Thursday, December 20, 2012

අගක් මුලක් නැතුව මට හිතෙන දේවල්...



සමහර වෙලාවට මට හිතෙනවා මං ඉපදිලා තියෙන්නේ වැරදි තැනක, වැරදි කාලෙක කියලා... මට හරියි කියලා හිතෙන ගොඩක් දේවල් කරන්න මේ සමාජයේ ඉඩක් නෑ.. විශේෂයෙන්ම සාම්ප්‍රදායික සමාජයේ තියෙන වැරදි මට පේන හින්දා..සමහර සම්ප්‍රදායික අදහස් වෙනස් වෙන්න ඕනේ කියලා බහුතරය හිතුවත් තාමත් ඒ තත්වය ඇති වෙලා නැති නිසා...

තව ටිකක් හිතලා බැලුවාම බෝධිසත්වයෝ පස් මහ බැලුම් බලපු එකේ කිසි අවුලක් නෑ කියලත් හිතෙනවා.... 

කතාව තියෙන්නේ කාලය, දීපය, දේශය , කුලය සහ මව කියන ජාති පහ ගැන සලකලා බලලා මේ ලොවට ආවා කියලනේ... 

ඕකේ කුලය කිව්වේ රජ කුලයක ඉපදෙන්න තීරණය වෙන්නේ ඒ කුලය ජනතාව පාලනය කරන්න දක්ෂ සහ ජනතාව ගරු කරන, වටේට රැස් වෙලා ඉන්න කුලයක් වීම නිසා නායකත්වයට වැදගත් වීම නිසානේ... නැත්තම් අඩු කුලේක ඉපදුනු සෝපක දරුවාත් රහත් වෙන්න පින් තිබුණු කෙනෙක්... ඒත් බෝධිසත්වයෝ පෙරුම් පිරුවේ බුදු වෙන්න.. බුදු වෙනවා කියන්නේ නායකත්වයක්... ඒකයි නායකත්වයට එන්න ලේසි, අනිත් අය ඒ නායකත්වය පිළිගන්න කුලයක ඉපදුනේ.. දීපය, දේශය කියන්නේ බුදු වෙන්න සුදුසු පරිසරයක් තිබීම සහ බුදු කෙනෙක් දේශනා කරන ධර්මය ‌තේරුම් ගන්න පුළුවන් තරමේ බුද්ධිමතුන් ඉන්න සාමාජයක් වීම වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ... 

කාට හරි මොනම දෙයක් හරි කරන්න යනකොට හෝ අලුත් දෙයක් හිතන්න හරි උත්සාහ කරන කොට ඒකට හරියන මානසික හා සාමාජීය පරිසරයක් නැත්තම් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නෑ...  

දැං අපේ රටේ උනත් එක එක විදියේ දක්ෂතාවයන් තියෙන අය ඉන්නවා.. හැබැයි සමහර විට ඒ දේවල් වලට සමාජයේ වැදගත්කමක්, පිළිගැනීමක් ලැබෙන්නේ නෑ... 

උදාහරණයක් විදියට කවුරුහරි කෙනෙක් උපතින්ම ඉතාමත්ම දක්ෂයි පාරම්පරික වෛද්‍ය ක්‍රමයකට.. හිතමුකෝ කැඩුම් බිඳුම් වලට කියලා... ඕවා පාරම්පරිකව ආවත් දැං ඒ වගේ වෙද පරම්පරා අඩු නිසා ඔය වෘත්තියේ නියැලෙන අය අඩුයි.. දැං මේ කෙනා ඉන්නේ ඈත දුෂ්කර පලාතක නම් ඒ දක්ෂතාවය කොච්චර තිබුණත් සමාජයට වැඩි දෙයක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ... මොකද වැඩි දෙනෙක් ඒ ගැන දන්නේ නෑ.. ඒ කෙනා තමන් ළඟට එන අයට බේත් කරලා තමන්ගේ බඩ වියත රැක ගෙන ජීවත් වෙලා මැරිලා යාවි... හැබැයි ඒ කෙනා රජ කාලේ ඉපදුනා නම් සමහර විටක අද අපි පාවිච්චි කරන වෙද පොත් වගේ සමාජයට ඉතාමත් වැදගත් යමක් ඉතුරු කරලා යන්න අවස්ථාවක් උදා වෙන්න තිබුනා වෙන්න පුළුවන්... ඒ වගේම මේ කෙනා මේ කාලේ ඉපදෙනකොට නගරබද ප්‍රදේශයක් කිට්ටුවක යම්කිසි ආකාරයක් තාක්ෂණික දියුණුවක් තියෙන තැනක ඉපදුනා නම් අද කාලේ උනත් මේ සමාජයට වැදගත් දෙයක් දෙන්න පුළුවන් වේවි... 

දැං එතකොට ඕකට බලපාන්නේ මොකද්ද... වාසනාව, පින, කර්ම ශක්තිය... මොකක්හරි වෙන්න පුළුවන්... 

මං හිතනවා අපි ගොඩක් දෙනෙක්ට ජීවිතේ යම්කිසි වෙලාවක මේ විදියට හිතෙන්න ඇති කියලා... ඇයි මං මේ රටේ ඉපදුනේ...? ඇයි මං මේ පවුලේ ඉපදුනේ.... ? ඔහොම හිතෙනවා මට නම් සමහර වෙලාවට... විශේෂයෙන් මට හරි කියලා හිතෙන දෙයක් කරන්න අවස්ථාවක් නැති උනාම සහ මට වැරදියි කියලා හිතෙන දෙයක් මං අවට සිද්ධ වෙනවා දැක්කම... 

