Sunday, December 30, 2012

“ දාමිණී ” කතාවේ මට පේන දුක්බර ඇත්ත .. What I see inside the story of “ Damini”

දැන් දවස් කීපයක් තිස්සේ මේ කතාව ඇහුනා...  දැං මේ සිද්ධිය මතක් වෙන වාරයක් වාරයක් ගානේ මගේ කොදු නාරටිය වෙවුලලා, ඇඟ සීතල වෙලා,බඩ ඇතුලේ තියෙන ඒවා රිදෙන්න ගන්නවා... ඒ තරම් කම්පනයක් ඇතිවෙච්ච සිද්ධියක් මං හිතන්‌ෙන්, සුනාමියෙන් පස්සේ දැක්කමයි මං... නමුත් ඊයේ මම හිත තද කරගෙන මේ ගැන පොඩි සර්ච් එකක් දාලා බැලුවේ, මේ ගෑණූ ළමයා මිය ගියා කියලා දැන ගත්තට පස්සෙ... 

මේ ලියන්න යන්නේ මොකක් ගැනද කියලා සමහර විට මාතෘකාව දැක්කම හිතගන්නත් පුලුවන් වෙන්නත් ඇති... 

ඒත් මං ලියන්න ගත්තේ මේ සිද්ධිය හෝ එයට අදාළ පුද්ගලයන්ට දිය යුතු දඬුවම මොකද්ද කියල වත් කතා කරන්න නෙවෙයි.. The Indian Express අඩවියේ පල වෙච්ච මෙන්න මේ කතාව ගැන... Link to the post of The Indian Express.
“When a movement is happening, it is sometimes hard to know you are at the epicentre,” says the younger brother of the Delhi bus gangrape victim who continues to battle for her life.
Ironically, the 19-year-old adds, nobody lets you forget it either — not the protesters, not the eager internet rumour-mongers, not the politicians, not the police and certainly not the media. In the midst of all, their only concern is a woman who only partly knows the extent of her injuries but senses the worst as the buzz around her grows.
It’s been a week since the family has been at the bedside of the woman at Safdarjung Hospital. Since then, from the floor of Parliament to the doors of Rashtrapati Bhavan, the story of their tragedy is the only thing they have been hearing.
“It is like the life we had a week ago never existed. Every day is now passing by in a flash. When I switch on the TV or log on to a social networking site, I see these emotional outbursts about Damini, Amanat, Nirbhaya (the names some media organisations have given the victim). It’s hard to digest that this is my sister they are talking about,” says the brother.
The first time he saw a pseudonym flashing on TV, he says he raised the issue with doctors and some police personnel. “I thought the channel in question had got my sister’s name wrong, because they said ‘Damini’s condition is deteriorating’ — they addressed her like that. I was reassured from the first day that our names, my sister’s name would not come out. I was furious,” he says.
He has since learnt the ropes, even the terms for it. “Somebody explained to me it is a phenomenon known as personification. I don’t like it, but they say she is the face of a movement,” he says. However, the Net barrage was something he couldn’t take — he has blocked his Facebook account.
“Every two hours, there is a new rumour. On social networks, celebrities and many friends flash her obituaries every night. For them it is just an online status they correct in two hours. At the same time, media channels say she has had a two-hour conversation, she has walked, she has smiled, she has hugged UPA chairperson Sonia Gandhi,” he says.
Last Friday, he saw claims on a TV channel of his sister having “taken a few steps, with brother’s help”, and “walking for the first time after the incident”. She was actually vomiting and complaining of a new abdominal pain that day.
“That night, my mother and sister hardly slept. It was a long and bad night for us, and TV channels were flashing that she was on her feet. I was tired and angry,” he recounts.
On Sunday, as the protests over the rape turned violent in Delhi, the family faced another pressure. Even as the victim went through one more operation, her brother says the police approached them.
“They told us more than 80 people had been injured, that people were getting violent in my sister’s name. They wanted us to make an appeal for peace. We wanted the movement to continue, but we did not want violence,” her brother says.
Towards the evening, when she was brought back to the ICU after her surgery, her father finally conceded to the demand. The father’s appeal to “Please help the police in maintaining law and order. Pray for my daughter, vandalism can serve no purpose”, rang out through media channels late on Sunday night.
A day later, the father does not want to interact with the media, despite repeated requests. “My father is scared that a wrong message has gone out. It seems like we don’t want the protests. We are suffering so much, why should we be against the movement? Now, he has decided against speaking to the media. There were more requests from the police, but we told them we don’t want to risk it again,” the brother says.
The flood of relatives and neighbours has not made things smooth either. “People want to know what she said, what she wrote in notes, how long she had known her male friend, who was accompanying her. Relatives want us to ask doctors if she will be able to get married and have children. My parents have become tired of answering questions,” he says.
Politicians have gone so far as to seek a meeting with the girl. “There is a risk of infection, we have said that repeatedly. But the requests continue to pour,” a senior administrative official at Safdarjung Hospital said.
While some politicians paid solitary visits, others have been calling the family and landing at the hospital every day. “They are protesting outside the hospital, calling us at odd hours, telling us they will pay us for her medical treatment. Each one speaks to the doctor, gets a new update, and calls us. While we appreciate the support, it gets scary sometimes,” the brother says.
Meanwhile, the family’s efforts are concentrated on keeping the victim as guarded from the hue and cry as possible. While she wants the accused to be hanged, the brother says, she is also scared.
“She does not know her intestines have been removed. She doesn’t even know the extent of the public outcry,” says the brother. “Even when her friends or relatives come to visit, she asks us how much they know. When she hears of politicians coming, she gets scared. She keeps asking my mother if she has told anyone what happened.”

මේ තියෙන්නේ ඒ ගෑණු ළමයගේ අවුරුදු 19ක් වයස මල්ලි කියන කතාවක්... මට මේක ට්‍රාන්ස්ලේට් කරන්න තරම් දැනුමක් නැති උනත් මේ කියන්න මොකද්ද කියන එක මේක කියෙව්වම ඕනේ කෙනෙක්ට හිතාගන්න පුළුවන් වෙයි... මට ලියන්න ඕ‌ෙන් උ‌ෙන් මේක ගැන.. 

මං දන්න කියන හැම ඉන්දියන් කෙල්ලෙක්ගේ, කොල්ලෙක්ගෙම වගේ ‌ප්‍රොෆයිල් එක කලු රවුමක් වෙලා තියෙන්නෙ මේ ටිකේ ෆේස්බුක් එකේ... ඒ වගේම හැම විනාඩි 5කටම සැරයක් මොකක් හරි මේ සිද්ධිය ගැන තොරතුරක් ෂෙයා වෙනවා... ඒ හැම වෙලාවකම මගේ ඇඟ ඇතුලේ ඇතිවෙන පෙරළිය මෙහෙම නම්, මේ සිද්ධියට මුණු දුන්නු මේ පවුලේ අයට මොන වගේ දැනෙනවා ඇද්ද කියලා මට හිතාගන්නත් බෑ.... 

මාධ්‍ය වලට බනින්න, ගරහන්න මගේ කිසිම කැමැත්තක් නෑ.. මාධ්‍ය නිසා තමයි අපි උනත් මේ සිද්ධිය දැනගත්තේ... ඒත් ඇත්තටම මේ සිද්ධියේ තොරතුරු එළියට එන්න එන්න, මේ කරපු අමනුස්සයෝ ටික ගැන මිනිස්සුන්ගේ හිත් වල තියෙන තරහා, පිලිකුල වැඩි උනා මිසක් සිද්ධිය හෙලා දැකීමක් හෝ මේ වගේ දෙයක් ආයිත් වෙන එක වලක්වගන්න දෙයක් කළ යුතුයි කියලා නැඟෙන හඬක් මං ගොඩක් තැන් වල දැක්කේ නෑ... ... මොකද ෂෙයා වෙච්ච ගොඩක් දේවල් තිබුනේ සාප කරලා, දියයුතු දඬුවම් මොනාද කියලා කතා කරලා මිසක්, මෙහෙම දෙයක් වෙන්න හේතුව ගැන කතා කරලා තිබුනේ බොහොම කීප දෙනයි...මේ සිද්ධියේ තියෙන කෲර බව නිසා ඉතිහාසයටම කලු පැල්ලමක් බව අමුතුවෙන් කියන්න දෙයන් නෑ.. නමුත් මේ ඔය වගේ, එක සිද්ධියක් විතරයි කියලා පිළිගන්න කාටවත් අමාරුවක් නෑ කියලා මම හිතන්නේ... 

මේ කතාව කියවද්දි උනත් ඕනේ කෙනෙක්ට තේරෙනවා මේ සිද්ධිය මෙච්චර කෲර දෙයක් නොවී, මාධ්‍යට හෙලි නොවී තිබුණනං මේක තවත් කෙල්ලෙක්ගේ ජීවිතයක් විනාස වෙලා, ඒ කෙල්ල සහ ඒ පවුල තනියෙන් විඳවන දෙයක් බවට පත්වෙයි.... ගොඩක් වෙලාවට මේ ගෑණූ ළමයා සියදිවි නසාගෙන මේ කතාව ඉවර වෙයි... මේ වගේ වෙන කීයක් අපරාධ මේ අපේ රටේ සහ ඉන්දියාවේ වෙනවාද.... ?

බටහිර රටවලට වඩා අපේ ව‌ෙග් ආසියාතික රටවල මේ වගේ දේකදි ඇති වෙන ප්‍රශ්න වැඩියි.. බටහිර රටක නම් බො‌හෝ වෙලාවට හිතන සහ උත්සාහ කරන එකම දේ මේ වගේ ළමයින්ගේ ජීවිත බේර ගන්න එක.... නමුත් මම දන්න දේ තමයි අපේ ආසියාතික රටක නම් මෙහෙම සිද්ධියක් කෙල්ලෙක්ට උනොත් ඒ ළමයා විතරක් නෙවෙයි, ඒ පවුලමත් අන්තෙටම ඇදගෙන වැටෙනවා... ඒ ළමයට කසාද බඳින්න බැරි වෙනවා.. කතන්දර හදනවා... එළියට බැස්සම ඔක්කොම කන්න ව‌ෙග් බලනවා... තනිකරම ඒ ළමයට ජීවිතේ මිහිපිට අපායක් කරනවා... 

ගොඩක් අය එහෙම ජීවත් වෙනවට වඩා මරණය හොඳයි කියලා දිවි නසා ගන්නවා... එහෙම නැත්තම් ඒ සිද්ධිය හංගගෙන විඳව විඳව ජීවත් වෙනවා.... 

ඒක ඇත්තටම මේ වගේ අමනුශ්‍යයන්ට ලොකු හයියක්... එකක් මරලා දැම්මොත් සාක්ෂියක් හොයන්න බැරි කම.. අනිත් එක මැරුනට පස්‌ෙස් ටික කාලෙකින් ඒ ආවේගය අඩු වෙන නිසා.... සමහර වෙලාවට අම්මලා තත්තලා උනත් හිතනවා මළා නම් ඒක එතනින් ඉවරයි කියලා... 

මම නම් හිතන්නේ මේ සිද්ධිය ඉන්දියාවට විතරක් නෙවෙයි, ලංකාවටත් යුද්ධය,සුනාමිය වගේ මාක් එකක් වෙන්න ඕනේ කියලා... අදටත් සුනාමිය කිව්වම ගොඩක් අයගේ ඇඟ හිරි වැටෙනවානේ... ( සමහරුන්ට නම් දැන් එහෙම එකක් මතක නෑ තමයි...) මේවට නීති ගේන එක විතරක් නෙවෙයි, ඒ නීති ක්‍රියාත්මක කරන්න සමාජය පොළඹවන්නත් පටන් ගන්න ඕනේ කියලා.. මේ වගේ සිද්ධියක් යට ගහන තරමට තවතවත් මේ වගේ සිද්ධි වැඩි වෙන බව තේරුම් කරලා දෙන්න ඕනේ.. ඒ වගේම මේ අහිංසක කෙල්ලොන්ව අපහසුතාවයට පත් නොකරන සමාජයක් හදන්න ඉක්මණින් පටං ගන්න ඕනේ.. 

