Monday, November 19, 2012

අපේ කොස් කෑම....

සතියක් විතරම බ්ලොග් එක මකුළු දැල් බැදෙන්න ඇරලා තිබ්බ එක ගැන මටම තරහයි... ඒත් ඉතිං ලියන්න කියලා මෙලෝ සංසාරයක් හිතට එන්නෙත් නැති කොට.... ඒ මදිවට පෙරේතකමට කාලා බඩේ අමාරුවක් හදාගෙන බඩ බදාගෙන හිටිය එකෙන් ඒක කරන්නම සිද්ධ උනා... හැබැයි එහෙමයි කියලා පාළු ගෙවල්වල වලං බිඳිනවා වගේ අනුන්ගේ බ්ලොග් වල කමෙන්ට් තීරුවේ පෝස්ට් ලිය ලිය හිටියේ නැත්තෙත් නෑ... හි හි.. ( අපේ සරා අයියා එහෙම මාත් එක්ක තරහා වෙන්නේ නැති බව දන්න හින්දම හොඳා... හි හි)

මේ ලියන්න කියලා ගත්තත් තාමත් අදහසක් වත් නෑ මොනවා ලියන්නද කියලා.... (පොඩ්ඩක් ඉන්නකො බලන්න.. නයියෙක් වත් ඉන්නවද කියලා ෆොටෝ එකක් අරං පෝස්ට් එකක් දාන්න.. හි හි)

ඒ එළියට බැස්ස පාර මම ගෙට ආවේ මේ ගේ දොරකොඩම තියෙන කොස් ගහේ ෆොටෝ එකක් අරං...


කවුද අප්පා කොස් කන්න අකමැති... නේද.. අලියා වගේ මහත් වෙන නිසා මාත් ටිකක් පස්ස ගහනවා නම් තමයි කොස් කන්න.. ඒත් එහෙමයි කියලා පෙරේතකම නම් අඩුවක් වෙලා නෑ.. හි හි.. අනිත් එක මේ එළෝලුත් ගිනි ගනන් කාළේ..එළෝලු ගන්න ගියාම ලේ ටිකත් පිච්චෙනවා.. ඒ තරම් ගනන්.. මස් මාළු ගැන නම් ඉතිං කවර කතාද... මට දැං උයන විදිය වත් මතක නෑ.. හි හි..

කොස් ගහක් තියෙනවා නම් ඉතිං කොස් තම්බලා, මලවලා, පොළොස් ඇඹුලක් හදලා,අච්චාරුවක් එහෙම දාලා,කොස් ඇට කලුපොල් මාළුවක් එහෙම හදලා ... ඕකෙන් කොච්චර වැඩ ගන්න නම් පුළුවන්ද... වේල් දෙක තුනක් ගෙවා ගන්න පුළුවන් කොස් වලින්ම...

අච්චාරු ඇරුනම අනිත් ජාති ටික ඔක්කොටම මගේ මනාපය තියෙනවා.. හි හි..

ඉතිං පෙරේදා අපේ මහත්තයා ගෙදර හින්දා මම එයාට කියලා පොලොස් ගැටයක් කඩා ගත්තට මොකද ඕක හදා ගන්න තරම් නම් පණක් තිබ්බේ නෑ.. බේත් බිබී නොවැ හිටියේ.. ඉතිං මං කළේ ඕක එහෙම පිටින්ම අපේ නැන්දම්මට යවපු එක තමයි.. ( කො‌ෙහාමද මගේ කට්ටකම්.. හි හි) .. ඒත් ඒක ඇත්තටම මං පොලොස් හදන්න නොදන්නකමට කරපු දෙයක් නම් නෙවෙයි... ගෙදර ඉන්නකොට අපේ ගෙදර හැමතිස්සෙම වගේ කොස් හදනවා... එක එක විදියට.. අපේ අම්මා ආස නිසා...

මං පුංචිම කාලේ අපේ ගේ දොරකොඩත් තිබ්බා ලොකු කොස් ගහක්... අපෙ අම්මා සතියකට සැරයක් කොස් තම්බනවමයි ඉතිං..එක එක විදියට කොස් හදනවා මට මතකයි.. ඒ කාලේ සල්ලි මොනතරම් අඟහිඟකම් තිබ්බත් කෑම නම් ප්‍රශ්නයක් උ‌ෙන් නෑ..ඒත් පාරවල් හදද්දි කාණුවකට අහුවෙලා ඒ ගහ කපලා දැම්මට පස්සේ අපේ වත්තේම කියලා කොස් ගහක් නොතිබුනාට එහා ගෙදර ඒමිස් ආතා ඒ වත්තේ ගස් වල කොස් ගෙඩියක් හැදුන ගමන් ඒක කඩලා අපේ ගෙදරට එවන්නේ එයාලගේ ගෙදර කවුරුවත් කොස් කන්නේ නැති නිසා.. ඉතිං අ‌ෙප් අම්මා ආතාගේ පංගුව උයලා එහෙට යවනවා..

මේ කියාගෙන යනකොට මතක් උනේ.. කවුරුහරි කාලා තියෙනවද කොස් ඇට අග්ගලා...

මට මතකයි අපේ ආච්චි අම්මා හැදුවා දවසක්... මට හරියටම ක්‍රමේ නම් මතක නෑ.. මුලින්ම කොස් ඇට තම්බලා,අර ‌පොත්ත අයින් කරලා පිටි ව‌ෙග් වෙනකම් වංගෙඩියේ දාලා කෙටුවා.. ඊට පස්සේ ඒකට ලුණූ, ගම්මිරිස්,ටිකක් එහෙම දාලා තව ටිකක් කොටලා තෙත ගතිය මදි නම් වතුර ටිකක් දාලා ගුලි හැදුවා... ම්ම්ම්. මට මතක එහෙමයි... අහන්නයි කියලා ආච්චි අම්මා ඉන්න එකක්යැයි... හදලා බලලා දවසක දාන්නම්කෝ ඒකත් හරියටම... හි හි.. හරි රසයි.. කොස් ඇට වල තියෙන පැණි රස ගතිය නිසා සීනි දාන්න ඕනේත් නෑ.. චුට්ටක් දැම්මත් අවුලකුත් නෑ... ( කබලේ බැද්දද කියලා තමා මට ෂුවර් නැත්තේ..)

පොලොස් තම්බන්න ගියාම හෙන වෙලාවක් යනවා නොවැ.. අපේ අම්මා නම් කරන්නේ ප්‍රෙෂර් කුකර් එකේ පොලොස් ටික බාගෙට තම්බලා ඊට පස්සේ ඇතිලියට දාලා, අනිත් අඩුම කුඩුම ටිකත් දාලා ලිපේ තියන එකයි... ඒ කොහොම හැදුවත් මොන එක්ක හින්දද මන්දා මට නම් අම්මගේ පොලොස් ඇඹුලට වඩා අපේ ලොකු නැන්දගේ පොලොස් අඹුල රහයි.. සමහරවිට එයා පොලොස් ඇඹුල හදන්නෙ දර ලිපේ හින්දද දන්නේ නෑ... ලොකු නැන්දා නම් මොනවා හැදුවත් රහයි.... ඒ තරම් අත්ගුණයක් තියෙන්නේ... යන්නෝනෙ වෙලාවක මොනා හරි කාලා එන්න.. හි හි...

කිරිකොස් මාළුව ගැන නම් මාරයියා ලියලා තිබ්බානේ මාර සරණියේ... ( අම්මපා මං මේ මාර සරණියට දෙන පබ්ලිසිටි එකට මාරයියගෙන් ගානක් ඉල්ලගන්න ඕනේ.. හි හි)... මටත් ඉතිං සුදු බත් හැලියකුයි කිරිකොස් මාළුවකුයි, කරෝල බැදුමකුයි තියනවා නම් ඉතිං ආයේ කිසි කතාවක් නෑ උස්මුරුත්තාව හැදුනට පස්සෙ තමා කන එක නවත්තනේ.. ( ඒ පෙරේතකම් නොවැ මේ පල දීලා තියෙන්නේ.. හි හි)

කොහොම හරි කමක් නෑ.. කොස් ගැන මෙච්චර කියපු එකේ කොස් මාමව මතක් නොකර යන එක අන්තිම නරක වැඩක්... හැමෝම දන්නවා නොවැ කොස් මාමා ගැන... කොස් ගහට ඉස්සර මිනිස්සු කිව්‌ෙව් බත් ගහ කියලලුනේ... මාරයියා ආර්ථික කළමණාකරණය ගැන කිව්වමත් මට මතක් උනේ කොස් තමයි...හි හි...ඒ වගේම මාරයියා කිව්වා වගේම ධාන්‍ය ජාති ටිකක් වැඩිපුර කනවා මේ දවස් වල.. පාන් නම් කෑම ගොඩක්ම අඩුයි කොහොමත් ඉතිං... ඒත් මම බිස්කට් චොක්ලට් වලට නම් ආසයි.. හි හි.. ( චොක්ලට් කිව්වොත් ඉතිං මට වෙන මුකුත් වැඩක් නෑ.. හි හි)

කො‌ෙහාම හරි ඇඟට පණ ටිකක් ආවම පොලොස් ඇඹුලක් හදන්න ඕනේ කියලා හිතා හිතයි මේ පෝස්ට් එක ලිව්වේ.. නැතුව කෑම ගැන ලියන්න නම් මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ... ඒක නිසා හැදුවම ෆොටෝ එකක් දාන්නම්කෝ..

