Sunday, December 23, 2012

අපේ මහත්තයට කම්මැලි හිතුනම.....

අද මේ ලියන්න ගත්තේ කාලයක් තිස්සේ ලියනවා කියලා හිතාගෙන හිටපු කතාවක්... ඒත් හැමදාම නොදන්න මඟුල් වලට අත ගහන්න බැරියෝ කියලා පස්සට දදා හිටියා... හි හි... 

මේ ලියන්න ගත්තේ අපේ මහත්තයා මට හදලා දීපු පොල්කටු අඟුරු වලින් පත්තුකරන ලිප ගැන ... ඇත්තටම මේක ලියන්න අරං, පැත්තකට දාලා තිබ්බ එකට තව හේතුවක් තියෙනවා..ඒ තමයි මේ ෆොටෝ ප්‍රශ්නේ...හි හි.. 

මේකේ ෆොටෝ එකක් ගන්න තරම් ලස්සනට වැඩ ඉවරකරලා නැති නිසා කො‌ෙහාමද මනුස්සයෙක්ට පෙන්නන්නේ කියලා හිතුනා...  ඒ උනාට මේක එක්ස්පෙරිමන්ට් එකක් නිසාත්, කෙරෙන්න ඕනේ උන වැඩේ සාර්ථක වෙච්ච නිසාත්, ළඟකදි ඉතුරු වැඩ අවසන් වෙන පාටක් නැති නිසාත් ඔන්න තියෙන හැටියට පිරිමහගෙන පෝස්ට් එක දානවා... 


ෆෑන් එක සවිවෙලා තිබෙන පැත්ත.. 

මෙහෙම තමයි පැත්තෙන් බැලුවාම පෙන්නේ..  ඔන්/ඕෆ් කරන්න දාපු ස්විච් එකත් පේන්න තියෙනවා....

මුලින්ම මේ වගේ ලිපක් කඩේ විකුණන්න තියෙනවා දැකලා තමයි මේ අදහස ආවේ... ඇත්තටම අපි දෙන්නා එක්ස්පෙරිමන්ට් එකක් විදියට හදපු දෙයක් මේක.. අපේ මහත්තයා මෙහෙම එකක් හදලා බලමුද කියලා අයිඩියා එක දැම්මම ඉතිං, කොහොමත් ඔය වගේ වැඩ වලට මං එපා කියලා කියන්නෙ නැති නිසා මාත් කිව්වා එහෙනං ට්‍රයි කරලා බලන්න කියලා... 

එහෙම හදපු ලිප තමයි මේ... 

මේකේ ඇති ලොකු දෙයක් නෑ කියලා තමයි අපේ මහත්තයා කියන්නේ.... ඕනේ පොඩි ඉලෙක්ට්‍රිකල් දැනුමක් විතරයි... ඒකත් කරන්ට් එක සම්බන්ධ කරගන්න ටිකට විතරයි.... ආ... තව ඉතිං පොඩ්ඩක් මඩ ටිකක් නාගන්නත් වෙනවා.... හි හි.. ( ඒක නම් කට්ටියට අමුතු දෙයක් නෙවෙයිනේ...) 


මෙන්න මේක තමයි ඔය ලිපේ ඇතුලත සැලැස්ම... 

මෙතන තියෙන්නේ හරිම පොඩි දෙයක්...

ප්‍රධානම දේ තමයි මෙතන පාවිච්චි කරලා තියෙන ෆෑන් එක.. මෙතන තියෙන්නේ කම්පියුටර් වලට පාවිච්චි කරන ‌ෆෑන් එකක්... ඒකෙන් එන සුළං පාරට තමයි අඟුරු ටික ඇවිලෙන්නේ.. ඕකට ඕනේ වෙන්නේ පොඩි කරන්ට් එකක් කියලා දන්නවනේ... ‌ෆෑන් එක පාලනය කරගන්න පුළුවන් ස්විච් එකක් දාගත්තම රස්නේ අඩු වැඩි කරගන්නත් පුළුවන්... 

පතුල පැතලි, රවුම් භාජනය අඟල් 3 - 4ක් උස, කට අඟල් 5 - 6ක් විතර පළල තියෙන එකක් නම් ඇති.. පතුල සිදුරු කීපයක් විදගන්න ඕනේ... අපි නම් දාලා තියෙන්නේ යකඩ එකක්.. හැබැයි මේ වෙනකොට නම් ඒක මලකඩ කාලා, කැඩිලා ගිහින්.. ඒක නිසා භාජනය මැටි වලින් කවර් කරලා ගත්තොත් කල්පවැත්මක් තියෙයි කියලා හිතනවා..  

මහත බටයට නම් අපේ මහත්තයා අරන් තියෙන්නේ වාහනයක ඔයිල් ෆිල්ටර් එකක්... නැත්තම් ෆෑන් එකේ සයිස් එක හරියන තරම් මහත යකඩ බටයක් පාවිච්චි කරන්න පුළුවන්..  කුඩා බටය අඟල් 2ක විතර පළල තිබ්බම ඇති....  නැවුම් දෙක නවද්දි අංශක 90ට එන විදියට නවා ගන්න ඕනේ.. සුළං පහර අවහිරයක් නැතුව, වේගයෙන් යවන්න ඕනේ නිසා තමයි නැවුම් දෙකක් දාන්නේ... මැටි වලින් වට කරන නිසා වෙන්නේ රස්නය උපරිම ලෙස පාවිච්චි කරන්න කරන්න පුළුවන් වෙන එක... තව ලිපේ හැඩේ හදගන්නත්, බට රඳවා ගන්නත් මැටි වලින් හදන කොටස වැදගත්... බට ටිකට තීන්න පාරක් ගාලාම ගත්තම කල් පැවැත්මකුත් තියෙනවා... 

ලිපට අඟුරු ඇතුලු කරගන්න ක්‍රමයක් හදාගන්න එකත් වැදගත්... ඔය අඟුරු දාන භාජනය උඩට අපි නම් පරණ ගෑස් ලිපක ස්ටෑන්ඩ් එක තියලා, භාජනය තියන්න පාවිච්චි කරන නිසා එතනින් සුළං පිට වෙන්න ඉඩක් සහ අඟුරු ඇතුල් කරන්න ඉඩක් ඇවිත් තියෙනවා.. ඒ වෙනුවෙන්ම ස්ටෑන්ඩ් එකක් හදා ගන්නවා නම් අඟුල් 2 ක් උසට හිටින්න හදාගත්තම ඇති...  ඕනේ නම් මැටි වලින්ම පොඩ්ඩක් උසට හදාගන්නත් පුළුවන්.. ( අපේ එකේ නම් ඒක එච්චර සාර්ථක උන් නෑ... මං හිතන්නේ ඉස්සරහින් අරං තියෙන ෆොටෝ එකේ ඒක පේන්න තියෙනවා..) 

