Wednesday, January 16, 2013

අයියලා ජාතියම එකයි... පාරමී දම් 6 කොටස

පහුගිය කොටස් ටික මෙන්න මෙතනින් බලන්න.. 


උදේ ඉඳන් කාපු කට්ට මදිවට හෝමගම හරියෙදි කෝච්චිය හිට්ටා.... දැං ඉතිං කෝච්චියෙන් බඩගාලා බැහැලා, බස් පාර හොයාගෙන ගිහින්, බස් එකේ නැඟලා ඉස්කෝලෙට යන‌ෙකාට පරක්කු වෙලා තමයි ..

“ අපෝ අංජු අයියේ.... ඔයා ආපු නිසාද කොහෙද අද නම් අන්තිම කටු දවසක් වෙලා....”

සුදු අයියගේ අ‌ෙත් එල්ලිලා කෝච්චියෙන් පනින ගමන්ම මං කිව්වා... අංජු අයියා බයවෙලාද කොහෙද.. භූතයෙක් දැකලා වගේ බලාගෙන ඉන්නවා...

පාරට යනකම් නියරවල් දිගේ ඇවිත් යන්තම් හෝමගම බස් ස්ටෑන්ඩ් එක හොයාගත්තා... බස් හෝල්ට් එකේදි සුදු අයියා ඔලුව කස කස කල්පනා කරන්න පටන් ගත්තේ එයාලගේ ස්කූල් බස් එක තියෙනවා දැකලා කියල මට තේරුනා...

“ ඔයාලා යන්න සුදු අයියේ ස්කූල් බස් එකේ.. මං බස් එකට නඟින්නම් මෙතනින්..”

“ ඔයාව තනියෙන් යවලා මට අම්මගෙන් බැනුම් අහන්න බෑ... අංජු‌වෝ... මෙයාව ඉස්කෝලෙට දාගෙන යනවද.... මං හෙන රවුමක් ගහන්න එපැයි...”

“ අපෝ සුදු අයියේ.. මේ බයගුල්ලව මට ඇරලවන්න පුළුවන්.. ”

මං අංජු අයිය‌ට නෝණ්ඩියක් දැම්මම සුදු අයියා මට රැව්වනේ රැවිල්ලක්...

“ හරි හරි.. උඹලා පලයල්ලා.. මං නංගිව ඉස්කෝලෙට දාන්නම්... ”

පුදුමයි හා කියපු එකත්....

“ සුද්දී.. අතේ සල්ලි තියෙනවද....”

“ තියෙනවා ... 20ක් විතර..... ”

“ ආ.. මේකත් තියාගන්න... හවසටත් කෝච්චි නැතිවුනොත් බස් හෝල්ට් එකේ ඉන්න.. මං එතනට එන්නම්...”

“ ඔයාට අද ක්ලාස් නේද...”

“ මලා...ක්ලාස් නේන්නං.. අනේ අංජු කෝච්චි නැති උනොත් මෙයාව ටිකක් බලපං...මට අද කෙමිස්ට්‍රි ක්ලාස් මචං.. අපි තුන් දෙනාම අද නෑ... සුජියටත් බණ්ඩගේ ක්ලාස්...”

“ හරි හරි.. මං නංගිව ගෙදරටම ඇරලවන්නම්.. දැං පලයන්.. අර බස් එක අද්දන්න හදන්නේ...”

“ සුද්දි.. එහෙනං පරිස්සමින් යනවා හරිද...”

සුදු අයියා අතත් වනාගෙන පාර පැන්නෙ දෙපැත්තවත් බලන්නේ නැතුව...

“ මට පරිස්සමින් යන්න කියන්නේ.. ඉස්සර වෙලා පරිස්සං කරන්න වෙන්නේ එයාව... පාර පැන්න හැටි බලන්නෙවත් නැතුව.. කොයිවෙලාවක හරි මොනා හරි කරගන්නවා..”

මං අංජු අයියට කියාගෙන ගියා... අංජු අයියත් හිනාවෙවීම මාවත් ඇදගෙන පාර පැන්නා...


නවත්තලා තිබ්බ බස් එකකට නැගලා අපි දෙන්නම සීට් එකක් අල්ලගෙන ඉඳගත්තා.. මං අයිනට පැන ගත්තා වෙනදා වගේම... ජනේලේ වහලා... මං අරින්න හැදුවා... ඒක හිරවෙලා.. අයියෝ මේ කබල් බස්...

