Monday, December 3, 2012

බ්‌ෙලාග් කෙරුවාව ගැන මට ආපු පුරස්නයක්.....

ඊයේ පෙරේදා මාරයා ලිව්ව බිලොග් වල කමෙන්ට් කරන කොට පෝස්ට් එකට කට්ටියක් මහ රෑ ඇහරගෙන කමෙන්ට් 200ටත් එහා ගානක් දාලා තිබ්බා... කරුමෙට 200න් එහා පෙන්නන්නේ නැති අවුලක් තියෙනවා මාරයගේ අඩවියේ... මාරයා ලිව්වේ කමෙන්ට් වලට තමන්ගේ බ්ලොග් එකේ ලින්ක් එක අමුණන එක ගැනනේ.. අද බලනකොට කට්ටිය විහිළුවට වගේ හැමතැනම නැටි එල්ලගෙන.. හි හි... එක විකාරයයි... හැබැයි ජොලි විකාරයක් ඒක... හි හි... 

මට මේ ඒක කියවනකොට ආපු එක ලොකු පුරස්නයක් තමයි ඇත්තටම තමන්ගේ නම සඳහන් වෙලා ලියවිලා තියෙන පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාන්නේ කො‌ෙහාමද කියන එක... 

ළඟදි බ්ලොග් කෙරුවාව හරියට කොරන්න පටන් ගත්ත මං ඉස්සර මේ වගේ තැන් ගොඩක් දැකලා තියෙන දේ තමයි තමන් ගැන හොඳක් කියලා තියෙනවා නම්, ස්තූතියක් පළ කරලා තියෙනවා නම්, නැවත ස්තුතියක් දාලා නිහතමානීව මොකක් හරි විහිළුවකුත් කරලා ලස්සන කමෙන්ට් එකක් දාලා යන එක... 

නමුත් කොහෙන් හරි තොප්පියක් තමන්ගේ ඔලුවට කඩං පාත් වෙන විදියට ලියපු පෝස්ට් එකක් නම් ප්‍රතිචාර දක්වන්නේ සහ එයින් මතුවට ක්‍රියාකරන්නේ කො‌ෙහාමද කියන එකයි මට ආපු ලොකුම පුරස්නේ... 

ඒක තේරුනේ නැතිනම් මෙහෙම කියන්නම්කෝ... 

පෝස්ට් එකේ ලියවිලා තියෙන්නේ කට්ටියක් කරන, කාට හරි වැරැද්දක්, නොහොබිනා කමක් හෝ වාතයක් වගේ වැඩක් කියලා ලියන කෙනා හිතන දෙයක් ගැන නම්, ඒකට ප්‍රතිචාර දක්වන්නේ කො‌ෙහාමද.... ?

අපි හැමෝම කරන, පිළිගන්නේ නැති ලැජ්ජා නැති කතාවක් ගැන ලිව්වොත් නම් ඒක පිළිගන්න ගොඩක් අය ඉන්නවනේ.. හි හි... මොකද වැඩි දෙනෙක් ඒක පිළිගන්නකොට හිතට පොඩි සුරක්ෂිත හැඟිමක් සහ අඩේ අපි ඔක්කොම එකම බෝට්ටුවේ කියලත් හිතෙනවනේ... හි හි... 

ඒත් කට්ටියක් විතරක් කරන, ඒක කරන අය කවුද කියලා අපි හැමෝම දන්න කෙනෙක්ට හෝ කීප දෙනෙක්ට ටොක්කක් ඇන්නා වගේ පෝස්ට් එකක් නම් මොකද කරන්නේ.... ?

එදා වලියෙදි මං රෑ ඇහැරගෙන හිටියේ නැති නිසා උදේ කමෙන්ට් බලද්දි හිතුන දෙයක් තමයි හැමෝම නොවුනත් කීප දෙනෙක්වත් ඒ පෝස්ට් එක තමන්ට ඇනපු පෞද්ගලික ටොක්කක් කියලා හිතාගෙන ඉඳලා තියෙනවා කියන එක....  ( ඒක ඉතිං මට හිතිච්ච දෙයක් විතරද දන්නෙත් නෑ... හි හි) 

අපිට දුක හිතෙන, හිත රිදෙන යම්කිසි දෙයක් අපි දන්න කියන කෙනෙක් කළොත් අපිට මොනවා හිතෙයිද ඒ කෙනා ගැන..? දුකක්, තරහක්.. එකට එක කරන්න, දෙන්නං මාත් බැටේ කියලා හිතෙන එක, ආයිත් ඒ කෙනා එක්ක කතාවත් කරන්නේ නෑ කියලා අතෑරලා දාන්න... ඔය වගේ හෑඟීම් එනවා නේ.. මන්දා.. මට නම් එහෙමයි.... 

මේ බ්ලොග් ලෝකේ මං දන්න හැම කෙනාම වගේ දැනගෙන ඉන්‌ෙන් එයාලගේ බ්ලොග් පෝස්ට් වලින් සහ කමෙන්ට් වලින්.. ඒක නිසා මම කරන ලොකුම දේ තමයි එයාලා ලියන දේවල් වලින් එයාල ගැන නිගමන වලට එන්නේ නැති එක.. එක එක්කෙනාගේ චරිත විවිධයි... බ්ලොග් පෝස්ට් කියවද්දි ඒ අය ගැන හිතාගන්න පුළුවන්... සමහර අය ඉන්නවා පෝස්ට් එකේ කියන්න තියෙන දේ කනට ගැහුවා වගේ එකපාරටම කියලා දාන.. සමහර අය ඉන්නවා කියන දේ හැඩ වැඩ දාලා උපමා එහෙම දාලා අමුතු බාසාවකින් ලියන... සමහරු ඉන්නවා කොච්චර කේන්තියක් එන දෙයක් උනත් විහිළුවක් බවට හරවලා ලියන්න දක්ෂ අය... මේ මං වගේ කට්ටියක් ඉන්නවා ලියන්න යන දේ පැත්තක තියලා, වෙන වෙන වල් පල් වලින් පෝස්ට් එක පුරෝන අය... හි හි... 

කොහොම උනත් ගොඩක් අපේ අය බ්ලොග් ලිවීම කරන්නේ තමන්‌ෙග් හිතේ තියෙන ආසාවට... ඒ වගේම සමහර හිතේ හිරවෙලා තියෙන දේවල් ලියලා, හිත සැහැල්ලු කරගන්න... තව සමහරු ලියනවා තමන්ගේ හිත තේරුම් ගන්න කෙනෙක් ළඟපාත නැති කමට... කතා කරන්න කෙනෙක් නැති කමට.... හැමෝටම වගේ මිනිස් සම්බන්ධතා අවශ්‍යයි... නෑ කියලා කියන අයත් ඉන්නවා.. 

නමුත් සාමාන්‍යයෙන් අනිත් භාෂා වල බ්ලොග්ස් වලට වඩා සිංහලෙන් ලියවුන බ්ලොග්ස් වල විශේෂත්වයක් තියෙනවා.... මේ හැමෝම ශ්‍රී ලාංකිකයෝ.. මේ රටේ හිටියත්, පිට රටක හිටියත් මේ ලියන උන් ඔක්කොම මේ පොළවේ පය ගහපු උන්.... 

මේ පොළවේ පය ගහපු උන්ගේ විශේෂත්වයක් තියෙනවා... උන් ඔක්කොම මේ පොළවට හරි ආදරෙයි... ලෝකේ කොයි අහුමුල්ලේ හිටියත් මේ බ්ලොග් පෝස්ට් වල ලංකාව ගැන තියෙන කැක්කුම කොහෙ හරි අස්සක ගැබ් වෙලා තියෙනවා...

බ්ලොග් වල තියෙන සින්ඩියි, අර සංගමේ මේ සංගමේයි, අර කල්ලියයි මේ කල්ලියයි, ප්‍රවීනයොයි නවකයොයි.... ඔය ඔක්කොම බහුබූතකාරයෝ මං දාන්නේ එකම කැටගරියකට.... ඒ තමයි සිංහලෙන් බ්ලොග් ලියන, ලංකාව ගැන, ලංකාවේ ඉන්න උන් ගැන කැක්කුමක් තියෙන උන්ගේ කැටගරියට.... 

මේක ඇතුලේ ඉස්සරත් මරා ගත්තා... අරකට මේකට සංගම් පිහිටුවගෙන එක එක සමාජ සේවා වැඩ කරන, එකමුතුකමින්, ධෛර්‌යයෙන් ගිය උත්සාහවන්ත කතා වලින් බ්ලොග් ලෝකේ ලස්සන කරපු දේවල් වගේම ෂික්.. මෙහෙම උනුත් මේක අස්සේ ඉන්නව නේද... කියලා හිතෙන තරමට දේවල් සිද්ධ උනා....  

මේක තමයි ලංකාව... ආයිත් ඉතිං මේවා අමුතු දේවල් නෙවෙයි... නමුත් අපි හිතනවා මේකේ ඉන්‌ෙන් වෙනසකට කැමති උන් කියලා.. එතකොට මොකද වෙන්න ඕ‌ෙන්... ??

වෙනසකට කැමති නම් කරන්න තියෙන එකම දේ සාකච්ඡා කරන එක.... වලි දාගන්න ඕනේ.. මරා ගන්න ඕනේ... සාම සාකච්ඡා යන්න ඕනේ.. නැත්තම් මේකේ ජොලියක් කොහෙන්ද... සාකච්ඡාවක්, අදහස් ඉදිරිපත් කිරීමක් කොහෙන්ද.... 

හැබයි ඒ වලිය, ඒ මරා ගැනිල්ල ඒ පෝස්ට් එකෙන් එහාට ඇදගෙන යන්න හොඳ නෑ... කවුරුහරි කෙනෙක් තමන්ගේ මතය ඉදිරිපත් කළා නම් එදාට ඒකට එකඟව හරි, විරුද්ධව හරි තමන්‌ෙග් අදහස ඉදිරිපත් කරලා, ඒ කතාව ඉවර කරන්න ඕනේ.. ආයිත් තවත් තැනක ඒ කතාව ඇදගන්න ඕ‌ෙන් පෝස්ට් එකේ ඉදිරිපත් කරන කාරණය ඊට අදාළ නම් විතරයි... 

ඔය එක එකා ලියන තමන් කරපු ගොන්කම් ගැන පස්සෙත් අල්ලගෙන කරන විහිළු ගැන නෙවෙයි මං මේ කියන්නේ.. කෙනෙක් එක් වරක් ඉදිරිපත් කරපු කරුණක් ( පෞද්ගලික හෝ වෙනත්) දිගින් දිගටම අල්ලගෙන ඒ අදාළ පුද්ගලයා අනවශ්‍ය විදියට විවේචනය කරන එක ගැන.... 

එහෙමත් නැත්තම් කාගේ හරි පෝස්ට් එකකට හිත රිදෝගෙන එක්කෝ ඒ පුද්ගලයා වර්ජනය කිරීම හෝ වෙනත් ක්‍රම මඟින් මඩ ගැහීම වගේ දේවල්.... 

ඇත්තටම මේ වගේ දේවල් සීරියස් ගන්න ඕනේද කියන එකයි මට ආපු ලොකුම පුරස්නේ... 

අපි බ්ලොග් ලියන්නේ හිතට සැහැල්ලුවක් දැනෙන නිසා කියලා ගොඩක් දෙනෙක් කියයි.. මට නම් බිලොග් ලිවිල්ලෙ තියෙන ලොකුම හොඳේ තමයි කාලයක් කට රිදෙන කම් මං ආස, ආස නැති, දන්න, නොදන්න හැම දේ ගැනම කියෝපු, ඒවා ගැන කතා කරන්න පුළුවන්, අහගෙන ඉන්න පුළුවන් අය වටේ හිටපු එකෙකුට, අවුරුදු දෙකක් තිස්සේ ඒ වගේ කතා කරන්න නොලැබෙන එකෙන් ඇති වෙලා තිබ්බ මානසික පීඩනය සහ හිතෙන් මැරිච්ච ගතිය නැති වෙලා මං ආයිත් ජීවත් වෙනවා කියලා දැනෙන්න පටං ගත්ත එක.... 

ඉතිං මම මේකේ ලියන දේවල් හරියට මං කතා කරන දේවල් වගේම තමයි.. එකම දේ මම කටින් නොකියා මේ කී බෝඩ් එකේ ටයිප් කරන එක විතරයි... මේක මට ලොකු සහනයක්.. මං හරි ආසාවෙන් මේ බ්ලොග්ස් වල කමෙන්ට් එකක් පවා දාන්නේ... 

ඇත්තටම මේ වගේ මඩ ගැහිලි සහ පෞද්ගලික ‌දෝෂාරෝපණ, තරහාවල් ඇතිවෙන්නේ අපි මේ බ්ලොග්ස් වල ලියන දේවලින් පුද්ගලයා මනින්න යන එකෙන් සහ ඒ පුද්ගලයා ගැන විවිධ ආකාරයේ නිගමන වලට එන එකෙන් කියලා මට හිතෙනවා...පැහැදිලිව පෙනෙන්න තියෙන දෙයකින් යම්කිසි තරමකින් පුද්ගලයා පිළිබඳව යම් නිගමනයකට එන්න පුළුවන් බව ඇත්ත.. ඒත් ඒ නිගමනය 100% හරි කියලා නම් කිසිදා හිතන්න බෑ... 

හොදම දේ තමයි මම හිතන විදියට ඒ වගේ ටොක්කක් ඇන්නොත් ඔලුව අතගාගන්න එක... ඇනපු අතට රිද්දන්න යන්නේ නැතුව... ඊට පස්සේ ඒ සිද්ධිය අමතක කරලා දාන එක... 

පළිගන්න, එකට එක කරන්න යන එකෙන් කැත වෙන්නේ අපේ හිතමයි... අපිට ආදරේ කරන අයත් එක්කම කොච්චර වලි, හිත් රීදීම් අපිට තියෙනවද....අයින් කරගන්න අමාරු, ජීවිතේම විඳවන ජාතියේ හිත් රීදීම් නේ ඒවා.. ඒවයින් අපි කොච්චර විඳවනවද...  එහෙවු එකේ මේ අපිට ළඟ නැති, අපිට සම්බන්ධ නැති මේ වයර් එකක් දිගේ, සිග්නල් එකක් දිගේ, ගොඩක් වෙලාවට අකුරු දෙකකින් තුනකින් අපි අඳුරගන්න, කම්පියුටරේ මොනිටරේ තියෙන යාලුකම් වල වටිනාකම් තියෙන්නේ එතනයි..... හොඳ දේවල් එකතු කරගන්න පුළුවන්...නරක දේවල් අයින් කරන්න පුළුවන්.. හිත් රිදීම්, පළි ගැනීම් මොකටද.... 

ඉන්න ටිකේ හිතේ සන්තෝසෙන් අපි බ්ලොග් ලියාගෙන ඉමු... අතෑරලා දානකොට දුකක් ඇති වෙන්න ඕනේ අනේ මේක නැතුව මට පාළු හිතෙයි කියලා විතරයි.... මම ඕවා ගැන හිතන්නේ එහෙම... 