මේ ඉතිං මකුළු දැල් කඩන්න ලියපු පෝස්ට් එකක් නේ... ඒක නිසා කවුරුවත් හිත් අමනාපකම් එහෙම ඇති කරගන්නවා එහෙම නෙවෙයි... අලුත් ඩිසයින් දෙක තුනක වැඩත් තියන නිසා, ඒවත් හිමීට ඉවර කරගෙන, තව ටික දවසකින් ආයිමත් පරණ ට්‍රැක් එකටම වැටෙන්නම්කෝ හි හි..

ඒත් එක්කම ඉතිං කොස් ගැන රස කතා සහ රස වෑහෙන කතා ගැන අත්දෑකීම් බෙදා ගන්නත් කමෙන්ට් තීරුවේ ඕනේ තරම් ඉඩ තියෙනවා හොඳේ...

ප/ලි
මෙන්න නංගි බබාගෙන් හම්බුවුන කොස් ඇට අග්ගලා රෙසිපි එක...


ඉස්සෙල්ලම කොස් ඇට පොත්ත පිටින් කබලේ දාලා බදිනවා.. ඊට පස්සෙ තමයි පොත්ත අරින්නේ.. එතකොට අතින් තද කරනකොටම පොත්ත ගැලවෙනවා... ඊටත් පස්සේ ගම්මිරිස් ඇට ටිකක් දාලා හොඳට කොටනවා.. කෑලි නැතිවෙන්න කෙටුනම අරගෙන, පොලුයි සීනි ටිකකුයි දාලා, බෝල කරලා ගන්නවා.. ( අන්න මට මතක නැතිවෙච්ච එක්කෙනා.. පොල්.. හි හි) තම්බන්නේ නෑ හොඳේ.. ඒක මට හීනෙං වගේ පෙනිච්ච එකක්ද කොහෙද.. හි හි..


නංගි බබාට පිං සිද්ධවෙච්චාවේ...

ප/ප/ලි

මේක මුලින්ම මතක් කළේ සංජය...

ප්‍රවීණ සූපවේදී මාරයියගෙන් හම්බුවෙච්ච කොස්/දෙල්/බතල බැදලා, සීනී දාලා, රසම රස කෑමක් හදා ගන්න විදිය..


කොස් විතරක් නෙවෙයි දෙල්..බතල වගේ දේවලුත් ඔහොම හැදුවැකි... 


අමුවෙන් බදින්න ගියොත්නං තෙල් ගැලුමක් යයි.. ඒ හින්දා කොස් දෙල් බතල වගේ දේවල් හීනියට කපලා වේලගන්න ඕන... තද අවුවෙමත් හොද නැහැ..මද පවනේ වේලලා සැරෙන් සැරේ අවුවට දාලා කර කරලා ගන්න ඕන..නැත්තං අවු රහ හිටිනවා... එහෙම වේලගත්ත කොස්/දෙල්/බතල ඕන එකක් ගැඹුරු තෙලේ බදිනවා.. ඒ බදිනකොටත් දෙපාරට බදිනවනං තමා හරියටම පදම අහු වෙන්නේ... 

එයින් පස්සේ සීනි වලින් පැණි උනු කරගන්න ඕන.. හැබැයි උකුවට නෙවෙයි... තරමක් වතුර හිටින්න... නැත්තං වැඩේ අල වෙනවා...සුළු වශයෙන් ලුණු ටිකකුත් එකතු කරනවා.. කැමැතිනම් කුරුඳු කුඩු පොඩ්ඩක් දැම්මත් හොඳ රසයි... නැතත් අවුලක් නැහැ... 

එහෙම දියාරුවට උණු කරගත්ත සීනි පැණි බැදගත්ත කොස්/දෙල්/බතල වලට දාලා කලවං කරලා ටිකක් තුනී කරලා නිවෙන්න අරිනවා... 

උණු වතුරෙන් තම්බා ගත්ත කට ලොකු බෝතලයක් ඇතුල් පැත්ත හොදට තෙත හින්දවලා අරං... උණු වතුර බේසමකම බස්සලා..එහෙම තියෙද්දිම අර ටික දාලා පියන වහ ගත්තනං ඕන තරං කාලයක් තියා ගන්නත් පුළුවන්... 

බිස්නස් එකක් හැටියටත් කරන්න පුළුවන්...


( මාරයියට ප්‍රවීණ සූපවේදී කියලා කිව්වේ විහිළු කරන්න හිතාගෙන නෙවෙයි.. මම මාර සරණිය මගේ නැන්දලා දෙන්නෙකුට දුන්නමත් කිව්වා මෙයා නම් ටීවී එකේ තෙල් වැඩි, විකාර කෑම හදන අයට වඩා, හොද කෑම හදන හැටි නියමෙටම කියලා දීලා තියෙනවා කියලා.. ඒ දෙන්නම ඔන්න මාර සරණිය බලාගෙන වට්ටක්කා/කිරි කොස්, හාල්මැස්සෝ බැදුම, මැල්ලුම් සහ මිරිස් බැදලා රස කෑම වේලක් හැදුවලු .. ඒකයි හොඳේ...)

සැලකිය යුතුයි...

කමෙන්ට් ටික අන්තිමට වෙනකම් කියෙව්වොත් කොස් කන්න පුළුවන් විදි මහ ගොඩක් දැන ගන්න පුළුවන් වෙයි තවත්...

135 comments:

  1. මං නං කොස්වලට කැමති නෑ. පොලොස් සහ වරක නං කොටාබානව.

    //සතියක් විතරම බ්ලොග් එක මකුළු දැල් බැදෙන්න ඇරලා තිබ්බ එක ගැන මටම තරහයි.‍‍//

    ► 2011 (2)

    ► 2010 (5)
    බි.පෙ.සි.

    ReplyDelete
    Replies
    1. ඒ ඉතිං කම්පියුටරයක් නැතුවනේ රාජ්.. හි හි...

      Delete
    2. වැල වලටත් කැමතිද දන්නෙ නෑ...

      Delete
    3. මොනාද දේශකයෝ... කම්පියුටරේ හම්බුනාම නේ මේ පටන් ගත්තේ වැඩේ...

      මොකද මේ කට්ටියම වැල වලට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ.. හැමදාම වරකා තියෙන්නේ නැ.. පහු වෙනකොට කෝකත් වැල වෙනවා...

      Delete
    4. අපේ බලාපොරොත්තුව වරක විතරක් කන්න තමා.. හි... හි... හි... හි....

      Delete
    5. වැලෙත් ආතල් එකක් තියෙනව නොවැ.. තරුන කොල්ලන්ට... :ඩී

      රාජ් සිරා උත්තරයක් දාල තියෙන්නේ.. රෙදි නම් නැත :ඩී

      Delete
    6. බලාපොරොත්තව නම් හොඳයි... ඒත් ඉතිං... වරකා කන්න ටිකක් දත් හයිය වෙන්නත් ඕනේ.. වැල වගේ නෙවෙයිනේ...

      අනේ සෑම්..................

      Delete
    7. දැං ඔයා වැල ද වරකද

      Delete
    8. ඔයා මම කොස් ගහක් කියලද හිතාගෙන ඉන්නේ නලීන් අයියේ.. හි හි...

      Delete
  2. අම්මෝ.... පොලොස් කිව්වම මට නම් වෙන දෙයක් ඕනි නෑ... මං මාරම ආසයි පොලොස් වලට.... අපේ අම්මගේ පොලොස් එක මාරම රහයි. ම්ම්ම්.....

    ReplyDelete
    Replies
    1. හි හි.. පොලොස් වලට ආස නැත්තේ කවුද ඉතිං.. හි හි...

      Delete
  3. මම නම් කොස් මැල්ලුම හෝ කොස් තම්බලා කන්ඩ තියේ නම් පට්ට නේ.. ඒ උනාට සතියකට වඩා නම් කන්ඩ බෑ. අපේ පැත්තේ දිගට හරහට කොස්මයි !!