මේක පත්තු කරගන්න දාන්නේ පොල්කටු අඟුරු කියලා මං කලින් කිව්වනේ... පොල් කටු කැබලි වලින් උනත් පත්තු කරන්න පුළුවන් උනත් එතකොට දැලි ප්‍රශ්නයක් එන නිසා, පොල්කටු අඟුරු තමයි සුදුසුම ම‌ෙග් අත්දැකීමේ හැටියට... අපි දෙන්නා පොල්කටු අඟුරු හදාගන්න ක්‍රමයත් ලියන්න හිතුවා මෙතනම... 

අඩියක් විතර පොඩි වලක් කපලා, ඕකට පොල්කටු ටික දාන්න ඕනේ.. පොල්කටු ඇතුලට වාතය යන විදියට අහුර ගත්තම වැඩේ ලේසියි... ඕනේ නම් භූමිතෙල් ටිකක් දාලා පත්තු කරගත්තට කමක් නෑ... හැබැයි අඟුරු ටික චූටියට කෑලි කැඩෙන්න කලින් වතුර ටිකක් දාලා නිවා ගන්න ඕනේ..  ගොඩක් පොඩියට කැඩුනම නාස්ති වෙන නිසා... තව එකක්.. නිවෙන්න ඇරලා ටිකක් සැරෙන් සැරේ බලන්න ඕනේ.. මොකද මේක ලේසියෙන් නිවෙන්නේ නෑ.. අපි දෙන්න පොල්කටු ගෝනි දෙකක් විතර ඒ විදියට නාස්ති කරගත්තා.. නිවිලා කියලා හිතලා ෂාපන් එකේ ගේ ඇතුලට වෙලා ඉඳලා, ගිහින් බලනකොට ගන්න දෙයක් නැතිවෙන්න ඇවිලිලා ගිහින් තිබ්බා... හි හි.. 

ඔය වලෙන් අරගත්තට පස්සේ ඔය අඟුරු ටික අව්වේ වේලගන්න ඕනේ දවසක් විතර.. ඒකට හේතුව තමයි තෙත අඟුරැ පිච්චෙනකොට අමුතු සැරක් එන නිසා... උයන්න ගියාම වෑංජන වලටත් ඒ සැර ගතිය එනවා.. වේලලා ගත්තම නම් ඒ කේස් එක ආවේ නෑ... ( මේ ඔක්කොම කරන්න දෙයක් නෑ පොල්කටු අඟුරු කඩෙන් ගන්න තියෙන නිසා... ඒත් ඉතිං ගෙදර තියෙන පොල්කටු ටික එකතු කරලා හදාගන්න පුළුවන්..) 

මේක මට නම් කාර්යක්ෂම බව අතින් ගෑස් ලිපට සමානයි... පත්තු කරගන්න නම් පොඩි වෙලාවක් යනවා මුලදි... පුරුදු උනාම ටක් ගාලා පත්තු කරගන්න පුළුවන්... පොඩි අඟුරු කෑල්ලක් රතු පාට වෙන්න ගිනියම් කරලා ( ගිනිකූරක් පත්තු කරලා අල්ලගත්තම ඇති..) ඒක අර පොල්කටු දාන කොටසට දාලා, තව අඟුරු කෑලි ටිකක් උඩින් තියලා ‌ෆෑන් එක දැම්මම විනාඩි කීපයක් ඇතුලත ලිප ලෑස්ති වෙනවා... දැලි බැදීමක් කොහෙත්ම නෑ... සාමාන්‍යයෙන් වතුර කේතලයක් රත් කරගන්න පුළුවන් පොල් කටු දෙකක විතර අඟුරු වලින්... 

ප්‍රධානම දේ තමයි මේ ෆෑන් එකට යන කරන්ට් එකත් එක්කම, පොල්කටු අඟුරු ගෙදර හදාගත්තොත් මාසෙකට හතර දෙනෙක් ඉන්න ගෙදරකට වැය වෙන්‌ෙන් යුනිට් 10කටත් අඩු ප්‍රමාණයක්... ගෑස් වල ගනං බැලුවාම නම් මේක මාර ලාබයි... ගෑස් ලිපත් එක්කම පාවිච්චි කළත් වාසියි ඇත්තටම මට නම්... 

මං මේ ලිප හොඳටම පාවිච්චි කරන කාලෙදි ගෑස් එකක් මාස 4කට කිට්ටු වෙන්න පාවිච්චි කළා.. විශේෂයෙන් රොටි හදන්න, වතුර උණු කරන්න, කඩල තම්බන්න වගේ වෙලා යන වැඩ වලට මං මේ ලිපමයි පාවිච්චි කරන්නේ... ගෙයින් එළියේ උනත් තියලා තියන්න පුළුවන්... අනිත් එක හදිසියේ ගෑස් ඉවර උනාම අමාරුවේ වැටෙන අපේ ගෘහණියක්ට නම් මේක පුදුම සහනයක් වෙයි.. ( මට නං දැනටත් එහෙමයි.. හි හි..) 

මේ වගේ පොල්කටු අඟුරු වලින් පත්තු කරන ලිපක් වෙළඳපලේ ගන්න තියෙනවා... නමුත් පාවිච්චි කරලා තියෙන තාක්ෂණය මේකමද කියලා නම් දන්නේ නෑ... මම ඒක පාවිච්චි කරලා නැති නිසා... මං හිතනවා මේක බලන කට්ටියට මේක තවදුරටත් දියුණු කරගන්න අදහස් තියෙයි කියලා.. ඔන්න එහෙනං අදහස්, දැනුම බෙදාහදා ගන්න සහ වාද විවාද වලට කමෙන්ට් තීරුව විවෘතයි අදත්..... හි හි

103 comments:

  1. අක්කේ නරකද ඕකට පේටන් ලයිසම ගත්තොත් හිරු ලිප් නිෂ්පාදකයෝ කියලා කොම්පැනියක් දාන්න බැරිවෙන එකක් නැහැ. ඔක්කොම වැඩේ කලේ අපේ මහත්තය අයියනේ (අර සුදු මහත්තය,පොඩි මහත්තය කියනවා වගේ නමක් තමයි ඔය මම හිතන විදියට) ඔයා ඔයා නමකුත් මේකට දැම්ම නේද ඉන්න මම අයියට කියන්නම්. අද කාලේ රට යන විදියට ගෑස් ලිප් පාවිච්චිකරන්න බැහැ මේ වගේ දේවල් හොඳ උදාහරණ කට්ටියට.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. පේටන්ට් ගන්න නං මේක මෙහෙම දාල හරියනවයැ...:P හංගං ඉන්නෙපෑ හි හි

      Delete
    2. හි හි.. මේවට පේට්න්ට් අරන් හංගගෙන තියාගන්න නෙවෙයි කෝරළයෝ ඕනේ.. දැනුම බෙදා හදාගෙන දියුණු කරගන්න.. නැන්තම් ඒකෙනුත් ඇති වැඩක් වෙන්නේ නෑ... හැම තිස්සෙම තමන්ගේ ලාබේ ගැනම හිත හිත හිටියට හිතට සතුටක් දැනෙනවයැ.... මේක දියුණු කරලා තව කෙනෙක් වැඩක් ගන්නවනං අන්න ඒකට තමයි මං මේ ටික ලිව්වේ...

