Sunday, December 16, 2012

2012ත් ඉවර වෙන්න කිට්ටුයි.......


අප්පා.. කැලැන්ඩර් කොන්ත්‍රාත් එක ඉවරයි... ඔන්න අන්තිම ටික අරං ගියා... දැන් තමයි හුස්ම ටිකක් ගත්තේ...  හි හි... 

දැං ඉතිං පරණ පෝස්ට් ඔක්කොම කියව කියව ඉන්න ගමන් කල්පනා කළේ ලියන්න දෙයක් නැති වෙන්න තරම් මම හිදුනේ කොහොමද කියලා... හැබෑට... කියන්න තියෙන ඒවා ඒ ඒ ‌පෝස්ට් වල කමෙන්ට් තීරුවේ මාගල් වගේ දාන නිසා මගේ එකේ ලියන්න දෙයක් ඉතුරු වෙයි යෑ.. හි හි... 

කල්පනා කර කර ඉන්නකොට හිතුනේ මේ විකර කර කර ඉන්නේ නැතුව මේ ගේ පොඩ්ඩක් අස් කරලා දාන්න ඕනේ කියලා.. ඇයි දෙයිය‌ෙන් ජනවාරි පළවෙනිදාවක් එනවා නේද.... ගෑණියෙක් උනාම ගෙවල් දොරවල් අස් පස් කරලා තියාගන්න එපැයි... ගිය ටිකේම ගේ පුරාම කැලැන්ඩර් වපුරලා තිබ්බේ... අපේ මහත්තයත් දන්නවා මට ඔය වගේ වැඩක් කරද්දි ගේ වනසන්නේ නැතුව කරන්න බෑ කියලා... ඒක නිසා පහුගිය ටිකේම කොළ ගොඩවල් උඩින් පැන පැන ගියා මිසක් වචනෙකින්වත් මේ ගෙයි හැටි බලපං ගෑණීයේ.. කිව්වේ නෑ... ඉතිං මං පටං ගත්තා වැඩේ... අප්පා.. ඒක අස් කිරිල්ලක්ම තමයි.... ... 

බිම පුරාම ඉටි කොල..කොළ කෑලි..  ඒ මදිවට ගම් ගෑවිලා ඇලවිලා.... රබර් පටි... ස්ටෙප්ලර් පින්ස්.. ඒ අස්සට අපේ මහත්තයා එයාගේ වැඩ වලට අරන්, කපලා දාපු වයර් කෑලිත් තියෙනවා... යකඩෝ.. අපි දෙන්න ඉඳලා මෙහෙම නම්... පොඩි එකෙක් දෙන්නෙක් හිටියා නම් මට දෙයියන්ගේ පිහිටයි.... 

ලොකුම කරදරේ මකුළු දැල්.. සතියයි අත තියන්න බැරි උනේ... ගේ පුරාම මකුළු දැල්.. මකුළු දැල් කැඩිල්ල කියන්නෙ මට බොහොම ලොකුවට අසනීප වෙන වැඩක් තමයි.. ඒත් ඉතිං අපේ මහත්තයව අල්ලගන්නත් බැරි එකේ මමම සුද්ධ කළා... 

ගෙදර ඉන්න කාලේ මොනවට හරි ගේ අස් කරනකොට හැමදාම අම්මටයි මටයි හැදෙනවා බරපතල හෙම්බිරිස්සවක්.. කොච්චර නහය බැඳගෙන කළත් වැඩක් නෑ.. මම හොයාගත්ත විදියට ඕකට තියෙන එකම බේත මකුළු දැල් කඩලා අතුගාලා දැම්ම ගමන් දුවලා ගිහින් හොඳට නා ගන්න එක... මට බේත් බොන එක තරම් එපා කරපු වැඩක් තව නැති එකත් එක හේතුවක්..

ඉතිං ඕන්න නාලා කරලා ඇවිත් ඉඳගත්තා මේක ලියන්න... 

මේ දවස්වල හැම එකේම සේල්... අපේ මහත්තයා මාසෙකට විතර කලින් කොහෙන්දෝ මන්දා ලීෆ්ලට් එක්ක උස්සන් ඇවිත් බලලා මාව ඇඳගෙන ගියා ලී බඩු බලන්න.. මේසෙකුයි පුටු ටිකකුයි ගන්න ලොකු උවමනාවක් තිබ්බට ඕක කරගන්න එකපාරටම යට කරන්න තරම් සල්ලියක් නෑ නේ... ඒත් ගිහින් බැලුවාම හිතෙන්නේම මේ රබර් ලී වලට මෙච්චර සල්ලි දෙන්නෙ නැතුව මොරටුවෙන් හදා ගන්න එක හොඳයි කියලා.. ( මට ඔය කැටයම්, බෝල බෝල එහෙම තියෙන ලී බඩු පේන්න බෑ... ඒක නිසා ඉතිං මොරටුවෙන් ගන්නවා නම් හදවලම ගන්න වෙනවා..) අනිත් එක ක්‍රෙඩිට් කාඩ් වලට අරගන්නත් අපිට ක්‍රෙඩිට් කාඩ් තියෙනවයැ... ඒක නිසා ඒ වැඩේ අතෑරලා දැම්මා... 

අර ඊයේ පෙරෙදා හැම තැනම ප්‍රචාරය වෙච්ච අකිල විරාජ් කාරියවසම් ගේ කතාව මතක් වෙනවා... 

පෝසත් අයට ප්‍රශ්නයක් නෑ... දුප්පත් මිනිස්සුන්ට කාගෙන් හරි ඉල්ලගන්න පුළුවන්... මැද ඉන්න අය තමයි වැඩිපුර දුක් විඳින්නේ...

ඇත්තනේ කතාව..  අපි අම්මලා තාත්තලගේ පවුල් වල තත්වය රැකගන්නත් ඕනේ... නම්බුකාරව ජීවත් වෙන්නත් ඕනේ.. කන්න බොන්නත් ඕනේ.. අනාගතේ ගැන හිතන්නත් ඕනේ... 

මේ තියෙන හැටියට රස්සාවල් කරලා නම් අනාගතයක් ගැන හිතන්න අමාරුයි කියලා තේරෙනවා.. පොඩියට හරි කෙරෙන මගේ වැඩෙන් හම්බුවෙන කීය හරි ඉතුර කරන්න දඟලනවා... හිතලා බලනකොට අපි ජීවත් වෙනවට වඩා ජීවිතේ විඳවනවා... 

මේ ඔක්කොම ප්‍රශ්න එක්ක කාලයත් හරි ඉක්මණට ගෙවිලා යනවා... ලෝක විනාසේ උනේ නැත්තම් තවත් අලුත් අවුරුද්දක් එනවා.. අපි  එදාට කිරිබත් කාලා ආයිත් පරණ පුරුදු ජීවිතේටම වැටෙනවා.. 

