Saturday, December 1, 2012

පිටරටවල ගිහින් ඉඳලා ආපු අයටත් ලංකාවේදි නීතියට වාහන එළවන්න බැරි ඇයි.....?

මතකනේ මං කලින් දාපු අපේ මහත්තයගේ ඩ්‍රයිවින් පෝස්ට් එක...  ඔන්න අපි දෙන්නා ඔය ගැන කතාවක් පටන් ගත්තොත් ඒක යන්‌ෙන් මෙන්න මෙහෙම...

මම    “ ඔයා පිට රටවලත් ඩ්‍රයිව් කළා නේද.. එහෙදිත් මේ වගේද ඩ්‍රයිව් කළේ... 
අපේ මහත්තයා “ මෙහෙ වාහන එළවන්නේ මිනිස්සු යෑ... හරක්නේ.. මුන් එක්ක පාරේ වාහන එළවන්න බෑ මෙහෙම නැතුව....
මම     ඔයා ඔහොම කිය කිය යන්නෙත් වැරදි විදියටමනේ....බැන බැන, ඇඟේ ලේ ටිකත්  රත් කරගෙන...පොඩ්ඩක් පිළිවෙලට ගියා නං නරකද...
අපේ මහත්තයා ඉතිං මෙහෙම යන්නේ නැතුව පැය ගාණක් රස්තියාදු වෙන්නද කියන්නේ...මුන්ට බනින්නේ හිතෙන්නේ නැද්ද මෙහෙම හරක් වගේ යන‌ෙකාට...
මම    ඉතිං ඔයා බනිනවා වගේ ඒ මිනිස්සුත් ඔයාට බනිනවා ඇති...
අපේ මහත්තයා  “ඒක නම් ඇත්ත තමයි ඉතිං .. ඒත් වෙන මොන‌වා කරන්නද... මෙහෙම පාරවල් වල රස්තියාදු වෙන්න පුළුවන් යැ...

ඉතිං ඔන්න පෝය නිවාඩු දාවසේ අපේ මහත්තයා මොකද්දෝ වාසනාවකට ගෙදර හිටපු නිසා මං එයාව අල්ලගෙන මෙන්න මේ ලිස්ට් එක හැදුවා... 

  • ට්‍රැක් එකක යන්න දන්නෙ නැතිකම -  ට්‍රැක් දෙකක් තියෙන පාරේ ට්‍රැක් දෙකම අල්ලගෙන එක වාහනයක් යන එක..


පේනවනේ.. අලුත් පන්නයේ වාහනේ උනාට මෝඩයා වගේ ට්‍රැක් දෙකක් අල්ලන් යන ලස්සන...


ඉතිං පස්සෙන් එන එකා ඉස්සර කරන්න ඕනේ ඩබල් ලයින් කපා ගෙන... මෙයා පස්සෙන් කොට කොට යන්න පුළුවනෑ..... ඔය වාහනේ ඉස්සරහින් පේන හරියක 
තව වාහනයක් තිබ්බෙත් නෑ ලු...

  • කොට කොට යන එක.. - බයිසිකල් එහෙම පාරේ මැද්දේ දාගෙන කොට කො‌ට යන එක... 

පේනවනේ.. කොට කොට යන හැටි පාර මැද්දෙම...

  • හෝන් කරාට, ලයිට් ගැහුවට ඕවර්ටේක් කරන්න පාරෙ ඉඩ දෙන්නෙ නැති එක... (සාමාන්‍යයෙන් ලයිට් ගැහුවම පිටරටවල නම් ඉඩ දෙනවලු... )
  • හරවන තැනට එනකම් සිග්නල් දාන්න මතක නැති එක... 
  • මැද ට්‍රැක් එකේ ඇවිත් එකපාරටම වමට හරි දකුණට හරි හරවන එක.
  • පාරවල්වල අයිනේ ට්‍රැක් එක වළවල් සහ රැල්ල වගේ තියෙන නිසා, ඒ ට්‍රැක් එකේ යන්න බැරි කමට පාරේ මැද්දෙන්ම යන එක... 
  • පාකින් නැති කඩවල් වල ඉස්සරහා නවත්තන වාහන වල බාගයක් පාරේ හිටින එක..

පේනවද... කාර් එක ගානට පාරෙන් එළියට වෙන්න තිබ්බට ලොරියේ බාගයක් තියෙන්නේ පාරේ...
  • අරහෙන් මෙහෙන් හැමපැත්තෙන්ම දාන ත්‍රීවීල් සහ බයිසිකල්... ප්‍රයිවට් බසුත් ඒ ජාතියේ...
  • පාරේ අයිනේ නවත්තපු වාහනේ, පාර බලන්නේ නැතුව එකපාරටම පාරට දාන එක...
  • ෆොන් එක කනේ ගහගෙන ඩ්‍රයිව් කරන එක වගේම, කෝල් එකක් ආපු ගමන් වගේ වගක් නැතුව එකපාරටම පාර අයිනට කපන එක... 
  • පාරෙ හැමතැනින්ම මාරු වෙන මිනිස්සු...

මේ මනුස්සයා හින්දා තමයි එදා අපේ මහත්තයගේ වාහනේ හැප්පුනේ.... 

  • ලොකු ලොකු ෂොප්ස් වල පාකින් හම්බුවෙනකම් පාර දිගේ වාහන නවත්තගෙන ඉන්න ලොකු ලොකු වාහන....
  • නුසුදුසු තැන් වලින් යූ ටර්න් ගහන එක...  වාහන හරවන එක... 

මෙයා මේ මෙතන වාහනේ හරවන්නේ එහා පැත්තෙන් ලොකු round about එකක් තියෙනවා 
පෙනි පෙනි ලු...  ( වචනේ නම් ෂුවර් නෑ.. වැරදි නම් හදන්න කවුරුහරි...) 


මෙයත් එහෙම එක්කෙනෙක්... 

  • ඇන්ටිලා එළවන පොඩි කාර් සහ ලොකු වාහන... ( ඒවා නං පුදුම කරදරයක් ලු..) 
  • එන වේගයෙන්ම අතුරු පාරවල් වල ඉඳලා මහ පාරට දාන එක.. විශේෂයෙන් ත්‍රීවීල්... 
  • අතුරු පාරකින් මහ පාරකට දාන්න හෝ එක ට්‍රැක් එකක ඉඳලා අනිත් එකට මාරු වෙන්න ඉඩ දෙන්නේ නැති එක...
  • ප්‍රයිවට් බස් පාර මැද්දේ නවත්තගෙන සෙනඟ නග්ගන, බස්සන එක... ස්ටාෆ් වෑනුත් ඔය වැඩේ කරනවලු... 
  • පස්සෙන් එන බස් එකට ඉස්සර කරන්න බැරි වෙන්න පාර බ්ලොක් කරගෙන, ට්‍රැෆික් එකක් හදාගෙන යන එක...
  • වාහනයට අදාළ මං තීරුව පාවිච්චි නොකිරිම.. මීගමු පාරේ විතරක් ටිකක් මේ නීතිය ක්‍රියාත්මක වෙනවා වගේ පේනවාලු ..අනිත් ඒවා නං තාම එහෙම දෙයක් පේන්න නෑ ලු... 
  • අතුරු පාරවල් වල ඉදං මහ පාරට දානකොට, පාර හරහට ගිහින් තමන්ට ඕනේ ට්‍රැක් එකට දා ගන්න එක... 
වැඩිපුරම ප්‍රශ්න ඇතිවෙන්නේ ත්‍රීවිල් සහ මිල අධික නවීන වාහන වලින්ලු .. ත්‍රීවීල් නම් විනයක් නැති කමින්... ලොකු වාහන වලින් තියෙන කරදරේ සේසතම වියදම් කරලා නවින පන්නයේ අලුත් වාහනයක් අරගෙන, වාහනේ පරිස්සම් කර ගන්න ට්‍රැක් දෙකක් අල්ලගෙන, කොට කොට යන එක.. වාහනේට තියෙන මොලේ එළවන එකාට නැති නිසා ( වාහන ඔක්කොම කම්පියුටරයිස් නේ... හි හි)

හරි දැං.. මේ අපේ මහත්තයට කියන ප්‍රශ්න නේ.. මං නම් ඩ්‍රයිවින් ගැන මෙලෝ හසරක් දන්නේ නැති නිසා මේ ගැන මොනාවත් කියන්නේ නෑ... එකම දේ මට ඔය අස්සෙන් මුල්ලෙන් දාලා, සැරින් සැරේ බ්‍රේක් කර කර, නීති කඩ කඩ යනකොට කේන්ති යන එක තමයි.... හි හි.. 