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපෙත් එහෙම තමයි මධූ. ඒ කාලේ නං අගයක් තිබ්‌ෙබ් නෑ.. උයපු එක කන්නනේ තිබ්බේ.. දැං එහෙමද.. තනියෙන් උයාගෙන කන්න වෙලා තියෙන එකේ ඉතිං අගෙත් වැඩියි. හි හි

      Delete
  4. දැන් ඉන්න ගැණු වස කම්මැලියි හිරු..කොස් හදන්ට..මටනම් කොස් තම්බලා පොල් දාල,අමු කොච්චි එක්ක මරු...ඒ අතින් හිරුට මගෙන් මල් මිටක්.

    කොස් කෑවම පස්ස ආරනව කියල කියනව නේද..?

    ReplyDelete
    Replies
    1. //කොස් කෑවම පස්ස ආරනව කියල කියනව නේද..?//

      ඒ කතාව නම් මාත් අහලා තියෙනවා...ඇත්තද කියලත් වෙලාවකට හිතෙනවා...හි හී

      Delete
    2. ඒක බොරුවක්. බඩනම් ආරනවා.....

      ඇත්තක්නම් එළනෙ....:P

      Delete
    3. එහෙනම් ගෑනු ළමයි කොස්ම කයි නේද ...:D

      Delete
    4. බොලා දන්න ඉටිගෙඩිය...ආන් කාලෙකට කලින් සඳරුවත් ලියල තිබ්බෙ...පස්ස ආරනව කියල.

      Delete
    5. අ‌ෙන් වී .. ක්‍රෙඩිට් ගන්න බෑනේ... මාත් ඔය කම්මැලි ගොඩේ තමා... ඒත් ඉතිං අපේ මහත්තයා ඉන්න දවසට එයාම හිතලා කොස් ගෙඩික් කඩලා දුන්නොත්, දෙන්න එක්ක කයියක් දාගෙන ඕක සුද්ධ කරගෙන මොනා හරි හදලා දෙන එක නම් කරනවා.. මොකද මම කොච්චර කම්මැලි උනත් එයා බිංදුවක්වත් කම්මැලි නැති නිසා...

      පස්ස නම් මං දන්නෑ ළිහිණි.. බඩ නම් ආරනවා... මම කන හැටියට එහෙනං මේ ලෑල්ල වෙලා තියෙන්න බෑ නේ.. හි හි...

      Delete
    6. නංගිගේ ගම ගාල්ලේ නෙවෙයි නෙව.. :D

      Delete
    7. නෑ අයියේ... මං දන්න විදියට නම් නෑ... හි හි....

      හැබැයි ඉතිං ‌මේක පුංචි රටක් නොවැ... අල ගිය තැන් මුල ගිය තැන් හොයාගෙන ගියොත් ගාල්ලටත් කනෙක්ෂන් එකක් හොයාගන්න පුළුවන් වෙයි මං හිතන්නේ...

      අන්න .. පෝස්ට් එකකට ඒක මරු.. හැබැයි මං ලියනවා නං නෙවෙයි.. මාරයියා ලියනවා නං.....

      Delete
  5. කටට කෙල උනනවා කොස් කිව්වම. මට නම් කොස් තිබ්බොත් වෙන මොනවත් ඕනේ නෑ. පැලවත්ත හන්දියෙන් සල්ලි වලට කොස් ගන්නෙ. ගමේ ගියාම නම් බරට බරේ හරි පොලොස් ගැට උස්සගෙන ඇවිත් දවසක් හරි මහන්සි වෙලා ගෑස් එකෙන් බාගයක් වැය කරලා හරි පොළොස් කරියක් හදා ගන්නවා. ආයෙ දවස් ගානකට වෙන මොනවත් ඕනෙ නෑ. ඒක එක්ක බත් කන්න පුළුවන්. ගෙදර ගියාම කොස් කාලෙට අම්මා හදනවා කොස් තම්බලා...කොච්චි සම්බෝල එක්ක මාලු හොද්දක්. ඒකට මිරිසි කරල් ටිකකුත් බැදලා දෙනවා...අම්මෝ...

    පැලවත්තෙන් ගන්නෙ කොස් කිරලා...හි හී හිතුවා නේද කැත විදියට... කොස් කිරලා නේන්නම් දෙන්නෙ...මදුළු 20 ක් රුපියල් 50යි. පෙරේත හන්දම ගන්නවා..

    කිරිකොස් කන්න මම නම් මාර පෙරේතයි... මොන කෑමක් කෑවත් කොස් ටිකක් කනවා වගේ කොහෙද...

    ReplyDelete
    Replies
    1. කොස්තම්බල .. දෙහි දාපු කිරි හොද්දක් හදලා, පොල් සම්බෝලයක් ( කොච්චි දාපු එකක්නම් තවත් මරු ) තලලා.. කරවලයි මිරිසුයි බැදලා...

      තව ලියන්න බෑ.. කීබෝඩ් එකට කෙළ වැටෙයි

      Delete
    2. අප්පා... මීයා කෙළ පෙරනවා.. මං හිතුවේ නෑ මෙච්චර කොස් කන්න ආස අය ඇති කියලා...

      මෙහෙත් පොළේ කොස් ඔහොම ගන්න තියෙනවා ළිහිණි .. මං අරං නං නෑ... වාසනාවට මේ අහල පහල ඉන්න අය තාමත් කොස් ගෙඩියක් කැඩුවොත් හරි හම්බුනොත් හරි, ළඟපාත ගෙවල්වලටත් කෑල්ලක් එවන සංස්කෘතිය තියාගෙන ඉන්නවා.. මෙහෙ ගස් වලත් එහෙමයි.. කැඩුවොත් වටේටම බෙදනවා ඇන්ටි...

      Delete
    3. චී...යා... මී..යා කෙල පෙරාගෙන නේද..?

      Delete
  6. පොලොසුයි වැල වරකා ඇරෙන්න කොස් නම් එපා.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ... කොස් කන්න පුළුවන් විදි කීයක් මේ කමෙන්ට් තීරුවේ වැටිලා තියෙනවාද බලන්නකෝ....

      Delete
  7. කොස් කොච්චි සම්බෝලයත් එක්ක කලවම් කරලා ගත්තම හරිම රසයි.

    ReplyDelete
  8. පොලොස් තියෙනවනම් ඉතින් මටත් වෙන මොනවත් ඕන නෑ. පොලොස් උයල තියෙන දවසට මං හතර පස් වතාවක්වත් බත් කනව ;)

    ReplyDelete
    Replies
    1. මාත්... හි හි.... ඒ ගෙදරදි තමා... දැං ඉතිං මං හදාගෙන කන්න එපැයි....

      Delete
  9. මාත් කොස් කන්න ආසයි ඉස්සර කොස් ගස් පහක් තිබුණු අපේ වත්තේ දැන් පොඩි පැලයක් ගෙඩි එන ගස් එකක්වත් නැහැ බං...

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ.. කොස් ගස් කැපිල්ල මට නම් හරිම දුක හිතෙන වැඩක්... අර අපේ මහත්තයගේ අම්මලගේ ගෙට කොස් ගස් හොයන්න ගියානේ... අනේ ඒ ගස් දකිද්දි මට නම් කපන්න හිතන්න වත් බෑ... කොස් ගහක් යට හරි සීතලයි නේ.. හි හි...

      Delete
  10. බොට බඩේ අමාරුව හැදෙන්න ඇත්තෙ ඔය කොස් ගහ දිහා කෙළ හලපු හින්ද තමයි. කොස් කියන්නේ ඉතිං අපේ දේශිය ආහාරය .. බත් නැත්නං කොස්. (හරියට ප්‍රංසයේ පාං නැතිනං කේක් වගේ හැක්..)

    මටත් මතක් වෙනවා හිරුවෝ.. අපේ අම්මනං ඕවට වස කම්මැලියා. ඒ උනාට ලොකු අම්ම ඒ දවස් වල කොස් තම්බල කිතුල් පැණි දාලා සූටිකිතර වකුටු භාජනේකට දාලා අපි පොඩි ඈයෝන්ට කන්න දෙනවා. බඩ පිරෙනකං කනවා. ඊට පස්සේ අම්ම සද්දේ දානව බත් කන්නය කියලා. මොන Reinforced concrete පාරක් තියෙද්දි.