දැං ඔය වාහන එළවිල්ල, පාරේ කුණු දැමිල්ල උනත් මං අකමැති දෙයක් වෙන්නේ ඒක මට වැරදි දෙයක් වෙන නිසානේ.. එහෙම වෙලාවට හිතෙන්නේ අනේ ඇයි අප්පා මං මේ රටේ ඉපදුනේ කියලා... හි හි... 

කලින් කිව්වා වගේ මේක පින හෝ වාසනාව නිසාමද...? නැත්තම් අපි මේ කාලයේ ඉපදිලා ඉන්නේ යම්කිසි දෙයක් අවබෝධ කරගන්නද කියලා මට හිතෙනවා... ඔය මට හරි මට වැරදි කෑල්ල එන්නේ අපේ බුද්ධි මට්ටම එක්කනේ.. ඔය බුද්ධි මට්ටම එන්නෙත් මේ සමාජය ඇතුලේ අපි ජීවත් වෙන ගමන්මනේ...  එත‌ෙකාට අපේ බුද්ධි මට්ටමට තේරෙන,‌ මේ සමාජයේ තියෙන වැරදි හරි ගස්සගන්නද අපි මේ කාලේ ඉපදුනේ කියලා මං කල්පනා කරනවා.. 

දැං මීට අවුරුදු ගානකට කලින්, අවුරදු 50කට විතර කලින් තිබුණේ නැති ආගමික ප්‍රබෝධයක් අද තියෙනවා මං දකිනවා... එක එක විදියේ ලොකු ප්‍රශ්න තිබුනත්, ඉස්සර මිනිස්සු පන්සල් ගිය විදියට සහ ආගම අදහපු විදියට වඩා වෙනස් විදියකට අද අය පන්සල් යනවා, ධර්මය ගැන කතා කරනවා සහ ඉස්සර මිනිස්සු ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කළාට වඩා වැඩි ශක්තියක් වැය කරලා අද මිනිස්සු ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා කියලා මට පේනවා... 

එහෙම වෙන එකයි හරි කියලත් මට හිතෙනවා... 

එත‌ෙකාට ‌මේ ඇති වෙලා තියෙන්නේ මේ රටේ, මේ සමාජයේ මොන විදියකින් හරි ලොකු පෙරළියක් ඇති වෙන කාලයක්ද කියලා මට හිතෙනවා.. 

එත‌ෙකාට ආයිමත් කල්පනා වෙනවා එහෙනං ඉතිං මං ඉපදිලා තියෙන්නේ වැරදි තැනක, වැරදි වෙලාවක වෙන්න බෑ නේ කියලා... හි හි.... 

---------------------------------------------------------------------------------
ප/ලි. මේ ඔක්‌ෙකාම මට හිතෙන දේවල් තමා... ආගමික, සාමාජීය, පුද්ගලික අවශ්‍යතා වලදි මට යම් යම් අවස්ථාවල හිතෙන දේවල් නිසයි මේ ටික ලියවුනේ... මේ පටන් ගත්තේ සම්ප්‍රදායික සමාජය නිසා මට අහිමි වෙච්ච දෙයක් ගැන හිතලා උනත්, අවසන් උනේ ආගමික පැත්තකට ගිහින් නිසා, මං හිතන්‌ෙන් පොඩි පැටලවිලි ගතියක් තියෙනවා... ඒත් ඒක හදන්න මට තේරෙන්නේ නෑ... 

ප/ප/ලි . මේකට ෆොටෝ එකක් හොයන්න කියලා ගියාම අදත් ගූගල් එකේ ලස්සන ඇනිමේෂන් එකක් තියෙනවා ඔන්න.. ඒකත් කාටූන් එකක්.. හි හි.... 

92 comments:

  1. Replies
    1. මගේ හිනාව හොරකම් කරලා.... හි හි

      Delete
  2. වැඩේ කෑවානේ ගයනි මං...... ආයිත් කමෙන්ට් එක දාන්ඩෝ........ හි හි

    ReplyDelete
    Replies
    1. අයියෝ තල්ලි..............හිරු මොකද උනේ.

      Delete
    2. උඩ එක අයින් කලා.. අනේ දෙකම ගියා‌නේ .... ඉහි ඉහි ....

      Delete
    3. හිකිස්..හිරුට මගේ පුස් තඩියා දාන්න තිබුණා නේ.

      Delete
  3. මටත් ඔහොම හිතිලා තියෙනවා...හැබැයි ඉතිං ඉපදුනාට වැරදි කියා කියා ඉඳලා බෑනේ! ජිවිතේ කොහොම හරි අපිට ඕනේ විදිහට හදා ගන්න ඕනේ!
    ගූගල් එකේ වැඩේ ලස්සනයි නේ! සුරංගනා කතාවක්!

    ReplyDelete
    Replies
    1. හි හි.. ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම මට ඔය කතන්දරේ හිතෙනවා... කො‌ෙහාමත් අම්මලත් එක්ක වලියක් එහෙම දාගත්තම.. හි හි

      Delete
  4. හිරු උදේ නැගිට්ටේ ඇදේ අනිත් පැත්තෙන්දෝ????
    මේලෝකේ දෙයක් තේරෙන්නේ නැතියෝ.

    ReplyDelete
    Replies
    1. හි හි.. අවුලක් නැතෝ...

