Tuesday, December 18, 2012

ඉස්කෝලේ යන කාලේ දෙසැම්බර් කියන්නේ......

අදත් ලියන්නේ මොනාද කියලා කල්පනා කර කර ඉන්න ලෙඩක් හැදුනා මට උදේ පාන්දරම.... මොකද තරමට කම්මැලි තත්වයක් තියෙන්නේ... එහෙන් වහිනවා ඉවරයක් නෑ... මකුළු දැල් වල සහ වැස්සේ ආනිසංස හම්බුවෙන්නද කොහෙද හච්චිං යනවා ඉවරෙකුත් නෑ... මාස දෙකක් විතර පරණ පත්පාඩගම් පැකට් එකක් තිබ්බ නිසා ඔන්න ඕක තම්බගත්තා.. නැත්තම් අ‌ෙප් මහත්තයා පටං ගන්නෙම... කොහෙද .. ගෙදර ගෙනල්ල තියෙන එක වත් තම්බගන්න බෑ නේ.. උදේ ඉඳලා ඕකේ එල්ලිච්ච ගමන්.. වෙන සිහියක් නෑ නේ...”.... අනේ මේ අහක ඉන්න මගේ කොම්පියුටර් රාජයාට බැනුම් අස්සන්න ඕනෙයැ...     

ඉතිං ඕක බොන ගමන් කල්පනා කළේ අනේ ගෙදර හිටියනං ඉතිං මේ ඔක්කොම අම්මා නේ කරලා දෙන්නේ... මොන පිස්සුද.. අම්මට වෙලාවක් තියෙනවයැ ඕවා කරන්න.. ඉස්කෝලේ යන කාලේ කළාට... කියලා..... එතකොට තමයි හිත ආපහු ඇදිලා ඇදිලා ඇදිලා ගියේ ඉස්කෝලෙ යන කාලේ දෙසැම්බර් නිවාඩුවට..... හි හි... ඉතිං කෝල් එකක් දුන්නා අපේ අම්මට.. ඔන්න ඒ පාර ඇදිලා ආපු කතාවකින් තමයි මේ කතන්දරේ ලියන්න ඕනේ කියලා හිතුනේ...

දෙසැම්බර් නිවාඩුව තමයි මගේ ආසම නිවාඩුව... ඒකේ ලොකුම දේ තමයි නිවාඩු කාලෙට ගෙදර වැඩ දෙන්නේ නැති එක... ඔය දුන්නත් මම ඒවා කරන ජාතියේ එකෙක් නෙවෙයි.. ගොඩක් වෙලාවට වෙන කාට හරි කියලා තමයි ඕවා කර ගන්නේ.. මට මතක ඇති කාලෙක ඉඳලා ඕවා කරළා දුන්නේ අපේ එහා ගෙදර අක්කා... අක්කා කිව්වට ඉතිං මගේ වයසෙම තමා.... හැබැයි එයා මං වගේ කම්මැලි කේස් එකක් නෙවෙයි... අකුරුත් ලස්සනයි... මං ඉතිං බටර් ටිකක් ගාලා එයාට කියලා ගෙදර වැඩ ටික කරගන්නවා.... හි හි.... කොහොමත් ඔය දෙන ගෙදර වැඩ වලින් මේලෝකේ දෙයක් වැඩකට ගන්න නෑ... අර ටීචර්ලා බොරුවට ගෙදර වැඩ දුන්නා කියලා පෙන්නන්න වැදගැම්මකට නැති මොනා හරි පටෝනවා.. ගොඩක් වෙලාවට ඕවා බලන්නෙත් නෑ ඊළඟ වාරෙදි..... 

නිවාඩු කාලෙදි විතරක් නෙවෙයි.. අනිත් දවස් වලටත් ගෙදර වැඩ නම් මම කරන්නේ ඉස්කෝලෙදිම තමයි.. එක්කෝ ඉස්කෝලේ ඇරෙන්න කලින්ම කරලා දානවා.. නැත්තම් ඊළඟ දවසේ උදේම ගිය ගමන් කරලා දානවා... ගණන් නං ජීවිතේට හදන්නේ නෑ.. ඔක්කොම ළඟ එකාගේ පිහිට තමයි.... මේවා මේ උජාරැවට කියෙව්වට ගණන් වලට හොර කළාට නම් සම්බුව වැදුනා විභාගෙට කලින්ම....

අපේ මහත්තයා ( ඒ කාලේ මගේ පස්සෙන් එන එක්කෙනෙක් විතරයි... හැබැයි ලිස්ට් එකේ උඩින්ම හිටියේ මෙයා තමයි.. මොකද කෙලින්ම ඇහුවනේ මගෙන් ඇඹරි ඇඹරි ඉන්නේ නැතුව... හැබැයි ඉතිං මාත් ඇඹරි ඇඹරි ඉන්නේ නැතුව බෑ කිව්වා .. හි හි ...) 10 වසරෙදි විතර තමයි මාත් එක්ක කතාබහ කරන්න පටන් ගත්තේ.. ඔය කාලේ ඉතිං ඉස්කෝලේ වැඩ වලට මූලිකත්වය දෙන්න ඕනේ කියලනේ උදේ හවස මන්තරේ වගේ ඇහෙන්නේ... ඔය උණ අපේ මහත්තයටත් තදට තිබ්බා.. එකක් එයත් ඊළඟ විභාගෙට ලෑස්ති වෙන කාලේ.. අනිත් එක එයා ෆේල් උනත් මං පාස් වෙන්න ඕනේ කියලා තමයි එයා හිතුවේ... ඉතිං මෙයා මාව අල්ලගෙන අහන්නේ ගණන් කොහොමද කියලා තමයි.. හපොයි... ටීචර්ලා හොඳයි.. මෙයා මට ගෙදර වැඩත් දෙනවා ඉස්සර... ( අද නම් මේ පෝස්ට් එක පෙන්නන්නේ නැ.. හි හි) කළේ නැත්තම් බැනුම් කෝටියයි... දැං නං කියනකොටත් ලැජ්ජයි ලැජ්ජයි වගේ.. ඒ ඉතිං අතින් අල්ලන්නවත් බය කාලේ නේ.. මං ඉතිං බැනුම් අහන්න ආසාවටත් නොකර ඉන්න වෙලාවල් තියෙනවා... හි හි.. ඕවා තමයි ඉතිං මතකයේ රැඳිලා තියෙන හිනා වෙන්න පුළුවන් දේවල්... 

හැමදාම වැගේ ඔන්න පැන්නා... හි හි... 
කොහොම හරි... ලියන්න ගියේ දෙසැම්බර් නිවාඩුව ගැනනේ... ඔය නිවාඩුවේ මං ආසම ඊළඟ වැඩේ තමයි අලුත් පොත් හම්බුවෙන එක... සාමාන්‍යයෙන් ඉස්කෝලෙන් දෙන පොත් වලින් ඇත්තටම පරණ පොත් හම්බුවෙන්නේ අඩුවෙන්... මං හිතන්‌ෙන් ඒක කොළඹ ඉස්කෝලවල විතරක් තියෙන දෙයක් වෙන්න ඕනේ.. කවර ගැලවිච්ච පොත් එහෙම නම් කවදාවත් හම්බුවෙලා නෑ මට... එහෙම පොතක් හම්බුවුනා නම් මං හිතන්නේ 11 වසරේ ගණන් පොත වෙන්න ඕනේ.. ඕක කිසි කෙනෙක් ගෙදර ගෙනියන්නේ නෑ... පන්තියේ දාලා යනවා.. ඉතිං පොතට හරි අයිතිකාරයෙක් නැති නිසා ඒ පොත අතින් අතට ගිහින් ජරා වෙනවා... ඒ අස්සේ තව කට්ටියක් ඉන්නවා තමන්ට හම්බුවෙච්ච අලුත් පොත ගෙදර තියලා පරණ, කැඩ්ච්ච පොතක් තමයි ඉස්කෝලෙදි පාවිච්චි කරන්නේ... මන්දා ඕවා කෙල්ලන්ගේ විතරක් තියෙන ලෙඩද කියලනම්.... හි හි... 

ඔන්න ඉතිං ඔය පොත් ටිකෙන් ගත්ත ගමන්ම කියවලා ඉවරකරනවා සිංහල පොත... බුද්ධාගම පොත....? අපෝ නෑ... ඒක නම් දිගෑරලා බලන්නෙ වත් නෑ.... විද්‍යාව පොත.... සමාජ අධ්‍යයනය පොත... ඉතිහාසය පොතත් ටිකක් පෙරළලා බලනවා... අනිත් ඒවා නං දැන් මට මතකත් නෑ... ඔය පොත් ටිකයි, හැමපාරම අපේ තාත්තලගේ කම්පැණීයෙන් හම්බුවෙන පොත් ටිකයි තමයි මගේ නිධානේ... හි හි.. මට මතක විදියට 5 වසරේ ඉඳලා විතර හැමපාරම පොත් ටික හම්බුඋනා එහෙම... වැඩකරන හැම සේවකයටම, ඉන්න ළමයි ගාන බලලා, එයාලගේ වයස බලලා ඒ වයසට අදාළ පොත් සෙට් එක දීපු එක ඒ කම්පැණී එකෙන් කරපු ලොකුම දෙයක්.. මැනේජර්ලගේ ඉඳලා සුළු සේවකයන්ට වෙනකම්ම මේක ලැබුනා වෙනසක් නැතුව...

ඔය පොත් ටික බදාගෙන මම බලං ඉන්නේ කවර දාන්න පටං ගන්නකම්... ඔය කවර දැමිල්ල කොල්ලෝ කෙසේ වෙතත් කෙල්ලෝ නම් ආසාවෙන් කරනවනේ... සාමාන්‍යයෙන් අපේ ගෙදර පොත් වලට කවර දැමීමේ මහා ව්‍යාපාරයක් තියනවා.. මොකද කිව්වොත් මගේයි, මල්ලිගෙයි, නංගිගෙයි තුන් දෙනාගෙම පොත් සෙට් තියෙනවනේ... ඉතිං ඕවට දාන්නේ බ්‍රවුන් පේපර් කවරද....??? පිස්සු තමයි.... එක එක අවුරුද්දට එක එක සිස්ටම්.. ඔන්න එක පාරක් සුදු පාට කැලැන්ඩර් වල කණපිට පැත්ත.. තව පාරක් සුදු පාට චිත්‍ර අඳින කොල... ඊළඟ පාරට කළු කොල... වෙලාව මදි උන පාරට විතරක් බ්‍රවුන් පේපර්... ඕකට අපේ අම්මගෙත් ෆුල් සපෝට් එක තියෙනවා.... එකපාරක් අම්මා අපි දෙන්නව අල්ලගෙන මරු වැඩක් කළා... 

සිමෙන්ති කවර තියෙනවා නේද... ඔව් අර සිමෙන්ති කොට්ටෙ කවර තුනෙන් මැද තියෙන එක... අන්න ඕවා ටිකක් තිබ්බා එකතු වෙලා... අපේ අම්මා කරපු වැඩේ ගල් වෙලා, පාවිච්චි කරන්න බැරි දියසායම් ටියුබ් ටිකක් එකතු කරලා, හොඳ පාප්ප හැලියක් හදලා ඕකට අර දියසායම් ටික දාපු එකයි... ආයිත් ඉතිං එක පාටක් කියලා නෑ..ඔක්කොම දැම්මා.. රතු පාටට හුරු පාට ඔක්කොම එකකටයි, කොළ පාටට හුරු පාට ඔක්කොම එකකටයි දාපු නිසා අන්තිමට අමුතුම විදියේ මෙරුන් ( තද රතු පාටක්)  පාටකුයි, ගොම කොළ පාටකුයි හැදිලා තිබ්බා... 

ඊට පස්සේ අම්මා කළේ අර සිමෙන්ති කවර ගානට කපලා, ඒවයේ අර පාප්ප තවරපු එක... ඊට පස්සේ අපි දෙන්නට කිව්වා ඇඟිලි වලින්, කෝටු කෑලි වලින්, ගෙදර තිබ්බ පොඩි බ්‍රෂ් එකකින් එහෙම ඒවයේ රටා අඳින්න කියලා.... ආයිත් ඉතිං අපි දෙන්නට රටක් රාජ්ජයක් හම්බුනා වගේ තමා...ඊට පස්සේ ඔය ටික ඔක්කොම වේලලා උඩින් ගෑවා වාර්නිෂ් පාරක්.. අප්පා.. හරිම ලස්සනයි... ‌පොත් වලට කවර දැම්මේ එ පාර ඔන්න ඔය විදියට හදපු සිමෙන්ති උර වලින්.. මට මතක විදියට ඔය මට 7 හරි 8 හරි ඉන්න කාලේ තමා.... 

ඔය ඔහොම කරපු එක වැඩක් විතරයි.. 