117 comments:

  1. Replies
    1. හි හි.. වෙනි අන්කල් අද පළවෙනියටම ඇවිල්ලා....

      Delete
  2. ලෝකේ විනාස වෙනවා නං හොඳයි.., මම මේ බලං ඉන්නේ ඒක වෙනකං.., කරදරයක්.., හිත රිද්දන සැලසුම් නෑ, අහස උසට ප්ලෑනුත් නෑ.., තව සතියෙන් බඩු කරස් උනා නම් දෙයියනේ කියලා කිසීම අවුලක් නෑ..!

    අමතක කරන්න එපා, අවසානයක් කියන්නේ ආරම්භයක මුල කියලා..! :)

    ReplyDelete
    Replies
    1. මට නම් ලෝකේ විනාස වෙන්න එපා.. ආයිත් මුල ඉඳලා පටන් ගන්න බෑ... හි හි

      Delete
  3. අපි බොහොමයක්ගෙ කතාව ඕකයි... මමනම් හැමවෙලේම උත්සහ කරන්නෙ පොලවෙ පය ගහලා ඉන්න. එතකොට කරදර අඩුයි..

    ReplyDelete
    Replies
    1. අපි හිතනවට වඩා පොළවේ පය ගහලා ඉන්න එක ආමරුයි සෙන්නා...

      Delete
  4. පැත්තකට වෙලා හිතන්න ඕන හිරු...
    ඉන්නකෝ ටිකක් ..

    ReplyDelete
    Replies
    1. හා හා.. හිතන්නකෝ එහෙනං... හි හි

      Delete
  5. මධ්‍යම පංතිය=දුක්විදින පංතියනේ?
    අනික ඔයා කියපු එක ඇත්ත. මොකද නම්බුවත් රැකගෙන ඉස්සරහටත් කීයක් හරි ඉතුර කරන්න මේ අධ්‍යාපන ක්‍රමේයි සමාජ ක්‍රමේයි එක්ක අමාරුයි.. මටනං මේ ඉගැනිල්ල එපා වෙලා තියෙන්නෙ.. හරියට ඇදුමක් අදින්න නෑ.. ගමනක් බිමනක් යන්න නෑ.. සතේ ඉඳන් වියදන් වෙනව මිසක් ආදායමක් නෑ.. ඒත් ඉතිං කවදා හරි ලොක්කෙක් වෙලා වත් ෆන් එකේ ඉන්නව කියල හිත හදාගෙන ඉන්නව.. ඒත් දැං ඕන දේවල් එදාට වැඩක් යෑ...

    ReplyDelete
    Replies
    1. ///ඒත් ඉතිං කවදා හරි ලොක්කෙක් වෙලා වත් ෆන් එකේ ඉන්නව කියල හිත හදාගෙන ඉන්නව//

      හි හි.. මාත් හිතුවා.. ඒත් දැං බලනකෙට හිටිය විදිය හොදයි වගේ...

      Delete
  6. මොන ඉතුරුවක්ද අනේ, ගෙදරින් හම්බවෙන එක කාලා බීලත් මට මගේ වියදම් ටික පියවගන්න බෑ, හැබැයි ඉතිං කීය හම්බුනත් ඕකම තමා සෙතේ, ආදායමට සාපේක්‍ෂව වියදම. පහුගිය කාලෙ මට දැනට වඩා වැඩිපුර ගානක් අතට ආවා, ඒ දවස්වල ඒක හැරෙන්නත් මදි, දැන් හම්බෙන ගාන ඊට වඩා අඩු වෙලත් කොහොම හරි රෝල පෙරලනව.

    ෴ බිම පුරාම ඉටි කොල..කොළ කෑලි.. ඒ මදිවට ගම් ගෑවිලා ඇලවිලා.... රබර් පටි... ස්ටෙප්ලර් පින්ස්.. ඒ අස්සට අපේ මහත්තයා එයාගේ වැඩ වලට අරන්, කපලා දාපු වයර් කෑලිත් තියෙනවා... යකඩෝ.. අපි දෙන්න ඉඳලා මෙහෙම නම්... පොඩි එකෙක් දෙන්නෙක් හිටියා නම් මට දෙයියන්ගේ පිහිටයි.... ෴

    අමුතුවෙන් පොඩි එවුන් මක්කටෙයි, කියපු හැටියට ඉන්න දෙක මැදෑ. හි හි ..

    අපේ ගෙදරත් අක්කගෙ ළමයි ටික ආවම ඔහොම තමා, කොච්චර අස්කරත් ඉවරයක් නෑ, එපා වෙනව, දැන් ටිකකට කලිනුත් මම කෑ ගහල එලෙව්ව එළියට උන්ව, ගේ ඇතුලෙ තියන් සරුංගලයක් අලවල, ගම් පාර බිම හිටිනව වේලුනාම. ඒ වුනාට මට නම් ඉන්න තැන හැඩි උනාම මහ විකාරයි, ඒ නිසා අනිත් උන්ට ඕන්නැත්නම් මට මොකද කියල ගේ අස්කිරීම පැත්තක තියෙද්දි දැන් මම කරන්නෙ හුඟක් දුරට මගේ කාමරේ විතරක් පිළිවෙලට තියන් ඉන්න එක. (මකුළු දැල් කඩල ශුද්ධකළාම කිවිසුම් යන ලෙඩේ මටත් තියෙනව, මම හිතන්නෙ හැමෝටම එහෙමයි, දූවිල්ලනේ)

    අවුරුද්ද නම් ඉවරයි තමා, කොහෙන් ගියාද මන්ද, පුදුම ඉක්මනට කාලෙ යන්නෙ, මම නම් ආසාවෙන් ඉන්නෙ කිරිබත් කෑල්ලක් කන්න අළුත් අවුරුද්ද එනකන්, අම්මට කිව්වට නිකන් දවස්වලට හදන්නෙ නෑ, සෙමට හොඳ නෑ කියල. මම කිරිබත් පෙරේතයෙක්, වැඩියම කැමති බුරි උල්වෙන්න කාලා කාලා පස්ස උඩදාන් නිදියගන්න. :)

    දැන් ඔය හැදුවය කිව්ව කැලැන්ඩරේ කපල අලවල කරල නේද හැදුවය කිව්වෙ, නිෂ්පාදන පියවරයන් ඡායාරූප සහිතව පෝස්ටුවක් ඉදිරියට එනවද අපිටත් හැඩ බලන්න. මමත් හරි කැමතියි හස්තකර්මාන්තවලට. :) :)

    ReplyDelete
    Replies
    1. /*ගෙදරින් හම්බවෙන එක කාලා බීලත් මට මගේ වියදම් ටික පියවගන්න බෑ,*/ බොහොම බරපතල තත්ත්වයක් මචෝ... කෝස් කටින් කරපන් ඉක්මනටම...