කෝ .. ඉන්න මං ඇරලා දෙන්න... 

අංජු අයියා ජනේලෙට අත තිබ්බා... 

ඒයි.. ‌මේක ඇරියම කොණ්ඩේ අවුල් වෙනවනේ... 

ආයිත් මගේ දිහා බලලා ජනේලේ අතෑරියා... 

අපෝ... අවුල් වෙන්නම කොණ්ඩෙ මේක... ”

මං පුරුද්දටම අංජු අයියගේ කොණ්ඩේ අවුල් කළා... 

‌“ ඒ මොකද්ද කළේ... මං මේ පැය ගානක් දඟලලා පීරලා හොඳට තියං හිටිය කොණ්ඩේ...

ඒ පාර කොණ්ඩේ හදනවා... අපෝ.. මෙයා සුදු අයියට අන්තයි..... මං හිනා වෙවී බලං හිටියා.... 

මොනාද බලන්නෙ...

බකමුණා වගේ මූණ හදාගෙන අහනවා.... මොනා කියන්නද.. අයියලා ඔක්කොටම පිස්සු කියලා ආයිත් කියන්නයැ... මං ජනේලෙන් එළිය බලා ගත්තා...

ඒ.. නිල්මි නංගි.. බඩ්ඩක් පෙන්නන්නද...

මොකද්ද...

අර අතන ඉන්න ගර්ල්...ලස්සනයි නේද...

මූ මාර කුකුලෙක්... 

අර අපේ ඉස්කෝලේ ගර්ල්ද...

හ්ම්ම්..

මං එයාව දැකලා නම් තියෙනවා මීට කලින්... කෝච්චියේ යන එක්කෙනෙක් නෙවෙයි මං හිතන්නේ..

නම දන් නෑ...

මේ යකාට පිස්සුද මන්දා... මම හැම කෙල්ලගෙම විස්තර දන්නවා කියලා හිතාගෙනද කොහෙද...අපේ අයියට අන්තයි... 

කොණ්ඩේ දිග බලනවකෝ... ලස්සනයි නේ...

මේ පිරිමින්ට නම් ගෑණුන්ගේ කොණ්ඩ ගැන පුදුම මේනියාවක් තියෙන්නේ...

මේ ඔයා වෙන ලෝකෙකද ඉන්නේ...

ඒ පාර මොකාටද එන්න යන්නේ....

ඔව් අනේ.. මං මේ මායබන්ධන ලෝකේ හිටියේ..

මං නෝණ්ඩියට කියලා දාලා හිනා උනා... 

මේකි හරි හොර කෙල්ලෙක්....

සුදු අයියත් හැමතිස්සෙම කියනවා...

මං හයියෙන් හිනාවුනා... අප්පා.ඒකට නම් තරහා ගියාද මන්දා.... 

ඔයා එක්ක කතා කරලා බේරෙන්න බෑ නේ...

එයා සීට් එකට හේත්තු වෙලා ඇස් පියාගත්තා... ඒ පාර නම් මාත් එක්ක තරහා උනාද මන්දා... සුදු අයියව නම් ෂේප් කරගන්න පුළුවන්.. ඒත් මෙයාව.... අනේ... මට මොකෝ.. මට පාඩු වෙයි මෙයා මාත් එක්ක තරහා උනාම.... බස් එකෙන් බහිනකම්ම මාත් එක්ක කතා කළේ නෑ... සුදු අයියා හිටියනං වක්කඩ කැඩුවා වගේ කියවයි... 

අපෝ .. මෙයා හරි සීරියස් නේ.. 

මතු සම්බන්ධයි...

66 comments:

  1. අය්යෝ පව් සුද්දී.... මේ ඒක නෙවෙයි හිරුවෝ දැන් ඔය ඉස්කෝලේ යන කෙල්ලනට කොල්ලන්ගේ අත්වල එල්ලිලා ඔහොම මගුල් නටාගෙන ඉස්කෝලේ යන්න පුලුවන්ද යුනිෆෝම් පිටින්...... ( දැන්නම් පුළුවන් මං හිතන්නේ.. අපේ කාලේ බෑ උබයි මමයි එකම වයසේ මම හිතන්නේ ) මොකෝ මමනේ දන්නේ මීගොඩී එක්ක ඉස්කෝලේගාව ඉඳන් මහරගම ස්ටේශන් එක ගාවට ඇවිදන් යන්න කාපු කට්ට ටීචර්ලගෙන් බේරිලා...