      Delete
  5. මට ඔහොම හිතෙන්නෙ නෑ නේ අක්කේ. :/ මට හිතෙන්නෙම ඇයි ඌට පුළුවන් දෙවල් මට බැරි කියලා . මගේ අවුලක් වගේ.

    ReplyDelete
    Replies
    1. මගේ ජීවිතේට ගොඩක් වැදගත් කෙනෙක් මට නැති උනා මදාරා මේ සමාජයේ වැරදි නිසා.. ඒක නිසා තමයි මට ගොඩක්ම මං වැරදි කාලෙක ඉපදිලා තියෙන්නේ කියලා හිතෙන්නේ.. තව ටිකක් කල් ගිහින් ඉපදුනා නම් ඒක එහෙම වෙන්න ඕනේ නෑ කියලා හිතෙනවා...

      Delete
  6. කල්ප විනාසේ කිට්ටුයිනේ. ඔහොම හිතෙන එක සාමාන්‍යයි. හෙහ් හෙහ් හෙහ්...මටත් හිතෙනවා "ඇයි මං ඉපදුනේ ලංකාවේම" කියලා. හැබැයි අපේ ගෙදර අපේ අම්මා තාත්තාට දරුවෙක් වෙලා ඉපදෙන්න හම්බුන එක ගැන නම් කවදාවත් පරහක් හිතිලා නෑ හිතෙන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. හපොයි මට නං අනන්තවත් හිතිලා තියෙනවා... විශේෂයෙන් ඉස්කෝ‌ෙල යන කාලේ අම්මලත් එක්ක වලියක් දාගත්තම එහෙම... හි හි

      Delete
  7. මට නම් මේ තියෙන විදිය ගැන සතුටුයි.. නැති දේවල් ඇති කරගන්න උත්සක කරනවා මිසක උපතින්ම ලොකු දේවල් මට ලැබිලත් නැහැ.. එත් මේ හොදටෝම ඇති..
    මට ලැබිලා තියෙන දෙමාපියන් සහ සහෝදරියන් ලබන්න තරම් මම පිං කරලා තියෙනවා..
    -------------------
    නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ කියලාත් කියනවනේ...

    ReplyDelete
    Replies
    1. ඔයා ගොඩක් ආස, ඔයා හරියි කියලා හිතෙන දෙයක් කරන්න, මොකක් හරි මෙලෝ වැදගැම්මකට නැති සමාජමය බාධාවක් ආ‌ෙවාත් වත් ඔයාට හිතෙන එකක් නැද්ද මොන මඟුලකට මේ රටේ ඉපදුනාද කියල... නිකම් කෙල්ලෙක් ගැන හිතලා බලන්න...

      Delete
  8. මං මුලින් හිතුවේ හිරුවා නෙවෙයිද මේ පෝස්ටුව ලිවුවේ කියල.. සුපුරුදු සිග්නල් එක තියන්නේ ටිකක් පහු වෙලානේ.. එතනට එනකල් ඔරවා ගෙන කියෙව්වා.. :)

    හිරු කියන්නේ "බුදුන් වහන්සේ.. වෙනත් ආගමික ශාස්තෘ වරුන් එහෙම ලෝකෙට පහල වෙලා තියන්නේ ලෝක සත්ත්වයා දුකින් මුදවන්න නේ.. ඒ වගේ අපිත් මේ ඉපදිලා තියන්නේ අපේ හැකියාවෙන් හෝ ගති පැවතුම් තුලින් අන් අයට සෙතක් සැලසීම සඳහා ද..?" කියල වගේ මට තේරුනේ..

    එහෙම වෙන්නත් පුළුවන් සමහර විට.. අසහාය හැකියා තියන අය ඇරුනම සාමාන්‍ය අය නම් එහෙම වෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ..

    පස්මහ බැලුම් ගැන කියපු දේ ගැන නම් මටත් ඔහොම හිතිලා තියනවා...

    ReplyDelete
    Replies
    1. නෑ චන්දන... එහෙමමමත් නෙවෙයි.... මට හිතෙන්‌ෙන් මේ අපි ඉන්න කාලේ බුද්ධිමය අතින් මිනිස් සතා දියුණු වේගෙන යන කාලෙක කියලා.... එහෙම සාමාජමය පෙරළියක් ඇති වෙන්න යන කාලයක් තියලා මට හිතෙන්‌ෙන්..

      දැං කාලයක් තිබ්බා මිනිස්සු හිතුවේම කාර්මික, තාක්ෂණික දියුණුව ගැන.. නමුත් දැං දැං ලෝකේ ගොඩක් රටවල මිනිස්සු අධ්‍යාත්මික පැත්තට වැඩි නැඹුරුවක් දක්වන්න පටන් අරං තියෙනවා නේද... අන්න ඒකයි මට කියන්න ඕනේ උනේ...

      Delete
    2. හ්ම්..දැන් තේරුණා.. ඒත් මිනිස්සු අධ්‍යාත්මික පැත්තට යොමු වෙලා වගේ පෙනුනට ඇත්තටම එහෙම වෙලා නෑ කියල මට නම් හිතෙන්නේ. වැඩි දෙනෙක් හරය පසෙක ලා පිටින් පමණක් අධ්‍යාත්මික පැත්තට යොමු වුන විදිහක් පෙන්නන්න හදනවා වගේ දෙයක් නැද්ද..
      ඔන්න දැන් මට හිතෙන දේ..