    කොස් කිරන කතාවකුත් තියෙනවා නේ. ඒ වගේම කොස් ලී මොන තරං සෝයිද? හොරෙන් කැපුවම අහුඋනාම පොලිස් මාමාල ටිකක් ගෙදරත් පටවගන්නවය කියන්නේ. තව තියෙනවා පොඩි කාලේ අපි හදපු කොස් කොළ ඔටුන්න. ඒ වගේම අපේ ආතම්ම කොස් හැදෙන කාලෙට උඩම ගෙඩි ඉදිල වැටුනම චප්ප වෙච්චි කෑලි අවුස්ස අවුස්ස කොස් ඇට අරගෙන දුමේ හංගනවා. කොස් ගහක කුණක් බැස්සොත් ඉතිං සොරි ඩොට් තමයි ලී මෝල් කාරයන්ට. කොස් වල තියෙන ගුණ දැනගන්න නං හොදම වරක මදුලු ටිකක් ලුණු වතුර ටිකක් ඉහල කන්නම ඕන. ඔය කොස් වරක මදුලු පිටරට එහෙමත් පටවනවා නෙව ටින් වල දාල. (එතකොට කොස් ටින්) ඒ උනාට දැං කාලේ නං කොස් මැල්ලුමට පැකට් විකුණනවා පොලේ. හරක් ට කන්න කොස් කටු දානව කිව්වම මට හිතුනේ ඔක්කොම කොස් කටු දියවන්නාවේ බංගලාවෙයි, මල් මැදුරෙයි දාන්න තිබ්බනං කියල ඒ හරක් ගේ බඩගින්න යවන්න. තව තියෙනවා, ගමේ වැල ගමේ කපුටන්ටය කියන්නේ නිකං යැ. වැල නං ඉතිං වැඩිය කෑවොත් චොර තමා. මාතර ෆීලන් මස් කරි ඩිංගක් දාලා පොළොස් මාළුවක් හදාගත්තනං වේල් දෙකක්ම කන්න පුළුවන්. ඒකෙන් දෙවෙනියට කන වේල තමා රසවත්ම. (ඔන්න මාතර අයට ක්‍රෙඩිට් පාරක්) ඇයි කොහොල්ලෑ බබාගේ කතාව. ඒකත් කොස් කතාවක් ද මන්ද. මටත් හිටිය කොස්වත්ත කියල යාලුවෙක්. අපි ඌට කියන්නේ ඉතිං “කොස්“ කියල නෙව. “අන්න බලාපං බොලාගේ කොස් අම්මා යනවා“ කිව්වම ඌට මල පනිනවා. අපිට බනිනවා. අපිත් ඌට බැනල කියන්නේ බලු කොස්සා කියල. ආ.. එතකොට නේ මතක් උනේ කොස්සා කියල ප්‍රාණින් දෙවර්ගයක් ඉන්නවා. එකෙං ඇහේ යනවා. අනිකා මුළු ඇගේම යනවා. ඔය මදෑ.. ගෙදර උන්දැ හදල දුන්නොත් අපිත් ඉතිං කොස් ඩිංගක් පත බාවනව හිට හිට. පස්ට කොස් කතාව

    අඩේ දිග වැඩි උනානේ. කමක් නෑ මාරක්කිරියාවට අනුව මේ වේලෙන ටිකේ මේකත් “කොස් කටු පෝස්ට් කටුව“ කියල දැම්මනං හරි.. ජය.. බොට මං කිව්වේ කේක් කතාවක් දාන්න කියලනේ බොල රසකතා වලදී

    ReplyDelete
    Replies
    1. කිසි කොස්සක් නෑ ටක්කෙටම ලියල තියනව.

      Delete
    2. අපේ ගෙදරත් මස් මාළු සැමන් පොලොස් ඇඹරැල්ල අඹ එහෙම උයනකොට දාන්නෙ මාතර ෆීලන් මස් කරි තුනපහ තමා. අම්මෝ ... මතක් වෙනකොටත් කටට කෙල උනනව.

      Delete
    3. කේක් වගේද බං කොස්.. හි හි... මං හිතලම ඕවා ලිව්වේ නැත්තේ.. ඔය ලියලා තියෙන්නේ ලස්සනට... අර විකාර කතා දදා ඉන්නේ නැතුව දාපංකෝ මෙවගේ හෑල්ලක්....

      මේක ඇඩ් එකකට ගනීද දන්නෑ... මාත් ඔය ෆ්‍රීලන් මස් කරි තුනපහ එක ගේනවා... සෝයා හදද්දි දාන්න... පො‌ලොස් වගේ ඒවා හදද්දි නම් අම්මා මට හදලා එවලා තියෙන හොඳ තුනපහ එක තමයි දාන්නේ..

      Delete
    4. දැං බැලුවම මම නොමිලේ පබ්ලිසිටි දෙනවනේ මේ මාතර උන්දැලට.. හි.. හි...

      Delete
    5. ඒකනේ කිව්වේ...

      Delete
  11. ඇයි කොස් තෙලේ බැදලා ... සිනිදලා කාල නැද්ද.....

    ReplyDelete
    Replies
    1. ඇහුවෙත් අදමයි.. දෙන්නකෝ තව විස්තරයක්

      Delete
    2. අපේ මහත්තයත් ඕක කිව්වා... අනේ මං දන්‌ෙන් නෑ නේ ... කියන්නකෝ සංජය ඕක හදන විදිය.... මං පෝස්ට් එකටම අමුණන්නං .... ගොඩක් අය දන්නේ නෑ මං හිතන්නේ ඒක...

      මේල් එකක් එව්වත් කමක් නෑ. ishk1984@gmail.com

      Delete
    3. කොස් විතරක් නෙවෙයි දෙල්..බතල වගේ දේවලුත් ඔහොම හැදුවැකි... අමුවෙන් බදින්න ගියොත්නං තෙල් ගැලුමක් යයි.. ඒ හින්දා කොස් දෙල් බතල වගේ දේවල් හීනියට කපලා වේලගන්න ඕන... තද අවුවෙමත් හොද නැහැ..මද පවනේ වේලලා සැරෙන් සැරේ අවුවට දාලා කර කරලා ගන්න ඕන..නැත්තං අවු රහ හිටිනවා... එහෙම වේලගත්ත කොස්/දෙල්/බතල ඕන එකක් ගැඹුරු තෙලේ බදිනවා.. ඒ බදිනකොටත් දෙපාරට බදිනවනං තමා හරියටම පදම අහු වෙන්නේ... එයින් පස්සේ සීනි වලින් පැණි උනු කරගන්න ඕන.. හැබැයි උකුවට නෙවෙයි... තරමක් වතුර හිටින්න... නැත්තං වැඩේ අල වෙනවා...සුළු වශයෙන් ලුණු ටිකකුත් එකතු කරනවා.. කැමැතිනම් කුරුඳු කුඩු පොඩ්ඩක් දැම්මත් හොඳ රසයි... නැතත් අවුලක් නැහැ... එහෙම දියාරුවට උණු කරගත්ත සීනි පැණි බැදගත්ත කොස්/දෙල්/බතල වලට දාලා කලවං කරලා ටිකක් තුනී කරලා නිවෙන්න අරිනවා... උණු වතුරෙන් තම්බා ගත්ත කට ලොකු බෝතලයක් ඇතුල් පැත්ත හොදට තෙත හින්දවලා අරං... උණු වතුර බේසමකම බස්සලා..එහෙම තියෙද්දිම අර ටික දාලා පියන වහ ගත්තනං ඕන තරං කාලයක් තියා ගන්නත් පුළුවන්... බිස්නස් එකක් හැටියටත් කරන්න පුළුවන්...

      Delete
    4. කොස් දෙල් වෙලපුවා ආයේ මාළුවක් විදිහට නම් කාල තියනවා මාරයියේ. දෙල් වේලපුවා ආයේ තම්බල කොහෙද කෑමට ගන්නේ පොල් එක්ක. ඒක නම් මරු. බලන්න ඕනි මේ විදිහටත් හදලා හම්බු වුනු වෙලාවක.

      Delete
    5. ඔන්න මාරයියේ.. ඒකත් පෝස්ට් එකටම ඇමිණුවා...

      ඕක කොස් කියපු හින්දයි මතක නැති උනේ.. ඒත් ඔය විදියට දෙල් හදලා නම් කාලා තියෙනවා....

      Delete
    6. තව අමතක උන දෙයක් තියේ ඕකටම... බත් වේලලා බැදලා අරං උනත් ඔය විදියට හැදියැකි... මංනං ආසම කෑමක් තමා ඒ...

      Delete
    7. අනේ බොල මාරයෝ.. ඒවා අපි දන්නව හරිය.. අපි මේ කොස් කතා, මේ උන්දැ හැමදාම ඉතුරු වෙන බත් ටිකට වැඩක් දෙන්න ක්රමයක් හොයනවා.. හි... හි... (හිහි නංගිගේ සහයෝගිතා හිනාව) හි.. හි..

      Delete
    8. බත් වේලලා හදන එක නම් මාත් දන්නවා.. ම‌ෙග් හොඳ යාලුවෙකුගේ අම්මා කෙනෙක් හදලා එව්වා මතකයි.... මාර රසයි.... අපේ ගෙදර නම් අග්ගලා හදන එක තමයි කරන්නේ....

      මගේ හිනාවටත් විදින්න යන්නෙ මේ හොර ගෙඩියා.....

