Thursday, December 13, 2012

තව ටික කාලෙකින් මෙහෙම වෙයිද...?



මේක මේ සැමාගේ අද පෝස්ට් එක කියවද්දි මගේ හිතේ ඇඳුන ජවනිකාවක් ගැන... 

ඉස්සර අපේ ගෙවල් පැති වල කට්ටිය පාරේ යන එන ‌කොට, අයියේ, නැන්දේ, මාමේ, කියලා නෑකම් කියලා කතා කරන තත්වයක් තිබ්බා... ගමේ අය හැමෝම අඳුරනවා... ගමේ අය එකිනෙකාගේ ගෙවල් වලට යනවා පොඩි අවශ්‍යතාවයක් උනත්... දෙහි ගෙඩියක්, අමු මිරිස් කරලක්, ලූණු ගෙඩියක් ඉල්ල ගන්නත් යනවානේ අම්මලා... හි හි... 

ටික කාලයක් ගිහින් තාප්ප වැටවල් බැදෙන්න ගත්තම අපේ අම්මලා එහා ගෙදර කට්ටියත් එකක් කතා කළාලු වැටට උඩින්... තාප්පෙට උඩින්... අවශ්‍යතාවයකදිත් එහෙමයි.... වැට ළඟට ගිහින් කතා කරනවා.... 

අපි ඉතිං උදේ පාන්දර කරුවලේම ඉස්කෝලෙ ගිහින් කරුවල වැටුනම ගෙදර එන නිසා කිසි කෙනෙක්ව දන්නේ නෑ නේ.. අම්මගෙන් තමයි අහන්නෙ අර හිනා වෙච්ච අන්කල් කවුද... අර කතා කරපු ඇන්ටි කවුද කියලා..... 

දැං දැං බැදෙන තාප්ප වහලේ ගානටම තියෙන නිසා තාප්පෙට උඩින් කතා කරන්න නම් බෑ.... ඒක නිසා හදිසියකට කරන්නේ එහා ගෙදර ඉඳලා මෙහා ගෙදරට කෝල් කරන එක.... 

තව ටික කාලයක් යනකොට මෙහෙම උනොත් කොහොම හිටියිද...... 

තව ටික කාලයක් යනකොට අපේ අම්මා එහා ගෙදර ඇන්ටිත් එක්ක කතා කරන්නේ ෆේස් බුක් එකෙන්... අපේ ගෙදර කොල්ලා එහා ගෙදර කෙල්ලව සෙට් කරගත්තේ බ්ලොග් එකෙන්... උන් දෙන්නා ලවු කරන්නෙ ෆේස් බුක් එකෙන්... 

එහා ගෙදර ඇන්ටි අපේ අම්මත් එක්ක කුස්සියෙ උයන ගමන් චැටක් දාගෙන ඉන්න අතරේ එක පාරටම කියනවා....

ආනේ..... ඒයි මේ.... මැසේජ් එකක් ආවා පලා කම්පැණියෙන්....  මං මුකුණුවැන්න මිටියක් ඕඩර් කළා බුකියෙන්.. ගෙනල්ලා වෙන්නැති... ඔයත් එකක් ඕඩර් කළා නේද...?

එතකොට අපේ අම්මා.... 

ආනේ.. ඔව්මයි...තැන්කියු අනේ... මං පුතාව යවන්නංකෝ අරන් එන්න...

එතකොට එහා ගෙදර ඇන්ටි... 

මාත් දුවව යවනවා.... ඔහොම ඉන්නකො මම එයාට මැසේජ් එකක් දාන්නම්.. එයා උදේ ඉඳන්ම රෑම් එකේ.. 

ඉතිං ඔන්න අපේ අම්මත් දානවා මැසේජ් එකක්... 

පුතා.... ඔයා ගිහින් අර පලා මිටිය අරන් එනවද... මං පේ කරලා තියෙන්නේ...

ඔන්න ඉතිං කොල්ලා කෙල්ලට මැසේජ් එකක් දානවා... 

සුදු... අම්මා පලා මිටියක් ගන්නලු ‌ගේට්ටුව ගාවට ගිහින්..

එතකොට කෙල්ල...

අපේ අම්මත් මට යන්නලු...

කොල්ලගේ මූණේ තරු පායනවා... 

ෂෝක්... එහෙනං ඔයත් එන්න ගේට්ටුව ගාවට.. මට ඔයාගේ මූණ බලාගන්නකම් ඉවසිල්ලක් නෑ.... 

ඔන්න ඕක තමයි මගේ හිතේ ඇඳිච්ච ජවනිකාව..... ( කොල්ලගෙයි කෙල්ලගෙයි චරිත දෙකට අපේ මල්ලිවයි එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්වයි ආදේශ කළාම වැඩේ ගොඩ.. හි හි)

හැබෑට මෙහෙම කාලයක් එයිද කියලයි මං මේ කල්පනා කරන්නේ..... 


මේ දවස් ටිකේ කැලැන්ඩර් ලොට් එකකට යට වෙලා ඉන්න නිසා කියවනවා විතරයි.. ලියන්න බෑ.. හි හි... ඒකට සමාව භාජනේකට දාලා තියන්න හොඳේ.... 

132 comments:

  1. ඕක නම් අම්මප වෙනවා....බලන් යනකොට දැනුත් වීගෙන යන්නේ...

