Saturday, November 24, 2012

එහෙටත් නැති මෙහෙටත් නැති අපේ අධ්‍යාපන ක්‍රමය...




ඔන්න අදත් කරන්න තේරෙන්නෙම නැති විකාරයක් උස්සන් ආවා.. 

මේ කතාව මං දැක්කේ යූ ටියුබ් එකේ....සාමාන්‍යයෙන් මං ඔය පැත්තේ කරක් ගහනවා අඩුයි .. මොකද ඒකෙන් වැඩිපුර වෙන්නෙ මගේ අසරණ බයිට් ටිකට කෙල වෙන එක හින්දා...ඒත් ඊයේ රෑ අහම්බෙන් වගේ ඒ පැත්තේ ගියහම දැක්ක මේ වීඩියෝ එක බයිට් වලට තියෙන ආදරේ පැත්තකින් තියලා බැලුවේ මේක හරිම සංවේදී වගේම ලොකු ප්‍රබෝධයකට හේතුවක් වෙන ජාතියේ කතාවක් නිසා... ( මධුර එකේ Inspirational කියන වචනේ බැලුවම තිබ්බේ ඕක..)

දේශකයා කියනවා ඔය ඉන්ස්පිරේෂන් කියන එකට නියම වචනේ මං හිතන්නේ ප්‍රමුද්දීපනය කියන එකයි.. කියලා ... මටත් හිතෙනවා ඒක වැඩිපුර ගැලපෙනවා කියලා.. ඔන්න ඒකත් ඇමිණුවා මෙතනටම...

හරි... කට්ටියට ලින්ක් එක දුන්නා...  ගිහින් බලන්න.. වීඩියෝ එක මෙතනට ඇඩ් කරන්න විදියක් නෑ මගේ බයිට් ටික ඉවර වෙලා තියෙන නිසා...  ( මම මේවා ඩවුන්ලෝඩ් කරන්න දන්නේ නැති එක වෙනම කතාවක්... හි හි)

පින්සිද්ධ වෙච්චාවේ අපේ මාරයියටයි චන්දනටයි... ඔන්න විඩියෝ එකත් ඇමිණුවා... 

මේ කතාව කැල්වින් ඩෝ කියන සියරා ලියෝන් වල ඉන්න අවුරුදු 15ක කොල්ලෙක් ගැන.... මෙයා ඇවිල්ලා නව නිපැයුම්කරැවෙක්.. Inventors කියලා කියන්නේ.. මෙයාගේ විශේෂත්වය තමයි මෙයාගේ නව නිපැයුම්වලට අමුදූව්‍ය හොයාගන්නෙ කුණු බක්කි අවුස්සලා වීම... මෙයාගේ නිපැයුම් අපි මේ මලක් කඩලා, පොත් ඇතුලේ දාලා වේලලා, සුභ පැතුම්පත් හදනවා වගේ වැඩක් නෙවෙයි.. මෙයා ඉලෙක්ට්‍රොනික් වැඩ වලට දක්ෂයෙක්... කැල්වින් කුණුබක්කි අවුස්සලා හැමදාම කරන්ට් නැති තමන්ගේ ගමේ ගෙවල් වලට ලයිට් දෙන්න බැටරියක් හදලා.. ගමේ තරැණ ප්‍රශ්න ගැන කතා කරන්න FM Radio Station එකක් හදලා... DJ Focus කියලා වැඩසටහන් ඉදිරිපත් කරන්නේ කැල්වින්ම තමයි... ඒ වගේම කැල්වින් මේ හැමදෙයක් කරන්න ඉගෙනගෙන තියෙන්නේ තනියෙන්මයි.... 

හරි... මං මේ කියන්න ආවේ කැල්වින්ගේ කතාව ගැන නෙවෙයි... කැල්වින්ව හොයාගෙන ඇමරිකාවට එක්කන් ඇවිල්ලා, කවදාවත් ලැබිලා නැති අත්දැකීමක් ලබා දුන්නු David Sengeh මේ විඩියෝ එකේ කියන කතාවක් ගැන... 

ඩේවිඩ් කියනවා 

For quite many years, Sierra Leone and many African countries " received aid. But it does not necessarily get us anywhere.We're not looking into the future.We're not designing our own future. Unless we have a host of young people who can think,at any given point, that here's a challenge, here's a problem, and it's an opportunity to solve it, there won't be a steep growth in national development   

අපේ රටට හැමදාම ණය ආධාර ලැබුනා... නමුත් ඒකෙන් වැඩි වැඩක් වෙන්නේ නෑ... ඒත් කරන්න ඕනේ එක නෙවෙයි.. අපි අපේ අනාගතය නිර්මාණය කරන්න ඕනේ.. අපේ රටවල්වල ඉන්න දක්ෂතා තියෙන තරැණ පරපුර ඉදිරියට ගන්න ඕනේ... එහෙම නැතුව ජාතික සංවර්ධනයක්  කරන්න බෑ  

කියලා... 

( ඔය වගේ අදහසක් කියමුකෝ අපි... මට ඩූඩ් අයියා වගේ පරිවර්තනය කරන්න තේරෙන්‌ෙන් නෑ..) 

මේ මුළු විඩියෝ එකෙන්ම මට වැදගත් කියලා හිතුනේ ඔන්න ඔය කෑල්ල.... 

අපේ රටෙත් ඉන්නවා මේ වගේ දක්ෂතා තියෙන තරුණ ළමයි... එක එක කන්ටෙස්ට් වලින් එයාලව තෝරලා, සහතික දෙනවා.. ඒත් එතනින් එහාට දෙයක් කෙරෙනවද....? ඒ සහතිකයේ වටිනාකමක් තියෙන්නේ කොහෙහරි ජොබ් එකකට යද්දි Extra Curricular Activities යටතේ දාන්න විතරයි... 

මේ මං කියන්‌ෙන් ඇත්තටම මගේ අත්දැකීමක්.... මගේ මාමා ඉස්කෝලේ යන කාලේ හැදුවා පතල් වල විශ වායු හඳුනාගන්න පුළුවන් රොබෝ කෙනෙක්.. ( අපේ අම්මා ගාව ඒ ගැන විදුසර පත්තරේ ගිය ආටිකල් එක ඇති.. මම පස්සේ ඇඩි කරන්නම්..) එයාට ඒ වගේ දේවල් ගැන හොඳ දැනීමක් තිබ්බා.. නමුත් ඉස්කෝලෙන් අස් උනාට පස්සේ එයාට ජොබ් එකක් හම්බුනේ නෑ... ඒ පාර ගෙදරට වෙලා තේ කොළ පැකට් කළා... පස්සේ එයාට ජොබ් එකක් හම්බුනා... නමුත් එයාගේ ගුරුවරයා වෙච්ච ඩොක්ට රේ විජයවර්ධනගේ උනන්දු කිරීම යටතේ එයා දැන් තමන්ගේම බිස්නස් එකක් කරලා හොඳ තත්වෙක ඉන්නවා... හැබැයි එයාට ඒ දවස්වලම  නව නිශ්පාදන ගැන අතහිත දීමක් සිද්ධ උනානම් ලංකාවට තවත් රේ විජයවර්ධන කෙනෙක් හම්බුවෙන්න ඉඩක් තිබ්බා... 