      Delete
  12. ඊයෙ වේල් දෙකක් තම්බපු කොස් , කිරිහොදි ,කාරල්ලෝ බැදල ,මිරිස් බැදල. ඔයටික මට හැමදාම කෑවත් එපා වෙන්නෙ නැති මෙනු එකක්. කොස් මාමගෙ ව්‍යාපාරෙ හින්ද දෙයියනේ කියල අපේ වත්තෙ කොස් වලින්නම් අඩුවක් නෑ.

    ReplyDelete
    Replies
    1. දුර දිග බලලා ලංකාවේ කරපු එක ලොකුම වැඩක් ඔය කොස් මාමාගේ වැඩේ... නැත්තම් මේ වෙනකොට කොස් ගහක් බේතකට හොයා ගන්න නෑ මො වෙන‌ෙකාට....

      Delete
  13. හප්පේ මේ ඇවිල්ල ඉන්නේ මම හැදුවේ අංජනමක් අරින්න කෝ අපේ හිරු කුමරිය කියල. අක්කේ බොල බඩේ අමාරුව වද්කරගන්න ආස හිතිලද මෙහෙම පොස්ට් දාන්නේ. මම ගිල්ල කෙල ටිකම ඇති බඩේ කැක්කුම වැඩි වෙන්න. :D දැන් සනීපයි නේ ටිකක් රෙස්ට් කරන්න. (මේ අර නික් එහෙම ඉන්නවද බැලුවේ ෆොටෝ ගන්න විතරමද) :p

    ReplyDelete
    Replies
    1. හි හි.... නයියා ගැන මං ඉතිං කියන්න ඕනේ නෑ නේ..... අපොයි.. මදෑ මාත් කොර ගත්ත එකක්.. මං හිතුවේ නෑ නේ මේ තරම් කොස් පෙරේතයෝ ඇති කියලා ...

      Delete
    2. ලංකාවට ආව වෙලාවක එන්නම් කෝ............. වරක ගෙටි 20 ක් 30ක් ලැහැස්ති කොරල තියන්නකෝ.......................

      Delete
    3. අපොයි... එතකනුත් මේ ගෙදරම හිටියෙත් ඔනේ තරම් දෙන්නම්... නැති උනොත් ඉතිං සොරි තමා... හි හි

      Delete
  14. අකුරක් අකුරක් ගානෙ කෙළ පෙරාගෙන කියෙව්වෙ.... හොඳ වෙලාවට අද පොලොස් ඇඹුලක් එනවා ..

    ReplyDelete
    Replies
    1. හි හි.. එහෙනං ඊයේ දෙන්න ඇති දුමියා කියන තාලෙටම...

      Delete
  15. කොස් තම්බලා, කොච්චි දාලා පොල් සම්බෝලයක් හදලා, කට්ටා කරවල හොද්දක් හැදුවනම් ආයේ නෑ බුරි කෙලින් වෙනවා.....!

    ReplyDelete
    Replies
    1. හම්මෝ.. දුමියගේ පෙරේත කමේ තරම.. කිව්වට මොකෝ.. මාත් ඒ ජාතියේ තමා.... හි හි...

      Delete
    2. දුමියා කොච්චර කොස් කාලද කියනවනං බුරිය උල් වෙච්ච ගමන්මයි තාමත්... කට්ටියනං ඔය දුමියගේ තඩි බඩ කියලා කියනවළු..ඒත් ඉතිං ඇත්තම කතාව බුරිය උල්වීමම තමා...

      Delete
    3. හි හි..

      හැබෑට කෝ මේ දුමියා....

      හිටපු ගමන් කඩන් පාත් වෙලා ආයිත් අතුරුදහන් වෙනවා..... කට කහන බ්ලොග් එක දැං හොරු උස්සනවා....

      Delete
  16. අපේ ගමේ නම් කොස් ගස් නෑ. වෙරළබඩ ගමක් නිසා වැලි පසනේ, ඒක නිසා වෙන්න ඇති. කොස් නම් කන්නෙ ඉඳල හිටල. මමත් දැක්ක තැන පොලොස් නම් අරන් එනව, ඒත් අපේ අම්ම නම් පොලොස් කපන්න කැමති නෑ. ඒ නිසා අක්කට ගෙනිහින් දීල තමා හදවගන්න වෙන්නෙ. නැත්නම් හිටීගමන් අහුවෙනව කපල ශුද්ධ කරල පැකට් කරල තියෙන පොලොස් පැකට්, එයින් එකක් අරන් එනව. වැල වරකවලට නම් මම වැඩිය කැමති නෑ, කෑවත් වරක තමා, ඒත් මදුලකට දෙකකට වඩා බෑ.

    ReplyDelete
    Replies
    1. පොලොස් කපන එක එච්චර අමාරුද.... මට නං අන්නාසි කපන එක තරම් ඒක අමාරු නෑ... හි හි... ( මොකද මං අන්නාසි වලට ආසම නැති නිසා..)

      වරක නම් ඇති වෙන්න කන්න පුළුවන්.. වැල නම් ටිකක් ආස අඩුයි.. එහෙම කියලා ඒකත් අතෑරලා නම් නෑ තාම.. හි හි.. කාලෙකින් කෑවෙ නෑ.. අපේ වලව්වේ හාමු නම් වැල කන්න පෙරේතයි...

      Delete
  17. අප්පේ......මතක් කරන්නවත් එපෝ!!කටට කෙල උනනාවෝ!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හි හි.... හපොයි මගේ බඩ.....

      Delete
  18. ඔයා දන්නවද ලංකාවේ කවදාවත් විප්ලවයක් කරන්න බැරි ඇයි කියලා. හේතුව ඔය කොස්. කොස් මාර විදියට උදව් උනා මිනිස්සුන්ට. 70-77 යුගයේදී.

    ReplyDelete
    Replies
    1. මාත් හරි ආසයි ගැට පොලොස් වලට. ඒ වගේම කොස් කිරන්නත් මාර ආසයි...

      Delete
    2. මොකට කියනවද ඒ හරිය... අර 18+ කියලා දන්න ඒවායින්ම පේනවනේ හි හි හී

      Delete
    3. ඔය ළිහිණියා කියලා තියෙන්නේ... හි හි...

      ඔව් මාතලන්.. කොස් ගහට බත් ගහ කිව්වේ නිකම් නෙවෙයිනේ... මට මතකයි මං ගාව තිබ්බා පුංචි පොතක් සිබිල් නැන්දගේ... කොස් ගහක් යට තිබ්බ ගේක හිටපු මනුස්සයෙක් ගැන.. කොස් ගහෙන් කොස්, පො‌ෙලාස්, වරකා කාලා, කොස් කොළ වලින් සෙල්ලම් කරලා, කොස් ගහෙන් හෙවන අරං ඉඳලා, කොස් ගහ කපලා, ඊට පස්‌ෙස් හුලඟකට ගේ කඩාගෙන යන කතාවක්.. ඒ කතාව පොඩි කලේ කියෝලම මගේ හිතට නම් කොස් ගහ කියන්නේ වටිනාම වස්තුවක් කියන එක හිතට වැදිලා තියෙන්නේ.... කොස් ගහක් කපන තැනකවත් මම ඉන්න කැමති නෑ...

      Delete
  19. කොස් මාමා කොස් මාමා කිව්වට කොස් මාමාගේ නම ආතර් වී. දියෙස් කියලා මතක් කරලා නැහැනේ....

    ReplyDelete
    Replies
    1. ඒක ලියලත් අයින් කළා කවුද මතක් කරන්නේ කියලා බලන්න හසිත... හි හි..

      ඇත්ත.. කොස් මාමා කියන නම මතක් වෙද්දිම ආතර් වී. දියෙස් නම නිකම්ම කියවෙනවා.... ඒක ජීර්ණය වෙලා තියෙන්නේ.. මං නං හිතන විදියට ලංකාවේ දුර දිග බලලා කරපු හොඳ වැඩ වලින් ලොකුම වැඩේ කොස් මාමාගේ කොස් ව්‍යාපරය වෙන්න ඕනේ... නැත්තම් ලංකාවේ මිනිස්සුන්ට මේ වෙනකොට නම් දෙයියන්ගේ පිහිටයි තමා...

      Delete
    2. ආතර් වී දියෙස් මත්තයාගේ රාජකාරියම තවත් ආකාරයකට දැනට පවත්වගෙන යන මනුස්සයෙක් ඉන්නවා... අර අනගාරික ධර්මසේකර උන්නැහේ.. මනුස්සයත් "රාජ සිංහ පැණිවරකා" කියන වර්ගයේ කොස් පැල මෑතක් වෙනකල්ම රට වටේ ගෙනිහිං බෙදුවා... මාත් එයින් පැල දෙකක් හොයාන පන්සල් වත්තේ හිටෙව්වා.. කවද හරි කවුරු හරි කන්නේ නැතෑ...

