන් වල හිර වෙනවත් වැඩියි... බස් එකේ මැද හරියට වෙන්න හිට ගන්න.. මොකද කොන්දොස්තර ඔය හරියෙන් යනකොට එතනම ලත වෙවී ඉන්න ජැක් කාරයන්ට වැඩි වෙලා එක තැන රැදෙන්න බෑ...ලත වෙන එකෙක් ඉන්නවනම් කුඩේ අතට අරගෙන බලන්න යනවද කියලා... ඒකත් ගනං ගන්නේ නැතුව ජැක් ගහගෙන ඉන්නවනම් කිසි කතාවක් නෑ අත දිගෑරලා දෙකක් දෙන්න ... (ජැක් කාරයෝ හැම තිස්සෙම, මූණ දිහා බැලුවට, රැව්වට දැක්කේ නෑ ව‌ෙග් ඉන්නවා.. බලනකොටම උඩ බිම බලනවා... ඒකෙන් අදුරගන්න පුළුවන්..)  ඊට පස්සේ මොනවා කිව්වත් කට අරින්න එපා... කතාවට යන්න එපා... වෙන කිසිම කෙනෙක් දිහා බලන්නත් එපා... පාඩුවේ අහක බලාගෙන ඉන්න... හැබැයි බස් එක ගොඩක් හිර වෙච්ච එකක් නම් එහෙම කරන්න අමාරැයි... ඒ වෙලාවට ලත වෙවී ඉන්න එපා.. එතනින් අයින් වෙලා වෙන තැනකට යන්න.. එහෙම එක තැන හිටියම හිතන්නේ දීගෙන ඉන්නවා කියලා..

එතකොට බෑග් එක ඉල්ලගන්න අය... එක දවසක් අන්කල් කෙනෙක් මගේ බෑග් එක ඉල්ලගත්ත නිසා මං එතනම නැවතුනා.. මට ටික වෙලාවකින් තේරුනා මේ මනුස්සයා බෑග් එක අල්ලගෙන ඉන්නගමන්,ටික ටික ම‌ෙග් සාය උස්සනවා කියලා... මං පස්සට වෙච්ච ගමන්, ජනේලෙන් එළියේ තියෙන ලයිට් ගනං කරන්න වගේ ඒ පැත්ත බලාගෙන අත ගන්නවා... මං බෑග් ටිකත් අරගෙන වෙන තැනකට ආවා.... ඒක නිසා ඒ වගේ තැන් වලදිත් පරිස්සම් වෙන්න..    

කොල්ලෝ... කොල්ලන්ට වැඩිපුරම වෙන්නේ ඇන්ටිලා, කෙල්ලෝ උරහිසට හේත්තු වෙන එක... සෙනඟ වැඩි බස් එකක නම් සමහර ඇන්ටිලා එහෙම කරන්නේ සීට් එක දෙයි කියන බලාපොරොත්තුවෙන් කියලා මම දැකලා තියෙනවා... නමුත් ඇත්තටම කොල්ලෝ ගොඩක් අපහසුතාවයට පත් වෙනවා ඒ වෙලාවට... ඇන්ටිලාව හදන්න අපිට අමාරුයි.. කෙල්ලො හැටියට කරන්න පුළුවන් එකම දේ එක්කෝ ගෑණු කෙනෙක් ගාවින් හිට ගන්න එක.. ඒ උනාට මං දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් කොල්ලෝ කෙල්ලෙක් තමන් ගාව හිටගෙන ඉන්නවනං සීට් එක දෙනවා කියන එක... එහෙම වෙලාවක බොහොම ස්තූතියි කියන්න මතක තියාගන්න... හැබැයි ඉතිං එතනම හිටගෙන උරහිසට හේත්තු වෙන අනංගයොත් ඉන්නවා කියන එකත් මතක තියාගන්න... 

කොල්ලන්ට වෙන අපහසුතාවයන් අපේ කොල්ලෝ ටික එකතු කරයි කියලා මම හිතනවා..

ඊළඟට... පාරේ යනකොට ඕනේ කමින් ඇවිල්ලා ඇගේ හැප්පෙන එක... කැත වචන කියන එක... ඒක නම් විහිළුවට උනත් කරන්න හොඳ නැති දෙයක් කියලා කොල්ලෝ හිතනවා නම් හොඳයි.. මොකද තමන් ආදරේ කරන කෙනෙක්ට එහෙම වෙන කෙනෙක් කතා කරනවට තමන් කැමති නෑ නේ.. මොන විදියට ඇඳගෙන ගියත්, මොන වැරද්දක් අපිට පෙනුනත්, ඒ යන්නේ කවුරු හරි කෙනෙක් ආදරය කරන කෙනෙක් කියල එක මතක තියාගෙන, මරු කෑල්ල, මරු ගල් දෙක, මරු බඩ්ඩ, පට්ට කෑල්ල වගේ වචන වලින් කෙනෙක්ව හඳුන්වන එක නවත්තනවා නම් හොදයි.. විශේෂයෙන් තමන් දන්න අදුරන කෙනෙක්ට එහෙම කතා කරන්න එපා... තමන් දන්න කෙනෙක්ව අපහසුතාවයට පත් වෙන විදියේ දෙයක් නොකර ඉන්න උත්සාහ කරන්න හැම තිස්සෙම... 

එතකොට එහෙම කතා කරන, නරක අයට පාඩමක් උගන්නන්න කෙල්ලන්ට පුළුවන්... 

එහෙම දෙයක් කිව්වොත්, කියනවා ඇහුනොත් හිනා වෙන්න එපා...බලන්නවත් එපා.. පාඩුවේ යන්න.. ඒක හොඳ නැති විහිලුවන් බවත්, තමන්ගේ හිත රිදුන බවත් ඒ ක්‍රියාවෙන් පෙන්නන්න.. තමන් දන්න කෙනෙක් නම් එහෙම කියන්නේ කෙලින්ම අහන්න... “ ඔයාගේ අම්මටත්, නංගිටත් ඔයා කතා කරන්නේ ඔහොමද කියලා... 

අපොයි.. මට මේක කොටස් දෙකකට දාන්න වෙයි වගේ... දැනටමත් දිග වැඩියි... පොඩි ළමයි ගැන ලියපු ටික වෙන කොටසකට දාන්න වෙනවා.... 

181 comments:

  1. බොහොම කාලෝචිත, වටිනා - විශේෂයෙන්ම ගෑණු ළමයින්ට වටිනා ලිපියක් හිරූ..

    මම වැඩ කරන මැද පෙරදිග රටේ බස් වල දෙකට බෙදලා තියෙන්නෙ "ගැහැණු"සහ "පිරිමි"වශයෙන්. ගැහැණුන්ට ඉස්සරහා පිරිමින්ට පිටි පස්ස. පිරිමින්ට ගැහැණු සීට් වල ඉඳ ගත්තෑකි බස් එක හිස්නම්.. බස් එක පිරිලනම් රියදුරා පිරිමින්ට ඉදිරිපසින් ගොඩ වෙන්නවත් දෙන්නෑ.. සල්ලි ගෙවලා ගිහින් පිටි පස්සෙ දොරෙන් නගින්න ඕනා.. ලංකාවෙත් එහෙම කළා නම් හොඳයි.. එතකොට අපේ දුවලා, නංගිලා, අක්කලා, අම්මලා, නැන්දලා, ආච්චිලාට සැනසිල්ලෙ තමන්ගෙ ගමන යන්න පුලුවන්.. ජැක් ගැන හිතන්ඩම ඕනා වෙන්නෑ.. මේ වගේ උපදෙස් දෙන්න වෙන එකකුත් නෑ.. ( ඒ ජාතියෙම බස් මයික්‍රො එකෙන් හදලා ලංකාවෙ පාරවල් වල දුවනවා මම දැක්කා.. ඒ කියන්නෙ, අපිට බොහොම ඉක්මනට එතෙන්ට එන්ඩ පුලුවන්.. අවශ්‍ය වෙන්නෙ නීතිය කරවන, ප්‍රතිපත්ති හදන උන්ගෙ මැදිහත් වීම තමා )

    ReplyDelete
    Replies
    1. සෙන්නා කියන විදිය කරන්න පුලුවන් නම් හොදයි... ඒත් ඉතිං අපේ ඉන්න අසරණ කොල්ලෝන්ට කෙල්ලෝන්ට සීට් එක්ක අල්ලන්, කතා කර කර යන්නවත් තියෙන්නේ ඔය බස්, කෝච්චි විතරයි නේ.. ඒකටත් කෙළ වෙනවනේ එහෙම කලොත්... මං කිව්වේ පස්සේ සීට් එක අල්ලන් රෑම් වල කරන ඒවා කරන එක ගැන නෙවෙයි.. නිකම් කතා කර කර යන්න... හි හි.. ( අපි දෙන්නට නම් ඒ කාලේ තිබ්බේ ඒ අවසරය විතරයි... හි හි)

      පළවෙනියටම කරන්න ඕනේ බස් වල පොල් පැටවීම නවත්තන එක.. හිටගෙන යාම නැවැත්තුව නං ප්‍රශ්නෙන් බාගයක් ඉවරයි.... කාන්තාවන්ට පමණයි බස් එකක් තිබ්බා ඉස්සර.. මං එන්නේ ඒකේ... තව එකක් තිබ්බා.. ස්ටාෆ් බස් එකක් වගේ.. ඒ උනාට ලංගමයක්... හැමදාම ටවුන් හෝල් එකෙන් පටං ගන්නවා.. ලයිබ්‍රරි එක ගාවින්... හැමදාම යන්නේ එකම කට්ටිය.. කිසි අවුලක් නෑ.... මඟින් නඝින අය තමයි වෙනස් වෙන්නේ..එක පාරක් ජැක්සන් කෙනෙක් නැඟලා කොන්දොස්තර ඒකව බෙල්ලෙන් අල්ලලා එලියට දැම්මේ...

      Delete
    2. කේක් එක තියාගන්ඩයි, කන්ඩයි දෙකක් බෑ මිස්..

      පොල් නම් එහෙත් පටවනවා.. පොල් පටවන්නෙ නැතුව යන්නෙ දුර ගමන් සේවා විතරයි.. අන්න ඒ වගේ ඒ වයෙනම් ඔය මුල්ලක් අල්ල ගන්න පුලුවන්.. මෙහෙත් එහෙම කරන්ඩ කියලා අපි යෝජනා කරමු.. "කාන්තාවන්ට ගරු කරන්න", "විනීතව හැසිරෙන්න "කියලා ගහන දැන්වීම් නම් ගඟට කපන ඉනි වගේ කියලයි මට හිතෙන්නෙ..

      කාන්තාවන්ට වෙනම බස් දාපුවම කොහොමත් අත අල්ලන් කතා කර කර යන්න බෑනෙ.. දෙකට බෙදුවම අඩු ගානෙ බල බල හරි යන්න පුළුවන්නෙ :-)

      Delete
    3. හි හි... මොනවා හරි කරනවානම් ඒකත් එක්ක සෙන්නා...

      වැඩේ කියන්නේ සෙන්නා කෝච්චියේ ඔය ප්‍රශ්නේ අඩුයි... මට නම් වෙලාම නෑ වගේ.... මොකද කට්ටියක්නේ එන්නේ හැමදාම.... එතකොට බස් වල විතරයි ඔය කේස් එක... මගේ යාලුවෝ උනත් කියන්නේ එහෙම වෙලා තියේනනේ බස් වල විතරයි කියලා.. හැබැයි කෝච්චිවලත් ඉන්නවා ඔය වගේ අය.. ඒත් බයයි.. සෙට් එකක්ම ඉන්නවානේ ගේමට...

      Delete
    4. කෝච්චි වල තියෙන්නෙ වෙනම මාෆියා එකක්.. මම ආසම නැති බලු සංස්කෘතියක් ඒක.. ඒකෙ අහිතකර ප්‍රතිවිපාක පෙන්වන සැබෑ සිද්දියක් ගැන ඩූඩ් හොඳ ලිපියක් ලියලා තිබුනා කාලෙකට කලින්..

      පොදු දෙයක් එක්තරා කුලකයකට විතරක් ලඝු වෙන්නෙ කොහොමද ? එතනදි රැකවරණය ලැබෙන්නෙ සෙට් එකේ කාන්තාවන්ට විතරයි.. පිටින් කාන්තාවක් ආවොත් එයා අරිට වැඩිය හැරස්මන්ට් එකකට ලක්වෙන්න ඉඩ තියනවා.. සමහර විට අර සෙට් එකේ කාන්තාවන්ගෙන්ම..

      Delete
    5. ඔයා ඔය කියන සීන් එක තියෙනවාලු සෙන්නා දුර කෝච්චිවල.. මම ඒවයේ නම් ගිහින් නැ... හැබැයි මම කොළඹ ඉඳලා පාදුක්කට ගියා ආවා... අවිස්සාවේල්ලට යන කෝච්චිය ඒක.. ඉස්කෝලේ යන කාලේ ඉඳලම... අවුරුදු 10කට කිට්ටු වෙන කාලයක්... මම මේක ලිව්වේ ම‌ෙග් අත්දැකීම් වලින්...

      නමුත් ඔයා කියන දේ ඇත්ත තමයි... මේක එක කොටසකට වෙන්නේම නෑ කියලා කියන්න බෑ.. ඒත් ඔයා අන්තිමට කියලා තියෙන දේ නම් වෙනවා මං ගිය කෝච්චියේ වෙනවා මං දැකලම නෑ.... ඒක ඉතිං මගේ අත්දැකීම...

      Delete
    6. ඒ කාලෙ තියෙන්න නැති වෙන්න ඇති හිරූ දැන් නම් තියෙනවා. සෙට් ගැහිල්ල කරදරයක් වෙන තරම ඇවිල්ලා.

      Delete
    7. ඕකට බේතක් තියෙනවා නිසූ... මොකද මම තනියෙනුත් කෝච්චියේ ගිහින් තියෙනවා , සෙට් එකක් එක්කත් ගිහින් තියෙනවා... හැබැයි මට එහෙම කරන්න පුළුවන් උනේ මම කොටුවෙන්, මරදානෙන් නැග්ග නිසාද දන්නේ නෑ.. මම තනියෙන් යනවනම් කරන්නේ නැග්ග ගමන් ඉඳගෙන ( මුල්ලක් අල්ලගන්න පුළුවන් උනොත්, නැත්තම් මැදකට වෙලා) ඉයර්‌ෆොන් එක ගනේ ගහගෙන ෆොන් එකේ ගේම් එකක් ගහන එක.. ආයිත් මලාට වටපිට නම් බලන්නේ නෑ.. හේතුව මේකයි... කට්ටිය කියන ඒවා ගනං ගත්තම තමයි කියවනවා වැඩි වෙන්නේ... ඒක නිසා ගනං නොගෙන හිටයම ඉවරයි... මටත් එහෙම කියවනවා ඉස්සර.. මං මොන්ගල් පාට් එකට හිනාවෙලා අහක බලාගන්නවා.. උන්ටම ඇති වෙලා යනකම්... හි හි

      Delete
  2. හිරු අක්කාගේ උපදෙස් මාලාව නියමයි. ඇත්තටම අර කොණ්ඩේ දාගන්න කතාව නං සහතික ඇත්ත. මටත් නොකියා මගේ ඇස් දෙකත් ඔය අහුමුලු වල රිංගනවා එහෙම උනාම. මමනං කියන්නේ කොණ්ඩය නොදැම්මත් ඒකට සුදුසු විදියට ඇදුම් කර තියෙන එකක් අදිනවනං හොදා. ගොඩාක් අය ඒ ගැන හිතන්නේ නෑ. අනික ගැල්ලමයි පහත්වෙන්නෙම හොදට කර කපපු ඇදුං ඇන්නද තමා. අපි මොක්කද කරනවා හිරුවෝ. ඔන්න බොලා ඉගෙන ගනිල්ලා.. හිරුව ලෙසටම දීලා තියෙන්නේ.. වැඩේ නං සුපිරියි හිරු.

    ReplyDelete
    Replies
    1. //මටත් නොකියා මගේ ඇස් දෙකත් ඔය අහුමුලු වල රිංගනවා//

      හි හි . ඒ ගැන කුමන කතාද.. නේද දේශකයෝ...

      කර කපපු ගවුම් ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඇන්ද නිසා මට ඒක එච්චර ගානක් නෑ.. හැබැයි එහෙම ඇඳුමක් ඇඳපු දවසට මං ටිකක් වැඩිපුර පරිස්සම් වෙනවා... අනිත් එක ගොඩක් වෙලාවට ස්කිනි එකක් හරි වෙස්ට් එකක් හරි අඳිනවා... බ්ලවුස් එක එහෙට මෙහෙට උනත් එච්චර අවුලක් වෙන්නේ නෑ...

      Delete
  3. හිරු හොද මාතෘකාවක් පටන් අරගෙන තියෙන්නේ..දන්නා තරමින් නම් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන බවලත් උදවියට විදින්න වෙන ගැහැට නම් අනන්තයි අප්‍රමානයි..(කාර්යාලයේදී බවලත් උදවිය කියනවා ඇහෙනවා ඒකයි දන්නේ )
    දවසක් මටත් හරි වැඩක් උනානේ තව සුට්ටෙන් නිස්කාරනේ අහිංසක මුහුනත් තහඩුවේ දැලි ගාගන්න වෙනවා.. පොල් පටවනවා හා සමාන පාන් ගෙඩියක හැඩය ඇති බස් රථයක ගමන් කිරීමට අවස්ථාව ලැබුණු අතීතයේ දවසක..රියදුරු විසින් එක පරම ගැසූ බ්රේක් පාරකට පැත්තක සිටි මම ලිස්ස ගිහින් වැටෙන්න යන අතර අත පත ගාලා කුමක් හෝ අල්ලා ගත්තේ පෙරලගෙන වැටෙන එකෙන් බේරෙන්නයි එහෙත් අවාසනාවකට මගේ අත‍ට අහුවුනේ ගෑනු කෙනෙකුගේ පස්චාත් භාගයකි... මා දිහා බොහොම දරුණු විදියට බලලා එරෙව්වා මිසක මුකුත් කිව්වෙනම් නැත.. කිව්වනම් මා ඉවරය..

    මෙන්න මෙහෙමත් සිදුවීම් බස් වල වෙනවා.. (දැන් බස් ගමන් අඩු නිසා අත්දැකීම් අඩුයි මේ සම්භන්දව )

    ReplyDelete
    Replies
    1. මරු වැඩේ වෙලා තියෙන්නෙ

      Delete
    2. එහෙම ඒවා වෙනවා චමී...

      බස්වල ඩ්‍රයිවර්ලා එළවන්නේ බ්රේක් එකයි ඇක්සලේටරෙයි උඩ ඉඳගනෙ.. සීට් එකේ නෙවෙයි... බ්‍රෙක් කරාම අපි උනත් විසි වෙලා යනවා පිරිමි අය‌ෙග් ඇඟට.. ඒ වෙලාවට බස් කාරයට බනින්න පටන්ගත්තත් අඩුම ගානේ අර ඇඟේ වැදිච්ච කෙනාට සොරි කියන්නවත් ඇපේ අයට මතක් වෙන්නේ නෑ.. මට මේ කමෙන්ට් වලින් හිතෙන්නෙම විදියට මෙතන තියෙන්‌ෙන්ම ලොකු මැනර්ස් ප්‍රශ්නයක් කියලා...

      Delete
  4. කතා කරන්න ඕනි මාතෘකාවක් තමයි අක්කේ....
    මට බස් එකේ දි වෙන ලොකුම කරදරේ තමයි කෙල්ලොන්ගේ කොන්ඩේ...
    සමාවෙන්න ඕනි මෙහෙම කතා කිව්වට.
    උන් උන්ගේ කොණ්ඩේ පෙන්නගන්න(අනේ අපිට නම් ඕකේ බලන්න දෙයක් නෑ. ඊට වඩා බලන්න දේවල් තියෙනවා :P) කොණ්ඩේ බඳින්නේ නැතුව එනවා.ඉතින් අපේ කට අස්සෙයි නහය අස්සෙයි හැම තැනම යනවා කොණ්ඩේ...බනින්නත් හිතෙනවා.ඒත් ඊට පස්සේ වෙන එකක් කියාගෙන එයි කියලා හිතලා මං නම් කරන්නේ අදිනවා කොණ්ඩෙන්...:P
    එතකොට රවලා කොණ්ඩේ අයින් කරගන්නවා....
    එපා වෙනවා...කෙල්ලොන්ටයි ඒ.....:D

    ReplyDelete
    Replies
    1. ඔයාලට විතරක් නෙවෙයි.. අපිටත් මළ වදේ ඔය කොණ්ඩ කඩාගෙන යැවිල්ල... මම නම් ඉස්සර ඉතිං ඔහේ බුල් බෑන්ඩ් එකක් දාගෙන ගියේ.. ඒත් ස්ටයිල් කරනකොට මතක තියාගන්න ඕනේ යන්නේ කාර් එකකද, වෑන් එකකද, බස් එකකද කියලා...

      Delete
  5. අක්කගෙ කෙලින් කතාවට මගෙ ප්‍රනාමය.
    බොහො විට බස් එකෙදි කෙල්ලො වගෙම කොල්ලොත් අපහසු තවයට පත් වෙනව.මටත් එහෙම වෙල තියනව.දවසක් මම අපෙ අක්ක කෙනෙකුත් එක්ක බස් එකෙ ඉදගෙන යනව.අක්ක හිටියෙ ජන්ලෙ පෑත්තෙ.මගින් නෑග්ග හෙන පොශ් කෙල්ලෙක් ඈවිත් හරියටම හිට ගත්හෙ මගෙ උරහිස ලග.ඈදගෙන හිටියෙත් හෙන දුහුල් සායක්.ඉතින් කියන්න ඔනි නෙනෙ.අදාල අවයව මගෙ උරහිසෙ.මට නිකන් තෙරුනා කෙල්ල මොන ජතියෙද කියල.අපෙ අක්කට මන් එක කිව්ව ගමන් ඈන්නෙ නෙද්ද කුඩෙන් එකක් අරකිට.එ කෙල්ල එතනින් ලිස්සල ගියෙ හරියට ආදෙක් වගෙ. ඔන්න ඔහොමයි ඉතින් කොල්ලො වගෙම සමහර අසහනකාර කෙල්ලොත් ඉන්නව ඉතින්.අයි මෙ මිනිස්සුන්ට හිතන්න බරි මෙ මගෙ මල්ලි, අය්ය, අක්ක, අම්මා,නන්ගි වගේ කෙනෙක් කියල.
    අක්කගෙ හෑම පොස්ට් එක්කක්ම මන් කියවල තියනව.මෙ පොස්ට් එක දක්කම හිතුන කොහොම හරි කොමන්ට් එකක් දන්න ඔනි කියල.

    ReplyDelete
    Replies
    1. කෙල්ලො ඉන්නවා ( ඔයාට මොන නමක් කියන්නද මන්දා.. හි හි) මලයෝ එහෙම... මටත් හම්බුවෙලා තියෙනවා ... පිටට පපුව හේත්තු කරගෙන යන්න දැඟළනවා දැනිලා මාත් හැරිලා බලලා හොඳට රැව්වම මාරු වෙලා ගියා..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  6. ඇයි හිරු ඔබ බය වෙන්නේ ස්ත්‍රී වාදියෙක්(වාදිනියක්) විදිහට හංවඩු ගැහෙනවාට. කාන්තාවන්ගේ ප්‍රශ්න කාන්තාවන් කතා කරන්නේ නැත්නම් වික්ටර් අයිවන්ද කතා කල යුත්තේ? කාන්තාවක්, කාන්තාවක් වීම නිසාම මුහුණ දෙන ප්‍රශ්න ගොඩක් තියනවා. ඒ ගැන කතා කරන කොට මුලින් සමාව ගන්න එපා!

    ReplyDelete
    Replies
    1. බය නෑ රයිගම.... කට අරින්න කලින්ම වහලා දැම්ම එකයි කළේ.. මොකද කිව්වොත් මේ ව‌ෙග් දේවල් කාන්තාවක් කතාකරනවා දැක්කම ඒක ස්ත්‍රිවාදය විදියට දකින අය ඉන්න බව මට ඊයේ පෙරේදා තේරුනා...

      Delete
  7. ස්ත්‍රී වාදියෙක් කියන්න හේතුවක් මෙතන නැහැනේ! මාරුවට ලියලා තියෙනවා.