මං ගොඩක් තැන්වල දැකලා තියෙනවා නිර්මාණශීලී තරුණ තරුණියෝ කොච්චර හිටියත්, අපේ මේ තියෙන කම්මැලි, ගොළුබෙලි ගමනින් යන අධ්‍යාපන ක්‍රමයත් එක්ක එයාලත් අන්තිමට නිකම්ම නිකම් උපාධිධාරීන් හරි සමහර විට ඕලෙවල් ෆේල් වෙච්ච රස්තියාදුකාරයෝ තත්වෙට වැටෙනවා... 

දැං මේ කැල්වින් කියන කොල්ලව එක්කගෙන ගිහින් ඉස්‌කෝලෙකට දාලා, මුල ඉඳන් ඉලෙක්ට්‍රොනික් උගන්නනවට වඩා එයාට ඕනේ කරන අමුද්‍රව්‍ය සපයා ගන්න ක්‍රමයක් සලස්සලා දුන්නොත් එයා ලොකු වැඩක් කරයි කියලා මට නම් හිතෙනවා... එයාගේ ඊළඟ ඉලක්කය ගමට ලයිට් ගන්න ක්‍රමයක් හදන එකලු.... 

අපේ ළමයින්ටත් මේ වගේ දේවල් වලින් ඉස්සරහට යන්න ඉඩ දෙනවා නම්... අපේ මේ කරුමක්කාර ගිරවු වගේ කටපාඩම් කරලා විභාග ලියන අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා, ප්‍රායෝගිකව මේ වගේ දේවල් ගැන ඉගෙන ගන්න ළමයින්ට අවස්ථාවක් දෙනවා නම්... අඩු ගානේ උපාධියටම යනකම් ඉගෙන ගත්ත නැති ළමයෙක්ටත් තමන්ගේ දක්ෂතාවලින් ඉස්සරහට යන්න චාන්ස් එකක් දෙනවා නම්.... ඒ වගේ ළමයෙක්ව ත්‍රීවීල් එකක් එළවන්න යන තත්වෙට පත් කරන්නේ නැත්නම්.... 

ඇත්තටම අපිට මේ ගැන කරන්න පුළුවන් දෙයක් තියෙනවද... ? මං අහන්නේ අදහසක්වත්....

ප/ලි

කට්ටියට මතකයි නේ අපේ කොස් කතාව... මෙන්න තවත් ලස්සන කොස් කතාවක් තියෙනවා සමීගේ පුංචි ලෝකයේ... ගිහින් බලන්නකෝ...... 

96 comments:

  1. අනුන්ට බන කියන්න ඉස්සෙල්ලා දාපු කොමෙන්ට් වලට උත්තර ලියලා ඉන්නවා. ඊට පස්සෙ තමයි මේකට කොමෙන්ට් දාන්නේ. මුල අමතක උන ඉක්මන.... අවුලක් නෑ ලංකිකයොනේ....

    ReplyDelete
    Replies
    1. මාතලාංඥාව ක්‍රියාත්මක විය යුතු බව ස්තිර කරව්..

      Delete
    2. මොකද කෑ ගහන්නේ .. ඔක්කොටම උත්තර දීලා තියෙන්නේ.... හූ....................................................................................................................................උඋඋඋ................. හිරුට ජය වෙවා...!!!

      Delete
    3. ආන්න එහෙම එනවා.. කළබලේ...

      හිරු ලියපු පට්ටම ලිපිය... වෙන්න ඕන මේ දේ තමයි...

      ජයවේවා....!!!

      Delete
  2. ඔය ඉන්ස්පිරේෂන් කියන එකට නියම වචනෙ මං හිතන්නේ ප්‍රමුද්දීපනය කියන එකයි.

    ලංකාවේ දේ ගැන සාපේක්ෂව අනෙක් රටවල් ගැන කතා කිරිම විහිළුවක් වෙන්නේ කවදාවත් අපි නිසි දෙය ක්‍රියාවට නං වන්නේ නැති හින්දයි. ඕනැතරම් නව නිපැයුම්කරුවන් මිලින වෙලා තියෙනවා. හරි හමං ඇගයීමක් අතදීමක් නැතුව. බලමු කට්ටිය කියන ඒවා.. ඊට පස්සේ අපිට පුළුවන් තව අදහස් පුළුල් කරගන්න

    ReplyDelete
    Replies
    1. අන්න වචනේ.. ඒත් ඒක නිකම් අහුබුදු වචනයක් වගේ බං... හි හි

      Delete
    2. පිස්සු.. ඕක ගැන ඔන්න අරුණි අක්කා හො ඩුඩෙගෙන් අහන්න. ටක්කෙටම හරි..

      Delete
    3. හි හි... වචනේ හරි.. ඔන්න මං පෝස්ට් එකට ඇමිණුවා....

      Delete
    4. ටැංකෝ.. මගේ නමත් එක්කම එල්ලල නෙව...

      Delete
  3. උදෙන්ම හිරු ගෙන් පාඩම් මාලාවක් මාතලන්ගෙන් එයාට දෝෂාභියෝගයක්.
    ඒත් මේ ලිපියට නම් මං කැමතියි. හිරුවත් හොඳ නිර්මාණ කාරිණියක් කවුරුවත් නැද්දෝ හිරුට අත හිත දෙන්න....

    ReplyDelete
    Replies
    1. හපෝ.. මේ දීලා තියෙන අත හිත මදෑ නලීන් අයියේ... හි හි.....

      Delete
  4. // අපේ මේ කරුමක්කාර ගිරවු වගේ කටපාඩම් කරලා විභාග ලියන අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා, ප්‍රායෝගිකව මේ වගේ දේවල් ගැන ඉගෙන ගන්න ළමයින්ට අවස්ථාවක් දෙනවා නම්...//

    මේවා හීන වගේ දේවල් හිරූ.. මම දැක්කා පත්තරයක තියෙනවා විදුලිය නැති ගමක ළමයෙක් බැටරි කෑලි එකතු කරලා හදපු පුංචි විදුලි බලාගාරයකින් තමගේ නංගිට පාඩම් කරන්න විදුලිය අරන් තියෙනවා. අදුම තරමින් ඉගෙන ගෙන වත් නැති ළමයෙක්. එයාට පොඩි අත හිත දීමක් කලොත් කෝටි ගණන් නෙමේ.. ඒ ගමට එයාගෙන් හොඳ සේවයක් ලබා ගන්න පුළුවන්..ඒත් එහෙම කරයිද ?

    අපිට කොහොමත් තියෙන්නෙ එහෙටත් මෙහෙටත් නැති අධ්‍යාපන ක්‍රමයක් තමා..වෙනස් වෙන්නෙත් නෑ..වෙනස් කරන්නෙත් නෑ.. අර අත් ට්‍රැක්ටරයේ කතාව අහලා තියෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ලිපිය දැම්මේ අපේ පත්තරේ...අපේ වාර්ථාකාර මහත්තයෙක් ඒක ලියල එව්වේ මං හිතන්නේ මීට මාස දෙකකට විතර කලින් ඒක ගියේ.

      Delete
    2. ඒක තමයි ළිහිණි.. කරන්න ඕනේ පොඩි දේවල්. ඒත් ලොකුවට කියෝලා අන්තිමට අර ළමයව විකුණං කන එක තමයි අපේ අය කරන්නේ...