      Delete
    3. හැ හැ හෑෑෑෑෑෑෑ................ ඉදහල්ලා මම හෛට මේකට පේට්න් එක ගන්නවා ......... තිත් දෙකයි ඩී

      Delete
    4. ඉස්සෙල්ලා හදලා බලලා හිටියා නං නරකද... හි හි

      Delete
  2. කොච්චර විතර වියදමක් යනවද ඕක හදාගන්න....කාලය කොහොමද ....?

    ReplyDelete
    Replies
    1. සංජය මේකට නම් අපි දෙන්නට කිසිම වියදමක් ගියේ නෑ... ෆෑන් එකත් පරණ එකක්... හැබැයි ෆෑන් එකක් 450ක් විතර වෙන නිසා යකඩ බට එක්ක බැලුවාම 1000- 1500ක් වගේ යයි වැඩිම උනොත්... අපි දෙන්න නම් මේකට වැඩිපුර පාවිච්චි කළේ ඉවත දාන දේවල්...

      හදාගන්න නම් එච්චර කාලයක් ගියේ නෑ... බට ටික නවා ගන්නයි, මැටි ටික ගහගන්නයි විතරයි ලොකු කාලයක් ගියේ.. දැන් මම නම් මේක අවුරුද්දක් වගේ පාවිච්චි කරලා තියෙනවා....

      Delete
  3. පට්ට ගැජට් එකක් නොවැ...ඩියුඩ්සිරා හුජ්ජ බෑග් එකට පස්සෙ බ්ලොග් අවකාශය තුල දැක්ක නව නිර්මාණය තමයි මේ... අපේ මහත්තයත් පට්ට ඩයල් එකක් නෙ....කම්පියුටරේටම සැට් කරලා හදා ගන්න පුලුවන් උනොත් ඔම්ලට් එකක් කාරිය දාන ගමන් බ්ලොග් ලියන්න පුලුවන්....

    ReplyDelete
    Replies
    1. කොහොමත් දැනුත් ඒ ව‌ෙග් තමා සිරා.... කොමිපියුටරේ තියෙන්නේ කුස්සියේ නොවැ.. හි හි

      Delete
  4. මාත් මෙ ලගදි දැක්කා ඔයින් එකක් විකුණන්න තියෙනවා.

    අනෙ හිරුවගෙ මහත්තයට කම්මැලි කමට කරන්න වැඩක් නැති හැටියක්. පව් දෙයියනෙ
    :D

    ReplyDelete
    Replies
    1. එයාගේ හැටි එහෙම තමයි මාරයියේ... ටිකක් හරි නිකම් ඉන්න වෙලාවක් අහුඋනොත් පොතකුයි පෑනකුයි අරගෙන සර්කිට් අඳින එක හරි බවුත් එකක් තියාගෙන සර්කිට් හදන එක හරි තමයි එයාගේ විනෝදාංශේ.. හි හි...

      Delete
    2. අප්පට සිරි ඒකද ඌගේ විනෝදාන්සේ , උඹ පව් බං

      Delete
  5. අම්මෝ අක්කේ මහත්තයා අයියත් නියම වැඩ කරයෙක් නේ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං අල්ලලා බැඳගත්තේ.. හි හි..

      Delete
  6. උයන පිහන දේවල්වල ගැජමැටික්ස් පිලිබද ඒතරම් දැනිමක් නැති නිසා මට වැඩි දියුනුකරගන්න අදහසක් දෙන්න අමාරුයි.ඒ උනත් නිර්මාණය අගය කරමි.

    මට මතක් උනේ අපේ කම්මල් වල...තියෙන පොල්ක‍ටු අඟුරු දල්වන්න යොදාගන්න තාක්ෂනය මීට සමානයි වගේ..!

    ReplyDelete
    Replies
    1. අන්න හරි වී... මේක හරියටම මයිනහමේ තාක්ෂණය තමයි.....

      Delete
  7. වැඩේනම් පංකාදුයි හිරුවෝ...ආයි ඒ ගැන කතා දෙකක් නෑ..
    අනේ ඒත් අපේ මහත්තයට කම්මැලි කමට ඕවම තමා ඉතින් වෙන වැඩක් කරන්න කියලයෑ නෝනා සයිබරේ එල්ලිලානේ.. පවු බං ඒකාට කම්මැලි කම යන්න මොනව හරි දීලම දාපංකෝ...

    ReplyDelete
    Replies
    1. //ඒත් අපේ මහත්තයට කම්මැලි කමට ඕවම තමා ඉතින් වෙන වැඩක් කරන්න කියලයෑ නෝනා සයිබරේ එල්ලිලානේ.// :P

      Delete
    2. හි හි.... මං නැත්තම් එයා මේ රටේ තොටේ වෙන කිසි දෙයක් දන්නෙත් නෑ.. නිවුස් ඔක්කොම මම කියන්න එපැයි.... ඔහේ කමක් නෑ... ඕවා එපා කිව්‌ෙවාත් මටමයි පාඩුව... හි හි..

      එයා ගෙදර ආපු ගමන් මේක අතෑරලා නැගිටින්න ඕනේ.. නැත්තම් නඩු... හි හි

      Delete
  8. passe ennam lamayo nidahase kiyawanna ona dewal mewa...
    karadahiya lipe dala baha mewa balanna...

    ReplyDelete
    Replies
    1. හා හා... ඒ පාර පරණ ලියුම් මිටියක්වත් පුච්චනවද.... හි හි...

      Delete
    2. පරණ ලියුම් නම් කවදාවත් පුච්චන්න බැහැ හිරු.
      දුක උනත් ඒවා හරි සුන්දරයි ..මන් ඒවා ඔක්කොම
      එකතු කරලා තියෙනවා.( ඒ උනාට බලන්නේ නැහැ )


      දැන් තමයි නිදහසේ කියෙව්වේ හිරු.. මට
      ප්‍රශ්නයක් ආව මේකේ ෆෑන් එක වැඩ කරද්දී අළු විසි
      වෙන්නේ නැද්ද හිරු උඩට? මාත් ඉස්සර ඔය එක එක
      වැඩ කරා ගින්දර එක්ක.කුඩු ලිපකුත් හැදුවා මෝලකින්
      දහ දුක් විඳලා දහයියා මල්ලක් අරන් ඇවිත් අම්බානක කොටලා කොටලා .:D
      ඒත් මගේ හැකියාවට කව්රුත් අත දුන්නේ නැහැ මෙයා..:(

      Delete
    3. මේකට දාන්නේ පොල් කටු අඟුරු නේ සහන්... අළු ඉතුර වෙනවත් හරි අඩුයි... එහෙම විසි වෙන්‌ෙන් නම් නෑ...

