Saturday, December 8, 2012

ලස්සන අනාගතයක් ම‌ෙග් මැණිකට....




ඔයා දන්නවද මගේ මැණික... 

මං එදා කොච්චර දුකෙන්ද හිටියේ කියලා.... 

ඔයාගේ සුදු මූණ ලස්සනට බැබලි බැබලි තියෙනවා මතක් වෙනකොට මගේ පපුව පැලෙන්න වගේ දැනුනේ එදා... මගේ ඇස් වල මොකද්දෝ මහා ගංවතුරක් හිරවෙලා තිබ්බා.. කොයි වෙලේ හරි කැඩිලා ‌දොරේ ගලං යන්න ලෑස්ති වෙච්ච මහා වතුරක් හිරකරගත්ත වේල්ලක් වගේ.... 

ඔයාගේ ලස්සන අත් දෙකේ පුංචි මල් පොකුරක් රැඳිලා තියෙනවා මට මැවිලා පෙනුනා මැණික... ඒ අත් දෙක වෙනදටත් වැඩිය ලස්සනයි මගේ කෙල්ලෙ... අනේ මට ඒ අත් දෙක අල්ලගෙන ඉන්න තිබුනා නම් එදා... 

ඔය මූණ වේල්පටින් වැහිලා තියෙනවා මතක් වෙනකොට මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා... හරියට අපි දෙන්නගේ අත් මුලින්ම අහම්බෙන් වගේ එකට ගැටුන දවසේ වගේ... අපි දෙන්නගේ ඇස් මුණ ගැහුණ දවසෙ වගේ... 

මං දන්නවා මගේ මැණික ලස්සන ගමනක් යන්න හදන්නේ කියලා.. පපුව පැලෙන්න එද්දි මං ප්‍රාර්ථනා කළා මගේ මැණිකට ඔය ගමන ලස්සනට යන්න ලැබේවා කියලා.... 

ඒත් මගේ මැණික දන්නවද මං එදා මුළු දවසම ම‌ෙග් රත්තරං කෙල්ල කොයි වෙලාවේ හරි ම‌ෙග් ළඟට දුවගෙන එයි කියලා ඇස් පියන්නේ නැතුව පාර බලං හිටියා... මං හිතුවා මගේ කෙල්ල අන්තිම මොහොතේ හරි මං ගාවට එයි කියලත්... 

මං දන්නවා මං වැරදියි කියලා... මං දන්නවා මගේ කෙල්ල ම‌ෙග් නෙවෙයි කියලා... ඒත් මේ පපුව පිළිගන්න කැමති නෑ මැණික අදටත්... ඔයා මගේ නෙවෙයි කියලා... 

මං දන්නවා මගේ මැණිකට ලස්සන ජීවිතයක් තියෙනවා කියලා.... මං දන්නවා ඒ ජීවිතේ මට ඉඩ නෑ කියලා.. ඒත් මේ පපුවේ ඔයා සදහටම ඉන්නවා මැණික... 

මගේ රත්තරං කෙල්ලට ලස්සන අනාගතයක්... 


----------------------------------------------------------------------------------
ප/ලි - 
කැලැන්ඩර් ගොඩක් බදාගෙන, කොන්ද රිදි රිදී , මිල්ටන් මල්ලවාරච්චිගේ සින්දු ටිකක් දාගෙන ඉන්නකොට හිතට ආපු සිතුවිල්ලක් ලියවුනේ මෙහෙම... 

මේක තමන්ගේ පණ වගේ ආදරේ කරපු කෙල්ලට, ආදරේ හිතේ පුරෝගෙන ලස්සන අනාගතයක් පතන, එදත් හිටපු, අදත් ඉන්න අපේ රත්තරං කොල්ලන්ට මගෙන් ලැබෙන පුංචි තෑග්ගක්.... 

112 comments:

  1. වැඩිපුර අඩව් ඇල්ලිමද කොන්ද රිදි රිදී සිටීමට එක හේතුවකි

    ReplyDelete
    Replies
    1. අඩව් අල්ලන්නන් නෑ අටම්.. මේ ටිකේ වැඩ.. හි හි...

      Delete
    2. අවේලාවෙ දාන එකකට වත් අපිට එක දාගන්න විදිහක් නෑ... අටමා අඩව්වක් අල්ලලා විවේක ගන්න මේක අස්සටම ඇවිත්... කලා බීලා අඩව් ඇල්ලුව නම් ගිහින් බුදියගං..