ඔන්න වෙනදා වගේම මෙදා පාරත් පෝස්ට් එකට සියලුම අනුග්‍රහය අපේ මහත්තයගෙන්.. ෆොටෝ ටිකත් එයාගේ තමා... හි හි... මම කළේ සැර වැඩි තැන් පොඩ්ඩක් හදන එක විතරයි... 

වාහන එළවන මහත්තුරු මේ පෝස්ට් එකට තව තව දේවල් එකතු කරයිනේ.. ඔන්න කමෙන්ට් වලට ඇති වෙන්න ඉඩ තියෙනවා වෙනදා වගේම..... 

144 comments:

  1. අනේ මමනං ඉතිං අර හැමතැනින්ම පාර පනින ඒක විතරයි වැරැද්දකට කරන්නේ. මොකෝ ඉතිං අනිත්වා කරන්න වාහනයක් තියෙන එකක්යැ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං... පනින උන් කරන්නෙත් බෙල්ල ගහලා යන වැඩ තමා.....

      Delete
  2. ඇඟේ ලේ කෝප වෙනව සිරාවටම... ගොඩක් ඒව හිරු කියල තියෙන්නෙ..

    *හෙන හදිස්සියක් වගේ ඕවර්ටේක් කරල එතනම පාර කවර් කරන් නවත්තන බස්කාරයො... (හැප්පෙන්නෙ නැතුව බේරගන්න බ්රේක් එක උඩ හිටගන්න ඕන...)

    * රෝංග් සයිඩ් එකත් තමන්ට අයිතී, අනිත් වාහන තමන්ට ඉඩ දීලා ඉන්න ඕන කියල හිතන බූරැවො...

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ තව ජාති... ඒත ඉතිං ඔයා ඩ්‍රයිව් කරන්නෙත් අපේ මහත්තයා වගේ බැන බැන වැරදි විදියටමද..?

      Delete
    2. ලයිසොන් අරන් වැඩි කාලයක් නැති හින්ද තාම නං නීතියට... (බයික් එක මලයගෙ හින්දත් ටිකක් කොන්ට්‍රෝල්... :) )

      Delete
    3. හි හි.. අනුන්ගේ වාහන වලදි නම් ටිකක් හෙමින් යන එක හොඳයි....

      Delete
  3. පොස්ටුවේ දී ඇති සිනා සංඥා වලට අනුගත වෙමින් කියවූයෙමි. :)
    වමට සිග්නල් දමා දකුණට හැරවීම, දවස පුරාම එකම සිග්නල් එක දමා තිබීම, ඔන්න මට තව දෙකක් මතක් වෙලා කොටලා දැම්ම.

    ReplyDelete
    Replies
    1. //වමට සිග්නල් දමා දකුණට හැරවීම,//
      මෙන්න මේක තමා මටත් එක පාරටම මතක් වුනේ... අපෝ.... ගොඩක් මිනිස්සු ඔය වැඩේ කරනවා මං දැකල තියෙනවා.

      Delete
    2. අන්න සංඥා පිළිපදින හොඳ ළමයෙක් චන්දන.. හි හි....

      ඔව් ඔව්.. එකත් එක්තරා විදියක ගොන්කමක් තමයි අපේ අය කරන...

      Delete
    3. ඇයි තව සිග්නල් එක දැම්මට හරවන්න තියෙන තැන පහුකරගෙන ගිහින් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව යූ ටර්න් ගැහිල්ල...

      Delete
    4. ඔවු ඉතිං.. ගොඩක් අයට අමතකයිනේ වාහනයක් එළවනවා කියල.. අවධානය තියෙන්නේ වෙන වෙන ඒවයේ...

      Delete
    5. ඒ කිව්වේ මොන අවධානේද බං. ‍ඔන්න ඇච්ඇස්බීසි ඇරපු වෙලාවට වං ස්ටියරිං වීල් එකත් අමතක වෙනවා.. තව තව..

      Delete
  4. පොස්ට් එක මරු........ පොටෝවල තියන වාහනවල අයිතිකාරයෝ එහෙම මේ පොස්ට් එක දැක්කොත් ඒ අහිංසකයන්ට මොනා හිතෙයිද ... හි හි :D

    ReplyDelete
    Replies
    1. එහෙනං එයාලා දැනගනියි... මෙන්න මේ තැනදි අපේ අම්මලා අප්පලා කුනු බැනුම් ඇහුවා කියලා... හි හි..

      Delete
  5. මට නම් එකක්වත් කොට කොටා යන බවක් පෙවුන් නෑ. ඔක්කොම වාහන පාරේ නවත්තලා තියෙන බව්ක් තමා පෙවුනේ. ෆොටෝ හන්දා වෙන්ටෑ.. හික්ස් :)

    ඔයාට කියන්න හිරූ... බස් කාරයො පාර මැද්දෙනුත් නවත්තලා සෙනග බස්සනවා. වෙලාවකට වාහනයක් එහෙම ආවොත් අසරණ ජීවිත කියලාත් හිතෙනවා.

    ඒ අතින් බලාගෙන ගියහම මෙහේ වාහන එලවන්නේ හරක් කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයා ඩ්‍රයිව් කරනකොට වැඩිපුරම කියන වචනේ තමයි “ හරකා” ... දෙවනි එක “ කාලකන්නියා” .. හි හි...

      Delete
    2. මමත් මේ ඕක ගැන අහල කමෙන්ට් එකක් දාන්න හිතාගෙන පෝස්ට් එක කියවද්දි හයිලයිට් කරල කොපි කරගත්ත. මින් විසිතුරු ඒක අහල :P

      අපේ මාම තමා බනින්නෙ අම්බෝ! එයාගෙ කියන පළවෙනි වචනෙ හරක, දෙක බූරුව :D

      Delete
  6. මමත් එනවා හෙට ඉදලම හිරු ලර්නස් වලින් පුරුදු වෙන්න. එතකොට ප්‍රශ්නේ ඉවරනේ.සිරා ලිපිය හිරුවෝ. අපේ ඩූඩ් ලංකාවට ඇවිල්ලනේ එයාටත් මෙහෙම දැනෙනවද දන්නේ නෑ ලංකාවේ වාහන එලවනකොට.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. මගෙන් නෙවෙයි, අපේ මහත්තයගෙන්.. මගෙන් ඩ්‍රයිවින් ඉගෙන ගත්තොත් නලීන් අයියට ඉක්මණට අංගොඩ යන්න වෙයි.. හි හි..

      Delete
    2. ඩූඩ් අයියගෙන් අහන්න ඕනේ.. එයාටත් මෙහෙමද කියලා.. කෝ අප්පා.. පේන්න නෑ නේ ඉතිං....

      Delete
  7. ඉස්සෙල්ල මේ මොකද්ද කියල කියහන්? " පාර බ්ලොග් කරගෙන, ට්‍රැෆික් එකක් හදාගෙන යන එක..." මෙහෙම වැරැද්දක් මම මේ ඇහුවමයි.

    පිට රටවල වැඩිපුරම ලයිට් ගහන්නෙ ඉඩ ඉල්ලල නෙමෙයි ඉඩ බලාපොරොත්තු වෙන කෙනෙකුට ඉඩ දෙන්න. සාමන්‍යෙන් හයිවේ එකක ෆාස්ට් ට්‍රැක් එකේ යනකොට පස්සෙන් එකෙක් ලඟටම එනකොට ඉල්ලන්න කලින් අයින් වෙලා ඉඩ දෙන එක තමයි සිරිත.

    තව අපේ උන්ගෙ වදයක් තමයි රෑට හෙඩ්ලයිට් ගහන් මූනට එන එක.

    අකමැතිම සහ වදයක්ම වෙලා තියෙන දේ තමයි මෙලෝ සිහියක් නැතුව හෝන් ගහන එක.

    තව ඉස්සර කරනවාට ඉරිසියා කිරීම, අධික දුම දාගෙන නොදන්නවා සේ යාම වගේ එව්වත් දා ගන්න.

    ReplyDelete
    Replies
    1. //පාර බ්ලොග් කරගෙන//

      මොකක්.. කොහෙද එහෙම තියෙන්නේ.. සිංහයට කණ්ණාඩි ද‌න්න වෙන පාටයි.. හි හි...

      (හැදුවා හැදුවා... ටයිපින් මිස්ටේක් එකක් වගේ එකක් ... හි හි.. )

      Delete
  8. විනයක් නැතිකම, බලපත්‍ර නිකුත් කිරීම් පටිපාටියේ ඇති දුර්වලතා, පාරවල් නිසි පරිධි නඩත්තු නොකිරීම හා ඉඩ මදිකම, දඩ මුදල් ප්‍රමාණවත් නොවීම, නීතිය සැමට එකසේ ක්‍රියාත්මක නොවීම.........සහ තවත් දේ ඔය පිටිපස්සෙ තියනවා..