      Delete
    3. අන්න ඒක තේරුම් ගත්ත පිරිසකුත් ඉන්නවා නේ චන්දන.. ඒකයි මම කියන්න උත්සාහ කළේ... අසපු, සෙනසුන්, භාවනා පන්ති, සෝවාන් සෙර්ටිෆිකෙට් අස්සේ මේ යන්නේ මොන නාඩගමක්ද කියලා තේරුම් අරගෙන, අවබෝධයෙන් ඉන්න අය වැඩියි කියල මං හිතනවා ඉස්සරට වඩා...

      Delete
  9. අනේ අපේ තාත්තා ජනාධිපති උනානම්..
    වෙන රටක ඉපදුනානම් (සංවර්ධිත අධි සුඛෝපභෝගී රටක)අපේ පවුලේ කට්ටියත් එක්කම..
    බිල් ගේට්ස්ට වගේ සල්ලි තිබුනනම්..
    නිව්ටන්ට වගේ මොලයක් තිබුනනම්..
    ටොම් කෘස් වගේ ප්‍රසිද්ධ උනානම්..
    ෂූ මාකර්ට වගේ ඩ්‍රයිව් කරන්න පුලුවන් උනානම්..
    සෙලිනා ගො‍්මස් ගර්ල් ෆෙන්ඩ් උනානම්...


    මටත් වෙලාවකට ඔය වගේ විකාර හිතෙනවා.. හිතන්න දෙයක් නැතිම උනාම..හි හි හි..

    (හිරු මොකක් හරි වැදගත් දෙයක් කියලා තියෙනවා කියලා හිතුනට මට මුකුත්ම තේරුනේ නෑ)

    ReplyDelete
    Replies
    1. හි හි.. සෙලිනා ගෝමස් වෙනුවට ටොම් කෲස් ආදේශ කළා නම් හරි... හි හි...

      Delete
  10. පවු. මෙච්චර කල් හොඳට හිටිය කෙලි පොඩ්ඩ. එකපාරටම මොනාහරි වෙලා. :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. මුකුත් වෙලා නෑ.. හි හි

      Delete
  11. අක්කේ ලෝකවිනාසේ ගැන හිතලා අක්කගේ සෙන්සර් අප්සැට් වෙලාද කොහේදෝ..........
    ගණන් ගණන් එපා කිරිත් එක්ක සමහන් බොන්න උදෙන්ම මේ මම වගේ.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ලෝක විනාසේ වෙනවනම් මේවා හිතන්නේ මොකටද කෝරළයෝ.. හි හි

      Delete
  12. අද ඇති ආගමික ප්‍රභෝධයක් නම් නෑ. ඉට්ටයිල් එකට පන්සල් යාමක් නම් තියෙනවා. ඒක තඩි බිස්නස් එකක් වෙලා. බුදු පිළිමයි. පොත පතයි, ඒවාට වෙනම කඩයි. ඕවල් ඇවිත් සෝභනේට සල්ලි වලට ගත්තට එකෙක්වත් ඕවා කියවන්නේ නෑ. භාවනා මධ්‍යස්ථානේ භාවනා කරලා හැන්දෑවට ක්ලබ් එකට ගිහින් ස්විම් එකක් දාලා ෂොට් එකකුත් ගහලා තමයි යන්නේ. හරියට අර ටොරින්ටන් එකේ ඇවිදන් පඩ ෂෝ කාරයෝ වගේ අපි පොඩි කාළේ ඔතන ඇවිද්දේ ඇත්තටම එක්සයිස් කරන උන්. දැන් යන්නේ ෂෝ එකක්. සෙල් පෝන් කනේ ගහන් එක්සයිස් කරන් උන් මම නම් කොයි රටේවත් දැකලා නෑ. තනිකර බොරු පඩ ෂෝ සමාජයක් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. නෑ මාතලන්.. ස්ටයිල් එකට පන්සල් යන එක තියෙනවා තමා... ඒත් මං හිතනවා ආගමක් විදියට අන්ධ භක්තියෙන් අදහනවට වඩා, ඉස්සරට වඩා පිරිසක් බුද්ධ දර්ශනය අවබොධ කරගන්න, අධ්‍යාත්මික පැත්තට යන්න උත්සාහ කරනවා කියලා ලෝකේ පුරාම.. බුද්ධ දර්ශනයේ විතරක් නෙවෙයි.. සමහර අනිත් ආගම් වලත්..

      Delete
    2. ලෝකෙ අනිත් තැන්වල වගේ නෙවේ ලංකාවෙ බෞද්ධ ප්‍රබෝධය තියෙන්නෙ වැඩිහරිය ෆෙස්බුක් එකෙනෙ. එයිනුත් වැඩිහරිය හරිය හලාල් කෑම කන උන්ට ගල්ගහලා මරන්න ඔනෙ කියන බෞද්ධයොනෙ

      Delete
  13. කනට ගැහුවා වගේ කාරණාවක් හිරු..
    මහප්‍රාණ නැති සරලව හක්ක පැන්නීම ...
    ඔයාගේ අර 2012 පොස්ට් එකෙනුත් මට
    ඔය ටිකම උනා..( ඒකෙ තාම මගේ කමෙන්ට්
    එක මන් හිතනවා .ගොළු උනා කියන්න දේවල්
    ගොඩක් තියෙන නිසා ..)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිරු ඔයාට තියෙන බුද්ධිය . ඒ කියන්නේ
      මහප්‍රාණ නැති සරල දැනුම, එදිනෙදා ජීවිතය ගැන ,
      හැම බම්බුවටම මුල , මිනිස්සු හිතන පතන විදිහ , අපි
      කව්ද වගේ දේවල් අර බක පඬියන්ට නොතේරෙන හැටි..
      ශික් උන් එකෙක් වත් නැහැනේ මෙතන ...
      ශිෂ්ටාචාරයේ අග ඉඳන් මුලටම කියයි ආවනම් ඒ අය ,
      හැබැයි හෙළුවෙන් ඉඳන්.