ඊට පස්සේ ඉතිං ඔය කොයි තාලෙන් හරි කවරත් දාලා, නම් ලියලා, ස්ටිකර් අලෝලා ඔය වැඩ ඔක්කොම ඉවර කරලා ඉටි කොලත් දානවා... ඔය ස්ටිකර් ඇලවිල්ලට මං ඉස්සර ඉඳලම ආස නෑ.. මං අලවන්නේම මැගසින් වලින්, කාඩ්ස් වලින්, කැලැන්ඩර් වලින් කපපු ස්වාභාවික සෞන්දර්‌ය තියෙන රෑප තමයි.. (නළු නිළියෝ නම් අලවලම නෑ.... හි හි)


ඔය කොන්ද කඩාගෙන කල්පනා කරන්නේ 9 වසරේ බුද්ධාගම අච්චු පොතට අලවන්න වෙසක් කාඩ් එකක් නැතුවනේ... ක්‍රිස්මස් කාඩ් විතරයි හොයාගන්න පුළුවන් ඕනේ ඒ පාර.. 
ඔන්නඔහේ ඕනේ එකක් කියලා ඇලෙව්වා ඔය අත තියාගෙන ඉන්න ක්‍රිස්මස් කාඩ් එකේ හිටපු සාමයේ පරවියව... ආගමික සහජීවනේ ‌නේ... හි හි

ආ.. ඒක කියද්දි මතක් උනේ.. එක පාරක් මං අපේ මල්ලිගේ දෙමළ පොතේ ලොකු කොටියෙක්ගේ රෑපයක් අලවලා, ඌ පළවෙනි දවසෙම අඬාගෙන ගෙදර ආවා ටීචර් බැන්නා කියලා... අනේ ඉතිං මං ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි... මල්ලි ගාව ලස්සන කොටි ගොඩක් ඉන්න අර දිලිසෙන ස්ටිකර් වගයක් තිබ්බා.. මට ඒකේ හිටපු ලොකුම කොටියා දෙමල පොතේ ඇලෙව්වා.. ඌ හරිම ලස්සන නිසා... ඉතිං ඒක වැරැද්දක්ද මං අහන්නේ... හි හි...ඊළඟ දවසේ අරකේ කවරේ මාරු කරලා දුන්නා මල්ලිට... හි හි.. 

ඔන්න ඔහොමයි පොත් වලට කවර දැමීමේ සංග්‍රාමය ඉවර වෙන්නේ... පස්සේ කාලෙක මං ඉස්කෝලෙන් අවුට් වෙනකම්ම ඔය පොත් හම්බුඋනත්, එච්චර පොත් ඕනේ වෙන්නේ නැති නිසා මං ඔය ඔක්කොම පොත් ‌අපේ ගෙවල් ළඟ ඉන්න දුප්පත් ළමයි කට්ටියකට දුන්නා...ඔය පොත් සෙට් එකත් එක්ක ස්ටෙප්ලර්, පංක්චර්ස්, කවකටු පෙට්ටි, අඩිරෑල්, ෆයිල්ස්, පාට පැන්සල්, ප්ලැටිග්නම්, පාට පෙට්ටි, පැන්සල් පෙට්ටි, පෑන්, පැන්සල්, මකන කෑලි, පොත් බෑග් වගේ දේවලුත් වයසේ හැටියට හම්බුවෙනවා.. ඒ ලෙවල් කරන ළමයින්ට පිටු 400 CR පොත් එක්කම ෂෝට් නෝට්ස් ලියන්න පොඩි නෝට් බුක් සහ A4 කොළ පවා තියෙනවා ඒ පාර්සල් එකේ.. හි හි ( ඒක නම් ඇත්තටම හරිම වටින වැඩක්... ඒක ඔස්ට්‍රේලියන් කම්පැණි එකක්.. ඒත් ඔය වැඩේ සංවිධානය කරන්නේ ලංකාවේ අය..) ඉතිං ස්ටෙප්ලර් එකක් එහෙම අවුරුද්දකින් අයින් කරන්නේ නෑ නේ.. කවර දාන්න දේවලුත් එක්කම මදි පාඩුවලට මගේ අතින් පොත් අරං දාලා ඔය තියෙන ජාති ඔක්කොමත් එක්කම මං එයාලට ගිහින් දුන්නා ඒ අවුරුදු කීපයම.. ඒ පොත් ටිකත් අරං ඒ ගෙදරට ගියාම ඒ ළමයින්ගේ හිනාව මට තාම මතකයි...වැඩිපුරම සතුටු වෙනවා දකින්නේ ඒ ඇන්ටිගේ ඉන්න ආබාධිත දරුවා... ‌පොත් ටික අතපත ගාලා හරි ලස්සනට හිනාවෙනවා...  පස්සේ රස්සාව කරන කාලෙදිත් ඔය වැඩේ මං කළා.. දැං ඒ වගේ පවුල් කීපයකටම අම්මා ඔය පොත් දෙන වැඩේ කරනවා... 

මට අද ඕක මතක් උනේ අපේ අම්මා අද ඒ ගෙදරට ගියාම අර ආබාධිත දරුවා ඇහුවලු අක්කා කෝ කියලා... ඔන්න එයාගේ මතකේ තරම... එයාට මතක නෑ මං කසාද බැඳලා ගියා කියලා.. මොකද මගේ ඇඳුම් මැහුවෙ ඒ ඇන්ටි.. ඉතිං ඒ දවස් වල මං නිතරම ඒ ගෙදරට ගියා.. කොලු පැටියට ඒ ටික මතක නැති උනත් පොත් ගෙනාපු එක මතක තිබිලා... 

142 comments:

  1. අනේ අක්කේ මටනම් ඔය පොත් කවර දානවා කියන්නේ දිරවන්නේ නැති මෙලෝ රහක් නැති වැඩක්. ඔයවගේ වැඩ එදා ඉඳලම වහ තමයි මට. අම්ම ගහන්න පස්සෙන් එලවනවා වෙලාවකට උගන්වන්න කොහෙද බැහැනේ. මම දුවනවනෙ. :) ඒ දවස්වල මට බනිනවා උඹල බැඳපු දවසකට ළමයින්ට පිටකවර දාලා දෙන්න ගියාම තමයි නෝන්ඩි වෙන්නේ කියල දැන් නම් මට බයක් නැහැ. මොකද බනියට ඔය වැඩේ හොඳටම පුළුවන්. අපිට වෙනමම නිවාඩුවක් තිබුනේ නැහැ දෙසැම්බර් වලට තිබ්බේ වින්ටර් හොලිඩේ කියල එකත් මාසයක් දුන්නේ නැහැ. ලංකාව ඒ අතින් හොඳයි

    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. අඩේ.... අක්ක මචෝ අද මමනේ බොලේ එක මේ වෙනුවෙන් මට කිරිස්මස් කේක් එකක් ෆ්‍රී ඕනේ අලීද???? :P

      Delete
    2. මේකා කෝරළේ කම් කරාට අකුරු කියවලා තියෙන්නෙත් කාන්තාරේ ඉදලද කොහෙද.

      Delete
    3. ඇ.... මට කියන්න හැදුව දේ අමතක උනා. අර ගේ මැද්දේ කබර පැටියෙක් වගේ ඉන්නේ අක්කද????? හෆ්ෆේ ලැජ්ජාවේ පනයනවා.

      Delete
    4. @ මුදියන්සේ. හෆ්ෆේ මුදියන්සේ ගොයියෝ ඔය කිරිස්මස් (ක්‍රිස්මස්) කොහොම කිව්වත් මොකද? සිරාවටම කතාව ඇත්ත. අවුරුදු 1 ඉඳන් ඉන්නේ කාන්තාරේ තමයි. ඒ නිසානේ කාන්තාරෙට කෝරලේ පට්ටම හම්බ උනේ. හිකිස්........ගූගල් දෙයියෝන්ට පින්සිද්ද වෙන්න මෙහෙමවත් සිංහල ලියනවා නැත්නම් මේකත් නැහැ. හිරු අක්කාගෙන් අහන්න මම බ්ලොග් ලියන්න ගත්ත දවස් වල තිබ්බ වැරදි. හිරු අක්කම නෝන්ඩි කරලා තමයි ගොඩක් දුරට හැදිලා තියෙන්නේ.

      Delete
    5. ඈ බොල.. කබර පැටියා කිව්වේ මටද... හිටුකෝ ලංකාවට එනකම්..... ඔය මුදියන්සේ කියලා තියෙන්නේ කිරිස්මස් කතාවක් නෙවෙයි.. උඹ පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ ගිහින් තියෙන්නේ කාන්තාරේ කියලා තමයි බං.... හයියෝ උඹ නං...

      දැං බනියා ලංකාවේද.... ඔපරේෂන් එකේ වැඩ කොහොමද...

      Delete
    6. හප්පේ එහෙමද? තේරෙන්න කියන්න එපැයි.... හිකිස්.... මම ලංකාවට එනකන් ඉන්න කිව්වේ කේක් එකක් හදල දෙන්නද? :P බනිය මේ ඉන්නේ හිකි හිකි ගගා කාර්ටුන් එකක් බලබල. ඔපරේෂන් එක කරන්නත් ඕනේ අක්කේ ලබන අවුරුද්දේ මැද්දට වගේ කල් දැම්ම වැඩේ.

      Delete
  2. //සිමෙන්ති කවර තියෙනවා නේද... ඔව් අර සිමෙන්ති කොට්ටෙ කවර තුනෙන් මැද තියෙන එක... අන්න ඕවා ටිකක් තිබ්බා එකතු වෙලා... අපේ අම්මා කරපු වැඩේ ගල් වෙලා, පාවිච්චි කරන්න බැරි දියසායම් ටියුබ් ටිකක් එකතු කරලා..... //

    හිරුවගේ අම්මා නියමයි, හැමදාම කරන දේ අලුත් විදිහට දකින්න පුරුදු කරලා. එහෙම කරාම ළමයින්ගේ නිර්මානශීලි බව වැඩිවෙනවා. අපේ ගෙදරත් ඕක තිබ්බා. ඔය නිර්මානශීලී වැඩවලටනම් මොකුත් කියන්නේ නෑ.
    හැමදාම වෙසක් කූඩු හදනකොට කියන්නේ, හැමදාම හදන අටපට්ටම නැතිව දෙයක් හිතලා හදන්න කියලා, කොහෙද. කම්මැලි කම වැඩි නේ. හැම දාම ලේසියෙන් ගහලා දාන් පුළුවන් එකක තමයි හදන්නේ.

    කාලයක් තිබ්බා අර පොඩි මැටි මල් පෝච්චි පාට කරන්න උණක් හැදිලා, ආය මගේ කාමරේ බිත්තියට විකාර පාට ගාන්න. ඔය මොකටවත් අම්මනම් අනුබල දුන්නා.

    අනික උඹේ කොන්ඩෙටනම් මම පට්ට ලයික්. මරු බන්. තාමත් ඔහොමද? පරිස්සන් කොර ගනින් ඕක විකාර එහෙම ඕකට කොර ගන්නේ නැතිව.

    ReplyDelete
    Replies
    1. ඔව් මුදියන්සේ... අපේ අම්මයි තාත්තයි ඔය වගේ වැඩ වලට හරියට උදවු කරනවා.. අම්මා තමයි වැඩි පුර... අම්මට ඔය අත්කම් වැඩ හොඳට පුළුවන්...

      කොණ්ඩේ දැන් ටිකක් ගිහින්... ඒත් තාමත් ඔය විදිය තමයි.. අපේ මහත්තයා මොනවා කරන්න දුන්නත් කොණ්ඩෙට මුකුත් කරන්න නම් දෙන්නේ නෑ.... හි හි

      Delete
    2. මමත් මේ කොන්ඩෙ ගැන කියනව කියල හිතං කොමෙන්ට් කොරන්ඩ ආවෙ. ඇස්වහක් කටවක් නැ සෝයි කොන්ඩයක් තියෙන්නෙ හිරු අක්කට :D

      Delete
  3. අපිත් ඔහොම තමා ඉස්සර, දෙසැම්බර් නිවාඩු දුන්න දවසෙ ඉඳල අළුත් පොත්වලට කවර දාන්න තදියම. ගොඩක්ම ආසකරේ ටවුමෙ තිබුණු ලොකු කඩයකට අපි ඔක්කොම ගිහින් අළුත් කොපිපොත් චිත්‍රෙපාත් පැස්ටල් පාටපැන්සල් අඩිරූල් දියසායම් පින්සල් පැන්සල් පෙට්ටි කවකටු පෙට්ටි පොත් බෑග් එක එකාට එකේක විදියට අරන් දෙනව. අළුත් සපත්තු දාගෙන අළුත් සූට් එකක් ඇඳගෙන නිවාඩුවෙන් පස්සෙ ඉස්කෝලෙ යන දවස ගැන කීප පාරක් හීන මව මව හිතනවා. හෆ්ෆා ... එහෙමත් කාලයක් !

    අපි ගොඩක් පොඩි දවස්වල නම් තාත්තා අපි හතර දෙනාගෙම පොත් සාලෙ බිමින් තියන් අපිත් එක්කාසු කරන් පටන් ගන්නව කවරදාන මෙහෙයුම. ඊට පස්සෙ නම් අක්කා තමා ඒ වැඩේ කළේ. ඊටත් පස්සෙ ඉතිං මටම කරගන්න උනා. අපි නම් හැමදාම දැම්මෙ අර බ්‍රවුන්පේපර්. ඊට පස්සෙ ලස්සන ස්ටිකර් එකක් අලවල නම ලියල පොලිතින් කවරයක් දානව.
    අපිට තිබුණු 11 වසරෙ ගණන් පොත නම් පොඩියි, අඟල් එකහමාරක් දෙකක් විතර උසයි. ඔය සිලබස් මෑත කාලෙ වෙනස් වෙන්න කලින් ඒක තිබුණෙ, අපේ ගණං ක්ලාස් එකේ සර්ට පින්සිද්ද වෙන්න මගේ නම් ඒ දවස්වල කැමතිම පොත ඒක. හැබැයි ඒලෙවල් කරන්න ගත්තට පස්සෙ පොත් ඉවර වෙන වේගෙට කවර දැමිල්ල බොරු. ඒවට වෙලාවක් තිබුණෙත් නෑ. ඉතිං ඒ වෙනකොට ඔය සෝභන වැඩවලට තිබුණු උනන්දුවත් අඩුවෙල තිබුණු නිසා කවර පිස්සුව තිබුණෙ 11 වසරට එනකන් විතරයි.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඔයා පොත් ගන්නත්තේ උයන්වත්ත පිට්ටනියේ හැමදාම දාන පොත් කඩෙන් වෙන්නැති නේද

      Delete
    2. හි හි... ඒක‌ෙන්..

