Wednesday, November 21, 2012

හයි වේ එකෙන් මට වෙච්ච හොඳ....


අපේ මහත්තයා අද උදේ පාන්දරම ගියානේ කොග්ගල යන්න කියලා.... පාන්දර නැගිට්ටම නින්ද යන්නේත් නෑ.. ඒ මදිවට එයා ළඟ නැතිකොට කරන්න දේකුත් නෑ.... ඉතිං මං මේ කල්පනා කළේ පෝස්ට් එකක් ලියන්න දෙයක් තියෙනවද කියලා...

ඉස්සර අපේ තාත්තා කළේ දවස් ගනන් ගෙදර එන්න හම්බුවෙන්නැති රස්සාවක්... මට මතක ඇති කාලේ ඉඳල අම්මයි මායි තනියෙන් හිටිය දවස් තියෙනවා... ඒ කාලේ අපේ පැත්තේ දැං වගේ ගෙවල් තිබ්බෙත් නෑ නේ... කැලේ තමයි වැඩිපුර... අපි හිටියෙත් ලෑලි ගේක නේ... ඉතිං මට දැං තේරෙනවා අම්මා ඒ කාලේ කොච්චර බයෙක්ද ඉන්න ඇත්තේ කියලා රෑට.... මමත් ඒ වගේ තමයි... තාමත් මතකයි ඒ කාලේ රෑට කැලේ නරි හූ කියන සද්දෙට බය වෙලා ඇහැරැනාම, අම්මා මාව තුරුල් කරන් ඉන්නවා එළිවනෙකම්ම...

කොහොමත් තාත්තා ගෙදර නැති දවසට පොඩි කාලේ මං හරිම බයයි... ලොකු උනාම එයා ගෙදර ඉන්න දවසට ඊට වඩා බයයි.. හි හි.. මොකද තාත්තට හරියට තරහා යනවා....

එකම දේ තාත්තා ලංකාවේ හිටිය එක... මං හිතන්නේ අම්මා උනත් හිතේ හයියෙන් ඉන්න ඇත්තේ ඒක නිසා වෙන්න ඕනේ.. අපේ තාත්තා ගාව අප්ඩේට් කර කර ආපු පාස්පෝට් තුනක් විතර තියෙනවා... හැබැයි එකක්වත් පාවිච්චි කරලා නෑ.. හි හි...

දැං අපේ මහත්තයා ගෙදර නැති දවසට මට පුදුමාකාර කම්මැලිකමක් තියෙන්නේ... බැඳපු අලුතම වගේ එයා දවස් 10කට දැයට කිරැළ එකකට ගියා.. ඒ දවස් 10 මං විඳපු දුකක්... හාපෝ.. මතක් කරන‌ෙකාට එපා වෙනවා... මොකද ඒ දවස්වල එයාලගේ අම්මලත් එක්ක තිබ්බ ප්‍රශ්න හින්දා, මං ෆුල් වලියෙන් හිටියේ... කරන්න දෙයක් නැතිම තැන මං අකමැත්තෙන් හරි එයාලගේ ගෙදරට ගියාට, පුළුවන් තරම් හොඳින් ඉන්නවා කියලා හිතාගෙන ගියේ.. ඒත් සති දෙකක් ඉන්නකොට මට තේරුනා කවදාවත් ඒ ගෙදර අය මට මගේ අය නම් වෙන්නේ නෑ කියලා... ඉතිං මං එයාට යන්න කලින් කිව්වා මාව ඒ දවස් ටිකේ අපේ ගෙදර ඇරලවන්න කියලා... මෙයා බෑම කිව්වා.. අන්තිමට මං දවස් 10ම කාමරෙන් එළියට වත් ආවේ නෑ... ඒ තරමට එපා වෙලා හිටියේ... කසාද විතරක් නෙවෙයි ජීවිතෙත් එක්ක එපා වෙලා.... කෑවෙත් නෑ... මට මොන යකා වැහිලා හිටියද මන්දා... හි හි.. ගෙදර ඉන්නකොට වැඩිම උනොත් දවස් 2ක් කන්නේ නැතුව ඉඳියි.. ඊට වඩා නම් කොහොමවත් බෑ... දවස් 10ක් බිස්කට් විතරක් කකා හිටියා... කොහොමහරි එයා ආවට පස්සේ ඒ මාසෙම වෙන ගේකට ආව හින්දා පිස්සු නොහැදි බේරුනා....

අර කවිකාරි නැන්දා එයාගේ පරණ කතා කියනකොට මට හැමතිස්සෙම හිතෙන්‌ෙන් අනේ අම්මේ මට එහෙම ඒ වගේ උනා නං මෙලහකට මං පිස්සන් කොටුවෙ කියලා.... ඒ වෙලාවට මං මගේ කටට පිං දෙනවා.... කට ඇරලා කතා කරන්න පුළුවන් වෙච්ච එක ගැන... එහෙම කතා කරන්න කොන්ද පණ තිබ්බ එක ගැන.. නොදන්න මිනිස්සු ගොඩක් මැද තනි උනාම මොනවා හිතෙනවද කියලා හිතාගත්තා ඒ ටික කාලෙන්... ඊට වැඩිය තනියෙන් ඉන්න එක සිය දහස් ගුණයක් හොදයි...

ඒ වෙලාවට මං හිතන්නේ හස්බන්ඩ් රට ඉන්න කොට ගෙවල් වල ඉන්න ගැණු, ළමයි එක්ක මොන තරම් දුකක් විඳිනවා ඇතිද කියලා... අම්මෝ.. ඒ ගැන නම් මගේ හිතේ තියෙන්නේ මාරාන්තික බයක්.... අපේ මහත්තයට රට යන්න චාන්ස් එකක් ආපු ගමන් ම‌ෙග් පපුව අසූහාරදාහට ගැහෙන්න ගන්නවා... ඒ වෙලාවට මං කල්පනා කරන්නේ එයා රට ගියොත්, එනකොට මොනවා වෙලා තියෙයිද කියලා... අනේ එයාගේ යාලුවෝ කවුරුවත් මෙයාට පිටරට ජොබි ගැන කියන්නේ නැතුව ඉන්නවනම් කියලා හිතනවා... තාමත් එයා කලින් වැඩ කරපු තැන යාලුවෝ වේකන්සි එකක් තියෙනකොට මෙයාට කෝල් කරලා කියනවා... මෙයා ඉතිං මං කැමති නැති බව දන්න හින්දම මොනා හරි කියලා ෂේප් වෙනවා...

කො‌ෙහාම හරි ඊට පස්සේ එයාට දවසක් පිට ඉන්න උන වෙලාවට, එයා හිතේ කරදරෙන් ඉන්නකොට මං එයාගේ හිත හැදුවේ “ අපේ අම්මට තනියෙන් පොඩි ළමයෙක් එක්ක අර කැලෑවේ ඉන්න පුළුවන් උනා නං, මේ ෆොන් එක, පාර, ළඟපාත තියෙද්දි මට ඉන්න බැරිද ” කියලා...

ඒ උනාට ඉතිං නින්ද යන්නේ නැති එක නම් අනිවාර්‌යයි එදාට... රෑ එළිවෙනකම්ම ඇහැරිලා ඉන්නවා සමහර වෙලාවට... මොකද ඒ කාලේ කම්පියුටරේ තිබ්බෙත් නෑ නේ.. ෆිල්ම් එකක් දාගෙන ඉන්නවා... මේස රෙදි, ටී ෂර්ට් පේන්ට් කරනවා.. එක එක විකාර කෑම ජාති හදනවා... කතා ලියනවා... ඔහේ ඉන්නවා...

මොනවා උනත් හයිවේ එක හින්දා මට හොඳක් උනා.. ඒ තමයි අපේ මහත්තයට දැං ජොබ්ස් වලට ගිහින් එහෙ නවතින්න වෙන්නෙ නැති එක... උදේ පාන්දරම ගියාම රෑ වෙලා හරි ගෙදර එනවා... ඊළග දවසේ නිවාඩු නිසා අවුලකුත් නෑ... නැත්තම් වෙනදට ගාල්ලට යන්නම පැය දෙකක් තුනක් යනවනේ... දැං පාන්දර ගිහින් 8 වෙනකොට වැඩේ පටන් අරගන්න නිසා ඉක්මණට ඉවර කරලා එන්න පුළුවන්... අනිත් හයිවේ හැදුනම ඒ පැති වලටත් ඔය ප්‍රශ්නේ හරි... ඒ අතින් නම් පාරවල් හැදෙන එක ලොකු දෙයක්.. කම්පැනි එකත් මේකට කැමති එයාලට වියදම් බාගෙට බාගයක් අඩු නිසා.. වැඩත් ඉක්මණට කෙරෙනවා... අලුත් වැඩත් හම්බුවෙනවා වැඩියි..

දැං මං මේ කල්පනා කරන්නේ හස්බන්ඩ් රට ගිහින්, අවුරදු ගනං තනියෙන් ඉන්න ගෑණු අයට මල් තියලා වඳින්න ඕනේ කියලා... ඒ අය පුදුමාකාර දුකක් විඳිනවා ඇති.. වි‌ෙශ්ෂයෙන් ළමයි එක්ක, තනියෙන් ඉන්න අය... අම්මලා තාත්තලා එක්ක ඉන්න අයට නම් පොඩි හරි සහනයක් තියෙනවා.. ඒත් පුළුවන් තරම් හස්බන්ඩ්ගේ අම්මලා එක්ක නැතුව වයිෆ්ගේ අම්මලා එක්කම තියලා යනවා නම් හොඳයි කියලා මට නම් හිතෙනවා... මොකද සමහර වෙලාවට වෙන පොඩි පොඩි දේවල් කියන්න කෙනෙක් නැති උනාම ගෑණු හරියට අසරණ වෙනවා.. තමන්ට කියලා ඉන්න එකම කෙනා ළඟ නැති උනාම දැනෙන අසරණකම වචන වලින් කියන්න බෑ... තමන්ගේ අම්මලා එක්ක නම් ඉතිං රණ්ඩු වෙවී හරි ඉන්න පුළුවන්.. ඒත් පිට අය එක්ක එහෙම බෑනේ.. කොහොමත් ලේලි කෙනෙක් තමන්ගේ දරුවෙක් කරගන්‌ෙන් 1% විතර කට්ටියක් විතරයි.. තමන්ගේ අම්මලා කොච්චර හොඳ අය උනත් වයිෆ්ට හිත් රිදීමක් උනාම කියන්න ඉන්නේ තමන්ගේ හස්බන්ඩ් විතරනේ... රට ඉන්න මිනිහට ඕවා කියලා හිත අවුල් කරන්නේ කො‌හොමද කියලා නිකම් ඉන්නකොට වෙන්නේ ප්‍රශ්නේ වැඩි වෙන එක.. බැරි වෙලා හරි කිව්වොත් කට්ටිය කන්න යනවා “ ඇයි ඒ මනුස්සයගේ හිත අවුල් කරන්නේ ” කියලා... අනිත් එක ඉතිං රට ඉන්න මනුස්සයා මොනවා කරන්නද...

