Friday, January 18, 2013

කවුද දන්නේ මේක මෙහෙම එකක් කියලා.... පාරමී දම් 7 කොටස

අගක් මුලක් හිතාගන්න බැරි නම් ඔන්න පහුගිය ටික... 



වෙනදා වගේම උදේම නැගිටලා, කම්මැලිකමේ වැනි වැනි ගිහින් බාත් රෑම් එකට රිංග ගත්තට අද මගේ ඇඟට හරි නෑ.. මොකද මන්දා... බඩත් අප්සට්... අම්මට කිව්වොත් ඉතිං ඔය අද ටෙස්ට් එකක් තියෙන හින්දා නේද කියලා අහන නිසා ඕවා අම්මට කියලා වැඩක් නෑ... කොහොමත් අඳෙන් නැගිටගන්න බැරි තරම් ලෙඩක් නැත්තම් අපේ අම්මත් එක්ක ඉස්කෝල කට් කිරිල්ල නම් බොරු..

මං එහෙම්ම ෂවර් එක යට හිට ගත්තේ එත‌ෙකාටවත් ඇඟට පණ එයිනේ කියලා.. සී...තලයි අප්පා....... මං ගැහි ගැහීම සබන් ගාගත්තා.. ඇදුම් ටිකත් එකපාරටම හෝදලා දාන එක ලේසියි.... 

මේ මොනාද..... මාව තවත් සීතල වෙලා ගියා....රැක් එකේ මොනා හරි තිබිලා ඇඳුම් වල ගෑවිලද... 

අම්මේ...... එන්න‌කෝ චුට්ටක්....

මං බාත් රෑම් එකේ ඉඳලම කෑ ගැහුවා.... අම්මා ඇවිත් දොරට තට්ටු කරනකම් මං හිටියේ ගල් වෙලා වගේ... 

මොකද මේ...කෑ ගැහුවේ මොකෝ...

අම්මා මාව දැකලා බයවෙන්න ඇති.. 

මේ මොනාද ගෑවිලා තියෙන්නේ...

මං අම්මට ඇඳුම් ටික දික් කළා.. 

ඇඳුම් ටික දැක්කම අම්මට හිනා ගියා... මේකේ මොනාද හිනාවෙන්න තියෙන්නේ.... මට තාමත් බයයි...

හ්ම්... මොකද මේ... ලොකු ගෑණූ ළමයෙක් මෙහෙමද ඉන්නේ..

එතකොටයි මට මතක් උනේ... හදිසියට මං හිටියේ නියම පොඩි එකා විදියට....අම්මා හිනාවෙවී මගේ ලොකු තුවාය ඇන්දුවා... 

මොකද අම්මේ.... ඒ මොනාද...

මං කියන්න හදපු දේ ඉවර කරන්න දුන්නේ නෑ අම්මා.. 

කෑ නොගහා ඇතුලට වෙලා ඉන්නවා.. මං ඉක්මණට එන්නම්...

අම්මා මගේ නළල සිප ගන්න ගමන් කිව්වා... මේ මොන මල කෝළමක්ද..මට තාම මීටර් නෑ මොනවද මේ වෙන්නේ කියලා... 

ටික වෙලාවකින් අම්මා ආපහු ආවේ ලොකු සුදු රෙද්දක් අරං.. ඒක මගේ ඔලුවේ ඉඳන් දානකොට මට කේන්ති ගියා.. මොන කෙහෙල්මලක්ද මේ... 

මොකද අම්මේ...

කෑ ගහන්නේ නැතුව ඉන්න..මං ඔයාට පස්සේ කියන්නම්....

අම්මා ඉන්නේ පුදුම සතුටකින්... ඒත් මට නං තාම තේරුනේ නෑ මොකද මේ වෙන්නේ කියලා... අම්මා මාව කාමරේට එක්කන් යනකොට අයියා එහා පැත්තේ ඉඳන් හිනාවෙනවා මට ඇහුනා.. මං ඒ පැත්ත බලද්දි අම්මා මගේ ඔලුව පහලට හැරෙව්වා... 

කාමරේට ආවට පස්සේ මං රෙද්ද පැත්තකට විසිකරලා දැම්මා... 

මොකද අම්මේ...

දැන් නං මට හොඳටම කේන්තියි... 

කියන්නං කියන්නං...

අම්මා මාව ඇදේ වාඩි කරවලා මගේ පැත්තකින් ඉඳගත්තා...

ඔයා.. දැං ගොඩක් ලොකු ගෑණු ළමයෙක්... බිග් ගර්ල් කෙනෙක්..

මොකක්.... ඒ වචනේ නම් හොඳට අහලා පුරුදුයි... ක්ලාස් එකෙත් එහෙන් මෙහෙන් හැමතිස්සෙම කතාවෙන එකක්.. දැන් නේ මට තේරෙන්නේ.. ඇයි වදේ.. මෙහෙම එකක් ගැන දන්නවයැ... එතකොට ඒක මෙහෙම එකක්ද... මං ඕවා දැනගෙන හිටියයැ... ඉතිං මේකේ පාටි දාන්න දෙයක් තියෙනවයැ.. ගිය අවුරුද්දෙ සිතාරි අක්කගේ බිග් ගර්ල් පාටියට වත් ගිය වෙලාවේ මට මෙහෙම එකක් තේරුණේ නෑ නේ...

මට නම් මොළේ කොලොප්පම්... මං මේවා දැනං හිටියයැ.... මාර පණ්ඩිතයෙක් තමයි මාත්.. මං මටම හිනා උනා..



මතු සම්බන්ධයි

66 comments:

  1. හ්ම්ම්.. හිටි ගමන් පංතියෙ කෙල්ලො වටවෙලා එකෙක් වටකරන් එලියට අරන් යනකොට ඒ කාලෙ අපි කොල්ලො හොල්මන්. හැම දේම දන්න එකෙක් හිටිය කපිලයා. ඌ කිවුවෙ ඒකි වැට උඩින් පැනලා කියලයි..

    ReplyDelete
    Replies
    1. අපි කිවුවේ ජම්බු ගහෙන් පැනලා කියලයි

      Delete
    2. මටත් හිතාගන්න බැරැව හිටියේ මික්ස් ස්කූල්ස් වල කොහොමට විකාර තියෙන්න අද්ද කියලා.. හි හි

      Delete
    3. හයියෝ... කියල වැඩක් නෑ අපේ ඉස්කෝලෙත් තිබ්බ විකාරයක්... ඉස්කෝලෙ ළඟ ගෙවල්වල ඉන්න ගෑණු ළමයින්ගෙ සුදු ගවුම් ටිකත් ඉවරයි.... කොල්ලො දන්නව හැරෙනකොටම...

      Delete
  2. // “ ඔයා.. දැං ගොඩක් ලොකු ගෑණු ළමයෙක්... බිග් ගර්ල් කෙනෙක්..”

    මට සෞම්‍යාව මතක් උනා.
    ඉස්සර ඉස්කෝලේ යන දවස්වල අපේ පංතියේ හිටපු සෞම්‍යා සතියක් විතර ඉස්කෝලේ නෑවිදින් පහුවදා කේක් පතයකුත් ටීචර්ට ගෙනත් දුන්න. ඊට පස්සේ අතේ තිබ්බ ලේන්සුව කටේ දාගෙන කෙල බේරෙනකන් හැපුවා.
    ඊටත් පස්සේ ගුරු මේසයේ ඉටි රෙද්ද නියපොත්තෙන් කොනහා කොනහා ඉදලා එක පාරටම කියපි "ටීචර් මං ජම්බු ගහෙන් වැටුනා !" කියලා.

    "හුටා !" මං කිව්වා නෙමෙයි කිය උනා.

    මගේ කරුමෙට එදා ඉස්සරහම පේලිගේ ගුරු මේසය ගාව හිටියේ මං !

    "තමුන් ඔතනින් නැගිටිනවා ! යනවා පංතියෙන් එළියට !" එදා දවසම මං පංතියෙන් එලියේ.

    ඇයි දෙයියනේ ජම්බු ගහකින් වැටිලා සතියක් ගෙදර ඉන්නවා කියන්නේ සෑහෙන්න ඩැමේජ් එකක් වෙන්න එපාය. එතකොට ඉතින් හුටා කියන එක සධාරණයි නෙව. කවුද දන්නේ මෙහෙම හරුපයක් ! :)

    ReplyDelete
    Replies
    1. හුර්.....රේ !
      මාත් කතාවක් ලියලා !

      Delete
    2. හික්ස්... අයියෝ මෙයාටත් කට තියන් ඉන්න බැරි නිසා ඉල්ලන් කාලා..... :p

      Delete
    3. සමනලියා වැටුන්නැද්ද ගහකිං

      Delete
    4. අඩේ හිරුවා බලපංකෝ මධුරංගයා කාලා තියෙන පරිප්පුවක් මට මේකට නම් හිනා ගියා බොලව්......!

      Delete
    5. හි හි.. මධුවට වෙලා තියෙන වැඩේ.. සෞම්‍යා ඔහොම හරි කිව්වනේ බං... මං කිව්වේ බර්ත්ඩේ එක කියලා.. හි හි

      Delete
  3. බිග් ගර්ල් කියන්නේ කුනුහර්පයක්ද මන්දා...මෙතන කොමෙන‍්ට් දාන උන්දලා ලැජ්ජාවෙන් ඇබරෙන්නේ ඒක වෙන්නෑති..

    ReplyDelete
    Replies
    1. මං ඒත් හිතුවා මේකට කමෙන්ට් වැටෙන එකක් නැති වෙයිද කියලාත්.. හි හි

      Delete
  4. මේක කියවනකොට මට වෙච්ච මරු කතාවක් මතක් උනා, හිරුවෝ බොටත් ඔහොම උනාද බං.

    ReplyDelete
    Replies
    1. මට වෙච්ච හරිය තමයි බං ඔය ලියලා තියෙන්නේ.. හි හි... පොඩ්ඩයි වෙනස් කළේ...

      Delete
    2. මු පොඩි කාලේ කෙල්ලෙක්ද මන්ද ?

      Delete
  5. හයියෝ සුද්දි කයි ගැහුවට ඒකවත් දැන ගෙන ඉදලා නෑ. අනේ බොලාගේ කටවල්.. කපන්න ඕන.. කියන්නේ මේ වෙලාවට තමා... හිහි..(නංගියෝ මොකෝ කතා ශෛලිය වෙනස් වෙලා)

    ReplyDelete
    Replies
    1. කතා ශෛලිය වෙනස් වෙලා කිව්වේ මොකෝ.....

      Delete
    2. පොඩ්ඩක් මමත්වයෙන් ගිහිල්ල නේද??? අවුලක් නෑ. යකෝ එක පාරට වැඩි පුර කොටල තියාපං නැත්නං ලියන මානසිකත්වය උනත් වෙනස් වෙනවා. ඊට පස්සේ බොට ඕන්නං පේලිය ගානේ නෙමේ වචනේ ගානේ හරි දාපං..

      Delete
  6. මේ කතාවෙ අන්තිමටද අර 'අයියටත් වැඳහං දුවේ' කියන පාට් එක යන්නෙ :D

    ReplyDelete
  7. කවද්ද බන් මේ වැල ඉවර වෙන්නෙ ? මට මේකෙ මුල ටික මග හැරුනා. මුලඉඳන් කියවන්න කම්මැලි නිසා කියවන්නෙ නෑ.. දැන් මම බලන් ඉන්නෙ කවද්ද මේක ඉවර වෙන්නෙ කියලා.. :D

    ReplyDelete
    Replies
    1. ඉවර වෙන්න නම් තව කල් යයි සෙන්නා.. හි හි

      Delete
  8. එතකොට මේ කෙල්ල ලමිස්සියක් වෙන්නත් කලින් ඉඳන්නේ අන්ජුවට ලයින් එක දාල තියෙන්නේ.... හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. කවුද අප්පා ලයින් දැම්මේ.. ඔන්න ඕකනේ කියන්නේ.. ඔයාලගේ වැරදි හිත තමයි.. හි හි

      Delete
  9. ඕකි එච්චරටම පොඩි එකී කියල අද තමයි දැනගත්තේ ..හ්ම්ම්

    ReplyDelete
  10. හපොයි මේ කෙල්ල හිච්චි කෙල්ලෙක්නේ... ඒකයි එහෙනම් අච්චර තොදොල් වේවි හිටියේ.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ සමනලී.. මේ පොඩි කමට දඟලන එකත් මෙයාලට පෙනුනේ ලයින් දානවා වගේනේ... හි හි

      Delete
  11. Rehani kiyanawa wage adane dana gaththe meya thama mechchara podi kiyala. Eda mama laga hitiye ape kiri amma witharai. Girekuth kotte yatin thiyala eliyata enne nathiwa inna kiwa kamareta wela. Tikakin laga akka kenek ekka awith ma lagin thibba. Dannawada mata una hodama wade. Ape gewal laga hitiya muslim kattiyak. Eyala meka danagena awith kopi ekakata biththarayak dala bonna dunna. Adatath eka mathak wenakota appiriyai.

    Choottaine ane dala thiyenne.

    ReplyDelete
    Replies
    1. ඈක්....................... ඒක ඇහෙන‌ෙකාටත් වමනේ යන තරම්.... හි හි.. දෙයියනේ කියලා මට නම් තැම්බුම් හොදි වත් බොන්න උන් නෑ.. හි හි...

      Delete
  12. හා.. පාටියක් එනවා.. :)

    ReplyDelete
  13. පුහ්... සුද්දි දැන් ලොකු ළමයෙක් ඈ..

    ReplyDelete
    Replies
    1. මතකද දන්නේ නෑ කාලෙකට උඩදි සිංහල චිත්‍රපටියක් ආවා
      "එයා දැන් ලොකු ළමයෙක්" කියලා.

      Delete
    2. ඇයි ඇම්ඩගේ චිත්‍රපටියක් ආවේ “ආච්චි දැන් ලොකු ළමයෙක් කියලා “

      Delete
    3. හි හි... එයා දැන් ලොකු ළමයෙක් එක නම් මතකයි.. අනිත් එක නම් මතක නෑ.. හි හි

      Delete
  14. හ්මි මු සිට සේරම කියවලාම කොමෙන්ටුවක් දාන්න ඔනා..... හ්මි!...

    ReplyDelete
    Replies
    1. හා හා.... එහෙනං කියවලම එන්නකෝ.. හි හි

      Delete
  15. ඈබං හිරුවෝ ඔය කාලේ එනකොට අම්මල කෙල්ලන්ට කියල දෙනවනේ මේ ගැන. අන්න එතනදි කතාව අතාත්වික වෙනවා

    ReplyDelete
    Replies
    1. ඇහ් අපෙ මව්නි කියල දුනේනෙ නෑනේ.....මංම ගිහින්නෙ කිව්වෙ....අම්මෙ අරම වෙලා කියල....

      Delete
    2. නෑ නෑ හැම අම්මාම එහෙම නෑ.ඒ නිසා මට නම් පේන්නෑ අතාත්වික ගතියක්.

      Delete
    3. මේ මට වෙච්ච හරිය තමයි ලියලා තියෙන්නේ නලීන් අයියේ.. පොඩ්ඩක් වෙනස් කළා කතාවට හරියන්න.. අපේ අම්ම නං මෙලෝ දෙයක් කියලා දීලා තිබ්බේ නෑ... හි හි...

      Delete
    4. අපි නම් අපේ දුවට ඒ කාලේ එනකොට කියල දීලයි තිබුණේ..

      Delete
  16. පහුගිය දවස්වල බ්ලොග් කියවන්න තරම් වෙලාවක් තිබුනෙ නෑ හිරූ, මට කොටස් දෙකක් තුනක් මගඇරිල වගේ. ආයෙත් ගිහින් කියවලම එන්නම්.

    ReplyDelete
  17. හෑ...
    මුල ඉදං කියවන්න ඕනා....
    අනේ කෙල්ලංගේ බිග...
    උංට විතරයි පාටි, අපේ රැවුල නෑනේ එතකොට..
    මෙවුවා තමා ලිංගික අසාධාරනකං...
    අපි තනියම රැවුල කපං තනියම ලොකු වෙච්ච උං..

    ReplyDelete
  18. මාර කේස් එක කියන්නේ මට දෙකක් මිස් වෙලා.. හොද වෙලාවට මෙයා සුට්ට සුට්ට ලියන්නේ.. ටක් ගලා දුවලා කියෝලා ආවා..

    ReplyDelete
  19. මින් ඉදිරියට තමයි ලස්සනම ටික බලන්න ‍ඕන.

    ReplyDelete
  20. මේ රටවල නම් ඔය ලොකු ගෑනු ලමයි වෙන එක, ගස්වලින් වැටෙන එක එහෙම ගනන් ගත යුතු ඒවා නෙමෙයි. සාමාන්‍ය ගෑනුන්ගේ ජීවිතයේ එක්තරා කාලෙකදී සිදුවෙන ශාරීරික වෙනස්කමක් විතරයි. ඒ වගේම පාසැල්වල ලමයි මේ ගැන දැනුවත් කරනවා. ඒත් ඉතින් ශ්‍රී ලංකිකයෝ මෙහෙත් ඔය සිද්ධි අල්ලලා පාර්ටි එහෙම දාන්නේ නැත්තෙමත් නෑ.

    ඔන්න මෙහේ නම් පිරිමි ලමයින්ට වෙනස්කමක් වෙන්නේ නෑ.:D

    ReplyDelete
  21. දෙයි හාංදුරුවනේ මෙය දිග කතාවකුත් ලියන්න අරන්.
    දැන් ඉතින් කොටන හිටන් කියවහල්ලකෝ !

    ReplyDelete
  22. ජම්බු ගහෙන් බල්ටිය ගැසීම...බටහිර නම් මෙය ගණන් ගන්නේ නැති තරමේ දෙයක්... සිරිලංකාවේ නම් දැන් දැන් දෙමාපියන්ට කෙල්ල පෙන්නා ගානක් හොයාගන්න චෑන්ස් එකක්...

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඔය ජම්බු ගහෙන් වැටෙන එක ගානක් හොයාගන්න දෙයක් උනාට ඉස්සර කලේ මිනිස්සු "අපට දැන් දීග තල දෙන්න පුලුවන් කෙල්ලෙක් ඉන්නවයි" කියන සතුටට තමා පාර්ටි දාලා තියෙන්නේ..

      Delete
  23. අක්කෙ ඔට්ටු නෑ...........පෝස්ට් එක චූටී.....:‘(

    ReplyDelete
    Replies
    1. ටොකු දෙන්නේ හරිද !
      පෝස්ට් එක පොඩි උනාට කමන් නෑ, කම්කරු ජනතාව ගැනත් හිතන්න එපැයි. නැත්නම් අපො කොහොමද මාගල් කියවන්නේ

      Delete
  24. හෆෝ සුද්දි පුංචි කෙල්ලෙක්නේ..මං නං හිතං හිටියෙ දැන් ඕ ලෙවල් එහෙම කරනව ඇති කියල අංජු අය්ය එක්ක නටාපු පිස්සුවේ හැටියට.

    ReplyDelete
  25. දැන් හිටපංකෝ කාමරේක හිරවෙලා සතියක් හමාරක්... මිරිස් හොදියි බතුයි කකා....

    ReplyDelete
  26. අම්මප ලියපු ගමන් මේකිට ඒක වෙලාද කොහේද මේ ටිකේ බ්ලොගේ පැත්තේ නාවේ.. හික්ස්.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ටිකම හිතුනා බං......හැක්

      Delete
  27. අසභ්‍ය දේවල් අඩංගුයි... පොඩි ළමයින්ට නුසුදුසුයි...

    ReplyDelete
  28. දුවෙක් ඉන්න පියෙකුට මේකට මුණ දෙන්න වුනාම කොයි වගේද? මගේ හිත් කීරී ගැහිලා ගියා.

    ReplyDelete
    Replies
    1. බය වෙන්නෙපා... අවස්ථාව ආවම පියවරු බොහොම ලස්සනට ඕකට මුහුණ දෙනවා... සමහර පොඩි උන් ඕක ගිහින් කියන්නෙත් තාත්තලට.... :D

      Delete