      Delete
    3. @ හසරැල්,

      මතක විදියට උයන්වත්ත පිට්ටනියේ හැමදාම දාන පොත් කඩෙනුත් අරන් තියෙනව, එතන පොත් ලාබයි වගේම තෝරගන්නත් සෑහෙන්න ජාති තිබුණ මතකයි, සෙනඟ හරියට හිටියා, හැමෝගෙම වගේ ලොකූ පොත් ලැයිස්තු තමයි අරන් යන්නෙ. තව ධර්මදාස එකෙනුත් ගත්ත මතකයි. (ධර්මදාස එක ළඟදි අයින් කරල, දැන් එතන සතොස ෆුඩ්සිටියක් දාලා) ඔය දැන් තියෙන ලොකු කඩ එකක්වත් ඒ කාලෙ තිබුණෙ නෑ. බුක්ෂොප් එකකට තිබුණෙ එරමානිස් එක විතරද කොහෙද, සරසවි ගුණසේන විජිතයාපල එහෙම මෑතක (මම හිතන්නෙ අවුරුදු 10-12 කට කලින් විතර) වෙන්න ඕන දැම්මෙ.

      Delete
  4. අපි කැලණි කලාපේ ඉන්න හන්දද මන්දා හැම සැරේකම ඉල්ලුම් කරන ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි ලැබෙන්නේ ඒ නිසා හොඳ පොත් තුනක් ලැබුනොත් ඉතුරුවා පරණ එවුවා. ඔක්කොම හොඳ පොත් ලැබෙන්නේ එහෙමත් වාරෙකට.

    පරණ මතකය ආයෙම අවුස්සපු එක හොඳා.
    ඒක නෙමේ මට වෙලාවකට හිතෙනවා මේ බ්ලොග් අවකාශය තුල බ්ලොග් නොලියන ජනප්‍රියම කෙනා තමයි හිරූලෑ මහත්තයා කියලා. :)

    මොනා උනත් ඒ කාලේ හිරු ලස්සනයි නේ. :)

    ReplyDelete
    Replies
    1. ආහ් කියන්න අමතක උනා.
      අර හිනාවත් මරු.

      හී..හී..හි..

      Delete
    2. ඒයි බන් "හිරුලා මහත්තයා " කියලා එකෙක් නෑ නේ, "අපේ මහත්තයා" කියලා එකෙක් නේ ඉන්නේ.

      හිටුකෝ ගෑණියෙක් ගත්ත දවසට ඔය රෙකෝඩ් එක කඩනවා එතකොට අපේ නෑ, "මගේ ගෑණී"

      Delete
    3. මට නම් හිතෙන්නේ "අපේ" කියන කෑල්ල ගැලපෙන් නෑ. :)
      "අපේ මහත්තයා" කියන කෑල්ල "මගේ මහත්තයා" විය යුතුය

      හි හි හි
      (හිරූ හිනා වෙන විදිහටම හිනා වෙන්න එපැයි. )

      Delete
    4. මධූ ඔය කියපු කතාව හින්දම මට මේ කතාව දැං අපේ මහත්තයට කියන්න වෙනවා.... හි හි... අපේ මහත්තයා කිව්වම රයිම් එක හොඳයි බං.. මට මගේ මහත්තයා කියලා කියවෙන්නේ නෑ විශේෂම වේලාවක ඇරෙන්න...

      ඇ මුදියන්සේ... මගේ ගෑණි කිව්වම හරි කැතයි නේ.... ඔය අනිත් අය දාගෙන ඉන්නේ ලස්සන නම්... දුමියට ඉන්නේ අපේ ගමහාමිනේ... දුකා නම් මොකද කියන්නෙ කියලා මට මතක නෑ... හැබැයි පොඩි එකා සොඳුරු ත්‍රස්තවාදියා... හි හි.. ඒ වෙගේ ලස්සන නමක් කිව්වම ඉවරයිනේ...

      Delete
  5. අපෝ මම නම් පොතකට හරියට කවරයක් දාල නැතුව ඇති ජීවිතේටම. ඒ තරමටම කම්මැලියි. අම්ම තමයි ඉතින් මට බැන බැන කවර ටික දාල දෙන්නේ. මේ ලඟදි පොතකට කවරයක් දාන්න ගිහින් තමයි මතක් උනේ ඒ කාලේ නොකරපු එකේ වැරැද්ද. දැනුත් පොත් කන්දරාවකට යට වෙලා හිටියත් කවර දාල තියෙන්නේ එකයි. ඒකත් මම දාපු එකක් නෙවෙයි.

    දෙලොවක් අතර සිට

    ReplyDelete
    Replies
    1. හයියෝ... හි හි..මං නම් අන්තිම කම්මැලියා උනත් ඔය වැ‌ෙඩ්ට නං ආසයි... හි හි

      Delete
  6. සෑබෑම ඇත්තකි පවසලා තියෙන්නේ.අපි කොයි තරම් නම් ඉස්සර අලුත් පොත් ටික තුරුළු කරන් ඉන්නවද.රැට නිදා ගන්නෙත් ළඟ තියාගෙන.ඒ ආතීතය මතක් කරාට ස්තුතියි.හැබැයි ඉතිං මේ සුන්දර ආතීතය හබීට නොපෙන්වා ඉන්න ඒපා.හබීත් සතුටු වෙයි සුන්දරත්වය විඳලා.
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. හබීට මේ කියන ඒවා දැක්කම මාව ගෙදරම එළවයිද දන්නේ නෑ ගයනි... හි හි

      Delete
  7. අජෝව් කෙල්ලො විතරක් නෙමේයි අපිත් දානව ලස්සන ලස්සන කවර පොත් වලට. හැබැයි ගොයියෝ සති දෙකෙන් වැඩේ කම්බස්.. මොකෑ කියන්නේ ඒ දවස් වල ඉට්ටැයිල් එක පොත් ටික අතේ අරගෙන යන එක නෙව.. ඉතිං ඔහොම වටේම තියෙන ඔක්කොම දහදුරා වැඩ කරන කොට ඔය පොත් ලගින්නේ තණකොළ උඩ, බෝක්කු උඩ, ගස් දෙබල වල, නියරේ උඩ, ඔහොම යන කොට පොත් කවරේ නෙමෙයි බං පොතත් හැලපෙ කොන වගේ වෙලා යන්න සති දෙකක් යන්නේ නෑ.. මාස තුන හතරක් යන කොට පොත නිකං කොන් හතරම පොඩි එකා කටේ දාං ඉන්න සුප්පුව ගානට එනවා.. උඹල නං පොත් අත ගගා ලස්සන බලනවා ඇති.. ඒත් කියන්න දුකයි හිරුවෝ.. අපි නං හොදට කනවා පොත් වලට කරන සංග්‍රහ වලට.. මතකේ ඇවිස්සීමේ පරිචය ඇති කෙනෙකි මේ.. හි.. නංගි කියන්නේ.. තැන්කූ

    ReplyDelete
    Replies
    1. මතකය අවුස්සනකොට තමයි හොඳ හොඳ ඒවා මතක් වෙන්නේ දේශකයෝ... හි හි

      Delete
  8. අළුත් පොත් ගැන නම් මටත් හරි අපූරු අත්දැකීම් තියෙනවා. මම 5 වසරට එනතුරු ඉස්කෝලෙ ගියේ පොලොන්නරුවේ කදවුර කණිෂඨ විද්‍යාලයට. ඒකෙදි අපට අළුත් පොත් වගේම සමෝ සමේට පරණ පොතුත් හම්බවෙලා තියෙනවා. ඒත් පරණ පොතක් හම්බවෙනවා කියන්නේ හිතට දුකක්. පොත්වලට කවර දාන්නේ බොහෝ දුරට සිමින්ති කවර . ඒවා පොඩිවුණු තැන් මැදලා අරගෙන පාවිච්චි කරනවා, අපි හිතාගෙන හිටියේ ලංකාවේ හැමෝටම හම්බවෙන්නේ පරණ පොත් කියලයි, නමුත් ශිෂ්‍යත්ව විභාගෙන් පාස්වෙලා කුරුණෑගල ශාන්ත ආනාවට ආවට පස්සේ මම දැනගත්තා ඒක එහෙම නෙමෙයි . මෙන්න මේ කාරණාව දහය එකොළහ වසරට එනකොට මගේ හිතට තදින් දැණුනු කාරණාවක්. නමුත් 89 කලබල කාලේ විප්ලවයක් ගැන හාංකවිසියක්වත් නොදැන හිටපු අපේ ඉස්කෝලෙ වැඩිහිටි සහෝදරයින් කිහිප දෙනෙක් මේ විදිහට තමන්ට සිද්දවෙන අසාධාරණයන් ගැන කියන්නට ගිහින් ටයර් සෑයක අගුරුවුණා.

    ReplyDelete
    Replies
    1. අපොයි.. පොත් ගැන කියන්න ගිහිල්ලා මෙයාට මතක් වෙලා තියෙන දේ... අපේ තාත්තත් කියන දෙයක් තමයි ඒ කාලේ ‌ජේවීපී පිට දාලා ගොඩක් අහිංසක කොල්ලො මැරුවා කියලා.. අපේ බාප්පව එහෙම ඒ කාලේ හංගලලු තියාගත්තේ...

      Delete
  9. මරු පොස්ට් එක.මමනම් ඔය වැඩේ කරලා නැ.වැරදිලාවත් පොතකට කවරයක් දැම්මොත් එහෙම අයේ ගන්න දෙයක් නැ.ස්ටෙප්ලර් ලෝකයයි.
    මට අල්ලන්නෙම නැති පොත තම විද්‍යාව පොත.මේ ලෝකේ සංසාරයක් තේරෙන්නේ නැ.නිකන් ග්‍රීක් වගේ.
    A/L කාලේ පොත්වලට පිටකවරයක් විහිලුවකට හරි දකින්න වාසනාවක් තිබුනේ නැ.
    මහත්තය ගැන ලියපු එක කියවන්න ගිහින් ඇස් දෙකත් ඇබරුනා.
    මමනම් හිතන්නේ HIRU DISINGS වලට පලවෙනි අඩිතාලම දාලා තියෙන්නේ හිරුගේ අම්ම වගේ.සිමෙන්ති කවර පාට කරන්න දීලා.:)
    දෙමළ පොතේ කොටිය අලවපු එකේ වැරැද්ද මොකක්ද????
    මොනවා උනත් පොත් දීපු එකනම් අගය කරන්න ඔනි වැඩක්.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා තමයි මේ හැමදේකට පස්සෙන් හිටියේ කල්හාන්... අම්මට ඔය අත්කම් වැඩ වගේම චිත්‍ර අඳින්නත් හොදට පුළුවන්.. තාත්තට නම් වෙසක් කූඩුවක්වත් අලෝ ගන්න බෑ.. හැබැයි කියවන එකයි, ලියන එකයි පුරුදු කළේ තාත්තා තමයි.. එහෙම බැලුවාම දැං මං ගාව තියෙන හැමදේම අම්මයි තාත්තයි දුන්න ඒවා තමයි... හි හි

      Delete
  10. දෙසැම්බර් කාලේ කොච්චර ලස්සන කාලයක්ද..අලුත් පොත් වල සුවඳ, අලුත් බෑග්වල සුවඳ, අලුත් සපත්තු...කියලා වැඩක් නෑ. ගොඩක් වෙලාවට අලුත් බෑග් එකක් අලුත් සපත්තු ජෝඩුවක් හම්බෙන්නේ අවුරුද්දකට වතාවයි. අපේ තාත්තගේ කන්තොරුවෙනුත් අපිට ඔය විදිහට පොත් ගන්න සල්ලි දුන්නා. පොත් වලට පිටකවර දාන්නේ නම් අම්මා තමයි. ඒ කාලේ හිතේ තියන සන්තෝසේ නම් කියලා වැඩක් නෑ. දෙසැම්බර් කාලේ අපේ ගඟේ වතුර අඩුයි. ඒ වුනාට නත්තල් බීරිමට වටපිටාව හරි සීතලයි. ඒත් වරු ගණන් වතුරේ බැහැලා ඇස් රතුකරගෙන ගෙදර ආවම මල්ලියි මමයි එක පිඟානකට බත් බෙදාගෙන හාල්මෙස්සෝ හොදියි බතුයි හරි කරෝල හොදියෝ බතුයි හරි කනවා බඩ කොරවෙන්න හවස හතරට විතර දවල් වෙළටයි රෑ වෙළටයි අමතරව. හම්බේ ඒ පින්ගානේ රස සුවඳ මතක් වෙනෝ.. බඩ පපුව දාලා යනෝ..