      ඒ අතින් ඔයා පොළොවේ පය ගහල ඉන්න කෙල්ලෙක් ..
      ( දැන් උඩ යන්න එපා හැබැයි...:D)

      Delete
    2. උඩ ගිහින් බිම වැටුනා සහන්... හි හි...

      Delete
    3. ara balu patiya mathak wela aye awa...:)

      Delete
  14. දවස් ගානකින් මෙහෙ ආවේ හිරුවෝ. පෝස්ට් තුනක් මග හැරිලා. ඇරියේ නෑ කියෙවුවා තුනම එක හුස්මට. අද හුඟ දෙනෙක් හිතනවා තමන් කරන දේවල් වැරදියි ඒනිසා නිතර පංසලට ගියාම එහෙම නැත්නම් පිං දහම් කරහම තමන්ගේ පරලොව ජීවිතේට සුගතියක් වේවි කියලා. ඒ ගොඩාක් වෙලාවට පහසුවෙන් මුදල් උපයන අය. අනෙක් දෙකොට්ඨාශයම මැදුම් පිලිවෙතක් අනුගමනය කරනවා. මොකද ඔවුන්ගේ හෘද සාක්ෂිය ඔවුන්ට බලපෑම් නොකරන නිසා. පිංකිරීම හොඳයි. ඒත් මම උගෙන ගෙන තියන ආකාරටනම් ප්‍රතිපලයට චේතනාව බලපානවා.

    ReplyDelete
    Replies
    1. ඔය මාතලන් කියලා තියෙනවා වගේ ස්ටයිල් එකට සහ වෙන වෙන ලාභ ප්‍රයෝජන බලාගෙන අන්ධ භක්තියෙන් ආගම අදහන අය එදත් හිටියා, අදත් ඉන්නවා සරා අයියේ..

      හැබැයි මට තේරෙන විදියට ඉස්සරට වඩා ගොඩක් අය, මේ දර්ශනය අවබෝධ කරගෙන ආගමට නැඹුරු වෙලා හෝ පන්සල් වලින් ඈත් වෙලා තනි තනිව ආවබෝධාත්මක ජීවිත ගෙනියන්න උත්සාහ කරනවා කියලා මම හිතනවා මේ කාලේදි...

      Delete
  15. හි හි කියන්නේ

    හිරු
    හිනාවෙනවා

    කියන එකද

    ReplyDelete
    Replies
    1. කකා කිව්වට පස්සෙ එකත් නරක නෑ තමා... හි හි

      Delete
  16. "අද අය පන්සල් යනවා, ධර්මය ගැන කතා කරනවා සහ ඉස්සර මිනිස්සු ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කළාට වඩා වැඩි ශක්තියක් වැය කරලා අද මිනිස්සු ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා"

    ඒත් පිළිපදින්නෝ ඉස්සරට වඩා අඩුයි.. මොන ආගම උනත් චාරිත්‍ර කරාට වැඩක් නෑ පිළිපැදීම අන්තිම නම්.. පෝයදා සිල් අරගෙන ඇවිත් අල්ලපු ගෙදර එකාගෙ දියුණුව නවත්තන්නෙ කොහොමද හිතනවා නම්.. ඉරිදා පල්ලි ගිහින් ඇවිත් අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්නේ කොහොමද හිතනවා නම්.. ඒ චාරිත්‍ර වලින් ඒ ආගමික වතාවත් වලින් මෙලෝ ශාන්තියක් වේවි කියලා මම නම් හිතන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔයා කියන කතන්දරේ ඇත්ත හරී... ඒත් දැං ඔයා කියන දේම මෙතන කී දෙනෙක් කියලා තියෙනවද කියලා බලන්න... අපිට එහෙම කියන්න හිතෙන්‌ෙන් අපි මේ තියෙන තත්වයේ වැරැද්දක් දකින හින්දා නෙවෙයිද...? එහෙම හිතන අය ඉස්සරට වඩා දැං, මේ වෙනකොට ඉන්නවා කියලා හිතෙන්නේ නැද්ද...

      මං දකින පෙරළිය ඒකයි හරී......

      Delete
  17. හනේ! මටනම් මේ විදිය හොදා.මිනිස් ජිවිතයක් ලැබුණු එකම මදෑ ඉතින්.

    ReplyDelete
    Replies
    1. හි හි... ඒකත් හැබෑව...

      Delete
  18. ඔහොම හිතෙන වෙලාවල් කොච්චර තියෙනවද...?

    මහත්තයත් එක්ක වලියක් දාගත්තද..?

    ReplyDelete
    Replies
    1. එයා එක්ක වලියක් දාගත්තමත් හිතෙනවා තමා.. ඒත් මේ විදියට හිතෙන්න ඒකම විතරක් නෙවෙයි. තව ගොඩක් හේතු තියෙනවා... හි හි

      Delete
  19. මට නං මඤ්ඤං දේශනයකි..ලෝක විනාසෙන් ආරස්සා වෙන්න කියල හිතන් ඉන්න කුටීරේ අවුලක් හින්නද මන්ද???