      පරණ ලියුම් තියාගෙන හිටියට වැඩක් වෙන්නේ නෑ සහන්... දකිනකොට සතුටික් ලබන්න පුළුවන් නම් තිබ්බට කමක් නෑ.. දුකක් දැනෙනවා නම් තියාගන්න එපා... දැන දැන දුක්ම එකතු කරන්නේ මොකටද... හි හි

      ///ඒත් මගේ හැකියාවට කව්රුත් අත දුන්නේ නැහැ මෙයා..:(//

      ඒක නේන්නං හැමෝටම වෙලා තියෙන්නේ.. හි හි

      Delete
    4. එහෙමද ? පොල් කටු ගැන මන් පරීක්ෂණ පවත්තල නැහැ
      වැඩිය පොඩි කාලේදී.ඔය වැඩේ මාත් කරලා බලන්න ඕනේ.
      ස්තූතියි කිව්වට . පොඩි ෆෑන් එකට ට්‍රාන්ස්ෆොර්මෙර් එහෙකුත්
      ඕනේ නේද ? ඒක ගැනත් දැම්මනම් හරි පොස්ට් එකකින්.
      නැත්නම් නොදන්න කෙනෙක්ට පැටලෙන්න පුළුවන්..
      රු 100 යද්දී ඒ ටික ගන්න පුළුවන් මන් හිතන්නේ ...


      අපේ අම්මට කුඩු ලිප් එපා උනේ මන් හිතන්නේ මගේ
      පරීක්ෂණ වලින් පස්සේ :D


      දකිනකොට සතුටක් නම් නැහැ , දුක හිතෙනවා .
      මන් ඒවා පෙට්ටියක දාල තියෙන්නේ පරිස්සමට ..ඇරලා
      බලන්නේ නැහැ.ඒ කාලේ ඩයරි ටිකත් ඒ පෙට්ටියේම දාල
      වහල තියෙන්නේ..දීපු කාර්ඩ් , ටොපි , චොකලට් කොළ ,
      බස් ටිකට් , කොච්චි ටිකට් , පාර්ක් වල ටිකට් පවා අන්තර්ගතයි..:(

      Delete
    5. ෆෑන් එකෙයි ස්විච් එකෙයි සර්කිට් එක අපේ මහත්තයව අල්ලගන්න පුළුවන් වෙච්ච වෙලාවට මේකටම එකතු කරන්නම් සහන්... මේ දවස් ටිකේ නං එයාව අල්ලන්න අමාරුයි... හි හි...

      Delete
  9. ෂාහ්...මේක මරුනේ.. ස්කොලේ යන කාලේ කුඩු ලිපක් නම් හැදුවා මතකයි.

    බැරි වෙලාවත් වයර් මාරු වෙලා ෆෑන් එක අනික් පැත්තට කැරකුනොත් ?

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් අපි දෙන්නට නම් උනේ නෑ පැතුම්... හැබැයි ඔය කියනවා වගේ දෙය්ක වෙයිද දන්නෙත් නෑ.. මේකෙදි නම් බටේ නවලා තියෙන විදිය නිසා රස්නෙන් බලපෑමක් ෆෑන් එකට එන්නේ නෑ...

      Delete
    2. කම්පියුටර් කූලින් ෆැන් වල + - මාරු උනාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඒව හදල තියෙන්නෙ + - මාරු උනොත් වැඩ කරන්නෙ නැති වෙන්ඩ...

      Delete
  10. අපේ මහත්තයා නව නිපැයුම්කරුවෙක් නේ බලං ගිහාම! මට පේන විදිහට මේකට තව ටිකක් හැඩ වැඩ දාල ගත්තොත් මුදල් කරන්නත් පුළුවන් ලේසියෙන්ම!

    ReplyDelete
    Replies
    1. මේ වගේ ලිපක් දැනටත් විකුණන්න තියෙනවා නාඩියෝ... හැබැයි තාක්ෂණේ මේකමද දන්නේ නෑ..

      Delete
  11. මං පින්තූරෙ දැකපු ගමන් හිතුවෙ ගේ ඇතුලෙ හුඹසක්වත් බැඳලද කියල (දිව දොට්ට)

    මමත් ඔයින් එකක් හැදුව ඉස්කෝලෙ කාලෙ ප්‍රදර්ෂණයකට.. ඕකෙ "පතුල රවුම් පැතලි භාජනය වෙනුවට ගත්තෙ හිස් ටින් එකක්. ටින් එක වටේටම හිල් පේළියක් විදිනව. ඒ හිල් පේළියට යටින් කම්බි දැලක් හිර කරනව. යටින් පැත්තෙන් බටයක් දාල ඒකෙ කෙලවරට ෆෑන් එක හයි කරනව..

    හැබැයි එතකොට කොටස් 2ක් වෙනව.. ගොඩක් අරපිරිමැස්වෙන් වැඩකරන ජෝඩුවක් වගේ...

    ReplyDelete
    Replies
    1. අරපිරිමැස්ම එපැයි යසිත් මේ මාසේ පඩියෙන් ජීවත් වෙන්න ගියාම... හි හි... ම්ම්ම්.. ඔව් ඔව්.. මේක මේ ඔහොම පොඩ්ඩ පොඩ්ඩ හැදුන එකක් තමයි.. දැං මේක බලලා කෙනෙක් හැදුවොත් මීට වඩා වෙනස් විදියට තව ටිකක් දියුණු කරගන්න උනත් පුළුවන් නේ...

      Delete
  12. මමත් දැකලා තියෙනවා ඔය ලිපම නෙවෙයි සහ ෆෑන් එකකුත් නැ. නමුත් උසට සිලින්ඩරාකාරව බටයක් එහෙම දාලා රස්නේ පිට නොවෙන අර SS Sheets කියලා තියෙන්නේ ඒවා එහෙම දාලා. පොඩි පොඩි දර කෑලි දාන්න පුලුවන් වෙන විදිහේ ලිපක්. ඒක උයන අතරෙදි ඕනෙම තැනකට ගෙනියන්නත් හැකිලු. මම නම් අත්හදා බලල නැ. අපේ ගම්වල නම් ඒනෙ හැටියෙ දර තියෙනවනේ. පොල් ගස්යට වැටිල යන පොල්පිති තමයි ගොඩක් වෙලාවට අම්මා උයන්න ගන්නේ. මොනව නමුත් අම්මට මෙවයින් එකකුතු හදලා දුන්න නම් වටි කියලා හිතෙනවා. එතකොට අඟුරැ දාන්නේ පැතලි රවුම් භාජනයටද. ටිකක් දැම්මම ඇති වෙයිද අඟුරැ. මේක හදලා දුන්නම කුස්සිය මුල්ලෙම වෙනම කොට්ට පදුරැ තියාගෙන දිගටම වාසය කරන්න වෙයිද ද්න නැ...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. කුස්සිය මුල්ලේ නිදා ගන්න වෙයි කිව්වේ කැඩෙයි කියලද... මේක නම් තාම කැඩුනේ නෑ රතී එකපාරක්වත්.. හි හි.. ඇත්තටම කැඩෙන්න තරම් දෙයක් නෑ නේ මේකේ.. එකම අවුල උනේ අර අඟුරු දාන භාජනේ අඩිය කැඩිච්ච එක විතරයි.. මං ඒකට කම්බි දැලක් දාලා පාවිච්චි කරනවා... . අඟුරු දාන්නේ ඒ භාජනයට තමයි.. භාජනයේ ගැඹුරත් එක්ක තමයි අඟුරු දාන ප්‍රමාණය රැදෙන්නේ... සාමාන්‍යයෙන් බත් උයද්දි එහෙම මුලදි රස්නේ වැඩිපුර තිබ්බට පස්‌ෙස් මඳ රස්නෙන් තැම්බෙන්නනේ තියන්‌ෙන්.. ඒ වගේ වෙලාවට අගුරු ටිකක් දාලා ලොකු දැල්ලක් එන්නේ නැති වෙන්න රස්නේ පාලනය කරගන්න පුළුවන්.. අනිත් එක ගොඩක් වෙලා අඟුරු වල රස්නය රැඳෙනවා මේකේ...