      සාමාන්‍යයෙන් අවුරුදු දහයකට වතාවක් එක වර්ෂයක්වත් කොස් පැල සිටුවීමක් රටේ කෙරෙනවනං ඒක ලොකු දෙයක්...

      Delete
    3. ම්ම්ම්... මාත් අහලා තියෙනවා කියලා මතකයි....

      එහෙම දෙයක් කරනවා නම් හරිම හොදයි....

      පර්චර් 10යේ තියෙන අපේ අම්මලගේ ගෙදර නම් ඉතිං කොස් ගස් වලට ඉඩ නෑ.. කොස් පැල ඉන්දන්නත් මිනිස්සුන්ට ඒ වගේ ඉඩම් තියෙන්නත් එපැයි මාරයියේ... පර්චස් 7-8 ඉඩම් තමයි මෙහෙ නම් වැඩිපුර තියෙන්නේ... අපේ අම්මලගේ ගෙදර නම් එහා වත්තේ ටිකක් ඉඩ තියෙනවා... අවුරුදු ගානක් ඉඩං නඩුවකට හිර වෙලා තිබ්බ නිසා ඒකේ ගස් ටික ඉතුරු වෙලා තියෙනවා...

      Delete
  20. Replies
    1. හි හි.. නොදන්න අයත් ඉන්න පුළුවන්.. ( ඕක හොඳපිට කණපිට හරවගන්න වත් මොළයක් එන්න, ජීවිතේට කොස් කාලා නැති අය.. හි හි)

      Delete
  21. Onna ada dawalta bath uyala kiri kos maluwak hadala karawalai mirisui badala kawa desarayakma. Wena monawathma one na ethakota. Kos kaleta dawasak ara dawasak wath api kos hadanawa eka eka widiyata. Kos gas pahakma thiyenawa waththe.
    Aa....... Hiru ara kos ata aggala hadanne mehemai. Issarawama kos ata poththa pitin kabale dala badinawa. Ita passe thamai poththa arinne. Ethakota athin thada karanakotama poththa galawenawa. Itath passe gammiris ata tikak dala hodata kotanawa. Kali nathiwenna ketunama aragena polui sini tikakui dala bola karala gannawa. Mmmmm mara rasai. Api thama hadanawa idala hitala.
    Eth mama baluwa oya moko pahugiya tike penna hitiye naththe kiyala. Danui dana gaththe asanipen kiyala. Dan hodada hodatama. Diga wadi una wage neda aggala hadanna gihin.

    ReplyDelete
    Replies
    1. නංගි බබාගේ රෙසිපි එකට පිං සිද්ධ වෙච්චාවේ... ඔන්න මං පෝස්ට් එකටම ඇමිණුවා... හි හි...

      මේක මේ පෙරේතකමට හදා ගත්ත ලෙඩක් නේ.. තව ටික දවසක් විඳවන්න වෙයි වගේ.. ඊට පස්සෙ තමයි දැන් මේ කට්ටිය කෙළ පෙර පෙර කියපුවා හදාගෙන කන්න වෙන්නේ.... හි හි

      Delete
  22. කොස් ඇට අග්ගලාව හදන හැටි කියන්න ආවට අන්තිම කොමෙන්ටුවේ ළමයා ඒ ඒක කියලා තියෙනවා... ඒක හරි.. කොස් ඇට තම්බන්නේ නැහැ..කබලේ බැදලා පොතු ඇරලා ආයේ ටිකක් කොටලා තමා හදන්නේ... ලුණු ගම්මිරිස් පොල් සීනි ටික එකතු කරනවා..සමහරුනං ඕකටම එනසාල් ඇටේකුත් දානවා... වතුර ඕන නැහැ පොල්වල තෙතට පිටි ගතිය කලවං උනාම ඇලෙනවා ඉටි ටිකට...

    මමනේ ඉස්සර අපේ ගෙදර වංගෙඩි බාස්... ඒ කිව්වේ ඕනෑ දෙයක් වංගෙඩියේ කොටනවනං මට තමා ඒක බාර... අපේ තාත්තාකාරයා සමහර දවස්වලට හැන්දෑවට කොස් ඇට ටික කබලේ බැදලා දෙනවා..මං කොටනවා... හප්පා කාලෙකින් හැදුවේ නැහැ..ලබන සුමානේවත් පොලේ තිබුනොත් ගේන්ට ඕන කොස් ඇට ටිකක්...

    අර පෙරේතකමට කාලා බඩ බදං කිව්වේ..? ඔය කොයිකත් ගානකට මිම්මට..ඈ..

    ReplyDelete
    Replies
    1. මාත් අපේ ගෙදර වංගෙඩි බාස් තමා... දැං නං මට තියෙන්නේ ටිකක් ලොකු ලී වංගෙඩියක් විතරයි... ගල් වංගෙඩියක් ගන්න ඕනේ..

      ඔන්න මාත් මාරයියට කෑම ජාතියක් මතක් කළා.. හි හි...

      පෙ‌ෙර්තකමට කෑවේ චොක්ලට් වෙන්න ඕ‌ෙන් මාරයියේ.. නැත්තම් වෙන කෑමකුත් එක්ක අවුලක් වෙලා... බඩ රිදෙන්න ගත්තා.. දැං නං අඩුයි... ( චෝක්ලට් කන්න ගියාම ගානක් මිම්මක් තියාගන්න මට හරි අමාරුයි...හි හි)

      Delete
    2. මොකක්ද බං වංගෙඩි කතාව. බොලාට මෝල් ගස් අපි අරන් දෙන්නද???

      Delete
    3. දන්නැති ඒවට පනින්නේ නැතුව හිටු........

      Delete
  23. ඔන්න මමත් බ්ලොගක් පටන් ගත්ත.
    පලවෙනිම පලවෙනි කමෙන්ට් එක හිරු අක්කට :)

    කොස් තම්බල කන්න මම නං එච්චර මනාපයක් නැහැ. ඒත් කොස් කියන්නෙ කොච්චර වටින කෑමක්ද කියල දන්නව. 'බත් නැති දා කොස්' ඒමනෙ කියන්නෙ නේද.පොළොස් පැහි වලට නං ගොඩක් කැමතියි.
    අක්කට වැල වරක ගැන දාන්ඩ අමතක වෙලා :D

    ReplyDelete
    Replies
    1. ඔන්න මාත් ඒ පැත්‌ෙත් ගියා..
      තැන්ක් යු තැන්ක් යූ.. හි හි

      වැල වරකා දැම්මේ නැත්තේ ඒවා ගැන කට්ටියට මට වඩා ජාති කියන්න තියෙන බව දන්න නිසා.. හි හි.. පේනවනේ කමෙන්ට් ටික..

      Delete
  24. මොකද හිරු හැම වාක්කියකම අග්ගිස්සට හි.. හි කියලා දාන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ ඔයාලට හිනා වෙන්න සිග්නල් එක.. හි හි..

      Delete
    2. හි හි මාත් උත්තරේ දෙනකං තමා හිටියේ.. හි හි..

      Delete
  25. ඕං හිරුවෝ මම කොස් මදුලු වලටනම් කැමතියි. තම්බලා මාලුව උයලා ඔය ඕන විදිහකට. හැබැයි ඉතින් කොස් ඇට නම් වහ වගේ. ගැට ඉතින් කන්නේ අද ඊයේ ඉඳන්යෑ.D වරකා කෑවද වැල වලට අකමැතිය.

    මගේ හිතේ ඕකට හේතුවත් අර ගැටම වෙන්නැති....! හිකිස්....!

    ReplyDelete
    Replies
    1. හි හි... ගැට තමයි හේතුව.. හි හි.. කොස් ඇට වලට බඩ වේලන ගතියක් තියෙනවා නේද සමහර අයට...

      Delete
  26. අද අපිත් කෑවේ පොලොස්.උදේ පාන්දරම පිටිපස්සේ ගෙදර අක්කලා දෙන්නා බැහැයි කියන්න කියන්න මාව එක්කන් ගියානේ පොලොස් කඩන්න.අන්තිමේ ගහට බඩගාලා කොහොල්ල නාගෙන ගෙඩි 10ක් විතර කැඩුවා.

    අන්තිමට කැඩුම් කුලී වශයෙන් අපේ අම්මටත් ගෙඩි දෙකක් දුන්නා.

    ReplyDelete
    Replies
    1. දැන් කොල්ලා සික්ස් පැක් එහෙම හදාගෙන ඉන්න නිසා අක්කලා කොල්ලව එහෙ මෙහෙ එක්කන් යන එක නම් එච්චර හොඳ නෑ පුතෝ.... හි හි...