      Delete
    3. කිරි දත ගැලවුනෙත් අඩව්වක් අල්ලද්දි නේද බොලං....

      Delete
  2. අඩේ මම අද එක

    ReplyDelete
    Replies
    1. භූතයෙක් වෙලා මෙයා එක වෙලා... හි හි..

      Delete
  3. මාත් නිකං තුස්නිම්බූත උනා ඇල් බෝඩ් කතාවක්ද කියලා.... අපේ මහත්තයා නම් දෙයියෙක් බලං ගියාම... වෙන එකෙක්නං ඔය පරණ කේස් ගැන කට හොල්ලන්න දෙන්නෙ නෑ.... අතීත කතා වලට ගියහම ආයෙ එන්ඩ හිතෙන්නෑ නැද්ද මං අහන්නෙ.. මේ වගේ ඒව ටිකක් ලියලා පොවපං මාරයට කයි තෙල්.... ඌ මේ කොහෙවත් යන ගස් බල්ලො ගැන ලිය ලිය ඉන්නවා ඕං...

    මේ වෙලාවේ.. මොකෑ හැබෑට ඇහැරං?

    ReplyDelete
    Replies
    1. වැඩක් කළා තිසර... දැං තමයි අරං ගියේ...

      මාරයට කයි තෙල් පොවලා මට පවු පුරෝ ගන්න බෑ.. ඌ අමද්‍යපයි දැං.....

      පරණ කේස් ඔහොම තමයි බං... හි හි

      Delete
  4. මටත් අද ඇහැරුනේ ඔය වෙලාවටම. කැලැන්ඩරේ කාර්ගීල්ස් එකේ එහෙම නෙවෙයිනේ ?

    ReplyDelete
    Replies
    1. අඩේ කාර්ගිල්ස් එකට මුකුත් කියන්නේ නැහැ හරිය ...

      Delete
    2. දන්නේ නෑ අප්පා.. ගාමන්ට් වල වගේ මට හම්බුනේ එක කෑල්ලයි... හි හි....

      අපේ මාමට මේ දවස් ටිකේ වැඩ වැඩි වෙලා.. ඉතිං මං කිව්වා මට ගෙන්ත දෙන්න කියලා... ඒවා තමයි ඔය...

      Delete
  5. සුජීව ප්‍රසන්න ආරච්චිගේ පත්තරේක කෑල්ලකින් උපුට ගත්ත එකක් වගේ. ඒකාත් මේ වගේ තමා ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. හි හි.. මොකද අනේ ලවු කිව්ව ගමන් ඒ ගෝතයව මතක් වෙන්නේ... එයාගේ තියෙන්නේ මළ අඩෝවැඬියාවල් නේ... හි හි

      Delete
    2. අපොයි ඔවු. ඒකාගේ පොත් වල තියෙන්නේ කෑම හදන හැටියි, තොදොල් වෙල රෝස පාට ගෑල්ලමයිනුයි, නාහෙන් අඬන සීනුයි !!!

      මෙලෝ රහක් නෑ.

      Delete
    3. ඇයි බං.. කෙල්ලත් අඬනවා, කොල්ලත් අඬනවා, කොල්ලගේ අම්මත් අඬනවා, කෙල්ලගේ තාත්තත් අඬනවා, කොල්ලගේ නංගිත් අඬනවා. ඒකිගේ කොල්ලත් අඬනවා, ගෙදර වැඩ කරන ගෑණිත් අඬනවා.. එකෙක් ඉවර වෙනකොට අනිත් එකා පටං ගන්නවා... හි හි....

      Delete
  6. කාට උනත් දෙයියනේ ඔහොම දුකක් නම් ලැබෙන්න එපා. කොයි හිතකින්ද තමන් පණ වගේ ආදරය කරපු කෙල්ල වෙන එකෙක් එක්ක දීග යනවා බලාගෙන ඉන්නේ.
    මිල්ටන් මල්ලවාරච්චිගේ කොයි සින්දුවටද මෙහෙම සිතුවිල්ලක් පහල උනේ.

    ජය

    ප:ලි
    හත්වලාමේ මේ බ්ලොග් කෙරුවාවක් හන්දා එකෙකුටවත් හරි හමන් නිනදක් නෑ නොවැ..

