Thursday, November 1, 2012

මහ වැස්සේ වීර චාරිකා...

අද දාන්න යන්නේ පිස්සු පෝස්ට් එකක්... හි හි... වැස්සට හිරිකිඩ වැදිලා ‌මගේ මොළේ කචල් වෙලා නෙවෙයි.. අර ඊයේ පෝස්ට් එකට නිනුයි මීයායි දාලා තිබ්බ කමෙන්ට් වලින් මේ පරණ කතාව මතක් වෙච්ච නිසා.. හි හි....

ඒ කියන දවස්වල, මට මතක හැටියට එතකොට මම 7 වසරේ විතර... ,මගේ ගමනාගමනය සිද්ධ උනේ ස්කූල් වෑන් එකේ... වෑන් එකේ කතාවල් ටිකක් ඩ්‍රාෆ්ට් එකේ තියෙන නිසා ඉදිරියට දාන්නම්කෝ...

එදා උදේ මේ වගේම පුදුම වැස්සක් තමයි තිබුණේ.. අපි 6ට විතර පාදුක්කෙන් ආවට ඉස්කෝලෙට එනකොට 7.30ත් පහුවෙලා.. නොදන්න කට්ටියට දැනගන්න ඉස්කෝලෙ පිහිටීම ගැන පොඩ්ඩක් කියන්නම්කෝ...

ඉස්කෝලෙ කිව්වේ ගෝතමී බාලිකාව... ඉස්කෝලෙට ඇතුල් වෙන්න ගේට්ටු දෙකක් තියෙනවා.. එකක් මරදාන පැත්තෙන් ඇවාම අහුවෙන ඉස්සරහා ගේට්ටුව.. අනිත් එක පුංචි බොරුල්ල පැත්තෙන් ආවම අහුවෙන පල්ලෙහා ගේට්ටුව.. ( ඇත්තටම ඉස්කෝලෙ ඇතුලෙන් ඔය විදියට කොටස් දෙකකට තමයි තියෙන්නේ... ) ඔන්න මම වරද්දලා නං නිනූ හරි ගස්සන්න හොදේ....

ඕකේ ඉස්සරහා පැත්තෙන් ගියොත් ආනන්දේ තාප්පෙත් එක්කමයි පාර... අනිත් පැත්තෙන් ආවොත් අහුවෙන්නේ නාලන්දේ.... මේ ටික කිව්‌ෙව් කතාවට අදාළ නිසා හොඳේ...

ඔන්න ඉතිං අපි සුපුරුදු විදියටම අනිත් ළමයි ටික දාගෙන පල්ලෙහා ගේට්ටුව පැත්තෙන් ආවා..... හෝ ගාලා වහිනවා.. ඒ අස්සේ රේඩියෝ එකෙන් කියනවා හිම වැටෙන කතාවකුත්... අපිට ඕවයැ ගානක් තියෙනවයැ.. අපි පිස්සු නට නට ආවා... නාලන්දේ කොල්ලන්ව කවදාවත් නැතුව ඉස්කෝලෙ ඇතුලටම ගිහින් දාපු අපේ පුෂ් අයියා, ඊළඟට අපි කීප දෙනාවත් අරගෙන අපේ ඉස්කෝලෙ පැත්තට ආවා..

මොන.... ඒ පැත්ත සම්පූර්ණයෙන්ම යට වෙලා....... කිට්ටු කරන්නවත් බෑ...

ඒ පැත්තේ ඉඳලා එන පිරිමි ළමයි ඉණ ගාවට වතුරේ බැහැගෙන එනවා... මට මතක හැටියට එදා විභාග දවසක්... සිංහල පේපර් එකද කොහෙද තිබු‌ෙන්.. ඉස්කෝලේ යන්නම ඕනේ.. ඒ අස්සේ කොල්ලෙක්ගේ ෆයිල් එකක් වතුරේ පාවෙනවා... ( ඒ කාළේ ඉස්කෝලේ පටං ගත්තේ 7.45ට..) දැං හොඳටම පරක්කුයිත් එක්ක..

ඒ පාර පුෂ් අයියා ආයිමත් වෑන් එක හරවගෙන ඉස්සරහා ගේට්ටුව පැත්තෙන් ආවා..

මොන.. ඒ පැත්තෙනුත් පාර බ්ලොක්... ආනන්දේ තාප්පෙ කැඩිලා පාරට වැටිලා...

ආයිමත් හරෝ‌ෙගන පල්ලෙහාට ආවා.. වෑන් එකේ රෝද වලිනුත් උඩට වතුර එනකම් ඉස්සරහට ගියා... පුෂ් අයියා වීරයා වගේ... ( අපේ වෑන් එකේ අයිතිකාරයා නාලන්දේ උගන්නපු හාමුදුරු කෙනෙක් හොදේ...) තව ඉස්සරහට යන්න හැදුවා විතරයි. මේක හිට්ටා.....

මොකද්ද එකකට වතුර ගිහින්ලු... අපිට ඒවා තේරෙනවයැ...

ඔය කාළේ සෙල් ෆොන් තිබුණේ නෑ ළමයි.... නැත්තම් කාටහරි කෝල් කරලා බලන්න තිබ්බා... හි හි...

ඒ පාර පුෂ් අයියා ඇහුවා මොකද කරන්නේ කියලා.. අපේ කට්ටිය එක පයින්ම ඉස්කෝලෙට යං කිව්වේ විභාගේ හින්දා.... ඒ පාර අයියා කියපි එහෙනං අපි බැහැලා යං කියලා...

අපි‌ට මොකෝ.. ඒක නේ ජොලිම වැඩේ...... හි හි.. ඔන්න කට්ටියම බැස්සා.... මට මතක හැටියට කෙල්ලො තුන් දෙනෙක් විතර හිටියා... බැහැලා බලන කොට මගේ ඉණ හරියට වතුර...

හොඳටම වහිනවා.... ඒ අස්සේ හෙණත් ගහනවා... ගොරවනවා... අලි මදිවට හරක් කියලා සීතලම සීතලයි......ගවුම් සායවල් පාවෙනවා....

සපත්තු බෑග් එකට දාලා, බෑග් කරේ තියන් අපි හිමින් හිමින් ඉස්සරහට ආවා.. පුෂ් අයියා අපිට ඉස්සහින් යනවා... පාර ෂුවර් නෑනේ.. වළවල් කොහෙද, කාණු කොහෙද කියලා පේන්නේ නෑ...

