Tuesday, October 9, 2012

මැච් එක පැරදු‌නේ ඇස්වහ හින්දද....?‌

දවස් දෙක තුනක් ෆේස්බුක් එකේ තිබ්බ එකකට මේ ගැන ලියන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නකාට සෑම් ලියපු මෙන්න මේ පෝස්ට් එක කියවන්න හම්බුනා... කමෙන්ට් එකක් කොටාගෙන යද්දි හිතුනා මේක පෝස්ට් එකකටම ලිව්වනම් ඉවරයි කියලා.. මොකද ඒ තරම් දිගට ලියවුනු හින්දා...

මේ තියෙන්නේ සෑම්ගෙ පෝස්ට් එක.. ලින්ක් එකක් දැම්මට සැමා තරහා වෙන එකක් නෑ කියලා හිතනවා...

‌ගොඩක් අය මේ දවස්වල කියන දෙයක් තමයි “ලොක්කා ආවේ නැත්තම් මැච් එක දිනන්න තිබ්බා...“ කියන එක...

මට හිතුනේ විහිළුවට වගේ ඕක කියලා හිනා උනත් ඒ කතාව නම් අසාධරණයි කියලා..... මොකද ලොක්කා ආවත් නාවත් මැච් එක ගහන්නේ ටීම් එක හින්දා...

මේ ලියන්නේ ලොක්කට කඩේ යන්නවත්, සෑම් එක්ක තරහකටවත් නෙවෙයි ඕං... මේ ලියන්‌නේ අපේ මිනිස්සු ජය පරාජයෙදි හැසිරෙන විදිය ගැනයි, අපේ මිනිස්සුන්ගේ මිත්‍යා මත ගැනයි විතරයි....


ලංකාවේ ටීම් එක ෆයිනල් ගහනකොට ජනාධිපති ආවා කියලා අපේ උන්‌ගේ මොරාල් ඩවුන් වෙන්න හේතුවක් නෑ කියලා මම හිතන්නේ... ඒක මොරාල් අප් වන්න හේතුවක්.. තමන්ගේ රටේ ජනාධිපති තමන්ගේ කණ්ඩායමට වියර් කරන්න එනවා කියන එක කොයි තරම් තරහාකාරයෙක් උනත් දකින්නේ තමන්ට කරන ගෞරවයක් විදියට... අන්තගාමියෝ නම් හිතයි මොන මඟුලකට ආවද කියලා.... ඒකත් හරියට රනිල් ආවොත් රැස්වීම කුඩු වගේ... ( මතකනේ අර චේන් බ්‍රේස්ලට් කතා ඒ කාලේ...) කතාවක්.....

ඕක දිනුවනම් ඔහොම කියන එකක් නෑ කවුරුවත්.... ජනාධිපති හැටියට ඒ මනුස්සයා ඒ මනුස්සයාගේ යුතුකමක් ඉෂ්ට කලේ.. එන්නේ නැතුව හිටියනම් ඔය වගේම කට්ටියක් කියයි ... අපේ මේ මිනිහට ලංකාව, ලංකා‌වේ ‌‌සෙල්ලම් කරන ෆයිනල් මැච් එකක් වෙලත් බලන්න එන්න බැරි තරම් ඔලුව උදුම්මවගෙන කියලා......

ඔලිම්පික් වලට රැජින ආවා කියලා මුළු එංගලන්තෙම මිනිස්සු මොරාල් ඩවුන් කරගත්තේ නෑ නේ... එංගලන්තේ මිනිස්සු ගොඩක් දෙනා අකමැතියි රජ පවුල නඩත්තු කරන්නේ මහජන මුදලින් කියලා.. මතකනේ විලියම්ගේ වෙඩින් එකට කරපු වියදමට මිනිස්සු කෑ ගහපු හැටි... ඒත් ඒ ඒ රටේ ක්‍රීඩකයන්ට ඒ වෙලාවේ පුදුම හයියක් උනා රැජින ආපු එක...

ෆේස් බුක් එකේ .. අනේ ෆයිනල් එක බලන්න නම් එන්න එපා කියපු අයටත් මේකමයි මට කියන්න හිතෙන්නේ.. ජය පරාජය බාර ගන්න බැරි කමට හේතුව හැඟීම් වලට වහල් වීම.. අර දෙන්නෙක් එල්ලිලා මැරිලා තියෙන්නේ... ( එතන වෙන ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මම හිතනවා.. ඔට්ටු ඇල්ලීමක් වගේ...)