    ReplyDelete
  2. ඕකනම් මේ යන විදිහට වැඩි ඈතක නෙවෙයි හිරුවෝ

    උඹ කලින් කියලා තියන කතාවනම් හරි

    මටත් ඔය වැඩේම වෙලා තියනවා, අවු 10 නම් ගමෙන් වෙන්වුන නිසා ඔය ගමේ අයගේ නෑදෑකම් නම් දන්නවා හරි අඩුයි. අම්මලත් එක්ක ඉන්න කොටනම් අම්මලා කියන දේ අල්ලගෙන කතා කරනවා. ඒ කියන්නේ අම්මලා මාමා කිව්වොත් මම අත්තා කියනව, ඔය වගේ දේ වල්. හැබැයි ඒකත් ඒ හැටි සාර්තක නෑ, මොකද මව් පිය පාර්ෂව දෙකෙන්ම නාදෑ වෙන අයට කියන්නේ අප්පච්චිට තින නෑදෑ කමනේ. මොකද ටවුමේ වගේ ඔක්කොටම ආන්ටි, අන්කල් කියන්නය ගමේ ගිහින්..
    තනියෙන් ඉන්නකොට එපා වෙන්නේ , මගේ පරම්පරාවෙන් උරුම වුනෞ ශරීර හැඩයත් , අප්පච්චිගේ කපාපු පළුවක් වීම නිසාත් හැමෝම අදුනගෙන කතා කරන එක. එතකොටනම් පුළුවන් තරම නෑදෑ කම් කියන්නේ නැතිව කතා කරලා ගොඩින් ශේප් වෙන්න බලන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය කැලැන්ඩර් ටික බදා ගෙන සෑහෙන දවස්ක් නේද, ලබන අවුරුද්දෙත් මාසයක් දෙකක් ගියාමද් දෙන්න හිතන් ඉන්නේ

      Delete
    2. ඔව් බං.. අපෙ උන්ට කැලැන්ඩර් ඕඩර් බාර දෙන්න මතක් වෙන්නේ අන්තිම මොහොතෙනේ.. ඉතිං අපි මැරගෙන කරන්න ඕනේ...

      Delete
  3. සැමාගේ පොස්ට් එක කියවලා ආවා විතරයි. මේම වෙන්නත් බැරි නෑ.

    ReplyDelete
  4. තව ටිකක් හිතුවනං ඔයට වැඩිය සුපිරි කරන්න තිබුනා.. නව තාක්ෂණ දැනුම දාන්න ඕන. ඒක එහෙම තමා බං.. තව ටික දවසක් යනකොට ගෙවල් වල වාඩි වෙලා විතරක් ඉදගෙන කී බෝඩ් නොකොට ටච් පෑඩ් වලින් ඔක්කොම සෙල්ලං දාවි...

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතන්න ගියානම් මේ ටිකවත් ලියවෙන්නේ නෑ දේශකයෝ.... හි හි

      Delete
  5. තව කේස් එකක්!! එකක් තියෙනවා ළගටම වෙලා ඉදල තමා ඒක නං කොරගන්න ඕන.. හැක්...

    ReplyDelete
  6. ඔව්ව වෙන්න තව වැඩි දුර කාලයක් නැහැ ළඟදීම ඔයවගේ දේවල් වෙයි ඒ කාලේදී ඔව්ව අරුමයක් වෙන එකක් නැහැ. 1996 ඩි කවුරු හරි ස්මාර්ට් ෆෝන් ගැන කිව්වනම් හරි වීඩියෝ කෝල් ගැන කිව්වනම් හරි අනාගතේ ගැන විචාරයක් දෙන්න ඇත්තේ ඔය විදියට වෙන්න පුළුවන්. නමුත් තාක්ශනේ කියන දේ දියුණුවෙන වේගේ මනින එකනම් හරිම අමාරු දෙයක්.

    ReplyDelete
    Replies
    1. තාකෂණේ දියුණුවත් එක්ක අපේ සමාජෙත් දියුණු උනොත් හොඳයි.. නැත්තම් ඉතිං විනාසබාවං තමයි...

      Delete
  7. දැන් ඔන්න බැඳපු දෙන්නෙක් එක ඇඳේ දෙපැත්තට වෙලා ෆෝන් එකෙන් SMS හරි චැට් හරි කරනවලු.

    "ඔයා අද හරි සෙක්සි කෙල්ලෙ"

    ඉතුරු ටික ඉතින් දාන්න ඕනේ නෑනේ.

    එකෙක් ඇහුවා ෆෝන් සෙක්ස් කලාම ලමයි හම්බවෙන්නෙ ෆෝන් එකටද කියලා.

    ---

    හැමදාම කැලැන්ඩර් කැලැන්ඩර් කිය කිය ඉන්නෙ දාපංකෝ පෝස්ට් එකක් මොකක්ද ඔය හැබෑටම කරන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. මේකේ කියන්න තරම් දෙයක් නෑ තිසර.. අලවන වැඩ, පටි දාන වැඩ, ස්ටේප්ලර් කරන වැඩ තමයි දැන් තියෙන්නේ..

      Delete
  8. ඇත්තට වෙන්න බැරිකමකුත් නෑ....

    ReplyDelete
  9. එහෙම වෙයි තමා. අම්මල ගෙදරින් එලියට බහින්න අවසර දෙන්නෙත් නැහැනේ. අක්කගෙ අදහසත් හරි.

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
  10. ඒ මරැ මරැ හිකිස්... මට නිකන් කතාවක් වගේ මැවිලා පෙනුනා.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය මැවිලා පෙනිච්ච එකක් තමයි මදාරෝ... හි හි

      Delete
  11. හිරු නගා ඊයේ 12-12-12. මම හැමෝටටම මැසේජ් කලා අදවත් නාපල්ලා කියලා. අනේ ඔයාව මග ඇරිලා. සොරි වෙන්න ඕන ඈ...! හීතල දවස්නේ ලමයෝ දවස ගානේ නානවානම් ඔහොම වෙන්නේ නෑ.
    ( කොහෙද ඉතින් බොලා නාන්නේ සුමානෙකට සැරේනේ. දිගු කාලීන පර්යේෂණ ප්‍රතිපලයකි:D) අදවත් නාන්න හොඳේ එතකොට ඔය ගතිය මග ඇරෙනවා. ඔය ඇඟ නිමෙන එලවළු ටිකක් පිපිඤ්ඤා වැටකොළු ප‍තෝල වගේ ටිකක් වැඩිපුර ආහාරයට ගන්න. ඒවගේම දවල් නිදා ගැනීම, රෑට ඇහැරී සිටීම අගුනයි හොඳේ.