( මම ඇනෝ ගැන සඳහන් කළේ නැත්තේ ඇයි කියලා කාටහරි පුරස්නයක් තියෙනවනම්, අනේ මම එයාලා ගැන දන්නේ නෑ නේ... ඉතිං මේ තියරිය ක්‍රියාත්මක කරන්න එයාලා සම්බන්ධයෙන් මට හරි ලේසියි... මේ බ්ලොග් එකේ නම් ඇනෝ නෑ.. කියන දෙයක් ප්‍රොෆයිල් එකෙන් ඇවිත් කියන්න පුළුවන්..එච්චරයි.. ) 

166 comments:

  1. අන්න අක්කට වැරදුන තැන! මේ බ්ලොග් එකෙත් එක ඇනෝ කෙනෙක් ඉන්නවා!!! හූ.. හූ... හූ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මමනං ඉතිං සිංහල බ්ලොග් ලියන්නේ නැහැනේ. දවසම නෙට් එකේ ඉන්න නිසා පීඩනය යන්නත් එක්ක තමයි සිංහල බ්ලොග් බලන්නේ. ඉතිං මහප්‍රාණ නැති සරල එව්වට මං ගොඩක් ආසයි. සරල කිව්වට ඉතිං සිනි බෝල වෙලත් බැහැනේ. ඒ අතින් මේකයි, රාජ් අයියගේ එකයි, අටම්ගේ එකයි සුපිරියි. (මතක්‌ උන ටික කිව්වේ!)

      මං දැක්ක දෙයක් තමයි සිංහල බ්ලොග් ලියන කට්ටියගේ අතරේ ලොකු හිතවත් කමක් තියෙනවා. මම හිතන්නේ මේවා ලියල ඔයාලට ලැබෙන එකම දේ ඒක තමයි. මෙතන ලැබෙන දේ බුකියේ කොමෙන්ට් දදා ලයික් දදා හිටියට ලැබෙන්නේ නැහැනේ.

      නැට්ට එල්ලං ඉන්න එකේනං මං වැරද්දක් දකින්නේ නැහැ. හැබැයි අනවශ්‍ය විදිහට ලින්ක් පුරවන්නේ නැතිව.

      ඇනෝලා එන්නෙත් ගොඩක් profile තියෙන දන්නා කියන අයමනේ! මමනං ඇනෝ සෙල්ලං වලට විරුද්ධයි. ඇත්ත නමින් නොවුනත් අන්තර්ජාලය තුල තමන්ටම කියල අයි.ඩි. එකක් තියාගන්න ඕන.

      අද පට්ට කම්මැලියි අප්පා.. කම්මැලි කමටත් එක්ක දිගටම කෙටුවා!

      Delete
    2. ඔයා ප්‍රොෆයිල් එකෙන්ම ඇනෝ වෙලානේ ඉන්නේ.. හි හි...

      මෙයා කොටපු දිගම කමෙන්ටුවද කොහෙද.... තැන්ක් යු වේවා...

      ඔය හිතවත්කම තමයි ඉතිං ලැබෙන ලාබේ කියලා මම හිතන්නේ...

      Delete
    3. ළමා අපචාරක ස්ත්‍රී දුෂක නබි ගැන කුරානය කියන දේවල් සිංහලෙන් දන ගන්න පහත ලින්ක් එකට එන්න
      කෝපයට පත් මුස්ලිම්වරුන් ‍ගෙන් ඊ-මේල් විශාල ප්‍රමාණයක් මට ලැබේ. සමහර විට අයැදිමින්ද වි‍ටෙක අණ කරමින්ද ඔවුන් මගේ ‍වෙබ් අඩවිය වසා දමන ‍මෙන් කියති. බලපෑම් කිරීම ‍මෙන්ම අයැදීමද මානසික ‍ලෙඩකි.
      ඔබ මේ ‍වෙබ් අඩවියට නොකැමැත්තේ නම් හා ‍මෙය ඉවත් කිරීමට උවමනා නම්, අසාධාරණයකට ලක් වූවකු ‍ලෙස හෝ අණ‍ දෙන්නෙකු ‍ලෙස නොහැසිර, මුහම්මද්ට විරුද්ධව මා නගන චෝදනා වැරදි බව තර්කානුකූලව ඔප්පු කර පෙන්වන්න. එවිට ‍වෙබ් අඩවිය වසා දැමීම පමණක් නොව, ප්‍රසිද්ධි‍යේම මා ඉස්ලාම් නිවැරදි බව ප්‍රකාශ කරමි. එ‍‍මෙන්ම
      ඩොලර් $ 50,000 ක මුදලක්
      මා මුහම්මද්ට විරුද්ධව දුසිම් ගනනින් නගන චෝදනාවන් ‍ගෙන් කිසිවක් හෝ වැරදි යයි ඔප්පු කරන්නෙකුට ගෙවමි.
      මා මුහම්මද්ට විරුද්ධව කරන චෝදනා නම්:
      පුද්ගලවාදියෙකි ගැහැණු ‍‍‍‍වෛරී පුද්ගල‍යෙකි
      ස්ත්‍රී දූෂක‍යෙකි ළමා අපචාරියෙකි
      කාමුක‍යෙකි හිංසාකාර‍‍යෙකි
      ත්‍රස්තවාදි‍යෙකි ජන සමූල ඝාතක‍යෙකි
      මිනීමරු‍වෙකි කල්ලි නායක‍යෙකි
      මං පහරන්නෙකි උන්මන්තක‍යෙකි
      ( මුස්ලිම් වරුන්ට කට උත්තර නැති ඉස්ලාමික දොස්තර මොහොමඩ් අලි ශිනාගේ අභියෝගය සකිර් නායරුත් බයයි වැඩිදුර කියවන්න පහත ලින්ක් එකට යන්න )
      http://yakparapuresinhalayaa.blogspot.com/2012/11/blog-post_4985.html#comments

      Delete
    4. මේ මොකද බොලේ මේ.. මෙච්චර හෑල්ලක් එල්ලන්න ඕනෙයැ... බ්‌ෙලාගක් පටං ගත්තා කිව්වනං අපි එනවනේ දෙයියනේ බලන්න....

      Delete
    5. ඕක මටත් ඉදිරියට එන ප්‍ර‍ශ්නයක් හිරු... මුස්ලිම් අය මටත් බනින්න පුලුවන් පෝස්ටුවක් කාමරෙන් ලගදීම එනවා...

      Delete
    6. හා හා... මරු මරු... එහෙනං හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුලුවන් ළඟදිම... හි හි

      Delete
  2. මන්නම් බ්ලොග් ලියන්නේ මගේ ආතල් එකට ,කට්ටිය ආවම පොඩි ගතියකුත් තියෙනවා තමා ,ඒත් මගේ වැඩි බලාපොරොත්තුවක් නැහැ ,කොහොමත් වෙලාවකට හිතෙනවා මේ බ්ලොග් කෙරුවාවත් අනවශ්‍ය බැදීමක් කියලා ,හිතුනොත් වෙලාවක බ්ලොග් 2 වහලා දානවා

    ReplyDelete
    Replies
    1. මං දැක්කා ඔයා තව තැනක බ්ලොග් එක වහන කතාව කියලා තියෙනවා.... ඒක විකාරයක්... ඔයාට සතුටක් ලැබෙනවා නම් ඔයා ලියන්න.. නැත්තම් අතෑරලා දාන්න... කියවන කෙනෙක් කියවයි... ඔයාගේ සතුට වෙනුවෙන්නේ යා ලියන්නේ....

      Delete
    2. ඇත්තටම මං එක පාරක් බ්ලොග් එක වහලා එතකොට තිබිච්ච පොස්ට් ටික මකලා දැම්ම

      Delete
    3. මඟුලක් කතාකරනව ! විකාර නැතිව ලියපං බං. බ්ලොගේ වහල උඹ කොහේ යන්නද?

      Delete
    4. මේ අර මාතර බ්ලොග් එක එහෙම වැහුවොත් බලාගෙනයි..හරිය.

      Delete
    5. පේනවනේ හසරුල්.. තර්ජන ගොඩයි.. හි හි...

      Delete
    6. යෑස් යෑස් ඔප් කෝස්,අයි අන්ඩස්ටුඩ්

      Delete
  3. // ඉන්න ටිකේ හිතේ සන්තෝසෙන් අපි බ්ලොග් ලියාගෙන ඉමු//
    දාන්න පහක්.. (y)
    මොකද මේවා ලියන්නේ සල්ලි හොයන්නයැ අපි. ලබන ආත්ම තෘප්තිය සහ කියවීමෙන් ලබන දැනුමයි විනෝදයයි විතරයි නේ. ඉතින් මොකෑ හිතේ කහටක් තියා ගන්නේ.:)

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා පහක්... හි හි...

      Delete
  4. මට මගේ අදහස් එලියට දාන්න පුළුවන් එකම ක්‍රමය බ්ලොග් එක විතරයි එතනදී සමහරුන්ට මම මෝඩයෙක්,නුගතෙක් වගේ පේනවා ඇති.තවත් සමහරුන්ට මාව නොන්ජලයෙක් වගෙත් පේනවා ඇති
    කාට කොහොම පෙනුනත් ඒ මගේ ඇතුල් පැත්ත විතරයි.පිට පැත්ත දන්නේ දෙතුන් දෙනයි ඒක ඇතුල් පැත්තට වඩා ටිකක් වෙනස්.

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි නිසානයෝ ඒකත් එහෙමෙයි! ඉතිං පිට පැත්තේ ෆොටෝ එකක් ගහල ඒකත් දාහන්කො බ්ලොගේ! එතකොට අපි උඹේ දෙපැත්තම දන්නවනේ!!!! :P

      //මට මගේ අදහස් එලියට දාන්න පුළුවන් එකම ක්‍රමය බ්ලොග් එක විතරයි// ඇත්ත කතාව බං.

      Delete
    2. ඒ කියන්නේ උබ ටිකක් මෝඩ ටිකක් නොන්ජල් පොරක් ?

      Delete
    3. මං නං නිශාන්ව මවා ගෙන ඉන්නේ සික්ස් පැක් තියෙන ෆිට් කොල්ලෙක් වගේ... උඹ එහෙමයි නේද.... හි හි

      Delete
    4. මචන් ඇනෝ
      මගේ ෆොටෝ එකක් අද වෙනතුරු කව්රුවත් දැකලා නැහැ බන්.ඕවා දාලා නිකන් නෝන්ඩි වෙන්නේ මොකටද බන්.

      සයිලන්ට්සහන්
      උඹලා හිතන්නේ එහෙමයි කියලා මම කිව්වේ :).නැහැ නැහැ බන් සමහර ඇනොලා අපිට බනින්න දෙයක් නැති වුනාම ඔහොම දේවල් කියනවා.ඒ ඇනෝලා අපේම බ්ලොග් වල කොමන්ට් කරන බ්ලොගර් ප්‍රොෆයිල් තියෙන අයම තමයි.

      Delete
    5. හිරුවා
      තාම සික්ස් පැක් වලින් හතරයි බොල පේන්නේ අනිත් ඒවා කමින් සූන් :D

      Delete
    6. අපෝ හිරු උඹ දන්නැනේ . මු හෙන ගුප්ත බුවා, කතා කරනකොට එහෙම මුහුනෙන් හැගීම් ප්‍රකශවෙන්නේ එහෙම නැ. මට නං හිතෙනවා මූ මොනවා ගැනවත් විශ්වාසයක් තියන පොරක් නෙමෙයි .

      හැබැයි හොද කොල්ලා

      Delete
    7. අනේ මන්දා අටම්... මං හිතන් හිටියේ උඹ ෆලෝ කරන්නේ ගෙවල් වල ඉන්න ගෑණුන්ව විතරයි කියලා... ‌කොල්ලෝ ගැන මෙච්චර කියන්න දන්නවා කියලා දන්නේ අද නේ... හි හි.....

      ඇනෝලා ගනං ගන්න එපා නිශාන්.. මොකෝ හරි හමන් කමෙන්ට් එකක් දාන්න ඕනේ නම් ප්‍රොෆයිල් එකක් හදා ගන්න එක අමාරු වැඩක් නෙවෙයි නේ..

      Delete
  5. පුංචි පුංචි අහිංසක රණ්ඩුත් තියෙන්න ඕනි හිරු අක්කෝ නැත්නම් කම්මැලි...
    ඇනෝ කමෙන්ට් නම් මමත් අයින් කරලා තියෙන්නේ ‍ප්‍රෝෆයිල් එකෙන් කෙලින් ඕනි දෙයක් කියන්න පුළුවන් වෙන්න ඕනි

    පොස්ට් එක මාරු

    ReplyDelete
    Replies
    1. පෝස්ට එක බලා මාරු නේ.. හි හි..

      වලි නැත්තම් හෙන කම්මැලියි... වලි දිගටම ඇදගෙන යනකොට තමයි ඉතිං කේස් එක...

      Delete
  6. // කරුමෙට 200න් එහා පෙන්නන්නේ නැති අවුලක් තියෙනවා මාරයගේ අඩවියේ... //

    මේක වරදියි. මේක මාරයගෙ අඩවියට විතරක් තියන ලෙඩක් නෙමේ. ඕක බ්ලොගර්ලගෙ ලෙඩක්.. දෙසීය පැන්නට පස්සෙ ඉතුරුව බලන්න ඕනනම් යටින් තියනවා Load more කියලා එකක් ඒකෙ ක්ලික් කරන්න තමා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මාරේ අයියගේ බ්ලොගේ ඒක වැඩ කරන්නේ නෑ සෙන්නා.

      Delete
    2. ඔව් පැයක් ගියත් ලෝඩින්ග්

      Delete
    3. ඔව් ඒක එබුවට ලෝඩ් වෙන්නේ නෑ...

      හැබැයි අනිත් අඩවි වලත් ඒ ලෙඩේම තියෙන්නත් පුළුවන්..කමෙන්ට් 200 ක් වැටෙනකන් ඒක හරියට කියන්න බෑ :)

      Delete
    4. මේකට දාලා බලමුද? කට්ටිය දාන්ට, ඔන්න 200 වෙනි කමෙන්ට් එක දාන්නෙ මම, අර රාමට එහෙම කියන්න එපා. :)

      Delete
    5. අඩේ ඔව්මයි මාරයගෙ ඒක වැඩ කරන්නෑ තමා.. ඌට නිකන්යෑ මාරයා කියන්නෙ..

      ඒ වුනාට මෙතනනම් වැඩ..

      http://podikumarihami.blogspot.com/2012/10/blog-post_28.html

      Delete
    6. මාරයාගේ එකේ ඒක වැඩකරන්නේ නෑ සෙන්නා.. මොකක් හරි අවුලක්...

      අනේ DDT .. ඔයාට විතරයි අප්පා එහෙම පිං අතේ වැඩක් ගැන කල්පනා උනේ... හි හි...

