Wednesday, November 28, 2012

ඔය කියන එක කරනවනම්, කරන්න ඕනේ කොහොමද කියලා මට හිතෙන හැටි...

මේ දවස් ටිකේම මේ ගැන කතා කළා... දැන් නං ඇතිත් කියලා හිතෙනවා... ඒත් මේ කලින් ලියපු පෝස්ට් කීපයම ලිව්වේ පිරිමි අය නිසා මට හිතුනා ස්ත්‍රී පාර්ෂවය මේ ගැන දකින අයුරුත් මම දකින කෝණයෙන් හරි ලියන්න ඕනේ කියලා.. මේක මේ තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්චා ගැනීමක් කියලා වරදවා වටහා ගන්න එපා.. මේ බ්ලොග් එකේ ලියවෙන්නේ බොහොම සරළ, සාමාන්‍ය මාතෘකා ගැන... මේකත් ඒ වගේ දෙයක් තමයි.... 

පළවෙනියට කියන්න ඕනේ මේක ලියවෙන්නෙ ලංකාවට අදාළව...  ‌

ලංකාව කියන්නෙ ඉතාමත් පැරණි, අනාදිමත් කාළයක ඉඳලා පැවතගෙන එන ප්‍රෞඩ සංස්කෘතියකට උරුමකම් කියන රටක්.. මේ රටේ කාන්තාවන්ට දක්වපු සැලකිල්ල ඉතා ඉහල මට්ටමක තිබුණා..... මැණිකක් අතින් ගත් රෑමත් කාන්තාවකට රටේ මේ කොණේ ඉඳලා ඒ කොණට අතුරු ආන්තරාවක් නැතුව යන්න පුළුවන් සමාජයක්............... බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්.............. 

නෑ ඒක නෙවෙයි.... 

අපි මේකට අදාළව ලංකාව ගැන යථාර්ථය කතා කරමු.... 

ලංකාව කියන්නේ නීතියක් තිබුනත් නීතියට පිටින් කරන දේවල් වැඩි රටක්.... ලංකාව තුළ තියෙන්නේ අනාදිමත් කාලයක මේ රටට බලෙන් පටවපු නීති පද්ධතියක්... ලංකාවේ තියෙන්නේ පිටින් ආපු සංස්කෘතියක්... කො‌ටින්ම කිව්වොත් රටේ වැවෙන හාල් වලින් හදා ගන්න බත් වේල එක වේලකටත්, රටින් ගේන තිරිඟු පිටි වලින් හදන පාන් වලින් සහ ෂෝට් ඊට්ස් වලින් වේල් දෙකකුත් කන ජාතියක්...

එතකොට ලංකාවේ මිනිස්සු.... 

ලංකාවේ මිනිස්සු ආගන්තුක සත්කාරයට බොහොම ලැදියි... රටින් එන අයව විතරක් නෙවෙයි රටින් ගේන හැමදෙයක්මත් සාදරයෙන් පිළිගන්නවා... එන අය බොහොම ආදරෙන් ගෙනාපු දේවල් දීලා ගියාම, නොමිලේ දෙනවා නම් ඕනේ කුණු ‌ගොඩක් බාර ගන්න මේ මිනිස්සු, ඒවත් සාදරයෙන් තමන්ගේ ගෙට අරන් පරිස්සම් ඇති තැනක තියනවා... 

ඒ වගේම ලංකාවේ මිනිස්සු දැක්කත් නොදැක්කා වගේ ඉන්න දක්ෂ ජාතියක්... ඒ වගේම හැම දේකම වැරදි හොයන්න පුදුමාකාර දක්ෂතාවයක් තියෙන ජාතියක්.... තමන්ට නැතුව අනිත් අයට හොඳ දෙයක් වෙනවනම් ඉවසගෙන ඉන්න ආමාරු නිසා මොනවා හරි අතීත කුණු ගොඩක් ඇඳලා ඒ මනුස්සයව වට්ටන්න උත්සාහ කරනවා වගේම, තව කෙනෙක්ට වැරැද්දක් උනාම ඒ කෙනාගේ හත්මුතු පරම්පාරවෙම දොස් ටික ඉස්සරහට ගෙනල්ලා අර මනුස්සයාව තවත් අසරණ කරලා දාන්නත් මේ මිනිස්සු හරි දක්ෂයි... ( පිටින් පේන්නෙ නම් අනුකම්පාවෙන් උදවු කරන්න යනවා වගේ..) 

ඔය මං කිව්වේ මේ කාරණාවට අදාළ දේවල් සම්බන්ධයෙන් විතරයි... 

දැං තවත් යථාර්ථයක් ගැන කතා කරමු... 

  • ලංකාවේ කාන්තා ගණිකාවන් 50000 කට වැඩිය ඉන්නවා.. එතකොට එච්චර ප්‍රමාණයක් පිරිමි ගණිකාවන් ඇසුරු කරන්නත් එපැයි... ( මං මේ දවසකට එක්කෙනෙක්ට එක ගානේ ගනං හැදුවට ඉතිං ඇත්ත තත්වය දන්නවනේ.. මොකද නිකම් නොදන්නවා වගේ ඉන්නේ.. හි හි) 
  • මෑතකදි ඒඩ්ස් ව්‍යෘප්තිය වැඩි රටවල් වලින් එකක් ලංකාව... 
  • ලංකාවේ ස්ත්‍රී දුෂණ, ළමා අපචාර සහ මිනි මැරැම් ප්‍රතිශතය ඉතාමත් වැඩි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙන්නෙ... 
හරි... අපි මේ ගැන දිගින් දිගටම කතා කරන්න අවශ්‍ය නෑ... තැන් දෙක තුනකම මේවා කතා කළානේ.. 

මේ සිද්ධ වෙන දේවල් වැරදියි කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ... අපි බලමු මේවා හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා... 

‌මෙතන ඉදන් උපකල්පනය කරමු ලංකාවේ නීති හරියට ක්‍රියාත්මක වෙනවා කියලා.. 

අධ්‍යාපනය පැත්තෙන්....

  • බාලිකා පාසල් සහ බාලක පාසල් වශයෙන් වෙන් කරන්නේ නැතුව හැම පාසලක්ම මිශ්‍ර පාසල් කරන්න ඕනේ... 

ඒක ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑනේ... මෙහෙම වෙන් කරලා තියෙන ඉස්කෝල වල උන්ට අනිත් උන්ට වඩා විසේ වැඩියි.. හි හි...
  • පාසල් වල ලිංගික අධ්‍යාපනය 6 වසරේ ඉඳලා විශය නිර්‌ෙද්ශයට ඇතුලත් කරන්න ඕනේ... 
මෙහෙම කියන්න එක හේතුවක් තමයි මීට ටික කාලෙකට කලින් ගැහැණු ළමයින්ගේ වැඩිවියට පත් වීමේ වයස අවුරුදු 12-13-14 වගේ කාලෙදි කියලා සැලකුවත්, ඒක මේ වෙන‌ෙකාට අවුරුදු 10-11-12 වගේ කාලයෙදි සිද්ධ වීම් වැඩි වීම.. දෙවනි හේතුව දිගින් දිගටම සීමාවක් නැතුව රට තුළට එන දියුණු තාක්ෂණය... අම්මලා තාත්තලා පාවිච්චි කරන්න දන්නෙ නැති බඩු පාවිච්චි කරන්න පොඩි එවුන් දන්නවා.. ඉතිං උං මොනවා කරනවද කියලා කිසි කෙනෙක් දන්නේ නෑ... එත‌ෙකාට ඒ කාලේ පින්තුරු පත්තරේකින් දැනුම හොයා ගත්ත කට්ටිය අද කරන්නේ ඉන්ටටෙට් එකෙන් ඒ දැනුම ගන්න එක.. ලබා ගන්නා දැනුමේ ලොකු වෙනසක් තියෙනවා කියලා පේනවනේ...  නමුත් නිසි විදියකින් දැනුම ලබා දුන්නට පස්සේ කුතුහලය යම් තරමකින් අවම වෙන නිසා සහ දැනුවත් බව නිසා අපචාර වලට හසුවීමේ ඉඩකඩ අවම වෙන නිසා මේකෙන් හොදක් සිද්ධ වේවි... ( ඒ වගේම එක්ස්පෙරිමන්ට් කරන්න පටන් ගන්න වයසත් අවුරුදු කීපයකින් වෙනස් වෙනස් වේවි.. දැන් අවුරුදු 17 විතර වෙනකොට කරන ඒවා 15-16 දි කරන්න පෙළඹේවි..)
  • හැම පාසලකට Health nurse කෙනෙක් සහ වෛද්‍යවරයෙක් අනුයුක්ත කරන්න ඕනේ.. ( නාකි අය නෙවෙයි ළමයින්ට කතා කරන්න පුළුවන් තරමේ කෙනෙක්)... 
ගුරුවරුන්ට කොච්චර ලිංගික අධ්‍යාපනය තිබ්බත් ඩොක්ට කෙනෙක් මේවා ගැන කතා කරන‌‌ෙකාට ළමයින්ගෙ අවධානය විශය පැත්තට හැරෙනවා වැඩියි... ( ගුරුවරුන්ගේ ලැජ්ජාව නැති කරන්නත් අමාරු වෙයි නේ... )
  • හැම පාසලකටම මනෝ වෛද්‍යවරයෙක් අනුයුක්ත කරන්න ඕනේ... උපදේශකවරයෙක් විදියට...
ළමයින්ට ඇති වෙන මානසික ගැටළු අම්මලාට කලින් අහුවෙන්නේ ටීචර්ලට... වැඩි පුරම ඉන්නෙ ඉස්කෝලෙනේ... ඉස්කෝලෙන්ම මේ වගේ දේකට යොමු කරන්න අවස්ථාවක් තියෙනවා නම් ලොකු අමාරුවක් වෙන්න කලින් ප්‍රතිකාර වලට යොමු කරන්න පුළුවන්... ඒ වගේම ළමයින්ගේ ප්‍රශ්න ගැන ගුරුවරුන්ටත් උපදෙස් ගන්න පුළුවන් ඉක්මණටම... ( ලංකාවේ මිනිස්සු තාමත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා කියලා හිතන්නෙ පිස්සුවට බේත් ගන්නවා කියලා.. එහෙම එකක් සමාජය දැන ගත්තොත් අර ළමයට අනාගතේදි කසාදයක් වත් කර ගන්න බෑ.... ඉතිං මනෝ වෛද්‍යවරයෙක් ගාවට යන්නත් බයයි...)

  • අවුරුදු 15 සිට සියලුම ළමයින්ව ලිංගික රෝග සහ සමාජ රෝග පිළිබඳ දැනුවත් කරන්න ඕනේ.... 
දැං ඔය 3-4 දේවල් වලට අමතරව ගුරුවරුන්ටත් ළමා මානසික විද්‍යාව ගැන උගන්නන්න වෙනවා ගුරු පුහුණු වලදි.. ඒක අපි අමතරව තියාගමුකො.... 

හරි.. ඒ අධ්‍යාපනය පැත්තෙන් කරන්න පුළුවන් දේවල්.... මේ ටික වෙද්දි එක පරම්පරාවක් යනකොට දැනුවත් වීම් වෙලා ඉවරයි... ගතානුගතික සමාජය ඉස්සරහට ගන්න පුළුවන් ක්‍රමවත් ක්‍රියාමාර්ගයකින් විතරයි... නැත්තම් වඳුරට දැලි පිහිය දුන්න වගේ තියෙයි... 

සෞඛ්‍ය පැත්තෙන්...
  • සෞඛ්‍ය සේවය නොමිලේ දෙන එක නවත්තන්න ඕනේ... ( මේකෙදි විශේෂ අවස්ථාවලදි, ඒ කිව්වෙ ආබාධිත, විශ්‍රාමික අයවලුන් සම්බන්ධයෙන් විශේෂයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ.. )   
උපදේශනය වගේ දේවල් නොමිලේ කළත් ප්‍රතිකාර වලට අය කරන්න ඕනේ.. හේතුව ප්‍රතිකාර වලට යන්නෙ වැඩිපුරම උපදේශනයේදි ඒවා ගැන දැනුවත් වෙලත්, ඒවා ගනං ගන්නෙ නැති අය නිසා වීම..
  • Addictions සම්බන්ධයෙන් උපදේශන සේවා වැඩි වැඩියෙන් ඇති කරන්න ඕනේ.. ඒවා රෝහල් වලට විතරක් සීමා කරන්න හොඳ නෑ... 

ඇල්කො‌ෙහාල්, සිගරට්, සූදුව, විකෘති ලිංගික ක්‍රියාවල් වලට ඇබ්බැහි වීම් විතරක් නෙවෙයි, කාම චිත්‍රපට වගේ දේවල් වලට ඇබ්බැහි උන අයටත් උපදේශනය අවශ්‍යයි..
  • ගබ්සාව නීත්‍යානුකූල කරන්න ඕනේ... 

ලිංගික අධ්‍යාපනයේ දි මේක අතුරු ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්... ඇරත් මේ වෙනකොටත් මේක රටේ අවශ්‍යතාවයක්..
පසුව එකතු කිරීමකි / 
මේ කතාවෙදි මම මුලින් හිතුවට වඩා වැඩි පිරිසක් ගබ්සාව පිළිබඳව අදහස් පල කරලා තිබුණා.. මම හිතුවා මේ තැන මගේ අදහස පහු වෙලා හරි පෝස්ට් එකට එකතු කරන එක හොඳයි කියලා... ඇත්තටම මම මේ අදහස පැහැදිලි කළා මදි කියලා හිතෙන නිසා...
මේ තියෙන්නේ මම DDTට දුන්නු උත්තරේ.. මම හිතනවා මේකෙන් මම අදහස් කරපු දේ පැහැදිලි වෙයි කියලා...
ඉතාමත් යොවුන් වියේ ගැබි ගැනීම්, යොවුන් මව්වරු වගේම ගබ්සාව වැඩි වීම කියන්නේ ලිංගික අධ්‍යාපනයේ අතුරුපලයක්... නීතිවිරෝධි විදියට ගබ්සා සිදු කිරීමෙන් නැති වන ජීවිත ප්‍රමාණය බේරා ගන්න ගන්න යම් පිළිවෙලක් තිබිය යුතුයි.... ඒක තමයි මේ ක්‍රමය... මේක හරි විදියට කළොත් මම හිතනවා ගබ්සා අඩු වෙයි කියලා මේකෙන් ඇත්තටම .. මොකද නිසි වෛද්‍යවරයෙක් ගාවදි ලැබෙන උපදෙස් වලින් වැඩිපුරම කියන්නෙ “ දරුවා නැති කරන්නේ නැතුව කාටහරි හදාගන්න දෙමු ”කියල.. ඒ ගැන හිතන්න මවට කාලයක් ලැබෙනවා .. ගොඩක් වෙලාවට එතනදි ගබ්සා කිරීමේ තීරණය වෙනස් වෙනවා.. හැබැයි මේක වෙන්නෙ නිසි පරිදි දැනුවත් කිරීම් කෙරෙනවා නම් විතරයි.. නැත්තම් ඒක වෙන්නේ නෑ...
අනිත් එක ඒ වගේ දරුවන් රැකබලාගන්න හරි ක්‍රමවේදයක් තියෙනවා නම් ගොඩක් අය ගබ්සා කරන්නේ නෑ... කිසිම මවක් තමන්ගේ කැමැත්තෙන් කුසේ ඉන්න දරුවෙක් නැති කරන්නේ නෑ... ( 99.99% විතර) .. සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න මත තමයි මේ වගේ තීරණයක් ගැනෙන්නේ... ඉතිං මේ වගේ දරුවෙක් රජය මඟින් යමිකිසි ක්‍රමයකින් හොඳ තැනකට දීලා, හොඳ තත්වයක් ලබා දෙනවා කියලා සහතිකයක් තියෙනවා නම් ඒක කරන්න ඕනේ වෙන්නෙ නෑ නේ... මේකෙදි ඇත්ත තත්වය ඒකයි....
නීතිමය පැත්තෙන්... 
  • ලෝකයේ තියෙන දියුණුම තාක්ෂණය යොදා ගන්න පුළුවන් වෙන විදියට නීති පද්ධතිය අලුත් කරන්න ඕනේ... 

