Sunday, December 30, 2012

“ දාමිණී ” කතාවේ මට පේන දුක්බර ඇත්ත .. What I see inside the story of “ Damini”

දැන් දවස් කීපයක් තිස්සේ මේ කතාව ඇහුනා...  දැං මේ සිද්ධිය මතක් වෙන වාරයක් වාරයක් ගානේ මගේ කොදු නාරටිය වෙවුලලා, ඇඟ සීතල වෙලා,බඩ ඇතුලේ තියෙන ඒවා රිදෙන්න ගන්නවා... ඒ තරම් කම්පනයක් ඇතිවෙච්ච සිද්ධියක් මං හිතන්‌ෙන්, සුනාමියෙන් පස්සේ දැක්කමයි මං... නමුත් ඊයේ මම හිත තද කරගෙන මේ ගැන පොඩි සර්ච් එකක් දාලා බැලුවේ, මේ ගෑණූ ළමයා මිය ගියා කියලා දැන ගත්තට පස්සෙ... 

මේ ලියන්න යන්නේ මොකක් ගැනද කියලා සමහර විට මාතෘකාව දැක්කම හිතගන්නත් පුලුවන් වෙන්නත් ඇති... 

ඒත් මං ලියන්න ගත්තේ මේ සිද්ධිය හෝ එයට අදාළ පුද්ගලයන්ට දිය යුතු දඬුවම මොකද්ද කියල වත් කතා කරන්න නෙවෙයි.. The Indian Express අඩවියේ පල වෙච්ච මෙන්න මේ කතාව ගැන... Link to the post of The Indian Express.
“When a movement is happening, it is sometimes hard to know you are at the epicentre,” says the younger brother of the Delhi bus gangrape victim who continues to battle for her life.
Ironically, the 19-year-old adds, nobody lets you forget it either — not the protesters, not the eager internet rumour-mongers, not the politicians, not the police and certainly not the media. In the midst of all, their only concern is a woman who only partly knows the extent of her injuries but senses the worst as the buzz around her grows.
It’s been a week since the family has been at the bedside of the woman at Safdarjung Hospital. Since then, from the floor of Parliament to the doors of Rashtrapati Bhavan, the story of their tragedy is the only thing they have been hearing.
“It is like the life we had a week ago never existed. Every day is now passing by in a flash. When I switch on the TV or log on to a social networking site, I see these emotional outbursts about Damini, Amanat, Nirbhaya (the names some media organisations have given the victim). It’s hard to digest that this is my sister they are talking about,” says the brother.
The first time he saw a pseudonym flashing on TV, he says he raised the issue with doctors and some police personnel. “I thought the channel in question had got my sister’s name wrong, because they said ‘Damini’s condition is deteriorating’ — they addressed her like that. I was reassured from the first day that our names, my sister’s name would not come out. I was furious,” he says.
He has since learnt the ropes, even the terms for it. “Somebody explained to me it is a phenomenon known as personification. I don’t like it, but they say she is the face of a movement,” he says. However, the Net barrage was something he couldn’t take — he has blocked his Facebook account.
“Every two hours, there is a new rumour. On social networks, celebrities and many friends flash her obituaries every night. For them it is just an online status they correct in two hours. At the same time, media channels say she has had a two-hour conversation, she has walked, she has smiled, she has hugged UPA chairperson Sonia Gandhi,” he says.
Last Friday, he saw claims on a TV channel of his sister having “taken a few steps, with brother’s help”, and “walking for the first time after the incident”. She was actually vomiting and complaining of a new abdominal pain that day.
“That night, my mother and sister hardly slept. It was a long and bad night for us, and TV channels were flashing that she was on her feet. I was tired and angry,” he recounts.
On Sunday, as the protests over the rape turned violent in Delhi, the family faced another pressure. Even as the victim went through one more operation, her brother says the police approached them.
“They told us more than 80 people had been injured, that people were getting violent in my sister’s name. They wanted us to make an appeal for peace. We wanted the movement to continue, but we did not want violence,” her brother says.
Towards the evening, when she was brought back to the ICU after her surgery, her father finally conceded to the demand. The father’s appeal to “Please help the police in maintaining law and order. Pray for my daughter, vandalism can serve no purpose”, rang out through media channels late on Sunday night.
A day later, the father does not want to interact with the media, despite repeated requests. “My father is scared that a wrong message has gone out. It seems like we don’t want the protests. We are suffering so much, why should we be against the movement? Now, he has decided against speaking to the media. There were more requests from the police, but we told them we don’t want to risk it again,” the brother says.
The flood of relatives and neighbours has not made things smooth either. “People want to know what she said, what she wrote in notes, how long she had known her male friend, who was accompanying her. Relatives want us to ask doctors if she will be able to get married and have children. My parents have become tired of answering questions,” he says.
Politicians have gone so far as to seek a meeting with the girl. “There is a risk of infection, we have said that repeatedly. But the requests continue to pour,” a senior administrative official at Safdarjung Hospital said.
While some politicians paid solitary visits, others have been calling the family and landing at the hospital every day. “They are protesting outside the hospital, calling us at odd hours, telling us they will pay us for her medical treatment. Each one speaks to the doctor, gets a new update, and calls us. While we appreciate the support, it gets scary sometimes,” the brother says.
Meanwhile, the family’s efforts are concentrated on keeping the victim as guarded from the hue and cry as possible. While she wants the accused to be hanged, the brother says, she is also scared.
“She does not know her intestines have been removed. She doesn’t even know the extent of the public outcry,” says the brother. “Even when her friends or relatives come to visit, she asks us how much they know. When she hears of politicians coming, she gets scared. She keeps asking my mother if she has told anyone what happened.”

මේ තියෙන්නේ ඒ ගෑණු ළමයගේ අවුරුදු 19ක් වයස මල්ලි කියන කතාවක්... මට මේක ට්‍රාන්ස්ලේට් කරන්න තරම් දැනුමක් නැති උනත් මේ කියන්න මොකද්ද කියන එක මේක කියෙව්වම ඕනේ කෙනෙක්ට හිතාගන්න පුළුවන් වෙයි... මට ලියන්න ඕ‌ෙන් උ‌ෙන් මේක ගැන.. 

මං දන්න කියන හැම ඉන්දියන් කෙල්ලෙක්ගේ, කොල්ලෙක්ගෙම වගේ ‌ප්‍රොෆයිල් එක කලු රවුමක් වෙලා තියෙන්නෙ මේ ටිකේ ෆේස්බුක් එකේ... ඒ වගේම හැම විනාඩි 5කටම සැරයක් මොකක් හරි මේ සිද්ධිය ගැන තොරතුරක් ෂෙයා වෙනවා... ඒ හැම වෙලාවකම මගේ ඇඟ ඇතුලේ ඇතිවෙන පෙරළිය මෙහෙම නම්, මේ සිද්ධියට මුණු දුන්නු මේ පවුලේ අයට මොන වගේ දැනෙනවා ඇද්ද කියලා මට හිතාගන්නත් බෑ.... 

මාධ්‍ය වලට බනින්න, ගරහන්න මගේ කිසිම කැමැත්තක් නෑ.. මාධ්‍ය නිසා තමයි අපි උනත් මේ සිද්ධිය දැනගත්තේ... ඒත් ඇත්තටම මේ සිද්ධියේ තොරතුරු එළියට එන්න එන්න, මේ කරපු අමනුස්සයෝ ටික ගැන මිනිස්සුන්ගේ හිත් වල තියෙන තරහා, පිලිකුල වැඩි උනා මිසක් සිද්ධිය හෙලා දැකීමක් හෝ මේ වගේ දෙයක් ආයිත් වෙන එක වලක්වගන්න දෙයක් කළ යුතුයි කියලා නැඟෙන හඬක් මං ගොඩක් තැන් වල දැක්කේ නෑ... ... මොකද ෂෙයා වෙච්ච ගොඩක් දේවල් තිබුනේ සාප කරලා, දියයුතු දඬුවම් මොනාද කියලා කතා කරලා මිසක්, මෙහෙම දෙයක් වෙන්න හේතුව ගැන කතා කරලා තිබුනේ බොහොම කීප දෙනයි...මේ සිද්ධියේ තියෙන කෲර බව නිසා ඉතිහාසයටම කලු පැල්ලමක් බව අමුතුවෙන් කියන්න දෙයන් නෑ.. නමුත් මේ ඔය වගේ, එක සිද්ධියක් විතරයි කියලා පිළිගන්න කාටවත් අමාරුවක් නෑ කියලා මම හිතන්නේ... 

මේ කතාව කියවද්දි උනත් ඕනේ කෙනෙක්ට තේරෙනවා මේ සිද්ධිය මෙච්චර කෲර දෙයක් නොවී, මාධ්‍යට හෙලි නොවී තිබුණනං මේක තවත් කෙල්ලෙක්ගේ ජීවිතයක් විනාස වෙලා, ඒ කෙල්ල සහ ඒ පවුල තනියෙන් විඳවන දෙයක් බවට පත්වෙයි.... ගොඩක් වෙලාවට මේ ගෑණූ ළමයා සියදිවි නසාගෙන මේ කතාව ඉවර වෙයි... මේ වගේ වෙන කීයක් අපරාධ මේ අපේ රටේ සහ ඉන්දියාවේ වෙනවාද.... ?

බටහිර රටවලට වඩා අපේ ව‌ෙග් ආසියාතික රටවල මේ වගේ දේකදි ඇති වෙන ප්‍රශ්න වැඩියි.. බටහිර රටක නම් බො‌හෝ වෙලාවට හිතන සහ උත්සාහ කරන එකම දේ මේ වගේ ළමයින්ගේ ජීවිත බේර ගන්න එක.... නමුත් මම දන්න දේ තමයි අපේ ආසියාතික රටක නම් මෙහෙම සිද්ධියක් කෙල්ලෙක්ට උනොත් ඒ ළමයා විතරක් නෙවෙයි, ඒ පවුලමත් අන්තෙටම ඇදගෙන වැටෙනවා... ඒ ළමයට කසාද බඳින්න බැරි වෙනවා.. කතන්දර හදනවා... එළියට බැස්සම ඔක්කොම කන්න ව‌ෙග් බලනවා... තනිකරම ඒ ළමයට ජීවිතේ මිහිපිට අපායක් කරනවා... 

ගොඩක් අය එහෙම ජීවත් වෙනවට වඩා මරණය හොඳයි කියලා දිවි නසා ගන්නවා... එහෙම නැත්තම් ඒ සිද්ධිය හංගගෙන විඳව විඳව ජීවත් වෙනවා.... 

ඒක ඇත්තටම මේ වගේ අමනුශ්‍යයන්ට ලොකු හයියක්... එකක් මරලා දැම්මොත් සාක්ෂියක් හොයන්න බැරි කම.. අනිත් එක මැරුනට පස්‌ෙස් ටික කාලෙකින් ඒ ආවේගය අඩු වෙන නිසා.... සමහර වෙලාවට අම්මලා තත්තලා උනත් හිතනවා මළා නම් ඒක එතනින් ඉවරයි කියලා... 

මම නම් හිතන්නේ මේ සිද්ධිය ඉන්දියාවට විතරක් නෙවෙයි, ලංකාවටත් යුද්ධය,සුනාමිය වගේ මාක් එකක් වෙන්න ඕනේ කියලා... අදටත් සුනාමිය කිව්වම ගොඩක් අයගේ ඇඟ හිරි වැටෙනවානේ... ( සමහරුන්ට නම් දැන් එහෙම එකක් මතක නෑ තමයි...) මේවට නීති ගේන එක විතරක් නෙවෙයි, ඒ නීති ක්‍රියාත්මක කරන්න සමාජය පොළඹවන්නත් පටන් ගන්න ඕනේ කියලා.. මේ වගේ සිද්ධියක් යට ගහන තරමට තවතවත් මේ වගේ සිද්ධි වැඩි වෙන බව තේරුම් කරලා දෙන්න ඕනේ.. ඒ වගේම මේ අහිංසක කෙල්ලොන්ව අපහසුතාවයට පත් නොකරන සමාජයක් හදන්න ඉක්මණින් පටං ගන්න ඕනේ.. 

බස් එකකදි කෙල්ලෙක්ට ජැක් ගහන මිනිහෙක් දැක්කමත් අහක බලං යන මිනිස්සු ඉන්න අපේ සමාජේ මේ වගේ දෙයක් කරන්න අමාරුයි තමයි... තමන්ගේ කෙනෙක්ට උනොත් එන තරහා, ආවේගය ඒ වෙලාවට මතක් වෙන්නේ නැත්තේ ආත්මාර්ථය හින්දම තමයි... ඒ වගේම මේ වගේ සිද්ධියකදි පොලිසියට ගියොත් ඒ පවුලම කොච්චර සමාජයෙන් කොන් කරන්න ගන්නවද...? ඒ ළමයගේ චරිතය නැති කරනවා කට කතා වලින්.. ඒ ළමයගේ පවුලේ අයට පාරේ බැහැලා යන්න නැති වෙනවා.... ඒ ළමයට තියා, ඒ ළමයගේ පවුලේ වෙන ළමයෙක්ට වත් කසාදයක් කරගන්න බැරි තරමට මිනිස්සු කතා හදනවා... අනුකම්පාව පෙන්නගෙන ගිහින් තමන්ගේ ආත්මාර්ථකාමී දේවල් ඉටු කරගන්න හදනවා... මාධ්‍ය, දේශපාලයෝ, නෑ දෑයෝ, හිතවත්තු උනත් මේ වගේ වෙලාවලදි හැසිරෙන්නේ වදයක් වෙන විදියට... පවුලට තමන්ට කරන්න පුළුවන් උදවුව, අයගේ හිත් නොරිදෙන විදියට කරන්න අපේ මිනිස්සු දන්නේ නෑ... 

ඔය ඔක්කොටම හරි නම් මුහුණ දෙන්න ඕනේ අර වැරදි කරයා ..ඌ එක්කො හිරේට යනවා, නැත්තම් හොඳට තමන්ගේ පාඩුවේ ගේ අස්සට වෙලා ඉන්නවා.. නැත්තම් තවත් මේ වගේ දේවල් කරන්න ගන්නවා... 

වගේම මාධ්‍ය හැමතිස්සේම ඔය ගැන කතා කරනවා... අර මිනිස්සුන්ට වදයක් වෙන තරමට පස්සෙන් පන්නනවා... තමන්ගේ කුතුහලය නිසා පවුල තවත් අසරණ වෙනවා කියලා හිතන්නේ නෑ කිසි කෙනෙක්... යම්කිසි දේකදි යම් තොරතුරක් එළිකරන්න අවශ්‍යද නැද්ද කියන සදාචාරයක් අපේ රටේ උනත් මාධ්‍ය වල නෑ කියලා මට හිතෙන්නේ... 

අනිත් එක නීති තිබ්බත් ඒ නීති ගැන විශ්වාසයක් නැති උනාම තමයි මිනිස්සු තොරතුරු හොය හොය යන්නේ.. නීතිය ගැන විශ්වාසයක් තියෙනවා නම් ගොඩක් අය සාධාරණයක් ඉටු වෙන බව දැනගෙන ඉවසීමෙන් ඉන්නවා.. මේකෙදි උනත් කියවගෙන යනකොට පේන්න තියෙන දේ තමයි බොහෝ ඉන්දියානුවන්ට මේ සිද්ධියෙදි නීතිය ක්‍රියාත්මක නොවෙන බව දැනිලා තියෙන බව...  අ‌ෙප් රටේ උනත් අපි ගොඩක් දේවලට පොලිසියට යන්න කැමති නෑනේ.. එකක් නීතියක් නැති කම.. අනිත් එක නීතියක් ඇති බව නොදැන ඉන්න එක.. අනිත් එක නීතිය ගැන විශ්වාසයක් නැති කම.... 

පහුගිය කාලේ අපි ලිංගික අධ්‍යාපනය ගැන කතා කළානේ.. ඒකෙදි මතු වෙච්ච එක ගැටළුවක් තමයි ගබ්සාව ගැන තියෙන විරෝධය.. ගොඩ දෙනෙක් පළ කරපු මතයක් තමයි දැනුවත් වීමෙන් පිළිසිඳ ගැනීම් වලක්වන්න පුළුවන්කම තියෙද්දි ඇයි ගබ්සාව ගැන කතා කරන්නේ කියන එක... ඒකට හේතුව විදියට මම නම් දකින්නේ නිසි දැනුවත් වීම් නැති කම... ඒ වගේම මානසිකව ඒ වගේ අවස්ථාවක් සදහා සුදානමක් නැති කම... අපේ රටවල තියෙන ‌ගොඩක් ලොකු ප්‍රශ්නයක් නේ ලැජ්ජාවට සහ බයට මේ වගේ දේවල් හංගගෙන ඉන්න එක.. කිසි කෙනෙකුට කියන්නේ නෑ... එහෙම උනාම අපරාධකාරයෝ අල්ලන්නත් බෑ.. සාක්ෂි නැති වෙන නිසා... අපේ රටවල තියෙන යල් පැනපු නීති උනත් වෙනස් විය යුතුයි දැන් නම්..... 