ඇත්තටම අපේ රටේ සහ ඉන්දියාව, පකිස්ථානය වගේ රටවල් වල ඕනෑම දේකදි මූලික වෙන්නේ හැඟීම් කියලයි මට හිතෙන්නේ...

ඡන්දෙකදි උනත් සාරි ටිකක් බෙදලා, පරිප්පු ටිකක් බෙදලා, කවදාවත් ඉටු වෙන්නේ නැති පොරොන්දු ටිකක් දීලා ඡන්දේ දා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ හින්දයි... ජනාධිපති ඇවිත් පොඩි එකෙක් වඩා ගත්තම අම්මලා ටික අනිත් ළමයි ටිකත් අරන් වටේට පොර කන්නේ ඒ හින්දයි.... අඩුම ගානේ මොලෙන් ඡන්දේ දෙන්න හිතන එකාගේ හිතට තට්ටුවක් දාලා ඒ ඡන්දේ කඩා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ හින්දයි...

ක්‍රීඩාවකදි දිනුම පැරදුම කියන්නේ සම්භාවිතාවය අනුව 50% 50% චාන්ස් එකක්... ඔය සම්භාවිතාවය වෙනස් කරගන්න පුළුවන් ක්‍රීඩකයන්ගේ ශක්තිය අවශ්‍ය තැනදි අවශ්‍ය විදියට තෝරා බේරා ගැනීමෙන්... එහෙම නොවුනොත් මෙදා පාර ෆයිනල් එකේ සිද්ධ වෙච්ච දේ වෙන්න ඉඩකඩ වැඩියි... මෙතනදි මොරාල් අප් කරන්න එන අය, චියර් කරන්න එන අය අතෙත් ලොකු වගකීමක් තියෙනවා...

පිට්ටනිය අපේ අයගෙන් පිරිලා තියෙන කොට ලොකු හැගීමක් දැනෙනවා හිතට ... මේ සෙල්ලම් කරන්නේ අපේ රට වෙනුවෙන්.. මේ තරම් මිනිස්සු කන්දරාවක් අපි දිහා බලං ඉන්නවා කියන හැගීම..... ඒ හැඟීම ඕනෙම පුංචි ක්‍රීඩකයෙක්ට උනත් එනවා.... ඒ වගේම ලොකු ප්‍රෙශර් එකකුත් එනවා... ඔය දෙකම දරා ගන්න ක්‍රීඩකයෙකුට පුළුවන් කම තියෙන්න ඕනේ.. ඇත්තටම අපේ ක්‍රිකට් ටීම් එක කියන්නේ අත්දැකීම් බහුල ටීම් එකක්.. එයාලට මේ වගේ දෙයක් දරා ගැනීමේ හැකියාව තියෙනවා..

හැබැයි අපේ රටේ සහ ඉන්දියාව, පකිස්ථානය වගේ රටවල ප්‍රේක්ෂකයන්ට මේ පුහුණුව තාමත් නෑ... මිනිස්සු තාමත් මැච් එකක් බලන්නේ දිනුවොත් ටීම් එකට මල් පූජ කරන්න, පැරදුනොත් උන්ගේ අම්මලගේ ගෙවල් ගිනි තියන්න තරම් ආවේගශීලීව..... අපේ රටේ ඒ තරම් මේ තත්වය නෑ.. ඒක සන්තෝසයට කරුණක්..

හැබැයි අර සාම්ප්‍රදායික මිත්‍යා මත ටික නම් ඩෝං ගාලා එනවා ඔය වෙලාවට.... ඒකත් හරියට ඇස්වහ කටවහ ගැන තියෙන විශ්වාසය වගේ තමා... හරි ගියොත් මල් හතයි.. වැරදුනොත් හත්මුතු පරම්පරාවම විනාසයි.... හි හි...