    ReplyDelete
    Replies
    1. ඔයාට කෝකත් මඤඤංනේ.. හි හි

      Delete
  20. වයසට යනකොට ජීවිතේ ගැන යථාවබෝධයක් ලැබෙනවා :P

    අයියා මහත්තය මහණ වෙන්නවත් යන්න හදනවද ?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ නෑ එයා කවදාවත් මහණ වෙන්න හිතයි කියලා... හි හි

      Delete
  21. //ප/ප/ලි . මේකට ෆොටෝ එකක් හොයන්න කියලා ගියාම අදත් ගූගල් එකේ ලස්සන ඇනිමේෂන් එකක් තියෙනවා ඔන්න.. ඒකත් කාටූන් එකක්.. හි හි....//
    ඔන්න ඔච්චරයි මට නම් තේරුනේ.අපි තාම පොඩි නේ . ඒ නිසා ඔය ලොකු ලොකු දේවල් තේරෙන් නෑ අප්පා (නැත්තන් හෙට ලෝක විනාසේ හින්දා මගේ ඔලුව අවුල් වෙලාද මන්දා ) . දෙයියනේ කියලා දෙන දෙයක් කාල වෙන දෙයක් දිහා බලන් ඉන්නවා . හික් හික් හික්
    මම දන්නේ මම ඉපදිලා ඉන්නේ කොම්පීතරේ ඉස්සරහට වෙලා coding කරන්න කියල විතරයි
    (හිරු අක්කා මේ පිස්සු කතා කරනවා හෙට ට ඕනේ බඩු පැක් කර ගන් නැතුව.එහෙනම් සුබ ලෝක විනාශයක් වේවා ඈ )

    ReplyDelete
    Replies
    1. හරි හරි.. ඔය තේරුම් ගත්ත ටික ඇති... හි හි

      Delete
  22. ලෝකෙ අනිත් තැන්වල වගේ නෙවේ ලංකාවෙ බෞද්ධ ප්‍රබෝධය තියෙන්නෙ වැඩිහරිය ෆෙස්බුක් එකෙනෙ. එයිනුත් වැඩිහරිය හරිය හලාල් කෑම කන උන්ට ගල්ගහලා මරන්න ඔනෙ කියන බෞද්ධයොනෙ

    ReplyDelete
    Replies
    1. අවබෝධයකින් තොරව කරන අරගල වලින් වෙන්නේ අන්තවාදී වෙන එක විතරයි... ඒකෙන් වෙන්නේ විනාශයක් විතරයි.. ඔය ෆේස් බුක් එකේ යන ඒවා ගැන මාත් දන්නවා... සමහර ඒවා අන්තවාදී තමයි.. ඒ අස්සෙම ඒ අන්තවාදයට විරුද්ධව යන දේවලුත් ෆේස් බුක් එකේ මං දැකලා තියෙනවා... අනිත් එක ඒවා වැරදියි කියලා අපිට පේන්‌ෙන්, අපි කතා කරන්නේ අපිට ඒක අවබෝධ කරගන්න පුළුවන් බුද්ධියක් තියෙන නිසා කියලා මං හිතන්නේ.. නැත්තම් අපිට ඒකේ වැරැද්දක් පේන්නේ නෑ නේ.. මං මේ ලියාගෙන ගියේ ඔය ටික කියන්න හිතාගෙන... ආගමික පැත්ත ගැනම නෙවෙයි මේ ලිව්වේ.. සමාජීය පැත්ත ගැනත් එක්ක..

      හලාල් කතන්දරේ ගැන ගොඩක් මාත් තැන් තැන් වල කතා කළා.. සිවුරු කරේ තියාගෙන අන්තවාදී වෙනවා වෙනුවට කරන්න පුලුවන්, සැලසුම් සහගත දෙයක් කරන්න ඕනේ කියලා මං හිතන්නේ.. නමුත් ලංකාවේ ඉන්න කිසිම බෞද්ධයෙන් රහත් වෙලාවත් සෝවාන් වෙලාවත් නෑ.. ඉතිං තමන්ට පහර වදිනකොට එයාලා අන්තවාදී වෙනවා නං බුද්ධාගම අල්ලගෙන එයාලට බනින එක සාධාරණත් නෑ.. මොකද මේ ඔක්කොම පෘථග්ජන මිනිස්සු...

      Delete
    2. ඒ උනාට ඔතන වැඩිදෙනාට නොතෙරෙන කොටස, පෘතග්ජන බහුජනතාව මතුපිට පේන දේට අරගල කරන එක බලවතුන්ගේ පැවත්ම ස්ථාවර කරන බව. අර්බුද හෝ අරගල මගින් පිරිස් පාලනය සහ නායකත්වයට පැවත්ම සුරක්ෂිත කරගැනීම එක්තරා නායකත්ව මූලධර්මයක්. අරගල හෝ ගැටීම් වලට යන එවුන් දැන ගන්න ඕන ස්වභාව ධර්මයෙ, දුර්වලයා ඉක්මනින් විනාශ වෙනව කියන එක.

      කිසියම් ආගමික දර්ශනයක පැවත්මට එමගින් අදාල සමාජය තුල ඇතිකරන අධ්‍යාත්මික ගුණ (සාපෙක්ෂව) වර්ධනය නේද හෙතුවෙන්නෙ?

