Wednesday, November 7, 2012

අපි ඒ කාලේ ටීවී බලපු හැටි......

රෑපවාහිනියේ “රොබින්සන් අන්දරය” ආයිමත් යනවා.....

අප්පා... ඒ කාලේ අර්න්ස්ට් කිව්වම... අපේ කෙල්ලො රණ්ඩු වෙනවා උෟව බෙදා ගන්න බැරැව..... අර නාකි රොබින්සන්ටත් මැරෙන්න හදපු උන් හිටියා.... හපොයි එහෙමත් කාලයක්....

ඒ කලේ තව තිබ්බ කතා ටික මම මතක් කලේ....



ඕෂන් ගර්ල්,රොබින් හුඩ්, විලියම් ටෙල්, මායා බන්ධන, ටිං ටිං, අරවුන්ඩ් ද ට්වුස්ට්, ස්කයි..... මොකද්ද මන්දා.... ( පෝල් ම හිටපු එක).. එතකොට අර එක එක ග්‍රහලෝක වලින් ආපු ළමයි කට්ටියක් හිටිය යානෙක කතාව... අර රාදු,බෝවා... වෙල්මා කියලා රොබෝ කෙනෙක් එහෙම හිටියේ.... ම්ම්ම්... තව මොකක් හරි ඒ වගේම එකක් තිබ්බා... රිදී හිරු සොයා කියලා.. ඒක නං මේ ළඟදි ගියා... තව කීයක් නං තිබ්බද....

ඒ කාලේ ඕවා තමයි ඉස්කෝලෙ ගියාම වැඩිපුරම කෙල්ලො කියවන්නේ.. හි හි...උදේම පටං ගන්නේ බලන්න බැරි වෙච්ච උන්ට කතාව කියලා දීමෙන්.. ඊට පස්සේ විචාරය කරනවා... මං නං ඉතිං සදා කල් එක්ස් ෆයිල්ස් නේ.. ඇයි එතකොට සුපර් මෑන්... සඳුදටයි බ්‍රහස්පතින්දාටයි විතරයි මාව ඕවට අහුවෙන්නේ.. මොකද උදේ පාන්දරම ඉස්කෝලට ගිය ගමන් ගෙදර වැඩ ටික කාගෙන් හරි කොපි කර ගන්න එපැයි... හි හි... පිස්සු උපරිම...

ඕෂන් ගර්ල් එකේ අර පිස්සු තල්මහ... මට තාම ෆ්‍රී විලී ෆිල්ම් එක බලද්දි ඕෂන් ගර්ල් මතක් වෙනවා... හි හි... ඒයි මට අර කොල්ලෝ දෙන්නගේ නම් දෙක මතක නෑ නේ... කාට හරි මතකද....?
එතකොට රොබින් හුඩ්.... රොබින්ලා දෙන්නා බෙදා ගන්න බැරැව අපේ උන් කොච්චර රණ්ඩු උනාද...

ෆොටෝ හොයන්න යද්දි තවත් කතාවක් ගෝල්ඩ් ෆිෂ්ගේ බ්ලොග් ටැංකියේ තිබිලා අහුඋනා... මං ඉතිං ෆොටෝ එක හොරකම් කළා.. මතකද බලමු කට්ටියට...



අප්පා.. අමතක උනා..... ඇයි අර බැක්ස්ට්‍රීට් බොයිස්ලගේ නික්... වෙස්ට්ලයිෆ් ලගේ නම් කීප දෙනෙක් හිටියද කොහෙද... බොයිසෝන්ස්ලගෙත් මොකෙද්ද එකෙක් හිටියා වගේ මතකයි... ඒ ලෙඩේ නං දෙයියනේ කියලා මට තිබුණෙ නෑ ඒ කාලෙ.... හි හි...

හරි.... මට අමතක ඒවා ටික කට්ටිය එක්ක මතක් කරමුකෝ....

මම මේ කියන්න ගියේ ඒ කාලේ ඕවයේ තේමා ගීත ගැන....

දැං මේ රොබින්සන් අන්දරය යනවා නියලා සින්දුව යද්දි මාව නිකම්ම ටීවී එක පැත්තට හැ‌රවුනා... ඔෂීන් ඉවරනේ.. ඒකටත් ඒ වගේම තමා... ඇයි ටිං ටිං... තාමත් නැටවෙනවා ඒ මියුසික් එකට.. හි හි..

ඒ කාලේ ඉතිං ගනං කරන්න බැරි තරම් ටීවී චැනල් තිබ්බේ නෑ නේ... ඔය ඔලුව එහෙම පටන් ගත්තේ වර්ල්ඩ් කප් එක ගත්තට පස්සේ... මොණරා ආවේ ඊටත් පස්සේ... හි හි... මම ඉතිං ඔය ඔක්කොගෙම වගේ ගිය කතා බැලුවානේ... ඒකෙන් තමයි මං හිතන්නේ මගේ ඉංග්‍රීසි ෆිල්ම්ස් පිස්සුව ආරම්භ උනේ.. හි හි..

දැං ආයිත් මේ කතා යනවා.. මං ආයිත් බලනවා... ඕෂන් ගර්ල්, ටිං ටිං එහෙම ආයිත් ගියොත්, මං ආයිත් පිස්සු අලුත් කරගෙන බලනවා...

ඒවා බලන බලන ගානේ මට ඒ කලේ අපි නටපු පිස්සු මතක් වෙනවා.. හි හි... ඒවා තමයි මේ පෝස්ට් වෙලා ඔයාලට කියවන්න, මගේ අතින් ලියවෙන්නේ...

ඒක නිසා.... ඔන්න මට මිස් වෙච්ච ඒවා මතක කට්ටිය කමෙන්ට් එකක් දාලා මතක් කරන්නකෝ....

ටිං ටිං මේකෙන්...
මෙන්න මේ සයිට් එකෙන් තමා අනිත්ෆොටෝ ටික බාගත්තේ..

133 comments:

  1. හ්ම්ම්ම්ම් ඔය ඔක්කොම මමත් බලල තියෙනවා නයිට් රයිඩර්,දොස්තර හිත හොඳ, පිස්සු පූසා, මායා බන්දන,සින්බෑඩ්,කෝනාන්,the lost world හරිම ආසාවෙන් බලපුවා නමුත් අද කාලේ ඒවගේ හරවත් නිර්මාණ බිහිවෙන්නේ නැති එකනම් කනගාටුවට කාරණයක්. මොකද තාක්ශනේ එතරම දියුණුවක් නැති කාලේ අපිට ඇත්ත විදියටම දැනෙන්න ඒවා නිර්මාණය කරලා තිබුන නමුත් දැන් හදන ඒවා අන්තිමයි කුජීතයි

    ReplyDelete
    Replies
    1. දැං හදන ඒවයේ ලොකු ලොකු වැඩ කැලි විතරයි... හොඳ කතාවල් අඩුයි... හි හි...