කො‌ෙහාම උනත් මේ ආසියාතික රටවල් ටික ඔක්කොම වගේ ආගමික හා සංස්කෘතික බැඳීම් වැඩි රටවල්.. ක්‍රීඩකයන්‌ෙග් හැසිරීම් වලිනුත් ඒක පේනවා.. ඔය චේන් එකේ තියෙන කුරුසේ ඉඹින එක, කඹ වගේ පිරිත් නුල් ගැට ගහන් ඉන්න එක, පිට්ටනියේ පස් නලලේ ගා ගන්න එක වගේ දේවල්....

කො‌ෙහාම උනත් ‌මේ වතාවේ අපි අනු ශූරයෝ උනා.. ඒකත් ලොකු දෙයක් මට නම්..... මොකද මට මතක කාලයක අපේ ටීම් එක හොඳ තරඟයක් දීලා පැරදුන මැච් එකක් මට මතක නැති නිසා... මෙදා පාරත් මම දැක්ක විදියට බෝලින් ඉවර වෙලා යනකොට කට්ටිය ටිකක් වැටිලා හිටියා කියලා මූණු වලින් පෙනුනා... වෙනදට මැච් එක අපිට කලින් අතාරින්නේ ටීම් එකනේ... හි හි... ඇත්තටම ක්‍රීඩාවක ලොකුම දෙයක් තමයි පැරදුනත් කමක් නෑ හොඳ තරඟයක් දීලා කියන එක..... මම හිතනවා මෙදා පාර අපේ ටීම් එක මැච් එක අතෑරියේ නෑ කියලා... අ‌පේ ක්‍රිකට් ගැන දන්න අය මීට වඩා ‌වෙනස් ‌දෙයක් හිතනවා ඇති සමහර විට...

මොක උනත් අපේ ටීම් එකේ කළමණාකාරීත්වය සහ ම්ම්ම්.... අනේ මන්දා... මම ක්‍රිකට් ගැන මහා ලොකු දේවල් නම් දන්නේ නෑ.. හැබැයි ලොක්කා ආපු නිසා මැච් එක පැරදුනා කියනවට වඩා ටීම් එකේ තිබ්බ පොඩි පොඩි අවුල් නිසා මේ මැච් එක පැරදුනා කියලා හිත හදා ගෙන ඊළඟ මැච් එකේදි මේ වගේ දෙයක් නොවෙන්න වග බලා ගත්තොත් අපිට ආයිමත් ශුරයින් වෙන්න පුළුවන්...

ඔන්න ඔහොමයි මට හිතෙන්නේ.......

73 comments:

  1. මෙන්න මට ලැබුනු කමෙන්ටුවක් අපෙ DDT ගෙන්

    //DDTOctober 9, 2012 9:38 AM
    උඹ මෙතන කෙළින්ම නොකිව්වත් සමහර තැන්වල තියෙනව දැක්කා ලොක්ක ආපු නිසා පැරදුනා කියල. ඒව නම් මහ විකාර කතා. ඒක අර රනිල්ගෙ ඡන්ද පැරදිල්ලෙ කතාවට දෙවැනි නෑ. ඔය මංගල උන්නැහෙ පස්සෙ කාලෙ කිව්වෙ රනිල්ට ගහපු මඩ තමුන්ගෙ මඩ ෆැක්ටරියෙන් අනාපුවය කියල. ඔය මලින්ද මාමගෙ මැච් බැලිල්ලත් මොකෙක් හරි එකෙක් හදල එලියට දාපු එකක්. එකෙක් දිනන්න අනෙක් එකා කොහොමත් පරදින්න එපායෑ. ඒක හෙන සාමාන්‍ය දෙයක් බං. ක්‍රීඩකයනුත්, ක්‍රීඩා ලෝලීනුත් ජය පරාජය සමව භාරගන්න පුරුදු වෙන්න ඕන. (අර සමහර ක්‍රීඩාවල පරාජය ඉවසගන්න බැරුව බලය වැරදියට භාවිතකරල හතර අතට නෙලන උන් ක්‍රීඩාවක් කරන්න සුදුසු මානසිකත්වයක නෑ, උන් ඉන්න ඕන මානසික රෝහල්වල ප්‍රතිකාර ලබමින්)
    හැබැයි මැච් බැලිල්ල කෙසේ වෙතත් රටේ ක්‍රිකට්වලට කෙලවීමේ වගකීම නම් එදා ඉඳන් හිටපු සියළුම ලොක්කොත්, ගියපු ඇන්ටිත්, අද ඉන්න මාමත් භාර ගන්න ඕන. ආණ්ඩු පවත්වගෙන යන්න සුළු පක්‍ෂවල සහාය ගන්න ඒවයි ඉන්න උන්ට ඕන ක්‍රීඩකයො ටීම් එකට දාන රටක් ලෝකෙ වෙන කොහේද තියෙන්නෙ. සල්ලිවලට කෙල හල හල ආපු එවුන්ට පස්සට එකක් දීල එළවල දේශපාලනයෙන් තොරව ක්‍රීඩාවක් විදියට ක්‍රිකට්වලට ඉදිරියට යන්න අනුග්‍රහය දැක්වුව නම් අද අපිට මෙහෙම කණගාටුදායක ප්‍රවෘත්ති අහන්න වෙනකන් නැතිවෙන්නත් තිබුණ. කොහොම උනත් හැම පරාජයකටම පස්සෙ අරූට මූට ඇඟිල්ල දික්කරකර ලොරි ටෝක්ස් බාන්නෙ, ටික දවසක් ගියාම එකෙක්ටවත් මතක නෑ වෙච්ච දේවල්, ආයි පුරුදු පීල්ලෙමයි යන්නෙ. මුන් පරාජයෙන් ඉගෙන ගන්න පාඩමකුත් නෑ.//