      Delete
    2. කැලැන්ඩරේ ඇවිල්ලා ගාමන්ට් වල වගේ මට හම්බුනේ එක එක කෑලි නේ හදන්න.. ඒක නිසා මම තාම දැක්කෙවත් නෑ සම්පූර්ණ එක.. හි හි

      මම නම් වැඩක් ඔය වගේ වැඩක් කරන්න ගියාම වනසනවා.. හැබැයි උයන්න ගියාම නම් හොඳටම පිළීවෙලට කරනවා.. හි හි

      කෝස් කටින් කිව්වම මතක් උනේ.. කොස් ගෙඩියක් තියෙනවා දෙන්න ඕනේ වැඩේ.. හි හි

      Delete
  7. හැමෝටම ඔහොම තමයි අක්කෝ ....කරන්න දේවල් ගොඩා ...................යි ...සල්ලි තමයි ප්‍රශ්නේ ...අලුත් අවුරුද්දනම් අනේ මන්දා
    :)

    ReplyDelete
    Replies
    1. සල්ලි කියන්නේ කරුමයක් නඟා....

      Delete
  8. අපිටත් කියන්න තියෙන්නේ ජනවාරි පළවෙනිදට කිරිබත් කෑල්ලක්‌ කාල පරන විදිහටම ඉන්නවා කියන එක තමයි ......

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. හි හි

      Delete
  9. හපොයි...මටත් ඔය සේතේම තමා මකුළු දැල් කැඩුවහම.... අපෝ... එපා වෙනවා....
    ඒ වගේම තමා මාත් අකමැතිම දෙයක් තමා බේත් බොන එක......ඊඊඊඊක්..... මතක් වෙනකොටත් අප්පිරියයි......

    අනේ මං නම් කැමතියි මේ අවුරුද්ද ඉක්මනින්ම ඉවර වෙනවනම්. ඒ තරම් එපා කරපු අවුරුද්දක් වුනා මට මේ අවුරුද්ද...... :( හැබැයි ඉතිං ලබන අවුරුද්දත් කොහොම වෙයිද දන්නේ නෑ....හික්

    ReplyDelete
    Replies
    1. ලබන අවුරුද්ද සමනලීට සුබ වේවා කියලා ඔන්න මම පතනවා එහෙනං.. හි හි

      Delete
  10. කියන්න තියෙන ඔක්කොම උබම කියලදාලා... අපිට කියන්න දෙයක් ඉතුරු කරල නෑනේ....
    ඇත්ත හිරුවෝ අපි හැමදාම කරන්නේ හෙට සැප විඳින්න කියල හිතාගෙන අද දුක් විඳින එක.. ඒ හෙටත් ඉතින් ගණ දෙයියන්ගේ බඩේ හෙනහුරා ලිව්ව හෙටම තමා...හැමදාම දුකම තමා.. දරුවෙක් මල්ලෙක් හම්බ උනාහම අපේ කාලේ ඉවරයි මුන්ටවත් අනාගතයක් හදල දෙන්න ඔනේ කියලා නැහෙනවා.. ඒත් උන්ටත් එච්චර තමයි... අපේ හිතුත් ඉතින් කොච්චර ලැබුනත් ඇතිවීමක් කියල දෙයක් දන්නේ නැති හින්දා ඔහේ දුවන්නන් වාලේ අපිත් දුවනවා..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මීයෝ... ඇති වීමක් කෙසේවෙතත් අත්‍යවශ්‍ය දේවල් ටික කරගන්නවත් පුළුවන් නම්...

      Delete
    2. අවශ්‍යතා තෘප්තිමත් වෙනකොට උවමනා අවශ්‍යතා බවට පත් වෙනවා හිරුවෝ... එකයි සීන් කෝන් එක.. නැත්තම් රු 10000 නුත් මිනිස්සු ජීවත් වෙනව 50000 නුත් ජීවත් වෙනව මිලියනයක් ගන්න එකත් කරන්නේ ජීවත් වෙන එක තමා.. ඒත් ඔය එකෙක්වත් ඇති කියන්නේ නෑ.. මටත් තාම ඇති උනේ නෑ.

      Delete
    3. ඒකත් හැබෑව... හනේ මන්දා...

      Delete
  11. අර කතාවනම් මසුරන් කතාව.

    කාලය හරි ඉක්මනින් ගෙවිලා යනවා. ඉස්කෝලෙ යන එක නතර කරලා අවුරුදු 10 කට කිට්ටු වෙනවා. මේ අවුරුඩු 10 ය ගිය ඉක්මන හිතා ගන්න බෑ,
    21 වෙනිදා නිදා ගත්තම , 22 වක් අවේ නැත්නම් හොදයි කියලා තමයි කියන්න වෙන්නේ, මේ තියන වියදම් එක්ක

    ReplyDelete
    Replies
    1. හි හි... හැමෝම ලෝක විනාසේ ගැන හිතන්නේ ඔය විදියට තමයි දැං බලපුවාවම...

      Delete
  12. මෙන්න මෙයා දේශපාලන ප්රචාරක කටයුතු කරනවෝ.

    කතාව ඇත්තය. ඒත් ඉතින් ඔය කියන සමාජ පන්ති තුනම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නෙ.
    උදාහරනයක් කියන්නම්.
    #මම අන්ත දුප්පතා දවල්ට කන්න සල්ලි නැතුව හූල්ලනව.
    #හිරුව මේසෙකුයි, පුටු ටිකකුයි ගන්න බැරුව හූල්ලනව.
    #ලොකුම ලොකු සල්ලි කාරයෙක් ලැම්බොගිනියකට සල්ලි මදිව හූල්ලනව.

    කොයි කාට උනත් හම්බ කරනවට වඩා වියදම් කරන්න හේතු තියනව. අකිල විරාජ්ල වගේ හැමෝම හිතනව නම් මේ රට ගොඩාක් ලස්සන වෙයි. ඒත් මහ පුටු වලට ආවහම එයාල වෙනස් වෙන එක තමයි අවුල.

    (බබාල හිටියොත් ගේ හැඩි වෙන්නෙ නෑ. තවත් ලස්සන වෙනවා.)

    ReplyDelete
    Replies
    1. ///(බබාල හිටියොත් ගේ හැඩි වෙන්නෙ නෑ. තවත් ලස්සන වෙනවා.)//