    ReplyDelete
    Replies
    1. මැණිකේ ඔබේ සිනාවේ
      ලියවැල ගලා ගියාවේ

      නා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
      මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා

      උඩරට මැනිකේ- මනහර කඳුරට තිලකේ

      මම ඉන්නව දැකලා- අනිත් පැත්ත බලාලා
      යනවනෙ මහ නුවර මැනිකෙලා

      Delete
    2. මේකයි ඔය සින්දුව...

      මා නිසා ඔබ නොපිරූ පෙරුම්
      මා නිසා ඔබ නොපැතූ පැතුම්
      ඒ සිනහා මැද ඉටු වේවි නම්
      ආයේ නාවත් කම් නෑ ඉතිං //

      කෝ එදා ඔබ අත පැලැන්දුව
      මුදුව කෝ කොයිදෝ
      නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන
      කීවාදෝ නැතිදෝ

      මා නිසා ඔබ නොපිරූ පෙරුම්...

      මාළිගාවක රජ කෙනෙක් වත්
      යනවදෝ කැදවා
      වාසනාවන් ඒ සැඳෑවට
      මා ඇවිත් යනවා

      මා නිසා ඔබ නොපිරූ පෙරුම්...


      ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
      සංගීතය - පැට්‍රික් දෙණිපිටිය
      ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

      Delete
    3. ඕක මොකක්ද මේක අහපංකෝ...

      සැදී රන් අබරණින්
      රිදී සළු පිළි දරා..
      නැගී රිය පෙරහරින්
      පැතූ පෙම් ලොව දවා..
      මනාලිය වී ලඳේ
      ගියත් ඔබ ඔහු කරා..
      මගේ හදවත ඔඛෙයි
      මගේ දිවි ඇති තුරා..

      අදින් පසු සිත ඔබේ
      අහිමි වන බව දනිම්..
      යළිඳු අපි දිවි තුරා
      නොඑන බව යළි දනිම්..
      නොඑන බව යළි දනිම්..

      සැදී රන් අබරණින්
      රිදී සළු පිළි දරා..
      නැගී රිය පෙරහරින්
      පැතූ පෙම් ලොව දවා..

      ඔඛෙන් ලද සෙනෙහසේ
      සුවය නිති විඳින්නම්..
      සසර මතු භවෙක හෝ
      සුරත ඔඛෙ පතන්නම්..
      සුරත ඔඛෙ පතන්නම්..

      සැදී රන් අබරණින්
      රිදී සළු පිළි දරා..
      නැගී රිය පෙරහරින්
      පැතූ පෙම් ලොව දවා..
      මනාලිය වී ලඳේ
      ගියත් ඔබ ඔහු කරා..
      මගේ හදවත ඔඛෙයි
      මගේ දිවි ඇති තුරා..

      Delete
    4. අඩේ... මගේ කතාවට හරි යනම එක තමයි මේක..... ///පැතූ පෙම් ලොව දවා..// කෑල්ල ඇරුනම... මිල්ටන්ගේ සින්දු 100කට වැඩිය ගොඩක් තියෙන හින්දා ඊයේ මේ සින්දුව තියෙන හරියට ගියේ නෑ... ඒකයි මිස් වෙලා තියෙන්නේ.....

      මාරයියත් විරහා ගීත එක්ස්පර්ට් නේ.. හි හි... බො‌ෙහාම පිං ලින්ක් එකට...

      Delete
    5. හප්පා...මාරයියේ...මේ මගෙත් ආසම සින්දුවක්..

      Delete
  7. ලියැවිල්ල නම් හොඳයි. ඒත් මං ආදරේ ගැන දරන්නේ වෙනත් මතයක් නිසා මට මේ ගැන කියන්න දෙයක් නෑ. ගනුදෙනුවේ ස්වභාවය අනුව ඉදිරියටත් ආදරෙන් සුබපතන්න හැකි කොල්ලො ඇති නැති වෙන්නත් හැකියි. මම කියන්නේ හැමදාම ආදරය කියන්නෙත් ගනුදෙනුවක් විතරයි කියලනේ හිරු.