      Delete
  27. මාත් ඉස්සර ගෙදර උන් එක්ක තද උනාම දවල්ට බත් නොකා වත්ත උඩහට ගිහින් තනියම කොස් ගෙඩියක් කඩාගෙන මඩුලු ගලවලා තම්බගෙන කනවා ,ඒකට අවශ්‍ය කළමනා ආම්පන්න මං කොස් ගහේ දෙබලේ හදලා තිබුණු මගේ පැල් කොටේ හංගලා තිබුනේ

    ReplyDelete
    Replies
    1. හි හි.. ඒක නම් ෂෝක් වැඩේ.... අපෙ මල්ලිත් පොඩි කාලේ එළියේ ලිපක් බැඳගෙන තනියෙන් බත් උයනවා... ඒකට මම.. කුස්සිය පළාතේ යන්නේ නෑ...

      Delete

  28. අක්කේ වැරදිලා හරි කොස් කෑවම "ලස්සන" වෙනවා කිවුවනම් හෙට ඉදන් ලංකවේ කොස් ගසුත් හොයාගන්න නැතිවෙයි


    http://sinhalalmg.blogspot.com
    නිදහස් වෙලාවක ඇවිත් යන්න

    ReplyDelete
    Replies
    1. කොස් කෑවම ලස්සන වෙනවා තමයි මලයෝ.. හි හි... කොස් ගස් හොයා ගන්න බැරි වෙන්නේ ලී මුදලාලිලා හින්දා...

      Delete
    2. ඔන්න මාත් ඔයාගේ බ්‌ලොග් එක පැත්තේ ගියා.... මරු විස්තර ටිකක් තියෙනවානේ....

      පෝස්ට් වලට එක එක පාට දාන විදියත් දාන්නකෝ මේ මං වගේ මේ ලොකේ දෙයක් දන්නෙ නැති අයට....

      විශේෂ කෑලි Colors වලින් highlight කරන විදිය.. මට තියෙන්නේ බෝල්ඩ් කරන එක විතරයි.. සිංහල අකුරු බෝල්ඩ් කලාම හෙන කැතයි...

      Delete
    3. ඇයි බොල අර පෝස්ට් එක ලියන තැනට උඩින් තියෙන්නේ A අකුරක් යටින් කලුපාට ඉරක් තියෙන අයිකොන් එකක්.. පෝස්ට් එක ලියලා තමන්ට ඕන කරන හරිය සිලෙක්ට් කොරලා ඒ A අකුර උඩ කෙටුවාම එතනින් එක පාට ගොඩෙන් කැමති පාටක් තෝරන්නයි තියෙන්නේ...

      බ්ලොග් එකේ තියෙන අනං මනං වල පාට වෙනස් කරන්නනං ‍ඩෑෂ් බොඩ් එකේ පැත්තකින් අර තියෙන්නේ ටෙම්ප්ලේට් කෑල්ල.. ආන්න එතනින් ගෙහුං ලයිව් ඔන් බ්ලොග් එකේ යට තියෙන කස්ටොමයිස් එක උඩ කෙටුවාම හරි.. එතකොට එන එකෙන් ඇඩ්වාන්ස් කියලා තියෙන තැන කොටලා බල... අන්න එතකොට ඔය ඕන එකක් වෙනස් කොර ගතෑකි... හැබැයි පරිස්සමට ප්‍රිවීව් බල බල මිසක් සේව් කොරන්න යන්න එපා අච්චාරුවක් වගේ වෙලා තියෙයි...

      Delete
    4. හරි හරි... මෙච්චර කල් HTML එකේ හිටියා මිසක් Compose කෑල්ලට කොටලා බැලුවේ නෑ නේ...
      හි හි..

      මාරයියත් මාර ඒවනේ අප්පා දන්නේ... හි හි

      Delete
    5. යකෝ අවුරුදු තුනක් තිස්සේ බ්ලොග් ලිව්වා මිෂ පොල් ගෑවා කියලා ඉතුවද..?

      Delete
    6. ඔන්න අක්කේ මාරයා අයියා නියම උත්තරයක් දීලා තියනවා .....

      Delete
  29. අෆ්ෆෝ... පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියවලා ඉවරවෙද්දි කෙල ගිලලාම බඩ පිරුනා... මම නම් කොස් ඕන විදියකට කනව උයලා දුන්නොත්. අහ්.. අර කොස් ඇට අග්ගලා මමත් නම් කාලා තියෙනවා අපේ අම්මා හදනවා මට මතකයි.

    පව් සිද්ද වෙයි හිරු අක්කේ කොස් මදුලක්වත් නැති අපිට කොස් මතක් කරලා දීලා පෙරේත කරනවට,, ඔය බඩ රිදෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හපොයි මගේ බඩ...........................................................................................

      Delete
  30. ඔන්න දවස් ඉරිද දවසම බැරිවුණා එන්න මේ පැත්තේ. අද ආව. මෙන්න මෙතන කොස්. ඉතිං මං නං කොහොමත් වැඩියම කැමති කොස් කිරිල්ලට තමයි. එක දිගට විනාඩි 5ත් පනිනව සමහර විට.
    ඒක එහෙමයි කියමුකෝ... පොලොස් හැදිල්ල එහෙමද...
    අපේ ආච්චි ඉන්නැද්දි තමා හොඳම පොළොස් ඇඹුල කාල තියෙන්නේ මං.එයා හැම ගහේම පොළොස් ඇඹුල හදන්න ගන්නේ නැ.ඇඹුලට ගන්න ගස් වෙනම තියනවා. ඒ පොළාස් ගැට කඩල කපල කන හුණු දාලා අතුල්ලල රතේ රතට ඒදල ගන්නව හවසට.ලොකු මුට්ටියක දාල එක ලිපේ ඉදෙනවා පහුවෙනිදා උදේ වෙනකංම. මේ පොලොස් උයන දාට ලිපට දාන්න වෙනමම කුරුදු දරත් ආනේ දාල තියනවා වරකට එක බැගින් කුරුදු දර කැල්ලක් දම දමා තමා මේ ඇඹුල ඉදෙන්නෙ.ඉතින් පහුවෙනිදා උදේට හිලට පොලොස් එක්ක කෙහෙල් කොලේ බැන්ද බත් එකක රස හිතාගන්න ඇහැකිනේ...

    හිරුවෝ ඔය මොන අමාරුව හැදුනත් කොස් කිරිල්ලනං අතඅරින්නම එපා. කටම කාපං.

    ReplyDelete
    Replies
    1. කොස් කිරිල්ලට අකමැති කවුද.. හි හි.. ඒක නවත්තන්න නම් බෑ කවුරු කිව්වත්...

      අන්න.. අපේ ලොකු නැන්දා හදන්නෙත් එහෙම තමයි.... හුණු සීන් එක නම් දන්‌ෙන් නෑ... රැයක් ලිපේ තියනවා... ඒක තමයි එහෙනං රහස.. නේද.. ඒත් ඉතිං ගෑස් එක්ක ඒවා බෑ... මං පො‌ෙලාස් හදන්නේ අපේ මහත්තයා මට හදලා දිලා තියන පොල්කටු අඟුරැ ලි‌ෙප්... හැම ගහේම පොලොස් වලින් පොලොස් ඇඹුල හදන්න බෑ.. ඒක ඇත්ත..

      අම්මෝ.. ඒක කියෝනකොටත් කටට කෙල ඉනුවා..................

      Delete
  31. කොස් මරු කෑමක් නේ. මං වැඩියම කැමති වරක වලට තමයි. කොස් කපන කොට අමු කොස් මදුළු දෙක තුනකටත් අරිනවා ම තමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඒක හැම එකාම කරනවානේ.. ඊට පස්සේ බැනුම් අහනවා... ඒත් කවදාවත් ඕකෙන් නම් බඩේ අමාරු හැදිලා නෑ.. අනේ මන්දා... හි හි...

      Delete
  32. Replies
    1. මොකටද අප්පා හොරෙන් හිනා වෙන්නේ...... හි හි

      Delete
  33. මගෙ වයසෙ හැටියට උපදෙසක් දෙන්නං. මම නං පොලොස් උයන්නෙ pressure-cooker එකේ. ගැස් ඉතුරුයි. කෑම රහයි. ඩියුටි ෆ්‍රී සාප්පුවෙ ඩොලර් 18 කට ගන්ට තියෙනවා පොඩි එක. නැතිනම්..... http://www.anything.lk/retail/home-kitchen/pressure-cookers/kundhan-3l.html

    ReplyDelete
    Replies
    1. ඔව් නැන්දේ.. අපේ අම්මත් ප්‍රෙෂර් කුකර් එකේ තමයි පො‌ෙලාස් හදන්‌ෙන්.. අපේ අම්මා නං බත් උයන්නෙත් ඒකෙම තමා.. කඩල, කවුපි තම්බන්නෙත් ඒකේ... සුප් හදන්නෙත් ඒකේ... හි හි.. මාර ගෑස් ඉතුරුවක් තියෙනවා... කෑම වල ගුණෙත් ඉතුරු වෙනවා.. ඉතිං අපේ අම්මා මට ප්‍රෙෂර් කුකර් එකක් අරං දුන්නා...