      Delete
    7. අපි ඒමයි නංගි, අරිද ...... පිං අතේ වැඩ තමා.

      Delete
  7. dr එක පුද්ගලයෙක් ඇරෙන්න මට නම් මානසික වදයක් උන
    කෙනෙක් නැහැ. ඒ මනුස්සයා හැමෝගෙම බ්ලොග් පුදුම
    flood කිරීමක් කරන්නේ මොන පිස්සෙක්ද මන්ද.. ඒ ඇර
    ඉතින් එක එක අය මුණ ගැසෙනවා...මොනවා උනත් ජාති වාද,
    තිත්ත කුණු හබ්බ නැතිව තියෙනකම් හැම දේම හොදින් තියේවි..
    හැබැයි මුළු බ්ලොග් ලෝකෙම තමන්ගේ බ්ලොග් එකට ඔබා
    ගන්න හදන මානසික ලෙඩා නිසා නම් මට එපා වෙලා අලේ ඉල්ලේ ..

    ReplyDelete
    Replies
    1. ඒ මටත් ඔය ලෙඩේ තියනවා අඹ ඔයව මට නෙමෙයි නේද කියන්නේ

      හි හි (හිරුවගේ ලෙඩේ)

      Delete
    2. සහන්ට පොඩි මඩක් ගහලා තියෙනවා මං තැනක දැක්කා.. ඒත් ඒක පොයින්ට් කරන්න ගියේ නෑ නිකම් ඌට අවධානය දෙන්නේ මොකටද කියලා....

      //මුළු බ්ලොග් ලෝකෙම තමන්ගේ බ්ලොග් එකට ඔබා
      ගන්න හදන මානසික ලෙඩා //

      ඉතිං ඔයා ඒ බ්ලොග් එකට නොයා ඉන්න.. නිකම් ඔයාගේ ඔලුව අවුල් කරගන්නේ මොකටද... හි හි..

      අ‌ෙන් අටම්.. ඔයා ඉතිං ඕල් රවුන්ඩර් නේ... ඒක නිසා කමක් නෑ... මගේ ලෙඩේ බෝ කරගන්න එපා.. හොඳ කරගන්න අමාරුයි.. හි හි

      Delete
  8. මම බ්ලොග් ලියන්න ගත්තේ මෙලෝ දෙයක් දන්නේ නැතිව මම තවම ඉගනගන්නවා බ්ලොග් ලියන්න. හැබැයි කට්ටිය බලනවා කියල දැනුනාම නම් හිතට පොඩි කික් එකක් එනවා. පාවෙන තොප්පි දාගන්නේ තමන්ට ගැලපෙන හින්දනේ ඒ ගැන මට කියන්න දෙයක් නම් නැහැ අක්කේ.

    ReplyDelete
    Replies
    1. අනේ මෙයා මේ දවස් ටිකේම මොනා හරි චුට්ටක් කියලා මාරු වෙලා යනවා.. මොකද මන්දා..

      කට්ටිය බලනවා කියලා දැනුනම නම් හරි ආසයි බං.. බොරු කියන්නේ මොකටද... හි හි

      Delete
    2. සෙමිස්ටර් එක්සෑම් අක්කේ ෆයිනල් ඉයර් එක නිසා සෑහෙන්න පරිස්සම් වෙනවා ඉඩකඩ තියෙන වෙලාවට බ්ලොගේට එනවා. :)

      අනිවා අක්කේ අපි බොරු කියන්නෙත් නැහැ ලියන්නෙත් නැහැ. සත්‍යවාදී බ්ලොග් කරුවෝ.

      Delete
    3. අප්පා.. විවාහේ ඉවරයිනේ .. විභාගේ කරගනින් මලයා... බ්ලොග් පස්සේ බැරියැ....

      Delete
  9. මං බ්ලොග් ලියන්නෙ ............................... ම්ම්ම් .. අනේ මොකටද මං බ්ලොග් ලියන්නෙ ????
    මංද. මට ඕන නිසා මං ලියනවා.. බ්ලොගර් වලට නම් අළුත්. තාම මේ වලි සීන් ගැන දන්නෙ නෑ.
    Thoughts Of Yasith | යසිත්ගේ සිතුවිලි
    සන්හිඳ සයිබර් සටහන

    ReplyDelete
    Replies
    1. අලුත් අයට දැනගන්නත් එක්ක තමයි පරණ වලි සීන් ගැනත් හිතලා මේක දැම්මේ මලයා...

      Delete
  10. ස්පෑම් වුන ඒවා පබ්ලිෂ් කරන්ඩෝ....කොමන්ට් දෙකක් මිසින්.

    ReplyDelete
  11. //ඉන්න ටිකේ හිතේ සන්තෝසෙන් අපි බ්ලොග් ලියාගෙන ඉමු...//

    ඔන්න ඕක තමා මටත් කියන්න තියෙන්නේ... සතුටින් කරන වැඩේ නිසා මොකට ගහ මරා ගන්නවද.... එක එක්කෙනාගේ අදහස් වෙනස්නේ. ඒක තේරුම් අරන් අනිත් අයගෙ මතයන්ටත් ගරු කරමින් තමන්ගේ මතය ඉදිරිපත් කලාම ඉවරයි. රණ්ඩු වෙන්න යන්න දෙයක් නැ. ඒ වෙලාවේ කියන්න තියෙන දේ කිව්වා, ඒක එතනින් ඉවරයි. හිත් වල තියාගෙන පල් කර කර ඉන්න අවශ්‍ය නෑ. ඉන්න ටිකේ ජොලියේ ඉමු..... :)

    ReplyDelete
    Replies
    1. අනේ මන් ලියන්න හිටපු ටික මෙයා හොරකන් කරගෙන හිරු අක්කේ... :P

      Delete
    2. හා හා... ඉතිං දුක් වෙන්න එපා.. ඕකනේ සහන් කියන්නෙ අපායට ගියත් කලින් යන්න කියලා.. හි හි...

      අනේද කියන්නේ සමනලී... හි හි...

      Delete
  12. බ්ලොග් ලියන්නෙ ජොලියට . නිති රිති නැතුව නිදහසේ ලියන්න පුළුවන් නිසා .කවුරු හරි කියවන නිසා..ඇබ්බැහි වෙච්ච නිසා. තවම නම් මට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ.

    මොකට රණ්ඩු වෙනවද ..වුණත් මොකට ඇදගෙන යනවද..

    ReplyDelete
    Replies
    1. ඒකනේ බින්දි. හිතේ තියාගෙන ඉන්න තරම් දේවල් මේවයේ තියෙනවයැ... හි හි..

      Delete
  13. ඉන්න ටිකේ හිතේ සන්තෝසෙන් අපි බ්ලොග් ලියාගෙන ඉමු..
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    ඔච්චර තමයි ඉතුරු වෙන්නේ......

    ReplyDelete
    Replies
    1. මෙයා දීග වැටක් ගහලා... හි හි..

      Delete
    2. වැටවල් නොගහ කොහොමද මේ වගේ කතාවලට .....

      Delete
  14. මම නම් මේකෙන් පට්ට ආතල් එකක් ගන්නේ ඒත් ඉදිරෙයේදි ලියන එක අඩුවෙයි. අළුත් රස්සාවත් එක්ක සෑහෙන බිසි. වගකීම් වැඩියි....

    ReplyDelete
    Replies
    1. නොලියුවත් කමක් නැ ( වැඩකට ඇති දෙයක් ලියුවා යැ මෙච්චර කල් )

      අනේ රත්තරන් සුදුමහත්ත පැටියෝ අලුත් උන්ට අත හිත දෙන එකනං නවත්තන්ඩ එපා

      උඹ දන්නවද උඹ මාව උස්සලා තියාපු දවසක මගේ රෑන්කින් වල දෙසිය ගණන් වලට ගිහිල්ලා තිබ්බා

      කොච්චර බ්ලොග් මම උඹ හින්දා දැන ගත්තාද

      රස්සාව එක්ක අමාරුනං දාපං බං ඔය රස්සාව බල්ලට

      Delete
    2. අටම් කියන කතාව ඇත්ත මාතලන්.. අලුත් අය ගොඩ දෙනෙක් ඔයාගේ උදව්වෙන් ඇවිත් තියෙනවා කියලා පේනවා... ඒ වගේම ඔයා ලියන ඒවත් ( බගෙකට බාගයක් මට නොතේරුනත්) හරි රසවත්... මං ආසාවෙන් කියවන කෙනෙක් ඔයා... ( කවි ඇරෙන්න.. හි හි)

      බිසී උනාම ලියන්න තියෙන උවමනාව වැඩි වෙනවා.. බලන්නකෝ මං වැරදිද කියලා... හි හි..

      Delete
    3. අනේ සුදු මාතලන් අයියේ දුක දෙන්න හදන්න එපා මමත් වැදගත් දේවල් ලියන්න ගත්තේ උබේ බ්ලොග් එක බලලා......

      Delete
    4. කවක බ්ලොග්කරුවන් දිරිමත් කිරීම තමුන්ගෙ වගකීමක් විදියට හිතල කටයුතු කරන මාතලන්, ලිවිල්ල අඩුකිරීම නං කණගාටුවට කාරණාවක්. ඒත් මොනව කරන්නද පුළුවන් වෙලාවට ලියපං. බඩගින්න ඔක්කෝටම වැඩිය ලොකුයිනෙව!

      Delete
  15. පොඩි පොඩි වලි ටිකක් නැතුව බෑ හිරුවෝ ....වලියක් නැඅත්නම් බ්ලොග් වලින් ඇති වැඩක් තියේද බං. කොහොමවුණත් උඹ මල් මසුරන් ගි ඇහෙනා කතා ටිකක් කියලා තියෙනවෝ

    ReplyDelete
  16. බොරුකියන්නෙ මොකටෙයි මමනම් නැට්ට එල්ලනේ එතනින් මගේ බ්ලොග් එකට එක් කෙනෙක් හරි එයි කියලා . මම ලියල ලිපි කවුරුහරි බලනවනම් මට හරි සතුටුයි.හැකි හැමවිටකම බලන්නේ කාටහරි බ්ලොග් එක පෙන්නන්න. අඩුගානෙ කවුරුහරි බනිනවනම් හුඟක්ම සතුටුයි .ඇයි බැන්නෙ රිදුන නිසානේ කාටහරි දැනෙන්න පුලුවන් විදියට ලියන්න පුලුවන්නම් ඒකත් සතුටක්

    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. නැටි සීන් එක ගැන මං මාරයියගේ එකේම කිව්වා.. මම යන බ්ලොග් එකක් නම් මට ඔය නැට්ට නිකම්ම ස්කිප් වෙනවා.. එච්චරයි... හි හි...

      Delete
  17. අපි ඔන්න ඔහේ බ්ලොග් එක ලියාගෙන පාඩුවේ ඉමු අනේ..
    මොකද මැරෙනකොට අරන් යනවයි මේවා.

    ReplyDelete
  18. මේ වගෙ මාතෘකා ගැන අපි සැරටම කතා කරපු කාලයක් තිබ්බ නොවැ.. අපි දැන් මහළු වියේ...

    ReplyDelete
    Replies
    1. අලුත් කට්ටිය ගොඩක් ඉන්නවා පේන නිසා ආයිත් ලිව්වට අවුලක් නෑ කියලා හිතුනා සෑම්...

      Delete
  19. මම හැම කාලෙකදීම කොහේ හරි මොනවා හරි කුරුටු ගගා හිටියා. නමුත් අපිට කතාවල් පවත්වන්න දෙන්නේ නෑනේ. අපිට ඒ නිසා එක මාතෘකාවක් ඔස්සේ එකදිගට කතා කරගෙන යන්න හැකියාවකුත් නෑ. මට නම් මෙතන මගේ බ්ලොග් එක කියවන අය මගේ ලෝකේ ඉන්න හිතවතුන් පිරිසක් වෙලා ඉන්නේ. මම මුලින්ම ATM යන්තරෙන් පිට වෙන රිසිට් එකෙක් පොඩි පත්තරයක් ලිව්වා, ඔෆිස් එකේ අය ඒක කියවල වැඩියෙන් තියෙන ඉඩේ කමෙන්ට් දැම්මා. මම ඒ ගැන පොස්ට් එකකුත් දැම්ම. ඇත්තටම ඒ කොළ කෑලි වල මම ලියලා තියෙන්නෙත් බ්ලොග් එකක් කියල මට දැනුනම පුදුම සතුටක් ඇති වුනා. ඊට පස්සේ මම ෆේස්බුක් නොටෙස් ලියන්න පටන් ගත්තා. මම ෆේස්බුක් ගෘප් කිහිපයක් හදල ඒවගේ නෝට්ස් ලිව්වා. ඒවා කියවල කට්ටිය දාපු කමෙන්ට් තමයි දිගටම ලියන්න කියල. ඒත් මම ඒවා ලිව්වේ ඉංග්‍රීසියෙන්. පස්සේ මම ඉංග්‍රීසි බ්ලොග් එකක් පටන් ගත්තා. දවසක් අහම්බෙන් වගේ සිංහල බ්ලොග් ලෝකෙට කඩා පාත් වුනා. එදා ඉඳල මමත් සිංහල බ්ලොගර් කෙනෙක් වුනා. දැන් මම මේවා ලියන්නේ හරිම සතුටකින්. එක්කෙනෙක් හරි ඇවිත් මේවා කියවන එකට. මම දන්නවා කමෙන්ට් නොකර මගේ බ්ලොග් පොස්ට් සියල්ල බලපු අයත් ඉන්නවා කියල. ඒ අය මගේ සැඟවුණු මිතුරන් කොටසක් වශයෙන් මම සලකනවා. බ්ලොග් නිසා ඇති වෙච්ච පුද්ගලික හිතවත්කම් ගොඩකුත් තියෙනවා. මටනම් මේක මහමෙරක් තරම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. මාත් අත්තටම හරිම ආසාවෙන් කරන දෙයක් සුදීක මේක...

      Delete
    2. සුදීක ගහපු කනේ පාර මටත් වැදුන, ගොඩක් බ්ලොග් බැලුවත් කොමෙන්ට් එකක් දාගන්න බැරි වෙනව.

      Delete
    3. මටත් එහෙම තමයි සුදීක.. මට තිබ්බ ලොකු අඩුවක් හරි ගියා මේ බ්ලොග් එක පටං ගත්තට පස්සේ... පෝස්ට් එකේ ලාවට කිව්වට ඒක මට ලොකු දෙයක්... හිතවත්කම් ගැන නම් මම ටිකක් පරිස්සම්... ඒත් බ්ලොග් ඇතුලේ නම් මම හිතන්නේ මම ගොඩක් දෙනෙක් අඳුරගෙන ඉන්නවා කියලා... ඒක නිසා ඒ අයත් මාව දන්නවා කියලා හිතනවා.. ඒක මට ලොකු සතුටක්... හි හි..