    මෙන්න මම දැමු රිප්ලයි එක..

    sAm (සෑම්)October 9, 2012 10:11 AM
    ස්තුති කමෙන්ටුවට..

    උබ කොහෙත් ලොවෙත් නැති කමෙන්ට් කෙලින්ම දාන එකා බව මම දනිමි. !

    ඌ ආව කියල අපේ උන් පිට්ටනියෙන් එලියට ගිහින් පැත්තකට වුනේ නැහැනේ බං. උන් සෙල්ලම් කළා දිනන්න බලාගෙන. මම ‘ම‘යනු තුන ගැලපුවා. මගෙ ආතල් එකට. ඒච්චරයි.. !

    * උක්ත පෝස්ටුව ලොල් කතාවක් බව තරයේ සිතට ගන්න :)

    **** මලින්ද මාමාගේ පෙර වැරදි නිසා ගිය තැන පොරට මඩ වදින්නේය. එය මලින්ද මාමාට පමණක් නොව අතීතයේ සිටි හැම නායකයාටම වුනේය. ඒ වාගේම එදා මැච් එක දිනුවා නම් මලින්ද මාමා පොර වෙන්නේය. දින්නේ තමන් හිටියා සේ සිතා දගලන්නේය. එසේම පැරදුනාම පැරදුනේ පොර නිසා බව කීමටද පිරිසක් සිටින්නේය.****

    ReplyDelete
    Replies
    1. යෑස් යෑස්.. මම දන්නවා මේක සැමා විහිළුවට දාපු එකක් කියලා.... හි හි.... මම ෆේස් බුක් එකේ දැක්කා මේ ව‌ෙග් දේවල්.. ඒකයි සෑම්ට කමෙන්ට් කරන්න ගියේ...

      කොහොමත් මම සීරියස් ගත්තේ ඔය ලොක්කගේ කතාවම නෙවෙයි.. අපේ මිනිස්සුන්ගේ මිත්‍යා විශ්වාස....

      Delete
  2. හ්ම්ම්... ඒකනම් ඇත්ත... ජය පරාජය සමව විඳ දරා ගන්න ඕන... ඇද කියන මිනිස්සු ඉන්න ලෝකෙට වඩා හොඳ කියන මිනිස්සු ඉන්න ලෝකේ ගොඩක් ලස්සණයි... නේද අක්කේ...