    ReplyDelete
    Replies
    1. මෙයාට ඒත් මතක් වෙලා තියෙන්නේ කෑමක් නේ... නියම බඩවල් දෙකක් වෙන්න ඇති.. හි හි

      Delete
  11. අඩේ! මේ පිට කවර කතාව කිව්වහම මටත් මතක් උනා මම පිට කවර දාපු හැටි!මමම නෙවෙයි ඉතිං අම්මා... :D

    ReplyDelete
    Replies
    1. ඒක කියපු හැටි... හි හි

      Delete
  12. ඉස්සර අපිත් දෙසැම්බර් කාලේ තමා ගෑණු ළමයින්ගෙන් අහන්න යොදාගන්නේ.
    " මොකද්ද නංගි... නිවාඩු දෙන්නත් කිට්ටුිනේ... ඉක්මනට උත්තරයක් දෙන්නකෝ" කිව්වම ඒක ටිකක් ප්‍රෙෂර් වෙලා කෙල්ලට වදිනවා. එතකොට ඉතිං උත්තරයක් ලැබෙනවා... එහෙම නැත්තං " හා මං අළුත් අවුරුද්දෙම කියන්නංකෝ අයියේ" කියලා අපිව ගොනාට අන්දපු කෙල්ලොත් නැතුවම නෙවෙයි...

    අක්කේ... ඔය ඔක්කොම "අපි" හොඳේ... නැත්තං "මං" කියලා හිතයි...

    ReplyDelete
    Replies
    1. මාත් එහෙනං උදේට හම්බ වෙන ඕ ලෙවල් ගෑල්ලමයගෙන් අහන්න ඕන "මොකද්ද නංගි ඕ ලෙවලුත් ඉවර වෙනවා ඉක්මනටම උත්තරයක් දෙන්නකෝ" කියලා

      ඒකි ගත් කටටම "බෑ අංකල්" කියයිද දන් නෑ. :)

      Delete
    2. ඕවට අහුවෙන කෙල්ලොත් ඉන්නවාද... මාත් මගෙන් යාලුවෙන්න අහපු කොල්ලෙක්ට ලස්සනට කතා කරලා බෑ කියලා කිව්වා.. ඊට පස්සේ තමා මතක් උනේ ඌ ඊළඟ මාසේ ඕලෙවල් ලියනවා කියලා... ඒ පාර ආපහු ගිහින් හිත හදන්නත් කතා කරලා ආවා... ඒකෙන් තමා අපේ මහත්තයා සෙට් උනේ... හි හි..

      මධූට අංකල් කියලා බේරුනොත් ඇති.. සීයා නොකියා... හි හි

      Delete
    3. ඒක නම් ඇත්ත තමා. මායි අපේ ගෙවල් ගාව කොල්ලෙකුයි දවසක් හවසක සෙට් වෙලා කෙල්ලෝ ගැන කතා කර කර හිටියා. ඌ කිව්වෙත් ඉස්කෝලේ යන කෙල්ලෙක් නම් අපට දැන් හරි යන්නේ නැති වෙයි කියලා. :)

      පෝස්ට් එක වගේම කමෙන්ට් ටිකත් රසවත් !

      Delete
  13. මන් නම් හැමදාම පන්තියේ පලවෙනියා නිසා අළුත්ම අළුත් කිරි ටොයිස් පොත් තමයි ඉස්කෝලෙන් හම්බ උනේ..අවුරුද්දට තුන් සැරයක්වත් මන් ඔය ටිකට අළුත් කවර දැම්මා කියලා මතකයි..බ්‍රවුන් පේපර් කොලේ දාලා ඊට උඩින් තව ඉටි කවරෙකුත් දානවා..පන්තියේ ගෑණු ලමයින්වත් එච්චර හොඳට පොත් ටික තියන් උන්නෙ නම් නෑ..

    ReplyDelete
    Replies
    1. හි හි.. වෙනි අන්කල් හොඳ ළමයෙක් නේ.... පන්තියේ පළවෙනියා වෙලා තියෙන්නේ.. හි හි

      Delete
  14. අපි පොත්වලට කවර දාන්නේ 9වසර වෙනකම් විතරයි. 10, 11 ඉස්කෝලේට ගෙනියන්නේ සමහර පොත් විතරක් නිසා පිටකවර දාන්නෙම නැති තරම්. ඒත් බැනුම් අහන්න බැරි කමට. 12දි ඉතිං general english පොත විතරනේ. ඒ පොත කවදාවත් ගෙදර ගේන්නේ නැති නිසා කොහොමටවත් කවර නෑ.
    මේ දවස්වලනම් බලං ඉන්නේ ඉක්මනට නිවාඩුව ඉවරවෙනකම්. හි හී...
    (මධුරංග අයියා කිව්වා වගේම මමත් හිරූ අක්ක හිනා වෙන විදිහටම හිනා වෙන්නම්කෝ)

    ReplyDelete
    Replies
    1. ආව් ... general english පොත... ඒක මරු පොත නේද පොඩ්ඩො... හි හි

      Delete
    2. හි හි ... අපෙත් ඒලෙවල් ක්ලාස් එක තිබුණෙ කෙමිස්ට්‍රි ලැබ් එකක. ඉංග්‍රීසිවලට මිස් එද්දි කට්ටියම ගිහිල්ල අපේ වගේ කබඩ් ලාච්චු ඇරල පොත් අරන් එනව. සමහරු ගුරුමේස ලාච්චුවෙත් පොත් දාලා යනව. කොපි පොත්ටික ඇරෙන්න එකෙක්වත් ඔය පොත ගෙදර ගෙනිච්ච කියල මට මතක නෑ. උගන්නපු ගුරුවරු කීප දෙනාම ළමයි එක්ක ෆිට් එකේ හිටපු නිසා වැඩි අවුලක් නෑ, හැබැයි 11 වසරෙදි එහෙම ඔය විදියට පොත් දාලා ගියානම් ඌ ඉවරයි.

      Delete
    3. මට මතක විදියට මගේ ඔය පොත තිබ්බේ හැමදාම ගෙදර... හි හි

      Delete
    4. මට නම් ජෙනරල් ඉංග්‍රීසි අච්චු පොතක් ගැන මතකයක් නෑ. කොල්ලෝ සෙට් එකත් එක්ක එකතු වෙලා ඉංග්‍රීසි උගන්නපු මිස් දිහා ඇහිපිල්ලන් නොගහා බලන් හිටපු එක නම් තාමත් මතකයි. ටීචරුත් හරීම ලාබාල තරුන කෙනෙක්. ඒ වගේම හරි අහිංසකයි. පිරිමි ඉස්කෝලෙකට කොහොම පත් වෙලා ආවද මන්දා.

      Delete
  15. මටත් පොත් වලට කවර දැමීම ගැන තියෙන්නෙ සුන්දර මතකයක්... අපෙ අය්යා තමා පොඩි කාලේ මට කවර දාල දෙන්නේ... ගේන්න ඕනෙ පොත් ලයිස්තුව වැඩ කිඩ දාල ලස්සනට ලියලා දෙසැම්බර් මාසෙ මුලදිම අම්මලට පේන්න තියල තියනවා.... පොත් ගේන්නෙ හැබැයි මාසෙ අන්තිමට. අලුත් පොත් ගෙනාවම සුවඳ බලන එකමයි මගෙ වැඩේ.... ඒ කාලෙ අපි පොත්වලට කවර දැම්මෙ x-ray කවර වලින්..ඒවා කලු පාටයි..ලස්සන නැහැ. හැබයි ඒවා හරිම හයියයි... අවුරුද්දටම ඇති.. පොඩි පන්තිවලදි ළමයි එක එක ඒව කිව්වත් කාටවත් ඒ ජාතියෙ කවර තිබ්බෙ නැති නිසා ලොකු පන්තිවලදි මගෙ පොත් හරිම unique වුනා...

    ReplyDelete
    Replies
    1. x-ray කවර කිව්වේ ඒක දාලා දෙන එකද.... නැත්තම් අර හයිය කොලේද.. ඒක නවත්ත එහෙම බෑනේ... unique නැතිවෙයි යැ... හි හි..

      Delete
  16. ළමාවියේ සුන්දර මතකයන්, පස් පංගුව කෝප්පයක් මැද්දෙන්.. :D
    හිරුගෙ තාත්තා වැඩ කළ කොම්පැණියනම් හරිම හොඳයි. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග වෙනවා ඔයාලා ඒ පොත්පත් තවත් අය එක්ක බෙදා ගත්තහම. අම්මලා හොඳ මගපෙන්වීමක් කර තියෙනවා දරුවන්ට.
    අපිත් පොඩි කාලෙ සිමෙන්ති කවර, දින දර්ශන කවර, ලස්සන පින්තූර සහිත පත්තර හෝ සඟරා පිටු වගේ හැම එකකින්ම කවර දැම්මා. මගේ පොත්වලට කවර දාලා දුන්නෙ අය්යා. පස්සෙ කාලෙක මල්ලි. මමත් ඉඳහිට තනියම කවර දාගත්තා.
    අපි නුවරනෙ. ඉතින් පාවිච්චි කරපු පොත් තමා නවය වසරට එනකම් හම්බුණේ. පොත් නොලැබුණු විෂයනුත් තිබුණා. ඒ දවස්වල සිලබස් මාරු කරපු හින්දා දහයෙ ඉඳන්නම් අළුත් පොත් හම්බුණා. මමත් පොත් ගත්තහම කරන්නෙ සිංහල පොත කියවන එක තමා. ඒකෙ කතා ගොඩයිනෙ. :D

    ReplyDelete
    Replies
    1. දැන්නම් හැබැයි පොත්වලට කවර දැමීම මෙච්චර සරල නැහැ මම දන්න විදිහට. ඉස්කෝල 5 එස් වෙලා නිසා ඉස්කෝලෙන්ම හෝ ඉස්කෝලෙන් අනුමත කරන තැනකින් පොත් සහ අදාල කවර ගන්න බල කරනවා සමහර ඉස්කෝලවලින්; තවත් ඉස්කෝලවල කලර් කෝඩ් කරපු පොත් ගන්න ඕන ඉස්කෝලෙන්ම. ඔන්න ඔහොමයි. අර හිරුගෙ අම්මගෙ වගේ නව නිර්මාණවලට ඉඩක් නැහැ. අපිනම් ඒ කාලෙ එකම පොතේ විෂයයන් දෙකක් ලිව්ව වෙලාවල් වගේම, කොළ හුඟක් ඉතුරු වෙලා තියෙන පොත්වල ඊලඟ අවුරුද්දෙත් ලිව්ව වෙලාවල් තිබුණා. දැන් එහෙම කරන්න ඉඩක් නැහැ.

      Delete
    2. ආ නලිනි අක්කත් අපේ පැත්තේ ආ.. නියමයි නියමයි
      ඕකනේ අක්කේ කියන්නේ කොළඹට කිරි අපට කැකිරි කියලා

      අපෙත් පළවෙනි , දෙවැනි අයට විතරයි අළුත් පොත් හම්බවුනේ, අපේත් හුඟක් පොත් පරණ ඒවා. අපිට හම්බ වෙනකොට සුවද ගිහින් ඒ වාගේ

      Delete
    3. අඩේ බෝලා ලත් නුවරද ?මමත් නුවර . ජය වේවා

      Delete
    4. මට නම් ඔය එස් 5 වැඩේ පේන්නෙම ඉස්කෝල වල තවත් මගඩියක් විදියටම විතරයි නලිනි... ඔය කලර් කෝඩ් වැඩේ හෙන බොරුවක්.. ඇත්තමයි.. ළමයින්ගේ පොත් වලට නෙවෙයි ඕක ඕනේ ඉස්කෝලෙ කාර්යාල වල තියෙන පොත් වලට.. ඒවා තමයි මේ ලෝකේ පිළිවෙලක් නැතුව තියෙන්නේ.. පොඩි ළමයින්ගේ පොත් ලස්සනට තියෙනවා...

      ඔහොම කරන්න ලෑස්ති වෙච්ච වෙලාවක මං අපේ පොඩි එකෙක්ගේ ඉස්කෝලෙකදි කෙලින්ම ඔය කතාව කිව්වා.. ඉස්කෝලේ ටීචර් කෙනෙක්ගේ පවුලේ අයගේ කඩේකින් පොත් ගන්න කියලා නිර්දේශ කරන්න ගිය ගමන් මං කිව්වා මේ ළමයින්ට හම්බුවෙන පොත් වලට මොකද කරන්නේ එතකොට කියලා... ඒ පාර තමයි අනිත් අම්මලා කට ඇරියේ.. බයයි ටීචර්ලා ළමයට ලෙඩ දායි කියලා.. ඒක නිසා කට වහගෙන ඉන්නවා... මං කිව්වට පස්සේ සෙක්ෂන් එකම එකතු වෙලා ඒ වැඩේට විරුද්ධ උනා.. ඒ ටීචත් මාරු වෙලා ගිය නිසා අපේ පොඩි එකාට අවුලක් උනෙත් නෑ..