    අනේ ඔයාලගේ මාමා (අර ඔයා නිතර කියන විද්‍යාඥයා) ගැන විස්තර ටිකක් මගේ මේල් එකට දාන්නකෝ. මම හැම වෙලාවෙම කල්පනා කරනවා මට නිවැරදි තොරතුරක් මතක් කර ගන්න බෑ. ඔයා හැම වෙලාවෙම අපේ මාමා කිවුවම තමයි ආයෙත් ඒගැන කල්පනා වෙන්නේ. මේල් වැඩේ කරදරයක් කියලා හිතෙනවා නම් ඒ ගැන පෝස්‍ටුවකින් හරි දාන්න. ඔබට අනුව ඔහු වටිනා කියන අයෙක් මම විතරක්ම නෙමේ හුඟක් අය කැමති වේවි එහෙම අයෙක් ගැන තොරතුරු ටිකක් දැනගන්න. ජයවේවා.


    අනේ අදවත් නාපං.....හි හි

    ReplyDelete
    Replies
    1. මාමා ගැන කියන්න තරම් දෙයක් දැන් නම් නෑ සරා අයියේ.. ඔයා ලංකාවට ආවම ඔන්නම් මං අඳුන්නලා දෙන්නම් කෝ... හැබැයි ඉතිං එයා විද්‍යාඥයෙක් නම් නෙවෙයි.. බිස්නස් එකක් කරගෙන දරු පවුල රැකගෙන ඉන්න කෙනෙක්..

      Delete
  12. මම නම් හිතෙන්නේ ඕක තව අවුරුදු 10ක් විතර යනකොට වෙයි.

    2013ට ගහන කැලැන්ඩරේ නිවාඩු එහෙම ටිකක් වැඩිපුර දාන්න.

    ReplyDelete
    Replies
    1. මම නිවාඩු දැම්මට ඒවා ඔයාලට හම්බුවෙන එකක් නෑ .. හි හි

      Delete
  13. ඕක නම් හිරුවො වැඩිකල් නොයා වෙන එකත් වෙනවා...හොඳ වෙලාවට තාම අපේ ගෙදර ඉන්ටර්නෙට් නැත්තෙ. නැත්තම් අපේ අම්මත් මට ෆේස් බුක් එකෙන් මැසේජ් එවයි...හි හි හී

    මේ තරම් ඉක්මනට මේ හැමදෙයක්ම වෙද්දී මොලෙත් වැඩ ගන්න කාලයක් නැතිවෙයි. ෆේස් බුක් ...ෆෝන් නැත්තම් ජංජාලෙට විතරක්ම වෙච්cඉ හිපාටුවො ටිකක් බිහිවෙයි...ඇයි ඉතින් මොළේ පාවිච්චි කරන්න අවස්ථාවක් නෑනෙ...

    ReplyDelete
    Replies
    1. හිපාටුවෝ මොන පාටද?

      Delete
    2. ළිහිණිලගේ පාට..........

      Delete
    3. @Naleen Dilruksha

      හිපාටුවෝ වගේ කිව්වට හිපාටුවෝ පාට කිව්වෙ නෑ. මොන වගේද බලන්න නම් කණ්නාඩියක් ඉස්සරහට යන්න වෙයි..හි හි හී

      @Sarath Chandrasiri

      අනේ බොල..මගේ පාට දැකලා තියෙනවද ? හි හි හී

      Delete
    4. ඒ කීවෙ ලෙඩ කහපාටද? :D

      Delete
    5. ලුමිනස් කොළ ඔය තියෙන්නේ...

      Delete
    6. තාම එකට වෙලාව නෙමේ. ඉඳපන් මම උඹ ලඟටම ඇවිත් පාට බලන්නම්. නොවුනොත් මම සරා වෙන්න බෑ.

      Delete
    7. හෙග්..ගෙහ්..එහෙනම් මට තෑග්ගකට සපුමල් කුමාරයෙක් හොයාගෙන වරෙන් අයියේ...නැත්තම් මම පව්...හි හි හී..හිපාටුවෙක් නම් එපා ඕං... :P

      Delete
    8. @දේශකයා

      පැහැදිලි ඊරිසියාව..බැබලි බැබලි තියෙනවට... හෙග් හෙග් හේ..

      Delete
    9. හයියෝ.... හි හි

      Delete
  14. 21 වෙනි සියවසේ අභිමානවත් දරුවෝ.මම දැක්කා ෆේස් බුක් කපුවෙකුත් ඉන්නවා. ඇයි අප්පා ඔය ජන සරණ මංගල සේවා ඔක්කොම නෙට් සම්බන්ධව තියනවා නේද

    ReplyDelete
    Replies
    1. ඔක්කොම තියෙනවා ... අපේ උන් නෙට් එක පාවිච්චි කරන්න තමයි දන්නේ නැත්තේ දැං... හි හි

      Delete
  15. ඔය කියන කාලෙ ඇවිල්ලා ඉවරයි....

    ReplyDelete
  16. මම ආසයි ඔහොම වෙනව නම්... :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං.. උඹට නං ගෙටම වෙලා ඉන්න බැරියෑ.. හි හි

      Delete
  17. ඉතිං හිරුවෝ ඒ දේ දැනටමත් වෙලානේ. දැන් බලන්න අපි වුණත් කතා කරන්නේ චැටෙන්නේ. ඒ වුණාට බං මේ ලියවිල්ලනං නියමයි. ඒත් තව දවස් කීයද මේ සේරම ලොක විනාසේ අත ළගනේ.

    ReplyDelete
    Replies
    1. මෙයා බයවෙලා... .හයියෝ.....

      හි හි.. එච්චර ලේසියෙන් මැරෙනවා නං කොච්චර එකක්ද නලීන් අයියේ...

      Delete
  18. අල්ලපු ගෙදරට කෝල්ස් දෙන එක නම් දැනුත් එහෙමනේ. අපේ ඉස්සරහ ගෙදර පන්සලක්, ඉතිං පන්සලට යනවනම් ටිකක් පයින් යන්න ඕන නිසා මම නම් කරන්නෙ හාමුදුරුවොන්ට කෝල් එකක් දෙන එක. අල්ලපු ගෙදර ඉන්න මාමලටත් ලේසියට කෝල් කරනව සමහර වෙලාවට කාමරේ ඉඳන්ම. අනිත් එවුවත් ඉතිං තව ටික කාලයක් යද්දි නිකම්ම සාමාන්‍යකරණය වෙයි, දැනටත් හුඟක් දුරට එහෙමනේ.