      මම නම් ඉතිං අහුවෙන හැම එකටම කමෙන්ට් එකක් දානවා... විශේෂයෙන් කමෙන්ට් අඩුයි වගේ කියලා තේරෙන බ්ලොග්ස් වලට.... මොකද ඒක තවත් ලියන්න කරන ආරාධනයක් වගේ නිසා.. හැබැයි ඉතිං දවස් දෙකක් තුනක් කමෙන්ට් දාලා රිප්ලයි නැත්තම් ආයිත් කමෙන්ට් දාන්න ටිකක් හිතලා බලනවා... රිප්ලයි එක හරියට වටිනවා කමෙන්ට් එකක් දාපු කෙනෙක්ට... ඒකෙන් තමයි ලියපු එකා සහ බලපු එකා අතර කනෙක්ෂන් එක්ක ඇතිවෙන්නේ...

      Delete
  20. මට මතකයි හිරුවො ඉස්සර මම බ්ලොග් කියවන්න විතරක් ආපු කාලේ බ්ලොග් අස්සෙ මිනි මරා ගන්නවා...අනුන්ට බැන වදිනවා...එක එක ජරා කතා කියනවා...එකම විජ්ජුම්බරයක් තිබුන කාලයක්... මට ඒ දවස්වල බ්ලොග් බලන්න එපා වෙලා උන්න නිසා කියවන එකත් නවත්තලා දැම්මා... ( ඒ කට්ටිය තාම ඉන්නවත් එක්ක )

    මොනා උනත් දැන් ඒ වැඩේ නැති එක ගැන සතුටුයි... මොන මළ ඉළව්වකටද ඔය මරා ගන්න දඟලන්නේ...අපි ඔෆීස් අස්සේ රිංගාගෙන ඔළුවේ ගින්දර පත්තු කරගෙන වැඩ ගොඩවල් අස්සේ ඉඳන් බ්ලොග් එකකට ගොඩ වෙන්නෙ චුට්ටක් විතර නිදහස් වෙන්න...ඒ චුට්ට කාලෙත් විකාරයක් වෙනකොට එපා වෙනවනේ...

    මෙතැනින් ලැබෙන යමක් තියෙනවා නම් ඒ සැහැල්ලුව විතරයි..ඒ සැහැල්ලුව සල්ලි වලට අර ගන්න බැරි හන්දා අපි හැමෝම හැමෝටම හිතවත් වෙලා...ලියන ඒවා කියෝලා...අදහස් දන්නලා...මේ පොඩි වෙලාවකට...

    ඉන්න ටිකේ හිතේ සන්තෝසෙන් අපි බ්ලොග් ලියාගෙන ඉමු.....ඒක තමා වටින්නේ... :)

    ReplyDelete
    Replies
    1. //මෙතැනින් ලැබෙන යමක් තියෙනවා නම් ඒ සැහැල්ලුව විතරයි..ඒ සැහැල්ලුව සල්ලි වලට අර ගන්න බැරි හන්දා //

      අන්න ඒ සැහැල්ලව තමා ළිහිණියෝ වැඩිපුරම වටින්නේ..

      Delete
  21. බ්ලොග් කෙරුවාව ගැන මම ඉතිං මොනවද දන්නෙ, මම ඔය හැමතැනම නිකන් රස්තියාදුගහන එකා වෙච්චිකොට.

    මාරයගෙ අර ලිපිය ගැන ඔයාට හිතුන දේ මටත් හිතුන දැක්ක ගමන්, නිකන් වරදකාරී හැඟීමකින් මිදෙන්න කමෙන්ට් කරපු වගේ ගතියක්, ඒත් මම හිතනව ඒක තමයි මිනිස් ස්වභාවය, අපි උනත් එහෙම වෙයි සමහරවිට. ඒක ගනං ගන්න දෙයක් නෙවි. මම නම් ඒ ලිපියෙන් උපරිම රසයක් වින්දා, කොටින්ම අදත් ඒ පැත්තෙ රජ මඟුල්, ආතල් කෝටියයි. (හැබැයි ඒ ලිපියට මම මඟබලාගෙන හිටපු කමෙන්ට් එක වැටුනෙ නැහැ)

    මට නම් කොහේ උනත් කමක් නෑ, මට විශේෂ වැඩක් නැත්නම් කරන්න ඔන්න මම කාගෙ හරි බ්ලොගේක ආතල් ගන්නව. කවුද දන්නෙ හෙට අනිද්ද මැරෙයිද කියල, ඉන්න ටිකේ ජොලියෙන් ඉන්න එපාය.

    ReplyDelete
    Replies
    1. //මම නම් ඒ ලිපියෙන් උපරිම රසයක් වින්දා,//
      අනිවා.. මාත් එහෙම තමයි. මං ඒ පැත්තේ වැඩියෙන් ම ගියේ ඒ පෝස්ට් එකට වෙන්න් ඇති.

      Delete
    2. මාත් එහෙමයි.. කී පාරක් නම් ගිහින් බැලුවද.. ඒක මාර ජොලි පෝස්ට් එකක් ඇත්තටම.... හි හි..

      ඒත් මට නම් තේරුනා කිප දෙනෙක්ම හිත් රිදෝගෙන වග.. ඒකයි මේ පෝස්ට් එක ලිව්වේ.... මෙහෙම පටන් ගත්ත පොඩි පොඩි නෝක්කාඩුකම් කලින් දිග වලි බවට පත් උන වග මට මතකයි...

      Delete
    3. (හැබැයි ඒ ලිපියට මම මඟබලාගෙන හිටපු කමෙන්ට් එක වැටුනෙ නැහැ)

      මම දෙකක් වැටෙනකන් බලාගන හිටියේ දෙකම වැටුන් නැ

      ඒ දෙන්නා කොහොමත් එහෙමයි

      එක්කෙනෙක් හෙන උගතා

      අනිකා ලැජ්ජාකාරයා

      Delete
    4. කවුද අප්පා ඔය කියන ‌දෙන්නා.. 200න් එහා පේන්නෙත් නැති නිසා දාලාද කවුද දන්නේ.. හි හි...

      Delete
    5. කිව්වත් වගේ කවුද මචාන්ස්.. ඔතනදි පබ්ලිෂ් කරපු කමෙන්ට් ටිකක් තාවකාලිකව ස්පෑම් කලොත් අනිත් ටික එලියට එයි මං හිතන්නේ.. මගේ 2 ක් තියනවා.

      Delete
    6. මාරයියට ස්පෑම් කරන්නේ මොන කමෙන්ට්ද කියලා හිතාගන්න බැරි වෙයි.. ඔක්කොම තියෙන්නේ වැල් වගේ දිගට දිගට ගිය ඒවනේ... හි හි....

      Delete
  22. //බ්ලොග් වල තියෙන සින්ඩියි, අර සංගමේ මේ සංගමේයි, අර කල්ලියයි මේ කල්ලියයි, ප්‍රවීනයොයි නවකයොයි.... ඔය ඔක්කොම බහුබූතකාරයෝ මං දාන්නේ එකම කැටගරියකට//

    මේකනම් ඉතාම හොඳ වැඩක්, මාත් පුළුවන් තරම් ඒ විදියට තමා ඉන්න බලන්නේ.

    ඔයාට වගේම මටත් පුද්ගලිකව අඳුනන කිසිම කෙනෙක් බ්ලොග් ලෝකේ නැහැ. හැබැයි බ්ලොග් වලින් අඳුර ගත්ත සමහරු ලඟම යාළුවො තරමට හිතවත් වෙලානම් තියනවා. ඒ ඉන්නේ කොහෙද, කරන්නේ මොනවද, කාගේ කවුද, මේ කිසිම දෙයක් නොදැන.

    මාර අයියගේ පෝස්ට් එකට පස්සේ තව වලියක් ගිහින්ද? තාම හරියකට පෝස්ට් ටික කියවන්න බැරි උනා. බලන්න ඕන පස්සේ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. තව වලියක් නෑ.. ඒත් හැම එකාම වගේ නැට්ටක් එල්ලගෙන.. ජොලියට... හි හි..

      Delete
  23. මම බ්ලොග් ලියන්නේ, මම ලියන්න කියවන්න ආසා නිසා. මට කියන්න යමක් තියෙන නිසා.
    මම ටැග් එකක් එල්ලගෙන ඉන්නේ, මගෙ අනන්‍යතාවය අනිත් අයගෙන් හංගන්න මම කවදාවත් උත්සාහ නොකරපු නිසා. මම ලියන කමෙන්ට් එකේ වගකීම මම භාර ගන්න නිසා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අඩේ ..... මම හිතුවෙ හෙන්රි අයියා කොහේ හරි රවුමක් ගහනව ඇතිය කියල. ඔව්ව ගනන් ගන්න එපා අනේ, මම නම් ඒ සීන්කෝන් එකෙන් ගොඩක් සතුටු උනා, මට කණගාටු එල්ලගන්න වල්ගයක් නැති එක, නැත්නම් මාත් මේ දවස්ටිකට ඕකත් එල්ලගෙන තමා කමෙන්ට් කරන්නෙ, වෙන මොනවටවත් නෙවෙයි ජොලියට.

      Delete
    2. // මගෙ අනන්‍යතාවය අනිත් අයගෙන් හංගන්න මම කවදාවත් උත්සාහ නොකරපු නිසා. මම ලියන කමෙන්ට් එකේ වගකීම මම භාර ගන්න නිසා.//
      හරියටම හරි.....

      Delete
    3. ඩූඩ් අයියා ඉතිං දිගම නැට්ට හිමිකාරයනේ.. හි හි

      මම දන්න දෙයක් තමයි ඩූඩ් අයියා කොතැන දාන කමෙන්ට් එකක උනත් කියවන්න දෙයක් තියෙනවා කියන එක... ඉතිං නැට්ට නම් මට පුරස්නයක් නෑ.. මොකද ඔය නැට්ට දැං මට දැකලා දැකලම රෙජිස්ටර් වෙලා තියෙන්නේ ස්කිප් කරලා යන්න.. හි හි..

      මාත් හිතුවේ මෙයා වීක් එන්ඩ් එකේ ට්‍රිප් එකක් ගිහින් කියලා...

      Delete
    4. හිරු,

      අනිවාර්යයෙන්ම.. මම කියවන ඕන බ්ලොග් එකක, ඉස්සෙල්ලම ලිපිය කියවනවා, ඊලඟට මම හොයන්නෙ ඩූඩ්ගෙ කමෙන්ට් එක. ලිපිය මොක වුනත් ඒකට එළම කමෙන්ට් එකක් ඩූඩ්ගෙන් වැටිලා ඇති.. තව දෙතුන් දෙනෙක් ඉන්නවා මම අනිවර්යයෙන් මග නොහැර උන්ගෙ කමෙන්ට් එක කියවනවා..

      Delete
  24. අඩුම කාලයකදී වැඩිම ඇනෝ ප්‍රහාරවලට ලක්වුනේ කවුද....?

    කවුරුවත් අත් උස්සන්නෙ නැත්නම් ඒ මං වෙන්න ඇති.

    එකම පුද්ගලයෙක් මට එරෙහිව තැන තැන දාපු ඇනෝ කමෙන්ට් ගණන 200කට වැඩියි. හොදට බ්ලොග් පෝස්ට් දාන කෙනෙකුටනම් තව කමක් නෑ කියන්න පුළුවන්. මාසෙකට එකක් වත් ලියන්නෙ නැති මට.....!

    (ඒ ඇනොත් හිතනවා එයා "ඇනෝ" කියලා; හැබැයි ඉතින් පැස්බරා පැස්බරා හිතන්නෙත් එහෙමනේ)

    ReplyDelete
    Replies
    1. අන්න හරි සුමිත් අය්යා,
      ඔලුව හංග ගත්තට අනිත් කොටස් එළියේ දාලා..
      ඒ වගේම ඇනොලත්..මුණ හැන්ගුවට තමන්ගේ අනන්‍යතාවය එළියේ .. අපි ඔටුවෝ යෑ..හික්

      Delete
    2. ළමායි කියන්න බලන්න ඒ පැස්බරා ඉන්නේ කොහේද කියලා

      Delete
    3. අනෝලා ගැන වැඩක් නෑ සුමිත් අයියේ... කමෙන්ට් ඔච්චර ගොඩක් දැම්මා නම් ප්‍රොෆයිල් එකක් හදා ගන්න බැරි කමක් නෑ නේ ... ඒකෙන් තේරෙන්නේ කොන්දක් නෑ කියලා තමා.. ඩිලිට් කරලා හිතෙනුත් ඩිලීට් කරලා දැම්මම ඉවරයි... එච්චරයි...

      Delete
  25. අනේ මම නම් ලියන්නේ හුදෙක් මගේ ආතල් එකට.මගේ ක්‍රමේකට.මට ඔය ලෝකයාගේ කතා ගානක් නෑ.

    අනික මම හංගන්නේ නෑ මම කවුද කියලා . මගේ බ්ලොගට ගියාම ලොකුවටම තියෙන්නේ මගේ මුඋනත් තහඩුව.. :p

    ReplyDelete
    Replies
    1. මං නං බ්ලොග් දෙකටම ගියා.. එකක තියෙනවා නොවැ මූණත් තහඩුව ලොකුවට... හි හි

      Delete
  26. මේ බ්ලොග් වල සිද්ද වෙච්චි ගොඩක් දේවල් පහුගිය අවුරුදු 2 හොදට බලාගෙන සද්ද වහලා හිටියා නේ.. මොකො මගේ මේ හිර වෙලා ඉන්න ලයිෆ් එකෙන් පොඩ්ඩක් රිලිස් වෙන්න මම ඒ කාලේ නම් ලිවුවේ.. ඒකට දැන්.. මේක හංදම පවුලක් පන්සලක් වෙන්න බලන් ඉන්න එකෙක් මං.. එහෙවු එකේ මං මේකට කොච්චර ආදරේද කියලා කියන්න ඕන නෑනේ..

    ReplyDelete
    Replies
    1. අපොයි... ඔයාගේ මඟුල් කපුවත් බ්ලොග්නේ.. ආදරේ නැතුව ‌කො‌ෙහාමද හි හි..

      Delete
  27. මාත් ලිව්වනේ අපි බ්ලොග් ලියන්නේ ඇයි කියන මාතෘකාව ගැන පෝස්ටුවක්.... ඉතින් මගේ අදහසුත් හිරු ලියලා තියන ඒවා එක්ක ගොඩක් කිට්ටුයි. බ්ලොග් වලින් මම නම් බලාපොරොත්තුවෙන දේ තමයි, යම්තාක් දුරකට සමාන සිතුම් පැතුම් ඇති පිරිසක් අඳුනා ගැනීම සහ ඔවුන්ගේ අදහස් කියවීම. මම කොහොමටත් වැඩිය කැමති කොමෙන්ට්ස් ලියන්න තමයි.