      අපි දෙන්න වගේ බබාලා දෙන්නෙක් හිටියොත් කොහොම වෙයිද... හි හි

      Delete
  13. යකෝ ලී බඩුවල ගණන් ඇහුවමනං උඩ යනවා තමා..අනික තනිකරම බාල ලී... ඔන්න ඔහේ මහත්තයට කියහං ගෙදරදිම ඕන කරන දේවල් හදමු පුළුවන් විදියට කියලා.. ඕවා ඒ හැටි අමාරු දේවල් නෙවෙයි... හෑන්ඩ් ඩ්‍රිල් එකකුයි.. හෑන්ඩ් සෝ එකකුයි තියේනං... ඒවත් ඔය ගණන් අඩු ඒවා තියේ ගන්න... මුලින් ඕන කරන දේ ඇදලා..ඒකේ දිග පළල තීරණය කරලා..පිරිද්දුම් වාසිත් එක්ක ලී කොටස් ටික වෙන වෙනම කෑල්ලෙක් කෑල්ලට ගණන් හදාගෙන ඒ ටික පිළිවෙලට ලියං ලී මඩුවකට ගියානං ඕන කරන විදියට කෑලි කප්පවගෙන.. යතු ගාගෙන ආවැකි.. එයින් පස්සේ හිමීට පුරුද්ද ගන්න එකයි තියෙන්නේ.. ලී පුරුද්දන කොට ප්‍රෙස් කරලා තියන්න වාහනවල ජැක් එකකින් පුළුවන්... එහෙම හදලා දෙන්නත් එක්ක වැලි කඩදාසි ටිකක් ගෙනත් නිකං ඉන්න ගමන් මදින එකයි තියෙන්නේ හොඳට ඔබ මට්ටම් වෙලා එන්න... ලී ටික හරියට තෝර ගත්තනං පොටි දැමිලි එහෙම උවමනා වෙන්නේ නැහැ... එයින් පස්සේ කම්ප්‍රෙෂර් එකක් කුලියට අරං ඇවිත් ස්ප්‍රේ පාරක් දෙන්න හරි... අර වානේ අල්මාරිවල ලී වල වගේ පේන්ට් එක දෙන ක්‍රමේට..රෙදි කෑලි වලින් තීන්ත ගාන සිස්ටම් එක වගේ දේකින් පේන්ට් එක කරගත්තම වැඩේ ගොඩ... එක පාර සල්ලි ගෙවන්න ඕනත් නැහැ... අතේ තියෙන හැටියට ටික ටික වැඩ ඉවර කර ගන්න එකයි තියෙන්නේ.. හරියට කර ගත්තොත් කඩෙන් ගන්නවට වඩා බාගෙට බාගයක් අඩුවටයි.. එයිට වඩා සීයට දාහක් කල්පවතින විදියටයි කර ගතෑකි... අනික ඉතිං තමන්ගේ අතින් හදා ගත්ත දේක ඇදයක් කවදාවත් හිටින්නේ නැහැනේ... දෙන්නත් එක්ක සාකච්ඡා පාරක් දාලා බලහං...

    ReplyDelete
    Replies
    1. මාරයියත් හරි යන්නෙ අපේ මහත්තයටම තමා... හි හි..

      ඔයා කියපු දේම තමයි අපි දෙන්නත් කරමු කියලා කතා උනේ... ටීවී ස්ටෑන්ඩ් එක එහෙම හදාගත්තේ රු 2500 ට... පැන්ට්‍රි කබඩ් ගහන්න ගියේ හරිම පොඩි ගානක් .. ( ඒක නම් තාවකාලික එකක්) අපේ මහත්තයා ගාව ඔය ඔක්කොම වගේ බඩු තියෙනවනේ... මේසයක් හදාගෙන පුටු ටික විතරක් ගන්නවා කියලා හිතුවා.. මොකද දැන් තියෙන්නේ අවුරුදු 40ක් විතර පරණ මෙයාලගේ අම්මලගේ පොඩි මේසයක් අපේ ගෙදර.. ඒක උඩ කම්පියුටරේ රජ කරවලා තියෙන්නෙ.. ගෙදරට කවුරුහරි ආවත් මේසෙට කෑම අරින්න බෑ නේ.. ඔක්කොම එල්ලෙන්නේ කම්පියුටරේනේ.. හි හි.. ඒකයි මේසයක් ගන්න හිතුවේ... දැං නං හදන එකත් හදනවා සෝෆා එකේ ඉඳලම.. ඇයි අප්පා .. අරවයේ තියෙන්නේ බොරුම බොරු ගනං නේ...

      Delete
    2. ඉස්සර ටීවී එකේ බෙයාරීස් ෆැමිලි ඇල්බම් කියල කාටුන් එකක් ගියා බලල තියනවද? :D වලස් නෝනා මොනව හරි දෙයක් කඩෙන් ගන්න, එහෙමත් නැත්නම් අදාල වෘත්තියෙ නියුතු සේවකයෙක්ගෙන් කරව ගන්න හැදුවහම, වලස් මහත්තයා ඒකෙ ගණන් හිලව් අහල, තමන්ම වැඩේ කරගන්න පටන් ගන්නවා. එහෙම කරගන්න ගිහින් අනා ගන්න සීන් තමා තිබුණෙ. :D

      Delete
    3. මා .. මා.. වලස් මා..මා.. ගැන නේද ඔය කියන්නේ..... හි හි

      ඕකට මරු වචනයක් අපේ ගාමිණි ගාමිණී විජිත් ලොකු මහත්තයා දාලා තිබ්බා ඩූඩ් අයියගේ පෝස්ට් එකකට.. “ මට්ටකුණ්ඩලයිස් කරනවා” කියලා... හි හි

      Delete
    4. මොකක්ද අප්පේ ඒ පොස්ට් එක? පුලුවන්නම් හොයලා දෙන්නකෝ.

      වලස් මාමා..... මගෙත් නො:01

      Delete
  14. //යකඩෝ.. අපි දෙන්න ඉඳලා මෙහෙම නම්... පොඩි එකෙක් දෙන්නෙක් හිටියා නම් මට දෙයියන්ගේ පිහිටයි.... // හෙහ්..හෙහ් ඇයි නංගියෙ එකෙක් දෙන්නෙක් හදන්නකො 5ක්වත්...හි..හි
    අම්මෝ ඉඳලම බලන්න ඕනි පොඩිඈයොන්ගෙ රඟේ අපේ ගෙදර 2යි රංඩු බේරලා ඉවරයක් නෑ..මේ අස්කරල මේ බලනකොට හැඩි කරල..!

    ReplyDelete
    Replies
    1. අප්පා.. ඒ ගැන කියලා මොකටද.... හි හි...

      Delete
  15. කෝ මේ හදුවි කිවුව කැලැන්ඩරේ??එකත් දැම්මනම් හොඳයිනේ.
    //අපි අම්මලා තාත්තලගේ පවුල් වල තත්වය රැකගන්නත් ඕනේ... නම්බුකාරව ජීවත් වෙන්නත් ඕනේ.. කන්න බොන්නත් ඕනේ.. අනාගතේ ගැන හිතන්නත් ඕනේ...//

    ඔන්න ඕක තමයි දිරවන්නේ නැති වැඩේ.මාසේ අන්තිමට පැදියක් ගත්තට බිල් ටික ගෙවුවහම අතේ සතේ නැ.

    ReplyDelete
    Replies
    1. කැලැන්ඩරේ මං වත් දැක්කේ නෑ තාම.. හි හි... පඩිය නම් මොකද්ද... දවස් දෙකෙන් ඉවරයි.... ගෙවල් කුලී එහෙම ගෙවලා පටන් ගත්තම ... වැඩක් නෑ කතා කරලා...

      Delete
    2. ඈ.....දැක්කේ නැ.....?හදපු කෙනා දැක්කේ නෑ....??

