Thursday, November 22, 2012

ඔබ ගැන මතක....

මහ මෙරක්ම වූ, 
දිය පොදක්ම වූ,
පිනි සිසිලසක්ම වූ,
ආදරණීය ඔබේ උරතලය...

සිතේ සිතුවමක්ම වී,
අතීතයේ සිහිනයක්ම වී,
මතකයේ හැම අස්සකම,
ආදරණිය මතකයක්ම වී අද.....

ඇසට පෙනෙන දුරක සිටින්නම්,
හදට දැනෙන තැනක රැඳෙන්නම්,
තනිව වෙසෙන නිහඬ රැයක,
කනට ඇසෙන දුරක ගයන්නම්...

කවදා කොතැනකදි නමුදු,
යලි අප හමුවන බව දැන,
මා යන තැන මඟ සලකුණු,
සුළං රළක ලියා තියන්නම්..... 

නිමක් නොමැති මේ දිවි මඟ,
හසර නොදැන සරණ අතර,
නැවත නැවත අප හමුවන තුරු,
ඔබ යන එන මඟක රැඳෙන්නම්...... 


68 comments:

  1. සුළං රළක..?
    හප්පට සිරි ඒ පාර සුනාමියක් අමුතු හැඩේකින්...

    ReplyDelete
    Replies
    1. හි හි... එහෙම තමයි.. සුනාමිය කවියට නැඟුවම....

      Delete
  2. Replies
    1. මී ටූ....... හි හි

      Delete
    2. මොකෝ අදත් කරන්ට් එක නැද්ද බං. අපරාදේ අපි බොට වැඩි පුර හිට් දෙනවා මේ ටිකට..

      Delete
  3. එකපාරටම වෙනසක් මොකද මේ...

    ReplyDelete
  4. උත්තරය කොට්ටය හැක්.. හැක්.. හොදයි බං.. කවි සංකල්පනා හැඩතල වෙනස් වෙන්නේ ඔය වගේ උපහැරණ හොදට දැම්මම තමා. අවංකව කියන්න එපාය.. මොකා ගැනද බං ඔය කියන්නේ.. මට හිතෙන්නේ නං මොකක් හරි දෙයක් ගැන කියලා...

    ReplyDelete
    Replies
    1. තුන් තේරවිල්ලක් නෙවෙයි බං.... හි හි

      Delete
  5. අපේ මහත්තයා දුරක ගියාද ?

    ReplyDelete
  6. අනේ මන්ද, මට වැඩිය ඔය කවි තේරෙන්නෙ නෑ. අපි ඉතිං හිරූ වගේ භාෂා ප්‍රවීනයො නෙවිනේ. ඔහේ මොනා හරි වචන ටිකක් අමුනනව විතරයි.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම තමයි බං.. ඒකට අර උපතින්ම එන මෙව්වා එක ඕන ඇති! :D

      Delete
    2. මටත් ඒවා තේරෙන්නේ නෑ බං.. ඔය සීතලට ලියවෙන ඒවා.. හි හි

      Delete
  7. හදිසියෙම එන මෙහෙම අදහස් තමයි ලස්සන. ( මම හිතන්නෙ හදිසියෙම ආව එකක් මේ....)

    ReplyDelete
    Replies
    1. ඔව්.. හදිස්සියෙ ආපු පරණ අදහසක්... හි හි

      Delete
  8. කියෙව්වට හදිස්සියට මුකුත් අදහසක් නෑ.. ආයිත් පස්සෙ ඇවිත් කියෝල බලන්නම්..

    ReplyDelete
  9. මෙන්න කවි පෙන්නන්න බැරි කට්ටිය කවි ලියලා.... දාන්නවත් වටින්නෙ නෑ කොමෙන්ටුවක්

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ මීයො... හි හි

      Delete
  10. අපේ මහත්තය පලවෙනි ආදරේ නෙමෙදෝ කියල හිතෙනො.. හී හී :P

    ReplyDelete
    Replies
    1. පළවෙනි එකත් එයා.. අන්තිම එකත් එයා.. හි හි

      Delete
  11. හ්ම්ම්... හ්ම්ම්....