නඩු විභාග වලදි සහ අපරාධ පරීක්ෂනයේදි ලෝකයේ තියෙන දියුණු තාක්ෂණික ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් වෙන අලුත් නීති වගේම ඒ ක්‍රම යොදා ගන්න පහසුකම් නීති ආයතන වලට ලබා දෙන්න ඕනේ... දැනට ලංකාවේ DNA පරීක්ෂණයක්වත් කරන්න පහසුකම් නෑ මම දන්න විදියට... තිබුණත් ඒක කරලා රිපෝර්ට් එක ගන්න මාස 6ක් වත් යනවා... අපරාධ නඩු තීන්දු ලබා දීම සඳහා යන කාලය අවම කරන්නත් මේ මඟින් පුළුවන් වෙයි...
  • ළමා හා කාන්නා ආරක්ෂාව පිළිබඳ නව නීති හදන්න ඕනේ.. 
ඒ කිව්වේ කැපකරු මාපිය ක්‍රමය වගේ දේවල්... අපචාරයට පත් ළමයි, කාන්තාවන් සඳහා උපරිම නීතිමය රැකවරණය දෙන්න අවශ්‍යයි.. ඒ වගේම මේ වගේ නඩු විභාග වලදී උපරිම රහස්‍යතාවය තිබිය යුතුයි... සමහර විට කාන්තාවක් නම් අලුත් අනන්‍යතාවයක් ගන්න.. දරුවෙක් නම් වෙනත් සුදුසු යුවලකට හදාගන්න දෙන්න වගේ දේවල්... මේකෙදි පුළුවන් ඩිවෝස් එකකදි දෙන්නගෙන් එක්කෙනෙකුටවත් ළමයි බාර දෙන්න සුදුසු නැත්තම් ළමයි රජයට පවර ගන්න, අපචාරයකට පත් ළමයෙක්ට ගබ්සාවක් කරන්න බැරි නම්, උපදින දරුවා නිවාසයකට යොමු කරන්න.. දුප්පත්කම නිසා හෝ වෙනත් ප්‍රහ්න නිසා දෙමාපිය දෙන්නම දරුවන් රැකබලා ගන්න සුදුසු නැත්නම් දරුවන් ඒ අයගෙන් අයින් කරන්න නීති මඟින් පුළුවන් විය යුතුයි... ඒ වගේ මවුපියන් උපදේශනයට යොමු කිරීමත් නිති මඟින්ම කළ හැකියි...
  • ගබ්සාව නීතිගත කරන්න ඕනේ.. 
නීත්‍යානුකූල නොවෙන විදියට කරන්න ගිහින් ජීවිත අනතුරු කරගන්න එක නවත්තගන්න වගේම, ගබ්සාවක් කරපු මවකගේ මානසික තත්වය නඟා සිටවන්න උපදේශනයට යොමු කරන්න මේ මඟින් පුළුවන්... 
  • දැං අපේ මතෘකාව ... ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ... 
මෙතනදි නීතිමය රාමුව ඉතාමත් වැදගත්... 

මේ වෘත්තියේ යෙදෙන අය ලියාපදිංචි කළ යුතුයි...

ලියාපදිංචි කිරීමෙන් මේ අය සම්බන්ධයෙන් සොයා බැලීමේ හැකියාව ලැබෙනවා වගේම, ලියාපදිංචියෙන් තොරව කරගෙන යාමේ හැකියාව අඩු වෙනවා...ඒ වගේම ඒ අයට නීතිමය රැකවරණය ලබා ගනීමටත් හැකියාව වැඩියි...

තැරැව්කරුවන් නැති කළ යුතුයි..

උපරිම ප්‍රතිලාභ සේවය සපයන්නා වෙත ලැබීමේ අවස්ථාව වැඩියි..

තමන්ගේ කැමැත්ත නොමැතිව මේ සඳහා යොදා ගැනීමට අවස්ථාව නැති විය යුතුයි..

කෙනෙක්ව බලෙන් ( තර්ජනය බය ගැන්වීමෙන්,  බ්ල්ක්මේල් කිරීමෙන්,  රැවටිමෙන්)  මේ සඳහා යොදා ගන්න අවස්ථාවක් නැති වෙන්න ඕනේ.. ඒ වගේ අවස්ථාවල වැරදිකාරයාට සියලුම වැරදි වලට අදාළව ( අපචාරයට ලක් කිරීම යටතේ වැරදි කීපයක්ම තියෙනවනේ..) දඬුවම් දෙන්න ඕනේ... 

මේ අය‌ෙග් සෞඛ්‍ය වාර්තා නිසි පරිදි අලුත් කළ යුතුයි.. 

සමාජ රෝග පිළිබඳ වාර්තා, ගර්භනී වීම්, ගබ්සා කිරීම්, ගන්නා ලද ඔෟෂධ වර්ග, ආසාත්මිකතාවයන්, වෙනත් රෝගී තත්වයන් පිළිබද තොරතුරු අවශ්‍ය විටෙක ලබා ගැනීම සඳහා රජය සතුව තිබිය යුතයි... ( මේ මගින් මිනි මැරුම් විසඳා ගැනීම, හදිසි අවස්ථා ව‌ෙග්ම හදිසි අනතුරු වලක්වා ගැනීම වගේ දෙවල් කරන්න පුළුවන්.. හදිසි අවස්ථාවකදි ගනුදෙනුකරුවාටම උනත් නිර්නාමික 119 කෝල් එකකින් හරි දැනුම් දෙන්න පුළුවන් නේ.. නීතිමය අතින් ප්‍රශ්නයක් නෑ නේ...) 

ගණිකාවන්ගේ ගනුදෙනුකරුවන් පිළිබඳ යම් වාර්තාවක් තබා ගත යුතුයි...   

මේකත් රජයේ සහ සමාජයේ අවශ්‍යතාවය සඳහා කරන්න ඕනේ දෙයක්... විශේෂයෙන්ම ගණිකාවක් යම් බෝවෙන රෝගයකින් පෙලෙනවා කියලා හදුනා ගත්තට පස්සේ, එයාගෙන් තවත් කෙනෙකුට මේ රෝගය පැතිරීමේ අවධානම අඩු කරන්න සහ ඒ අයගෙන් තවත් කෙනෙකුට බෝ වෙන එක වලක්වන්න මේ මඟින් පුළුවන්... ( මම හිතන්නෙ කරන්න අමාරුම දේ මේක තමයි.. නමුත් සමාජයේ යහපත පැත්තෙන් මේක කළ යුතුමයි..)  

මීට අමතරව සාමාජයීය වශයෙන් එකතු කළ යුතු තවත් එක නීතියක් තියෙනවා.. 

ඒ තමයි දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙන අවස්ථාවලදි සහ විවාහයකදී දෙන්නාගෙම සෞඛ්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම... 

දැනට ලංකාවේ සිදුවන හැම විවාහයක්ම සිදුවෙන්නේ විශ්වාසය මත... නමුත් මේ නීති වලින් පස්සෙ මේ සමාජයේ Living together වගේ, teen pregnancy වගේ තත්ව වැඩි වෙන්න පුළුවන්... ඉතිං ඒ වගේ තත්ව යටතේ විශ්වාසය කියන එක වැදගත් සාධකයක් වෙන්නෙ නෑ... මේකෙන් සමාජ රෝග පැතිරීම වලක්වන්න සහ විශේෂයෙන් දැනට වෙනත් රටවල ඇති වෙලා තියෙන නවතත්ගන්න බැරි බරපතල ලෙඩ රෝග දරුවන්ට ඇති වීම, ළමයින් අසරණ වීම, කාන්තාවන් අසරණ වීම වගේ දේවල් යම් තරමකින් හරි වලක්වන්න පුළුවන්...ඒඩ්ස් හැදුන කෙනෙකුට උනත් එයා‌ෙගන් දරුවන්ට ඒක නොහැදී ඉන්න පුළුවන් බෙහෙත් තියෙනවා.. ලෙඩක් තියෙනවා කියලා දැනගෙන ළමයි හදන‌ෙකාට අඩු ගානේ ළමයින්ට හරි ලෙ‌ෙඩ් නොහැදී බේරගන්න පුළුවන්... 

ලොකු ලිස්ට් එකක් නේද... නමුත් කරනවා නම් මෙන්න මෙහෙම කරන්න ඕනේ... වැරැද්ද උනාට පස්සේ නහයෙන් අඬනවාට වඩා වැරද්ද වෙන්න කලින් පරිස්සම් වෙන එක සුදුසුයි... 

මට කියන්න ඕනෙ උනේ මේකයි ප්‍රධානවම.... සමාජය දැනුවත් කිරීමන් පස්සේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් වෙන යහපත වැඩියි... නමුත් අනිත් කිසි දෙයක් ‌නොකර මුලින්ම මේක නීතිගත කළොත් සිද්ධ වෙන්නේ වැරැද්දක් විතරයි... 

කාන්තාවක් හැටියට මම මේ ගැන දකින්නේ මෙන්න මේ විදියට... ඒ හැමදෙයක්ම එක්ක අපි මේ කතාකරන්නේ ලංකාව ගැන කියලත් අමතක කරන්න හොඳ නෑ.... 

ඔව්.. මේ ඔක්කොම කරන්න ගියොත් ඉතිං තව කාලාන්තරයක් යයි තමයි... එතකොට පෙරහැර ගිහින් තියෙයිද... නැත්තම් අපි මුලින් කරන්න ඕනේ දේවල් කරන්න පටන් ගන්න දැං කාලේ හරිද..... ??

මම මුලින්ම කිව්වා මේ බ්ලොග් එකේ ලියවෙන්නේ බොහොම සරළ, සාමාන්‍ය මාතෘකා ගැන... මේකත් ඒ වගේ දෙයක් තමයි කියලා.... නමුත් මෙච්චර කාලෙකට මේ තරම් විවාදාත්මක මතෘකාවක් ගැන මම මේ බ්ලොග් එකේ ලියලා නෑ... අනිත් බ්ලොග් වල වලි දාගත්තට... සංයමයෙන් කමෙන්ට් කරයි කියලා බලපොරොත්තු වෙනවා...

මේ තියෙන්නේ මේ පෝස්ට් එක දාන්න හේතු භුත වෙච්ච පිරිමි පාර්ෂවය විසින් ලිව්ව පෝස්ට් දෙක.. මේ කියවන්නේ මොන මඟුලක්ද කියලා හිතාගන්න බැරි නම් ඔන්න ගිහින් පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි වෙලාව අරගෙන කියවන්න පුළුවන්... 

සිරා ලියපු ගණිකාව සහ සිරි ලංකාව (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි)

මාතලන් ලියපු 

ගණිකා වෘත්තිය, නීතීගත කිරීම (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.) - Legal Prostitution (Strictly for Adults)

143 comments:

  1. අප්පා.. මේක දාන්න ගිහින් තිත්ත උනා... බ්ලොගර් එකේ අවුලක්ද මගේ කනෙක්ෂන් එකේ අවුලක්ද මන්දා... Formatting නම් පොඩ්ඩක් කැලේ ගිහින්.. ගණං ගන්න එපා... හි හි..

    ReplyDelete
  2. අප්පා... මේක පෝස්ට් එහෙකට වැඩිය මාගලක් කියලා කිව්වොත් හරි. භාගයක් කියෝ ගත්තා. ඉතුරු ටික කියෝලා කමෙන්ටුවක් කොටන්නම්.

    ReplyDelete
    Replies
    1. තාම කියෝනවද මධූ.. හි හි....

      මාගල් දැං මටනේ අයිති... හි හි... කෝ මේ මාරයියා හැබෑට....

      Delete
  3. එකඟයි හිරුවෝ එකෙන්ම....

    පරිස්සමින් උඹ දෙබරෙකට ගල් ගහල තියෙන්නේ.. පිරිමියෙක් ලිව්ව වගේනෙවෙයි ගෑනියෙක් ලිව්වහම... ඇනෝලා ඇනීල උබට මොනව කියයිද මන්දා

    ReplyDelete
    Replies
    1. ඇනෝ නෑ මේකේ මීයෝ.... හි හි

      Delete
  4. නියම පොස්ට් එකක් සියලුම අංශ ආවරණය වෙන විදිහට ලියලා තියනවා.. "ගබ්සාව නීත්‍යානුකූල කරන්න ඕනේ" කියන කතවට නම් මම විරුද්දයි මොනවා උනත් ජිවිතයක්නේ..

    අක්කේ ගොඩක් දිග පොස්ට් ලියනකොට පොස්ට් එක මැදට පොටෝ එකක් එකතු කරන්න එතකොට කියවන කෙනාට පොස්ට් එකේ දිග ගැන වැඩිය දැනෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මේටික දාගත්තෙත් පැයක් විතර දඟලලා.. ඉතිං මොන ෆොටෝද මලයා.... හි හි...

      ගබ්සාව ගැන මම ලිව්වේ සියලුම මානුෂික හැගීම් සහ මගේ තිනෙ ප්‍රතිපත්ති පැත්තක දාලා අවශ්‍යතාවය ගැන විතරක් හිතලා... ඒක අනිවාර්යයයෙන්ම අවශ්‍ය වෙනවා මේ තත්ව වලදි..

      Delete
    2. ගබ්සාව ගැන ගැන කාරණය දිගටම ඇදිලා ගීහින් තිබුන නිසයි මේ කමෙන්ට් එක දාන්න හිතුවේ

      අක්කේ ගබ්සාව හා ගණිකා වුර්තිය යන කාරනා වලට මම විරුද්දයි කියන එක මගේ පුද්ගලික මතයක් විතරයි.

      එකෙන් පොස්ට් එකේ අන්තර්ගත අනිත් කරුණු වලට විරුද්දයි කියලා කිසිම විදිහකින් අදහස් කලේ නැහැ... මේ පොස්ට් එකේ පහල කොටස් තුන යටතේ ලියලා තියන දේවල් ගොඩක් වටිනවා ඒ දේවල් ගොඩක් ප්‍රයෝගිකයි

      *අධ්‍යාපනය පැත්තෙන්....
      *සෞඛ්‍ය පැත්තෙන්...
      *නීතිමය පැත්තෙන්...

      මේ කොටස් වල තියන කරුණු අතරින් එක කොටසක් පමණයි වැඩිපුර සංවාද කරලා තියෙන්නේ ... නමුත් මගේ අදහස නම් අනිකුත් ධනාත්මක කරුණු පිලිබදවත් සකච්ඡා කලයුතු වෙනවා
      උදාහරණ
      *ළමා හා කාන්නා ආරක්ෂාව පිළිබඳ නව නීති හදන්න ඕනේ..
      *Addictions සම්බන්ධයෙන් උපදේශන සේවා වැඩි වැඩියෙන් ඇති කරන්න ඕනේ.. ඒවා රෝහල් වලට විතරක් සීමා කරන්න හොඳ නෑ...
      *අවුරුදු 15 සිට සියලුම ළමයින්ව ලිංගික රෝග සහ සමාජ රෝග පිළිබඳ දැනුවත් කරන්න ඕනේ....

      වැනි ධනාත්මක කරුණු පිලිබදවත් යම් ඇගයීමක් සිදුකල යුතුයි කියලයි මගේ අදහස

      Delete
    3. මේකනේ ළහිරු.. මේ එකක්වත් කරන්න ලේසි නෑ... මේ පුංචි තැනදිත් අදහස් කීයක් එකිනෙකට වෙනස්ද කියලා බලන්න... ඉතිං කිසිම රජයකට මේ ටික කරන්න ආමාරුයි රිස්ක් එකක් ගන්නේ නැතුව... නමුත් කරන්න ඕනේ.. කරන්න පුළුවන් දේවල් ටික මුලින් කළොත් ඔය බෑ කියන ටික කරන්න පුළුවන් පරිසරය හැදෙනවා.. එහෙම නැතුව පැන පැන ගිහින්, උඩින් පල්ලෙන් අතගාලා, කුණු ගොඩක් ගෙට දාගන්නවා වගේ අන්තිමට කරන්න ඕනේ දේ මුලින් කරන එක වැරදියි කියන එක පැහැදිලි කරන්නයි මට ඕනේ උනේ...

      Delete
    4. ගබ්සාව නීතිගත කල යුතුයි. ඒත් දින තුනකදී වගේ කෙටි කාලයකින් උසාවියකින් තීන්දු කරන්න ඕනේ. මොකද අපරචාර වලට ලක්වූ යට, ගැබේ ඉන්නේ විකෘති වූ දරුවෙක් වගේ දැනගත් විටක, ඔය කියන HIV අසාදිත බව පසුව හඳුනා ගත විටෙක, බාල වයස් කාරියන්, මානසික රෝගීන්, වගේ අයට ඒ සහනය ලැබෙන්න ඕනේ. නැත්නම් ඒ ප්‍රශ්න රජයට වගේම සමාජයටත් බරක් වෙනවා.

      Delete
    5. මදැයි... මම ලිව්වේ ගණිකා “වෘත්තිය” නීතිගත කිරීම ගැන... මෙතන කතාව යන්නෙ ගබ්සාව ගැන...

      මම හිතන්නේ ගබ්සාව පිළියමක් හෝ අපරාධයක් වෙන්නේ එයට මුණ දෙන කෙනා සහ මුහුණ දෙන සිද්ධියට සාපේක්ෂව කියලා සුදීක... ඔයා කියනවා වගේ ඔය සහනය ලැබෙන්න ඕනේ අය ඉන්නවා.. ඒ ව‌ගේම මම හිතනවා “හරි විදියට කළොත්”, මේක නීතිගත කිරීමෙන් නිතීවිරෝධි ගබ්සා කිරීම් නැති වෙලා, ඇත්තටම ගබ්සා අඩුවෙයි කියලා.. DDT ට මම පැහැදිලි කළා ඒ කොහොමද කියලා....

      Delete
  5. ඔක්කොම හොඳයි මුක්කම නරකයි.. දෙතැනකම ලියල තියෙන්නෙ ගබ්සාව නීතිගත කිරීම.. .. නූපන් තමුන් වෙනුවෙන් තමුන්ට කතාකරන්න බැරි අනිත් අය නිකම්ම මස් කෑල්ලක් කියලා හිතන අසරණයා වෙනුවෙන් මම විරුද්ධයි..

    ReplyDelete
    Replies
    1. මම දන්නවා සරත් අයියා මේකට අකමැති බව...

      ගබ්සාව ගැන මම ලිව්වේ සියලුම මානුෂික හැගීම් සහ මගේ තියෙන ප්‍රතිපත්ති පැත්තක දාලා අවශ්‍යතාවය ගැන විතරක් හිතලා... මේ වගේ තත්වයකදි ඒක අවශ්‍යම වෙනවා.. ඒක ලෝකේ ඕනෙම රටක් දිහා බැලුවම පේනවා... මේක ලියද්දි මම මනුෂත්වය, ආගමික, සාමජිය, සංස්කෘතික දේවල් ඔක්කොම පැත්තකින් තියලා තමයි මේ දිහා බැලුවේ.... ඒක නිසා අපි ගබ්සාව ගැන විතරක් කතා නොකර ප්‍රශ්නේ දිහා බලමු...