අපිට ඉස්සරහින් කොල්ලොත් නාගෙන එනවා..ඒ පරක්කු කෝච්චි.... උන්ගේ ෆයිල් වලින් වතුරු බේරෙනවා...අපි වගේ කුඩ අරං යන උන්යෑ.... හි හි....

ඒ දවසවල හැම ඉස්කෝලටම වාර විභාග පේපර් එක එකටමයි දෙන්නේ.. දැං නං වෙනස් ද දන් නෑ... ඉතිං පේපර් එකක් මිස් කර ගත්තොත් විනාසයි....

ඔහොම ඔ‌ෙහාම අපි ගේට්ටුව හරියට ආවා.. කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු.. ‌ගේට්ටුව ඉස්සරහට මහින්දාරාමේ පැත්තේ තිබ්බ ගහක් කඩං වැටිලා...

එහා පැත්තේ ප්‍රීෆෙක්ට් අක්කලා ඉන්නවා... ඒ ගොල්ලො හොඳටම බය වෙලා.. ගහ කඩන් වැටිලා තියෙන්නේ අපි එතනට යන්න විනාඩි ගානකට කලින්..

පොඩි ගහක් උනාට ඒක උඩ්න් පනින්න මට බෑ... මම තමා පොඩිම එකා.... ඒ පාර පුෂ් අයියා මාව උස්සලා අනිත් පැත්තෙන් තිබ්බේ ප්‍රීෆෙක්ට්ස්ලාට මාව අල්ලගන්න පුළුවන් විදියට.. අනිත් අක්කලා දෙන්න නං අමාරුවෙන් ගහේ අතු පැත්තෙන් පැනලා, ඇඟවල් හූරගෙන කොහොම හරි ආවා..

කතාව ඉවරද.....නෑ පිංවතුනී.. නව ටිකක් තියෙනවා.... හි හි.... ( මාරයියා මට ගහයිද දන් නෑ... හි හි)

මම ක්ලාස් එකට යනකොට අපේ උන් ඔක්කෝම සපත්තු මේස් ගලෝගෙන, සමහරැ ගවුමුත් ගලෝගෙන.. හි හි ... එක පිස්සුවක්... ඇත්තටම මාත් හොදටම තෙතබරි වෙලා...

ටික වෙලාවකින් එනවුන්ස්මන්ට් එකක් ඇහෙනවා ..... ” අධික වර්ෂාව නිසා අද දින වාර විභාගය පවත්වන්නේ නෑත... සියලුම ශිෂ්‍යාවන් පන්ති කාමර තුළම රෑදී සිටින්න... ” කියලා....

කොහොමද සැප.......

ඔන්න ඔ‌ෙහාමයි අපේ වීර චාරිකාව ඉවර උනේ....

ප.ලි. හැබැයි පුෂ් අයියා යන්න කලින් අපිට කිව්වා හවසට වෑන් එක එන්න පරක්කු උනත් කොහෙවත් යන්නේ නැතුව ඉස්කෝලෙම ඉන්න කියලා.... මොකද ඒ වෙනකොට වෑන් එක කැඩිලා නං හදාගන්න වෙන නිසා... කො‌ෙහාම හරි හවස වෑන් එක වෙලාවට ආවා...

මම ඒ කෑල්ල විශේෂයෙන්ම ලිව්වේ පුෂ් අයියා කොයි තරම් වගකීමකින් අපි ගැන බැලුවද කියන එක කියන්න.... දැං නං ඒ වගේ මිනිස්සු හොයන්න අමාරු වගේම, විශ්වාස කරන එකත් ඒ තරම් හොඳ නෑ මගේ දැනීමේ හැටියට....

111 comments:

  1. ඔය වගේම සිද්ධියක් මටත් තියෙනවා... එතකොට මම 10 පන්තියෙ වාර විභාග දවස්... මහා මාර්ගය ජලයෙන් යටවෙලා කිසිදු වාහන ගමනාගමනයක් නෑ... අපේ පාසලේ තව කීප දෙනෙක් එක්ක අදුනන වාහනයක එල්ලිලා වතුර ගලපු තැනට ඇවිල්ලා එතැනින් පස්සෙ ජල තරණය ආරම්භ කලා... හිතුවාට වඩා ගැඹුරුයි...කලිසම සම්පූර්ණ යටවුනා... ජලය ගලපු ඉසව්ව පහුඋනාට පස්සෙ තමා ආතල් වැඩේ උනේ... ජලය බේරෙන සුදු කලිසම් අස්සෙන් වැල් ජොකා මරුවට පේනවා... පාරෙ හිටපු පොඩි උන් කෑ ගහලා කියනවා අරූගෙ ජොකා ලා නිල් පාටයි, අරූගෙ එක අළු පාටයි කියලා... උගෙ කට කඩන්න උගෙ පස්සෙ ටිකක් දුර එළෙව්වට පස්සෙ තේරුනා මේ ගමන බොරු වැඩක් බව... අපි ඉතිං ආයෙමත් පා ගමනින්ම කිලෝමීටර් 3 ක් විතර ගෙවලා නිවසට සේන්දු වුනා... අම්බානක සාටර් වෙලා එදා කුජීත දවසක්...

    ReplyDelete
    Replies
    1. හි හි...

      ඔය සන්තෑසියම තමා බං එදා අපිටත්.... ඒත් ඉතිං මං නං ඇත්තටම පොඩි එකානේ.. ඒක නිසා ගානක් තිබුන් නෑ... හි හි...

      උඹේ අර නව නිෂ්පාදනයයි මේ කමෙන්ට් එකයි බලලා ඊයේ රෑ අපේ මහත්තයා පැය බාගයක් විතර මතක් කර කර හිනා උනා... හි හි....

      Delete
    2. අපේ මහත්තයා අඩියක් එහෙම ගහනවානම් වෙලාවක සැට් වෙමු කියන්න...

      Delete
    3. සෙට් වෙලා අඩි නෑ නේ එයාට... හි හි... ගහන අඩියක් ගෙදර ඉදං....

      මරු පොරවල් දෙකක් ලු සෙට් වෙලා තියෙන්නේ.. හි හි..

      Delete
  2. බොලා ගේ ප්‍රෂ් අයියා එළ අයියෙක් තමා , අම්මෝ දැං අයියලා

    ReplyDelete
    Replies
    1. හිරුවෝ ඔන්න අටම් අයියා බොට පටිට යන්න බැනල පුරාවෘත්තයපැත්තේදී. මොකෝ කරන්නේ මේකාට???

      Delete
    2. පුෂ්පසිරි, පුෂ් අයියා උනේ ඒ හින්දා තමා... අපිට ඒකත් එක්ක මල පැන්නම පුෂ් නිකම්ම පුස් පාන් වෙනවා.. හි හි..