      අත් ට්‍රැක්ටරය හැදුවේ රේ විජයවර්ධන මහත්තයා නේ.. කුබෝටා කියන කම්පැණියට තමයි විකිණුවේ...දැං ඒක පිටරටින් අපි සල්ලි දීලා ගන්නවා.. රේ මහත්තයා තව ඒ වගේ නිර්මාණ කීපයක්ම හැදුවා.. අපේ මාමා ගාව ඒ වීඩියෝ ටික තිබ්බා.. බලන්න ඕනේ චාටුවක් දාලා ඉල්ලගන්න.. හි හි...

      Delete
  5. ඔයාලට කියන්න මෙයාලා... මාත් මෙහෙම හිටියට හොඳ නිපැයුම් කරුවෙක් තමා.. ඒත් මේ කූර සමාජේ අපිට ඉඩක් නැහැ.. අපිට අත දෙන්න එකෙක් නැහැ... නැත්තං මං මෙලාට මගේ අර ශාක සාර දේෂිය පානය ලෝකව්‍යාප්ත කරලනේ... අඩුම ගානේ ඒකට බැරිනං මගේ දැයට දරුවන් වැඩ පිළිවෙලටවත් උදව් කරන්න එවුන් නැහැනේ...

    බොහො කූරයි..අහෝ ලොව ධරුමේ....

    ReplyDelete
    Replies
    1. මාර පානය! හොකෑස් :D

      Delete
    2. //මාත් මෙහෙම හිටියට හොඳ නිපැයුම් කරුවෙක් තමා// නිපැයුම් කියලා මාරයියා අදහස් කලේ බබාලා ගැනද?? හෙහ්.. හෙහ්.. :P

      Delete
    3. මාරේ මොකක්ද පානය මං විස්තර දන්නේ නැ ඒ ගැන පොඩ්ඩක් විස්තර ටික තියන තැන කියන්නකෝ.

      Delete
    4. ඔන්න නලීන් අයියේ.. ගිහින් බලාගන්න.. ඔය කියන හෙළ පානය ... හි හි...

      මං හිතුවා මාරයියා හොයාගෙන කියලා අනුග්‍රාහිකාවක්.... චෝටි ටීචර් කියලා දාලා තිබ්බේ... හි හි....

      Delete
  6. හොඳ ලිපියක් හිරු. අර වීඩියෝ එක මේ පෝස්ට් එකට දාන්න ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නෑ. යු ටියුබ් එකේදී වීඩියෝ එක උඩ රයිට් ක්ලික් කරලා කොපි එම්බෙඩ් කෝඩ් කියන එක දෙන්න. ඊට පස්සේ මේ පෝස්ට් එකේ එඩිට් කරන තැනට ගියාම තියන compose සහ HTML කියන දෙකෙන් HTML තෝරාගෙන අපි කොපි කරගත්තු කෝඩ් එක පේස්ට් කරන්න.
    ඊට පස්සේ Compose ගිහින් බලන්න ප්ලේයර් එක පේනවද කියල.
    නැත්තන් අලුත් පෝස්ට් එකක ටෙස්ට් කරලා බලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. එච්චර දුක් විදින්න ඕනත් නැහැ.. කෙලින්ම බ්ලොග් පෝස්ට් එක ලියන තැනට ගියාම උඩ තියෙනවා වීඩියෝ අප් ලෝඩ් කරන්න අයිකන් එකක්.. ඒක ක්ලික් කලාම එන වින්ඩෝ එකේ තියෙනවා යූ ටියුබ් වීඩීයෝ අප් කරන්න..ඒක ක්ලික් කරලා එතනට අදාල වීඩීයෝවේ ලින්ක් එක දුන්න ගමන් සුටුස් ගාලා එනවා...

      Delete
    2. හරිනේ.. මං ඒක පාවිච්චි කරලා තිබුනෙම නෑ. ස්තුතියි මාරයා ට!! :)

      Delete
    3. මාරයියා හරි. පෝස්ට් එක ලියන තැන උඩ ඉටලික් ෆොන්ට්ස් වෙනස් කරන්න තියෙන තිරුවේම insert image වලට එහා පැත්තෙන් තියෙන්නේ insert video. ඒකට ගිහිං fro youtube වලින් දාන්න පුළුවන්.

      Delete
    4. වැඩේ හරි.. ඔන්න දැම්මා.... හි හි පිංසිද්ධ වෙච්චාවේ දෙන්නටම....

      Delete
    5. තුන් දෙනාටම... හි හි

      Delete
  7. හ්ම්ම්! ඇත්ත.. ලංකාව මීට වඩා සෑහෙන දියුනු කරන්න තිබුනා මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කලා නම්, අපේ සර් කියනව වගේ දැන් තියෙන්නෙ රේස් එකක්, හැම එකාවම පහු කරගෙන ඉස්සරහට යන්න බලනව විතරයි. විබාගෙට ලියාගන්න පුලුවන් එකා තමයි සුපිරි දක්ශය. ඒත් ඒකට ප්‍රායෝගික දැනුමක් නෑ. ලන්කාවෙ දැන් ඉන්න තරුන ඉන්ජිනේරුවො බොහොමයක් එහෙමලු. ඒ අය දන්නෙ පොත් වල සැලසුම් හදන්න මිසක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුලුවන් සැලසුම් හදන්න නෙමේලු.
    සමහර විට හිරු අක්ක කියනව වගේ ප්‍රයෝගිකත්වය, දක්ශතාව තියෙන වැඩක් කරන්න පුළුවන් මනුස්සය තීවීල් එකක් එලවල එදා වේල හරි හම්බකරගෙන ජීවත් වෙනව. ඒත් ඒ මනුස්සයගෙන් රටට ගන්න පුලුවන් සේවය මග ඇරිල යනව මේ විබාග රටාව නිසා.

    ඉස්සෙල්ලම කරන්න තියෙන දේ තමයි මේ අධ්යාපන රටාව වෙනස් කරන එක. ප්‍රායෝගිකත්වට මුල් තැන දීල අනවශ්‍ය තරගයක් නැති කරපු දාට ලන්කාව ඇතුලෙ බිහිවෙයි නියමම දක්ශො පිරිසක්! ඒත් ඉතින් මේ යන විදියට නම් තව අවුරුදු කීයක ගියත් එහෙම දෙයක් වෙන පාටක් නැහැ

    ස්තූතිය් ලින්කුව දැම්මට :)

    ReplyDelete
    Replies
    1. සමී කියන කතාව ඇත්ත. ක්‍රමේ වෙනස් වෙන්න ඕන තමයි. ඒත් මොකක්ද වෙන්න ඕන වෙනස?? මං හිතන්නේ නැහැ කාටවත් හරි උත්තරයක්‌ දෙන්න පුළුවන් වෙයි කියලා ඒකට. කොහොමද අනවශ්‍ය තරඟය නැති කරන්නේ AL ලේසි කරලද?? නැත්තන් හැමෝටම උපාධි දීලද? මේ වගේ තරඟයක් නැතිව කොහොමද ලක්ෂ ගානකින් දහස් ගානක් විතරක් කැම්පස් වලට තෝරාගන්නේ??