      පෞද්ගලිකව ගැහැණීයක් විදියට මම ගණිකා ” වෘත්තියට” සහ ගබ්සාවට කොහෙත්ම කැමති නෑ.... නමුත් ඒක මෙතනට අදාළ නෑ....

      Delete
    2. මමත් ඉන්නේ ගබ්සාව නීතිගත නොකල යුතුයි කියන තැන.... හැබැයි අර අමාරුවෙ වැටේන කෙල්ලට සාධාරනයක් වෙන්න ඔනේ... අඩුම ගානේ අර පොල්ල තියල මාරු වෙච්ච එකාව ගෙනැල්ල බන්දල දෙන්න හරි අඩුගානේ දරුවගේ වගකීම් ඒ මිනිහට දීලා.. ළමය අවජාතකය කියන ලේබලෙන් ගලවන්න ඔනේ,,,

      නැත්තම් ඌ ලොකු උනහම රටේ උන් අවජාතකය කියද්දි අර ගෑනිට හිතෙන්නේ නැද්ද අනේ මන් මූව බඩේදිම මරල දැම්මනම් ඉවරයි කියලා

      Delete
    3. මේ ඔක්කොම ටික උනාට පස්සේ ඕක විතරක් නීත්‍යානුකූල නොකර ඉන්න බෑ මීයෝ.. ඒකයි ඇත්ත...

      Delete
  6. හැමදේම කරන්න කලින් ඊට සුදුසු රාජ්‍ය යාන්ත්‍රණයක් හදාගතයුතු වෙනව, නැත්නම් හැමදේම හෝද හෝද මඩේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක ගැන අපි කතා කළා කියලා අදහසක් වත් ගන්න බෑ සුජී...

      Delete
  7. පාසල් අධ්‍යාපනයට ලිංගික අධ්‍යාපනයත් ඇතුලත් විය යුතුයි කියන එකට මමත් එකෙන්ම එකඟයි. ඒ වගේම ළමයින්ගෙ මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමත් හොඳ දෙයක්.

    ගණිකාවො ගැන කතන්දරේ නම් මට දැන් ඇතිවෙල, ඇයි වදේ අපිට මොකක්ද ගණිකාවො එක්ක තියෙන ගණුදෙනුව, අද සිරාගෙ පෝස්ට් එකට කමෙන්ට්ම කීයක් කෙටුවද. කොහොම උනත් සමස්ථයක් වශයෙන් ඒ සම්බන්ධ ඔයාගෙ අදහස හොඳයි.

    ඒත් අර ගබ්සා කිරීමට නම් මම විරුද්ධයි, මොන විදියෙන් ගත්තත් ඒක අපරාධයක්, මිනීමැරුමක්. දැනට පවතින නීතියට අනුවත් මවගෙ ජීවිතයට හානියක් වෙනවනම් රජයෙ රෝහල්වලත් කලලය අයින්කරනවනේ, ඒ හොඳටම ඇති. මේ සමහර ප්‍රශ්න අපිට මෙහෙම හිතන්න බැරි තරමට සංකීර්ණයි. කොහොම උනත් ගබ්සාකරන එක කිසිම ප්‍රශ්නයකට විසඳුමක් කියල මම නම් පිළිගන්නෙ නැහැ. නැවතත් කියනව ඒක අපරාධයක් ! මිනීමැරුමක් !

    ReplyDelete
    Replies
    1. ඔය දෙකෙන්ම සිද්ධවෙන්න ඕනේ අගතියට පත් කාන්තාවන්ට හොඳක් සිද්ධ වෙන්න නම් ඔය දෙකම නීතිගත කරන්න ඕනේ DDT.. මම කිව්වනේ.. මේක ලිව්වේ කරනවා නම් කරන්න ඕනේ හරිම විදිය කියලා මම හිතන දේ කියලා...

      Delete
    2. ගණිකා වෘත්තිය නීතිගතකරනවය කියන්නෙ අයාලෙ යන ගෑනුන්ට බඩට ළමයි හදාගෙන ඒකෙන් ලේසියෙන්ම නිදහස් වෙන්න දෙන ලයිසමක් කියන තැනින් ඔබ්බට ගිය පුළුල් අර්ථයක් ඇතිව කළයුත්තක් කියන එක තමයි මගේ අදහස. මම ගබ්සාවට අකමැති ඔය ආගමික අන්තවාදියොන්ගෙ පිල නියෝජනය කරමින් නෙවෙයි හිරූ, හැම විදියකම අන්තවාදයන් මම ප්‍රතික්‍ෂේප කරනව, මම හැමදාම හිතන්නෙ මිනිස්සුන්ට නිදහසේ හිතන්න බැරි ඇයි කියල. මම විරුද්ධ ඒ ක්‍රියාවලියෙ තිබෙන අමානුෂික තිරිසන් ජඩකමට. ගබ්සාව කියන්නෙ කලලයක් ඉවත් කිරීම කියල කිවුවට ඒක කරන හැටි සම්බන්ධ වීඩියෝ එකක්වත් හිරු දැකල තියෙනවද? තමන්ගෙ කිසිම සම්බන්ධයක් නැති සිදුවීමක අවසාන වන්දිය ගෙවමින්, මාස කිහිපයකින් මෙලොව එළිය දකින්න සිටින කිරිකැටියෙක් අඬුපඬු යොදල සම්බල්කරල දාන එක ගැන ඔය තරම් සැහැල්ලුවට හිතන්නෙ කොහොමද කියල මට නම් හිතාගන්න බෑ.

      මේ ගැන මම ටික කාලෙකට කලින් දැකපු ලිපියක ලින්ක් එකක් මම මෙතන දාන්නම්. මෑතකදි නම් හිරුත් ගිහිපු තැනක පරණ ලිපියක්, පොඩ්ඩක් කියවල බලන්න.

      http://makulupanchi.blogspot.com/2012/04/blog-post.html

      Delete
    3. පෞද්ගලිකව මම ඔය දෙකටම අකමැතියි DDT... ඔය වීඩියෝ එක මම බලලා තියෙනවා.. මම කිව්වා මගේ ප්‍රතිපත්ති සහ අනෙක් බැඳිම් ගැන හිතන්නේ නැතුවයි මෙක ලිව්වේ කියලා...

      නමුත් අපි යමක් කරලා, යම් තැනකට එන්න ඕනේ කියලා හිතනවා නම් ඒකේ අතුරුපලත් විඳින්න ලෑස්ති වෙන්න ඕනේ... එකම දේ විනාශකාරී අතුරුපල අඩු කරගන්න උත්සාහ කරන එකට මූලිකත්වය දෙන්න ඕනේ...

      ඉතාමත් යොවුන් වියේ ගැබි ගැනීම්, යොවුන් මව්වරු වගේම ගබ්සාව වැඩි වීම කියන්නේ ලිංගික අධ්‍යාපනයේ අතුරුපලයක්... නීතිවිරෝධි විදියට ගබ්සා සිදු කිරීමෙන් නැති වන ජීවිත ප්‍රමාණය බේරා ගන්න ගන්න යම් පිළිවෙලක් තිබිය යුතුයි.... ඒක තමයි මේ ක්‍රමය... මේක හරි විදියට කළොත් මම හිතනවා ගබ්සා අඩු වෙයි කියලා මේකෙන් ඇත්තටම .. මොකද නිසි වෛද්‍යවරයෙක් ගාවදි ලැබෙන උපදෙස් වලින් වැඩිපුරම කියන්නෙ “ දරුවා නැති කරන්නේ නැතුව කාටහරි හදාගන්න දෙමු ”කියල.. ඒ ගැන හිතන්න මවට කාලයක් ලැබෙනවා .. ගොඩක් වෙලාවට එතනදි ගබ්සා කිරීමේ තීරණය වෙනස් වෙනවා.. හැබැයි මේක වෙන්නෙ නිසි පරිදි දැනුවත් කිරීම් කෙරෙනවා නම් විතරයි.. නැත්තම් ඒක වෙන්නේ නෑ...

      අනිත් එක ඒ වගේ දරුවන් රැකබලාගන්න හරි ක්‍රමවේදයක් තියෙනවා නම් ගොඩක් අය ගබ්සා කරන්නේ නෑ... කිසිම මවක් තමන්ගේ කැමැත්තෙන් කුසේ ඉන්න දරුවෙක් නැති කරන්නේ නෑ... ( 99.99% විතර) .. සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න මත තමයි මේ වගේ තීරණයක් ගැනෙන්නේ... ඉතිං මේ වගේ දරුවෙක් රජය මඟින් යමිකිසි ක්‍රමයකින් හොඳ තැනකට දීලා, හොඳ තත්වයක් ලබා දෙනවා කියලා සහතිකයක් තියෙනවා නම් ඒක කරන්න ඕනේ වෙන්නෙ නෑ නේ... මේකෙදි ඇත්ත තත්වය ඒකයි....

      Delete
    4. හිරූ, ඔයත් ඇතුළුව මෙතන කතා කරපු හුඟ දෙනෙක් ගණිකා වෘත්තිය නීතිගත කිරීමයි ගබ්සාව නීතිගත කිරීමයි දෙකම එක සමාන්තරව සිදුවිය යුතුය සිතන බව පේනව. මට නම් තවමත් ඒ දෙකේ සම්බන්ධයක් පෙනෙන්නෙ නැහැ. (මම මෙතන කියන්නෙ මගේ මතය, සමහර විට එය වැරදි වෙන්න පුළුවන්, අපි මහා ප්‍රාඥයො නෙවෙයිනේ. හරි වුනත් වැරදි උනත් ඒ තරම් අමානුෂික ජඩ ක්‍රියාවකට මම නම් කවදාවත් එකඟ වෙන්නෙ නෑ.) ගණිකා වෘත්තිය නීතිගත කිරීම යනු ඔවුන්ට උපරිම නිදහසක් ලැබීමත් දකින දකින පිරිමියට ගැහැණියට නිදහසේ ලිංගික කටයුතු සිදුකරගැනීමටත් අවසානයේ දරු ගැබක් ඇතිවුනොත් පහසුවෙන් එයින් ගැලවීමටත් ලැබෙන ලයිෂන් එකක් නම් ඒ මතය හරියන්න පුළුවන් කියල මට හිතෙනව.
      ගණිකා වෘත්තිය නීතිගත කිරීම තුළින් ගණිකාවන් යම් නිශ්චිත කාල පරාසයකට වරක් අදාල වෛද්‍ය පරීක්‍ෂණ කර ගැනීමටත් අනවශ්‍ය ගැබ් ගැනීම් ඇතුළු ආරක්‍ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධ උපදේශන සේවාවන්වලටත් යොදා ගැනීමට අවස්ථාවක් සැලසෙතියි මම හිතනව, අනෙක ඒ මොකුත්ම නැතත් දැනටත් සාමාන්‍යයෙන් ගණිකාවන් අතර අනවශ්‍ය ගැබ් ගැනීම් බොහෝ දුරට අඩු ඇතැයි සිතනව. (මේ ගැටළුව බොහෝ දුරට බලපාන්නෙ බලෙන් දූෂණය කිරීමට ලක්වන ස්ත්‍රීන්ට විය යුතුයි.) ඉතාමත් යොවුන් වියේ ගැබ් ගැනීම්, යොවුන් මව්වරු ඇති වීමට විසඳුම ගබ්සාව කියල මම හිතන්නෙ නෑ, ඒකට විසඳුම සංස්කෘතිය සදාචාරය ගැන බයිල දොඩව දොඩව ඉන්නෙ නැතුව පාසල් ළමයින්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම. එයින් බොහෝ දුරට ඒ ගැටළුව අවම කර ගන්න පුළුවන්. මොකද ගැටවර වයසෙ අයට අවශ්‍ය තමන්ට කුතුහලයක් වෙච්ච ලිංගිකත්වය අත්හදාබැලීම මිස ළමයි හැදීම නෙවෙයිනේ, එහි නිසි පිළිවෙල දැනඋගත් පසු අවශ්‍ය අයට ආරක්‍ෂිතව ඒ කටයුතු කරගන්න පුළුවන්වෙයි.
      පහුගිය කාලෙ අර කාඩිනල්වරයටත් මැදිහත් වෙන්න සිද්ධවුනු ළමා නිවාසයක් සම්බන්ධ සිදුවීම ඔබට මතක ඇති. මම අහපු හැටියට මේ වගේ අනවශ්‍ය ගැබ් ගැනීම් සිදුවුනු මව්වරුන් එහි සිටියා, ඔවුන් දරුවා ලැබුණු පසු ඒ ළමය ළමා නිවාසය භාරෙ තබල නික්ම යන බවක් තමයි කියවුනේ. ළමයින් නොමැති අයට හදාවඩා ගැනීම සඳහා ළමයින් එවැනි තැන්වලින් ලබාදෙන වැඩපිළිවෙලක් දැනටමත් තිබෙනවනේ. ඒ වගේ ආයතන ලංකාව පුරා තවත් ඇති, ඉතිං අවශ්‍ය වන්නෙ එවැනි වැඩපිළිවෙලක් ඔය ස්වේච්ඡා සංවිධානවල සහාය ඇතිව රජය මැදිහත්ව විධිමත්ව ඇතිකිරීම. අනෙක කාන්තාවන්ට ගබ්සාව ගැන නිසි වෛද්‍ය උපදෙස් ලබන්න, ඒ ගැන දැනුවත් වෙන්න වැඩේ වැරදිල වෛද්‍යවරයෙක් ළඟට යනකම්ම ඉන්න ඕන නෑනේ. ඒ වගේ උපදේශන සේවාවන් ඇති කිරීමට දැනුවත් කිරීමට ගබ්සාව නීතිගත කරන්නම ඕනද?
      මම කලිනුත් කිව්ව වගේ වෛද්‍යවරු තීරණය කරනවනම් මවගේ ජීවිතයට තර්ජනයක් තිබෙනව කියල දැනට පවතින නීතිය තුළත් අදාල කලලය ගබ්සා කිරීමේ හැකියාවක් තිබෙනවනේ. ඒ හොඳටම ඇති. ඉතිං මොටද අර තරම් අමානුෂික, කෲර ගබ්සා කිරීම්.

      Delete
    5. ඔයා කියන ගොඩක් කරුණු හරි... නමුත් ඔයා මේ ප්‍රශ්නේ දිහා බලන්නේ එක පැත්තකින් විතරයි... ( ගබිසාව සම්බන්ධයෙන්..)

      නමුත් මං කියන මේ පැත්තෙනුත් හිතලා බලන්න... ( ගබ්සාවේ අමානුෂීකත්වය ඔයාගේ හිතින් ටිකකට අමතක කරලා..)

      මම මේ දිහා බලන්නේ ගණිකා වෘත්තිය හා සම්බන්ධයෙන් නෙවෙයි... ලිංගික අධ්‍යාපනය හා සම්බ්නධයෙන්...

      ලිංගික අධ්‍යාපනය කොච්චර දුන්නත්, කොච්චර දැනුවත් කිරීම් කළත්, දියුණුම උපත් පාලන ක්‍රම හඳුන්වා දුන්නත්, කිසිම සමාජයක තාමත් Unplanned pregnancies සහ Unwanted pregnancies සම්පූර්ණයෙන් නවත්තන්න පුළුවන් වෙලා නෑ...

      (යුරෝපීය රටවලත් මේක නවත්තන්න පුළුවන් වෙලා නෑ.. එහෙම එකේ ආසියානු රටවල ඊටත් වඩා අමාරු තත්වයක් තියෙන්නේ.. හේතුව යුරෝපීය රටවලට වඩා වෙනස්, පවුල් එකට බැඳුන සංස්කෘතීන් මේ රටවල තියෙන්නේ.. කොච්චර දියුණු උනත් මේ ගති ලක්ෂණ මේ රටවලින් නැති වෙලාම යයි කියලා හිතන්න බෑ... )

      එත‌ෙකාට මේ වගේ තත්වයකදි විකල්ප කීපයක් තියෙනවා... ඒ තමයි දරුවා හදා ගැනීම, දරැවා වෙන කෙනෙකුට හදා ගන්න දීම, දරුවා නිවාසයකට බාර දීම හෝ ගබ්සාව... ඔතනදි පළවෙනියෙන්ම සලකා බැලෙන්නේ දරුවා බිහි කිරීම හෝ ගබ්සා කිරීමනේ... ඒ විකල්ප දෙකට පහසුකම රජයේ නීති මඟින් තිබිය යුතුයි.... එතකොට කිසි කෙනෙක් බය වෙන්නේ නෑ මේ සම්බන්ධයෙන් රෝහලකට එන්න... මොකද ගබ්සාවට නීතියක් නැති උනොත් වැඩි දෙනා පැකිලෙනවා වෛද්‍ය පරීක්ෂණයකට වත් රෝහලට යන්න.. රෝහලකට ගියාම එතන ලියකියවිලි වල සටහන් වෙනවා.. ඒකට බය වෙනවා.. ගබ්සා කිරීම නීති විරෝධී උනාම ඒ විකල්පයට ඉඩ නෑනේ.. දෙගෙඩියාවෙන් ඉන්න කෙනෙක්ට එත‌ෙකාට වෙන විකල්පයක් නෑ, හොර වෙදෙක් ලව්වා ගබ්සා කිරීම ඇරෙන්න... එතකොට වෙන්නේ හොර වෙද්දු වැඩි වෙන එක... නීති විරෝධී ගබ්සා නවතින්නේ නෑ... හොර වෙදෙක් ගාවට ගිහින් පවුලේ අයට හෝ වෙන කෙනෙක්ට, මවගේ කැමැත්තකින් තොරව ගබ්සාවක් කරන්න පුළුවන්... එතකොට කාන්තාවන්ට අනතුරු සිද්ධ වීම අඩු වෙන්‌නේ නෑ...