      Delete
    3. එහෙම තමයි සුදා.. ගාමන්ට් වල වගේ අපිට හම්බුවෙන්නේ එක කෑල්ලයි... හි හි... අත නම් අත.. බොත්තම් අල්ලන්න නම් ඒක විතරයි... හි හි... ( ඒ කලේ අපේ මාමගේ වැඩක්.. ඒකයි... )

      Delete
  16. අපි හැමතිස්සෙම බලන්නේ ටිකක් වැඩියෙන් හම්බකරන්න එහෙම නැතුව බෑ ඒ වගේම හම්බවෙන ගානට වැඩිය ටිකක් වියදම් කරන්න. ඒ තැනට වැඩ සිද්ද වෙනකොට ඉතින් මොනා කරන්නද. මැද පන්තියේ මිනිස්සුන්ගේ ඉරනම ඕක තමා. එක්කො උඩට යන්න ඕන එක්කො වලට යන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ජෝන්.. උඩට යන්න සල්ලි නෑ.. වලට යන්න හිත හදාගන්න බෑ.. නිකම් තැලෙනවා ඉවරයක් නෑ...

      Delete
  17. පුලන්නන්ගේ කතාව මන් 9 වසරේ ඉද්දි අහලා තිබුණා. දේශපාලන කතාවක් ඇහුවේ අවුරුදු ගානකට පස්සේ. 100%ක් ඇත්ත කියලා තියෙන්නේ. මොකද අපිත් ඔය පුලන්නන්ගේ තත්ත්වේ ඉන්න නිසා. කාගෙන්වත් සත පහක්වත් ඉල්ලන්නත් බෑ.එහෙම ගත්තත් ණයට මිසක් ආධාරයක් විදියට නෙවෙයි. අනේ මන්දා.. මේ ගැන මුකුත් කියනවට වඩා හොඳයි නොකියා ඉන්න එක.

    මෙන්න හිරුවා ලෝක විනාසෙට බයවෙලා දැන්ම බායි කියනවා. හූ.. හූ...

    ReplyDelete
    Replies
    1. පුලන්නො කියන්නෙ කවුද බන් ?... සිරාවටම නොදන්න හින්ද අහන්නෙ...

      Delete
    2. අනේ නෑ අකම් .. බය වෙන්න ඕනේ නැති වෙන්න දෙයක් තියෙන අය නේ... නැතිවෙන්න කියලා දෙයක් නැති අපිට මුල ඉඳන් පටන් ගන්න එන අමාරු නැති වෙයි මං හිතන්නේ....

      Delete
    3. ඒක නම් මාත් හරියටම දන්නේ නෑ සාතන්..

      Delete
    4. පුලන්නා කියන්නේ "හිඟා නොකන හිඟන්නා" වගේ තේරුමක් එන වචනයක්...

      Delete
    5. පුලන්නන්ට කාගෙන්වත් ඉල්ලන්නත් බෑ. මුකුත් ඇත්තෙත් නෑ. තමන්ට දෙයක් අනපේක්ෂිතව හරි හම්බ වෙයි කියලා පුල පුලා බලා ඉන්න අය තමයි පුලන්නෝ. චන්දනගේ උත්තරේ තව ටිකක් පැහැදිලි කළා ඕන්.

      Delete
    6. මදෑ... එහෙම බැලුවාම නම් නම හරියටම හරි අකමෝ....

      Delete
  18. මම මේ දවස්වල සතුටින් උන්නා. ලබන සතියේ ගෙදර යන්න ඉන්න නිසා. ඒත් ඊයේ මට තව අපි වගේම ගැහැණු පරාණයකට උදව කරන්න ලැබුනා...ගෙදර යනවටත් වඩා ඒක ගැන මම සතුටින්. ඒ එක්කම පිරිමින් ගැන කලකිරුණා...අනේ මන්දා හිරුවො..

    ReplyDelete
    Replies
    1. උඹට ඒ පාර මොකද්ද උනේ කියලා මට හිතාගන්න බෑ කෙල්ලේ....

      Delete
    2. ඒ ගමන් මොන හුචක්කුවක් ගැනද කියවන්න යන්නේ. මටත් ඔය ගෑනු ගැන කලකිරෙනවා අප්පා මෙහෙම දානකොට.

      Delete
  19. ලකිය නම් ඔය මකුළු දැල් වලට අත තියන් නෑ .පවු අහිංසක සත්තු .උනුත් ඉන්න එපයි (නැතුව ලකියගේ තියෙන කම්මැලි කමට එහෙම නෙවෙයි)
    ආර්ථිකේ ගැන නම් කතා කරලා වැඩක් නෑ .මොකටද අප්පා මෙතන නිකන් දුක් ගැනවිලි කියලා .තාම දවල්ට කාලත් නෑ .සල්ලි නෑ අප්පා ( නැතුව කන්න යන්න තියෙන කම්මැලි කමට නෙවේ හික් හික් හික්)
    ඔය video එකනම් මම මුනුපොතේ දැක්කා ,බැලුවා .එක දේකට ඇර අනිත් හැමදේටම වගේ එකගයි.අර emirates කතාවට එකග නෑ .ඒක අරාබි නේ.පුදුමයි දේශපාලකයෙක් ඔහොම කතාවක් පැවැත්තුවා ,ලගදී චන්දයක් එහෙම තියේද දන් නෑ .අවංකව කරපු කතාවක් නම් කියන්න තියෙන්නේ මේ වගේ අය තමා අපිටත් ඕනේ කියලා .
    මන් නම් පොඩි උන්ට ආසයි .පොඩ්ඩක් ගෙවල් දොරවල් හැඩි කරාට මොකද පොඩි පොඩි වැඩ කරවගන්න පුළුවන්නේ .උදාහරණයක් විදිහට - පුතේ කඩේ ගිහින් @#$%^& ගෙනෙන් ,ඔයාටත් ඕනෙනම් ඉතුරු සල්ලි වලින් බුල්ටෝ එකක් ගන්න (එහෙම කියලා සල්ලි දෙන්නේ ගානට හික් හික් හික් ),ඒ උනාට ඉතින් ලකියට පොඩි උන් නෑනේ ,තාම 22 දෙකේ කොලුවා වෙච්චි ,ඉන්නේ අක්කගේ පුතා තමා ,ඒකට තාම මාස 9යි වයස.ලොකු වෙයන් පුතේ ඉක්මනට හික් හික් හික්
    හිරු අක්කගේ දින දර්ශනෙත් මායා වරුන්ගේ එක වගේද දන් නෑ.කෝකටත් බලන්න දවස් 365 ම තියේද කියලා හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. හනේ මූ හිතන ‌දෙවල්... බලං හිටු අක්කගේ පුතා ලොකු උනාම මාමව අන්දයි ලස්සනට.. මේ අපේ මහත්තයගේ අක්කගේ දුවත් මාමලා දෙන්නවම අන්දගෙන ඉන්නේ තාම අවුරුද්දක් විතරක් උනාට...

      Delete
  20. අවසන් උනාට නැවත ඉපදිමක් ඇත.ඒ ගැන හිතෙන විට දුකයි.
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. ඉපදුනත් මොකද.. අළුත්ම ජීවිතයක්නේ......