    ReplyDelete
    Replies
    1. විනයක් නැති කම තමා මං හිතන්නේ ලොකුම වැරැද්ද.... අපේ මිනිස්සුන්ට ඉවසීමක් එහෙම ඇත්තෙම නෑ වාහන එලවනකොට....

      Delete
    2. අප්පා.. විනය තමයි පළවෙනි එක... දෙවැනි එක ඉවසීමක් නැති එක... හි හි..

      Delete
    3. යා යා.. මේ එකෙක්වත් හරියට විනය තකා වැඩ නොකරන එකේ ප්රතිවිපාක තමා. හැක් හැක්..

      Delete
  9. හිරු අක්කටත් මේ දවස් වල මාර දේවල් තමා මතක් වෙන්නේ.... හොද ලිපියක්.....

    ReplyDelete
    Replies
    1. මට මතක් වෙන ඒවා ටක් ගාලා ලියවෙනවා සමනළි.. අපේ මහත්තයව අල්ලගන්න ඕනේ උනාම තමයි පරක්කු වෙන්නේ... ෆොටෝ එහෙම සප්ලයි කරනකම් ඉන්න වෙනවා... හි හි..

      Delete
  10. මේක ලංකාවනේ මොන නීති ගෙනාවත් මිනිස්සුන්ගේ හැසිරීම් ආකල්ප වෙනස් කරන්න බැහැ ඉතින් එක එකා එක එකාට ඕන විදිහට පාරේ යන්නේ සමහරු දඩ කනවා සමහරු පගා දීලා බේරිලා යනවා.පයින් යන උන් වාහන කාරයන්ට බනිනවා හැබැයි උනුත් වාහන ගත්තම කරන්නෙම කලින් බැනපු උන් කරන දේමයි.

    එතකොට \\ඇන්ටිලා එළවන පොඩි කාර් සහ ලොකු වාහන... ( ඒවා නං පුදුම කරදරයක් ලු..) // ඔන්න ඔතනට ඇන්ටිලා කියලා සීමා කරන්න බැහැ.ගෑනු කියලා බහු වචනයෙන් කියන්න පුළුවන්.ගෑනු ඔක්කොම එකයි ස්කූටිය ගත්තම ඔහේ යනවා හරක් පිටේ යනවා වගේ.වට පිට ගැන කිසිම තමීමක් නැහැ.මොනවා හරි වෙලා ඇක්සිඩෙන්ට් වුනොත් අසරණ පිරිමි පිට තමා වැරැද්ද පැට වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇන්ටිලා ගොඩක් නීතියට ඩ්‍රයිව් කරනවා නිශාන්.. ඒත් මේ තදියම්කාරයෝ එක්ක යන්න එයාලට අමාරුයි... අනිත් එක එයාලාගේ ෂෝ එකත් වැඩියි.... කරන වැඩේට අවදානය අඩුයි... කෙල්ලො එහෙම කරනවා අඩුයි... උන් නීති පැත්තකට දාලා කොල්ලො ඕවර්‌ෙට්ක් කරගෙන යනවා මං දැකලා තියෙනවා...

      පගා ගැනනම් කුමන කතාද ඉතිං.. හි හි..

      //පයින් යන උන් වාහන කාරයන්ට බනිනවා හැබැයි උනුත් වාහන ගත්තම කරන්නෙම කලින් බැනපු උන් කරන දේමයි.//

      මේක කිව්වම තමා අපේ මහත්තයා මේ වගේ කියන්නේ.. මේ පරණ පෝස්ට් එක කියවන්නකෝ...

      අපේ මහත්තයගේ ඩ්‍රයිවින්

      Delete

  11. හොද පොස්ට් එකක් dr වැලලෙන්න ඉඩ දෙන්න
    හොද නැති...
    ඔයා ඔක්කොම වගේ කියල තියෙනවා..
    අපි ඉස්කෝලෙ යන කාලේ ගියා සිංහරාජෙට ට්‍රිප් එකක්..
    එහෙම ගිහින් එද්දී මහ රෑ 2 විතර එක පාරට පොඩි
    ලොරියක් තුන්මන් හන්දියකින් දැම්මේ නැද්ද අපි අවේ
    110 විතර ඒ වෙද්දී ..කර කියා ගන්න දෙයක් නැහැ ..
    මන් හිතුවේ අයියා ඒ මනුස්සයාගේ මූණ පොඩි කරයි කියල..
    ඒත් අයියා ඇහුවේ
    " ඔහොමද මහත්තයෝ එලවන්නේ " කියල විතරයි...

    ReplyDelete
    Replies
    1. හා.. දැන් කියහං බලන්න ඔය 110ට ආව අයියා මහත්තයාට 110ට යන්න පාර හදලා දීපු එකා කවුද කියලා...?

      :D

      Delete
    2. රණසිංහ ප්‍රේමදාස හදපු පාරක තමා අපි ආවේ..
      ඒ කාලේ අරයා ධීවර ඇමති ..:D

      Delete
    3. හපොයි... මට පේන්නේ සහන් මාරයියටත් වඩා නාකියිද කෙහෙද... හි හි...

      සහන්ලගේ හොඳ වෙලාවක් වෙන්නැති.. නැත්තම් විනාසයි නේ...

      Delete
    4. පිස්සුද අනේ මට තාම 24 යි :D

      Delete
    5. හා.. දැන් කියහං බලන්ට එහෙනං... කවුද යකෝ 110ට යන්න අයියා මහත්තයට ලයිසොන් දුන්නේ කියලා ලංකාවේ පාරක..?

      Delete

    6. සොරි සෑර්..
      රෑ වෙලා හින්දා ටිකක්
      වේගේ වැඩි උනා...;D

      Delete
    7. :D

      මාත් ආවේ ආන්න එතැනට තමා... අයියා මහත්තයා අර තරමට කරුනාවන්ත වෙන්ට ඇත්තේ තමුන්ගේ වේගේ ගැනත් ගැටළුවක් තියෙන හින්දා වෙන්ට ඕන...

      (ඔය කිව්වට මාත් යන්ට හැකි තැන්වල යනවා උපරිමයෙන්ම...ඒත් තාම 120ට වඩා ගිහින් නැහැ.. ඒකත් ට්‍රේලක... රෝද හතරක් තාම 120ට ගෙනියන්න උනේ නැහැ.. කොහේද යන්තං සීයට කටුව ගෑවෙද්දී වාහනේ ඉන්න කවුරු හරි කෑ ගහනවනේ...)

      Delete
    8. නැහැ බන් ඒකට හේතුව ඒ වාහනේ පුරවල තිබ්බේ ඒ අයගේ
      බඩු මුට්ටු. එයාල ගෙවල් අස් කරන් යනවා, එයාගේ නෝනයි
      පොඩි දරුවෙකුයි හිටියා ඉස්සරහ ගුලි වෙලා අඬ අඬ..
      ඒ මනුස්සය හිටියේ ඊට වඩා ප්‍රශ්න ගොඩක..
      අපෙත් කේන්තිය නිවුන ඒක දැක්කම...

      Delete
    9. අනේ ඉතිං එහෙම වෙලාවල නම් දුක හිතෙනවා තමා..

      රෝද 4දි නම් කොච්චර ස්පීඩ් ගියත් මම මුකුත් කියන්නේ නෑ.. බයික් එකේ තමයි මම කෑ ගහන්නේ... හි හි.

      Delete
  12. මේ ලංකාවය... නීති නමට පමණය... ඒවා ඇත්තේ කඩ කිරීමට බව බොහෝ දෙනාගේ අදහසය... ඉතින් මේ දර්ශන සාමාන්‍යය...:)
    යාන්ත්‍රික සිතිවිල්ල

    ReplyDelete
  13. කතා කරන්න එපා..මට ඔය මාත්තුරුකාව ගැන කතා කරන්න බැහැ...කතා කරන්න ගියොත් කියැවෙන්නේ කුණුහරප...

    ReplyDelete
    Replies
    1. එහෙනං මාරයියත් අපේ මහත්තයගේ ජාතියේ වගේ.... හි හි....

      Delete
    2. ආන්න ඒක තමා කාරනාව... උන්දැ කියන ටිකම අරං ඒකට තව අතර මැදට කුණුහරුප දෙක තුන ගානේ රිංගවලා ගනින්.. ආන්න මගේ කොමෙන්ටුව...