      ඇත්තටම අම්මලට නම් මේවයේ වටිනාම අපිට වඩා දන්නවා...

      ඔය දර ලිප මාත් දැකලා තියෙනවා.... ඒකත් හොඳ නිෂ්පාදනයක්...

      Delete
  13. ගෙවල් අයිති අය රු. 3000ක් විතර දීලා ගත්ත ඔය ජාතියෙ ලිපක් තියෙනවා මගේ කුස්සියෙ. තාම පාවිච්චි කරලම නෑ..ඒකෙ තියෙන්නෙ සිලින්ඩරාකාර ලිපේ බඳටම අර ස්විච් එක එක්ක ෆෑන් එක තියෙනවා. යට වෙනම ප්ලේට් එකක් තියෙනවා. ආ සිලිංඩරාකාර බඳ උස්සලා අළු අයින් කරන්න පුළුවන් වලඳ තියන්න අර සිදුරු තියෙන වලඳෙ හැඩේට හදපු කොටසක් තියෙනවා..එච්චරයි

    ReplyDelete
    Replies
    1. ඔව් කඩේ තියෙන එක ඒ වගේ ගානක් වෙනවා...

      අපේ එකේ අඟුරු දාන භාජනේ මොකකටවත් හයි කරලා නෑ.. කලින් මැටි වලින් හදද්දිම ඒක තියලා හදා ගත්තට පස්සේ දැං ඒක ගලවලා අතට ගන්න පුළුවන්.. එහෙම තමයි අළු අයින් කරන්නේ.. බැරි වෙලා හරි බටේ ඇතුලට අගුරු කෑලි වැටිලා අවුලක් උනොත් ෆෑන් එක ගලවලා සුද්ධ කරන්න පුළුවන් වෙන විදියට තමයි තියෙන්නේ...

      Delete
  14. නියම නිර්මානය.

    නිකමට වගේ ෆැන් එක පැත්ත මාරු කරල බලන්න..

    ජය !

    ReplyDelete
    Replies
    1. හි හි.. මෙයාට හිතෙන දේවල්. .

      Delete
  15. නියමයි.වැඩි දියුණු කරලා ගත්තොත් කෝරලේ මහත්තයා කිව්වා වගේ බිස්නස් එකක්ම පටන් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දැනුම දුන්නේ කට්ටියට දියුණු කරගන්න තමා ප්‍රමුදි.. තමන්ගේ බඩ ගැන විතරක්ම හිතලා වැඩක් නෑ නේ... හි හි

      Delete
  16. උඹලෑ මහත්තයත් "යකෙක්" නොවැ. කම්මැලි හිතුනම මෙහෙම එව්ව කරනවනම් හොඳට උත්තේජනේ උන වෙලාවට හනුම වගේ ඇති :D

    අගේ ඇති වැඩක්, කවුද රූප සටහන ඇන්දෙ? ඒකෙම ගල් අඟුරු තියෙන විදියත් පෙන්නුවනං තව පැහැදිලි වෙයි කියල හිතනව.

    ReplyDelete
    Replies
    1. එයාට දෙයක් හිතුනම පස්සෙන් ඇන ඇන එන්න කෙනෙක් ඉන්නවම් හරි ආසාවෙන් ඕනේ දෙයක් කරනවා.. හි හි... ඒකට ඉතිං දැං මං ඉන්නවනේ...

      මං තමයි ඇන්දේ... මං ඔය එන්න ඕනේ විදිය විතරක් හිතාගන්න පුළුවන් වෙන්න රෑප සටහන ඇන්දේ.. ලිපේ ෆොටෝ දෙකෙන් අයිඩියා එක ගන්න පුළුවන් නේ... අඟුරු දාන්නේ අර උඩින් තියෙන භාජනයට... ඊට උඩින් ස්ටෑන්ඩ් එකක් තියාගත්තම භාජනේ තියන්න පුළුවන්... අපේ එකේ නම් මැටි වලින් වටේ උස්සලා තියෙන නිසා රොට් තැටිය එහෙම නිකම්ම තියන්න පුළුවන්.. නැත්තම් මං පාවිච්චි කරන්නේ ගෑස් ලිපක ස්ටෑන්ඩ් එක...

      Delete
  17. දැන් ඉතින් බ්ලොග් කියවන නොනාලගේ මහත්තුරුන්ට තමා කරදරේ මේක දැකලා මේවයින් එකක් හදල දෙන්න කියලා
    ලකියානම් සොබාවිකවම ඔය නිර්මානාත්මක වැඩ වලට (කොම්පීතර වැඩ කෑලි ඇර )පොඩ්ඩක් කම්මැලි

    ReplyDelete
    Replies
    1. හි හි... කම්මැලි ලකියා....

      Delete
  18. එල එල ඕක ඩිවලොප් කරලා ගත්තා නම් ආදායම් මාර්ගයක් කරගන්නත් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. අම්මට එකක් හදලා දීලා ලකුණු ටිකක් දාගන්න ඔයත්.. හි හි

      Delete
  19. පට්ටම ගැජට් එකක් අම්මගේ (කුස්සියට)බ්ලොග් එකට නම් පංකාදු පහයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඒකනේ ගයිනි... අපේ අම්මගේ බ්‌ෙලාග් එක නම් අවන් එක කිව්වනං තමයි හරි... හි හි

      Delete
  20. අහ්හ්..... මෙන්න මරු නිර්මාණයක්..... ඉස්සරහට බලමුකෝ ප්‍රයෝජනයට ගන්න..... :)

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ ළමයි... හි හි

      Delete
  21. නියමයි නේ.. දැනුමෙන් ඔන්න ඔහොම වැඩ ගන්න එක තමා කරන්න ඕනේ. තමන්ගේම නිර්මාණ. දකින්නත් සතුටුයි මෙහෙම ඒවා. ලිප වටේට ඝන කමට මැටි යොදනවා නම් වීදුරු කටු ටිකකුත් දාන්න පුළුවන් වෙයි ඒ අතරට. රස්නේ හුඟක් වෙලා තියෙයි එතකොට.. බේකරි වල පෝරණු හදන්නේ එහෙම..

    ReplyDelete
    Replies
    1. අන්න ඒක හොඳ අදහසක්.. අපි එහෙම කළේ නෑ නේ.. ඔන්න ඔය වගේ අදහස් එකතු කරන්න තමයි මේ පෝස්ට් එක දැම්මේ.. මේක කියවන කෙනෙක්ට උනත් එතකොට පොඩිඩක් හදන්න බලන්න පුළුවන් නේ....