    හිරූගෙ කතාව නිකන් හින්දි පිචෑර් එකක් වගේ. ප්‍රධාන නළුවට ගෙදර එකා දා ගත්ත එක නම් කැතයි, ඕං ...

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් හාමුදුරුවෝ ෆෝන් එකෙන් බන කියනවැයි බොලා කෝල් කරාම ?

      Delete
    2. හික් හික් හික්...............!

      Delete
    3. මොන බණද බං. බණ අහන්න තව කල් තියෙනව.

      දෙයියනේ ලොකු හාමුදුරුවොන්ට කෝල් කරන්නෑ, පොඩි උන්නාන්සෙල සමඟ තමා පයිරුපාසානම. පොඩි කිව්වට මට වඩා අවුරුදු දෙක තුනක් විතර බාලයි, ඒ වුනාට දැන් රාජකීය පණ්ඩිත කෙනෙක්, මට ඔය සිංහල ව්‍යාකරණ, අක්‍ෂර වින්‍යාසෙ මොනව හරි අහගන්න ඕන උනත් මම කතාකරන්නෙ ඉතිං හාමුදුරුවොන්ට, කම්පූටරේට හචිං එකක් ගියත් හාමුදුරුවො මට කෝල් කරනව, අද උදෙත් කතාකරල මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කතන්දරයක් ඇහුවා, එටිසලාට් ගැනත් අහල හාමුදුරුවො කියනව අයියෙ එටිසලාට් පාවිච්චි කරන්න එපා කියල කතාවක් යනව නේද කියල, මමත් තකහනියක් ඇහුව ඇයි කියල, ඒක අරාබි (මුස්ලිම්) කම්පැනියක් නිසා වර්ජනය කරන්න කියල කට්ටිය කියනවළු හාමුදුරුවරුන්ට. මම ඉතිං මට තේරෙන හැටියට උත්තර දුන්නා.

      ලොකු හාමුදුරුවො බැහැදකින්න ඉතිං පන්සලට ගිහින් වැඳල කරල එකත්පස්ව ඉඳල පරණ සිස්ටම් එකම තමා. මළ වාතයක් ඒ යෑම, මම ඉතිං ඉස්සරහ ගෙදර උනත් මාස දෙක තුනකට සැරයක් තමා පන්සල් යන්නෙ. :)

      සරත් අයියා මොකද හික් හික් ගාන්නෙ, දැන් ඉතිං බණක් දහමක් කරන් ඉන්ට වයස හරි. :)

      Delete
    4. මට බොට තරම් වයස නෑ බං. මම අයියා වෙලා තියෙන්නේ වැඩ වලින්.බොරුද කියලා අවිස්සාවේල්ල පැත්තේ ගියපු වෙලාවක විපරම් කොරලා බලපංකෝ. හිකිස්.....! ජයවේවා

      Delete
    5. මේ විදිහට ගිහින් පොඩි හමුදුරුවොන්ගේ සිවුර අරවන වැඩක් සෙට් කොරයි වගේ .
      මමත් ඔන්න etisalat පාවිච්චිය අත්හැරිය ඕන් ,දැන් halal කන්නෙත් නෑ

      Delete
    6. අනේ මන්දා මදුරු නාශකයෝ... මං උත්තර දෙන්න පරක්කු උනත් ඔය උත්තර හම්බුවෙලා තියෙන්නේ... හි හි..

      ලකියෝ... මාත් එහෙමයි බං... පුළුවන් හැම දේම නවත්තනවා කියලා හිතාගත්තා.. පොකට් එකටත් හොඳ වෙයි ව‌ෙග්.. හි හි... මැගී, ප්‍රීමා දෙකම අතෑරලා හරිස්චන්ද්‍ර විතරයි ගන්නේ.. ( කොහොමත් මං පිටි ජාති උනත් ගන්නේ ඒවා.. හරිස්චන්ද්‍ර බඩු හොඳයි) මැලිබන් බිස්කට් ඉඳලා හිටලා ගන්න එකත් මේ මාසෙන් ඉවරයි.. චෙරිෂ් විතරක්ම ගන්නවා... රත්ති තමා ප්‍රශ්නේ... මට තාම හලාල් නැති පිටි ජාතියක් නම් හොයාගන්න බැරි උනා.. එහෙම උනොත් එළකිරි වලටම යනවා... මෙච්චර කල් කම්මැලි කමට ගියේ නැත්තෙ ගන්න.. මං විතරක් නෙවෙයි.. අපේ ගෙදර ඇන්ටිත් ඔන්න ඒවා නැවැත්තුවා... හි හි...

      Delete
    7. අඩේ .... මන් ආවෙ නැති ටිකට මෙඋන්දල මගේ චරිතෙ ඝාතනය කරල නොවැ.

      @ සරත් අයියා,

      හිතාගත්තෑකි තරම. :) අපි තාම හැදෙන වයසෙ පොඩි උන්, හරිය. :)

      @ ලකියා,

      පිස්සුද අනේ, ඒ උන්නාන්සෙ බොහොම තැන්පත් වැදගත් විදියට ඉන්නව, මම මේ බ්ලොග්වල නාඩගං නැටුවට ගමේදි මාත් බොහොම අහිංසක තැන්පත් වැදගත් කොල්ලා තමා.

      අනේ මම නම් ඕව ගැන තාම වැඩිය එලවන්නෙ නෑ බං, මට ලාභ විදියට පහසු විදියට වැඩකරනව ඇරෙන්න. ඇසුරුම්වලත් කල් ඉකුත්වීමේ දිනේ, මිල ඇරෙන්න වෙන මොන මලදානයක් තියෙනවද කියල මම හොයන්නෙ නෑ. එටිසලාට්නම් සිග්නල් මදි නිසා එපා වෙල තියෙන්නෙ, මම දැන් නම් නිතර යූස් කරන්නෙ ඩයලොග්, මදිපාඩුවට තමා ඉතිං එටිසලාට් කාඩ් එකක් දාගන්නෙ.