    ReplyDelete
    Replies
    1. ඒක හරි මල්ලි.. ඇද හොයන්න බලං ඉන්න මිනිස්සු වැඩියි.. ඒකයි හැමදේම තරඟයක් වෙලා තියෙන්නේත්... හි හි

      Delete
  3. පරාජයෙන් පස්සෙ හිත හදාගන්න වටේ පිටේ හිටපු කට්ට්ටියට වගේම ටීම් එකේ කට්ටියට බනින එකට මගේත් විරෝධය. අපේ කොල්ලො සෙට් එක පරදින්න බලාගෙන මැච් එක ගැහුවෙත් නෑ. බලන්න ආපු පුද්ගලයො මැච් එක පරද්දවන්න හිතාගෙන ග්‍රවුන්ඩ් එකට ආවෙත් නෑ නෙ. එක පැත්තක ජය කියන්නෙ තව පැත්තක පරාජය. ඕක තේරුම් ගන්නෙ නැතුව මේ සිදුවීම බෙල්ලෙ එල්ලන් කෑගහන එවුන් මට පේන්න බෑ.

    ReplyDelete
    Replies
    1. හි හි.. බනින්න හිතෙන එක සාදාරණයි තමයි.. ඒත් ඒක ටික වෙලාවකින් ඉවර වෙන්න ඕනේ.. අපි නෙවෙයිනේ මැච් එක ගහන්නේ.. කවුද දන්නේ මොන මොන ප්‍රශ්න තිබුනද කියලා.....

      Delete
  4. මමනම් වැඩියේ ආසනැති ක්‍රීඩාවක් ක්‍රිකට්. එත් ෆෑන් ටෝක්ස් ටිකයි අන්තිම මැච් එකයිනම් බැලුවා.

    ReplyDelete
    Replies
    1. මාත් එච්චර බලන්නේ නෑ.. ආසාව තිබුනත්.. මේ පාර බැලුවේ නෑ වැඩි පුර.. ඇහුවා... හි හි

      Delete
  5. යකෝ හිරුව දැන් මාර විචාරකයෙක් වෙලානේ. මම නම් ප්‍රශ්චාත් පරීක්ෂණවලට යන්න කැමැත්තක් නැ මේ ක්‍රීඩාවක නිසා.

    ReplyDelete
    Replies
    1. මේක විචාරයක් වගේද නලින් අයියේ... හි හි...

      Delete
  6. නළ මුදු සුවඳ පිරිකුඹු මියුරු අඹ ගෙඩී
    පුල හෙළ කුසුම ලිය, පිය, තෙපළ රන් කෙ
    සල සුදු සෙමෙර සේසත් ගිජිඳු ඔද වැඩී
    බල සුබ නිමිති පෙර මඟ නැකතටත් වැඩී

    අපේ මුතුන් මිත්තෝ ඔව්වා කිව්වෙ කටකහනවට නෙමෙයිනෙ..

    මෙතනිනුත් බලන්ඩ.. http://lankajhothisha.blogspot.com/2011/02/blog-post_19.html

    ප.ලි. දැන් කස්ටිය හිතාගෙන ඇති මමත් ඔහොම හිතනවා කියලා.. :) ඒත් ඉතින් අර මූණ පෙන්නුවට පස්සෙ තමයි විකට් හැලෙන්න ගත්තෙ.. :(

    මම නම් මුල් ඕවර කීපයෙදි කොදෙව්වො අඩු ලකුණු ගානක ඉන්නවා දැක්කම ඇත්තටම දුකෙන් හිටියෙ හොඳ මැච් එකක් බලන්න බැරිවේවි කියලා.. ඒත් ඉතින් අන්තිමට මාලිංගයට දෙනකොට නම් පොඩ්ඩක් තරු විසිවුනත් 138 මහ ගානක් නෙමේ කියලා හිතුනා.. ලංකාවෙ වුනුත් ටිකක් හිමීට ගහන්න හැදුවෙ මහ ලොකු ටාගට් එකක් නෙමේ කියලා හිතාගෙන වෙන්න ඇති.. ඒත් එහෙම හිමීට ගහද්දි මට හිතුනෙ අර කොදෙව්වො වගේ අන්තිමට හයේ ඒවා නෙලන්න අපිට කෝ සැමුවෙල් කෙනෙක් කියලා.. කොහොමහරි සංගා අවුට් වෙනවත් එක්කම වැහි පොද වගේ ඇවිත් DL බලන්න ගත්තනෙ.. එවලෙ අපි ඒකට පහලින් ඉන්නවා දැකපු මහේල කලබල වුනා හොඳටම.. වැස්සට කලින් ගහන්න අතදිගාරින්න ගිහින් විකට් හැලුනා... වැස්සෙත් නෑ.. වැඩේ කියන්නෙ කප් එක දින්නොත් දෙන්න හිටපු ලොක්කා හොර රහසෙම මාරු වෙච්ච එක..