      Delete
  17. හිරු පාසල් මතකයන් ලස්සනට අවදි කරලා . අපේ ගෙදර ඔය පොත් වලට කවර දාන වැඩේ මම තමයි කරන්නේ . තුන් දෙනෙක්ට කවර දාන්න ඕනෙ . මාත් ගොඩක් මැගසින් වල පිංතූර එකතු කරල තියාගන්නවා කලින්ම . අම්ම ලස්සන ස්ටිකර්ස් ගෙනත් දෙනවා . ඔයා කිව්ව වගේ එක එක කාලෙට එක එක විදියට . එක එක කොළ ජාති වේලල ලස්සන නිර්මාණ කරල ඒවත් අලවනව කවර වල .අපි ඉස්සර පොත්වලට කොච්චර ආදරේද . කවර දාල පොත් ටික ඉඹ්නවත් එක්ක .
    …ලස්සන පෝස්ට් එක හිරු .

    ReplyDelete
    Replies
    1. හි හි.. තැන්ක් යූ තැන්ක් යූ...

      Delete
  18. මමනං සිරාවටම ඔය කවර ගැනනං හිතන්නෙවත්නෑ... එහෙම කවර දැම්මනං ඒලෙවල් කාලෙට විතරක් රුපියල් පණස්දාහක විතර දාන්න වෙනව.. මොකටද නිකං ජාතික ධනය විනාස කරන්නෙ?
    දැං පොඩි උන්ටනං කවර අනිවාර්යද කොහෙද?.. ඒකත් පාට පාට මං හිතන්නෙ.. පොත් වලට මදිවට කවර වලටත් වියදං කරහංකො.

    ReplyDelete
    Replies
    1. හපොයි.. මෙයා හිතලා තියෙන දුර.... හි හි

      Delete
  19. අපේ ගෙදර අයියගෙ පොත්වලටත් පිට කවර දාන්න උනේ මට.. බිම වැටීගෙන ඔය හිරුවා වගේම තමා පිටකවර දාන්නෙ. ඔක්කෝටම වඩා අමාරු ඉටිකොළ දාන එක. අපේ ඉස්කෝලේ ( ශුද්ධවූ පවුලේ බාලිකාව- වෙන්නප්පුව ) පොත් වලට පින්තූර එහෙම අලවන්න දෙන්නෙ නෑ.ඒ හන්දා පින්තූර ස්ටිකර් වගේ ඒවා අපිට නෑ.. හැම අවුරුද්දකම වගේ අලුත් අච්චු පොත් නම් ලැබුනා. පරන ඒවා ලැබුනේ කලාතුරකින්...

    අවුරුද්දෙ මුල් කාලයේ නම් පොත් හරිම පිළිවෙලයි. අකුරු එහෙම මුතු කැට වගේ ලියනවා.. පස්සෙ පස්සේ...හි හි හී...

    ReplyDelete
    Replies
    1. අප්පා.. මුල කාලේ නම් කියලා වැඩක් නෑ.. ටික කාලයක් යනකොට පොත ඉවර වෙන්නේ නැති එකට බැන බැන තමයි උස්සන් යන්නේ.. හි හි

      Delete
  20. මාවත් ඒ කාලෙට ඇදීල ගියා හිරුවෝ ...අපේ අයගෙයි මල්ලිගෙයි මගෙයි පොත් ඔක්කොටම ඒ දවස්වල කවර දාන්නේ මන් ..ඉවර කරලා නැගිටිනකොට කකුල් හිරි වැටිලා ,කොන්ද රිදෙන්න අරන් එක විකාරයි ..හම්මෝ

    ReplyDelete
    Replies
    1. හි හි.. අපේ ගෙදර ඒක අඩුම ගානේ සතියක වත් වැඩක් රෙහානි.... පිස්සු හැදෙනවා...

      Delete
  21. දෙමළ පොතේ කොටියෙක්.... මට බකාස් ගාලා හිනාගියා බං.... උඹ හිතලම නේ ඒක කලේ

    හිරුවගේ සත් ගුණවත් වැඩ ගැන බොහොම මනාපයි... කියපන්කො බං ආසවාට කියවන්න කරපු අසික්කිත , කුජීත, තකතීරු වැඩකුත් :P

    ReplyDelete
    Replies
    1. මංනම් ඉතින් ඔය පොත් කවර කොහොම වැටේනවද කියල දැනං හිටියේ නෑ.. අක්කයි නංගියි දෙන්න දෙපැත්තෙ ඉද්දි මං මොකටද ඔව්ව කරන්නේ

      Delete
    2. නෑ බං.. ඇත්තටම දෙමල කිව්වම කොටියෙක් නෙ මතක් වෙන්‌ෙන්.. අනිත් එක ස්ටිකර් එක හෙන ලස්සනයි.. ඒකයි ඇලෙව්වේ...

      අනේ බං මං තකතීරු වැඩ නම් කරලා තියෙනවා ඇත්වෙන්න.. අසික්කිත වැඩ නම් කරලා නැද්ද කොහෙද මතක හැටියට... හි හි... ඔය කිව්වේ එක තකතීරු වැඩක් තමයි... හි හි

      Delete
  22. මාත් ඉස්සර ආසම දෙසැම්බර් නිවාඩුවට...ඇයි අළුත් පොත්, සපත්තු, බෑග් අරවද මෙවද හෙන ලැයිස්තුවක් ලැබෙනවනේ..... පොත් වලට පිට කවර දාන එකත් ජොලි වැඩක්. හැබැයි ඉටි කොල දාන එකනම් එපාම කරපු වැඩක්. මමත් ඉස්සර ඉස්ටිකර් වලට අමතරව ලස්සන පින්තූර අලවනවා..... ඒ කාලේ ආයේ මතක් වුනා අක්කෝ ඔයාගෙ මේ පෝස්ට් එකෙන්..... :)

    ReplyDelete
    Replies
    1. අහ්හ්... කියන්න අමතක වුනා කෙල්ල පොඩි කාලේ මාර හැඩයි ඈ..... දැන් ඊට වඩා හැඩ ඇති මයේ හිතේ..... ඒක තමා අපේ මහත්තයා අත අරින්නේ නැතුවම ගේම ගෙනිච්චේ....... :)

      Delete
    2. හි හි... මගේ ජාතියේ කට්ටිය ඉන්නෙ ඔය ඕනේ තරම්.... හි හි..
      පොඩි කාලේ ඔහොම හිටියට දැන් නං අන්තිමයි සමනලී.. හි හි...

      Delete
  23. පොත්වලට කවර දාපු කතා කියනකොට මතක් උනේ ,පොඩි කාලේ ඇරෙන්න අනිත් හැමදාම මගේ පොත්වලට කවර දාගත්තේ මමමයි ,කවර දාල හිරු වගේ ලස්සන රූප කපලා අලවනවා ,ටියුෂන් පන්තිවලදී කෙල්ලෝ පවා මගේ පොත් ඉල්ලගෙන බලනවා ,ටිකක් ලොකු කාලෙකදී (මට මතක සාමාන්‍ය පෙළ විතර )සමහර පොත්වල මම ලස්සන රටා මැවෙන විදියට කඩදාසි පුච්චලා ඇලෙව්වා ,මං මේක කලේ කාමරේ ඉදගෙන ,තාත්තා හිතාගෙන මං කාමරේට වෙලා සිගරට් එකක් ගහනවා කියලා එකපාරටම දොර අරගෙන ඇතුලට ආවා

    ReplyDelete
    Replies
    1. හි හි... ඒ කාලේ කරපු විකර වැඩ හරි ලස්සනයි අප්පා.. ඒවා තමයි නිර්මාණ කියන්නේ..

      මරු වැඩේ කියන්නේ හසරුල් අපේ ගෙදර කාමර වලට දොරවල් දාලා තිබුනේ නෑ... ගණකම් රෙද්දක් විතරයි තිබ්බේ... දොරවල් වහගෙන කාමර අස්සේ ඉන්න පටන් ගනියි කියලා... අපිට ගානකුත් නෑ ඉතිං.. අපි හතර දෙනා විතරයිනේ.. මං බැඳලා ආවට පස්සේ තමයි කාමර වලට දොරවල් දැම්මේ.. දැං ඒ තුන් දෙනාම නහයෙන් අඬනවා දොරවල් දාලා මළ වදේ කියලා... හි හි.. හැබැයි ඉතිං අපි දෙන්නා තාමත් ඒ ගෙදර දවසක් වත් ඉඳලා නෑ...

      Delete
    2. ඇත්ත ,මාත් දොර අරගෙන ආවා කිව්වේ දොර රෙද්ද අයින් කරගෙන ආව එකට විතරයි ,දොරවල් තිබුනට කාමරවල ඒවා කවදාවත් වහලා අගුලු දාන්නේ නැහැ

      Delete
    3. හි හි.. ඒකනේ...

      Delete
  24. Matath awrudde anthima niwaduwata oya wade nam thibuna. Mage witharak newei nandalage nangilata mallilata dala denna wenneth mata. Harima asawen thamai karanne. Aluth poth athagana kota hari asai e suwadatath e wagema asai. Mama nam issarawama kiyawanne sinhala potha ita passe budda dharmaya potha iwara wenaknma kiyawanawa.

    ReplyDelete
    Replies
    1. හි හි... මම ඉස්කෝලේ බුද්ධාගම පොතට වඩා ආස දහම් පාසලේ පොතට.. ඒක නම් කියවනවා... ඉස්කෝලෙ පොත කියෝලා තිබ්බම බුද්ධාගම පීරියඩ් එකට කරන්න වෙන වැඩක් නෑනේ.. ඒක නිසා ඒක කියවන්නේ නෑ... හි හි

      ඔවු අප්පා.. මං තාමත් හරි ආසයි ඔය පොත් වල සුවඳට....

      Delete
  25. අඩේ අර ෆොටෝ එකේ හිටපු කෙල්ල නම් පට්ට කෑල්ල ආ :D

    අපිත් ඒකාලේ ඔය විදියමම තමා සිද්දි එකක් දෙකක් වෙනස් ඇති මටත් අපේ තාත්තගේ ඔෆිස් එකෙන් පොත් ලිස්ට් එකනම් වැඩියෙනුත් එක්ක හම්බවුනා බෑග් එකත් එක්කම.

    කවර දැම්මේ අම්මා,තුන වසරේ නම් ඉස්සරහ ගෙදර වරුණි අක්කා :)

    ReplyDelete
    Replies
    1. යකඩෝ .... මූට ඉන්න අක්කල ගොඩ.

      Delete
    2. කෑල්ල....??? මට පේන විදියට නම් ඕක ෆුල් පැකේජ් එකක්.. කෑලි කෑලි නෑ... හි හි...

      අනේ මන්දා DDT මූට හැමතැනම අක්කලා....

      Delete
  26. මම මේ කල්පනා කළේ කියන්නෙ මොනාද කියලා..

    ReplyDelete
    Replies
    1. ඇයි හරී? උඹ පොත්වලට කවර දැම්මෙ නැත්ද බං ඒ කාලෙ. පොත්වලට කවර දැම්මෙ නැති උනාම ටීචර්ල මරං කන්න හදනවනේ බං ඒ දවස්වල.

      “පෙනේද මුංගෙ තියෙන උනන්දුව, පොතට කවරයක්වත් දාලා නෑ, හෙට එනකොට කවර දාන් ආවෙ නැත්නම් කෙලින්ම එළියෙ“ ඕං ඔහොමයි කියන්නෙ.

      අපි ඉතිං නිවාඩු දුන්නු දවසෙ ඉඳල කවර දාන සිහියෙන් හිටපු නිසා අවුලක් නෑ, ඒත් පන්තියෙ හිටපු දෙතුන් දෙනෙක්ට නම් හැමදාම ටීචර් බණිනකම් උන් කවර දාන්නෙ නෑ.

      Delete
    2. ඇත්තටම හරී.. මොකවත්ම එන්නේ නැද්ද කියන්න... හි හි....

      කිව්වම මතක් උනේ DDT.. ඔය වගේ බැනුම් අහන කෙල්ලොත් හිටියා අප්පා.. හි හි

      Delete
  27. අපෙත් ඉතින් ඔය පොත් වලට කවර කියන ඒවා දැම්ම.අපි (මමයි අක්කයි ) ගොඩක් පොඩි කාලේ කවර දාල දුන්නේ තාත්තා .පොත් ටික ගෙදර ගෙනාපු දවසේමයි තාත්තට කෙදිරි ගාන්නේ අනේ කවර දාමුකෝ කියලා .තාත්තත් ඉතින් හා හා හෙට දැමු කිය කිය ඉදලා ඉස්කෝලේ පටන් ගන්නේ හෙට අනිද්දා කියලා තමා කවර ටික දාල දෙන්නේ.අච්චු පොත් වලට විතරක් නෙවේ ලියන පොත් වලට හිටන් කවර දානවා ඒ දවස්වල .අපේ ගෙදරනම් බ්‍රවුන් පේපර් තම දැම්මේ .ඒ කරලා ඉටිකොළ දානවා .ඉස්සර ඉතින් කවර දැමීමේ මෙහෙයුම දියත් කරන්නේ අක්කා තමා .එයා හැම පොතේම පිටින් දාන්න ඕනේ අපේ නම ,පන්තිය ,පාසල ,විෂයන් ටික කොලේක ලියල තාත්තාට දෙනවා. තාත්තා ඒ ටික ඔෆිස් එකේ typing කරන ගෑනු දරුවට කියල වැඩ දාල type කරලා ප්‍රින්ට් කරන් එනවා .ඒක තමා පොත්වල අලවන්නේ.පස්සේ පස්සේ අක්කට කවර දාන්න පුළුවන් වෙනකොට එයා තමා මගේ ඒවාටයි එයාගේ ඒවාටයි සේරටම කවර දැම්මේ .එතකොට ඉතින් එයට ඕනේ විදිහට තම මගේ ඒවටත් කවර දන්නේ .ඒවාට ඉතින් පොඩි පොඩි වලිත් යනවා .මට ඕනේ ස්ටිකරේ නැතුව එයාට ඕනේ එක අලවපුවම.10/11 වසරට එනකොටනම් අපිට ඕවගේ කවර තිබුනත් එකයි නැතත් එකයි.අවුරුද්ද ඉවරවෙනකොට පොත් දෙනකොට තිබ්බ කවරෙත් නෑ සමහර පිටුත් නෑ හික් හික් හික් .උසස් පෙළ ලියනකොටනම් කවර දාන්න අච්චු පොතක් තියා ලියන පොතක්වත් තිබුන බවක් මට මතක නෑ .උසස් පෙළ සේරම notes (කීවට note පොඩ්ඩයි ) ලිවේ පොදු වැඩ පොතේ හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරත් වලි යනවා.. හැබැයි අපේ මල්ලි දන්නවා අක්කලා දෙන්නව තරහා කරගන්නේ නැතුව වැඩේ කරගන්න... අනිත් එක ඉතිං අපි දෙන්නත් උගේ කොලු කම සැලකිල්ලට අරගෙන පොත් ටික හදලා දෙනවා..