    ReplyDelete
    Replies
    1. /* මම කියන්නේ හැමදාම ආදරය කියන්නෙත් ගනුදෙනුවක් විතරයි කියලනේ */

      +++++++++++++++++++++++

      Delete
    2. කසාද බැඳපු එකෙක්නෙ අම්මප මෙහෙම කියන්නෙ :/

      Delete
    3. හිත තමා නලීන් අයියේ... මේක විඳෙව්ව කෙනෙක්ට තමයි මේක හරියටම තේරෙන්නේ.... පිටින් බලන අපි මොනවා කිව්වත් වැඩක් නෑ....

      දෙනු පමණක් තියෙන ආදරයවල් මම දැකලා තියෙනවා....

      Delete
  8. මිල්ටන්ගේ සිංදු අහගෙන ඉදලා ලිව්වයි කිව්වම මම කල්පනා කරේ මේම අදහසක් තියෙන මිලටන් මල්ලවාඅරච්චිගෙ සින්දුව මොකද්ද . ම්හූ.. හිතාගන්න බැරිවුණා.
    කැලැන්ඩර් සෙල්ලමෙන් ජයවේවා මචං ...

    ReplyDelete
    Replies
    1. බොරු බං ඔය කියන්නේ..
      නියම සින්දුව මං හිතන්නේ... මගේ කළු කොට සුමනවතී

      හැක්

      Delete
    2. කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා....

      අද හෙට ඔබ මා අතහැර යන බව දැනගන්නට ලැබුනා....

      අන්සතු වී ඇත මා සතු ඒ නෙතු ආදර රජදහනේ...

      විරහා ගිත නම් ඉතිං අංක 1 මිල්ටන් මල්ලවාරච්චි... අදෝනා නැති සුන්දර නිර්මාණ..

      Delete
    3. අන්න උඩින් දැම්මා සින්දුව.. හැබැයි මගේ කතාවේ කොල්ලා ඔයිට වඩා ටිකක් වෙනස් හොඳේ...

      ඌ දැනගෙන හිටියා කෙල්ල වෙන කෙනෙක්ගේ කියලා.. කෙල්ල දැනගෙන හිටියා මෙයා ආදරෙයි කියලා... නමුත් කොල්ලා කවදාවත් කෙල්ලව එයාගේ කොල්ලගෙන් ඈත් කරලා, තමන් ළඟ‌ට ගන්න ට්‍රයි කරපු නැති නිසා තමයි මෙහෛම කියන්නේ....

      Delete
  9. උඹල දාන්න ඕන ගීත විචාර අංශෙට... මාර අදහස් නෙව... ඇස්දෙකේ ගංවතුරක්..

    ReplyDelete
    Replies
    1. බෝට්ටුවක් හදෝ ගනිං ..නැත්නම් බෝ ගිලෙයි.

      Delete
    2. නිදිමතේ හිතට එන ඒවා ලියවෙන්නේ නෑනේ බං වැඩිය.. උදේ වෙනකොට අමතකයි... මෙහෙම වෙලාවක ලියවුනොත් ඇරෙන්න... හි හි..

      Delete
    3. දේශකයෝ,
      ගං වතුරේ මාළු බාන්න බෑ ද ?

      Delete
    4. මෙයාට වතුර කියපු ගමන් මතක් වෙන්නේ මාළු ද කොහෙද... හි හි

      Delete
    5. //නිදිමතේ හිතට එන ඒවා ලියවෙන්නේ නෑනේ බං වැඩිය.. උදේ වෙනකොට අමතකයි... මෙහෙම වෙලාවක ලියවුනොත් ඇරෙන්න... හි හි..//

      අපි හොදට ගල් ටිකක් ගැහැව්වමත් එහෙමයි නංගියෝ... නැත්ද මේ නලීනය, වෙනිය හෙම අපේ සාක්ෂියට

      Delete
    6. බෙබේලා කරන කියන ඒවා වීඩියෝ කරලා පෙන්නන්න තමයි ඕනේ.... මතක නැති වෙනවා නම්....

      Delete
  10. ඔන්න බේගලයක්...ඕක නම් අර ඉස්සර කවුරු හරි ලියාපු පෙම් හසුනක් වගේ...පැණි බේරෙනවා...හි හී...

    ReplyDelete
    Replies
    1. හිරුවගේ ම කතාවක්ද දන්නේ නැ. අපේ මහත්තයට බයේ ඒ ටික වහල කොලේ ගහල.

      Delete
    2. නැවතිල්ලෙ හිතල බලද්දි එහෙම වෙන්ඩත් බැරි නැතුවා :D

      Delete
    3. බොරු මොකටද... තුන් දෙනාම හරි.. හි හි...