    කාන්තාවන්ට තැන දීම කියන එක හැබැයි අපේ කට්ටිය වැරදියට පාවිච්චි කරනවා. මටම උන දේවල් ටිකක් කියන්නම්. දවසක් බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් නැග්ග බස් එකට එයාගේ නංගිත් එක්ක. මම නැකිටලා සිට් එක දුන්න. ටිකක් දුර යනකොට එතන හිටපු අනික් කෙනා බැස්ස. එතකොට අරයා කලේ සිට් එක අතින් මට වාඩි වෙන්න බැරි වෙන්න බැග් එක තියන් අර නංගිව කතා කරලා වාඩි කරගත්ත එක. මට හිටගෙන යන්න බැරි කම නෙමෙයි ඒත් මම දුන්න සිට් එක ගැනවත් හිතුවේ නැහැනේ! කෙනෙක් තමන්ට සිට් එකක් දුන්නොත් බහිද්දි එයාටම එතන දෙන එක තමයි මනුස්සකම.

    තව එකක්. මේක කරන්නේ ඇන්ටිලා. අම්බානට තද වෙලා ඉන්න වෙලාවට තල්ලු කරන ඇවිත් අස්සටම රිංගන්නවා ඊට පස්සේ අපි ජැක් ගහනවා වගේ හැරී හැරී අපේ දිහා බලනවා. එතකොට ඉතින් අර හිටපු තැන දාල අපිට යන්න වෙනවනේ!

    ReplyDelete
    Replies
    1. මෙහෙම කලෙකන්නි ලෙවල් එකේ ස්ත්‍රීන් මටත් සෙට් වෙලා තියෙනවා ඇනෝ

      Delete
    2. ඔය උඩ සීට් එක දෙන වැඩේ නම් මටත් වෙලා තියනවා බං. හැබැයි එක දවසක් බබෙක් හම්බ වෙන්න හිටපු ගැහැණු කෙනෙක් කෙනෙක් නැග්ග බස් එකට. කිසි කෙනෙක් සීට් එකක් දෙන පාටක් නෑ. මං හිටියේ ටිකක් පිටිපස්සේ. මං කතා කරලා සීට් එක දුන්න. ඊට පස්සේ මට බස් එකේ ඉස්සරහට යන්න උනා.
      මගින් බැහැපු ඒ අක්කා බහින්න කලින් සීට් එකෙන් සීට් එකට කතා කරලා ආපහු මට ඒ සීට් එකට එන්න කියලයි බැස්සේ.

      මිස්ටර් ඇනෝනිමස්ගේ දෙවෙනි කතාවත් හරි. එහෙම ඒවත් වෙනවා.

      Delete
    3. මේ සීට් දෙන කතාවනම් ඇත්ත තමා. ඒ වගේ දෙයක් කරන එක හරිම වැරදියි. තමන්ට සීට් එක දීපු කෙනා ඉඳිද්දී වෙන කෙනෙක්ට දෙන එකනම් කුහක කමක්.

      Delete
    4. ඔය ඇනෝ කියපු දේ නම් මටත් වෙලා තියනවා. ඒ වෙලාවට ඉතින් තමන් කරන දේ තමන්ට කියලා හිතන් ඉන්න එක ඇර කරන්න දෙයක් නෑ.

      Delete
    5. නංගිට ඉදගන්ට දීල බබාවත් අරන් හිටගෙන ඉන්න අයත් ඉන්නවා, එතකොට එයාටත් සීට් එකක් ලැබෙනවනේ

      Delete
    6. මිස්ටර් ඇනොගේ පලවෙනි කතාවනම් වෙනවා දැකල තියෙනවා. දෙවෙනි එකනම් අනන්තවත් සිද්ධ වෙලා තියෙනවා. මොකද මාත් දවසකට පැය දෙක තුනක් බස් එකේනේ.

      පවුනේ කියලා යන්තම් ඉඩ දුන්නම රිංගගෙන ඇවිත් අපිවත් තල්ලු කරලා දාන ගෑණු අනන්තවත් හම්බ වෙලා තියෙනවා. රැවුම් වලටත් ගොදුරු වෙලා තියෙනවා. ඒකෙ ප්‍රතිඵලය තමයි දැන් මං හැම ගෑනියෙකුටම ඉඩ නොදෙන එක. දරුවෙක් වඩාගෙන හරි හම්බ වෙන්න ඉන්න කෙනෙකුට හරි වයසක කෙනෙකුට හරි විතරයි මගෙන් ඉඩ.

      Delete
    7. ඔය කාතාවට මාත් එකඟයි. .ඒ ව‌ෙග්ම මේකත් මගේ අත්දැකීමක්...

      පාදුක්ක ටවුන් එකේ උදේට බස් එකකට නගින්න පෝලිමේ ඉන්න එපැයි... ඉතිං වේලාසනින් ගිහින් සීටි එකක් අල්ලගන්න ගොඩක් අය බස් දෙකතුනක් යනකම් බලං ඉන්නවා... පැය දෙකක් දෙකහමාරක් හිටගෙන යනඑක සෙල්ලම් යැ... අපේ බබාලා හම්බුවෙන්න ඉන්න අම්මලා කරන්නේ ටක් ගාලා ඇව්ල්ලා ඇර යන්න ඇද ඇද ඉන්න බස් එකට නගින එක... ඉතිං අනේ අර පැයක් විතර හිටගෙන ඉඳලා බස් එකට නැග්ග කොල්ලෙක් සීට් එක දෙන්න ඕනේ.. හස්බන්ඩ් තමයි බස් එකට ගෙනත් ඇරලවන්නේ.. දවස් දෙක තුනක් ඔහොම කරන ගෑණු කෙනෙක් ගැන මං නෝට් කරගෙන ඉදලා ඇහුවා නැග්ග ගමන්... ඔයාට ටිකක් වේලාසනින් ඇවිත් සීට් එකක ඉඳගන්න බැරිද කියලා.. ( බබාලා හම්බුවෙන්න ඉන්න අයට ‌ගොඩක් ඔෆිස් වල රතු ඉර එහෙම වැඩිය බලන්නේ නෑ..)

      මේ ව‌ෙග් අය නිසා තමයි දැන් බස් එකක සීට් එකක් දෙන්නවත් ගොඩක් අය අකමැති...

      අපේ මිනිස්සුන්ට ‌ගොඩක් දේවල් අමුතුවෙන් උගන්නන්න වෙලා..

      Delete
  8. මම කලින් දාපු කොමන්ට් එකට මක්කෙයි උනෙ අක්කෙ

    ReplyDelete
  9. උරහිස්‌ ජැක්සන්ලා ගැනත් මෙතන කතාබහ වුනු නිසා මට ඒ සම්බන්ද ඇහින් දුටු කතාවක් මතක් වෙනවා...මේක සිද්දවුනේ 2009 නොවැම්බර මාසේ දවසක් (නො. 17 )..පානදුර නුවර බස් එකක ... හැන්දෑවේ 4 න් පස්සේ ඔය බස් වල යන්නේ පොල් පටොල වගේ....ඒක ඔය route එකේ ගිය කෙනෙක් දන්නවා...ඒ බස් උරහිස්‌ ජැක්සන් කෙනෙක් ඔයවගේ උරහිස්‌ ජැක් එකක් , සීට් එකේ කෙලවර හිටි ගැහැණු ළමයෙක්ට දෙනවා ..පිටුපසින් හිටිය මගේ මිතුරාත් ,,මාත් දැක්කා.. හැබැයි ගෑනු ළමයට හොදටම නින්ද ගිහිල්ලා ..,,, පැය හාගයක්‌ පමණ මෙලෙස ගතවුණා ....ඒක පාරටම තරහින් නැගිටපු අර ගෑනු ළමයා... " තමුසෙගෙ මේ උණු බත් ගෙඩිය දැන්වත් මගෙ කොන්දෙන් අහකට ගන්නවකො ඔයි " කියලා හයියෙන් කෑගැහුවා......ජැක්සන්ට තවටිකක් ගියානම් හොදවයින්ම කන්නවෙනවා.., හිමිට ඉස්සරහට ඊලග හෝල්ට් එකෙන් බැහැල ගියා.....

    ReplyDelete
    Replies
    1. හි හි... ජැක්සන්ට මොනවා උනාද දන් නෑ නේ..

      Delete
  10. හේතු පල දහම කියන්නේ ඕකලු හිරු ... ඕනෑම දෙයකට හේතුවක් තියනවා ලු ..ඕනෑම පැලයකට බීජයක් තියනවලු ... එක ඇඟිල්ලක් අනුන්ට දික් කරනකොට තව හතරක් තමන්ට දික්වෙනවා ලු ..ඉතින් එහෙම තියෙද්දී ......

    ReplyDelete
    Replies
    1. ඕක ඉතිං දෙපැත්තටම අදාළයි.. හි හි

      Delete
  11. අද කාලෙ කෙල්ලෙකුට සුපිරිම ඔවදන් ටික හිරුවෝ...අර කොණ්ඩෙ ඉස්සරහට දාගන්න එක නම් එයාලට වගේම අපටත් හොඳයි. මොකද එහෙම නැත්නම් ඒ වගේ වෙලාවට අපට කෙස් කටේ දාගන තමා ඉන්න වෙන්නේ. බොහෝ වෙලාවට කෝච්චියේ එහෙම යද්දි.කරට උඩින් බලන එක ගැන නම් ගෝතමියට ගිය හිරුවට වත් ඒ අහලපහළ හිටිය අපටවත් අමුතු දෙයක් නොවෙයිනේ. නේද.ඇත්තම කියනව නං මමත් ගෝතමී කෙල්ලන්ගේ කර උඩින් බලලත් තියනවා දැකලත් තියනවා..නොබැලුවත් පේන ගානටනේ කර.
    හොඳ අද්දැකිම් සම්භාරයකින් ලබාගත් ප්‍රත්‍යක්ෂ ප්‍රතිකර්ම ටික හරිම අගෙයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නලින් අයියේ ඒ ගවුමේ කර ඔය වැඩිපුර කපන එකෙන් තමයි එහෙම වෙන්නේ.. නැත්තම් එහෙම පාත් වෙනකොට ඇරෙන්නේ නෑ... ඕවා අම්මලා එපැයි බලන්න..

      අම්මලගේ වැරදි තැන් ගොඩක් තියෙනවා... මං ඒ ටික ඊළඟ එකේ කියන්නම්..

      Delete
  12. සුපිරි ලිපියක්

    ජය !

    ReplyDelete
    Replies
    1. තැන්ස්ක් නඟා.. හි හි

      Delete
  13. සුපිරිම ඔවදන් ටික හිරුවෝ කෙල්ලන්ට හැදෙනවනම් මෙන්න
    ඔන්න මගේ ඇත්ත ෆේස් බුකියෙත් දැම්මා බලන්න කස්ටියටම

    ReplyDelete
    Replies
    1. කෙල්ලො විතරක් නෙවෙයි... කොල්ලොත් හැදියව්... මැනර්ස් හදාගනිල්ලා.. හි හි

      Delete
  14. හොඳ මාතෘකාවක් හිරු. මේ දවස්වල දිගට හරහට ඇහෙන්නෙ අතනයි මෙතනයි කාන්තාවන් දූෂණය කරන සිද්ධීන්. වෙන එකක් තියා ආච්චි අම්මලාවත් දූෂණය වෙනවනේ. එහෙව් එකේ හොඳ tips ටිකක්.

    අනික හිරු මේ වගේ මාතෘකා කාන්තාවන් වෙච්චි උඹලා අපි කතා නොකර කවුරු කතා කරන්නද ? ස්ත්‍රීවාදිනියක් නැත්තම් වෙන මොනා කිව්වත් මොකෝ කතා කරන්නෙ සහ කතා කරලා තියෙන්නෙ ඇත්ත තත්වය. මෙහෙම වෙන්න හේතු මේකයි කියලා දාහක් දේවල් කියයි. එහෙම නැත්තම් ඇඳුම් ගැන කියයි. ඔය මොනා කිව්වත් හොඳට ඇඟ වැහෙන්න ඇඳලා ගියත් තමන්ව පාලනය කරගන්න බැරි අමන මිනිස්සු ඉස්සරහා කාන්තාවෝ අසරණයි.ඒක දන්නෙ ඒ වගේ අවස්ථාවලට මූණ දීපු අය විතරයි. උඩින් බලලා කියන දේටත්..පොදුවේ කියන දේටත් වඩා ඇත්ත තත්වය වෙනස්.

    පාරේ යද්දී ඕනෑකමට ඇඟේ හැප්පෙන සිද්ධියට නම් මමත් මූණ දීලා තියෙනවා. විශේෂයෙන්ම කෝච්චියෙන් බැහැලා සෙනඟ මැද්දෙන් එනකොට. ඒ වෙලාවට සෙනඟ හන්දා අයින් වෙන්නත් බෑ. හිතලාම හයියෙන් පපුවේ අත වද්දගෙන එහෙමත් නැත්තම් කලවා මිරිකාගෙන යන අය ඕනෑ තරම්. ඒ වගේම පාරේ යද්දී අහගෙන ඉන්න බැරි තරම් වනචර කතා කියාගෙන යන එක. " මරු කෑල්ල " මරු ගල් දෙක " කියන ඒවා හොඳයි සමහර අහේනි කාරයෝ ඉන්නවා " ලෙවකන්න හිතෙනවා .Q@#$^^ " කියන උන්. ඒ වගේ වෙලාවට මම නම් කරන්නෙ ඇහෙන්නෙ නැති හැටියට යන එක. නැවතිලා උන්ට රෙස්පොන්ඩ් කරන්න ගියාම උන්ගේ ගොන් ආතල් ඒක වැඩි වෙනවා.

    ඒ වගේම නූගත් ත්‍රීවීල් කාරයොත් ඉන්නවා ස්ලෝ කරලා පට්ට වනචර කතා කියාගෙන යන උන්.

    කාන්තාවක් උනාම ඔළුවෙන් වැඩ කරන්න වෙන එක දැන් හුඟාක් වටිනවා. අද මම දැක්කා වේදිකා නිළියක්ව දූෂණය කරපු කතාව, පාන්දර 1-2 ට තියා දවල් දවසෙවත් තනියම පාරේ යන්න බැරි කාලෙක රැ..පාන්දර ගැන කුමන කතාද ?

    ගෙදරින් ඈත්වෙලා තනියම ජීවත් වෙන කෙනෙක් හැටියට මම නම් මේ හැම දෙයක්ම හැම තිස්සෙම හිතනවා. ඇඳුමේ පැලඳුමේ ඉඳන් ගමන බිමන දක්වාම.මොකද අපේ ආරක්ෂාව අපි විසින්ම සලසා ගත යුත්තක් මිසක් වෙන කෙනෙකුට සපයා දිය හැකි දෙයක් නෙමේ.

    මම සමහර දාට ඔෆීසියෙන් ගෙදර එන්නේ හුඟාක් රෑ වෙලා. ගේ ලඟටම ට්‍රන්ස්පෝට් වාහනයෙන් ආවත්... ඒ එන මඟදී පහල ගෙදර අක්කට කෝල් එකක් දීල ඉස්සරහා දොර ගාවට එන්න හරි කියනවා. මොකද දෙයක් වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ.

    කාලයේ අකාලේ හන්දාද මන්දා දැන් දැන් කාන්තාවන්ට වෙන හිරිහැර හුඟක් වැඩී. මිනිස්සුන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරි තත්වයක් උඩ " අනේ මම කාන්තාවක්..මට එහෙම කරන්න එපා " කියලා ඉල්ලනවාට වඩා..ඔළුව පාවිච්චි කරලා වැරැද්දක් වෙන්න තියෙන අවස්ථාව නැති කර ගන්න එක තමා හොඳම දේ.

    මේ වගේ දෙයක් කතා කරන්න ගත්තට හිරු උඹට ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. අම්මෝ මටත් එක පාරක් පිටකොටුවෙ මල් වත්ත පාරෙදි එකෙක් පෙරලගන්න හිතෙනවා කියගෙන ගියා.ටික වෙලාවක් ගියා මීටර් වෙන්න. මං ඇදගෙන හිටියෙ පස්සත් වැහෙන තරම් දිග කුර්තා ටයිප් ටොප් එකක්.ඇදුම් ඕවට බල පාන්නෙ නෑ නෙ. :( අනේ මන්දා අද කාලෙ.

      Delete
    2. ඇඳුම් හින්දා මේවා වෙනවා කියන එක මහ ගොන් කතාවක් ළිහිණි.. නමුත් කෙල්ලො උනත් අදින්න තියෙන නිදහස ඕනෙවට වඩා පාවිච්චි කරන්න හොඳ නෑ මේ කාලෙදි... ඇඳුමක් අඳින්න නිසි තැනක්, නිසි විදියක් තියෙනවා... එහෙම උනා නම් ඔය හොඳට ඇඳලා යන වෙලාවක ඔහොම ඒවා කියන එවුන් අල්ලලා හොද කනේ පාරක් දෙන්න උනත් කෙල්ලෙක්ට පුළුවන්..

      ඔය විදියට දවසක් මං ගෙදර එන‌ෙකාට අපේ ගේ ගාවදි වගේ නාකියෙක් බයික් එකක යන ගමන් අත දාගෙන ගියා... බයික් එකේ යන පාරට අත වැදුනම හිතාගන්නකෝ කො‌ෙහාමද කියලා... මං අහකට පැන්න නිසා හොඳ වෙලාවට ම‌ෙග් පපුවත් බඩත් අතරට වැදුනේ .. ඌත් ඒ පාරෙ සැරට බයික් එකෙන් වැටුනා ටික දුරක් ගිහින්.. මට හුස්ම ගන්නවත් බැරුව හිටියේ... ගෙදර ගිහින් කිව්වම මල්ලිලා හොයන්න ගියා.. වැඩක් උන් නෑ.. ඊළඟ දවසේ බඩ රිදෙන්න ගත්තා.. ගිහින් බලද්දි මං යන්තම් බේරිලා තියෙන්නේ... තව ටිකක් උඩට හරි පහලට හරි වැදුන නම් ඒ පාර, එක්කෝ මගේ බඩවැල් තුවාල වෙනවා.. යටිබඩට වැදුනනම් මුත්‍රාශය තුවාල වෙනවා... සමහර විට ඊටත් වැඩි දෙයක් වෙන්න තිබ්බා කියලා ඩොක්ට කිව්වේ.. කෙල්ලෙක්ගේ බඩ කියන්නේ කොච්චර පරිස්සම් කරන්න ඕනේ තැනක්ද කියලා ගොඩක් කොල්ලෝ උනත් දන්‌ෙන් නෑ...

      අර තත්පර ගානේ තිරිසන් වැඩේ හින්දා මගේ ජීවිතේම නැති වෙන්න තිබ්බා... එහෙම දෙයක් උනා නම් මට.... අර වගේ අවලමෙක්ට මොන වගේ දඬුවමක් දෙන්න හිතෙයිද... පිරිමි සංහතියම විනාශ කරලා දාන්න හිතෙන්නේ නැද්ද... ?

      ඒක නිසා පිරිමි ළමයි උනත් විහිළුවක් හරි කරන්න ලෑස්ති වෙනවනම් ටිකක් හිතන්න..තත්පර ගානක වැරැද්දක් ජීවිතයක් නැති කරන්න පුළුවන්...

      Delete
  15. මෙන්න....මටත් පෙන්නන්නම බැරි වැඩක් තමා ඕක... අක්කා කිව යුතු සියල්ලම වගේ කියල තියෙනවා. මේක හැමෝම බලනවා නම් තමා හොද....

    එකක් තියෙනවා. අර අයිනේ සිට් එකේ ඉද ගත්තත් මෙහා පැත්තේ වාඩි වෙන කෙනා පිස්සෙක් වුනොත් ඉතිං ඉදලා හමාරයි. ඇයි එක්කෝ අත තියා ගන්නවා හරියට එයාට ඉඩ මදි වගේ. බොරුවට හිටගෙන ඉන්න කෙනා තමන්ගේ ඇගට එනවා වගේ උන් කරන්නේ ශේප් එකේ අපේ ඇගට එන එක.ඔය වගේ වැඩත් කරනවනේ.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත සමනලී.. අපිට ඔය හැම ජරා වැඩකින්ම බේරෙන්න බෑ මොනවා කළත්..

      Delete
  16. නියමයි අක්කි..ඔයා නියම වෙලාවට පොස්ට් එක දැම්මේ.. ඊයේ අපේ අක්කි බස් එකේ මිනිහෙක්ට සේරෙප්පුවෙන්ම ගහලා තිබුනා..ඉටර්සිටි බස් එකක පිටිපස්සේ සිට් එකේ හිටපු මිනිහා සයිඩ් එකෙන් අත දාලා තිබුනා..කලින් දවසකත් ඔහොම එකක් කරනකොට එයා මොකද්ද අතේ වදින්නේ බලන්න අල්ලලා..බලනකොට පිටිපස්සේ සිට් එකේ මිනිහගේ අත ලු.ඊයේ නම් සෙරෙප්පුව ගලවලා ඔලුවටම ගහලා තිබුනා. මමත් දැන් හිතාගෙන ඉන්නේ ගහනවා කියලා මොනවා හරි කරන්න අවොත්..වැඩේ කියන්නේ බස් එකේ එක මිනිහෙක් නෙවෙයි කට ඇරලා තියෙන්නේ.අක්කි ඇඳගෙන ගියෙත් ඩෙනිම් එකකුයි ටීෂර්ට් එකකුයි. බාගෙට ඇඳන් ගියාම බස් වල කරදර වෙන්නේ කියන එක එකෙන්ම කියතාකි.මොකක් ඇඳන් ගියත් අසහන කාරයොන්ට එකෙන් වැඩක් නැහැ.
    අනිත් කතාව තමයි මමයි මගේ යාළුවයි සාමාන්යෙන් ස්මෝල් මේඩ්.ඉතින් බස් වල සිට් එකේ ඉන්දගත්තාම දෙපැත්තෙන් හොඳට ඉඩ තියනවා.මගේ යාලුවා හැමදාම පානදුර නුවර බස් එකේ එන්නේ සයිඩ් එකෙන් බෑග් එක තියාගෙන. එක දවසක් මිනිහෙක් කියලා එක ගන්න කියලා. යාලුවා ගත්ත කටටම කිව්වලු, ඉතින් මහතා ගෑනියෙක් ඉන්දගත්තත් ඔච්චරණේ,ඒ හින්දා ඔහොම යන කියලා.. :)
    ඔයාගේ උපදෙස් ටිකට එකෙන්ම සපෝර්ට් එක..!!

    ReplyDelete
    Replies
    1. හනේ ඔයාගේ යාලුවට වෙච්ච දේ ඒ විදියටම මටත් උනානේ..මම ඔහොම සයිඩ් එකෙන් ලැප් බෑග් එක තියාගෙන එනවා හැමදාම. එක අංකල් කෙනෙක් ඇවිත් එහා පැත්තේ වාඩි වෙලා මට කියනවා බෑග් එක ගන්නලු. මම පොඩි හින්දාලු එයා එතනට ආවේ, සැපට යන්න හිතාගෙන වෙන්න ඇති. මම කිව්වා එයා ටිකට් එකට ගෙවපු ගානයි මම ගෙව්වෙත්. සීට් එකේ බාගෙක මටයි මගේ බෑග් එකටයි දෙකටම ඉඩ තියනවනම් මම කොහොමත් බෑග් එක තියාගෙන තමයි යන්නේ කියලා. හැබැයි එයාට තද උනා ඒකට. මට මොකෝ ඉතින්.

      Delete
    2. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනොත් නම් මේ වැඩේ හොඳයි...

      එහෙම නැතුව ඔයවගේ කරන එක නම් අනිත් මනුස්සයට අපහාසයක් කියල තමා මට හිතෙන්නෙ... මොකද මිනිහ තමන්ගෙ පාඩුවෙ හිටියත් ඒක දන්නෙ ඒ සීට් එකේ හිටපු දෙන්න විතරනෙ... ඕක දනින උන් ඉස්සරහ අනිත් මිනිහ ස්ත්‍රී දුෂකයෙක් ගානට වැටෙනව...