      Delete
  2. ඔය කථා ඔක්කොම මමත් බැළුව බං... පට්ත පට පට කියල තමයි කියන්න තියෙන්නේ,,,

    ඉස්සර සෙනසුරාද ක්ලාස් ගිහින් පිස්සුවෙන් වගේ දුවගෙන එන්නේ මායා බන්ධන බලන්න... තාමත් ආසයි අෆ්ෆා එව්ව බලන්න

    එක එක ග්‍රහලෝක වලින් ආපු ළමයි කට්ටියක් හිටිය යානෙක කතාව - රිටර්න් ටු ජුපිටර්

    ReplyDelete
    Replies
    1. මම එහෙම දුවගෙන එන්නෙ බ්‍රහස්පතින්දට ටිං ටිං බලන්න... ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදර එන‌ෙකාට 7 පහු වෙන නිසා මං කරන්නේ කොට්ටාවේ ආච්චිලගේ ගෙදරින් ටිං ටිං බලලා, එතනින් ආයිත් බස් එකේ නැඟලා ගෙදර එන එක... හි හි

      අඩේ මට ඒක අමතක උනා..... හෝව් පොඩ්ඩක්..... ඒකේ හිටියේ මොකාද කියලා මතක නෑ ‌නේ.....

      Delete
    2. බොරු කියන්න එපා මී ගොඩයෝ එක space cases

      Delete
    3. neee.. Return to Jupitor.
      mama eke Earth walin giya kollata hondatama love, ithin mata waradind be.

      Delete
    4. රණ්ඩු වෙන්න එපා බොලල්ලා...

      එක එක ග්‍රහ‌ලෝක වලින් ආපු ළමයි හිටියේ ස්පේස් කේසස් එකේ... පෘථිවියෙන් ගිය එකාගේ නම හාලන් බෑන්ඩ්... ( තොරතුරු වලට අනුග්‍රහය අපේ නඟා.. කන්ෆර්ම් කර ගත්තේ විකිපීඩියා එකෙන් හි හි)

      රිටර්න් ටු ජුපිටර් එක ගැන නම ඇරෙන්න වෙන කිසිම දෙයක් හොයා ගන්න බෑ... ඒකට මොනවා වෙලාද මන්දා...මට ඒකේ කතාවත් ඒ තරම් මතක නෑ....

      Delete
  3. ඇත්තටම කෙල්ලො ඒගේ රන්ඩු කරන්නේ මොන හැගීමකින්ද කියල කියන්නකෝ. මේ කොහෙවත් යන එකෙකුට පොරකන්නේ ඇයි.

    ReplyDelete
    Replies
    1. එහෙම තමා ඒවා!! ඔයාලට තේරෙන්නේ නැ...හ්ම්ම්...

      Delete
    2. ජොලියට නලීන් අයියේ... වෙන මොකටද...... හි හි

      Delete
    3. ඕකට ඇත්තම හේතුව අහගන්න තිබ්බා මහේෂ් නිශාන්ත අයියා මේ පැත්තේ ආවනං..... හි හි....

      Delete
    4. ඇ බං කැරලිකාරියේ අපටත් කියල දීහංකෝ හංගං ඉන්නේ නැතිව..

      Delete
  4. මං නං ඉස්සෙල්ලම බැලුවෙ කෝපිකඩේ.

    ReplyDelete
    Replies
    1. හි හි... ඒවා නං ඒ තරම් දැං මතක නෑ.....

      Delete
  5. "ඒ කාලේ අර්න්ස්ට් කිව්වම... අපේ කෙල්ලො රණ්ඩු වෙනවා උෟව බෙදා ගන්න"

    හොද වෙලවට් අක්කේ අර්න්ස්ට් ලංකාවේ හිටියේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හිටිය නං උෟ ඔච්චර ලස්සන වෙනවද මලයා..... හි හි

      Delete
    2. ලංකාවේ තමයි අක්කේ ලස්සනම කොල්ලෝ ඉන්නේ

      Delete
    3. ඇයි බන් ලංකාවෙ ඉන්නෙ... කදුලේ නවකථාකරුගෙ මාමණ්ඩි... මේ මිනිහා නෙමෙයිද ? උගෙ පොතක් ගන්නකොට කඩෙන් ලේන්සු පැකට් එකකුත් නොමිලේ දෙනවලු හොටු පිහින්න...

      Delete
    4. ඔවු ඉතිං. අපි හිත් රිද්දන්න හොඳ නැති නිසා එහෙම කියමු... හි හි

      සිරා ගේ කතාව නං සහතික ඇත්ත.. හි හි

      Delete
  6. අර්නස්ට් කියන්නේ අර නන්දන වින්දන එක බුක්තියට සවි කොරන් උන්න සුපර් ඉස්ටාර් ගුරුප් එකේ නාන්න යන ගමන් කලසම් අඳින ලීඩ් ගහපු අර්නස්ට් වෙන්ටෑ. ඒ ගුරුප් එකේ බෙස් ගැහුවේ කීරීති පැස්කුවල්.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මාතලන් සීයේ.... මේ කියන්නේ අර්න්ස්ට් රොබින්සන් ගැන.. හි හි...

      Delete
  7. අනේ හැබැට බොට නයිට් රයිඩරුයි, ඩිනාස්ටි (18+) අමතක වුනානේ!!

    ReplyDelete
    Replies
    1. ඒ ඔය 18+ එක බලලා නෑ නේ බං මම....

      Delete
    2. නෑ නෑ ඔය මාතලං දාන විදියට නිකං දැම්මේ. හික්.. හික්.. (එතකොට වැඩියෙන් බලන්න හිතනෙවනේ)

      Delete
    3. මැටිස්... හි හි
      සිරාවටම මම ඒක බලලා නෑ ...

      Delete
  8. මාත් ඔහොම්මයි හිරුවො..ඉස්සර රොබින්හූඩ්ට ලව්..කොච්චරද කියනවා නම් මැරියම් රොබින්ව කිස් කරද්දී මට හෙන ජෙල..හි හී

    මායා බන්ධන බැලුවේ මැරීගෙන...ඇයි නයිට් රයිඩර්. ඔය X file බලනකොට බය හිතෙන ඒවා බලන්න ඇස් දෙක වහගෙන..ඇඟිළි අස්සෙන්..හි හී එතකොට බය නෑ වගේ..තම එකක් තිබ්බා monkey magic කියලා.චීන කතාවක්. නම හරිද මන්දා. අනේ ඒකෙ තිබ්බා තීම් සෝන් එකට මම මැරීගෙන උන්නේ. දැන් ඒක හොයා ගන්නවත් බෑ..

    ආ කියන්න අමතක උනා ඔය අස්සෙන් මහ රෑ ගියා The Bold and the Beautiful හි හී ඒක පස්ට කතාව. අපිට නෙමේ ලොකු ඈයින්ට.. මම ඒක හොරෙන් බලනවා..හි හී මාර කෑලි තියෙන්නෙ ඒකෙ..ඒදවස්වල ඒවා දැක්කම අඤ්ඤකොරොස් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ කියන්නේ... මම නං හොඳ එකා.. මම බැලුවෙ පොඩි එවුන්ට තියෙන ඒවා විතරයි... හි හි..