    //මේ හැමෝම ශ්‍රී ලාංකිකයෝ.. මේ රටේ හිටියත්, පිට රටක හිටියත් මේ ලියන උන් ඔක්කොම මේ පොළවේ පය ගහපු උන්.... //

    මේකට නම් කටේ පිට්ටුවක් දාන්න වටිනවා... මම ඉන්නේ ලංකාවේ නොවුනත්, සිංහල පොත පතට, සාහිත්‍යට ඇති ඇල්ම නම් පොඩ්ඩක් වත් අඩු වෙලා නැහැ. හැබැයි සමහර අය පිටරටවල ඉන්න ලාංකිකයෝ ගැන බලන්නේ වපර ඇහින්... ඒක ඉතින් වැරදිමයි කියලා කියන්නත් බැහැ... ගොඩක් අයට මුල අමතක වීමේ (කිරීමේ) රෝගය තියනවනේ.

    කෙනෙක්ගේ පෝස්ට් එකකින් දෙකකින් ඒ කෙනාව මනින්න බැහැ... ඒත් සමහර පරන බ්ලොග් ටිකක් කියෙව්වහම යම් කිසි අදහසක් ගන්න පුලුවන්. බ්ලොග් වලදිත් සාමාන්‍ය එදිනෙදා ජීවිතයෙදිත් මං මිනිස්සුන්ව මනින්න උත්සහ කරනවා අඩුයි... ඒ හොඳයි කියලා හිතන් හිටපු අයගේ මරි වැඩ, සහ නරකයි කියලා හිතන් හිටපු අයගේ හොඳ වැඩ දැකලා තියන නිසා. පුද්ගලයෙක් ගැන පොදුවේ හොඳයි හෝ නරකයි කියලා පොඩි අදහසක් තිබ්බට, ඊට වඩා ඒ කෙනා කරන එක එක දේවල් වෙන වෙනම හොඳද නරකද කියලා බලන්න තමයි මම උත්සහ කරන්නේ. ඒ නිසා මම හොඳයි කියලා පොදුවේ හිතන් ඉන්න බ්ලොග් එකක මම අකමැති පෝස්ටුවක් ගියා කියලා එච්චර ලොකු අවුලක් දැනෙන්නේ නෑ...

    මමත් මුලදී කොමෙන්ට් කරද්දී 'ඇත්තම කියනවා' කියලා ලියපු සමහර දේ වලින් ඒව ලියන අයගේ හිත් යන්තමින් හෝ රිදෙන්න ඇති, එහෙමත් නැත්නම් 'මු මහ වන පොරක්' වගේ අදහසක් ඇතිවෙන්න ඇති කියලා හිතෙනවා.

    ඊට පස්සෙ මටම හිතෙනවා... මිනිස්සු ලියන ඒව ගැන අපිට විරුද්ධ මතයක් තිබ්බත් අපි දරන මතය උඩ කෙනෙක් කියන දෙයක් විවේචනය කිරීම හරිද කියලා.. ඒ අය ඒවා ලියන්නේ තමන්ගේ විස්වාස, පිලිගැනීම්, අත්දැකීම් අනුවනේ.. ඉතින් අපිට ඊට වඩා වෙනස් දැක්මක් තිබ්බ පලියට අපිට ඒවා විවේචනය කරන්න අයිතියක් තියේද කියලා මට හිතෙනවා..... ඔය ගැන ඉතින් හරියටම තීරණයකට එන්න අමාරුයි. කොහොම වෙතත්, ලියන කෙනාගේ හිත රිදෙන විදිහේ කොමෙන්ට් නොලියමි කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි සමහර බ්ලොග් වලට ඕක අදාල වෙන්නේ නෑ... දේශපාලනය ඩිරෙක්ට්ලි කතාකරන තැන් වලට එහෙම...

    ReplyDelete
    Replies
    1. විවේචනයක් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න පුලුවන් හිත රිදෙන්නේ නැතුව... මං නං කරන්නේ ඒක ... සාකච්ඡා නැතුව හැම එකටම එකග වෙන්න බෑනේ.. හැබැයි ඉතිං කතා කරන්න බැරි ජාතියේ අයත් එක්ක නම් ඕවට යන්නේ නෑ... හි හි...

      තිසරව දැක්කේ කාලෙකින්....

      Delete
    2. මං ගියා නොවැ චාරිකාවක්.... අද තමා බ්ලොග් ලොකෙට ආයෙ ගොඩ බැස්සේ... ඒ කියන්නෙ ඔපීසි ආවෙ... :D

      Delete
    3. අඩේ උඹ ආවැයි..........

      Delete
    4. චාරිකාව ෆන් දැ....????

      Delete
  28. මට කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි..... මගේ බ්ලොග් එකට ලංකාවෙ බ්ලොග් ලියන හැමෝම ගෙන්න ගන්න උවමනාවක් නෑ..හැබැයි මට තියෙන පොඩි වෙලාවෙන් පුළුවන් තරම් ෆලෝ කරනව.. ඒ අනිත් අය ගෙන්න ගන්න හිතාගෙන නෙවේ.. මගේ බ්ලොග් එකේ නීති අණපණත් ක්‍රියාත්මක නොවේ........

    ReplyDelete
    Replies
    1. කියන්න ඕනම ටික කියන්න බැරි වුණා... ඔය ලිංක් එකක් දාගෙන යන එක මහා අපරාධයක් විදියට නං මම දකින්නෑ..
      ලිංක් එකෙත් කියවන කෙනාට කැමතිනම් විතරක් ක්ලික් කරන්න පුළුවං... එයා ලිංක් එක දාන්නෙ මුළු පෝස්ට් එකම කියවලා අන්තිමේට තමංගෙ අදහසත් දාල.. ඒකෙන් පෝස්ට් එක කියවන්න බැරි වෙනවනම් හරි කොමෙන්ටුව කියවන්න බැැරිවෙනවනම් හරි ජාතික අපරාධයක්.. ඒත් එහෙම වෙන්නෑනේ?
      මමනං ඔය ලිංක් දාන්න යන්නෑ.. එහෙම කියල දාන අයට බනින්නෙත් නෑ...
      ඇනෝ කමෙන්ට් ගැන කියුවොත් ඇනෝ දාන්න උවමනාවක් නෑනේ.. කොන්ද කෙළිං නම් ඕන දෙයක් කියල ගියෑකි නේ..

      Delete
    2. නැට්ට ගැන නෙමෙයි බං කිව්වේ... ඒ වගේ පෝස්ට් සිරාවට ගන්න එක ගැන.... අනේ මන්දා උඹලත්.... හි හි..

      Delete
  29. හිරු,.. මොනවද අප්පා මේ කතා කරන්නේ ..
    මුලින්ම නැටි ගැන කියනවනම් නැට්ට එල්ල ගන්න එකට මුකුත් කියන්න බැහැ ඒක තමන්ගේ කැමැත්ත අනික එකෙන් අලුත් කෙනෙක්ට බ්ලොග් එකකට යන්න පාර කියනවා උදාහරණයක් විදියට එක්කෙනෙක්ට බ්ලොග් 2 ක් තියෙනවනම් අනිත් යට ඒවාට යන්න පුළුවන් ලින්ක් එකෙන් ප්‍රොපයිල් පික්චර් එක ක්ලික් කරලා යන්න දන්නේ නැති අයත් ඉන්නවනේ ...
    අනිත් එක වැරැද්දක් සම්භන්ධයෙන් තමන්ගේ බ්ලොග් එකෙන්ම හෝ තමන්ගේ ප්‍රොපයිල් එකෙන් කමෙන්ට් හෝ කරන එක හොදයි ඇනොනිමස් විදියට ඇවිත් ගරහන්නේ නැතිව..
    ඇනොනිමස් කතාවට ආව නිසා මේ ටිකත් කියන්නම්කො ඇනෝ කියලා කෙනෙක් නැහැ ඔක්කොම මේ ඉන්න අය තමයි කෙලින් ඇවිත් අදහසක් ප්‍රකාශ කරන්න තරම් හැකියාවක් නැති කොටින්ම කියනවානම් කොන්ද පණනැති උන් ඇනෝ විදියට ඇවිත් කියනවා ඒ වගේ ඒවාට උත්තර දෙන එකත් මෝඩ කමක්..
    අනික බ්ලොග් කියන්නෙත් සමාජයේ එක් පැතිකඩක් සාමාන්‍ය සමාජයේ ඉන්න මිනිස්සුම තමයි මෙතනත් ඒ අයගේ අදහස් තමයි මෙතනත් පෙන්නන්නේ.. ඉතින් අපි කැමති දේ වගේම අකමැති දේත් තියෙනවා තෝරා බේරා ගැනීම අපගේ යුතුකම..
    මේ බ්ලොග් ලිවීමෙන් අපට ලැබෙන්නේ හිතේ සතුට විතරයි.. මම නම් ආසයි කාගෙවත් බලපෑමක් නැතුව නිදහසේ ලියන්න කියවන අය කියවයි ලියන්නේ මට ලැබෙන නිදහස් වෙලාවට විනෝදාංශයක් විදියට.. එත් පොඩි කලේ ඉදලා දන්න යාළුවන්ටත් වඩා ගොඩක් හිත හොද යාලුවෝ ටිකක් මට හම්බවෙලා තියෙනවා මේ අන්තර්ජාලයෙන් ඒක තමයි මේ අන්තර්ජාලයෙන් මට ලැබුණු වටිනාමදේ...ඒ ගැන මම සතුටු වෙනවා..

    වටිනා ලිපියක් හිරු... ඔයා මේ සම්භන්ධයෙන් කතා කරපු නිසා අපිට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් උනා ..ස්තුති

    ReplyDelete
    Replies
    1. චමීටත් අනෝ ප්‍රශ්නයක් තියෙනවා කියලා මං දන්නවා... ඇනො ගැන මං නං සත පහකට ගනං ගන්නේ නෑ.. ඒ ගැන කතා කරළත් වැඩක් නෑ...

      Delete
    2. ඔව් ඇනෝ ප්‍රස්නයක් තියෙනවා.. ඇනෝ කවුද කියලා මම හොයාගත්තා එයාට ප්‍රස්නේ තියෙන්නේ මගේ අර කියන පොස්ට් එකක් ගැන නෙමේ ඒක පරණ සයිට් එකකදී තිබුණු පවුද්ගලික තරහක්..ඇනෝ විදියට එන්නේ කෙලින් මට කතා කරන්න තරම් කොන්දක් නැති නිසා..ඇනෝ විදියටම අපු තැන මම එයාට මගේ ID එකෙන්ම උත්තර දුන්නා.. මම නම් කවදාවත් ඇනෝ කෙනෙක් විදියට ප්‍රශ්න කතා කරන්නේ නැහැ ඇනෝ විදියට ගිහින් චන්ඩි වෙන එක මට පිළිකුල් ඒවා නපුන්සක වැඩක් විදියට හිතෙන්නේ ..

      ඇනෝ ව අදුනගත්තා ඇනෝ පණ්ඩිතයෙක් කියල හිතන් ඉන්න මානසික ලෙඩෙක් . එයා කියන දේවල් වලින්ම එක පෙනෙනවා .. අවස්ථාවක් අවොත් මම එයාගේ ඇනොනිමස් වෙස් මුහුණ ගලවනවා ..

      Delete
  30. මම නම් හිතට එන දේ ඔහේ කොටලා දානවා ආයේ හෙවිල්ලක් බැලිල්ලක් නෑ. ඒත් කාටවත් කරදරයක් නොවෙන්නත් අනිවාර්යෙන්ම වග බලා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. උඹ ලියන්නෙත් අවාරෙට නේ.. ඉතිං .. හි හි....
      අද මොකෝ පරක්කු වෙලා.....

      Delete
  31. හප්පා පරක්කු උනා...

    අනේ බං මේවයේ කේස් වලට මරා ගන්න ගියානං මෙලාට මං මිනීමරුවෙක් වෙලා..නැත්තං මං මැරිලා... සමහර විට හිරුවට මිස් වෙලා ඇති පහුගිය කාලේ හිටිය නැති හින්දා..එක දිගට බ්ලොග් පෝස්ට් දාගෙන මට නෙලාපු පිරිසකුත් හිටියා.. (දැන් ඒ බ්ලොග් එකත් අතුරුදහන්..-මං ඕවට නැහැ සුදු වෑන් මට නැත ඈ..:D)

    දැන් උනත් මං දේශපාලනය ගැන මොකක් හරි පෝස්ට් එක මගේ අදහස ලියන සැනින් යටින් එල්ලිලා පතුරු ගහන්න සෙට් වෙච්ච ඇනෝලා ඇනීලා සෙට් එකක්ම ඉන්නවා... ඒත් ඉතිං එහෙම කියලා මං නොලියා ඉන්නද..? කොමෙන්ට් නොකර ඉන්නද...? හැබැයි තමුන්ගේ පෝස්ට් එකේ තියෙන දේට කමෙන්ට් කලාම ඒ කමෙන්ට් කල එකාට ඇනෝ ඇවිත් කුණුහරප කියාගෙන අදාල නැති කතා ඇදගෙන දගලන ඒවා ගැන කිසිම වගකීමක් නැතිව කටයුතු කරන හිට් සහ කමෙන්ට් ප්‍රමාණය ගැන පමණක් හිතන අයගේ පෝස්ට්වල කමෙන්ට් කිරීම දැන් අඩු කරලා තියෙන්නේ... සමහර උන් පෝස්ට් එක ලියලා ඌම කමෙන්ට් දාගන්නවා ඇනෝ ඇවිත්... එහෙම ලෝකයක් මේක..

    ඒ හැම හුට්ටප්පරයක්ම තියෙද්දීත් තාමත් ලියං යන්නේ මේක මගේ හිතට ලොකු සහනයක් නිසා මිස වෙන ඇති රෙද්දක් හින්දා නෙවෙයි... කවුරු මං ගැන මොනවා හිතුවත්..කොහොම බැන්නත් මං මට හිතෙන දේ ලියන්න එපෑ.. මොකද මං තව කෙනෙකුට හිතෙන දේ ලියන්නනං මං මේක ලියන්න ඕනයෑ..ඒකලාටම දීලා නිකං හිටියම හරිනේ...

    ඔය නැටි කතාව විතරක් නෙවෙයි මෙයිට කලින් වතාවකත් බ්ලොග්වල ලින්ක් දදා යන කේස් එකක් ආව වෙලේ මං ඒ ගැන කතා කලා... ඒ මට ඒක ප්‍රශ්නයක් හැටියට පෙනුන හින්දා... අළුත් කෙනෙක් වතාවක් දෙකක් ලින්ක් එකක් දාලා එන්න කියලා කියන එක මහ ලොකු කේස් එකක් නෙවෙයි.. ඒත් දිගින් දිගටම ඒක වෙනවනං සහ හැමෝම ඒකට හුරු උනොත් හිතලා බලමුකෝ පෝස්ට් එහෙක කමෙන්ට් කියවන්න ගියාම සිද්ධ වෙන දේ...