    ReplyDelete
    Replies
    1. මීයට මතක නැති උනාද.. මේ සුද්දි තාම පොඩි කෙල්ලෙක්.. හි හි... අයියලා ඒ ලෙවල් ක්ලාස් වල...

      ඇත්ත ඇත්ත.. අත්වල එල්ලිලා නම් යන්න හම්බුනේ නෑ.. යන්තම් කොල්ලෙක් ඇඟේ ගෑවුනත් වෙව්ලන ගතියක් තිබ්බා.. ඒ තරම් බයයි.... හි හි

      ඒත් බස් වලට වඩා කෝච්චියෙදි ඕවා පොඩ්ඩක් වෙනස්.. කෝච්චියේ උන්ට චාන්ස් තිබ්බා.. මොකෝ හැමදාම යන්නේ එකම සෙට් එකනේ.. ටීචර්ලා එහෙමත් අපිව දන්නවා... එකටම ඉන්න සෙට් එක ඉතිං ඕනේ එකකට ඔට්ටුයි... ඇත්තටම කිව්වොත් ඔය කෝච්චි කැඩුනම මග සමහර තැන් වලදි, කෙල්ලන්ට කො‌ෙහාමවත් බහින්න බෑ .. උස වැඩියි.. ඒ මදිවට කෙල්ලන්ගේ කොට ගවුම්... ඒ වෙලාවට ඉතිං කොල්ලෝ තමයි උස්සලා බිමට ගන්නේ කෙල්ලන්ව.. හි හි.. ඒ වෙලාවට ඔය අනිත් අනම් මනම් නම් මතක් වෙන්නෙත් නෑ හැබැයි ඉතිං... අපෝ අපි කාපු කටු.. දැනුත් මතක් වෙනවා... හි හි

      ඔය කෝචිචිය කැඩෙන්නෙත් එසේ මෙසේ තැන් වල නෙවෙයි සමහර වෙලාවට.. වෙල් මැද්දේ, පාලම් උඩ.. හයියෝ... හි හි..

      ඉස්කෝලෙ ගිය කාලේ කෝච්චි කතාවක්.....

      ඔය තියෙන්නේ මං කලින් ලියපු කෝච්චි සිද්ධි ටිකක්.. හි හි

      Delete
    2. ඒකනම් සිරා.... දවස්ක් කෝච්චියේ යද්දි ගලවිල වත්තේ පාලම ගාව හිටිය්නේ බං.. අපේ සෙට් එකේ එදා කට්ටියම ක්ලාස්.. මමයි කෙල්ලො 4 දෙනෙකුයි විතරයි හිටියේ.. සික් විතරක් මුනුත් පිටි මුට්ට වහේ.. හූණු පැටියෙක් වගේ ඉන්න මට උන්ව උස්සල බිමට ගන්න උනා බන්.. බිබට ගත්ත කිව්වට මම දෙවනි පඩියට බැහැලා.. පොල්ලෙ එල්ලෙලා හිටියා.. මුන් මගේ ඇඟ දිගේ එල්ලිලා බැස්සේ.. සික්.. විලි ලැජ්ජාවේ බෑ.. ඒ කාලේ ඔය ඉස්පිරිතාලේ ගාව ස්ටේශන් එක නෑ.. පයින් යනකන් මං බයිට්...

      ඒ උනත් අපේනම් හෙනම ගේමක් දෙන්න ඕනේ බං... කෙල්ලත් එක්ක පොඩ්ඩක් කථා කරන්න.. දවසක් අපේ විනය භාර සර් මට කිව්ව..මේ අහවල් ළමයත් එක්ක කථාකරන්න තියන දේවල් ඉස්කෝලේ ඇතුලේ කථා කරල ඉවරයක් කොරගන්න පාරේ කථා කර කර යන්න ඔනේනම් තව දෙන්නෙක් විතර ලඟින් තියාගෙන කථාකර කර යන්න කියලා..