ගොඩක් වෙලාවට පිරිමි ඒ පැත්තෙන් කල්පනා කරනවා අඩුයි... එයාලා හිතන්නේ තමන්ගේ අම්මලා හොඳ අය.. ඒක නිසා මෙයාට කරදරයක් වෙන එකක් නෑ කියලා.. ගොඩක් පිරිමි ළමයින්ට නම් ගෙදරත් එකයි බෝඩිමත් එකයි... එයාලට පිට තැන් වල ඉඳලා පුරුදුයි... නමුත් ගොඩක් වෙලාවට ගෑණු ළමයෙක්ට පිට තැනක, තමන්ගේ තැනක වගේ ඉන්න බෑ.. ඉතිං එහෙම උනාම එයා තනිවෙනවා... විශේෂයෙන් බැඳල ආවට පස්සේ හැමදේම ටිකක් අමුතු වගේ දැනෙන නිසා.... දුක, සතුට කලවම් වෙච්ච අමතු නුහුරු හැගීමක්නේ තියෙන්නේ.. ඒ වගේ වෙලාවට හරි ලේසියෙන් හැම තැනදිම, පොඩි පොඩි හිත් රිදීම් වෙනවා.. ඔන්න හස්බන්ඩ් ළඟ ඉන්නවා නම් එයා එක්ක ඕවා කියලා හිත හදා ගන්න පුළුවන්.. ඒත් එයාත් ළඟ නැති උනාම........

හම්ම්.. අදත් හෑල්ලක් වගේ එකක් ලියවුනා නේ... මේවා කල්පනා කරනකොට නිකම්ම ලියවෙන දේවල්... මේ වගේ දේවල් හිතෙන් මොන විදියකට හරි එළියට එන එක, හිතට හොදයි කියලා මට හිතෙනවා.. සමහර වෙලවාට ලියාගෙන යද්දි අදහස් clear වෙනවා... එතකොට පැටලිලා, ලෙහා ගන්න බැරුව තියෙන දේවල් නිකම්ම හරි යනවා... ඒකත් ලොකු දෙයක්නේ.. නේද...

දැං මං මේ කල්පනා කරන්නේ මේකට මතෘකාවක් දාන්‌ෙන් කොහොමද කියලා.. හි හි...

109 comments:

  1. ෂා මරුනේ , ලියන්ඩ ගිය දේ නියමෙට ලියවෙලා,
    ඇ බං හිරුවෝ , උඹ දවසකට පැය කීයක් නෙට් එකේ ඉන්නවද

    ReplyDelete
    Replies
    1. බලන්න අටම්.. ඔයාගේ කට හින්දමද මන්දා ඊයේ දවසම කරන්ට් නෑ.... හි හි...
      මම කොහොමත් දවසම නෙට් එකේ තමා ඉතිං.. වෙන මොනවා කියලා කොරෙන්නද...

      Delete
  2. හිතේ තියෙන දේවල් හරිම නිදහසේ ගලාගිය සටහනක් ....මහත්තය ගිහින් තියෙන්නේ අපේ ගෙවල් පැත්තටම නොවැ ..තව පොඩිත්තක් ඉස්සරහට ගියා නම් “අහංගම“ කියන අපේ ගම ...

    ReplyDelete
    Replies
    1. හනේ. එතකොට ඔහේ ගාල්ලේ.. අර නගාල ටික මාතර.. හොදේ හොදේ...

      Delete
    2. ඔව් මහේෂ් අයියේ... අහංගම කිට්ටුව තැනකට තමා ගියේ....

      Delete
  3. කියවන්න වෙලා මදි පස්සේ කියවලා මොනවා හරි නෙලන්නං...

    ReplyDelete
  4. හිරු අක්කට දැං දරු සුරතල් බලන්න කාලෙ හරි. එතෝට ඉතින් ඔය හැමදේම හරියාවි.හී හී :P

    ReplyDelete
    Replies
    1. පිස්සු නම් කතා කරන්න එපා මලයෝ... හි හි

      Delete
  5. ඔන්න බලාපං අපේ මහත්තයා නැති වෙලාවට මේ හිහි නංගිට හිතෙන දේවල්.. අද නං බං හිහි අඩුයි.. සුපිරියට තියෙනවා බං. මේ අපේ මහත්තයට කියපං ආයේ පොටෝ ටිකක් අරන් එන්න කියල ඔය කොග්ගල එයාර්පෝට් එක ඉස්සරහ ගුවන් හමුදාවෙන් හදාපු අළුත් රෙස්ටෝරනට් එකක් තියෙනවා. පරණ කබල් ප්ලෙන් තඩියකුත් ගෙනැල්ල පාට කරල, තව තියෙනවා අපුරූ ගාඩන් ටැප් එකක්. මම නං ගියපු වෙලාවේ පෝස්ට්කටුවක් දාන්න විස්තර ඔක්කොම ගෙනාවා. ඒකට කමන් නෑ අන්න ගේන්න කියහං පොටෝ ටිකකුත්...

    ReplyDelete
    Replies
    1. ඔය ෆොටෝ ටික ගේනකම් තමයි බලං ඉන්නේ මමත් ... ඒත් ඉතිං වැඩ වලටනේ යන්නේ බං.. යන පාරෙදි අහුවෙන ඒවා තමයි ඉතිං... ආයි බලන්න කියලා වෙනම යන්න වෙලාවක් නෑ...

      Delete
  6. ඔය පිටරට ගිය යගේ නෝනලගෙ පාලුව නිවන්න අසල්වැසි හිත හොඳ අය ඕන තරම් ඉන්නවා. එයාලා චාන්ස එකක් එනකන් බලාගෙන ඉන්නෙ උදව් කරන්න. ඒක නිසා තමයි, මිනිස්සු තව වැඩිහිටියෙක් තියලා හරි නැත්නම් වැඩිහිටියෙක් අය ළඟ නවත්වලා යන්නෙ. අද සමාජය අන්තීම දරුණුයි. මම අහගෙන අර ගොබ්බ රේඩියෝ ඩී ජේ කෙනෙක් දවසක කියනවා ගෑණියෙකුට. මහත්තයත් රට නම්, බබත් ඉස්කෝලේ ගිහිල්ලනම්, ඔයා ඉන්නෙත් තනියෙම නම්. මරුනේ කියලා. අර ගොන් බඳින කණුව හක හක ගගා හිනා වෙනවා. සමහර වෙලාවට එයා කෝල් කරල තියෙන්නෙත් ඒකටම වෙන්න ඇති. ඔන්න අපේ සමජය.

    ඒ නිසා මේ වගේ අතිශය පෞද්ගලික දේවල් නොලියා ඉන්න එක ඇඟට ගුණයි. මම දැක්කා කීප දෙනෙක්ම ඔයාගෙන් අහලා තිබුනා ඉන්න තැන. ගෑණූ අයගෙ පෝස්ට් වලට කොමෙන්ට්ස් හෝ ගාලා එන්නේ නිකන් නෙවයි. බුකියේ වෙච්ච දේවලුත් දන්නවනේ. මම කියන්නෙ නෑ ඔයාට කොමෙන්ට් දාන අයත් එහෙමයි කියලා. ඒත් මේ කාළකන්ණි සමාජය ගැන දැනගෙන ජීවත් වෙන එක වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත මාතලං. මාත් මේ බැලුව මාර ගොයියා මොකද වැඩිය තැක් ගැහෙන්නේ කියල.. හැක්.. හැ.. ..

      මාතලංගේ කතාව හරි. ඒ උනාට උඹ ගැන මට හිතෙන විදිය නං මෙලෝ යකෙකුට උඹව තම්බන්න බැරි බවයි.. ඒකට කාරි නෑ දිව්‍ය ලෝකේ කිට්ටුව යන්තර ගෙනියන එකා කියන එකත් ටිකක් අහපං...

      Delete
    2. +++++++++++++++++++++
      Mama kiyanna ooni dhea mathalan kiyalaa thiyenawa lesatama..

      Delete
    3. මාතලංගේ කතාවට මාත් එකඟයි... හිරුවා ලියන විදියට මම බොහෝම කැමතියි. මහප්‍රාන නැහැ..එදිනෙදා ජීවිතේ ගැන සරලව ලියනවා. පොලොවේ පය ගහලා ඉන්නවා. ඒ විදිය හොදයි.. හැබැයි ඕනවටත් වඩා දේ ලියන්න ගියාම ඔය කිව්ව ප්‍රශ්න එන්න පුළුවන්.. නමුත් මං හිතන්නේ හිරුගේ ගොදර උන්නැහෙත් මේක බලනවා කියලයි... බැළුවේ නැතත් දිනපතා බලෙන් හරි අල්ලලා පෙන්නවනං තවත් හොදයි. දෙන්නා අතර නොදන්න දේවල් වැඩි වෙන තරමට තමයි පිටින් එකෙකුට ඇතුලට එන්න පුළුවන්කම තියෙන්නේ.