      Delete
    3. හි හි... එයගේත් කුණුහරැප තමා වැඩිපුර තියෙන්නේ.. මං ඔය පුළුවන් තරම් කපලා කොටලා, හදලා තමයි දැම්මේ පෝස්ට් එක....

      Delete
    4. මගේ ඇදුරුතුමා කියන්නෙ පාරෙ යනකොට වෙන එව්වට නං කුණුහරුප නොකිව්වොත් ස්ට්‍රෙස් නගිනවා කියල. ලෙඩ ලෝග නැතිව ඉන්ට නං ඒ වෙලාවට එකක් දෙකක් කියවෙන්ටම ඕනැලු. හනේ මංදා ඔය පාරවල තමා අපිත් එලවන්නෙ. අපි කවදාවත් ඔව්ව කියන්නැහැ

      Delete
    5. ඔවා ඔය පිරිමින්ට ගැලවෙන්න හදාගත්ත කතා නැන්දේ.. පිරිමින්ට හැම දේකටම ඔය ලොජික් එක තමයි තියෙන්නේ.... තමන්ගේ වාසියට ... හි හි......
      අපේ මහත්තයගේ ඩ්‍රයිවින්...
      ගිහින් බලන්නකෝ කමෙන්ට් ... හි හි

      Delete
  14. හරිම විනීතයි... සුනීත වගේ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හි හි.. මෙන්න මෙයා ඇවිත්... වල් රජා නැතුව බ්ලොග් පාලු වෙලා බං.....

      Delete
  15. කතාවනම් සහතික ඇත්ත. අනුග්‍රය අපේ මහත්තයගෙන් (මගේ නම් නෙවෙයි) නිසා අඩු පාඩුවක් ඇත්තෙම නෑ වගේ.
    * මටනම් වැඩිපුරම කරදර ප්‍රයිවට් බස් වලින් තමා.
    * ඊළඟ කරදරේ ගෑනු. බයික් එකේ යනවනම් අනිවා කොහෙන් හරි ගෑනියෙක් පනිනවාමයි.
    * ඊළඟ එක තමයි බයික් ත්‍රීවීල් වලට විතරක් ඇත දාන උන්. ප්‍රාඩෝ එකක් හයිබ්‍රිඩ් එකක්, ඩබල් කැබ් එකක් දැක්කම නැට්ට තියෙන්නේ (හයියෝ කියලා වැඩක් නෑ.) අනේ ඉතින් ත්‍රීවීල් එකක්, බයික් එකක් හෝන් ගැහුවත් වැරදියි. වතුර ගලන්නේ පහත තැනින්නේ.
    * හෙඩ් ලයිට් ඩිම් කරන්නැති එකත් මහම මහා බලු වැඩක්. ලක්සරි වාහන වල සෙනොන් (තද සුදු) එලියට ඇහැ ගිණිකන වැටෙනවා. (ඩිම් කලත් ඒ වගේ) බයික් එකක එළියේ ප්‍රබලතාවයත් එක්ක බැලුවොත් වොට් සීයේ බල්බ් එකයි ඉටි පන්දමයි වගේ තමයි.
    * ඉදිරියෙන් එන බයික් ත්‍රීවීල් වගේ පොඩි වාහන ගණන් නොගෙන වාහන ඉස්සර කිරීම. ප්‍රයිවට් බස් වගේම සුපිරි වාහනත් කරන වැරද්දක්. මේක බරපතල වෙන්නේ වැස්ස වේලාවකදී කලොත්.

    ReplyDelete
    Replies
    1. අප්පා.. මේ තියෙන්නේ මිස් වෙච්ච ලිස්ට් එකක්ම...

      දැං කියමුකෝ බලන්න.. ඔය මහත්තයත් ඩ්‍රයිව් කරන්නේ අපේ මහත්තයා වගේමද...?

      අපේ මහත්තයගේ ඩ්‍රයිවින්

      Delete
    2. "ඉදිරියෙන් එන බයික් ත්‍රීවීල් වගේ පොඩි වාහන ගණන් නොගෙන වාහන ඉස්සර කිරීම. ප්‍රයිවට් බස් වගේම සුපිරි වාහනත් කරන වැරද්දක්. මේක බරපතල වෙන්නේ වැස්ස වේලාවකදී කලොත්."

      :/

      Delete
    3. බයික් කාරයෙක් වැරදියි අකම් සමහර වෙලාවට.. උන් ඇහිල්ලක් බැලිල්ලක් නැතුව එහෙන් මෙහෙන් රිංගනවනේ.. ඉතිං අර උස වාහන වලට උන්ව පේන්නේ නෑ නේද.... එත‌ෙකාටත් බැනුම් අහන්නේ ලොකු වාහන කාරයා විතරයි මොනාහරි උනොත්...

      Delete
    4. //..දැං කියමුකෝ බලන්න.. ඔය මහත්තයත් ඩ්‍රයිව් කරන්නේ අපේ මහත්තයා වගේමද...?..//
      //..උන් ඇහිල්ලක් බැලිල්ලක් නැතුව එහෙන් මෙහෙන් රිංගනවනේ.....//

      හෙහ් හෙහ්... හිටපියකෝ අපේ මහත්තයට පෙන්නනකම්...

      මම රිංගන්නේනම් ට්‍රැෆික් එකේදී විතරයි. වමෙන් ඕවර් ටේක් කරන්නෙත් එහෙමයි. ඒත් බස් ඇර. මොකද ට්‍රැෆික් එකේදී බයික් එහෙම පෝලිමේ හිටියොත් ට්‍රැෆික් එක තවත් දික් ගැස්සෙනවා. වැස්ස වෙලාවට බයික් රිංගන එක අඩු නිසා ට්‍රැෆික් එක වැඩියි කියලා ඔයා දැකලා ඇතිනේ.

      හැබැයි මාත් දැකලා තියෙනවා අනන්තවත් හරක් විදියට දාන උන්. ඒත් මගේ අත පය මට වටිනවානේ... නෙහ්...

      Delete
    5. මට නම් මගේ අතපයටත් වැඩිය අපේ මහත්තයගේ අතපය වටිනවා.. කෝ ඉතිං ඒක තේරුම් ගන්නේ නෑ නේ.. හි හි...

      Delete
  16. සමස්තයක් විදිහට මම දකිනවා හැම තැනම මේ වැරදි වෙනවා. බටහිර රටවලට ගෙහුං නැති නිසා ඒවයේ නම් කොහොමද කියලා මම දන්නේ නෑ. හැබැයි පු‍තෝ මම හිටපු රටවල් දෙකේම මේ කියන හැමදේම මම දැකලා තියෙනවා. ඒකෙනුත් මෙහේ සෞදියේ නම් ඩ්‍රයිවින් ගැන කතා කරන්නම දෙයක් නෑ. ඉතින් එහෙම බැලුවම අපේ රට තව හොඳා කියලා තමයි කියන්න වෙන්නේ. අනික ඉතින් අපිත් කරන්නේ ඒකමනේ, මොන හේතුව නිසා හරි මමත් අනන්තවත් මාර්ග නීති කඩලා තියෙනවා. කිසිම තැනක එහෙම නැතුව වාහන පදවන්න අමාරුයි. මගේ කියමනක් තියනවා බල්ලොත් එක්ක පොරකන්න නම් අපිත් බල්ලෝ වෙන්න ඕන කියලා. හැබෑවටම සරා එහෙමයි.

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයා කියනවා සෞදි වල උන් කරන වැරදි එච්චර ගානක් නෑ ලු මුන් එක්ක බැලුවම... හි හි...

      එත‌කොට කවදාවත් මෙහෙ ඉන්න උන් හරියට පාරක යන එකක් නැති වෙයිද... දැං අපේ මහත්තයත් ඔ‌ෙහාම කිය කිය වැරදි කර කර තමයි යන්නේ... හැමෝම එහෙම උනාමත් කවදාවත් හරි යන එකකුත් නෑ තමයි ම‌ට හිතෙන්නේ.. අනේ මන්දා...

      Delete
    2. මේ නෝනලට තේරෙන ටික අපේ මහත්තුරුන්ට තේරුන දවසට ප්‍රශ්ණෙ විසදේවි. ලංකවේ බහුතරයගෙ ආත්මාර්ථකාමය අඩුවෙලා ආකල්ප වර්ධනය වෙන්න තව පරම්පරා කීපයක් ඉවසන්න වේවි.

      Delete
    3. නෝනලට බැන බැන නේ කට්ටිය වාහන එළවන්නේ.. හි හි...