      නමුත් මේකට පහසුකම රජයෙන් දීලා තියෙනවා නම්, කෙනෙක්ට කෙලින්ම රෝහලට ඇවිත් වෛද්‍ය පරීක්ෂණ ටික කරන්න පුළුවන්... එතකොට රෝහල මඟින් පුළුවන් සිද්ධියට සම්බන්ධ කාන්තාවට සහ ඇගේ පවුලට කතා කරන්න.. දරුවා නැති කිරීමේ විකල්පයට වඩා රහසිගතව දරුවා බිහි කරලා, හදා ගන්න පහසුකම ති‌ෙයනවා කියන එක පැහැදිලි කරලා දෙන්න.. ගබ්සා කීරීමේ අදහස වෙනස් කරන්න පුළුවන්... ගොඩක් අය එහෙම කතා කළාම අදහස වෙනස් කර ගන්නවා... විකෘතිතා සහිතව උපදින්න නියමිත දරුවන්ට උනත් මේ විදියට සහනයක් සලසන්න පුළුවන්.. අනිත් එක මේ වගේ තත්වයට පත් වෙච්ච මවකට ( බොහෝ දුරට අඩු වයස් ගැහැණු ළමයින්ට/ සමහර වෙලාවට වයසින් වැඩි අයටත් ..) දිගින් දිගටම මනෝ වෛද්‍ය උපදේශනය අවශ්‍යයි... එයාලගේ ජීවිතය උඩු යටිකුරු වෙලා නේ තියෙන්නේ... ඒවට පහසුකමුත් රෝහල මඟින්ම දෙන්න පුළුවන්... අහලා ඇතිනේ ඔය වගේ කේස් වලින් පස්සෙ පිස්සු හැදිච්ච ගෑණු ළමයි ගැන එහෙම... ගැබ් ගැනීමකදි ශරීරයේ හෝමොන ක්‍රියාවලියේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා.. ඒ එක්කම මානසික තත්වයත් වෙනස් වෙනවා... ඕවට බේත් කළේ නැත්තම් පස්සේ කාලෙක වෙන ආබාධ එන්න, පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා...

      ඒ කතා කරලත් ගබ්සා කරන්නම හිතනවා නම් අඩු ගානේ මවට අනාගතයෙදි අනතුරක් වෙන්න තියෙන ඉඩ කඩ අවම වෙන විදියට රෝහල මඟින්ම ඒක කරන්න පුළුවන්... ( ඒකට තියෙන ඉඩ කඩ අඩුයි කියන එක ඔයාට තේරෙනවනේ.. මම හිතනවා ඔයා පිළිගනියි කියලා , ගොඩක් අය සමාජයට බයේ තමයි ගබ්සා කරන්නෙ කියන එක.... රහසිගත භාවය තියෙනවනම් දරුවා බිහි කරන්න ගොඩ දෙනෙක් කැමතියි... ගබ්සාවක් කළාම ලොකු වැරදිකාරී හැඟිමක් (Guilty feeling ) එකක් නැතුව ඉන්න අය හරි අඩුයි.. සමහරු ජීවිත කාලෙම දුක් වෙනවා.. නමුත් නොකර බැරි කමට තමයි ඒක කරන්නේ ගොඩක් අය..)

      මේකේ මං දකින හොඳ පැත්ත ඔන්න ඕකයි...

      ඔයා කියනවා වගේ නිවාස, කැපකරු මාපිය ක්‍රමය ( Foster parents) වගේ දේවල් රජය මඟින් තවත් ආයතන සම්බන්ධ කරගෙන කළාම දරුවන්ට ආරක්ෂාව නැති වෙන්නේ නෑ..

      මේවා මේ කියන තරම් ලේසි දේවල් නෙවෙයි කියලා මම මුලින්ම පෝස්ට් එකේම කිව්වා... නමුත් කරන්න පුළුවන්... ඒකට අවශ්‍ය පසුබිම හදන්න ඕනේ ඉස්සර වෙලා..

      මේවා කතා කරන්න ඕනේ DDT.. එහෙම නැතුව මේ ප්‍රශ්න විසඳන්න බෑ... ඔයා මෙතන දක්වපු අදහස් හරිම වටිනවා... මේක කියවන කෙනෙක්ට උනත් යමක් තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ කියන කතාව කියලා.. ‌ගොඩක් අය තාමත් ඉන්නේ මේවා ගැන ඇස් කන් පියාගෙන...

      Delete
  8. ගබ්සාව නීතිගත කරන්න ඕන කියන නීතිය හන්දා දවසක් මම කොල්ලෙකුන් එක්ක මරා ගන්නත් ගියා. ඌ කියනවා ගබ්සාව නීතිගත කරන්න ඕනය කියලා. මම කියනවා එපා ය කියලා. ආයෙම ඌ කියනවා ඕනය කියලා. ඕනය කියලා නිකා ඉන් නෑ. ඒකට හේතුත් කියනවා.

    මාත් ඇරියේ නෑ. මාත් එපාය කියන එකට හේතු කිව්වා.

    අන්තිමේදි ඔය වාදය දිගටම ගිහින් දෙන්නට දෙන්නා කුණුහරුපත් කියා ගත්තා. මාත් හුප් පදේ දාලා උගෙ වාදෙන් බේරිලා ආවා.

    ReplyDelete
    Replies
    1. ගබ්සාව ගැන මම මෙතන කතා කරන්න කැමති නෑ මින්.. නමුත් ගණිකා “වෘත්තිය’ නීතිගත කරනවා නම් මේකත් කරන්න වෙනවා.. ඔය දෙක යන්නේ එකට...

      Delete
  9. මේ ඔක්කොම ලංකාවේ කරන්න බැරි නිසා තමයි ඕක ලංකාවේ ඉතිගත නොකළ යුත්තේ...

    උදාහරණයක් විදිහට අපේ ඉස්කෝලේ මනෝ විද්‍යාව සම්භන්ධව ගුරුවරියක් හිටියා.ඕනෙම ප්‍රශ්නෙකදී ඇවිත් කතා කරන්න කියලා.අපේ අක්කි දවසක් අම්ම සම්භන්දව පැමිණිල්ලක් (මහා ලොකු දෙයක් නෙවෙයි,ගෙදර වලියක් දාගෙන මොකක් හරි උණු එකක්.මට දැන් මතක නැහැ හේතුව) ගිහින් කියලා. අම්මට එන්න කියලා ගුරුවරියත් බනින්න එපා හරි මොනවා හරි කියලා. එකට අපේ අම්මට මල පැනලා හිටියා. එයා ගැන ඉස්කෝලේ ටීචර් කෙනෙක්ට කම්ප්ලේන් කළා කියලා. ළමයි හදන්න කලින් දෙමව්පියන්ට මනෝ විද්‍යාවත් උගන්නන්න ඕනේ.

    හැබැයි මගේ අද්දැකීමෙන් මන් දන්නවා ලංකාවේ මනෝ විද්යවරුනටත් එච්චර තේරුමක් නැහැ. මට හම්බුන මනෝ වෛද්‍යවරියක් මගේ ප්‍රශ්නේ කිව්වාම එතුමිය මට දුන්නු උපදෙස අමතක කරලා හැමෝටම සමාව දෙන්න කියපු එක. අපේ අම්මා එයාට නං හරියට කැමති උනා. තව මනෝ විදයවරයෙක් මගේ හිතේ ඇත්තටම තියන ප්‍රශ්නේ තේරුම් අරගෙන කව්න්සිලින් කරන්න හැදුවත් අපේ අම්මා එයාට කැමති උනේ නැහැ.( එයාගේ අයකිරීමත් එකට එක හේතුවක් හැබැයි)

    ඉතින් ඔය එකක් කරන්න ගියාමත් ප්‍රශ්න කෝටියක් එයි.ඉතින් කොහොමද ලිස්ට් එකම කරන්නේ?? පාලනය කරන එකාගේ ඉඳන් හදන්න ඕනේ.ඉතින් මේ රට ගොඩ යන පෙන මානයකවත් නැහැ. හැබැයි උත්සහ කලොත් හැමෝටම උවමනාව තියනවා නං බැරිත් නැහැ.එත් නැත්තෙත් එකමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම මුලින්ම කිව්වේ නඟා අපි උපකල්පනය කරමු කියලා ලංකාවේ නීති හරියට ක්‍රියාත්මක වෙනවා කියලා...

      Delete
  10. උඹත් ගැහුවා නේද දෙබරෙට ගලක්. නියමයි හිරූ...

    අර පාසැල් අධ්‍යාපනයට ලිංගික අධ්‍යාපනයත් ඇතුලත් විය යුතුයි කියන එකට නම් මම 100% එකඟයි. අපේ ලංකාවේ ( සංස්කෘතියේ වැරැද්දද මන්දා ) ගෙදරදී අම්ම කෙනෙක් වත් තාත්තා කෙනෙක්වත් ළමයින් එක්ක ලිංගිකත්වය ගැන වචනයක් කතා නොකරන තරමට පරිස්සම් වෙනවා...හරියට ලිංගිකත්වය කියන්නේ රහස් දෙයක් වගේ..කුතුහලයක් ඇති උනාම ඒ ගැන විවෘතව අහන්න ක්‍රමයක් ළමයෙකුට තියෙන්න ඕනෙ..ගෑණු දරුවෙක් ට අවබෝධයක් තියෙන්නෙ ඕනෙ ලිංගික එක්වීමක් කියන්නෙ මොකද්ද...දරුවෙක් ඇති වෙන්නෙ කොහොමද... කියන එකවත්..විශේෂයෙන්ම අවුරුදු 8-10 වෙද්දීවත්..

    යුරෝපා රටවල ළමයින් අම්මලා තාත්තලා එක්ක එළිපිට හැම දෙයක්ම කතා බහ කරන්න පෙලඹෙන්නෙ ඒ නිසයි. අපේ රටේ සිද්ධ වෙන්නෙ ඒකෙ අනිත් පැත්තනෙ...එහෙම දෙයක් විවෘතව ළමයා ඇහුවොත් විනාසයි. දන්න තරමින් සමහර අම්මලා තාත්තලා ළමයින් ඇති උනාට පස්සේ ඒ අයගේ ලිංගික ක්‍රියාවලියෙනුත් ඈත් වෙනවා. විශේෂයෙන්ම අම්මලා. ළමයින් ගෙදර..එහෙමත් නැත්තම් ළමයිට ඇහෙයි..ඉතින් අර තාත්තා ගණිකාවන් ලඟට යන්න තියෙන පෙළඹීම වැඩී..එහෙව් අම්මලා එක්ක දරුවන්ට ලිංගිකත්වය ගැන මලාට කතා කරන්න ලැබෙන්නෙ නෑනෙ..අඩුම තරමින් ලිංගික අධ්‍යාපනය විෂය නිර්දේෂයක් උනොත්...ඒ ළමයා කුඩා කාලයේ ඉඳලම දැනුවත් වෙනවා...

    //ගබ්සාව නීත්‍යානුකූල කරන්න ඕනේ... //

    මේ ගැන නම් අනේ මන්ද..හිරූ කිව්වා වගේ සියළුම මානුෂීක හැඟීම් පැත්තකට දාලා එකඟ උනත්...ඒක මිනි මැරීමක්.. ඒ වගේ මිනි මැරීමකට එකඟ වෙන්න බෑ. ඒත් අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා මේ ලෝකේ අතරමං වෙන දරුවොත්..ඒ අයගේ අනාගතයත්... ගොඩ වෙද්දු ලවා ගබ්සා කරවාගෙන නිකරුනේ මැරෙන තරුණ ජීවිත ගැනත් හිතද්දී ගබ්සාවට පිළියමක් ඕනෑ කියලත් හිතෙනවා...

    ගණිකාව ගැන කතා කලොත්..මම පෞද්ගලිකව කැමති නැති මාතෘකාවක්. අපි හරියට හිතලා බැලුවොත් අසරණකම වෙනුවෙන් ගණිකාවක් වෙලා ඉන්න අයට වඩා ලේසියට පහසුවට වැඩි මුදලක් හොයා ගැනීමේ අරමුනින් ගණිකා වෘත්තියට යොමු වෙලා ඉන්න පිරිස වැඩී.. අනික නීතියක් හරියට ක්‍රියාත්මක නොවෙන් රටක ඕක නීති ගත කලා කියලා ලැබෙන මඟුලකුත් නැති වෙයි... මොකද දැන් උනත් ගණිකාවට තියෙන්නෙ සමාජයේ පිළිගැනීමක් නෙමේ..මොන නීති ගෙනාවත් ඒක වෙනස් වෙන්නෙත් නෑ. ඔය වෙනවයි කියන අවධාරණ නවතින්නෙත් නෑ. මිනී මරනවට දඩුවම් ලැබෙනවා කිව්වට මිනී මරලා නිදැල්ලෙ...ඉන්න පිරිස මොන තරම්ද...

    ReplyDelete
    Replies
    1. ළමයි ලොකු වුණාම ලිංගිකත්වයෙන් අම්මල තාත්තලා ඇත් වෙනවා නෙමෙයි ලිහිණි ඒ සඳහා සුදුසු වෙලාවක් ස්ථානයක් හොයා ගැනිම ගැටලුවක් වෙනවා. කරන දෙයක් ළමයින්ට පේන්න කරන්න බෑනේ.ගෙදර ඉඩ කඩ වෙලාව රැකියාවේ ස්වභාවය මේ සේරම එතැනදි සාධක බවට පත්වෙනවා.

      Delete
    2. ඒක හේතුවක් කරගෙන අම්මලා ඔය දෙයින් පැත්තකට උනාම අර තාත්තලා ගණිකාවො ලඟට යන එක නවත්තන්න බෑනෙ නලින් අයියා. කන්න බොන්න වෙලාව හොයා ගන්නවා වගේ ලිංගික ක්‍රියාකරමටත් වෙලාව හොයා ගන්න ඕනෙ. එහෙම නොකරන එක ගැහැණු කරන වරදක්. ඒ වරද කර කර ගණිකාවො පස්සෙ යන්න එපා කියන්න බෑනෙ..මොකද පිරිමියෙක් කියන්නෙ පිරිමියෙකුට. ඒ අයගේ ආශාවන් අඳුනා ගන්න එකත්..ඒ ආශාවන් සපුරා ගන්න ඉඩ දීමත් කසාද බිරිඳකගේ වගකීමක්..

      Delete
    3. ළිහිණියා තැන් දෙකේම හරි...

      නලීන් අයියගේ කතාවක් ඇත්ත..

      ඕකේ තව පැත්තක් තියෙනවා ළිහිණි.. ගෑණු ඔය නැති කම හැමදාම ඉවසනවා.. පිරිමින්ට තමන්ගේ ගෑණිට ළමයෙක් හම්බුවෙලා ඉන්න ටික කාලෙදිත් ඕක නැතුව වෙන ගෑණූ පස්සේ යනවානේ.. කවුද වැරදි එතනදි වැඩිපුර... ? හි හි..

      Delete
    4. හිරුවෝ ඇතැම් තැනක වෙන්න ඉඩ තියෙන දේවල් අනිවාර්යයෙන්ම වෙනවය කියන මතේ ඉන්න එක ගැනනම් දෙවරක් හිතපං කෙල්ලේ. මෙහෙම තැන්වලදි වඩාම සුදුසු "ස්වාමිනී මගේ දේවිය හැර ගායනා කරන්න" කියලා අර පොරෝහිතයා කියපු කතාව උඹට මතක් කරලා දෙන එක කියලා මට හිතුනා.

      Delete
    5. වෙන්න ඉඩ තියෙනවාය කියන තැන තමා සරා අයියේ මම ඉන්නේ.. ඒ වගේම අපි ගැන අපිට 100% විශ්වාසයක් තියන්න බෑ කියන දේත් මම දන්නවා.... මිනිස්සු කියන ජාතිය හරි ඉක්මණට වෙනස් වෙනවා...

      Delete
  11. අප්පේ බොල.. මේක හෙන සාස්ත්‍රිය සටහනක් නෙව. මටනං ටිකක් විතර තේරුනා.. අනිත් ටික ඉතිං හෙමින් හෙමින් කියවලා බලමු...

    ReplyDelete
    Replies
    1. හපොයි.. මෙන්න මෙයා අද ලිස්සලා ගිහින්.... හි හි

      Delete
  12. ඔය තියෙන්නේ නියමෙට. ඔය ටික "වෙනවනම්" මාත් කැමතියි ඕකට එකෙන්ම. හැබැයි වෙයිද කියන එකයි ප්‍රශ්නේ. ගබ්සා කිරීමට මමත් විරුද්ධයි. හැබැයි ඉතිං මේ දේවල් මේ විදිහට කරන්න ඕනනම් ඒකත් නීතිගත කිරීම අවශ්‍යතාවක් වෙනවා. මම හිතන්නේ අක්කත් ඒක තමයි කියල තියෙන්නේ.

    අපේ වගේ රටකට දෙයක් හඳුන්වලා දෙන්න කලින් දෙපාරක් හිතන්න ඕන. සුද්ද කාපුව දිරවන්න රෙඩ් වයින් එකක් ගැහුවා ඒක මෙහෙට එනකොට ගල් බෝතලේ කටේ තියං ගහන තත්වෙට ආවනේ! ඒවගේ තමයි ගණිකාවො ගැන උනත්. ඉතිං කරන දෙයක් හිමින් සැරේ.