      එක්තරා තැනකදී මමත් දැක්කා හිරුගේ පෞද්ගලික කතාවක් තව කෙනෙක් විසින් දාලා තියෙනවා. එවෙලෙම මට හිතුනා හිරු කියං ගියා වගේ නෙවෙයි අනිත් අය ඒ දිහා බලන විදිය කියලා. ටිකක් පරිස්සමට වැඩ කරන එක හොදයි... ඔහොම කිව්වට මාත් ඔහේ මුට්ටිය පිටින්ම දිග ඇරලා තමයි ලියන්නේ.. ඒත් ගෑණුන්ට වගේ ප්‍රශ්න අපේ කරේ යන්න එන්නේ නැති හින්දා අවුලක් නැහැ...

      @දේශකයා...
      බොලා එතකොට මක්කද දන්නේ නැහැ මෙතන කොරන්නේ නේද..? හනේ *කෝ (ය) :D

      Delete
    4. @ මාරයා,

      මැජිකල් කේක් බලේ තමයි ඉතිං. කිව්වත් වගේ මේකි මාව සම්බල් කරන්න කේලං කියන හැටියට මෙහෙම නෙමෙයි එළව එළව උත්තර දෙන්නට ඕන... හැක්.. හැක්..

      Delete
    5. මාතලන් අයියගේ කතාවත් ඇත්ත. මාරයාගේ කතාවත් ඇත්ත. මහප්‍රාන නැහැ කියන එක. ඕනම වෙලාවක පෝස්ට් එක කියවන්න පුළුවන් විදිහට ලියනවනේ අක්කා. මහන්සියක් නැතිව එක හුස්මට කියවන්න පුළුවන්. ඒක තමයි මං මේ බ්ලොගේට ගොඩක් කැමති.

      Delete
    6. බබෙක් ගේන්න කාලෙ හරි වගේ. බබාලා තමා ජීවිත සම්පූර්න කරන්නේ. දරුවන් කාගේවත් උදව් නැතිව පිටරටකදි ලොකු මහත් කරපු කෙනෙක් මම. බය නැතිව දරුවො ගොඩක් හදා ගන්න. එයාලගෙ ආදරය අපිව ජීවත් කරනවා.

      මිනිහ/ අපේ මහත්තය බත ඉදුනම යාලුවෙයි. හිතේ තියෙන දේ කියන්න. හැබැයි මම කරන වැරදි ඔයා කරන්න එපා.මට පරණ ඒවා මතක් උනාම කියෝනවා. ඔක්කොම අය මට හිනා වෙනවා.

      මට සත්තම දාපු අයට වයසට ගියාම කෑම කැව්වෙ මම. එයා ඒකාලෙ මාව දැක්කම ලෙඩ ඇඳේ වැතිරිලා අත්දෙක එකතු කරලා වඳිනවා. ඇස් දෙපැත්තෙං කඳුලු වැක්කෙරෙනවා. ඇඟේ වේදනා වැඩිවෙනකොට ජල මෙට්ට දාලා සුවපහසුව තියනකොට ඒ ඇස් කතාකරලා සමාව ඉල්ලුවා. ඒ මාමන්ඩි.

      නැන්දම්ම මාස 6ක් කැත කුණු අතගාලා බලා ගත්තා මම. ඒඅය හිතුවෙ නැහැ නාකිවෙනවා කියලා ඒකයි වැරදුනේ

      Delete
    7. ඊයේ මාතලන්ගේ කමෙන්ට් එකට රිප්ලයි එකක් ලිය ලිය ඉන්නකොට කරන්ට් ගියා.. ආවේ මහ රෑ... හි හි

      ඇත්ත මාතලන්... ඔය කතාව එක එක පැති වලින් මම අහලා තියෙන දෙයක්... නමුත් වැඩිහිටියෙක් හිටියාය කියලාත් මම නම් හිතන්නේ නෑ ආරක්ෂාවක් තියෙයි කියලා ඒ අහපු කතා වලින් නම්... මිනිස්සු හැමෝම එක වගේ නෑ...
      මේ පෝස්ට් එකත් ලිව්ව‌ට දැම්මේ පැයක් විතර කල්පනා කරලා.. ඇත්තටම මට කතා කරන්න ඕනේ උනේ මේ රට යන සිද්ධිය ගැන එක පැත්තක් විතරයි...

      බොහොම ස්තූතියි මේ කියපු හැමදේටම.. මම පරිස්සම් වෙන්නම්...

      දේශකයෝ.... ඔයා කියපු එක ඇත්ත.. මාව තම්බන්න ටිකක් අමාරුයි... මොකද මම අද ඊයේ ‌මේ නෙට් එකට ආපු එකෙක් නෙවෙයි.. ෆේස්බුක්, චැට් සයිට්, බිලොග්, ඔය හැමදෙයක් ගැනම මම දන්නවා.. ඒත් හිටපු ගමන් ගොන් කම් කරනවා.. මාළුවා නහින්නෙත් කට හින්දා, හිරුවා නහින්නෙත් කට හින්දා.. ඉස්සර ඉඳලම දන්න දෙයක් ඒක... මේ මාතලන් කළා වගේ ඔලුව හිල් වෙන්න ටොක්කක් ඇන්නම තමයි මතක් වෙන්නේ , සීමාව කොතනද කියලා... හොඳ හිතින් එහෙම කතා කරන කී දෙනෙක් මේ බ්ලොග් ලෝකේ ඉන්නවද කියලා පේනවනේ දැං..

      උඹ අර අහිංසක මාරයට මඩ ගහන් නැතුව හිටු... හි හි.. උඹ ‌හීනෙන් දකින දේවල් වල හැටියට අර මාරයියා කලින් කොරනවා කියපු දේ තමයි ඉතිං කොරන්න වෙන්නේ... සම්බල් කරන්න නෙවෙයි... හි හි....

      වෙනි අන්කල්ටත් බොහොම ස්තූතියි...

      ඔව් මාරයියේ... එයා ගොඩක් වෙලාවට මේ බ්ලොග් එක බලනවා... මේකේ ලියන්නේ මගේ හිතේ තියෙන දේවල් කියලත්, මට හරියි කියලා හිතෙන දේවල් කියලා එයා දන්නවා.. ඒක නිසා මේ පෝස්ට් එකත් පෙන්නලා, කෙමෙන්ට් ටිකත් කියවලා අද උදේ පාන්දරම හොඳ බැනුමකුත් ඇහුවා.. ඒත් ඔයා කියපු එක ඇත්ත... ප්‍රශ්න කියන ඒවා කොහෙන් එනවද කියලා කාටවත් කලින් කියන්න බෑ... ඒක නිසා පරිස්සම කෝකටත් හොඳයි තමයි... ( අර කියපු දේ නම් මම දන්නේ නෑ.. තිබ්බෙ කොහෙද කියලා මට මේල් එකක් දාන්න පුළුවන්ද...)

      තෑන්ක්ස් ඇනෝ.... කොහොමත් මං හරි සරල, ඒ වගේම කියන්න බැරි තරම් සංකීර්ණ කෙනෙක්... හි හි..

      බබාලා හදන්න මගේ හිතේ තියෙන්නේ බයක් නැන්දේ... මගේ නැන්දම්මලා ඇත්තටම හරි හොඳ අය.. එයාලා නරකයි, මට සැලකුවේ නෑ කියලා නම් මම කවදාවත් කියන්නේ නෑ.. ඒ තරම් එයාලා හොඳයි.. නමුත් ප්‍රශ්නේ උනේ පටන් ගත්ත තැන ඉඳලාම හිත් රිදවීම් උන එක... එයාලා හිතුවෙත් නෑ මගේ හිත රිදෙයි කියලා, මගේ මහත්තයා මගේ පැත්තෙන් ඒ ප්‍රශ්නෙ දිහා බැලුවෙත් නෑ.. කොහොමත් බැන්දට පස්සේ වෙනම ඉන්න ඕනේ කියන එක මම යාලුවෙන්න කලින් ඉඳලම කියලා තිබ්බේ.. ඒ අපේ පවුල් දෙකෙ පිටින් බැලුවම එක වගේ උනත් අතුලෙන් බැලුවම ගොඩක් වෙනස් නිසා.. පවුල් දෙකේ අය එක තැන තිබ්බේ එක දවසයි.. එදාම වලියක් දා ගත්තා.. ඒ අපේ මඟුල් දවසේ... ඒකයි තියෙන ප්‍රශ්ණය... සාමාන්‍යයෙන් මම කියන්න තියෙන දේ කෙලින් කියන කෙනෙක්.. එහෙම නොකර ඉන්න ඉන්න මගේ හිතේ ප්‍රශ්න වැඩි උනා මිසක් අඩු උනේ නෑ.. ඒකෙන් අන්තිමට මට පිස්සු හැදෙන සයිස් එකට ආවා... අන්තිමට මම කියන්න තියෙන දේ කිව්වා.. කියලා වෙනම ආවා... දැං මගේ හිතේ එයාලා ගැන තරහක් නෑ... කලකිරීමක් විතරයි තියෙන්නේ...

      Delete
    8. ඔය හී...හී ගාන එක නවත්තලා ඖන මගුලක් ලියහං

      Delete
  7. දරුවෙක් මල්ලෙක් හදා ගත්තා නම් ඔය ගතිය නිකන්ම ඇරිලා යයි.

    ReplyDelete
  8. එයා ළඟ නැතිකොට කරන්න දේකුත් නෑ.

    හරියටම හරි ඇත්තම කියලා තියෙනවා....

    සිරාගෙ අම්මා වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න කෙල්ලො පතන්න ඕනෙ... අපේ මලයගෙ බිරින්දෑ ඔය ඉන්නෙ යස අපූරුවට යාලුවො දෙන්නෙක් වගේ... දවල්ට උයන දේවල්, උදෙට හදන දේවල්,මල් වවන දේවල් දෙන්නා සාක්ච්ඡා කරලා තමා තීරණය කරන්නෙ...