      බැලින්නම් ටීචර් කෙනෙක් අපි රේල් පීලි උඩ යනවා දැකලා.. සිරාවටම අපි ඒ කලේ ලව් නෑ. බං යාළු ෆිට් එක විතරයි තිබ්බේ

      Delete
    3. කොල්ලත් එක්ක නම් ඔහොම ගිහින් නෑ බං මාත්... හැබැයි යාලු අයියලත් එක්ක නං ගිහින් තියෙනවා... ඒ කාලේ ඕනේ තරම් එහෙම කට්ටිය නම් මට හිටියා... ඒ ගොල්ලෝ ඉතිං යාලුවෝ විතරයි නේ.. මට නම් එච්චර කේස් වැටිලා නෑ...

      මට ඉස්සර හෙනට කේන්ති යන වැඩක් තමයි ඔය යාලුවෙක් එක්ක කතා කළත් කතන්දර හදන ගෑණු.. මම කියලා ඇති අනන්තවත් ඔය අබිලිං ඇන්ටිලට, ටීචර්ලට එහෙම කනේ ඇඟිලි ගහගන්න.. හි හි..

      Delete
    4. සිරාවට කොන්ඩෙ දිග කෙල්ලංටනං මාත් කැමතියි ඈ...
      අනේ මංදා ඇයි කියලා..
      (ඇඹරෙමිං)
      පල්ලෙහාට යන්න කම්මැලි නිසා මෙතැන කෙටුවා

      Delete
  2. අනේ ඇත්තට ඔහොමත් ඉස්කෝලෙ ගියෑකි ද මේක නං හින ලන්තෙ කතාවක් ම තමා.මේකි අංජුවට ට්‍රයි ද කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. චික්.. මේ අහිංසක පොඩි කෙල්ලො ඔහොම කොල්ලන්ට ටූයි කරන්න යන් නෑ නලීන් අයියේ...

      Delete
  3. යකෝ උඹේ මහ ලොකු සුදු අයියා නරියටම දුන්න එහෙනං කුකුල් කොටුව (කිකිළිව) පරිස්සං කරන්න....

    ReplyDelete
    Replies
    1. මේකි තාම කිකිළි පැටියෙක්ලුනේ...

      Delete
  4. ඒ කියන්නෙ අංජු අය්යා සුදු අය්යගෙ ඉස්කෝලෙ නෙවෙයි?

    ප.ලි_
    කවුද අර උඩ ෆොටෝ එකේ ඉන්නෙ.. ඔයාගෙ අය්යද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. සුදු අයියගේ ඉස්කෝලෙ නෙවෙයි..

      නෑ.. එයා මගේ අන්කල්... හි හි

      Delete
  5. අද කොටසත් කියෝ ගත්තා.

    ප.ලි. - ලින්ක් එක වැඩ කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මධු.. හැදුවා මං...

      Delete
  6. අර උඩ ඉන්නේ සුදු අයියාද ? නැත්තන් අංජු අයියාද?
    සුදු නංගි එතකොට දැන් කීයේද ඉන්නේ එතකොට?

    ReplyDelete
    Replies
    1. හි හි.. කලබොල නොවී හිටු.. හි හි

      Delete
  7. මේ කතාව කියවද්දී ලස්සනට මැවිලා පේනවා ...

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි.. හි හි

      Delete
  8. උඩ ඉන්න අය්යා නම් ලස්සනයි.:D:D:D

    ReplyDelete
    Replies
    1. මට නම් පොඩ්ඩි එයා අන්කල් තමයි වෙන්නේ... මං ආසම එයාගේ expressions වලට.... හි හි

      Delete
    2. ඔයාට මෙච්චර ලස්සන අංකල්ලා කෙනෙක් ඉන්නබව දන්නේ නෑනේ. අංකල් ඔහොම නම් අය්යලා කොහොම ඇද්ද? :D

      Delete
    3. හි හි.. දැං පොඩ්ඩිට හිතාගත්තෑතිනේ අයියලා දෙන්නා කොච්චර ලස්සන ඇද්ද කියලා.. හි හි

      ඕක කිව්වම මතක් උනේ... මං 7 වසරේ විතර ඉන්න කාලේ ටික දවසක් අපේ මාමා මාව වෑන් එකට ගිහින් ඇරලුවා... වෑන් එකේ උන් පිළිගත්තෙම නෑ නේ ඒ මගේ මාම කියලා... අන්තිමට අපේ වන් එ‌ෙක් උන් ටික ඔක්කොම අපේ මාමට ලයින්... හි හි