මේ දේවල් හැදෙන්න නම් මේවා සමාජයේ ඉස්සරහට ඇවිත් කතා කළ යුතු දේවල්.. ඒ කියන්නේ මේ සිද්ධිය ගැන කතා කරලා, ඒ පවුලට කණගාටුව පළ කරලා, ඒ ළමයට නිවන් සුව පතලා විනාඩි දෙකක් නිශ්ශබ්දව ඉන්න එක නෙවෙයි.... මේ සිද්ධිය වගේ දෙයක් ආපහු නොවෙන්න දේවල් කෙරෙන්න ඕනේ... නීති ගැන දැනුවත් කරන්න ඕනේ.. බටහිර රටවල නම් ගොඩක් ගෑණූ ළමයි තමන්ට කරදරයක් උන ගමන් රෝහලට හරි යන්න දැනුවත් වෙලා ඉන්නවා.. ඒකට අපේ අය...තමන්ට යම් අතවරයක් සිද්ධ උනා නම් කරන්න ඕනේ දේවල් දන්නේ කීයෙන් කී දෙනාද...? ඒ වගේ සිද්ධියකින් බේරෙන්න පුළුවන් ක්‍රම ගැන දන්නේ කෙල්ලෝ කීයෙන් කී දෙනාද...? 

කොහොම උනත් මේ සිද්ධිය ඉන්දියාවේ වෙච්ච නිසා අපෝ අපේ රටේ ඔහොම ඒවා වෙන්නේ නෑ කියලා අහක බලං ඉඳලා හරි යන්නේ නෑ... මේ සිද්ධියෙන් යම් බලපෑමක් අපේ රටටටත් සිද්ධ නොවුනා කියලා මම හිතන්නෙත් නෑ.. ඒක නිසා මේ දේවල් ගැන කතා කරන්න, හරියාකාර වැඩපිළිවෙලක් පටන් ගන්න මේක හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා... 

ඒ වගේම මේ අවසනාවන්ත සිද්ධියට මුහුණ දීලා, ආකාලයේ මිය ගිය සොයුරියට මේ සසරේ කිසිම දිනෙක මේ වගේ දුකකට මුහුණ නොදීමටත්, නිවන් සුව ලැබීමටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... 

127 comments:

  1. හැබැයි ඕකේ ඇත්ත මේකයි ,ඉන්දියාවේ ඕන තරම් කෙල්ලෝ දිනපතා දුෂණය වෙනවා ,මිය යනවා ,ඒක හැමදාම උනා ,ඒත් ඇයි මේ මාධ්‍ය එකපාරටම කුලප්පු උනේ ,

    ඒ ඒක හොද නිව්ස් එකක් උණු නිසා ,කෙල්ල වෛද්‍ය සිසුවෙක් නොවුනානම් ,සිංගප්පුරුවේ ගෙනිහින් බෙහෙත් කරන්න අම්මලට තාත්තලට වත්කමක් නොතිබුනානම් ,කෙල්ල ඉන්දියාවේ ගමක හරි මුඩුක්කුවක හරි සාමාන්‍ය කෙල්ලෙක් උනානම් අද ඔය කතාකරන එකෙක්වත් ඒ ගැන කතාකරවිද ?

    ReplyDelete
    Replies
    1. සිංගප්පුරු එක්කන් ගියේ ළමයාගේ ගෙදර අයගේ වියදමෙන් නෙමේ

      Delete
    2. හැමදාම දූෂණය වෙන බව දැන දැනත් සද්ද නැතුව ඉන්න එක ගැන තමයි හසරැල් මට කතා කරන්න ඕනේ උනේ.... ඇයි එහෙම වෙන්නේ කියන එක ගැන.... අර කොල්ලගේ කතාවේ මං පාටින් හයිලයිට් කරලා තියෙන හරියේ ඒ ටික හොඳට තියෙනවා....

      Delete
    3. සමාවෙන්න ,මං ඒක දැනගෙන හිටියේ නැහැ ,කොහොම උනත් මං අදහස්කලේ කෙල්ලගේ විශේෂත්වයක් නොතිබි සාමාන්‍ය කෙල්ලෙක් උනානම් ඔය එකෙක්වත් කතාකරාවිද ?නැත්නම් ෆේස් බුක් එකේ ශෙයා කරාවිද ?

      ඇත්තටම ඔවැනි වැඩවලට විරුද්දව මහජන මතයක් ගොඩනැගිය යුතුයි ,ඒත් ඒ මතය වානිජකරණය වීම අනුමත කරන්න බැහැ .හොදම උදාහරහණයක් දෙන්නම් අහල තියෙනවද පුලාන් දේවිගේ කතාව ,එයා කීදෙනෙක් අතින් දුෂණය වුනාද ?ඒත් එයා සාමාන්‍ය දුප්පත් කෙල්ලෙක් උණු නිසා කවුරුවත් ඒවා ගනන්ගත්තද ?

      Delete
    4. ඒක ඇත්ත හසරුල්... මෙතන මේ සිද්ධියේ කෲර බවයි, මේ කෙල්ලගේ පවුල් පසුබිමයි , අධ්‍යාපනයයි ලොකු වැදගත්කමක් තියෙනවා මාධ්‍ය වලට... හැබැයි අමතක කරන්න හොඳ නෑ ඕනේ කෙනෙකුට මේ කාලේදි ඉදිරියට එන්න ඕ‌ෙනනම්, ඉස්සරට වැඩිය ඉඩක් තියෙනව කියන එක... වැඩේ තියෙන්නේ කවුරුවත් ඉදිරියට එන්‌ෙන් නැති එක.... ඒ මේ වගේ සමාජ මත වලට තියෙන බය, ආකල්ප වල තියෙන අඩුපාඩු නිසා නේ...

      Delete
    5. හසරැල් ඒ කථාව පොඩ්ඩක් වැරදියි මම හිතන්නෙ. මේ සිද්ධියේ තියෙන කෲර බව නිසා තමයි මේ තරම් කම්පනයක් ඇති වුනේ. මෙහෙම දෙයක් තියෙනවා. මේ වගේ දේවල් උණු කැවුම් නිව්ස් තමයි. ඒත් අපි බලන්න ඕන ඒකෙන් වෙන සෝෂල් ඉම්පැක්ට් එක. එතැනදී අපි දැනගෙන හිටියට කමක් නෑ මාධ්‍ය වලටත් මේක හොට් නිව්ස් එකක් කියලා. ඒත් එතැනින් වුනත් හොඳ දෙයක් වෙනවනම් අපි ඒ ගැන කථා කල යුතු නෑ.
      මේ වගේ සිදුවීම් ඉන්දියාවේ ඕන තරම් වෙනවා. ඒක ඇත්ත. ඒත් මාස් මීඩියා එකට ආපු මෑත කාලීනව දකින්න ලැබුනු කෲරතම සිදුවීම මේකයි. ඒක නිසායි ඒ තරම් ආන්දෝලනයක් ඇති වුනේ. මම හිතන්නේ මේ වගේ කැලඹීමක් වුනු එක ඉතාම හොඳයි. මොකද ඔය ගැන විස්තරයක් ෆේස්බුක් ෂෙයාර් කරන කෙනෙක් එහෙම කරන්නේ සෝබනේට නෙවේ. අවංකවම තමන්ට මේ කථාවෙන් ඇතිවෙන බලපෑම නිසා. ස්තුතියි.

      Delete
    6. ඒක හරි පැතුම්..

      මට කතා කරන්න ඕනේ උනේ මේ වගේ දේවල් මාධ්‍යයට එළි උනාම අපේ රටේ, ඉන්දියාවේ එහෙම ඒ පවුල් වලට, ඒ වින්දිතයන්ට ඇති වෙන සමාජමය බලපෑම නිසා මේ වගේ දේවල් හංගගන්න උත්සාහ කරනවා වැඩියි කියන එක... දැං මෙතන මේ ගෑණු ළමයාගේ පවුල මේ කතාව මධ්‍යයට කතා කරාට ඒ ළමයා පවා මානසිකව වැඩිපුරම වේදනා විඳලා තියෙන්නේ මේවා පිට අය දැනගන්නවට නේද... අන්ත ඒ තත්වෙයි වෙනස් වෙන්න ඕනේ... මේ වගේ දේවල් නිසා කොච්චර අපරාධකාරයෝ නීතියෙන් බේරෙනවද...?

      ඇක්සිඩන්ට් එකක් උනාම ඒ වටේ වටවෙලා කැමරා කරන්න උත්සාහ කරන්නේ වාණිජමය ලාබයක් බලාගෙනමත් නෙවෙයි... ඒ ගැන ශෝකී වින්දනයක් ලබන්න.... කවුරු හරි කරදරයට වැටුන කෙනෙක්ගේ තොරතුරු හාර හාර හොයන්නේ ඒ ශෝකී කුතුහලයෙන් වින්දනයක් ලබන්න.. ඒක අපේ ස්වාභාවයක්.. වැඩි දුර හොයන එක... නමුත් මේ වගේ දේකදි අහන ප්‍රශ්න, එළිවෙන තොරතුරු අතිශය පෞද්ගලික නිසා අපේ රටවල තියෙන සමාජ මත නිසා ඕනේ කෙනෙක් ලැජ්ජ වෙනවා වගේම බය වෙනවා.. නිකම් හිතන්න.. ගෑණු ළමයෙක්ට අතවරයක් උනාම ඒ ගැන දැනගන්න හැමෝම දුවගෙන ඇවිත් ඒ ගෑණු ළමයට බඳින්න පුළුවන්ද, ළමයි හදන්න පුළුවන්ද කියලා ඇහුවාම ඒ ළමයා සහ ඒ පවුල කොච්චර අපහසුතාවයකට, දුකකට පත් වෙනවද.. ?

      අන්න ඒ තත්වය නැති කරන්න ඕනේ... නීති රීති වලින් සාධාරණයක් සිද්ධ වෙනවා කියලා හිතෙන සමාජයක මේ තත්වය අඩුයි... මොකද තොරතුරු හෙලි උනේ නැතත් අනිවාර්යයෙන් සාධාරණය ඉටු වෙනවා සහ අනතුරට පත් කෙනාගේ ජීවිතය සුරක්ෂිතයි කියලා දැන ගැනීමෙන් සෑහීමකට පත් වෙනවා..

      Delete
    7. ඇත්තටම් මාත් මේ සිදුවීම් වලට ගොඩක් සංවේදියි ,මීට ටික දවසකට කලිනුත් අමන්දා ටොඩ් නම් පොඩි කෙල්ලෙක් cyber bullying නිසා සියදිවිනසාගත්ත වෙලාව මතකද ?ඒත් අද ඒක මතක කීයෙන් කීයටද

      අමන්දා ටොඩ්

      Delete
    8. මෙවුවා ලංකාවට හොද පාඩං...
      ගූගල් ලගේ "SEX" රිපෝට් එකෙං පෙන්නුවේ ඊලගට මේක වෙන්නේ ලංකාවේ කියලා නෙමේද????????????

      Delete
    9. ඔව් හසරුල්.. මට මතකයි.. ඒ ප්‍රශ්නෙදි මේ කතාව ඇති උනා.. නමුත් මට මතක විදියට අමන්දාගේ සිද්ධියෙදි සිද්ධිය පිළිබඳ තොරතුරු හොයනවට වඩා (ඇඳුම් ගැලෙව්වද, ෆොටෝ ගත්තද, දූෂණය කළාද කිය කිය අහන්න යන්නේ නැතුව) ඒ රටවල් වල මිනිස්සු පොදුවේ cyber bullyingවලට විරුද්ධ උනා.. හැමෝගෙම අවධානයට ලක් උනේ ප්‍රධානවම cyber bullying කියන වැරැද්ද නවත්තනේ කො‌ෙහාමද කියන එක මිසක් අමන්දාට වෙච්ච දේට සාධාරණය ඉටු කරන්න ඕනේ කියන එක නෙවෙයි ..

      ඕක අපේ රටේ උනා නම් වෙන්නේ මේ සිද්ධියෙදි වෙච්ච ටිකම තමයි... පෙළපලිපි ගිහින් කෑ කෝ ගහලා කට්ටිව තුවාල කරගෙන, අර ළමයගේ එක එක වැරදි තොරතුර ප්‍රචාරය කරලා, සංවේදී දේවල් මතු කර කර පට්ට ගහලා, අර පවුලේ අයටත් තවත් දුක් දීලා නිකම්ම යටපත් වෙන එක...

      මෙතන වෙනස තමයි අමන්දාගේ සිද්ධියෙදි ලිංගික කාරණා ගැන කිසි කෙනෙක් කතානොකරපු එක.. ඒවා ඇත්තටම ඒ රටවල් වල මහා ලොකු දේවල් කියලා ගනං ගන්නේ නෑ.. ගනං ගන්නේ රැවැට්ටීම, බලපරාධය සහ මානසික පීඩාවට පත් කිරිම වගේ මානුෂීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම.. ඉතිං වැඩි අවධානය, අවධානය යොමු කළ යුතු තැනට ලැබුනා.. නමුත් මේකේදි වෙන්නේ මේ කෙල්ලට වෙච්ච දේවල් ගැන කතා කරලා එයාට සාධාරණය ඉටු කරන්න කෑ ගහන එක විතරයි.. අනිත් අය ඒවා හැමදාම වෙනවනේ කියලා නිකම් ඉන්නවා...

      Delete
  2. ලග පාතක හිටියනම් මම දඩුවම දෙනවා ...

    ReplyDelete
    Replies
    1. මම කිව්වනේ රොබින්.. මුන්ව මරලා දාන එක උන්ට සැප වැඩියි කියලා....

      Delete
  3. හසරෑල් කියන්නේ ඈත්ත ඉන්දියවෙ අයට මේ දේවල් සාමාන්යයි... එහෙ නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ... ඒත් ඔහොම ගිහින් ඔය දේවල් අපේ රටටත් බෝ වෙන යුගයක් එන්නෙ.. අපේ රටෙත් නීතිය තියෙන්නෙ දේශපාලුවො අතේනෙ...

    මටනම් හිතාගන්නවත් බෑ ඔයවගේ දෙයක් අපේ සහොදරියකට උනොත් අපි කොහොම ඉවසන්නද කියල... ජීවිත කාලෙම නොමෑරි බෑරි කමට ජීවත් වෙයි..

    අපිත් කොයි තරම් පව් කරල ඈතිද මේ වගේ දේවල් අහන්න දකින්න...

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් වෙන්නේ ඇයි කියන එක හොයලා බලලා, මේවා ආයිත් නොවෙන්න වැඩ කරන්න ඕනේ නදිනි.. නැත්තම් කී දෙනෙක් මේ වගේ දේකින් විඳවනවද....

      Delete
  4. මේකයි අක්කේ මම නම් කියන්නේ ඔයවගේ වැරදි කරන උන්ව පණපිටින් ගිනිතියල මරන්න ඕනේ ප්‍රසිද්දියේ. ප්‍රජාත්‍රන්තවාදී රටක එහෙම දේවල් කරන්න බැහැයි කියන්න පුළුවන්. උන එතකොට මේ දේවල් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදේ ගැන හිතලද???? නැහැනේ මමනම් කියන්නේ විස නැතිකරන්න ඕනේ විසෙන්ම තමයි. මම ඉන්න බස් එකක වැරදිලාවත් ජැක් එකක් එහෙම ගහනවා දැක්කොත් අනිවා ඌට දෙයියන්ගේම පිහිටයි එක දවසක් බනියට ජැක් ගහන්න ඇවිත් වාහනෙන් ෆලෝ කරන ඇවිත් බස් එක නවත්වල ඇදල දුන්නේ අතුරුගිරියේදී. ඔයවගේ දේවල් වලට මිනිස්සු කට වහන් ඉන්නවා කියන්නේ. තව වෙන්න තියෙන ප්‍රවනතාව වැඩියි.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. මේවා කරන අමනුසස්යන්ට දුඬවම් දෙන්න ඕනේම තමයි මලයා.. හැබැයි මුන්ට දුවම් දුන්නා කියලා මේක මෙතනින් අතඅරින්න හොඳ නෑ.. මොකද මෙහෙම දෙයක් දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියෙන හින්දා... ලොකුවට උනත් පොඩියට උනත් විනාසවෙන්නේ ජීවිතයක් නේ.. ඒක නවත්තන්න මොනා හරි කරන්නත් ඕනේ...

      මේ කතාවත් එක්ක ඉන්දියාවෙ කතා නොකරන දේවල් ‌ගොඩක් එළියට ආවා.. එකක් ගැහැණු ළමා කළල විනාශ කරන එක.. තව එකක් පොඩි ගෑණු ළමයි මරලා දාන එක..

      මේ අපරාධ වෙන්නේ ඇයි කියන එක හොයලා බලලා, මේවගේ දේවල් නොවෙන්න ක්‍රමයක් හදන එකයි කරන්නම ඕනේ.. මේ අපේ රටවල් වල තියෙන ගතානුගතික, විකාර සදාචාරේ පැත්තක දාලා...

      Delete
    2. ඔබට මම එකක් කියන්නම් ඉන්දියාවෙ ස්ත්‍රී දූෂකයන් කෙලින්ම එල්ලා මරනවා.ඒ බව දැන දැනයි මේව කරන්නේ.අජ්මාල් කසාබ්ට කලින් එල්ලා මැරුවෙත් ස්ත්‍රී දූෂකයෙක්.ඒ ධනන්ජෝයි චැටර්ජි.එහෙම එල්ලද්දි තමයි මේව කරන්නේ.ඒ කියන්නේ මෙතන හොයල බලන්න පැත්තක් තිබෙනවා නේද?
      මුස්ලිම් රටවල දැඩි නීති තිබෙන්නේ මේවා ඇතිවීමේ ඉඩකඩ සම්පූර්නයෙන්ම අහුරලයි.කාන්තාවන් ඇඳුම් අදින්නෙ සංවරව
      ලංකාවෙ මුස්ලිම් පළාත්වල දූෂන අතවර අපචාර ඉතා අඩු බව හැමෝම කියන දෙයක්.