    හිරු බොට නංගි කෙනෙක් එහෙම හිටියා නම් එක්කගෙන එන්නත් තිබුනා මෙහෙට්ට...

    හැමවෙලේම පුලුවන් තරම් ධනාත්මකව හිතන්න... ජය වේවා !

    ReplyDelete
    Replies
    1. මූ හදන්නෙ ඒ කෙල්ලවත් අමාරුවේ දාන්න. ගෙදරකින් එක ගෑණියි යකෝ දෙන්නේ....

      Delete
    2. මහාචාර්ය මා තලන්... මම ඇහුවෙ හිරු ට නංගිලා හෙම නැද්ද කියලා... ගෙදර ගෑල්ලමයි දෙන්නෙක් තුන් දෙනෙක් හිටියොත් කොල්ලෙක්ට බන්දන්නෙ එක කෙල්ලෙක් විතරද ?

      මම තාම බැදලා නැතියෝ...

      Delete
    3. නැතුව බන් එක කොල්ලෙකුට දෙන්නෙ එක කෙල්ලයි. උඹ මෙතන කියන්නෙ හිරුගෙ හබියට දෙන්නෙක් දෙන්න කියලනෙ. උඹ කියයි.. මම කිව්වේ ඒක නෙමෙයි කියලා.. අපි නේ බන් දන්නෙ කොල්ලෝ කවුද කියලා...

      Delete
    4. නැන්දම්මා කෙනෙක් නොවී අම්මා කෙනෙක් වෙන්නෙත්, ලේලි කෙනෙක් නොවී දුවෙක් වෙන්නෙත් එක එක්කෙනාගේ හැටියට සිරා... ඒකට පවුල් පසුබිමත් ගොඩක් බලපානවා...

      ඔයාගේ අම්මා කොච්චර හොඳ කෙනෙක් උනත් ඔයාගේ බිරිඳ ඔයා එක්ක තියෙන සම්බන්ධය මොන වගේ එකක්ද කියන එකයි ඕකෙදි බලපාන්නේ මට හිතෙන විදියට... ඒ කිව්වේ එයා ඔයා හිතන විදියටම හිතන කෙනෙක්ද, එහෙමත් නැත්තම් ගොඩක් නිදහසේ ජීවිතේ දිහා බලන කෙනෙක්ද වගේ දේවල් ඒකෙදි බලපානවා.. මගේ විදිය නම් මම ගොඩක් නිදහස් විදියට හිතන කෙනෙක්.. ඒ වගේම මගේ නිදහස ගැන ගොඩක් හිතනවා... මුල ඉඳලම මම කිව්ව දෙයක් තමයි, මට මගේ කියලා තැනක් තියෙන්න ඕනේ කියලා.. මට ඕනේ තියාගන්න පුළුවන් ගෙයක්, පවුලක් මට ඕනේ කියලා.. ඒ ගෙදර කුස්සියේ මොනාද තියන්නේ, සාලේ මොනාද තියන්නේ කියන එක තීරණය කරන්න ඕනේ අපි දෙන්නා කියන එක... ඉතිං ඒ වගේ හිතන කෙල්ලෙක් නැන්දම්මා කොච්චර හොඳ උනත් හොඳින් ඉඳියි කියලා මම හිතන්නේ නෑ....

      මට නංගි කෙනෙක් ඉන්නවා.. එයා ගැන මම වැඩිය ලියලා නෑ තාම... හැබැයි සිරා නංගි මගේ කපාපු පලුව... මගේ තරම් කට නම් නෑ... එච්චරයි වෙනසකට තියෙන්නේ.... හි හි...

      පවු මාතලන්... සිරා අහිංසකයා.. හි හි...

      දෙන්නෙක්??? අපේ මහත්තයට????? හ‌ෙපායි.. බෙල්ලෙ වැල දාගනියි අපේ මහත්තයා... මේ එක්කෙනෙක් නඩත්තු කරන්‌ෙනත් බොහොම අමාරුවෙන් වෙච්ච කොට.. හි හි..

      Delete
    5. මාතලන් තේරුම් අරන් තියෙන්නෙ වැරදියට... මම කිව්වෙ නංගියෙක් ඉන්නවා නම් සිරාට ඉල්ලගන්න තිබුනා කියලා....අපේ මහත්තයට තව උන් ජෝඩු කරන්න කියලා මට ගුටිකන්න බෑ...

      Delete
    6. මාතලන් ඔයාට වඩා කට්ටයි සිරා.. පේනවනේ.. උඹ ඕක කියයි කියලම කියලා තියෙන හැටි.. හි හි

      Delete
  9. මමත් මේ දවස් වල අලුතෙන් පාරවල් කාපට් කරල හදපු එකෙන් ප්‍රයෝජන ගනිමින් ඉන්නෙ :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං.. හදලා තියෙන එකටත් බැන බැන ඉන්නවට වඩා, තියෙන දෙයින් ප්‍රයෝජනයක් ගන්න එපැයි.. හි හි..

      Delete
  10. ගෙදරදි කරන්න මොකක් හරි රස්සාවක් තිබ්බා නම් මරු නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මගේ ප්ලන් එක මධූ.. ඒත් මේ කම්පියුටරේ හම්බුනේ ටිකක් පරක්කු වෙලා... දැං ආයිත් වැඩේ පටන් අරං තියෙන්නේ... හි හි...

      Delete
    2. හිරු ග්‍රැෆික් දන්න එකේ පාර්ට් ටයික් ග්‍රැෆික් වැඩ ගන්ඩ පුලුවන් නේ. මාත් ඒ දවස්වල ගෙදර ඉදන් එක එක ග්‍රැෆික් අයිටම් හැදුවා. උබලා ඉතින් දක්ෂතාවෙන් ප්‍රයෝජන ගන් නෑ නේ. :)

      Delete
    3. පාට් ටයිම් නෙමෙයි.. මම ග්‍රැෆික් ඩිසයිනින් කරනවා දැං.. හි හි.. අනිත් කම්පියුටරේ ගත්තම සිංහල ටයිප් සෙටිනුත් පටං ගන්නවා... ඒක තමයි දවසම මේ කම්පියුටරේට වෙලා කරන්නේ.. හිටපංකෝ.. මං ළඟදිම දානවා පෝස්ට් එකකුත්.. හි හි...

      Delete
  11. ගෙදර පිරිමි කෙනෙක් නැතුවනම් අද කාලේ ඉන්න බැරි තත්වයක් තියෙන්නේ . ගෑණු කීප දෙනෙක් හිටියත් එක පිරිමියෙක් ඉන්නව වගේ ආරක්ෂාවක් ලැබෙන්නෙ නෑ .
    …හිරු බොහොම නිස්කලන්කව හිතට දැනෙනදේ , ඒ ආකාරයෙන්ම ලියපු පෝස්ට් එකක් .
    …සරළයි , පැහැදිලියි .
    …හයිවේ එකනම් මටත් බොහොම ප්‍රයෝජනයි . වෙනදට අවුරුදු ගානකට බලන්න යන්නෙ නැති නෑදැයෝ බලන්න , දැන්නම් නිතර නිතර යනව .

    ReplyDelete
    Replies
    1. ළගකදි කාමරේදි ඔබව දැක්කෙ නෑ... මක්කෙයි කාරණේ...

      Delete
    2. තෑන්ක්ස් ගිමිහානි... ඔව් හයිවේ එක නම් අපටත් ගොඩක් ප්‍රයෝජනවත්... කටුනායක පැත්තට යන එකත් හැදුවම අපේ මහත්තයලට හරි ලේසියි...

      Delete
  12. යකෝ මේකි ආණ්ඩුවට කඩේ ගිහින් නේද ඒක අස්සෙත්...
    කෝ මේ ඇනෝලා..ඇනීලා..?

    ReplyDelete
    Replies
    1. මේකේ ඉන්නේ එක ඇනෝ කෙනයි මාරයියේ... හි හි.. එයා තමයි අර උඩ ඉන්න මිස්ටර් ඇනෝනිමස්... හි හි

      Delete
  13. // ඒ මදිවට එයා ළඟ නැතිකොට කරන්න දේකුත් නෑ//

    මේ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙද ? හි හී

    මගෙ ගෙදර එහා පැත්තෙ ඉන්න අක්කා ඒ ගෙදර ඉන්නෙ තනියම බබාත් එක්ක. එයාගෙ මහත්තයත් රටලු. එයාලගෙ ගමත් ගාල්ල. මහත්තයාගෙ පැත්තෙ අය එක්ක එක දවසක් ඉන්න බැරිලු. ඒ තරම් හොඳ නැන්දම්ම කෙනෙක් වෙන්නැති..ඒ අක්ක මට සමහර වෙලාවට කියන විස්තර ඇහුවම හිතෙනවා මේ වගෙ නැන්දම්මලත් ඉන්නවද කියලා...

    කොහොමත් කසාද බැඳට පස්සෙ වෙනම ජීවත් වෙන එක හොඳයි තමා.ඒත් කොල්ලා පවුලේ බාලයා වෙලා...ගේදොර එක්කම නැදම්මවත් බලාගන්න ලැබුනොත් කොහොමද ?

    එක එක දේවල් හිතේ තියාගෙන ඉන්න නැතුව මෙහෙම ලියලා දාන එක හොඳයි හිරුවො...

    ReplyDelete
    Replies
    1. "කොහොමත් කසාද බැන්ඳට පස්සෙ වෙනම ජීවත් වෙන එක හොඳයි තමා."
      මටත් මේක තමා කියන්න තියෙන්නේ.... හැබැයි ඉතිං ඕව කොහොම වෙයිද කියල කව්රු දනිත්ද?

      Delete
    2. ඔය ප්‍රශ්න ගැන ගෑණු හිතන විදියට පිරිමි හිතන්නේ නෑ ළිහිණි.. එයාලට කොච්චර තේරුම් කරත් තේරෙන්‌ෙන් නෑ එයාගේ අම්මා කොච්චර හොඳ උනත් වයිෆ්ට වෙනස් විදියට තේරෙන්න පුළුවන් කියන එක... හොඳම දේ වෙනම ඉන්න එක...