      කොහොමවුනත් ඔය වගේ තැනක මම නම් වාඩි වෙන්නෙ නෑ... :)

      Delete
    3. මම එහෙම කරන්නේ හේතු දෙකක් ඇතිව. පළවෙනි එක බොරුවට නිදි කිර කිර කරේ නගින අයගෙන් ප්‍රවේසම් වෙන්න. ඒ සී බස් එකක මිනිහෙක් එක්ක ඩබල් සීට් එකක යනවනම් 80% විතරම ඔය වැඩේ වෙනවා. දෙවැනි හේතුව තමයි මටත් වඩා ලැප බර එක. පැය හතරක් ඒක උකුලේ තියාගෙන යන එකත් ලේසි නෑ. අනික මමයි ලැපයි දෙන්නම වාඩි වෙලත් මගේ සීට් එකේ සීමාව පනින්නේ නැත්නම් කාටවත් ඒකට මුකුත් කියන්න බැහැනේ.

      බෑග් එකක් අතර මැද තිබුනා කියලා ඒ මිනිහට ඔච්චර දරුණු අපහාසයක් වෙයි කියලා මට හිතෙන්නේ නෑ.

      Delete
    4. ඔය සිස්ටම් එක අනුගමනය නොකරන කෙනෙක්, ලස්සන කෙල්ලෙකුයි මරුමුස් පෙනුමක් තියෙන පොරකුයි මැද්දෙන් බෑග් එකක් තියෙල තියෙනව දකින කෙනෙක් මොනවගේ දෙයක් හිතයිද?... වැඩි චාන්ස් එක තියෙන්නෙ අර මනුස්සයව වනචරයෙක් ගානට වැටෙන්න (නිතර දකින්න ලැබෙන කෙනෙක් නම් වනචරයෙක් කියල ලේබල් එකත් වදිනව)...

      ඇත්ත තත්වයට ප්‍රතිචාර දක්වන එකෙයි, දකින දේ සහ හිතන දේ අනුව දක්වන ප්‍රතිචාරය කියන එකයි අතරෙ ලොකු වෙනසක් තියෙනව(අඩු තරමින් අපේ රට ඇතුලෙ)...

      Delete
    5. // මැද්දෙන් බෑග් එකක් තියෙල තියෙනව දකින කෙනෙක් මොනවගේ දෙයක් හිතයිද//

      මටනම් අනුන් හිතන දේට වඩා කරදර කාරයින්ගෙන් බේරිලා බස් එකේ යන එක තමා වැදගත් :) සුළුතරයක් හොඳ මිනිස්සුන්ට ඔය කියන විදියට අපහාසයක් වෙනවනම් ඒ ගැන මම හිතන්නේ නැත්තේ එහෙම හිතන්න ගියොත් මට සිද්ධ වෙන්නේ බහුතරයක් එවුන්ගෙන් කරදර විඳින්න. මම කියන එක සාතන් අයියට තේරෙනවා කියලා හිතනවා.

      ඒක ආත්මාර්ථකාමී වැඩක් වෙන්න පුළුවන්. හැබැයි බස් වල යද්දී ගොඩක් වෙලාවට පිරිමින්ගේ ආත්මාර්තෙට ගැහැණු යටවෙන එකේ කෙල්ලෙක් තමන්ගේ ආත්මාරක්ෂාවට කරන මේ වගේ දෙයක් හින්දා බස් එකේ මිනිස්සු කවුරුහරි ගැන වැරදියට "හිතන" එක සුළු දෙයක් නේද

      Delete
    6. සාතන් සමග මන් එකගයි

      Delete
    7. @සයුරි: අනුන් හිතන දේ බලපාන්නෙ මට නම් ඒ ගැන වැඩිය හිතන්න යන්නෙ නෑ මමත්... ඒත් මං කරන දෙයක් හරහ වෙන කෙනෙක්ට අපහසුවක් හරි අපහාසයක් හරි වෙනවනම් මම ඒක ගැන හිතනව....

      මම කිව්වෙ කරදර විදින්න කියල නෙමෙයි... කරදර කරන උන්ට විතරක් ඔය විදිහට සලකන එක හොඳයි කියන එක... හැම මිනිහවම එකම මිම්මකින් මනින එක එච්චර හොඳ දෙයක් නෙමෙයි...

      අන්තිමට කියල තියෙන එකේ සරල අදහස පිරිමි අතින් ගෑණුන්ට ගොඩක් වැරදි වෙන එකේ ගෑණු කෙනෙක් අතින් පොඩි වැරැද්දක් වුනාට අවුලක් නෑ කියන එකනෙ...ඒක කොයි තරම් දුරකට හරිද කියල ඔයාම හිතල බලන්න... මට නම් කවුරු කරත්, ප්‍රමාණෙ කොහොම වුනත් වැරැද්ද වැරැද්දමයි... වටින්නෙ අඩුවෙන් වැරදි කරන එක නෙමෙයි වැරදි නොකර ඉන්න ට්‍රයි කරන එක...

      Delete
    8. @සාතන් -

      //අනුන් හිතන දේ බලපාන්නෙ මට නම් ඒ ගැන වැඩිය හිතන්න යන්නෙ නෑ මමත්//

      මේකම තමයි මමත් කියන්නේ

      //මම කිව්වෙ කරදර විදින්න කියල නෙමෙයි... කරදර කරන උන්ට විතරක් ඔය විදිහට සලකන එක හොඳයි කියන එක//

      කරදර වෙන්න කලින් ඒක වෙන්න තියන ඉඩ අහුරන්න කටයුතු කරන එක තමයි මගේ ක්‍රමය. මේ ලිපියෙන් කියන්නෙත් ඒක ගැන තමා. ඔය බෑග් එක නැති කාලෙකුත් තිබුනා මට. පිරිමි 10 ක් ළඟ වාඩි වෙලා ගියොත් 8 ක් එහෙමයි. ඒ තරමට නිදාගෙන කරේ නගින එක සුලබයි. ඉතින් ඒකට විසඳුමක් අහු උනාම අර හොඳ පිරිමි දෙන්නා ගැන හිතනවට වඩා මගේ ආත්මාරක්ෂාව මට වටිනවා.

      //අන්තිමට කියල තියෙන එකේ සරල අදහස පිරිමි අතින් ගෑණුන්ට ගොඩක් වැරදි වෙන එකේ ගෑණු කෙනෙක් අතින් පොඩි වැරැද්දක් වුනාට අවුලක් නෑ කියන එකනෙ//

      මෙතන පොඩි වැරද්දක් කියල අදහස් කරලා තියෙන්නේ මොකද්ද කියලා මම දන්නේ නෑ. බෑග් එකක් තියනවා දැකලා අනිත් මිනිස්සු එහා පැත්තේ ඉන්න එකා ගැන මොනවා හිතාවිද? එහෙම හිතුවොත් අනේ ඒක වැරද්දක්ද? මේවා ගැන මම හිතන්නේ නැත්තේ ඒකෙන් ඒ මිනිහට හිරිහැරයක් නොවෙන නිසා.

      //වටින්නෙ අඩුවෙන් වැරදි කරන එක නෙමෙයි වැරදි නොකර ඉන්න ට්‍රයි කරන එක//

      ඔව් බොහොම හරි. හැමෝම එහෙම ඉන්නවනම්. තමන්ට වෙන වැරැද්දක් නවත්තන්න ගන්න ආරක්ෂක පියවරක් සේරටම වඩා වැරැද්දක් හැටියට දකින ඔබ ගැන පුදුමයි මට.

      Delete
    9. සාතන් කියන කතාව හරි සයුරි. බෑග් එක සීට් එකේ අයිනෙන් තියලා ඉඩ හදාගෙන යන්න. කරට එනවනම් බෑග් එක තියෙන පැත්ත මාරු කරන එක විතරයිනේ තියෙන්නේ. එතකොට අර මිනිහටත් කණට ගැහුවා වගේ වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අතර මගින් නැගපු කෙනෙක් ඔය සිද්ධිය දැක්කොත් වැරදි විදියට හිතන එක.

      පොඩ්ඩක් හිතන්න. කසාද බැඳපු මිනිහෙක් බෑග් එකක් මැදින් තියාගෙන යන කෙල්ලෙක් ගාව වාඩි වෙලා යනවා වයිෆ්ගේ යාලුවෙක් දැක්කා කියලා. එයා ගිහින් කිව්වොත් වයිෆ්ට. එහෙමත් නැත්නම් වයිෆ්ගේ යාළුවො ඉස්සරහා පත්තරේ දැම්මොත්. ඒ පවුලත් ඉවරයි නේද?

      දකින දකින හැම එකාම බල්ලො නෙවෙයි. හැබැයි 50%-50% දෙගොල්ලොම ඉන්නවා. ඔෆිස් ටයිම් බස් එකක ගියොත් ජැක් කොල්ලෝ විතරක් නෙවෙයි ඇන්ටිලත් බලාගන්න පුළුවන්.

      Delete
    10. අකම්, සාතන්

      මමත් හිතනවා සයුරි කියන දේ හරි කියලා... කෙල්ලෙක් නිසාමත් නෙවෙයි.. මේ කතාවට මාතෘකාව මේ විදියට දැම්මේ ඒකයි.. ඇත්තටම ඔයා කියනවා වගේ හිතෙන්න පුලුවන්.. නමුත් කෙනෙක් හිතන දේට වඩා අපේ ආරක්ෂාව අපි සලස ගන්න එක හොදයි කියලා හිතනවා මාත්...

      කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ කෙල්ල මගේ කණට ගැහුවා වගේනේ කියලා... ඒත් මේ ගෑණු ළමයා තමන්ගේ ආරක්ෂාව ගැන හිතලයි මෙහෙම කරන්නේ කියලා “හොඳ පිරිමි කෙනෙක්ට” හිතන්නත් පුලුවන් නේ...නේද.... ඇයි එහෙම හිතන්න බැරි....

      තමන්ගේ කෙනෙක්ට මෙහෙම උනොත් ඔයාට මේ උපදෙස දෙන්න හිතෙන එකක් නැද්ද...?

      Delete
    11. -අන්තිම කමෙන්ට් එක-

      /* තමන්ගේ කෙනෙක්ට මෙහෙම උනොත්*/ එහෙම අවස්ථාවක ඔය වගේ දෙයක් නොකල යුතුයි කියල මම කිව්වෙ නෑනෙ...:) ඔයිට වඩා දෙයක් කලත් අවුලක් නෑ...

      අන්තිමට මට නම් හිතෙන්නෙ මොන තරම් මේවා ගැන කතා කලත් කිසිම තේරුමක් වෙන එකක් නෑ... එකෙක් අනිකට ගරු කරන්නෙ නැතුව සැක කරන සමාජයක් නම් මේවා තව තව වැඩි වෙයි...

      9ක් නරකයි කියල (ඕනම දෙයක්) 10ත් නරක් වෙයි කියල හිතාගෙන අහකදාන එක ගැන මට තියෙන්නෙ පිළිකුලක් වගේ එකක්... මේ වෙනකං මේකෙ එල්ලිලා හිටියෙ පොඩි හරි එළියක් මතුවෙයිද කියල... ඒත් එහෙම බලාපොරොත්තු වුන එක මගේ මෝඩකම :)

      දවසගානෙ වැඩිවෙන මිනීමැරුම් සහ අපරාධ වලට විසඳුම විදිහට රටේ සියළු දෙනා සැකපිට අත්අඩංගුවට ගන්න ඕන කියල ළඟදිම දේශපාලකයෙක් කිව්වොත් මම නම් පුදුම වෙන්නෙ නෑ ඔන්න...

      බොහොම ස්තූතියි...


      Delete
    12. එහෙමම නෙවෙයි සාතන්... ඔයා කියන කතාව ඇත්ත කියන එක මම දන්නවා... නමුත් 9ක් වැරදි නම් 10 වැරදි වෙයි කියලා හිතන එක වැරදිද... ?

      ඒ එක චාන්ස් එක ගත්තොත් කෙල්ලෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙන එකක් නැද්ද..?

      මෙතන ගරු කීරීම ගැන ප්‍රශ්නයක් නම් තියෙන්නේ සාතන් ඔයා වරද්ද ගෙන... දැං මෙතන කී දෙනෙක් කියලා තියෙනවද ගෑණුත් අපේ ඇඟවල් අස්සේ රිංගලා එක්කෝ අපි වැරදිලා අත වැදුනත් අපිට බනිනවා කියලා.. කී දෙනෙක් කියලා තියෙනවද සීට් එකක් දෙන්න හිතෙන්තේ නෑ කියලා දැං වෙලා තියෙන දේවල් වල හැටියට.. මේ හැම දෙයක්ම සාපේක්ෂයි.... මම මේකෙන් කරන්න හැදුවේ මේ වගේ දේවල් වලින් ගැලවෙන්න කරන්න පුළුවන් පුංචි දේවල් ටිකක් කෙල්ලන්ට මතක් කරලා දෙන්න...

      නමුත් එක් වතාවක් දෙකක් මේ වගේ අතවර වලට අහුවුණ කෙල්ලෙක් අනිත් හැම පිරිමියම දිහා සැකයෙන් බලලා තමන්ගෙ ආරක්ෂාව සලස ගන්න උත්සාහ කරනවා නම් වෙන කෙනෙක් ඒක කො‌ෙහාම දැක්කත් ඒ කෙල්ලගේ පැත්තෙන් ඒක හරි කියන එකයි මගේ හැඟීම...

      Delete
    13. අකම් කියලා තියෙන් සිස්ටම් එකත් ගොඩක් හොදයි.. බෑග් එක පැත්ත මාරු කරන එක.. මමත් ඒක කළා ඒ කාලේ.. මොකද ගොඩක් ඔය ව‌ෙග් අය කරන්නේ සීට් එකේ ඉඳගෙන ඉන්න ගමන් අත පහලට දාලා කකුල අතගාන එක.. ඒක වෙන කාටවත් පෙන්නේ නැති නිසා ඇඹරුනාට කාටවත් තේරෙන්නෙත් නෑ ඇයි කියලා...

      Delete
    14. දෙගොල්ලොම බේරෙන විකල්පයක් තමයි මම දැම්මේ හිරුවෝ.

      ..//ඒත් මේ ගෑණු ළමයා තමන්ගේ ආරක්ෂාව ගැන හිතලයි මෙහෙම කරන්නේ කියලා “හොඳ පිරිමි කෙනෙක්ට” හිතන්නත් පුලුවන් නේ...නේද.... ///

      මෙහෙම ගෑණු ළමයෙක් ගාව වාඩිවෙලා යන හොඳ පිරිමියෙකුට වෙන්න පුළුවන් අකරතැබ්බයක් ගැනයි මං කිව්වේ.

      බස් එකේ ගෙදර යන මිනිහගේ ෂර්ට් එකේ කොණ්ඩ ගස් හොයන ගෑණු තාම අපි ගාව ඉන්නවා බන්. එහෙම ගෑණියෙක්ගේ කණට අර වගේ ආරංචියක් ගියොත්.

      එහෙමත් නැත්නම් ඕවා ගණන් ගන්නැතුව ඔතනින් මම වාඩිවෙලා ගියයි කියමුකෝ. අතර මගින් යාලුවොත් එක්ක මගේ නංගි බස් එකට නැග්ගොත් එයා මොනවා හිතයිද? යාළුවො එයාට මොනවා නොකියයිද?

      Delete
    15. බොහොම ස්තුතියි හිරුවෝ මම කියපු දේ තේරුම් ගත්තට. සාතන් සහ අකම් දීපු උත්තර වලින්ම පේනවා මේ දේ ගැන තවත් කතා කරලා තේරුමක් නැති බව. මට නම් හිතට දුක කෙල්ලෙක්ට වෙන්න පුළුවන් කරදර වලට වඩා මිනිහෙක් ගැන අනිත් අය වැරදියට හිතයිද කියන එක හරි ලොකු ප්‍රශ්නයක් වෙලා තියන එක ගැන.

      බස් වල ගිහින් තියන හින්දා අත්දැකීමෙන් කියන්නේ 50%-50% අංකය වැරදියි. ජැක් අන්ටිලාගෙන් මටනම් කරදර වෙලා නෑ. එහෙම කරදර වෙන කොල්ලෝ ඉන්නවනම් අර වගේ ක්‍රම අනුගමනය කරන්න කොල්ලන්ටත් පුළුවන් නේ.

      Delete
    16. @සයුරී 10 න් 8ක්ම එහෙමයි කියන එකනම් බොරුවක්.

      මම girl friend ට try කරන කාලෙ අවුරුදු එකහමාරක් විතර පස්සෙන් ගියා. සතියකට දවස් තුනක් වගේ class ඉවර වුනාම එයා යන bus එකේම මම ගිහින් රවුමක් ගහල තමයි ගෙදර යන්නේ.එයා ඉස්සරහ seat එකේ මම පිටිපස්සේ මාව අඳුරන්නෙ නෑ ඒ දවස් වල.හැබැයි කිසිම දවසක කාගෙන්වත්(මගෙන් ඇරෙන්න හික්ස්) මොනම කරදරයක්වත් උනේ නෑ.එයා ගොඩක් ලස්සන්යි හැබැයි හොඳට ඇදුම් අඳිනව.
      මම හිතන්නේ ඒ එයා හිතන විදිහ. එයා කවදාවත් ඔය විදියට හිතන්නේ නෑ. මේ bus එකේ මෙහෙම අය තමයි ඉන්නේ ඒගොල්ලන්ගෙන් මටත් කරදරයක් වෙයි ඔය වගේ හිතුවොත් නම් එහෙම වෙනවමයි.ඇත්තම කියනවනම් එයා එහෙම දෙයක් ගැන දන්නෙවත් කතාකරන්නෙවත් නෑ.
      ඔයාට ඇත්තටම එහෙම කරදර වෙනවනම් ඒ විදියට හිතන එක නතර කරගන්න. එතකොට ඔහොම වෙන එක නවතියි. මොකද ලොකේ වැඩි ප්‍රතිශතයක් ඉන්නේ හොඳ අය.නරක අය ඉන්නේ පොඩ්ඩයි හැබැයි ඔයා හිතන විදියට අනුව ඔයාට හොඳ අය බේරලා නරක අයවමයි හම්බ වෙලා තියෙන්නේ.

      Delete
    17. අකර...

      ඔයා ඔය කියන කතාව මට තේරෙනවා... මම උනත් බස් එකකට නගින්නේ මේකේ මෙහෙම එකෙක් ඉඳියි කියලා හිතාගෙන නෙවෙයි.. එහෙම කරලත් නෑ මම නම් ... මොකද හැමදාම යන බස් එක, ගිහින් බහින්නේ කඩේ ඉස්සරහින්.. මාව දන්න මිනිස්සු ගොඩක් ඒකේ ඉන්නවා... නමුත් ඒ බස් එකේදිත් මට මේ වගේ දේවල් වෙලා තියෙනවා... එක දවසක් දෙකක් එහෙම උනාම යන්තම් අත වැදුනත් පොඩ්ඩක් සිහි කල්පනාවෙන් ඉන්නවා මෙයා හිතලා කරන දෙයක්ද කියලා දැනගන්න.. එහෙම කෙනෙක් වගේ කියලා හිතුනොත් ආරක්ෂක පියවරක් ගන්නම වෙනවා නේද... එහෙම නැත්තම් ඇඹරි ඇඹරි ඉන්න වෙනවා.. එච්චරයි...

      ඒ වගේම ඒ බස් එකේම ෆුට් බෝඩ් එකේ හිර උනාම, අත දාලා මාව වැටෙන්නේ නැතුව අල්ලගෙන හිටපු අයත් හිටියා... කතා කරලා සීටි එක දීලා බහින තරම් හොඳ අය හිටියා.. බස් එකේ ඩ්‍රයිවර් බ්‍රේක් කරද්දි මාව විසි වෙලා කොල්ලෙක්ගේ ඇඟට හේත්තු වෙච්ච වෙලාවේ “ අනේ සොරි නංගි ” කියලා පුළුවන් තරම් මගේන ඈත් වෙලා ඉන්න ට්‍රයි කරපු, මල් තියලා වඳින්න පුළුවන් තරම් හොඳ අය හිටියා...ඒක නිසා හැමෝම මෙහෙම නෑ කියන එක මම දන්නවා.. හොඳ මිනිස්සු ඉන්නවා..

      ඒත් නරක අය ‌ගොඩක් හිටියා ඉස්සර මම යන කාලේ නම්.... ඉස්කෝලේ යන 6 වසරේ කෙල්ලෙක්ගේ යුනිෆොම් එක පිටිපස්සෙන් උස්සලා, කකුල අතගාන්න තරම් නරක මිනිස්සු හිටියා. හැබැයි ඇත්තටම එහෙම වෙච්ච වෙලාවේ මට ඒක තේරැනේ නෑ.. අපේ අම්මට තමයි ඒක තේරුනේ... දවසක් මට හේත්තු වෙලා හිටපු කොල්ලෙක්ට, සියල්ල කරගෙන යනකම්මම මට තේරුනේ නෑ... ඒ වෙලාවේ තමයි මට තේරුනේ.. මම මොනවා කරන්නද..? හැරිලා ඒ මනුස්සයා දිහා බලං ඉඳලා අහක බලා ගත්තා....

      මං මේ කතා ටික මෙතන කියන්නේ නැතුව ඉන්න හිටියේ... ඒත් මේ යන විදියට නොකිය බෑ.. ඒකයි කිව්වේ..

      ඔයාගේ ගර්ල්ට කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැත්තම් මං හිතන්නේ එයා හරිම වාසනාවන්ත කෙල්ලෙක්... එච්චරයි මට හිතෙන්නේ... මමත් එහෙම තමයි ගොඩක් වෙලාවට හිටියේ.. සැකයේ වාසිය විත්තියට දීලා... නමුත් දැං නං තත්වය ගොඩක් වෙනස් කියලා මට හිතෙනවා මගේ නංගි එහෙම ගෙදර ඇවිත් කියන කතා වලින්...

      Delete
    18. @akara1 - ඒ කතාව බොරුවක් කියලා කිව්වේ ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ අත්දැකීම් වලින් වෙන්න ඇති. එහෙමනම් මටත් කියන්න තියෙන්නේ එයා වාසනාවන්තයි කියල තමා. හැබැයි ක්ලාස් ඉවර වෙලා ගෙදර යද්දී දෙන්නටම සීට් හම්බ වෙන්න තරම් ඉඩ කඩ තියන බස් එකක යනවා කියන්නේ ජැක් වදින්න විදියක් නැහැ කොහොමත්. ඉඳගෙන යද්දී වෙන ප්‍රශ්න ගැන මම කිව්වේ පැය 4 ක ගමන් කාලයක් තිබුන ඉන්ටසිටි බස් ගැන. ඒ වගේ දුර ගමනක් යද්දී කෙටි ගමන් බස් වල ඒ සුළු වෙලාවට කරගන්න බැරි/නොහිතෙන දේවල් කරන්න පෙළඹෙන්න පුළුවන්. අනික ගෑනු ළමයි රණ්ඩු ඇති කරගන්නත් බයයි පැය ගානක් යනකම් ඒ බස් එකේම යන්නත් ඕන නිසා. කෙටි ගමනකදී නම් රණ්ඩුවක් උනොත් ඊ ළඟ හෝල්ට් එකෙන් බහින්න හරි පුළුවන්. ඇඳිරි වැටිච්ච වෙලාවක් නම් ඒත් අප්සට්. ඒ නිසා යමක් වෙන්න කලින් ආරක්ෂක පියවරක් ගැනීම හැම අතින්ම හොඳයි.

      මම බස් වල යන්න පටන් ගත්තේ ඒ ලෙවල් කරන්න ගත්තට පස්සේ. ඒ කාලෙදිත් මම කොයි වෙලාවකවත් බස් වල යන මිනිස්සු වනචරයි කියල හිතපු කෙනෙක් නෙමෙයි. ඔයා කියලා තිබුනට මම එහෙම හිතන නිසා තමයි එහෙම වෙන්නේ කියලා, ඒක වැරදියි. මම එහෙම හිතන්න පෙළඹුනේ අත්දැකීමෙන්මයි. අනික ඔයා හිතනවද මෙතන තමන්ගේ අත්දැකීම් ගැන කියලා කමෙන්ට් කරපු කෙල්ලෝ හැමෝටම එහෙම උනේ එයාලා එහෙම හිතපු නිසා කියලා?

      හිරු කියපු කතාවත් ඇත්ත. ගොඩක් වෙලාවට ඒවා තේරෙන්නෙත් නැහැ. දවසක් මගේ අම්මගේ යාළුවෙකුගේ දුවෙක්ටත් ඒ වගේම දෙයක් වෙලා තිබුනා. ඒ ළමයා මුලින් හිතුවලු බෑග් එකේ තිබුන වතුර බෝතලේ ලීක් වෙනවා කියලා. පස්ස හැරිලා බලනකොට තමයි දැකල තියෙන්නේ.