      Delete
    4. කවුරු හරි කෙලින් යනවා නම් ඒක ගැටළුවක් නෙමේ ඒත් කකුළු කොළුවට වෙච්ච දේ වෙන එක වලක්වන්න බෑ. සමහර දේවල් තියෙනවා හිරූ, හරි ඒත් කරන්න බැරි. මේත් එහෙම එක දෙයක්. මෙතන කොමෙන්ට් කරලා තියෙන එකම කෙනෙක්වත් නෑ මාර්ග නීති කිසි දවසක නොකඩපු. සමහරු කියයි අපි එහෙම නෑ කියලා. හැබැයි ඒ අවංකවද කියලා නම්........................................හික් හික් හික්..

      Delete
    5. තව එකක් ඔය නෝනත් කවදා හරි වාහනේක ඩ්‍රයිවින් සීට් එකේ වාඩි උනොත් ඔයා කරන්නෙත් ඔය කරන්න එපා කියලා තියෙන දේවල්ම තමයි. එහෙම නොකරනවා නම් හෙට යන්න ඕන ගමන ඔයාට අදම පිටත්වෙන්න වෙනවා. නැත්නම් වෙලාවට යන්න බැරි වෙනවානේ. මොකද හැමෝම තමන් ඉස්සර වෙන්න දඟලන රටක්මේ.දෙක වෙන්න කැමති කෙනෙක් අත උස්සන්න බලන්න............!!!

      Delete
    6. මං...??? වාහන එළවන්න... අපෝ.. ඒවා වාත වැඩ... හි හි....

      කිසිදා නැතත් අඩුවෙන් කඩනවා නම් ඒකත් ඇති මට නම්... ඇත්තමයි.... මොනවා උනත් අනතුරේ වැටෙන්නේ තමන්මනේ....

      Delete
  17. ටොපික් එක ගැන කියනවනම් අර කතාවක් තියෙන්නේ වවුලගෙ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕන කියලා . මට ඒක මතක් උනා . අපේ රටේ මාර් ගනීති ගැන පොඩි කතාවක් ලියලා ඇති කැමතිනම් බලන්න මෙන්න ලින්කුව කහ ඉර


    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. මාත් ඔය කහ ඉරි වල එහෙම වැරදි කරන අය ගැන පෝස්ට් එකක් ලිව්වා කාලෙකට කලින් ජොන්... ඒත් ඒක පාළුවට ගිහින් තාම... මං හිතන්නේ මාගල වගේ හින්දා වෙන්නැති.. හි හි..

      පොඩියට පටන් අරන් හදාගමුද අපේ වැරදි

      Delete
  18. අනේ අම්මේ! මේකනම් ඇත්ත! වාහනේ පාරට දැම්ම කියන්නේ ඔලුව යකාගේ කම්මල වගේ අන්ද කයිප්පු කර ගන්න වෙන වැඩක්!

    ReplyDelete
    Replies
    1. හි හි... අනේ නාඩියාගේ ඔලුව....

      Delete
  19. උදේට ඔෆීසියට යන්න ඔෆීස් ට්‍රාන්ස්පෝට් වාහනය මාව ගන්න එනකොට ඉස්සරහ සීට් එක විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ. ඉතින් මට හැමදාම යන්න වෙන්නෙ ඩ්‍රයුවර් අන්කල් ලඟ...හප්පේ නැග්ග වෙලාවේ ඉඳන් අන්කල්ගෙ කටට සැනසීමක් නෑ..බනිනවා..බනිනවා...රවනවා...අත පය දිග ඇරලා බනිනවා..සමහර වෙලාවට කටින් කුණු හරුපත් පනිනවා...හීනියට.. මම ඇහෙන්නෙ නෑ වගේ යනවා...ඇත්ත...වාහන එළවන හුඟාක් අය නීති ගරුක නෑ..

    ඔය ඉරි ඇදලා වෙන වාහන තුනක් යන්න මාවත් තියලා තිබ්බට...සමහර වෙලාවට එක්කෙනෙක් කරන එක වැරැද්දකින්...නිකරුනේ ට්‍රැෆික් ඇතිවෙනවා...

    කොහොමත් ඉතින් ත්‍රී වීල් යන්නෙ එයාලට ඕන විදියටනේ...ආයේ රටේ නීති එයාලට ඕනෙ නෑ... නීති ගරුක රියදුරන් හොයන්න වෙන්නෙ අර මොනාද හොයනවා වගේ තමා...

    හිරුවො ...ඕක ගැන නිඅයම ලිපියක් ලංකා දීපෙ තිබ්බා...මාස කීපයකට කලින් " පැණි වලලු " ලියන ගංගානාත් සර් ලියලා...

    ReplyDelete
    Replies
    1. //කොහොමත් ඉතින් ත්‍රී වීල් යන්නෙ එයාලට ඕන විදියටනේ...ආයේ රටේ නීති එයාලට ඕනෙ නෑ... නීති ගරුක රියදුරන් හොයන්න වෙන්නෙ අර මොනාද හොයනවා වගේ තමා...///

      වැඩක් නෑ කියලා.... හි හි...

      පැණී වළලු මාත් කියවනවා අහුඋන වෙලාවට...

      Delete
    2. පැණි වළලු මාර රහයි. කන්න සහ කියවන්න :)

      Delete
    3. උඹට ඕනද........? පැණි වළලු..............

      Delete
    4. හි හි.... කෑම කිව්වොත් ඉතිං මෙයාලට.....

      Delete
    5. ලිහිණියට හොදා ඉතිං අංකල් ඉන්න කං

      Delete
  20. ඔව් ළිහිනි ඒ ලිපිය මාර රහයි

    ReplyDelete
    Replies
    1. එහෙනං හොයාගෙන බලන්න ඕනේ.. හි හි

      Delete
  21. ලොකුම වරද තමයි පාරේ ලේන් (Lane) වලට ට්‍රෑක් (Track) කියා සිතීම.

    මොකද ට්‍රෑක් තියෙන්නේ කාර් රේසින් පදින තැන්වලයි. ඉතින් ලේන් එකේ රේස් යන්න හදනවා!

    ReplyDelete
    Replies
    1. මළා.... හැබෑ නේන්නං... අනේ කකා සමාවෙන්න ඕනේ.. කොහෙද.. අපේ මහත්තයා පාවිච්චි කරපු වචනෙම මාත් ඇහිල්ලක් බැලිල්ලක් නැතුව දැම්මා...

      හැබැයි ඉතිං කියපු කතාව නං මසුරන්..... අම්මපා අපේ මහත්තයත් “එහෙනං...” කියලා ගියා... හි හි..

      Delete
    2. නෑ නෑ ඔය ලේන් කියන ජාතිය තියෙන්නෙ තව ටික කාලයයි.. ඉස්සරහට ඔක්කොම එන්නෙ ට්‍රැක් වල යන ඒවා විතරයි.. මොනවද අඩුත් කළාලුනෙ.. :-)

      Delete
  22. " මෙදා පාරත් පෝස්ට් එකට සියලුම අනුග්‍රහය අපේ මහත්තයගෙන්.. ෆොටෝ ටිකත් එයාගේ තමා..."

    දැන් එලවන ගමන්ම අයියා ෆොටො ගත්තනම් එතනත් නීතියක් කැඩිලනේ.. වාහන එලවද්දි ඔවුවා කරන්න කියලා නෑනේ.. :)

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ගන්නේ එයාගේ සගයා කපිල හරි මම හරි තමයි දිනේශ්.. අපේ මහත්තයා ‌ෆොන් එකටවත් ආන්සර් කරන්නේ නෑ වාහනේ අයින් කරගන්නේ නැතුව... හි හි.. මං ඉන්නවා නං එයාගේ ෆොන් එක මං ගාව තමා තියෙන්නේ... ඒ තරම් ඒ ගැන අවදානයෙන් තමා එළවන්නේ....

      Delete
  23. අයියෝ දැං ඉස්සරහට ඔය කොට කොට යන වාහන කොයින්ද ? තව මාසෙකින් ඔය පාරවල් ඔක්කොම ලැම්බොගිණි වලින් පිරේවි..
    හයර් යන්න ත්‍රීවීල් වෙනුවට ෆෙරාරි.. හිරූ අක්කිගෙ හබියට පිටරටකදිවත් මෙහෙම සංවර්ධනයක් බලා ගන්න බෑ... :D

    ReplyDelete
    Replies
    1. මාත් ආසයි ලැම්බොගිනි ටැක්සි සර්විස් එකක් පටං ගන්නවනං.. එතකොටවත් මේ ත්‍රීවීල් කරදරේ ඉවර වෙයිනේ.. හි හි..