      එක්ස් ෆයිල්ස් ඉතිං ඒ ගොඩට වැටෙනවා අඩුයි නේ... හි හි...

      Delete
    2. ඈ බොලේ ළිහිණියලත් ඒව බලලා...අපි හිතුවේ මෙහෙම හොරවැඩ කරන්නේ කොල්ළෝ විතරයි කියලයි.

      Delete
  9. ඔය කතා නම් අපිත් ඒ දවස්වල බැලුව, මම නම් රොබින් හුඩ් සීරිස් එකට පිස්සු වැටිල හිටියෙ. තාමත් රොබින් හුඩ් බලන්න නම් හරි කැමතියි. තව ඉස්සර ගියපු මල්ගුඩි දවස, නයිට් රයිඩර්, ටාර්සන්, දොස්තර හොඳ හිත, හාවා හරි හාවා, පිස්සු පූසා, ටින් ටින්, ගලිවර්ගෙ චාරිකාව, සුපර් මෑන්, බේ වොච් (:), ඒ දවස්වල ඕක බලන්න කාපු කට්ටක්), ෂීනා, හර්කියුලිස්, බීස්ට් මෑන්, මිස්ටර් බීන්. අම්මෝ ... බලපු කතා තොගෙ, දැන් මතකත් නෑ. ඉස්සර ඉතිං ටීවී එක ඉස්සරහම වුනත් දැන්නම් ටීවී බැලිල්ලක් ඇත්තෙම නෑ. විශේෂයෙන් මතක් කරන්න ඕන අපි පොඩි දවස්වල ඔය රූපවාහිනියට එච්චරටම තදින් ඇදිල හිටියෙ ටයි මාමා නිසා. ඇත්තෙන්ම ඒ වගේ මිනිස්සු අද ඔය චැනල්වල ඇත්තෙම නෑ. මම ඔය සමහර කතා එහෙම පස්සෙ කාලෙ ඩවුන්ලෝඩ් කරගෙනත් බැලුව.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත DDT... මේ ඊයේ පෙරේදා රෑපවාහිනී එකේ පටං ගත්තා සුජාත දියණී කියලා එකක්... මට ඒක බලන බලන පරා මතක් වෙන්නේ ටයි මාමා හිටියා නං මේක මොන තරම් ලස්සනට කරනවද කියලා..

      හැබැයි එහෙමකට කියලා ඔලුවේයි අනිත් ඒවයෙයි හඬකවන ඒවා තරමි නරකක් තේරෙන්නේනම් නෑ මට නං... අඩු ගානේ හොඳ කටහඬවල් ටිකක්වත් තියෙනවා...

      දං ළමයින්ට ඒ වගේ ලස්සන කතා බලන්න වාසනාව නෑ....

      Delete
    2. @DDT ඔබට පොඩි වැරදීමක් වෙලා. "බීස්ට් මෑන්" නෙවෙයි බීස්ට් මාස්ටර් වෙන්න ඕනේ මට මතක හැටියට. අර දෙකට කඩන පොල්ලක් තිබ්බ බුවානේ.....?

      Delete
    3. ඔය ඉතිං.... මං ඕක බලලත් නෑ කෝරළයෝ.. හි හි...

      හැබෑට එකෙක්ටවත් වයිපර් මතක් උනේ නෑද්ද...????

      Delete
    4. ආ .... ඔව් නේ, තෑන්ක්ස් කෝරලේ මචං. සුපර්මෑන්ල බැට්මෑන්ල ස්පයිඩර්මෑන්ල නිසා මට ඒ නම මතක තිබුණෙත් එහෙමයි. දෙකට කඩන පොල්ලයි අර ලොකු ලේන්නු වගේ සත්තු දෙන්නෙකුයි අරගෙන යන මෑන් තමා. ටීවී සීරීස් එකට අමතරව ඕකෙ ෆිල්ම් එකක්ද දෙකක්දයිත් තිබුණද කොහෙද.

      Delete
    5. ඔය තියෙන්නෙ ලිස්ට් එකම... තව තිබ්බ ‘Air Wolf‘ කියල කතාවකුයි ‘Early Edition‘ කියල කතාවකුයි.

      Delete
    6. Early Edition‘ නම් ටිකක් බලලා තියෙනවා.. ඒත් එච්චරම දැඟළුවේ නෑ ඒක බලන්න... අනිත් එක නම් ම්හු.... හි හි

      Delete
  10. මට නම් රොබින් තරම් කවුරුත් හොඳ නෑ. අම්මෝ අර කොට ගවුම ඇඳන් කැලේ මැදින් දුවන හැටි. අශ්වයා පිට උඩ නැගලා යන හැටි. ගිහි ගෙය අත් ඇරලා කැලේක ඉන්ට උනත් ආසා හිතෙනවනේ එයා දැක්කාම.

    එකම නරක කාලෙන් කාලෙට එයා වෙනස් වෙන එක.:D

    ReplyDelete
    Replies
    1. හි හී.... කොට ගවුම !!

      Delete
    2. ඔයාට ඉතින් කොහේ තිබ්බත් ගවුමක්මයි පේන්නේ... අනේ අපොයි

      Delete
    3. ඒ පාර කොට ගවුම.. ඇයි ගියපාර හොන්ඩා ජුලෝලා අනේ බං පොඩ්ඩියේ මේ දවස් වල කැන්ගරු දේශය ගල් වෙන්ට හීතලද??

      Delete
    4. ඔය මාරු වෙන එකත් මරුනේ පොඩ්ඩි... එකෙක් සුදු රොබින්ට , අනිකා කලු එකාට.. හි හි.. ඕකට තමා මරා ග්නනේ අපේ එවුන්...

      ගවුමක්...???? ඌ ගවුමක් අඳිනවද....? මට මතක අර පටියක්ද මොකද්ද ඉණේ බැඳගෙන ඉන්නවා වගේනේ... හම්ම්....

      Delete
    5. මොන ගවුමක්ද පොඩ්ඩියෙ. රොබින් අඳින්නෙ ඇඟට හිර කලිසමක්. උඩට අඳින ඇඳුම ඉනේ බඳින අර කඩුව එහෙම එල්ලගෙන ඉන්න පටිය නිසා දෙකට බෙදිල යට ටික කොට සායක් වගේ පේන්නෙ.

      Delete
    6. අන්න ඩීඩීටී හරියට කිව්වා. පොඩ්ඩි බලන් ඉන්නේ කොට ගවුම උඩ යනකං ද කොහේද!!

      Delete
    7. දේශක තුමෝ හොන්ඩා ජුලෝලා කියන්නනේ අර අලුත්ම CBR මොඩල් එකේ බයික් එක නේද :P

      Delete
    8. තාම ඕක ඉවර නැද්ද කොල්ලනේ.... හි හි

      Delete
  11. ඇයි.....දොස්තර හොඳහිත...පිස්සුපූසා...!
    මේවා...මතක් වෙනකොට....පිස්සුම හැදෙනවා..!