      දැං නම් කිසි කෙනෙක් ඒ වගේ විශ්වාස කරන එක හොඳ නෑ අටම්... ඇත්තටම හොඳ අය තාමත් ඉන්නවා. ඒත් අපි පරිස්සම් වෙන එක තමා වැඩිපුර හොඳ...

      දේශකයෝ... බලපං බං... ඇත්ත කිව්වාම කියන කතා...

      Delete
    3. දේශකයෝ... උඹ මාව කාලනේ බං අරෙහෙ... පවු කියලා මාරයියව එවන් නැතුව හිටියා.... හිටු අද නං උඹට ගුටියක් දෙකක් ඉල්ලලා දෙනවා....

      Delete
    4. ඔන්න උඹට තැන්කූ පාරක් දාලා ඒකා මගේ පස්ස මහල අරළු පෙති දෙන්ට හදන්නේ. හැබැයි පුතේ අද රෑට හීනෙං ඒක දැක්කොත් නං උඹලයි කඩේ ගාවට තමා අසනීපෙ හොද කරගන්න එන්නේ. හරිය.. මම කොහේද බං මේ මගුල ලීක් කරේ. උඹම කියහං කොහේදිද කියල

      Delete
    5. යන්න ඕනෙම එකා එතනට යන්නේ නැතුව උඹට සම්බුව ඉල්ලලා දෙන්නෙ කොහොමද... ඒකයි කේලම කිව්‌ෙව්..

      සික්.. මේක තිසරයා දැක්කේ නැත්තම් හොඳයි.... අර මොකද්ද පට්ටම මට දෙන්න කියලා කියයි... වහ කන්න තමයි වෙන්නේ මට... හි හි....

      Delete
  3. උදේ ඉදන්ම මෙලෝ රහක් නැති වැස්සේ ඔන්න හිරුවගෙ වීර චාරිකාව කියෙව්වා..වීර චාරිකාවක්ම නේන්නම්...ඉස්කෝලේ යන කාලෙ නම් වහිද්දී මාරම ආසයි...වැස්සෙ සද්දෙට ඇහෙන්නෙ නැති නිසා උගන්වන්නෙත් නෑනේ...මාරම ආතල්...දැන් නම් වහිද්දී බෙල්ල මිරික ගන්න හිතෙනවා...

    මේ දවස්වල හිරු දකින්නවත් නෑ... මලම වදේ... රෙද්දක් වෙලගන්නවත් තියෙනවද...හැංගෙන මඟුලක පස්සෙ හැංගියන්...මගේ ඩෙනිම් ටික වේල ගන්න කම් වත් චුට්ටක් එබිලා යමංකො හිරුවො...



    ReplyDelete
    Replies
    1. ඔන්න අද නං වළාකුල් ටික එළෝලා දාලා යන්තම් මගේ ආදරණිය ලවු එක වෙච්චි පොළව බලා ගත්තා.. උමගේ වැඩෙත් කරගනිං ඒවෙලාවෙම... හි හි..

      මටත් ඔය සන්නෑතියම තමා බං.. ඩෙනිම් නම් හෝදන්නේ නැතුවම හිටියේ... අපේ මහතත්යාගේ යුනිෆොම් හෝදලා ගේ ඇතුලේ දාගෙන ඉඩත් නෑ....

      Delete
  4. වැස්සට හැමෝගෙම මොල වලට ලාවට වගේ පින්න වැදිලා මට පේන හැටියට.....

    ගවුම් ගලෝගෙන ඉස්කෝලේ? හොඳ වෙලාවට ඒ කාලේ යට ගවුම් කියලා ජාතියක් තිබ්බ නේද?

    ඇත්තටම මාරයගෙ කෑල්ලක් පාවිච්චි කලාම පෝස්ට් එකට පොඩි ගතියක් එනවා තමා... මතක තියාගන්න ඕන.... හිරු මාර සරණිය කියවන්න කිව්වට පස්සෙ දැන් ඔන්න මම මාර ඉතිහාසයම කියවන්න ගත්තා... අද මේ වැස්සට තෙමිලා විකාර කවි ලිව්වට ඒ කාලෙ මාරය නියම කවිනෙ ලියලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද බොලේ..දැන් කවි තෙල් බොන්නේ නැහැනේ... එව්වා බිව්වම තමා හොඳට කයි ලියවෙන්නේ...

      බොහෝම ස්තූතියි කිව්වා වරුනාවට...

      Delete
    2. තිසර...

      අපි ඉස්කේාල වල ඉතිං කේලලෝ විතරනේ බං.. ඕවා ගාණක් නෑ ... අනිත් එක පොඩි පන්තිනේ... ලැජ්ජාවක් නැති එවුන් ටිකක් හිටියා.. හි හි....

      ඇයි දැං එවුන් යට ගවුම් අඳින්නේ නැද්ද....????? ඒවා අඳින් නැතුව සුදු යුනිෆොම් එක අඳින්න බෑනේ... වීදුරු කූඩුව වගේ...

      මාරයියගේ පෝස්ට් කියෝලම මට දැං ඔය කෑලි කට පාඩං... හි හි... මාරයියත් එක්ක කේන්නි යන්නේ අර කොළඹ , කොඹළ වගේ මාරු කරන කොට තමයි.... මොකද ඒ වගේ ඒවා ඔලුවට ගියාම ලොකු අයටත් වචන පැටලෙනවා වැඩියි...

      මාරයියේ...

      මට දැං තමයි අර මම දාපු බෙබේ පෝස්ට් එකකට, අවුරුදු 2කට කලින් කියන්න එපැයි කියලා ඔයා දාපු කමෙන්ට් එක හරියටම තේරුනේ...

      Delete
  5. එල වැහි , ඉස්කෝල කතාව එල ...

    ReplyDelete
    Replies
    1. දෙකම එළ දැං නං.. ඒත් ඒ කාලේ... හි හි

      Delete
  6. වීර චාරිකාව නම් පංකාදුයි.
    අර තිසරු කිව්වත් වගේ ඒ කාලේ යට ගවුං කියලා ජාතියක් තිබ්බේ. දැන් එහෙම උන්නා නම්....

    ReplyDelete
    Replies
    1. ඇයි බං... දැං එවුන් ඒක අඳින්‌ෙන් නැද්ද...?????

      මාරයි නේ.. අපිට නං ඒක නැතුව බෑ. යුනිෆොම් එක වීදුරු කූඩුව වගේනේ...