      තුන්කල් බලන එක (සිංහලෙන් when,where,what )බුද්ධෝප්පත්තියට විතරක් නොවෙයි අපේ ජීවිතයෙ හැමදේටමත් අදාලයි.

      Delete
    3. ///කිසියම් ආගමික දර්ශනයක පැවත්මට එමගින් අදාල සමාජය තුල ඇතිකරන අධ්‍යාත්මික ගුණ (සාපෙක්ෂව) වර්ධනය නේද හෙතුවෙන්නෙ? ///

      ඔය කතාව මං 100% පිළිගන්නවා...

      මං හිතන්නේ දැං මේ එහෙම පෙරළියක් වෙන කාලයක් කියලා තමයි... නැත්තම් අපි උනත් මේවා මේ විදියට කතා කරන්‌ෙන් නෑනේ....

      Delete
    4. ඔයා කියන්නෙ දැන් සමාජයීය ගුණධර්ම වර්ධනය වෙන කාලයක් කියලද?

      Delete
    5. ලොවෙත් නෑ.යටි අරමුනු වෙනුවෙන් රටපුරා එහෙම දෙයක් වෙනවා කියලා මවාපාලා. අවබෝධයෙන් බලන්න දැනුමැති කීප දෙනෙකු ධර්මයේ හැසිරෙද්දී කොපමණ පිරිසක් බොරදියේ මාළුබානවද කියලා..

      Delete
    6. මං කියන්නේ ඒක තමයි සරා අයියේ... ඔය කරන්නේ ඒක කියලා තේරෙන අය වැඩි වෙනවා කියන්නේ ලොකු දෙයක් නෙවෙයිද...

      ///ඔයා කියන්නෙ දැන් සමාජයීය ගුණධර්ම වර්ධනය වෙන කාලයක් කියලද?///

      නෑ.. අධ්‍යාත්මික ගුණධර්ම වර්ධනය ගැන හිතන මිනිස්සු වැඩි වෙන කාලයක් කියලා.. . මොකද ගොඩක් අය ඉන්නවා මේ වෙන දේ ඇත්ත තත්වෙ තේරුම් ගත්ත අය...

      මම මේ කියන්නේ ඔය ස්ටයිල් එකට අසපු යන, සෙනසුන් වල උදේ හවස බණ අහන, භාවනා පන්ති යන අය ගැන නෙවෙයි කියලා ඔයාට තේරිලා ඇති කියලා හිතෙනවා...

      Delete
    7. මට හොඳට තෙරුම් ගන්න පුලුවන් ඔබට මෙතන ගොඩනංවන්න උවමනා උන කථිකාව මොකද්ද කියලා. මම සාමාන්‍යයෙන් නිදහස් වෙලාවල කියවන්නෙක්. මම දැක්ක ඔයා ඇඟ ඇතුලෙ සිංහල බෞද්ධයො ඉන්නව කියන කීපදෙනෙක්ට යමක් තේරුම් කරන්න උත්සහ කරල තියෙනවා. ලංකාව දූපතක්වුනු පලියට එකට සීමාවෙලා නොඉඳ දූපත් ආකල්ප අතහැර ලෝකය දිහා බලන්න පුලුවන් උන දවසට සිංහල ජාතිය වඳවෙන එක නවතීවි.

      Delete
    8. ඇත්තටම ඔවු.. දැන්නං පරණ පම්පෝරි කතන්දර අතාරින්න කාලේ හරි ... හි හි

      Delete
  23. ඔහෙම හිතෙන වෙලාවලුත් තියෙනවා නම් තමා.....

    ReplyDelete
  24. අනේ මන්දා මොනා කියන්නද කියලා. මේක කියවලා ටිකක් කොයිල් වගේ.. :)

    ReplyDelete
    Replies
    1. අර උඩ ඉන්න බලු පැටියා වගේ තමයි දැන් මාත්

      Delete
    2. ටිකයි නං කමක් නෑ.... ඒ බලු පැටියා ෂෝක් අප්පා... හි හි

      Delete
    3. මාත් ඇත්තටම ආවේ බලු පැටියා බලන්න..
      බලද්දී මාත්තුරුකාව හරි බර වැඩියි...

      Delete
  25. හැමදේටම තැනක්, වෙලාවක් තියනවා කියනවනේ. ඉතින් මට ඉඳහිට හිතෙනවා, මෙහෙම උනා නම්, අරහෙම උනා නම් හොඳයි කියලා. ඒත් ඉතින් ඒ එක්කම හිතෙනවා ඒක කිසි තේරුමක් නැති දෙයක් කියලා. ටිකක් කල්පනා කරනකොට, අපි දැන් ඉන්න පරිසරයේම ඉඳන් කරන්න පුළුවන් තමන් කැමති දේවලුත් තියනවා කියලා පේන්න පටන් ගන්නවා. ඒත් ආයෙත් වරදින හැම වෙලේම, ආයෙත් අර කිව්ව වගේ හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම හිතිච්ච සමහර දේවල් තාමත් ඒ විදියටම තියෙනවා තිසර .. නමුත් ඔයා කියන දේ ඇත්ත.. ඕක හරියට ට්‍රෙඩ්මිල් එකක් වගේ....

      Delete
  26. //දැං මීට අවුරුදු ගානකට කලින්, අවුරදු 50කට විතර කලින් තිබුණේ නැති ආගමික ප්‍රබෝධයක් අද තියෙනවා මං දකිනවා...//

    මෙන්න ඉතින් වයස මාටු වුනේ නෑලු.. හිරු ඇන්ටි :D

    ReplyDelete
    Replies
    1. දුවන්න කිව්වේ..... හි හි..