බස් එකකදි කෙල්ලෙක්ට ජැක් ගහන මිනිහෙක් දැක්කමත් අහක බලං යන මිනිස්සු ඉන්න අපේ සමාජේ මේ වගේ දෙයක් කරන්න අමාරුයි තමයි... තමන්ගේ කෙනෙක්ට උනොත් එන තරහා, ආවේගය ඒ වෙලාවට මතක් වෙන්නේ නැත්තේ ආත්මාර්ථය හින්දම තමයි... ඒ වගේම මේ වගේ සිද්ධියකදි පොලිසියට ගියොත් ඒ පවුලම කොච්චර සමාජයෙන් කොන් කරන්න ගන්නවද...? ඒ ළමයගේ චරිතය නැති කරනවා කට කතා වලින්.. ඒ ළමයගේ පවුලේ අයට පාරේ බැහැලා යන්න නැති වෙනවා.... ඒ ළමයට තියා, ඒ ළමයගේ පවුලේ වෙන ළමයෙක්ට වත් කසාදයක් කරගන්න බැරි තරමට මිනිස්සු කතා හදනවා... අනුකම්පාව පෙන්නගෙන ගිහින් තමන්ගේ ආත්මාර්ථකාමී දේවල් ඉටු කරගන්න හදනවා... මාධ්‍ය, දේශපාලයෝ, නෑ දෑයෝ, හිතවත්තු උනත් මේ වගේ වෙලාවලදි හැසිරෙන්නේ වදයක් වෙන විදියට... පවුලට තමන්ට කරන්න පුළුවන් උදවුව, අයගේ හිත් නොරිදෙන විදියට කරන්න අපේ මිනිස්සු දන්නේ නෑ... 

ඔය ඔක්කොටම හරි නම් මුහුණ දෙන්න ඕනේ අර වැරදි කරයා ..ඌ එක්කො හිරේට යනවා, නැත්තම් හොඳට තමන්ගේ පාඩුවේ ගේ අස්සට වෙලා ඉන්නවා.. නැත්තම් තවත් මේ වගේ දේවල් කරන්න ගන්නවා... 

වගේම මාධ්‍ය හැමතිස්සේම ඔය ගැන කතා කරනවා... අර මිනිස්සුන්ට වදයක් වෙන තරමට පස්සෙන් පන්නනවා... තමන්ගේ කුතුහලය නිසා පවුල තවත් අසරණ වෙනවා කියලා හිතන්නේ නෑ කිසි කෙනෙක්... යම්කිසි දේකදි යම් තොරතුරක් එළිකරන්න අවශ්‍යද නැද්ද කියන සදාචාරයක් අපේ රටේ උනත් මාධ්‍ය වල නෑ කියලා මට හිතෙන්නේ... 

අනිත් එක නීති තිබ්බත් ඒ නීති ගැන විශ්වාසයක් නැති උනාම තමයි මිනිස්සු තොරතුරු හොය හොය යන්නේ.. නීතිය ගැන විශ්වාසයක් තියෙනවා නම් ගොඩක් අය සාධාරණයක් ඉටු වෙන බව දැනගෙන ඉවසීමෙන් ඉන්නවා.. මේකෙදි උනත් කියවගෙන යනකොට පේන්න තියෙන දේ තමයි බොහෝ ඉන්දියානුවන්ට මේ සිද්ධියෙදි නීතිය ක්‍රියාත්මක නොවෙන බව දැනිලා තියෙන බව...  අ‌ෙප් රටේ උනත් අපි ගොඩක් දේවලට පොලිසියට යන්න කැමති නෑනේ.. එකක් නීතියක් නැති කම.. අනිත් එක නීතියක් ඇති බව නොදැන ඉන්න එක.. අනිත් එක නීතිය ගැන විශ්වාසයක් නැති කම.... 

පහුගිය කාලේ අපි ලිංගික අධ්‍යාපනය ගැන කතා කළානේ.. ඒකෙදි මතු වෙච්ච එක ගැටළුවක් තමයි ගබ්සාව ගැන තියෙන විරෝධය.. ගොඩ දෙනෙක් පළ කරපු මතයක් තමයි දැනුවත් වීමෙන් පිළිසිඳ ගැනීම් වලක්වන්න පුළුවන්කම තියෙද්දි ඇයි ගබ්සාව ගැන කතා කරන්නේ කියන එක... ඒකට හේතුව විදියට මම නම් දකින්නේ නිසි දැනුවත් වීම් නැති කම... ඒ වගේම මානසිකව ඒ වගේ අවස්ථාවක් සදහා සුදානමක් නැති කම... අපේ රටවල තියෙන ‌ගොඩක් ලොකු ප්‍රශ්නයක් නේ ලැජ්ජාවට සහ බයට මේ වගේ දේවල් හංගගෙන ඉන්න එක.. කිසි කෙනෙකුට කියන්නේ නෑ... එහෙම උනාම අපරාධකාරයෝ අල්ලන්නත් බෑ.. සාක්ෂි නැති වෙන නිසා... අපේ රටවල තියෙන යල් පැනපු නීති උනත් වෙනස් විය යුතුයි දැන් නම්..... 

මේ දේවල් හැදෙන්න නම් මේවා සමාජයේ ඉස්සරහට ඇවිත් කතා කළ යුතු දේවල්.. ඒ කියන්නේ මේ සිද්ධිය ගැන කතා කරලා, ඒ පවුලට කණගාටුව පළ කරලා, ඒ ළමයට නිවන් සුව පතලා විනාඩි දෙකක් නිශ්ශබ්දව ඉන්න එක නෙවෙයි.... මේ සිද්ධිය වගේ දෙයක් ආපහු නොවෙන්න දේවල් කෙරෙන්න ඕනේ... නීති ගැන දැනුවත් කරන්න ඕනේ.. බටහිර රටවල නම් ගොඩක් ගෑණූ ළමයි තමන්ට කරදරයක් උන ගමන් රෝහලට හරි යන්න දැනුවත් වෙලා ඉන්නවා.. ඒකට අපේ අය...තමන්ට යම් අතවරයක් සිද්ධ උනා නම් කරන්න ඕනේ දේවල් දන්නේ කීයෙන් කී දෙනාද...? ඒ වගේ සිද්ධියකින් බේරෙන්න පුළුවන් ක්‍රම ගැන දන්නේ කෙල්ලෝ කීයෙන් කී දෙනාද...? 

කොහොම උනත් මේ සිද්ධිය ඉන්දියාවේ වෙච්ච නිසා අපෝ අපේ රටේ ඔහොම ඒවා වෙන්නේ නෑ කියලා අහක බලං ඉඳලා හරි යන්නේ නෑ... මේ සිද්ධියෙන් යම් බලපෑමක් අපේ රටටටත් සිද්ධ නොවුනා කියලා මම හිතන්නෙත් නෑ.. ඒක නිසා මේ දේවල් ගැන කතා කරන්න, හරියාකාර වැඩපිළිවෙලක් පටන් ගන්න මේක හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා... 

ඒ වගේම මේ අවසනාවන්ත සිද්ධියට මුහුණ දීලා, ආකාලයේ මිය ගිය සොයුරියට මේ සසරේ කිසිම දිනෙක මේ වගේ දුකකට මුහුණ නොදීමටත්, නිවන් සුව ලැබීමටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... 

උගන්නන්නංකෝ හොඳ පාඩමක්.... පාරමී දම් 2 කොටස


මොකද හලෝ.... මූණ ඩබල් කරගෙන... වලියක් වත් දාගත්තද අයියත් එක්ක..

මධු මගේ පිටට පාරක් ගහලම ඇහුවේ ඒකගේ පුරුද්ද නිසා.. ඌ ළඟ ඉන්න එකා ගුටි කන එක සාමාන්‍ය දෙයක්... 

ඩබල් තමයි... අරයට කොච්චර කිව්වත් අහන්නේ නෑ නේ ෆුට්බෝඩ් යන්න එපා කියලා... වවුල් පුරුද්දට එල්ලිලාමයි යන්නේ...

හම්ම්... ඔය කට්ටිය ෆුට්බෝඩ් එක බදු අරන්නේ ඉන්නේ.. හැටි තමයි ඉතිං.. මොකද කරන්නේ....

මේ.. අපිත් යන්ද ෆුට් බෝඩ්..... 

ඒ.. මාත් හෙන ආසයි අක්කේ... යන්කෝ.... 

මධු කොහොමත් ඔය වගේ වැඩ වලට පැනලා තමා.... 

අපි දෙන්නා චණ්ඩි දෙන්නා වගේ ෆුට් බෝඩ් එකට ගිහින් කණුවක් අල්ලගෙන හේත්තුවක් දාගත්තේ බය හින්දම තමයි.. ඒත් ඉතිං ඒක පෙන්නන්න පුළුවන් යැ.... මං ගනන් පාට් එකක් දාන ගමන්, ටයි එක බෙල්ට් එකට යට කරන කොට කොල්ලො ටික හොල්මන් වෙලා බලාගෙන හිටියා... 

ඒ .. කසුන්... උඹේ නංගි නේ අර ෆුට්බෝඩ් එකේ ඉන්නේ...

කට ඇරන් බලං හිටපු සුජීව අයියට තමයි මුලින්ම සිහිය ආවේ... 

ඔව් මං දැක්කා බං... 

සුදු අයියා බොහොම ඉවසිලිවන්තව කිව්වා... 

අඩෝ කසුනයා... අර උඹලෑ නංගි ෆුට්බෝඩ් එකේ....

තරිඳු අයියා කට දැම්මේ සුදු අයියගේ මූණ රතුවෙනවත් එක්කම තමයි.. අපෝ... ඔය නපුරු පාටට මං බයයි..... මං ගනන් ගන්නේ නැතුව එළිය බලා ගත්තා... 

දැක්ක යකෝ... කෑ නොගහ හිටපං...ඔය මාත් එක්ක මළට වෙන්න ඕනේ..

අයියලා සෙට් එකම අපි ළඟට ආවේ පොලිස්කාරයෝ ටිකක් ගේ... මගේ පපුවඩොග්’ ‘ඩොග්ගාලා ගැහෙන්න පටං ගත්තා... 

සුද්දි.. මොකෝ මේ  ෆුට්බෝඩ් එකේ...... ගිහින් ඇතුලෙන් ඉඳගන්නවා....”

ඇයි ඔයාලට විතරද ෆුට්බෝඩ් යන්න පුළුවන්...ලියලා දීලා නෑ නේ....

මං ගනං පාට් එකෙන්ම ඇහුවා... 

ආ.. ඒකද මේ...

ඔව් ... ඒක තමයි.. මට අවවාද දෙන්න කලින් ඔයා හැදිලා ඉන්න...ඔයාටයි ඔයාගේ යාලුවෝ ටිකටයි ෆුට්බෝඩ් එකේම යන්න ඕනෙනේ... හිතාන ඇති මහ ලොකු වීරයෝ කියලා... වීරයෝ වෙන වගක් නම් මං දන්නෙ නෑ... හැබැයි කාඩ් බෝඩ් වීර ගතිය නම් හොඳට පේනවා....හිතාගෙන ඇති ලොක්කෝ කියලා හිතලා කෙල්ලො යාලු වෙයි කියලා... යාලු වෙයි.. මැන්ටලයක්... මොළයක් තියෙන කෙල්ලෙක්නම්  පැත්ත බලන්නේ නෑ...

මං එහෙම කිව්වේ කට්ටියගෙම චින්තනෙයි දර්ශනෙයි මං දන්න නිසා.. කෙල්ලන්ට පේන්න කරන වැඩ..... වෙනදට පැනගෙන තර්ක කරන කට්ටිය කටවල් ඇරගෙන බලං ඉන්නවා... 

හරි හලෝ... අපි සෙල්ලමට නේ යන්නේ.. වද නොදී ගිහින් ඉඳ ගන්නවකෝ ඇතුලෙන්....  

සුදු අයියා එහෙම කිව්වම මට ආව කේන්තිය...... 