      Delete
    4. ඒකනෙ කියන්නේ...උඹ ලඟ තියෙන ලුණු ගොරකා මදි අපිව තම්බන්න... දැන් ඉතින් අපේ මහත්තයගෙන් ( මගේ නෙමේ උඹේ ) අවසර ඉල්ලාගෙන ඒකත් ලියමු..මෙහෙම හොරෙන් හොරෙන් ලියන්නෙ නැතුව..

      Delete
    5. මං කිව්වේ තුන් දෙනාම හරි කියලා විතරයි නේ.. වෙන මොනවා කියන්නද... හි හි....

      Delete
  11. උදේ මුණ හෝදන්නත් ඉස්සෙල්ල කියෙව්වේ ,.. හදුන්පොත්ත මොනවද උනා මේක කියවල .. දැන් මුණ හෝදන්න හිතෙන්නෙත් නැහැ .. මම ආයේ දොයියනවා...

    ReplyDelete
    Replies
    1. ඒකත් හොදා පමා වෙලා ඇහැරුණොත් සැමගේ උපදෙස් මාලාව කියවන්න.

      Delete
    2. හයියෝ.. මෙයත් ඒ ජාතියේ වගේ... හා හා.. මොකෝ වෙන වැඩක් තියෙනව කියලයැ... හි හි...

      Delete
  12. //මේක තමන්ගේ පණ වගේ ආදරේ කරපු කෙල්ලට, ආදරේ හිතේ පුරෝගෙන ලස්සන අනාගතයක් පතන, එදත් හිටපු, අදත් ඉන්න අපේ රත්තරං කොල්ලන්ට මගෙන් ලැබෙන පුංචි තෑග්ගක්.... //

    තෑන්ක්ස් අලොට් අක්කේ :P :P :P

    ReplyDelete
  13. හපෝයි... පරණ මතකයන් එපෝ :(

    ReplyDelete
    Replies
    1. තුනායි..... හි හි...

      එපා නේන්නං මලයෝ...... පරණ ඒවා දැං මොකටද...

      Delete
  14. යකඩෝ මේකේ තනිකරම බටර් පාරක්නේ. මම හිතන්නේ අයියගෙන් අලුත් සාරියක්වත් කොටා ගන්නද මේ වෑයම?

    ReplyDelete
    Replies
    1. මෙහෙම ඒවා වලින් ඒ වගේ වැඩක් ගන්න පුළුවන් නම් මම කොච්චර වාසනාවන්තද මලයෝ... හි හි...

      Delete
  15. ඇත්තවශයෙන්ම ආදරය ගැන කියනවනම්,, ම් ම් ම්..... මට තේරෙන්නෙ නෑ අනෙ ඕවා..
    (සැදී රන් අබරණින් රිදී සලුපිලි දරා.....)

    ReplyDelete
    Replies
    1. හතරායි ......ද????????

      හි හි

      Delete
  16. හ්ම් හ්ම්.. ඒකත් එහෙමයිලු නේ වුණේ! එළ අදහස් ටික.

    මට නම් ඔය වගේ වැඩක් වුනොත් හින්දි ෆිල්ම් වල වගේ කෙළින්ම හෝල් එකට ගිහින් සින්දුක් කියනවා.

    කියන්නේ මිල්ටන්ගේ 'සැදී රන් අබරණින්..' සින්දුව.

    කියන්නේ නෑ.හොද සවුන්ඩ් තියෙන චයිනීස් ෆෝන් එකකට සින්දුව දාන් ගිහින් කට හොලවනවා. :)

    ReplyDelete
    Replies
    1. ////කියන්නේ නෑ.හොද සවුන්ඩ් තියෙන චයිනීස් ෆෝන් එකකට සින්දුව දාන් ගිහින් කට හොලවනවා. :)////

      හම්මෝ... ඇති යන්තම්... මං බය වෙච්ච තරම... හි හි...

      Delete
  17. හිරුවො... තාම 2013 කැලැන්ඩරයක් ඇහැට දැක්කෙ නෑ... බැරිද අපටත්......

    ReplyDelete
    Replies
    1. 2013 ට කොහෙද කැලැන්ඩර් ලෝක විනසෙ අමතක උනාද

      Delete
    2. බාගයක්ම තාම ප්‍රින්ට් එකේ සිරා... මං වත් තාම දැක්කේ නෑ... හි හි...