      @ හිරූ,

      මට නම් තවම හිතෙන්නෙ ඔය වැඩේ වැඩිය ප්‍රතිඵලදායක නෑ කියල. මේ බ්ලොග් ලියන කියවන අපි සීමිත දෙනෙක් ඔය වැඩේට බැස්සට කම්පැනිවලට එච්චර පාඩුවක් වෙනකන් නෑ, අපි අපහසුතාවලට මුහුණ දෙනව ඇරෙන්න. (මම පිළිගන්නව මේක කොහෙන් හරි ඇරඹිය යුතුයි කියන එක, මම එය විවේචනය කරන්නෙ නැහැ) කළයුතු වන්නෙ වඩා සංවිධානාත්මකව ඒ දේවල් සිදුකිරීම. අර සිරාගෙ පෝස්ට් එකේ තිබුණු විස්තර ඇත්ත නම් ඔය මහපරිමාණ කම්පැනිවලට නිකම් හලාල් සීල් එක ගහගන්න වාර්ෂිකව කොහේවත් ඉන්න එවුන්ට කප්පම් ගෙවනවට වැඩිය ඒකෙන් ඉවත්වෙල ඒ මුදල් යොදවල අනෙක් ආයතන සමඟ එකතුවෙල මේව ගැන මිනිස්සු දැනුවත් කරන සාර්ථක වැඩපිළිවෙලකට යන්න පුළුවන්නේ. අනෙක ඔය හුඟක් සමාගම් මැදපෙරදිග රටවල්වලට තමන්ගෙ නිෂ්පාදන අපනයනය කරන්නෙ නෑනේ, ඒ නිසා ඒ වෙළඳපොල සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රශ්නයකට මුහුණදෙන්න වෙනකන් නෑ කියල හිතනව.

      Delete
    8. @හිරූ

      අපි නම් ඉතින් ඔය සම්බන්දයෙන් බැහැලාම වැඩ ,කොළබ සින්හල ජනගහනය 40% බැහැළලු .සින්හල කඩවල් වලින් සිංහල අපේ දේ ගන්නවා වගේම අපේ මහත්තයට කියල එයාගෙන් සපෝට් අරන් ජනගහනය වැඩි කරන්නත් පොඩි සපෝට් එකක් දෙන්න හොදා

      @DDT

      මේකයි මචං වෙලා තියෙන්නේ ,සිංහල අපේ ජාතිය එකාට එකෙක් නෑ .අපේ උන් අතරේ කිසිම සමගියක් නෑ .ඇත්ත ඕකයි .ඒකට මුස්ලිම් අය බලබල්ලකෝ,තමනුත් හම්බ කරගෙන තමන්ගේ ජාතියේ අනිත් උන්ටත් සලකාගෙන පල්ලියටත් කොටසක් දීලා අපුරුවට ඉන්නවා .සිංහල උන් අතරේ සමගිය ඇතිවෙනකන් මේ කියන සිංහල රට හදන්න බෑ .ඒත් ඉතින් හැමදාම බෑ බෑ කියල ඉදලත් බෑනේ බන් .මොකද අන්තිමේට අපි හැමෝම පරක්කු වැඩි වෙන්න පුළුවන් .

      Delete
    9. නෑ DDT කොල්ලො.. මට පේන විදියට මේක ටිකක් නැගලා යනවා වගේ... අ‌ෙප් ගෙදර ඇන්ටි කියන විදියට එයාලගේ ඔෆිස් එකේ ඔක්කෝමත් මේව වැඩේට දැනමට බැහැලලු... බ්ලොග් ලියන සෙට් එකේ ඒවත්, ඔය ව්‍යාපාරෙට එකතු කරන්න ඕනේ.. සිවුරු කරේ දාගෙන දඟලනවට වඩා දෙයක් මෙකෙන් කරන්න පුළුවන් වෙයි වගේ...

      Delete
    10. ඔන්න මාවත් එක්කරගන්න හොදේ ,බෝම්බයක් ගහන්න උනත් මේ ලකිය එනවා

      Delete
  19. උඹලට පිස්සු...

    ඔහොම වෙන්නේ නැහැ...

    //ඉතිං ඔන්න අපේ අම්මත් දානවා මැසේජ් එකක්...

    “ පුතා.... ඔයා ගිහින් අර පලා මිටිය අරන් එනවද... මං පේ කරලා තියෙන්නේ...”//

    ඔන්න ඔතනදී තමා වැඩේ වෙනස් වෙන්නේ...

    "ඇහ්... එහෙම කොහොමද මගෙන් වැඩ ගන්නේ... ළමා ආරක්ෂණ පනතේ 23න් දෙක බී යටතේ දරුවකුට නිවසේ වැඩ කිරීමට අණ කිරීම..යෝජනා කිරීම..අනිසි ආකාරයෙන් පෙලඹවීම යන කරුණු යටතේ මට පුළුවන් යුෂ්මතියට විරුද්ධව නඩු මාර්ගයට යන්න"

    එහෙම කියන පුතා ඊ ළගට දොනවා මැසේජ් එකක් කෙල්ලට...

    "මේ වැඩේ හරි..මට අම්මලට විරුද්ධව නඩුවක් දාගන්න පොයින්ට් එකක් අහු උනා... මේ පාරනං හොඳ ගානක් කැපියැකි... ලබන සතියේ අපි දෙන්නා ඔන් ලයින් ෂොපින් කරමු සුදූ.."