      ඔව් ඔව් බං... ඔක්කොම පොත් වලට දානවා කවර...

      Delete
  28. හෆ්ෆා... ළමිස්සි කාලෙ හිරූ අක්ක හෙන හැඩයිනේ :D

    මං නම් දෙසැම්බර් නිවාඩුව එනකම් ඉන්නෙ දවල් වෙනකම් නිදාගන්න.. එතකොට උදේම නැඟිටල දත් මදින්න ඕන නෑනේ (මං ඒ කාලෙ අකමැතිම වැඩේ දත් මදින්න :P)

    ReplyDelete
    Replies
    1. හි හි.. ඒ කාලේ එහෙම තමයි යසිත්...

      අප්පා.. මං නං තාමත් අකමැති වැඩක් තමයි දත් මැදිල්ල... ඒත් ඉතිං උදේ පාන්දරම මැදගෙන එනවා... නැත්තම් දවසම මතක නැති වෙනවා....

      Delete
    2. මේක දැක්කමයි මතක් උනේ .යකඩෝ දවස් 4කින් විතර දත් මැන්දේ නෑනේ .දත් මැදල එන්නන්

      Delete
  29. මම නම් පොත් ටික කියවන්න ගන්නේ කවර දාලා. මුල් දවස් වල නම් බ්‍රවුන් පේපර්. 9, 10 වගේ පන්ති වලට එනකොට පාට පාට කොළ. නැත්නම් කැලැන්ඩර්.
    දැන් නම් එකම පාටෙන් ද කොහෙද පොත් වලට කවර දාන්නේ. අර තප්පලන් ගහගෙන ඉන්න ෆොටෝ එක කවුද ගත්තේ.. :) කොන්ඩේ එල. සන්සිලික් දෑ..

    ReplyDelete
    Replies
    1. ෆොටෝ එක ගත්තේ අපේ අම්මා.. රීල් එකේ ෂොට්ස් ඉතුරු වෙලා තිබිලා.. ඒකනේ ඔය කලකිරිලා වගේ බලං ඉන්නේ මං... හිතපු නැති වෙලාවක ගත්තේ.. හි හි

      කොණ්ඩෙට ඒ කාලේ නම් ඔය මොනාවත් දැම්මේ නෑ චන්දන.. ඒත් ඔය හැමදාම ගොතලා ගොතලා ආපු රැල්ලට නම් මං හරිම අකමැතියි.... ඒක නැති කරගන්න බැරි උනා අවුරුදු ගානක් දැඟළුවත්... පොඩ්ඩක් ගිහින් දැන් නම්...

      Delete
  30. ලිපිය හොඳයි.. හොඳ අදහස් ටිකක් හිතට ආවා.. මට නං ඔය නිවාඩු කාලෙ කොහොම ගත කළා ද කියලා ඒ හැටි මතකයක් නෑ.. මං හිතන්නෙ වෙනසක් නෑ.. සෙනසුරාදා ඉරිදා වගේම තමයි..කිරිකොට්.. කිරිකොට්.. වෙනසකට තියෙන්නෙ අම්මලාගෙ ගමේ හරි අප්පච්චිලාගෙ ගමේ හරි යන දවසටයි.. ඔය කවුරු හරි නෑදෑ සැට් එකක් අපේ ගෙදර ආපු දවසටයි තමයි.. මගෙ පොත් වලට පිට කවර දාන්ට.. පත් කොරපු දෙන්නෙක් උන්නා.. (අපේ අම්මයි.. අක්කයි..) ඒ හින්දා මට ඒ පස්නෙ නෑ.. හිරු දීලා තියෙන හැටි ඇහැවුවම මං එහෙම මොනවා හරි දීලා තියෙනවද කියලා කල්පනා කොළා.. හිරුත් එක්ක හැරෙන්ටවත් බෑ නොවැ.. මං ඔය නැති බැරි යාළුවෙකුට, නෑයෙකුට ඉඳහිට කොරපු පුංචි පුංචි උදවු ඇරෙන්ට..එහෙම සිරිතක් විදිහට ඒ හැටි දෙයක් කොරලා නෑ නොවැ.. හරි සංතෝෂයි හිරු.. ඔයාලගේ දීමේ පුරුද්ද ගැන..

    ReplyDelete
    Replies
    1. දීමේ පුරුද්ද මං හිතන්නේ අපේ අම්මගෙන් ආපු එකක් වෙන්න ඇති චතුර... මොකද අම්මත් ඉස්සර ඉඳන්ම පුළුවන් හැම කෙනෙක්ටම උදවු කළා... බැනුමුත් අහගෙන... අපේ ගෙදර තිබ්බ ගොඩක් දේවල් පාවිච්චි කරන්න පුලුවන් කමක් තිබ්බා නම් ගොඩ ගහගෙන විනාස කරන්නේ නැතුව ඕනේ කරන අයට දීලා තියෙනවා... අපි පුංචි කාලේ අපිට නැතුව ඉන්නකොට ඔය විදියට අපටත් හම්බුඋනා මට මතකයි.. ඒක හින්දා වෙන්තැති ඔය පුරුද්ද තාමත් තියෙන්නේ..

      දැං නං ඉතිං මට ඒවා කරන්න විදියක් නෑ.. ඒත් අම්මා තාමත් ඒවා කරනවා කියලා අහන කොට හරි සන්තෝසයි...

      Delete
  31. මෙතන බාගයක් උන් බොරු කියලා තියෙන්නේ ආසම පොත සිංහල කියලා ,මං ඔට්ටුවක් අල්ලනවා ගොඩක් කට්ටියගේ ආසම පොත 9 වසරේ සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය පොත කියලා ,මං කියන්නේ බොරුද හා ............

    ReplyDelete
    Replies
    1. නෑ බං... උදා වූ යෞවනය පොත... හි හි

      Delete
    2. එහෙම පොතක් තිබුනද බන් හසරැල්.ඒ දවස්වල පාඩම් පොත් දිහා අහක් ඇරලවත් බැලුවේ නෑනේ .ගෙවල් ලග නන්ගියෙක්ගෙන් පොත ඉල්ලගෙන බලන්න ඕනේ .ඇත්තටම බන් ඔය පොතේ මොනවයි තිබුනේ
      ප . ලි (ඌරංට මොන සවුක්‍ය දැයි කියමින් ගෙවල් ලග නංගි පොත දීම ප්‍රතික්ෂේප කරන ලදී )

      Delete
  32. අළුත් පොත් වල අළුත් සුවඳට මං කවදත් ආසයි. පිළිවෙලට කවර දාල ගත්තම පොත් කන්න හිතෙනව :)

    මමත් අළුත් පොත් හම්බඋන ගමන්ම කරේ සිංහල පොතයි බුද්ධ ධර්මය පොතයි කියවන එක. හැබැයි කවියි ගාථායි අතෑරල කතා ටික තමයි කියවන්නෙ. කවර දාන වැඩේදි වැඩිපුරම ආස පාට පාටින් හැඩ දාල වැඩ දාල පොතේ පිට කවරෙ නම් ලියන එකට.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම මේ වැඩ කරලා තියෙන්නේ ආසාවෙන් නේද... හි හි... දැං ළමයින්ට ඒකත් නෑ...

      Delete
  33. පොත් ටික හම්බ උනාමනං හැමදාම මුලින්ම කියවන්නේ සිංහල පොතයි..බුද්ධාගම පොතයි... එකොළහ වසරෙදිනං විද්‍යාව පොත..ඒකට හේතුවක් තිබුනා.. ඒක රහසක්... හා කියමු බලන්න රහස දන්නවනං..?

    ReplyDelete
    Replies
    1. අපිට ඊට කලින් හොඳ පොතක් හම්බු උනා.. උදා වඋ යෞවනය පොත... හි හි

      Delete
    2. අපිට තිබ්බ එ‌කොළහේ විද්‍යාව පොත හරි ලස්සනයි... ඒ පොත අතට ගත්තම ආසයි..හැම පාඩමකම අන්තිමට සාරාංශයක් දාලා තියෙනවා.. ඒකෙන්ම තමයි මම නම් ඕලෙවල් වලට පාඩම් කළේ..... ලියපු නෝට්ස් නම් බැලුවෙ වත් නෑ...

      Delete
    3. ප්‍රජනනය පාඩම තිබ්බනේ ඒකෙ... හැබැයි රූපසටහනේ තිබ්බේ ඇඟේ අභ්‍යන්තර කොටස් නිසා කිසි ගතියක් නෑ. අනික පිරිමියාගේ ශුක්‍රාණුවයි ගැහැනුන්ගේ ඩිම්බයි සංසේචනය වෙලා යුක්තානුවද මොකද්ද එකක් හැදෙනවා කියලා තිබ්බත්, අර ශුක්‍රාණුයි බිම්බයි මුණගැහෙන විදිහ ගැන කිසිම පැහැදිලි කිරීමක් තිබ්බේ නෑ.

      Delete
  34. අඩු වැඩි වශයෙන් එම. අපිනම් බ්‍රවුන් පේපර් නැතුව නිකන්ම සිමෙන්ති කවර දාගනත් ගියා..එතකොට ඉටි කොල දාන්න හැකියාවක් තිබුනෙම නෑ.. අනිත් උන් ලස්සනට කොල දාලා, ස්ටිකර් එහෙම අලවලා, ඉටි කොලත් දාලා තියනකොට අපි නිකම්ම නිකම් සිමෙන්ති කොල..කවදා මෙහෙම පිට කවරයක් දාන්නද කියලා ඒ දවස් වල හීල්ලුවා මතකයි..

    පස්සෙ කාලෙ, නවකතා පොත් ගත්තම ඒවට කවර දාන්න මම මරු ක්‍රමයක් හොයා ගත්තා.. ඒ තමයි කවරයට උඩින් ලැමිනේට් කලා වගේ හිටින්න සුදු පාට සෙලෝ ටේප් ගැහීම. ඒකට මම ඒ දවස් වල කොච්චර දක්ෂද කීවොත් එක හුළං බුබුලක්වත් නොහිටින්න ලැමිනේට් කලා වගේම ගහන්න පුලුවන් කම තිබුනා.. අනික ඒක සාර්ථක ක්‍රමයක්.. එහෙම සෙලෝටේප් දාපු පොත් තාමත් මා ගාව තියනවා.

    ReplyDelete
    Replies
    1. හි හි.. මාත් ඔය වැඩේ කළා කතන්දර පොත් වලට... ඒත් ගොඩක් පොත් තාත්තා ගේන්නෙම ‌පොත් බඳින තැනකට දීලා අර පුස්තකාල වල වගේ බන්දලා.. ඒක නිසා පොත් පරිස්සම් උනා.. තාමත් තියෙනවා කවුරුහි උසස්න් ගියේ නැති පොත් ටික නම්.... හි හි....

      ඔය සිමෙන්ති කවර වැඩේ කළේ අපිත් සල්ලි නැති වෙච්ච පාරක තමයි කියලා අම්මා කියනවා.. ඒත් මට එහෙම මතක නෑ.. මට මතක කරපු ලස්සන වැඩේ විතරයි... හි හි... ලැකර් හරි වාර්නිෂ් හරි ගන්න විතරයි ගානක් ගියේ... හි හි

      Delete
  35. අපෝ හිහි.. ඔයා මාර වැඩනේ කරල තියෙන්නෙ.මරුම කෑල්ල තමා මල්ලිගෙ දෙමළ පොතේ කොටියෙක් අලවපු එක.මං අපේ අම්මටත් කිව්ව.එයා මේ ‍හොදටම හිනාවෙනව දැන්.

    ඉස්කෝලෙ කාලෙ දෙසැම්බර් ගැනනෙ ලියලා තියෙන්නෙ.මං නං ඉතින් තාම ඉස්කෝලේ යනවනෙ.
    ඉතින් ඔයිට වඩා මං නං ටිකක් වෙනස් දෙසැම්බර් ගැන හිතන විදිය.මට ලොකුම සන්තෝසෙ ලැබෙන්නේ ටර්ම් ටෙස්ට් ඉවර වෙන දවසට.පියාඹලා ගෙදර එන්නෙ.