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම මම බැලුවෙ නෑ හරී.. ඒත් දන්න කෙනෙක් කියන නිසා පිලිගන්නවා.... හි හි... කොහොම උනත් ක්‍රීඩාවකදි ජය පරාජය දෙකම උරුමයි... ඒක තේරුම් නොගන්නකම් ඉතිං මේ වගේ කතා හද හද හිත හදා ගන්නවා... මට ඒකයි කියන්න ඕනේ උනේ....

      Delete
  7. ජය පරාජය දෙකම අපට උරුමයි...හැමදේම සම සිතින් බාරගත යුතුයි.
    ජනාදිපති ට වරද පටවන එක වැරදි..එහෙම කියනවනම් වැරදි මාලිංග ගේ දුර්වල පන්දු යැවීම සහ
    මාලිංගට අම්බානකට ගහනකොටත් දිගටම පන්දු යැවීමට දුන් මහේලගේ දුරදිග නොබැලීම...

    ReplyDelete
    Replies
    1. ලංකාව බැට් කරන හැටි බලාගැනීමට නොලැබුණු නිසා එහි දුර්වලකම් ගැන නොදනිමි..

      Delete
    2. ////ජය පරාජය දෙකම අපට උරුමයි...හැමදේම සම සිතින් බාරගත යුතුයි. ///
      එච්චරයි කොල්ලෝ...... හි හි..

      ඔයා ඉතිං වෙන මක්ක කියන්නද නේද....? මැච් එක බැලුවානේ හීනෙත් කූඩුවට වෙලා.... හි හි....

      Delete
  8. හොඳ පෝස්ට් එකක් හිරු...100% ක් එකගයි.

    අපි කැමති වුනත් අකමැති වුනත් මහින්ද රටේ ජනාධිපති. ඔහුගේ දේශපාලනයටත්, ඔහුගේ දේශපාලන සංස්කෘතියටත් ඒ දේශපාලන සංස්කෘතිය නිසා රට ගිලගෙන තියෙන (ප්‍රතිගාමි)සමස්ථ සංස්කෘතියටත් මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
    ඒත් ඒ විරෝධය පදනම් කරගෙන මෙ වගේ මිථ්‍යා මත ප්‍රමෝට් කරන්න බෑ.

    මැච් එක පැරදුනේ ඒ මොහොතේ පිටියේ වගකීම් දරපු මහේල ගත් අදූරදර්ශී තීරණ නිසයි.
    අනික සමස්ථයක් විදියට වෙස්ට් ඉන්ඩීස්ලා අපේ කට්ටියට වඩා දක්ෂයි. දක්ෂයා දිනුවා.

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා මට කියාගන්න තේරුනේ නැති ටික හොඳට කියලා... ස්තූතියි....

      Delete
  9. ක්‍රිකට් ගැන එතරම් ආසාවක් නැති උනත් ඔවුන් මෙතෙක් දුර ආපු ගමන ගැන තියෙන්නෙ සතුටක් . අනුශූරයෝ උන එකම කොපමණ දෙයක්ද ? ඒ වගේම බොහෝ බලාපොරොත්තු තියාගෙන සිටිය ක්‍රිකට් ලෝලින් ගැනනම් දුකක් තියෙනවා .

    ReplyDelete
    Replies
    1. දුකයි තමයි.. ඒත් ක්‍රීඩාවක්නේ.... පැරදුනාම හා වැරදුනාම අහල පහල උන් ඉඳන් පලිනේ අපේ රටේ... හි හි...

      Delete
  10. මලින්ද මාමා යන්නෙ අවසාන තරග නරඹන්න පමණයි... ඒ ගිය හැම තරගයක්ම පැරදුන නිසයි ඔහොම මතයක් පලවෙන්නෙ... ඒ අසරණයා මක්කොරන්නද හැබෑටම...

    මීගමු වෙරළෙ මහ තිරෙන් මැච් එක බලද්දි එතැන හිටපු උන් ඔක්කොම මලින්ද මාමගෙ පතුරු ඇරියා.. පැරදුනාට පස්සෙ සිරා එතෙක් අහලා තිබුනෙ නැති කුණු හබ්බත් අහලා දැනගත්තා...එතැන හිටපු උන්ගෙන්.. උන් නම් මලින්ද මාමාගේ ආගමනය නිසා දැඩිව කිපිලා හිටියෙ...