      Delete
    2. තිරුවාණා ගල් ටිකකුත් දා ගත්තනම්....

      Delete
  22. වැඩේ නියමයි...
    නිකන්ම මැටි වලින් නැතුව,හුඹස් මැටි+ගොම+දර අළු එකට කලවම් කරලා,වතුරෙන් අනලා සතියක් විතර පදම් වෙන්න තියලා ගත්තනම් ඔයිට වඩා සුමට පෙනුමක් එන විදියට හදන්න තිබුණා.
    ෆෑන් එකට පවර් සප්ලයි කරන්නෙ කොහොම ද...? සමාන්‍යයෙන් යුනිට් 10ක් තියා 5ක් වත් වැයවෙන්න ඉඩක් නෑ මේකට.
    අර පිරිමැස්මෙන් වැඩ කරන අයට කියාපු භාණ්ඩෙ...

    ReplyDelete
    Replies
    1. අපි නම් වත්තෙන් කපා ගත්ත මැටි තමයි පාවිච්චි ක‌ෙළ්.. දැන් ඉන්න තැන ඕවා කරන්න ඉඩක් නෑ... ඒකයි හැඩ වැඩ කරන්න බැරි.. ඔය සුම්ත් අයියා කියපු විදියට හදා ගත්තනං හරි තමයි...

      ෆෑන් එකට පවර් සප්ලයි කරන විදිය අපේ මහත්තයාගෙන් අහලා දාන්නම්.. මං හිතුනේ හමෝම ව‌ෙග ඒ කෑල්ල දන්නවා ඇති කියලා. පොඩි වැඩක් කියලා අපේ මහත්තයා කිව්වේ...

      ඇත්තටම මං නම් යුනිට් 5කටත් අඩුවෙන් තමයි ගියේ.. ඒ දවස් වල මාසයක්ම මේකෙන්ම උයලාත්... හැබයි ඉතිං අපේ ගෙදර දවසට බත් උයන්නේ එක පාරයි, රෑට මොනා හරි පොඩි දෙයක්‌ෙන් හදන්නේ.. රොටි හදන, ආප්ප පුච්චන වැඩ වලට මේක නියමයි... පොඩි ළමයි ඉන්න ගෙවල් වල ටිකක් වැඩි වැඩියි නේ.. ඒකයි මං යුනිට් 10ක් කියලා දැම්මේ...

      ඇත්තටම හරි වටිනවා සුමිත් අයියේ.. ලොකුම දේ තමයි මේක ගේ ඇතුලේ තියාගන්න පුළුවන් වෙන එක.. මේ පැති වල එළියේ ලිපක් බැඳගන්නවත් තැනක් නෑ නේ.. ඉතිං වතුර ටිකක් උණු කරගන්න උනත් මේක පාවිච්චි කරතෑකි ගෑස් එක ඉතුරු කරගෙන...

      Delete
  23. අන්න බලන්න කම්පූටර් තාස්සනෙ ලිපට දැම්ම ගැටි...:D
    හිරුව හොඳයි.. අපේ මහත්තයා හොදාආආආඅයි :D

    සිරාවටම බොරු නෙමේ හිරු අක්ක හරිම අරපිරිමැස්මෙන් වැඩ කරන කෙනෙක්. හරිම ආඩම්බරයි අද කාලෙ ඉන්න අයත් එක්ක බලපුවාම :))

    ReplyDelete
    Replies
    1. හිරු අක්ක නම් අරපිරිමැස්මක් දන්නෙම නැති එකෙක් සමී.. ආයිත් බොරු කියන්නේ මොකටද... ඒත් මේ වගේ දෙයක් කරලා බැලුවට පාඩුවක් වෙන්නේ නෑ නේ.. හි හි

      Delete
  24. මට පේන්නේ මෙයා අයියව කම්මැලි කරවලා මේ වගේ වැඩ කර ගන්නවා වගේ.. මොනා උනත් වැඩේ නම් නියමයි..

    ReplyDelete
    Replies
    1. හි හි... ගෑණු මායම්.. ඔයාටත් ඔය සන්තෑසිය තමයි.. බලං ඉන්න දත කට මැදගෙන.. හි හි..

      Delete
  25. මම අද ලියන්න ඉන්න පොස්ට් එකට යම් තාක් දුරකට සමානතාවය තියෙනවා මේකේ. මම ආසයි මේ වගේ වැඩ වලට. මගේ දුවට සෙල්ලම් කරන්න බොහෝ දේ මේ වගේ හදල දීල තියෙනවා. හැම තිස්සෙම බඩු මිල, තෙල් මිල, ගෑස් මිල වගේ දේවල් වලට කෑ ගහන්නේ කම්මැලි මිනිස්සු. මේ වගේ කල්පනා කරලා ජය ගන්න අයත් ඉන්නවා. අද රටට අවශ්‍ය මේ වගේ ආදර්ශමත් නෝනලා/මහත්වරු. දර ලිපක උයපු කෑම කන්න ආස හිතිලා තමයි මහත්තයා ඕක හදන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. කරන්න දේවල් තියෙනවා සුදීක අයියේ.. ඒත් අපේ මිනිස්සුන්ට මෙහෙම දෙයක් කරනවා කිව්වම හරියට බලන්නේ හොරකම් කරනව කිව්වා වගේ.. අපේ මිනිස්සුන්‌ෙග් ආකල්ප හැදිලා තියෙන්නේ එහෙම... රස්සාවක් නම් ඔෆිස් එකක වෙන්න ඕනේ.. නැත්තම් වැඩක් නෑ... මේ වගේ දේවල් කරන එක තත්වෙට හරි නෑ... ඔහොමනේ හිතන්නේ.. නැත්තම් අපේ මිනිස්සුන්ට දියුණූ වෙන්න පුළුවන්...

      බොරු කියන්නේ මොකටද අපේ අම්මලා උනත් මේවා දිහා බලන්නේ නිකම් අමුතු විදියට... ( ඒ ඉතිං මං හිතන්නේ අම්මලගේ හැටි.. තමන්ගේ දරුවට සැප දෙන්නනේ එයාලා බලන්නේ.. එයාලා මුල් කාලේ දුක් වින්දා වගේ මාත් දුක් විඳිනවා කියලානේ එයාලා හිතන්නේ.. ) ඒත් අපේ මහත්තයා මේ ව‌ෙග් වැඩ කරනකොට මටත් ආසයි... හැබැයි ඉතිං ගේ විනාස කරගෙන ඕව කරනකොට කේන්තිත් යනවා තමයි... හි හි...

      අපේ මහත්තයා එහෙම කියලා විශේෂයෙන් ඒ දේවලට ආස නෑ සුදීක අයියේ.. එයාගේ ආසම කෑම පරිප්පුයි පානුයි.. හි හි...

      Delete
  26. මාත් මෙයින් එකක් හදන්න ඕනේ මේක සම්පූර්ණයෙන්ම පොල්කටු අගුරු වලින් පුරවනවද ? // නැත්නම් බටේ මැදින් දැල් කෑල්ලක් හිර කරලා ඒ මට්ටමට පුරවනවද ?