      මගේනම් අදහස ක්‍රමේට කලින් වෙනස් වෙන්න ඕන අපේ සිතිවිලි. පොඩ්ඩක් හිතන්න අර සින්දු කියන පොඩි එකා (බිබර්) ඌ ලංකාවේ කියලා. එහෙනම් ඌට ඔහොම සින්දු කිය කියා ඉන්න පුළුවන් වෙයිද??

      ඌ අපේ ගෙදරක හිටියනම් ඔක්කොම නවත්තලා ඌට OL AL pass කරන්න වෙනවා. ඊට පස්සේ ඩිග්‍රියක්. අන්න ඊටත් පස්සේ තමයි තමන්ට කැමති ක්ෂේත්‍රයක් ගැන හිතන්න පුළුවන්. ඒත් එතකොට ඌ බඳින වයසට ඇවිත්. දැන් ඉතින් ජීවිතේට මුහුණ දෙන්න ඕන. රස්සාවක් කරන්න ඕන. සින්දු කියලා කෝටිපතියෙක් වෙන්න හිටිය එකා දැන් ආයතනයක 30000 කට විතර වැඩ!

      ඔතන ප්‍රශ්නය තිබ්බේ තරඟකාරී අද්‍යාපනය ක්‍රමයේද? එහෙමත් නැත්තං ඒ ක්‍රමයෙන් ( හැකියාවක් තිබිලත්) ඉවත් වෙලා තමන්ගේම පාරක යන්න බය අපේ සිතිවිලි වලද??

      මේක කොමෙන්ටුවකින් කියන්න පුළුවන් දෙයක්නම් නෙමේ! බ්ලොග් පෝස්ට් සීරිස් එකක් ලියන්න ඕන දෙයක්..

      කොස් කාපු නිසාද මන්ද හිරු අක්කට ලොකු ලොකු අදහස් පහල වෙන්නේ!! :P

      Delete
    2. සමී හරි....

      සිතුවිලි වෙනස් වෙන්න නම් ක්‍රමය වෙනස් වෙන්න ඕනේ ඇනෝ...

      සුද්දා ගෙනාපු ක්‍රමය නිසා හැදිච්ච සිතුවිලි තමයි මේ තාම තියෙන්නේ... දොස්තරලා ඉංජිනේරුවෝ උසස් රැකියා, අනිත් ඒවා එච්චර ගනං ගන්න බෑ කියන මානසික මට්ටම නිසයි මේ වගේ තත්වෙකට වැටිලා තියෙන්නේ.. ඒකයි ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කිව්‌වේ.... එතකොට සිතුවිලි වෙනස් කරන්න ලේසියි....

      Delete
  8. නමුත් පිටරටවල ලංකාවේ අද්‍යාපන ක්‍රමයට ලොකු තැනක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අධ්‍යාපනයේ තත්වය ඉහලයි... ක්‍රමය වැරැදියි.. ‌පිටරටවල උන් කැල් එකක් එක්ක ලියන විභගේ අපේ උන් ලියන්නේ කැල් නැතුව.... ඒ කියන්නේ අපේ උන්ගේ බුද්ධි මට්ටම ඉහලයි... ඒත් ප්‍රායෝගික පැත්ත අන්තිමයි...

      අපේ අය පිටරටට වටිනවා උනාට ඇත්තටම රටට වැඩක් නෑ නේ.. උන් ඔක්කොම රට යනවා.... මොකද පොතේ දැනුම වැඩි නිසා ලොකු ඉල්ලුමක් තියන නිසා..

      අපි පිටරටින් කට්ටිය ගේනවා.. අපේ කට්ටියට ප්‍රායෝගික දැනුම නැති නිසා.... ඒ උනාට ඒ අයට වඩා සමහර විට අපේ මිකෑනික්ලට ප්‍රායෝගික දැනුම තියෙනවා.. ඒත් අපේ අයට ඉගනීමෙන් ඉහලට යන්න බැරි වෙච්ච නිසා ඉංජිනේරුවට වඩා ඔලුව තිබ්බත් මිකෑනික් ගෙන් ඉහලට යන්න බෑ....

      ඒකයි මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා කිව්වේ..

      Delete
    2. ඒ කිව්වේ කෝරලයා ගැනම තමා. හික්.. හික්...

      Delete
    3. අක්කේ එහෙම කියන්න එපා අපි පව් නේ. ඔයාට ඕකට ඉන්ජෝන්ව දාන්නේ නැතිව ඩොකෙක්,ලෝයර් කෙනෙක් වගේ දාන්න තිබ්බනේ අපි පව් නේ..............


      අනේ බොල දේශකයෝ හිටපිය අල්ලලා දඬුකඳේ ගහන්න :@

      Delete
    4. කරන්න දෙයක් නෑ මලයෝ.. අපේ රටේ හොඳ වැඩකාරයෝ ඉන්නෙ ඔය සයිඩ් එකෙන් තමයි වැඩිපුර... ඒකයි ඉංජිනියරින්ම අල්ල ගත්තේ.. හි හි ..

      ලෝයර් කියන්නේ සල්ලි විතරක් හම්බුවෙන රස්සාවක් අද නම්.. මම හිතන්නේ නෑ කරන රස්සාවෙන් තමන්ට ආත්ම තෘප්තියක් වත් ඇති කියලා... මොකද අපේ ගෙදරත් දෙන්නෙක්ම ඉන්නවානේ.. ඒකයි.

      Delete
  9. මේ තියන අධ්‍යාපන ක්‍රමය වෙනස්වෙන්න ඕන බව සැබෑව. අපේ නව නිපැයුම් නම් තරග වලින් උඩට එන්නෙ නැතිඑකයි දුක.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ප්‍රශ්නේ රාජ්... පුළුවන් නම් ඒකත් විකුණගෙන කයි... එච්චරයි...

      Delete
  10. පට්ටම ලිපියක්.

    ReplyDelete
    Replies
    1. හි හි නෙමෙයි මොකද දැන් මගේ පැත්තට එන්නේ නැත්තේ.හැබැයි උස්සනවා මාතරින් යන්න නෙමෙයි.

      Delete
    2. එනවා එනවා.. පණ්ඩිත වාක්‍යක් දාන්න මගේ හෝම් සයන්ස් පොත හොයා ගනන් බෑ අනේ... හි හි...

      Delete
  11. අපේ එකෙක් හදනවා ප්ලේන් එකක් නව නිෂ්පාදනයක් නම් නෙවේ.මම දකින විදිහට අපේ උන්ට තියන ලොකුම අපහසු තාවය මුල්‍යමය ගැටළු තමා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව.. ඒත් මේ කොල්ලා බඩු හොයා ගන්‌ෙන් කුණු බක්කිවලින්... දැනුම තියෙනවා.. ඉදිරියට යන්න බෑ... ඒත් අපේ අයට.. දැනුම තියෙනවා.. දක්ෂතාවය තියෙනවා.. අවස්ථාවක් නෑ...