    ලස්සනයි හොදේ කවි ටික... :)

    ReplyDelete
  12. ඈ...කවි ටිකනම් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. තැන්කියු තැන්කියු... හි හි

      Delete
  13. Replies
    1. හි හි.. කවි..? අනේ මන්දා.....

      Delete
  14. අහිංසක පැතුමක් . හ්ම්ම් ලස්සනයි හිරු .

    ReplyDelete
    Replies
    1. ලවු වලදි පැතුම් අහිංසකයි නේ.... හි හි

      Delete
  15. Ane manda mokak gana kiyanawada kiyala hitha ganna bahane. Pada tika nam lassanata galapala thiyenawa.

    ReplyDelete
    Replies
    1. එච්චරයි වෙන්න ඕනේ... හි හි..

      Delete
  16. ආදරෙයි.............. අහස තරම්.....!!! නෑ නෑ ඊටත් වඩා...ඇත්තමයි ඕං.....!!!

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා..... නැත්තම් මෙච්චර වද දෙනවයැ... හි හි

      Delete
  17. අපේ මහත්තයා සට උන්න දවස්වල හිතුන එකක්ද ?

    සිතිවිල්ල නම් මරු හිරුවො... ( මං විභාගෙකට හිර වෙලා හිරුවො. කියවන්න එන්නෙත් පමා වෙලා...හෙටින් පස්සෙ හරි..)

    ReplyDelete
    Replies
    1. @ළිහිණි.... පළමුව විභාගය දෙවනුව විවාහය...තෙවනුව අනෙක් වැඩ...

      Delete
    2. එතකොට කොට ලිහිණියට හෙට ඉදල කියන්න පුළුවන් මං නිදහස් කියලා..

      Delete
    3. පරණ සිතුවිල්ලක් ළිහිණි...

      Delete
  18. ලස්සන කවි ටික!!!

    ReplyDelete
  19. අලෙ මන්දා මෙයා :)

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් ලෑ මෙයා....

      Delete
  20. මට හිතුනදේ කියුවොත් උඹ තරහා වෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙනං කියන්න එපා... හි හි

      Delete
  21. ලස්සනයි හිරැ අක්කියෝ.

    ReplyDelete
  22. අලුත් ජින්ස් එකක්.... ටී එකක් ගැන අදහසක් පහළ වෙලා වගේ....!!! සීසන් එකනෙ,

    ඔහොම තමයි චාටු වලට රේන්ද අල්ලන්නෙ.

    (කවිය ලස්සනයි)

    ReplyDelete
    Replies
    1. මේවයින් චාටු ඇල්ලුවොත් මට දෙයියන්ගෙම පිහිටයි.. හි හි...

      Delete
  23. හූ............................................................................................................................................................................................................................................................................................................!!!

    මාතලන්ට ජයවේවා......!!!

    ReplyDelete
    Replies
    1. මාතලංගේ ස්වයං හුව!!!

      Delete
    2. මට තාම කවි පේන්න බෑ මාතලන්.. හි හි

      Delete
  24. අපේ මහත්තයාට ඒ කාලේ ලියාපු එකක් වෙන්න ඇති නේද හිරු ? එහෙම නැත්නම් ඉතින් ගෝරි ගොඩයි !!

    ReplyDelete
  25. කවිටික ලස්සනයි අක්කේ.. නියමෙට ලියලා තියනවා

    ReplyDelete
  26. හිරු කවිත් ලියනවද? මොනව වුණත් හොඳ කිවි හිතක් නම් තියන බව කවියෙන්ම පේනවා. කවිටිකට තනුවක් දාලා ගායනා කරන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඉස්සර තිබ්බා අයියේ... දැං නං නෑ.... හි හි

      Delete
  27. ලස්සන කවිය හිරූ අක්කේ...

    ReplyDelete
  28. නියමයි....අවංකව කියනවා නම් මට කවි හිතට වදිනවා.මොකද මම කවියක ගොඩක් ගැඹුර හොයන නිසා.මේක සරලව ලිය වෙච්ච ගැඹුරු කවියක්.........තව පාරක් නියමයි....

    ReplyDelete
    Replies
    1. අවංකව කියනවා නම් මට කවි හිතට වදිනවා අඩුයි........

      Delete
    2. අනේ මන්දා බං.. මටත් කවි ටිකක් අමාරුයි දිරවන්න....

      Delete