      මම නම් පවුලේ බාලයා‌ වෙන කොල්ලෙක් එක්ක යාලුවෙන්නේ නෑ කියලා ඉස්කෝලෙ යන කාලෙදිම හිතාගෙන හිටියේ.. පවුලේ එකම ළමයා වෙන එකෙක්ටත් නෝ චාන්ස් ... හි හි..

      Delete
    3. ඒක ඇත්ත සමනලී..ඕවා වෙනකම් ෂුවර් නෑ...

      Delete
  14. අනේ මංදා බං හිරුවෝ.. උඩ දාලා තියෙන කොමෙන්ට් දැක්කහම උබේ මේ ඉලව්ව අස්සෙ රින්ගන්න හිතෙන්නේ නෑ බං....ඔය කට්ටිය එන්නේ සල්ලාල කමටය කියන්නේ... දෙය්යනේ මේකිපස්සෙ සල්ලාලකමේ යන උන් කොයි විදියට සල්ලං වෙයිද කියලයි මං මේ කල්පනා කලේ... උඹටත් දෙය්යනේ කියල දෙය්යො කට දීල තියනවනේ වක්කඩට උදලු පාරක් ගැහුව ගානට.. හික් හික් හී

    හිරුවෝ මමනම් හිතන්නේ කසාද බැඳපු දෙන්නෙක් තනියම ජීවත්වෙන්න ඔනේ.. එතැන තමයි සාර්ථක ජීවිතයකට අඩිතාලම වැටෙන්නේ.. පොඩ්ඩක් හිතපං... බැඳලා මහගෙදර ඉද්දී මිනිහට රෑ වෙනකොට ගෙදර එන්න ඔනේ කියලා එච්චර ලොකු හැඟීමක් එන්නෙ නෑ.. හිතෙන්නේ පරක්කු උනාට අවුලක් නෑ අම්මල ඉන්නවනේ කියල.. ගෑනිටත් එච්චරම අවුලක් නෑ.. පාළුව විතරයි... භය නෑ.. ඉතින් මිනිහගෙන් ලැබෙන රැකවරණයේ වටිනාකම තේරෙන්නේ නෑ

    ඒත් දෙන්න තනියම හිටියොත්.. මිනිහා කොහේ ගියත් මතක් වෙනවා අනේ මගේ ගෑනි ගෙදර තනියම නේද කියලා.. ඉතින් කොහොම හරි ගෙදර එන්න තමා ට්‍රයි එක... මිනිහ එන්න පරක්කු වෙදි ගෑනිත් පාර දිහා බලාගෙන ඉන්නවා.. පාළුවෙන් භයෙන්.. ආවට පස්සෙ දැනෙන සතුට, දැන් තමන් ආර්ක්ස්ශ්හිතයි කියන හැඟීම .. ඒවා හුඟක් බලපාන දෙන්න අතර බැඳීම ශක්තිමත් වෙන්න

    ඒත් ඉතින් මනුස්සය කොහේ හරියනවනම් හොඳම දේ ගෑනු කෙනාගේ මහගෙදර ගෑනුකෙනාව නවත්තල යන එක කියල මමත් පිළිගන්නවා

    ReplyDelete
    Replies
    1. අනේ ඔයා ඕවා ගනං ගන්න එපා මීයෝ... හි හි...

      ඔය තියෙන්නේ යසට තේරිලා.. ආයිත් මම මොනා කියන්නද....

      Delete
  15. Ape ge lagama ammalage gedarath thiyena eka mata nam loku shakthiyak. Aththatama ay nandammatai lelitai, ammekui duwekui wenna bari. Degollama ehema hithanawa nam pawul wala oya wage prashna athi wena ekak na neda? Mata nam nandamma kenek laga nane. Hitiyata kawadawath dakalawath na. Eth mama asai eyala ekka inna. Eyalath mage ammai thaththai kiyala hithagena eyalawa balagena eyala lagata wela inna asai. Koheda me ape mahaththaya apiwa ekka yanne nane.

    Aththatama mahaththaya gedara nathi unama api godak asarana wenawa. Ape hamadetama inne eya witharai. Wena kawru hitiyath eya nathi aduwa makanna ba. Walak ethenna shakthimath gahak onemai. Gaha nathiwama wala bima. Aye nam eyawa kawadawath rata yawanne na.

    Aa............ Ara dunna pin tika mama gaththa hode.

    ReplyDelete
    Replies
    1. ඔයා හිතනවට වඩා ප්‍රශ්නේ සංකීර්ණයි නඟා... ඔයා ඔහොම හිතුවට ඒ අම්මා ඔයා ගැන මොන විදියට හිතයටිද කියන එක ඔයා දන්නේ නෑනේ... අනිත් එක ඔය වගේ ප්‍රශ්න අළු යට ගිනි වගේ.. කොයි වෙලාවේ හිත් රීදීම් වෙනව කියන්න බෑ... වෙනම ඉන්න තරමට හිත හොඳින් ඉන්න පුළුවන්.. මේක ලියද්දි මට ඔයාලවත් මතක් උනා... ඒ අතින් ඔයා වාසනාවන්තයි... ඔයාගේ අම්මලා ඔයා ළඟ ඉන්නවා.. ඔයාගේ හස්බන්ඩ් ඔයාගේ අම්මට තමන්ගේ අම්මට වගේ සලකනවා... මම බැන්දට පස්සේ තාම එක දවසක් වත් අපේ අම්මලගේ ගෙදර ඉඳලා නෑ... මම දැන් අපේ අම්මලගේ ගෙදර ගියාම ඒකත් මට පිට ගෙයක් වගේ...හැමදාම මහ රෑට හරි ආපහු එනවා...

      Delete
  16. සමාජයේ බහුලව තියෙන ප්‍රශ්ණ...,කාන්තාවකට විවාහජීවිතයට ඇතුල් උනාම ඇතිවන ගැටලු...මේව ගැන විවිධ කෝනවලින් විවිද අය බලන්නෙ. උඩින් කියල තියෙනව වගේ පිරිමියෙකුට වගේ කාන්තාවකට විවෘතව තමන්ගෙ ජීවිතය ගැන අදහස් දැක්වීමේ ගැටලු තියෙනව.

    කොහොම උනත් කියල තියෙන දේවල් සම්පූරණ ඇත්ත.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කියලා.. ඇත්ත කියන්නත් ගෑණු පිරිමි බේද මේ සමාජයේ... ගෑණියෙක් ඇත්තක් කියනවා නම් මාර රිස්ක් එකක් ගන්න ඕනේ... ඒත් ඉතිං මොනවා කරන්නද.. තමන්ගේ ආරක්ෂාව තියෙන්නේ තමන්‌ෙග් අතේමනේ...

      Delete
  17. කලින් දවසක් හයිවේ එකේ ෆොටෝස් එක්කම සීන් එක කියල තිබ්බ නිසා මාතෘකාව දැක්ක ගමන් මම හිතුව කියන්න යන්නෙ මොකක් ගැනද කියල.

    තවම බැඳලත් නැති නිසා පුද්ගලිකව අත්දැකීම් නම් නෑ මේ ගැන. බැන්දම ගෑනි හැම තිස්සෙම බෙල්ලෙ එල්ලිල ඉන්න ලැහැස්ති වෙයිද මන්ද, එහෙම නම් නොබැඳ ඉන්න එක හොඳා වගේ. :).

    ඒත් සමාජය ගැන තියෙන සාමාන්‍ය දැනීමෙන් නම් ටිකක් ලොකු අදහසක් තියෙනව මේ කාරණය ගැනත්, ඒත් දැන් කොටන්න කම්මැලියි. කොහොම උනත් අර මාතලන් කියන්නැහෙ පුද්ගලික කාරණා බ්ලොග් එකේ ඕනවට වඩා නොදා ඉන්නව නම් හොඳයි කියල මමත් හිතනව, මොකද සමාජයෙ එක එක විදියෙ මිනිස්සු ඉන්නව, මිනිස්සු කාල බලල අඳුරගන්නය, තමන් පරෙස්සම් වෙන එක කෝකටත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. කම්මැලියා.....

      මටත් හිතෙනවා මං ටිකක් දුර දිග ගියා වැඩියි කියලා .. ඒත් ඇත්තටම මට කියන්න ඕනේ උනේ ඔය රට යන සිද්ධිය ගැන මගේ අදහස...

      එහෙනං මං වගේ එක්කෙනෙක් නම් හරි යන්නේ නෑ... ඇයි ඉතිං අවුරුදු 11ක් ලවු කරලා බැන්දට පස්සේ බෙල්ලෙ එල්ලිලා ඉන්නේ නැතුව මක් කොරන්නද... හි හි...

      Delete
  18. අහ්... හයි වේ එක නිසා හිරු අක්ක මාර හැපී එකේ නේද ඉන්නේ?? හී...හී...

    ReplyDelete
  19. ඉඳපු පරිසරය වෙනස් වෙලා ටිකකට හරි තනි වුනාම ඒක කොහොමත් තදින් දැනෙනවා නෙව. අර මාතලන් කිව්ව කරුණු ටිකත් සෑහෙන්න වැදගත් කියල මටත් හිතුන බ්ලොග් ලිවීමේදී වගේම බුකියේදීත්.