    ReplyDelete
    Replies
    1. //"ඇහ්... එහෙම කොහොමද මගෙන් වැඩ ගන්නේ... ළමා ආරක්ෂණ පනතේ 23න් දෙක බී යටතේ දරුවකුට නිවසේ වැඩ කිරීමට අණ කිරීම..යෝජනා කිරීම..අනිසි ආකාරයෙන් පෙලඹවීම යන කරුණු යටතේ මට පුළුවන් යුෂ්මතියට විරුද්ධව නඩු මාර්ගයට යන්න"//
      පිස්සුවක් ඇතා මාරයියේ , ළමා ආරක්ෂණ පනතත් මෙහෙම වෙනස් වෙන්න ඕනේ ඒ කාලේ වෙනකොට
      //ළමා ආරක්ෂණ පනතේ 23න් දෙක බී යටතේ දරුවකුට facebook නැවත්වීමට අණ කිරීම.chat නතරකිරීමට යෝජනා කිරීම.internet සම්බන්දතාව විසඳි කිරීමට අනිසි ආකාරයෙන් පෙලඹවීම, ජංගම දුරකථන තහනම් කිරීම යන කරුණු යටතේ නඩු මාර්ගයට යන්න පුළුවන් "//

      Delete
    2. //23න් දෙක බී//

      මාරයගේ ගෙදර අංකයද මන්දා............

      Delete
    3. හි හි.. මං නැතුවට මේ ගිහින් තියෙන්නේ කතාව.... හොඳයි හොඳයි....

      Delete
  20. එහෙම වෙන්න බැරි කමකුත් නෑ.තාක්ෂනේ දියුනුව නෙහ්.
    දැනටමත් ඔන්ලයින් ෂොපින් තියෙනවා නෙව. ඔන්ලයින් කෙල්ලොත් සෙට් වෙන්නේ. මේ බ්ලොග් අවකශයෙම හොඳ උදාහරණයක් තියෙන්නේ. :)

    පලා ජාති ගැන කිව්වම පලා විකුණන විදිහත් මතක් උනා. :)

    ReplyDelete
    Replies
    1. ඒ පලා විකුනන්නෙ නෝනලට විතරයි...හි හී :P

      Delete
    2. මුන්ගේ කටවල් හොඳ නෑ දෙයියනේ... :)

      Delete
    3. හපොයි..... හි හි

      Delete
  21. හිනා කාලා මැරෙන්න ගිහින් යන්තම් බේරුනේ. එක අතකින් බලද්දී ෆී කෝල්ස් ඉවර වෙන්න ලං වෙද්දී කතාකරන්න කවිරුවත්ම නැත්තම් අල්ලපු කාමරේට කෝල් කරන එකේ ඕකත් මොකක්ද?

    ReplyDelete
    Replies
    1. හෑ.. මේ කව්ද? :O

      Delete
    2. හිරු අක්කගේ නෑදෑයෙක්වත්ද ?

      Delete
    3. කොහෙද පොඩ්ඩො මෙච්චර දවස් හිටියේ.....

      සමී/ ලකී... ඔය මගේ පොඩි එකා බං... හි හි...

      Delete
    4. ඒකනේ. මම හිතුවේ හැමෝටම මාව අමතක ඇති කියලා. හිරු අක්කටනම් මතකයි වගේ. කොහෙද ඉස්කෝලේ වැඩ හින්දා එන්න වෙලාවක් තිබ්බේ නෑනේ. දැන්නම් දිගටම එනවා...

      Delete
  22. පෝස්ටුව පස්ටය, මාරයාගෙ කොමෙන්ටුව පස්ටමය.

    ඇයි, බොලාලගෙ මල්ලිට ස්කයිපුවක් නෑද,

    මම නම් උදේට තේක බොන්නේ බුකියෙන්ය, කන්නේ බ්ලොගියෙන්ය. දවල්ට කන්න මොනව හරි ඊබේ එකෙන් ගෙන්න ගන්නවාය. ගූගලෙන් හවස තේ බොනවාය. ඔයාබටයෙන් රෑට කෑමෙන් පසු, කුරුල්ලාගේ නිදාගන්නවාය.ස්කයිපුවේ හීන බලනවාය.

    මේවා නොතිබුනා නම් කරන්න වැඩක් නැතුව කාමරේම ඉදල එක්කො මට පික්ෂු හැදිලා, නැත්නම් නිදියලම මැරිල.

    ඒක අද හොදටම දැනුනා. පෝන් එකෙ අවුට්ගොයින් කපල ටික දවසක්, ඉන්කමින් කපනකල් නෙට් යන්න පුලුවන් නිසා ගෙවන්න යන්න කම්මැලි හිතුන. අද උදෙම ඒකටත් කෙලල. බිල ගෙවල එනකල් පැය දෙක තුනක් අමාරුවෙන් ජීවත් උනේ. ඒ තරමට ඇබ්බැහි වෙලා. කියන්ට ජැජ්ජයි, බයයි.

    ReplyDelete
    Replies
    1. ඌ ඕනේ වෙලාවක බැලුවොත් ෆේස් බුක් එකේ.... ඒකටම හරියන්න ෆොන් එකකුත් තියෙනවා...

      හි හි... ඔය කිව්වට මටත් ඔහොම කාලයක් තිබ්බා.. බැඳලා කම්පියුටරයක් නැතුව හිටිය කාලේ.. Nimbuzz Tweeter තිබ්බේ නැත්තම් මාත් මැරිලා... හි හි

      Delete
  23. :D පලා කොම්පැණිය ඇරුණුකොට ඉතිරි හරියනම් දැනටම වෙනවා නේද? මමත් කෑ ගහන්න කම්මැළිකමට අල්ලපු කාමරේ ඉන්න මල්ලිට මෙසේජස් යවන වෙලාවල් තියෙනවා.

    ReplyDelete
  24. මම නම් කියන්නේ ඒ විදිහ හොදයි අප්පා .කිසි කරදරයක් නැතුව ගෙදර ඉදන් සේරම වැඩ කරගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. හම්ම්... මට මතක් වෙන්නේ Wall-E Film එක... අල්ලපු පුටුවේ ඉන්න කෙනා දිහා බලන්නෙත් කම්පියුටරෙන්නේ.. හි හි

      Delete
    2. අපිනම් දැනටමත් එහෙමයි

      Delete
  25. වෙන්න දෙයක් නෑ වෙලා ඉවරයි...