      Delete
  27. අලේ මන්දා බොල ඔලුව කොහේහරි වැදුනද?

    ReplyDelete
  28. මටත් හිතාගන්න බෑ මොකක් ලියන්නද කියලා. මේ පවතින සමාජ ක්‍රමයම වෙනස්වෙමින් පවතිනවා. මිනිස්සු කරන දේ වෙයි කියන්නේ කියන දේ නෙවෙයි කරන්නේ. අපි ඒගැන කතාකලොත් අවසන්වෙන්නේ දේශපාලන කතිකාවකින්.

    ReplyDelete
    Replies
    1. හැමදේකම යටින් දිවෙන දේශපාලනයක් තියෙන එකේ දේශපාලනය අතෑරලා කතා කරන්න යන එකේ කිසි තේරුමක් නෑ..ඒත් ඒක හතුරෝ හදාගන්න නම් හරිම පහසු වැඩක්... හි හි

      Delete
  29. තනියම ඉන්න වෙලාවට මටත් ඔය වගේ එකේ ක ඒවා ඉතෙනවා අක්කෝ ..හික්

    ReplyDelete
    Replies
    1. හි හි... ආයිත් අහලා...

      Delete
  30. හපුච්චියේ ... මෙයාටත් හිතෙන දේවල්. බෝධිසත්වයෝ පස් මහ බැලුම් බැලුවට මොකෝ අපිටත් පුළුවනෑ එහෙම බලල උපදින්න, ඔන්නොහෙ පෙරළුන පිට හොඳයි කියල ඉන්නව. උපදිනකොට නොබැලුවට ඉතිං මිනිස්සු සාමාන්‍යයෙන් මොකක් හරි වැඩක් කරද්දි නම් පස් මහ බැලුම් බලල තමා ඒක පටන්ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. හි හි.. හැමෝම ඒක තමා කරන්‌ෙන් ඉතිං...

      Delete
  31. උඹලට පිස්සු. අර ඇනෝල කියනව වගේ මේ මං වගේ දතක් දන් දීල ආතල් එකේ ඉන්නෙ නැතුව විකාර කියෝනව.

    අර බලුව දැක්කම දුක හිතුන.

    ReplyDelete
    Replies
    1. පිස්සු නැත්තම් මේවා කියලා නිකම් ලෙඩ දා ගනියි යෑ මං... ඔය දන් දීපු කතාව අල්ලගෙන මාත් දැක්කා තැන් තැන් වල ඇනෝලා ඔයා ගැන දුක් වෙලා තියෙනවා.. හි හි

      Delete
  32. Replies
    1. ඒක බලන්න වෙන්නෙ ලබන අවුරුද්දේ තමයි.. ලෝඩ් වෙන්න වෙලා යනවා නැන්දේ.. මේ මාසේ බයිට් ටික ඉවරයි.. හි හි

      Delete
  33. බලු පැටිය තම ගතිම දේ..

    මට හිතෙන්නේ නැහැ මම ඉපදිලා ඉන්නේ වැරදි කාලෙක කියල.එත් ආසි රජ කාලේ ඉපදුනානම්.

    ReplyDelete
    Replies
    1. රජ කාලේ ඉපදුනා නම් ඒත අපි මෙහෙම තමයි අකමෝ.... වෙනසක් නෑ.. හි හි

      Delete
    2. වැරදුනා නේ අසරණයෝ.. හි හි

      Delete
  34. .....//දැං මීට අවුරුදු ගානකට කලින්, අවුරදු 50කට විතර කලින් තිබුණේ නැති ආගමික ප්‍රබෝධයක් අද තියෙනවා මං දකිනවා...//....

    ඒකත් එහෙමද ආච්චි අම්මේ.

    ReplyDelete
    Replies
    1. දුවන්න කිව්වේ .... හි හි..

      Delete
  35. අනේ මන්ද බොලං මගේ පුංචි මස්තිෂ්කයට මේ දාර්ශනික වදන් තේරුම් ගන්න අමාරුයි... අනිත් පෝස්ටුවෙදි වත් වේලාසන එන්න ට්‍ර‍යි එකක් දෙන්නම්...

    ReplyDelete
    Replies
    1. හා හා.. අමාරු නම් වැඩිය දඟලන්න එපා.. හි හි.... සිරා බිසී නේ මේ දවස් ටිකේ.. අවුලක් නෑ...

      Delete
  36. මොනවද කියන්නේ කියල හිතාගන්න බැහැ.....

    ReplyDelete
    Replies
    1. මටත් අන්තිම හරියෙදි මොනාද මං ලියලා තියෙන්නේ කියලා තෝරගන්න අමාරු උනා නේ.. හි හි

      Delete
  37. ඔන්න මංනං ඉපදුනේ සුපිරියට ප්ලෑන් කරල.. මං ඒ ගැන දාන්න ඉන්නේ....:)

    ReplyDelete
  38. මොකද හිරුවා මේ බරසාර පෝස්ට් එකක් දාලා තියෙන්නෙ?

    අද ආගමික ප්‍රබෝධයක් වගේ පෙනුනට ඇත්තෙන්ම එහෙම දෙයක් තියෙනවද කියලා සැකයක් ඇතිවෙන්නෙ නැද්ද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete