Tuesday, January 8, 2013

මට ගනං උස්සන්න... හිතුවා මදි.... පාරමි දම් 4 කොටස

අගක් මුලක් නැත්තම් මෙන්න මේ පැත්තට ගිහින් බලන්න.... 




ඉස්කෝලේ ගෙදර වැඩ කරන්න ගියාම තමයි මට තරු විසි උනේ.... අයියෝ..... ගනං...... 

මං හිමීට පොතත් උස්සගෙන සුදු අයියා ළඟට කිට්ටු උනා... 

සුදු අයියේ.. මේ ගනං වගයක් තියෙනවා අනේ... මට හදන්න තේරෙන්‌ෙන් නෑ.... ප්‍රතිශත... කියලා දෙන්නකෝ...

කන ඇහුන් නෑ වගේ ඉන්න හැටි විතරක්.... හයියෝ... මං දාගන්න ලෙඩ... 

අනේ අයියේ... කියලා දෙනවකෝ....

මට බෑ... හදාගන්නවා මට පාට් දාගෙන හිටියා වගේ.... දන්න විදියට හදා ගන්නවා... ඕවට විතරයි තමුසෙට මාව ඕනේ වෙන්නේ...

සුදු අයියා මගේ දිහා බලන්නේ වත් නැතුව කියලා දැම්මා... පුහ් මෙයාගේ ගනං... මටත් තරහා ගියා.... ඕන් නෑ .. මං හදාගන්නං.. මං ආපහු මේසේ ළඟට ඇවිත් ඉඳගත්තා.. 

ඒත් පැයක් විතර දැඟළුවත් මට එක ගාණකට වැඩිය හදා ගන්න බෑ.. මොන කරුමෙකට මේ ගනං උගන්නනවද මන්දා.... 

ෂීක්.. දැන්නං දමලා ගහලා ගිහින් නිදා ගන්න හිතෙනවා.... මාර නිදි මතයි.... සුදු අයියා නං තාම පාඩම් කරනවා... එයාට මොකෝ... එයාට ඉතිං සයන්ස් කිව්වොත් එච්චර තමයි... කොයි වෙලාවෙත් බයෝ, ෆිසික්ස්, කෙමිස්ට්‍රි... සියලු සයන්ස්කාරයෝ අනිත්‍යයි කියලා, කියලා දෙන්න හිතෙනවා... මං මේසෙට ඔලුව තියාගත්තා.... 

සුද්දි .. නැගිටින්න.. දහයාමාරයි....

මාරයිනේ.. මට නින්ද ගිහින්ද කොහෙද... බලමු.. මෙයා මොනාද කරන්නේ කියලා.... මං නිදි වගේම හිටියා...

නැගිටිනවකෝ... මට තමුසෙව උස්සන් යන්න බෑ...

සුදු අයියා උරහිසෙන් අල්ලලා මාව හෙල්ලුවත් මං සද්ද නැතුව හිටියා... ටිකක් වෙලා බලං හිටපු සුදු අයියා හිමීට මාව වඩා ගත්තා... මට හිනායන්න ආවත් මං කට තද කරගෙන හිටියේ හොර අහුවෙන නිසා... එහෙම උනොත් ඩොග් ගාලා බිමට අතාරියි මාව.... 

හිමීට මාව ඇඳෙන් තියලා අයියා හිමීට මගේ නළලට සිප ගත්තා... 

මං කොහොමද ඔයා එක්ක තරහා වෙන්නේ සුදු....

අයියා හිමීට එහෙම කියනවා මට ඇහුනා... අනේ පවු... මගේ සුදු අයියා... 

ලයිට් එකත් ඕෆ් කරලා අයියා මටත් රෙද්දක් පොරවලම ඇඳේ පෙරළුනා... 

Good night සුදු අයියේ... 

ඔයා නිදි නැද්ද මැටිටියේ... 

ම්හු.. නෑ...

මං හිනා වෙවී කිව්වේ...

හරි නරකයි සුද්දි ඔයා...

සුදු අයියා මට කොට්ටෙකින් දමලා ගැහුවා... 

ඒ උනාට ඔයා මාත් එක්ක තරහා වෙන්නේ නෑ නේ...

යනවා යන්න... බොරු කරලා මෙතන....  දැං එනවා හුරතල් වෙන්න..

මේ.. හෙට උදේට අර ගනං ටික කියලා දෙනවද....

කෑ නොගහා නිදා ගන්නවා... හරි හරි.. කියලා දෙන්නම්..

මගේ හොඳ සුදු අයියා...

දැං නිදා ගන්නවකෝ. වද නොදී... නැත්තම් මං යනවා එහා කාමරේට... 

මං කට වහගත්තා... ඔය තර්ජනේට මං හරි බයයි... 

සුදු අයියේ....

ම්ම්ම්...

Good night..

Good night සුදු...



මතු සම්බන්ධයි

62 comments:

  1. අද නම් ලෝබ කමටද කොහෙද ලියල තියෙන්නේ හෙනම චුට්ටයි. අපේ බලවත් විරෝදය.....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං සමනළි ,මගෙත් විරෝධය !

      Delete
    2. ඔය ඉතිං පටං ගත්තා අඬන්න.... හි හි

      Delete
  2. මේ හිරුවෝ.. මන් මේ කියනවද නැද්ද කියල හිත හිත ඉඳල.. ඕන *කක් වෙන්න කියලා කියන්නේ

    මේක බොළඳ වැඩියි බන්.. සුජීව ප්‍රසන්න ආරච්චිගෙ කථාවක් කියවනව වගේ... ඇත්ත ලෝකේ අය්යල නන්ගිලා මෙහෙම් හැසිරෙනවද මන්දා..

    ***
    තරහ වෙන්න ඔට්ටු නෑ.... උබ ඕන දේකට ඔට්ටු ගෑනි හන්දා කෙලිම්ම කිව්වේ

    ReplyDelete
    Replies
    1. මං කිව්වා නේද බොල මේක ෆැන්ටසියක් කියලා.... හි හි

      Delete
  3. "සියලු සයන්ස්කාරයෝ නැසෙන සුළුය.නොපමාව කොමස් කරන්න".එහෙමයි පුරාණ ඍෂිවරු කියල තියෙන්නේ.

    හෙළයේ මහා ආදර කතා රචකාවිය සුට්ට සුට්ට ලියන එක ගැන අප හෙළ දැකිය යුතුයි.හි..... හි.....

    ReplyDelete
    Replies
    1. හා හා.. මං බලන්නං ගොඩක් දාන්න...

      Delete
  4. අනේ බං ඔය කෑලි හතරම එකට දැම්මත් එක හුස්මට කියවත හැකි.. කොහොම උනත් සුට්ට උනත් උඹත් හොදයි බං මෙගා ටෙලියක් ලියන්න.. හහ්... ඕක ඉවර වෙන්නම කරපං.. ඒක නියම ලයින් එක බං.. දැන් මොනව නැති උනත් උඹට මේක ලියන්න වෙනවා නේ... ජය

    ReplyDelete
    Replies
    1. මේක හරි වැඩක් නේ අප්පා.. වැඩි පුර දැම්මම පොඩ්ඩක් අගේ කරපන් ලු... අඩුවෙන් දැම්ම මදි ලු... අනේ මන්දා... හි හි


      Delete
    2. නැතිව නැතිව පාඨකයා පිනවන්ට එපායැ.. මං බොට මුකුත් කිව්වේ නෑ බොල.. හොද ගැන විතරයි කිව්වේ.. හොද නැත්නං ආයේ දෙකක් නෑ කෙලල දානව..

      Delete
  5. මේක එක කුස උපන් අයියලා නංගිලාගේ කතාවක් කියලා හිතෙන්නේ නෑනේ. කොච්චර ආදරේ උනත් මෙහෙම ඉන්න පුලුවන්ද???

    යාන්තං ෂේප් වෙන්න වගේ සුට්ටම සුට්ටක් ලියලා.. ඒව නං හරියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ කැත හිත් හින්දා තමයි එහෙම හිතෙන්නේ.. හි හි ( ඇද්ද..හූ....)

      Delete
  6. කෙල්ලේ... කොමෙන්ට් නොකලට මේ හැම එකක්ම කියවනවා හොඳෙය්....

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් නොකලට කමක් නෑ මාතලන්.. මං දන්නවා බිසී කියලා.. කියෙව්වත් ඇති මට...

      Delete
  7. මීයා කියපු එක මටත් හිතුනද මන්දා
    නරකද හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ලිව්වොත් පට්ටම රොමැන්ටික් ඈ

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ හොල්මන් මලයෝ... මට තේරුනේ නෑ...

      Delete
  8. ෆැන්ටසි කාලේ ලියපු එකක් කියල හොදට තේරෙනව.නැත්තං අය්යල නංගිල මෙහෙම ආදරෙන් ඉදීවියැ දුටු තැන මරාගන්නැතුව..))

    ReplyDelete
  9. ඒ...පොඩ්ඩයිනේ...මොකද්ද අප්පා....

    ReplyDelete
  10. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... අදත් පොඩ්ඩයිනම් තමයි.. මේක ෆැන්ටසියක් බව තේරෙනවා .සැබෑවට අයියලා නංගිලා මීට ගොඩක් වෙනස්නෙ..:D මට හිතෙන්නෙ හිතින් කෙනෙක්ව මවාගෙන ලියලා කියලා...

    ReplyDelete
    Replies
    1. හිතින් මාවාගත්ත එකෙක් තමයි හිතූ.. මො‌කෝ මට අයියලා හිටියයැ.. හි හි

      Delete
  11. හිරුවා මේ වගේ කතාවක් අද ලිව්වොත්..කතාව මීට වඩා හුඟාක් වෙනස් වෙයි නේද ? ඉස්කෝලෙ යන කාලෙ ඉතින් කොහොමත් අපි ඉන්නෙ සුරංගනා ලෝකවලනේ..හිතන්නෙ ඒ විදියමයි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං.. මේක කපලා කොටලා හදන්න යනවට වඩා ගිනි ගොඩාක් ගහලා පුච්චලා දාන එක ලේසියි කිව්වේ... හි හි

      Delete

  12. මල හත්තිලව්වේ .. කතාවක් ..

    ReplyDelete
    Replies
    1. ඒක කියපු කැත... හි හි

      Delete
  13. //යථාර්තවාදී ෆැන්ටසියක් කරා........//

    ෆැන්ටසිය උනත් ඕනවට වඩා වඩියි වගේ අක්කෙ :(
    මුල ඉඳල කියවපු නිසා අපි දන්නව මේ අයියයි නංඟියි කියල. ඒත් මෙහෙම එක කොටසක් විතරක් කියවන එකෙක්ට හිතෙන්නෙ මේක ලව් ස්ටෝරියක් වගේ.. මේක ගැළපෙන්නෙ තාත්වික ලව් ස්ටෝරියකටම තමයි.. (මට හිතෙන හැටි)

    ReplyDelete
    Replies
    1. ලව් ස්ටෝරියක් තමයි.. අයියගෙයි නංගිගෙයි... හි හි

      Delete
  14. මේක මුල කෑලි ටික හිරූ ලියන්න ඇත්තෙ මම බාස්ලත් එක්ක බදාම කෝස් එක කරපු කාලෙ වෙන්න ඇති. ඒ ටිකත් බලන්න වෙනවා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බදාම කෝස් එක කාලේ ගොඩක් ලිව්වා ඩූඩ් අයියේ..... හි හි

      Delete
  15. තාම අයියයි නංගියි විතරක් වගේ...!

    ReplyDelete
  16. me kotanne on screen mewwaekeni.key brd eka mewwa wii aetha. me aathmeta haedhena paatakdha naetha. ithin kiyonawa kiyala yandai aawe :)

    ReplyDelete
  17. අනෙක් කොටසත් කියවන්නට සැදී පැහැදී සිටිමි :)

    ReplyDelete
  18. හික් හික්.... ෆැන්ටසියක්ම තමා. මං හිතුවෙ මේ ගෙදර නතර වෙලා ඉන්න අයියෙක්ගෙයි,නංගියෙක්ගෙයි ලව් සීන් එකක් කියලා.කමෙන්ට් දැක්කාමයි එහෙම නෙවේ කියලා තේරුනෙ. මුල ටික කියවලා නෑ නෙ. කියවලා බලමුකො.

    ReplyDelete
  19. අර කිව්වත් වගේ අයියගෙයි නංගිගෙයි ලව් එක නම් ඕනවට වැඩියි වගේ. දැන් උන් දෙන්නගෙන් එකෙක් තව ලව් එකක් පටන් අරන් කතාව ඉස්සරහට යන්න ගියොත් මේ යන වේගෙ හැටියට මේක සුපර් මෙගා එකක් වෙයි නේද?

    හරි හරි අනේ, ගනන් ගන්න එපා, විහිළුවට කිව්වෙ. ඔයා මේක හුඟ කාලෙකට කලින් ලියපු එකක්නේ.

    කොටස් දෙකක් අතර දවසක විතර පරතරයක් තියෙද්දි ටිකක් වැඩිපුර ලිව්වොත් මොකද? කියවන්න ගන්න කොටම කතාව අදට ඉවරයිනේ.

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං.... මේක එහෙම කෑලි වලට කඩන්න තමයි ආමරු ...

      Delete
  20. හික් :D
    මේ මට මේ කතාවෙ පට්ටම අසාමාන්ය දේ තමයි හිරු අක්කෙ සුදු අයියේ කියල තමංගෙම අයියට කරන ආමන්ත්‍රනේ. කොච්චර ආදරේ තිබුනත් අනේ අම්මප තමංගෙ බඩ වැල කඩං ආපු එකාට එච්චර ආදරෙන් කතාකරනවයෙ. ඕයි, ගොනෝ, ලොක්කො, ලොකූ, වගේ ඒවනං කියනව මං අහල තියේ :D

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං මුන් දෙන්නත්...

      Delete
  21. ෆැන්ටසිය උනත් මරු.. සුට්ටක් දාන එක තමා අවුල...

    ReplyDelete
    Replies
    1. ඉතිං අඬපං... අනේ මන්දා ඔයත් දිනේශ්... හි හි

      Delete
  22. ඔන්න ඔහේ කියවල දැම්ම. අනං මනං හිතන්න යන්නේ නැතුව. ඇත්තටම ඔහොම අයියල නංගිලා ඉන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. ඉන්නවද නං දන්නේ නෑ.. හැබැයි හැමෝගෙම හිතේ නං ඉඳලා තියෙනවා වගේ... හි හි

      Delete
  23. අද නම් ශේප්. අපි වගේ කම්කරු ජනතාව ගැන හිතලම චුට්ටක් ලියලා.

    ReplyDelete
    Replies
    1. ඔයා විතරයි හොඳක් කිව්වේ මධු....

      Delete
  24. අප්පට සිරි..හිරුවා කෙටි කථාවක් ලියන්න අරගෙනනේ ..නියමයි ,
    කාලෙකින් බ්ලොග් කියවන්න වෙලාවක් හොයාගන්න බැරිවුනු නිසා ගොඩක් ඒවා මග හැරුනා.. ආයේ මුල ඉදලම කියෝගෙන එන්නම්කෝ කතාව..

    ReplyDelete
    Replies
    1. එහෙනං හෙන ලොට් එකක් තියෙයි කියවන්න.. හි හි

      Delete
  25. හෆොයි.. අයියෙක් නොහිටි හින්දා මේ කෙල්ල ලියන්නේ පෙංවතාට කතාකරන බාසවෙන් අයියට කතාකරන කතාවක්නෙව.. පවු..

    ReplyDelete
  26. දැන් හිරුවගේ නම වෙනස් වෙන්න ඕන මෙන්න මෙහෙම කෞෂි වඩුගේ ප්‍රසන්න ආරච්චි කියලා...මොකද කට්ටිය කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ෂික් .. මේක එච්චර අස්පට්ද... එහෙනං මගේ නම්බුව බේර ගෙන වැඩේ නවත්තන්නද මං...

      Delete
    2. අප්සට් නැතෝ බොලඳ වැඩියෝ ඒත් ලියන්න දිගටම. පොඩි කාලේ වැඩක්නේ...

      Delete
  27. අය්යෝ.. අක්කි,, හික් හික් මරු මල් කතාව.. එක පවුලේ අය්යලා නංගිලා එක ඇඳේ නිදාගන්නවායැ?? මන් නං අපේ අක්කිවත් පයින් එකක් ගහලා බිමට දානවා..:)

    ReplyDelete
    Replies
    1. කවුද කිව්වේ බොල එක ඇඳේ කියලා... හි හි

      Delete
  28. සෑහෙන කට්ටක් කාලා පාරමී දම් කොටස් ඔක්කොම කියවගෙන ආවෙ...අර බස් එකේ දැකපු සුදු උස කොල්ලට කෙල්ලට හිත යනවා...පස්සෙ දෙන්නා සැට් වෙනවා...මේ දෙන්නා මැද්දට අයියා පැනලා හතුරෙක් වෙනවා.... මේ වගේ තේමාවක් ගත්තොත්...ඔයාගෙ කථාවත් අනිත් ඒවා ගාණටම වැටෙනවා..හිරු... අපි හිතන්නෙ නැති ඉසව්වකට ගෙනියන්න කල්පනා කරන්න...

    ReplyDelete
    Replies
    1. මේක ලියලා ඉවර කරපු කතාවක් සිරා... මම 12 වසරේ ඉන්න කාලේ ලිව්වේ.. වෙනස් කරන් නෑ.. දාගෙන යනවා විතරයි....

      Delete
  29. ඇත්තටම අයියෙක්ට නංගියෙක්ට ඔහොම ඉන්න බැරිද...?....හැබැයි හිරු අක්කේ මේවගේ පොඩ්ඩ පොඩ්ඩ දාලා අපිව අවුස්සන එකටනම් මගේ මනාපයක් නැ හරිය..

    ReplyDelete
  30. අයියෝ ඔය මතු සම්බන්ධයි නොකියාම ඉන්න බැරිද...මල පනිනවානේ කියවගෙන යද්දී අන්තිමට තියෙනවා ඕක.....

    ReplyDelete