      Delete
  7. මටත් වැහි දවසක වෙච්ච සීන් එකක් මතක් උනා මේක කියවලා. ඒලෙවල් කරන කාලෙ. බස් එකේ ගිහිල්ල බහින්න යනකොට වහිනව පැලෙන්න. බස් එකෙන් බහින තැන ඉඳන් ඉස්කෝලෙ ඇතුලට මීටර් 100ක් විතර තියනව. ඒ කාලෙ පොත් දෙකක් රෝල් කරගෙන නේ යන්නෙ. අපි ඉතින් කුඩ ගෙනියන එකක්යැ. බස් එකෙන් පැනපු ගමන් දුවන්න ගත්ත ගේට්ටුව පැත්තට. මොන..අඩි දෙකක් දුවනකොට තේරුනා ඉතුරු ටික මෙහෙම ගියොත් අම්බානක් තෙමෙන බව. අනිත් කිසි දෙයක් ගැන සිහියක් නෑ. එකම අරමුණ නොතෙමී ඉන්න එක. දුවන අතර තුර දැක්ක ඉස්සරහින් කුඩයක් අරන් යන කෙනෙක්. පුද්ගලය කවුද කියල බැලුවෙත් නැතුව හති දාගෙන ගිහින් කුඩේ යටට රිංගල, මමත් කුඩ මිටෙන් අල්ලන් අර කෙනාවත් ඇදගෙන ආපු වේගෙන්ම දැන් අඩි දෙක තුනක් දිව්ව. එතකොට ඔන්න ගෑනු කටහඬක් කෑගහනව කන ගාවින් "තමුසෙට පිස්සුද ඕයි" කියල. මාව ගැස්සිල ගියා. හුටා..බලනකොට අපිට වඩා අවුරුදු දෙක තුනක් පහළ පන්තියක කෙල්ලෙක්. මං හිතන් හිටියෙ කොල්ලෙක් කියල. වැස්ස අස්සෙ මුණ බැලුවෙ නෑ නේ. හතරවිලිලැජ්ජාවයි. මං නිකං බලහත්කාරකමක් කලා වගේ මට කෑගැහුවෙ. තෙමෙන එක සැපයි කියල හිතල නාගෙනම පන්තියට බඩගෑව. (දිග වැඩි ද මන්දා)

    ReplyDelete
    Replies
    1. අපොයි.... හි හි... පවු අප්පා කොල්ලා....

      නෑ නෑ දිග වැඩි නෑ... ‌මේකේ ඕනෙ තරම් ඉඩ තියෙනවා...

      Delete
  8. ඔන්න අපිත් ආවා....

    හි හි වාර විභාගෙ නැති එක තමා අනික් සේරමටම වඩා ජොලිය දැනුණ නිවිස් එක නේ...
    මටත් ඔහොමිම වෙලා තියෙනවා හැබැයි මීට අවුරුදු 2කට විතර කලින් තමා කටිට කාගෙන ඉස්කොලෙ ගියාට පස්සෙ කිවිවෙ නැතැ පුතාලා පුලුවන් නමි ගෙදර යන්න වතුර බහිනකමි ඉස්කෝලෙ පටන් ගන්න එකක් නෑ කියලා(කොළඹ ඉස්කෝලයක්ලු හොදේ ...ඒවානෙ ඉතින් ටක් ගාලා යට වෙන්නෙ හි හි...)

    ReplyDelete
    Replies
    1. පිස්සු තමා... සිංහල මගේ ‌‌ආසම විශය.... හි හි...

      මට නම් ඇත්තටම කිසිම ගානක් තිබ්බේ නෑ ඒ වෙච්ච වැඩේ ගැන.. තෙමි තෙමි වතුරෙ බැහැ ගෙන යන එකේ තිබ්බ ජොලිය ඇරෙන්න.. හි හි....

      Delete
  9. ඒ අයිය තමන්ගේ වගකීම හරියටම ඉටුකරලා තියෙනවා. දැන් ඉන්නේ අයියල නෙවෙයි කුකුල්ලු.

    ReplyDelete
    Replies
    1. හි හි... ඒ කලෙත් හිටියලුනේ කුකුල්ලු... ඒත් මේ වෑන් එක ගැන තිබ්බ විශ්වාසේ තමා, පන්සලේ වෑන් එක වීම... හාමුදුරැවොත් ගොඩක් වෙලාවට අපේ වෑන් එකේ යනවා උදේට...

      Delete
  10. මගේ උසස් පෙළ විභාගේ තිබුණේ ගෝතමියේ.

    ReplyDelete
    Replies
    1. කකාගේ කී වෙනි වතාවට ලියපු උසස්පෙළද.. හි හි..

      මං හිතං හිටියේ තමන්ගෙ ඉස්කෝලේමයි කියලා ඉස්සර ඉඳලම විභාගෙත් තිබ්බේ... පොෟද්ගලික අපේක්ෂකයන්ට නම් ළඟම තියෙන විභාග මධ්‍යස්ථානය දෙනවා නේ...

      Delete
  11. මම නම් ඒ දවස්වල වැහි කාලෙට පාරේ දියෙන මඩ වලවල් හොය හොයා පනිනවා. කොච්චර පාරේ ඉඩ තිඋනත් මඩවලකින්ම එගොඩ වෙන්නේ. :)
    ඔහොම වතුරට පැන පැන ගෙදර යනකොට සපත්තු වල වතුර පිරිලා කකුල්වල ඇඟිලිත් පිපිලා. ඒ මදිවට මේස් එහෙම කුණු කරෝල ගඳයි. :)

    ReplyDelete
    Replies
    1. ඊක්..... මතක් කරන්න එපා මධූ.....

      Delete
  12. ඔය කොයි අවුරුද්දේ වගේද හිරුවෝ...95/96හේ වගේද..?

    ගෝතමිය කිව්වම ඉතිං අපේ සින්නක්කරේ නෙව... :)

    (මේකි මගේ පින් වාක්කිය උස්සලා මදිවට තව මේ කාටවත් හිංෂාවක් නොකරන මං ගහයිද කියලත් ලියලා... හනේ මගේ මෙව්වා එක...)


    ReplyDelete
    Replies
    1. 96 මාරයියේ...

      ඔයා මොනාද ඒ පැත්‌ෙත් කළේ.. බැරි වෙලා හරි මහින්දාරාමේ පැත්තේ එහෙම හිටියේ නෑ නේද... හි හි..

      (අපේ පන්තියේ හිටපු කෙල්ලෝ කීප දෙනෙක්ම පන්සලේ හිටපු ලස්සන හාමුදුරුවො එක්ක මුකුළු කර කර හිටියා..... හි හි...)