    ඔයා දහය වසරෙදිනෙ මීටරේ වැටිල තියෙන්‍නෙ නේද?මං නං ඉස්කෝලෙන් අවුට් වෙනකං මුකුත් පටලැවිල්ලක් හදාගන්නෙ නෑ.ඒ මගේ සදාචාරවත් භාවය හින්ද නං නෙවෙයි.මට හීනෙන් කියවන පුරුද්දක් තියෙනවා.අද පාඩම් කෙරුවෙ මොනවද කියල ගෙදර අයට ඊළග දවසෙ විස්තරාත්මකව කියන්න පුළුවන්.නින්දෙන් සේරම රිපෝට් කරලා.ඉතින් තත්වේ හයානකයිනේ.

    කොහොම හරි මේක මරු ලිපිය අෆ්ෆා..!

    ReplyDelete
    Replies
    1. හි හි... මං හිතුවේ මං විතරයි කියලා... මටත් ඔය හීනෙන් කියවන ලෙඩේ තිබිලා තියෙනවා 7 වසර වෙනකම් විතර... අපේ පුංචිලා එහෙම මං නිදා ගෙන ඉන්නකොට අහන ප්‍රශ්න වලට මං උත්තර දෙනවලු.. හැබැයි මං දැං නං හිතන්නේ මාව අල්ලගන්න කරපු උප්පරවැටිට්යක්ද කොහෙද කියලා.... හි හි

      නෑ නෑ... මං අහුඋනේ නෑ.. මං හා කිව්වේ අවුරුදු 9කට විතර පස්සේ මං හිතන්නේ.. ඉස්කෝලෙන් අවුට් වෙනකම් බෑ කිව්වා.. ඒත් එයා මට අයියා කෙනෙක් වගේ හිටියා.. විශේෂත්වයක් තිබ්බා තමයි.. ඒත් එහෙමයි කියලා ලවු කරන්න නම් උවමනාවක් තිබ්බේ නෑ... හැබැයි ඔය සීන් එකෙන් පස්සේ මාව බුක් උනා වගේ උනා.. දන්න උන් කිසි කෙනෙක් මගෙන් යාලුවෙන්න ඇහුවේ නෑ... දුක තමයි ඉතිං... හි හි... අපි බැන්දේ අවුරුද 11කට පස්සේ... හි හි

      ඉස්කෝලේ යන කාලේ පැටලැවිලි ඕනේ නෑ තමා.. මොකද එහෙම උනොත් ගොඩක් කෙල්ලන්ට තියෙන නිදහස නැති වෙනවා... යාලු උනොත් නෙවෙයි පස්සෙන් එන්න ගත්තත් මළ වදේ... ඒක නිසා ඉස්කෝලේ යන කාලේ ෆුල් ෆන් එකේ ඉන්න... පුළුවන් තරම් කොල්ලෝ ප්‍රශ්න නැතුව... හි හි..

      Delete
    2. ලකියනම් කැමති හීනෙන් කියවන කෙල්ලන්ට .මොකද එයාලට බෑනේ කවදාවත් බොරු කරන්න .ඇයි ඉතින් හැමදේම හීනෙන් කියවෙනවානේ තිත් දෙකයි ඩී

      Delete
  36. හපොයි එපාම වෙන දේවල් තමා මට ඔය ලියන කියන
    කවර දාන පොත් හදන දේවල්. 7 , 8 ඉද්දි නම් බේරෙන්න
    බැරුව පොත් හදන්න උනා.ඊට පස්සේ ඒ ටිකත් නැහැ
    පොත් වලට කවර ටික නම් දාගන්නේ තාත්ත එක්ක
    එකතු වෙලා.මන් දාන්න ගියොත් ඒ ටික එදාම
    ඉරෙනවා ..හැබැයි එක එක හාවෝ , තරු වගේ
    ඒවා නම් අලවන පුරුද්දක් තිබ්බා .. හි හි

    ReplyDelete
    Replies
    1. ඒ අර දිලිසෙන ස්ටිකර් නේද... ඒවා අලවන පුරුද්ද කෙල්ලන්ටත් තිබ්බා... හි හි.. පොත් හදන්න කිව්වේ ඇගයීම් ද.. හාපොයි.. ඒක නම් හෙනම කම්මැලි වැඩක් තමයි...

      Delete
  37. මමනම් අලුත් පොත් ගත්තු වෙලේ ඉඳලා දවසක් ඇතුලත කොහොම හරි සිංහල, බුද්ධ ධර්මය, ඉතිහාස පොතේ කතන්දර කියෝලා ඉවර කරනවා. පොත් ටික ගත්තු ගමන්ම ඉස්කෝලෙදි, ඊට පස්සේ බස් එකේදී, 5 වසරට ඉස්සෙල්ලනම් පාරේ ආවෙත් පොත් කියෝ කියෝ. හැබැයි ඊට පස්සේ පොත් ටික අල්ලන්නේ ඉස්කෝලේ පටන් ගන්නේ හෙටයි කියලා.
    පොඩි කාලෙනම් අම්මා පිටකොල දාලා දුන්නා. බ්‍රවුන් පේපරුයි, ස්ටිකරුයි, DSI සපත්තු වලට හම්බවෙන නම විෂය ලියන කාඩ් එකයි, ඉටිරෙදියි තමයි අනිවාර්ය අංග. ලොකු පන්ති වලට යද්දී ඉස්කෝලේ හෙටයි කියල රෑ නිදි වරාගෙන කවර දානවා. ඒ ලෙවල් වෙනකොට පිට කවර ඇත්තෙම නෑ. මුලදී ගෙනාවත් ඒවා දැම්මෙත් නෑ.

    එක නෙවෙයි හිරුවෝ, උඹ ඇඟ හදාගන්න ගොඩක් මහන්සි වෙන්න ඇතිනේ. බලහන් ඒ කාලේ තිබුණ ජොල් ඇඟේ හැටි.තුක් විතරක් අප්පිරියාවේ බෑ. හැබැයි කොන්ඩේනම් එල කිරි.

    ReplyDelete
    Replies
    1. මං ඒ කාලේ හෙනම කෙට්ටුයි අකම්... ඇඳුමක් එහෙම ගන්න ගියාම එපා වෙනවා... දැං එකටත් හරියන්න අලියා වගේ... හි හි

      Delete
  38. @හස රැල්= 9 වසරේ සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය පොත... දැන් තියන පොතේ ඒ දවස් වල තිබුණු ඒවා නෑ... අපේ අවුරුද්දේ subject update උනා ඒ උනාට අපිත් ඔය පොත කියෙව්වා 8 දී .. හි හි... අපේ අම්මා කියන්නේ පොත් වලට කවර දැම්මේ නැති උනාම ලුණු මාළු කෑල්ල වගේ කියලා.. මට මේ ලගදී ඔහොම කියලා බැනලා තමා A/L පොත් වලට කවර දැම්මේ..

    අඩේ අර ෆොටෝ එකේ හිටපු කෙල්ල නම් පට්ට කෑල්ල ආ :D එකනම් ඇත්ත ලස්සන කොන්ඩේ ආ..පොඩ්ඩක් කෙට්ටුය් වගේ. ඒ උනට දැන් :D (කොහොමද ඉක්මනටම මහත් උනේ}

    ReplyDelete
    Replies
    1. කෑල්ල.. ?? කෑලි කෙහෙද.. ඕක ෆුල් පැකේජ් එකක් මං දන්න විදියට... හි හි...

      ඔය බං ඉස්කෝලෙ යන කාලේනේ.. ඒ කාලේ කෙට්ටුයි... දැං මේ අවුරදු 2කට කලින් විතර ඉඳලා තමයි මහත් වෙන්න ගත්තේ...

      ෂික්.. මුන් මේ ලොකුවට කියවගෙන ආවට තාම ඉස්කෝල යන උන් නේ... හයියෝ......

      Delete
    2. මටත් මතකයි මන් 6 වගේ ඉද්දි අපේ මාමගේ
      ගෙදර තිබිල අහු උනේ නැද්ද බොලේ 8 සව්ක්‍ය
      පොතක්..හෙමීට හූනා වගේ දොර මුල්ලට වෙලා
      සුරු සුරු ගාල කියෙව්වා..කියවපු වේගෙට
      දාඩියත් දැම්ම...:)

      Delete
  39. දෙසැම්බරේනම් මට පේන්න බෑ හැම අවුරුද්දෙම වියදම් වැඩිම මාසෙ....

    ඔන්න දැන් කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම බෑග් අරං දෙන්න වෙලා. බෑග් එකක් අවුරුද්දක් පාවිච්චි කරන්න බෑ.ඇයි සිමෙන්ති කොට්ටෙක බර පටවන්න එපායැ.

    ReplyDelete
    Replies
    1. අම්මලා තාත්තලා නම් අන්තිම අසරණ වෙන මාසේ තමයි මේක සුමිත් අයියේ... මේ තියෙන වියදම් එක්ක ඕවත් කරන්න ගියාම...

      Delete
  40. ම්ම්..මට නං ඔක්කොම කරල දෙන්නෙ අම්ම තමයි ඒ කාලෙ. බ්‍රවුන් පේපර් විතරක් දාල හරියන්නෙ නැනෙ, ඊට උඩින් පොලිතිනුත් දාන්න ඕනි. බ්‍රවුන් පේපර් එකේ තියෙනව හීනි ඉරි. ඔය ඉරි කෙලිං අතට හිටින විදියට දැම්මම තමා ලස්සන.. හරිම නීට් එකට මට පොත් ටික ඕනි.. අම්මම තමයි ඉතින් පුරුදු කලේ ඒ පිළිවෙල.. අඩුමතරමෙ ස්ටේපර් කටුවත් ගහන්නෙ නෑ. සෙලෝටේප් ගහන්නෙ.. නැත්නං ඉස්ටේපර් කටු වලට පොලිතින් එක සීරෙනව ටික දව්සක් යද්දි. ඔන්න බලන්න මේ ළමයගෙ පිලිවෙල ඒ කාලෙ..

    ඊට පස්සෙ 11 වසර විතර වෙද්දි මමත් අල්ලගත්ත වැඩේ.. ඊට පස්සෙ ඉතින් සාම්ප්‍රදායික බව්න්පේපරෙන් මිදිලා ලස්සන එක එක සුකුරුත්තං හැඩ වැඩ දාල පිට කවර දැම්මා.

    අනේ ඉතිං ඒ ලෙවල් කරන්න ඇවිල්ලත් විශයන් තුනට ගත්ත පලවෙනි පොත් තුනට ලස්සන පිට කවර 3ක් දැම්ම දැම්ම මයි එදා මෙදාතුර ඉතිහාසයෙ මේ වෙනතුරු පොතකට පිට කවරයක් තබා ඉස්ටිකරයක්වත් අලවා නැත. හි හි :D
    පිරිහීම සහෝදරී. පිරිහීම :P

    ReplyDelete
    Replies
    1. සෙලෝටේප් ගැහිල්ල නම් එපා වෙන වැඩක්... ස්ටෙප්ලර් ලේසියි... ඒකයි ඉතිං.. ඒත් අපිත් පහුවෙනකොට සෙලෝටේප් ම ගැහුවා... පොත් පරිස්සම් කරගන්න...

      අන්තිම ටික නම් මරු... හි හි

      Delete
  41. //ආ.. ඒක කියද්දි මතක් උනේ.. එක පාරක් මං අපේ මල්ලිගේ දෙමළ පොතේ ලොකු කොටියෙක්ගේ රෑපයක් අලවලා, ඌ පළවෙනි දවසෙම අඬාගෙන ගෙදර ආවා ටීචර් බැන්නා කියලා//

    mekith karana wada :D :D

    oya wage kawara danna ganipu thawa kola jathi thamai demai koloa, thawa thambili patata huru amuthu kola jathiyakuth damma. 10 wasara withara eddi kisima kawarayak damme na. ea kale weddi thibunane ara pita kawarawala caroon ehema andapu poth.

    ReplyDelete
    Replies
    1. ඩිමයි කොළත් කට්ටිය දැම්මා තමයි.. අපි‌ට ඔය කාටූන් කවර තියෙන පොත් වලටත් කවර දාන්නම කියලා නීති දැම්මනේ ඉස්කෝලෙන්... අපේ සමහර ළමයි නම් ඉටිකොළ විතරක් දැම්මා ඒවට...

      Delete
  42. දෙසැම්බර් නිවාඩුවේ තියනව තමයි පොඩි ගතියක්. එකක් තමයි ඊලඟ අවුරුද්දේ තමන් ඉහල පන්තියකට යනවා කියන හැඟීම. කිව්ව වගේ ගෙදර වැඩත් නැහැනේ.