    ReplyDelete
    Replies
    1. නෑ ඉමල්ක.. මේකේ අඟුරු දාන්නේ අර උඩ තියෙන භාජනයට නේ.. ඒකේ අඩියේ හිල් විදලා තියෙන්නේ, හුළං පාර එන්න.. ඉතිං තමන්ට අවශ්‍ය ගානට අඟුරු දාගන්න පුලුවන්... මදි නම් තව යකඩ පටි කෑල්ලක් අඩුවක් වගේ නවලා අඟුරු ඇතුල් කරන්න පුළුවන්... ඒ භාජනය බටේට සම්බන්ධ නැති නිසා නිවුනට පස්සේ අතින් අරන් අළු අයින් කරන්නත් පුළුවන්..

      Delete
  27. පට්ටයි හිරුවෝ.

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ කල්හාන්.. හි හි

      Delete
  28. අපේ අම්මට මේක හදලා දෙන්ඩ වටිනවා. මීට කාලෙකට උඩදි අපි කුඩුලිපක් හදලා දුන්නා. කුඩු කිව්වේ ලී කුඩු. :)

    ReplyDelete
    Replies
    1. හදලා දෙන්න.. ලකුණු ටිකක් දාගන්න පුළුවන් වෙයි.. අවුලක් උනොත් කියන්න.. පුළුවන් විදියට උදවු කරන්නම්... හි හි

      Delete
  29. දැන් මහත්තයා තාක්ෂණය දාලා දීපු නිසා මේක පොඩ්ඩක් පෙනුමට හදාගන්න එක හිරුට කරන්න බැරියැ :.. වැඩේ නම් ආතල් වගේ පේනවා... ඕක සුද්ද කරගන්න පහසුවෙන විදිහට අඟුරු එකතුවෙල තැන අරින්න කවුළුවක් වගේ හදලා එහෙම ගත්තොත් වැඩේ නැගලා යයි.

    ReplyDelete
    Replies
    1. මේ දැං ඉන්න තැන නම් මුකුත් කරන්න බෑ තිසර.. හි හි..

      සුද්ද කරන්න එච්චර දෙයක් නෑ තිසර.. නිවුනට පස්සේ අර භාජනය අතින් ගත්තා.. අනිත් පැත්තට හැලුවා අළු ටික.. සිම්පල් ප්ලෑන්.. හි හි... ඔය උඩ තියෙන අඟුරු දාන භාජනේ මැටි ටික වේලුනාට පස්සේ ගලවලා ගන්න පුළුවන්... මැටි වලින් වටේට ආධරකයක් තියෙන නිසා බටේට සම්බන්ධ කරන්න දෙයක් නෑ.. නිකම් බටේ උඩ තියලා තියන්න පුළුවන්... බැරි වෙලා හරි අළු හරි අගුරු කෑලි හරි බටේ ඇගුලට වැටුනොත් ෆෑන් එක ගලවලා, ඒ පැත්තෙන් සුද්ද කරන්න පුළුවන්...

      Delete
  30. ටික දවසක් අපේ මහත්තය අමතක වෙලා හිටිය. දැන් ආයෙත් ඇවිත් තියෙන්නෙ.
    අපේ මහත්තය කිව්වහම තනි අයිතිකාරයෙක් නෑ වගේ. මගෙ මහත්තය කිව්ව නම් හොදයි නේ. හී

    වැඩේ නම් ඉස්තරම්. ඔය වගේ දෙවල් තනියම කන්නෙ නැතුව මෙහෙම බෙදාගන්න එක වටිනව. ඔයාලගෙ මහත්තය(ඔයාගෙ මහත්තය) නියම වැඩ්ඩෙක් ආ.

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයා කියන්නේ හැඳින්වීමේ පදයක් විතරයි... තනි අයිතිකාරයා මම.. හි හි... ( මගේ මහත්තයා කියන එකේ රයිම් එක හරි යන්නේ නෑ මට.... අනිත් එක දැං ඔක්කොම අය එයාව දන්නෙත් ඒ නමින් නේ.. හි හි)

      එක තමයි දේශ් මේක දාන්න හේතුවත්.. මේකම නොවුනත් මේ වගේ දෙයක් හදාගන්න පුළුවන් කෙනෙක්ට අයිඩියා එකක් ගන්න පුළුවන් නේ... කාට හරි වටියිනේ... ඒකයි දැම්මේ.. හි හි

      Delete
    2. අපේ මහත්තයා කියන්නේ හැඳින්වීමේ පදයක් විතරයි... තනි අයිතිකාරයා මම.. හි හි...

      ....මෙයට සිංහල ටීචර්.....

      Delete
  31. මේ ලිප කඩවල් වලට ආපු කාලෙම අපේ යාලුවෙක් ගත්තා.. මමත් ඕක හදන්න තනියම හදන්න හිතාගෙන් අර ලිප හොදට ස්ටඩි කරා.. ඒත් හදාගන්න වේලාවක් හම්බුනේ නෑ තාම..

    ReplyDelete
    Replies
    1. හදන්න හදන්න.. හි හි...

      Delete
  32. මරු ලිපක්නේ පොඩි ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ ... හිරු දන්නේ නැද්ද කුඩු ලිප් ගැන ..අර ලි කුඩු දාලා පත්තු කරන්නේ ලොකු ටින් එකකට හිලක් විදලා..එකත් ටිකක් මේකට සමානයි ..

    ReplyDelete
    Replies
    1. කුඩු ලිප මීට වඩා වෙනස් චමී... ඇන්කර් ටින් එකකින් හැදුවා මතකයි මටත්.. හි හි

      Delete
  33. නිකන් තෝමස් අල්වා එඩිසන් වගේ එකෙක්ව නේ බැඳගෙන තියෙන්නේ.. මරු ඈ... මම හිතාගෙන ආවේ කම්මැලි කමට වෙන මක්කවත් කොරනවයි කියලා.. වල් හිතනෙවැ මගේ.....

    ReplyDelete
    Replies
    1. හි හි... මාතලන් පරක්කු වෙලා ඇවිත් අදත්....

      Delete
  34. හරිම අපූරුයි හිරුවෝ. නියම නිර්මාණයක්. මොකා මොනා කිවුවත් සිය රටදේ සිරි සැපදේ කියන එක තමයි මගේ තියරිය. එල කොල්ලෙක් නේ බං මේ අපේ මහත්තයා කියන්නේ. බොලා දෙන්නටම සුභ නත්තලක්.

    ReplyDelete
    Replies
    1. සරා අයියටත් සුභ නත්තලක් වේවා... හි හි

      Delete
  35. මේකනම් අත්හදා බලන්න වටින වෑඩක්නේ හිරු.. බොහොම ස්තුතියි අදහසට.... දිගටම එන්නම් පෝස්ටු කියවන්න...