      Delete
    2. ඒ ජීවිතෙත් ඉතින් කාලයක් යද්දි පරණ වෙනවනේ. එතකොට කවුරු හරි කියයි අව්ලක් නැ ජිවිතේ ඉවර වෙයි කියල. එතකොට ගයනි අක්ක කියයි "අවසන් උනාට නැවත ඉපදිමක් ඇත.ඒ ගැන හිතෙන විට දුකයි" කියල ඊට පස්සෙ උඹ කියයි "ඉපදුනත් මොකද.. අළුත්ම ජීවිතයක්නේ." කියල. ඓත් ඉතින් ඒ ජීවිතෙත් ඉතින් කාලයක් යද්දි පරණ වෙනවනේ. එතකොට කවුරු හරි කියයි අව්ලක් නැ ජිවිතේ ඉවර වෙයි කියල. එතකොට ගයනි අක්ක කියයි "අවසන් උනාට නැවත ඉපදිමක් ඇත.ඒ ගැන හිතෙන විට දුකයි" කියල ඊට පස්සෙ උඹ කියයි "ඉපදුනත් මොකද.. අළුත්ම ජීවිතයක්නේ." කියල. ඓත් ඉතින් ඒ ජීවිතෙත් ඉතින් කාලයක් යද්දි පරණ වෙනවනේ. එතකොට කවුරු හරි කියයි අව්ලක් නැ ජිවිතේ ඉවර වෙයි කියල. එතකොට ගයනි අක්ක කියයි "අවසන් උනාට නැවත ඉපදිමක් ඇත.ඒ ගැන හිතෙන විට දුකයි" කියල ඊට පස්සෙ උඹ කියයි "ඉපදුනත් මොකද.. අළුත්ම ජීවිතයක්නේ." කියල. ඓත් ඉතින් ඒ ජීවිතෙත් ඉතින් කාලයක් යද්දි පරණ වෙනවනේ. එතකොට කවුරු හරි කියයි අව්ලක් නැ ජිවිතේ ඉවර වෙයි කියල. එතකොට ගයනි අක්ක කියයි "අවසන් උනාට නැවත ඉපදිමක් ඇත.ඒ ගැන හිතෙන විට දුකයි" කියල ඊට පස්සෙ උඹ කියයි "ඉපදුනත් මොකද.. අළුත්ම ජීවිතයක්නේ." කියල...........

      දෑක්කනේද සන්සාර චක්කරේ හැටි. දෑන් වත් තේරුන් හගනින්කෝ. :D

      Delete
    3. හා හා.. හරි හරි.. කරත්ත රෝදේ වගේ නේ... හි හි

      Delete
    4. අපේ හිරු නංගියා රෝදේ කර කවපු වේගය ඔළුවත් රිදෙනවා මගේ ඒ කරකැවිල්ලට.
      පට්ට
      මනසින් දිවියට

      Delete
    5. එතකොට ගයනි අක්ක කියයි "අවසන් උනාට නැවත ඉපදිමක් ඇත.ඒ ගැන හිතෙන විට දුකයි" කියල ඊට පස්සෙ මම කියයි "ඉපදුනත් මොකද.. අළුත්ම ජීවිතයක්නේ." කියල. එතකොට සමී කියයි "දෑක්කනේද සන්සාර චක්කරේ හැටි" කියල.

      එතකොට ගයනි අක්ක කියයි "අවසන් උනාට නැවත ඉපදිමක් ඇත.ඒ ගැන හිතෙන විට දුකයි" කියල ඊට පස්සෙ මම කියයි "ඉපදුනත් මොකද.. අළුත්ම ජීවිතයක්නේ." කියල. එතකොට සමී කියයි "දෑක්කනේද සන්සාර චක්කරේ හැටි" කියල.

      එතකොට ගයනි අක්ක කියයි "අවසන් උනාට නැවත ඉපදිමක් ඇත.ඒ ගැන හිතෙන විට දුකයි" කියල ඊට පස්සෙ මම කියයි "ඉපදුනත් මොකද.. අළුත්ම ජීවිතයක්නේ." කියල. එතකොට සමී කියයි "දෑක්කනේද සන්සාර චක්කරේ හැටි" කියල.

      එතකොට ගයනි අක්ක කියයි "අවසන් උනාට නැවත ඉපදිමක් ඇත.ඒ ගැන හිතෙන විට දුකයි" කියල ඊට පස්සෙ මම කියයි "ඉපදුනත් මොකද.. අළුත්ම ජීවිතයක්නේ." කියල. එතකොට සමී කියයි "දෑක්කනේද සන්සාර චක්කරේ හැටි" කියල.

      එතකොට ගයනි අක්ක කියයි "අවසන් උනාට නැවත ඉපදිමක් ඇත.ඒ ගැන හිතෙන විට දුකයි" කියල ඊට පස්සෙ මම කියයි "ඉපදුනත් මොකද.. අළුත්ම ජීවිතයක්නේ." කියල. එතකොට සමී කියයි "දෑක්කනේද සන්සාර චක්කරේ හැටි" කියල.

      so on....................................

      Delete
    6. මට නිකමට හිතුන උඹ ඔහොම කමෙන්ට් එකක් දායි කියල :D

      Delete
    7. ඇයි බං එකතැන කරකවන්නේ.. ගයනිට විතරක් නෙවෙයි මටත් ඔලුව කැක්කුම හැදෙනවා... හි හි...

      Delete
  21. අපි නම් අපේ සල්ලි වලින් ආණ්ඩුවෙ පිහිටෙන් ඉන්නව..
    ලබන අවුරුද්දෙවත් හිරූ අක්කගෙ කම්මැලි කම නැති වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    පවුලට අළුත් සාමාජිකයො රොත්තකුත් එකතු වේවා කියල ප්‍රාර්ථනා කරනව :D

    මාතර බෝ සමිඳු පිහිටයි!

    ReplyDelete
    Replies
    1. මගේ කම්මැලිකම නැති වේවා කියලා පතපු යසිත්ට පිං... හි හි

      Delete
  22. දැන්මම බායි කියන්නෙ ලෝක විනාසෙටද?
    මමත් මකුළු දැල් සුද්ද කරන්නෙ නෑ, දැල්වල පැටලිලා මකුළුවො මැරෙන හින්ද. අනික උන්ගෙ ගෙවල් ඔහොම කඩන්ඩ ගිහාම, අපිටත් ගෙවල් යාදෙයිද මං අහන්නෙ. ඔය වැඩ කරනකොට නහය වැහෙන්න මාස්ක් එකක් හරි රෙදි කෑල්ලක් හරි බැඳ ගන්න. නහයට දූවිලි නොගියහම හචිං/ හෙම්බා/ හොටු ගැලිලි එන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. මකුළු දැල් කතාවට +++

      Delete
    2. මකුළු දැල් වල පැටලිලා මකුළුවො මැරෙනවා නම් දැකලා නෑ.. වෙන සත්තු මැරෙනවා නම් දැකලා තියෙනවා... මකුළු දැල් කඩද්දි උන් දුවලා ගිහින් වෙන තැනකින් එල්ලෙනවා...