    ReplyDelete
    Replies
    1. වී දන්නවද.. මං ගාව සමරසිංහ ගුණසේකර මහත්තයා පරිවර්තනය කරපු හිතහොඳ දොස්තර පොත් ඔක්කොම තියෙනවා... 2008 එක්සිබිෂන් එකේදි ඕක ගන්න ගිය වෙලාවේ එයාටත් පුදුමයි මෙච්චර ලොකු කෙල්ලෙක් මේ පොත් වලට ආසයි කිව්වම... හි හි...

      Delete
    2. ලොකු කෙල්ලක්.....වැරදියි වහා නිවැරදි කරන්න. නැත්තං මං නිවැරදි කරන්නද?

      Delete
    3. මේ කිව්වේ 2008 වෙච්ච සිද්ධියක් ගැන නලීන් අයියේ.... එතකොට මේ කතාව වලංගුයි.... හි හි...

      Delete
  12. මම නම් ඔය කථා ඔක්කෝම නම් බලලා නෑ..:( ඒත් සමහරක් ඒවා නම් බලලා තියෙනවා. ocean girl, tin tin, robin hood, oshin, swiss family robinson, william tail..ඕවා තමා මම නම් බලලා තියෙන්නේ ඇයි එතකොට Zeena ඒකත් මම බලලා තියෙනවා.

    ඔන්න දවසක් මට මං පොඩි කාලේ එතකොට මම 3 වසරදේ කොහෙද.. අපේ නංගි 2 වසර අපි දෙන්නා සෙල්ලම් කරද්දි මට හම්බ උනා CD එකක් කොහේදෝ මංදා තිබිලා. ඕක මම විසික් කලේ නැතෑ Zeena කියලා... හුටා.. අපේ නංගිගේ නළලේ වැදිලා චුට්ටක් තුවාලාත් උනා. තාමත් හැබැයි ඒ කැලල තියෙනවා.. හි:) හි:) කොහොමද හිරු අක්කාට වගේම ඒ කථා ගැන අමුතුම උණක් ඔන්න සිත්තරාවිටත් තිබුනාලු..

    අම්මෝ.... ඉස්සර ඒ කථා බලන්න තියෙන ආසාවට T.V. එකට අපෙ නංගිත් එක්ක රන්ඩු කරන තරම්... කොච්චරද කිව්වොත් පැයකට විතර කලින්ම T.V එකේ Remote එක අරන් හංගන් තියා ගන්නවා. ඇයි අපේ ගෙදර අපි දෙන්නාගේ නීතිය උනේ ඉස්සෙල්ලාම T.V.එක දාන කෙනාට තමා Remote එක තියා ගන්න පුලුවන්.. හි:) හි:)... කොහොමද වැඩ..

    මොනවා උනත් ලස්සන කතා ටිකක් ඒ කාලේ අපිට බලන්න තිබුනා නේද හිරු අක්කේ..??

    ReplyDelete
    Replies
    1. හි හි... අපේ ගෙදර නං ඉතිං ටීවී එක මගේ වගේ තමා.. 8 ට විතරයි පොඩි අවුලක් තිබ්බේ, ප්‍රවෘත්ති හින්දා... හපෝ ඒ දවස්වල මම ප්‍රවෘත්ති එක්ක කොච්චර තරහද.... හි හි....

      Delete
  13. පිස්සු පුසා නම් ඉරිදා උදේටද කොහෙද ආයේ යනවා දැක්කා

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඉරිදා උදේ තමා.

      Delete
    2. ඒත් ඉතිං ඕවා බලන්න ළමයි ගෙවල් වල ඉන්නවයැ...

      Delete
  14. ඇයි අප්පා ලොස්ට් වර්ල්ඩ්, ශීනා, බීස්ට් මාස්ටර් වගේ ඒවා අමතක උනේ කොහොමද ?
    ආහ් තව චුට්ටෙන් අමතක වෙනවා ඇයි රොබින්සන් කෲසෝ !
    බොලා ඉතින් 84 ඉපදිච්ච එකී වෙච්චකොට මෙවුවා බලපු එකේ අමුත්තකුත් නෑ..හික්ස් :)

    ReplyDelete
    Replies
    1. අපිට තමයි හොඳම ඒවා අහුඋනේ... උඹලට වැඩකට නැති ඒවත් අහුවෙලා... හි හි.... එතකොට ඔලු වාහිනිය එහෙම ඇවිත්නේ.. නේද....

      Delete
    2. අනේ පලයන් යන්ඩ හිරු !
      අපිත් බැළුවා ඔය කියන සේරම ටික. :)
      ඔළුවාහිනිය ආවට පස්සේ තමා අර ටික ගියේ. ඔය සමහර සීරීස් බලන්න ඕන තනියම. ඒ තරම්ම සම්භාව්‍යයි !

      Delete
    3. රොබින්සන් කෲසෝ නං මං ආසම නැති එකක්.. ශීනා ටිකක් බැලුවා... ඒ කාලේ ඔළුව ඒ තරම් ක්ලියර් පෙනුනේ නෑ... ඒක නිසා වෙන්නැති මම එච්චර දැඟළුවේ නෑ ඕවාට...

      Delete
  15. අනේ මගෙ අර්න්ස්ට්....!! ඊට පස්සෙ විලියම් ටෙල් එකෙත් හිටියනෙ.

    ඔයාට නම මතක නැති ස්කයි sky trackers ... මමත් ඒකට ආසයි. ඒකෙ අන්තිම කොටසෙ කොල්ලයි කෙල්ලයි අත් දෙක අල්ලන් කියන සින්දුවට ආස හින්දම මම මේ ළඟදි ඒක යූ ටියුබ් එකෙන් ඩවුන් ලෝඩ් කළා.

    මම දවසක් කාවා ටත් කිවුවා පෝල් ට තිබුන මගෙ ක්‍රශ් එක ගැන. මම එයා ගැන ළඟදිත් හොයල බැලුව එයා ගැන. දැන් එයා මොනෑෂ් එකේ හරි කොහෙ හරි සාහිත්‍ය ලෙක්චරර් කෙනෙක් ලු. ආයෙ රඟපාන්නෙත් නෑලු. අනේ මගෙ හදවත කඩන් වැ‍ටුනා.

    ග්‍රහ ලෝක වලින් ආව ළමයි හිටියෙ space cases එකේ. ඒකෙ මම ආසම රාදු ට. රිදී හිරු සොයා කියලා ගියෙ silver sun . ඒකෙ මගෙ ක්‍රශ් එක ශේන්.

    ඕෂන් ගර්ල් කොල්ලො දෙන්න ජේසන් , බ්‍රෙට් නෙ අනේ.