    (තරියා)

    ReplyDelete
    Replies
    1. මෙයා මෙන්න නමින්ම ඇවිල්ලා.. හි හි

      Delete
  26. අපේ කොල්ලො 2ක් ඉන්නව. උන් සල්ලි දාල ඇනෙක්ස් එකක් අරං ඉන්නෙ.. උන් 2 රෑට උයන්නෙ මොනවද කියල කතා කරගන්නෙ කාමර 2 ඉඳන් ෆේස්බුක් චැට් එකෙන්. එකෙක් ගිහින් ලූණු කපල පොල් ගාල එනකම් අනිත් එකා බුකියෙ. මූ ඇවිත් චැට් එකෙන් කියනව අනිත් එකාට.
    ඒ පාර ඌ ගිහින් ඉතුරු ටික කරල කාල ඇවිත් අනිත් එකාට කියනව. ඒ පාර ඌ ගිහින් කනව.

    ReplyDelete
    Replies
    1. මරු කොල්ලො දෙන්නෙක්... හි හි... අර ලකියට කියපු ෆිල්ම් එක තමයි ඉතිං මතක් වෙන්නෙම...

      Delete
  27. මේක දැක්කම මට මතක් උනේ ගිය අවුරුද්දේ වගේ පරිගණක සඟරාවේ තිබ්බ කාටුන් එකක්.

    පොඩි එකා කොම්පියුටර් එකේ එල්ලිලා ඉන්න කොට අම්මා තේ එක අරන් එනවා ලඟට. එතකොට ඌ කියන්නේ "මට තේ ඕන ද නැද්ද කියල මං බ්ලොග් එකේ ලියල තියනවා" කියල.

    ඇත්තටම තව අවුරුදු කීපයක් යන්න කලින් ඔහොම වෙයි. දැනටත් තියනවනේ ටික ටික.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. කොහෙන් නතර වෙයිද දන්නෑ..

      Delete
    2. ඇත්තටම චන්දන මේ පෝස්ට් එක කියවද්දි මට ඔය කාටුන් එක මතක් වුනා, ඒ ගැන සඳහන් කරන්න ඕන කියල හිතන් හිටියට කමෙන්ට් එක කොටද්දි වෙන බයිලයක් ලියවුනයින් අමතක උනා. දර්ශන කරුණාතිලකගෙ කාටුන් එකක්. මගේ ළඟ ඔය සඟරාව තවම ඇති

      Delete
  28. නැවතිල්ලෙ හිතල බලද්දි එහෙම වෙන්ඩ බැරි කමකුත් නැතුවා :O

    ReplyDelete
  29. අක්කටත් මාර ඒවනේ ඇ. හිතෙන්නේ....

    ReplyDelete
    Replies
    1. හි හි. එහෙම තමයි කොල්ලෝ...

      Delete
  30. ඕක වෙනවා ලෝක විනාසෙන් පස්සේ. අනිවා.. ;)

    ReplyDelete
    Replies
    1. ලෝක විනාසේ වෙන්නෙ මෙවයින්ද දන් නෑ...

      Delete
  31. හික්ස්.... ඇත්ත ඇත්ත අක්කේ.... ඔය වගේ දේවල් තව වැඩි ඇතක නෙමෙයි....... ලගදීම බලාපොරොත්තු විය හැකියි..... දැනටත් ඔයින් සමහරක් වෙනෝ........ :)

    ReplyDelete
    Replies
    1. හි හි.... ඒකනේ කියන්නේ....

      Delete
  32. හපොය් දෙය්යනේ..!
    ආතර් සී ක්ලාක් හිටියනම්..කියාවි බොලේ මම කියපු අනාවැකි මොනවද...මෙන්න අනාවැකි කියල..!

    ReplyDelete
    Replies
    1. ඒක නම් නෝන්ඩියට කියපු එකක්ද කොහෙද.... හි හි

      Delete
  33. අලෙ මන්දා ඕවා දැනටත් ටික ටික වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං.. නිශාන් ඒකට හොඳම උදාහරණයක් නේ.. නේද....... හි හි

      Delete
  34. ඔහේ ආතර් සී ක්ලාක් මහත්තයලයි නෑයෝද....?

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ මාතලන් එහෙම අහන්නේ.. හි හි

      Delete
  35. කැලැන්ඩර් ගොඩකට යට වෙලා උන්නට ඔයිටත් මරු දේවල් තමා නේ ඉතෙන්නේ :) අක්කියෝ ඔව්වයින් ටිකක් දැනටත් වෙනවනේ හි හි ;) මන් අදුනන දෙන්නෙක් ඉන්නවා අල්ලපු ගෙදර ලව !ෆෝන් එකෙන් තමයි දෙන්න ඉස්කෝලේ එකම වෙලාවට යන්න පාරට සෙට් වෙන්නේ .පොළේ තියන බඩුත් අර කිවුව වගේ ඔන්ලයින් ගෙන්නාවී හය්යෝ :D

    ReplyDelete
    Replies
    1. පොලේ තියෙන බඩු ගෙදරටම ගෙන්න ගන්න තියෙනවා නම් මාත් කැමතියි... හි හි

      Delete
  36. එහෙන් වෙනියා පොස්ට් දාගන්නවා අතබලලා කියනවා කියලා. මේකි අනාගතේ කියනවලු. අනේ මන්දා. අනිත් අයට ඉස්සෙල්ලා 2013 නිවාඩු ටික කියන්න පුළුවන් උනා කියලා මේකි ගිහින් තියෙන උඩ....

    ReplyDelete
    Replies
    1. අපි එහෙම තමයි හරිද... හි හි

      Delete
  37. වෙන්න ඉඩ තියෙනවා නෙවෙයි මේක වෙලා ඉවරයි

    ReplyDelete
    Replies
    1. දැං නං මට හොඳටම කන්ෆර්ම් මේක දැනටම වෙලා කියලා.. ඇයි දෙයියනේ උඩ ඉඳන් කමෙන්ට් කීයක් තිබ්බද කියලා.... හි හි

      Delete
  38. වෙනවද? කියලා අහන්න දෙයක් නෑ අනේ දැනටමත් වෙලා තියෙන්නේ මෙහෙ නම්. ලංකාවටත් ඔහොම වෙයි ළඟදීම. මාත් උය උය ඉන්න ගමන් අපිට එහා බ්ලොක් එකේ ඉන්න අක්කත් එක්ක චැට් කරනවා. ඒ අස්සේ ඔන්ලයින් ඕඩර් කරපු තුනපහ, රතු හාල් අරවා මෙව්වා ගෙදරට එනවා තැපෑලෙන්. එහා කාමරෙන් මෙහා කාමරේට චැට් කරන වෙලාවලුත් තියනවා පොඩ්ඩක් මල පැන්නම...හික්

    ReplyDelete
  39. අප්පට සිරි! මෙහෙම උනොත්! !!! හිතනකොටත් බය හිතෙනවා අෆ්ෆා!!!