සෙල්ලම තමයි කවදහරි ලෙල්ලම වෙන්නේ... ඔහොම එල්ලිලා යද්දි බැරි වෙලා හරි අතක් ලෙස්සලා ගියොත්... ආයි එල්ලිලා තියා කෙලින් හිටගන්නවත් පුළුවන් වෙයිද කියලා ඔයාලා හිතන් නෑ නේ....ඔයාලට මොනා හරි උනොත් අර අහිංසක අම්මලට මොනාද වෙන්නේ... මට මොනාද වෙන්නේ සුදු අයියේ.... ඕගොල්ලෝ ඔය මුකුත් හිතන්නේ නෑ.. සෙල්ලමයි විහිළුවයි විතරයි ඔයාලට ඕනේ..

මගේ ඇස් දෙකට කඳුලු උනාගෙන ආවේ, කියන්න තව ගොඩක් දේවල් තිබ්බත් හිතේ තිබ්බ කේන්තියයි දුකයි හින්දා, කතා කරන්න හයියක් නැති උන නිසා... මං කඳුලු පිහිදගෙන සුදු අයියා දිහා බැලුවා...

සොරි සුද්දියේ...

සොරි කිව්වම ඔක්කොම හරියනවද...

මං සුදු අයියගේ අතින් අල්ලගන්න ගමන් ඇහුවා... 

හරි හරි.. මං ප්‍රොමිස් වෙන්නම්...  

ඔව් හරි... අපි ඔක්කොම පොරොන්දු වෙනවා.. දැංවත් ඇතුලට ගිහින් ඉඳගන්නවද... ඔයා මොනා හරි කරගත්තොත් මූ අපිව මරං කයි...

ඒ පැන්නේ තරංග අයියා... 

සුදු අයියා ‌ගෙ අතින් අල්ලගෙන ආපහු අපි බෑග් තිබ්බ තැනට යන‌ෙකාට මධුත් අඩියට දෙකට එතනට පැනලා ඉදගත්තා... 

හොඳ අයියා...

අපෝ.. වැඩිය බටර් එපා... 

මගේ ළඟින් වාඩි උන අරුණ අයියා මගේ කොණ්ඩෙන් ඇද්දා... 

කසුන්... දැං අපි බහින්නෙ කොහෙන්ද......

තරිඳු අයියා රුක් සටහනක් ගහගත්තා අරුණ අයියගේ කකුල උඩ... 

ඇයි උඹට ඒකත් අමතක උනාද ඒ ටිකට....

සුදු අයියගේ කටහඬ වෙනස් වෙලා කියලා තේරුනේ මට විතරද කොහෙද...

නෑ බං... දැං උඹලා ප්‍රොමිස් උනා නේද ෆුට්බෝඩ් යන්නේ නෑ කියලා... ඉතිං දැං අපි බහින්නේ ජනේලෙන්ද.... 

තරිඳු අයියා ගානක් නැතුව කියලා දැම්මා... 

ඔයා නං අන්තිම නරකයි තරිඳු අයියේ... 

මධු තරිඳු අයියව බිමට වැටෙන්නම තල්ලු කරලා දැම්මා... ඌ ළඟ ඉඳගත්තොත් ඔය වගේ එකක් වෙනවමනේ... 

ඒ අස්සේ මං සුදු අයියගේ අතින් අල්ලගත්තා... 

ආයිත් යන්නේ නෑ හොඳේ ෆුට් බෝඩ්....

නෑ.... නෑ.. නෑමයි... ඇති නේ...

සුදු අයියත් එහෙම කියාගෙනම මගේ ළඟින් ඉඳගත්තා...


මතු සම්බන්ධයි

අග මුල හොයා ගන්න මේ පැත්තට ගියා නම් පුළුවන්... 

Saturday, December 29, 2012

උදේට අපේ ගෙදර යුද්දේ... 1 කොටස..


 ඕයි ... නැගිටිනවා...... හතරාමාරයි .... 

ඔරලෝසුව කන ළඟ තියාගෙන නිදා ගන්න මේ මළ කරදර කාරයා හින්දා මං උඩ ගිහින් ඇහැරුනේ.... 

 ඕක ඕෆ් කරනවකෝ සුදු අයියේ.... මං ඇහැරිලා ඉන්නේ... 

මං නිදිමතේම ඇඳෙන් නැගිට්ටෙ සුදු අයියට පාරක් ගහන ගමන්.. නිදිමතේ වැනි වැනි ගිහින් මං බාත් රෑම් එකට රිංගගත්තා... මං දන්නවා තව ටික වෙලාවකින් සුදු අයියා බාත්රූම් එකේ දොර කඩන්න හදනවා කියලා ... 

දොරට ගහපුවා ගනං නොගෙන, මං එයාට හිනාවෙවී බාත්රූම් එකෙන් එළියට එනකොට සුදු අයියා කකුල් දෙකත් පුටුවක් උඩ තියාගෙන ඔරෝගෙන හිටියේ ඔරං ඔටං කෙනෙක් වගේ.... ඊයා.. මුණේ හැටි..... 

මං කුස්සියට ගියේ මගේ තේක හොයාගෙන... අම්මයි විමලක්කයි එක්ක කයියක් දාගෙන තේක බීලා එනකොට සුදු අයියා මට ගොරෝනවා... 

මගේ ගවුම අයන් කරලා, අයන් බෝඩ් එක උඩම දාලා ගිහින්.. ඒ කියන්නේ මෙයාට හොඳටම කේන්ති ගිහින්... මං කාමරේට යනකොට සුදු අයියා කකුල් දෙකම ඇඳ උඩ තියාගෙන සපත්තු දානවා... 

 දැන් ද එන්නේ.... කුමාරිහාමිට ඔක්කොම වැඩ ටික කරලා දුන්නට පස්සේ එනවා මෙතන නැලවි නැලවි.... 

“ ඊයා හලෝ... මොනාද ඔය කරන්නේ... සපත්තු දෙක ඇඳ උඩ තියාගෙන.... ඕකේ තියෙන හැම මළ ජරාවම බෙඩ් ෂීට් එකේ.... 

හැමදාම කිව්වත් අහන්නෙ නෑ.. මං සපත්තු දෙක බිමට ඇඳලා දැම්මා... 

 ඕන් නැති වැඩ කරන්න එපා ඕයි..... තමුසේ නම් මහ වදයක් සුද්දි...  

ඒක එයාගේ මන්තරේනේ... මං එයාට හිනාවෙලා ෂේප් උනා... තරහා ගියාම මෙයාගේ මූණ, අපේ බලුරාළට කවුරුහරි ගලකින් ගැහුවම වගේ.... 

සුදු අයියා සපත්තු දාලා ඉවර වෙලා ෂර්ට් එක අතට ගත්තා.. තියෙන සෝබනේ කොච්චරද කියනවා නම් සපත්තු දාලා ඉවර වෙලා තමයි ෂර්ට් එක අඳින්නෙත්... පොඩි නොවෙන්න.. පුළුවන් නම් කලිසම අඳින්නෙත් නැතුව සපත්තු දායි.. ඒ තරම් මෝස්තර කාරයා .... 

මං එයාව ගනන් ගන්නේ නැතුව අල්මාරිය අරිනකොට සුදු අයියා ෂේප් එකේ කාමරෙන් එළියට ගියා... 

 සුද්දි... කෝ ඕයි පනාව.... 

ඒ පාර කෑ ගහනවා එහා කාමරේ ඉඳලම... 

 ඔය ළමයි දෙන්නට ඔයිට වැඩිය හොඳ බාසාවක් නැද්ද කතා කරන්න... මොකද මේ ඕයි බෝයි ගගා කෑ ගහන්නේ...

මළා... අම්මට ඇහිලා.... දැ ඉතිං පටං ගනී ධර්ම දේශනාව..... 

 මං කො‌හොමද දන්නේ... හොයා ගන්නවා... 

මේ පරක්කු වෙලා තියෙන අස්සේ මෙයත් පිස්සු කෙළිනවා... තරහා යන්නැද්ද ඉතිං... 

 ආ.. මේ තියෙනවා.. ඇවිල්ලා ගන්නවා...

සුදු අයියගේ පනාව තිබ්බේ පොත් මේසේ උඩ... ඒ පාර කාමරේට අත දාගෙන ඉන්නවා දොර රෙද්ද අස්සෙන්... 

 මං ඇඳගෙන ඉවරයි හලෝ... 

මං එයාගේ අතින් ඇඳලම පනාව දුන්නා... 

ඔය ඒපාර පනාවත් අරං කණ්ණාඩිය ඉස්සරහින් හිට ගත්තා... ට්‍රාන්ස්පේරන්ට් කියලා හිතාගෙනද කොහෙද.... මං හිමීට සුදු අයියගේ පිටට තට්ටුවක් දැම්මා.. 

 මොකෝ...

 මං කොණ්ඩේ පීරන් නැද්ද...පැත්තකට වෙලා හැඩ වෙනවා.. 

මං එයාව පැත්තකට තල්ලු කරලා දැම්මා... 

 මං හැඩ වෙලා ඉවරයි නංගියේ..... 

සුදු අයියා බටර් පාරක් දාගෙන මං ළඟට කිට්ටු වෙනකොටම මං පැත්තකට පැන්නා... මෙයාගේ වැඩි ආදරේ හොඳකට නෙවෙයි...

“ ඔහොම ඉන්නවා...”

සුදු අයියා මගේ ඔලුවෙන්ම අල්ලගෙන අතේ තිබ්බ ජෙල් ටික මගේ ඔලුවේ ගෑවා... 

“ මොනාද මෝඩයෝ කරන්නේ... මොන මොට්ටයෙක්ද මන්දා.... ” 

මං අල්ලගන්න කලින් සුදු අයියා කාමරෙන් එළියට පැන ගත්තේ  ඉක්මණට කොණ්ඩේ පීර ගන්නවා .. ” කියලා මට නෝන්ඩියක් දාගෙන... 

එයාට බැන බැන මං කොණ්ඩෙ පීරන කොට ආයිත් කඩං පාත් උනා කාමරේට... තනියම නෙවෙයි... කන්දක් තරං උස බත් එකක් බෙදාගෙන... 

 අරිනවා කට... 

 මෙච්චර බත් ගොඩක් බෙදා ගත්තේ කාට කන්නද....

 මට නෙවෙයි.. ඔයාට... 

 මට මෙච්චර කන්න බෑ...

 පැහිච්චකම තියලා මේක කනවා....

සුදු අයියා අලි බත් කටක් මගේ කටේ එබුවා... බත් කට කවන්න යද්දි සුදු අයියගේ අතත් එක්ක කටත් ඇද වෙනවා.. ඒක දැක්කම හිනා යන්නේ මට විතරක් නෙවෙයි.. අම්මටයි විමලක්කටයිත් හිනා යනවා... 

 මෙහෙ දෙනවා මං කවන්න... 

අම්මා මගේ කොණ්ඩේ ගොතන්න ගත්ත නිසා මං බත් එක ගත්තා.. මෙයා කවන කොට හෙට එළිවෙයි.. 

 නියම අයිඩියා එක.... 

ඔව් ඉතිං..ඔයාට මං කවනවා නං වෙන මුකුත් ඕනේ නෑ නේ... ඒ උනාට එක තැනක ඉන්න බැරි අමාරැවක් තියෙන නිසා සුදු අයියට කවන එක හරිම අමාරුයි... බත් කටවල් හතරක් පහක් කෑවට පස්සේ ඇති කියලා, ඔලුව හතර පැත්තටම වනලා, මාරු වෙලා පැන ගත්තම මං තමයි ඉතුරු ටික කන්න අහුවෙන්නේ.. ඉතිං මං හැමදාම අම්මගෙන් බැනුම් අහන්න ඕනේ බත් ඉතුරු කළා කියලා.... මෙයා නම් පුදුම වදයක්.... 

 සුද්දි... පරක්කුයි... හයට දහයයි.. අද නං බස් එකේ තමයි යන්න වෙන්නේ... 

“ මේ මට නං බෑ බස් එකේ යන්න... ඔයා හැඩ වෙවී තවත් පරක්කු වෙනවනේ... යංකෝ සුදු අයියේ...” 

මං කුස්සියට දිව්වා වතුර බෝතලේ අරං එන්න... ලොකු කමට අයියා වතුර අරන් යන්නේ නෑ නේ... එයාගේ බෑග් එකේ පොත් තියෙනවද දන්නෙත් නෑ... 

 ආ ටයි එක... දාගන්නවා.. 

හැමදාම මට වෙලාව මදි වෙන වැඩේ ඕක තමයි... ටයි එක නිකම් කරේ දාගෙන අපි දෙන්නම අම්මට වැඳලා එළියට බැස්සා.. දැං ඉතිං දුවන්න තියෙන්නේ ස්‌ටේෂන් එකට... 

ටයි එක දාගන්නකම්ම අයියා මට බැන බැන යන්නේ... කරුවලේ ටයි දාන ගමන් දුවන්න පුළුවනෑ.... 

“ සුදු අයියේ..මාර වැඩේ.....” 

මං එකපාරටම රේල් පාර මැද නැවතුනාම අයියා දන්නවා ලෙඩක් කියලා... 

 මොකෝ....

 ඉස්කෝලෙට රු 50ක් ගේන්න කිව්වා.. මට අමතක උනා අම්මට කියන්න...

“ දැං  මතක් වෙන්නේ.. ඉස්කෝලෙට ගියාම මතක් උනා නං මදිද..”

“ ආනේ සුදු අයියේ .. අපේ මිස් හරි සැරයි...” 

“ ඉතිං මට කියන්නේ... මං මොනා කරන්නද..”

සුදු අයියා එහෙම ඇහුවේ පර්ස් එක අඳින ගමන්... මං දන්නවනේ එයා ගාව මාටියා ගහගත්ත සල්ලි තියෙනවා කියලා... 

 Thank you මගේ සුදු අයියේ... 

මං එයා දුන්න රු 50 අතට ගන්න ගමන් ඕනෙවට එපාවට වගේ කිව්වා... 

 අපෝ .. නොදී හිටිය නං ඉවරයි... 

මං දන්නවානේ තරහා ගියේ මොකද කියලා.... මං ඇඟිලි වලින් ඉස්සිලා, උරහිසේ එල්ලිලා කම්මුලට කිස් එකක් දුන්නා... ඇයි ඉතිං.. රිට වගේ උසනේ... 

 ඇතිද... 

“ හැචි  ගාන්නේ... මගේ මූණත් ඉවරයි.. ෂර්ට් එකත් පොඩි කළා... චැක්...

ආපෝ.. මෙහෙමත් නපුරෙක්.... 

පිස්සු නට නට දුවගෙන ඇවිත්, අපි දෙන්නා කෝච්චියේ එල්ලුනේ කොච්චිය අද්දනකොටමයි... ඒක ඉතිං හැමදාම වෙන එකනේ.. ඉක්මණටම අපි දෙන්න හොම්බකට තලා ගන්නවා මේ වැඩේ නිසා.. මෙයා හැමදාම පරක්කු වෙනවනේ... 

මං මගේ යාලුවෝ ටික ගාවට යනකොට අයියා එයාගේ අතිජාති මිත්‍රයෝ ටිකත් එක්ක ෆුට්බෝඩ් එකේම නැවතුනා... මට හරි තරහයි... ගියාට කමක් නෑ පොඩ්ඩක් ඇතුලට වෙලා.. මේකා යන්නෙම වවුලා වගේ එල්ලිලා.... ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ... 

මෙයාට කොච්චර කිව්වත් අහන්නේ නෑ .. අම්මට කියන්න දෙන්නෙත් නෑ... කිව්වොත් නම් මාත් එක්ක තරහා වෙනවා ආයිත් යාලු නොවෙන්නම.. තරහා කරගත්තොත් මට නේ පාඩුව... ඒක නිසා අම්මට කියන්නත් බෑ.... ඉන්නවකෝ.. මං හොඳ වැඩක් කරන්නම්... 

මතු සම්බන්ධයි

අගක් මුලක් හිතාගන්න බැරි නම් මෙන්න මෙතනට ගිහින් බලන්න.... 

Friday, December 28, 2012

පාරමී දම් වලට පූර්විකාවක්...

පාරමී දම් පුරමු අප දෙදෙනා...

මටම අයියණ්ඩියක වී ඔබ
නැගනි වී මා .. එකම මවු කුස.. 

සසර මතු දා.. උපත ලබනට... 
පාරමී දම් පුරමු අප දෙදෙනා... 

ගවුම් පොඩියක් මටත් අන්දා.. 
කොණ්ඩ කරලක් හිස පළන්දා.. 

යනෙන මාවත දකුණු පැත්තෙන්.. 
මාව පාසල් .. එක්කරන් යන

මටම ඔබ අයියණ්ඩියක වේවා... 

ජාති ජාතිත් සංසාරේ.. 
පාරමී දම් පුරමු අප දෙදෙනා... 

ළමා විය ඉක්මවා දවසක.. 
පංචකල්‍යාණියක වී මා.. 

සිරිත් ලෙස කුලගෙයට යන දා.. 
හීනයක් සේ මතක් වෙයි මට

අපේ අසරණ බිඳුණු පෙම් ලෝකේ.. 

පූර්ව ආත්මෙක සංසාරේ... 
පාරමී දම් පුරමු අප දෙදෙනා.. 


නීලා වික්‍රමසිංහ කියන්නේ මං පුදුම ආස ගායිකාවක්... මට මතක විදියට මං පොඩි කාලේ ඉඳලා ආසම කරපු ගීත කීපයම ඇයගේ.. පාරමී දම්, බෝධියේ විහාරයේ, කීන දම් මිටක්, සූසැට බරණින්, මාස්ටර් සර් වගේ ගීත වලට මං ආස කළේ තේරුම දැන ගෙනම කියලා කියන්නත් බෑ.. මොකද එච්චර දෙයක් දැනගන්න කලින් ඉඳලම මං ඔය සින්දු මිමිණුවා කියලා අපේ අම්මා කියන නිසා... 

කීන දම් මිටක් කඩං ආවා .. මගේ නංගෝ.. 
කාට වත් නෙමෙයි නඟාටයි නංගෝ... 

පොඩි කාලේ.. වාගෙ අපී... 
ඔන්න ඔට්ටුයි කියලා.. 
හැංගිමුත්තා හොයාලා.. 
හැංගෙමුදෝ අයියේ... 

පුංචි හීනෙන් ගෝනි බිල්ලෝ .. නංගි අල්ලන් යන්න ඒවී... 
මං බය නෑ නේ .. අයියා මා ළඟ ඉන්නේ.. තුන් යම රෑ පානේ... 

කීන දම් මිටක් කඩං ආවා .. මගේ නංගෝ.. 
කාට වත් නෙමෙයි නඟාටයි නංගෝ... 

ඉරිඟු යායෙන් කිරළ ගාලෙන්.. කිරි වැදීලා කිරි ගොයමේ... 
නෑ නෑ අයියේ .. ඒ පින මේ ගම්මානේ.. සෝවුරු පින් මහිමේ.... 

කීන දම් මිටක් කඩං ආවා .. මගේ නංගෝ.. 
කාට වත් නෙමෙයි නඟාටයි නංගෝ... 



මිල්ටන් මල්ලවාරච්චි එක්ක නීලා කියන මේ ගීතයත් මට අවුරුදු 17ක් විතර වෙන කාලෙදි හිතට බොහොම තදින් වැදුන ගීතයක් උනා.. ඔය කාලෙදි ඇත්තටම මටත් අයියා කෙනෙක් හිටියා නං කොච්චර හොදද කියලා හිතිච්ච වාර අනන්තයි.. ඒක ඉතිං පස්සෙන් එන හැම එකාම එක්ක යාලු වෙන්න බැරි කමට හදාගත්ත දෙයක් කියලා කාට හරි හිතෙන්නත් බැරි නෑ.. ඒත් මම ඇත්තටම හිතන්නේ මට අයියා කෙනෙක් නැති එක ලොකු අඩුවක් කියලා මට දැනුන නිසා මම එහෙම හිතුවා කියලා.. කොහොමත් මගේ වටේට අයියලා රොත්තක් හිටියා ඒ කාලේ.. හි හි... 

කොහොම හරි මේ පාරමී දම් කියන සින්දුවේ කතාව මගේ හිතට කොච්චර තදට වැදුනද කියලා කිව්වොත් මට මේකත් එක්ක ලොකු කතාවක් හිතේ ඇඳෙන්න පටන් ගත්තා... ඒ කලේ මට පොත් ලිවිල්ලේ ආසාවත් තදට හිතට වැදිලා තිබුනේ... මං මුලින්ම පොතක් ලියන්න පටන් ගන්නේ 8 වසරෙදි .. වීර කතාවක් වෙච්ච ඒක ඉවර උනේ 11 දි විතර.. මට වීර කතා ලියන්න පුළුවන් උනත් ආදර කතාවක් ලියන්න බැරි වෙයි කියන බය හිතේ තිබ්බා.. ඒකට හේතුව ආදර කතා ගැන මට එච්චර අත්දැකීම් නැති එක සහ මොන දේ ලියලා දැම්මත් රොමැන්ටික් සීන් ලියන්න ( සහ කියවන්නත් ) බැරි ගතියක් මගේ තිබ්බ එක... රොමැන්ටික් සීන් නිකම්ම විහිළු වලින් ලිස්සලා යන විදියක් තමයි මගේ අතින් ලියවිච්ච හැම කතාවකම තිබ්බේ.... 

ඒත් මට පුදුම විදියට ඕනේ උනා මේ කතාව ලියන්න... ඉතිං ඕලෙවල් පාස් වෙලා අනුලා එකට ආපු දවස් වලම ලියන්න පටන් ගත්ත මේ පොත, එක හුස්මට ලියාගෙන ගිහින් මාස 6ක් ඇතුලත ලියලා ඉවර කළා මම..  හැමදාම උදේට ඔය පොතත් තුරුළු කරන් ඉස්කෝලේ එන මං, ආපු ගමන් කරන්නේ මුල්ලක් අල්ලන් මේක ලියන්න ගන්න එක... 

ඇත්තටම ඉක්මණට ලියලා ඉවර කළා උනත්, මේ පොත මම අවුරදු දෙකක් තිස්සේ, එක එක වෙනස් කම් කර කර, ආයිත් ලිව්වා.. අන්තිමට මේක කෙනෙක්ට කියවන්න දෙන තරමට සෑහීමකට පත් උනාට පස්සේ තමයි මං ඒ වැඩේ නැවැත්තුවෙ.. හි හි

ළඟදි ගෙදර ගිය දවසක පොත් රැක් එකේ තිබිලා ඕක ආයිත් මට අහුවුනා.. ගෙදර ගෙනල්ලා කියවගෙන යනකොට මටම හිනා සමහර ඒවා වලට.. ඒත් අදටත් මං ඒ පොතට ආසයි... හරිම මෝඩ, බොළඳ ගතියක් තිබ්බත්, නොමේරෑ ගතියක්, කවදාවත් වෙන්නේ නැති වගේ දේවල් තිබ්බත්, ඒ කාලේ මගේ හිතේ ස්වභාවය, මං ආස කරපු දේවල් සහ මං මවපු හීන මේ පොත ඇතුලේ තියෙනවා කියලා මං හිතෙන්නේ... 

ඉතිං මාස දෙකක් විතර තිස්සේ කල්පනා කළාට පස්සේ මං හිතුවා කොටස් වශයෙන් මේ පොත බ්ලොග් එකේ දාන්න ඕනේ කියලා... ඇත්තටම මං මෙච්චර කල් මේක පස්සට දැම්මේ, මේක දැම්මට පස්සේ, හිරු කියලා කට්ටිය දැනගෙන ඉන්න කෙනාගේ ඇතුල් පැත්තේ ඉන්න මෝඩ කෙල්ලව හැමෝටම පේන්න ගනී කියලා බය වෙලා.. හි හි... ඒත් මේ පොත ලිව්වේ ඉස්කෝලේ යන කාලේ නිසත්, ඒ අවුරුදු 12කට විතර කලින් නිසත්, මේ‌ කතාව ඒ වයසේ ඉන්න කෙල්ලෙක්ගේ මානසික මට්ටමෙන් කියවන්න පුළුවන් අය මේ බ්ලොග් කියවන අය අතරේ ඉන්නවා කියලා හිතෙන නිසාත් මං මේ කතාව දානවා... 

දැං ආපහු කියවන කොට, ආයිමත් කපලා කොටලා හදන්න හිතෙන තැන් ගොඩක් තිබ්බත් මං හිතනවා එහෙම කළොත් මේ කතාවේ තියෙන ලාමක ටිං ටිං ගතිය නැති වෙයි කියලා.. ( ඒක තමයි මට මේ පොත කියවපු ගොඩක් අයගෙන් ලැබිච්ච ප්‍රතිචාරේ.. හි හි )  ඒක නිසා ඔන්න ලියලා තිබ්බ විදියටම දාන්න හිත හදා ගත්තා... හි හි

මේ සටහන ලියවෙන්නේ මං ලියපු පාරමී දම් (නව) කතාවට පූර්විකාවක් විදියට... පුළුවන් විදියට මේ කතාව කොටස් වශයෙන් ඉදිරිපත් කරන්න මං බලාපොරොත්තු වෙනවා.. ඉස්කෝලේ යන ළමයෙක්ගේ මානසික මට්ටමෙන් මේ කතාව බලන්න කියන්න ඕනේ නිසයි මෙච්චර දිග පූර්විකාවක් ලියන්න සිද්ධ උනේ... හි හි

Sunday, December 23, 2012

අපේ මහත්තයට කම්මැලි හිතුනම.....

අද මේ ලියන්න ගත්තේ කාලයක් තිස්සේ ලියනවා කියලා හිතාගෙන හිටපු කතාවක්... ඒත් හැමදාම නොදන්න මඟුල් වලට අත ගහන්න බැරියෝ කියලා පස්සට දදා හිටියා... හි හි... 

මේ ලියන්න ගත්තේ අපේ මහත්තයා මට හදලා දීපු පොල්කටු අඟුරු වලින් පත්තුකරන ලිප ගැන ... ඇත්තටම මේක ලියන්න අරං, පැත්තකට දාලා තිබ්බ එකට තව හේතුවක් තියෙනවා..ඒ තමයි මේ ෆොටෝ ප්‍රශ්නේ...හි හි.. 

මේකේ ෆොටෝ එකක් ගන්න තරම් ලස්සනට වැඩ ඉවරකරලා නැති නිසා කො‌ෙහාමද මනුස්සයෙක්ට පෙන්නන්නේ කියලා හිතුනා...  ඒ උනාට මේක එක්ස්පෙරිමන්ට් එකක් නිසාත්, කෙරෙන්න ඕනේ උන වැඩේ සාර්ථක වෙච්ච නිසාත්, ළඟකදි ඉතුරු වැඩ අවසන් වෙන පාටක් නැති නිසාත් ඔන්න තියෙන හැටියට පිරිමහගෙන පෝස්ට් එක දානවා... 


ෆෑන් එක සවිවෙලා තිබෙන පැත්ත.. 

මෙහෙම තමයි පැත්තෙන් බැලුවාම පෙන්නේ..  ඔන්/ඕෆ් කරන්න දාපු ස්විච් එකත් පේන්න තියෙනවා....

මුලින්ම මේ වගේ ලිපක් කඩේ විකුණන්න තියෙනවා දැකලා තමයි මේ අදහස ආවේ... ඇත්තටම අපි දෙන්නා එක්ස්පෙරිමන්ට් එකක් විදියට හදපු දෙයක් මේක.. අපේ මහත්තයා මෙහෙම එකක් හදලා බලමුද කියලා අයිඩියා එක දැම්මම ඉතිං, කොහොමත් ඔය වගේ වැඩ වලට මං එපා කියලා කියන්නෙ නැති නිසා මාත් කිව්වා එහෙනං ට්‍රයි කරලා බලන්න කියලා... 

එහෙම හදපු ලිප තමයි මේ... 

මේකේ ඇති ලොකු දෙයක් නෑ කියලා තමයි අපේ මහත්තයා කියන්නේ.... ඕනේ පොඩි ඉලෙක්ට්‍රිකල් දැනුමක් විතරයි... ඒකත් කරන්ට් එක සම්බන්ධ කරගන්න ටිකට විතරයි.... ආ... තව ඉතිං පොඩ්ඩක් මඩ ටිකක් නාගන්නත් වෙනවා.... හි හි.. ( ඒක නම් කට්ටියට අමුතු දෙයක් නෙවෙයිනේ...) 


මෙන්න මේක තමයි ඔය ලිපේ ඇතුලත සැලැස්ම... 

මෙතන තියෙන්නේ හරිම පොඩි දෙයක්...

ප්‍රධානම දේ තමයි මෙතන පාවිච්චි කරලා තියෙන ෆෑන් එක.. මෙතන තියෙන්නේ කම්පියුටර් වලට පාවිච්චි කරන ‌ෆෑන් එකක්... ඒකෙන් එන සුළං පාරට තමයි අඟුරු ටික ඇවිලෙන්නේ.. ඕකට ඕනේ වෙන්නේ පොඩි කරන්ට් එකක් කියලා දන්නවනේ... ‌ෆෑන් එක පාලනය කරගන්න පුළුවන් ස්විච් එකක් දාගත්තම රස්නේ අඩු වැඩි කරගන්නත් පුළුවන්... 

පතුල පැතලි, රවුම් භාජනය අඟල් 3 - 4ක් උස, කට අඟල් 5 - 6ක් විතර පළල තියෙන එකක් නම් ඇති.. පතුල සිදුරු කීපයක් විදගන්න ඕනේ... අපි නම් දාලා තියෙන්නේ යකඩ එකක්.. හැබැයි මේ වෙනකොට නම් ඒක මලකඩ කාලා, කැඩිලා ගිහින්.. ඒක නිසා භාජනය මැටි වලින් කවර් කරලා ගත්තොත් කල්පවැත්මක් තියෙයි කියලා හිතනවා..  

මහත බටයට නම් අපේ මහත්තයා අරන් තියෙන්නේ වාහනයක ඔයිල් ෆිල්ටර් එකක්... නැත්තම් ෆෑන් එකේ සයිස් එක හරියන තරම් මහත යකඩ බටයක් පාවිච්චි කරන්න පුළුවන්..  කුඩා බටය අඟල් 2ක විතර පළල තිබ්බම ඇති....  නැවුම් දෙක නවද්දි අංශක 90ට එන විදියට නවා ගන්න ඕනේ.. සුළං පහර අවහිරයක් නැතුව, වේගයෙන් යවන්න ඕනේ නිසා තමයි නැවුම් දෙකක් දාන්නේ... මැටි වලින් වට කරන නිසා වෙන්නේ රස්නය උපරිම ලෙස පාවිච්චි කරන්න කරන්න පුළුවන් වෙන එක... තව ලිපේ හැඩේ හදගන්නත්, බට රඳවා ගන්නත් මැටි වලින් හදන කොටස වැදගත්... බට ටිකට තීන්න පාරක් ගාලාම ගත්තම කල් පැවැත්මකුත් තියෙනවා... 

ලිපට අඟුරු ඇතුලු කරගන්න ක්‍රමයක් හදාගන්න එකත් වැදගත්... ඔය අඟුරු දාන භාජනය උඩට අපි නම් පරණ ගෑස් ලිපක ස්ටෑන්ඩ් එක තියලා, භාජනය තියන්න පාවිච්චි කරන නිසා එතනින් සුළං පිට වෙන්න ඉඩක් සහ අඟුරු ඇතුල් කරන්න ඉඩක් ඇවිත් තියෙනවා.. ඒ වෙනුවෙන්ම ස්ටෑන්ඩ් එකක් හදා ගන්නවා නම් අඟුල් 2 ක් උසට හිටින්න හදාගත්තම ඇති...  ඕනේ නම් මැටි වලින්ම පොඩ්ඩක් උසට හදාගන්නත් පුළුවන්.. ( අපේ එකේ නම් ඒක එච්චර සාර්ථක උන් නෑ... මං හිතන්නේ ඉස්සරහින් අරං තියෙන ෆොටෝ එකේ ඒක පේන්න තියෙනවා..) 

මේක පත්තු කරගන්න දාන්නේ පොල්කටු අඟුරු කියලා මං කලින් කිව්වනේ... පොල් කටු කැබලි වලින් උනත් පත්තු කරන්න පුළුවන් උනත් එතකොට දැලි ප්‍රශ්නයක් එන නිසා, පොල්කටු අඟුරු තමයි සුදුසුම ම‌ෙග් අත්දැකීමේ හැටියට... අපි දෙන්නා පොල්කටු අඟුරු හදාගන්න ක්‍රමයත් ලියන්න හිතුවා මෙතනම... 

අඩියක් විතර පොඩි වලක් කපලා, ඕකට පොල්කටු ටික දාන්න ඕනේ.. පොල්කටු ඇතුලට වාතය යන විදියට අහුර ගත්තම වැඩේ ලේසියි... ඕනේ නම් භූමිතෙල් ටිකක් දාලා පත්තු කරගත්තට කමක් නෑ... හැබැයි අඟුරු ටික චූටියට කෑලි කැඩෙන්න කලින් වතුර ටිකක් දාලා නිවා ගන්න ඕනේ..  ගොඩක් පොඩියට කැඩුනම නාස්ති වෙන නිසා... තව එකක්.. නිවෙන්න ඇරලා ටිකක් සැරෙන් සැරේ බලන්න ඕනේ.. මොකද මේක ලේසියෙන් නිවෙන්නේ නෑ.. අපි දෙන්න පොල්කටු ගෝනි දෙකක් විතර ඒ විදියට නාස්ති කරගත්තා.. නිවිලා කියලා හිතලා ෂාපන් එකේ ගේ ඇතුලට වෙලා ඉඳලා, ගිහින් බලනකොට ගන්න දෙයක් නැතිවෙන්න ඇවිලිලා ගිහින් තිබ්බා... හි හි.. 

ඔය වලෙන් අරගත්තට පස්සේ ඔය අඟුරු ටික අව්වේ වේලගන්න ඕනේ දවසක් විතර.. ඒකට හේතුව තමයි තෙත අඟුරැ පිච්චෙනකොට අමුතු සැරක් එන නිසා... උයන්න ගියාම වෑංජන වලටත් ඒ සැර ගතිය එනවා.. වේලලා ගත්තම නම් ඒ කේස් එක ආවේ නෑ... ( මේ ඔක්කොම කරන්න දෙයක් නෑ පොල්කටු අඟුරු කඩෙන් ගන්න තියෙන නිසා... ඒත් ඉතිං ගෙදර තියෙන පොල්කටු ටික එකතු කරලා හදාගන්න පුළුවන්..) 

මේක මට නම් කාර්යක්ෂම බව අතින් ගෑස් ලිපට සමානයි... පත්තු කරගන්න නම් පොඩි වෙලාවක් යනවා මුලදි... පුරුදු උනාම ටක් ගාලා පත්තු කරගන්න පුළුවන්... පොඩි අඟුරු කෑල්ලක් රතු පාට වෙන්න ගිනියම් කරලා ( ගිනිකූරක් පත්තු කරලා අල්ලගත්තම ඇති..) ඒක අර පොල්කටු දාන කොටසට දාලා, තව අඟුරු කෑලි ටිකක් උඩින් තියලා ‌ෆෑන් එක දැම්මම විනාඩි කීපයක් ඇතුලත ලිප ලෑස්ති වෙනවා... දැලි බැදීමක් කොහෙත්ම නෑ... සාමාන්‍යයෙන් වතුර කේතලයක් රත් කරගන්න පුළුවන් පොල් කටු දෙකක විතර අඟුරු වලින්... 