      Delete
    2. හපෝ නැහැ ඒ වෙද්දී පන්සල්වල හිටියේ නැහැ..මාත් වැස්සට ඉස්කෝලේ ගියේ බොලාලගේ අල්ලපු ඉස්කෝලෙට තමා... බොලාලයි ඉස්කෝලේ තමා ඉතිං අපේ අන්තඃපුරේ... දැන් තේරෙනවනේ කෝකද කියලා..?

      Delete
    3. අල්ලපු ඉස්කෝල දෙකයි.....

      පරිප්පු ආනන්දෙද.. කසිප්පු නාලන්දෙද.....

      Delete
    4. මොම් මොකක් කිව්වා..කක් කෂිප්පු... අඩෝව්...!

      Delete
    5. ඔය ඉතිං.... මං බොරුද කිව්වේ.. ෂික්.. මේ උදේ පාන්දරම ජරාව බීලාද කොහෙද....

      හි හි....

      Delete
    6. මාරයියේ.. අන්න අර දේශකයා ඔයාට පාට් එකක් දාලා... මම පවු කියලා නොකියා හිටියේ... හරි යන් නෑ.. ඔන්න කේලම කිව්වා.. ගිහින් බලලා එන එකයි....

      මොනවද දන්නේ?

      Delete
    7. අඩෝව් නාලන්දේ කොහෙද යකෝ කසිප්පු තියෙන්නේ විස්කි...හරිය බොරුනං අහන්න අපේ මහත්තයගෙන්

      Delete
    8. හපොයි.. මෙන්න අනිත් එක්කෙනත් ඇවිල්ලා... හි හි.....

      Delete
    9. මාර (නාලීන්)දයෝ හෙක් හෙක්...

      Delete
  13. //මොකද්ද එකකට වතුර ගිහින්ලු... අපිට ඒවා තේරෙනවයැ...// මේකට නම් ලියන්න ගොඩක් දේවල් හිතට එනවා....හි..හි.. ඒත් ලියන්නේ නැ..

    දන්නවද ඒ කාලේ වැස්ස වෙලාවට ගෝතමියේ කෙල්ලො තෙම්ල ඉන්නව බලපු එක අපේ චාරිත්තරයක් වගේ..මාර සුන්දරයි...ගවුමේ කරත් නෑනේ....හෙ..හේ....
    වැහි දාට කොල්ලො සෙට් එකම සිරිධම්ම මාවතේ තමා...

    ReplyDelete
    Replies
    1. නලීන් අයියා මොනා ගැනද මන්දා කියන්නේ..මම කිව්වේ වෑන් එක ගැන... හි හි....

      අපෝ.. අපි දන්නේ නැද්ද නාලන්දෙ කට්ටිය ගැන....

      ඇත්තටම ඔය ගවුම් කරත් එකක් නං මාර වදයක් අප්පා තිබ්බේ අනිත් උන්ට.. පොඩි කාලේ නං තේරුමක් තිබ්බේ නෑ ඒ ගැන... 8 වසරට විතර ආවට පස්සේ තමයි ඒ කරදරේ පටන් ගත්තේ.. හි හි... මම කොල්ලා වගේනේ .. මට ගානක් තිබ්‌බේ නෑ.. හි හි

      Delete
    2. අර කිව්වත් වගේ හතරැස් කරනං ෂෝක්... :D:D:D

      Delete
    3. හාපෝ... මේත් අපි දිහා බල බල, කෙල හල හල, හිටපු එකෙක්ද කොහෙද..... හි හි...

      Delete
    4. අනේ පලයං යන්න... තොපේ නාටු කෙල්ලෝ දිහා බැළුවම කටේ තියෙන කෙලත් හි‍ඳෙනවා... :)

      Delete
    5. අඩේ මාරයත් නාලන්දෙද...

      Delete
    6. හිරුවෝ ඔයා ඒ කාලේ තුනී ලෑලි ද

      Delete
    7. කෙට්ටුම කෙට්ටුයි කිව්වට පස්සේ ඉතිං ඒක අහන්නත් දෙයක් යෑ නලීන් අයියේ.. හි හි...

      Delete
  14. සිරාවට පට්ට ආතල් එකක් තියෙන්න ඇති නේ... මටනන් පුන්චිම කාලේ ඔය ආතල් එක නිතර සෙට් උනා.. මම බස් එකට නගින්න යන්නේ අක්කත් එක්ක වෙලකින් එගොඩ වෙලා රබර් වත්තක් මැදින් එගෙම ගිල්ලනෙව... ඉතින් උදෙ ඉස්කෝලේ ගියාට පස්සෙ වැස්සොත් වෙල උතුරනවා ආයේ සොරිම තමා ..

    අනේ අපේ ගමේ මිනිස්සු ඉතින් එගොඩට ඇවිත් අපිව කරේ තියාගෙන එගොඩ කරනවා.. මම 5 වසරට එනකොට අපේ ගමට බස් දෙකක්ම දුන්නනේ ... චන්දිරිකා නැන්දා .. ඒකෙන් ඒ ආතල් එකට කෙලවුනා

    ReplyDelete
    Replies
    1. චන්දිරිකා නැන්දා ඕනේ නැති වැඩමයි කරලා තියෙන්‌ෙන්.. හි හි...

      හැබැයි අපේ ගෙවල් පැත්තට නම් කවදාවත් නියඟ ඇවිල්ලත් නෑ, ගංවතුරු ඇවිල්ලත් නෑ....

      Delete
  15. අපරාදේ නාගෙන ගියාට.. එක පාරක් ඔහොම වැස්සක් වැස්සා අපිටත් විභාගේ දවසක.. වාර විභාගයක්.. මම පොරෝගෙන බුදිය ගත්තා.. අම්මට දවල් මතක් වෙලා අහනවා.. අද විභාගේ පටන් ගන්නවා කිවුවා නේද කියලා.. මාත් ඉතින් එවෙලේ මොලේ ටියුබ් ලයිට් එක පත්තු උනා වගේ ඉදලා ශේප් උනා.. :)

    ReplyDelete
    Replies
    1. හි හි.... උදේට උයන්න කම්මැලි හිතුනම මට වෙනවා වගේ.... හි හි...

      Delete
  16. අපිට නම් වතුර පස්න නැත. වැහි දවසට ඉස්කෝලේ යන්න මට පට්ට කම්මැලිය. වැස්සේ ෆන් ගැන පොස්ටුවක් මගේ ද්රෆට් එකේ ඇත්තේය. හෙට අනිද්දට සමහර විට පබිලිස් වෙයිය.