      Delete
    3. @ස්ත්‍රීවාදය

      මුස්ලිම් රට වල මීට වඩා දේවල් වෙනවා කියලා දැනගන්න ඕනේ තරම් දේවල් තියෙනවා... හැබැයි මේවා කරලා ගෑණිව මරලා දැම්මම එළියට යන්නේ නැති නිසා කටිටිය ඔහොම හිතනවා...

      බටහිර රටවල ගෑණු බිකිනි ඇඳලා, ෂෝට්ස් ඇඳලා, ඇඳුම් කොච්චර අඩුවෙන් ඇන්දත් ඔය අගේට පිරිමි ඉන්‌ෙන් එහෙනම්.... ඒ පිරිමියි ඔයා ඔය කියන ජාතියේ පිරිමියි පරිණාමයේ අවස්ථා දෙකක් නෙවෙයි නේ...

      Delete
    4. මුස්ලිම් රටවල්වල වෙන දේවල් ගැන පිටින් ඉඳං බලන අපිට පේනවද කියන එක තමයි ප්‍රශ්නේ. ගෑනියෙක්ට ඉපදෙන්න නුසුදුසුම ආගම තමයි ඒක.

      //ඒ පිරිමියි ඔයා ඔය කියන ජාතියේ පිරිමියි පරිණාමයේ අවස්ථා දෙකක් නෙවෙයි නේ//

      මේක ඇත්ත හිරූ. ආසියාතික රටවල තියන ඕනවට වඩා වැඩි සම්ප්‍රදායානුකූල ගතිය නම් ලොකු ප්‍රශ්නයක් මට පේන හැටියට. ඔහොම දෙයක් වෙච්ච කෙල්ලෙක් ඒ ගැන කිසිම තැනකට පැමිණිලි නොකර ඉඳීවි තමන්ට කසාදයක් බැඳගන්න තියන අවස්තාව ඇහිරෙන හින්දා. සමාජයෙන් ලැබෙන උපහාසවලට බය හින්දා. තවත් දෙයක්, ඉන්දියාව, ලංකාව වගේ රටවල අසහනය ටිකක් වැඩියි (හේතු ගොඩක් බලපානවා වෙන්න පුළුවන්).

      Delete
    5. මුස්ලිම් රටවල පාරවල් වල කොරන්ට දෙයක් නෑ , ගෙවල් ඇතුළේදී ගැහනියකට දෙන්න පුළුවන් හැම වදයක්ම දෙනවනේ

      Delete
    6. @ස්ත්‍රීවාදය

      මුස්ලිම් රටක කාන්තාවන්ට මොන ඇටිකෙහලක් වුනත් එයාලට ඊට විරුද්ධව හඬක් නගන්න ඒ රටවල්වල පිරිමි ඉඩ තියනවද??

      මලාලා දැරියට වෙඩි තිව්වෙත් ඔයා කියන මුස්ලිම් මිනිස්සුම තමයි... මුස්ලිම් කාන්තාවන් හිජාබ් අඳින්නේ මුස්ලිම් පිරිමින්ගෙන් හැංගෙන්න කියලා හිතමුකෝ :D

      Delete
    7. @ ස්ත්‍රිවාදය

      මුස්ලිම් රටවල ගැහැණු අයට හිජාබ් එකෙන් මූණ වහගෙන ඉන්න සිද්ධ වෙලාතියෙන්නේ ඇයි? ඒ වගේ මුස්ලිම් රටක ගැහැණියක් දූෂනයට ලක් උණත්, පිරිමියෙකුට කවදාවත් වැරැද්දක් වැටෙන්නේ නෑ. අනාචාරයේ හැසිරීමේ වරද ගැහැණිය මත පටවලා ගල් ගසා මරා දැමීමේ දඬූවමත් ගැහැණියටයි දෙන්නේ.

      Delete
  5. මුන්ට දෙන්ඩ ඕනෑ දඩුවම හිතාගන්න බැහැ....

    ReplyDelete
    Replies
    1. මුන්ට දඬුවම් දීල විතරක් මදි සංජය...

      Delete
  6. මේ වගේ සිද්ධි අපේ රටේත් ඕන තරම් සිදුවෙනවා. ආබාධිත කෙල්ලන් දුෂණය වෙනවා. මැහැල්ලන් අතවරයට ලක්වෙනවා.තාත්තලා බාප්පලා හා ලගම ඥාතින් අතින් දැරිවියන් දුෂණයට ලක්වෙනවා.කොටින්ම අද ළමා අපචාර මාධ්‍ය මගින් හෙළි කිරිමෙනුත් වැළකිලයි ඉන්නේ. ඒ වෛද්‍ය වරුන් ගේ බලවත් ඉල්ලිම මත. මේවා ප්‍රචාරයෙන් වන්නේ ඒවා වැළකීමනොවෙයි ව්‍යාප්තිය බවයි විද්වත් මතය.අද අපේ රටේ වගකීමක් ඇති මාධ්‍ය ආයතන ළමා අපචාර ප්‍රචාරය නවතා තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරක් ප්‍රචාරය කරන්නේ නම් ඒ එවන් අපරාධයක් කළ වුන්ට දුන් දඬුවම ගැන පමණයි.මේ ස්වයං වාරණය කඩ කරන මාධ්‍යද නැතුවා නොවේ. අද කළ යුත්තේ හිරු කියනා සේම මෙවැන්නක් ඉදිරියේ නොවීමට අවැසි පරිසරයක් ගොඩනගන්නට සමාජය දැනුවත් කිරිමේ මාධ්‍ය මෙහෙවකුයි.

    ReplyDelete
    Replies
    1. මට තියෙන එක ප්‍රශ්නයක් තමයි ඕක නලීන් අයියේ... අපි මාධ්‍ය වලින් ම්වා හෙළ කළ යුතුද, හෙළි කළ යුතු නම් ඒ කොහොමද කියන එක ගැන දැනුවත් නෑ

      මෙතනදි ප්‍රධාන ම ප්‍රශ්නය මට හිතෙන්නේ රටේ තියෙන නීති ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැතිකම....

      Delete
    2. හිරු කියන කතාව හරි. ඒවගේ දෙයක් ලංකාවෙ සිද්ධ උණොත් ඉන් පස්සේ සමාජයට මූණ දෙන්න ඒ ළමයට බැරි වෙනවා. ඊට වඩා හොඳයි සියදිවි නසා ගන්නවා කියලා හිතෙන්නේ එතකොටයි. නීතියේ පිහිට පතන්න ගියාම තමන් මූණ දුන්න සිද්ධිය අකුරක් නෑර පොලිසියේදී කියන්න වෙනවා අඩුම තරමේ දෙපාරක් හෝ තුන් පාරක්. ඉන් පස්සෙ නඩු දැම්මොත්, උසාවියේදිත් කියන්න වෙනවා නඩුව කැඳවන වාරයක් වාරයක් පාසා.ඉන්පස්සේ විත්තියේ නීතීඥයන් අහන හරස් ප්‍රශ්න වලටත් උත්තර දෙන්න වෙනවා.නඩුව අඩුම තරමේ අවුරුදු තුනක් වත් දිගට ඇදෙනවා. ඒ අවුරුදු ගානම අර සිද්ධියේ යටපත් වීමක් නෑ. අලුතින් මතක් කෙරෙනවා හැම වතාවකදිම. එතකොට සිද්ඳියට මූණ දුන්නූ කෙනාගෙ මානසික තත්වයට මොකද වෙන්නේ කියලා කාටවත් හිතෙන්නේ නැද්ද මන්දා.
      මම දැක්ක ඇත්තම සිද්ධියක් තිබුණා. ඒ සිද්ධිය සිද්ධ වෙනකොට ඒ ගෑණු ලමයගෙ වයස අවුරුදු 15යි.නඩු දාලා තීන්දුව ලැබෙනකොට වයස අවුරුදු 22යි. මොකක්ද දන්නවද තීන්දුව. වැරදි කරුට අවුරුදු 05ක අත් හිටවූ සිර දඬූවමක් හා අර ගෑණු ලමයට රු 50000ක් ලබාදෙන්න නියම කිරීම.... ඉතින්....

      Delete
  7. මේ සිද්ධිය ගැන නිකම් හෙලා දැකලා වැඩක් නෑ.එහෙම දෙයක් වුනේ ඇයි කියලා හිතන්න ඕන.මේ තරුණිය අඩුකුලේ කෙනෙක්ලු උසස් කුලවල අයලු මේක කරල තිබෙන්නෙ .කුල ප්‍රශ්නත් බලපානවා.මේ තරුණිය හදුනගෙන තිබෙනව කරපු අය.
    ඉන්දියාවෙ බොලිවුඩ් සිනමාව ඇතුලු අවිනීත නිළියන් හා ඒ අය අනුගමනය කරන කාන්තාවනුත් මේකට වග කියන්න ඕන
    ඔබ දන්නවද මුස්ලිම් ප්‍රදේශවල ස්ත්‍රී දූෂන අඩු බව.හිජාබය නිසා පිරිමියෙකුට කාමාශා ඇතිවෙලා කුලප්පු වෙන්නෙ නෑ.
    සොබාව දර්මෙන්ම ස්ත්‍රී පුරුෂ වෙනස් හැඩගැස්මක් තිබෙනවානෙ

    ReplyDelete
    Replies
    1. මට පේනනේ ඔබ හිතනවා හිජාබය නිසා මේ වගේ දේවල් පාලනය වෙනවා කියලා... එහෙම නම් මම හිතනවා අපි ගාව විසඳුමක් තියෙනවා කියලා...

      පිරිමි ඔක්‌කොම සත්තු වත්තේ කූඩු වගේ හදලා දාලා වහලා දාමු.. ගැහැණු අතින් ඇත්තටම වැරැද්දක් වෙනවා කියලා කියන්න බෑනේ.. ඇඳුම් ඇඳීමේ නිදහස දීමේ කිසිම ප්‍රශ්නයක් නෑ.... මොකද පිරිමින්ට ගෑහැණියක් දැක්කම ආමාරු වෙලා, තමන් පාලනය කරගන්න බැරිවෙලා මේ වගේ දේවල් කරන්න හිතෙනවා නම් මම හිතනවා ඒක පිරිමින්ගේ වැරැද්දක්.... එහෙම අය හිතන්න මනසක් නැති නොදියුණු වානරයෝ මට්ටමේ ඉන්න සත්තු ජාතියක් කියලා.... එයාලා සුදුසු කූඩු වල දාල තියන්න තමයි....

      Delete
    2. හිරුවෝ සුපිරිම කනේ පාරක් නේ ගහල තියෙන්නේ. ආයි මු රෙද්දක් ඇදන් නම් එන එකක් නැ මේ පැත්තේ

      Delete
    3. මට පේන්නේ එයාට මෙතන පැටලවීමක් සිද්ධ වෙලා කියලා නලීන් අයියේ.. බටහිර ස්ත්‍රීවාදය සහ හැබෑවටම මිනිසත්කමට අවශ්‍ය දේ අතර පොඩි අතරමං වීමක් වෙලා තියෙනවා කියලා මට පේනවා...

      Delete
    4. දෙපතුල දක්වා ඈදුම් ඈන්දම පිරිමින්ට තිරිසන් ආසාවල් හිතෙන්නෙ නෑතුව ඈති... ඔය ඔලුවෙ ඉදන් වහගෙන ඉන්න ගෑනු විදින කරදර කියාගන්න බෑරිකමින් කොයි තරම් නම් අසරනද? ඔය ඈදුම මේ කාන්තර අරාබිකරයේ වෑලි කුනාටු වලින් ආරක්ශා වෙන්න හදපු ඈදුමක් මිසක් මිනිසුන්ගේ තිරිසන් ආසාව නෑති කරන්න අදින එකක් නෙමේ...දෑන් මෙයාල මේක පහර ගහන්න ආයුදයක් කරගෙන... අනික ජරා මිනිහ කොහොම කලත් හදන්න බෑ... උන් මෙහෙ ඉන්දියාවෙ කියල නෑ... එතකොට මිනිස්සු වයසක ආච්චිල දුශනය කරන්නෙ එයාල කොටට ඈදල මිනිස්සුන්ගෙ හෑගීම් අවුස්සන නිසාද?
      අනික බොලිවුඩ් නිලියන් සහ එයාලව අනුගමනය කරන අවිනීත කාන්තාවන් ගෑන කියන්නෙ ඊට වඩා මිනිස්සු හොලිවුඩ් බලනවනෙ... එතකොට අර හිරු කිව්ව වගේ ඒව දකින පිරිමි පිරිමි නෙමෙයිද?

      Delete
    5. කව්ද මුස්ලිම් අන්තවාදියෙක් මැදට පැනලා මෙතැන වර්චස් කරනවා.

      Delete
    6. අන්වර් මනතුංග හිජාබ් දාගෙන ඇවිල්ලා....

      එයාට දෙන්න තියෙන උත්තරේ මේකයි...බෙනාසිර් බූතෝ එංගලන්තයේ හිටියෙ ආම්ස් කපපු කෙටි ගවුමක් ඇඳගෙන,ඒ එහෙම හිටියයි කියලා බෙනාසිර්ට එංගලන්තයේදී කිසියම් අතවරයක් වෙන්න ඉඩක් නැති නිසා. ඒත් ඒ බෙනාසිර්ම පකිස්තානයේ තමන්ගේම ගෝත්‍රික රැළ අතරට ගොඩ බහින්නෙ....සාරියක් ඇඳගෙන ඔළුවත් වහගෙන, මොක ද යම් අතවරයක් වුනොත් සිදුවෙන්න නියමිත මුස්ලිම් ගෝත්‍රික රැළ අතරෙදියි කියලා බෙනාසිර් දැනගෙන හිටපු නිසා.

      පිරිමින්ගෙ ශික්ෂනයෙ දිග පළල මනින්නෙ ගෑණුන්ගෙ රෙද්දෙන් නෙවෙයි සංස්කෘතියෙනුයි.

      Delete
    7. ඔය හිජාබය ගැන මගේ මතය බලන්න මෙතනින්

      Delete
    8. @මානවක

      පික් එක නම් හරියටම හරි.....

      Delete
    9. මෙතනට මුස්ලිම් ප්‍රශ්නයක් ගාවගන්න අවශ්‍ය නෑ කියලා මම හිතනවා...

      ගැහැණියට පිරිමියෙක් සහ පිරිමියෙක්ට ගැහැණියක් ආකර්ශනය වෙනවා කියන්නේ ස්වාභාවික දෙයක්... කාන්තාවන්ගේ ඇඳුමෙන් පිරිමි කෙනෙක්ව Seduce කරන්න පුළුවන් කියන එක ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.. නමුත් සාමාන්‍ය ඇඳුමක් ඇන්ද ගෑණියෙන්ව, පොඩි කෙල්ලෙක්ව දැක්කම ඉන්න බැරි වෙලා තිරිසන්නු වෙනවනං පිරිමි කියන්නේ වානරයන්ට වඩා ඉහල සත්තු කොට්ඨාසයක් නොවෙන්න ඕනේ.. නමුත් එහෙම නෑ කියල හැම දෙනාම පිළිගන්නවා... මේ වගේ තිරිසන් වැඩ කරන්නේ අවස්ථාවාදී පිරිමි ප්‍රමාණයක් විතරයි...

      ඔය ඇඳුම් ගැන කියනවා නම් පිරිමි අඳින සමහර ඇඳුම් නිසා ගෑණුන්ටත් ඉන්න බැරි වෙන අවස්ථා තියෙනවා.. මොකද පිරිමියෙක්ට ගෑණියෙක් ආකර්ශනය වෙන්න එයාලගේ එක එක අවයව බලපානවනේ .. සමහර ගෑණු අය පිරිමි අයගේ පපුවේ මයිල් වලට, රුවුලට ආසයි... සමහරු හැඩි දැඩි පිරිමින්ට ආසයි.. සමහරු ප්‍රමාණයෙන් ‌ලොකු ශිෂ්ණ තියෙන පිරිමින්ට ආසයි.. දැං ඕවා ඉලිප්පිලා පේන්න ඇඳුම් අඳින පිරිමි, අන්ඩවෙයාර් එක පේන්න අඳින පිරිමි, බයිසෙප්ස් පිම්බිලා පේන්න අඳින පිරිමි, ඒවා අඳින්නේ පිරිමින්ට බලන්න නෙවෙයි නේ... දැං ඔය තියෙන කලිසම් ඇන්දම ( අර ඉස්සර වගේ ෆ්ලීට් තියන්නේ නෑ නේ) ශිෂ්ණය ලොකුවට ඉලිප්පිලා පේන්නේ... ඉතිං ගෑණු යන්නේ නෑ නේ ඕවා දැකලා ඇවිස්සලා පිරිමින්ව දූෂණය කරන්න.... ගෑණුන්ට තමන් පාලනය කරගන්න පුළුවන් වෙන්නත්, පිරිමින්ට ඒක බැරි වෙන්නත් හේතුවක් නෑ නේ....

      ස්වාභාව ධර්මය ගැන කතා කරනවා නම් ඇඳුම් කියන්නේ ස්වාභාව ධර්මය නෙවෙයි... ඇඳුම් ආවේ සදාචාරයත් එක්ක... මනුස්ස සතා මුලින් හිටියේ ඇඳුම් නැතුව.... ලිංගික ආශාව කියන එක එදිනෙදා ජීවිතයේ අවශ්‍යතාවයක් විතරයි.. කෑම, බීම වගේ...

      රංචු පිටින් හිටපු උන් සමාජගත වෙන්න ගත්තම නීති රීති අවශ්‍ය උනා... කුල ප්‍රශ්න, උස් පහත්, දුප්පත්, පොහොසත් ‌භේද ඇති වෙන්න ගත්තේ ඊට පස්සේ...