    පන් පසිඳුවන් නම් ඩබින් මට එච්චර ඇල්ලුවෙ නෑ. ඒත් මම ඒකෙ ඈන් වගේ ලස්සන වෙන්න නම් ආසා වුණා.
    තව මතකද tomorrow people, return to Jupiter, crash zone, ghost writer, cave of the golden rose....

    මතක් වෙද්දිත් හරි ආසයි. දැන් එච්චර ලස්සන ඒවා යන්නෙ නැත්තෙ ළමයි බලන්නෙ නැති නිසාද මන්දා.

    මම තව ආසයි සුරඟන කතා කරලියෙ ගිය "හිම කුමාරි" ටත්.

    ReplyDelete
    Replies
    1. හෆොයි මම පෝස්ට් එකක්ම ටයිප් කරලනෙ

      Delete
    2. හඩේ උන් ටික හිටියේ ස්පෙස් කේසස් ද . මම අද නාගෙන හී හී

      Delete
    3. හි හි.. ඔන්න මං කියපු ජාතියේ එක්කෙනෙක්ට හොද උදාහරණයක්.... දිග කමෙන්ට් වලට මේකේ ඕනේ තරම් ඉඩ තියෙනවා... හි හි...

      ගනන් ගන්න එපා මීයෝ.....

      Delete
  16. මෙහෙම ලියන්න ගියොත් ටයි මාමා හඬ කවපු සෙට් එකක් ම ලියන්න වෙනවා.
    ඒක නෙමේ හිරු, මතකද පන් පසිදුවන් ටීවී සීරිස් එක ! ඉස්සර බ්‍රහස්පතින්දා දවසකද කොහෙදෝ ගියේ.
    ඒත් එක්කම මතක් වෙන්නේ ස්පේස් කේසස් සීරිස් එක !

    ReplyDelete
    Replies
    1. ඇයි බං මං ඔය දාලා තියෙන්නේ ෆොටෝ එක.. හි හි...
      ටයි මාමයි අපේ ළමා කාලයයි වෙන් කරන්න බෑ මින්...

      Delete
  17. ඔය කථා ටික හිරි අශාවෙන් මමත් බැලුවා.ටිං ටිං,ගිස්බන් නයිට් රයිඩර් හරි සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. රහසක් කියන්නම්.. අපේ මහත්තයට මම ඉස්කොලෙ යන කාලේ නම දාලා තිබ්බේ ටිං ටිං කියලා... එයාගේ යාලුවෝ සෙට් එකේ හිටියා නෙස්ටර්, රස්ටපොපියුලස්, තොම්සන් ඩබලේ ඉඳලා ස්නෝවි වෙනකම්ම කට්ටිය.. හි හි.... මං තමා මැඩම් කැස්ටෆියුරි.. හි හි...

      Delete
    2. අපොයි මහත්තයා ටිං ටිං වෙලා ඔයා මැඩම් කැස්ටෆියුරි වෙලා හරි යනවායෑ. ඔන්න කැප්ටන්වත් වුනානම් මහත්තයා ගොඩ.

      Delete
    3. ඒකේ ඉතිං ගෑණු චරිතෙකට තිබ්බේ එච්චරයි නේ.. හි හි..
      අනිත් එක මගේ කටත් කැස්ටෆියුරිගේ වගේ තමා.. හි හි..
      ඔය නම් දාන කාලේ යාලු වෙලා හිටියේ නෑ නේ...

      Delete
  18. සෙනසුරාදා රාත්‍රී 7ට රූපවාහිනියෙ ගියා "Little House On the Prairie" කියලා කතාවක්. මම නම් හරිම ආසාවෙන් ඒක බැලුවේ.
    ……..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. ඈ... ඒක නම් මතකම නෑ....

      Delete
    2. හ්ම්... ඔය කියන්නෙ ලෝරා ඉන්ගල්ස් ගෙ කතාවෙ නාට්ටියක් කරපු එකද?

      Delete
    3. එහෙම එකක්ද.. ලෝරාගේ පොත් සෙට් එකට නම් මම මාර ආසයි....

      Delete
  19. හී.... මාත් ඔය වගේම පිස්සියක් ඒ ඒ කතා වලට.. එක්ස් ෆයිල්ස් ගැන නම් ඉතිං පිස්සුව නැති වෙන්නෙම නැති තරම්.. අර නෝවා රෝසි එහෙම හිටිය කතාව ස්පේස් කේසස් නේද? ඒකෙ තෙල්මා තමයි මරු... ඔය හැම කතාවක්ම ආයි ආයි කොච්චර බැලුවත් එපා වෙන්නෙම නෑ නේ,... ඒකත් මාරයි...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. තෙල්මා තමයි අප්පා මරු.. හිහි ... මතක් වෙනකොටත් හිනා...

      Delete
  20. මම නම් කැමැත්තෙන් බැලූ කාටූන් අතර වුඩිවුඩ්පෙකර්, ෆොක්ස් වගේ කාටූන් තිබුණා. මෑත කලායේ හිතට වැදුන කාටූන් අතර සූරපප්පා සහ කවුද බෝයි තමයි මතකයේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මම වර්ග කිරීමකින් තොරව කාටුන් වලට තාමත් ආසයි... කාටූන් නං ඕනේ එකක්.. හි හි

      Delete
  21. ඇයි මතකද හත්පන කියන නාට්ටිය

    ReplyDelete
    Replies
    1. නෑ අටම්... ඒත් මට යාන්තමට අර ඔලුවට වතුර කලෙන් ගහන සීන් එක මතකයි.. ෂුවර් නෑ පොත කියවල හිතේ මැවිච්ච සීන් එකද, නැත්තම් ටීවී එකේ දැකපු එකක්ද කියලා...

      Delete
    2. හත්පණ නාට්ටිය මරු.
      ඒකේ කිරිහාමියාට ඉන්න චරිතය සර් කෙනෙක් කියලා පස්සේ තමා දැනගත්තේ. උන්දෑගේ රංගනය පට්ට !

      Delete
    3. එහෙනං හරි... මං බලලා තියෙනවා... මට ඔය කතාව මතකයි... හි හි...

      Delete
    4. පොර අපේ ගනන් සර් හප්පේ හරිම සැරයි .

      Delete
    5. හි හි..... ඔය ඉන්නේ දන්න කියන අය...

      Delete
  22. අප්පේ....ගියපුවා ඔක්කොම කට්ටිය උඩින් කියලනේ...ඒ වුනාට කාට හරි මතකද මිත් ක්වෙස්ට් කියලා එකක් ගියා?? එකත් නියමයි.අබ්බගාත නැඟී කෙනක් ඉන්නේ??? මන් එකටත් ආසයි. ඔය කොල්ලෝ ඔක්කොටොම මමත් මැරෙන්න හැදුවා!! දෙය්යනේ!! මෝල්ඩර් අපේ අප්පච්චිගේ වයස...ලොල්..රාදු හිටියේ ස්පේස් කේසස් වල. ක්‍රෑෂ් සෝන්??? එකේ මයිකි??? මාරු අප්පා...මේ දැන් පොඩි එවුන් බලන්නේ බෙන් 10 ... සික්....