    ReplyDelete
  17. අප්පා . .වැස්ස දවස් වලට ඉස්කෝලේ යන එක වගේ තවත් ජොලි වැඩක් තියේද . . . ඉස්සර අනිත් දවස්වලට නොගියත් මම නම් වැස්ස දවස් වලට නම් අනිවා ඩෙෆා ඉස්කෝලේ යනවා . . . පූස් අයියා මාර පොරක්නේ . .

    ReplyDelete
    Replies
    1. හි හි.. කියලා වැඩක් නෑ... මම නම් කොහොමත් හැමදාම ඉස්කෝලෙ යන එකා....

      ඒත් වැඩට යන්න ගත්තම නම් ඒ ජොලිය නැති උනා.. එදාට ගෙදර ඉන්නමයි හිත... මොකද මන්දා... හි හි...

      පූස් නෙවෙයි අනේ.. පුෂ්.. හි හි.. ඇත්තටම හරි හොඳ මනුස්සයෙක්....

      Delete
  18. පුෂ් අය්යනම් වැදගත් මනුස්සයෙක්.. අද උන් නම් ඉස්සුවොත් බිමින් තියන්නේ බස්සලම තමයි..

    මේ ලැජ්ජා නැද්ද හලෝ සාංඝික දේවල් පාවිච්චි කරන්න අපේ ආච්චි නම් කිව්වේ මහා පවක් කියලා..

    ReplyDelete
    Replies
    1. හි හි... ඇත්ත මාතලන්.. දැං නං හොඳ මිනිස්සු හිටියත් විශ්වාස නොකර තමන්ගේ පරිස්සම බලාගන්න එක තමා හොඳ...

      ආච්චිට පිස්සු... හි හි.. අපි සල්ලි දීලා නොවැ ගියේ...

      පන්සලේ වෑන් දෙකක් තිබ්බා.. දෙකම ස්කූල් සර්විස් දිව්වා.... හාමුදුරැවොත් අපිත් එක්ක උදේට එනවනේ... කිසි බයකුත් නෑ...

      Delete
  19. හපෝ කිසි විලි ලැජ්ජාවක් නැතුව ලියලා තියෙන හැටි :)

    ඇත්තද අක්කා ගෝතමී එකේ කෙල්ලෝ මහතයි කියන්නේ? :D

    ReplyDelete
    Replies
    1. මෙන්න එක්කෙනෙක් ගෝතමී එකේ කෙල්ලන්ගෙන් ගුටි කන්ට හදනවා හී හී....

      Delete
    2. කරපුවා කියන්න ලැජ්ජ වෙන්නෙ මොකටද මලයා... හි හි

      ඒක නං දන්නෑ... මම නං හොඳටම කෙට්ටුයි ඒ දවස් වල.. රීප්පේ වගේ.. හි හි..

      පවු බං පොඩ්ඩියේ... නොදන්න කමටනේ අහන්නේ... හි හි..

      Delete
    3. මේ අක්කලා දෙන්නම හරි කෙට්ටු අය වගේ :)

      Delete
    4. ලස්සනම කෙල්ලෝ ඉන්නේ (මම කීවේ ගානට ඇඟ තියන ) මෙල්බන් පැත්තේ ඉස්කෝලවලලු...:)

      දැන් ඉතින් ඔය පැත්තේ කට්ටිය මට ගහන්ට එන්ට එපා හොඳේ...හී හී...

      Delete
  20. හි හි,.මරු..කැම්පස් එකේ පලවෙනි විභාගේ අතලග..මටත් මොකක්හරි වැස්ස සම්බන්ධ කරලා දෙයක් කරන්න හිතෙනවා ඒක නවත්තන්න :)

    ReplyDelete
    Replies
    1. වැසි බයිලාවක් වාදනය කරන්න... හි හි...

      Delete
  21. මේ දවස්වල වැස්ස නිසා මටනම් තියන ලොකුම ප්‍රශ්නේ ඉන්ටර්නෙට් සිග්නල් නැති එක

    අක්කේ බ්ලොග් එකේ home page එකට යන්න home බටන් එකක් බ්ලොග් එකට එකතු කරන්න.. අක්කගේ බ්ලොග් එකේ පොස්ට් එකක ඉදලා හෝම් පේජ් එකට යන්න ටිකක් අමාරුයි

    ReplyDelete
    Replies
    1. මටත් සිග්නල් නෑ බං. මීදුමෙන් වැහිලා පැත්ත පලාතම. දුක තමයි රංජනී :(

      Delete
    2. අනේ ලහිරු... ඒක නම් කරන්න තේරෙන්නේ නෑ.. ඔන්න හැමෝටම තේරෙන්නත් එක්ක කියලා දුන්නනම් මොකද...

      සිග්නල් නම් අල්ලගන්න අමාරුයි තමයි මේ ටිකේ.... දුවනවා හැමතැනම...

      Delete

    3. @චන්දන ; අනිවා චන්දන අපේ පැත්තෙත් මිදුම නිසා මුළු පළාතම මාර ලස්සනක් තියනවා

      @ හිරු අක්කා
      අක්කේ බ්ලොග් එකට ලොග් උනාම "pages" කියලා තැනක් තියනවා එකට ගියාට පස්සේ "Show pages as:" කියන තැනට "Top Tabs"(උදා :Show pages as: Top Tabs) කියලා දීලා බ්ලොග් එකේ දකුණු පැත්තේ ඉහල "save arrangement" කියලා බට්න් එකක් ඇති එක ක්ලික් කරන්න

      https://lh5.googleusercontent.com/-Ju2eSm4T9mM/UJNdqiSLWwI/AAAAAAAABEk/iOMzRxBB43s/s640/5.png

      Delete
    4. ඔන්න හැදුවා.. තැන්ක් යූ මලයා...

      ..දැං හරි නේ....

      Delete
    5. මාත් හැදුව මලයෝ. හිරුවෝ... රොම්බ තැන්ක්ස්

      Delete
  22. අඩේ! මමත් ඉස්කෝලේ ගියේ වැස්සට විතරයි! මොකෝ එදාට හිස් පීරියඩ් කප්පරක් තියනවනේ!!!

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ තව කට්ටිය.. දැං කැම්පස් යන්නෙත් එහෙම වෙන්ටෑ....

      Delete
  23. මටාත් මතකයි එක දවසක් ඔය වගේ පරිප්පුවක් කාපු හැටි.. මේ දවස්වල වගේම එක දිගට පැලෙන්නම් වැහැපු කාලයක්..

    කතාව දිග වුනා හිරු අක්කෙ.. පෝස්ට් එකකින්ම දාන්නම්..