      ඕක හංගගෙන, හොරෙන් කරන්න ඕනේ කියන සදාචාරයක් ඇති උනේ බලය පවත්වාගන්න විතරයි... දැං වගේ ගොඩක් වෙලාවට ලියවිල්ලක් විතරක් නොවී තනිකරම හදවතින්ම එකඟවෙන තීරණයක් ගැනීමෙන්, දෙන්නෙක් තම තමන් එකිනෙකා වෙනුවෙන් ඉන්නවා කියලා පොරොන්දු වෙන කසාදය කියන ක්‍රමය ඇති උනේ... පස්සේ තමයි මේක ආගම් සහ ජාතීන්, සංස්කෘතීන් වල බලය පාවිච්චි කරන්න ලේසි වෙන්න “ බය” කියන සාධකය පාවිච්චි කරලා නීතීයක් කරගත්තේ...

      Delete

    10. දැං මේක ගොඩක් තැන් වල වෙන් වීමකදි අයිතිවාසිකම් ලබා ගන්න පාවිච්චි කරන නීතිමය ලියවිල්ලක් බවට පත් වෙන තරම් වෙනස් වෙලා... මේ හැම දෙයින්ම උනේ කැමැත්තෙන් කරපු දෙයක් බලපෑමකින් කරන්න යෑමක්... ඒකෙන් දැන් වෙලා තියෙන්නේ ලිංගිකත්වය කියන එදිනෙදා අවශ්‍යතාවය හිර කරගෙන ඉඳලා මානසික පීඩනයක් පවා ඇති වෙන තත්වයකට පත් වෙන එක...

      ඇඳුම් කියන්නේ සීතලට, රස්නෙට හම කියන ආවරණය මදි නිසා ( ලොම් හැලිච්ච නිසා) මනුස්ස සතා තමන්ගේ දියුණු මොලේ පාවිච්චි කරලා නිපදවා ගත්ත දෙයක්... ඒ ඇත්ත තත්වය යට ගිහින්, ඇඳුම් කියන්නේ සභ්‍යත්වය කියලා පිළිගන්න පටන් ගත්තට පස්සේ තමයි මේ දැන් තියෙන ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තේ.. බටහිර රටවල තියෙන ලිංගික නිදහස බැලුවාම මේ තත්වය පැහැදිලිව පේනවා.. ඇත්තටම කියනවා නම් දියුණූවෙන් දියුණුවට යන ගමන්, ආපහු වානචාරි තත්වයට පත්‌ වේගෙන යනවා කියලා අපිට පේනවා... ආපහු ස්වාභාව ධර්මය දිහාටම යනවා...

      ඔය ඔක්කොම හොඳට තේරුම් ගත්ත කෙනෙක්ට කාන්තාවක් දූෂණය වෙන්න එයාගේ ඇඳුම් බලපානවා කියන තර්කේ තියෙන මෝඩ කම හොදට පේනවා...

      ලිංගකත්වය කියන දේ අනිවාර්යයෙන්ම අතිශය පෞද්ගලික, ඒ හා සම්බන්ධ වෙන අය අතර ඇති වෙන එකඟතාවයකින් විය යුතු දෙයක්... කරන දේ තේරුම් අරගෙන, කරන්නේ මොනාද, කො‌ෙහාමද, කොතැනද කියන එක සහභාගී වෙන සියලු දෙනාම ( දෙදෙනා හෝ ඊට වැඩි පිරිසක්) අනිවාර්යයෙන් එකඟ වෙලා, ඒ ගැන අවබෝධයකින් කරනවා නම් ඒක විශම ලිංගිකද, සම ලිංගිකද හෝ වෙනත් දෙයක්ද කියන එක සමාජයට ප්‍රශ්නයක් විය යුතු නෑ... නමුත් කෙනෙක්ව රවටලා හෝ අනෙක් කෙනාගේ එකඟත්වයකින් තොරව කරන දෙයක් අනිවාර්යයෙන්ම සමාජයට ප්‍රශ්නයක් වියයුතුයි... මොකද කෙනෙක්ගේ ලිංගිකත්වය කියන මානව අයිතිවාසිකම කඩ වෙන නිසා... මෙන්න මේකයි දූෂණයක්, අතවරයක්, අපචාරයක් කියන කතාව...

      ඉන්දියාව සහ ආපේ වගේ රටවල තියෙන කන්‍යාභාවය වගේ යල් පැනපු මත නිසා ලිංගිකත්වය මානසික පීඩනයක් බවට පත් වෙලා.. ඒ වගේම ඒක කාන්තාව පීඩනයට පත් කරන්න යොදා ගන්නවා... කවුරුවත් කතා කරන්නේ නැති උනාට පිරිමි කෙනෙක්ව උනත් ඒ විදියට පීඩාවට පත් කරන්න පුළුවන්... තරැණියකට කන්‍යාභාවය නැති උනොත් ලොකු ප්‍රශ්නයක් උනත්, තරුණයෙක්ට එහෙම වෙන්නේ නෑ කියලා අපේ රටවල තියෙන ගොන් මතය හින්දා තමයි මේවා අවුල් වෙලා තියෙන්නේ.. නමුත් මේකේ ඇත්ත තත්වය නම් ගැහැණියක් හා සමානවම පිරිමියෙක් මෙහෙම දේකදි මානසික පීඩාවකට පත් වෙනවා... නමුත් අපි ඒ ගැන කතා කරන්නේ නෑ... මේ අපේ තියෙන විකාර සමාජ මත නිසා... මේවා වෙනස් වෙන්න ඕනේ කියන එක සාධාරණයි කියලා මං හිතන්නේ... පිරිමින්ට සහ ගැහැණුන්ට පොදුවේ “මිනිස්සු” විදියට සලකන්න පුළුවන් සමාජයක් හැදෙන්න නම් මේ යල් පැනපු නිති රිති වල යම් ලිහිල් බවක් අවශ්‍ය වෙනවා...

      එහෙම උනොත් ඊට පස්සේ ඔය ගැණියෙක්ගේ නියපොත්තක් දැක්කත් ඇවිස්සෙනවා කියන පිරිමින්ව අඳුනගෙන, කෙලින්ම මානසික රෝගී අංශ වලට යොමු කරන්න පුළුවන්.. මොකද එහෙම වෙනවා නම් ඒ මානසික රෝගියෙක් නිසා...

      සුමිත් අයියගේ කෙටි උත්තරේ මං හිතන්නේ මේ ටික ඔක්‌ෙකාම ඇතුලත් වෙලා තියෙනවා...

      Delete
    11. සුමිත් මහතා.. ++++++++++++

      Delete
    12. @සුමිත් නිරිඇල්ල අයියේ

      කියන්න ඕන ටික එලටම කියලා තියෙනවා නියමයි....

      @ස්ත්‍රීවාදය

      ඔයා ඒ ලමයට වෙච්චි අපරාධය සාධාරණීකරණය කරන්න එපා.... මොන කුලේ වුනත් ඒ අහිංසක ජීවිතයක්... ඒ මනුස්සයෙක්ගේ ජීවිතයක් කියලා හිතන්න බැරි ඔයා එක්ක මොන කතාද ඉතින්... කවුරු කොහොම ඇන්දත් පාලනයක් ඇතුව ජීවත්වෙන එකයි යුතුකම...

      ඇඳුම් නිසා ඇතිවන සභ්‍යත්වය කියන බොරුවෙන් ඔයාලගේ දුර්වලකම වහන්න හදන්නේ නැතිව විනයකින් හික්මීමකින් යුතුව ජීවත්වෙන හැටි ගැන ඉගෙන ගන්න....

      Delete
    13. මේ ප්‍රශ්න ඇති වෙන්නේ ඇඳුම් නිසා කියලා හිතනවානම් අපේ ආදී මිනිස්සු ගැන මොකද කියන්නේ?. ඇඳුම් අන්දේම නැති කාලෙකුත් තිබුනනේ. ඒ කාලේ මිනිස්සු දැක්ක දැක්ක ගෑනිව දූෂණය කරාද?

      Delete
    14. මම හිතනවා මේ කෙනාට අපි මීට වඩා උත්තර දෙන්න, ප්‍රශ්න කරන්න අවශ්‍ය නෑ කියලා...

      නදිනි, සයුරි, සුමිත් අයියා, ගැමියා, නලින් අයියා, මානවක මලයා..

      ඔය කියන එක කරනවනම්, කරන්න ඕනේ කොහොමද කියලා මට හිතෙන හැටි...

      අතිශයින්ම පිරිමින්ට පමණයි.... 1 කොටස

      ඒ වගේම දිනේශ් අයියගේ මේ ලිපියේ තියෙන කමෙන්ට් එකත්..

      Sex පිළිබදව ‍ගූගල් සෙවීමෙන් ලංකාව එකට

      ඔන්න ඔතනට ගිහිල්ලා මේ කෙනා දාලා තියෙන කමෙන්ට් කීපය බැලුවා නම් ඔයාලට තේරෙයි මේ කෙනා එයා දරන යම්කිසි මතයක් එක්ක අනිත් හැමදේම බරපතල විදියට පටලවාගෙන ඉන්නවා කියන එක...

      මෙයා බටහිර ස්ත්‍රීවාදයත් එක්ක එයාගේ තියෙන තරහා එක්ක, කාන්තාවන් ලියන හැමදෙයක්ම වගේ පටලවා ගන්නවා කියලා මගේ පෝස්ට් කීපයක දාලා තියෙන කමෙන්ට් වලින් තේරුනා..

      එයාගේ පටලැවීම ඉක්මණට ලෙහා ගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා අපි මේ කතාව අතෑරලා දාමු... හි හි

      Delete
    15. ලිපියට කමෙන්ට් දාන්න පරක්කු වැඩියි ... ස්ත්‍රිවාදය කියන එකාට කියන්න තියෙන්නේ ඉස්සෙල්ලා නිවුස් එක බලපන් බුරු කථා නොකිය . කුල ප්‍රශ්නය සම්බන්ධ දූෂණ සිදුවීම සම්පූර්‍නයෙන්ම වෙනස් කථාවක් . මේ සිදූවිම වෙනස්ම එකක් .

      Delete
  8. මේ වගේ දේවල් නීති වලින්ම විතරක් නවත්වන්න බෑ. අපේ රටේ නම් නීතිය ගැන වැඩි විශ්වාසයකුත් නෑ නේ. තියන නීති හරියට ක්‍රියාත්මක කරන ගමන් මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් තමා ඇති වෙන්න ඕනේ. දැන් අපරාධ කරන්න බයක් නෑ මිනිසුන්ට. ඉතින් ඕනෑම තුච්ඡ වැඩක් කරනවා.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නම මෙතන තියෙන ප්‍රශ්නේ නීති තිබුනට ඒවා ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැතිකම කියලා චන්දන... එහෙම උනාම තමයි මිනිස්සු සාධාරණය වෙනුවෙන් සටන් කරන්න පෙළඹෙන්නේ... අනිත් එක මාධ්‍ය වලට මේවා විකුණන්න චාන්ස් එක හම්බුවෙන්නෙත් එක නිසා කියලා....

      ඉන්දියාවේ උනත්‌ බොහෝ දෙනෙක්ට විශ්වාසයක් නෑ මේකෙදි සාධාරණ දඬුවමක් ලැබෙයි කියලා.. ( ඒ කියන්නේ මරණ දඬුවම මං හිතන්‌නේ..)

      Delete
  9. මාව වෙවුලනවා.. යකෝ හ්ඩ්ස්‍ර්

    අනේ මංද ලෝක විනාසෙ වෙලා සේරම නැති උනා නම්

    ReplyDelete
    Replies
    1. //යකෝ හ්ඩ්ස්‍ර්// ???

      මේවා වෙන්නේ ඒ තැනට යන ගමන් වෙන්න ඇති යසිත්...

      Delete
  10. මට නම් මොනවා කියන්නද කියල හිතාගන්න බෑ..හිරු....:((
    සාධාරනයි අවේගයක් ඇතිවීම ගැන.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‌යයෙන්ම වී...

      Delete
  11. අනේ මන්දා අක්කෝ ..ඔයාට පේන දේම මටත් පේනවා හැබැයි ..!
    :(

    ReplyDelete
    Replies
    1. මම දන්නවා රෙහානි... ගොඩක් අයට මේක පේනවා... නමුත් කතා කරන්න බයයි.. එකක් වැඩක් නෑ කියලා හිතන නිසා.. නැත්තම් අදාළ නැති විකාර අල්ලගෙන තත්වය විකෘති කරන්න හදන නිසා...

      Delete
  12. අනේ මන්දා අක්කේ උන්ට රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ විදවලා මැරෙන්න සලස්වන්න ඕනේ.ඕක ඉන්දියාවේ උනත් අපිට අපේ නංගිලා ගැන අක්කලාගේ ආරක්ෂාව ගැන බයත් හිතෙනවා.ඔය වගේ දෙයක් ආයේ වෙන්න කලින් නැති කරන්න අපි අනිවා පියවර ගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි මඩයෝ ප්‍රශ්නේ .. අපි අපේ අයට මෙහෙම දෙයක් උනොත් මොකද කරන්‌ෙන් කියලා කල්පනා කරනවා... හැබැයි වෙන කෙනෙක්ට මෙහෙම දෙයක් උනාම ඒක අපිට රසවත් සිද්ධියක් විතරයි... නිකම් හිතලා බලන්න ඇකිසිඩන්ටි එකක් උනාම ඒ වටේට රැස් වෙලා “ ශෝකී කුතුහලය” හොයන්න එකතු වෙන අය කොච්චරද...? ඒ සිද්ධියේ අහුකොන් ඔක්කොම හොය හොය වාර්තා කරන මාධ්‍ය කරන්නෙත් ඒව විකුණලා හොඳ මාකට් එකක් හොයා ගන්න එක නෙවෙයිද...?

      වේචචර දේට ලැජ්ජාවේ, සමාජයට මුහුණ දෙන්න බැරිව, බයේ කෙල්ලො කී දෙනෙක් දිවි නසා ගන්නවද.. ? කීදාහක් සිද්ධි හංගගන්නවද පවුල් ඇතුලේ.. ඒවාට සම්බන්ධ අපරාධකාරයෝ කි දෙනෙක් නිදැල්ලේ ඉන්නවාද...? ඒවා ගැන හිතන්න ඕනේ නේද...?

      Delete
  13. Barapathala wadi ane mata me wage dewal. Monawa............ Kiyannada therenne na. Minisun athare me wage thirisanun innawane aththatama. Prasiddiye karanna tharam me wage deyak, mata nam hitha ganna ba.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ නඟා... කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන ගානට දාන්න තමයි උත්සාහ කළේ..

      Delete
  14. ඔව්වා හැම තැනම හැම රටකම වෙනවා හිරු , මිනිස්සු බොහොම ටික කාලයකින් ඒක අමතක කරනවා , අපරාධ වින්දිතයාගේ සමීපතමයන් හැමදාම විදවනවා . අර අඹේපුස්සේ කරත්තයක් යට කෙල්ලව විනාස කරලා මරලා දාලා තිබ්බා මතකද. ඒ ළමයගේ ඇග ඇතුලට නූල් කෝන් හිටං රිංගවලා තිබ්බා ඒ -සිගේ පුතා , ඒ කාලකන්නියට කන්ඩ දිදී තියාගන ඉන්නවා වැලිකඩ.

    ඒ වේදනාවට අර දරුවගේ තාත්තා අලුගොසුවෙක් වෙන්න ඇප්ලිකේෂන් දානවා.

    අනේ මේ කාලකන්නි රට

    ReplyDelete
    Replies
    1. අඹේපුස්සේ නොවෙයි අටං සිද්ධිය වුනේ මීරිගම. ඒ තාත්තා හමුසා සොල්දාදුවෙක්.ඇත්තටම වාස් ගුණවර්ධන වැනි පොලිස් නිලධාරින් ඕන වෙන්නේ මේ වෙලාවට තමා

      Delete
    2. මේවා අමතක වෙන්නේ අපේ රටේ තියෙන කුණු සදාචාරේ නිසා.. ඇයි ඉතිං ඒ ළමයා මලාට පස්සේ ප්‍රශ්නේ ඉවරයි නේ.. ජීවත් උනා නම් අපේ අයට තියෙන ලොකුම ප්‍රශ්නේ “ අනේ දැං මේ ළමයා කසාද බඳින්නේ කො‌ෙහාමද..? ළමයි හදන්නේ කොහොමද? ඒ පවුලේ අය සමාජෙට මූණ දෙන්නේ කොහොමද.. මැරිච්ච එක හොඳයි ජීවත් වෙනවට වඩා ” කියන එකනේ...

      කිසි කෙනෙක් අර ජීවිත කාලයක් බලපොරොත්තු තියාගෙන ඒ කෙල්ලව හදපු දෙමවුපියන්ට ඇති වෙන දුක ගැන හිතන්නේ නෑ.. අර කෙල්ල ජීවිතේ ගැන තියාගෙන හිටිය බලාපොරොත්තු ගැන හිතන්නේ නෑ.. ඒ ජිවිතයේ වටිනාකම ගැන හිතන්නේ නෑ... ඇයි ඒ...? බටහරි රටවල දුක ප්‍රකාශ කරද්දි කියනවා “ I' m sorry for your loss ” කියලා... ඔබට නැති උන දේවල් ගැන මට දුකයි කියලා.. අපේ අය කියන්නේ මොනාද.. අනේ පවු අප්පා ඒ මිනිස්සු... හැබැයි ඉතිං දැං නං එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ..ළමයා නැති උනා නේ.. ජීවත් උනා නම් ඉතිං විඳවන්න එපැයි කියලා.. අර නැති වෙච්ච ජීවිතයේ වටිනාකම තියෙන්නේ ඒ ළමයාට විවාහ වෙන්න පුළුවන්කම් සහ ළමයි හැදිල්ලට තියෙන පුලුවන් කමත් එක්ක.. ඊට පස්සේ ඒ ගැන කතා කරන්‌ෙන් වර්ණනාවක් වගේ... මෙහෙම තමයි උන්.. පවු අප්පා කියලා.. ජීවිතයට මුහුණ දීමේ ශක්තිය කියන්නේ අපේ අයට අරුමයක්... මං කියන දේ වැරදිද අටම්...