ප්‍රධානම දේ තමයි මේ ෆෑන් එකට යන කරන්ට් එකත් එක්කම, පොල්කටු අඟුරු ගෙදර හදාගත්තොත් මාසෙකට හතර දෙනෙක් ඉන්න ගෙදරකට වැය වෙන්‌ෙන් යුනිට් 10කටත් අඩු ප්‍රමාණයක්... ගෑස් වල ගනං බැලුවාම නම් මේක මාර ලාබයි... ගෑස් ලිපත් එක්කම පාවිච්චි කළත් වාසියි ඇත්තටම මට නම්... 

මං මේ ලිප හොඳටම පාවිච්චි කරන කාලෙදි ගෑස් එකක් මාස 4කට කිට්ටු වෙන්න පාවිච්චි කළා.. විශේෂයෙන් රොටි හදන්න, වතුර උණු කරන්න, කඩල තම්බන්න වගේ වෙලා යන වැඩ වලට මං මේ ලිපමයි පාවිච්චි කරන්නේ... ගෙයින් එළියේ උනත් තියලා තියන්න පුළුවන්... අනිත් එක හදිසියේ ගෑස් ඉවර උනාම අමාරුවේ වැටෙන අපේ ගෘහණියක්ට නම් මේක පුදුම සහනයක් වෙයි.. ( මට නං දැනටත් එහෙමයි.. හි හි..) 

මේ වගේ පොල්කටු අඟුරු වලින් පත්තු කරන ලිපක් වෙළඳපලේ ගන්න තියෙනවා... නමුත් පාවිච්චි කරලා තියෙන තාක්ෂණය මේකමද කියලා නම් දන්නේ නෑ... මම ඒක පාවිච්චි කරලා නැති නිසා... මං හිතනවා මේක බලන කට්ටියට මේක තවදුරටත් දියුණු කරගන්න අදහස් තියෙයි කියලා.. ඔන්න එහෙනං අදහස්, දැනුම බෙදාහදා ගන්න සහ වාද විවාද වලට කමෙන්ට් තීරුව විවෘතයි අදත්..... හි හි

Thursday, December 20, 2012

අගක් මුලක් නැතුව මට හිතෙන දේවල්...



සමහර වෙලාවට මට හිතෙනවා මං ඉපදිලා තියෙන්නේ වැරදි තැනක, වැරදි කාලෙක කියලා... මට හරියි කියලා හිතෙන ගොඩක් දේවල් කරන්න මේ සමාජයේ ඉඩක් නෑ.. විශේෂයෙන්ම සාම්ප්‍රදායික සමාජයේ තියෙන වැරදි මට පේන හින්දා..සමහර සම්ප්‍රදායික අදහස් වෙනස් වෙන්න ඕනේ කියලා බහුතරය හිතුවත් තාමත් ඒ තත්වය ඇති වෙලා නැති නිසා...

තව ටිකක් හිතලා බැලුවාම බෝධිසත්වයෝ පස් මහ බැලුම් බලපු එකේ කිසි අවුලක් නෑ කියලත් හිතෙනවා.... 

කතාව තියෙන්නේ කාලය, දීපය, දේශය , කුලය සහ මව කියන ජාති පහ ගැන සලකලා බලලා මේ ලොවට ආවා කියලනේ... 

ඕකේ කුලය කිව්වේ රජ කුලයක ඉපදෙන්න තීරණය වෙන්නේ ඒ කුලය ජනතාව පාලනය කරන්න දක්ෂ සහ ජනතාව ගරු කරන, වටේට රැස් වෙලා ඉන්න කුලයක් වීම නිසා නායකත්වයට වැදගත් වීම නිසානේ... නැත්තම් අඩු කුලේක ඉපදුනු සෝපක දරුවාත් රහත් වෙන්න පින් තිබුණු කෙනෙක්... ඒත් බෝධිසත්වයෝ පෙරුම් පිරුවේ බුදු වෙන්න.. බුදු වෙනවා කියන්නේ නායකත්වයක්... ඒකයි නායකත්වයට එන්න ලේසි, අනිත් අය ඒ නායකත්වය පිළිගන්න කුලයක ඉපදුනේ.. දීපය, දේශය කියන්නේ බුදු වෙන්න සුදුසු පරිසරයක් තිබීම සහ බුදු කෙනෙක් දේශනා කරන ධර්මය ‌තේරුම් ගන්න පුළුවන් තරමේ බුද්ධිමතුන් ඉන්න සාමාජයක් වීම වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ... 

කාට හරි මොනම දෙයක් හරි කරන්න යනකොට හෝ අලුත් දෙයක් හිතන්න හරි උත්සාහ කරන කොට ඒකට හරියන මානසික හා සාමාජීය පරිසරයක් නැත්තම් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නෑ...  

දැං අපේ රටේ උනත් එක එක විදියේ දක්ෂතාවයන් තියෙන අය ඉන්නවා.. හැබැයි සමහර විට ඒ දේවල් වලට සමාජයේ වැදගත්කමක්, පිළිගැනීමක් ලැබෙන්නේ නෑ... 

උදාහරණයක් විදියට කවුරුහරි කෙනෙක් උපතින්ම ඉතාමත්ම දක්ෂයි පාරම්පරික වෛද්‍ය ක්‍රමයකට.. හිතමුකෝ කැඩුම් බිඳුම් වලට කියලා... ඕවා පාරම්පරිකව ආවත් දැං ඒ වගේ වෙද පරම්පරා අඩු නිසා ඔය වෘත්තියේ නියැලෙන අය අඩුයි.. දැං මේ කෙනා ඉන්නේ ඈත දුෂ්කර පලාතක නම් ඒ දක්ෂතාවය කොච්චර තිබුණත් සමාජයට වැඩි දෙයක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ... මොකද වැඩි දෙනෙක් ඒ ගැන දන්නේ නෑ.. ඒ කෙනා තමන් ළඟට එන අයට බේත් කරලා තමන්ගේ බඩ වියත රැක ගෙන ජීවත් වෙලා මැරිලා යාවි... හැබැයි ඒ කෙනා රජ කාලේ ඉපදුනා නම් සමහර විටක අද අපි පාවිච්චි කරන වෙද පොත් වගේ සමාජයට ඉතාමත් වැදගත් යමක් ඉතුරු කරලා යන්න අවස්ථාවක් උදා වෙන්න තිබුනා වෙන්න පුළුවන්... ඒ වගේම මේ කෙනා මේ කාලේ ඉපදෙනකොට නගරබද ප්‍රදේශයක් කිට්ටුවක යම්කිසි ආකාරයක් තාක්ෂණික දියුණුවක් තියෙන තැනක ඉපදුනා නම් අද කාලේ උනත් මේ සමාජයට වැදගත් දෙයක් දෙන්න පුළුවන් වේවි... 

දැං එතකොට ඕකට බලපාන්නේ මොකද්ද... වාසනාව, පින, කර්ම ශක්තිය... මොකක්හරි වෙන්න පුළුවන්... 

මං හිතනවා අපි ගොඩක් දෙනෙක්ට ජීවිතේ යම්කිසි වෙලාවක මේ විදියට හිතෙන්න ඇති කියලා... ඇයි මං මේ රටේ ඉපදුනේ...? ඇයි මං මේ පවුලේ ඉපදුනේ.... ? ඔහොම හිතෙනවා මට නම් සමහර වෙලාවට... විශේෂයෙන් මට හරි කියලා හිතෙන දෙයක් කරන්න අවස්ථාවක් නැති උනාම සහ මට වැරදියි කියලා හිතෙන දෙයක් මං අවට සිද්ධ වෙනවා දැක්කම... 

දැං ඔය වාහන එළවිල්ල, පාරේ කුණු දැමිල්ල උනත් මං අකමැති දෙයක් වෙන්නේ ඒක මට වැරදි දෙයක් වෙන නිසානේ.. එහෙම වෙලාවට හිතෙන්නේ අනේ ඇයි අප්පා මං මේ රටේ ඉපදුනේ කියලා... හි හි... 

කලින් කිව්වා වගේ මේක පින හෝ වාසනාව නිසාමද...? නැත්තම් අපි මේ කාලයේ ඉපදිලා ඉන්නේ යම්කිසි දෙයක් අවබෝධ කරගන්නද කියලා මට හිතෙනවා... ඔය මට හරි මට වැරදි කෑල්ල එන්නේ අපේ බුද්ධි මට්ටම එක්කනේ.. ඔය බුද්ධි මට්ටම එන්නෙත් මේ සමාජය ඇතුලේ අපි ජීවත් වෙන ගමන්මනේ...  එත‌ෙකාට අපේ බුද්ධි මට්ටමට තේරෙන,‌ මේ සමාජයේ තියෙන වැරදි හරි ගස්සගන්නද අපි මේ කාලේ ඉපදුනේ කියලා මං කල්පනා කරනවා.. 

දැං මීට අවුරුදු ගානකට කලින්, අවුරදු 50කට විතර කලින් තිබුණේ නැති ආගමික ප්‍රබෝධයක් අද තියෙනවා මං දකිනවා... එක එක විදියේ ලොකු ප්‍රශ්න තිබුනත්, ඉස්සර මිනිස්සු පන්සල් ගිය විදියට සහ ආගම අදහපු විදියට වඩා වෙනස් විදියකට අද අය පන්සල් යනවා, ධර්මය ගැන කතා කරනවා සහ ඉස්සර මිනිස්සු ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කළාට වඩා වැඩි ශක්තියක් වැය කරලා අද මිනිස්සු ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා කියලා මට පේනවා... 

එහෙම වෙන එකයි හරි කියලත් මට හිතෙනවා... 

එත‌ෙකාට ‌මේ ඇති වෙලා තියෙන්නේ මේ රටේ, මේ සමාජයේ මොන විදියකින් හරි ලොකු පෙරළියක් ඇති වෙන කාලයක්ද කියලා මට හිතෙනවා.. 

එත‌ෙකාට ආයිමත් කල්පනා වෙනවා එහෙනං ඉතිං මං ඉපදිලා තියෙන්නේ වැරදි තැනක, වැරදි වෙලාවක වෙන්න බෑ නේ කියලා... හි හි.... 

---------------------------------------------------------------------------------
ප/ලි. මේ ඔක්‌ෙකාම මට හිතෙන දේවල් තමා... ආගමික, සාමාජීය, පුද්ගලික අවශ්‍යතා වලදි මට යම් යම් අවස්ථාවල හිතෙන දේවල් නිසයි මේ ටික ලියවුනේ... මේ පටන් ගත්තේ සම්ප්‍රදායික සමාජය නිසා මට අහිමි වෙච්ච දෙයක් ගැන හිතලා උනත්, අවසන් උනේ ආගමික පැත්තකට ගිහින් නිසා, මං හිතන්‌ෙන් පොඩි පැටලවිලි ගතියක් තියෙනවා... ඒත් ඒක හදන්න මට තේරෙන්නේ නෑ... 

ප/ප/ලි . මේකට ෆොටෝ එකක් හොයන්න කියලා ගියාම අදත් ගූගල් එකේ ලස්සන ඇනිමේෂන් එකක් තියෙනවා ඔන්න.. ඒකත් කාටූන් එකක්.. හි හි.... 

Tuesday, December 18, 2012

ඉස්කෝලේ යන කාලේ දෙසැම්බර් කියන්නේ......

අදත් ලියන්නේ මොනාද කියලා කල්පනා කර කර ඉන්න ලෙඩක් හැදුනා මට උදේ පාන්දරම.... මොකද තරමට කම්මැලි තත්වයක් තියෙන්නේ... එහෙන් වහිනවා ඉවරයක් නෑ... මකුළු දැල් වල සහ වැස්සේ ආනිසංස හම්බුවෙන්නද කොහෙද හච්චිං යනවා ඉවරෙකුත් නෑ... මාස දෙකක් විතර පරණ පත්පාඩගම් පැකට් එකක් තිබ්බ නිසා ඔන්න ඕක තම්බගත්තා.. නැත්තම් අ‌ෙප් මහත්තයා පටං ගන්නෙම... කොහෙද .. ගෙදර ගෙනල්ල තියෙන එක වත් තම්බගන්න බෑ නේ.. උදේ ඉඳලා ඕකේ එල්ලිච්ච ගමන්.. වෙන සිහියක් නෑ නේ...”.... අනේ මේ අහක ඉන්න මගේ කොම්පියුටර් රාජයාට බැනුම් අස්සන්න ඕනෙයැ...     