    ReplyDelete
    Replies
    1. එන්න එන්න... හි හි... ( එන්න මං ලියන්න එපැයි නේද... හි හි)

      Delete
  36. ෂා, කම්මැළි නැති ආදර්ශමත් යුවලක්නෙ. :) නව නිර්මාණය අපූරුයි වගේම ඒ දැණුම බෙදා හදා ගැනීමත් අගේ කරනවා හිරු.

    ReplyDelete
    Replies
    1. ////කම්මැළි නැති ආදර්ශමත් යුවලක්නෙ//

      අනේ මං අහිංසකයා නලිනි... හි හි.. මං ඇවිල්ලා නොම්මර එකේ කම්මැලියෙක්.. මේවා අපේ මහත්තයාගේ වැඩ...

      Delete
  37. ටිකක් මහන්සි වෙන්න සිද්ධ උනත් වාසි සහගත ක්‍රමයක් වගේ. එල කිරි. මේක බලලා තව ටික දෙනෙක් හරි මෙහෙම එකක් හදාගනීවි කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. එච්චර මහන්සියක් වෙන්න දෙයක් නෑ සයුරි... පොඩි කාලේ වගේ හොඳට මැටි නාන්නත් පුළුවන්... හි හි...
      ඔවු .. ඒක හිතලා තමයි දැම්මේ...

      Delete
  38. Gedara wiyadamata punchi wasiyak wei wage hada gaththoth. Kiyala balannam awama.

    Me post eka kiyewwe nam dapu dawasemai. Eth e welawema ayya katha karapu nisa coment karanna bari una. Ada awe aluth ekak balanna. Nane mekatama coment kala onna.

    ReplyDelete
    Replies
    1. සරා අයියා මේක මීට වඩා හොඳට හදලා දෙයි මං හිතන්නේ.. හි හි

      Delete
  39. මහත්තයා පව්...කම්මැලිකමට වෙන කරන්ට වැඩක් නැති හන්දා ලිප් හදනවා ඇති.

    ගෙදර ඉන්න අනික් එක්කෙනා කම්මැලියෙක්ලුනේ.:-)

    ReplyDelete
    Replies
    1. එයා එහෙම තමයි පොඩ්ඩි... ගෙදර ඉන්නකොට එයාට කම්මැලිකමක් එන්නේ කරන්න වැඩක් නැත්තම් විතරයි... හි හි

      Delete
  40. දෙන්නම නියම වැඩකාරයෝ දෙන්නෙක්.. මේවා තිමයි නියම අත්හදා බැලීම් සහ පර්යේෂණ. අගයකළ යුතු වැඩක්. මේවගේ නිර්මාණයක් ලියාපදිංචිකරගැනිම නුවනට හුරුයි. සියරට දේ සිරිසැපදේ.. කතාවක් නෑ නියම නිපදවිමක්

    ReplyDelete
    Replies
    1. මේක දැම්මේ පුළුවන් කෙනෙකුට හදාගන්න අයියේ.. මේ ව‌ගේ ලිපක් කඩේ ගන්න තියෙනවා .. හැබැයි මේ තාක්ෂන්මද දන්නේ නෑ...

      Delete
  41. අක්කනම් හරිම ලකී අක්කගේ මහත්තයා ඔය විදියට අක්කට උදව් කරන නිසා. අපේ එක්කෙනාගෙන් වැඩක් ගන්න වඳින්න ඕනේ. :) අනෙක කරන්න දන්නා එකක්යැ. මමම ඕනේ කියලත් දෙන්න කුස්සියේ වැඩත්.
    හා පැංචිගේ ලෝකය

    ReplyDelete
    Replies
    1. මමං හිතං හිටියට වඩා අපේ මහත්තයා නම් හොදයි.. හි හි ( මේ වගේ වෙලාවට විතරයි... හි හි)

      Delete
  42. ශා ...අපේ මහත්තයා හැබෑ දක්ෂයෙක් නේ :) ඔය වගේ ලී කුඩු ලිප් නම් මම දැකල තියනවා ..ඒවාට ඉතින් කටින්නේ පිඹින්න ඕන ...ටිකක් දියුණු කරලා හැඩ වැඩ ටිකක් දැම්මනම් නව නිර්මානේ තවත් ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. හැඩ වැඩ දාලා තමා ‌ෆොටෝ ගන්න හිතං හිටියේ.. ඒක වෙන පාටක් නැති නිසා තමයි මෙහෙමම දැම්මේ.. හි හි

      Delete
  43. ම්ම්... නියම වැඩක්නෙ..

    මාත් හදලා බලන්නම්..

    මේක හදාගන්න යන වියහියදම් වගේම පාවිච්චියේදී යන වියදම් එහෙමත් දැම්මානම් තවත් හොඳයි..

    පොල්කටු අඟුරු හදන වැඩේට තමා වෙලා නැත්තෙ..

    ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. වියදම් ගැන දැම්මේ නැත්තේ හරී මේකට යන වියදම දන්නේ නැති නිසා.. අපි හැදුවේ අහක දාන බඩු ටිකක් එකතු කරගෙන... ‌ෆෑන් එක 450 ක් විතර වෙනවනේ.. බටත් එක්ක බැලුවම නම් 1000 - 1500 ත් අතර වගේ ගානක් යයි...

      අඟුරු හදන්න එච්චර වෙලා යන්නේ නෑ.. ඔන්නං පැය බාගයක් යයි.. හි හි
      අනිත් එක දැං ‌‌පොල්කටු අඟුරු ගන්න තියෙනවා කඩවල් වල...

      Delete
  44. තාම පේටන් එක නෑ නෙ නේ.. ;)
    උස්සන්නෝනෙ.. ;)

    මොනා උනත් මරු වැඩක් ඈ.. සැමියාගේ කාර්යයන්ට උදවු පදවු කරන භාර්යාවක් වීම පිළිබද මාගේ හදපිරි මෙවුවා එක!!

    ReplyDelete
    Replies
    1. උස්සන්න හිතන්න කලින් හදලා බලන්නකෝ.. ඔක්කොටම කලින් හිතන්නේ ඉස්සිල්ල ගැන.. හි හි

      Delete
  45. අඩේ මේක මරුනේ.... හිත හිත ඉන්නේ නැතුව කරලා තියෙන්නේ ගින්දර වගේ තමා වැඩේ එල ඈ...

    ඒක නෙමේ මට මතක්වුනේ අර බාබකියු දාන මෙව්ව එකක් හදලා මැරුණු කපල් එක... අර හොටෙල් රූම් එකක මැරිලා හිටියා කියලා එහෙම නිව්ස් වලට කිව්වේ....

    ඒ නිසා පරීස්සමට මෙව්වා කරන්න හොඳේ සිරාවටමයි කියන්නේ... තව දහසකුත් එකක් නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනයකුත් කරනවා කාටද ඉතින් ආඩම්බර..

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයා වෙලාවකට කරගන්න වැඩත් ඔය වගේ තමයි ගැමියෝ.. පණ්ඩිතකම වැඩියි නේ... හි හි.. ඒත් මං ඉන්නකොට පරිස්සමෙන් කරනවා...

      Delete
  46. ලංකාවට ගිය කාලෙක අත්හදා බලන්නංකො හිරුලිප

    ReplyDelete