    ඉස්සර ඔය සමහර කිරිපිටි පැකට් ඇතුලේ තියනවා ස්ටිකර්, තමන්ගේ නම, පන්තිය, ඉස්කෝලේ වගේ දෙවල් ලියන්න. අපි ඔක්කොගේම පොත්වලට පිට කවර දාලා අර ස්ටිකර් එකක් අලවලා නම් ලියලා දෙන්නේ තාත්තා. තරමක් කියවගන්න අපහසු ඒත් රටාවක් තිබ්බ අපේ තාත්තගේ අකුරු ඉස්කෝලෙ ගිහින් අනිත් ලමයින්ට පෙන්නන්නෙ ටිකක් ආඩම්බරෙන්. ඕලෙවල් ඒලෙවල් කාලවල නම් පොත් වලට පිටකවර දාන උනන්දුවක් තිබ්බෙම නෑ. ඒත් ඉඳහිට නිකං ඉස්ටැයිල් එකට වගේ ඉංග්‍රීසි පත්තර පිටුවලින් පිටකවර දාන සිරිතක් කොල්ලො අතර තිබ්බා.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ මේ කියන්නේ නෙස්ප්‍රේ කාලේ නේද තිසර
      අන්කල් ? මතකද අර පුංචි පොත් නැව් , ගුවන් යානා ,
      වාෂ්ප දුම්රිය , හොට් එයාර් බැලුන් පොත් ටික ...

      Delete
    2. ගතිම නිවාඩුව තමයි තිසර... හි හි...

      නෙස්ප්‍රේ කාලේ... හයියෝ... ඒකනේ..දැන්නම් තියෙනවද මන්දා...

      Delete
  43. මගේ පොත් වලට කවර දාන වැඩේ හැමදාම කරේ ලොකු අක්කා තමයි. උපෙ කරන කාලෙත් එහෙම්මමයි. හැබැයි අවුරුදදෙ මුලින් ගන්න පොත් වලට විතරයි ඔය සැලකිල්ල තිබුනේ. ලියන පොත් ඉවර වෙලා ආපහු අලුත් පොත් ගත්තට කවර දැම්මේ නෑ. එහෙම්මම පාවිච්චි කරා. උපෙ තියරි ලියපු පොත් නම් එක විෂයක එක මාතෘකාවකට විතරක් පොත් තුන හතරක් ගියා, ඒ පොත් සේරම එකතු තරලා එතට බැදලා ලස්සනට තියාගෙන හිටියා. අච්චු පොත් සේරම ඉස්කෝලෙම තමයි හැමදාම වගේ (බාලදක්ෂ කාමරේ පරිස්සමට අරන්තියලා). ඒ නිසා නාස්ති වෙන්නෙත් නෑ. අවුරුද්ද අන්තිමට කිරි කිරි පොත් තමයි බාරදෙන්නේ අපහු. කෙල්ලොවත් එහෙම ලස්සනට පොත් බාර දුන්නේ නෑ.
    10 වසරේ වගේ ඉදලා නිවාඩු කාලෙත් ඉස්කෝලෙම තමයි. කැඩෙට්, ස්කවුට් වැඩ වලට.

    ReplyDelete
    Replies
    1. අපිට නං ඉස්කෝලෙ පරිස්සමට තියලා එන්න හම්බුඋනේ නෑ.... හැමැදාම උස්සගෙන ගියා, උස්සගෙන ආවා..... හි හි

      Delete
  44. හම්මෝ.. අළුතින් බ්‍රවුන්පේපර් කොල වල සුවඳ දැනී දැනෙනවා වගෙයි දැනුත්.. :D ඉටිකොළ දාන්නනම් මුල් කාලෙ එපාම කල වැඩක්.. අම්මා පිටකවර දාලා දෙද්දි අම්මගෙ ඉස්කෝලෙ කාලෙ කතා කිය කිය තමයි දාලාදෙන්නෙ.. පස්සෙ කාලෙදි අයියගෙන් පුරුදුවුණා සෙලෝටේප් කවර වලට.. ලස්සන පින්තූර පත්තරවලින් කපලා ඊට උඩින් සෙලෝටේප් ගහන එක තරම් ආස වැඩක්..!

    ReplyDelete
    Replies
    1. හි හි.. සෙලෝටේප් වැඩේ මං කලේ කතා පොත් වලට විතරයි... හැමදාම ඉටිකොල තමා ඉස්කෝලෙ පොත් වලට..

      Delete
  45. පුංචි කාලේ මගෙ පොත් වලට කවර දැම්මේ තාත්තා. මම පහුගිය වසර වෙනතුරු මගේ දුවගේ පොත් වලට දැම්මා මෙන්න මේ අවුරුද්දෙ ඒකි තනියම දාගෙන. වැඩේ ලස්සනට කරලා තියනවා. කෙල්ලොනේ .....

    ReplyDelete
    Replies
    1. අප්පා... එච්චර ලොකු දුවෙකුත් ඉන්නවද..... හි හි

      Delete
  46. අපිත් ඒකාලෙ දැම්මෙ බ්‍රවුන්පේපර් තමයි වැඩිපුර.සිමෙන්ති කොලත් දැම්මා මතකයි.අලවන්න නම් පින්තූර තිබුන්නැහැ.වෙසක් කාඩ් කපල තමා ඇලෙව්වෙ.

    මම දහම් පාසලේ උගන්වන කාලෙ..අපේ පලාතෙ සත්ගුනවත් දාන පතියො කීප දෙනෙක් එකතුවෙලා අපිට සුදු රෙදි දුන්නා , කමීස,සරම් පොත්..මෙකීනොකී දේවල් ගොඩයි.පිරිමි ගුරුවරු අපි දෙන්නයි..තව ගැහැණු ගුරුවරු දෙන්නෙක් වගේ මතක ..ඔක්කොම තෑගි දහම් පාසලේ දුප්පත් ලම්යි අතරේ බෙදාදුන්න..
    අර හිරු කියල තිබුන වගේ එතකොට ඒ අයගෙ ඇස් දිලිසුන ආකාරය මට තාම මතකයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් මටත් කවදාවත් අමතක වෙන්නේ නැති දෙයක් තමයි වී.... හරිම සතුටක් වින්ඳා ඒ වැඩෙන්...

      Delete
  47. මරු ලිපිය පරක්කු වැඩියි... සොරි....

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතිං බිසී නේ .. අවුලක් නෑ..... හි හි

      Delete
  48. මාව තනිකර අතීතයට ගෙනිච්චා.

    නිවාඩු කාලෙ පොත් වලට කවර දැම්මේ මමයි, අක්කයි, අපේ මහප්පගෙ දුවයි. මරු අෆ්පා. උන් දෙන්නත් එක්ක තරගෙට මම කවර දැම්මා. අපේ පත්තර කඩේ නිසා ස්ටිකර් වලින් අඩුවක් උනේ නැහැ අපිට. දිගට ලිව්වොත් මම මෙතන පෝස්ට් එකක්ම ලියයි.

    ස්තුති හිරු.. මේක මරු..

    ReplyDelete
    Replies
    1. අතීතෙට ගියා නම් එච්චරයි.. මටත් ඕනෙ උනේ ඒක තමයි.. ස්තූති මොකටද සෑම්.. හි හි

      Delete
  49. අතීතය සිහිපත් කරපු පෝස්ටුවක්. අපි නම් කරන්නේ බ්‍රවුන් පේපර් කොළ දාලා ඊට පස්සේ ඉටිකොළයක් දාලා පිටකවර දාන එක. කාලෙන් කාලෙට පිටකවර වෙනස් වෙනවා. එක කාලෙක ලස්සන කැලැන්ඩර් කොළ හිටන් දානවා.

    දැන් වගේ නෙමේ අනූ ගනන් වල කැලැන්ඩර් කොල ලස්සනයි. :)

    අර කෑල්ල නම් පට්ට ! අමුතු ලස්සනක් තියෙන්නේ. ඒකම වෙන්ඩෑ මහත්තයත් ආස හිතුනේ.

    ReplyDelete
    Replies
    1. කෑල්ලක් මට පේන්නේ නෑ නේ මින්.... කෙල්ලෙක් නම් පේනවා... හි හි

      Delete
  50. හුට්ටස්...මාත් ඔවැනි සංග්‍රාම වලට සහභාගිවෙලා තියනවනේ....

    ReplyDelete
    Replies
    1. හි හි.. ඒක කියපු කැත... හයියෝ.....

      Delete
  51. මමත් ඔහොම තමයි...පොත් වලට පිට කවර දාන්නෙ පුදුම ආසාවකින්...
    අපෙ තාත්තගේ ඔෆිසියෙනුත් පොත් ටික දෙනවා....
    මේ පාරත් තාත්තා කියන්නෙත් නැතුව මටයි නංගිටයි පොත් සෙට් එක එවලා...
    ඉස්කෝලෙ යන දවස් වල තරම් ලියන්න පොත හුවමනා නොවුනත් පොත පත් ඕන ඉතින් මගේ වැඩ වලට...
    ඔය පොත් පිටකවර දැමිලි සැරසිලි වලට මේ කාලෙට මට ඕඩර් එනවා වැඩියි..මේ කාලෙ කොහේ ගියත් අයියේ මේ පොත් ටිකට පිට කවර දාල දෙන්නකෝ කියනවා.පව්නෙ ඔන්න ඔහේ මමත් දාල දෙනවා...
    ඉස්කෝලෙ යන කාලේ තමයි ෆන්....දෙසැම්බර් නිවාඩුවට නෑදෑ ගෙවල් වල ඇවිදින්න යන එක තමයි වැඩේ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ තාමත් ඉස්කෝලෙ යන නංගිලා මල්ලිලා ඇති නේ... හි හි..

      Delete
  52. //ඔය පොත් ටික බදාගෙන මම බලං ඉන්නේ කවර දාන්න පටං ගන්නකම්... ඔය කවර දැමිල්ල කොල්ලෝ කෙසේ වෙතත් කෙල්ලෝ නම් ආසාවෙන් කරනවනේ... //

    මතක ඇති කාලෙක පොත් වලට පිට කවර දාලා නෑ මම නම් මට ඒක පුදුමාකාර එපාකරපු වැඩක් හැබැයි අම්මට දාන්න දුන්නෙත් නෑ මොන එකක්ද මන්දා පොත තියෙන විදියට තියාගන්නයි ආස කලේ අනික පිටකවර දාලා දුන්නම අර ස්ටේපර් වල‍ට අහුවෙලා අකුරු හකුරු වෙනකොට එපා වෙනවනේ

    කෙල්ලෝ නම් ඉතින් ඔය ‍පිටකවර කෙරුවාව වැඩිපුරම කොරන්නේ ලියුම් හංගන්නනේ නැද්ද හි හි

    හරිම ලස්සනට ලියලා තියෙනවා අක්කේ දැන් ජීවිතේට අහිමි වෙච්චි සුන්දරම කාලයක් ගැන මතුවෙච්චි ඒ මතකෙ නිසා සෑහෙන්න දුකක් හිතුනා ඒ කාලේ හිතුනනම් අනාගතේ මෙහෙමයි කියලා කවදාවත් ඉස්කෝලෙ නොගිහින් ඉන්නේ නැතිවෙයි එක දවසක්වත්

    ස්තූති කරලා මදි මෙ‍හෙම පෝස්ට් ලියනවට
    උ/පෙ වලදි තමා මම ඉස්කෝලෙ ගියෙ නැත්තේ ඊට කලින් නම් එක දවසක්වත් අතෑරියේ නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔය ලියුම් හැංගිල්ල මං දැනගෙන හිටියේ නෑ ගැමියෝ.. මටත් අපේ ඉස්කෝලෙ කෙල්ලෝ 11 වසරේදි විතර තමයි වැඩේ කියලා දුන්නේ.. කොහෙමත් මගේ දෙවනි ලියමද කොහෙද තාත්තට මාට්ටු උනා... ඒක නිසා ලියුම් හංගුවේ නැ ඊට පස්සේ.. අපේ අම්මා ඒවා පරිස්සම් කරගෙන තියාගෙන ඉඳලා බඳින්න කිට්ටු වෙනකොට මට දුන්නේ... හි හි....

      Delete
  53. දෙසැම්බර් නිවාඩුව සුන්දර මතකයක්.....පොත් වලට කවර දාලා නම් ලියල ස්ටිකර්ස් අලවනකල් නිවිසැනසිල්ලක් නෑ මට ඒ දවස්වල
    දෙමළ පොතේ කොටියෙක් ඇලෙව්වෙ හිතලමද :)

    ReplyDelete
    Replies
    1. හි හි.. හිතලා තමයි ඇලෙව්වේ.. ඒත් නරකක් හිතලා නං නෙවෙයි....

      Delete
  54. ඇත්ත අලුතෙන් හම්බවෙන පොත් ටික නම් නිවාඩු කාලේ ඉවර වෙන්න කලින් මමත් කියවලා ඉවර කරනවා. ඒ කාලේ රූප පෙට්ටියට වැඩි කැමැත්තක් තිබුනේ නැති මගේ හොඳම යාළුවෝ පොත් පත් තමයි. ඇයි බං ගෙදර ඉන්න කාලේ කෑවේ නැතෙයි හරියට. හාල් මැස්සා වගෙයිනේ ඒ සංදියේ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ කොච්චර කෑවත් මහත් උනේ නෑ සරා අයියේ.. දැං නොකෑවත් මහත් වෙනවා... හි හි

      Delete
  55. කතන්දරේ හොඳම හරිය තියෙන්නේ අන්තිම කෑල්ලේ. පපුවත් හිර උනා වගේ.. ඒ දුප්පත් පොඩි උන් ටික බලල එන්න අතින් කටින් තෑගි මලු ටිකකුත් එල්ලගෙන ගියානම් හොඳයි නේද නගේ...

    ReplyDelete
    Replies
    1. දැං නං ඉතිං මට තෑගි අරන් එන්න වෙනවා කාට හරි සංජීව අයියේ.. හි හි....

      Delete