      Delete
  9. ආසාවෙන් කියවගෙන ආව මුල ඉඳල සේරම ටික.......ගොඩාක් ලස්සනයි අක්කියෝ.....අයිය කෙනෙක් නැති අඩුව මටත් දැනුන පොඩි දවස්වල සෑහෙන්න.....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නඟා.. ඒ කාලේ නං හෙන ආසයි තමයි අයියා කෙනෙක් හිටියනං... ඒත් දැං නං.... හි හි

      Delete
  10. අතාත්විකද මංදා... :D
    මොනවා වුනත් මේකනම් ඇත්ත..
    //මේ පිරිමින්ට නම් ගෑණුන්ගේ කොණ්ඩ ගැන පුදුම මේනියාවක් තියෙන්නේ...//
    අපෙත් දිග කොණ්ඩ වලට පුදුම ලැදියාවක් තියෙන්නේ.. :D

    ReplyDelete
    Replies
    1. ඕක ජාන වල ලෙඩක්.... අපේ මහත්තයාටත් තියෙනවා.... හි හි

      Delete
  11. අදලු කථාව කියෙව්වේ මුලින්ම ........ මට ඔය ලව් ඇස්ටෝරි පේන්න බෑ ... හැබැයි මේක නං අවුලක් නෑ වගේ ........ මතු සම්භන්දයි ........
    - දිනෙල්ක කුරුප්පුආරච්චි -

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹ කලින් එකටත් කමෙන්ට් එකක් දාලා තිබ්බේ...

      Delete
  12. පිරිමි ළමයි(අපි) කොහොමත් දිග කොන්ඩවලට කැමතියිනේ..
    ටිකක් අතාත්විකයි වගේ උනත් ලස්සනයි. කියවන්න ආස හිතෙනවා..
    සුද්දිට ඔය කියනකොට වයස කීයද??

    ReplyDelete
    Replies
    1. සුද්දිගේ වයස ළඟදිම දැනගන්න පුළුවන්.. හි හි...

      Delete
  13. කතාව නම් කියෙවුවා. කවුරුත් කියනවා වගේ අද කොටස ටිකක් අතාත්වික බවක් පේනවා. මොකද ස්කෝලේ යන කාලේ කෝච්චි වල කොහොම ගියත් යුනිෆෝම් පිටින් බස් වල ජෝඩු දාලා යන එක නම් ඒ කාලේ සිදු නොවෙන දෙයක්. අද කාලේ නම් යුනිෆෝම් පිටින් හෝටල් ගානෙත් රිංගනවා නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මගේ තියරිය තමයි කවුරු මොනවා කිව්වත් මං වැරදි දෙයක් කරන් නැත්තම් අවුලක් වෙන්නෙ නෑ කියන එක.. ( ඒ කිව්වෙ කොල්ලෙක් එක්ක යාලු නොවී ඉන්න එක හොදේ...) හි හි.. ඒක හින්දද මන්දා මට නං වැඩිය ලෙඩ වැටුන් නෑ බට්ටි.. කොල්ලෝ සෙට් එකක් එක්කනේ උදේ හවස ඉස්කෝලේ ගියේ ආවේ... කොහොමත් අබිලිං කට්ටිය නං හිටියා අම්බානක.. මං ඕවා ගනන් ගත්තේ තෑ.... හි හි..

      මේවා මෙහෙම ලියන්න ඇත්තෙත් ඔය වගේ දෙවල් හින්දම තමයි මං හිතන්නේ... කෙල්ලෙක් කොල්ලෙක් එක්ක කතා කළත්, උන් දෙන්න ඇඳට ගිය ගානට කතා කරන සමාජෙත් එක්ක මට ඒ කාලේ ඉඳලා පුදුම තරහක් තිබ්බේ... යාලුවෙක් එක්ක වත් කතා කළොත් කතන්දර හදන එක එහෙම මට පෙන්න බෑ... ඉතිං මට ඕනේ උනේ එහෙම වෙන්නේ නැති කතාවක් ලියන්න වෙන්නැති කියලා හිතෙනවා...