    කොමෙන්ට් වල විදිහටනම් අන්තිමට බෝලේ කැරකිලා තියෙන්නේ ගබ්සාව පැත්තට වගේ!! තව දෙයක් දන්න කෙනෙක් කියහල්ලකෝ මේක නීතිගත කරනවා කියල දෙයක් නැහැනේ?? අර අජිත් ප්‍රසන්න ලොක්ක කිව්ව කතාව විතරයි නේද??? බුකියේ යන දේවල් දැක්කම ඇත්ත නැත්ත හොයාගන්නත් බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. මම ඒක තමයි අදහස් කළේ...

      මම නම් මේක ලිව්වේ ඇත්තටම තැන් දෙක තුනකම ලියව්ච්ච ඒවා දැකලා.. නමුත් මේ කතාව හැමදාම එනවා යනවා කතාවක් නේ.. කවදහරි ආවත් මේන්න මේ ටික වලංගුයි නේද...?

      Delete
  13. මට නම් එකඟ වෙන්න බැරි කරුනුත් තියනවා. ඒත් මේක හොඳ ලිපියක් හිරුවෝ..!

    ReplyDelete
    Replies
    1. මේකට ඇත්තටම එකග වෙන අය අඩුයි චන්දන.. අඩු ගානේ මමත් එකඟ වෙන්නේ නෑ පෞද්ගලිකව... ඒත් මේකයි වෙනවා නම් වෙන්න ඕනේ...

      Delete
  14. හාපෝ දැන් ඇති අප්පා මෙව්වා පොඩ්ඩක් රිලැක්ස් උනානම් ....තැඹිලි ගෙඩියක්වත් බිලා හික්ස්

    ReplyDelete
    Replies
    1. බිව්වා බිව්වා.. හි හි...

      Delete
  15. 1.අධ්‍යාපනය පැත්තෙන්....
    ඔය කියල තියෙන ටික කරන්න උඩ යවපු සැටලයිට් එකත් ආපහු ගෙන්නල, මු‍ලු ලෝකෙ හැම රටකින්ම උාධාර ගත්තත් බෑ... ෂුවර්.. මම හැබැයි අදහසට එකඟයි..

    2.සෞඛ්‍ය පැත්තෙන්...
    ගබ්සාව නීතිගත කරන්න කියන එක හැර අනිත් ඒවට එකඟයි.. මොකද ඒකෙන් කියවෙන්නෙ ඉපදෙන්නත් කළිං දරුවෙක් මරන්න නීත්‍යානුකූලව අවසර දෙන්න කියල.. ඒක පණපිටිං ඉන්න දරුවෙක් මරනවටත් වඩා පවක් විදියට මම දකින්නෙ..

    3.නීතිමය පැත්තෙන්...
    ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ...
    මේකට හැර අනිත් ඔක්කොටම එකඟයි... ලාදම් අහසෙ රෙහානි ලියපු කතාව කියවන්න..

    ReplyDelete
    Replies
    1. රෙහානිගේ එක මම කියෙව්වා.. මගෙත් අදහස එයට සමානයි... නමුත් වෙන්න ඕනේ කියනවා නම් වෙන්න ඕනේ මේ විදියට කියලයි මම හිතන්නේ...

      Delete
  16. සෞඛ්‍ය නොමිලේ දෙන එක නවත්වන්න ඕනේ....??
    හැබැයි ඒක වෙන්න ඕනේ සමාජ විරෝධී ක්‍රියා නිසා රෝගී වූ ය සම්බන්ධයෙන් පමණයි කියලයි මම හිතන්නේ!(මත්පැන්,නීති විරෝධී ක්‍රියාකාරකම් ආදිය නිසා සිදු වන ආබාධ)
    මොකෝ නැත්නම් රටේ දුප්පත් මිනිස්සු උණ හෙම්බිරිස්සාවටත් මැරෙන කාලයක් එයි!

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ නාඩියා.. මේවට හිතනවට වඩා ගානක් වෙන් කරන්න වෙනවා....

      Delete
    2. //සෞඛ්‍ය සේවය නොමිලේ දෙන එක නවත්තන්න ඕනේ//

      උඹ හදන්නේ අහිංසක මිනිස්සුන්ට ලැබෙන පැනඩෝල් පෙත්තටත් කෙලවන්ඩ

      Delete
    3. ඒක අරන් ගිහින් බොන්නේ නෑනේ අටම් වැඩිදෙනෙක්.. දවස් දෙක තුනක් බොයි.. ඊට පස්සේ එක්කෝ විසි කරලා දානවා.. නැත්තම් මීයන්ට පූසන්ට දෙනවා.... හි හි...

      Delete
  17. අපේ හොට බිම ඇනෙන්න කලින් මේ ටික වෙනවා නම් කොයිතරම් ශෝක්ද අප්පා !!! වෙන මොනා කියන්නද ඉතින් ?

    ReplyDelete
    Replies
    1. හි හි.. තව ඒකට කල් තියෙනවද වෙනි මාමේ...

      Delete
  18. වහා ක්‍රියාත්මක වන පරිදි හෙට සිට හිරු අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක තනතුරකට පත්කරනවා...වාදෙට එක්වෙන්න කැමතියි ඒත් අද වැඩ ගොඩ ගැහිලා...

    ReplyDelete
    Replies
    1. ඔයා හැමදාම පැනලා යනවා නලීන් අයියේ.... හි හි

      Delete
  19. නියමයි හි .. හි .. හිරු ,මාත් හිතන්නේ ඔය ටිකම තමයි ,තව ලියමු හි .. හි ..හිරු (ඔයා හැම තැනම හි .. හි.. ගාල දාන නිසා මං හිතුවේ ඔයාගේ නම හි.. හි.. හිරු කියල ,මං වැරදිද )

    ReplyDelete
    Replies
    1. හි හි කියන්නේ ඔයාලට හිනාවෙන්න මගේ සිග්නල් එක.... හි හි

      Delete
    2. පැනලා යනවා නෙමෙයි හිරු මේ ටිකේ මට බ්ලොගක් කියවන්නවත් වෙලා නැතිව ඉන්නේ ඒ තරමටම හිරවෙලා.

      Delete
  20. හිරුගේ යෝජනාවලට එකඟයි , අර ප්‍රෞඩ ඉතිහාස ඉන්ට්‍රඩක්ශන් එක නම් වැඩකට නෑ , නෑ ඔය මහ ලොකු ප්‍රෞඩය කියන සංකෘතියීත් කාන්තාවන්ට සැලකුවේ ලිංගික භාණ්ඩ විදිහට . ඕක ලංකාවේ විතරක් නෙවෙයි . රෝමයේ ග්‍රිසියෙත් , චිනයේ ඉන්දියාවෙත් කොහෙත් එකයි ඒකාලේ . දැන් තමා කාන්තාවන්ට මිනිස්සුන්ට විදිහට සලකන්නේ

    ගබ්සාව නිතිගත කරන්න ඕනි . හාමුදුරුවන්ටයි , රදගුරුවරුන්ටයි බම්බු ගහගන්න කියලා එච්චර දෙයක් කොරන්න අපේ අයට අමාරුයි (සන්ධානේ නෙමේ යුඑන්පියත් එච්චරයි ) . ඉපදෙන්න ඉන්න ජීවිතයට කලින් ඉපදිලා ඉන්න ජිවිත ගැනයි හිතන්න අවශ්‍යය . හරියට පිලිවෙලට හදාගන්න බැරි දරුවෙක් ලෝකෙට බිහි කරලා අම්මත් දරුවත් ඉතුරු කාලයම දුක් විඳිනවට වඩා අරක හොඳයි , ගණිකාව ගැන කියන්න ඕනි එව්වා මාතලන් ගෙ බ්ලොග් එකේදි කිවනේ . තාමත් ඒකම තමයි අදහස

    ReplyDelete
    Replies
    1. දේශපාලන මත ඇරෙන්න අනිත් ඒවට නම් උඹෙයි මගෙයි මතය ගැලපෙනව වගේ.... :)

      Delete
    2. වෙනස තියෙන්නේ පක්ෂ දේශපාලනයේ වෙන්ට ඔනි , මේවත් දේශපාලන අදහස් එක්තරා විදිහක :)

      Delete
    3. බුවාගේ අදහස් එක්ක එකඟයි...

      Delete
    4. පක්ෂ දේශපාලනය නෙමෙයි බන්... උඹ බලාපොරොත්තු වෙන තරමටම සුදු පාට දේශපාලනයක් මං මේ තියෙන සිස්ටම් එක ඇතුලෙ බලාපොරොත්තු වෙන්නෙ නැති කම කියලයි මට හිතෙන්නෙ...

      Delete
    5. මමත් සුදු පාට දේශපාලනයක් හොයනවා නෙවෙයි , ඒ වුනාට මම දෙන ප්‍රමුඛතාවයන් තියනවා . ඒ අනුව තමා ලියවෙන දේවල් ලියවෙන්නේ

      Delete
    6. එහෙම බැලුවාම දේශපාලනේ කෙසේ වෙතත් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ එක දෙයක් වෙයි කියලානේ.. ඒ රටට හරි දෙයක් සිද්ධ වෙයි කියලානේ.. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ඒක වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න බැරි එක නෙවෙයිද.. ඉතිං අපිට තෝරා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා.. එතකොට පක්ෂ දේශපාලනය ඉස්සරහට එනව...

      මං වැරදි ඇති සමහර විට.. නමුත් මට හිතනේනේ ඔහොමයි...

      Delete
    7. //මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ඒක වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න බැරි එක නෙවෙයිද//

      එහෙමනම් අපි ඔක්කොම ලබන පාර දෙමු සිද්ධා ලේප වෙදමහත්තයාට :D :D

      Delete
    8. නැත්තම් වෙන්ඩෝල් ලංකා අයිතිකාරයට... හි හි....

      Delete
    9. ඉපදෙන්න ඉන්න ජීවිතයට කලින් ඉපදිලා ඉන්න ජිවිත ගැනයි හිතන්න අවශ්‍යය .

      බුවා මල්ලී බුවා මල්ලී. ඕකට ලියන්න ගියොත් පොතක් ලියන්න වෙනවා. ඒ හින්දා නොලියා ඉන්නවා. මගේ මතය මම ලිවුවා ..

      Delete
    10. භෞතිකවාදීව බලන කෙනෙක් විදිහට මම දකින විදිහ ඔය , අය්යාගේ මතය වෙනස් වෙන හේතුව මම දන්නවා .

      Delete
  21. බාලිකා පාසල් සහ බාලක පාසල් වශයෙන් වෙන් කරන්නේ නැතුව හැම පාසලක්ම මිශ්‍ර පාසල් කරන්න ඕනේ...
    මෙන්න මේකට මාගේ බලවත් විරෝධය..
    අනිත් එවුවනං හොදා..
    ඒත් තීන නීති ක්‍රියාත්මක වෙන්නැති මේ රටේ ඔය කීන එවුවානං හීන..
    මම රටේ ලොක්කනං ගේන්නේ කෙලිංම උඩරට නීතිය...
    සරලයි සුගමයි....
    බොරුනං උඩරට නීතිය ටිකක් හදාරලා බලන්න..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මුලින් ම කරන්න ඕනේ.. උඹලට කෙල්ලන්ගේ ගවුම් කරවල් අස්සේ බලන්න හිතෙන්නේ නැති වෙන්න.. හි හි...

      Delete
  22. සුපිරි ලිපියක්...
    ඔය මාතෟකාව සම්බන්දයෙන් නම් මුලින්ම තිබුන අදහස ඕක හොඳයි කියන එක... පහුගිය ටිකේ කියවපුවත් එක්ක (විශේෂයෙන්ම බුවාගෙ කමෙන්ට්) මගේ තියෙන්නෙ වැට උඩ උත්තරයක්... මොකද ඕක නීතිගත කල යුතුයි කියල කියන කට්ටිය බලාපොරොත්තු වෙන දේ මේ තියෙන සමාජ තත්ත්වය උඩ නම් වෙයි කියල මම විස්වාස කරන්නෙ නැති නිසා...

    (නීතිගත කිරිල්ලට කැමැත්තෙන් හිටියෙ වෙන මොකක්වත් හින්ද නෙමෙයි එතකොට පොලිසියෙ උන්ට හෝටල් ගානෙ ගිහින් කොල්ලො කෙල්ලො කුදලන් යන්න බැරි වෙයි කියන බලාපොරොත්තුව හින්ද..)

    ReplyDelete
    Replies
    1. වරහන ඇතුලේ තියෙන එක කොහොමත් වෙනවා තමයි... හි හි...

      Delete
    2. ඒක නවත්තගන්න තමයි යකෝ ඕන.... ඇයි වදේ....?

      Delete
    3. හෑ.. මට නම් මාතලන් අයියගෙ පෝස්ට් එකයි ගොඩක් කමෙන්ට් වලට තිබුන උත්තර වලිනුයි තේරුනේ ඔය වෘත්තියෙ ඉන්න උදවියට වෙන අසාධාරණය, සූරාකෑම නවත්තන්න ඕක නීතිගත කල යුතුයි කියනව වගේ එකක්.. අද වෙද්දි සමාජය ඇතුලෙ තියෙන තත්ත්ව උඩ ඒක නම් වෙයි කියල මම විස්වාස කරන්නෙ නෑ,...

      Delete
    4. සාතන් ට එකගයි, පලමුව යාන්ත්‍රනයත් දෙවනුව මේ දේත් කරන්න වෙනවා, නැතුව මේ අලුත් දේවලුත් අරන් පරන බස් එකටම නැගල වැඩක් නෑ. අන්න ඒ දිශාවට කතිකාවතක් හැදෙනව නම් වඩා හොදා.

      Delete
    5. සුජියා හරි.... මමත් කියන්නේ ඒක තමයි.... එකපාරටම පොල්ලෙන් ගැහුවා වගේ මේ වගේ දෙයක් කරන්න බෑ...

      Delete
  23. හුස්ම ගන්නෙත් නැතුව එක දිගට කියෝගෙන ගියා ,මෙහෙමයි ..ලංකාවේ සංස්කෘතිය සදාචාරය ගැන කතා කරන්න වෙනමම පොස්ට් එකක් ලියන්න වෙයි මට හිතෙන විදිහට.අර ලෝකය සහ මිනිසුන් මහා බ්‍රාහ්මණය මැව්වා කියන කාලේ ඉඳන් කාන්තාව ලිංගිකව හිංසාවට පීඩාවට පත් වුණා .බ්‍රාහ්මණයන්ට අයිතිය තිබුනනේ බ්‍රාහ්මණ කුලය සහ පහත කුල තුනේම (ක්‍ෂත්‍රීය ,වෛශ්‍ය ,ශුද්‍ර )කාන්තාවන් ඇසුරු කිරීමට .ඊට පස්සේ අන්තඃ පුර !ඒ කාලේ ඉදන්ම කාන්තාවට අසාධාරණ කම් සිද්ද වුණා .ඒ උනත් බුදු රදුන් කාන්තාවන්ට නිදහස ලබා දුන්නට පස්සේ සංස්කෘතිමය පරිසරයක් ලංකාවෙත් ඇති උනා.ඒ විදිහට බලද්දී අදටත් ලංකාවේ ඔය කියන සංස්කෘතිය සභ්‍යත්වය තව දුරටත් තියන නිසා තමයි කෙල්ලෙක් කලිසමක් ඇඳන් පාරේ යද්දී අපේ ගම්වල කොල්ලෝ අමුතු සතෙක් දිහා බලනවා වගේ බලන්නේ .ටිකක් කොටට ඇඳන් ගියොත් වැරදි කියන්නේ.ඒ නිසාම තමයි ගැහැණියෙක් තමන් ඇඳගෙන යන ඇඳුම ගැන දෙපාරක් හිතන්න පුරුදු වෙලා ඉන්නේ.වැරදි කරන සුලුඋතරයක් නිසා ලංකාවේ සංස්කෘතියක් නැහැ කියලා කාටවත් කියන්න බැහැ .හරි ඒක ඉවරයි. අනිත් කාරණේ තමයි මගේ පෞද්ගලික අදහස මේක නීතිගත කරන එකෙන් අතුරු ප්‍රශ්න රාශියක් නැගෙන බව .නමුත් හිරු මේ පොස්ට් එකෙන් කියන්න උත්සහ කරලා තියෙන්නේ මේක නීතිගත කරනවාට කැමතියි කියලවත් අකමැතියි කියලවත් නොව ,නීතිගත කරනවානම් කල යුත්තේ කෙසේද යන වග !එහෙම බලද්දී හිරුගේ අදහස්වලට මාත් එකඟයි .අර සෞඛ්‍ය සේවය නොමිලේ දෙන එක නවත්තන්න ඕනේ කියන එකටනාඩි ඉදිරිපත් කරපු අදහසම තමයි මටත් තියෙන්නේ.ගබ්සාව නීතිගත කරනවාටත් මට කැමැත්තක් නැහැ .ඒ ඇරුනහම හිරුගේ අනෙක් අදහස්වලට මමත් එකඟයි.මගේ සම්පුර්ණ අදහස ගැන හිරු දන්නවනේ ..

    ReplyDelete
    Replies
    1. තව කියන්න ඕන හිරු අකමැත්තෙන් නැත්නම් බලහත්කාරයෙන් කාන්තාවකගේ අතකින් ඇල්ලුවත් එකට දැඩි දඬුවමක් තියෙන්න ඕනේ.ඒ වගේම කාන්තාවන්ට හිංසනයක් නැති වෙන්න ඒ පැත්තට අදාල සියලු නීති තද කරන්න ඕන ..හැබැයි ඉතින් ලංකාව වගේ රු 100ට 200ටත් කොන්ද නමන නීතිය රකින අයත් එක්ක මේ වැඩේ කරන්ට බැහැ .ඒක හින්දා මේවා නීතිගත කරලා වැඩක් නැහැ

      Delete
    2. ඔයාගේ අදහස වගේම මං මේ කියන්න හදපු එක තේරුම් අරගත්ත එකටත් ස්තූතියි රෙහානි...