    ReplyDelete
    Replies
    1. ඒවා හොඳ වැඩ... දාන්නකෝ.... හි හි

      Delete
  24. වැස්ස දවසට ඉක්කෝලේ ආතල් !

    ReplyDelete
    Replies
    1. අම්මා... ඉක්කෝලේ මතක් උනාම කොලු පැටියගේ මූණට ආපු හිනාව... පැණි බේරෙනවා...

      හි හි...

      Delete
  25. Sha.......... Wassa dawasata nam iskole yana eka mara joly. Asi mathak weddith. Eth oyata una wadak nam kawadawath wela na. Asawakata ape paththa yata wenne nane.

    ReplyDelete
    Replies
    1. හි හි... මේ වගේ කටු නං දැං මතක් වෙනකොටත් ජොලි අප්පා.... තව තියෙනවා වැස්සේ වෙච්ච ජාති.... ඒවා හිමීට කියමුකෝ.... හි හි

      Delete
  26. අනේ මන්දා බං. මම නම් හරිම ආසා දෙයක් තමයි වැස්ස. විනාශකාරී වෙලාවලුත් තියෙනවා තමයි.නමුත් ඔය අරාබිකරයෙ වැඩකරන එකෙක්ගෙන් අහලා බලමු වැස්ස කොච්චර ලස්සන දෙයක්ද කියලා.

    ඔය වෑන් ඩ්‍රයිවර් ඇත්තෙන්ම හොඳ මනුස්සයෙක්. ඒකට කමෙන්ට් දාපු යාලුවො සංසන්දනාත්මකව අදනම් එහෙම නෑ කිව්වට, උඹලා ඉපදෙන්නත් කලින් මම ගිය ස්කූල් වෑන් එකේ ඩ්‍රයිවර් බුවා ඒ ලෙවල් කෙල්ලෙක්ව සෙට් කරන් හිටියනෙ. අපි ඉස්කෝල වලට දාලා පොර අරයත් එක්ක වික්ටෝරියා පාක් එක අයිනෙ වාහනේ පාක් කරගෙන දවසම ඉන්නවා. පස්සෙ පොරගෙ වයිෆ් ඇවිත් මෙන්න යකෝ අපිටත් බැන්නා.
    පස්සෙ පොර අර කෙල්ලව බැන්දා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මාත් වැස්සට තාමත් ආසයි ඩූඩ් අයියේ.. රෙදි වේලන ප්‍රශ්නේ නැත්තම්.. හි හි...

      ඔය වගේ මිනිස්සු කොයි කාලෙත් හිටියා.. මම නං ඕනෙම කෙනෙක්ට කියන්නේ විශ්වාසය ගානකට තියාගෙන, ඒ මිනිස්සුන්ගේ හිත් රිද්දන්නෙත් නැතුව, තමන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලා, හොයලා බලලා, තමන් කල්පනාවෙන් වැඩ කරන එක තමා හොඳම දේ කියලා...

      Delete
    2. @ඩුඩෙ, උඹලා ඉස්කෝලේ ගියපු ආදි කාලේ උඹලගේ හැටියට නෙව ඩ්‍රැයිවර්ලත් හැදෙන්නේ. නැත්ද මං අහන්නේ?? එනවා මෙතන ගාමිණි අයියගේ ඉතුරු කොණ්ඩ ගස් දෙක තුනත් ගලවන්ට...

      Delete
  27. අපෝ .... වැස්ස දවස්වලට මම ඉස්කෝලෙ යන්න හරි කම්මැලියි. මම නම් ගෙදරට වෙල හොඳට රෙද්දක් පොරවගෙන නිදාගන්නව.

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ ‌නොම්මර එකේ කම්මැලියෙක්.. හි හි..

      Delete
  28. පුෂ් අයියා බොලාට හොද වැඩියි. සැප කනේ තමා එනවුන්ස් එක ඇහුනම. ජය

    ReplyDelete
    Replies
    1. සැප කනේද කියලත් අහනවා..... ඒ පාර සිංහල පේපර් එක දුන්නේ නෑ විභාගෙට... සමහර ඉස්කෝල වල පේපර් දීලා.. සමහර ඒවා දෙන්න බැරි වෙලා... ඒක නිසා ඒ පාර විභාගෙත් කැන්සල් උනා මට මතක විදියට.. ඒක නම් ඉතිං ජොලිම ජොලි...

      Delete
  29. අනේ... මටත් ඉක්කොලේ කාලේ මතක් උනා.. ඒ දවස් වල මට වැස්ස පේන්න බෑ තාත්තා එක්ක මොටෝ බයිසිකලේ නේ යන්නේ... බාගෙට නාගෙන පරක්කු වෙලා තමයි ඉක්කොලේට යන්නේ සපත්තු දෙක ඇතුලේ චිරිස් චිරිස් ගාද්දී ඉන්න බෑ..
    පේපර් එක දෙන්නේ නෑ කියන එක තරම් නිවුස් එකක් කොයින්ද වෙන නේ... හී
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. බයිසිකල් සහ වැස්ස නං ඉතිං ආයිත් කුමන කතාද.... නෑමම විතරයි... හයියෝ....

      Delete
  30. ඔය තාප්ප ඔය පෙරලිච්ච විදිහටම තිබ්බ නං කොල්ලොන්ට තාප්ප දිගේ බඩ ගාන්න වෙන්නෙ නෑනෙ....

    ReplyDelete
    Replies
    1. හි හි....

      ඊට පස්සේ කාලයක් යනකම් හැදුවේ නෑ මුහුදු.. අපේ ඉස්කෝලේ එක බිල්ඩින් එකක පළවෙනි තට්ටුවට ගියාම ආනන්දේ ග්‍රවුන්ඩ් එක හොඳට පේනවා ඉතිං...

      අපේ චිත්‍ර පන්තිය තිබ්බේ ඒකේ.. අප්පා.. අක්කලව ඒකෙන් එළවන්න තිබ්බ අමාරුවක් ඒ දවස්වල.. හි හි..

      Delete
  31. මටත් හොඳට මතකයි...ඔය හරිය නිකම්ම යටවෙනව....
    මතක විදියට ...කන්නන්ගර විද්‍යාලය නිතරම වහනව යටවෙන නිසා.
    පුන්චි බො‍රැල්ලේ අනන්ත ක‍ටුකා ඇත්තෙමි ටෙක් යනකාලෙ.

    ReplyDelete
    Replies
    1. හි හි.. ඒ පැත්තට යන්තම් වැස්සත් ඇති නේ... වැඩක් නෑ කතා කරලා.... කුණු ගන්දස්සාරේ බෑ....