    ReplyDelete
    Replies
    1. මිත් ක්වෙස්ට් මතක නෑ නේ.. මට අහුවෙලා නැද්ද කොහෙද...

      අප්පා ඔව්.. තාත්තගේ වයස උනාට අපේ උන්ට ලවු කරන්න නම් අවුලක් තිබ්බේ නෑ.. හි හි.. දැං පොඩි එවුන් ගැන දුක හිතෙනවා අප්පා....

      Delete
    2. මිත් ක්වෙස්ට් ගියේ මොනරාගේ...අය්යා ගේ නම ඇලෙක්ස්.. ඉස්සර මම හොඳට නොට් කරලා තියනවා ස්පෙල් බයින්ඩර් එකේ හිටපු පෝල් ගේ නමට වවල් එකක් නැ. zbych එයාගේ නම...

      Delete
    3. ඔය ඉන්නේ පිස්සෝ... හි හි....

      Delete
  23. චාලි චැප්ලින්, බිග් ෆුට් ඇන්ඩ් වයිල්ඩ් බෝයි ,240 රොබෝට්, මැගයිවර් ,මන්කි, හෙකල් ඇන්ඩ් ජෙකල්, වුඩ් පෙකර්. බුදු අම්මෝ......තව ගමකට තියනවා. අපිට TV එක හම්බවෙනකොට ලංකාවේ විකාශනයක් තිබුනෙ නෑ. අය්යයි මමයි tv එකදාගෙන ෂෝ .....ගාන සද්දෙත් එක්ක යන කළු සුදු තිත් බාලගෙන ඉන්නව.

    ReplyDelete
    Replies
    1. අම්ම... තව එකක් මතක් උනා.... ඇයි දෙයියනේ රොබෝ කොප්.........

      මැගයිවර් පොඩි කාලේ බැලුවා කියන්නේ කම්මල මට වඩා වයසයි වෙන්න ඕනේ.. මොකද මං ඒක බැලුවේ කසාද බැන්දටත් පස්‌ෙස්... ඉරිදා හවසට කොහෙවත් යන්නේ නැතුව ඉන්නවා ඕක බලන්න.. අපේ මහත්තයා හිනා වෙනවා... හි හි....

      Delete
  24. Mamath oya katha tiken godak ewa balala thiyenawa. Eth okkama nam balala na. Dan yana ewagen nam hodai kiyala hithena tika baba ekka mamath balanawa.

    ReplyDelete
    Replies
    1. ආ.. මම ඔයාට කියන්න හිටියේ.. පොඩ්ඩන්ට ඉංග්‍රීසි පුරුදු කරවන්න මං හැමතිස්සේම දාලා දෙන කාටූන් ෆිල්ම් එකක් තියෙනවා.... ඒකේ නම “Bambi” පොඩි මුව පැටියෙකුයි හා පැටියෙකුයි ඉන්න කතාවක්.. එකේ ඔය පොඩි පොඩි වචන හරි ලස්සනට උච්ඡාරණය කරනවා... මම නං දෙතුන් දෙනෙක්ට ඕක දාලා දීලා ඉංග්‍රීසි ගොඩ දැම්මා....

      Delete
  25. මමනං ඉස්සර පට්ට ලවෙන් හිටියේ පන් පසිදුවන් එකේ ඈන් ට! ඇත්තටම ඈ! ;)

    ReplyDelete
    Replies
    1. හි හි... ඈන් වගේ වෙන්න හදපු එක්කෙනෙක් නං උඩ හිටියා... මං නං ආස උනේ ජෝර්ජ්ට.... හි හි... මං වගේම දඟ කෙල්ලෙක් නේ....

      Delete
  26. අම්මෝ...... ඒ කාලේ ගැන නම් කියල වැඩක් නෑ අප්පා.... මාත් ඔය සෙට් එකම බලලා තියනවා.... හපොයි තිබ්බ පිස්සුවක්...... :)

    ReplyDelete
    Replies
    1. හි හි... ඔය ඉන්නේ කට්ටිය...

      Delete
  27. ඒ කාලේ කතා වලින් මම ආසම උනේ 'කුංෆු' කතාවට. රොබින් හුඩ්, මල්ගුඩි දවස් එහෙමත් බැලුවා. මම රට පැටවුනාට පස්සෙ නම් ඔය ස්පෙල් බයින්ඩර්, ඕෂන් ගර්ල් වගේ ඒවා බැලුවා.. ලංකාවෙදි නම් බලලා නෑ ඒවා.. මං හිතන්නේ ඕවා ගියේ මං ඒලෙවල් කරන කාලේ...

    ReplyDelete
    Replies
    1. කුංෆු නං දෙපාරක් බැලුවා මට මතක විදියට... හැබැයි තේරැනේ අඩුවෙන්... අර grasshopper කතාව නං තාම මතකයි...

      Delete
  28. Night Time TV කවුරුත් බලලා නෑ වගේ.. ඒකත් ඒ කාලෙ ගිය බොහෝම හොඳ වැඩසටහනක්ලු..

    මමත් ඔය හිරු අක්කා කියන කතන්දර බලලා තියේ..

    ReplyDelete
    Replies
    1. නයිට් ටයිම් ටීවී එකට පුරස්නයක් තිබ්බා... 4.30ට නැගිටින්න එපැයි.... ඒක නිසා ඒක බැලුවේ නෑ...

      Delete
    2. නයිට් ටයිම් ටීවී බලන්න කස්ටිය ගෙවල්වල මිනිස්සු කලින්ම නින්දට යවල බොහොම අමාරුවෙන් සෙට්වෙල, වෙලාව කිට්ටුවෙනකොට බොක්ක බොයිල් කරන් ලැහැස්ති වෙල හිටියළු. මෙන්න අර ලස්සපති අයියා 250 තඩි ටයි පොල්ලකුත් දාගෙන ඇවිත් හෙන කතාවක් පටන්ගත්තළු. :)

      Delete
    3. හි හි.. ඒ වෙලාවට නං කන්න හිතෙනවා ‌නේ... මටත් ඔහොම වෙනවා එක්ස් ෆයිල්ස් බලන්න අමාරුවෙන් නැඟිටගෙන හිටියම අද දින විකාශය නොවේ කියලා දානකොට... අම්මපා රූපවාහිනියේ එවුන්ගේ කන පලල එන්න හිතෙනවා.... හි හි

      Delete
  29. හිරු ලියලා තියෙන කතා සෙට් එකම වගේ ඒකාලේ බැලුවා. සැටර්ඩේ නයිට් මූවි එකත ඇත ඇරියෙම නැහැ. මොකෝ ෆිල්ම් බලන්න කොම්පිතරයක් තිබ්බේ නැහැනේ ඒ කාලේ. දැන් නම් යන කතා වල නමවත් දන්නේ නැහැ. මං ආසම රොබින් හුඩ් තමයි!