      Delete
    3. ඒ ගැණු ළමයා සහ ඇගේ පෙම්වතා උදේට මරදානෙ ඉස්ටේසුමේ පෙම්බස් දෙඩූ අන්දම මම මගේ ඇස්දෙකෙන්ම දැකලා තියෙනවා. ඒ ඝාතනය ගැන පත්තර පිටු වල පල වූ වේලාවෙ..මේ ඇයයි කියලා මා හදුනාගත් අවස්ථාවෙ..මට කිසිම සම්බන්ධයක් නැති වුවත් යම් තරමක කම්පනයක් ඇති වුනා...

      Delete
    4. //ඒ ළමයගේ ඇග ඇතුලට නූල් කෝන් හිටං රිංගවලා තිබ්බා//

      මෙච්චර විපරිත මිනිස්සු බිහි වෙන්නේ ඇයි අප්පා. මේ ඉන්දියාවේ සිද්ධියත් ඒ වගේ. දූෂණය කරලා විතරක් නෙමෙයිනේ සත්තුවත් නොකරන දේවල් කරලා. ඒවායින් සංසිඳව ගන්න තිරිසන් ආසාව මොකක්ද කියලා මටනම් හිතාගන්නවත් බෑ.

      Delete
    5. සයුරි..

      //මෙච්චර විපරිත මිනිස්සු බිහි වෙන්නේ ඇයි අප්පා.//
      ///සත්තුවත් නොකරන දේවල් ///

      ඔය වගේ ඒවා බලලා නේද අපේ රටේ ළමයි සෙක්ස් ගැන ඉගෙන ගන්නේ මේ වෙන‌ෙකාට... මම දන්න විදියට නම් එහෙමයි... ‌මේ ළඟදි මම දැක්කා වීඩියෝ එකක්... සෙක්ස් විදියට වර්ග කරලා තිබ්බේ අමානුෂික විදියට ගෑණූ ළමයෙක්ට වද දෙන දර්ශන කීපයක්... මේවා බලලා ලිංගිකත්වය මැජික් කියලා හිතාගන ඉන්න එවුන් ඒවා අත්හදා බලන්න යන එක අරුමයක් නෑ මං හිතන්නේ... ඕවා තහනම් කරන එක නෙවෙයි කරන්න ඕනේ... තහනම් කළොත් තියෙන කුතුහලයට ඕක හොයගෙනම යනවනේ... හරි දේ මොකද්ද කියලා කියලා දෙන එකයි කරන්න ඕනේ...

      Delete
  15. ඔක ඉන්දියාව ලංකාව කියලා වෙනසක් නැහැ අපේ රටෙ වැරදිකරැවන්ට දඩුවමි දෙනවා මිසක්
    ආසාඛාරණයට පත් අය ගැන හිතන්නෙ නැහැ....
    අනික මම හිතන්නෙ ඔය වගේ දෙයක් ලංකාවෙ ඇති වුණා නමි මෙලහකටත් ඇමති වරු හා පොලිසිය දුෂකයන්ට සුදු හුණු ගායි...
    ඉන්දියවෙ ඔහොම හරි විරෝධයක් මතු විම ලංකාවටත් හොද දෙයක්..
    අපේ අයත් එතනින් වත් ඇස් අරින්න පටන් ගත්තානමි...
    නමට ධර්මද්වීපය වෙලා තියෙන අපේ රටෙත් ඔවැනි දේ නතර කරගන්න තිබිබා...

    ReplyDelete
    Replies
    1. දැනටත් මේ සිද්ධියෙදි ඒ වගේ දේවල් වෙනවානේ.. මේ ගෑනු ළමයා රෑ වෙලා ගිය එක වැරදියි.. ඇඳන් හිටපු ඇඳුම් වැරදියි කිය කිය..

      මේවා මිනිස්සු විදියට සාධාරණ දේවල්ද...???

      Delete
  16. අපිත් කාන්තාවෝ හන්දා වෙන්නැති මේ සිදුවීම අහපු දවසේම මට දැනුනේ කල කිරීමක්..දුකක්..වේදනාවක්. මේ නොදන්න ගැහැණු ළමයා මිය ගියා කිව්වම..ඒ වේදනාව දෙගුණ තෙගුන උනා..හ්ම්ම්ම්ම්ම් !

    අර තිරිසන්නු එල්ලා මරයි... ඒත් එතැනින් ඔක්කොම ඉවරයිද ?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ප්‍රශ්නේ ළිහිණි.. එතනින් ප්‍රශ්නෙ ඉවරයිද..???

      Delete
  17. ඉන්දියාව ස්ත්‍රී දූෂණ අධිකව සිදුවෙන රටක්. හේතුව, සංස්කෘතිය....කුෂ්වන්ත් සිංගේ "අන්තිම දුම්රිය" මතක ද....?

    ReplyDelete
    Replies
    1. මතකයි.... ඒක තමයි තිත්ත අත්ත සුමිත් අයියේ... ...

      Delete
  18. හද සසළ කරපු සිද්දියක්..

    ටිකකට කලින් බුකියේ කවුදෝ මන්දා ඒ කාලේ දුශකයන්ට දුන්න දඬුවමක පින්තුරයක් ශෙයාර් කරලා තිබ්බා.. නිරුවත් කරලා මියන්ට අහවල් එක කන්න දෙන එකක්.. දැක්ක තැන හෙවුවට හම්බුනේ නෑ.. නැත්නම් ලින්ක් එක දානවා මෙතන..

    ReplyDelete
    Replies
    1. මම දැක්කා දිනේශ් ඒක...

      එහෙම කරලා වැඩක් නෑ දිනේශ්.. දෙන්න ඕනේ සමාජයට මතක හිටින දඬුවමක්... මේ තිරිසන්නු, මේ කරපු දේට විඳින්න පුළුවන් ලොකුම දඩුවම විඳින ජීවමාන සාක්ෂි බවට පත් කළ යුතුයි... ලිංගිකත්වය කියන්න පිරිමින්ගේ ලොකුම මානසික ශක්තිය නේ.. ඒක හැමෝම පිළිගන්නවා මං හිතන්නේ.. ලිංගිකව බෙලහීන පිරිමි විඳවන හැටි පේනවානේ පත්තර වල එහෙම.. අන්න ඒකයි දෙන්න ඕනේ.. ඊට පස්සේ මැරෙන්න ඉඩ නොදී ජීවත් කරන්න ඕනේ.. මේ අයව දකින කොට මිනිස්සු කෙළ ගහන තත්වෙට පත් කරන්න ඕනේ... අර කෙල්ල ජීවත් උනා නම් විඳින දුක දෙන්න ඕනේ...

      Delete
  19. මන්දා මේ ගැන ලොකුවට කතා කරන්නේ නෑ.මොකද කියනවා නම් අපි බොරුවට උඩ පැන්නා කියල තත්වේ වෙනසක් වෙන්නෙත් නෑ ඒ නිසා.ඒත් පොඩි සටහනක් තියන්නම්.

    මුලින්ම කියන්නම් මේ වගේ දේවල් කරන අපරාධ කාරයන්ට දෙන්න ඕනෑ දඬුවම ගැන

    කට්ටිය කෑ ගහනවනේ ගණිකාවන් හොයන් යන අයගේ අහවල් එක කපන්න ඕනෑ කියල.නෑ එහෙම උන්ගේ කපන්න උවමනා නෑ.උන් අතේ වියදමෙන් හරි ආතල් එකක් අරන් පාඩුවේ ඉන්නවනේ.අහවල් එක කපන්න ඕනේ මේ වගේ දේවල් කරන අපරාධ කාරයන්ගේ.ඒක කරන්න පුළුවන් SRS නැත්තන් Sex reassignment surgery (male-to-female) මගින්.ඊට පස්සේ ඕනෑ නම් බලහත්කාරකමකදී ගැහැනියක් විදින වේදනාව දඩුවමක් විදියට විඳින්න දෙන්න පුළුවන්.එතකොට උන් මැරෙන තුරාවටම විදවාවී.

    අනිත් දේ තමයි මේ වගේ පරපීඩක කාමුකත්වය කියන එක ඉස්සර ඉඳන්ම පැවතගෙන එන සංසිද්ධියක්.ඒකෙ එක්තරා මට්ටමක් තමයි HARDCORE SEX කියන්නේ.හැබැයි එකෙත් උච්චාතම අවස්ථාවට ආවම ඒක හීනොන්මාද තත්වයක් වෙනවා.ඒ කියන්නේ මානසික වියරුවක් වගේ එකක් ඔය වගේ පුද්ගලයෝ අතීතයේ ඕනෑ තරම් ඉඳලා තියනවා.Jack the Ripper සහ Andrei Chikatilo හෙවත් The Butcher of Rostov කියන්නේ මේ වගේ මේ වගේ අමානුෂික අපරාධ වලට ප්‍රසිද්ධ දෙන්නෙක්

    මාධ්‍ය සදාචාරය ගැන කියනකොට මට මතක් උනේම මේ සිද්ධිය ලංකාවේ උනා නම් ස්වර්ණවාහිනියේ LIVE@8 මේ සිද්දිය ආවරණය කරන විදිය.

    ReplyDelete
    Replies
    1. උඩ පැනීමක් නෙවෙයි මානවක.. මේක කතා කළ යුතුයි.. කිසි කෙනෙක් කතා කරන්‌ෙන් නෑ වැඩක් නෑ කියලා.. නමුත් යම් තැනකින් පටන් ගැනීමක් තියෙන්න ඕනේ... ඔයා කියන එක හරියට හරි... මටත් මතක් උනේ වාහිනිය තමයි...

      Delete
  20. මගේ අදහසනම් ලෝකේ මොන රටක උනත් ස්ත්‍රී දූෂකයන්ට ළමා අපචාර වලට සම්බන්ධ පහරයන්ට,අඩුම තරමින් වචනයකින් හරි සහයෝගයක් දුන්නනම් ඉතාමත් දරුණු දඩුවම් දෙන්න ඕනි.එක එල්ලලා මරන්නේ නැතුව ටිකින් ටික මැරෙන එකක් වෙන්න ඕනි.එතකොටවත් අසාධාරණයට ලක්වෙච්ච කෙනා,එයාගේ පවුලේ කට්ටිය විදපු වේදනාව ටිකක් හරි දැනේවි.


    මේ සිදුවීමේ තියෙන අමුතුම දෙය තමයි මෙවැනි අපරාද ඇති විශාලව සිදුවන ඉන්දියාවේ මේක මෙච්චර බරපතල කාරණයක් ලෙස ඉස්මතු උන එක.කොහොම නමුත් මෙවැනි දෙයකින් හරි යේ නැවත මෙවැනි අපරාද සිදුවීම් අඩුවෙනවනම් ලොකු දෙයක්.මොකද එක රැයකින් මේ වගේ අපරාද සිදුවන එක නවත්තන්න බැනේ.



    ReplyDelete
    Replies
    1. මේ ත්තවය වෙන්ස වෙන්න නම් අපේ සමාජ වල ලිංගිකත්වය කියන එක ටැබු තත්වය වෙනස් වෙන්න ඕනේ කල්හාන් පළවෙනියටම.. අන්තවාදයට යන්නේ නැතුව හරියට කරන්න ඕනේ... අන්න එතකොට මේ තත්ව වලක්වලා අපේ තියෙන වටිනාකම් ආරක්ෂා කරගන්නත් පුළුවන් වෙයි කියලා මං හිතන්නේ...

      Delete
  21. මේවගේ සිදුවීම් වලින් කම්පාවීමට හැකි මිනිසාට මෙතරම් කෘර විය හැක්කේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. ඒකත් හැදියාව තමා විශ්ව..

      Delete
  22. //බස් එකකදි කෙල්ලෙක්ට ජැක් ගහන මිනිහෙක් දැක්කමත් අහක බලං යන මිනිස්සු ඉන්න අපේ සමාජේ මේ වගේ දෙයක් කරන්න අමාරුයි තමයි//
    මෙහෙම යන්නෙ අංකල්ලා... කොල්ලොන්ට බනින්නෑ.. හරී..

    මේ වගේ ප්‍රශ්නෙකදි බටහිරයි පෙරදිගයි සංසන්දනය කරන එක වැරදීයි.. මොකද උන්ට ඕන තරම් නිදහස තියෙන නිසා..
    මේ වගේ උන්ව එල්ලල මරලත් මදි.. මිනීමරුවෙක්ට වඩා මුන්ට දඬුවම් කරන්න ඕන.. ලංකාවෙත් මේවගේ වෙන්න තියෙන ඉඩකඩ වැඩී..
    මොකද මං අහගෙන අසභ්‍ය සයිට් වලට යන වැඩිම ළමයි ඉන්නෙ ලංකාවෙ කියල කියනව..

    ReplyDelete
    Replies
    1. මං නැති දවස්දෙකේ තව පෝස්ට් දෙකක්ම දාලනේ? ඒවත් මං කියෙව්ව.. හැබැයි කමෙන්ට් නම් දැම්මෙ නෑ..

      Delete
    2. ඔයාට විභාගයක් කිව්වා නේ.. දැං ඉවරද...?

      //අසභ්‍ය සයිට් වලට යන වැඩිම ළමයි//

      මෙතන තියෙන්නේ කුතුහලය තමයි.. මේකෙන් වෙන නරක තමයි ඕවා බලලා ඕවයේ තියෙන දේවල් තමයි ඇත්ත ලිංගික ක්‍රියා කියලා හිතන එක... කෙල්ලෙක්ට බලෙන් කරන එක, වද දෙන එක තමයි නියම තෘප්තිය කියලා හිතන එක.. තේරුමක් නැති එකාට කෝකත් මැජික්.. කරලා බලන්න ආසයි නේ..

      කරන්න තියෙන එකම දේ, හරි දේ මොකද්ද කියලා මුන්ට තේරුම් කරලා දෙන එක. .එහෙම නැතුව මේ යන විදියට ගියොත් නම් ඔයා කියන එක තමයි වෙන්නේ...

      Delete
  23. හූම්.. අනේ මන්දා.. ඔවුවා මට නං තේරෙන්නෑ.. ඒත් එකක්.. හැමෝම තමන්ගෙ වාසියට වැඩ කරන්නෙ.. මාධ්‍යය වාර්ථා කරන්නෙත් ඉතිං ඒ මනුස්සයාට තියන ආදරේකට යැ.. මිනිස්සුංගෙ හිත් හැදෙන්නෝනෙ මේවා නවතින්න.. කොහෙත් එකයි.. අනේ මන්දා.. මේවා ඇහෙද්දි අප්පිරියයි..
    වෙන මනුස්සයෙක්ගෙ ජීවිතේ එක මොහොතකින් නැති කරලා දාලා මිනිහෙක් විදිහට කොහොමද ජීවත් වෙන්නෙ?? මට නං හිතන්නවත් බෑ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ප්‍රශ්නේ මලයා.. මිනිහෙක්ට කරන්න කියලා හිතාගන්නවත් බැරි දෙයක් කරන්න “මිනිහෙක්‍” පෙළඹෙන්නේ කො‌ෙහාමද කියන එක...

      Delete
  24. මන් කොච්චර වෛර කරත් ඔන්දියාවේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා එකමුතුයි.අපේ රටේ ඔහොම දෙයක් වුනා නම් අධාල ගමේ පමණක මිනිස්සු කුපිත වෙයි.අපිත් ඔහේ නිව්ස් වලින් ඒක දිහා බලන් ඉඳියි.ඒත් ඉන්දියාව ඒ අතින් ග්‍රේට්.

    මේ දේවල් ලෝකේ ගොඩක් තැන්වල වෙනවා.මිනිස්සු වගේම තිරිසන්නු හැම රටකම ඉන්නවා.ඕවා නතර කරන්න නම් බැහැ එත් උපරිම දඩුවම් දෙනවා නම්ගොඩක් දුරට අපරාධ අඩුවෙයි.

    ReplyDelete
    Replies
    1. //මන් කොච්චර වෛර කරත් ඔන්දියාවේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා එකමුතුයි//

      එකඟයි

      Delete
    2. නිශාන්, සයුරි.... මාත් ඒ කතාවට නම් එකඟයි...

      Delete
  25. හසරැල් මුලින්ම කිව්වා දේ සහතික ඇත්ත හිරු..
    ඔය දේ ගැන මෙච්චර මහා ලොකු දුකක් ආරෝපණය
    කලේ එයා ඉන්න සමාජ පන්තිය, වද්‍යා ( IME ) ශිෂ්‍යාවක්
    වීම විතරමයි.ඒ ඇර වෙන කිසිම හේතුවක් නැහැ ඔතන.
    හැමදාම අතවරයට පත් වෙන මුඩුක්කුවක දුක් විඳින
    ළමයි ගැන කෝ කව්රුත් කතා නැහැනේ ...