      Delete
  18. දුක හිතෙන සීන් කෝන් එකක් !හිරු අක්කේ ඇත්තටම සින්දුව අහලද හිතුනේ ඇ
    :D

    ReplyDelete
  19. උඹට මොකක්ද ඔය කැලැන්ඩර් එක්ක තියන ගනු දෙනුව... ? දෙතුන් තැනකම දැක්කා කැලැන්ඩර් ගැන කියලා තියනවා...

    ReplyDelete
    Replies
    1. ප්‍රින්ටින් ප්‍රින්ටින් සෙන්නා... මේ කැලැන්ඩර් සීසන් එකනේ... රාමෙට වැඩ..... මගේ වැඩ නම් ඉවරයි.... අපේ මාමට පොඩි සපෝට් එකක් දුන්නා ෆිනිෂින් වලට...හි හි

      Delete
  20. මට මතක් වුනේ මේ සින්දුව..

    විකසිත පෙම් - පොකුරු පියුම්..

    මං දැක්ක ඊයේ රෑ හිරු ඇහැරගෙන ඉන්නවා. හැබැට නිදිව්වේ නැද්ද අප්පා.. ඔය පැත්තෙන් ඉස්සර මං වැඩ කරපු තැනකටත් කැලැන්ඩර් ප්‍රින්ට් කළා.. හිරු ඩිසයින් කරපුවත් තිබුනද දන්නේ නෑ ඒවායේ.. :) එතකොට මේ කාලේ අපිටත් සීසන්.. ඇහැරගෙන ඉන්නවා ඔය වගේම.

    ReplyDelete
    Replies
    1. හැබෑද... කියන්න බෑ ඒවා නං ඉතිං... හි හි...

      එළිවෙනකම්ම එක සෙට් එකක් ඇලෙව්වා.. පිස්සු කේස් තමයි... අපේ රටේ කට්ටිය අන්තිමටනේ ඕඩර් දෙන්නේ.. ඉතිං අපි නැහීගෙන කරන්න ඕනේ... මගේ වැඩ නම් ඉවර උනා.. ප්‍රින්ටින් කරන්නේ මාමා... එයාගේ වැඩ තමයි හිර වෙලා තියෙන්නේ....

      Delete
  21. පැණි හැලෙන ලියවිල්ලක්නේ.. මිල්ටන්ගේ සිංදුවලට මෙහෙම නොලියා කොහොම ලියන්නද. සිංදු අහනකොටත් ඇ‍ඬෙනවා මේවා කියවනකොටත් ඇ‍ඬෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇඬෙනවා නේන්නං... හි හි....

      Delete
  22. Replies
    1. හිනාවේ හැටියට හරීව පස්වෙනියට දාන්න පුළුවන් වෙයි වගේ... හි හි.7

      Delete
    2. පස්වෙනියට?? තේරුනේ නෑනෙ..

      Delete
    3. කමෙන්ට් ටික කියෝලා බලන්නකෝ.. හි හි

      Delete
  23. දැං කවුද ඔය මැණික?

    ReplyDelete
  24. අනේ අප්පේ......මෙහෙම සීන් දාන්න එපා අනේ....දුක හිතෙනවනේ අනේ...... :'(

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ මෙයා හයවෙනියා වගේ.. හි හි....

      Delete
  25. අඩේ ලවු ඉලවු නේ...
    මං මුකුත් කියන්නෑ...

    ReplyDelete
    Replies
    1. හරි හරි.. මෙයා දැං ලොක්කා වෙලානේ... හි හි

      Delete

  26. උබල ටික එකතු වෙලා මට පිස්සු වට්ටපල්ලකෝ ...

    ReplyDelete
  27. මන් මේ හතේ කතාව මොකක්ද බලන්න
    ටිකක් කමෙන්ට් ටික බැලුව..ඔතොකොටයි වැඩේ තේරුනේ..
    කෝ මේ අපේ යක්කු ටික ..?
    කොහෙට වහන් වෙලාද ?

    ReplyDelete
    Replies
    1. යක්කු ටික පේන්න නෑ... හි හි...

      Delete
  28. අපිට නේද තෑග්ග...
    හොදා... හොදා... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  29. Oya wage ewa dana kota apatath duka hithenawane hiruwo. Hamogema athithe mathak karanawa wage oya.