      Delete
  14. කොටස් දෙක්ක් විතර මග ඇරුනා...ඒවත්කියෝලා එන්නම් ඈ..මේ විබාගයක් එක්ක මොකුත් බෑනේ...

    ReplyDelete
    Replies
    1. හා හා.. විබාග මුලින්.. ඊට පස්සේ ලවු... බ්ලොග්... හි හි... හරිද...

      Delete
  15. මම හැමදාම එනවා.එත් තියෙන්නේ කතාවක් නේ. මට රස විඳීමේ කිසිම හැකියාවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ.. මේක මේ පැණි බේරෙන ලවු ස්ටෝරියක් නෙවෙයි නිසාද.. හි හි

      Delete
    2. නැහැ ඒ නිසමවත් නෙවෙයි.. අනේ මන්දා..

      Delete
  16. ඒ එල හිරුවෝ මම කියනවට ලව් ස්ටෝරියක් ලියන්න ගන්නවකෝ
    මධාරා වඩුගේ පරාදයි .ලෙසටම තියනවා

    ReplyDelete
    Replies
    1. නිකා හිටපං.. ලවු ස්ටෝරි ලියන්න බැරි හින්දනේ බං මෙහෙම එකක් ලිව්වේ... හි හි

      Delete
  17. උඩ් පින්තූරෙ ඉන්න කෙනා කවුරු කියලද හිතන්න ඕනේ ? සුදු අයියද ? අංජු අයියද ?

    ReplyDelete
    Replies
    1. දෙන්නම ඔය වගේ ෆන්, මෝඩ, වදකාර, ආදරණීය..... තව මතක නෑ.... ( ෆිල්ම් එකේ කැරැක්ටර් එක වගේ හරිද...) හි හි....

      Delete
  18. Kellata irisiyai wage anith girl lassanai kiwama. Matath danaganna one dan nam oya sudu patikkige wayasa. Ikmanin dandoo.........

    ReplyDelete
    Replies
    1. මෙයා හින්දම තමයි දැන් මේක දාන්නේ මං.. හි හි

      Delete
  19. අන්න අන්න .. හිරුත් අර හින්දි නලු බට්ටන්ගෙ ෆොටෝ දාන්න ගත්තා. හොයාගන්නකො කලු කොල්ලෙක්ගෙ ෆොටෝ එකක් අපෙ ඩුඩ් වගේ හැන්ඩ්සම්..

    ReplyDelete
    Replies
    1. ඈ.. සරත් අයියේ... මේ හින්දි නලුවෙක් දෑ..... ????

      Delete
  20. යං යං දැන්නං වැල අදෙනවා.. නියමායි... කෙල්ල ගේ කට තාම තියෙනවද හිරුවෝ..

    ReplyDelete
    Replies
    1. ඒ කටට නං ලේසියෙන් මුකුත් වෙන්නේ නෑ.. හි හි...

      Delete
  21. මටත් පේන්නෙ සීරියස් වෙයි වගේ ඈ..!
    අර පොටො එකෙන් නම් කතාවට හානියක් වගේ..:)))

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ..ෆොටෝ එක අවුල්ද.... ?

      Delete
    2. අවුල්මත් නෑ....ඒත් ඔය හින්දි කාරයා නැතිව, කෙලිලොල් ඉස්කෝලෙ කොල්ලෙක් හෝ කෙල්ලෙක් හිටියනම් කොහොමද..!

      මුගේ මූනෙ පැනි ගතිය වැඩී..!

      Delete
    3. පැණි ගතිය තමයි ඕනේ මට... හි හි....

      ඔය වගේ මූනෙන් expressions පෙන්නන්න පුළුවන් ලංකාවේ එකෙක් නං හොයන්න වෙන්නේ නෑ මේ ආත්මෙට වීයෝ...