    සිරා ක්‍රිකට් ගැන ලියපු හරුපෙ මෙතැනින්

    ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. සිරාගේ ‌පෝස්ට් එකත් බලලානේ ආවේ.... එහෙම තමයි.. අපේ මිනිස්සු වැරැද්ද පටවන්න මොනව හරි දෙයක් හොයා ග්නනවා හැමතිස්සේම.... එහෙමයි හිත හදා ගන්න් පුරුදු වෙලා තියෙන්නේ...

      සිරා කිව්වා වගේ අපේ රටත් දැං දැං ඉන්දියාවෙ ඉන්න පිස්සන්ගේ ගානට වැටීගෙන එන්නේ.....

      Delete
  11. Maath akkage kathaavata ekagayi.eyata banala e vela duka nathikaragaththa eth e kathaave digata ellila eka nisaama paraduna kiyana eka mahama maha gobba kathaavak.anith eka maalingata banina ekath tikak varadi.u hodata damma ball valatath gahuva ane manda una de una. Api duk una okkoma ivara una

    ReplyDelete
    Replies
    1. අද ෆොන් එකෙන් වගේ නේ... හි හි..

      ඔය තේරිලා තියෙන්නේ මඩයට මං කිව්ව දේ හරියටම....

      Delete
  12. හිරුගේ කතාවට එකඟයි. මම හිතන්නේ ඔය එක, එක කතා කියන්නේ දේශපාලනමය වශයෙන් එක, එක අදහස් දරන අය...:)

    නැත්නම් කවුරු ආවත්, නාවත්, දිනන කෙනා දිනනවා. පරදින කෙනා පරදිනවා...හැබැයි ලංකාවේ අය ස්ට්‍රෙස් එක්ක තරඟ කරන්ට බැරි කොටසක් විදියට මට නම් පෙනිලා තියෙන්නේ.

    අනෙක දැන් ඉතින් ගිය දේ ගියාවයි. දැන් ඉතින් ඊලඟ එක දිහා බලමු. හී හී....

    ReplyDelete
    Replies
    1. එහෙනං.... ඊළඟ එකවත් මේ පාර වෙච්ච වැරදි හදාගෙන ශූරයෝ වෙන්න හිත හදා ගත්තා නම් හරි... මොකෝ මේක පැරදුනා කියලා ලොකේ පෙරලුනේ නෑනේ....

      Delete
  13. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමට මූලිකම හේතුව ලෙස රාවණා ආගමිකයෙක් වන මා පමණක් නොව, සියලුම ආගම් ප්‍රතික්ෂේප කර නූතන විද්‍යාව පමණක් පිළිගන්නා සියල්ලන්ම දකින්නේ මහින්ද රාජපක්ෂ එහි පැමිණීමයි. එහෙම නැතිව පන්දුවාර 12ට ලකුණු 48ක් ගහල තිබ්බ කොදෙව් කණඩායම 137ක් ගහන්න මාලන් සැමුවෙල්ස් පටන් ගැනීම හෝ, ලසිත් මාලිංගට දිගට හරහට හයේ ඒවායින් නෙලද්දීත් මහේල ජයවර්ධන විසින් ඔහුව ඕවර් 4 ම බෝල් කිරීමට දැමීම නිසා මාලිංගට ලකුණු 54 ක්ම නෙලීම නෙලීම හෝ, මහින්ද රාජපක්ෂ පිටියට පැමිණීමටත් පෙරදීම තිලකරත්න දිල්ෂාන් බින්දුවට දැවී යාම ඇතුළුව ශ්‍රී ලංකා පිතිකරුවන් ජීවිතයේ මුල් වරට ක්‍රිකට් ගහන්නා වාගේ නොසැලකිල්ලෙන් ක්‍රිකට් ගැසීම නිසා නොවෙයි.