      අනිත් එක ඇඳුම මේකට ගාවගන්න එපා akara1.කවදාවත් නරක විදියට ඇඳුම් නොඇඳපු අයට ඕන තරම් මෙහෙම වෙනවා.

      //.ඇත්තම කියනවනම් එයා එහෙම දෙයක් ගැන දන්නෙවත් කතාකරන්නෙවත් නෑ.//
      හ්ම්ම්..වැරැද්දකට කියනවා නෙමෙයි. මෙහෙම දේවල් ලෝකේ වෙන බව නොදැන ඉන්න එකනම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. එයා ගෙදරම ඉන්න කෙනෙක් නෙවෙයිනම්.

      මමනම් දැන් බස් වල යන එක නවත්තලා අවුරුදු දෙකක් විතර වෙනවා. දැන් ඉන්නේ ලංකාවෙත් නෙමෙයි. ඒ හින්දා එහෙම ප්‍රශ්න වෙන එකක් නෑ කොහොමත්. ඒත් මම තාමත් මේ ගැන කතා කරන්නේ මම ඕන තරම් බස්වල ගිහින් තියන, ඇත්ත තත්ත්වය දන්න කෙනෙක් නිසා.

      හිරු :

      // මමත් එහෙම තමයි ගොඩක් වෙලාවට හිටියේ.. සැකයේ වාසිය විත්තියට දීලා//
      මමත් මෙහෙම ඕන තරම් කරලා ඇති හිරු. වැරදිලාවත් ඒ මිනිහා හිතලා කරන දෙයක් නෙමෙයි වෙන්න ඇති කියලා හිටපු වෙලාවල් තියනවා.

      //නමුත් දැං නං තත්වය ගොඩක් වෙනස් කියලා මට හිතෙනවා මගේ නංගි එහෙම ගෙදර ඇවිත් කියන කතා වලින්//

      අහන්නත් සතුටුයි. ඒක තමයි වෙන්න ඕනේ.

      Delete

    19. මමත් 8 වසරේ ඉඳන් තමයි බස් එකේ යන්නේ. මම කොහොමටවත් කියන්නේ නෑ එහෙම දේවල් වෙන්නේ නෑ කියල. මම දැකල තියෙනවා එහෙම සිද්දි. මම කියන්නේ 10න් 8ක් ම එහෙම වෙන්නෙ නෑ කියන එක. එහෙම වෙනවනම් ඒක ඔයාගේ යම් කිසි ආකර්ෂණ බලයක් නිසා වෙන්න ඇති.

      අනිත් එක දුර ගමන් A/C බස් වල තමයි ගොඩක්ම ආරක්ෂිත මොකද බොහෝ දුරට A/C එකේ හිටගෙනයැවෙන්නේ නැති නිසා. ගොඩක් දුරට කරදර වෙන්නේ ලඟ බස් වල හිරවෙලා යන අයට තමයි. මොකද දුර යන කෙනෙක් එහෙම කරන්න පෙලෙඹෙනවා අඩුයි. මොකක් හරි වුනොත් තව දුරක් යන්න වෙන නිසා. ලඟ බස් එකක නම් එහෙම එකක් නෑ මොකක් හරි උනොත් අර කරපු කෙනාට හිමීට මාරු වෙන්න පුලුවන්. මම මෙච්චර කාලෙකට A/C බස් එකක එහෙම දෙයක් දැකල නැති නිසා ඉඳගෙන යනකොටත් 80% කරදරයක් වෙනවා කියන එක නම් විශ්වාස කරන නෙත් නෑ. ඒක අමූලික බොරුවක්. වෙන්නේ නෑ කියනව නෙමෙයි මේ. ඔයා කියන විදියට බස් 100ක ගියොත් 80ක්ම හබක් තමයි. මම දන්නෙ නෑ ඔයා යන රෑට් එක හැබැයි ලංකාවෙ කිසිම තැනක් එහෙම වෙන්නේ නැති එක සහතිකයි.

      /**** ඒ කතාව බොරුවක් කියලා කිව්වේ ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ අත්දැකීම් වලින් වෙන්න ඇති. එහෙමනම් මටත් කියන්න තියෙන්නේ එයා වාසනාවන්තයි කියල තමා. ****/
      මමත් හිතන්නේ එයා වාසනාවන්තයි කියල. මොකද එයාගේ ඔය මානසිකත්වය නෑ. මිනිස්සු කරදරයක් කියල හිතුවොත් අනිවාර්යයෙන්ම කරදරයක් වෙනවමයි.

      මොනව උනත් කවුරුහරි මම ඉඳගෙන ඉන්න සීට් එක මැද්දෙන් බෑග් එකක් තිබ්බොත් ලඟ බස් එකක නම් අනිවාර්යයෙන්ම එතනින් නැගිටලා යනවා. දුර යන බස් එකක එහෙම දෙයක් කලොත් නම්....... හැබැයි වාසනාවකට මට කවදාවත් එහෙම මානසික රෝගයක් තියෙන කෙනෙක්ව නම් තාම හම්බ වෙලා නෑ.

      Delete
    20. @akara, ඔයාගේ තියරි ඔයාට. මගේ තියරි මට. බොහොම කණගාටුයි ඔබ ගැන. එපමණයි.

      Delete
    21. මොකද මේ වෙන්නේ...

      දෙන්නම කියන කතන්දර වල ඇත්ත තියෙනවා... ඒක නිසා හොඳ මිනිස්සු මෙහෙම රණ්ඩු හදා ගන්නේ නැතුව නරක මිනිස්සු ගැන හිතුවනං ඉවරයි අප්පා.. මොකද්ද මේ...

      අකරට කියන්න තියෙන්නේ ඔයාගේ ගර්ඩ් ෆ්‍රෙන්ඩ් එක්ක ලෝකෙම ඉන්න ගෑණු කෙල්ලෝ සංසන්දනය කරන්න යන්න එපා... එක එක්කෙනාගේ මානසික තත්වයන් වෙනස්.. අනිත් එක ඔයාට කියන්න බෑ සයුරිවත්, මං වත් එහෙම හිතන්නේ නෑ කියලා... මම උනත් ගෙඩක් වෙලාවට කල්පනාවෙන් ඉඳලා තමයි කෙනෙක්ට චෝදනාවක් කරන්නේ... මෙතන මට පේන්නේ ඔයාගේ ආත්ම ගරුත්වය ගැන ලොකු ප්‍රශ්නයක් ඔයාට තියෙන්නේ.. එහෙම නැතුව එහෙම ළමයෙක්ට වෙන කරදරය ගැන නෙමෙයි... ඒ පැත්තෙන් නැතුව ගෑණු ළමයෙක්ගේ පැත්තෙන් හිතන්න බෑ කියලා මට පේනවා ඔයාට...

      දුර බස්, ළඟ බස් දෙකේම මං ඔය සිද්ධි දැකලා තියෙනවා.. ඒක මං හිතන්නේ අසහනකාරයගේ මානසික තත්වය අනුව වෙන දෙයක් වෙන්න ඕනේ...

      අනිත් එක මේක මේ ප්‍රසන්ටේජ් හදන්න දෙයක් නෙවෙයි... එක දවසක්, එක සිද්ධියක්, එහෙම නැත්තම් හැමදාම වෙනවා කියලා මේ සිද්ධියක ඇත්ත තත්වය ගනං හදන්න බෑ.. එක සිද්ධියක් ඇති ජීවිතයක් විනාස කරන්න.. කරුණාකරලා ඒ ගැන හිතන්න...

      ඔයා කියන විදියට ඔයාට එහෙම දෙයක් උනොත් ඔයාට තරහා යයි.. ගෑණූ ළමයෙක්ට වැරද්දක් වෙනවා දැක්කොත් ඔයා ඉදිරිපත් වෙනවද...? ඔයා කියයි ඔවු කියලා... ඒත් මට එහෙම හිතන්න බෑ.. ඔයා එහෙම ඉදරිපිත් වෙන්න කලින් ඔයාගේ ආත්ම ගරුත්වය ගැන හිතයි.... මම එහෙම කියන එකේ අසාධාරණයක් ඔයාට පේනවා නම් ඔයා ඔය කියන එකේ තියෙන අසාධාරණයත් මට පෙන්‌ෙන් එහෙමයි....

      Delete
    22. මුලින්ම මම නම් පොඩි ළමයෙක්ට හරි අඳුරන කෙනෙක්ට හරි කරදරයක් වෙනවනම් ඇරෙන්න නොදන්න අයගෙ ඒවට නම් අත දාන්න යන්නේ නෑ. අනිත් එක අපි හිතමු කාට හරි කරදරයක් වෙනවනම් බස් එකකදි රවල බලල හරි කතා කෙරුවොත් හරි එතනින් එහාට යන්න තියෙන ඉඩකඩ අඩුයි. ඔයා කතා කලොත් ඔයාට උදව් කරයි අනිත් එක බොහෝ දුරට අර පුද්ගලය එතනින් මාරු වෙලා ඉවරයි එතකොට.

      අපි හිතමු ඔයා බස් එකක ඉඳගෙන යද්දී කරදරයක් වෙනවා කියලා දැනෙනවනම් අනිවාර්යයෙන්ම බෑග් එක මැදින් තියාගත්තට කිසිම වැ‍රැද්දක් නෑ. එහෙම නම් බෑග් එකක් නෙමෙයි ඇණ ගහපු බෝඩ් තියාගත්තත් කමක් නෑ මැදින්. ඒත් එක පාරටම වාඩි වෙන්නත් කලින් බෑග් එක එහෙම මැදින් තියාගන්නවනම් එයා එහෙම කරන්න හිතලම තව කෙනෙක්ගේ ආත්ම ගරුත්වය නැති කරන්න මිසක් ආරක්ෂාවට නෙමෙයි. අනික ඔය විදියට හිතන කෙනෙක් කවදහරි අසනීපයක් වෙලා ඉන්න පිරිමි කෙනෙක්ට හරි අබාධිත හමුදාවෙ කෙනෙක්ට හරි සීට් එකක් දෙයිද? උදව්වක් කරයිද? නැහැනේ. අනික තව වෙනකම් මම දැකලා නෑ කිසිම ගෑණු ළමයෙක් ආරක්ෂාවට කියලා සීට් එක මැදින් බෑග් එකක් තියාගෙන යනවා.

      අපි පොදු ප්‍රවාහන සේවයක යනකොට මුලින්ම හිතන්න ඔනි කාටවත් කරදරයක් නැතිව යන එක. ඒකට අනිත් මිනිස්සුන්ගෙ ආත්ම ගරුත්වය රකින එකත් අයිතියි. අපි හැමෝම ආත්ම ගරුත්වය ගැන හිතනවනේ මම විතරක් නෙමෙයි ඔයත් එහෙමනේ, නේද? කාටහරි කරදරයක් කරන අසහනකාරී මිනිස්සුන්ට අනිවාරයයෙන්ම උපරිම දඬුවම් දෙන්න ඕනි. එකේ ආපහු කතා දෙකක් නෑ. ආපහු කවදාවත් එහෙම නොකරන්න මතක හිටින්න දෙන්න ඔනී.


      දෙහිවලින් නැග්ග බස් එකට සෙනග ටිකක් හිටිය බස් එකේ ඒවෙලේ මම හිටියේ ඉස්සරහම මගේ ගාවින්ම අවුරුදු 25ක විතර අක්ක කෙනෙක් හිටගෙන හිටියේ. බස් එක යද්දී කරදරයක් නිසා මම සයිඩ් බෑග් එක ඒ අක්කගෙයි මගෙයි අතරට දැම්මා. මම එහෙම කලේ මම එයාගෙ ඇගේ වැදුනොත් කරදරයක් නිසා හැබැයි ඒ අක්කට අප්සැට් හොඳටම මම එක පාරටම බෑග් එක මැදින් දාපු එකට. එයා හිතුවේ එයාගෙන් කරදරයක් නිසා එහෙම කලා කියල. ඉතින් මම කරපු වැඩේ බෑග් එක මැදින් අයින් කලා. :) හැබැයි මට හොඳට තේරුනා ඒ අක්කට අප්සැට් ගියා කියල නම්............

      සයුරි ඔයා ආපහු බස් එකේ යනකොට බෑග් දෙකක් ගෙනියන්න. මොකද දැන් ගොඩක් සීට් 3ක් තියෙන බස් වැඩියිනේ හදිස්සියේවත් ඔයාට සීට් 3 මැද ඉඳගන්න වෙලා දෙපැත්තෙම පිරිමි අයම දෙන්නෙක් හිටියොත්. එතකොට ආරක්ෂාවටත් එක්ක ඔයාට බෑග් දෙක දෙපැත්තෙන් තියලා මැදින් වාඩි වෙන්න පුලුවන්නේ. මට යුද්ධ කාලේ මතක් වෙනවා මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ල වගේ... හික්ස්.

      Delete
    23. උඩ කමෙන්ට් එකේ කෑල්ලක් අඩුයි. සොරි හොඳේ....

      මට උන වැඩැක් කියන්නම් මම 11හේ හරි 12 වසරෙදි හරි ඉස්කෝලෙ යද්දී දෙහිවලින් නැග්ග බස් එකට සෙනග ටිකක් හිටිය බස් එකේ ඒවෙලේ මම හිටියේ ඉස්සරහම මගේ ගාවින්ම අවුරුදු 25ක විතර අක්ක කෙනෙක් හිටගෙන හිටියේ. බස් එක යද්දී කරදරයක් නිසා මම සයිඩ් බෑග් එක ඒ අක්කගෙයි මගෙයි අතරට දැම්මා. මම එහෙම කලේ මම එයාගෙ ඇගේ වැදුනොත් කරදරයක් නිසා හැබැයි ඒ අක්කට අප්සැට් හොඳටම මම එක පාරටම බෑග් එක මැදින් දාපු එකට. එයා හිතුවේ එයාගෙන් කරදරයක් නිසා එහෙම කලා කියල. ඉතින් මම කරපු වැඩේ බෑග් එක මැදින් අයින් කලා. :) හැබැයි මට හොඳට තේරුනා ඒ අක්කට අප්සැට් ගියා කියල නම්............

      Delete
    24. හයියෝ... දැං ඇති බොලවු... අපි මේ අවශ්‍ය දේ පැත්තකින් තියලා වෙන දෙයක් ගැන කතා කරනවානේ... හි හි

      හැබයි අකර එකක් තියෙනවා.. අනේ මම නම් කවදාවත් සීට් තුනේ බස් වල නම් බිත්තිය පැත්තේ අයිනේ වත්, මැද වත් ඉදගන්නේ නෑ තනියෙන් යනවා නම්... අඩුම ගානේ ගෑණු දෙන්නෙක් දෙපැත්තෙන් හිටියත් ඉඳගන්‌ෙන් නෑ.. හි හි..

      Delete
  17. පොදු මාත්තුරුකාවක් අරන් තියන්නේ. ඒක හොඳයි. හුඟක් වෙලාවට ඔය ජැක්සන් ලා තරමක් වයසක උන්. කොල්ලෝ නම් ඔය වැඩේ කරනවා අඩුයි කියලයි මට හිතෙන්නේ.
    මොක උනත් මේ දීලා තියන උපදෙස් ටික නම් හොඳයි. වෙන්න කලින් වලක්වා ගන්න එකනේ වටින්නේ. අර කොන්ඩ කේස් එක නම් වෙලාවකට හෙන වදයක් පිටිපස්සට දාගෙන ඉන්න එක. පස්සහ යන කෙනාට සීට් එක අල්ල ගන්න බෑ. එහෙම සීට් එක අල්ලද්දී කේස් ගහක් වත් අහු වුනොත් කොන්ඩේ හිමිකාරය අපිව අළු කරන්ට තමයි හදන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඔතනදි චන්දන මෙහෙම දේකුත් තියෙනවා. කොල්ලෝ උනාම කැමති කෙල්ලන්ට මිසක් ආච්චිලට නෙවෙයිනේ. කෙල්ලොත් එහෙම තමයි. බස් එහෙකදී ජැක් ගහන්නේ අංකල්ලා විතරක් නෙවෙයි. ඒත් අප්‍රසාදයට ලක්වෙන්නේ අංකල්ලා. එයාලා තරුණ කාලේදී කොරපුවා පස්සෙත් කරන්න යන එකයි අවුල.

      හැබැයි වයසට ගියත්, නැතත් වැරදි දේ වැරදිමයි. මං මේ කියපු දේ සමහර විට අනෙක් අයට සාපේක්ෂව වැරදි වෙන්න පුළුවන්. මං කිව්වේ මට හිතෙන හැටි. චන්දනත් ගිහින් ඇතිනේ උදේ හතේ කොළඹ, නුවර, හත හමාරේ නිව් ටවුන්, අටේ කොළඹ වගේ බස් වල.

      Delete
    2. මගෙත් අත්දැකීම නම් ජැක්සන්ලා වැඩි හරියක් 30 පැනපු අය කියල... හැබැයි මට කොල්ලෝ එහෙම නොකරනවා කියලා කියන්න බෑ... මොකද මට එහෙම වෙලා තියෙන නිසා...

      Delete
  18. මම නං හිතන විදියට බස්ජැක්,අතගෑම්,මිරිකීම් සියල්ලම වගේ වලක්වාගන්න පුළුවන් කට පාවිච්චි කරනව නම්‍. ලැජ්ජාවට කියල හිටියොත් පරාදයි‍. සෙරෙප්පු පාරක් දුන්නනම් තවත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයනේම රාජ්.. කට වහගෙන ඉදලා නම් හරි යන්නේ නෑ තමා.... හැම එකාම නැති උනත් ගොඩක් ජැක්ස්න්ලට ටිකක් බැන්නම අකුලගෙන යනවා... අනිත් අය තමයි කට ගහගෙන එන්නේ... උන්ට නම් කුඩ පාරක් දෙන්නම වෙනවා...

      Delete
    2. ඔය වගේ සිද්ධි වලදී කට අරින කාන්තාවට 'අතේ පයේ වදින්නේ නැතුව කුමාරිහාමිලා වගේ යන්න ඕන නම් කාර් එකක යන්න තියෙන්නේ..." කියන කට කැඩිච්ච කතාවත් කියනවා ඔය අසහනකාරයන්ම. හැබැයි සෙනඟ වැඩි බස් එකක නම් වැරදිලා අත්-පය වදිනවාද කියලා නො දන්න නිසා එක පාරටම කට ගහ ගෙන යන්නත් බැහැ. අර සිංදුවකුත් තියෙන්නේ "රිදී පාට කළ පා තුඩු පයට පෑගිලා. නපුරු වී ඔයා මා සළෙලකුට සම කළා"කියලා. ඒ සිංදුවෙන් කියනවා වගේ දේවල් වෙන්නත් පුළුවන් නිසා හැම කාන්තාවක්ම දෙසැරයක් හිතන්න වෙනවා.

      Delete
  19. කාන්තා විප්ලවයක්....
    ඕකට කොල්ලන්ට නෙමෙයි අංකල්ලට බනින්න...

    මං දවසක් ආච්චි කෙනෙක්ට සීට් එක පරිත්‍යාග කළා.. ඒක හරියට සාංඝික දානයක් දෙනව කියල හිතලයි කළේ.. දන්නවනේ අපේ බස්වල.. ඉඳගන්න ඕනනම් පැයකට කළින්වත් එන්න ඕන..
    එහෙම අරගත්තු සීට් එකයි මං දුන්නෙ.. ඊට පස්සෙ මගෙ අතින් ඒ උන්දගෙ කකුල පෑගුණා කියල අම්බානෙක දෙහි කපපි..
    ඉතින් ආච්චි උනත් සීට් එකක් වත් දෙන්න හිතෙයිද?

    ReplyDelete
    Replies
    1. හි හි.. ඒක ඇත්ත කොල්ලෝ..

      Delete
  20. මේ සිද්ධිය උනේ අද උදේ..
    මම හිටියෙ සීට් එකක ඉඳගෙන බස් එක ෆුල් ලෝඩ්.. ඔන්න ටිකකින් ඇන්ටිකෙනෙක් රිංගනවා මගේ කකුල් දෙක අස්සෙ... මෙයා ඇඟේ වදින නිසා මම ටික ටික එහාට මෙහාට වෙන්ඩ වෙන්ඩ මෙයා රිංගනවා.. මම බොහොම අමාරුවෙන් හිටියෙ.. ඇත්තටම ඔය වගේ ඇන්ටිලාගෙන් නම් හෙන කරදරයි බස් වල යනකොට.. ඉඩ නෑ කියලා පෙනි පෙනී රිංගනවා අස්සෙ අරවා මෙව්වා වද්දගෙන.. අපි ටික ටික එහාට මෙහාට වෙද්දි තව තව රිංග රිංග හිරවෙනවා.. සමහර ගෑණුළමයිනුත්..

    අනිත් ප්‍රශ්නෙ තමයි කොණ්ඩ ප්‍රශ්නෙ..

    ඊළඟට කරදරේ තියෙන්නෙ තමුන් මල් කියලා හිතාන ඉන්න ගෑණු ළමයින්ගෙන්.. යන්තම් ඇඟේ වැදුනොත් ඔරවලා බලන්නෙ රේප් කරන්න ආවා වගේ.. බස් එකේදි ඉතින් ඇඟේ වදින එක ස්වාභාවිකයිනෙ..

    තව සමහර ගෑණු අය පස්සට පස්ස තියාගෙන දෙපැත්ත අල්ලගෙන ඉන්නවා.. බස් එකේදි කොන්දා කෑ ගහනකොට අපිටත් අස්සෙන් මුල්ලෙන් රිංගන්න වෙනවා.. එතකොටත් වැරදි අපියි.. තව එකෙක්ට යන්ඩ පුළුවන් වෙන්ඩ ටිකක් එහා මෙහා වෙලා ඉන්ඩ ඕනෙ කියලා තේරෙන්නෙ නෑ..

    කැම්පස් ඉද්දි දවසක් මට හොඳටම උණ.. අන්තිමටම මම උණ විකාරෙන්ම ගෙදර එන්න පිටත් උනා.. බොහෝම අමාරුවෙන් හිටගෙන ආපු මට අන්තිමට වාඩිවෙන්න ලැබුනේ ගෑණු ළමයෙක් ගාව.. කොහොමහරි අතපසුවීමකින් මගේ අත ඒ ළමයාගෙ කකුලෙ යාන්තමට වැදුණා.. ටිකක් එහාට වෙලා එරෙව්වා එරවිල්ලක් ආයෙ හොදි ඕනෙ නෑ..ඔරවද්දි තමයි මට හිතුනෙ බෑග් එක එහාට මෙහාට කරද්දි අත වදින්ඩ ඇති බව..ඒත් සොරි කියන්ඩ තරම් සිහියක් වත් මට තිබ්බෙ නෑ.. මම ගැන වැරදියට හිතන්ඩ ඇති..

    අනිත් කාරණේ මම කාටවත් සීට් දෙන්නෙ නෑ.. සීට් දීලා කාලා තියෙන කටු හොඳටම ඇති..

    ReplyDelete
    Replies
    1. /*ඊළඟට කරදරේ තියෙන්නෙ තමුන් මල් කියලා හිතාන ඉන්න ගෑණු ළමයින්ගෙන්.. යන්තම් ඇඟේ වැදුනොත් ඔරවලා බලන්නෙ රේප් කරන්න ආවා වගේ..*/

      ඕකනම් ඇත්තටම හෙන කරදරයක්... ඔය හින්දම හදිස්සිම වෙලාවක ඇරෙන්න සීට් එකක් නැත්තන් බස් එකකට නගින්නෙ නෑ... මම සෑහෙන බයයි ඔහොම දේකදි හිතේ ඇතිවෙන කේන්තියට...