      Delete
  22. නරියට කුකුල්ලු බාර දීලනෙ සුදු අය්ය... :)

    හිරුගෙ බ්ලොග් එකම කියවල ඉවර කලා පහු ගිය සති කීපයෙ. අද තමා මුලින්ම කමෙන්ට් කරන්නෙ. ගොඩක් ආස හිතෙන පෝස්ට් තිබ්බ. විශේෂයෙන් පොත් ගැන හෙම ලියපුව :) ඒත් ඉතින් කමෙන්ට් කරන්න පරක්කු වැඩි නිසා කියවල විතරක් ආව. එහෙනම් ඉතින් මගෙන් සුබ පැතුම්. ආපහු එන්නම් :)

    ReplyDelete
  23. අක්කගේ හි හි කතාව සිරාවටම නැගල යනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. අද නැගලා ගියේ බස් එ‌ෙක්.. හි හි

      Delete
  24. හිතට එකගව කියනවා නම් මේ කථාවෙ අද කොටසෙ තාත්වික බව ගිලිහිලා තියෙනවා... හිරු මේ කථාව මීට කාලයකට පෙර ලිව්ව බවක් කිව්වා...අද මේ කථාවම හිරු ලියනවා නම් දැන් තියෙන ජීවන අත්දැකීම් එහෙමත් උපයෝගී කරගෙන මීට වඩා තාත්විකව ඉදිරිපත් කරයි කියලා හිතෙනවා... ෂාරුක්ගෙ පින්තූරය දැක්කම මට මතක් වුනේ මල් පත්තර වල ඉස්සර ගිය කථා...ඒවායේත් හින්දි නලු නිලියො දාගෙන තමයි නවකථා ඉදිරිපත් කලේ... ඔන්න හිරුවො මම මගේ අදහස අවංකවම කිව්වා...

    ReplyDelete
    Replies
    1. අවංකවම අදහස් කියන්න තමයි මේක මෙහෙම දාන්න හිතුවෙත් මං.. ඒක නිසා තමයි අර පූර්විකාවක් ලියලම පටං ගත්තේ... හි හි

      මේ හරියට මෙච්චරම තාත්වික නෑ කියන එකේ, ඉතුරු ටිකට මොනවා අහගන්න වෙයිද දන් නෑ.. චරිත ඇරෙන්න සිද්ධි ගොඩක් ඇත්ත සිරා... අද නම් මම මෙහෙම කතාවක් ලියන්න හිතන්නෙවත් නෑ.. ඒක ඇත්ත... හි හි...

      ශාරුක්ගේ ෆොටෝ එක දැම්මේ ඔය අවදානම අරගෙනම තමයි සිරා.. මටත් ඔය මල් පත්තර කතාව මතක් උනා... ඒත් මට හිතෙන්නෙම මේක තමයි මේ කතාවට හරියටම හරි යන්‌ෙන් කියලා.... මෙච්චර දවස් මං ඔය නිකම් ෆොටෝ කෑලි තමයි එල්ලුවේ.. ඒත් මේක දැම්මේ හිතලා බලලාමයි...

      Delete
  25. අඩේ....මේවා මග ඇරිලා නේ මට.. :O

    ReplyDelete
    Replies
    1. ආවේ නැති උනාම මඟ ඇරෙනවා තමා.. හි හි

      Delete
  26. කෙල්ලේ අපි ඉල්ලන ඒවත් ඉඳලා හිටලා හරි දීපං බන්. අපි පවුනේ. හි හි

    ReplyDelete
    Replies
    1. ඔයාගේ වයීෆ්ගේ ඉල්ලීමට මුල් තැන දීලා ඉන්නේ මේ... හි හි

      Delete
  27. ///මේ පිරිමින්ට නම් ගෑණුන්ගේ කොණ්ඩ ගැන පුදුම මේනියාවක් තියෙන්නේ...///

    අනිවා.. මට නම් මූලිකම සුදුසුකම් වලින් එකක් තමයි ඒ...

    ReplyDelete
  28. මං හිතුවා අංජු මේකිට ලයින් දායි කියලා
    ;)

    ReplyDelete
  29. හප්පා.... අයියම නංගිව බාර දීලා තියෙන්නේ......

    අපි නම් සා/පෙ අහවර වෙනකන්ම ස්කුල් වෑන් එකේ ගිය නිසා ඔය වගේ අත්දැකීම් නම් නෑ. උ.පෙ. කරනකොට තමා බස් වල යන්න ගත්තේ. ඒත් ඉතිං යුනිෆෝම් පිටින් ඔහොම කොල්ලෝ එක්ක යන්න බයයි.

    ReplyDelete
  30. නරියාට කුකුල්ලු බාර දීලා තියෙන්නෙ. මට පව් කියලා හිතෙනවා නරියා ගැන.:D

    ReplyDelete