ඉතිං ඕක බොන ගමන් කල්පනා කළේ අනේ ගෙදර හිටියනං ඉතිං මේ ඔක්කොම අම්මා නේ කරලා දෙන්නේ... මොන පිස්සුද.. අම්මට වෙලාවක් තියෙනවයැ ඕවා කරන්න.. ඉස්කෝලේ යන කාලේ කළාට... කියලා..... එතකොට තමයි හිත ආපහු ඇදිලා ඇදිලා ඇදිලා ගියේ ඉස්කෝලෙ යන කාලේ දෙසැම්බර් නිවාඩුවට..... හි හි... ඉතිං කෝල් එකක් දුන්නා අපේ අම්මට.. ඔන්න ඒ පාර ඇදිලා ආපු කතාවකින් තමයි මේ කතන්දරේ ලියන්න ඕනේ කියලා හිතුනේ...

දෙසැම්බර් නිවාඩුව තමයි මගේ ආසම නිවාඩුව... ඒකේ ලොකුම දේ තමයි නිවාඩු කාලෙට ගෙදර වැඩ දෙන්නේ නැති එක... ඔය දුන්නත් මම ඒවා කරන ජාතියේ එකෙක් නෙවෙයි.. ගොඩක් වෙලාවට වෙන කාට හරි කියලා තමයි ඕවා කර ගන්නේ.. මට මතක ඇති කාලෙක ඉඳලා ඕවා කරළා දුන්නේ අපේ එහා ගෙදර අක්කා... අක්කා කිව්වට ඉතිං මගේ වයසෙම තමා.... හැබැයි එයා මං වගේ කම්මැලි කේස් එකක් නෙවෙයි... අකුරුත් ලස්සනයි... මං ඉතිං බටර් ටිකක් ගාලා එයාට කියලා ගෙදර වැඩ ටික කරගන්නවා.... හි හි.... කොහොමත් ඔය දෙන ගෙදර වැඩ වලින් මේලෝකේ දෙයක් වැඩකට ගන්න නෑ... අර ටීචර්ලා බොරුවට ගෙදර වැඩ දුන්නා කියලා පෙන්නන්න වැදගැම්මකට නැති මොනා හරි පටෝනවා.. ගොඩක් වෙලාවට ඕවා බලන්නෙත් නෑ ඊළඟ වාරෙදි..... 

නිවාඩු කාලෙදි විතරක් නෙවෙයි.. අනිත් දවස් වලටත් ගෙදර වැඩ නම් මම කරන්නේ ඉස්කෝලෙදිම තමයි.. එක්කෝ ඉස්කෝලේ ඇරෙන්න කලින්ම කරලා දානවා.. නැත්තම් ඊළඟ දවසේ උදේම ගිය ගමන් කරලා දානවා... ගණන් නං ජීවිතේට හදන්නේ නෑ.. ඔක්කොම ළඟ එකාගේ පිහිට තමයි.... මේවා මේ උජාරැවට කියෙව්වට ගණන් වලට හොර කළාට නම් සම්බුව වැදුනා විභාගෙට කලින්ම....

අපේ මහත්තයා ( ඒ කාලේ මගේ පස්සෙන් එන එක්කෙනෙක් විතරයි... හැබැයි ලිස්ට් එකේ උඩින්ම හිටියේ මෙයා තමයි.. මොකද කෙලින්ම ඇහුවනේ මගෙන් ඇඹරි ඇඹරි ඉන්නේ නැතුව... හැබැයි ඉතිං මාත් ඇඹරි ඇඹරි ඉන්නේ නැතුව බෑ කිව්වා .. හි හි ...) 10 වසරෙදි විතර තමයි මාත් එක්ක කතාබහ කරන්න පටන් ගත්තේ.. ඔය කාලේ ඉතිං ඉස්කෝලේ වැඩ වලට මූලිකත්වය දෙන්න ඕනේ කියලනේ උදේ හවස මන්තරේ වගේ ඇහෙන්නේ... ඔය උණ අපේ මහත්තයටත් තදට තිබ්බා.. එකක් එයත් ඊළඟ විභාගෙට ලෑස්ති වෙන කාලේ.. අනිත් එක එයා ෆේල් උනත් මං පාස් වෙන්න ඕනේ කියලා තමයි එයා හිතුවේ... ඉතිං මෙයා මාව අල්ලගෙන අහන්නේ ගණන් කොහොමද කියලා තමයි.. හපොයි... ටීචර්ලා හොඳයි.. මෙයා මට ගෙදර වැඩත් දෙනවා ඉස්සර... ( අද නම් මේ පෝස්ට් එක පෙන්නන්නේ නැ.. හි හි) කළේ නැත්තම් බැනුම් කෝටියයි... දැං නං කියනකොටත් ලැජ්ජයි ලැජ්ජයි වගේ.. ඒ ඉතිං අතින් අල්ලන්නවත් බය කාලේ නේ.. මං ඉතිං බැනුම් අහන්න ආසාවටත් නොකර ඉන්න වෙලාවල් තියෙනවා... හි හි.. ඕවා තමයි ඉතිං මතකයේ රැඳිලා තියෙන හිනා වෙන්න පුළුවන් දේවල්... 

හැමදාම වැගේ ඔන්න පැන්නා... හි හි... 
කොහොම හරි... ලියන්න ගියේ දෙසැම්බර් නිවාඩුව ගැනනේ... ඔය නිවාඩුවේ මං ආසම ඊළඟ වැඩේ තමයි අලුත් පොත් හම්බුවෙන එක... සාමාන්‍යයෙන් ඉස්කෝලෙන් දෙන පොත් වලින් ඇත්තටම පරණ පොත් හම්බුවෙන්නේ අඩුවෙන්... මං හිතන්‌ෙන් ඒක කොළඹ ඉස්කෝලවල විතරක් තියෙන දෙයක් වෙන්න ඕනේ.. කවර ගැලවිච්ච පොත් එහෙම නම් කවදාවත් හම්බුවෙලා නෑ මට... එහෙම පොතක් හම්බුවුනා නම් මං හිතන්නේ 11 වසරේ ගණන් පොත වෙන්න ඕනේ.. ඕක කිසි කෙනෙක් ගෙදර ගෙනියන්නේ නෑ... පන්තියේ දාලා යනවා.. ඉතිං පොතට හරි අයිතිකාරයෙක් නැති නිසා ඒ පොත අතින් අතට ගිහින් ජරා වෙනවා... ඒ අස්සේ තව කට්ටියක් ඉන්නවා තමන්ට හම්බුවෙච්ච අලුත් පොත ගෙදර තියලා පරණ, කැඩ්ච්ච පොතක් තමයි ඉස්කෝලෙදි පාවිච්චි කරන්නේ... මන්දා ඕවා කෙල්ලන්ගේ විතරක් තියෙන ලෙඩද කියලනම්.... හි හි... 

ඔන්න ඉතිං ඔය පොත් ටිකෙන් ගත්ත ගමන්ම කියවලා ඉවරකරනවා සිංහල පොත... බුද්ධාගම පොත....? අපෝ නෑ... ඒක නම් දිගෑරලා බලන්නෙ වත් නෑ.... විද්‍යාව පොත.... සමාජ අධ්‍යයනය පොත... ඉතිහාසය පොතත් ටිකක් පෙරළලා බලනවා... අනිත් ඒවා නං දැන් මට මතකත් නෑ... ඔය පොත් ටිකයි, හැමපාරම අපේ තාත්තලගේ කම්පැණීයෙන් හම්බුවෙන පොත් ටිකයි තමයි මගේ නිධානේ... හි හි.. මට මතක විදියට 5 වසරේ ඉඳලා විතර හැමපාරම පොත් ටික හම්බුඋනා එහෙම... වැඩකරන හැම සේවකයටම, ඉන්න ළමයි ගාන බලලා, එයාලගේ වයස බලලා ඒ වයසට අදාළ පොත් සෙට් එක දීපු එක ඒ කම්පැණී එකෙන් කරපු ලොකුම දෙයක්.. මැනේජර්ලගේ ඉඳලා සුළු සේවකයන්ට වෙනකම්ම මේක ලැබුනා වෙනසක් නැතුව...

ඔය පොත් ටික බදාගෙන මම බලං ඉන්නේ කවර දාන්න පටං ගන්නකම්... ඔය කවර දැමිල්ල කොල්ලෝ කෙසේ වෙතත් කෙල්ලෝ නම් ආසාවෙන් කරනවනේ... සාමාන්‍යයෙන් අපේ ගෙදර පොත් වලට කවර දැමීමේ මහා ව්‍යාපාරයක් තියනවා.. මොකද කිව්වොත් මගේයි, මල්ලිගෙයි, නංගිගෙයි තුන් දෙනාගෙම පොත් සෙට් තියෙනවනේ... ඉතිං ඕවට දාන්නේ බ්‍රවුන් පේපර් කවරද....??? පිස්සු තමයි.... එක එක අවුරුද්දට එක එක සිස්ටම්.. ඔන්න එක පාරක් සුදු පාට කැලැන්ඩර් වල කණපිට පැත්ත.. තව පාරක් සුදු පාට චිත්‍ර අඳින කොල... ඊළඟ පාරට කළු කොල... වෙලාව මදි උන පාරට විතරක් බ්‍රවුන් පේපර්... ඕකට අපේ අම්මගෙත් ෆුල් සපෝට් එක තියෙනවා.... එකපාරක් අම්මා අපි දෙන්නව අල්ලගෙන මරු වැඩක් කළා... 

සිමෙන්ති කවර තියෙනවා නේද... ඔව් අර සිමෙන්ති කොට්ටෙ කවර තුනෙන් මැද තියෙන එක... අන්න ඕවා ටිකක් තිබ්බා එකතු වෙලා... අපේ අම්මා කරපු වැඩේ ගල් වෙලා, පාවිච්චි කරන්න බැරි දියසායම් ටියුබ් ටිකක් එකතු කරලා, හොඳ පාප්ප හැලියක් හදලා ඕකට අර දියසායම් ටික දාපු එකයි... ආයිත් ඉතිං එක පාටක් කියලා නෑ..ඔක්කොම දැම්මා.. රතු පාටට හුරු පාට ඔක්කොම එකකටයි, කොළ පාටට හුරු පාට ඔක්කොම එකකටයි දාපු නිසා අන්තිමට අමුතුම විදියේ මෙරුන් ( තද රතු පාටක්)  පාටකුයි, ගොම කොළ පාටකුයි හැදිලා තිබ්බා... 

ඊට පස්සේ අම්මා කළේ අර සිමෙන්ති කවර ගානට කපලා, ඒවයේ අර පාප්ප තවරපු එක... ඊට පස්සේ අපි දෙන්නට කිව්වා ඇඟිලි වලින්, කෝටු කෑලි වලින්, ගෙදර තිබ්බ පොඩි බ්‍රෂ් එකකින් එහෙම ඒවයේ රටා අඳින්න කියලා.... ආයිත් ඉතිං අපි දෙන්නට රටක් රාජ්ජයක් හම්බුනා වගේ තමා...ඊට පස්සේ ඔය ටික ඔක්කොම වේලලා උඩින් ගෑවා වාර්නිෂ් පාරක්.. අප්පා.. හරිම ලස්සනයි... ‌පොත් වලට කවර දැම්මේ එ පාර ඔන්න ඔය විදියට හදපු සිමෙන්ති උර වලින්.. මට මතක විදියට ඔය මට 7 හරි 8 හරි ඉන්න කාලේ තමා.... 

ඔය ඔහොම කරපු එක වැඩක් විතරයි.. 

ඊට පස්සේ ඉතිං ඔය කොයි තාලෙන් හරි කවරත් දාලා, නම් ලියලා, ස්ටිකර් අලෝලා ඔය වැඩ ඔක්කොම ඉවර කරලා ඉටි කොලත් දානවා... ඔය ස්ටිකර් ඇලවිල්ලට මං ඉස්සර ඉඳලම ආස නෑ.. මං අලවන්නේම මැගසින් වලින්, කාඩ්ස් වලින්, කැලැන්ඩර් වලින් කපපු ස්වාභාවික සෞන්දර්‌ය තියෙන රෑප තමයි.. (නළු නිළියෝ නම් අලවලම නෑ.... හි හි)


ඔය කොන්ද කඩාගෙන කල්පනා කරන්නේ 9 වසරේ බුද්ධාගම අච්චු පොතට අලවන්න වෙසක් කාඩ් එකක් නැතුවනේ... ක්‍රිස්මස් කාඩ් විතරයි හොයාගන්න පුළුවන් ඕනේ ඒ පාර.. 
ඔන්නඔහේ ඕනේ එකක් කියලා ඇලෙව්වා ඔය අත තියාගෙන ඉන්න ක්‍රිස්මස් කාඩ් එකේ හිටපු සාමයේ පරවියව... ආගමික සහජීවනේ ‌නේ... හි හි

ආ.. ඒක කියද්දි මතක් උනේ.. එක පාරක් මං අපේ මල්ලිගේ දෙමළ පොතේ ලොකු කොටියෙක්ගේ රෑපයක් අලවලා, ඌ පළවෙනි දවසෙම අඬාගෙන ගෙදර ආවා ටීචර් බැන්නා කියලා... අනේ ඉතිං මං ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි... මල්ලි ගාව ලස්සන කොටි ගොඩක් ඉන්න අර දිලිසෙන ස්ටිකර් වගයක් තිබ්බා.. මට ඒකේ හිටපු ලොකුම කොටියා දෙමල පොතේ ඇලෙව්වා.. ඌ හරිම ලස්සන නිසා... ඉතිං ඒක වැරැද්දක්ද මං අහන්නේ... හි හි...ඊළඟ දවසේ අරකේ කවරේ මාරු කරලා දුන්නා මල්ලිට... හි හි.. 

ඔන්න ඔහොමයි පොත් වලට කවර දැමීමේ සංග්‍රාමය ඉවර වෙන්නේ... පස්සේ කාලෙක මං ඉස්කෝලෙන් අවුට් වෙනකම්ම ඔය පොත් හම්බුඋනත්, එච්චර පොත් ඕනේ වෙන්නේ නැති නිසා මං ඔය ඔක්කොම පොත් ‌අපේ ගෙවල් ළඟ ඉන්න දුප්පත් ළමයි කට්ටියකට දුන්නා...ඔය පොත් සෙට් එකත් එක්ක ස්ටෙප්ලර්, පංක්චර්ස්, කවකටු පෙට්ටි, අඩිරෑල්, ෆයිල්ස්, පාට පැන්සල්, ප්ලැටිග්නම්, පාට පෙට්ටි, පැන්සල් පෙට්ටි, පෑන්, පැන්සල්, මකන කෑලි, පොත් බෑග් වගේ දේවලුත් වයසේ හැටියට හම්බුවෙනවා.. ඒ ලෙවල් කරන ළමයින්ට පිටු 400 CR පොත් එක්කම ෂෝට් නෝට්ස් ලියන්න පොඩි නෝට් බුක් සහ A4 කොළ පවා තියෙනවා ඒ පාර්සල් එකේ.. හි හි ( ඒක නම් ඇත්තටම හරිම වටින වැඩක්... ඒක ඔස්ට්‍රේලියන් කම්පැණි එකක්.. ඒත් ඔය වැඩේ සංවිධානය කරන්නේ ලංකාවේ අය..) ඉතිං ස්ටෙප්ලර් එකක් එහෙම අවුරුද්දකින් අයින් කරන්නේ නෑ නේ.. කවර දාන්න දේවලුත් එක්කම මදි පාඩුවලට මගේ අතින් පොත් අරං දාලා ඔය තියෙන ජාති ඔක්කොමත් එක්කම මං එයාලට ගිහින් දුන්නා ඒ අවුරුදු කීපයම.. ඒ පොත් ටිකත් අරං ඒ ගෙදරට ගියාම ඒ ළමයින්ගේ හිනාව මට තාම මතකයි...වැඩිපුරම සතුටු වෙනවා දකින්නේ ඒ ඇන්ටිගේ ඉන්න ආබාධිත දරුවා... ‌පොත් ටික අතපත ගාලා හරි ලස්සනට හිනාවෙනවා...  පස්සේ රස්සාව කරන කාලෙදිත් ඔය වැඩේ මං කළා.. දැං ඒ වගේ පවුල් කීපයකටම අම්මා ඔය පොත් දෙන වැඩේ කරනවා... 

මට අද ඕක මතක් උනේ අපේ අම්මා අද ඒ ගෙදරට ගියාම අර ආබාධිත දරුවා ඇහුවලු අක්කා කෝ කියලා... ඔන්න එයාගේ මතකේ තරම... එයාට මතක නෑ මං කසාද බැඳලා ගියා කියලා.. මොකද මගේ ඇඳුම් මැහුවෙ ඒ ඇන්ටි.. ඉතිං ඒ දවස් වල මං නිතරම ඒ ගෙදරට ගියා.. කොලු පැටියට ඒ ටික මතක නැති උනත් පොත් ගෙනාපු එක මතක තිබිලා... 

Sunday, December 16, 2012

2012ත් ඉවර වෙන්න කිට්ටුයි.......


අප්පා.. කැලැන්ඩර් කොන්ත්‍රාත් එක ඉවරයි... ඔන්න අන්තිම ටික අරං ගියා... දැන් තමයි හුස්ම ටිකක් ගත්තේ...  හි හි... 

දැං ඉතිං පරණ පෝස්ට් ඔක්කොම කියව කියව ඉන්න ගමන් කල්පනා කළේ ලියන්න දෙයක් නැති වෙන්න තරම් මම හිදුනේ කොහොමද කියලා... හැබෑට... කියන්න තියෙන ඒවා ඒ ඒ ‌පෝස්ට් වල කමෙන්ට් තීරුවේ මාගල් වගේ දාන නිසා මගේ එකේ ලියන්න දෙයක් ඉතුරු වෙයි යෑ.. හි හි... 

කල්පනා කර කර ඉන්නකොට හිතුනේ මේ විකර කර කර ඉන්නේ නැතුව මේ ගේ පොඩ්ඩක් අස් කරලා දාන්න ඕනේ කියලා.. ඇයි දෙයිය‌ෙන් ජනවාරි පළවෙනිදාවක් එනවා නේද.... ගෑණියෙක් උනාම ගෙවල් දොරවල් අස් පස් කරලා තියාගන්න එපැයි... ගිය ටිකේම ගේ පුරාම කැලැන්ඩර් වපුරලා තිබ්බේ... අපේ මහත්තයත් දන්නවා මට ඔය වගේ වැඩක් කරද්දි ගේ වනසන්නේ නැතුව කරන්න බෑ කියලා... ඒක නිසා පහුගිය ටිකේම කොළ ගොඩවල් උඩින් පැන පැන ගියා මිසක් වචනෙකින්වත් මේ ගෙයි හැටි බලපං ගෑණීයේ.. කිව්වේ නෑ... ඉතිං මං පටං ගත්තා වැඩේ... අප්පා.. ඒක අස් කිරිල්ලක්ම තමයි.... ... 

බිම පුරාම ඉටි කොල..කොළ කෑලි..  ඒ මදිවට ගම් ගෑවිලා ඇලවිලා.... රබර් පටි... ස්ටෙප්ලර් පින්ස්.. ඒ අස්සට අපේ මහත්තයා එයාගේ වැඩ වලට අරන්, කපලා දාපු වයර් කෑලිත් තියෙනවා... යකඩෝ.. අපි දෙන්න ඉඳලා මෙහෙම නම්... පොඩි එකෙක් දෙන්නෙක් හිටියා නම් මට දෙයියන්ගේ පිහිටයි.... 

ලොකුම කරදරේ මකුළු දැල්.. සතියයි අත තියන්න බැරි උනේ... ගේ පුරාම මකුළු දැල්.. මකුළු දැල් කැඩිල්ල කියන්නෙ මට බොහොම ලොකුවට අසනීප වෙන වැඩක් තමයි.. ඒත් ඉතිං අපේ මහත්තයව අල්ලගන්නත් බැරි එකේ මමම සුද්ධ කළා... 

ගෙදර ඉන්න කාලේ මොනවට හරි ගේ අස් කරනකොට හැමදාම අම්මටයි මටයි හැදෙනවා බරපතල හෙම්බිරිස්සවක්.. කොච්චර නහය බැඳගෙන කළත් වැඩක් නෑ.. මම හොයාගත්ත විදියට ඕකට තියෙන එකම බේත මකුළු දැල් කඩලා අතුගාලා දැම්ම ගමන් දුවලා ගිහින් හොඳට නා ගන්න එක... මට බේත් බොන එක තරම් එපා කරපු වැඩක් තව නැති එකත් එක හේතුවක්..

ඉතිං ඕන්න නාලා කරලා ඇවිත් ඉඳගත්තා මේක ලියන්න... 

මේ දවස්වල හැම එකේම සේල්... අපේ මහත්තයා මාසෙකට විතර කලින් කොහෙන්දෝ මන්දා ලීෆ්ලට් එක්ක උස්සන් ඇවිත් බලලා මාව ඇඳගෙන ගියා ලී බඩු බලන්න.. මේසෙකුයි පුටු ටිකකුයි ගන්න ලොකු උවමනාවක් තිබ්බට ඕක කරගන්න එකපාරටම යට කරන්න තරම් සල්ලියක් නෑ නේ... ඒත් ගිහින් බැලුවාම හිතෙන්නේම මේ රබර් ලී වලට මෙච්චර සල්ලි දෙන්නෙ නැතුව මොරටුවෙන් හදා ගන්න එක හොඳයි කියලා.. ( මට ඔය කැටයම්, බෝල බෝල එහෙම තියෙන ලී බඩු පේන්න බෑ... ඒක නිසා ඉතිං මොරටුවෙන් ගන්නවා නම් හදවලම ගන්න වෙනවා..) අනිත් එක ක්‍රෙඩිට් කාඩ් වලට අරගන්නත් අපිට ක්‍රෙඩිට් කාඩ් තියෙනවයැ... ඒක නිසා ඒ වැඩේ අතෑරලා දැම්මා... 

අර ඊයේ පෙරෙදා හැම තැනම ප්‍රචාරය වෙච්ච අකිල විරාජ් කාරියවසම් ගේ කතාව මතක් වෙනවා... 

පෝසත් අයට ප්‍රශ්නයක් නෑ... දුප්පත් මිනිස්සුන්ට කාගෙන් හරි ඉල්ලගන්න පුළුවන්... මැද ඉන්න අය තමයි වැඩිපුර දුක් විඳින්නේ...

ඇත්තනේ කතාව..  අපි අම්මලා තාත්තලගේ පවුල් වල තත්වය රැකගන්නත් ඕනේ... නම්බුකාරව ජීවත් වෙන්නත් ඕනේ.. කන්න බොන්නත් ඕනේ.. අනාගතේ ගැන හිතන්නත් ඕනේ... 

මේ තියෙන හැටියට රස්සාවල් කරලා නම් අනාගතයක් ගැන හිතන්න අමාරුයි කියලා තේරෙනවා.. පොඩියට හරි කෙරෙන මගේ වැඩෙන් හම්බුවෙන කීය හරි ඉතුර කරන්න දඟලනවා... හිතලා බලනකොට අපි ජීවත් වෙනවට වඩා ජීවිතේ විඳවනවා... 

මේ ඔක්කොම ප්‍රශ්න එක්ක කාලයත් හරි ඉක්මණට ගෙවිලා යනවා... ලෝක විනාසේ උනේ නැත්තම් තවත් අලුත් අවුරුද්දක් එනවා.. අපි  එදාට කිරිබත් කාලා ආයිත් පරණ පුරුදු ජීවිතේටම වැටෙනවා..