      Delete
    2. මාත්මේ කියන්න ආපු දෙයක් හරී කියලා තියෙන්නේ. බස් වල යද්දි ජීවිතේට කිසි දවසක වෙන මනුස්සයෙක් ඇගේ වැදිලා නැති එහෙම වැදුනොත් කරන්ට් වදින මල් වගේ ගෑණුයි කූඹි ඉඩෙනුත් මුළු සර්වාංගෙම ඇතුලට රිංගවන්ඩ හදන් ඇන්ටිලගෙනුත් බස් එකේදි පනිරිමි පාර්සවය පරෙස්සම් වෙන්න ඕනි. මොකද බස්වල තෙරපිලා යද්දි මේ ඇන්ටිලා රින්ගන එකනම් මලම වදයක්. ගෑණු කෙනෙක් හින්දා අපිත් පොඩ්ඩක් අල්ල ගන්න ඉඩ දෙනකොට අපි හිටපු තැනින් සම්පූර්ණයෙන්ම ඇදලා දාලා රිංගනවා ඇතුලට ඊට පස්සේ රව රව බලනවා. සමහරුනම් හිනා වෙවීම රිංගනවා ඇතලට. අන්තිමට වෙන්නෙ හිටපු තැනත් නැති වෙන එක. ආයිත් හිටපු තැනට යන්නත් බෑ.

      Delete
    3. පිරිමි අපිටත් සෑහෙන වැදගත් කරුණු ...:)

      Delete
    4. ///ඊළඟට කරදරේ තියෙන්නෙ තමුන් මල් කියලා හිතාන ඉන්න ගෑණු ළමයින්ගෙන්.. යන්තම් ඇඟේ වැදුනොත් ඔරවලා බලන්නෙ රේප් කරන්න ආවා වගේ.. බස් එකේදි ඉතින් ඇඟේ වදින එක ස්වාභාවිකයිනෙ..///

      ස්වාභාවිකව වදින එකයි, ඕනෙකමට වද්දන එකයි තෝර බේරගන්න බැරි එකනේ අවුල තියෙන්නේ මෙතන.. හි හි... ඒ වෙලාවට සොරි කියලා කිව්වම ප්‍රතිපලයක් ලැබෙන්නේ නැද්ද... මං නං යන්තම් මගේ අත හරි කාගේ හරි ඇගේ වැදුනත් ගෑණුද පිරිමිද කියලා නෑ “අනේ සමාවෙන්න” කියලා කියනවා... එකෙන් මට නම් හොද ප්‍රතිඵල තිබ්බා...

      Delete
  21. හොඳ උපදෙස්මාලාවක්...

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා අද ෂේප් වෙලා ගිහින්... හි හි...

      Delete
  22. Hiru, oya athdakima hama kellekma ath widala athi. Parissam wenna hamotama upades dunna eka godak hodai. Api danuwath wela hitiyama ewagen berenna lesine.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අපි හරියට හැසිරෙන්නත් ඕනේ නංගි බබා.. එතකොට කනට ගහන්න හරි පුළුවන් අත දිගෑරලා... කට වහගෙන ඉදලනම් වැඩක් නෑ...

      Delete
  23. පෝස්ටුවට එකඟයි අක්කි ...මටත් පොස්ටුවේ ස්ත්‍රීවාදිකමක් පෙන්නේ නම් නැහැ ..මේක කතාකල යුතු මාතෘකාවක් !ස්තුතියි පෝස්ටුවට .. ඇයි අක්කි සමහර පිරිමි නින්ද ගියා වගේ ඇඟට එන එක ..ඒකත් වදයක් තමයි ..නින්ද ගියා වගේ ඉඳල හොඳට හේත්තුව දාන් යනවා ..බස් එකේ ඉදගන්නෙත් සීට් එකෙන් තුන් කාලකම පැදුර දිග ඇරියා වගේ ..කෙල්ලන්ගේ කොන්ඩ අර කිවුව වගේ ඉස්සරහට දාන් යන එක තමයි හරි ..මොකද පොදු ප්‍රවාහණ සේවයේනේ ගමන් කරන්නේ ..තමන් කැමති විදිහට යන්න පුළුවනි පෞද්ගලික වාහනයක යද්දී ..

    ReplyDelete
    Replies
    1. බූරැ ඇඳ දිග ඇරගන්න එක නම් ඉස්සරත් තිබ්බ ලෙඩක් තමයි රෙහානි... ඒ වෙලාවට නම් යකා වැහෙනවා තමා... හි හි

      Delete
  24. මේ වගේ වෑඩ කරන අය බ්ලොග් කියවයි කියල නම් මම හිතන්නෙ නෑ... ඒත් ඒ වගේ දේවල් වලින් නම් ගෑනු අපි හරි අසරන වෙනවා...
    දෑන් අවුරුදදකට විතර කලින් මගෙ මහත්තයගෙ උපන් දිනයට කලින් දවසේ එයාට තෑගි වගයකුත් අරගෙන මම කොටුවට අවේ රාගමට කොච්චියෙ යන්න ඒත් මගේ විනාඩි 5 ක පරක්කුව නිසා මට බස් එකේ යන්න උනා... හොදටම වෑස්ස රෑ 7 ට විතර ඈති... මම කොටුවෙන් බස් එකට නගින්න හදනකොට මගේ ඉස්සරහින් බබාල දෙන්නෙක් එක්ක අම්ම කෙනෙක් නෑග්ග.. ඊට පස්සෙ මම නගිද්දි මගේ පිටිපස්සෙන් කවුරුහරි නගිනව කියල දෑනුන... මම බස් එකේ දෙවෙනි පඩියට නගිද්දි මට දෑනුන ඒ මිනිහ මගේ පස්ස මිරිකනව... ඒ වෙලාවෙ ඒක දෑනිල එක තප්පරයක් ගියේ නෑ මේ මිනිහා මගේ දනහිස ලග ඉදල උඩටම අතගාගෙන ආව... මම එදා හොදට කලිසමක් සහ හොදට වෑහිච්ච කුර්තාවකුත් ඈන්දල හිටියෙ... ඒ වෙලාවෙ මට දෑනුන දේවල් නම් කියන්න වචන නෑ... මම හොදට කකුල උස්සල ඒ මිනිහට ගෑහුව බෑහෑපන් මෝඩය කියල...
    මම එහෙම කියල බස් එකේ උඩට නෑග්ගා... ඒ මිනිහ පේන්න හිටියෙ නෑ... මම හිතුව බහින්න ඈති කියල.. එහෙම හිතල හස්බන්ඩ් බයේ ඉන්න නිසා එයාට කෝල් එකක් ගත්ත මම බස් එකට නෑග්ග කියන්න... ඒ වෙලවෙ මට ඈහෙනව මිනිහෙක් මට හොදටම බනිනව.. අර මිනිහ බස් එකේ ඈතුලට නෑගල මට බනිනව මම ජරා ගෑනියෙක්ලු... ඒ නිසාලු එයා වෑරෑද්දක් කලා වගේ මට දෑනුනෙ... බස් එකෙන් වෑටෙන්න ගිය නිසාලු මාව ඈල්ලුවෙ මම කිව්ව ඉතින් තමුසෙ වෙන කොහෙන්හරි අල්ලන්න තිබුනනෙ අනික පස්ස මිරිකන්න ඕනි නෑනේ කියල.. මේ මිනිහ මේ විදිහට මට බනින කම් බස් එකේ හෑමෝම අහගෙන හිටිය මහ කොන්ද පන නෑති මිනිස්සු ... පස්සේ මම අතේ තිබුන හෑන්ඩ් බෑග් එකෙන් ගෑහුව... මේ මිනිහ කෝල් එකක් අරගෙන කාටහරි කියනව මේ බස් එකට නෑගපන් බඩුවක් ඉන්නව කියල... පොඩ්ඩක් හිතන්න මට මොනව හිතෙන්න ඈතිද? ඒ මදිවට මගේ මහත්තය හෑමදේම ෆෝන් එකෙන් අහගෙන හොදටම බයවෙලා..
    පස්සේ එක මනුස්සයෙක් මට සීට් එකක් දුන්න.. මගේ මහත්තය කඩවත ඉදන් වෑස්සේ තෙමීගෙන ආව මගට එයා මට කියනව අඩන්න එපා කියල මම හිත තද කරගෙන හිටිය... කොහොමහරි මම මගදි බෑස්ස මහත්තය මගට ආව... එතන තිබුන හෝල්ට් එකට වෙලා අපි දෙන්න ගොඩාක් වෙලා ඈඩුවා.... ඒක නම් ජීවිතේ කවදාවත් මට අමතක වෙන්නෙ නෑ... ඒ මිනිහ හෑම නරක වචනයක්ම කියල මට බෑන්න... හෑබෑයි මගේ මහත්තය කියනව හෑන්ඩ් බෑග් එකෙන් ගෑහුවනම් ප්රශ්නයක් නෑලු.. මොකද ඒකේ තියන බඩු ගොඩට සහ බරට ඒ මිනිහට හොද පාරක් වදින්න ඈතිලු...
    ඒත් එදා අසරන උන තරම් මමත් මගේ මහත්තයත් කවදාවත් අසරන උනේ නෑ... මේ මොහොතෙත් මට ඒ මිනිහ කරපු වෑඩේ මතක් වෙද්දි පුදුම අප්පිරියවක් දෑනෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. නදිනිගේ කතාව කියවලා මගේ ඇඟ හිරි වැටුනා...

      අනිත් කමෙන්ට් වලට උත්තර දෙන්න කලින් මේකට උත්තර දෙන්න හිතුනා... මොකද මාත් ඔය වගේ සිද්ධියකට මුහුණ දීපු වෙලවාක මං ගත්ත ක්‍රියාමාර්ගය සාර්ථක උන නිසා...

      මමත් ඉස්සර බස් එකේ තමයි ගෙදර යන්නේ.. 8.30 විතර වෙලා එද්දි පාදුක්ක බස් පොල් පටෝලනේ එන්නේ.. බස් වල කට්ටිය උනත් මාව අඳුරනවා.. අම්මා හින්දා.. ඔය විදියට ඇඟට ආපු එකෙක්ට මං බැන්නම මේ යකා මට බනින්න පටං ගත්තා... ( ඌ කරපුවා නොකිය හිටියට කමක් නෑ..) මං කට වහගෙන හිටියා.. මට අත්දැකීම් තිබ්බා ඔය ව‌ෙග් වෙලාවට කිසි කෙනෙක් කට අරින්‌ෙන් නෑ කියලා.. මං කළේ 119 එකට කෝල් එකක් ගත්ත එක.. ඒ කාලේ 119 හරියට වැඩ කළා.. යුද්ධෙ දවස් නේ..

      ඒ කතා කරපු ගර්ල් මට කිව්වා එ මිනිහගේ ෆොටෝ එකක් ගන්න කියලා.. ම‌ෙග් ෆොන් එකේ කැමරා එකත් හරි නෑ... ඒත් මං ගත්තා... ඊට පස්සේ මං ඒ කෙල්ල කියන්නෙත් නැතුවම මෙන්න මේකයි බස් එකේ නොම්මරෙත් කියලා හයියෙන් කිව්වා.. අන්න එතකොට බස්කාරයා බය උනා.. මොකද ඔහොම වෙලාවක ඒ මිනිහව බිමට ඇඳලා දාන්න ඩ්‍රයිවර්ට සහ කොන්දොස්තරට බලය තියෙනවා... ( බිපු මිනිස්සුන්ව ඇදලා දාන්න පුළුවන් නම් මුන්ව ඇදලා දාන්න බැරි නෑ නේ..) දඩ බඩ ගාලා බස් එක නවත්තලා ඒ මිනිහව බිමට ඇඳලා දැම්මා.. පාදුක්කට කිට්ටු පැත්තකදි වෙච්ච නිසා මං පොලිසියේ ඇන්ට්‍රියකුත් දැම්මා අර ෆොටෝ එකයි සිද්ධිය වෙච්ච වෙලාවයි එක්කම.. බස් කාරයත් ඇවිත් කට උත්තරයක් දුන්නා.... මොකද මං හැමදාම එන්නේ පරක්කු වෙලානේ... මොනවා උනාද නම් දන් නේ නෑ.. හැබැයි ඒ මිනිහා මට නම් අහු උනේ නෑ ඊට පස්සේ....

      ඒ වෙලාවට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි වෙනවා තමයි... කකුල් දෙකේ ඉඳලම වෙවුලන්න ගන්නවා... බස් එකේ ඉන්න මිනිස්සුන්ව මරන්න කරම් කේන්තියක් එන්නේ... ඒ තරම් බයගුළු කොන්ද පණ නැති ජාතියක් අප්පා...

      මේවා අස්සෙත් ඔය ව‌ෙග් ඉන්නවා නදිනි... ඒක ඊයේ පෙරේදා හොඳට පෙනුනා... හි හි..( මොකෝ ඕවා කරන්නෙයි , බ්ලොග් ලියන්නෙයි ඔක්කොම ලංකාවේ උන් තමා...)

      Delete
    2. අහා ඒකටත් මම ට්‍රයි කලා.. 119 ගන්න ඈති සියපාරක්... අනික මම කොන්දොස්තරගෙන් ඈහුව බස් එකේ නම්බර් එක.. ඒත් දුන්නෙ නෑ... අනික ඉස්සර නම් මම අතේ පොඩි කටුවක් තියාගෙන අනිනව ඈගට එන උන්ට... ඒ කතා කරන්න බය නිසා... ඒත් එදා නම් මොනව උනාද දන්නෙ නෑ.... බෑනගෙන බෑනගෙන ගියා... අනික ඒ මිනිහ කියනව ඌ ආමි එකේලු මිනිස්සු ආමි එකට සලකන්නෙ නෑලු දෑන්... මම ඈහුව ඈයි ආමි එකේ උනාම අපි සේරම දෙන්න ඕනිද කියල... අනික කට්ටිය කියනවනේ මේව කරන්නෙ අන්කල්ලා කොල්ලො නෙමේ කියල... ඒකට කියන්න තියෙන්නෙ මේ වෑඩේ නම් කලේ අවුරුදු 25 ක විතර කොල්ලෙක්...

      Delete
    3. හිරුගේ උත්තරය බලන්න කලින් ලියන්නෙ.. නදිනි..
      //එතන තිබුන හෝල්ට් එකට වෙලා අපි දෙන්න ගොඩාක් වෙලා ඈඩුවා.... ඒක නම් ජීවිතේ කවදාවත් මට අමතක වෙන්නෙ නෑ... ඒ මිනිහ හෑම නරක වචනයක්ම කියල මට බෑන්න..//
      මට නම් මාර දුක හිතුන නංගි...!!

      ඕය වගේ දවසක් අම්බලන්ගොඩදි බස් එකේ මන් හිතන්නෙ උසස් පෙල ඉගෙන ගන්න නංගි කෙනෙකුට..බීපු මිනිහෙක් පස්ස මිරිකලා...ඒ නංගි මොකක් හරි කියල ඌ බනිනව අම්ම ,මුත්ත නැතිව...කවුරුවත් කතා නෑ...අර නංගිට ඇඬුන ..මගෙ ඇඟේ මාලු නටන්න ගත්ත...මම ඌ ලඟට ගිහින් එරෙහිව කතාකලා...කොටින්ම බැන්නා...කොන්දත් එත කොට බැන්නා... ටික දුරක් ගිහින් හෝල්ට් එකක නැවැත්තුවාම මූ මට ඇදල ඇරියෙ නැද්ද පත කනේ පාරක්..මාව විසිවෙලා ගිහින් බස් එක ඇතුලෙ වැ‍ටුන..අරූ පැනල දිව්ව...හැබැයි කිසි කෙනෙක් මට හිනා උනේ නෑ...
      අර නංගි හනික ඇවිල්ල මගෙ අතින් ඇද්ද වගේ මතකය්කුත් තියෙනව නැගිටින කොට.

      අර නංගි දිගටම අඬ..අඬ ආවෙ..ඊට පස්සෙ නම් ගෑනු හිටිය දුක සැප බලන්න.

      හැබැයි ඒ නංගි බහින කොට බස් එක ඇතුලෙම හැමෝටම පේන්න දණහිසින් පාත්වෙලා මට වැන්දා...මට එදා මාර දුකක් දැනුනෙ...මේ කතාව දැක්කම ඒක මතක් උනා..!

      Delete
    4. එදානම් ඔයාවගේ කෙනෙක් ඒ පෑත්තකවත් හිටියෙ නෑහෑ අය්යේ... නිකන්වත් මොකද උනේ කියලවත් ඈහුවේ නෑ... මහත්තයට දුක හිතිල තිබුනෙ මම එයාගේ උපන් දිනයට තෑගි ගන්න ගිය නිසයි, එයාට වෑස්සේ මාව ගන්න එන්න විදිහක් නොතිබුන එකටයි.. අනික එයා මට කියපුව අහගෙනනෙ... ඉතින් එයා අඩද්දි මට හිතුන එයා කොච්චර අසරන උනාද කියල... අනික මම පොඩ්ඩක් හරි ඈග පේන්න ඈදගෙන හිටිය නම් දුක නෑ.. හොදම වෑඩේ කියන්නෙ ඔයාලට මාව දෑක්කනම් හිනා යයි..මොකද එහෙම පේන්න පස්සක් කියල නාමයක් මගේ නෑ... :)

      Delete
    5. බොරු කියන්න ඕන නැහැ මට කඳුළු එන තරමට මේ කතා ටික හිතට වැදුනා.

      නදිනි අක්කා/නංගි, ඔයාගේ කතාවට මට පුදුම විදියට දුක හිතුනා. ඔය වගේ දේවල් වලට බනින්න ගියාම අනිත් පැත්තට බැනුම් අහන්න වෙන වෙලාවල් ඕන තරම් තියනවා. ඒකත් හරි ලස්සන වචනවලින්. වැරැද්ද කරපු එකාගෙන් බැනුම් අහන්න වෙන වෙලාවට අසරණ වෙන තරම ගැන කියන්න වචන නැහැ. මම ඒ ලෙවල් පන්ති යන කාලේ දවසක් 7.30 ට ඉවර වෙච්ච පන්තියකින් මාව එක්ක යන්න අම්මා ආවා. අපේ පැත්තට යන බසුත් ඔය වෙලාවට පොල් පටවලා. බීපු මිනිහෙක් මගේ ඇඟට එද්දී මාව බේරගන්න ගියපු අම්මටයි මටයි අර මනුස්සයා ඉවරයක්‌ නැතුව බනින්න ගත්තා. ඒ දවස්වල ගෙදරින්ම මොබයිල් ෆෝන් එකක් තිබුනේ තාත්තට විතරයි. ඇත්ත තමා ඒ වෙලාවට වෙන කවුරුත් කටක් අරින්නේ නෑ. අන්තිමේ කොන්දොස්තර ඇවිත් අපි දෙන්නට ඉස්සරහට යන්න ඉඩ හදල දුන්නා. ගෙදර ගිහින් මමත් පැයක් විතර කරේ අඬපු එක තමා. අම්මත් ඇස්වල කඳුළු පුරවාගෙන කිව්වා අපි ජිවත් වෙන්නේ තිරිසන් ලෝකෙක දුවේ කියලා. හොඳ උපදෙස් ටිකකුත් එදා මට ලැබුනා.

      @ වී අයියා : ඔයානම් නියම පිරිමියෙක් කියලා කියනවා ඇරෙන්න මට වෙන කියන්න දෙයක් මතක් වෙන්නේ නැහැ. ඒ කරපු දේ ගොඩක් උතුම්. ඒ ළමයා වැඳපු එක පුදුමයක් නෙමෙයි.

      හිරුට වගේ එඩිතර හිතක් ඉස්කෝලේ යන කාලේ මටත් තිබුනනං කියල හිතෙනවා. කැම්පස් යද්දිනම් මම ඒ විදියට හැඩගැහුනා. ඒ හින්දමද මන්දා කරදරනම් අඩුයි ඒ කාලේ. එත් ඉස්කෝලේ යන කාලේ ඔරවලා කකුල පාගගෙන එතනින් යනවට වඩා වැඩි දෙයක් කරන්න තරම් මම එඩිතර නැහැ.

      Delete
    6. @සයුරි..නදිනි..,
      මම කතාව ඉතා කෙටියෙන් කීවෙ...අම්මෝ ඌ එදා කියපුව..!
      අන්තිමට මාව අල්ලගෙන මට බැන්නෙ..‍තෝ..මරනව..අපේ ගැන් එක මෙහෙමයි..!
      තොට තියෙන අමාරුව මොකක්ද...මගේ හත්මුතු පරම්පරාවටම බැන්න...මම කතාවට ගියේ නෑ ඕනවට වඩා..අපිට මෝඩයො වගේ උන් කියන වචනවලට හරියන වචන කියන්න බෑනෙ.
      මූනෙ ඇඟිලි පාරව්ල් ටික අපූරුවට තිබ්බ...ලැජ්ජත් එක්ක. මම ටෙක් යන කාලෙ.... ව්ගේ උනේ මතක හැටියට..!

      Delete
    7. @Nadini
      ඒක නම් ඇඟ හිරි වැටෙන කතාවක්...
      ඇයි ඒ බස් එකේ රියදුරාට හරි කොන්දොස්තරට හරි අනිත් මගීන්ට හරි බැරි උනේ ඒ මිනිහට කියන්න එයාගේ කට වහගන්න කියල? :(

      අපි ලොකුවට අපේ සදාචාරේ ගැන කෑගැහුවට අපේ රටේ ඇති සදාචාරයක් දැන් තියෙනවද කියලත් හිතෙනෙනේ මේවගේ වෙලාවට තමයි.

      Delete
    8. @වීපොකුරෙ වීයා
      ඔයා නම් ඇත්තමට 'මහත්මයෙක්' !

      ලංකාවේ බහුතරය ඔය වගේ කොන්ද කෙලින් නැති එක තමයි දුක.

      Delete
    9. @නදිනි,

      මම එහෙම නම්, නගින වෙලාවෙම ඒ බූරුවව එලියට තල්ලු කරලා දානවා. ඔයා ගැනත්, ඔයාගේ මහත්තයා ගැනත් දැනුනේ සෑහෙන දුකක්. ඔය වගේ මිනිස්සුන්ට මොනවා හරි කරන්ටම ඕනි. කට වහගෙන සද්ද නැතුව ඉන්න හන්දා තමා එයලා ඔහොම කරන්නේ...බස් එකේ වෙන කොන්ද පණ තියන එක පිරිමි පරාණයක්වත් හිටියේ නැද්ද?

      @වීයා,

      ඔයා ගැන නම් හරි ආඩම්බරයි. ඔයා වගේ පිරිමි දහ පහලොස් දෙනෙක් හිටියානම් අර ගෑනු ලමයිට කරදර කරන මිනිස්සු යන්ට කලින් ගමේ අයට එකතු වෙලා ගහලා, බැඳලා, පොලිසියටත් බාර දෙන්ට පුලුවනි.

      Delete
    10. වීයා වගේ අය හැමතැනම නෑ. එහෙම උන්නා නම් කාන්තාවන්ට වෙන හිරි හැර අවම වෙයි. හුඟාක් අයට ඔය වැඩේ අසාධාරණ කම දැක්කත් සද්ද වහගෙන ඉන්නේ " අනුන්ගේ දේවල්වලට අපි මැදි වෙන්නෙ මොකටද " කියලා හිතලා.

      Delete
    11. වීයා කරපු වැඩේ නම් එල. මිනිස්සු ඔය විදිහට බය නැතිව කතා කරනවා නම් ඕවා වෙන්නේ නෑ. ඒත් හුඟක් අය එකෙක් ඉදිරිපත් උනත් ඒ කෙනාගේ සහයට වත් එන්නේ නෑ. ඒ අය හිතන්නේ නෑ හෙට මේ දේ තමන්ගේ සහෝදරියකට උනත් වෙන්න පුළුවන් කියන එක.

      Delete
    12. නදිනි
      //මේ වගේ වෑඩ කරන අය බ්ලොග් කියවයි කියල නම් මම හිතන්නෙ නෑ.//
      සාමාන්‍ය සමාජයේ ඉන්න හැම ජාතියෙම එවුන් බ්ලොග් ලෝකෙත් ඉන්නව. ඒ නිසා පරෙස්සමින්!

      සියල්ලන්ටම!
      මේ වගේ අවස්තා වලදි වීයා වගේ පිරිමි උනත් හමුවෙන්නෙ කලාතුරකින්. හේතුව අද රටේ තියන තත්වය. මහපාරෙ දෙනෝදාහක් ඉදිරිපිට මිනිස්සු බල්ලො වගේ මරලදානව. කවුරුවත් සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙලා තියනවද? නෑ! හේතුව තමන්ටත් පෝරියල්එක ලැබෙයි කියල හිතීම සහ අඩුම තරමින් නීතියේ ආරක්ෂාව වත් නැතිවීම. අග්‍රවිනිශ්චයකාරවරියට (ඇය රටේ බලවත්ම කාන්තාවක්නේ) කුණුහර්පයෙන් බනින්න පුළුවන් රටක අනෙක් කාන්තාවන් ගැන කුමන කතාද!