      Delete
    2. බොරලුගොඩ මහත්තයා

      ඔයා ගොඩක් දුරට හරි

      Delete
  12. ඇල්බට අයින්ස්ටයින්ව ඉස්කෝලෙ යන කාලෙ ගණං හදන්න බෑ කියල ගුරුවරය පන්තියෙන් එලියට දානවලු.
    අයින්ස්ටයින් ගණිතඥයෙක් වෙන්න ඉගෙන ගත්තෙ තනියම. අයින්ස්ටයින්ගෙන් පස්සෙ කාලෙක ඔහු සුපිරි ගණිතඥයෙක් උනේ කොහොමද කියල ඇහුවම එයා කියල තියෙන්නෙ 'අවිධිමත් අධ්‍යාපනේ' නිසා කියල.

    අපේ අධ්‍යාපන ක්‍රමෙත් ඒ වගේ. හැමෝවම එකම අච්චුවට ඔබන්න යනව. අච්චුවට ෆිට් වෙන කෙනා ගොඩ යනව. එහෙම නොවෙන කෙනා යට යනව. ගොඩ යන එවුන්ගෙං වැඩි හරියකට ඒ අච්චුවෙන් පිට හිතන්න බැහැ. විධිමත් අධ්‍යාපනේ අවශ්‍යයි. ඒත් ඒක නම්‍යශීලී වෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. *ඇල්බට් අයින්ස්ටයින්

      Delete
    2. හි හි.. ඔය තියෙන්නේ... ඔව්... ඒක තමයි වෙන්න ඕනේ.. ඒත් මේ අපේ රටේ තියෙන ප්‍රශ්නේ උපාධියට වඳින පුදන එකනේ.... ඒකටම තමයි අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නෙත්..

      කාලෙකට කලින් මේක වෙනස් කරන්න උත්සාහයක් කළා.. ඒ ලෙවල් ප්‍රොජොක්ට් එක ආවේ ඒකයි.. ඒත් අන්තිමට ඒකත් තරඟටම යන්න හොර කරන්න පටන් ගත්තා...

      Delete
  13. සොරි වේවා අක්කෙ වීඩියෝවනං බලන්ට බැරියෝ...(මගේ මෙගා බයිට් වලට කෙලවෙනවා.. ගේමක් දීල ඩොංගලේට පණහක් දාගත්ත විතරයි)
    පෝස්ටුව නං ඇත්ත තමයි.... අධ්‍යාපන ක්‍රමේ වෙනස් වෙන්න ඕනෙ ගමේ ඉස්කෝල වල.. සංසංදනාත්මක අත් දැකීම් අනූව)

    ReplyDelete
    Replies
    1. බයිට් අපිට බයිට් කරනවා මලයෝ.. හි හි.. ගමේ ඉස්කෝලවල ළමයින්ගේ තමයි නිර්මාණාත්මක හැකියාවන් වැඩිපුර තියෙන්නෙ මට හිතෙන විදියට... හැමදේම තියෙන ළමයා අලුතින් යමක් කරන්න හිතනවා අඩුයි.. නැති එකා තමයි හිතන්නේ.. දැං වෙලා තියෙන්නෙ ළමයින්ට‌ හිතන්නවත් වෙලාවක් නැති එක... හැමදේම කටපාඩම් කරවනවා....

      Delete
  14. අක්කගේ ලිපියේ සහ කමෙන්ට්ස් වල ලියල තියන ඒවම තමා මගේ අදහසත්...අනික අක්කේ අපේ රටේ මෙහම දේකුත් තියනවනේ... ළමයාගේ දක්ෂතාවයවත් ආසවවත් නෙමෙයිනේ අද කාලේ ගොඩක් දෙමාපියෝ බලන්නේ. ළමය කොච්චර අකමැති වුනත් දෙමව්පියන් කැමති දේවල්නේ ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. ඉතිං ළමයි මොට වෙනවා.

    ReplyDelete
  15. ඇත්තටම කව්රු හරි මටත් අත හිත දෙනවා නම් මගෙනුත් මේ රටට ලොකු වැඩක් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හි හි.. අත දෙන්න නම් එක්කෙනෙක් සෙට් වෙයි ඔය දුවන්න එහෙම ගියාම.. හි හි...

      Delete
  16. ඇයි බොරු කියන්නේ එහෙටත් මෙහෙටත් නැති වුනාට රජ පවුලට හොද අධ්‍යාපන ක්‍රමයක් මේක.

    හොද තැන්වල ඉන්නවනේ කට්ටිය !

    ReplyDelete
    Replies
    1. ඕක එක රජ පවුලකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි සෑම්.. කවුරු ආවත් මුලින්ම කරන්නේ තමන්ගේ උන් ටික හොඳ තැන් වලට දාගන්න එක.... මේ රටේ විතරක් නෙවෙයි.. පිට රටවලත් එහෙම තමයි.... මම ජනාධිපති නෙවෙයි පළාත් සභා මන්ත්‍රී කෙනෙක්වත් උනොත් මාත් මුලින්ම කරන්නේ මගේ ළමයව මට හොඳටම හොඳයි කියලා හිතෙන තැනට දාන එක... මම හිතන්නෙ නෑ මට නම් ඊට වැඩිය පරමාදර්ශී වෙන්න පුළුවන් කියලා...

      Delete
  17. අපේ ලාංකිකයොත් නව නිපැයුම් කරනවා ඒත් ඒවට පේටන්ට් බලපත්‍ර ලබාගන්න විඳින දුක දැක්කාම ඒඅස්සේ ඒක කොපිකරල වෙන එකෙක් හදලා පේ‍ටන්ට් එක අරං. ඉතින් කොහොමද කරන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ.. මේක එක ප්‍රශ්නයක් නෙවෙයි.. ප්‍රශ්න ගොඩක්.. නමුත් පළවෙනි දේ හිතන එක.. ඒක නැති උනොත් මොකවත් නෑ...

      Delete
  18. Lankawe sahathika walata witharai thana thiyenne. Addakim walata thanak na. Sahathika thiyenawa nam eyata wada bari unath ayathanayakata badawa gannawa. Ane duk mahansi wela thamanma nirmanaya karala loketama one deyak nipada uwath eka agaya karanna kenek na. Me kramaya wenas karanna puluwannam...........

    ReplyDelete
    Replies
    1. නංගි බබාට තේරැනා මං කියන දේ.... හි හි

      Delete
  19. කෙල්වින් නියම කොල්ලෙක් නේ..අපරාදේ ඒ හැකියාවල් නිකන්ම වල පල්ලට ගියොත්නම්.ඔහොම කී දෙනෙක් ඇත්ද ලංකාවෙත් අපි දන්නෙවත් නැති..

    ReplyDelete
    Replies
    1. නොදන්නේ නෑ සයුරි.. ගොඩක් අය එළියට එනවා... ඒත් එතනින් එහාට ඇදගෙන යන්න ක්‍රමයක් නෑ... ළමයෙක් උනොත් සමහර විට දක්ෂකම් පැත්තක තියලා ළමයව විකුණගෙන කයි... වැඩිහිටියෙක් උනොත් පුළුවන් තරම් පාතට දාලා නැති කරලා දායි...

      Delete
  20. මමනම් ඉගෙන ගත්ත හැම මගුලක්ම ඉගෙන ගත්තෙ ඉස්කෝලේ ගෙට්ටුවෙන් පිට දි. ඉස්කෝලෙ ඇතුලෙදි ඉගෙන ගත්ත දෙවල් වලින් මට දැන් ප්‍රයෝජනවත් වෙන්නෙ පෛතගරස් ප්‍රමේයය විතරයි.