    දැන් අපි බ්ලොග් එකක අකුරු පුංචි කලත් කියවන්න අමාරුයි කියනකොට.. එහෙමත් නැත්තං බ්ලොග් එකේ තීම් එක ඇහැට අමාරු උනත් ඒක කියවන්න අමාරුයි කියලා කියන කොට.. හිතහංකෝ කමෙන්ට් එකෙන් කමෙන්ට් එකට නැට්ටක් තියෙනකොට ඒක වදයක් වෙන්නේ නැද්ද කියලා... අනික අතලොස්සක් ඇර වැඩි හරියක් කමෙන්ට්වල නැටි එල්ලගෙන ගිය අය ඒ ඒ පොස්ට් වලට කමෙන්ට් කරලා තියෙන්නේ පෝස්ට් එක කියවලවත් නොවන බව බ්ලොග් කිහිපයකදීම මට පෙනුනා... ඒක තනිකරම ඇවිල්ලා තමන්ගේ වැඩේ කරගන්න විතරක් ආව ගමනක් කියන එක පැහැදිලි වෙන අවස්ථා වැඩියි.සමහරු දාන්නේ වචන තුනයි..

    "එළ පෝස්ට් එක"

    එයිට යටින් එල්ලන නැට්ටටට වචන හැටයි...

    සමහර අය එකම කොමෙන්ට් එක පෝස්ට් දෙක තුනක දාගෙන යන හැටිත් පේන්න තිබුනා.. මං හිතන්නේ හුගක් බ්ලොග් කියවන කෙනෙක් හැටියට හිරුට ඒවා අහුවෙන්න ඇති... එහෙම නිකංම නිකං දැන්වීම පමණක් එල්ලං යන බ්ලොග්කරුවන් දැක්කම මට ඇත්තටම පුදුම අපුලක් දැනුනේ.. එහෙම දැනෙද්දී මං ඒ ගැන නොලියා ඉන්නේ මොකටද.. මට පේන දේ මං ලිවුවා.. හැබැයි ඒක කාවවත් කෙලින්ම අරමුණු කරං දාපු එකක් නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. බඩුම තමා එක පාර දාන්න බැහැ කියලා බ්ලොගරයා කියනවනේ.. දැන් ඉතිං කඩහංකෝ දෙකට...
      ------------------------
      විශේෂයෙන්ම ඔතනදී කියන්න ඕන නලීන් සහ අටම් ගැන.. උන් දෙන්නා බ්ලොග්වල කමෙන්ට් කරද්දී මං අර කිව්ව චෝදනාව නගන්න තියෙන අවස්ථාව අඩුයි.. මොකද උන් දෙන්නා ලෝබ නැතිව කමෙන්ට් ලියන අතරේ නැටි එල්ලන උන්... හෙන්රියා ඒකට මැදිහත් නොවුනත් හෙන්රිත් ඒකම කරන කෙනෙක්.. ඒ කියන්නේ කමෙන්ට් එක අත පුරෝලා දෙන ගමන් නැට්ට එල්ලන උන්... ඒ හින්දා ඒකට දොස් කියන්න අමාරුයි.. හැබැයි යමකට පුරෝගාමී වෙනකොට ඒ හරහා ඇතිවන රැල්ල නරක අතට ගමන් කලොත් ඒ ගැන වගකීමක් කාටත් එනවා... ඒ හින්දා කරන දේ ගැන අවබෝධයක් ඇතිව වැඩ කරන එක වඩා වැදගත්...

      එහෙම නැතිව යමක් පෙන්නා දුන්නා කියලා මරාගන්න උවමනාවක් නැහැ... හැබැයි නලිනුයි අටමයිනං ඒක සැහැල්ලුවෙන් බාර ගත්තා මිස මහා අවුලක් කරගත්තේ නැහැ...

      අනික දැන් යන නැටි ආතල් එක නැගලා යනවා... ඒ දුවන්නේ බ්ලොග් කරුවන්ගේ සුහදත්වය... විනෝදකාමීත්වය... අර මං එක කොමෙන්ටුව ගැනත් කියන්න තියෙන්නේ ඕකම තමා... මං එක කොමෙන්ටුවේ නිර්මාතෘවරු හිටියේ අද නෙවෙයි බොහෝම කාලෙකට කලින්... ඒ මේ අපේ අඩවිවලත් නෙවෙයි... හැබැයි ඒ කාලේ ඒක ලොකු වරදක් උනේ නැහැ... කවුරුවත් ඒකට වචනයක්වත් කිව්වෙත් නැහැ...

      නමුත් ඒකම මගේ පඩංගුවේ වැටෙනකොට බොහෝම හිත් අමාරු උන පිරිසකුත් හිටියා.. හේතුව..?

      ඒත් ඇත්තම කතාවනං ඔය මං එක කොමෙන්ටුව මගේ බ්ලොග් එකේ වැටෙන්න ගත්තේ එහෙම කරන අයට කරන විහිළුවක් හැටියට.. ඕක කතා වෙලා මාව කලින් දැනුවත් කරලා කරපු වැඩක්.. එහෙම නැතිව කරපු දෙයක් නෙවෙයි... අරමුණ උනේ ඒ වෙද්දී මං එක දදා හිටිය අයට ඒ ගැන පහදවා දීම... අන්තිමට ඒක අපි අපි අතරේ විහිළුවක් බවට පත් උනා... ඒකයි ඒක නැගලා ගියේ.. හැබැයි දැන් වෙනකොට ඔය මං එක මේනියාව අනිත් බ්ලොග්වලින් බොහෝ දුරට හැලිලා තියෙන්නේ... මගේ එකෙත් ඒක හැළුනාම ඒ වසංගතේ අහවර වෙයි...

      විසෙන් විස නැසීම කියන දේ ගැන අහලා ඇතිනේ... රාවණා මරං කන්න ලෑස්ති උන කාලෙක වර්ගපූර්නිකාව හරහා කලෙත් ඒ විසෙන් විස නැසීමම තමා... සමහර දේවල් අපිට ඇගිල්ලෙන් ඇනලා කියා දෙන්න බැහැ මේක කරන්නේ මේ හින්දයි කියලා.. එහෙම කිව්වොත් ඒ කරන දෙයින් තේරුමකුත් නැතිව යනවා.. ඒත් කලක් ගියාට පස්සේ කිව්වට වරදක් නැති හින්දයි මෙහෙම හරි ලියන්න හිතුවේ...

      බ්ලොග්වලට නීති ඕන නැහැ..එහෙම දාන්න කාටවත් හැකියාවක් ඇත්තෙත් නැහැ.. ඒත් පොදුවේ කාටත් පහසු විදියට බ්ලොග්කරණය ඉස්සරහට යනවනං ඒක අපේම හිතසුව පිණිස පවතීවී... ඒ සඳහා අපි අපේ දැක්ම කියලා දාන එක වරදක් නෙවෙයි නෙව...

      ඉතිං මං කිව්වා මගේ භාෂාවෙන්... ඒක සමහරක් අය ඒ භාසාවෙන්ම තේරුම් ගත්තා.. තවත් සමහරු ඒ ඒ අයගේ භාසාවෙන් තේරුම් ගන්න ඇති.. කොහොම උනත් කතිකාවක් ඇති වෙන තත්වෙට ඒක ගේන්න පුළුවන් උන එක වැදගත්... මං මගේ අදහස කිව්වට පස්සේ අනිත් අයටත් ඒ ගැන තම තමුන්ගේ අදහස් ප්‍රකාශ කරගන්න පුළුවන් උනා.. එයින් පස්සේ ඒ දේවල් කියවලා බලන කෙනෙකුට යම් කිසි මට්ටමක අදහසක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙයි මොකක්ද වෙන්න ඕන කියන දේ ගැන... ඒ හැර ඒක මෙහෙම විය යුතුමයි කියන්න අපි මොක්කුද..?

      හප්පා දැන් මේක පෝස්ට් එකක් ගානට දික් වේගන එනවා නේද..? නැත්තං මේ ප්‍රවීණ බ්ලොග් කාරයොයි නවක බ්ලොග් කාරයොයි කියලා බෙදීමක් හදාගෙන දඟලන උන්දලා ගැනත් මට කියන්න ටිකක් තියෙනවා.. ඒකත් කියලම දාන්න තිබුනා... එක්කෝ මං ඒක පස්සේ වෙලාවක පෝස්ට් එකක් හැටියටම දාන්නං...

      Delete
    2. හා දැන් ඉතිං කියෝ ගනින්... :D

      Delete
    3. නැටි වැඩේ නැගලා යනවනම් මාත් එල්ල ගන්න ඕනේ නැට්ටක්....

      ඒක නෙමෙයි මට හිතෙන්නේ... දැන් මාරයාගේ බ්ලොගේ උනත් ඕනේ ඇනෝ කෙනෙකුට කොමෙන්ට් දාන්න පුළුවන්නේ... ඉතිං එහෙව් නිදහසක් දීලා තියන එකේ... ඔය කට්ටිය නැටි දැම්මහම මක්කැයි? එහෙම තැනකට මිනිහෙක් දවසක් යයි දෙකක් යයි... එතන ගිහින් කියවන්න දෙයක් නැත්නම් ආයෙ යන්නෙ නෑනෙ. නැට්ට තිබ්බත් නැතත්, ඵල ඇති ගහටනෙ කපුටෝ යන්නේ (එතකොට අපි කපුටෝ ඈහ්?). බාල වැඩ වලට ඉතින් පැවැත්මක් නැහැනේ... අනික උඹලා ඔය හැටි කප් ගහලා තියෙන්නේ නැටි නැතුව... ඉතින් විස්සෝප වෙන්නෙ නැතුව, නැට්ට බල්ලට කියලා හිටියා නම් හරි. අර "නියමයි" සහ නැට්ට දැක්කහම ටිකක් මල පනිනවා තමයි... ඒත් ඉතින්, එතකොට නැට්ට පස්සේ යන්න තියා හිතන්නේවත් නැහැනේ... ඕවා බාලයන්ගේ බොළඳ ක්‍රියා... හැබැයි අර කියන්නැහෙ.. කතා බහක් ඇති වෙච්චි එක නම් හොඳ දෙයක් තමා.....

      හ්ම්ම්ම්... නැට්ටක් හදා ගන්නත් ඉගෙන ගන්න වෙයි වගේ... ලේසි නෑ ඒකත්..

      Delete
    4. මාත් දානව නැට්ටක් අද ඉඳන්

      මම සමීගෙ පුංචි ලෝකය ලියන සමී :D
      ඒත් දාන්ඩ තේරෙන්නෑ :(

      Delete
    5. මාරයියා මේකේ දැනට දාපු දිගම කමෙන්ට් එකද කොහෙද... අනේ තවත් දිගට ලිව්වත් මට කියවන්න නම් කිසි අමාරුවක් නෑ මාරයියේ.... ( එහෙනං අර උඹේ එකේ මාස ගානක් පැල් බැදගෙන කියෙව්වේ කො‌ෙහාමද මං.. හි හි..)

      නැට්ට ගැන නෙවෙයි මාරයියේ මට කියන්න ඕ‌ෙන් උනේ... නැට්ටේ පෝස්ට් එක උදාහරණයක් විතරයි.... මං ඒක ගැන හිතන විදිය එදා ඔයාගේ පෝස්ට් එකට දැම්මා... ඔය පරණ වලි ඔක්කොම වගේ මම කියෝලා තියෙනවා.... ඒක නිසා මට මේවා අමුතු නෑ.... ඒත් අලුත් උන් ටිකක් ඉන්නවා මේවා දන්නේ නැති.. උන්ටයි මම මේක ලිව්වේ...

      ඇනෝලා ගැන නම් මගේ කිසිම හොඳ ආකල්පයක් නෑ... මොකද කමෙන්ට් එකක් දාන්න ඕනේ නම් ප්‍රොෆයිල් එකක් හදා ගන්න අමාරුවක් නෑ නේ... ඇනෝ ඇවිත් විකාර කරන එකෙන් වෙන්නේ ඔෆිස් වල ඉඳන් බ්ලොග් බලන එවුන්ට හොඳ කමෙන්ට් එකක්වත් දාගන්න තියෙන අවස්ථාව නැති වෙන එක... ඒත් ඒකට කරන්න දෙයක් නෑ.... පැල් බැඳගෙන ඇනෝ කමෙන්ට් දානවා නම් මගේ අදහස ඒවා අයින් කරලා දාන එක තමයි හොඳ කියලා... ඒක එක එකාගේ කැමැත්ත.. ඒත් ගොඩක් වෙලාවට ඇනෝ ඉඩ දීලා තියෙන බ්ලොග්ස් වල මම කමෙන්ට් දානවා අඩුයි... විශේෂයෙන් දේශපාලන පෝස්ට් වලට.. එහෙම කමෙන්ට් දාන්‌ෙන් කීප දෙනෙක්ට විතරයි.... පිස්සුවෙන් වගේ නටා ගෙන එනකොටම ඇනෝලගේ ගනං බස්සනවා කියලා දන්න අයගේ බ්ලොග්ස් වල විතරයි...

      තිසර බ්ලොග් එක පාළුවට ඇරලා තියෙන එ‌ෙක් මොකටද නැටි.... ලියන්න පටං අරන් ඔන්නං නැට්ටක් එල්ලගන්න... හි හි...

      අනේ සමියෝ... කමෙන්ට් වලට ලින්ක් දාන හැටි මගේ පරණ පෝස්ට් දෙක තුනකම කමෙන්ට් වල ඇති බං... ගිහින් බලාගත්තනං හරි....

      Delete
    6. මාරයා උඩින් දාපු පෝස්ට්කටුව නං ඉතා හොදයි.. නැටි කතාව පැත්තක තිබ්බම මටත් ඔය එකම වචන සෙට් එක දාන අය මාට්ටු වෙලා තියෙනවා. ඇත්තටම ඒක ලැජ්ජාවක්.. කියවන්න බෑ කියලා කියන එක ඊට වඩා හොදා...

      Delete
    7. මාරයාව බේරගන්න අටමා අරෙහෙ දුක් විඳිනවා. මාරයා චීත්ත හොයාගෙන සත්‍යය පහදලා දෙනවා. හික්...හික්...


      මන් මේක ලියන අරකා

      Delete
    8. ඇත්තටම මේ මාරයාට නැටි වැඩේට මන් නම් හිනා වෙන්නේ විහිලුවට ආ . මාරයා මා එක්ක තරහ වෙන්නේ නැතිබවත් දන්නා නිසා . මුට ගහන මඩ වලට ඔරොත්තු දෙන කබර හම හැම එකාටම නැහැ . මන් නම් අගය කරන්නේ ඒකයි .

      Delete
    9. ඒක නම් ඇත්ත බින්දී... මාරයට තියෙන්නේ කබර හමක් කිව්ව එක.. හි හි..

      හැබැයි ඉතිං මං අනුගමනය කරන්නෙත් ඒකම තමයි.. විහිළුවට යන කතා වලදි මාත් විහිළුවක්ම කරලා හිනාවෙනවා...