      Delete
    13. මේ මම කිව්වෙ මට වෙච්ච දෙයක්නෙ... හෑබෑයි භයනකම කතාව කියන්න බෑරිඋනා මට... මේ සිද්දිය වෙද්දි මට අවුරුදු 7,8 ක් වගේ ඈති... ඔයවගේ දේවල් ගෑන තේරුමක් නෑහෑනේ වෑඩිය.. අම්මි මම තාත්ති බස් එකේ යනව අම්බලන්ගොඩ... සෙනග ගොඩාක් හිට්ය කියල මතකයි... මම වෑඩිය උස නෑනෙ... මම හිටපු තෑනට ඉස්සරහ සීට් එකේ හිටපු අන්කල් (ඌටනම් අන්කල් කියන්න හොද නෑ) ඔය අම්මලගෙන් පොඩි ලමයි ඉල්ලගන්නෙ උකුලෙ වාඩි කරගන්න කියල.. එහෙම පොඩි අවුරුදු 3,4 ලමයෙක්ව වාඩි කරගෙන හිටිය එයාගෙ උකුලෙ බස් එකේ මිනිස්සුත් හොද කිව්ව වගෙයි මතක ඒ බබාව ගත්ත එකට අනේ ටික වෙලවකින් මම දෑක්ක ඒ මිනිහ අර පොඩි කෙල්ලගෙ ගවුම ඈතුලෙ අත දාගෙන ඉන්නව මම ඉතින් උස නෑති නිසා මෙයාගේ අත පේනවා.. අර පොඩි ලමය අම්ම ලගට යන්න අඩනවා... අම්ම කියනව ඔහොම ඉන්නකො පුතේ කියල මුලින් නම් මට හිතුනෙ වාඩි වෙන්න හම්බ උනාම මොකට අඩනවද කියලා ඈයි මට වාඩි වෙන්න නෑති නිසා.. ඒත් පස්සෙ කාලෙක තේරුනාම නම් මරාගෙන මෑරෙන්න හිතුන.. හෑබෑයි දන්න දවසෙ ඉදන් මම පොඩි කිසිකෙනෙක්ව එහෙම දෙන්න දෙන්නෙ නෑ.. ඔන්න මෙහේ ආශ්චර්ය්ය....

      Delete
    14. මේ කතා දැක්කාම ඇග සීතල වෙලා ගියා.

      වීයානම් නියමම මහත්මයෙක්.දැන් කාලෙ එහෙම අය අඩුයි.

      Delete
    15. වීයාට මගේ ආචාරය!

      Delete
    16. සෙට් එකටම....

      ඊයේ කොස් කෝස් එකකට අහු උන නිසා අපේ මහත්තයා මේකට අත තියන එක තහනම් කළා.. ඒක නිසා කියෙව්වා විතරයි.. කොටන්න බැරි උනා...

      වීයා වගේම අර කෙල්ලත් හොඳ කෙනෙක්.. නැත්තම් ඒ වගේ ස්තූති කරන්න හිතෙන්නේ නෑ නේ.. ඒ බස් එකේ හිටුප අනිත් උන් ටිකට හොඳ පාඩමක් වෙන්න ඇති..

      ඔය නදිනි කියලා තියෙන කතාව මාත් දැකලා තියෙනවා... ඒක මේකේ ඊළඟ කොටසේ එනවා... මගේ හිතේ එඩිතර කම පටන් ගත්තේ ඒ සිද්ධියෙන් තමයි...

      Delete
  25. මාර ස්ට්‍රැටජි එකක්නෙ හිරුවෝ. ඇත්තෙන්ම මේක නම් මහා ලැජ්ජා නැති තත්වයක්. අපේ උන්ට මොනවා වෙලාද මන්දා. නමුත් හිරූ දන්නවා නේද හැම පිරිමියාම ඔහොම නැති බව? බහුතරය ඔහොම නැතිව ඇති කියලා මම විශ්වාස කරනවා.

    ඔයිට කලින් හිරු හිමාවි ලියලා තිබ්බ කතාවකට මම කමෙන්ට් එකක් විදියට මේවගේ කරුණු වගයක් ලිව්වා. පස්සෙ ඒක පෝස්ට් එකක් හැටියට දාන්න හිටියත් අතපසු වුනා. මට හිතෙනවා එහෙම කලානම් හොඳය කියලා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බහුතරය ඔහොම නෑ කියලා තමයි ඩූඩ් අයියේ මාත් විශ්වාස කරන්නේ.. ඒත් එක්කෙනෙක් හිටියත් ඇති ඉතිං.... දෙපත්තම බැලුවාම කියන කතා වල හැටියට අපේ මිනිස්සුන්ට අඩු වෙලා තියෙන දෙයක් තමයි මැනර්ස්.. එහෙම තිබ්බනං වැරදි කරන අය අල්ලගන්න ලේසි වෙන්න තිබ්බා..

      Delete
  26. වැඩට යන කාලේ සෑහෙන්ඩ කරදර වෙලා තියන පාටයි

    ReplyDelete
    Replies
    1. ඒක නිසා තමයි අටම් අපේ මහත්තයා මම ජොබ් එකකට යනවට අකමැති....

      Delete
  27. හරි හිරු හිරුලගේ පැත්තෙන් ආඩපාලි කියනකොට අපිත් අපිට තියෙන අතවර ගැන කියන්ට එපෑ...

    හපෝ ඉස්කෝලේ යන කාලේ අපිට තිබුන අතවර ඔය ඇන්ටිලගෙන් අක්කලගෙන්... අසරණ අපි ඉතිං කාට කියන්නද..? උරහිස් ඉවරයි උන්ට පුදලම...

    කොණ්ඩ කඩාගෙනපවුලේ වාහනේ යනවා වගේ බස්වල යන ස්තිරී පරාණ ගැන මං අමුතුවෙන් කියන්න ඕන නැහැ ඔය කස්ටියම වගේ කියලා තියෙන්නේ...

    තාමත් මට මේ කාන්තාවන්ගෙන් තියෙන ලොකු අතවරයක් තියෙනවා... ඒ තමා අර සාරිය අඳිනකොට කොට හැටිටයක් ඇදලා සාරිය පාත් කරලා මිනි මයිල් පේන ගානට ඇදලා නාභිය මනාකොට එළියේ ලා යද්දී මගේනං ඇහ යනවා සුටුස් ගාලා... ආයේ අම්මපා බොරුවක්නං නෙවෙයි... ඒත් ඉතිං එහෙම ගිය ගමන් අර මහන්සි වෙලා එහෙම එළියේ දාගෙන ඇදං ආව අයම මට සවලා...ඔලවලා... ඉක්මනට වහ ගන්නවා සාරි පොට ඇදලා... බලන්න මං කොයි තරංනං අපහසුතාවයට පත් වෙනවද කියලා... කවුරුවත් නැහැ අයියෝ අපිට තියෙන අතවර ගැන අහන්ට... අම්මපා දැන් වෙලාවක මං මහ පාරක් මැද්දේ සාරිය අන්දනවා ඔහොම මට සලකන උදවියට... අපි නොදන්නවද සාරි අන්දන විදිය...

    ඊ ළග කේස් එක තමා ඔන්න කර කඩාහැලෙන මගුල් ඇදන් ඇවිල්ලා අපි ඉස්සරහා නැවෙනවා මෙලෝ ගානක් නැතිව... ඉතිං නොබලා ඉන්න අපි ඉටිපංදං හඳුන්කූරු කනවා කියලෑ.. කලින් මං වැඩ කරපු තැන ලස්සන ගැල්ලමෙක් හිටියා චරිතය බොහෝම හොදයි වගේ තමා ඉතිං හැසිරීම.. ඒත් කරන්නේම ඕකමයි... එක දවසක් මං උන්දැට කිව්වා පැත්තකට අඩ ගහලා.. “නංගි ඔයා ඔය වගේ කර තියෙන ඒවා අදිනවනං ටිකක් සිහි කල්පනාවෙන් ඉන්න..“ කියලා.. කෙල්ල “ඔව් අයියේ මට තේරෙනවා..“ කියලා හරි වැදගත් විදියට කිව්වා... මෙන්න එයින් සති දෙහෙකට විතර පස්සෙත් කෙල්ල දෙකට නැවීගන මගුලක් කරනවා මං එතනට ගිය වෙලාවක... තුන් හතර දෙනෙක්ම සීන් එක බල බලත් ගියා හිනාවෙවී... කට්ටිය එහෙට මෙහෙට වෙනකල් ඉදලා මං කතා කලා කෙල්ලට.. දැම්මා අතේ තිබුන පෑනක් බිමට...
    “නංගි ඕක අහුලලා දෙන්නකෝ“ කිව්වා.. කෙල්ල නැමුනා විතරයි මං කිව්වා “හොව් නැගිටින්න එපා ඔහොමම බලනවා ටිකක් පපුව දිහා“ කියලා... අපරාදේ කියන්න බැහැ පේන එක පේනවා උඩ ඉදන් පහලටම... කෙල්ල ඇස් දෙක රතු කරගෙන නැගිට්ටේ... තමුසෙලට කියලා වැඩක් නැහැ ඕයි කියලා මං එන්න ආවා...

    හොදම දේ මොකක්ද දන්නවද..? ඔය ගෑල්ලමයා නිතර වැඩ පොලේ කොල්ලන්ට හෙනට දෝෂාරෝපනේ “මහ වල් කොල්ලෝ ටිකක් ඉන්නේ මෙහෙ ඇස්වලින් ගිලින්න වගේ බලන්නේ යන එනකොට“ කියලා... ඔව් ඉතිං මහ එපා කරපු කොල්ලෝ තමා නේද..?

    හොද වෙලාවට මං දැන් බස්වල ගිය කාලයක් මතක නැහැ... නැත්තං තාමත් අතවරයට ලක්වෙනවා... දැන් ඉතිං යන්තං බේරිලා ඉන්නවා...

    හා හා මං ගියා...

    ReplyDelete
    Replies
    1. Demo එකකින්ම පැහැදිලි කොරලා..

      Delete
    2. ඕකනේ මාරේ අර මොඩාචාරියා අපේ ගැනුන්ට ලෝගු අන්දන්න හදන්නේ මනතුංගත් එක්ක එකතු වෙලා.

      Delete
    3. මදෑ කොළා... මං ඒකනේ කිව්වේ මාරයියේ.. මේක ලියන්නේ දෙගොල්ලම ගැන හිතලා කියලා... සාරිය ගැන කියන්න දෙයක් නෑ... ටයර් එළියේ දාගෙන යන මෝස්තරේ ඉක්මණට ඉවර වේ යැයි හිතනවා... නමුත් ඉතිං ඔබේ තීරුව නැතුවත් සාරිය ඇන්දම කැතයි... හි හි.. ඒක ඕනෙවට වඩා එළියට දාන්න ගියාම ඊටත් වඩා කැතයි...

      Delete
  28. හිරු නියමෙට ලියල තියෙනව..!
    පිරිමි අපිටත් වෙන අතවර කොටසක් ඔය මාරයා ගොය්ය කියල තියෙන්නෙ...

    සීට් එකක පොල්ල නම් අල්ලගෙන යන්න හම්බ වෙන්නෑ ජීවිතේට සෙනග පිරිච්ච ගමන් තමන්ගෙ තැන වගේ තද කරගෙන අපේ අතත් තල්ලු කරගෙන කොහොම හරි සීට් දෙක අතරට රිංග ගන්නව..ගොඩක් පන්තියන ලමයි..හා ඔ‍ෆිස් යන අම්මන්ඩිලා

    ReplyDelete
    Replies
    1. :))

      // උරහිස් ඉවරයි උන්ට පුදලම//

      මේක ඇත්ත තමා. හැබැයි ගොඩක් වෙලාවට මෙහෙම වෙන්න හේතුවකුත් තියනවා නේද. මම හිතන්නේ ගොඩක් ගෑනු අය බස් එකේ උඩ පොල්ල අල්ලන්න උස නැහැ. උස තිබුනත් ඒකේ එල්ලිලා බැලන්ස් එකේ ඉන්න අමාරුයි ගෑනුන්ට. බ්රේක් පාරක් ගැහුවොත් එහෙම ඩ්‍රයිවර්ගේ කරේ ඉඳීවි. ඒක වෙන්න ඇති හැමෝම සීට් පොලු අල්ලන්න පොරකන්නේ. ඒ හින්දා ඔච්චරම බනින්න එපා හොඳේ :))

      Delete
    2. මං හිතන්නෙ සයුරි අක්කා කියපු එක තමා සීන් එක.මොකෝ මාත් එච්චර උස නෑ නෙ.

      //මම හිතන්නේ ගොඩක් ගෑනු අය බස් එකේ උඩ පොල්ල අල්ලන්න උස නැහැ. උස තිබුනත් ඒකේ එල්ලිලා බැලන්ස් එකේ ඉන්න අමාරුයි ගෑනුන්ට. බ්රේක් පාරක් ගැහුවොත් එහෙම ඩ්‍රයිවර්ගේ කරේ ඉඳීවි//

      ඩ්‍රයිවර්ගෙ කරේ නැතත් ලඟ ඉන්න එකාගෙ කරේ

      Delete
    3. මටත් හිතෙනවා වී මේක තමයි හේතුව කියලා... ඇත්තටම උඩින් අල්ලගෙන යන්න අමාරුයි අපිට... එකක් උස නැතිකම.. මම 5යි 5ක් වෙලත් උඩින් අල්ලගන්න අමාරුයි... අර තොණ්ඩුවෙන් අල්ලගත්තත්, ඒක ලෙස්ස ලෙස්ස යනවා බ්‍රේක් කරනකොට... අනිත් එක අතින් කටින් එල්ලගෙන ඉන්න බෑග්.. මැද හිටියම පර්ස් එකට ගහන්න එහෙමත් ලේසියි... ඉතිං අස්සට රිංගන්නම වෙනවා.... හි හි....

      Delete
  29. සියලුම දෙනාට වැදගත් ලිපියක් හිරු ඔයාගෙන් උන .
    මන් නිදා ගන්න ගිහින් ආයෙම ආවේ .හැම දේටම එකගයි.
    මගේ නම් අවවාදය පොඩ්ඩක් වත්
    බස් එහෙකදී කට වහන් නම් ඉන්න එපා.අසබ්ය වචන
    නොකිය තදින් බනින්න ..ඕව වැඩි වෙන්නේ ගොඩක් අය
    කට වහන් ඉන්න නිසා හිරු.
    ( ඒත් හැමදාම වගේ අහින්සකි හැමදාම දුකින් මෙතනදීත්)

    හැබැයි එළිමහනේ යද්දී නම් එකට එක කියන්න හොද නැහැ .
    ඔතොකොට වෙන්නේ ඒක දිගින් දිගට යන එක.හරි සංකීර්ණයි
    හිරු එකම මිනිහ එක්ක උනත් විවිද තැන් වල හැසිරෙන්න වෙද්දී.

    ReplyDelete
    Replies
    1. සහන් හරි... එළියෙදි නම් ඇහුන් නෑ වගේ යන එක තමයි හරි ගොඩක් වෙලාවට.. ගනං ගත්තත් උන්ට ජොලි...

      Delete
  30. ඉස්කෝලෙන් අවුට් වුනත් හරි පොදු ප්‍රවාහනය පාවිච්චි කරනව අඩුයි... කෝච්චියෙ යනව නම් සීට් එකක් නැත්තන් අනිව ෆුට් බෝඩ් එකේ.... බස් වලනම් 99%ක්ම වාඩිවෙන්න ඉඩ නැත්තන් නගින්නෙ නෑ...

    කමෙන්ට් වල තැනක දෙකක කියල තිබුන විදිහට ඔය වගේ සීන් එකකදි අනිත් මිනිස්සු උදව් නොකරන්න ප්‍රධාන හේතුව සමහර ගෑණු බ්රේක් පාරකට විසිවෙලා ඇවිත් ඇඟේ වැදුනත් බලහත්කාරකමක් කරන්න ගියා වගේ හැසිරෙන හින්ද කියලයි මගේ අදහස... එහෙම නැතුව හරියටම දන්නව නම් ගෑණු කෙනා වැරදි නෑ කියල මිනිස්සු උදව් කරනව...

    අන්තිමට කියන්න තියෙන්නෙ හොඳ ලිපියක්... :)

    ReplyDelete
    Replies
    1. ඒක හරි සාතන්. .මොනවා උනත් මේවයෙත් හොඳ අය ඉන්නවා කියන එක හිතේ තියාගන්න එක වැදගත්... මම නම් කියන්නේ “සොරි “ කියලා කියන එකෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි කියලා.. ඒකත් හැම තැනම නම් හරි යන එකක් නෑ.. ඒත් ටිකක් හරි මං කියන්නේ... ඒත් ඉතිං කොතනත් නරක අය ඉන්නවා කියන එක මතක තියාගන්නත් වෙනවා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්..

      Delete
  31. අනේ ඉතිං අපිට බස් වල යද්දී අතවර වෙනවා අඩුයි.
    ගෑල්ලමයින්ට ගොඩාක් වටිනවා,අක්කේ ඔයා සමාජ විමර්ශන වැඩ අනිත් කෙල්ලොන්ට වඩා ගොඩාක් හොදට කරනවා.

    ReplyDelete
    Replies
    1. මේවා ඇති වෙන්න කාපු කටු මඩයෝ.. හි හි

      Delete
  32. මම මේ ලඟදි බස් එකක් යද්දී මිනිහෙක් ගෑනු ළමයෙක් ළඟ ඉඳගෙන එක එක විකාර දානවා..හැබැයි අර ගෑනු ළමයා අපහසුවෙන් ඇඹරි ඇඹරි ඉන්නවා විතරයි..මොකුත් කියන්නේ කරන්නේ නෑ! මටත් ඉතිං කට පියන් ඉන්න බෑනේ! නැගිට්ට ගමන් අර යකාට කිව්වා හොඳවයින් දෙකක්!
    ඒත් අර ගෑනු ළමයා සද්දයක් වත් නෑ! යාන්තම් හොඳ කොන්දොස්තර මහත්මයෙක් ඉඳලා අර මිනිහාව එලියට ඇඳලා දැම්මා!

    ReplyDelete
    Replies
    1. ගෑණූ ළමයි ගොඩක් බය වෙනවා නාඩියෝ.. මගේ නම් කෙන්තියටම කකුල් දෙක වෙවුලන්න ගන්නවා.. ඒත් කට නම් වහගෙන ඉන්නේ නෑ.. සමහර ළමයි කට අරින්නත් බයයි අප්පා..

      Delete
    2. ඔය වගේ දේවල් වලට ගෑණු දරුවෝ සද්ද නැතුව ඉන්නවා නම් කතා කරන්නේ පරිස්සමෙන්. සමහර විට ඒ දෙන්නා පෙම්වතුන්/ සැමියා හා බිරිඳ වෙන්න පුළුවන්. එහෙම වුණොත් කන්න වෙන කෑමට හොඳි ඕන නැති වෙයි.

      Delete
  33. හොඳ උපදෙස් ටිකක් හිරූ. කියන්න තියන අනිත් ඒවා උඩ කමෙන්ට් වල කිව්වනේ. තව මුකුත් මතක් වෙන්නේ නෑ කියන්න.

    ReplyDelete
    Replies
    1. සයුරිටත් ස්තූතියි.. මේ කාතවට හවුල් උනාට... හි හි

      Delete
  34. //මම නීතිවේදියෙක් නෙවෙයි.. දෙශපාලකයෙක් නෙවෙයි... කැම්පස් ගිය කෙනෙකුත් නෙවෙයි.. මේ රටින් පිටට අඩියක් තියපු කෙනෙකුත් නෙවෙයි.. මම මේ රටේ දුප්පත් පවුලක ඉපදිලා, රජයේ පාසල් වලින් ඉගෙන ගෙන, සාමාන්‍ය තත්වයේ රැකියාවක් කරලා, දැන් කසාද බැඳලා ගෙදර ඉන්න සාමාන්‍ය ගෘහණියක්..//

    මුලින්ම කියන්ට ඕනි මට නම් හිරුව මෙහෙම පේන්නේ නෑ කියලයි. :)

    මට ඔයාව පේන්නේ සමාජය ගැන හොඳ වැටහීමක් තියන, හරිම මිත්‍රශීලී, මා දැකපු අනෙක් ගැහැනු චරිතවලට වඩා වෙනස්, අත්දැකීම සම්භාරයක් ඇති, කොල්ලොත් එක්ක කොල්ලෙක් වගේ හැසිරෙන්ට පුලුවන් කෙනෙක් විදියට.

    බස් ගමන්වල අත්දැකීම් ඔය විදියට නැති හන්දා ඒ ගැන මොනවත් ලියන එක අසාධාරණයි කියලා හිතනවා. ඒත් ඉතින් කෙල්ලෙකුට බස් එකක යන්ට බැරි තරම් තත්වයක් තියනවා නම් ඒක් අසාධාරණයි. මතකද ඉන්දියාවේ උනුදේ. පස් හය දෙනෙක් අර ගෑනු ලමයෙකුට හිරිහැර කරද්දී, ඩ්‍රයිවර් එක මුලු නගරය පුරා එලවමින් හිටියලු.

    හැබැයි මම බස් එකක යද්දි, ඔහොම කරන්ට ආවොත්, නැගිටලා අර කෙනාට හොඳ දෙකක් (තාම කියන දේ හිතාගත්තේ නෑ ) කියලා, බස් එකෙන් බැහැලා ටැක්සියක් අරගෙන ගෙදර යනවා... :)

    ලංකාවේ කාට හරි කම්මුලකට ගැහුවොත් එහෙම මොනා වෙයිද? :D

    ReplyDelete
    Replies
    1. තරු විසිවෙන්න ගහන්න අතයි හිතයි හයිය කරගන්න ඕනේ පොඩ්ඩි.. හි හි.. එහෙම ගැහුවොත් නම් දත් සෙට් එක බඩට යවතෑකි.. හි හි

      Delete
  35. දෙවෙනි කමෙන්ටුව කෝච්චි සම්බන්ධවයි..

    කෝච්චියෙත් බස් එකේම වගේ තමයි.. වෙනස තියෙන්නෙ කෝච්චියෙ ඉන්නා ගැන්සි.. මේ ගැන්සිවල එක එක වයස්වල ගෑණු පිරිමි භේදයකින් තොරව ඉන්න බව ඉතින් හැමෝම දන්නවානෙ..

    මේගොල්ලො හිතන් ඉන්නෙ කෝච්චියෙ සීට් එයාලටම බුක් කරලා කියලා.. එයාලගෙ යාළු මිත්‍රකම් පවත්වා ගත්තට අවුලක් නෑ.. ඒත් ඒක අනිත් අය අපහසුතාවයට පත් කරන්න යොදාගන්න ඕනෙ නෑනෙ..

    ඒ කණ්ඩායමක් ඉඳගන්නා සීට් වල වෙන කවුරුහරි හිටියොත් පුළුවන් තරම් උත්සාහ ගන්නවා එතනින් යවන්න.. එතන ඉන්න කෙනාගෙ වයස, ගෑණු පිරිමි බව වත් සළකන්නෙ නැතුව කට්ටියම එකතුවෙලා අර පුද්ගලයාගෙ අඩුපාඩු කියනවා.. නැත්නම් දෙපැත්ත කැපෙන වචන හෝ කුහුහරුප කියනවා.. ගෑණුළමයි පවා.. තද කරනවා තල්ලු කරනවා.. කොහොමහරි එපාවෙන තරමට වැඩ සලස්වනවා..
    තව සමහරු කරන්නෙ දෙන්නා ඉඳගන්න සීට් එකේ වෙන කෙනෙක් හිටියත් තමුන්ගෙ කණ්ඩායමේ දෙන්නා ඉඳගැනීම.. තව සමහරු කකුල් ඈත්කරන් බඩු තියන් අනික් අයට ඉඳගන්න දෙන්නෙත් නෑ..