    ReplyDelete
  21. //දැං මේ කැල්වින් කියන කොල්ලව එක්කගෙන ගිහින් ඉස්‌කෝලෙකට දාලා, මුල ඉඳන් ඉලෙක්ට්‍රොනික් උගන්නනවට වඩා එයාට ඕනේ කරන අමුද්‍රව්‍ය සපයා ගන්න ක්‍රමයක් සලස්සලා දුන්නොත් එයා ලොකු වැඩක් කරයි කියලා මට නම් හිතෙනවා//

    උඹ හරියට හරි බං

    පට්ට නව නිපැයුම් කාරයෝ ඔක්කොම වාගේ හරියට ඉගන ගත්තේ නැති එවුන්

    කාගෙන් හරි මොනවා හරි ඉගන ගන්නවා කියන්නේ උගන්නන එකා හිතන විදිහ ඉගන ගන්නවා කියන එක (සරළව).

    ඉතින් එතකොට කොහොමද අළුතින් හිතන්නේ

    කරන්ඩ ඕන දක්ෂයාට නිදහස දීලා , ඒකා හිරවෙන තැනදී, නිවැරදි උපදෙස් දෙන එක

    ඒකටයි ක්‍රමවේදය සකසන්ඩ ඕන

    පොළවේ පය ගහලා ඉන්න , පඩ නැති , අවංකව හිතට එනදේ ලියන , ( මේක ලියන්ඩ ඕන වැදගත් වචන මම දන්නැ , එක හින්දා මම මගේ භාෂිතයෙන්ම ලියනවා , සුදුසු නැත්තං මකහං , මම තරහා නෑ , උඹ විතරක් බැලුවානං ඇති )

    සිංහල බ්ලොගේ කාරියෝ අතරේ .... -ක තියං ඇට වලින් කෙලින්නේ නැති එකම බ්ලොග්කාරි උඹ

    මගේ හොදම බ්ලොග්කාරයා

    මාරයා

    මගේ හොදම බ්ලොග්කාරි

    උඹ තමා ඉතින්

    එහෙම කියන්නේ තොපි දෙන්නා මට කමෙන්ට් කරන හන්දා නෙමෙයි

    අටම්පහුරි ගැන මම ආඩම්බරවෙනවා , ආදරය කරනවා , වාගේ

    උඹේ අපේ මහත්තයත් උඹ ගැන ලොකුවට හිතනවා ඇති

    එහෙම නැ නැ වගේ උඹට හිතුනත් (අටම්පහුරිට වගේ)

    උඹේ මිනිහට උඹව රටක් වටිනවා ඇති

    තොපි වගේ ගෑණු ලබන්ඩ පින් කරන්ඩ ඕන






    ReplyDelete
    Replies
    1. මමත් හරිම කැමතියි. ඒ වගේම ගොඩක් ගරු කරනවා. :)
      අනිත් එක හිරු අක්ක හරිම නිගතමානියි ^_^

      Delete
    2. මමත් හරිම කැමතියි. ඒ වගේම ගොඩක් ගරු කරනවා. :)
      අනිත් එක හිරු අක්ක හරිම නිගතමානියි ^_^

      Delete
    3. //කාගෙන් හරි මොනවා හරි ඉගන ගන්නවා කියන්නේ උගන්නන එකා හිතන විදිහ ඉගන ගන්නවා කියන එක (සරළව).//

      අනිවාර්යයෙන්ම අටම්.... මම පොඩි කාලේ චිත්‍ර පන්තියකට ගියා... ආසාවට.... ඔ‌ෙහ් ඇන්දා.. අනිත් ළමයි එක්ක කයිය ගගහා...ඕලෙවල් වලින් පාස් උනා .. ආසාව වැඩියි නේ... ඒ ලෙවල් වලටත් චිත්‍ර තෝරගත්තා... මම පොඩි කාලේ ඉඳලා හදාගෙන තිබ්බ‌ ශෛලියට ඇන්දොත් ඒලෙවල් වලට ලකුණු ගන්න බෑ කිව්වා.. අන්තිමට මම මගේ ශෛලිය වෙනස් කළා.. ටික කාලෙකින්ම මට චිත්‍ර ඇඳිල්ල එපා උනා... මම ඒ ලෙවල් පාස් උනා... ඒත් කැම්පස් ගිහිනුත් චිත්‍ර කරන්න ආසාවක් තිබබේ නෑ ඒ වෙනකොට...
      ස්ව නිර්මාණයක් කරන්න බැරි අධ්‍යාපන ක්‍රමයකින් ඇති වැඩේ මොකද්ද....

      අනේ බං අන්තිමට කියපු දේට බොහොම ස්තූතියි.. වෙන මොනවා කියලා කියන්නද... මාව උඩ ගිහින් වහලේ වැදිලා බිමට වැටුනා... බලපං. තාම හිස් මුදුනේ අනක් ව‌ෙග් එකක් තියෙනවා.. ඉදිමිච්ච පාර...හි හි...

      //සිංහල බ්ලොගේ කාරියෝ අතරේ .... -ක තියං ඇට වලින් කෙලින්නේ නැති එකම බ්ලොග්කාරි උඹ///
      ඕක මට කොහොමත් කොරන්න බෑ නේ බං... හි හි...

      ///එහෙම නැ නැ වගේ උඹට හිතුනත් (අටම්පහුරිට වගේ) ///

      එහෙම හිතෙනවා තමයි බං.. ඒත් ඒ ගමන්ම අනිත් පැත්තට හිතෙනවා “...අම්මපා මේ මිනිහා නිසාම හොඳයි මං කොරන මඟුල් වලට මාත් එක්ක ඉන්න.. වෙන එකෙක් නම් පස්ස පැත්තට පයින් ගහලා එළවලා මෙලහකට... ” කියලා... සමබරයි නේ.... හි හි..

      තැන්ක්යු සමී... හි හි...

      Delete
    4. අටමට දෙයියන්ගේම පිහිටියි..

      Delete
    5. හි හි.... නෑ දේශකයට දෙයියන්ගෙම පිහිටයි.....

      Delete
    6. අටමගේ කතාව මං ස්ථීර කොරනවා. මන් කොහේ හරි මේකි ගැන කියලත් තියෙනවා. (මන් හිතන්නේ අර කොල්ලෝ අඳුරගන්න හැටි කියපු වෙලේද කොහෙද?)

      Delete
  22. මේකයි වෙලා තියෙන්නේ... ඉස්කෝලේ ළමයි සාපෙ..උපෙ වලට හිර කරලා..කැම්පස් ළමයි සෙමිස්ටර් වලට හිර කරලා !!

    ReplyDelete
    Replies
    1. හැම තැනම හිර වෙලානේ.. නාඩියා වගේ.. හි හි....