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් නං පිස්සුවෙන් වගේ බැලුවා.. මොන කොම්පියුටර්ද... ප්ලෙයර් එකක් වත් තිබ්බේ නෑ... මං මේ ලිව්වේ ටීවී සීරීස් ගැන.. හි හි..

      ෆිල්ම් ගැන කලින් ලිව්වා නේ....
      හිරුගේ ෆිල්ම් පිස්සුව

      Delete
  30. අපි ඉතින් 90 දශකේ ඉපදුණු උන් නෙ හිරු අක්කේ.. ඒ වුණාට ඔය ඔක්කොම කාටුන් මමත් බලල තියේ.. වැඩියෙන්ම ආස පිස්සු පුසා ට... අනිත් එක මායා බෝංචි වැල, හිම කුමාරි වගේ සුරංගනා කතා සෙට් එකට. අර අනිත් සුරංගනා කතාව මොකද්ද තඩි පුසෙක් ඉන්න එක. නම මතක නෑ...
    දැන් කතා වලින් නම් සූර පප්පාට තමයි ගොඩක්ම කැමතියි.. මොනවා නැතත් සිරසේ, හඬකැවීම් ඒකකේට නම් මං කැමතියි. :)

    ReplyDelete
    Replies
    1. කාටූන් ගැන නම් මම ලියන්නේ නෑ අයිස්... මොකෝ ඒකේ ලියලා ඉවර කරන්න බැරි තරම් ලිස්ට් එකක් තියෙනවා... හි හි.. අදටත් කාටූන් තමා ආසාවෙන්ම බලන්නේ... සිරසේ සූර පප්පා, කවුද බෝයි හොදට කළා.. අනිත් ඒවා කෑවා.....

      Delete
  31. ස්පෙල් බයින්ඩර්, ඕෂන් ගර්ල් වලට ගහන්න ආයේ කතා නෑ. ටින් ටින්, පිස්සු පූසා, දොස්තර හොඳ හිත අන්න කාටූන්. ඔලුවේ වගේ කුණුහරුප දෙබස් නෑ. එත් ඔලුවට වඩා රසයක් ඒවායේ තිබුනා. එතකොට වෝටර් මාර්ජින්. නයිට් රයිඩර්, වයිපර්, රොබෝ කෝප්. පිස්සු පීකුදු.

    ඒ කාලේ බලපුවා ගැන කියද්දී ලව් බෝට් ගැනත් මතක් කරන්න එපාය. (ජාතිකේ කාපු එකා හිටපු කාලේ නෙව ගියේ). ඇයි අපි පාඩම් රෑ නිදි වරාගෙන පාඩම් කරන දවස? සිකුරාදා. ලේට් නයිට් ටී.වී. හි..හි..

    අතුල රන්සිරිලාල් මහත්තයයි, ටයි මහත්තයයි ජාතිකෙට කරපු සේවයට මුළු හදින්ම කෘතඥ වෙන්න ඕනි.

    කස්ටිය මේවා ගැන මතක් කරලා ඇති. කමෙන්ට් බලන්න හෙට එන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. ///අතුල රන්සිරිලාල් මහත්තයයි, ටයි මහත්තයයි ජාතිකෙට කරපු සේවයට මුළු හදින්ම කෘතඥ වෙන්න ඕනි.///

      සහතික ඇත්ත... ඇයි අපිට කරපු සේවෙට.. හි හි...

      Delete
  32. "time trax" එකේ ලැම්බට් අයියා මතකද ?

    "cave of the golden rose" එකේ හිටිය ටාරබ්බාස් ට කෙල්ලෝ වහ වැටුන කියල තමයි අහල තියෙන්නේ :P

    ReplyDelete
    Replies
    1. අන්න මට අමතකවුණු තවත් එකක්- cave of the golden rose ඔලුවෙනේ ගියේ..

      Delete
    2. ඔව් අප්පා.. මටත් එක අමතක උනා... මාත් තුන් පාරක් විතර බැලුවා.. මම නං ආස කෙල්ලට.. හි හි... මාත් ඉතිං ඒ වගේනේ ඒ කාලේ......

      "time trax" මතක නෑ නේ....

      Delete
  33. මමත් සෑහෙන්න දේවල් බැලුවා අනේ... නම් වශයෙන් ගොඩාක් මතක නෑ... ඉස්සර මහ රෑ නිදිමරාගෙන හින්දි ෆිල්ම් තනියෙන් බල බලා ඉන්නකොට... අපේ තාත්තා මහ රෑ වතුර ටිකක් එහෙම බොන්න බැරි වෙලාවත් නැගිටලා ආවොත් ඒ වෙලාවටම කරුමෙටම රේප් සීන් එකක් හරි ඩීප් කිස් සීන් එකක් හරි යනවම තමයි... මොනවද මේ බලන්නෙ ගිහිල්ලා නිදියගනිං කියලයි එතකොට මාව එලෙව්වෙ... ඒ හින්දමද මන්දා දැන් නම් චිත්තරපටි බලන්නෙම නෑ...

    ReplyDelete
    Replies
    1. එක දවසක් අපේ අක්කි ධද්කන් කියන හින්දි ෆිල්ම් එක බල බල ඉද්දි අප්පච්චි නැගිටලා ඔය වගේ වතුර බොන්න. මොකද්ද බලන්නේ කියල ඇහුවාම අක්කි කිව්වලු දඩ්කන් කියල..
      දඩ්කන්????

      දන්නවද තේරුමවත්??? ගිහින් නිදාගන්නවා!! කිව්වලු... හි...හි...

      Delete
    2. හි හි.. මම නං නිදා මරාගෙන බලපු කතා තුනයි තිබ්බේ.. සුපර් මෑන්, එක්ස් ෆයිල්ස්, තව මොකක් හරි ඒලියන් කතාවක්... මම ඒවා මැරීගෙන බලනවා කියලා දන්න නිසා අපේ අම්මා කවදාවත් ලෙඩ දැම්මේ නෑ.. හි හි...

      Delete
    3. අඩේ අපේ ගෙදරත් ඔහොමයිනෙ සිරා.. මයිකල් නයිටුත් කට කන්නෙ කවුරුහරි ඉන්න වෙලාවටමයි...

      Delete
  34. අර කිව්වත් වගේ කාටවත් Viper මතක් වෙලා නෑනෙ. තව ආසාවෙන් බලපු එකක් තමා Alf එතකොට තව අර රොබෝ කෙල්ලෙකුගේ කතාවක් ගියෙ . මට නම මතක නෑ. ඒ කෙල්ල ඇත්ත මනුස්සයෙක් වගේ නමුත් වයින් වලින් ද කොහෙද දුවන්නෙ. හෙහ් හෙහ්! ගොඩක් පොඩි කාලෙ බලපුව. දැන් මතකත් නෑ. තව එතකොට Little house on the prairie...

    ReplyDelete
    Replies
    1. Little house on the prairie... එක මට මිස් වෙලාද කොහෙද.. එක ගැන කිසිම මතකයක් නෑ.... රොබෝ කෙල්ලගේ කතාවත් ම්හු....