    ReplyDelete
    Replies
    1. ෆේස් බුක් එක නම් මගේ පාවිච්චියක් නෑ චන්දන...
      බැන්දට පස්සේ ගෑණියෙක්ට දැනෙන වෙනස පිරිමියෙක්ට කවදාවත් තේරැම් ගන්න බෑ කියලයි මට හිතෙන්නේ .. ඒක හරිම දරා ගන්න අමාරු තත්වයක්... ඉස්සර වගේ අල්ලපු ගෙදර එකාව බඳිනවා අඩුයි නේ.. ගොඩක් වෙලාවට අමුතුම පරිසරයකට යන්න වෙන්නේ.. නමුත් දෙන්නා වෙනම හිටියොත් දෙන්නටම අලුත් පරිසරයක් නිසා හැඩගැහීම සිද්ධ වෙන්නේ දෙන්නටම එකට.. නැත්තම් වෙන්නේ පිරිමියට දැං තේ එක ඉල්ලන්න ගෑණියෙක් ඉන්නවයි කියලත් අමතක වෙන එක.. “ අම්මේ තේකක්.” කියලා කාමරේ ඉඳන් කෑ ගහන්නේ තමන්ට දැං ගෑණියෙක් ඉන්නවයි කියලා අමතක වෙලා.. ඒ වෙලාවට ගෑණිට කොච්චර දුක හිතෙනවද කියලා තේරුම් ගන්න ගෑණියෙක්ම වෙන්න ඕනේ....

      Delete
  20. අප්පට සිරි නියම ලියවිල්ලනේ ..මේ අද අපේ මහත්තයා ගෙදර නැතෙයි ..

    ReplyDelete
    Replies
    1. තැන්ක් යු මලයා.. හි හි ... ආවා ආවා.. වේලාසනින් ආවා...

      Delete
  21. කියෙව්වා..දෙයක් කියන්න වෙලාව මදි.

    ReplyDelete
    Replies
    1. ඔන්න පැනලා ගිහින්.. හි හි..

      Delete
  22. ගැහැනුන්ට තියෙන ප්‍රශ්න. ඕක දෙපැත්ත කැපෙන පිහියක් වගේ. හස්බන්ගේ අම්මා කොච්චර හොඳ වුනාත් ගෙදර ප්‍රශ්න ඇති කරන වසවර්ති ගෑනුත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඕක අම්මා හොදද ගෑණි හොඳද කියලා හිතලා හරිගස්සන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි කියලා මට හිතෙන්නේ.. දෙන්නම හොඳ උනත් ප්‍රශ්න ඇති වෙනවා... දෙන්නගේ අදහස් වෙනස් නම් එතන ගැටුමක් හැදෙනවා.. පිරිමියා අමාරුවේ වැටෙනවා කාගේ පැත්තද ගන්න ඕනේ කියලා...

      Delete
  23. අක්කේ නන්දම්ලා ලේලිලා වගේ නෙවෙයි මාමලා බැනලා මොනතරම් පිට් එකේ ඉන්නවද බලන්න

    ReplyDelete
    Replies
    1. දෙන්නම ඩ්‍රින්ක් එකත් දානව නම් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ... :)

      Delete
    2. එහෙම මාමල බෑනලා ටික වෙලාවක් යද්දී මචන් ල වෙනවා :D

      Delete
    3. මාමාලා බෑණලාට ඕනේ නම් ගෙදරින් එළියට බැහැලා යන්න පුළුවන්.. නැන්දම්මට ලේලිට එහෙම බෑ නේ... එයාලා ගෙවල් වල ඉන්නේ දවසේ ටික වෙලාවයි... අනිත් එක බෑණෙකුට කවුරුවත් ලෙඩ දාන්නේ නෑ ලේලි කෙනෙකුට වගේ.. බෑණට බයයි දුව දීපු නිසා... ලේලිට හයිපාට් දානවා.. පුතා ගෙනාපු නිසා... මේක ආපේ කරුම සමාජේ ලෙඩක්... ගෑණුන්ට හැමෝම ලෙඩ දානවා...

      Delete
  24. හයි වේ හදලා තියෙන්නේ නම් අපිට ඉක්මනට ගමන් යන්න නෙවේ සුදා නාමල් බේබිට කාර් පදින්න :)

    එතකොට මේ හිරු කියන්නේ නැන්දම්මා එක්ක වැලි දාගන්න බෝම්බයක්ද? :D

    ReplyDelete
    Replies
    1. නාමල් බේබිටත් යන්න ඕනේ නම් තහනමක් නෑ.. හි හි...

      අපෝ ඔවු.. වලි කෙක්කක්... හි හි... නිකම් බෝම්බයක් නෙවෙයි, ඇටම් බෝම්බ් එකක්.. ආයිත් නෑ අහල පහලත් විනාස කරගෙන තමයි පිපුරන්නේ.. හි හි..

      Delete
  25. හි:) හි:) හිරු අක්කේ.... අපෙ අම්මා නම් අපේ තාත්තා රට ඉන්නැද්දි කලෙ එයාගේ අම්මා ඒ කියන්නේ අපේ ආච්චිලාගේ ගෙදර අපි තුන්දෙනත් එක්ක උන්න එකයි. නෝ වලි හැමදාම හොඳින් ඉන්නවා හැබැයි එහේ ගියේ නැන්දම්මාත් එක්ක රන්ඩු නිසා ඔයා වගේම තමා... හි:) හි:)

    දැන් ඉතින් ඔයාට ප්‍රශ්නයක් නැහැනේ හයිවේ එකට පින් සිද්දවෙන්නේ අපේ මහත්තයා ඉක්මනට ගෙදර එනවනේ.....නැ නැ අපේ නෙමේ හිරු අක්කාගේ මහත්තයා..

    ReplyDelete
    Replies
    1. හි හි.. ඔන්න උදාහරණ.... නැද්ද නඟා...

      Delete
  26. ගෙදර ගෑනි වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්.

    1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
    2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
    3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
    4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
    5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.

    මේ දේවල් අමතක කරන්නත් එපා . . .
    6. ඇයව වැළඳගන්න.
    7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
    8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
    9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
    10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.

    නිදහස් තැන්වලදී . . .
    11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
    12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
    13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
    14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
    15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා.

    ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?
    16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
    17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
    18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
    19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
    20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.

    ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
    21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
    22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
    23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
    24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
    25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.

    ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා
    26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.ඇත්ත බාගෙට කියන්න එපා
    27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
    28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
    29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
    30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.

    ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි
    31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
    32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
    33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
    34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
    35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි

    ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
    36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.
    37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
    38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
    39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
    40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.

    ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
    41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.
    42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
    43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.
    44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
    45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න....\

    ReplyDelete
    Replies
    1. කවිකාරි මේක නම් පුදුම වටින විස්තරයක්....

      Delete
    2. පිරිමින්ට වෙන වැඩක් කොර ගන්න වෙලාවක් නෑ වගේ... මම කියන්නේ අත්‍යාවශ්‍යම ඒවා...

      Delete
    3. ඔය ලිස්ට් එක මාත් දැක්කා නැන්දේ.. ඒක හින්දා තමයි මං මේ ටික ලිව්වේ....

      අතිශයින්ම පිරිමින්ට පමණයි 1 ‌ෙකාටස
      අතිශයින්ම පිරිමින්ට පමණයි 2 ‌ෙකාටස
      අතිශයින්ම පිරිමින්ට පමණයි 3 ‌ෙකාටස

      බැදපු පිරිමියෙක්ට තමන්ගේ ගෑණිට වැඩිය මොනාද මාතලන් තියෙන අත්‍යවශ්‍ය වැඩ... පොදු දේවල් නම් ඉතිං දෙන්නටම අවශ්‍යතාවය තියෙනවානේ..

      Delete
    4. මහ ඇදුරු තුමාගේ වස්තුවට මේක පෝස්ට් එකක් කරන්ඩ තිබ්බා අපූරුවට

      Delete
    5. අෆොයි අම්මෝ !! මේ ලිස්ට් එකේ දේවල් කරන්න ඉතින් ලමයින්ට වෙන කොහේ හරි යන්න කියන්න වෙනවා.

      Delete
    6. අපේ ගෙදර වැඩට යන්ට කලිං අපි කට්ටියටම පෝලිමේ ළමයිංගෙ තාත්තා උම්මා දෙනවා. හැමදාම දැකලා නිසා තාත්තා අම්මාට වැඩටයන උම්මා එක දුන්නාට ගානක් නැහැ නෙව දැං.

      මං හිතන්නෙ ඒක මුල ඉඳල පටංගන්න ඕන සිරිතක්. පහුවෙලා පටං ගත්තම අවුල්. නලලට, කම්මුලට උම්මා එකක් දෙන එක වරදක් නොවේ අනේ. ඉං එහා උම්මා හැංගිලා තමා.

      Delete
    7. අපේ ගෙදරත් ඔය සිරිත තියෙනවා නැන්දේ... උදේට යන්න ලෑස්ති වෙනකම් කට්ටියටම බත් කවන්නේ අම්මා... තාත්තා වැඩට යනකොට අම්මා තාත්තට වඳිනවා.. ඊට පස්සේ තාත්තා අම්මව උස්සලා අරං නළලට කිස් එකක් දෙනවා... ඒවා දැකලා දැකලා මට ඒක පුරුදු වෙලා... අපි දෙන්නගෙත් දැං ඒ පුරුද්ද තියෙනවා... උදේට අපේ මහත්තයට කවන්න ඕනේ.. නැත්තම් කන්නේ නෑ...

      ඒ කිස් එක හොරෙන් දෙන්න දෙයක් නෑ.. ඒක හරි ලස්සන දෙයක්...

      Delete
  27. Replies
    1. කිරල ඩ්‍රින්ක් එක ඇඟට හොඳයි හීට් එක අඩු කරනවා.... දැයටම කිරල දෙනවනම් ගොඩක් හොඳයි....

      Delete
    2. සිංහල කීමෑන් එකයි යුනිකෝඩ් එකයි එක්ක තියෙන පැටලවිල්ලක් නැන්දේ.. මං හදන්නම්... හි හි...

      කිරල??? කිරල ගහක්වත් හොයන්න තියෙනවද දැං...