      Delete
  32. වීර චාරිකා කොරන්න ගිහින් තෙමිච්ච කිකිළියෝ වගේ ඉන්ට ඇති නේද හිරු අක්කේ??? හික්ස්............

    ReplyDelete
    Replies
    1. කවුද ..... අපි....?????

      අපි තෙමුනත් රජ කිකිලියෝ හරි.... ඒකනේ ඔය ආනන්දෙයි නාලන්දෙයි කට්ටිය අපේ ඉස්කෝලේ දිහා බගාගෙන අනිමිසලෝචන කරලා තියෙන්නේ... හි හි...

      Delete
  33. බොරු මොකටද මම ඔය කාලේ හරි ඉස්ටැයිල් කාරයා තෙමෙන්න මඩ නාන්න යන්නේ නෑ. උඹලා වගේ කෙල්ලන්ට හරි නැටිලි තිබුනා මතකයි මටත්. හැබැයි අපේ උන්දෑ නැටනවා දැක්කොත් සොරි තමයි ආයේ.

    ReplyDelete
    Replies
    1. පුහ්... මෙයාගේ ගණං.. අපිට අහුවුණානං හදලා ගන්නවා.. කොහෙද ඉතිං පරම්පරාවක් නාකි නේ... හි හි...

      ( දැං නං මම සරා අයියගෙන් ගුටි කන්න හොඳටම ළඟයි.. හි හි)

      Delete
    2. ලබන මැයි පලවෙනිදට මම ඕකට උත්තර දෙනවා හිරුවෝ. එදා වෙනකම් මතක තියාගෙන හිටියොත් වෙසක් එකට කේකුත් කන්න පුළුවන්. මොකද මල් මාසේ මැද වෙනකොට මම ලංකාවේ..!

      //අපිට අහුවුණානං හදලා ගන්නවා..//

      ලොවෙත් ඉතින් කෙල්ලන්ට නම් අහුවෙන්නේ නෑ. මතකනේ මම කිවුවා හා හා පුරා කියලා ප්‍රේම සෑස්තරේ හදාරන්ට ගොහින් වෙච්ච සංතෑසිය.. දැන් උන් මට අහුවෙනවා. හික් හික් හික්....!!

      Delete
    3. අඩේ... සරා අයියා මැයි වල එනවද....?

      හපොයි.. මතක තියාගෙන කට පරිස්සම් කරගෙන ඉන්න ඕනේ.... හි හි

      Delete
  34. වැස්සේ බාධක රැසක් මැද වැස්ගැන කියවූවෙමි. විදුලිය විංසධිවී ඇති නිසා ඉතිරිය පසුවට

    ReplyDelete
    Replies
    1. හි හි... වැස්සේ බාධකත් එක්තරා සුන්දර දෙයක්.. ඔෆිස් වල කට්ටියට අයිස් ගහන්න එහෙමත් චාන්ස් නේ... විශේෂයෙන් විදුලිය විසංදි වීම... හි හි...

      Delete
  35. මෙහෙත් සාරෙට වැස්ස.....(හිරු නම් සමහරවිට දන්නවත් ඇති,"කරදන"කලටුවාව ජලාශයේ එක් මායිමක්)
    අද ටිකක් ඉන්ටබල් එකක් අරගෙන වගේ පේනවා. රෑට දෙයි පොලියත් එක්ක.

    ඊයේ මේකට කමෙන්ට් කළා පබ්ලිෂ්වුනේ නෑ. සිග්නල් නැතිව ගහින්.

    ReplyDelete
    Replies
    1. මටත් පෙන්නේ මේක නම් ඉන්ටබෙල් එකක් තමා... දඩිබිඩියේ රෙදි ටිකක් හේදුවා චුට්ටක් හරි වේලගන්න..
      අපේ මහත්තයා ගෙදර ආවට පස්සේ එළි වෙනකම් වැස්සත් කමක් නෑ... හි හි....

      එහෙමකට කියලා නිච්චියක් නෑ සුමිත් අයියේ.... කරදන අහලා නම් තියෙනවා...
      මම ඇත්තටම වැඩිය රට තොට ඇවිදපු කෙනෙක් නෙවෙයි... බැන්දට පස්සේ ඇති වෙන්න රට වටේ යනවා කියලා හිතගෙන හිටියට ඒ ඔක්කොම චකබ්ලාස්.. හි හි...

      Delete
  36. අම්මියෝ....... වැස්ස දවස් වල ඉස්කෝලේ... අපේ අල්ලපු වැටේ තියෙන්නෙත් ලංකාවේ ජන(අ)ප්‍රිය බාලක පාසලක්. :P ඉතින් ඕකුන් වැස්සට කුඩ ගෙනියනවා කියල යැ.

    ReplyDelete
    Replies
    1. හි හි.. ජන (අ)ප්‍රිය උනාට ඔයාලට අප්‍රිය වෙලා තිබුනේ නෑ නේ.. නේද.... හි හි

      Delete
  37. මේ හිරු ඔයාට නම් වේලා තියෙන්නේ කාටවත් නොවේච්චා.හිකිස්.

    ReplyDelete
    Replies
    1. හි හි.. වැඩක් නෑ ගයනි.. මට වෙන ජාති නම්.... හි හි

      Delete
  38. වැහි දවසක ගෙදරට වෙලා රෙද්දක් පොරවන් නිදාගන්න එක තරම් සැපක් තව කොහේද?

    ReplyDelete
    Replies
    1. දැං නං ඒකටත් කම්මැලියි අප්පා... හි හි

      Delete
  39. අඩේ හිරුවො. වැස්ස මස්තබාල්දු වෙලා ගියානේ. දැං ලියමුද පට්ට අව්වේ වීර චාරිකා..

    ReplyDelete
    Replies
    1. තාම හරියට අව්ව පායන්නෙ නෑ නේ.. වෙන මොනා හරි ලියමු.... හි හි

      Delete
  40. මටත් මතක් උනා මගේ පාසැල් කාලේ වැස්සෙ නාගෙන ඔහොම ගිය චාරිකා ඔය කියපු පාරවල් වලින්ම තමා අපිත් ගියේ හැබැයි වැස්ස දවස්වලට අපේ පන්ති නම් හරිම පුසුඹයි මොකද හැමෝම වගේ කරවල සපත්තුනෙ දාන්නේ …මම "ආතම්මගෙ පෙට්ටගම" ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා වැස්ස කිව්ව ගමන් කට්ටිය කරෝල ගඳ මතක් කරන්නේ... හි හි...

      Delete