    ReplyDelete
    Replies
    1. දැනටම වෙලා කියලා තමයි නාඩියෝ දැන් නම් මටත් හිතෙන්නේ... හි හි

      Delete
  40. [පසුබිමින්] කී....ර.....මි....(ටි..ය).....කී....ර.....මි....(ටි..ය)කී....ර.....මි....(ටි..ය)

    අපේ මහත්තයා(කුස්සියේ සිට):-ඔය මළඉලව්ව දාලා ගිහින් කීර මිටියක් අරං එනවා....ආං කීර කාරයා ඇවිත්.....
    [තමාටම] අදවත් කටට රහට මොනවහරි හදාගෙන කන්න.....

    ReplyDelete
    Replies
    1. ජීවිතේට ඒක නම් වෙන්නේ නෑ සුමිත් අයියේ... අපේ මහත්තයට උයන්න බෑ.. ඔක්කොම ටික දාලා තම්බගන්න නම් පුළුවන්.. එච්චර තමයි ඉතිං... හි හි

      Delete
  41. ඕකට මං කරන විහිලුවක් තියෙනව.

    " මූනට හමු උනම අහක බලාගෙන යනව. ගෙදර ගිහිල්ල ෆේස්බුක් එකේ මෙසේජ් එකක් දානව. "
    ඒ සමාජය බොහෝ ලඟය.

    ReplyDelete
  42. කැලැන්ඩර් වලට යට වෙලා නිසා මේ දවස් වල වැඩියෙන්ම පවු අපේ මහත්තයා....

    ReplyDelete
  43. හීහී..ලංකාවෙ එහෙම වෙන්න තව ගොඩක් කල් යයි ඈ..

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ ඒක නම්... හි හි

      Delete
  44. මේවා නම් ඉදිරියේදි වෙන්න බැරිකමක් නෑ.. හැමදෙයක්ම ඔන්ලයින්

    ReplyDelete
    Replies
    1. හි හි.. එහෙම වෙනවනම් ම ආසයි... එහෙනං පොලේ යන්න ඕනෙත් නෑ ... හි හි

      Delete
  45. ඔක්කොටම වැඩිය හිරුගේ හිත යන පැත්ත. ඔබ කියන කථාව දැනටත් වෙනවා.ඒ කරුණු නුනට
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ගයනි... හි හි

      Delete
  46. දැනටමත් ටික ටික එහෙම වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මටත් පේන විදියට දැං මේ කමෙන්ට් කියෝගෙන එද්දි.. හි හි

      Delete
  47. ඔව් ඔව් . දැන් ආදරේත් ඔන්ලයින් නෙවැ...

    ReplyDelete
    Replies
    1. ඔවුනේ අප්පා.. සමහර අය ආදරේ කරනවා අවුරුදු ගනං දැකලවත් නැතුව හරියට....

      Delete
  48. Harine. api marry kale pone eken muna gahila. Eka nisa me tikath lagadima wei. Pone eka mokada bookiya mokada dan. Dekama hari hariyata bawitha karanawane.

    ReplyDelete
    Replies
    1. ඇහ්.... කියන්නකෝ සරා අයියට ඒ කතාවත් ලියන්න කියලා...

      Delete
    2. බැළුවේ නැතුවට මම මොකද කරන්නේ සරා ඒ කතාව A to Z කියලා අහකයි.

      Delete
    3. දැන් ගිහින් මුල ඉඳන් අගටම කියෝගෙන ගියා... මට අහුවෙලා තියෙන්නේ අන්තිම හරිය විතරනේ අප්පා.. හි හි..

      හැබෑට කෝල් එකක් ගිය දුර... මං මේ කල්පනා කළේ ඒ කාලේ මටත් ෆොන් එකෙන් සෙට් වෙච්ච කොල්ලන්ට එකපාරටම මට කොල්ලෙක් ඉන්නවා කියලා ෂේප් වෙන්නේ නැතුව පොඩ්ඩක් ගිහින් බලලා කාරිය හොඳඳ කියලා සලකලා බලන්න තිබ්බා කියලා... අපරාදේ... හි හි....

      නංගි බබා හින්දම හොඳයි .. මෙයාගේ කතා වලට හිනා වෙන්න.. මං එහෙම නං මාව හිනස්සලම සරා ඉස්පිරිතාලේ යනවා... මොකද මම හිනාවෙනකොට ළඟ ඉන්න එකාට ගුටි කන්න වෙනවා... මගේ බෙස්ට් ෆෙඩා එහෙම ඉස්සර කියන්නේ මාත් එක්ක බස් එකේ ගිහින් බැස්ස ගමන් කරන්නේ පැනඩෝල් දෙකක් ගහන එක කියලා... නැත්තම් පහුවෙනිදට උණ ගැනෙනවා ලු.. හි හි...

      Delete
  49. Pone newei ane phone. Akuruth waradinawa.

    ReplyDelete
  50. ඇත්තටම වෙන්න පුළුවන් අක්කි..අනේ මන්ද..ජීවිතේම වෙනස් වෙන කාලයක් එයි.

    ReplyDelete
    Replies
    1. මෙයා පේන්න නැත්තේ විභාගෙකටවත් හිර වෙලාද මේ ටිකේ....

      Delete
  51. මුල් ටික කියවද්දී ටිකක් අප්සෙට් ගෙවල් දෙක වෙන් වෙන්න වැටවල් ගහල්ල තාප්ප වලින් වෙන් කරාම අසල වැසියන්ගේ තියෙන බැඳීම ඒ සිමෙන්ති ගල්වලින්ම නැති වෙලා යනවා..

    ReplyDelete