    ReplyDelete
    Replies
    1. කට්ටිය එකතු වෙලා මට ගහයිද දන්නෙත් නෑ.... හි හි

      Delete
  30. මට මතක් වුනෙත් මාරයියගේ සින්දුව තමයි... ඒ වුනාට මේ ලඟකදී බලපු හින්දි ෆිල්ම් එකක කෙල්ල මගුල වෙලාවේ දමලා ගහලා එනවනේ...හෙහ් හෙහ් හෙහ්... "ඒක් දිවානා තා" ද කොහෙද නම, හරියට මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි අර ස්පයිඩර් මෑන් එකෙත් ඒ වගේ සීන් එකක් තිබ්බා නේද... හි හි

      Delete
  31. ම්ම්ම්ම්..... මේ සීන් කෝන් එක හිරුවගේම එකක්ද කියල සැකයක් එනෝ..... හික්.... ;)

    ReplyDelete
    Replies
    1. මාර මඟුලක් තමයි..... හයියෝ.....................................
      හි හි

      Delete
  32. එයා මට ලවු
    මං එයාට ලවු
    ආදරෙ හැටි බොලවු
    සෙරම මල ඉලවු

    එයා මට ලව්
    මම එයාට ලව්
    අපි දෙන්න ම
    රි ලව්...

    ReplyDelete
    Replies
    1. රිලවුත් ලවු කරනවා ඇති නේ මෙහෙම.. හි හි

      Delete
    2. කව් අප්පෙ දන්නෙ පොඩි මෙවුව එකක් දාල බලන්න ඔන

      Delete
  33. හිතට ඉබ්බෙක් දාගෙන මදිපාඩුවට කැස්බෑවෙකුත් හයි කරන් කියෙව්වේ...නැත්නම් මට මොනවා වෙයිද සුවර් නෑ.....

    ReplyDelete
    Replies
    1. නමයායි.. ඔන්න හිරු දාන්න කලින් මම දැම්මා..

      Delete
  34. පරෙවි රැජිනියේ එදා වගේ අදත්
    ඔබට තවම මම ආදරෙයි...

    ReplyDelete
    Replies
    1. හප්පද බොල කමෙන්ට් ටික කියෝලා ඉවර වෙනකොටනේ දැක්කේ නම්බර් කිරිල්ල. ඔන්න ඉතින් කවුරුවත් කියන්න ඉස්සෙල්ලම
      "දහයායි"

      Delete
    2. හයියෝ.... හි හි...

      Delete
  35. මෙයා හැමෝවම කඩේ යවලා. ඕවට කියන්නේ මම නම් උගුරට හොරා බේත් කනවා කියලා. හූ හූ..............!!

    ReplyDelete
  36. කැලැන්ඩර් කියන්නේ අවුරුද්ද ඉවරයි නේ. අනේ අපි වයසට යනවා නේ..

    ReplyDelete
    Replies
    1. ඔවු අප්පා..... ලෝක විනාසෙ වත් උනොත් හොඳයි කියලා හිතෙනවා නේ.... හි හි

      Delete
  37. සිහිනෙන් වත් හමුවන්නට
    මට අවසර
    නෑ ඉතින් ....
    (මේවා දැක්කම love කරන්නත් බය හිතෙනවා අප්පා )

    ReplyDelete
    Replies
    1. එකොලොස්වෙනියට දාන්න පුළුවන් වෙයි වගේ නේ..... හි හි...

      Delete
  38. අනේ පව් අහිංසක කොල්ලෙක්. මෙව්වා ආවට ගියාවට ලියවෙන්නේ නෑ මං දන්න විදියට...:0

    ReplyDelete
    Replies
    1. සින්දු අහද්දි තමයි සයුරි ලියවෙන්නේ.. හි හි

      Delete
  39. නවකතා පොතකින් ඉරලා ගත්තු කොළයක් වගේ. හිරූටත් මාර හැකියාවක් තියෙන්නේ. ඒ කාලේ පැණි බේරෙන්නම ආදරේ කරලා තියෙන හැඩයි. නේද බං ? :)

    ReplyDelete
    Replies
    1. නවකතා වල විතරද මධු පැණි බේරෙන ලවු තියෙන්නේ.. හි හි

      Delete
  40. කියෙව්වා කොල්ලෝ ඒක....

    ReplyDelete