    දවසක් මම ඔයවගේ යනවෙලේක එතන ඉඳගන්නා සෙට් එකේ කෙල්ලෝ දෙන්නා ආවා මම ඉඳිදිම මෙන්න යකෝ දෙන්නම ඉඳගෙන දෙන්නෙක් යන සීට් එකේ.. මම ඉතින් පව්නෙ කියලා ටිකක් එහාට මෙහාට උනා.. ඉඳගත්තා මදිවට මාව තල්ලුත් කරනවා.. මම ගනන් නොගෙන හිටියා.. බැරිම තැන උන්ටම එපා උනා.. 'අයියෝ මල්ලි මම හිතුවෙ ඔයා නැගිටලා යයි කියලා' කියාගෙන එකෙක් හිටගත්තා බැරිමතැන..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ කොච්චි ගැන්සිනම්

      Delete
    2. අපි යන කාළේ හොඳයිනේ බොලේ එහෙනම්... පාදුක්කේ කෝච්චිත් එහෙමනම් කට්ටියක් එකතු වෙලා දෙන්න තියෙන්නේ බැස්ටිය... ඒවයේ සීට් බුක් කරන්නත් ආමරුයි නේ..

      හරි කරලා තියෙන වැඩේ තමයි දෙන්න තියෙන බැස්ටිය.. හි හි..

      Delete
    3. කෝච්චි ගැන නම් කතා කරලා වැඩක් නෑ... හොඳ වෙලාවට අපි යන එන සීග්‍රගාමී දුම් රියේ නම් ගැහැණු අය ළඟ ගැහැණු අයම වාඩිකරවන සිරිතක් තියෙනවා. ගාඩ් ලත් බොහෝමයක් ඉන්නවා.. එනිසා බයක් නෑ.

      Delete
  36. බස් වල යද්දී මට නම් කාන්තාවන්ගෙන් හිරිහැර වෙලා නැහැ. කොන්දා ගෙන තමයි වෙලා තියෙන්නේ. හැබැයි එකට ඌට නොසෑහෙන්න සැලකුවා. මදි නොකියන්න අදටත් 190 පාරේදී දැක්කොත් සල්ලිගන්නවත් ලඟට එන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒකත් නියම වැඩේනෙ.. හැම කොන්දටම සැළකුවානම් අපිට නිකන් යන්න එන්න තිබ්බා.. :)

      Delete
    2. මූ නම් මැරයෙක්ද කොහෙද... හි හි

      Delete
    3. දැක්කේ පස්සේ..

      190? අප්පිරියම බස් එකක්... ඒකේ නම් කොන්දොන්ගේ ඇටකටු කුඩු කරන්න හිතෙනවා කරන වැඩ වලට...

      Delete
  37. හිරු අක්කා ඇත්ත ලියලා තියෙන්නේ.ඔය තත්වේ එච්චරටම ලේසියෙන් නැති කරන්න අමාරුයි.ගෑණු අය කිසි දේකට බය නොවී ඉස්සරහට ඇවිත් ක්‍රියා කරනවනම් ඔය වගේ වෙලාවක හොද දෙයක්.ඒත් ගෑණු කරන්නෙත් ඒ වගේ දේවල් නොදැක්කා වගේ අහක බලා ඉන්න එක.පිරිමිත් ඒ වගේම තමා.තමන්ටත් ඒ වගේ දෙයක් වෙනකම් ඒ ගැන කතාකරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. එක් තමයි ඉෂාන් මේ කතාවෙනුත් පැහැදිලි වෙන්නේ.. එක අතකට එහෙම කරන එකත් වැරදියි.. එහෙම නොකරන එකත් වැරදියි කියලා හිතෙනවා මේවා කියෙවව්වම.... උදවු කරන්න ගිහින් ලෙඩ වැටිච්ච ඒවත් මෙතන තියෙනවානේ.....

      Delete
  38. මේක කියොපු ගමන් හිරු අක්කේ මට කියන්න දේවල් ගොඩක් ආවා..ඒත් කමෙන්ට් බලනකොට සමාන අදහස් තිබ්බ තැන් වලදි ටිකක් කියලා දැම්මා.දැන් ඉතුරු ටික..දවසක් ඉස්කෝලෙන් අවුට් වෙච්ච මුල් කාලේ අපි කොල්ලෝ හතර පස් දෙනෙක් බස් එකක ගියා.සෙනග අම්බානක හිටිය හින්දා අපි ෆුට් බෝඩ් එක කිට්ටුව කයියක් දාගෙන කට්ටිය යනකොට අපිට ඉස්සරහා ඉන්න කෙලේලෙක්ට කොල්ලෙක් එක එක ඒවා කියනවා. අමුතු විදිහට ලගටම වෙලා ඇගටම හේත්තු වෙලා ඉන්නවා. අර කෙල්ලත් බොහොම අසරණවිදිහට එහෙට මෙහෙට ඇඹරෙනවා. අපි දිහාත් බලනවා. ඇස් දෙකෙත් කඳුළු වගේ. එහෙම දෙයක් වෙද්දි අපෙත් කොල්ලෝ හතර පස්දෙනෙක් ඉද්දිත් නිකන් කට පියන් යන්න බැරි හින්දා අපේ එකෙක් පැන්න ගමන් අරෑව පැත්තකට ඇදලා තමුසෙට ලැජ්ජා නැද්ද ඕයි බස් එකේ කෙල්ලෙක්ට කරදර කරන්නේ කියලා ඇහුවා. අපේ අනිත් අයත් ඕනි දේකට ලෑස්තියෙන් එතන වට වෙලා හිටියේ. අර ගුටිකාපු එකත් ඇරියේ නෑ ඌත් කට ගහගෙන ආවා තමුසෙලට වැඩක් නෑනේ මගේ වැඩ වලට ඇගිලි ගහන් නැතුව ඉන්නවා කියලා අර තල්ලු කරපු එකාව තල්ලු කරලා ගහන්න හැදුවා. ඉවසන් ඉන්න බැරි තැන අපේ තව එකෙක් අරෑට බැනලා තෙගෙ නංගි වගේ ඉන්න කෙල්ලෙක්ට ලැජ්ජා නැද්ද ^%*%න්නයෝ තොට අම්මෙක් අප්පෙක් නැද්ද කෙල්ලන්ට කරදර කරන්නේ කියලා උගේ කනට ගැහුවා. ගැහුවා විතරයිඅර කෙල්ල කියපි මේ තමුසෙලට වෙන වැඩ නැද්ද අනුන්ගේ පවුල් ප්‍රශ්ණ වලට අත දාන්න මේ ඉන්නේ මගේ මිනිහා කියලා කියපි. අපිට ඒ වෙලාවේ හිතිච්ච දේවල් හිතාගන්න පුළුවන්ද...අහක ඉදන් මේකෙල්ලෙක්ට කරදරයක් කියලා හිතලා අත දාපුවාම ඒ කෙල්ලත් අපිට බැන්නා. ඒක හින්දා ඔය වගේ දේවලදි බොහොම පරෙස්සමෙන් තමා වැඩ කරන්නේ. ආයිත් නම් කිව්වොත් ඇරෙන්න බස් වල වෙන දේවලට ඔහොම අත දාලා අත පච්චාගන්නෑ කියලා හිතා ගත්තා. අපිටත් ලැජ්ජයිනේ.

    හැබැයි හිරු අක්කේ අක්කා කිව්ව කතාවට සම්පූර්ණයෙන් එකගයි මොකද අම්මෙක් අප්පපෙක් නැති ඕනි තරම් අවලම් බල්ලෝ බස් වල යන හින්දා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් එපා කරපු වැඩක් නේ....

      මම කෙල්ලෙක් හින්දා ඔය ව‌ෙග් දේවල් වලට මම කරන්නේ කෙල්ලත් එක්ක කතා කරන එක... එහෙම දවසක් ඇක්වයිනාස් යන්න 176 නැග්ගම එකෙක් කෙල්ලෙක්ට වද දෙනවා දැකලා මං ඒ කෙල්ලට මගේ ළඟට එන්න ඉඩ දීලා කතා කළා.. ඒ කෙල්ලට කෙන්තියේ හිටියේ.. මං ඇහුවා ගහමුද කුඩෙන් කියලා... හයියෙන් ඇහුවේ.. ඒකිත් හා අක්කේ කිව්වා... අපි දෙන්නා කුඩ දෙක අරන් බලනකොට අරෑ පේන හරියක නෑ.. හි හි...

      තව දවසක් කොල්ලෙක් කෙල්ලෙක්ට වද දෙනවා දකලාත් මං කතා කළා ඒ කෙල්ලත් එක්ක.. ඒ කොල්ලා නම් පස්සෙන් ඇවිත් කතා කරන්න දඟළනවා ඒ වෙලාවේ... . අතින් අල්ලනවා, කොණ්ඩෙන් අල්ලනවා.. ඉණ වටේට අත දානවා.. ඔක්කොම අර කෙල්ලගෙන් එක එක ඒවා අහන ගමන්... අර කෙල්ල ඇඹරෙනවා... එහෙට මෙහෙට පනිනවා... මං ඇහුවා ඔයාගේ යාලුවෙක්ද කියලා... නෑ අක්කේ.. බස් හෝල්ට් එකේ ඉඳලම මගේ පස්සෙන් ආවා කිව්වා... ඒ පාර මං ඒකිත් එක්ක කතා කරන්න පටන් ගත්තා.. ඒ කෙල්ලත් අරෑව ගනං ගන්නේ නැතුව මාත් එක්ක කතා කළා.. එතකොට අරෑට කේන්ති ගිහින් බනින්න පටං ගත්තා.. පස්සේ මං ඒකත් එක්ක කතා කරලම ෂේප් කරලා බස් එකෙන් බැස්සුවා...

      පස්සේ බලද්දි ඒ කෙල්ල ම‌ෙග යාලුවෙක්ගේ නංගි කෙනෙක්.. හි හි..

      Delete
  39. හොද කාලෝචිත ලිපියක් අක්කෙ!! ඔය බස් වල යන්න ගියාමනම් කල කිරෙනවා... හැමෝම නොවුනත් එහෙන් මෙහෙන් ඉන්න අසහනකාරයෝ නිසා කෙල්ලෙක්ට නිදහසේ බය නැතුව බස් එකක්වත් යන්න බැරි තත්වයක්නෙ තියෙන්නෙ,ඊටටහ් අසාදාරණෙට විරුද්ධව කතා කරනන් අපේ රටේ මිනිස්සු බයයිනෙ.
    කමෙන්ට්ස් වලින්ම පේනවා ඇතිවෙලා තියෙන තත්වෙ.. ලිපිය උපරිමයි!! කමෙන්ට්ස් වලින් ඒක තවත් වටිනකම වැඩිවෙලා. කියන්න ඕනෙ හැම දෙයක්ම තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වැටිලා තියෙන කමෙන්ට් නම් හරිම වටිනවා නඟා... හි හි

      Delete
  40. මම නීතිවේදියෙක් නෙවෙයි.. දෙශපාලකයෙක් නෙවෙයි... කැම්පස් ගිය කෙනෙකුත් නෙවෙයි.. මේ රටින් පිටට අඩියක් තියපු කෙනෙකුත් නෙවෙයි.. මම මේ රටේ දුප්පත් පවුලක ඉපදිලා, රජයේ පාසල් වලින් ඉගෙන ගෙන,ප්ලේන්ටිය ගහල,මාලුපාන් ගෙඩියෙන් බඩ පුරවන්, ආණ්ඩුවෙන් දෙන සලාක සීසන් එකෙන් පංති ගියපු එකෙක්..

    මාතර-කොළඹ බස් වල මං සතියට දවස් 5ක් යනව එනව.හිටගෙන. ඒ ජැක් ගහන්න තියෙන අමාරුවට නෙවෙයි වාඩි වෙන්න සීට් නැති නිසා.
    ඕවයි සීට් තියෙන්නෙ 3-2 පිළිවෙලටනේ.ඉතිං මැද තීරුවෙත් පේළි 2ක් දානව කොහොම හරි. ඔය වෙලාවට තමයි ඔෆිස් යන අයත් එන්නෙ.. යන්තම් බ්‍රේක් පාරක් ගදද්දි උන් ඇවිත් අපේ අඟේ වැදිල අපිටම ඔරවනව. 50,60 පැනපු ඇන්ටිලත් "මොකෝ මල්ලි ගානව". ඔය වෙලාවට තමයි අම්ම,මුත්ත මතක් කරල කියන්න හිතෙන්නෙ..

    මං කියන්නෑ ජැක්සන්ල නෑ කියල. ඒත් ගොඩක් ගෑණු ඒ ආකල්පෙන් හැම පිරිමිය දිහා බලන එක වැරදියි...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත යසිත්.. ඒත් තෝර බේර ගන්න අමාරුවනේ මෙතන වැඩිපුර තියෙන්නේ.. ඒකටම හරියන්න බස් කාරයොත් ගහනවනේ බ්‍රේක්...

      Delete
  41. පට්ට කෑල්ල,මරු කෑල්ල කියද්දී මෙහෙ කට්ටිය යන්නේ උඩින්, ඒවා කියනවට නම් අකමැත්තක් නෑ මන් හිතන්නේ :D
    පිරිමි ළමයින්ට අතවර වෙන්නේ කොලු කාරයන්ගෙන් තමා ගොඩක් වෙලාවට, ඒ වගේම උන් මදි නොකියන්ට කනවා

    ReplyDelete
    Replies
    1. ඔයාට නම් කියන්න තියෙන්නේ අර කාටුන් එක ටිකක් කියවලා බලන්න කියලා..ගොඩක් අයට හිත රිදෙනවා ... ඒත් ඔයා කියන ජාතියේ අයත් නැතුව නෙවෙයි... හි හි

      Delete
  42. අක්කේ මම කවදාවත් බෙලොග් එකට කොමන්ට් කළේ නෑ මෙතුවක් කල්. ඒත් අද කරනවා.
    වැඩිය දෙයක් ඔන නෑ ඊයේ මම ‍ටුවරිස්ට්ලා දෙන්නෙක්(කෙල්ලෝ දෙන්නෙක්) ගයිඩ් කළා . ගාල්ලේ ටවුමෙ ඉඳන් මංජරී එකට. කිලෝ මීටර් 2ක් විතර තියෙන්න ඇති.ඒ ටික දුරට ත්‍රීවීල් කාරයෝ හතරදෙනෙක් කුණු කතා කිව්වා. තව රස්තියාදුකාරයෝ දෙන්නෙකුත් එහෙමයි. වැඩේ තියෙන්නේ මුන් ඔව්වා කියන්නෙත් ඉංගිරිස් වලින්නේ.

    අරුන් දෙන්නා මගේ මූණ කන්න වගේ බලනවා අපෙ අහින්සක පුරවැසියොන්ගෙ වචන වලට. කතාකරලා වැඩක් නෑ මේවා ගැනනම්.


    //එතන තිබුන හෝල්ට් එකට වෙලා අපි දෙන්න ගොඩාක් වෙලා ඈඩුවා.... ඒක නම් ජීවිතේ කවදාවත් මට අමතක වෙන්නෙ නෑ... //
    මේක කියෙව්වාම නං පට්ට දුකක් දෙනුනේ.

    ReplyDelete
    Replies
    1. ත්‍රීවීල්කාරයෝ නං පුදුමාකාර වසංගතයක් දර්ශන.. මේ අලි පැටියා වගේ ඉන්න මං පාරේ එහා පැත්තේ කඩේට යන්න පාරට බැස්ස වෙලාවක, ඒ විනාඩි ගානට එකෙක් කුණූ කතා කිය කිය මගේ ඇඟට කපපු වෙලාවේ මං කාණුවෙන් එහාට පැනලා බේරුනේ... ඌට නම් ගහන්න තරම් කෙන්ති ගියා... ඒත් දන්නෙ නැති පැත්තක් නිසා සද්ද නැතුව ආවා.. කෙල්ලන්ට කොහොම කරදරයක් ඇද්ද කියලා තේරුනේ ඒ වෙලාවේ තමා මට...

      Delete
  43. හිරු , ඔයාගෙ කෙලින් කතාවට මම හරිම කැමතියි. මම මගෙ පුතාලා ආනන්දෙට ගෙනියත්දි කවදාවත් කොට ඇඳුම් ඇඳල ගියෙ නෑ. කොහොමත් අදටත් මම ඒව අඳින්නෙ නෑ. මාත් සමඟ මගෙ යෙහෙලියක් හිටියා. ඈ හැමදාම අඳින්නෙ පස්සෙන් පලාපු ඇඳුම්. කිහිප වතාවක් පන්තියේ ගුරුවරිය කීවත් මේ පාසැල පිරිමි දරුවන් ඉන්න පාසැලක් කියා ඇය ඇහුවේ නෑ. පුදුමෙ ඇයගේ මහත්තයා එහිම ඉගැන්වූවා. දිනක් අපි දෙන්නා එකට යත්දි මම සාරි ඇඳල හිටියෙ. ලමයෙක් එක පාරටම " ඇන්ටි , ඇන්ටි ඔන්න ටොයිලට් එකේ දොර ඇරිල" කිව්ව. වස ලජ්ජාවයි . මටත් කරකියා ගන්න දෙයක් නැති උනා. ඔන්න අපි තැන නොතැන බලා ඇන්දහම වෙන දේ.
    පිරිමි දරුවො හොඳට මතක තියාගන්න ඕනෙ, එයාලත් අම්මා කෙනෙක් ගෙන් බිහි වූ බව. ඒ දේ දැනගත්තාම කවදාවත් ගැහැණියකට අවකැපෙන කතා කියන්නෙ නෑ. බස් වල හිංසන නම් කතාකරල වැඩක් නෑ. කලෝචිත ලිපියක්.

    ReplyDelete
    Replies
    1. අම්මලගේ අතේ තමයි ගොඩක් දේවල් තියෙන්නේ චන්දි...ඊළඟ පෝස්ට් එකේ ඒ ටික එනවා...

      Delete
  44. ඇත්තම කිව්වොත් පෝස්ට් එක නම් කියවන්න බැරි වුණා හිරු. ටිකක් විතර කාර්‍යබහුල දවස් කිහිපයක්. මම මේ පැත්තට ආවේ මට මතක නෑ හරියටම උඹට සුභ පැතුවද කියලා අළුත් වසරට ..සුබ නව වසරක් උඹ ට වගේම .. හි.. හි.. හි අපේ මහත්තයාටත්...

    ReplyDelete
    Replies
    1. හොරා... හි හි..

      සුබ නව වසරක් වේවා ඔයාටත්...හි හි

      Delete
  45. ඇත්තටම සාර්ථක කියමන් ටිකක්....
    ඒත් පවතින තත්වය තුල ලංකාවෙ ඔවැනි දේවල් practically නොවිය හැකි බවයි මගේ හැගීම..
    එසේ නොමැති වුවද සුදුසු දිනක සමාජය නැවතත් සදාචාරයට ගරු කරන දිනයක් එයි ළගදීම...

    ReplyDelete
    Replies
    1. මොකද්ද සුදා practical නැත්තේ.. මං හිතුවේ මේ තියෙන්නේ කරන්න පුලුවන් අඩුම දේවල් ටිකක් කියාල...

      Delete
  46. ජැක් ගසා නැති නිසා ඒකේ තියන "ගතිය" නම් කියන්න දන්නේ නෑ. හැබැයි ඔය කියනා ජැක්සන්ලා දුසිම් ගානකට අල්ලගෙන තලලා ඇති, ආයේ ජැක් නොගහන්නම. ඒ අත්දැකීම් නිසා මම මෙහෙම කියන්නම්........! ඇත්තටම කාන්තාවන්ට හිරිහැර කරන්න හා ඒ මගින් විනෝදයක් ලබන්න පුරුදු වුන පිරිස් ඉන්නවා.මේකට තරුණ හා මැදිවිය කියලා භේදයක් නෑ. සමහර තරුණයෝ "බඩු බහින්න" කියලත් වෙන්කරගෙන තියෙන්නේ ක්ලාස් ඇරෙන වෙලාව. එහෙම නැත්නම් "ඔපිස් ටයිම්". තවත් අය "පොඩි ෂොට්" එකක් දාගත්තම නගින්නේ බස්වලට, ඒ "පොඩි ආතල්" එකක් ගන්න. මම එහෙම කියන්නේ හොඳටම ගුටි කෑවට පස්සේ ඒ අයම කරන පාපොච්චාරන ඇති තරම් අහලා තියෙන නිසා. අපේ ප්‍රදේශවල නම් බහුතරයක් මිනිස්සු මෙහෙම වෙලාවලදි හිංසාවට ලක්වෙන කෙනා වෙනුවෙන් කතාකරන්න ඉදිරිපත් වෙනවා. සරාලා වගේ සුලු පිරිසක් "මළ මූත්තර" පිටවෙන්නම අල්ලගෙන නෙලනවා. ඒකට එකම හේතුව අපට සහෝදරියෝ ඉන්න එක. මොකද මන්දා එහෙම වෙලාවට උන්හිටිතැන් අමතක වෙන ලෙඩක් තියෙනවා මටත්. හැබැයි ඕකෙම තව පැත්තකුත් තියෙනවා. ඒ තමයි තමන් ගැන අධි තක්සේරුවෙන් කාන්තාවන් ගැහැණු ළමයින් බොරු චෝදනා කරන වෙලාවලුත් තියෙනවා. තමන්ට කරන්න බැරි දේ තව කෙනෙක් ලවා හරි කරවන්නත් සමහරු උත්සාහ කරන අවස්ථා තියෙනවා. අපි වගේ සමහර යමපල්ලන්ට අහු උනාම උන්ට ඇත්ත කියවෙන්නෙත් පමා වෙලා. කොහොම උනත් නොසන්ඩාල කෙල්ලොත් ඉන්න බව කියන්න වෙනවා. මම දවසක් අවිස්සාවේල්ල මහරගම බස් එකක ඉඳගෙන ඉද්දි ශ්‍රී සුමණේ අලුත් කෙල්ලෝ වගයක් මාවත් බයිට් එකට ගන්න හැදුවා. එදා මම උන්ට කියන්න හදනකොටම අපිව දන්න කාන්තාවක් උන්කට්ටියට කියලා දුන්නා අපි කවුද මේ ටවුම කොහොමද කියන එක. ඒ ඇය දන්න නිසා මම කතා කරානම් කෙල්ලන්ට වෙනදේ. තව දවසක කොල්ලුපිටියෙදි කුක්කු පේන්න ටීෂර්ට් එකක් ඇඳන් ආව ඇන්ටි කෙනෙක් අපි හිටපු ආසන්නයේ රඟන්න ගෙහුන් අම්බානක බැනුම් ඇහුවා මගෙන්. සුදු කළු අතර දෝලනය වෙන සරා නම් කොතන උනත් හරි වැරදි ගැන කතා කරනවා. එහෙම කරන අය සිටිනවානම් වැරදි කරන අය උනත් දෙපාරක් හිතනවා. උදා: මම කඩේ කරපු තැන ස්කීම් එකෙත් ඔහොම චරිත හිටියා. මම වගේ කීප දෙනෙක්ම ඒ අයට අනතුරු අඟවලා තිබුනේ අපි ඉන්න තැනකදි ජැක් ගහලා කේස් එකක් වැ‍ටුනොත් අහල පහල කියලා බලන් නැතුව මුලින්ම ගහන්නේ අපි කියලා.මෙහෙම වැඩ කරන්නේ දාමරිකයෝ, එහෙම නැත්නම් උන් එක්ක රන්ඩු වෙන්න ගියොත් අපිට ආයේ පාරේ යන්න නැතිවෙයි ඔන්න ඔය වගේ දේවල් හිතලා කරබා ගන්න මිනිස්සු නිසා තමයි මේකලා බය නැතිව අහිංසයන්ට කරදර කරන්නේ. තමන් ඉදිරියේ යම් අකටයුත්තක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න මිනිස්සු පුරුදු වෙන්න ඕන. ඒකට කියන්නේ නීතිය අතට ගන්නවා කියලා නෙමේ කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙනවා කියන එක. මටත් හිටියා නංගියෙක්, ඒත් කවදාවත් එයාට නොමනා විහිළුවක් කරපු කෙනෙක් ගැන මම අහලාවත් නෑ. මගේඅදහස නම් වැරදි කරන කෙනාට වැඩිය වැරදි වරද පෙනි පෙනිත් නිහඬව ඉන්න කෙනායි. නිවටයන්සේ ජීවත් වන වසර ගානට වඩා මිනිසෙක් මෙන් ජීවත් වෙන දවස අගනේය. ඒ අතින් වීයා සුපිරි පොරකි. උඹට මගේ ආචාරය යාළුවා....

    ReplyDelete
    Replies
    1. ඈ සරා අයියේ... පාදුක්කේ..?