      Delete
  24. //.ඒ උනත් බුදු රදුන් කාන්තාවන්ට නිදහස ලබා දුන්නට පස්සේ සංස්කෘතිමය පරිසරයක් ලංකාවෙත් ඇති උනා//
    නෝන මහත්තයා නුවර යුගේ ගැන පොඩ්ඩක් කියවලා බලන්නකෝ , තුන්වන පාර්ශවයක් ලියපු පත පොත තියෙන්නේ ඔය යුගය ගැන විතරයි , ඒ නිසා සාධාරණ විස්තර බලාගන්න පුලුවන් . බුදු හාමුදුරුවො හින්දු සමාජයේ තිබිච්ච නොයෙකුත් අසාධාරණයන්ට විකල්පයක් වුනා හැබැයි අපේ අය ඒවා රැකගත්තෙ නෑ , එහෙම කලා නම් කුල බේදයක් කොහෙන්ද අපේ රටට , ඒ තියා සාසනේටත් කුල බේදයක් ගැවිලා තියෙන්නේ ඇයි ?

    ගැනු ලමක් තමන් කැමති ඇඳුමක් අඳින එක ඒ අයගේ අයිතිය කියලා අපි දකින්නේ (නූතන දියුණු සමාජයන් එහෙමයි ) , එතකොට එහෙම ගැනු ලමෙක් දිහා වපර ඇහෙන් බලනවට අපි කියන්නේ සංස්කෘතිය නෙමේ ගෝත්‍රික කම කියලා , ඒක තියෙන්නේ ගැනුනුව ගෝනි බිල්ලො කරන ශරියා නිතියට චුට්ටක් ඉහලින් විතරයි

    ReplyDelete
    Replies
    1. බුවා අපි ඕක වෙනම කතා කරමු... ඔයා කියන එකේ ඇත්තක් නැතුව නෙවෙයි.. නමුත් කාන්තාවක් හැටියට රෙහානිගේ අදහස පිලිගන්න මට සිද්ධ වෙනවා.. මොකද ඇත්ත තත්වය ඒක නිසා...

      Delete
    2. //මොකද ඇත්ත තත්වය ඒක නිසා...//??????????

      Delete
    3. ඒ සංස්කෘතිය යම්තරමකින් අවශ්‍යයි කියලා මම හිතනවා බුවා... ගෝත්‍රික උන්ට තමා ඒ වගේ, කෙල්ලෙක් දැක්කම නගින්නේ.. නැගලා ඉන්න බැරැව දඟලන්නේ... ශරියා කියන්නෙත් ඒක තමයි... නමුත් හරි තැනට, හරි විදියට අඳින කෙල්ලෙක් දිහා එහෙම බලන්නේ නැත්තම් එච්චරයි අවශ්‍ය...

      ක්ලබ් එකකට යද්දි කොට ගවුමක් ඇදලා, ඕනේ නම් යටට අඳින්නෙත් නැතුව යන්න කෙල්ලෙක්ට ඉඩ තියෙන්න ඕනේ... නමුත් ඒ ඇඳුමෙන් පන්සලට එනවට මම අකමැතියි...

      පන්සලට යද්දි දණහිසට හෝ දණහිසෙන් පහලට දිග සායක් ඇඳගෙන යන්න ඉඩ තියෙන්න ඕනේ.. නමුත් පන්සලට යන්න වීත්තේ වගේ සුදු රෙද්දක් අඳින්න ඕනේ කියලා කියනව නම් මම ඒකට විරුද්ධයි.. ඒ වගේම කෙල්ලන්ට කොල්ලන්ට පන්සලට කොට කලිසමක් ඇඳගෙන යන්න දෙන්න ඕනේ කියනවා නම් මම ඒකටත් විරුද්ධයි...

      හරි තැනට, හරි විදියට කියලා කිව්වේ ඒකයි....

      Delete
    4. ගැලපෙන තැනට ගැලපෙන ඇඳුම අදින්න ඕනි කියන එක සැකයක් නෑ , ඒකයි කලින් කෙනා ලියල තියන එකයි දෙකක්

      Delete
  25. අනේ මන්දා මට මේ ලිපිය කම්මැලියි හිරුවෝ

    ReplyDelete
    Replies
    1. ෆොටෝ එකක් දාන්න බැරිඋනානේ බං.... හි හි

      Delete
  26. අවසානයේ හෝ ගණිකා වෘත්තිය නීතී ගත කරන්න ඕන මතයට ආපු එක ළොකු දෙයක්. අපචාරයට ලක්වුන දරුවෙක් හදාගන්න ඔබ කැමතිද...? මම නම් ජීවීතේට හිතන්නේ නෑ. ඒකට ඔයා කැමති වෙයි කියලා. ඔය ඔක්කෝම සිහින. යථාර්තයට එකම ප්‍රායෝගික විසඳුමක්වත් ඔතන නෑ. එකක් ඇර. ඒ තමා ළමා හා කාන්තා ආරක්ෂාව පිළිබඳ නව නීතී ගේන්න ඕන කියන එක. අන්න එතනදි ඔය ගණිකා වෘත්තියේ යෙදන කාන්තාවන් ගැනත් අනුකම්පා සහගතව බලන්න සිත් පෑදේවා. ගණිකාවන් ප්‍රමාණය 50000 ට වඩා බොහෝ වැඩියි. කොළඹ ප්‍රමාණයත් ඔයිට ඉහලයි.

    ඒ කෙසේ වෙතත්, නිර්භයව මෙවන් ළිපියක් ලිවීමට ඉදිරිපත් වීම පිළිබඳව ඇති ධෛර්යය හා ශක්තියට මම ඔබට හිස නමා ආචාර කරණවා. මෙවන් සංවාද තුලින් තමයි සමාජය ඉදිරියට ගමන් කරන්නේ. මට ඔබ ගැන අවංකවම ආඩම්බරයි...

    ReplyDelete
    Replies
    1. මාතලන් මම කොතැනකදි වත් කිව්වේ නෑ මේක නීතිගත කළ යුතුයි හෝ නොකළ යුතුය කියලා.... මම කිව්වේ “මේ රටේ දැන් තියෙන තත්වය අනුව නොකළ යුතුයි” කියලා... කරන්න ඕනේ නම් මෙන්න මේ ටික කළාට පස්සේ කලොත් ප්‍රශ්න අඩුවෙයි කියන එකයි....

      ///අපචාරයට ලක්වුන දරුවෙක් හදාගන්න ඔබ කැමතිද...?//
      ඒකේ කොහෙත්ම ප්‍රශ්නයක් පෙන්නේ නෑ මාතලන් මට වත් මගේ මහත්තයටවත්...

      Delete
    2. අපචාරයට ලක්වුන ගෑල්ලමයෙක්... අවුලක් නෑ... අවුරුදු 13-14 ක... ඔය හිරුද කතාකරන්නේ......?

      ඕක තමයි කියන්නේ හිරු බොරු කියනවා කියලා.....

      Delete
    3. ඒකේ මොකද්ද කරන්න බැරිකම මාතලන්... මට නම් ඒකේ කිසිම ප්‍රශ්නයක් පේන්නේ නෑ.. අපේ දරුවෙක්ට උනොත් අපි අතාරින්නේත් නෑ නේ...

      ඔයා කියන්නෙ ඇබ්බැහි වීමක් ඇති කෙනෙක්ද, දූෂණයට ලක් වූ කෙනෙක්ද කියන එක මට පැහැදිලි නෑ.. නමුත් කියන්න තියෙන්නේ ඒ දරුවෙක්.... දරුවෙක් හදා ගන්න එකේ ප්‍රශ්නයක් කොහෙත්ම නෑ ...

      Delete
  27. දරුවා පෝස්‍ටුව ගැන අදහසක් දාන්න හිතාගෙන පහලට ආවට මම මගේ අදහස වෙනස් කලා.ඒකට හේතුව පහල තියෙන කොමෙන්ට් වලින් කියවෙලා තියෙන්නේ වෙනස් වෙනස් අදහස් උනත් ඔයා ඒවත් අනුමත කරලා තිබීම. විවාදාත්මක කරුනු ගොඩාක් තියෙන පොස්‍ටුවක් හිරූ ඒත් මම දේශපාලනේ ගැන අනුගමනය කරන ක්‍රමයම මෙතනදිත් අනුගමනය කලා ඕං...!

    ReplyDelete
    Replies
    1. මෙතනදි ඕනෙ කෙනෙක්ගේ අදහස මම වැදගත් විදියට සලකනවා සරා අයියේ.. හේතුව මේක බො‌ෙහාම සංවේදී මාතෘකාවක් නිසා...

      Delete
  28. මේ වෘත්තියේ යෙදෙන අය ලියාපදිංචි කළ යුතුයි...
    (ලියාපදිංචි නොකලත් කොලබින් පිට බොහෝ නගරවල මෙම වෘත්තියේ යෙදෙන අය හඳුනා ගෙන තියනවා)
    මේ අය‌ෙග් සෞඛ්‍ය වාර්තා නිසි පරිදි අලුත් කළ යුතුයි..
    (මේ දේ කොලබින් පිට පලාවල ලිංගාශ්‍රිත රෝග මර්දන එකක වලින් කරනවා ඇත්තම කියනවා නම් ඒ අයම සායන වලට එනවා)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඒ තොරතුරට... මේවා තව තවත් විධිමත් වෙන්න ඕනේ...

      Delete
  29. Ane hiru onna mata nam me wage ewata mokuth kiyanna ba. E nisa balala sadda nokara innawa hode.

    ReplyDelete
    Replies
    1. හි හි .. කිසි ප්‍රශ්නයක් නෑ නංඟා...

      Delete
  30. මේ ගැන නොබියව කතා කිරීම ගැන මගේ ස්තූතිය , අක්කගේ යෝජනා ගොඩක් හොදයි, ඒත් සමහර එව්වගේ ප්‍රයෝගික පැත්ත ටිකක් (ගොඩාක් :) ) අවුල් , උදාහරණයක් ලෙස මිශ්‍ර පාසල් සංකල්පය , ඔව්වගේ ඉන්න එවුන් ඔක්කොටම වඩා අන්තයි :-) , ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. එක සැරයක් ලිංගික අධ්‍යාපනය විෂය නිර්දේශයට ඇතුලත් කල යුතුයි කියන යෝජනාව සම්මත වුනේ සබරගමුව පළාත් සභාවේ විතරයි (මට මතක හැටියට ,මේ අවුරුද්දෙම ද කොහෙද ) ලංකාවේ ඉන්න මෝඩ පණ්ඩිතයෝ ටික එළවලා දාන්න ඕනේ ඔක්කොටම කලින් , ආ........ තව එකක් ඉන්ටනැෂනල් ස්කූල් එකක සිලබස් එකේ ඔව්වා ගැන තිබුනා කියලා එකටත් පණ්ඩිතයෝ ටිකකුයි මීඩියා කාරයොයි කෑ ගැහුවා ඔක්කොටම කලින් උන්ට මෙව්වා ගැන කියලා දෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. අපේ මේ අම්බරුවෝ මොනවා හිතාගෙන රට කරනවද මන්දා අප්පා... ලෝකෙම තියෙන දියුණුම තාක්ෂණය රට ඇතුලේ තියෙනවා... ඒත් අපේ උන්ට හරියට අධ්‍යාපන ක්‍රමය හදා ගන්න බෑ....

      Delete
    2. අපේ මේ අම්බරුවෝ මොනවා හිතාගෙන රට කරනවද මන්දා අප්පා...

      ඕකට "කරනවා" කියනවට වඩා හොඳ "කනවා" කියන වචනේ හිරුවෝ..P

      Delete
  31. කිසිත් නොකියමි! මෙවැනි මාතෘකා කතා කිරීමට තරම් හිරූ අක්කට ශක්තියක්, එඩිතර කමක් තිබීමම අගය කරමි :)

    ReplyDelete
    Replies
    1. මදෑ... මෙන්න මෙයත් පැනලා ගිහින්.. හි හි... මේවා කතා කරන්න ඕනේ මල්ලා.. අපිවත් පටන් ගත්තොත් කවුරුහරි ඉස්සරහට ඇඳගෙන යයිනේ...

      Delete
  32. මේ දේවල් කෙරෙනවානම් කොච්චර හොදද ...
    හිරු කියලා තියෙන ගොඩක් දේවල් වලට මමත් එකයි..
    එත් එක දෙයක් ගැන විතරක් සුට්ටක් කියන්නම්කො ,

    ගණිකා වෘත්තිය නීතිගත කිරීම ..
    මමත් මේකේ වරදක් දකින්නේ නැහැ මොකද ඕක කොහොමත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමේ . අනික මේක නීතිගත කලොත් ඒ රැකියාව වෙනුවෙන් ගෙවන මුළු මුදලම ලැබෙනවා . නැත්නම් තරව්කාරයානේ හම්බ කරගන්නේ.. එක නිකන් හිගන්නාගේ පාත්තරේට හෙනහුරා වැටෙනවා වගේ වැඩක් .
    අනික තැරැව්කරුවන් අකමැත්තෙන් බලහත් කාරයෙන් කපටිකමින් අහිංසක කෙල්ලන්ව රවට්ටගෙන ගිහින් ගණිකා වුර්තියේ යොදවන එක නතර වෙනවා ..

    ReplyDelete
    Replies
    1. ඒක ඒ විදියට වෙන්න ඕනේ නම්, මේ ටික, මේ විදියට කෙරෙන්න ඕනේ චමී...

      Delete
  33. මේ සම්බන්ධයෙන් නොභියව ලිවීම ගැන මගේ ප්‍ර‍ණාමය හිරු ට පිරිනමන්න කැමතියි... අනිත් බහුතර බ්ලොග් කෙල්ලො වගේ සරළ සුමට දේවල් ගැනම කිය කියා ඉන්නෙ නැතුව බොහොම කාලීන දේවල් කථා බහ කරන අතලොස්ස අතර ඔබ බොහොම ඉදිරියෙන් ඉන්න බව අතිශෝක්තියක් නොවේ.

    ඔබේ යෝජනා බහුතරයකට මම නම් එකගයි... ගබ්සාව නීති ගත කිරීමේදී එයට යම් අර්ථ විවරණයක් අවශ්‍යයි.

    දරුවෙකු බිහිකිරීම ශාරීරිකව අවධානම් රෝගීන්ට
    අපචාරයකට හසුව දරු පිළිසිදගැනීමක් වූ වයසින් අඩු දැරියන්ට
    අංගවිකලව උපදීමට නියමිත දරුවන් සදහා ගබ්සාව සදහා අවස්ථාව ලබා දීම වඩා සාධාරණයි කියලා මට හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. දරුවෙකු බිහිකිරීම ශාරීරිකව අවධානම් රෝගීන්ට-
      දරුවෙක් හදන්න කකලලින් ඒවා ගැන හිතන්න ඕනේ. බොහොම සුලු සැත්කම් වලින් ඒවා වලක්වන්න පුලුවන්

      අපචාරයකට හසුව දරු පිළිසිදගැනීමක් වූ වයසින් අඩු දැරියන්-
      මුල් දින කීපයේම ක්‍රියාත්මක උනොත් ගැබ්ගැනීමක් වෙන්නෙ නෑ. හොද දැනුමක් ලබා දීමයි කල යුතු.

      අංගවිකලව උපදීමට නියමිත දරුවන් සදහා ගබ්සාව සදහා අවස්ථාව ලබා දීම-
      අපි මේ ලෝකෙට උපදින්නේ පෙර කරනන ලද කුසල් අකුසල් වල බලයෙන්.අපි සම්පුර්නව ඉපදෙනවද නැත්තම් අංගවිකලව උපදිනනවද කියලා කියලා තීරණය වෙන්නේ ඒකෙන්. අනික අපි කොහොමද කියන්නේ අංග විකල උනා කියලා ඒ දරුවා මේ ලෝකෙට බිහි නොවිය යුතුයි කියලා. මේ ලගදි පත්තරේ තිබුනා කැම්පස් යන අංගවිකල කෙනෙක් ගැන. එයාගේ අම්ම තවමත් එයාව වඩාගෙන යනවා. සිරා කියන විදිහට ඒ ගබ්සා කරන්න ඕන දරුවෙක් නේද.
      ඉපදදුනත් නැතත් අපිට අයිතියක් නෑ වෙන කෙනෙකුගේ ජීවිතය ගැන තීරණ ගන්න.

      Delete
    2. සිරා.. මම මුලින් හිතුවේ නෑ මේකෙදි ගබ්සාව ගැන කතා කරන්න.. නමුත් අන්තිමට ඒ ගැන කතාව වැඩි වෙච්ච නිසා මම පොඩි එකතු කිරීමක් කළා... ඇයි මේ නීතිය අවශ්‍යයි කියලා මම හිතන්නේ කියලා පැහැදිලි කරන්න....

      අනිවාර්යයෙන්ම නීතිමය රාමුවක් තිබිය යුතුමයි... මේ තත්වයෙදි ගබ්සාව නීත්‍යානුකූල කළ යුතු වන්නේ ගබ්සා වැඩි කරන්න නෙවෙයි ... ඇත්තටම ගබ්සා අඩු කරන්න සහ නීති විරෝධි ගබ්සා කිරීම් නවත්තන්න...