      ඒත් බැඳපු ගෑණියෙක් නිසා සීමාවක් තියාගෙන ඉන්නවා... කියන්න දෙයක් තිබ්බත් නොකිය එනවා මොලේ කොලොප්පම් ඇනෝලා ඉන්න බ්ලොග් වලදි... ඒ මං ගැන හිතලා, මට උත්තර දෙන්න බැරි නිසා නෙවෙයි.. අපේ මහත්තයා ගැන හිතන නිසා...

      Delete
  32. Mama nam oyalage blog walata awith kiyawala sathutak labanawa. Paluawa maka gannawa. Randu wena welawata nam hithenawa ay me kattiya mehema karanne kiyala. Eth ethakota nagala yanawa post eka coment wadi wenawane. Hith ridaweem nathiwa sathutin hama dema bara gannawa nam hithata hodai neda? Nathnam nikanma ape le apirisidu wenawane.

    ReplyDelete
    Replies
    1. හි හි.. ගෑණුන්ට ඕවා තේරෙනවා නඟා... ඒත් මේ මෝඩ පිරිමින්ට තමයි තේරෙනවා මදි.... හි හි...

      Delete
  33. අඩෝ මාරයෝ උඹගේ කොමෙන්ට් එක කියවලා හතියි බන්!

    මමත් බ්ලොග් කියවන එක තමයි කරන්නේ, හැමදාම ලියන්නම් කියලා ඇවිත් කියවලා ඉවර වෙනකොට ක්ලියන්න වෙලා නෑ.
    මේ බ්ලොග් ලෝකෙ හරි සුන්දරයි බන්,

    ReplyDelete
    Replies
    1. හි හි...

      සුන්දර නැත්තම් අපි එල්ලිලා ඉඳියි යැයි බං...

      Delete
  34. බ්ලොග් කියෙව්වට මටත් දැන් බ්ලොග් ලියන්න මාර කම්මැලියි. ලිව්වේ නැතත් නැටි දමිල්ලේ ස්ටයිල් එක ඉතින් අනුගමනය කරන්න එපාය. බ්ලොගේ පාලුවට ගිහින් අප්පා.ඒ හින්දා

    අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    :P

    ReplyDelete
    Replies
    1. අනේ උඹේ ඔය අම්බලම... ගියාට වැඩක් තියෙන එකක් යැ.. යන්න කලින් මකුලු දැල් කඩන්න වෙනවා ඒ‌ෙක්.. හි හි..

      Delete
    2. හහ් හ්හි රෙප් මහත්තයා..

      Delete
    3. එකනේ යකෝ ඉස්සර නැටි එල්ලුවේ නැති මමත් නැට්ටක් එල්ලුවේ මම යන්නේ නැති එකේ උඹලවත් ගිහිල්ලා මකුළු දැල් ටික වත් කඩලා දාල වරෙන් කියලා.

      Delete
  35. නැටි එල්ලන්න ඕන කෙනෙක් මගේ බ්ලොගේ නං එල්ලුවට කමක් නෑ. ආයෙ අපි උස්සගෙන ඉන්නවයැ! අනෙක සාමාන්‍යයෙන් තමුන්ගෙ බ්ලොගේ යටින් එල්ලගෙන ඉන්න කෙනෙක් "එල" කියල කොමෙන්ටුවක් දැම්මම වලිගෙ ඊට ලොකුවෙන්න පුළුවන්. උදාහරණෙකට හෙන්රිගෙ වලිගෙ මෙහෙමයි,
    "henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans"
    මේටික වලිගෙට එල්ලල, කොමෙන්ටුවට "එල" කියල දැම්ම කියල තරහ ගන්න ඕන නෑ. අනෙක සමහර ලිපි තියනව තමුන්ගෙ අදහසක් කියන්න දෙයක් ඉතිරිවෙලාම නැති. ඒවට දාන්න තියෙන්නෙ ඒ ජාතියෙ කොමෙන්ටුවක් තමයි. බ්ලොගර් මෙච්චර දෙයක් නිකං දෙනවනං අපි ඕව එච්චර සීරියස් ගන්න ඕන නෑ.

    ඊලඟට බ්ලොග්කරුවන් ගැන,
    තමුන්ට කොමෙන්ටුවක් දාන උදවියට තමයි බොහෝවිට බොහෝදෙනා කොමෙන්ටුවක් දාන්නෙ. මගේ ප්‍රතිපත්තිය මෙහෙමයි.
    1.මට කොමෙන්ටු දාන අයගේ බ්ලොග්වලට. (පුළුවන් හැමවිටම-හැම පෝස්ටුවටම දානව)
    2.මට කොමෙන්ටු නොදාන අයගේ(හොඳ පෝස්ට් වලට-නරක ඒවට නෑ)
    3.අලුත් බ්ලොග්වලට.(පුළුවන් හැමවිටම)

    ජාලෙන් ලංකාදීප කියවන උදවිය බ්ලොග් ගැන දැනගෙන (දැනගත්ත ගමන් හුඟදෙනෙක් ලියන්න ගන්නවනේ) ලියන්න පටන්ගත්ත දවසට අපිට කොමෙන්ටු දාන්න නං රස්සාවල් වලින් අස්වෙන්න වෙයි.:)

    පොඩි වලියක් නැතිවුනාමත් කිසි ගතියක් නෑ අම්මප! :P

    ReplyDelete
    Replies
    1. හා... මාත් ඒ ජාතියේ තමයි...

      ඒත් මං ගොඩක් වෙලාවට නැට්ට ස්කිප් කරනවා බං... විශේෂයෙන් කමෙන්ට් එකේ කියවන්න තරම් දෙයක් නොතිබුනොත්.... ඒක රෙජිස්ටර් වෙන්නේ නෑ.... මම ගොඩක් වෙලාවට යන්නෙ ප්‍රොෆයිල් එක බලලා... ඒ ඉතිං කමේනට් එකේ කියවන්න තරම් දෙයක් තිබුනොත් තමයි.... එත‌ෙකාට ඉතිං ආයිත් එන්නේ ෆලෝ කරලා, කමෙන්ට් දෙක තුනකුත් දාලා තමයි.... හි හි...

      Delete
    2. රාජ්ගේ ක්රමේ හොදා...නැතිනං බං මේ කරං ඉන්න දුප්පත් රස්සා කටුවත් නැති වෙලා යනවා. කොමෙන්ට් කටු දාන්න මේවා කියවන්න යන වෙලාව බැලුවම..
      මොකක්ද බං මේ නැට්ටක් අල්ලං දගලන්නේ

      Delete
    3. මාත් බොහෝ විට කරන්නේ මේ දේම තමයි . කමෙන්ට් දාන අයගේ බ්ලොග් පවා මග ඇරෙන වෙලාවල් තියෙනව .

      Delete
  36. මම නම් බ්ලොග්කරණයට අළුත් නිසා තාම කිසිම අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. අලුත් අයට තමයි මේවා කියවන්න වටින්නේ.. හි හි...

      Delete
  37. කතාවක් ලියලා පත්තරේදාල හම්බෙන හැම කෙනාටම මේක බලපන් බලපන් කියනවට වඩා බ්ලොග් ලිවිල්ලේ පට්ටම ආතල් එකක් තියනවා.. ලිව්වා පොස්ට් කළා. මුල් කාලේ ටිකක් වේලෙනවා තමයි පහු වෙනකොට එකහරි යනවා . තමන් ලියපු කතාවකට වැටෙන කමෙන්ට් එකක් කියවනකොට හිතට දැනෙන ඒ අමුතු කික් එකට මම නම් පට්ට ආසයි... ආතල් එකට ලියනවා. ආතල් එකට කියවනවා. හැබැයි ඒ ආතල් එකෙන් පට්ට යාළුවො සෙට් එකක් අඳුන ගත්තා. ඒටිකම මදැයි

    ReplyDelete
    Replies
    1. හි හි.. ස්පෑම් එකේ ඉඳලා ඔන්න හොයලා දැම්මා.....

      ඔව් අප්පා.. බ්ලොග් ලිවිල්ලෙ ජොලිය ඒක තමයි..

      Delete
  38. #
    ලක්මාල් කන්දෙවිදානෙDecember 3, 2012 10:44 PM

    ඒ මටත් ඔය ලෙඩේ තියනවා අඹ ඔයව මට නෙමෙයි නේද කියන්නේ

    හි හි (හිරුවගේ ලෙඩේ)
    Delete
    #
    හිරුDecember 4, 2012 1:17 AM

    සහන්ට පොඩි මඩක් ගහලා තියෙනවා මං තැනක දැක්කා.. ඒත් ඒක පොයින්ට් කරන්න ගියේ නෑ නිකම් ඌට අවධානය දෙන්නේ මොකටද කියලා....

    //මුළු බ්ලොග් ලෝකෙම තමන්ගේ බ්ලොග් එකට ඔබා
    ගන්න හදන මානසික ලෙඩා //

    ඉතිං ඔයා ඒ බ්ලොග් එකට නොයා ඉන්න.. නිකම් ඔයාගේ ඔලුව අවුල් කරගන්නේ මොකටද... හි හි..

    අ‌ෙන් අටම්.. ඔයා ඉතිං ඕල් රවුන්ඩර් නේ... ඒක නිසා කමක් නෑ... මගේ ලෙඩේ බෝ කරගන්න එපා.. හොඳ කරගන්න අමාරුයි.. හි හි




    *******************************************************************************
    නැහැ මචන් උබ නෙවේ ..උබේ හැම බ්ලොග් එකම හොදයි .
    ඒවා බලෙන් හරි මිනිස්සුන්ට දෙන්න ඕන. මහන මැෂින් ගැන
    සිංහලෙන් ලෝකේ කොහෙවත් නැහැ මන් හිතන්නේ කියල
    දෙන බ්ලොග් එකක්.මහන අය නොබැලුවට ගොඩක් අපේ
    කොල්ලෝ බලල හරි කියාවිනේ මෙහෙම බ්ලොග් එකක්
    තියෙනවා කියල..ඒක හරි වටිනවා.
    අනිත් එක අටන් පහුර කිසිම හිතේ කහටක් නැති හොද කෙනාට හොද
    අවංක මනුස්සයෙක් මේක ලියන්නේ කියන දේ දැනෙනවා.මන් හිතන්නේ
    මේ දේ මුළු බ්ලොග් කරුවෝ ඔක්කොම පිළිගනී..මම බ්ලොග් ආවේ
    ෂර්ලොක් හෝම්ස් ගැන සිංහලෙන් දාපු දේවල් හොයන්න.ඒ අතරෙයි
    මේ හැම දේම උනේ..උබේ අටන් පහුරට නිකන් ආවේ , බලද්දී
    සරල අව්‍යාජ මිනිහෙක්.ඉතින් මන් නැවතුනා, ඒ විතරක් නෙවේ පොඩි
    කාලේ ඉඳල මන් කවි , පොත් , ෆිල්ම් , drama , සින්දු අහපු කෙනෙක්
    නෙවේ.ඒ කියන්නේ ඒවට ආස නැහැ.මන් වෙනම ලෝකෙක හිටපු
    කෙනෙක්.කොටින්ම මට පැන්සලකින් ඉරක් වත් ගහන්න බැහැ කෙලින් ඒ
    තරම් මන් ඒවට අකමැතියි.. ඒත් මාව ටික ටික වෙනස් වේගෙන යනවා දැන්..
    මන් ඒ වෙනසට කැමතියි..ඒ හැම දේටම හේතුවක් උබල හැමෝම, හැම සිංහල
    බ්ලොග් කරුවෙක්ම..( අර මම කියපු කෙනා කරන්නේ කොපි පේස්ට් සෙල්ලමක් )

    අනිත් දේ මෙතන ඉන්නවා O/L කරන අයගේ ඉඳල හෑම ක්ෂේත්‍රයකම
    වැඩ කරපු අය, ඒ වගේම එක එක සිතුම් පැතුම් තියෙන, එක එක සමාජ
    මට්ටම් තියෙන අය.මේ හැමෝවම හොදට අධ්‍යනය කරන්න හොද අවස්ථාවක්
    අපේ පුද්ගලිකත්වයට හානි නොවී.මම නම් ගොඩක් කියවල විතරක් නෙවේ
    එයාගේ හිත කියවලත් බලනවා. එහෙම කරද්දී ගොඩක් දේවල් හම්බෙනවා
    ඉගෙන ගන්න.

    ඔව් හිරු ඒක නිර්ව්‍යාජ දෝෂාරෝපණයක් නම් මන් එක හෙලා බාර ගන්නවා..
    ඒත් නිකන් කටට ආපු පලියට , කාගෙන් හරි ඇහුන ගොන් කතාවක් ඒක .
    ඔය රජ කෙනෙක් ඇවිත් බලන්න ඕන..නිකම්ම දෙකට නැමෙනවා ගව්වක්
    දුර එද්දී..

    ReplyDelete
    Replies
    1. සහන්... උඩ තියෙන කමෙන්ට් එකට රිප්ලයි කරනවනම් මේන් කමෙන්ට් එකට ( අදාල කමෙන්ට් සෙට් එකේ පළවෙනි කමෙන්ට් එක) යටින් තියෙන Reply එකට කෙටුවම එතනම කමෙන්ට් බොක්ස් එක එනවා... ඔක්කොම උස්සන් පහලට එන්න ඕනේ නෑ.... නැත්තම් හැම තැනම ඔයාගේ කමෙන්ට් පිළිවෙලක් නැතුව තියෙද්දි හොයා ගන්නත්, අදාළ කෙනාට රිප්ලයි කරන්නත් අමාරුයි...

      කොපි පේස්ට් කතාවක් නෙවෙයි.... මම හිතන්නේ ඔයා එළකිරි එකේ ලියපු කාලේ ඉඳලම ඔයත් එක්ක තරහා කාරයෙක්ද කොහෙද ඒ නම් මට තේරුන හැටියට... ඒවා වැඩක් නෑ.. ( මම කිව්වේ ඊමේල් කවිකාරිගේ එකේ වෙච්ච කේස් එක ගැන නෙවෙයි.. මට පේන්නේ ඔයා එහෙමයි හිතාගෙන ඉන්නේ.. නෑ... මේක මම දැක්කේ ඊට කලින් දවසක වෙන බ්ලොග් එකක..)

      අනේ මන්දා .. මං ලිව්වේ මේ පෝස්ට් වලින්, කෙමෙන්ට් වලින් හිත් රිදවා ගන්න එක ගැන... දැං යන්නේ නැටි කතාවක්... කමක් නෑ.. අලුතින් එන එවුන්වත් යමක් ඉගෙන ගනියි නේ....

      Delete
    2. අහ් ඔව් ඒක ගැන නම් මන් දන්නවා .එයා ගොඩාක් පරණ
      කෙනෙක් මගේ ජීවිතේ.එයා ගැනත් මගේ බ්ලොග් එකේ
      මන් ලියල තියෙනවා.එයා නවතින්නේ එකම දේකින් විතරයි.