      Delete
  28. මුල් කොටස කියවගෙන යද්දි හිතට දුකක් ඇතිවුණා. අග හරියෙදි ඔබ ගැන ආඩම්බරයක් ඇතිවුණා. කොහොම වෙතත් මාර මලයා කියල තියන දේ හිතට ගන්න එක නම් වඩා හොඳයි.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. කොහොමත් අපිට වඩා දැනමුත්තෝ නොවැ නලීන් අයියේ.... ඇත්ත... කවදහරි මම නහින්නේ කට හින්දට තමයි.. ඒක නිසා පරිස්සම් කරගන්න එක හොදයි...

      Delete
  29. පාරවල් හදපු එකනම් එල! මොකෝ මට දැන් කැම්පස් එකට එන්න යන්නේ හරියටම පැය දෙකයි!!!!! :D
    හැබැයි....ඒකෙ අවාසිත් නැතිවම නෙවෙයි!! ;)

    ReplyDelete
    Replies
    1. මඟ නතර කරන් නැති එකද... හි හි...

      Delete
  30. අපොයි අඩිවේගය මරු.....ඔකේ ගිය පලවෙනි සැරෙම ඒ ගියෙත් බ්ලොග් ජනතාව සමග කෑව රස කට්ටක් නමුත් ඇත්තටම හයිග් වේ මාර්ගය අපට සම්පතක්

    ReplyDelete
    Replies
    1. හි හි.. ඇත්තටම ලොකු දෙයක් රාජ් ඒක...

      Delete
  31. මට කියන්න තියෙන්නේ දැන් දෙන්න තනියම හිටිය ඇති. තව කෙනෙක් ගේන්න කාලේ හරි කියන එකයි. ඕන් කිව්වා.

    ReplyDelete
  32. අපෙ අම්මා නම් කවදාවත් මට බෑනෙක් කියලා සලකලා නෑ කෙල්ලේ. ඒවගේම එයාව නැන්දම්මා කෙනෙක් විදිහට දකින ලේලියෙකුත් අපි ගාවම ඉන්නවා. වැඩේ කියන්නේ උන්දැගේ කුඩුකේඩුකම් පවා බොහොම මැදහත් හිතින් ඉවසන්න මෙයාට පුළුවන් කම තියෙන එකනේ. ඒවා දැක්කම මගේනම් ලේ රත්වෙනවා. ඒත් එහෙම වෙලාවට අපේ නෙමේනේ කියලා මම හිත හදා ගන්නවා. මොකද සරාගේ ලෝකෙට අත පොවන්න එයාලා හිතන්නේවත් නෑනේ. මක්කටෙයි මම අනුන්ගේ සීනි කිරන්නේ නොවෙද හා...........??

    ReplyDelete
    Replies
    1. සරයි නංගි බබයි ඒ අතිං හරි වාසනාවන්තයි.... මත් ඔහොම ඉන්න තමයි ඕනේ උනේ.. ඒත් එයාලා ඒක නැති කරගත්තා...

      Delete
  33. මේ පොස්ට් එක කියවලා කොමෙන්ට් එකකුත් හිතාගෙන පහලට එනකොට තමයි //ගෙදර ගෑනි වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්.// කොමෙන්ට් එක දැක්කේ. ඊළගට තමයි //අතිශයින්ම පිරිමින්ට පමණයි// කියෙව්වේ. මම ඉතිං තාම තනිකඩයා. ඒ උනත් මගේ වෙන්ටබාරී ඊයේ පෙරේදා දවසක ලොකු වලියක් ඇල්ලුවා. ඒක ටිකක් දුර දිග ගිහින් අපේ ගෙවල් වලටත් ආරංචි උනා. හේතුව මම එයාව ඉස්සර වගේ බලන්න යන්නේ නෑ එයත් එක්ක ඉස්සර වගේ ආදරෙන් ඉන්නේ නෑ කියන එක. මම දැනුවත්ව නම් මගෙන් එහෙම දෙයක් උනේ නෑ. ඒත් මේ පොස්ට් එකයි අතිශයින්ම පිරිමින්ට පමණයි පොස්ට් 3නයි කියෙව්වම මම හරිද කියලත් හිතුනා..
    මේ ප්‍රශ්න ගෙදරින් දැනගත්තම මගේ ලොකු අක්කා කිව්වේ කොයි ගෑනිත් කැමති තමන් ආදරේ කරන කෙනා තමන් ලග ඉන්නවට තමයි කියලා. එයයි එයාගේ හබියයි ලංකාවේ දෙපැත්තක ජොබ් කරනවා. weekend විතරයි ලග ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. අම්මෝ එයාලා වාසනාවන්තයි

      Delete
    2. මං ඕවා ඉල්ලලත් හම්බුවෙන්නේ නෑ සමහර වෙලාවට.. ඉතිං ඉල්ලන් නැති අය ගැන කුමන කතාද.. හි හි... ලියපුවයින් හොදක් උනා කියලා අහන කොටත් සතුටුයි....

      අනේ අටම්...

      Delete
  34. බැන්දත් නැතත් වැඩිහිටි වයසට ආවහම මිනිස්සු තනිවම ජීවත් වෙන එක හුඟක් හොඳයි. තමන්ගෙ කටයුතු තනිවම කරගන්න ගිහාම ප්‍රශ්න හුඟක් තියෙනව තමයි. ඒත් හැම වෙලාවෙම අම්මට තාත්තට අඬ ගහන්න ගිහාම ඒගොල්ලොත් ඕනෙවට වඩා ළමයින්ගෙ කටයුතු පාලනය කරන්න පටන් ගන්නවා.
    ජීවිතේ බෙදා ගන්න ඉන්න මනුස්සය පිටරට ගිහින්, එහෙමත් නැත්නම් හමුදා සේවය වගෙ එකක් හින්දා නිතර ගෙදර එන්න වෙන්නෙ නැත්නම්, හැම වගකීමක්ම තනිවම දරා ගන්න වෙනවනෙ. මුදල් එව්ව පමණින් සේරම යුතුකම් කළා වෙන්නෙ නෑ. ළමයි රන්ඩු කරගන්න ඒවා, ළමයින්ගෙ ඉස්කෝලවල ප්‍රශ්න, එදිනෙදා කටයුතු බොහොමයක් ගැන තීරණ ගන්න වෙන්නෙත් තනියම. ඒකෙ ඉතින් හොඳ පැත්තකුත් තියෙනවා, නරක පැත්තකුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. නලිනිව සාදරයෙන් පිළිගන්නවා..

      ගොඩක් අය හිතං ඉන්නේ සල්ලි වලින් හැමදේම කෙරෙනවා කියලනේ නලිනි... අනිත් එක එක පාරක් රට ගියාම ආයිත් ඇති වීමක් නෑ.. එක එක වැඩ වලට හැමදාම රට...

      තනියම ඉන්න එක තමයි කාගේ කාගේ ඇඟට ගුණ....

      Delete
  35. ගොඩක් අය හිතං ඉන්නේ සල්ලි වලින් හැමදේම කෙරෙනවා කියලනේ නලිනි... අනිත් එක එක පාරක් රට ගියාම ආයිත් ඇති වීමක් නෑ.. එක එක වැඩ වලට හැමදාම රට...

    හිරු මම හිතන්නේ මේ ටික නම් එච්චර සාදාරන නැ කියල. හැමදේම සල්ලිවලින් කරන්න බැරි බව ඇත්ත එත් සල්ලි නැතිවත් කිසිදෙයක් කරන්න බැරි බවත් පොඩ්ඩක් හිතුවොත් හොඳයි. පිරිමියෙක් නෙවේ කිසිම කෙනෙක් ආසාවෙන් රට ගිහින් ඉන්නවා නෙවේ. එත් නොකර බැරි නිසයි මේ දේවල් කරන්නේ. ඔය ගොල්ලෝ කොච්චර කිවත් පිරිමි කෙනෙකුට වගේ සරල ජීවිතයක් ගෙනයන්න බැරි ගැහැණු කෙනෙකුටම තමයි. තනිකඩව ඉන්නකොට ඇන්ද,පැළඳ විදිහට කපුබීපු විදිහට කරන්න බැරි වෙනකොට දරුවෙක් හොඳ ඉස්කෝලෙකට දාගන්න වියදම් කරන්න බැරි වෙනකොට ගෙදරට ඕන කරන බඩු මුට්ටු ගන්න බැරි වෙනකොට මුණ අදවෙන්නේ කාගේද?. මගේ දරුවා හොඳම හුරතල් වයසේදී මම දාල මෙහෙ අවේ ලංකාවේ ඉඳල එයාට කිසිම අනාගතයක් හදන්න බැරි නිසා. දැන් එයා යන්තමින් වචන එක දෙක කතා කරනවා. මම එන්න කලින් මට තමා අම්මටත් වැඩිය ආදරේ කලේ . එත් මම දැන් ගියාහම මම තවත් එක ආගන්තුකයෙක් පමණයි. එතකොට ඇතිවෙන හැංගීම ඔයාලට හිතා ගන්නවත් බෑ. ඔයාට මහත්තයා නැතිව දවසක් ඉන්න බැරි කොට ඔයාවත් දරුවොවත් දන්නා අන්දුන්නන කිසි කෙනෙක් නැතිවත් ඉන්න කෙනෙක් ගේ හිත කොහොම ඇද්ද කියල ඔයාට හිතාගන්න පුලුවන්ද?. වෙනස තියෙන්නේ ඔයාල ඒ හැමදෙයක්ම හිතනවා කියනවා අඬනවා එළිපිට. එත් පිරිමියෙකුට ඒ ටිකවත් නැ.

    ReplyDelete
    Replies
    1. ඒ ටික මම කිව්වේ ගෑනු ගැන තමයි නිශාන්ත.... හි හි...

      දරුවොත් එක්ක අම්මලත් එක්ක ඉන්න‌ෙකාට මිනිහගේ අඩුව දැනෙන්නෙ නෑ.. මිනිහව ඕනේ සල්ලි හම්බුකරගන්න විතරයි..එහෙම කට්ටියත් ඉන්නවා... සමහර වෙලාවට ළමයි තාත්තා කියන කෙනාව දන්නෙ නිවාඩුවට ඇවිත් යන ටික විතරයි... සමහරු අවුරුදු 20 -30 රට හිටපු අය ඉන්නවා අපේ මහත්තයගේ යාලුවෝ....