      Delete
  24. අපෝ පාරෙ යනකොට එපා වෙනවා ඔහොම පාරේ මෑද්දෙ දාගෙන කොට කොට යනකොටනම් .. පාර තමන්ගේ බුදලේ කියලා හිතාගෙන වගේ සමහර අය යන්නේ... හොන් එකෙන් ඉඩ් ඉල්ලුවට දෙන්නෙත් නැහැ..

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++
      :D දීපන්කො එහෙනම් උත්තර :D

      Delete
    2. හි හි.. අපෝ.. ඒ ගැන නම් කුමන කතාද .. නේද චමි... මතකනේ මැච් බැලුවා... හි හි..

      ( ඔය සීන් එක මතක තියෙන කම් උඹට වදේ ගහනවා.... හි හි)

      Delete
    3. හෝර්න් එකෙන් ඉඩ ඉල්ලන එකත් බරපතල වැරැද්දක්..

      Delete
    4. හෝන් නං මළ කරුමයක්...

      Delete
    5. මේක හරි වැඩක්නේ බොලෙ... උබලට මම කුඩුවේ ලැගපු එක අමතක වෙන්නේ නැහැ නේද... (දැන් මම බොන්නේ නැහැ ..ඇල් වතුර බිව්වත් නිවලයි බොන්නේ :D)

      Delete
    6. කොහොම අමතක කරන්නද බං උඹමනේ පත්තරේ දැම්මේ...

      Delete
    7. ඒක නම් අමතක වෙන් නෑ... අමතක උනොත් මතක් කරලා දෙන්නත් ඒනේ තරම් කට්ටිය ඉන්නවා... හි හි..

      Delete
  25. හිරුවෝ පාරෙ කරදරේ හොදටම ලියලා ..අපේ මහත්ත්‍යත් දන්න දේවල්. හිරු මේ ..අර ෆොටෝ එකක් දාලා මේ මනුස්සයා නිසා තමයි අපේ මහත්තයා පැටියගෙ වාහනේ හැප්පුනේ කියන්නේ බ්ලොග් අයියලාට කියලා ඒ මනුස්සයාගේ අඬු කඩන්නද ?

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයගේ මූණ පේන්නේ නැ නේද රතූ.. නැත්තම් මම විනාසයි.. හි හි.

      Delete
  26. හිරුගෙ අවවාදය
    පාරේ සදාචාරය
    නවතමු අනාචාරය
    උදා වේවා ලෝක සාමය :P

    ReplyDelete
    Replies
    1. මොන??

      ලෝක සාමය...?????


      අපෝ.. මං ඒවා ගැන දන් නෑ... හි හි...

      Delete
  27. ඕක ගැන සුද්දෙක් ලියපු එකක් මගේ බ්ලොග් එකේ ඇති.. හැබයි ඔක්කොම නීති කඩන පාරෙ නීතියට යන්න හදන කෙනා නම් අමාරුවේ තමයි, නිවාඩුවට ආවාම මට පලවෙනි දවසෙ එලවිල්ල හොල්මන්. පැයකින් මමත් ශ්‍රී ලාංකික රියදුරෙක් ..

    ReplyDelete
    Replies
    1. හි හි.. අපේ මහත්තයත් ඉස්සර ඔ‌ෙහාම කිය කිය තමා යන්නේ... මුල දවස් වල.. දැං නං එයත් ආයිත් පරණ තත්වෙට ඇවිත්... හි හි...

      Delete
  28. වාහන එලවද්දී විතරක් නොවෙයි හැම තැනකදීම අපේ හැදියාව ඔහොම තමයි. අවුරුදු 30 කට ඉස්සෙල්ල ජිප්සීස් ල සින්දුවක් කිව්වා දැන දැන වැරදි කරනවා එහෙම කරත් නිදහසටත් කියන්නකරුණු තියනවා කියල. ඕව ඔහොම තමයි අපි හැමෝම දන්නවා ලොකු අප්සට් එකක් තියනවා කියල එත් හැමෝම ඒ වැරදි කරනවා.අපි මේවා ලිව්ව්වට විවේචනය කරලා සින්දු කිව්වට මොන බන කිව්වත් ඕව වෙනස් වෙන්නේ නෑ.කියල දීල කරුණු පෙන්වල සමුහයකගේ හැදියාව වෙනස් කරන්න බෑ. තමන්නට තමන් වෙනස් කරන්න පුළුවන් ඒ වගේම වෙනස් විදියකට මේ දේවල් කරාම වඩා වාසි සහගතයි කියන එක ඇඟට දැනෙන්න ඕන. පිලිවලකට වාහන එලෙව්වම අවුල් සහගතව යනවට වඩා වැඩි වාසියක් ලැබෙනවානම් කවුරුත් හරියට එලවාවී.ලංකාවේ නම් සුළු වැරද්දකටත් මිල අධික දඩ ගහන එක තමයි ප්‍රයෝගික විසදුම. එතකොට නීතියට එලවන එක වාසි නිසා කවුරුත් හරියට යයි.

    ReplyDelete
    Replies
    1. ///ලංකාවේ නම් සුළු වැරද්දකටත් මිල අධික දඩ ගහන එක තමයි ප්‍රයෝගික විසදුම//

      මාත් හිතන්නේ මේක තමයි හොඳම විසඳුම කියලා උදිත... හැබැයි හැම වාහනේටම එක විදියට සලකන්න ඕනේ.. හයිෆයි වාහන වලට එක විදියකටත්, පොඩි වාහන වලට තව විදියකටත් සලකන්න බෑ.... පොලිස් කාරයන්ගේ පගා ගැහිල්ලත් නවත්තන්න ඕනේ....

      අර ළකුණු දෙන ක්‍රමේ ආවත් හොඳයි... වැරැද්ද කැමරා වලට අහු වෙල තිබනොත් දඩයක් කාලා නැත්තම් පස්සේ හරි දඩ ගහන්න ඕනේ... ළකුණු කපන්න ඕනේ..

      Delete
    2. ඒ වුනාට අපේ රටේ කොච්චර හොඳ නීති ගෙනාවත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ අනිත් පැත්තට නේ..

      Delete
    3. පොලිස් මාමල ජරාව කනකන් දඩ කීයක් උනත් වැඩක් වෙන එකක් නෑ.

      Delete
    4. ඔව්.. ඒක තමයි මුලින්ම නවත්තන්න ඕනේ..

      ඒත් අ‌ෙන් මන්දා... මට හිතෙනවා අපේ උන්දැලා කොච්චර දඩ වැඩි කළත් ගනන් ගනීද කියලා... ඇයි ඉතිං.. කොච්චර ගණං වැඩි කළත් සිගරට් බොන එක නවත්තන්නේත් නෑ... බොන එක නවත්තන්නෙත් නෑ.... දඩේ ගෙවලා ගෙදර ආවම ඒකේ පාඩුවත් පිරිමහන්න වෙන්නේ ළමයින්ටයි ගෑණුන්ටයි තමයි....

      Delete
    5. අම්මපා මසුරං කතාව.....

      Delete
  29. අපේ රටේ කිසිම විනයක් නෑ කියලා විදේශිකයින්ට පෙන්වන කැඩපතක්...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ.. පාරට බැස්සම සායම ඉවරයි...

      Delete
  30. මොනා නැතත් හිරු අක්කා නියම ෆොටෝ ෂූට් එකක් කරලා තියෙනවා :D

    ReplyDelete
    Replies
    1. ඔය ෆොටෝ වැඩි හරියක් කපිලගේ තමා.... මං ගත්ත ඒවා පළ කරන්න තව කල් ඉන්න වෙනවා.. හි හි...

      Delete
    2. me aluth sinduwak thiyenawa neda
      " mata oba witharayi ona ..................... """
      onna ohoma pada thiyena...
      eke mula hoyala dennako kawru hari...

      Delete
    3. අනේ මන්දා බං... මට නං එහෙම එකක් ඔලුවට එන්නෙම නෑ..... කොහොමත් අලුත් සින්දු මං අහන්නේ අවුරුද්දක් විතර පරණ උනාම... හි හි...

      Delete
    4. ශාන් යාළුවා උඹ වැරදි කෙනාගෙන්නේ අහලා තියෙන්නේ .... ඔය කියන්නේ

      ඇස් ආදරෙන් පුරෝනා
      සිත පාළුවෙන් ගලෝනා
      ඔබ මගෙම වෙන්න ඕනා
      මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ...
      මාහදවතින්ම උමතුවී තිබේ

      කියන සිංදුවද.....! පුරස්නයක් අහන කොට නිවැරදි තැනට යොමු කිරීමත් වැදගත්.......