      Delete
  23. අපේ විෂය නිර්දේශ වල යල්පැනපු තැන් වගේම නූතන ලෝකයෙදි ප්‍රායෝගික නැති ඉගැන්වීම් තවමත් බහුලව තියෙනවා... ඒ නිසයි රැකියා විරහිත උපාධිධාරීන් කියලා කොටසක් ඇති වුනේ... නූතන රැකියා වෙළදපලට පරිගණක සාක්ෂරතාව වගේම/ඉංග්‍රීසි අධ්‍යාපනයත් ඉතා වැදගත්... නමුත් මේ දෙවර්ගයම නැති උපාධි ලංකාවෙ නැද්ද...ඉතිං එහෙම අයට රැකියාවක් දෙන්න මම හිතන්නෙ නෑ කිසිම පෞද්ගලික ආයතනයක් කැමති වෙයි කියලා...

    පන්තියේ පසුපස පේළි වලින්, එහෙමත් නැත්කම් හැමෝම කරදරකාරයො කියලා සළකන අය තමයි කවුරුත් හිතන්නෙ නැති අමුතුම නිර්මාණ ලෝකෙට දායාද කලේ... ඩිස්නි කාටූන් ලෝකෙට ගෙනාපු වොල්ට් ඩිස්නි හොද උදාහරණයක්...ඔහුට වැඩ බෑ කියලා එතෙක් වැඩ කල පත්තරෙන් අයින් කල කෙනෙක්... සමහර මිනිසුන්ගෙ සැබෑ චින්තනය ක්‍රියාත්මක වෙන්නෙ මාවතක් නොමැතිව අතර මං වූ කලෙක කියලයි මට හිතෙන්නෙ...

    මට බයිට් නම් අවුලක් නෑ...බෝතලේ තමා නැත්තෙ...

    ReplyDelete
    Replies
    1. වෝල්ට් ඩිස්නි මීයන්ට බය නිසා ලෝකෙට බිහි වෙච්ච මිකී මවුස් කතන්දරේ අහලා තියෙනවද... හි හි..

      සිරා Unlimited නේ... මාත් එහෙම තමා.. ඒත් 10GB පැන්නට පස්සේ ස්ලෝ වෙනවා.. හි හි... අනේ මගේ ගෙදර තිබ්බ කනෙක්ෂන්‌ එකේ අගේ මතක් වෙන්නෙ ඒ වෙලාවට තමා...

      Delete
    2. මාත් Cable තමයි ඉස්සර.. telecom ADSL Unlimited එකක් තිබ්බේ... මාසෙට 20GB විතර ඩවුන්ලෝඩ්ම කළා.. දැන් මේ රෙන්ට් සීන් එක නිසා ඒක ගන්න විදියක් නැතුව ඉන්නේ... ඉතිං ඩොංගල් එකක් තියෙන්නේ...

      Delete
  24. අපේ රටේ නව නිපැයුම් කරනවා කියන්නේ ආනන්තරීය පාප කර්මයක් කරනවටත් වඩා අපරාදයක් කියලයි මට හිතෙන්නේ. ඉක්කෝලේ යන කාලේ නම් මොකක් හරි කලොත් ඕක පුම්බලා පෙන්නනවා ඒක ඉක්කෝලෙට හරි නම්බුවක් වෙන නිසා. එතනින් පස්සේ නම් කතා කරලා වැඩක් නෑ. ගෙවුනු කාලයෙන් ගන්න මොනතරම් උදාහරන තියෙනවද හිරූ, මම අමුතුවෙන් සඳහන් නොකලට. නිකමට කියන්න ඇයි අපි අපේ හැකියාවන් පවා නොර‍ටුන්ට විකුනන්නේ... ? ඒකට සමහරු ගිරිය පුප්පන් කෑගහනවා මට ඇහිලා තියෙනවා මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන තම දැනුම විදේශ වලට විකුනනවා කියලා. අනේ මගේ කට...........!!

    ReplyDelete
    Replies
    1. හි හි.. මේක ලියද්දි මට සරා අයියවත් මතක් උනා.. රටට වැඩක් ගන්න දන්නේ නැත්තම් වෙන මොනවා කරන්නද...

      Delete
  25. මේ ගැන නම් කතා කරන්නම ඕනේ. ලංකාවේ අධ්‍යාපනය බලන්නේ ඒ ලෙවල් ඕ ලෙවල් සහතික වලින්. ඒත් ඒ ඉගනගන්න ඒවගෙන් කීයෙන් කීයක් ප්‍රායෝගිකව රැකියා ලොවට සරිලනවද කියලා මට කවුරුහරි කියනවද? උසස්පෙළට අමුතුවෙන් ඉගනගන්න ඕනේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියාම ඊට එහා. ඒත් ඕලෙවල් ඒ ලෙවල් ෆේල් වෙච්ච දිරියෙන් දක්ෂතාවයෙන් නැගිට්ට කී දෙනෙක් ලංකාවේ ඉන්නවද? අධ්‍යාපන සහතික නැති දක්ෂයෝ කොච්චර ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. දක්ෂකමට නෙවෙයිනේ ඇලෙක්සෙන්ඩර් වාණිජමය වටිනාකම තියෙන්නේ.. සහතිකේටනේ... ඒකයි අවුල..

      Delete
  26. අපේ අධ්‍යාපනේ.......

    ReplyDelete
    Replies
    1. හි හි... තිත් විතරයි අන්තිමට... නැද්ද මං අහන්නේ...

      Delete
  27. හිරුවෝ --මට උඹව කියවන්න එන්න බැරිවුණා සෑහෙන කාලෙකින්. මෙන්න ඉතින් ඇවිල්ලා බලනකොට ඉන්නේ අර අපිට කේක් ගැන ලියපු හිරුවා නෙමෙයි. ඇත්තටම මේක උඹ සංවාදයක් ඇතිකරවපු විශිෂ්ටම පෝස්ටුව. ජයවේවා නංගි .නංගි.?හි හි හි හ්හ්

    ReplyDelete
    Replies
    1. හැමදාම කේක් ගැන ලියන්න පුළුවන්ද රතූ.. මේවා ඉතිං මට හිතෙන දේවල් නොවැ...

      Delete
  28. Dr මන් දැනුයි දැක්කේ මේ පොස්ට් එක .සමහර වෙලාවට මන්
    අර බූන්දියේ වගේ එපා වෙන මාතෘකා දැක්කම බලන්නේවත් නැහැ.
    මේකත් ඒ වගේ මග ඇරිලා ..ඒත් ඔයාගෙන් ලිය උන එකක් නිසයි
    දැන් මේ බලන්නේ .මොකද ඔයාගේ අභ්‍යන්තරය දන්න නිසා.practical
    සීමාවේ ඉන්නවා ඔයා නීති රීති , සමාජ සාරධර්ම , ආගමික හැදියාව මොනවා
    උනත්..මාතෘකාව ගැන නම් අපෝ කතා නොකර ඉමු.මොකද පොඩි කාලේ
    යෝගට් කෝප්ප වලට කම්බි ඔතන් හිටපු කෙනෙක් මාත්.මේ අපිට තේරෙන
    දේවල් පාලකයන්ට තේරුම් යනවා , ඒත් ක්‍රියාත්මක කරන්නේ නැහැ .
    මොකද ඒකෙන් අවාසි ඒ අයට නිසා.මේ රටේ විතරක් නෙවේ හැම රටේම ඔහොමයි
    එක එක ප්‍රමාණ වලින් .ඇමෙරිකාවේ උනත් එහෙමයි , කව්රුත් අහ් එන්න පුතා
    කියල පරීක්ෂණ වලට සහයෝගය දෙන්නේ නැහැ ආර්ථික වාසියක් නැත්නම් .
    ආර්ථික වාසි නැතුව පරීක්ෂණ වලට අත දෙන්න පුළුවන් රජයකට විතරයි ..
    ඒත් ලෝකේ කොහෙවත් එහෙම කරපු තැනක් නැහැ 100% සද්භාවයෙන් ..
    වාෂ්ප එන්ජිමේ ඉඳන් මේක පොදුයි.මන් කියන්නේ රට්ටු හිනස්සන වැඩ
    වලට කෝටි ගණන් වියදන් කරන එකේ මොකක් හරි දෙයක් හදා ගන්න
    බැරුව ඉන්න කෙනෙක්ට ඕන කරන බඩු මුට්ටු ටික ගන්න ක්‍රමයකුයි ,
    හරි තාක්ෂණික දැනුම ගන්න පිරිසයි මුණ ගස්සනවනම් ඊට වඩා දෙයක් ඕන නැහැ ..