      ///තනිකඩව ඉන්නකොට ඇන්ද,පැළඳ විදිහට කපුබීපු විදිහට කරන්න බැරි වෙනකොට දරුවෙක් හොඳ ඉස්කෝලෙකට දාගන්න වියදම් කරන්න බැරි වෙනකොට ගෙදරට ඕන කරන බඩු මුට්ටු ගන්න බැරි වෙනකොට මුණ අදවෙන්නේ කාගේද?.///

      මමත් මේ ජාතියෙම තමයි... ඇත්තම කිව්වොත් ඔය ජාතියේ නරකම කේස් එකක් මං... හි හි...

      ඒත් ඒ කා වෙනුවෙන්ද එහෙම කරන්නේ කියන එකත් හිතලා බලන්න.. කිසි කෙනෙක් හිතනවට වඩා ජීවිත ප්‍රමාණයක් කසාද බැන්ඳ කෙල්ලෙක්ගේ අතේ තියෙනවා.... අම්මලා තාත්තලා, ( දෙපැත්තෙම) ළමයි, නෑයෝ, කී දෙනෙක් කොච්චර දේවල් බලාපෙරොත්තු වෙනවද... කෙල්ලගේ අම්මලා තාත්තලා සමහර වෙලාවට දුක් වෙනවා අනේ අපේ කෙල්ල දුක් විඳිනවා කියලා.. කොල්ලගේ අම්මලා එක එක දේවල් ... ඔය හැමදෙයක්ම හිතන්නේ කියන්නේ එයා වෙනුවෙන් නෙවෙයි.. ඔයා වෙනුවෙන්.. ඔයා හොද කෙනෙක්, ඔයා එයාව සතුටින් තියනවා කියලා පෙන්නන්න... දරුවන්ට දුකක් නොදී හදා ගන්න... ගෑනියෙක්ගේන් බලාපොරොත්තුවෙන දේවල් ටික පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු උනානම් තේරෙයි කොච්චර අමාරුද කියලා එහෙම ජීවත් වෙන්න... පිරිමි අයට සරල ජීවිත ගත කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ වගකීම් ඔක්කොම ගෑණුන්ගේ පිට පැටවිලා තියෙන නිසා..

      ඔයා ඔය කැපකීරීම කරන්නේ දරුවා වෙනුවෙන්... කවදහරි දරුවා ඒක ‌තේරුම් ගනියි... අපි හිතනවට වඩා හොඳට දරුවෝ දෙමව්පියන්ව තේරුම් ගන්නවා... ඒ ගැන දුක් වෙන්න එපා... එකම දේ කවදාහරි ඔයාට පුළුවන් වෙච්ච දවසක දරුවෝ එක්ක විවෘත වෙන්න... පිරිමියෙක් කියලා හැමදේම හිතේ තියාගෙන ඉන්න ඕනේ නෑ.. ඒක මෝඩ කමක්... මම නම් හිතන්‌ෙන් එහෙමයි...

      Delete
  36. අනේ අක්කේ සිරාම කතා ටිකක් දැන ගත්තේ ජිවිතේ පුරාවටම වටිනාකම් ගෙන දෙන. කාටත් පින් අයිති වේවා. ගොඩක් දේවල් ජිවිතේට ලං කරගත්තා බොක්කෙනේමයි කිය්නනේ. මම මේ දේවල් ගැන වැඩිපුර හිතුවෙත් නැ මේ කියනකම්ම.

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි නොවැ.. හි හි...

      Delete
  37. ඔයා මෙහෙ හිහි ගගා ඉන්නව. අරෙහෙ පාලුගෙවල්වල වළං බිඳිනව

    ReplyDelete
  38. ම්ම්ම් හොඳ මාතෘකාවක්.....ඒත් දවස තිස්සෙම මහන්සිවෙලා ගෙදර එන හිත් හොඳ මනුස්සයෙක්ගෙ අහිංසක හිත රිදවන්නෙ කොහොමද??? කොයිතරම් හොඳ උනත් නැන්දම්මල තමන්ගෙ දුවලට වගෙ සලකන්නෙ ටිකදෙනයි....මමත් ඔය හොඳ පැත්තයි නරක පැත්තයි අතරෙ මැදට වෙලා....ප්‍රශ්න නැත්තෙමත් නෑ....ඒත් වෙනම ඉන්න නිසා ගොඩක් අඩුයි.....ඒත් අපේ අම්මල එහෙම බෙදිලි කරන්නෙ නෑ නෙ,,,,,

    ReplyDelete
    Replies
    1. නැන්දම්මලා ගැනවත් මාමණ්ඩිලා ගැනවත් කතා කරන එක තරම් එපා කරපු දෙයක් මට තවත් නෑ මුතු... එයාලා නරක නිසා නෙවෙයි.. දෙගොල්ලොම හිතුවේ තමන්ගේ එකා ගැන විතරක් නිසා.. අපි දෙන්නෙක් කියලා හිතුවේ නෑ.. අදටත් නෑ... මට නම් දෙගොල්ලන්ගෙන්ම ඇති වැඩක් නෑ.. ඒත් අපේ මහත්තයා එහෙම හිතන්නේ නෑ.. එයාට එයාගේ අම්මලා කරන හැමදේම හරි... මට ඒකට තමයි වැඩිපුර තරහා යන්නේ.... ඩබල් ස්ටෑන්ඩර්ඩ් තියාගෙන ඉන්න කෙනෙක් එක්ක සාධාරණ වෙන්න හරි අමාරුයි....

      Delete
    2. අඩුගානෙ සයිබරේ මගෙ ක්ලබ් එකේ එකෙක් හරි ඉන්නවා කියල හිතෙන කොට සතුටුයි මට තනි නැති නිසා.

      ඔව්ව කලින් කලට අලුත් වෙවී පරණ වෙවී තියෙනවා. බත ඉදුනම ඉවරවෙන තරහ වගේම.

      Delete
    3. ඔව් නැන්දේ.. මේවා ඉවරයක් වෙන්නැති ප්‍රශ්න... අවුරුදු 11 ක් බලාං හිටියේ මේකටද කියලත් හිතෙනවා සමහර වෙලාවට.....

      Delete
  39. හැමදාම බත උයාගත්න. බත හැමදාම ඉදුනම ප්‍රශ්න ඉවර වෙනව. සමහර පෙකැනිවැලවල් කපන්ට අමාරුයි.

    නමුත් කාලෙකදි ඔය වැඩිමල් පරම්පරාවෙ බලය අඩු වෙලා තුංවෙනි පරම්පරාවක් එනවා. ඔවුන්ට හරි දැක්මක් ඇතුව අපි ලොකු කලොත් ඔක්කොම හොඳට විසඳෙනවා. මේක එක රැයකිං ඉවර කරන්ට පුලුවං ප්‍රශ්නයක් නොවෙයි.

    කොහොම උනත් මට පේන්නෙ ඔයාල දෙන්න හොඳට ඉන්න යුවලක් හැටියට. ඒ නිසා ඔයාට කරදරයක් වෙන එකක් නැහැ. තමාගෙ පවුලෙ බර "අපේ මහත්තයට" දැනෙන්ට නං තව කටවල් එකතු කරන්න ඕනැ.

    මගෙ පුතා ඉපදෙන්ට හිටපුකාලෙ අපි බොහොම ලං උනා. "හැම බැරි අමාරුකමක්ම තමාගෙ අම්ම වගේම දරනව නේද මේගැණි" කියන හැඟීම ඉතා ප්‍රභල එකක්. දරුව ඉපැදෙනකොට ලඟ ඉන්දීමත් ඒ ලංවීමට හේතුවක් වෙනවා. ඔන්න ඔහොමයි ගේ ඇතුලෙ "වහලෙක්" හැදෙන්නෙ. "ප්‍රාන ඇපකාරය"ට වඩා අර වහලා ඉතා හොඳින් ඔයාට ආදරය කරාවි. තව අවුරුදු 10 කින් මට ප්‍රතිපල කියන්න.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත නැන්දේ.. මාත් මේ දවස් ටිකේ බරපතල විදියට ඕක ගැන හිතනවා... දරුවෙක් එක්ක තනිවෙයි කියලා තිබ්බ කණගාටුව නම් දැං බොහෝ දුරට නැති වෙලා... මේකට තව බැඳිමක් එපා කියලා හිතුවා කලින් නම්... ඒත් දැන් නම් තව කටක් එකතු වෙන්න ඕනේ කියලා හිතෙනවා තමයි...

      හි හි.. නැන්දගේ උපමාව නම් නියමයි.. ඇත්ත තමයි.. ආදරේ නම් වෙනසක් සිද්ධ වෙන එකක් නෑ.. ඒ තරම් මට ආදරෙයි... ඒත් අනුන් ගැන හිතන්න කලින් තමන් ගැන, තමන්ගේ දරුවා, තමන්ගේ ගෑණි ගැන හිතන්න පුරුදු වෙයි කියලා හිතනවා.... ( මගේ අම්මලා එයාට අනුන් නම් එයාගේ අම්මලා මට අනුන් උනාට ප්‍රශ්නයක් නෑ නේ..)

      මට ඔය දේවල් ගැන තියෙන්නේ තරහක් විතරයි... ඒක නිසා හිටපු ගමන් හින්ට් පාස් වෙන එක තමයි මගේ ඇතින් වෙන ලොකුම වැරැද්ද.... ඒක නැති වෙන එකක් නෑ... ඒත් මම ඒක අඩු කරගන්න හදනවා...

      නැන්දට අනිවාර්යයෙන් කියනවා... හි හි...

      Delete
  40. පලමු වතාවට හිරු ගේ බ්ලොග් අඩවියට ආවෙ ඊයෙ...එක දිගට ගොඩක් කියෙව්වා
    තව ගොඩාක් කියවන්න තියෙනවා
    ජය වෙවා

    ReplyDelete