      බණ්ඩා ට මුලින්ම කියන්න ඕනේ මම මේ නීති දෙකටම කාන්තාවක් විදියට, මනුශ්‍යයෙක් විදියට කැමති නෑ කියන එක... නමුත් තත්වය අනුව හිතලා බලනකොට මේවා කරන්න ඕනේ කියල හිතෙනවා.. එහෙම නම් කළ යුත්තේ මෙහෙමයි කියලයි මම හිතන්නේ...

      බණ්ඩා හිතනවට වඩා දෙයක් මෙතන තියෙනවා.. ලොකුම හේතුව තමයි අද මේ වෙනකොට ලංකාවේ දිනපතා සිදුවෙන නීතිවිරෝධී ගබ්සා ප්‍රමාණය...

      මම පෝස්ට් එකට පොඩි එකතු කිරීමක් කළා... ඒකත් මෙතනට අමුණන්නම්..

      ////ඉතාමත් යොවුන් වියේ ගැබි ගැනීම්, යොවුන් මව්වරු වගේම ගබ්සාව වැඩි වීම කියන්නේ ලිංගික අධ්‍යාපනයේ අතුරුපලයක්... නීතිවිරෝධි විදියට ගබ්සා සිදු කිරීමෙන් නැති වන ජීවිත ප්‍රමාණය බේරා ගන්න ගන්න යම් පිළිවෙලක් තිබිය යුතුයි.... ඒක තමයි මේ ක්‍රමය... මේක හරි විදියට කළොත් මම හිතනවා ගබ්සා අඩු වෙයි කියලා මේකෙන් ඇත්තටම .. මොකද නිසි වෛද්‍යවරයෙක් ගාවදි ලැබෙන උපදෙස් වලින් වැඩිපුරම කියන්නෙ “ දරුවා නැති කරන්නේ නැතුව කාටහරි හදාගන්න දෙමු ”කියල.. ඒ ගැන හිතන්න මවට කාලයක් ලැබෙනවා .. ගොඩක් වෙලාවට එතනදි ගබ්සා කිරීමේ තීරණය වෙනස් වෙනවා.. හැබැයි මේක වෙන්නෙ නිසි පරිදි දැනුවත් කිරීම් කෙරෙනවා නම් විතරයි.. නැත්තම් ඒක වෙන්නේ නෑ...

      අනිත් එක ඒ වගේ දරුවන් රැකබලාගන්න හරි ක්‍රමවේදයක් තියෙනවා නම් ගොඩක් අය ගබ්සා කරන්නේ නෑ... කිසිම මවක් තමන්ගේ කැමැත්තෙන් කුසේ ඉන්න දරුවෙක් නැති කරන්නේ නෑ... ( 99.99% විතර) .. සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න මත තමයි මේ වගේ තීරණයක් ගැනෙන්නේ... ඉතිං මේ වගේ දරුවෙක් රජය මඟින් යමිකිසි ක්‍රමයකින් හොඳ තැනකට දීලා, හොඳ තත්වයක් ලබා දෙනවා කියලා සහතිකයක් තියෙනවා නම් ඒක කරන්න ඕනේ වෙන්නෙ නෑ නේ... මේකෙදි ඇත්ත තත්වය ඒකයි....////

      Delete
    3. @ බණ්ඩා

      // දරුවෙකු බිහිකිරීම ශාරීරිකව අවධානම් රෝගීන්ට-
      දරුවෙක් හදන්න කකලලින් ඒවා ගැන හිතන්න ඕනේ. බොහොම සුලු සැත්කම් වලින් ඒවා වලක්වන්න පුලුවන්

      අපචාරයකට හසුව දරු පිළිසිදගැනීමක් වූ වයසින් අඩු දැරියන්-
      මුල් දින කීපයේම ක්‍රියාත්මක උනොත් ගැබ්ගැනීමක් වෙන්නෙ නෑ. හොද දැනුමක් ලබා දීමයි කල යුතු. //

      උඹේ මේ උත්තර දෙකම ප්‍රායෝගික නෑ මචෝ... ලිංගික අවශ්‍යතාව ආවම සමහර අයට ළමයි හදන්න හොදද...ඒක මගෙ ශරීර සෞඛ්‍යයට හොදද ඔය වගේ දේවල් කල්පනා වෙන්නෙ නෑ අවශ්‍යතාම ඉටුකර ගන්නවා මිසක

      දැරිය ගැන කාරණයේදී මුල් දින කීපයේ ක්‍රියාත්මක වෙන්න දැරිය කියන්න එපෑයැ කාරණේ... ගොඩාක් දේවල් එළිවෙන්නෙ බඩට ළමයෙක් ආවට පස්සෙ නොවැ...

      අර කැම්පස් යන ළමයගෙ කථාව මමත් දැක්කා...මම කියන්නෙ අතපයෙන් නොව මානසිකව අංග විකල වූ දරුවන්...එවැනි අයට එවැනි ජීවිතයකින් කිසිම ප්‍රයෝජනයක් නෑ නේද...


      Delete
  34. ගබ්සාව නීති ගත කිරීම හා ගණිකා වෘත්තිය නීතිගත කිරීම දෙකටම මම විරුද්දයි.
    ලිංගිකත්වය පිලිබදව හොදින් දැනුවත් කිරීමයි කල යුතු.

    දැන් උපත් පාලන ක්‍රම ගොඩාක් දියුණුයි. සම්බන්දයකට පෙර වගේම පසුවත් පාවිච්චි කරන්න ක්‍රම ඕන තරම් තියෙනනවා. ඉතින් මොකටද ගබ්සාකරන්නේ. අතවරයකදී උනත් එච්චරයි. දැනුවත් කිරීමයි වැදගත්. අනවශ්‍ය ගැබ් ගැනීම් වෙන්නේ නොසැලකිලිමත්කම නිසයි. සැලකිලිමත් උනානම් ඔය මුකුත් නෑ.

    ගණිකා වෘත්තියය නීතිගත කිරීම පනින රිලවුන්ට ඉනිමන් බදිනවා වගේ වැඩක්. එහෙම උනොත් පොඩ්ඩ බැරි වෙනකොට ගෑනු ඒ රස්සාවට බහියි. දැනට ඔය රැකියාවේ යෙදෙන හැම දෙනාවම බලෙන් ගෙනාපු අය නෙමෙයිනේ. කැමැත්තෙන් ඔය රස්සාව කරන අය කොච්චර ඉන්නවද. අනික බලෙන් යොදාගන්න පිරිසත් වැඩිවෙයි. කොහොම හරි ට්‍රැක් එකට දා ගත්තම ඉවරනේ. බයකුත් නෑ.

    පවට තියෙන බය නික්‍ම්ම නැති වෙනවා ඔය නිසා. නිතිගතනම් මෙකටද බය වෙන්නේ. පොලීසියෙන් පැනිලි අරව මේව මුකත් නෑ. පුංචි ලැජ්ජාවක් විතරයි ඉතුරු. දැන් බොතලයක් වටේ සෙට් වෙනවා වගේ එතකොට ගණිකාවන් වටේ සෙට් වෙන්න පටන් ගනීවි.

    කොහොම කිව්වත් ගබ්සාව හා ගණිකාව කියන්නේ පිටු දැකිය යුතු දේවල්. ඒකෙන් සමාජයට වෙන්නේ අවඩැක් විතරයි..



    ReplyDelete
    Replies
    1. ලිංගික අධ්‍යාපනයේ අතුරුපලයන් දෙකක් තමයි මේ තත්ව දෙකම.. ලිංගික අධ්‍යාපනය ක්‍රමවත් නැති නිසා ඇති වෙන සාමාජීය ප්‍රශ්න නිසා තමයි කාලෙන් කාලෙට මේ දෙක කතාවට ගන්නේ කට්ටිය....

      ලිංගික අධ්‍යාපනයෙන් දැනුවත් වීම් වෙනවා වගේම මේ වගේ අතුරුපලත් තියෙනවා.. අන්න ඒවට ක්‍රමවත්ව මුහුණ දෙන්න තමයි මේ නීති අවශ්‍ය...

      පිටු දැකිය යුතු දේවල් උනත් මේවා අද සමාජයේ දිගින් දිගටම අපචාර/ අපරාධ මට්ටමෙන් ක්‍රියාත්මක වෙනවා.. ඒකයි කාලෙන් කාලෙට කවුරුහරි මේ වගේ යෝජනාවක් ගේන්නේ....

      මම කියන්නේ නීතිගත කළ යුතුම නම් මේ වගේ ක්‍රියාමර්ගයකට ගිහින් මේ තත්වය ඇති උනාම නීතිගත කරන්න කියලා... එතකොට මේ වගේ නීතියකින් වෙන අවැඩ අඩු වෙනවා....

      ඔයා ඉදිරිපත් කරලා තියෙන තර්ක දෙක තුනටම උත්තර මෙන්න මේ පෝස්ට් දෙකේ සහ කමෙන්ට් වල තියෙයි කියලා මම හිතනවා..

      ගණිකා වෘත්තිය, නීතීගත කිරීම (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.) - Legal Prostitution (Strictly for Adults)

      ගණිකාව සහ සිරි ලංකාව (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි)

      මම මේ ගැන මගේ පෞද්ගලික අදහස සහ පව් පින් ගැන මගේ හිතේ තියෙන අදහස්, බැඳීම් පැත්තකින් තියලා මේ පෝස්ට් එක ලිව්වේ මේක නීතිගත කරන එක “දැනට නොකළ යුතු ඇයි කියලා මම කියන එකට හේතුව” පැහැදිලි කරන්න.. නැතුව මගේ මනුස්සයා පිට යයි කියලා වත්, ගණිකාවෝ වැඩි වෙයි කියලවත් හිතලා නෙවෙයි කියන එක පැහැදිලි කරන්න...

      Delete
  35. අක්කේ ඔය කියල තියෙන එකදෙයක්වත් ප්‍රායෝගිකව ලංකාවේ කරන්න බැහැ. ඒ නිසා ඔය මොකක්ද කියන එක නීතිගතකරන්න හොඳ නැහැ. මොකද ලංකාවේ දැනටමත් මහා ඉහලින්ම ක්‍රියාත්මක වෙන ඔය උලව් වෘතිය නිසා පනින රිලවුන්ට ඉනිමන් බැඳ වගේ වැඩක් තමයි වෙන්නේ. අනෙක ඔය අංගවිකල ළමයි ගබ්සාකරන්න ඕනේ කියල අපේ බ්ලොග් හිතවතෙක් කියල තිබුන. නමුත් මට තියෙන ප්‍රශ්නේ මේ ලෝකේ ඉන්න එයාලය අයිතියක් නැද්ද කියල. මේ ලෝකේ අයිති සර්ව සම්පූරණ කොටසකට පමණද? ඒ ළමයි එහෙම උපදින්නේ තමන් පෙර කල කර්ම නිසා නමුත් ඔවුනුත් මේ ලෝකේ අයිතිකාරයෝ.

    ReplyDelete
    Replies
    1. අංග විකල මනුස්සයෙක් මොන පහසුකම් මැද්දේ වුනත් ගෙවන්නේ ඉතාම දුක්භිත ජිවිතයක් , ඒක කරුමය කියල මුලි ජිවිත කාලයක් විඳවන්න සලස්වනවාට වඩා , එහෙම කෙනෙක් ලෝකයට එන්න කලින් දැනගෙන වලක්වන්න පුලුවන් නම් ඒක වටිනවා .

      Delete
    2. කෝරලේ මහත්තයා මේ සාකච්ඡාවට මුල් වෙච්ච පෝස්ට් දෙකයි මුල ඉඳලා අගට කමෙන්ට් ටිකයි කියෙව්වා නං ඇයි මෙහෙම කියන්නේ කියන එක ‌තේරුම් ගන්න පුළුවන්..

      ගණිකා වෘත්තිය, නීතීගත කිරීම (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.) - Legal Prostitution (Strictly for Adults)

      ගණිකාව සහ සිරි ලංකාව (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි)

      මේ වගේ සමාජය දැනුවත් කිරීම් වලින් පස්සේ ගබ්සාව නීතිගත කරන්න ඕනේ කියලා මම කියන්නෙ ඔයිට වඩා වෙනස් හේතුවක් නිසා කොල්ලෝ... ඇත්ත කතාව නම් කිසි කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් ගබ්සාවක් කරන්නේ නෑ... වැඩිපුරම සාමාජීය ප්‍රශ්න සහ බලපෑම් නිසායි ඒ තත්වය ඇති වෙන්නේ.. නීතිගත කිරීමෙන් ඒ තත්ව වළක්වන්න පුළුවන්... මොකද අම්මගේ සම්පූර්ණ කැමැත්ත නැතුව කාටවත් බලකිරීමෙන් ගබ්සාවක් කරන්න බෑ... රෝහලේදිත් දැනුවත් කිරීම් කරනවා, ඒ වගේ තීරණ වෙනස් කරන්න... නමුත් නිතී විරෝධිව කරන දේවල් වලදි මේ එකක්වත් වෙන්නේ නෑ.. ගොඩක් වෙලාවට අම්මගේ කැමැත්ත නැතුව වෙන කෙනෙක්ගේ බලකිරීම මත තමයි ඒවා වෙන්නේ...

      මම මේ ගැන මගේ පෞද්ගලික අදහස සහ පව් පින් ගැන මගේ හිතේ තියෙන අදහස්, බැඳීම් පැත්තකින් තියලා මේ පෝස්ට් එක ලිව්වේ මේක නීතිගත කරන එක “දැනට නොකළ යුතු ඇයි කියලා මම කියන එකට හේතුව” පැහැදිලි කරන්න.. නැතුව මගේ මනුස්සයා පිට යයි කියලා වත්, ගණිකාවෝ වැඩි වෙයි කියලවත් හිතලා නෙවෙයි කියන එක පැහැදිලි කරන්න...

      Delete
    3. මම හිතන්නේ අක්කේ මට මේ මාතෘකාව බර වැඩියි වගේ.

      Delete
  36. මම මේ ලිපිය දැක්කේ දැන් ඔය සියළුම යෝජනා අවංකවම මම නම් අනුමත කරනවා.

    ReplyDelete
    Replies
    1. මේවා මේ විදියට කෙරෛන්න ඕනේ කියන එක කියන්නයි මට ඕනේ උනේ වෙද මහත්තයෝ.... දැනුවත් කිරීමක් සහ නිසි ක්‍රමවේදයක් නැතුව නීතියක් ක්‍රියාත්මක කරන්න අමාරුයි...

      Delete
  37. හිරුවා කියලා තියෙන කතා හරි.. ඒත් ඒවා කරන්න පුළුවන් දේවල්ද කියලා තර්ක කරන අය තමා වැඩි... එතකොට ආයෙම අනිත් පැත්තට අහන්න වෙන්නෙත් ඒවා කරන්න බැරිනං ඕක නීතිගත කල පමණින් අනිත්වාත් හොඳින් වෙයිද කියලා විතරයි...

    ගණිකා වෘත්තීය නීතිගත කිරීම මං අනුමත කරනවා... ඒත් හිරුවා කියනවා වගේම ඒකට කලින් කල යුතු දේ බොහෝමයක් තියෙනවා අරකට වඩා පහසුවෙන්... (කරනවනං විතරයි ඉතිං) ඒවා කරලා පදනම හදලා ඕක නීතිගත කරන එක මගේ කල්පනාවේ හැටියටනං වරදක් නැහැ... හැබැයි නිකංම නිකං හිල් ගොඩඩ් නොදී දෙන දේ හරි හමන් විදියට දෙන්නයි ඕන.. නැත්තං අර කිව්වත් වගේ කසිප්පු වෙනුවට සීල් අරක්කු වගේ තමා...

    ReplyDelete
    Replies
    1. ///කසිප්පු වෙනුවට සීල් අරක්කු///
      පොලිසියට බයේ දුවනවට වඩා මේකත් හොද නැද්ද... හි හි..

      ඇත්ත කතාව මාරයියේ.. මේක දෙපැත්තට ඇදෙන්නේ ඔන්න ඔතනදි තමයි...

      Delete
  38. පාසල් වලට වෙනම (මනෝ) වෛද්‍යවරු පත්කරන එක නම් කාලෝචිතයි... ගණිකා වෘත්තිය නීති ගත කරන එක ගැන මට නම් කොච්චර කල්පනා කලත් හරි අදහසකට එන්න බෑ අක්කේ. අන්තිමට වැට උඩ තමයි නවතින්නේ. සියලුම ගණිකාවන්ගේ හා ගනුදෙනු කරුවන්ගේ වාර්තාවක් තියෙන්න ඕනේ කියන එක හොඳයි. කාලයක් යනකොට ගොඩක් මිනිස්සුන්ට (ගනුදෙනු කරුවන්ට) සමුර්ධි කාඩ් එකක් වගේ එකක් ලැබෙයි.. ඔය කාඩ් එක නිසාත් කොච්චර ප්‍රශ්න ඇතිවෙයිද කියලා කියන්නත් බෑනේ.

    ReplyDelete
    Replies
    1. සමෘද්ධි කාඩ් නේ.. හ්ම්ම්.. එකත් නරක නෑ... අදහස... හි හි.

      Delete
  39. මේ විෂය විවෘතව කතාකරන තරමට මෙහි ඇතුලාන්ත නිරවුල් කර ගැනිම පහසුයි. ඇත්තටම මෙවැන් කාලින සංවාද ඔස්සේ සමාජය දැනුවත් කිරිම උදෙසා ලොකු මෙහෙයක් කරන්න පුළුවන්. අද පෝස්ට් එකේ සියලු කරුනු වලට එකඟයි.