      ඔව් අප්පා.. මාස්ක් දැම්මත් ඔය සන්තෑසිය තමයි... හි හි

      Delete
  23. මමත් අද කාමරේ අස්කලා.. (කලා කිව්වට තාම ඉවර නෑ..) පන යන වැඩක්...

    හැබැයි අර මකුළු දැල් කඩන වැඩේ නම් කරන්නෙ නෑ... අපි ඉන්න තැන ලස්සන කරන්න කියල වෙන එකෙක්ගෙ ගෙයක් කඩල දාන එක හරි නෑනෙ...

    ReplyDelete
    Replies
    1. මේකට මෙහෙම තර්ක කරන්න පුලුවන්... මකුළු දැල් කියන්නේ මකුළුවා තව සතෙක් ගොදුරු කරගන්න හදන උගලක්.. අපි ඒකට ඉඩ දෙනවා කියන්නේ අපේ ගේ ඇතුල තව සතෙක්ට මර උගුලක් කරනවා කියන එක... ඒකත් හොද දෙයක් නෙවෙයිනේ...

      මකුළු දැල් ගේ ඇතුලේ තියෙනවා කියන්නේ ඉල්ලන් ලෙඩ හදාගන්න වැඩක්...

      කොහොමත් ගෘහණියන්ට, අම්මලට සත්ව කරුණාව පෙන්නන්න බැරි සත්තු හතර දෙනෙක් ඉන්නවා කියලා... මකුළුවෝ, කූඹි, මදුරුවෝ සහ උකුණෝ... හි හි...

      Delete
    2. ඇයි කැරපොත්තෝ

      Delete
  24. අහන්නමයි හිටියේ. කොහොමද මෙච්චර දවස් හුස්ම නොගෙන හිටියේ???

    2012ට දැන්මම බායි කියන එක හරි නෑ නේද? තව කොච්චර වැදගත් දේවල් මේ අව්රුද්දේ වේවිද කියන්නත් බෑනේ.
    මහන්සි වෙලා මකුළුවා ගොතන දැල කඩලා දාන්න තරම් අකාරුනික උනේ කොහොමද? මකුළුදැලක් කියලා හිතන්නේ නැතුව දැකුළුමලක් කියලා හිතන්න.

    ReplyDelete
    Replies
    1. දැකුළුමල් නැතුවට කමක් නෑ... මේක පුදුම සත්ව කරුණවක්නේ.. ඇයි දෙයියනේ අපි ලෙඩ උනාම මකුළුවෝ එනවද අපිට බේත් කරන්න... හි හි....

      Delete
    2. නිකන් දැකුළුමල් වලට ලෙඩ වෙන්නේ නැහැනේ.. ඒවා කඩන්න ගියාම තමා ලෙඩ වෙන්නේ.. හු හු...

      Delete
    3. නෑ පොඩි එකෝ...දැකුළු මල් වලට ගොඩක් අයට ශ්වසන පද්ධතිය ආශ්‍රීත රෝග හැදෙනවා.. විශේෂයෙන් පොඩි අයට... නිකම් තිබ්බත් දූවිලි නිසා ඕවා හොඳ නෑ....

      Delete
  25. මං නං මේ ලෝක විනාසේ වෙන නිසා වැඩිය මාන්සි වෙන්නෑ..
    ආතල් එකේ ඉන්නවා..
    හැබැයි උනේ නැත්තං වෙනවා කියපු උංට හෙනම ගහන්න ඕනා...

    ReplyDelete
    Replies
    1. හි හි..... හා හා.. එහෙනං ආතල් එකේම ඉන්නකෝ...

      Delete
  26. අතේ තියෙන දෙයින් සැහීමකට පත් වෙන එක තමයි මගේ ගතිය ඒක නිසා අවුලක් නැහැ.

    ReplyDelete
    Replies
    1. හම්ම්.. බලමුකෝ පවුල් උනාම කෙහොම වෙයිද කියලා.. බඳින්න කලින් නම් අපිත් එහෙම තමයි... හි හි

      Delete
  27. අනේ මන්දා..මමත් නම් ඉතිං තියෙන ටිකෙන් රෝල ගහන අහිංසක මුනියා! හැබැයි මේ ටිකේ නම් නස්ටන් වෙලා ඉන්නේ!

    ReplyDelete
    Replies
    1. හැමෝම නස්ටන් තමයි නාඩියෝ.. අර බ්ලොග් එකත් නට්ටම් වෙලා වගේ නේද.... හි හි

      Delete
  28. Jeewath wenna nam mudal kochchara thibunath madi thamai. Gewal hadanna one badu ganna one lamai hadanna one eyalage jeewitha lassana karanna one. Kiyak dewal thiyenawada karanna. E hama detama mudal thamai mulika wenne. Ithin oya mudal hoyanna jeewitha kalema gatha wenawa. Ethanin nawathinawada na ape lamaintath e tikama thamai. Mudal passe yanna giyama apita sathutakuth na sathutin thiyanna dagalana lamainge jeewitha wala sathutakuth na. E nisa mama nam hithanne thiyena widiyata kala adala sathutin adaren inna puluwannam anna edata apaita sathutin marenna puluwan api adarenwath hitiyane daruwo ekka kiyala.

    Hamadema sapura ganna one thamai. Eth kawadada? kohomada?

    ReplyDelete
    Replies
    1. අපිත් කරන්න උත්සාහ කරන්නේ ඕක තමයි නංගි බබෝ.. ඒත් ඉතිං කරගන්න අවශ්‍යම දෙයක් කරගන්න සල්ලි නැති උනාම කොච්චර දුක හිතෙනවද කියලා හිතන්නකෝ...

      Delete
  29. 2013 මොනවා වෙයිද කියන එකයි මගේ ප්‍රශ්නේ

    ReplyDelete
    Replies
    1. 2013 කොහොම හරි මං කෙල්ලෙක් සෙට් කර ගන්නවමයි :D

      Delete
    2. ඇයි මමත් සෙට් කරගන්නවා (බැරිඋනොත් 2014 දිවත් ට්‍රය් කරනවා :P )

      Delete
    3. බෝල ඔක්කොටම මගේ සුභපැතුම් කොල්ලනේ. මේ වයසක මට තමයි මොන කෙල්ලොද?

      හිරු අක්කේ මොකද හිට්ඝන්නේ පොඩි හිරු කුමරියක් හරි කුමාරයෙක් හරි ගෙන්න ප්ලෑන් එකක් ගැහුවොත් අදම???????????????????????????????????????????????????????????????????????????????

      Delete
    4. කෝරළයෝ..............................................................

      හා හා... කෙල්ලෝ සෙට් කරගෙන හොඳින් ඉඳපල්ලකෝ...