    මේ ළමයත් එකයි , අර ළමයිනුත් එකයි.මේ දේ ගැන ආවේගෙන් කතා
    කරන හැමෝම අන්න ගණිකාවකගේ ජීවිත කතාව රස විඳිනවා ..
    ( මේක අදාල නැහැ කියන්න එපා , අදාලයි .මොකද සමාජයේ දෙබිඩි
    පිළිවෙත ගැන මන් කතා කරන්නේ )

    මන් කියන්නේ දෙබිඩි වැඩ නැතුව හරි හමන් විදිහට දැන් ඉපදුන බිළිඳිය ගැනත්
    මැහැල්ල ගැනත් තම මව ගැනත් එකම විදිහකින් බලන්න , සලකන්න ඕනේ.
    ඒ දේ වෙන්නෙත් නැහැ හිරු කවදාවත් මේ සමාජේ.අඩුම තරමේ බිඳක්
    හරි ඒ මානසිකත්වය මිනිසුන්ට ඇති වෙන්න තමා හැම දේම කරන්න ඕනේ..


    නැතුව

    " අන්න දහයක් ......... ... .... ....... "

    වගේ නිව්ස් දාන එක නෙවේ .ඕව කරාවිද හිරු බස් එහෙක දෙයක් වෙද්දී අහක
    බලන ලෝකෙක ? ඒ උනත් අහක බලන මිනිස්සුම තමයි පෙළපාලිය වෙලාවට
    මුලින්ම ඉන්නෙත්.අන්න ඒ දෙබිඩි පිළිවෙතයි නවතින්න ඕනේ..ඒත් ඒ දෙබිඩි
    මිනිස්සු මේ දේවල් පිලි ගනීද ? ඉන්දියාව කියන්නේ අමු වසුරු වලක්.( ලංකාවෙත්
    ඒ තත්වය උදා වෙමින් තියෙන්නේ )

    මිනිහ මරුන ගෑනි පණ පිටින් 2012 ත් ගිණි ගොඩට දාන ලෝකෙක මේ ඉන්නේ.
    එහෙම අය කොහොමද පෙළපාලි යන්නේ කාන්තාව වෙනුවෙන් ?

    මාද්‍ය ගැන නම් කියන්න තියෙන්නේ තමන්ගේ අම්මගේ බෙල්ල අත් දෙකෙන්
    උස්සන් පිස්සු හැදිලා පාරේ දුවන ගෑනු ළමයෙක් දිහා අනුකම්පාවෙන් නොබලා
    ඉක්මනට වීඩියෝ කරගන්න හදන මිනිස්සු ඉන්න සමාජෙක , ඊටම ගැලපෙන ඊළඟ
    මිනිසා යා කරන පුරුක කියන එක විතරයි..

    ( මහා මාර්ගයේ වූ අනතුරකින් පසුව මවත් දියණියත් අතරින් මවගේ හිස කඳෙන් වෙන්
    උනා , පසුව ඒ හිස අරන් වෙන් උන කඳට එකතු කරන්න හදන දියණියකගේ කතාව.
    මීට වඩා අනිත් අය දන්නවා ඇති )



    අනේ මේ බොරුව නවත්තල තමන්ටම කරන



    ''දැන් ඉපදුන බිළිඳිය ගැනත් මැහැල්ල ගැනත් තම මව ගැනත් එකම විදිහකින් බලන්න''
    පුරුදු වෙන සමාජයක් ඩිංග ඩිංග හෝ උදා වේවා...

    ReplyDelete
    Replies
    1. නෑ සහන්, සමාජ පන්තිය, වද්‍යා ( IME ) ශිෂ්‍යාවක්
      වීම විතරක්ම නෙමෙයි.

      මේක අතවරයකට එහා ගිය දෙයක්.

      Delete
    2. @silentsahan සිරා කතාව

      Delete
    3. මුලිනම් සයුරි මේ දේ ගැන කතා කරන්න දුකයි මෙහෙම.
      අපිත් කරන්නේ ඒ අහිසකිගේ ජීවිතේ අල්ලන් තව තව
      එහෙට මෙහෙට තර්ක කරන එක නේද?හැමෝම කරලා
      නිකන් ඉන්නෙත් ඒක නේද?
      ඔයාට දොසක් කියනවා නෙවේ සයුරි හොදද ?

      ඔයාල අපි වගේ මිනිස්සු
      මොන තරම් දැගලුවත් වැඩක් නැහැ.දේශපාලන බලය ඇති
      කෙනෙක් ( ජනාධිපති , අගමැති වගේ ) පණවන එක නීතියකින්
      පුළුවන් එක අවුරුදු 3 ඕව 20% වගේ මට්ටමට අඩු කරන්න.



      මේ සිද්දිය ගැන විතරක් හිතුවොත් නම් මටත් මරල හිරේ යන්න හිතෙනවා
      මේ වගේ අය , ඒතරම් කේන්තියක් එන්නේ මෙහෙම අය ගැන.

      ඔහොම දේවල් කරන්නේ සයුරි ලිංගික අශාවකටම නෙවේ ,
      තිරිසන් ගතියට තියෙන.බලන්න යකඩ පොල්ලකින් ගහන්න
      තරම් නපුරු වෙන්නේ කොහොමද?නමුත් බය වෙන්න එපා
      සයුරි ඒ අයට හිරේ ඉන්න ( remand කාලයේ උනත් ) ටිකටම
      හොදම දඩුවම් ලැබෙනවා.දැනටත් ඇවිදින මලකදක් තත්වෙට
      පත් කරලා ඇති...

      Delete
    4. ///මේ ළමයත් එකයි , අර ළමයිනුත් එකයි.මේ දේ ගැන ආවේගෙන් කතා
      කරන හැමෝම අන්න ගණිකාවකගේ ජීවිත කතාව රස විඳිනවා ..
      ( මේක අදාල නැහැ කියන්න එපා , අදාලයි .මොකද සමාජයේ දෙබිඩි
      පිළිවෙත ගැන මන් කතා කරන්නේ )///

      ඒක තමයි බොල මං මේ කියන්න දැඟළුවේ... මේවා ගැන මිනිස්සු හොයන්නේ මොන වගේ චේතනාවකින්ද කියන එක.. මාධ්‍ය මේ කුණු හොයලා දෙන්නේ ඒවා රස විදින අය ඉන්න නිසා කියන එක එක කතාවක්.. තව කතාවක් තමයි මිනිස්සුන්ට තියෙන නීති වලින් සාධාරණය ඉටු නොවෙන බව දැනුනාමත් මේ තොරුතුරු හොයාගන්න උත්සාහ කිරීම... ඒවා වලට විරුද්ධ වෙන්න නම් තොරුතුරු අවශ්‍ය නිසා..

      මට කියන්න ඕනේ උනේ ඔන්න ඔය ටික.... මම අර කොල්ලගේ කතාවේ හයිලයිට් කරලා තියෙන ටික බලන්නකෝ...

      අපේ රටේ උනත් මේවගේ කෙල්ලෙක්ට කරදරයක් හරි, ( මේ වගේ අතිශය පෞද්ගලික දෙයක් ) කාට හරි මොකක් හරි අනතුරක් උනත් ඒකේ විස්තර දැනගෙන අනේ අපොයි කියන අය හිතන්නේ නෑ නේ මේ තමන් අහන දේවලින්, කතා කරන දේවලින් තව කෙනෙක් කොච්චර විඳවනවද කියලා... නිකම් හිතන්න තමන්ගේ අක්කාට වෙච්ච දේ ගැන පපුවේ ඇතුලේ හිර කර ගෙන ඉන්න දුක, ආවේගය, තරහා කොච්චර වැඩි වෙනව ඇද්ද අර ෆේස්බුක් එකේ යන දේවලින්ම... මමත් ඒවා නොබල ඉන්නම උත්සාහ කළේ ඒ තරම් කම්පනයක් මටත් දැනුන නිසා... ඒත් අන්තිමට මම මේක ලියන්න හිතුවේ මේ කතාව දැක්කට පස්සේ...

      //අපිත් කරන්නේ ඒ අහිසකිගේ ජීවිතේ අල්ලන් තව තව
      එහෙට මෙහෙට තර්ක කරන එක නේද?//

      මට ඕනේ උනේ ඇයි අපි මේ වගේ දේවල් ගැන හිතන්නේ නැත්තේ කියන එක කතා කරන්න.. මේ කතාව විතරක් නෙවෙයි, බස් එකේ යන පොඩි කෙල්ලෙක්ට ජැක් එකක් ගහන එකත් මේ තරම්ම අපරාධයක් කියන එක ඇත්ත.. ඒත් කී දෙනෙක් ඉන්නවද පස්සේ ආයි ආයිත් ඒ කතාව අහලා ශෝකී වින්දනයක් ලබන අය..

      මෙහෙම හිතන්න.. කෙල්ලෙක්ට මෙහෙම දෙයක් කරන්න ගිහින් ඒ කෙල්ල බේරුනා කියලා හිතන්න.. ඒ කතාව මේ තරම් ප්‍රසිද්ධ වෙයිද... ?

      Delete
  26. මම දන්න විදියටමන් ඉන්දියාවේ කාන්තාවන්ට උපරිම ආරක්ෂාවක් තියෙනවා. එරට තුළ ඕනෑම රැයක ගමන් බිමන් යාමට. මේ සිද්දියෙන් ඉන්දියාව ඇවිලුනේ ඒ නිසා. ලෝකයේ අනෙක් රටවල ඇස් ඇරුනත් ඒ නිසා..

    ReplyDelete
    Replies
    1. //මම දන්න විදියටමන් ඉන්දියාවේ කාන්තාවන්ට උපරිම ආරක්ෂාවක් තියෙනවා//

      මේක නම් මම දන්න විදියට අනිත් පැත්තට වෙන්නේ කියලා මම හිතන්නේ.. නවදිල්ලියේ කෙසේ වෙතත් අනිත් පැති වල.. නව දිල්ලිය දියුණු පැත්තට වෙන්න තියෙන නිසා කෙල්ලෝ ෆ්‍රී එකේ ඉන්නවා වැඩියි... ඒක නිසා මේවා ගැන කතා කරනවා.. නමුත් අනිත් පැති වල කෙල්ලන්ට වෙන දේවල් දැං සාමාන්‍ය වෙලා...

      Delete
  27. ලංකාවේ ඕක වුනා නම් ඉන්දියාවේ වගේ සෑහෙන පිරිසක් එකතු වෙන්නේ නැති වෙයි.මාධ්‍යත් මුල් දවස් ටිකේ ඒ පස්සේ පන්නලා ඕක අමතක කරයි.දැන් ඇර තංගල්ලේ කේස් එක ගැන කිසිම සද්දයක් නෑනේ. මුල් කාලේ විතරයි.

    ReplyDelete
    Replies
    1. මේවා කතාවල් විතරක් කරගන්න එකනේ ඉෂාන් වැඩේ...

      Delete
  28. මේ වගේ පව්කාර කම් කරන උන්ගේ අතපය කපලා ජිවත් කරවන්න ඕන.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  29. මිනිසා තිරිසනාටත් වඩා අන්ත බව පෙන්වූ අධම සිදුවීමක්... මේ පවුකාර කාර්යයට දායක වූවන ලගදීම දිනෙක එල්ලා මරනු ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. එතනින් මේක ඉවර වෙයිද කියන එකයි සිරා ප්‍රශ්නේ...

      Delete
  30. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක්
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා.....

      Delete
  31. හික්ස් :-) :-), 2013 වසර හිරු අක්කටත් ඔබේ පව්ලේ සැමටත් සතුට සෞභාග්‍යය සපිරුණු සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  32. හිරු අක්කගේ දිහා එන්න බැරි වුණේ පහුගිය ටිකේ වැඩ වැඩි වුණු නිසානේ...සමා අවසර!
    අපේ හිත් ඇතුළේ ආයෙ ආයෙමත් හොල්මන් කරන ඒ සිදුවීම කොච්චර පට්ට ගැහුවත් ඒකට හේතු වුණු සාධක අතුගාන ක්‍රමයක් ගැන කවුරුත් කතා නොකරන වෙලාවක මේ ලිපිය ඒ අඩුපාඩුව මකන බව කියන්න ඕන.

    ඉතිං අලුත් අවුරුද්දෙත් ලස්සන පෝස්ට් ගොඩක් බලාපොරොත්තු වෙනවා.අක්කටයි අක්කගේ මහත්තයටයි දෙන්නටම කිරියෙන් පැණියෙන් උතුරන සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න!!!

    ReplyDelete
    Replies
    1. තැන්ක් යු අනේ...

      ඔයාටත් එසේම වේවා...

      Delete
  33. මේ කොමෙන්ට් එක පෝස්ට් එකට නෙවෙයි. ජනවාරි පලවෙනිදා ඉවරවෙන්න කලින් සුභ අලුත් අවුරුද්දක් කියලා කියන්න. එහෙනං හිරු, හිරු සඳු නැති 2013 වේවා!!!

    ReplyDelete
    Replies
    1. from me as well-
      දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
      ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
      මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
      ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

      Delete
    2. තිසර, කකා,

      ඔය දෙන්නටත් එසේම වේවා...

      කකාගේ කවිය නම් මරු.. හැමතැනම දැක්කා මම.. හි හි

      Delete
  34. මං අදමයි මෙහේ ආවේ හිරු. එත් මට සමාවෙන්න මගේ හිත හයිය මදි කියලා හිතෙනවා එයාව මවාගෙන සිද්ධිය පරිකල්පනය කරන්න. ඒක ඒතරම් දුෂිතයි. මං දන්නේ මේ සිද්ධීය ගැන වාක්‍ය දෙකක් තුනක් විතර. ඒත් ඉන් එහා මං ඒ ගැන කියවන්නේ නෑ. සිද්ධිය ලොකුයි. බරයි. අනෙක මීට වඩා කතා ඕනා තරම් පකිස්ථානේ ඇෆ්ගනිස්ථානේ වගේම ලංකාවෙත් වෙනව. ඉන්දියාවේ ඈත ගම්වලත් වෙනව. ඒ විතරක් නෙවේ ඇමරිකාවේ යුරෝපයේත් වෙනවා. චීනයෙත් වෙනවා.

    තිරිසන්නු කෙල්ලෝ එදාත් අදත් හෙටත් බිලිගත්තා බිලිගනීවි... ඒ වගේම මේ ලොකේ තවත් අම්මලා කියලා ජාතියක් විසින් තමන්ගේම සුජාත දියණියන්ව මරා දමනවා... සමහර දුවලා අම්මා එක්ක නාන්න ගිහාම ආයේ එන්නේ නෑ. ඒ දුවක් විමේ ගෙවීම.. ටික දවසකින් හම්බුවෙනවා මල සිරුරු දියේ ගිලිලා මැරිලා ගිය දැරිවිගේ. තවත් අය ඉන්නවා තමන්ගේ ළදරු දියණි දින ගාණක් හාමත් කරලා ඒ දරුවාගේ කිරි වේලට වස කවලම් කරලා පොවන. තවත් නැන්දම්මලා ඉන්නවා වැදුම් ගේ ඇතුලෙම වින්නමු අම්මා එක්ක දියණියන් මරා දාන...

    මේ ලෝකේ ඇදයි හිරු... අපිට ඒක කෙලින් කරන්න බෑ. ඒහෙම කියලා මං ගොළුබෙල්ලෙක් වගේ කට්ට අස්සට රිංගනවා. මේ කියන සිදුවීමේ තේමාවේ මට දැනෙන සංවේදයත් එක්ක ඒක මහ කැත බයාදු කමක්. ඒත් ඊට එහා දෙයක් කරන්න මට හිත හයිය නෑ. හයිය නං... ඒ පරිණමය නොවෙච්ච උන් මෙලැහට කටු ඉඹුලේ ඉන්න තිබ්බා. දුකයි.කැතයි ජරාවයි. මේ ලෝකේ බොහෝ දියණියන් තාමත් ඉන්නේ උපතින් ගෙනා ගැණුකමේ හිඩැස එක්ක මිසක් හුස්ම ගන්න මනුස්ස දුවක් ලෙසින් නොවේ. එක්කෝ ඒ හිඩැස බලෙන් පුරවනවා. එක්කෝ ඒක ඕනවට වඩා පිරෙනවා. මේක හංදා ස්ත්‍රීවාදය කියන්නේ තාමත් අඩ අඳුරේ ඇති දෙයක්.

    ReplyDelete
    Replies
    1. මෙතනට එච්චර අදාළ නැති උනත් මම මේක කියන්නම්..

      ස්ත්‍රීවාදය කියලා දෙයක් මම දන්නේ නෑ පියුමි.. නමුත් මම දන්න එක දෙයක් තියෙනවා.. ඒ තමයි කාන්තාව කියන්නේ 99.99%ක්ම ජීවිතේ කොයි අවස්ථාවක හරි, කොයි ආකාරයෙන් හරි පුරුෂාධිපත්‍යයෙන් දුක් පීඩා විඳින අයෙක් කියන එක... මෙතන වැරැද්ද මොකද්ද, ඒ වැරැද්ද හදන්න කියලා මම හිතන්නේ නෑ පුරුෂාධිපත්‍යය විනාශ කරන්න කියලා පිරිමි මරලා දාන්න ඕනේ කියලා . පිරිමි ළමයි මරන්න ඕනේ කියලා.. අවශ්‍ය දේ තමයි “කාන්තාව මත පටවලා තියෙන” පුරුෂාධිපත්‍යය නැති කිරිම... එච්චරයි.. කාන්තාවත් පිරිමියාත් ජීවත් වීම සඳහා හැම දේකටම, එක හා සමාන අයිතිවාසිකම් තියෙන, දියුණු මනසක් සහිත, ස්වාභාවික සත්තු වර්ගයක් විදියට දෙගොල්ලොම පිළිගැනීම... එහෙම උනොත් ළමයි මරන එක, දූෂණ අතවර කිරිලි ඔක්කොම නැති වෙලා යනවා නිකම්ම...

      ( නිකම් හිතන්න.. අම්මා කෙනෙක් ගබ්සාවක් කරන්නේ එක්කො සාමාජයට බයේ, නැත්තම් පිරිමියෙක්ට බයේ, නැත්තම් තවත් ගෑණූ ජාතියක් ඉන්නවා පිරිමින්ගේ තියෙන ආකර්ෂණය නැතිවෙයි කියලා ගබ්සා කරන.. ඔය මොනව උනත් ඔතන තියෙන්නේ ගෑණු මත පැටවිලා තියෙන පුරුෂාධිපත්‍යය නෙවෙයිද..)

      Delete
    2. මට දන්නේ නෑ ඔයා ස්ත්‍රිවාදයක් ගැන දන්නේ නැත්නම් කෙහොමද පුරුෂාධිපත්‍යයක් ගැන දන්නේ කියලා. මං ස්ත්‍රීකුලේ එකියක් විදිහට මං කියන්නේ සෑම ගැහැනියෙකුගේම බර දරන පිරිමියෙක් ඉන්නවා. ගැනු සුද්ධයි කියන තැන මං නෑ හිරු. ඒ වගේම පිරිමි සුද්ධයි කියන තැනත් මං නෑ. ඒක සාපේක්ෂයි.

      කාන්තාව මත එහෙම දෙයක් පටවලා නෑ. කාන්තාවන් ඒවා බලෙන් පවරාගෙන තියෙනවා.. ඒහෙම නැත්නම් කුමන හෝ හේතුවක් මත ඇය ඊට උල්පන්දම් දිලා තියෙනවා. ඒක පස්සේ කාලයත් සමඟ වර්ධනය වෙලා ගිහින්. නැද්ද? අපි නේද මහත්තයා කාපු ගමන් පිගාන අර ගන්නේ හොදන්න. පස්සේ එයා කාලා පිඟාන තියලා ගිහාම කියන්නේ මේ මිනිහා කාපු පිගාන වත් හොදන්නේ නෑ කියලා. අම්මලා තමයි පුතාලාගේ රෙදි හොදලා දෙන්නේ..කර දඩු උස් මහත් වෙලා තියෙද්දිත්. නැද්ද? මේවා තමයි මේ තත්ත්වය නිර්මාණය කරන්නේ. ඒක කාලයත් එක්ක හැදිලා සමාජගත වෙච්ච තත්ත්වයක් මිසක් ඒක ආදිපත්‍යයක් කියලා කියන එක අද කාලේ මෝස්තරයක්. ඔයා කියෙව්වාද අර බුන්දියේ තිබ්බ වඳුරන්ගේ කතාව.

      විද්‍යාඥයෝ කට්ටියක් වඳුරෝ පස්දෙනෙක් කුඩුවකට දාලා කෙහෙල් ගෙඩියක් ඉනිමගක් උඩින් තිබ්බා. කවුරු හරි වඳුරෙක් මේක ගන්න යද්දි අනෙක් වඳුරෝ හතර දෙනාව සීතල වතුරෙන් නාවනවා. මේක කිහිප වතාවක් උනාම වඳුරො දන්නවා සීන් එක උන් එකෙක්ටවත් ඉනිමඟ නැඟලා අර කෙහෙල් ගෙඩිය ගන්න දුන්නේ නෑ. හොදට නෙළුවා. මොකද කට්ටිය දන්නවා ඒක ගන්න ගියොත් නාන්නයි වෙන්නේ කියලා. කවුරුත් නැග්ගේ නෑ. පස්සේ ඔය වඳුරෝ 5න් 1ක් අහක් කරලා අළුත් එකෙක් දැම්මා. ඌත් ගියා කෙහෙල් ගෙඩිය කන්න. ඌට ගැහුවා... ඌගුටි කාලා පැත්තකට ගියා. ආයෙත් තවත් පරණ එකෙක් අයින් කරලා දැම්මා අළුත් එකෙක්. කලින් ආපු අළුත් එකා ඇතුළුව කට්ටිය එකතු වෙලා කෙහෙල් ගෙඩිය ගන්න හදපු අළුත්ම එකාටත් නෙළුවා. මෙහෙම කට්ටියම අළුත් කරා. අර සීත වතුර නාපු සිද්ධිය දන්නේ මුලින් හිටපු කට්ටිය විතරයි. හිරුට කියන්න සේරම දෙවැනි වටේ උන් ගුටි කෑවා විතරයි.. උන් දන්නෑ මොකද වෙන්නේ කියලාවත්.. මෙහෙම තියෙද්දි තුන්වැනි වටේ අළුත් එකෙක් දැම්මා ම කට්ටිය කෙහෙල් ගෙඩිය ගන්න ගිය ඌට ගැහුවා. දැන් ඌ ඇහුවොත් තොපි ඇයි යකේ මට ඒක ගන්න නොදෙන්නේ කියලා. අර ගහපු උන් මොකක් කියවිද? ඒක තමයි හැටි. අපිටත් උනේ ඕක කියලා කියාවි. ඒක තමා මේ සමාජ යාන්ත්‍රන වල හටි. මොකක් හංදා බිහි උනාද දන්නේ නෑ. ඒවා අපි පවත්වාගෙන යනවා. ඒ අස්සේ අපි වගේ අළුත් වඳුරෝ මොකද්ද යකෝ පුරුෂාධිපත්‍ය කියන්නේ කියලා අහනවා.

      අපි ඒක ඇති වීමට හේතු දකින්නේ නෑ. ඒක ඇති වෙන්නේ පරිණාමයේදි ආහාර ඉපැයිමේ හා නිවාස තැනිමේ ආදී නොයෙකුත් කාර්්‍යයන් වලදි පිරිමියා ශක්තිමත් වීමත් දඩයමේ යා නොහැකි ගැහැණු පිරිමි ලඟ ඉදන් ලිංගික කාර්යයට අමතරව(ඒකට එයාට තවත් අය හොයා ගන්න පුළුවන් නිසා)තවත් එයාගේ වැඩ වලට හැකි ආකාරයෙන් උදව් කිරීම නිසා වෙන්නත් බැරිද? මං හරියටම දන්නේ නෑ. එත් අපට ඕනා තරම් ඒ ගැන හිතන්න පුළුවන්.

      කාන්තාවට හාපුරුෂයාට එක සමාන අයිතිවාසිකම් දීම ම‍ට අනුව මා කෙහෙත්ම අනුමත කරන්නේ නෑ. අපට ඒ කියන්නේ ගැහැනුන්ට අවැසි වන්නේ නිසි තැන මිසක් සම තැන නොවේ. අප එකම වර්ගයකට අයත් ජිවින් වශයෙන් අපට නියම වු තැන ස්වාදිනව සිටිමට හැකි වීඹ තමයි අවැසි වන්නේ.

      අනෙක් කරුන හිරු, මේ ලෝකේ ගැනු කියන්නේ බොහොම හිඟ ජාතියක්. ස්ත්‍රි ලිංගයක් තිබිමෙන්ම ඒ ගැහැනියක් නොවේ. එහෙම ලිංගවාදි ගැහැනු තමයි ෆිගර් එක අවුට් යනවාට ඇබෝෂන් කරන්නේ. බ්‍රෙස්ට් ෆීඩ් කරන්න බෑ කියන්නේ. උන් එක්ක ගැහැනුකම තියන්න එපා. ඒක ගැහැනුකම දුෂණය කිරීමක්.

      පසුව ලියමි.

      ආපහු ආව වෙලාවේ හිරු ලිපිය කියෙව්වේ නැතිවට ක්මෙන්ට් සේරම කියෙව්වා.. හිරු ඔයාගේ වගේ හිතක් ඇති දුවක් හැදුවාට මං වෙනුවෙන් ඔයාගේ දෙමාපියන්ට ස්තූති කරන්න (සිරාවටම කියන්නේ). ඔයාගේ අදහස් ඒ තරම්.



      Delete
    3. ඔයා ඔය කියන කතන්දරේ ගැන මාත් හිතුවා පහු ගිය ටිකේ.. ඔය වඳුරු කතාව දැක්කම... ඒක මෙතන තියෙන ප්‍රශ්නේ එක පැත්තක් තමයි..

      ///මං ස්ත්‍රීකුලේ එකියක් විදිහට මං කියන්නේ සෑම ගැහැනියෙකුගේම බර දරන පිරිමියෙක් ඉන්නවා. ///

      මම මේකට එකඟ නෑ... ඒ කියන්නේ මනුස්සයෙක් විදියට මට තවත් කෙනෙක්ගෙන් යැපෙන්න අවශ්‍ය නෑ.. මට හැමදෙයක්ම තියෙනවා පිරිමියෙක්ට තියෙන දේවල් වගේම... නමුත් මේ සමාජය තුළ මට පිරිමියෙක්ගේ සහය අවශ්‍යයි... ඒ මනුස්සයා කියන්නේ සමාජීය සත්වයෙක් නිසා... ඒක වෙනම පැත්තක්.. නමුත් ස්වාභාව ධර්මයෙන් දීලා තියෙන විදියට මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන්...

      ඇත්ත.. අපේ අම්මලා තමයි පිරිමි දරුවන්ව නරක් කරන්නේ... ඒ වගේම ලේලිත් ඒක නොකළොත් මිනිහා කෙසේ වෙතත් අම්මාට තමයි කේන්ති යන්නේ... ( ඔය තත්වය මට නම් නැහැ.. ඇත්ත කියන්න එපැයි... හි හි )

      //අපට ඒ කියන්නේ ගැහැනුන්ට අවැසි වන්නේ නිසි තැන මිසක් සම තැන නොවේ. අප එකම වර්ගයකට අයත් ජිවින් වශයෙන් අපට නියම වු තැන ස්වාදිනව සිටිමට හැකි වීඹ තමයි අවැසි වන්නේ.//

      අනිවාර්යයෙන්ම... ඒත් නිසි තැන කිව්වම ඒක තමයි කුස්සිය කියලා කියන පිරිමිත් ඉන්නවානේ....මෙතනදි තමයි සම්ප්‍රදාය කියන දේ වැරදියි කියලා හිතෙන තැන... එතනදි අර වඳුරු කතාව හරි...

      මම නම් සම තැනක් ගැන කියන්නේ නෑ.. නමුත් මම කියන්නේ ගැහැණිය කියන්නේ පිරිමියා වගේම මනුස්ස සතෙක් කියන තත්වය දෙන්න කියලා... අවශ්‍ය නම් පිරිමියෙක් නැතුව ජීවත් වෙන්න ගැහැණියකට පුළුවන් කියන එක මේ සමාජයේ ඇති විය යුතුයි... දැනට නම් ඒ තත්වය නෑ... අඩු ගානේ නින්දා අපහාස වලට ලක් නොවී නම් බෑ...

      ඔයාට මතක ඇති සුදු වැද්දා පොතේ එක කොටසක් තියෙනවා රනී කියන වැදි කෙල්ල ගැන... රනී කියන්නේ කැලෑව ඇතුලේ තනියෙන් ජීවත් වෙන්න පුළුවන් ගැහැණියක්.. නමුත් පිරිමියා ඉන්න තැන රනී ගෙදර ඉන්නවා.. ඇත්තටම ඒ පිරිමින්ට වඩා දැනුමක්, ශක්තියක් රනීට තියෙනවා... ඒ ජීවත් වෙන්න අරගල කරන පරිසරයක් තුළ... අපේ මේ සමාජයේ ජීවත් වෙන්න කරන අරගලය තමයි සල්ලි... සල්ලි හොයන්න දෙගොල්ලොම එක විදියට වෙහෙසෙනවා... සල්ලි හොයන්න නම් ඉගෙන ගන්න ඕනේ.. ඉගෙන ගන්න නම් ගේ මුල්ලේ ඉඳගෙන බෑනේ.. සමාජයට යන්න ඕනේ.. සමාජය තුළදි තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ... අන්න ඒකයි.. එකක් සාම්ප්‍රාදායිකව සමාජයෙන් කාන්තාව මත පටවලා තියෙන් දේවල්.. ( නැන්දම්මගේ සීන් එක.. අඩු ගානේ අපේ පරම්පරාවෙන් වත් ඒක ඉවර වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා.. මොකද මමත් ඒ තත්වයට වැටිලා නැති නිසා..)

      අනිත් එක කාන්තාව පිරිමියාගේ යම් යම් අවශ්‍යතා තමන්ගේ කැමැත්තෙන් ඉටු කරන එක... ඒක සම්ප්‍රදායක් කරගත්ත එක තමයි වැරැද්ද තියෙන්නේ...( මෙතනදි කියන්න ඕනේ අම්මගේ වැඩ කොටසත් එක්ක තමන්ගේ කැමැත්තෙන් ඉටු කරන තාත්තලත් ඉන්නවා.. ඒ අයට අපේ මිනිස්සු කියන කතා තියෙනවා.. ( ඔයාට ඕවා කරන්න බෑ.. වෙන කසාදයක් කරගන්න...) එයාලා ගැන සමාජය බලන විදියට නෙවෙයි අම්මා කෙනෙක් තාත්තගේ වැඩ කොටසත් එක්කම ඉටු කරනකොට සමාජය බලන්නේ...“ පවු අප්පා.. ළමයි එක්ක තනි උනානේ.. දැන් ඉතිං ජීවිතේම විදවනවනේ..” කියනවා මිසක් ගැහැණියකට දෙවනි කසාදයක් ගැන කතා කරන්නේ හරි කැත විදියට..)

      මං කතාවෙන් පිට පැන්නද කොහෙද... හි හි..

      ///අනෙක් කරුන හිරු, මේ ලෝකේ ගැනු කියන්නේ බොහොම හිඟ ජාතියක්. ස්ත්‍රි ලිංගයක් තිබිමෙන්ම ඒ ගැහැනියක් නොවේ.///

      මෙන්න මේ කතාවට මං හරි එකඟයි පියුමි... ඒක ඇත්ත.. මාත් එහෙම හිතනවා... මම එතන කිව්වේ ඒකත් කරන්නේ ඉතිං පිරිමි හින්දමනේ කියලා.. මොකද පිරිමි කොටසකගේ ආකර්ෂණය ඇත්ත වශයෙන්ම ගැහැණියගේ ඇතුලාන්තයට වඩා පිටත පෙනුමත් එක්ක තියෙනවා කියලා පේනවානේ දැං... නමුත් ඔයාගේ කතාව ඇත්ත.. ඒ අය ගැහැණු කියලා කියන්න බෑ ඇතුලාන්තයෙන් ගත්තාම...

      බොහොම ස්තූතියි.. මේ විදියට හිතන්න පුරුදු උනේ අපේ අම්මයි තාත්තයි දිහා බලලම තමයි.. ඒ දෙන්නා ප්‍රශ්න ඇති කරගන්න තැන්, විසඳ ගන්න තැන්, දෙන්නගෙ අදහස් වෙනස් උන හැටි කාලයත් එක්ක, ඕවා හැමදෙයක්ම මං හොඳට බලාගෙන හිටියා.. ඒ වගේම මං මොන දෙයක් ඇහුවත් දන්න විදියට ඒ දෙන්නම මට කියලා දුන්නා... දේශපාලනේද, සාමාජීයද ඕනේ එකක්.. අද මං ගාව තියෙන හැම දෙයක්ම ඒ දෙන්නා දීපුවා තමයි... මේ පෝස්ට් ගොඩක් එයාලා කියවනවා...

      Delete
  35. ඒ සිද්ධිය අහපු වෙලේ ඕනම කෙනෙක්ට කලකිරීමක් ඇතිවෙනවා එච්චර කුරිරු සිදුවීමක්... මරණය උන්ට සැප වැඩියි මුන් කරපු ඒ අපරාධයට උන් විඳවන්නම ඕනේ.....

    මොන දේ උනත් මාධ්‍යය මේ අවස්ථාවල ක්‍රියාකරන විදිය ගැන මම කැමති නෑ....

    මොකද ඒ ලියන දේවල් ලියන්නේ රස කර කර.ලංකාවේ සිදුවන දූෂණ ගැන පත්තරවල ලියන විදිය අතිශය සෝචනීයයි.පත්තර ගැන සමීක්ෂණයක් කරන්න ආපු එක කොල්ලෙක් මගෙන් යෝජනා චෝදනා ගැන ඇහුවම මම කියලා යැව්වෙත් දූෂණ සිද්ධි රස කර කර කියලා ඒ සිද්ධියට හසුවෙච්චි ලමයගේ ආත්මය විකුණගෙන නොකා ඒ සිද්ධියට අදාල චූදිතයන් විඳිය යුතු සහ විඳින දඬුවම් වර්ණනා කරලා ලියනවනම් හොඳයි කියලා...

    මොකද ඒ පත්තරවලින් ලියන්නේ තව එකෙක්ට මෙහෙම කරපන් කියලා පෙන්නාදීමක් වගේත් හිතෙනවා වෙලාවකට... මොකද එක නිව්ස් එකක් එක සතියක ගියාම තව සති ගානක් ඒ වගේම නිව්ස් බර ගානක් තියෙනවනේ... කියවන මිනිස්සුන්ට ඒක කලේ කොහොමද මොනාද ඇඳන් හිටියේ කියලා වැඩක් නෑනේ...

    ඔයා මේ ගැන ලියලා තියෙන විදිය ගැන මම සතුටුයි....
    ---------------------------------------------
    ඔයාටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා සිතුම් පැතුම් හැම එකක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලාත් ඕං මං ප්‍රාර්ථනා කරනවා ජය වේවා අක්කේ....

    ReplyDelete
    Replies
    1. තැන්ක් යු ගැමියෝ... මට කතා කරන්න ඕනෙ උන දේ ඔයා හරියටම අල්ලගෙන තියෙනවා...

      ඔයාටත් එසේම වේවා... හි හි

      Delete
  36. හිරුවෝ. මේ වගේ සිද්ධි වෙනවා. නමුත් ඒවා මතු වන්නේ නෑ.. මම කියන්නේ මේක හරිය කියන එක නෙමෙයි. කොහොම සිද්ධ උනත් සහගහන අපරාධ. නමුත් ලෝකේ පුරා මිනිස්සු කතා කරන එක කතාවක් බවට මේක විතරක් පත්වෙන්නේ, ඒ හා බැදුනු සමාජීය හා වෙනත් කරුණු මතයි.. මෙම යුවතිය වෛද්‍ය ශීෂ්‍යාවක් නිසා එය වැඩි පුර කැපී පෙනෙනවා. ඒ වගේම ඉන්දියානු ජාතිකයන් අතර ඇති ගෝත්‍රවාදයත් මේ සදහා බලපානවා. මේක ලොකු මාධ්‍ය පිම්බීමක්. නමුත් අන්තිම කැත පහත් ක්‍රියාවක් තමා මේ සිද්ධිය.

    ඒක පැත්තක තියල බොටත් අපේ මහත්තයටත් පවුලේ සැමටත් Happy new yearයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා...

      මම කියන්නේ මේ සිද්ධියේ තියෙන සුවිශේෂීතාවය ගැන නෙවෙයි දේශකයෝ... මේ වගේ සිද්ධි වලදි ඇති වෙන ප්‍රශ්න නිසා තමයි මේ සිද්ධි වැඩි වැඩියෙන් වෙන්නේ කියන එක.. වැඩිපුරම වෙනත් අය දැනගනියි කියලා හංගන එක... ඒකෙන් වෙන්නෙත් අපරාධකාරයෝ ධෛර්යමත් වෙන එක විතරයි... ඒවා ගැන අපේ රටවල් වල කතා කරන විදිය වැරදියි කියන එක...

      Delete
  37. මේ වගේ සිදධි ඔන තරම් වෙනවා. ඒත් එළිදරව් වෙන්නේ අතලොස්සයි. ගොඩාක් සිදධි නිකම්ම යට ගැහෙනවා. මොකද අතවරයට පත් වෙච්ච අයට එතනින් එහා සමාජයේ හොදින් ඉන්න නම් ඒ දේවල් ප්‍රසිද්ධ නොවි තියෙන්න ඕනේ.
    මේක අපි හැඩගැහුණ සමාජක්‍රමය, සංස්කෘතිය නිසා ඇති වෙච්ච හැගීම්. බටහිර රටක වෙනත් අයෙක් සමග ලිංගික සම්බන්ධ කමක් පවත්වපු කෙනෙක් ගැන කවුරුත් වැරදියට හිතන්නේ නෑ. ඒත් අපි එහෙම නෙමෙයි. අතවරයකට පක් උන කෙනෙක් ගැන උනත් වැරදියටයි හිතන්නේ. (මේ ලියන මම උනත් එහෙම කෙනෙකුට කැමති වෙන්නේ නෑ.)
    ගොඩක් වෙලාවට හංගන්න බැරිඋන සිද්ධි විතරයි එලියට එන්නේ. අපේ වගේ රටක නම් ඔහොම සිද්ධීයකින් පස්සේ ඒ තරුනිය මිය ගිය එක හොදයි. නැත්තම් පස්සේ කාලෙක පාරේ බැහල යන්න බැරි වෙනවා, අර යන්නේ රේප් කරපු කෙල්ලනේ කියලා මිනිස්සු කියන්න ගනියි.
    මාධ්‍ය බලාගෙන ඉන්නේ මේ වගේ සිද්ධි වලින් හොද ප්‍රචාරයක් ලබාගන්න. වැරදි කාරයන්ට දරුණු දඩුවම් දීමෙන් මේ වගේ සිද්ධි නවත්තන්න පුලුවන් තියලා නම් මම හිතන්නේ නෑ. ඒ උනත් අනිවාර්යෙන්ම ලොකු දඩුවමක් දෙන්නම ඕනේ.

    ඒ සේරම පැත්තකින් තියලා.. හිරුටයි හිරුගේ අපේ මහත්තයාටයි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය හිතන විදිය හින්දා තමයි අපේ රටවල් වල මේ කේස් වැඩි වෙලත් තියෙන්නේ..

      ඔයාටත් එසේම වේවා...

      Delete
  38. http://www.mawbima.lk/86-11535-news-detail.html

    http://www.mawbima.lk/34-11496-news-detail.html

    කීප වතාවක් ඇවිල්ලා ගියා හිරු කියන්න තියෙන දේ කියාගන්න බැරුව. ගැහැණිය බැල්ලියකට සමකරන පිරිමි ඉන්න රටක් මේක. අද උදේ දැක්ක පුවත් මේ

    ReplyDelete
    Replies
    1. මේවා ඇත්තටම අසහනයට කරන වැඩ නැන්දේ.. බීව්වම තමන් කරන්නෙ මොකද්ද කියලා තේරෙන්නේ නැති විදියට රඟපාලා බලු වැඩ කරනවා.... ඒ උනාට කරන දේ හරියටම දන්නවා.. අර අනිත් එකාව නම් මරලා දාන්න ඕනේ.. නැත්තම් අර බැඳලා ඉන්න ගෑණිත් පවු.. ළමයි හම්බුනොත් උනුත් පවු...

      වෙන කරන්න දෙයක් නෑ..තාත්තලා බොනවා නම්, අම්මලා ළමයින් වත් අරන් වෙන එක තමයි කරන්න තියෙන්නේ.. එතකොටවත් බීම නවත්තයි නේ.. එහෙම නැත්තම් බීලාම මැරෙයි... අඩුගානේ දරුවො වත් ආරක්ෂා වෙයි...

      දැන් ඔය කියන අම්මට දෙන දඬුවම් මොකද්ද...? හරි නම් සම්මානයක් දෙන්න වටින්නේ..

      Delete
  39. ලියපු කෙනත්/උත්තර දීපු අයත් බොම්බේ වගේ පත්තු කරලා නිකන් ඉන්නවද (හුදෙක් අවදානය ගන්න දාපු ට්‍රය් එකක් )?? නැත්තන් තව ලියනවද (තවත් ඉත්තෝ ටිකක් හොයන දේශපාලනඥයෙක් )?? එහෙමත් නැත්තන් මොනවා හරි කරනවද(##### ;) ) ??මේක මගේ පුද්ගලික කොමෙන්ටුවක් ,නැතුව මඩක් නෙමේ .....

    ReplyDelete
    Replies
    1. කෙලින් අහපු එකට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා...

      මෙහෙමයි... මේක දැකලා මගේ හිතට ආපු දේ මං ලියලා දැම්මා... තව අදහස් එකතු උනා පස්සේ.. නමුත් මේ සම්බන්ධයෙන් මට කරන්න පුළුවන් දේවල් සිමිතයි කියලා මං දන්නවා... නමුත් මට කරන්න පුළුවන් එකම දේ මේක නම් මම ඒක කරනවා කියලා තමයි මෙතනදි හිතුවේ...

      එක් පැත්තකින් මේ වගේ දේවල් ගැන කතා කිරීම සහ තව කෙනෙක්ට මේ ගැන කතා කරන්න අවස්ථාවක් මෙතනදි සැලසෙනවා... මේ ගැන හිතපු නැති කෙනෙක්ට, දුරට හිතන්න අදහස් ලැබෙනවා.. ප්‍රශ්නය දැකලා, ඒත් කරන්න දෙයක් නැති කමට උදාසීනව ඉන්න කෙනෙක්ට තමන්ට යමක් කරන්න පුළුවන් නම් ඒක කරන්න හිතෙනවා... එහෙමත් නැත්තම් තමන්ගේ කෙනෙක්ව මේ වගේ දේකින් වලක්ව ගන්න යම්කෙනෙක්ට අදහසක් එන්නත් ඉඩ තියෙනවා... (1 කියන්නේ පොඩි ගානක් උනාට, 1 ඒවා 10 එකතු උනොත් ඒක ලොකු ගානක්..)

      ඒ වගේම මේ ගැන, මේ අදහසේම ඉන්න කෙනෙක්ට මට නොපෙනුන පැත්තක් මේකේ පේන්න ඉඩ තියෙනවා...

      මම කළේ මේ ගැන යම්කිසි කතිකාවතක් හදන්න අත්තිවාරමට කලු ගලක් දීලා සම්මාදම් වෙච්ච එක විතරයි... මම හිතනවා මේක මෙතනින් නවතින්නේ නැතුව මෙතන ඉන්න අයත් එකතු වෙලා ඇඳගෙන යයි කියලා... මේක සමාජයේ කතිකාවතක් වෙයි කියලා හිතනවා...

      මං දේශපාලකයෙක්වත්, දේශපාලනයකට සම්බන්ධ කෙනෙක්වත් නෙවෙයි... සමාජ සංවිධාන වලටත් සම්බන්ධ නෑ... නමුත් මම දන්නවා සමාජ සංවිධාන වලට සම්බන්ධ අය මේ බ්ලොග් අවකාශේ නිර්නාමිකව හෝ ඉන්නවා කියලා... අන්න ඒ අයගේ අවධානයට මේක ලක්වෙයි කියලා මම අවංකවම හිතනවා...එහෙම නැත්තම් මේක දකින කෙනෙක් ඒ අයගේ අවධානයට මේක ලක් කරයි කියලා හිතනවා.. එතනින් යම් දෙයක් පටන් ගන්න පුළුවන් නේද..? ( එහෙම දේවල් මේ බ්ලොග් අවකාශේ ඇතුලේ සිද්ධ වෙලා තියෙනවා.. දිලුම් මල්ලිගේ සිද්ධිය, සයිබර් සිහින උළෙල වගේ දේවල් )

      මොන දේට උනත් ආරම්භයක් තියෙන්න ඕනේ.. එහෙම නැතුව හැම කෙනාට ඔය කියන උන්ගේ කට විතරයි, කොරන දෙයක් නෑ කියලා අත පය බැඳගෙන, ඕකට මං මොනවා කරන්නද කියලා කට වහගෙන, ඇස් වහගෙන ඉදලා දෙයක් සිද්ධ වෙන්නේ නෑ කියන එක නම් මට හොඳටම විශ්වාසයි...

      Delete
  40. මේ අයට අම්මලා, නැගණියන් ඉන්නවාද දන්නෙ නෑ හිරු. බුදු දහමෙන් සැනහෙන රටකත් මෙවැනි දේ බහුලයි. ඒක හරිම කනගාටු දායකයි. ගැහැනියක් ගැන ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුන් දීපු අවවාදය ලොකේ හැමෝම පිළිපදිනවා නම් මෙවැනි දේ සිදු වෙන්නෙ නෑ. බොහොම සංවේදී සටහනක්. හිත මොහොතකට අතරමං උනා මගෙත්.

    ReplyDelete
    Replies
    1. බො‌ෙහාම ස්තූතියි චන්දි කමෙන්ට් එකට.. මං මේක දැක්කේ පරක්කු වෙලා..

      Delete
  41. ඔයා මේ පෙන්වාදෙන කාරණා බොහෝ විට කතා කෙරෙනවා අපි අතර... ලංකාවේ උනත් බොහෝ දේ යටපත් වෙන්නේ සමාජයේ හංවඩු ගැහීම් සහ දේශපාලනික හයිකාරකම් හමුවේ. ඒගැන මතක් වෙද්දිත් කලකිරෙනවා හිරු.... ආසියාතික රටවල මෙහෙම උනේ ඇයි කියන්න වෙනම කතිකාවක් කරන්න වෙනවා. මේ ගැන ගැඹුරෙන් විශ්ලේෂනය කරන්න මට තියෙන සමාජ විද්‍යා දැනුම අල්පයි.නමුත් මං හිතන්නේ අපි හිතන විදිහ මුල සිට වෙනස් කරන්න වෙනවා කියලා. මේක එකපාර මාධ්‍ය මගින් ප්‍රචාරය කරලා ප්‍රසිද්ධියක් දුන් නිසා අද හැම තැනම කතා බස් කෙරුනට , අවුරුදු ගණනාවක් සිට (රෝහල් වල වැඩකරන්න පටන් ගත් දා සිට) අත්දකින සිදුවීමක් සතියකට අවම වශයෙන් 2, 3ක්වත් ස්ත්‍රී දූෂණ... !

    ReplyDelete
    Replies
    1. ආසියාතික රටවල මේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි නොදියුණු මත කියන එකයි මගේ අදහස .. විශේෂයෙන් මානුශිය අවශ්‍යතා වෙනුවට සමාජීය අවශ්‍යතා වලට මුල් තැන දෙන එක... අතවරයක් උන කෙනෙක්ගේ ජීවිතය ගැන නෙවෙයි හිතන්නේ එයා සමාජයේ ජීවත් වෙන්නේ කො‌ෙහාමද කියන එක මුලින්ම.. ඕක තමයි මං දකින ලොකුම වැරැද්ද....

      අනිත් එක සමහර පලාත්වල මේවා සාමාන්‍යකරණය වෙලා... අර ගෙදර හිටපු කෙල්ල මොකෙක් බේබද්දෙක් කෑලේකට ඇඳගෙන ගිහින් බඩ උනාම අම්මලා ඒ බඩ හංගන්න අරෑව අල්ලගන්න පුලූවන් නම් අල්ලලා ඌට හරි, නැත්තම් ගමේ ඉන්න මොකෙක් හරි නෝංජලයෙක්ට අර කෙල්ලව බන්දලා දෙන එක... නැත්තං මොකක් හරි බේතක් දීලා බඩ නැති කරන එක.... එතනදි පළවෙනියට කඩ වෙන්නේ අර ගෑණු ළමයගේ මානුශීය අයිතිවාසිකම් දෙකක්.. ඒත් අපේ මිනිස්සු හිතන්නේ එතනින් ප්‍රශ්නේ ඉවරයි කියලා...

      ඕවා තමයි හැදෙන්න ඕනේ ඒවා... ඒත් ඉතිං ලේසි නෑ අපේ මිනිස්සුන්ට යමක් තේරුම් කරලා දෙන්න..

      Delete
  42. පරක්කු වුනත් කාරණා කිහිපයක් මතුකරන්න තියනවා

    01) ඉන්දියාවෙ ස්ත්‍රි දූෂණ බහුල රටක් , නමුත් ඒවා ග්‍රාමිය සංස්කෘතියත් එක්ක මාධ්‍යට වාර්ථා වෙන්නේ අඩුවෙන් . මේ සිදුවීම කෘරතර එකක් වීමට අමතරව , නූතනත්වය වැලඳ ගනිමින් ඉන්න දිල්ලි අගනගරය තුල සිදුවීමත් මේක මේ තරම් ඉස්මතු වෙන්න එක හේතුවක් . ඉටිපන්දම් පත්තු කරන් ගේට් ඔෆ් ඉන්දියා වටා එකතු වුනේ මේ වගේ සිදූවීම් එක්ක සැබවින්ම අනාරක්ෂිත බව දැනෙන නාගරික ජනතාව . මේ දේ මේ විදිහටම නොදියුණු ගම්මානයක වුනා නම් ඉන්දිය මාධ්‍ය ඔය විදිහට කටයුතු කරන්නේ නෑ , මොකද ඒ ප්‍රශ්නය ඔවුන්ට සංවේදි නෑ අර තරම්

    02) මරණ දඬුවම හෝ ම්ලේච්ඡ දඬුවම් වලින් අපරාධ නතර කරන්න පුලුවන් කියන්නේ මිත්‍යාවක් , නිතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙනවා නම් , තියන දඬුවම් ප්‍රමාණවත් . ඉන්දියාවට මේ තත්වයට පූර්‍න වශයෙන් ලඟා වෙන්න 2100දිත් බෑ . හැබැයි කුඩා රටක් වෙච්ච අපිට පුලුවන් . නමුත් මේ යන විදිහට ගියොත් අපි නතර වෙන්නේ ඊටත් අන්ත තැනක

    03) ස්වර්ණ වාහිනිය මේ සිදුවීම වාර්ථා කලා නම් කොහොමට තියේවිද ?

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට කමක් නෑ බුවා... මේ කමෙන්ට් එක වටිනවා....

      1. ඇත්ත... මේ තත්වය මේ විදියටම ලංකාවෙත් තියෙනවා... ඒ තැන් වල මෙහෙම දෙයක් සංවේදී නොවෙන්‌ෙන් මේක සමාජීය ප්‍රශ්නයක් විදියට මිසක් මානව අයිතිවාසිකමක් කඩ කිරීමක් විදියට නොබලන මේ අපේ වගේ ගතානුගතික සමාජ නිසා..

      2. මේ වගේ දේකට මරණ දඬුවම දිය යුතුද නැද්ද කියන්න මට තේරෙන්නේ නෑ... ඒත් ඇත්තටම මේවට හේගතුව නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමයි..... අපිට පුළුවන්.. ‌මේ රටේ එක කොණක ඉඳන් අනිත් කොනට එක දවසකින් යන්න පුළුවන් පොඩි රටක් නිසා.. ඒත් මේ වල්බූරු දේශපාලනේ තමයි ඉතිං එකන තියෙන කරුමේ...

      3. හි හි.. ඒක තමයි මටත් මුලින්ම හිතුනේ...

      Delete