      එහෙ ඉන්න ජැක්සන්ලා උපරිම දාමරිකයෝ තමයි සමහර වෙලාවට.. ඒකයි අර මට වෙච්ච වැඩේ වෙලාවෙදිත් බස් කාරයා කට පියාගෙන හිටියේ.... ඒකයි මම පොලිසියේ එන්ට්‍රියකුත් දැම්මේ..

      කීයෙන් කී දෙනාද ඒ ව‌ෙග් වෙලාවක කට අරින්නේ.. සරා අයියලා, වීලා වගේ අය තාමත් ඉන්නවා කියල දැනගත්න ලැබිච්ච එකත් සතුටක්...

      Delete
  47. නියමම ලිපියක් හිරු.මේකෙනම් මට කිසි අවුලක් පේන්නෙ නෑ.ඔයා දෙපැත්තන බැලන්ස් කරලා ලියලානෙ.

    බස් ජැක් ගැන නම් අහන්න දෙයක් නෑ.තව බස් කතාත් ගොඩයි.ආයෙ ඇවිත් ලියලා යන්නම්කො.

    ReplyDelete
    Replies
    1. හි හි.. බස් ජැක් කතා ඔය එමට තියෙන්නේ ... හි හි

      Delete
  48. එන්න පරාක්කු උනා හිරු.තරහා වෙන්න එපා.මේ දවස් වල වැදගත් රාජකාරියක ඉන්නේ.
    පසුතැවීමට වඩා පරිස්සම හොඳයි... Better be safe than being sorry ..... වැදගත් වචන ටිකකින් හිරු කථාව ආරම්භ කිරීම ගැන මම බෙහෙවින් අගය කරමි.ගැහැණු ඇඟකට අතක් තම කැමැත්තෙන් තියෙන අවස්ථාවක කාන්තාවක් පරිස්සම් විය යුතුය.පසුතැවිමට කලින් මොහොතක් හිතන්න යමක් හිරු පෙන්වා දි ඇත.හිරු ඔයා හැම තිස්සේ ම වෙනස් පැති කඩන් ඔස්සේ ඔයාගේ මෙහෙවර කරන්නේ.කවුරුත් නොදකින පැත්තකින් ඔබ යම් කරුණු කිහිපයක් සමාජයට පෙන්වන්න උත්සහා කරලා.එක සර්ථකයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව්.... මේක තාම ඉවර නෑ... හි හි

      Delete
  49. ඔන්න හිරුවා මරු පොස්ට් එකක් දාලා තියෙන්නේ. අද කාලේ කෙල්ලන්ට කියලා දෙන්න ඕනිම කතන්දරයක්. අපේ කෙල්ලන්ට කෙළවෙන ලොකුම පොයින්ට් එක තමා ෆෝන් එක. ගිය සතියේ මං දුර සේවා බස් එකක හිටගෙන ආවා. අලුතින් A/L කරන කෙල්ලෝ හෙන සෙට් එකක් නැග්ගා. උන්ට ගානක්වත් නෑ. ඉන්නේ අපේ කරේ. අපිට හොඳට හේත්තුව දාගෙන ෆෝන් එක කනේ ගහගෙන. පොඩ්ඩක්වත් හිතන්නෑ වට පිටාව ගැන.

    මං ගොඩක් වෙලාවට දැකලා තියෙන දෙයක් තමයි නාඳුනන අයත් එක්ක කතාවේදී ඔක්කොම කියන එක. විශේෂයෙන් දුර යන බස්වල තමයි. ගෙදරට යන පාරයි, වැඩ කරන තැනයි, ෆෝන් නම්බර් එකයි ඔක්කොම කියන කෙල්ලෝ මං ඕනි තරම් දැකලා තියෙනවා.

    ඔෆිස් යන ඇන්ටිලාගේ ජැක් ගැහිල්ලත් එහෙම්මම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔයා මට අමතක වෙච්ච දෙයක් කිව්වේ අකම්...

      ඔය ෆොන් එකේ වැරැද්ද මාත් කළා ඉස්සර.. ආයිත් මොකටද බොරු කියන්නේ.. යන තැනක ෆොන් එක කනේ ගහගෙන තමයි.. එකක් අර වගේ අයගෙන් බේරෙන්නත් චාන්ස් එකක් හම්බුවෙලා තියෙනවා ඒකෙන්.. කතා කර කර ඉන්න එකාට කියනවා අරෑට ඇහෙන්නම.. මෙහෙම එකෙක් ඉන්නවා . මං ඊළඟ පාර නම් ගහනවා කුඩෙන් .. කියලා... හි හි... අනිත් වෙලාවට නම් කොල්ලෝ අනම් මනම් කියනවා ඉතිං.. අපේ මල්ලිගේ යාලුවෝ කියන්නේ උඹලෑ අක්කා පාරට බැස්සොත් ෆොන් එක කනේ ගහගෙන කියලා.. හි හි බස් එකේදිත් කතා කරලා තියෙනවා.. පස්සේ තමයි තේරුනේ ඒක හොද නෑ කියලා....

      Delete
  50. සියලුම සශා පිරිස නව වසර ආරම්බකර තියෙන්නේ සංවාදශීලී මාතෘකාවලින්. විය යුත්තේද එයයි.සමාජය හොඳ තැනකට ගේන්න නම් හොද සංවාදයක් ඇතිකල යුතුයි. මේ දේ දැන් සිදුවෙමින් පවතිනවා.

    මේ වගේ කරුණක් ස්ත්‍රී පුරුෂ දෙගොල්ලටම සමබර වෙන්න ලියල තියෙන වැදගත් සහ නැවත නැවතත් සිතිය යුතු කරුනු ටිකක්. එයින් කාටවත් කාටවත් ඇඟිල්ලක් දිගු කරන්න බෑ. අපේ අතින් වැරදි සිදුවෙනවා නම් අවම කරගත යුතු එකයි කල යුත්තේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. අනුන් දිහාම බලං ඉන්‌ෙන් නැතුව තමන් ටිකක් පරිස්සම් වෙන්න උත්සාහ කරන එක හොඳයි දෙගොල්ලන්ටම....

      Delete
  51. සෑහෙන්න කාලෝචිත ලිපියක්... හිරු අක්කගෙ පෝස්ට් කියවල තිබුණට කමෙන්ට් එකක් දාන පළවෙනි වතාව වෙන්න ඕන. බුකියෙත් ලින්කුව දැම්ම කට්ටියට බලා ගන්න කියල. මේකෙ කමෙන්ට් වලින් මතුවෙලා තිබුණ අතුරු කතා කියවල සංසාරෙ එපා උනා.

    මේ කාලකන්ණි යක්කු නිසා හොඳ මිනිහෙක් අතින් බැරිවෙලා සිද්දවෙන වරදකටත් මිනිස්සු බලන්නෙ අන්තිම නරක මිනිහෙක් දිහා බලන එක. කරන්න දෙයක් නෑ දැන් සමාජය අන්තිම ජරා කුණු ගොඩක් වෙලා තියෙන්නෙ. කිසිම කෙනෙක් මේවට විරුද්ධව කතා කරන්නෙත් නෑ. හිරිහැරයට ලක්වෙන අය බයට කියන්නෙත් නෑ මේවගේ තැනක කිව්වොත් ඇරෙන්න. බස්වල යන අයත් බයයි තමන්ට කරදරයක් වෙයි කියල. මොකද ගොඩක් අයට වෙලාව ප්‍රශ්නයක්. ඉක්මනට කන්තෝරුවට යන්න. ගෙදර යන්න ආදී වයෙන්. ඒ නිසා මේවට විරුද්ධව කතා කරන්න ගිහින් වෙලාව නාස්ති කරගන්න කැමති නෑ. ඒ වගේම ගුටි කන්න උනොත් වගේ සිතුවිලි එන එක ස්වභාවිකයි.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ටික දඩං බඩං ගාලා ඩිලිට් උනානේ.. හි හි

      ඔයා කියන එක ඇත්ත.. ගොඩක් අය එහෙමත් හිතනවා තමා...

      Delete
  52. පොඩි අවුලක් ගියා කමෙන්ට් කරද්දි. මගේ කමෙන්ට් දෙක ඩිලීට් කරන්න හිරුවෝ... මේකෙ comments delete කරන්න option එක නැත්තෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. හැබෑට කෝ ඒක අප්පා.. ඔයා කිව්වම තමයි දැක්කේ.. හි හි

      Delete
  53. හැබැයි ඉතිං කැමැත්තෙන් ම පොල් ඉල්ලගන්න අයත් නැතුවම නෙවෙයි නේ... :D

    ReplyDelete
  54. හිරුගේ බ්ලොග් එකට අදම තමයි ආවේ. මගේ මතය කමෙන්ට් කරන්න කළින් අතරමැද තිබුණ කමෙන්ට් දෙකකට රිප්ලයි කලා. ඒ නිසා ලොකු දෙයක් කියන්න නැහැ. කාලෝචිත මාතෘකාවක්.ඔය කොණ්ඩේ කතාව නම් හැම ගැහැණු ළමයෙක්ම අවධානයට ගන්නවා නම් හොඳයි. මම නම් පාරේ යද්දි බස් එකක යාම අනිවාර්ය නම් ඒ ගමනට කොණ්ඩේ ගොතා ගෙනයි යන්නේ.

    නාලා-පිට දිගට වතුර බේරි බේරි, කොණ්ඩේ කඩා දාගෙන යන ගෑණු මට පෙන්නන්න බෑ.

    වැරදිලා හරි නාපු ගමන් ගමනක් යන්න වුණොත් බුරුලට බුරුලට කොණ්ඩේ ගොතා ගන්නවා. ( තදට ගෙතුවොත් හිසරදේ එන නිසා). හැබැයි ඔය කතාව අදාළ වෙන්නේ ලංකාවට විතරයි. දැන් නම් මමත් නාලා කොණ්ඩේ තෙත පිටින් යනවා. හැබැයි කොණ්ඩේ සම්පූර්ණයෙන් කඩා දාලා යන්නේ නම් නැහැ.ටිකක් අල්ලලා චූටි කටුවක් ගහ ගෙන යන්නේ.

    ReplyDelete
    Replies
    1. මාත් බස් එකේ යනවනම් කොන්ඩේ ගැන හිතනවා හරියට... මෙකද මම වෙන කෙනෙක්ට කරදරයක් වෙන්න හොඳ නෑ කියලා හිතන නිසා...

      Delete
  55. හිරු හරිම ජනප්‍රිය ලියුමක් ලියලා.
    එක මිනිහෙක් සපත්තු ගන්න කඩෙකට ගියාලු. සපත්තු ඔක්කොම හිර හින්දා මොකද කරන්නේ කියලා ඇහුවාම කඩ කාරයා කිවුවාලු එක ඇඟිල්ලක් කැපුවානම් මෙ සපත්තු ජෝඩුව දාන්නපුලුවන් කියලා. (මන:කල්පිත කතාවක්)
    අපි පුංචිකාලෙ තිබුනා මිනි ගවුම.. ඒක කොච්චර කොට උනාද කිවුවොත් ඒකාලෙ අක්කලා ගත්තු ෆොටොවල එයාල පෙනිනෙ හරියට වෙලේ බැහල මාලු අල්ලන්න බලන් ඉන්න කොක්කු වගෙයි.. ඕකට සිංදුවකුත් කිවුවා ඇන්ටන් ජෝන්ස්.. විහිලු තහලු ගොඩයි..හැබැයි මේ කාලෙ වගේ ඒ ඇඳුම හින්දා කෙල්ලෝ අඩන්තෙට්ටම් වින්දා කියල මතක නෑ. ඒ කාලෙ මාමලාගෙන් සීයලාගෙන් පොඩි කොල්ලන්ට කෙල්ලන්ට නම් බස්වල කරදර තිබ්බා. ඉඳහිට ජැක් කතාත් තිබ්බ. හැබැයි මේ වගේ අනන්ත අප්‍රමාන වෙලා තිබුනේ නැහැ.
    අද තත්වෙ වෙනස්. වරද කරන කෙනා අතේ බලෙත් තියෙන වරදකල කෙනාට හැමෝම බය සමාජයක අපි අද ජීවත් වෙන්නේ. ඒ හින්දා හිරු කියන දේ හරි. ගෑනු කවදත් හැඩට අඳින්න ආසයි.. හැඩට අඳිනකොට ටිකක් සමහර තැන් විවෘත වෙන්න අඳින එක ඉතින් සීගිරි චිත්‍රවලින් පෙනෙන හැටියට රජ කාලෙත් තිබුනානෙ..එක්තරා පමනකට එහෙම ඇඳීමේ නිදහස ගෑනියකුට තිබිය යුතුයි මගෙ අදහසේ හැටියට. ඒත් ඉතින් අද වෙලා තියෙන්නෙ සපත්තුවට හරියන්න කකුල කපාගන්න තමයි.. කුඩු ගහලා වැල බලලා හැම මාධ්‍යයකින්ම ගැහණියගෙ නිරුවත උලුප්පලා පෙන්නන හැටි උදේ හවා නරඹලා මද මතින් යන මිනිස්සු බහුල අද කාලේ ඉතින් තමුන්ගේ ආරක්ශාව තමුන්ම සලස්ස ගන්න අර වගේ පියවර ගන්න එක හොඳයි.. හැබැයි මනුස්සයෙක් හොයා ගන්නකොටත් තමුන්ගේ ගෑනීව ‍රැකගන්න හිතේ හයිය ඇති කොන්ද පණතියෙන මිනිහෙකුත් බැඳ ගන්න එක හොඳයි.. හැම කාන්තාවකටම කරාටේ වැනි සටන් කලාවක් ඉගැන්වීමත් අවශ්යයි අද ...

    ReplyDelete
    Replies
    1. සරත් අයියා කියන කතාව හරි... සපත්තු අවශ්‍ය උනාම කපන්න කෙසේ වෙතත්, ඇඟිලි නවලා හරි දාන්න වෙනවා.. එතකොට අපහසුවෙන් හරි වැඩේ කෙරෙනවා.. මේකත් එහෙම අවස්ථාවක් තමයි... නැත්තම් කියතෑකි සපත්තු මොකටද සෙරප්පු තියෙන්නේ කියලා... ( ගෝනි බිල්ලෝ ගැන මං කිව්වේ)

      කරාටේ ඕනේ ගහගන්න විතරක් නෙවෙයි... බය නැතුව සමාජෙට මූණ දෙන්න ශක්තිමත් වෙන්න ඕනේ අයියේ.. ගොඩක් ගෑණු ළමයි අදටත් බය උනාම ගොලු වෙනවා... මේක හරියන්නේ නෑ.. බය උනාට කමක් නෑ, ඒ බය යටපත් කරගෙන අවශ්‍ය දේ කරන්න උගන්නන්න ඕනේ...

      Delete
  56. බොහොමත්ම වැදගත් කතිකාවතක් හිරු...ගොඩක් කරුනු අපේ හිතවත්තු අවධාරණය කර ඇති සෙයකි. මං වෙනස්ම පැත්තක් කියන්නම්. අපි දැන් ලෝකයේ මතය තවත් තහවුරැ කරමින් ලිංගිකත්වය සොයා යැමට අප සැමගේ ඇති කැමැත්තද තහවුරැ කරමින් අන් රටවල් පරයා ඒ කෙරෙහි උනන්දුව ඇති ජාතිය බවටත් පත් වී හමාරයි. විකිපීඩියා එකේ වැල බලන්න පුලුවන්නම් අපේ උන් එකත් කොරයි හැබැයි. නමුත් වෙලාවට ඒ අවමානෙන් එකපාරටම වගේ ටිකක් හරි මිදුනේ අර ඉන්දියවේ අහිංසක සිසුවියක් දූෂණය කරලා මර දමපු නිසා ඒ පැත්තට අවධානය යොමු වීමෙන්. නමුත් රත්මලාන ප්‍රදේශයේ නිවසකදී තම බිරිය හා දරු දෙදෙනා ඝාතනය කළ සිද්ධි, වේදිකා නිළියක හතරදෙනෙකු අතින් දූෂණයට ලක්වීමේ අවාසනාවන්ත සිද්ධිය වගේ දේවල් ලංකාව සම්බන්ධයෙන් තවත් අර කියපු මතය සනාථ කරා. අපි ඉන්දියවෙන් ම ආදර්ශය ගනිමු. මට තෙරෙන විදිහට මෙහෙම කියන්නම්. පසුගිය වසර 10 තුළ හිංදි සිනමාවේ සිදුවූ වෙනස අධ්‍යයනය කලානම් බහුතරය සිනමා ලෝලී රසිකයන්ගේ මානසික අනුවර්තනය ගැන අදහසක් ගන්නත් පුල්වන්. ගනිකා වෘතිය සඳහා මාවත් වෙන්කොට ඇති රටක මෙවැන්නක් සිදුවිය හැකිදැයි මෙරට ගනිකා වෘත්තිය නීතිගත කරන්නට දතකන උන්ගෙන් මට ඇසීමට වුවමනාය. ඕනෑම පෙරදිග රටක සංස්කෘතිය බලෙන් බටහිරකරනයට ලක්කිරීමට යද්දී මෙවන් කතා ඇසීමට සිදුවීම අරුමයක් නොවෙයි.ලංකාවෙ මිනිස්සුන්ට මේ සෙක්ස් කියන දේ අරුමයක් වෙලා තියෙන නිසා නෙවෙද කෙල්ලෙක්ට නිදහසේ පාරේ බැහැලා යන්නවත් බැරි.මේ දේවල් අපි වගේ උන්ගෙන් නෙමෙයි අඩු ගානේ දැන් හැදෙන උපදින පුංචි උන්ගේ මනස තුලින්මයි හදන්න පටන් ගන්න ඕන. මම කියපු දේවල් කතාවට අනුකූල නෙවේ නම් අයින් කරන්න. නදිනි කිවා නේද අර ආමි කාරයෙක් ගෙන් මේ වගේ දේකට මුහුන පැව කියලා. ඔයාට පුලුවන් කම තිබුනනම් උගේ විස්තරයක් මොකක් හරි හොයාගෙන පොලිස් නිලධාරියෙකුට වත් කියන්න උන්ට ඇතුලෙදි ඕවට කිසිම සමාවක් නෑ. පොඩි පැමිනිල්ලක් වත් වැටුන නම් ආයේ කවදාකවත් ඔය වගේ හැසිරෙන්න කලින් ඌ හිතල බලාවි. නමුත් හැම ආමිකාරයම එහෙම නෙමෙයි. අතලොස්සක් කෙසේ වෙතත් සැලකියි යුතු පිරිසක් ආමි කාරයෝ ඔයා කිව වගේ තමයි. ඒත් හිත හොඳ උගත් පිරිසකුත් ඒ අතරේ ඉන්නවා. ඒකත් කියවපු මටත් ලැජ්ජා හිතෙනවා ආමිකාරයෙක් විම ගැන.ඒ වගේ අසහනකාරයෝ නුගත් විදිහට තමන්ගේ හැඟිම් එලි පෙහෙලි කරගන්න යාමෙන් සිද්ධවෙන්නේ සමස්ථ ආරක්ෂක අංශ පිලිබඳවම මිනිස්සුන්ගේ හිතේ පිලිකුල් හැඟිම් ඇත්වෙන එකයි. ඇත්තටම මම වුනත් ලැජ්ජා වෙනවා එලියට ගියාම ආමි එකේ ඉන්නේ කියන්නත්. මොකද මිනිස්සුන්ගේ හිතේ දැන් අපි ගැන තියෙන්නේ යහපත් ආකල්පයක් නෙමෙයි පහුගිය දවස්වල සිදු වුනු දේවල් දිහා බලපුවාම...මොනව උනත් හොඳ ලිපියක්. ඇයි කවුරු තවුරුත් හිතන් නැත්තේ මේ මගේ නංගි කෙනෙක්, අක්කා කෙනෙක්, මල්ලි කෙනෙක්, අයියා කෙනෙක් කියලා. බොරැවට සාරධර්ම කියන වීදුරැ ගෙවල් ඇතුලේ ඉඳන් කෑ ගහනවා , පොඩි ගල් කැටේකින් වුනත් බිඳෙන බව නොදැන. මම නම් ඔය කියන ජැක් පැක්වලට ලක් වෙලා නැහැ. අපි ඉතින් අවුට් ඩයල් නෙව. බස් එකේ සිට් එක දෙන්න ගිහින් නම් මම කොච්චරවත් අර කියපු විදිහේ හිත් රිදීම් වලට ලක්වෙලා තියෙනවා. ඒ වුනත් දැන් වුනත් මම තාමත් බස්එකේදි සිට් එක ලැපිය යුත්තෙක් ඉන්නව නම් දෙනවා එසැනින් හිතේ අමනාපයක් නැතුවම. නැත්නම් ගෙදර යන පැය තුනේදි පැය දෙකක් විතර වාඩි වෙලා ගිහින් ඉතුරැ පැය නැගිටලා තවත් කාට හරි සිට් එක දෙනවා වාඩි වෙන්න. මොකද හිටගෙන යාමේ අමාරැකම මං හොඳටම දන්නවා. ඒත් මට නම් හිටගෙන යද්දි මෙතුවක් කාලෙකට සිට් එකක් කවුරැවත් නම් දිලා නැහැ..මටත් ඉන්නවනේ නංගි කෙනෙක් .මම මේ වගේ දෙවල් ඉවසන් නැ කොයිම හෝ වෙලාවකවත්. දැක්කොත් නම් අහක බලාගන්නෙත් නැ. නෙලනව මයි ඌට ආයේ පැත්තවත් බලන්න බැරිවෙන්න. හොඳින් කියන දෙයක් ඒ වගේ උන්ගේ හිත්වලට අහන් නැ කියන එක මම අත්දැකිමෙන් දන්න දෙයක්. හොඳම භාෂාව තමයි රිදෙන්න දෙකක් ඇනීම. වීයාට මගේ ගරුත්වය.

    ReplyDelete
    Replies
    1. //ලංකාවෙ මිනිස්සුන්ට මේ සෙක්ස් කියන දේ අරුමයක් වෙලා තියෙන නිසා නෙවෙද කෙල්ලෙක්ට නිදහසේ පාරේ බැහැලා යන්නවත් බැරි.//
      අනිවාර්යයෙන්ම රතී.. මේවා ගැන කලින්ම දැනුවත් කළානම් මේ තත්වෙට වැටෙන්න කලින් හදාගන්න තිබ්බා...

      ආමි එකේ අය ගැන ම‌ෙග් හිතේ නම් ලොකු ගෞරවයක් තාම තියෙනවා... මොකද ඉස්සර පනාගොඩ කෑම්ප් එක හරියෙන් යද්දි ඒ කොල්ලන්ව දැක්කම මේ අපේ අයියලා මල්ලිලා කියන හැඟීම තමයි ආවේ... කෑම්ප් එකේ ස්විමින් වලට ගිය වෙලාවලදි උනත් ඒ කොල්ලෝ කිසි තැනක නරක හැසිරීමක් පෙන්නුවේ නෑ.. ( මම මල්ලිව එක්කගෙන ගියා...) ඒ අතින් කෑම්ප් එක ඇතුලේ පාරට වැඩිය ආරක්ෂාවක්, ගෞරවයක් තිබ්බා කෙල්ලන්ට... ඒත් දැං නං තත්වය ටිකක් අවුල් වගේ කියලා පේනවා.... ඒත් ආමි එකේ අයට මම අදටත් ගෞරවයෙන් සලකනවා.. ආමි කාරයා කියලා කියන්නවත් මං නං කැමති නෑ... කුඩුකාරයෝ ගානට දාන්න වටින කෙනෙක් නෙවෙයි.. කීපදෙනෙක් වැරදි කළාට....

      Delete
  57. එදා ඒ කොල්ලයි කිව්ව ආමි එකේ කියල, ඈත්තද බොරුද දන්නේ නෑ...සමහරවිට මාව බය කරන්න කිව්ව වෙන්නත් පුලුවන්... මොකද එක එකාට කෝල් කරනව වගේ තමයි පෙන්නුවෙ මාව බය කරන්න... අනික පුදුමෙ කියන්නෙ මට ඒ මිනිහ මට කියපු ජරා වචන වලට වඩා මට දුකයි අප්පිරියවයි දෑනෙන්නේ මාව අතගෑව කියල හිතෙද්දි... අනික සේරම ආමි එකේ අය එහෙම නෑ කියල මම දන්නව...

    ReplyDelete
  58. වටිනා ලිපියක්

    ReplyDelete