    මන් කිව්වා දේ කරන්න ඕන වෙන්නේ , B.Sc , B.Eng PHD සම්පූර්ණ කීප දෙනෙකුයි
    මුල් මට්ටමට ලක්ෂ 20, 30 වගේ ප්‍රමනෙකුයි විතරයි..ඔය දේවල් ටික රජයකට දෙන්න
    බැරිද ? අමුතුවෙන් දෙන්න දෙයක් නැහැ හැම විශ්වවිද්යලේම ඕක කරන්න පුළුවන් .
    එකම දේ අලුතෙන් මොනවා හරි හදන්න අසාවෙන් ඉන්න කෙනෙක්ට ඒ තැන් වලට ඇවිත්
    දෙයක් අහන් , තියෙන දෙයක් ප්‍රයෝජනයට අරන් වැඩ කරන්න ගේට්ටුව අරින එක
    විතරයි.. ඒත් ඕක කරන්න බැහැ ..මොකද ෂෝ එක නැහැ ඔය ක්‍රමේදී . කව්රුත් දකින්නේ
    නැහැ මුල් ගල් තියන්න, ගොඩනැගිලි විවෘත කිරීම් , නව අමාත්‍යංශයක් ප්‍රකාශයට පත්
    කිරීම , නව පත් කිරීම් , බඳවා ගැනීම් , වැඩමුළු මුකුත් කරන්න බැරි නිසා...

    ReplyDelete
    Replies
    1. මේක ක්‍රමය හරියට සහන් 3 Idiots වගේ.. ආයිත් වෙන මොනා කියන්නද....

      සර්ට අන්තිමට පෑන දෙන්න උනේ මොකාටද.... විධිමත් අධ්‍යාපනයක් නැති එකාට.... අලුත් දෙයක් කරන්න හදපු එකා එල්ලිලා මළා.....

      Delete
    2. මන් ඒක බලල නැහැ හිරු ..ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ ..
      මම අවුරුදු කීපෙක ඉඳල කිසිම දෙයක් බලන්නේ නැහැ
      TV එකේ.

      Delete
    3. 3 Idiots කියන්නේ හින්දි ෆිල්ම් එකක් සහන් .. අමීර් ඛාන් ඉන්නේ...

      කිව්වට වැඩක් නෑ.. විකිපීඩියා එකේ ප්ලෝට් එක කියවලා බලන්නකෝ... මරු ෆිල්ම් එක...
      තනිකරම අධ්‍යාපනේ වැරදි ගැනම තමයි තියෙන්නේ....

      3 Idiots.

      Delete
    4. හ්ම්ම්ම් මම බලන්නම්කෝ මට නෑහුනා නෙවේ ඒ ෆිල්ම් එක
      ගැන.ඒත් බලන්න උනන්දුවක් අවේ නැහැ.මගේ හින්දි උණ
      ඉස්සර ඉරිදට 12.30 සිරසෙ ෆිල්ම් එකෙන් පටන් ගත්තේ ,
      පස්සේ පස්සේ ඉස්සරම අපි බලපු ඒව වගේ නොවුන නිසා
      බැලුවේ නැහැ .අන්තිමට වැදගත් දෙයක් වත් බැලුනේ නැහැ..

      හින්දි ෆිල්ම් වල වරද නෙවේ ලංකාවේ telecast order එක
      හැදුනේ sponsor කැමති කියන ඒවට.

      Delete
  29. ගොඩක් ඉගෙනගන්නේ නැති ළමයි ළඟ වෙනත් විශේෂ හැකියා සහ දක්ෂතා තියෙන්න පුළුවන්..!මන් හින්දි ෆිල්ම් එකකුත් බලල තියනවා ඒ වගේ ළමයෙක් ගැන කියවෙන.ඒ ළමයට ඉගෙන ගන්නම බැහැ ..පන්තියෙන් කොන් වෙනවා ,ගුරුතුමිය අන්තිමට කියනවා "මේ වගේ ළමයින්ට විශේෂිත පාසල් තියනවා ඒ වගේ පාසලකට යොමු කරන්න කියලා.."පාසලෙන් චිත්‍ර තරඟයක් පවත්වනවා,එකෙන් ඒ ළමය දිනනවා.!ඒ ළමයට චිත්‍ර ඇඳීම පිලිබදව ලොකු හැකියාවක් ඇති බව අවසානයේ දැනගන්නවා.!(අවාසනාවකට මට ඒ ෆිල්ම් එකේ නම මතක නැහැ )ඒ වගේ තමයි..ළමයින්ගේ සැඟවුණු දක්ෂතා තියනවා එත් අවාසනාවට ගුරුවරුන්ට දෙමවුපියන්ට පවා ඒවා හඳුනාගන්න බැහැ හෝ හඳුනාගන්න උත්සහ කරන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ මෙයැයි මේ කියන්නේ "තාරේ සමීන් පර්" ( පොලොවට ලඟ තරු) ගැන වෙන්න ඕන නේද හිරුවෝ...!

      Delete
    2. ඔව් සරා අයියේ.. ඒක තමයි... Tare Zameen par...

      රෙහානි ඒ ෆිල්ම් එකේ තියෙන්නේ දුර්වලතාවයක් සහිත ළමයෙක් ගැන.. ඒත් අපේ රටේ දුර්වලතාවයක් නැති ළමයිනුත් ඒ ව‌ෙග් වෙනවා මේ අධ්‍යාපන ක්‍රමය නිසා... මොකද ළමයි කරන්නේ එයාලා කරන්න දක්ෂ දේවල් නෙවෙයි.. එයාලට කරන්න කියන දේවල් විතරනේ...

      Delete
  30. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන නම් කතා කරලා වැඩක් නෑ , හිරු අක්කගේ මාමගේ ගැන විස්තර ටිකක් දාන්න කෝ

    ReplyDelete
    Replies
    1. දාන්නම්.. ඒකට ගෙදර යන්න ඕනේ.. අම්මා ගාව ඇති ඒ පත්තර විස්තර එහෙම...

      Delete
  31. මෙන්න මේ ටිකත් ඔය එක්කම බලන්නකෝ...
    http://sulakkhana.blogspot.com/2011/04/blog-post.html

    http://sulakkhana.blogspot.com/2011/12/blog-post.html

    ReplyDelete