      වයිපර් හරි අමාරුවෙන් බැලුවේ.. ඒ දවස්වල ඉතිං කූරු දෙකේ ඇන්ටනාව විතරනේ... හි හි..

      Delete
  35. මම නම් ටිං ටිං බලලා තියෙනවා.ඉස්සර බලන්න විදියක් තිබුනේ නෑ..ගෙදර ටීවි නෑ වෙන ගෙවල් වලට ගිහින් බලන්න තාත්තා තහනම් කරලා තිබුණා.ඉතිං ලොකු වෙලා තමයි ටොම් & ජෙරී , ස්කුබිඩූ , දගරවලිග වගේඒවා බැලුවේ..

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයගේ ජාතියේ එහෙනං.... හයියෝ.. මෙලෝ දෙයක් ඇහුවට වැඩක් නෑ.. අපේ ගෙදර ටීවී තිබුන් න නේ ..... මට මල ඉතිං..... හි හි

      Delete
  36. පරක්කු වුනා. ඊයෙ දවසම පේපර්ස් බැලුවා.

    ඔය හඬ කවපු ඒවෑන් මම කැමති දොස්තර හොඳ හිත, පිස්සු පූසා වගෙ කීපයකට විතරයි. ඔය සූර පප්පා කියලා Asterix ට කරපු අපරාදෙට මම මලෙන් උන්නෙ කවදාත්. මොකද ඒ ඔරිජිනල් සීරීස් එක, ඒ කියන්නෙ පොත් සීරීස් එක මගෙ ප්‍රියතම එකක්. ඒ වගේමයි ටිං ටිං.

    එතකොට අර දඟර වලිග ලප වානර වලට උඹලා කැමතිද? මට නම් අප්පිරියයි බං. අර පංසල්වල, එතකොට තොරන් ගාවා සම්මාදම් ඉල්ලන විරින්දො මට මතක් වෙන්නෙ. ඒ මදිවට ඒ කටහඬ!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. දඟර වලිග ලප වානර වලටත් කැමතියි අප්පා... :)))

      Delete
    2. ටිං ටිං රූපවාහිනී එකේ කරපු එකට නම් මම මාර ආසයි.. හි හි.. සිරසේ කරපු එකකට වත් මම ආස නෑ...

      දඟර වලිග එකට මම ආසයි.. ඒක කොහොමත් තොරන් වල විදියටනේ කවි ටික කියන්නේ ... ඒකට ගැලපෙනවා... මට හිතෙන හැටියට.. හි හි... ස්වාධීන එකේ කරපු එකට වඩා රෑපවාහිනී එකේ කරපු එක හොඳයි.. දෙවිදියකට නිසා හැබැයි වෙනසකුත් තියෙනවා... හි හි..

      Asterix ඔරිජිනල් එක බලපු කෙනෙක්ට මල පනින එකේ පුදුමයක් නෑ.. හි හි..

      Delete
  37. මායා බෝංචි වැල කතාවේ අලුත් සිරිස් එකකුත් ආවා. මම හිතන්නේ MTV හරි ART එකේ හරි ගියේ .. ඒකෙ තීම් සෝන්ග් එකේ මෙලඩි එකෙන් කසුන් කල්හාර සිංදුවකත් හැදුවා..
    cave of the golden rose නියම කතාව. Sindbad, Hercules,Zeena කියල එකකුයි Sheena කියල එකකුයි දෙකක්ම තිබුනා. X FILES, PSI FACTOR, DARK SKY, SMALLVILLE, SUPER MAN, MARTIAL LOW, VIPER මතක් වෙන්කෙත් නෑ..

    සුජාත දියනිය එකේ ඩබින් ඔෂීන් තරම්ම හොද නෑ කියලනම් මටත් හිතුනා.. කාටුන් නම් ඕන එකක් මේක පබ්ලිෂ් කරපු ගමන් දුවල ගිහින් බෙන්10 බලන්න ඕනේ..


    ජය..

    ReplyDelete
    Replies
    1. මගේ ජාතියෙ පිස්සෙක්.. මාත් තාම බෙන් 10 බලනවා... හි හි

      Delete
    2. පරක්කු වෙලා මේක දැක්කේ බෙන් ටෙන් බලන එක නම් මගේ දවසේ අංගයක්....

      Delete
  38. අඩේ මං එනකොට් කස්ටිය යන්නත් ගිහින් නේ. ඔය කිව්ව් ඒවායින් මට නම් ඉතින් රොබින් සහ ඔෂීන්. අනිත්වා එච්චර බැලුවේ නෑ. ඒ දවස් වල අපිට කැරම් පිස්සුවක් හැදිලා තිබ්බ නිසා ටී වී දාල තිබ්බත් එකේ යන්නේ මොනවද කියල දැනෙන්නේ නෑ. :)

    ReplyDelete
    Replies
    1. හයියෝ.. වැඩක් නෑ හොඳේ.. හි හි

      Delete
  39. පරක්කුවෙලා හොඳටම කෝච්චිය ගිහිල්ලද මංදා. කමක් නෑ ෂර්ලොක් හෝම්ස් පොතක් දෙකක් මා ගාවත් තියෙනවා.

    ReplyDelete
  40. ඔය කෙරුවේ පෝස්ට් දෙකම කියවලා අහක කොමෙන්ට් කොරන්න හැදුවේ..! වයර් මාරුවෙලා අරකට දාන්න ඕන එක දැම්මේ මේකට. වැස්සක් වැ‍ටුන නිසා සීතලට වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ කමක් නෑ සරා අයියේ.. කොහොම හරි පොස්ට් දෙකම කියෙව්වා නොවැ.. හි හි

      Delete
  41. හෆ්ෆේ මාත් බලපු කතා සෙට් එකම තමයි.. ඇයි ටයි මාමගේ කාටුන් ටික.. :)

    ReplyDelete
    Replies
    1. කාටූන් පිස්සෝ..... හි හි...

      Delete
  42. අපොයි කට්ටිය මෙතන රසබර සංවාදයක් ගෙනිහින් තියෙන්නේ ..තැන්ක්ස් හිරු ලින්ක් එක දුන්නට

    ReplyDelete
  43. අනේ හිරූ..... ''හිරු නැති හෝරාව'' මේ තරං කල් මග ඇරිල තිබුණ එක ගැන සමාවෙන්න. වැඩිය බ්ලොග් කියවන්න කාලය නැති එකයි හේතුව... ඔන්න අද ඉදන් නිත්ය සාමාජිකයෙක්...

    ReplyDelete
  44. මොකක්ද බන් අර සීන් එකක් තිබ්බෙ පොඩි ලමයෙක්ව වැද්දො වගෙ ජතියක් එක්කගෙන ගිහින් එ රැලේ නායකයා කරන්නෙ, දන්න එකෙක් ඉන්නවනම් එ tv series එකෙ නම කියන්ඩකෝ😳

    ReplyDelete