      Delete
  31. එහා ගෙදර මල්ලි දානවා හරි ලස්සනයි ඒක
    මුල හොයා ගන්න බැහැ ..

    ReplyDelete
  32. පින්තූරු ටිකත් එක්කම විස්තරේ දාල තියන නිසා හොඳට හිතට වැදෙනවා... අනේ මන්දා අපේ රටේ මිනිස්සු කවදා පාරේ යන්න ඉගෙන ගනීවිද කියලා... මේක දැක්කම කට්ටිය දැන් නම් මාර්ඝ නීති කඩන්න බයවෙයි කොයි මොහොතේ හරි හිරුවාගේ පැපරාසි කැමරාවට වැදිලා බ්ලොගේ පින්තූරයක් වැටේය කියලා

    ReplyDelete
    Replies
    1. ලේසියෙන් නම් මේවා හැදෙන්‌ෙන් නෑ තොටියෝ.. හැබෑයි ඊළඟ පාර නොම්මරත් එක්කම කට්ටියගේ මූණවල් දානවා කියලා තර්ජනය කළොත්වත් හැදෙයිද දන් නෑ.. හි හි....

      Delete
  33. අපේ සත්තලනුත් පහුගිය ටිකේ වැකේෂන් ඇවිත් හිටියනේ හිරූ !මායි එයයි බයික් එකේ ඇහැලියගොඩ ටවුන් එක මැද්දේ වැටුණා ,ඔය හරකෙක් වගේ ඩ්‍රයිවින් කරපු මිනිහෙක් හින්දා .එතන වාහන බ්ලොක් වෙලා තිබ්බේ .අපිත් හෙමින් ගියේ ඉතිං ,මෙන්න එකපාරටම රෝන් සයිඩ් එකෙන් ත්‍රීවිල් එකක් ඉස්සර කළා .බයික් එකේ සයිඩ් එකෙන් වැදිලා කන්ට්‍රෝල් නැතුව වැටුණා ,මට නම් තුවාල නෑ ,අපේ සත්තලන්ගේ දනිස්ස බිම ඇතිල්ලිලා තුවාලයි :( අර ත්‍රීවිල් කාරය පැත්ත වත් නොබලා ගියා .දෙනෝ දාහක් හිටියත් කවුරුවත් අපිව නැගිට්ටවන්නවත් ආවේ නෑ !අර වීල් එක නවත්තගත්තෙත් නෑ ,අපේ සත්තලන් පස්සෙන් ගියා .එතකොට අපි පරක්කු වැඩියි .ඌ අතුරු පාරකින් මාරු වෙලා .අපේ සත්තලනුත් පිට රට හොඳ කියා කියා අපේ රටේ මී හරකුන්ට බැන බැන හිටියේ !:/අර ඩ්‍රයිවර්ටයි මිනිස්සුන්ටයි
    :/

    ReplyDelete
    Replies
    1. අපොයි... ඔය වග් වැඩක් අපි දෙන්නා බඳින්න කලිනුත් උනා අප්පා.. ටවුන් එක මැද්දෙම හැප්පුවා නේද ත්‍රීවීල් එකක්.. හොඳ වෙලාවට අපි එදා කාරෙකේ....

      ත්‍රීවීල් නම් මහ වසංගතයක් අප්පා....

      Delete

  34. මාරයාගේ එකේ කමෙන්ට් 200 එහාට පේන්නේ නැහැනේ මට .... :(

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙත් නෑ අනේ....

      Delete
  35. රැල්ලට යන්න ඕනේ .තමන් කොච්චර නීති ගරුක යන්න හැදුවත් වැඩි වෙලා ඒ දේ කරන්න බැහැ. පාරේ යද්දී අළුත් කුණුහරුප ටිකක් ඉගන ගෙන යන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ///පාරේ යද්දී අළුත් කුණුහරුප ටිකක් ඉගන ගෙන යන්න ඕනේ..///

      ඒකත් විභාගෙටම ලියෙව්වනං හොදයි කියලා හිතෙනවා... හි හි...

      Delete
  36. මට නං තේරෙන්නේ නැත්තේ හිරු ඇයි මේ තරං මිනිස්සු නොසන්සුන් වෙන්නේ කියල රිය ධාවනයේදි. ඇත්තටම කිසිම ගුණගරුක බවක් නෑ. දෙපාරක් විතර හෙඩ් ලයිට් වැදුනොත් පොඩ්ඩක් අවධානෙන් යනවා. කොටනව කියන එක හොදයි පැත්තකට වෙලා කරනවනං. අර ප්‍රාඩො කාරය බොරු ෂෝ දාන්නේ... මම නං පුතේ අම්ම මුත්තේ කිව්වත් මට යන්න බැරිනං මොකා කිව්වත් යන්නේ නෑ. මමත් අර ජපන් ක්‍රමයට තමා හුරු වෙලා ඉන්නේ. බ්‍රේක් ගහන්නේ හදිසියකට විතරයි. මම සාමාන්‍ය වේගෙන් ගියත් අර ඇරල යන උන්ට වඩා ඕනනං විනාඩි දෙක තුනක් පරක්කු වෙයි.. හොද පෝස්ට්කටුවක්..

    ReplyDelete
    Replies
    1. හම්ම්.... අපේ කට්ටිය සෝබනේටයත් කරන්නේ ජපන්නු අනුකරණය කරන එකනේ... හොඳක් වෙනවා නං කාගේ විදිය හරි කමක් නෑ... හි හි

      Delete
    2. මොකද්ද බොල සෝබනේ. මං වෙලාවක තෝයි අපේ මහත්තයවයි දාගෙන ගිහිල්ල පෙන්නනවා අධි වේගෙ යන්නෙ නැතිව පාරෙ යන ක්රමය.. හැක්.. ආවා මෙතන... තව කස්ටිය ඉන්නවනං එන්ට කියාපල්ලා..

      Delete
  37. තිතටම ලියලා . හිරු අහල තියේද අවස්ථාවාදී රෝග වාහකයින් මෙයත් එවැනි දෙයක් . හරියට එදිනෙදා ජීවිතේදී කොට කලිසමක් අඳින්න අවස්තාව නැති කෙල්ලෝ ට්‍රිප් එකක් ගියහම ඕවා ඇඳගෙන ජොලියේ ඉන්නේ . ඒවගේ සමහර බැක්ටීරියා හෙම වැඩි කන්ට්‍රෝල් එකක් නැති තැන ලෙඩ හදනවා . පිටරට වල හොඳට එලවන අය ආපසු ආවහම පරණ පුරුදු මතු වන්නේ අන්න එහෙමයි . මේක අපේ ඒරියා එක කියන කික් එක අනෙක් හේතුව . සිංගප්පුරුවේ වගේ අහුවුනොත් කෙලින්ම දඩ . පාරේ කුණු දැම්මොත් දඬුවම් සමාජ සේවය ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙහෙත් දෙන්න තියෙන්නේ දඩ ගෙවන සිස්ටම් එක්ක නෙවෙයි.. ඔය සමාජ සේවා වගේ දඬුවම්.... පාරවල් අතුගාන්න එහෙම ... මඟ ඇරලා යන්න බැරි වෙන්න ඒවා දුන්න නම් නිකම්ම හැදෙයි.... හි හි...

      Delete
  38. “ මෙහෙ වාහන එළවන්නේ මිනිස්සු යෑ... හරක්නේ.. මුන් එක්ක පාරේ වාහන එළවන්න බෑ මෙහෙම නැතුව....”

    හරියටම හරි මේ කතාව අපි ඩ්‍රයිවින් කරන්නේ හරි නීතියට. 3 විල් කාරයි බයික් කාරයෝ මට පේන්න බැහැ පාරේදී. මම මට අවුලක් කලොත් ආයේ අනිවා දෙනවා රිටන් එක

    ReplyDelete
    Replies
    1. හි හි... ඔයා වාහන එලොපු හැටිත් මතක් වෙනවා කොල්ලො.. හි හි...

      Delete
    2. හා..... හා...... කට..... කට..... මිනිස්සු දැනගත්තොත් කෝරලේ පට්ටමත් ඉවරයි. :D

      Delete
  39. @ Sarath ChandrasiriDecember 2, 2012 11:22 PM

    ශාන් යාළුවා උඹ වැරදි කෙනාගෙන්නේ අහලා තියෙන්නේ .... ඔය කියන්නේ

    ඇස් ආදරෙන් පුරෝනා
    සිත පාළුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ...
    මාහදවතින්ම උමතුවී තිබේ

    කියන සිංදුවද.....! පුරස්නයක් අහන කොට නිවැරදි තැනට යොමු කිරීමත් වැදගත්.......