      මාත් පො‌ලොස් ටික ප්‍රෙෂර් කුකර් එකේ දාලා තැම්බුනාම මැටි ඇතිලියට දාලා, අපේ මහත්තයා හදලා දිලා තියෙන පොල්කටු අඟුරු ලිපේ තියලා පැය දෙක තුනක් තියනවා.. නැත්තම් තුනපහ අල්ලන්නේ නෑ නේ....

      Delete
  34. වරක හරි වැල හරි ඇට පොතු පිටින් තම්බලා සුද්ද කරන්නේ නැතුව හදනවා කළු පොල් මාළුව කියල එකක්. හදන විදිහ මතක නෑ හරියටම. මතක විදිහට කියන්නම්, රස දැනුනු විදිහට කියන්නම්.
    කොස් ඇට ටික පොත්ත පුපුරනකල් තමබා ගන්නවා.
    ඊට පස්සේ මිරිස් තුනපහ එහෙම බැදලා දාලා හදනවා ටිකක් සැරට හොද්දක්. ගම්මිරිසුත් දානවද කොහෙද. තව අනිවාර්යයෙන් දානවා ගලවපු පොල් කෑලි ටිකක්. ඒක උතුරනකොට අර කලින් තමබා ගත්තු කොස් ඇට ටික දානවා හොද්දට. ටිකක් වෙලා තියලා බා ගන්නවා. කිරි දානවද කියල මතකයක් නෑ. දැම්මත් පොඩ්ඩයි දානවා ඇත්තේ.

    පොඩි පොඩි වෙනස් කම් කරලා බලන්න. ක්‍රමේ අල්ල ගන්න පුළුවන් වෙයි. කොස් ඇට සුද්ද කරන්නේ නම් නෑ. ඒ වගේම වැල හරි වරකා හරි හොඳට පිටි තියන ඇට මිසක් අනෙක් ඒවා හරි යන්නෙත් නෑ. මොකද තම්බපු ඇට වල පොත්ත පුපුරලා තියෙන්න ඕනි. නැත්නම් රස එන්නේ නෑ. නිකම් මිරිස් හොද්දක් වගේ එහෙම උනොත්.

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න චන්දනට මගෙන්...

      මාර සිස්ටම් කලුපොල්...

      හදන විදිය ඕකේ කමෙන්ට් එහෙක මං ලියලා ඇති...

      Delete
    2. ඒක මරු. වෙලාවක බලන්න ඕනි හදන්න.

      Delete
  35. කොස් ගහට බත් ගහ කිව්වෙ ඒකනේ බොලං...රජයෙන් කොස් ගස් කැපීම තහනම් කොලෙත් සාගතයක් හෙම ආවොත් බත් වෙනුවට තියෙන හොදම ආදේශකය කොස් නිසා...

    ඒ උනාට සරුවට වැඩුනු කොස් ගහක් දැක්කම ලී මුදලාලිගෙ කටට කෙළ උනන්නෙ ඇයි කියලත් දන්නවා නොවැ...

    මාරයට නයියා වගේ මේ කෙල්ලට මේ කොස් ගහ උදව් උනානෙ පෝස්ටුවක් දා ගන්න... මමත් ගේ වටේ කැරකිලා බලන්න ඕනෙ හූනෙක් බිත්තරයක් වත් දානවද කියලා..

    ReplyDelete
    Replies
    1. ලියන්න ඕන උනාම කකුල් දෙක ගාව තියෙන සෙරෙප්පු ජෝඩුවෙන් හරි කාරණයක් උපද්දවගන්න තමුන් වග බලා ගන්න ඕන..එහෙම නැතිව කාරණා පහල වෙනකල් බලං ඉදලා බැහැ බොල...

      හා දැන් උඹ ඔය හුනෝ බිත්තර දානකල් බලා නොයිද හොයා බලාපං "හූනා" කන්නේ මොනවද "නොකන්නේ" මොනවද කියලා... උඹට කිසි අවුලක් නැතිව පෝස්ට් එහෙකට කරුණු හම්බ වෙයි...

      Delete
    2. ඒක හැබැයි මාරයියේ...

      ඒත් මේ පද පෙරළුම් නම් හරිම කැතයි ඈ....... සිරා කොහොමද ඔය කිව්ව එක කොරන්නේ ඉතිං... හි හි...

      Delete
    3. චීයා මෙයා...අපි නෑ ඕවට... මම හූනා අතඇරලා කටුස්සෙක් හොයාගන්නම්...

      Delete
    4. ඔන්න ඕකනේ කරන්න බැරි... නංගිලා ඔය එව්වා මෙව්වා පෙරල පෙරල නොබලා ඇති දේ ඇති හැටියෙන් දකින්න පුරුදු වෙන්නකෝ... ඔයාලා‍ගේ වැඩේම එක එක ඒවා පෙරල පෙරල බලන එකමයි.. අන්තිමට මේ අහිංසක අපි වැරදි...සංසාරේ... :D

      Delete
  36. කිරි කොස් නම් සිරාය !

    ReplyDelete
    Replies
    1. කොස් කිරොත් නම් සිරාය ...D

      Delete
    2. ඔය කිව්ව දෙකම සිරාය.... හි හි....

      Delete
  37. කොස් කූරු ගාල කිරි හොද්දකුයි, කරෝල හොද්දකුත් තිබුනා නම් වෙන මුකුත් ඕනේ නෑ .... කෙලත් උනනාවෝ..මතක් වෙනකොට

    ReplyDelete
    Replies
    1. තවත් අති සාර්ථක කොස් පෙරේතයෙක්.... හි හි....

      Delete
  38. මේ දවස් වල බ්ලොග් ලෝකෙ එක එක රෙසිපි වැහි වැහැලානේ. කටට කෙලත් උණනවා... පොලොස් යනු මගෙත් ප්‍රියතම කෑමකි...

    ReplyDelete
    Replies
    1. ඇයි තොටියා මම! කොස් පොලොස් වරකා කිරිකොස් අ‍ටුකොස් ඇට කොස් ඇට බැදලා තම්බලා කොස් මැල්ලුම්....මේ ඔක්කොගෙම රසිකයෙක් මම. කොමා දාගන්ඩෝ...
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. රෙසිපි ගැන නෙවෙයිනේ ලියන්න ගියේ තොටියෝ.. ඒත් අන්තිමට රෙසිපි එකතුවක් වෙලා.... හි හි...

      හරි හරි කොමා ඕන් නෑ.. ඔයා කොස් පෙරේතස් කියලා අපි දන්නවා ඩූඩ් අයියේ... දැං ආවම කන්න බැරියෑ.....

      Delete
  39. කෝ අනේ මම දාපු Comment එක?

    ReplyDelete
    Replies
    1. අනේ ගයනි ඔයාගේ කමෙන්ට් එක ස්පෑම් වල වත් නෑ... මොකක් හරි අවුලක් වෙලා.....

      Delete
  40. දෙසැම්බර් මාසෙ නිවාඩුවට ආවම කන්නම්කෝ.. ඔය ඔක්කොම ජාති මස් මාලු ඇර හැබැයි.. මම කැමති කොස් තම්බලා කිරි හොදි පොල් සම්බොල එක්ක මිරිස් බැදලා සුදු හාල් බත් එක්ක කොටාබාන්නයි..

    ReplyDelete
    Replies
    1. සරත් අයියා වෙජි‌ෙට්රියන්ද.... ඒක හොදයි.. ඔව් ඔව්.. ඒකත් හොඳ රෙසිපි එකක් තමයි...

      Delete
  41. අපේ අම්මගෙන් තමයි මම මොනවද කන්න කැමති කියල අහන්න වෙන්නේ , මට ඔය කොස් දෙල් , පොලොස් වල වෙනස තේරෙන්නේ නැහැ :D

    ReplyDelete
    Replies
    1. මරු එක්කෙනෙක්.. හි හි.. මගේ මේ පෝස්ට් එකත් කියවන්නකෝ.. මාත් ඔය ජාතියේ තමා...
      මං කිරිබත් හදපු හැටි...

      Delete
  42. මෙන්න සුට්ටි කතාවක් මතක් වෙලා දැම්ම යක්කුත් කොස් කිරන වෙලාවෙ! :D
    කියෝල මොනා හරි කියන්ඩෝ

    ReplyDelete
    Replies
    1. http://samigepunchilokaya.blogspot.com/2012/11/blog-post_24.html

      Delete
    2. යක්කුත් කොස් කිරනවද මලයා... මළ මඟුලයි.. හි හි..

      Delete