    මගේ අදහසත් හැකිතාක් කඩිනමින් නියම සැලසුමක් සහිතව ගණිකා වෘත්තිය වගේම ගබ්සාවත් නිතිගත කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒ වගේම මේක සැලසුමක් නැතුව කරන එක භයානකයි...

      Delete
  40. අක්ක කියන ගොඩක් කරුණු වලට මම එකගයි අක්කේ. හැබැයි මම පෞද්ගලිකව ඔය ගණිකා වෘතිය නීති ගත කරන එකටවත්, ගබ්සාව නීති ගත කරන එකටවත් කැමති නැ. මට දැනෙන විදියට අක්කත් මෙතන ගණිකා වෘතිය නිති ගත කල යුතුමයි කියන තැන නෑ. එහෙම නීති ගත කරනවා නම්, ඊට කලින් ඔය සදහන් කරලා තියෙන වැඩ කොටස කල යුතුයි මමත් හිතන විදියට. නැත්නම් අපේ රටට ඕක ඔරොත්තු දෙන් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම සමනලී සයුරි වැනි කාන්තාවන්ට අපේ ප්‍රනාමය හිමිවෙන්න ඕන .ස්ත්‍රීවාදය බටහිරට කළ හානිය මේ රටට කරන්න දෙන්න බෑ.හුග දෙනෙක් මේ යක්ෂ මතවාදය දන්නෙ නෑ.මේ මතවාදෙන් ලංකාවෙ ගෑනු පිස්සු වැටුනොත් න්‍යෂ්ඨික බෝම්බයක් පිපුරවට හපන්.කාන්තාව නිවසේ කැරලිකාර චරිතයක් වෙනවා.ඒක ලොමු දැහැගැන්වෙන දෙයක්.

      Delete
    2. සමනලී මම කියන එක තේරුම් ගත්තා උනාට ඔයා මං කියන එක තේරුම් ගත්තේ නෑ...

      Delete
  41. හප්පේ..මොනවා කියන්නද මන්දා.

    මේක නීතිගත කරන්න ඕනද කියන එක ගැන මට හරි අදහසක් නැති උනත් නීතිගත කරනවානම් කරන්න ඕනේ මේ විදියට කියන එකටනම් මම එකඟයි. ගණිකා වෘත්තීය සහ ගබ්සාව කියන දෙක එකට යනවා කියලා මටත් හිතෙන්නේ. ගණිකා වෘත්තීය නීතිගත කරන්න ඕන කියන අයම ගබ්සාව නීතිගත කරන්න එපා කියනවනම් ඒක වැරදියි.

    හැබැයි ඉතින් ඔය දෙකම පිටු දැකිය යුතු දේවල් බව මමත් පිලිගන්නවා :)

    ReplyDelete
    Replies
    1. // ගණිකා වෘත්තීය නීතිගත කරන්න ඕන කියන අයම ගබ්සාව නීතිගත කරන්න එපා කියනවනම් ඒක වැරදියි. //

      මට නම් හිතෙන්නෙ මේ දෙක සමාන්තරව සලකන අය වැරැද්දක් කරනවය කියල. ගණිකා වෘත්තීය නීතිගත කිරීමෙන් එය යම් කිසි පාලනයකට නතු වීමත් ඒවාට සම්බන්ධවන පාර්ශ්වවලට නිසි වෛද්‍ය පහසුකම් ලබා ගැනීම පහසු වීමත් වැනි කරුණු ඉටුවෙනව ඇරෙන්න ගණිකා වෘත්තීය වර්ධනය වීමක් වෙයි කියල හිතන්නෙ ඇයි. අනෙක සයුරි හිතනවද ඕක නීත්‍යානුකූල කළාය කියල ඊට පස්සෙන්ද ඉඳල අපේ රටේ ගෑනු දකින දකින පිරිමිය එක්ක බුදියගෙන ළමයි හදාගනී කියල, ගබ්සා කිරීමේ පහසුකම් සලසන්න කරදර වෙන්නෙ.

      Delete
    2. මම ලිව්වේ මට හිතෙන විදිය DDT. ඔයාට හිතෙන විදිය වෙනස් වෙන්න පුළුවන් කියලා මම පිලිගන්නවා :)

      මගෙන්ම කෙලින් ප්‍රශ්නයක් අහපු නිසා උත්තර දෙන්නම්. නැත්නම් මේ ගැන දිගින් දිගට තර්ක කරලා තේරුමක් නෑ කියලයි මට හිතෙන්නේ.

      // ගණිකා වෘත්තීය නීතිගත කිරීමෙන් එය යම් කිසි පාලනයකට නතු වීමත් ඒවාට සම්බන්ධවන පාර්ශ්වවලට නිසි වෛද්‍ය පහසුකම් ලබා ගැනීම පහසු වීමත් වැනි කරුණු ඉටුවෙනව ඇරෙන්න ගණිකා වෘත්තීය වර්ධනය වීමක් වෙයි කියල හිතන්නෙ ඇයි.//

      එහෙම නොවෙයි කියන එකට දෙන්න පුළුවන් සහතිකයක් තියනවද. දැන් නීතියට පිටින් කරන දේට නීතිමය බලයක් ලැබුනම මේක හරිම පහසු රැකියාවක් විදියට තෝරාගැනීමක් නොවෙවිද? ඒ වගේම ගණුදෙනුකරුවන්ටත් ඒක ලොකු අනුබලයක් වෙන්නේ නැද්ද?

      එහෙම වර්ධනයක් නොවුනත්,

      උපදේශන සේවා, උපත් පාලන ක්‍රම මොන දේ තිබුනත් මම හිතන්නේ නෑ මේ අයට ගැබ් ගැනීම් වලින් 100% ක් වළකින්න පුළුවන් කියලා. කිසිම උපත් පාලන ක්‍රමයක් 100% ක් නිවැරදි නැහැ. විශේෂයෙන්ම ගණිකාවක් සම්බන්ධයෙන් ඒ අගය ගොඩක් අඩුයි. ඉතින් ගණිකාවෝ ගැන හිතලා වෘත්තීය විතරක් නීතිගත කරන එක ප්‍රායෝගික නැහැ වගේම ඔවුන්ගේ ප්‍රශ්න දිහා එක පැත්තකින් විතරක් බැලීමක් ලෙසයි මම දකින්නේ.

      // ඊට පස්සෙන්ද ඉඳල අපේ රටේ ගෑනු දකින දකින පිරිමිය එක්ක බුදියගෙන ළමයි හදාගනී කියල, //

      මේක මෙතනට අදාළ නෑ නේද? මේ කියලා තියෙන්නේ ගණිකාවෝ ගැන නෙමේ නේ :)

      ප. ලි. හැබැයි ඔය දෙකම මම පුද්ගලිකව පිටුදකින බවත් සලකන්න.

      මේ ඉතින් මට හිතෙන හැටි. මේක වැරදි වෙන්න පුළුවන්.

      Delete
    3. පැහැදිලිවම මම පිළිගන්නව ඒක සයුරිගෙ මතය. මටත් මේක ගැන කිසිම විදියකින් තර්ක කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මෙතන කමෙන්ට් කරපු අයගෙන් ගණිකා වෘත්තීය නීතිගත කරන්න ඕන කියන, ගබ්සාව නීතිගත කරන්න එපා කියන, කුලකෙට අයිති මම විතරක් වගේ පේන්න තිබුණු නිසයි මම ඔය උඩින් කමෙන්ට් එක දැම්මෙ.

      හොරා කනව තරම් ආතල් එකක් කොයින්ද අනේ දෝතට වැඩම්මල දුන්නම. :)

      ගැබ් ගැනීම නම් හුඟක් දුරට ගණිකාවොන්ටම තියෙන ප්‍රශ්නයක් නෙවි වගේ, කොහොම උනත් මම කලින් කමෙන්ට් එකෙත් සඳහන් කළා වගේ ගණිකා වෘත්තීය නීතිගත කරීම තුළින් මේ අනවශ්‍ය තත්ත්වයන් පාලනය කිරීමේ හැකියාව තිබෙනව, ගබ්සා කිරීම්වලට නොයා. (ගබ්සා කිරීම්වලට මම විරුද්ධ ඇයි කියල මම උඩ කමෙන්ට් එකේ පැහැදිලිව කිව්ව)

      // ගණිකාවෝ ගැන හිතලා වෘත්තීය විතරක් නීතිගත කරන එක ප්‍රායෝගික නැහැ වගේම ඔවුන්ගේ ප්‍රශ්න දිහා එක පැත්තකින් විතරක් බැලීමක් ලෙසයි මම දකින්නේ. //

      නැහැ, නැහැ, කවුද කියන්නෙ මේක නිකන් නීති ලියවිල්ලකට ඇතුලත් කරල දාල නිකන් ඉන්න කියල. ඒ ගැන මගේ අදහස ඊයෙ සිරාගෙ පෝස්ට් එකට කමෙන්ට් කළා, මම හිතන්නෙ හිරූත් මේ පෝස්ට් එක ලියන්න පෙලඹුන ආසන්න හේතුවත් සිරාගෙ පෝස්ට් එකේ කරුණු.

      // මේක මෙතනට අදාළ නෑ නේද? මේ කියලා තියෙන්නේ ගණිකාවෝ ගැන නෙමේ නේ //

      ගණිකාවො කියන්නෙ අමුතු ජාතියක්ද සයුරි, පසුව ඇති වෙන ප්‍රශ්න කෙසේ වෙතත් ඕනම ගැහැණියක්ට පහසුවෙන් ඒ තත්ත්වෙට පත් වෙන්න පුළුවන්නේ, මොකද හංවඩුවක් ගහනවයැ. නමුත් මම ඒක කිව්වෙ එහෙම අදහසකින් නෙවි, ගබ්සාව නීති ගත කිරීමෙ ඍජු අවශ්‍යතාවයක් නෑ කියන එක කියන්න.

      Delete
    4. //කුලකෙට අයිති මම විතරක් වගේ පේන්න තිබුණු නිසයි මම ඔය උඩින් කමෙන්ට් එක දැම්මෙ. //

      හපොයි ඒ බවක් මම දැනගෙන හිටියේ නෑ. කොටින්ම ඔයා එහෙම කියල තිබුන කියල මතකයක් තිබුනෙත් නෑ. එහෙම හිතුනනම් සමා වෙන්න :)

      //ගණිකාවො කියන්නෙ අමුතු ජාතියක්ද සයුරි,//

      ඒත් ඉතින් මෙතන "අපේ රටේ ගෑනු" කියලා යොදාගත්තු එකට මගේ බලවත් විරෝධය. :)

      දකින දකින මිනිහා එක්ක ආසාවට හරි එහෙම නැත්නම් තමන්ගේ මිනිහා එපා වෙලා හරි බුදියාගන්න අයයි ගණිකාවෝයි කියන්නේ දෙජාතියක්‌ නේද. ඒ අයට තියනවා වෙනම නමක්. එහෙම අයට වඩා ගණිකාවෝ උසස් මට හිතෙන විදියට.

      ගෑනු කිව්වම ගණිකාවෝ, කලින් කියපු ජාතියේ අය, වගේම හොඳ ගැහැණුත් අයිති වෙනවා.

      //ඍජු අවශ්‍යතාවයක් නෑ //

      මේක හරි. හැබැයි ඒක අතුරු අවශ්‍යතාවයක්.

      Delete
  42. ඔයා http://blogs.sinhalabloggers.com/
    එකේ නැහැ නේද? මේ මට හැම පාරම ඔයාව මග
    ඇරෙන්නේ ..මන් එද්දී ෂෝ එක පටන් අරන්නේ හැමදාම ..
    ඔයා කියන දේවල්ම තමා මගේ මතයත් dr .
    කොහොම හරි මේවා නිකන්ම්ම බ්ලොග් වල වැළලිලා
    යන එක අපරාදයක් ..
    මාත් ඔය ටිකම එක එක තැන වල කමෙන්ට් විදිහට
    කියල තියෙනවා . ඒ නිසා ආයේ ආයේ කියවල
    වැඩක් නැහැ ..මන් මේක කියවල විතරක් ඉන්නවා
    පැත්තකට වෙලා බලන්.හිතුවට වඩා නිදහස සීමා වෙලා ..

    ReplyDelete
    Replies
    1. මගේ නම් ඔක්කොම තියෙන්නේ Google Reader එකේ.. සාමාන්‍යයෙන් නම් මට එකක්වත් මිස් වෙන්නේ නෑ... මම සින්ඩි ෆලෝ කරලා නෑ... මේක රතූගේ කමත සින්ඩියේ ඇරෙන්න වෙන එකක නෑ මං හිතන්නේ..

      අපි අඩු ගානේ බ්ලොග් වල හරි කතා කරන දේවල් ඉස්සරහට අරගෙන යයිනේ කවුරුහරි... කොතනින් හරි පටන් ගන්න එපැයි... හි හි..

      Delete
    2. ඒ කියන්නේ follow කරපු සයිට් නේද එතනට එන්නේ ?
      ඒත් සමහර අයගේ follow button එක නැහැ , ඔතොකොට
      මොකද කරන්නේ ? දැනගන්න අහන්නේ ..
      මමත් බ්ලොග් එකක් පටන් ගත්තේ ඕකයි..ඒත්
      මගේ එකේ ඒවා වගේ නෙවේ මෙතන තියෙන දේවල්
      හරිම වැදගත් මම නම් කියන්නේ සින්ඩි වලට දාන්න...

      Delete
  43. ඒ කියන්නේ follow කරපු සයිට් නේද එතනට එන්නේ ?
    ඒත් සමහර අයගේ follow button එක නැහැ , ඔතොකොට
    මොකද කරන්නේ ? දැනගන්න අහන්නේ ..
    මමත් බ්ලොග් එකක් පටන් ගත්තේ ඕකයි..ඒත්
    මගේ එකේ ඒවා වගේ නෙවේ මෙතන තියෙන දේවල්
    හරිම වැදගත් මම නම් කියන්නේ සින්ඩි වලට දාන්න...

    ReplyDelete
    Replies
    1. URL එක add කරන්න පුළුවන් නේ... මම නම් එහෙම තමයි කරන්නේ...

      සින්ඩි වලට දාන්න ඕනේ තමා.. බලන්න ඕනේ...

      Delete
  44. කරුණු පැහැදිලිවම කියලා තියෙනවා. ඒත් සමහර තැන් වලට එකඟ වෙන්න අමාරු වගේම සමහර තැන්වලට 100%ක් එකඟ වෙන්නත් පුළුවන්. ඉතාම වැදගත් ලිපියක්.

    මේ මාගල කියෙව්වෙත් අමාරුවෙන්. කියවන්න කම්මැලි නිසාම කල් දදා හිටියා. කමෙන්ට් කියවන්නනම් තව පොඩ්ඩක් හිතලා බලන්න වෙයි වගේ. :o

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කියවන්නේ නැතුව ඔයාට මේක තේරුම් ගන්න බැරි වෙයි අකමෝ... ( ඔයා ඔයා එකඟ වෙන්න බෑ කියන්නේ ගබ්සාව ගැන කියලා තියෙන එක නම් කමෙන්ට් ටික කියවන්න කියලම කියනවා.. හි හි)

      මාගල් වල අයිතිය මාරයියා මට දුන්නා.. මම ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එපැයි... හි හි

      Delete
    2. බොලා ආයෙමත් ලින්කුව දීලා තියෙන්නේ මෙකෙමනේ. ආයෙත් පාරක් කමෙන්ට් කියවන එක කල් දාන්න වෙනවා. හි හි... (ඒ පාර හිනා වුනේ මන්.)

      Delete
  45. මෙතනම තියෙනවා රටක් වටින කරණු ගොන්නක් හිරෑගේ පොස්ටුවයි අපේ අවකාශයේ යාලුවන්ගෙයි කරැණු එකතු වුනාම. මම හිතන්න් මේක දියවන්නාවේ ඉන්න දියකාවෝ රැලට පේන්න පුලුවන් වෙන්න තැන් කිහිපයක පලවුනා නම් අගෙයි...

    ්‍නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. දියකාවෝ රැළ මේවා බලනවා නම් ඉතිං එච්චර උනත් ඇති රට හැදෙන්න... හි හි

      Delete
  46. මෙයින් ගොඩක් මත මමත් දරනවා. ඇත්තෙන්ම මේ දේවල් දැන් වෙනස් වෙන්න ඕන.

    http://sulakkhana.blogspot.com/2011/01/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ලින්ක් වල පෝස්ට් කියෙව්වා මං... හි හි..

      Delete
  47. හිරු මහත්මිය බටහිර ස්ත්‍රීවාදී අරගලයක් කරන්න යන එක අනුමත කරන්න බෑ.යකින්නන් වැනි බටහිර ස්ත්‍රී වාදී ගෑනු මේ රටේ බෝ වුනොත් ලෝක විනාශයක් වෙන්නෙ.ස්ත්‍රීවාදයේ භයානක වෛරී බව හැමෝම දැනගන්න ඕන

    ReplyDelete
    Replies
    1. කොහෙත්ම මෙතන ස්ත්‍රීවාදයක් නම් මට පෙන්නේ නෑ... පුළුවන් නම් දිලා තියෙන ලින්ක් වලට ගිහින් ඒ පොස්ට් ටිකයි කමෙන්ට් ටිකයි කියවලා, ආයිත් කමෙන්ට් එකක් දාන්නකෝ...

      Delete
  48. එකඟයි. ඒ වගේම කරුණු අතින් විශාල ලෙස සම්පූර්ණයි. ආකල්ප අතින් දියුණු වුවහොත් අපේ රටෙත් මෙයින් ගොඩක් දේවල් ක්‍රියාවට නැංවේවි.

    ReplyDelete
  49. හ්මි ගොඩාක් දුරට එකගයි .............

    ReplyDelete