      Delete
  30. අලුත් අවුරුද්දට අලුත් වෙන්න කියල මන් නම් කියන්නෙ, දෑන් ඉතින් දරු සුරතල් බලල අලුත් ජීවිතයක් ගත කරන්ඩ කාලෙ හරි. 28යිනේ.:P නාකියි.. එහෙව් වාසනාවන්ත ටිකිරි සිනා නිවස පුරා දෝරෙ ගලන ලස්සන කාලයක් 2013දි ලැබෙන්ඩ කියල ඔන්න මම ඉත සිතින් ප්‍රාර්තනා කරනවා :) ;)

    ReplyDelete
    Replies
    1. උඹ මං නාකියි කිව්වා නේ.. හිටු මං අල්ලගන්නම්... හි හි

      Delete
  31. දරුවෙක් මල්ලෙක් හදාගනින් බං ඉක්මනට

    ReplyDelete
  32. අපි හැමෝගෙම කතාව එකම වගේ කියලා හිතෙනවා වෙලාවකට.. අර කිවුවත් වගේ මැද ඉන්න මිනිස්සුන්ට තමයි වැඩි යෙන් ප්‍රශ්ණ..

    ReplyDelete
  33. උත්තරයක් නම් තියනවා.... හැබැයි ඒකට බෝට්ටුවක් ඕනේ :)

    ජීවිතේ එක වයසකට ආවහම කාලය පුදුම ඉක්මනින් යනවා වගේ දැනෙන්නේ. විස්සේ විසිපහේ හිටියේ ඊයෙ පෙරේදා වගේ හිතෙන්නේ, එහෙම හිතිලා ඇත්ත වයස මතක් වෙනකොට ඇඬෙනවා වගේ. සල්ලි නම් ඉතින් තිබ්බත් නැතත් ප්‍රශ්න වල නම් අඩුවක් නෑ. අපි හිතන පතන ක්‍රමය ටිකක් එහෙ මෙහෙ කරගත්තහම ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් ටිකක්.

    ReplyDelete
    Replies
    1. හිතන පතන ක්‍රමය අපි මත විතරක් නෙවෙයි තිසර... අපි වටේ ඉනන් අය හින්දත් වෙනස් වෙනවා... ඒකයි අවුල...

      Delete
  34. තව දවස් ටිකකින් අළුත් අවුරුද්ද. එහෙම නැත්තං ලෝක විනාශේ ! :)

    ReplyDelete
  35. ලෝක විනාසේ ගැන බය වෙන්න එපා අනේ.. මං ඒක නවත්තන්න එක ගැජට් එකක් හදනවා.. සරා තව සර්කිට් එකක් හදනවා.. හි හි..

    Bye Bye කියල තියන්නේ ආයේ පෝස්ට් එකක් එන්නේ ලබන අවුරුද්දේ ද බාන්ස්..?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ...

      ටිකක් වේලාසනින් බායි කිව්වා... හි හි

      Delete
  36. හි හි... උඹේ හිනාව තමයි හිනාව...

    කැලෙන්ඩර් වැඩෙන් වාසියි වගෙයි...ඒවායින් ටිකකුත් අරන් අපේ මහත්තයත් එක්ක ජනවාරි ගම්පහ වැඩේට එන්ට ඕනෙ එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ඒ වැඩේට නම් එන්න වෙන්නේ නෑ සිරා... දන්නවනේ... හි හි... කැලැන්ඩර් උඹලට බෙදන්න අපිට තහනම් බං.. දන්නේ නැද්ද.. ඒවා කම්පැණීවලට ගහපුවා නේ...

      Delete
    2. අපේ මහත්තයා යන්න එපා කිව්වද ? මම කිව්වෙ කැලැන්ඩර් නෙමෙයි බන්... ආදායම... කැලැන්ඩර් මෙහෙ තියෙනවා ඇති වෙන්න...

      Delete
    3. තාම කිව්වෙත් නෑ බං... ඒත් ඉතිං දන්නැද්ද... ඕගොල්ලෝ සන්තෝස වෙන්නකෝ... හි හි...

      Delete
    4. අන්න කියන දේ අහන කෙල්ලෙක්. මෙන්න සැමෝ.....

      Delete
    5. විහිලු නෙමෙයි බන් ඩබල් දාලා වරෙන්.... තියෙන තැනත් බොහොම ලස්සනයි...

      Delete
    6. එන්න එන්න "අපේ මහත්තයාට" ගොඩාක් යාලුවොත් හම්බ වෙයි.

      Delete
    7. එන්න බැරි වෙන පාටක් තියෙන්නේ සිරෝ... පස්සේ දවසක බලමුකෝ... හි හි...

      Delete
  37. //මට ඔය කැටයම්, බෝල බෝල එහෙම තියෙන ලී බඩු පේන්න බෑ...//

    හප්පට සිලි ඔයාටත් එහෙමද?

    ReplyDelete
    Replies
    1. මම දන්නවනේ.. මගේ ජාතියේ එකෙක් විතරක් ඉන්න බැ මේ‌ ලෝකේ.. හි හි

      Delete
  38. “ පෝසත් අයට ප්‍රශ්නයක් නෑ... දුප්පත් මිනිස්සුන්ට කාගෙන් හරි ඉල්ලගන්න පුළුවන්... මැද ඉන්න අය තමයි වැඩිපුර දුක් විඳින්නේ...” /// ++++
    මේ වීඩියෝව මූණූ පොතේ සෑහෙන ගියා දැක්කා.. ඒක මේ තරමටම ශෙයාර් කරලා තිබුනේ ඒකෙ කියවුණේ එළිපිටම තියන ඇත්ත නිසා වෙන්න ඇති.. ඔය කතාවෙම නේද තිබුනේ අර කන්න කෑම නැතිනිසා සිල් ගන්න යන අම්මෙක්ගෙ කතාවක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් .. එකේ තමයි ඒ කතාවත් තිබ්බේ... මෙයා මේ අවධානය ගන්න කියන කතාවක් උනත් කතාව ඇත්තනේ...

      Delete
    2. කෑමවේල නිසා රෝහල්ගතවෙන අයගැනත් මම අහල තියෙනවා.

      Delete
  39. දේශකයා දවස් හතරක් දේශන පවත්වන්න තියා සාලාව පැත්තෙවත් නොගිය නිසා මේවා පරන වෙලාය. ඒ උනත් බොගේ කැලැන්ඩර් සින් එක ඉවර එක නං හොදය. මකැ කිව්වොත් තොට මක්කවත් එතකොට ලියන්නට හැකි නිසාය. ලෝක විනාසය අනිවා වෙන හින්දා දැං බයි බායි කියා සමු ගන්නම්. තේරුවන් සරණයි... හිහිහු....

    ReplyDelete
    Replies
    1. දැනුත් ලියන්න කියලා දෙයක් නෑ බං... ලියන්න තියෙන ඒවා ඔක්කොම අනිත් උන් ලියලානේ... හි හි...

      Delete
  40. හැබැයි හිරුවෝ සරාට ඔහොම පුරස්න නෑ බොල. සල්ලි තියෙන නිසා නෙමෙයි ඒ සල්ලි නැති නිසා. සිම්පොල් ලැයිෆ් නොවැ. හිකිස්... එඤ්ඤං

    ReplyDelete
    Replies
    1. පුරස්න නැතුව ඉන්න පුළුවන් මේ ලෝකේ අපිට අපි විතරක් හිටියනං සරා අයියේ..

      Delete