    ******************************************************************
    හප්පේ ඔව් ඔව් මේක තමා ...
    ස්තූතියි යාළුවා ලොකුම ලොකු උදව්වක් ...
    හිරු ඔයත් අහල බලන්නකෝ හරිම ලස්සන
    melody එකක් ...
    ස්තූතියි ආයෙම මේක හොයල දුන්නට යාළුවා...


    ඇත්ත හරි තැනට යොමු නොවුනොත් ඒ වෙන පොඩි
    වැරැද්ද ඇති ජීවිතේම නවත්තන්න යාළුවා...


    හිස් මුදුනින් බාරව
    පිළිගනීම් හිස් නමා
    නමුදු එක් කරනට
    නැත ඉඩක් හිස් ඉතුරුව
    අහෝ රන් පත් ඇත
    වියලුනු වියරුව
    මල් පෙති මත
    ලියූ කවිය ඇත
    පොත අග ඉවරව!

    ReplyDelete
    Replies
    1. මට නම් ලවු තිත්ත වෙලා ඉන්නේ... ඔය ඔක්කොම බොරු කතා විතරයි... ඕවා නම් අහන්න හිතෙන්නෙම නෑ දැං අවුරදු ගානක් තිස්සේ.. හි හි.. ඔයාලා අහන්නකෝ....

      Delete
  40. ලව් අමතක කරලා සින්දුව අහන්නකො...
    3mb ..කොහොමත් page 3,4 open කරද්දී
    ඊට වඩා යනවනේ දරුවෝ....
    ලෝබ නොවී බාන්න බාන්න ..

    ReplyDelete
  41. හිරූ,
    අර ඩිමො බට්ටොන්ට බැනලා නෑනේ. උන් ඉස්සරහින් එනකොට නම් උන්ගේ අම්මාව සිහිවෙනවා

    ReplyDelete
    Replies
    1. ඩිමෝ බට්ටන්ගෙන් තියන කරදරේ මොකද්ද... අපේ මහත්තයා එහෙම එක්ක කිව්වේ නෑ නේ...

      Delete
    2. හෙඩ් එක මූණටම වදිනව dr..
      මටත් රෑට ඩිමෝ බට්ටො නම්
      පුදුම වදයක්. 18 මාසෙකට හිරේ
      තපින්න තලල දාන්න හිතෙනවා
      ඩිමෝ බට්ටෙක්ව වෙලාවක ..

      Delete
  42. ඇයි අමතකවුනාද හෙඩ් ලයිට් ගහගෙන යන එක.
    වාහනයක් ඉස්සරහට එනකොට සහ වාහනයක් පසුපසින් යනකොට හෙඩ් ලයිට් ගහගෙන යන්නේ වසලයෝය.
    හොඩ් ලයිට් දෙකක්ම තියන ත්‍රී වීල් කාරයෝ සහ ඩිමෝ බට්ටෝ එළවගෙන යන අය වැඩි හරියක්ම එම ගණයට අයිතියි. අර තඩි වාහන එළවන එවුන් ඔක්කොම වගේ වසලයෝ.

    ReplyDelete
    Replies
    1. හෙඩ් ලයිට් අපේ මහත්තයට අමතක වෙලාද කොහෙද.. හි හි...

      මෙහෙම බලනකොට ඔක්කොම වසලයෝනේ ... හි හි..

      Delete
  43. ලංකාවෙ මාර්ග නිති කාටත් පොදු වුනත් ඒකෙ සැලකිල්ල වාහනයේ තත්වය සහ වර්ගය අනුවයි. කාටවත් බැනල වැඩක් නෑ මේවා චින්තනයෙන්ම ක්‍රියාත්මක කළ යුතු දේවල්.

    හැබැයි මෙහෙම වාහන පදවන අය විදේශ රටක වාහනයක් පැදෙව්වොත් හරියටම අකුරටම නිතියටම වාහන පදවනවා. ඒනිසා මේක නොදන්නා කම නෙවෙයි නොසැළකිල්ල.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දයානන්ද අයියේ මාත් කියන්නේ.. ඒත් මෙයාලට නිදහසට කරුණු මහ ගොඩක් තියෙනවනේ... හි හි

      Delete
  44. මං මේක දැක්කෙ දැන්නෙ. මට මේකට එකතු කරන්න දේවල් තිබ්බත් අනිත් කමෙන්ට් දිහා බැලුවාම ඒ අදහස අතහැරියා. නමුත් හිරූගෙ මාතෘකාවෙන් මතුකරලා තියෙන කාරණාවට උත්තරයක් දෙන්නම්.
    මෙන්න එකම උදාහරණයක්. හැම තිස්සෙම ඉස්සරහින් යන වාහනේ සහ තමන්ගෙ වාහනේ අතර පරතරයක් තියාගන්න ඕනෙ යන වේගයට සාපේක්ෂව. නමුත් ඕක කරන්න බැරි අනිත් උන් ඇවිත් ඔය ගැප් එකට රිංගන නිසයි. ඉතින්???

    මම "හැකි හැම විටම" මාර්ග නීති පිළිපදිනවා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියා ෂේප්ම උත්තරේ හොයාගෙන.. හි හි... හැකි හැම විටම....

      Delete
  45. ඉතාම වටිනා පොස්ට් එකක්. මම ලංකාවේ ඉන්ජ්නේරුවරයෙක් විසින් සම්පාදිත "මහමගට පන්සිල්" කියල පොතක් කියෙව්වා ටික කාලෙකට කලින්. ඒකෙන් විස්තර කරනවා අනතුරු අඩුවෙන්, මද වේගයෙන් වාහන එලවන විදිය. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නැතිව මොනවා දියුණු වුනත් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ප්‍රශ්නෙ.. මෙයාලගේ ආකල්ප වෙනස් කරන්න මකලා හදන්න වෙනවා.... හි හි

      Delete
    2. ලංකාවෙ රෑට වාහන එලවනකොට වෙන ජරාම වැඩේ තමයි ඉස්සරහින් එන වාහනේ හෙඩ්ලයිට් ඩිම් කරන්නෙ නැති එකයි පිටිපස්සෙන් එන එකා හෙඩ් ලයිට් ගහගෙන එන එකයි. ඉස්සරහින් එන එකාට අඩුගානෙ ඩිම් කරපිය කියල සිග්නල් එකක්වත් දෙන්න පුලුවන්. නැත්නම් අපිත් ඩිම් නොකර යන්න පුලුවන්. ඒත් පිටිපස්සෙන් එන එකා හෙඩ් ලයිට් ගහගෙන එනකොට ඒක අපේ මූනටම වදිනව සයිඩ් මිරර් වලින්. ඒක මාරම අමාරුයි. වෙන රටවල් වල නම් වාහනයක් ඉස්සරහින් යනවනම් හෙඩ් ලයිට් ගහන්න තහනම්. අපේ බූරුවොද ඔව්ව දන්නේ.

      Delete
    3. ඒකනේ...
      බූරුවෝ.. හරක්.... අනේ මන්දා.. අපේ රටේ වැඩිපුර වාහන එළවන්‌ෙන් කකුල් හතරේ සත්තු... හි හි....

      Delete
    4. මොන උනත් ලංකාවේ යන්ද ඕනේ ලංකාවේ විදියට තම.හැබය් 200% තමුන්ගේ සහ යන අයගේ ආරක්ෂාව, ජීවිත තමුන්ගේ අතේ කියන එක ඔලුවේ තියාගන යන්ද ඕනේ.මමත් දැනට ලංකාවේ නම් 140KMPH වගේ උපරිමයකටත් , 250+ KMPH වගේ උපරිමයකට ඇමරිකාවේදී ත් ගිහින් තියනවා.හබි ආරක්ෂාව, වගකීමක් ඇතුව.;දැන් නම් ඉතින් සමයෙන් 90 වගේ තමා .නැත්තන් තෙල් කරන නේ අප්පා..ඔන්න කියන්ඩ ඕනේ high speed දැනට 2පරක් අල්ලා තියනවා .එකට් මේ 71ට 78 ට ගිහින්.හොඳේ...මාර්ග නීති අනුගමනය සහ, පරික්ෂාකාරී බව වාහන එලවද්දී ඔලුවේ ටියගන්ඩ .එකී මගේ අවවාදය..ජයවේවා...

      Delete
  46. කියන්න දෙයක් නෑ කතාව ඇත්ත. මේ තියෙන්නෙ සාක්කි...!
    මෙවැන්නන්ට කුමක් කරමුද...?

    කාට කියන්නද මේ අවනඩුව....?

    ReplyDelete