      තව දෙයක් dr සිංහල බ්ලොග් ලියන අය අතර තමා මේ හැම දේම
      තියෙන්නේ මන් හිතන්නේ..මොකද ඔහේ කියවලම විතරක් යන
      අය වැඩියි.ඉතින් අපි මේ කරන කියන හැම දේම එයාලට ජවනිකාවක්
      මේ චිත්‍රපටියේ.නළු නිලියෝ ගහ බැනගන්න ඒවත් චිත්‍රපටියේ
      පැය එක හමාර ඇතුලටම පිරෙද්දී අපේ චිත්‍රපටිය බංකොලොත්
      වෙයිද නෝනේ ?

      Delete
    3. මේ තියෙන්නේ කොපි පේස්ට් බ්ලොග් එක..(නොදන්නා අයගේ දැනගැනීම පිණිස ) මේක ඌ ආතල් එකට කරන වැඩක් බං හික්..


      මම කොපි කිරීමටම උපන්නෙමි

      Delete
    4. නැහැ මචන් මම කොපි පේස්ට් බ්ලොග් එක කිව්වේ
      ඕකට නෙවේ, ඔය බ්ලොග් එක ගැන මම දන්නවා..
      මම කිව්වේ බන් ලංකාදීපේ, සිළුමිණ, වගේ පත්තර
      වල නිව්ස් කොපි කරලා තමන්ගේ බ්ලොග් එකේ
      තමන්ගේ වගේ දාගෙන ඉන්න කෙනා ගැන..
      දැන් දන්නවෙන් ෆුද්ගලය ?

      Delete
  39. ya ya we love this fucking blogging. (ෆකිං කියන්නේ කුනුහරුපයක් නෙමෙයි කියල දේශකතුමා ඔප්පු කරල තියෙන්නේ හරිය).. පස්ට පෝස්ටු කටුවක් මෙයා. අම්මප බොලාත් එක්ක නෙව ඉහ ගහන්න අමාරු.. ගලවනවා දානවා ගලවනවා දානවා.. හරියට අර මෙලෝ වැඩක් නැතිව කාමරේ එල්ලෙන සීලිං ෆෑන් එක දිහා ඔරවං ඉන්න මාරයා වගේ.. හික්.. අපිට කොහෙන්ද බං රෝස්පාං කෑලි

    තිසරයා ආයේ ඇවිල්ල නෙව...

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං ‌අලුත් පෝස්ට් එකක් ලියන්නේ මාසෙකට සැරයයිනේ බං....

      Delete
  40. කියෝනවා...ලියනවා...කමෙන්ට් කරනවා..කමෙන්ට් වල එල්ලී ගෙන කමෙන්ට් කරනවා.. පට්ට ෆන් එකක් ගන්නවා... ඔන්න ඔය රවුමෙ තමයි මන් නම් ඉන්නෙ..
    බ්ලොග් ලියන අය ගොඩක් හම්බ වෙලත් තියෙනවා..මට නම් මුකුත් ඔය බ්ලොග් වලින් ගහ මරා ගත්ත ඒවා එතනදි මතකත් නෑ..එතනට අදාලත් නෑ..ඒ ඒ වෙලාවට ඒ ඒ දේවල්..

    ReplyDelete
    Replies
    1. අන්න ... පරණ උන්දැ කෙනෙක්ගෙන් වටිනා කියන උපදෙසක්.... මට වඩා වෙනි අන්කල් මේවා ගැන දන්නවා නොවැ... හි හි

      Delete
  41. හිරු පොස්ට් එකයි කමෙන්ට් ටිකයි දකිද්දී මේ මොනවා
    ගැනද කතා කරන්නේ කියන දේ අමතක වෙනවා...
    ඇත්තට මේක මොකක් ගැනද ?

    ReplyDelete
    Replies
    1. :P ඔයා හිතන දේ ගැනම තමයි සයිලන්ට් සහන් මහත්තයෝ ...

      Delete
    2. හරිම සංකීර්ණයි ..:D

      Delete
    3. හ්ම්ම්ම් සංකීර්ණයි .. සංකීර්ණ හැම දේම සරල විදියට තේරුම් කරන්නත් පුළුවනි හැබැයි ඒවා තේරුම් ගන්න තරම් ඔලුවක් තියෙන කෙනෙක්ට විතරක් ..එහෙම නැතිව තේරුම් කිරීමෙන් පලක් නැහැ..

      මම ඔයාව අදුන ගත්තා ඔයා මාව දන්නවද බලන්ටකෝ

      Delete
    4. හරි හරි.. දෙන්නම මං අඳුනගත්තා.. එළකිරි ලවු එකක් වගේ.. හා හා.. ඔහොම යං........ හි හි... (විහිළු හොඳේ..... )

      Delete
    5. අනේ හිරු ඔයත් හරි විහිළු තමයි කරන්නේ මම බයවුනා ..හික්..හික්..

      Delete
    6. උඹලා දෙන්නගේ ලවු එකේ ඉතුරු ටික මම ස්පෑම් කළා හොඳේ.. මේකට එන එවුන් බලයි මොකද්ද යකෝ මේ වෙලා තියෙන්නේ කියලා... තරහා නෑ නේ... හි හි...

      Delete
    7. අඩාලට්ස් ඔන්ලි ඉතින් අපේ ලව්...
      සොෆ්ට් කොර් නැහැ අනේ..:D

      Delete
  42. මේක ලොකුවට ගියපු සිද්දියක් නේද? හරියටම මොකක්ද වුනේ කියන්න දන්නේ නැති නිසා මගේ අදහස් නොකිය ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ කියල දාපන් බන් ...

      Delete
    2. @ අසරණයා,

      මොන ලොකු සිද්ධිද බං, කට්ටිය හොඳ ෆන් එකක් ගත්ත, එච්චරයි. ඔව්ව ගැන වැඩිය හිතන්න එපා අනේ, අග-මුල ඕන නෑ, උඹත් මැදින් හරි ගේමට බැහැල පොඩ්ඩක් සතුටුවෙයන්.

      Delete
    3. හේ හේ. හෙම සිද්දියක් ද?

      Delete
  43. අඩේ ඉතිං මං නම් අහිංසක විදිහට නාඩියක් කොටාගෙන පාඩුවේ ඉන්න එකා! මගේ ආසාවට නේ ලියන්නේ ඈ! හැබැයි ඉතිං බ්ලොග් ලෝකේ සමහර දේවල් නම් ඉතිං අජූතයි තමා!

    ReplyDelete
    Replies
    1. හි හි.. ඔය කියලා තියෙන්නේ කෙටිම විදියට....

      Delete
  44. මාරයාගේ පොස්ට් එක කියව්වා. මට කියන්න දෙයක් තිබුනේ නැති නිසා මුකුත් ලිව්වේ නැහැ.ඒ හින්දම ඊට පස්සේ වැටුන කමෙන්ට් බැලුවෙත් නැහැ.
    බ්ලොග් වලි ගැන කියනවා නම් මමත් ඉස්සර වලි වලට සහබාගි වෙලා තියනවා කමෙන්ට් වලින්. මගේ එකට කවුරුහරි උත්තරයක් දුන්නාම ආයෙත් මට කියන්න දෙයක් තියනවා නම් ගිහින් කියනවා. එත් පස්සේ තේරුනා එක කිසිම තේරුමක් නැති දෙයක් කියලා.මොකද බ්ලොග් ලෝකේ මට හරි දේ තව කාට හරි වැරදි වෙන්න පුළුවන්.විවිධ මිනිස්සුනේ. ඉතින් ඒවාට තර්ක කළා කියලා විවිධ පුදලයින්ගේ විවිධ අදහස් වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා මම දැන් වලි වලට සහභාගී වෙන්නෙම නැහැ.
    මම හුඟාක් බ්ලොග් කියවනවා.එත් කමෙන්ට් කරන්නේ මට හිතුනොත් තමයි.එක හරිම ආත්මාර්ථකාමී හන්ගීමක් වෙන්න ඇති.මම මේ බ්ලොග් එකෙත් හැම පොස්ට් එකක්ම කියවලා තියනවා.එත් කමෙන්ට් ඇත්තේ පහකටත් අඩුවෙන් වෙන්න ඇති.
    නැටි ගැන කියනවා නම් ඔය නැට්ටක් එල්ලුවා කියලා මගේ අන්ගෙන් කෑල්ලක් යන්නේ නැති නිසා එක ගැන හිතන්න තරම් මම වද වෙන්නේ නැහැ. මගේ ප්‍රොෆයිල් එකෙන් මගේ බ්ලොග් එකට යන්නත් බැ. එත් ඔය ලීක එකක් එල්ලගෙන යන්න මට කම්මැලියි. අනිත් එක මම මගේ හිතේ තියන දේ කියාගන්න ඕනේ නිසා ලියනවා මිසක් හිට්ස් කමෙන්ට්ස් වෙනුවෙන් ලියන්නේ නැහැ.කමෙන්ට් එකක් දැක්කාම එකට සතුටක් දැනෙනවා තමයි.එත් ඒ වෙනුවෙන් නැට්ටක් එල්ලගෙන යන්න මට හිතෙන්නේ නැහැ.
    ගැහැණු ළමයි ලියන ඒවගෙන් මේක මම කැමතිම බ්ලොග් එකක්.සමහර අදහස් වලට එකඟ වෙන්නේ නැහැ තමයි.එත් ඔබ කියවන්න දෙයක් ලියනවා.ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. මටත් තාම නඟාගේ බ්ලොග් එක අහුවෙලා නෑ මං හිතන්නේ.. ප්‍රොෆයිල් එකෙන් යන්නත් බෑ නේ... ඇයි ඒක හදන්නේ නැත්තේ.... මං දවස් දෙක තුනක්ම ගිහින් බැලුවා....

      හි හි.. බොහොම ස්තූතියි...

      හැමෝටම හැමෝගෙම අදහස් වලට එකඟ වෙන්න බෑ නඟා.. එහෙම උනා නම් මේ ලෝකේ හෙන බෝරිං වෙයි.... හි හි

      තර්ක කරන්න ඕනේ... එහෙම නැතුව අදහස් නිරවුල් වෙන්නේ නෑ... තමන්ගෙ හිතේ තියෙන මතේ තව කෙනෙක්ට කිව්වම තමයි ඒකේ හරි හෝ වැරදි ගැන අදහසක් ගන්න පුළුවන්... මමත් තර්ක කරලා අන්තිමට මම වැරදියි කියලා පිළිගත්ත ගොඩක් තැන් තියෙනවා... ඒක මම කරන්නේ තේරුමක් ඇතුව නිසා මට ඒ ගැන ලැජ්ජාවක් නෑ.. තමන්ගේ මතේ හරිම කියලා එල්ලිලා ඉන්න එක තරම් මෝඩ කමක් නෑ කියලා මම හිතන්නේ..

      හැබැයි ඉතිං හැමෝම තර්ක කරන්න සුදුසු අය නෙවෙයි.. ඒකයි මම මේ පෝස්ට් එක ලියන්න හේතුවත්.. සමහරු එහෙම උනාම ඒක පෞද්ගලිකව ගන්නවා.. එහෙම අය එක්ක තර්ක කරන්න යන එක එච්චර ‌හොඳ දෙයක් නෙවෙයි.. එහෙම තැනකදි එයාට දිනුම දීලා ෂේප් වෙන එක අපේ ඇඟට ගුණයි... හි හි

      Delete
    2. ප්‍රොෆයිල් එකෙන් යන්න හදන්නේ නැත්තේ පුංචි පෞද්ගලික හේතුවක් නිසා. තර්ක කරනවට වඩා අනිත් අයගේ අදහස් මගේ අදහසත් එක්ක සංසන්දනය කරලා අදහස නිරවුල් කරගන්න එකයි මම කරන්නේ.උදාහරණයක් හැටියට අර ගණිකාව නීති ගත කරන එක ගැන ගොඩක් දේවල් එහෙම වුනා.
      බ්ලොග් වල තර්ක කරන්න ගියාම වෙන්නේ අන්තිමට පෞද්ගලිකව මද ගහ ගන්න එක.මාරයාට බොහෝ තැන වල මද ගහලා තියනවා මම දැක්කා පෞද්ගලිකව. ඊට කලින් විවිධ යටත් එකම උනා.ඒ නිසා ඔය වැලි බොහොම නිහඬව බලන් ඉන්න එක තමයි දැන් මම කරන්නේ..

      Delete
  45. තාත්තා සමග ඉස්පිරිතාල ගතවිම නිසා පෝස්ටු ගණනාවක් මට මග හැරුනා...ඔබේ ලින්කුවෙන් මාරයගෙ පෝස්ටුව දැක්කෙත් අද... ඒ පිළිබද දැනුවත් කලාට ස්තූතියි...

    අපි බ්ලොගක් ලියන්නෙ අපේ තෘප්තිය මූලික කරගෙන... එතැනදි හැමෝම එක්ක සුහදව ආශ්‍ර‍ය තමයි මගේ ක්‍ර‍මය..අදහස් අතින් අපි පරස්පර තැන් මතු වෙන වෙලාවල් තියෙනවා...පෝස්ටු වල කොමෙන්ට් කරද්දි අපි සමහර විට තර්ක විතර්ක කරනවා...ඒත් ඒ හැමදේම එතැනින් ඉවරයි... පුද්ගලිකව කෝප වෙන්න තරම් දෙයක් ඒමගින් සිදුවෙන්න බෑ...

    තමන්ගෙ බ්ලොග උසස් යැයි සිතා අන් ඒවා පහත් මානයෙන් බැලුවොත් නම් බොහෝ ගැටළු ඇතිවෙන්න පුලුවන්... අගය කල යුතු දේ දුටු වනම අගය කිරීම තමයි මගේ විදිය...

    මෙවැනි සංවාදයක් මෙහි ඇතිකලාට බොට තුති... ජය !

    ReplyDelete
    Replies
    1. ආ... මම ඒ ගැන දැක්කේ දැන්... තාත්තට ඉක්මණින් සනීප වෙයි...

      හි හි... තර්කයෙන් හොද දේවල් සිද්ධනෙවා... ඒත් මේ ලියන නිසි දේකින් හිත රිද්දා ගන්න නම් හොද නෑ... පහුියි ටිකේ කීප දෙනෙක්ම එක එක විදියේ හිත් රිදවීම් ඇති කරගෙන බ්ලොග් පියන එක නැවැත්තුවා, අඩු කළා.. එහෙම නොවිය යුතුයි...

      අනිවාර්යයෙන්ම... අලුත්ද පරණද කියන එක නෙවෙයි වැදගත්, ලියන එක සහ අගය කළ හැකි දෙයක් ලියන එක...

      ගොඩක් අලුත් අය ඉන්නවා වගේ පේන නිසාත්, ඒ අය මේවා දන්නේ නැති නිසාත් තමයි මම මේක ලිව්‌ෙව් සිරා...

      Delete
  46. Replies
    1. කෝ ඉතින් ආවේ නැහැනේ අපේ ගෙවල් පැත්තේ...:(

      Delete