    මහින්ද රාජපක්ෂ කුරහන් සාටකයක් දමාගෙන පැමිණීමත්, ක්‍රීඩකයින් කිසිවෙක් එලෙස කුරහන් සාටකයක් දමාගෙන නොසිටීමත් නිසා ක්‍රිඩා පිටියේ තිබූ විශ්ව ශක්තිය බිඳී ගියා. ඉදිරියේදී මහින්ද රාජපක්ෂ ක්‍රිකට් තරග බැලීමට නොපැමිණිය යුතු බව මාගේ යෝජනාවයි. පැමිණෙනවානම් මහින්ද රාජපක්ෂ කුරහන් සාටකය ගලවා දමා පැමිණිය යුතු අතර එසේ බැරිනම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ට කුරහන් සාටක පළන්ඳවා ක්‍රීඩා කරවීම මෙයට විසඳුමයි.

    මුලදීම මහින්ද කුරහන් සාටකය දාගෙනයි පැමිණියේ. නමුත් සාටකය නිසා කණ්ඩායමට වස් වදීවි කියල රාජකීය අනාගතවෘක්ත වරුන් විසින් පැවසූ පසුව එය ඉවත් කළා, නමුත් සාටකය දාගෙන ආපු නිසා වස් වැදුණා.

    එසේම මෙය විද්‍යාත්මකව පර්යේෂණ කර පෙන්වූ දෙයක්. ඒ ගැන පර්යේෂන පත්‍රිකා පවා නිකුත් කර තිබෙනව. නැතිනම් ඔය මෝඩ විශ්වාස බලි බිලී වස් දොස් නොපිළිගන්නා උදවිය මේ ගැන මෙච්චර කතා කරන්නේ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. මලා....

      ඔන්න ඉතිං තේරෙන්නෙම නැති කතාවක් කිව්වා ආචාර්‌යතුමා..... ඔබතුමාගේ මූණ දැකලා බය හිතිලා මට ඔක්කොම අමතක වෙලා..

      අපි උන්දැට කුරහන් සාටකේ දාන එක තහනම් කරමු.... බැරිද ආචාර්‌යතුමා.. අපි පා ගමනක් ගිහිල්ලා ඉල්ලීමක් කරමු කුරහන් සාටකේ දාන එක නවත්තන්න කියලා.. එතකොට වැඩේ හරිනේ... හි හි...

      Delete
  14. :)
    තැන තැන දැක්ක කතා වලින් මට හිතුනෙ සෙල්ලම් කරල තියෙන්නෙ ඒකට සුදුසු ටීම් එක නෙමෙයි කියල... ක්‍රිකට් පාලක මණ්ඩලේට හොඳ ප්ලේයර්ස්ල හොයාගන්න තිබ්බා මූණු පොතෙනුයි බ්ලොග් වලිනුයි...

    අපේ උන් නම් අනුශූරතාව හරි ගත්තා... රටවල් කීයක් හිස් අතින් ගෙදර ගියාද?...


    ** හැබැයි මේකට මාරෙ අයියගෙ නම් මොකක් හරි යටි කූට්ටු වැඩක් තියෙනව ;)

    ReplyDelete
    Replies
    1. හි හි.. කියලා වැඩක් නෑ ඒ ගැන නම්..

      මාරයියා දේශ‌ ද්‍රොහියා වෙලානේ හිටියේ කලින් ඉඳලම... හි හි

      Delete
  15. -ආතල් කොමෙන්ටුව-
    මෙන්න බොලේ සෙන්චරිය දැම්මා විතරයි අපේ හිරු නැන්දා දිගට හරහට විචාර ලියන්න පටන් අරගෙන..ප්‍රීතියි.. ප්‍රීතියි.

    -සිරාම කොමෙන්ටුව-
    මම අම්බ මලින්ද විරෝධියෙක් වුණත් (ඉස්සර එහෙම නැත, රනිල්ව පරදා මලින්දව ගේන්නට දරදිය ඇද්දේ අපමය. ) මැච් එක පැරදුණේ ඔහු තරගය නරඹන්නට පැමිණි නිසාය යන බබාලන්ත කතා වලට නම් එකඟ නැත. හිරු හොදින් ඒක පහදලා දී තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. මොනාද රතූ... නැන්දා නැන්දා ගාන්නේ.. දුක හිතෙනවනේ අප්පා....

      සිරා කමෙන්ටුවට තැන්කියු....

      Delete
  16. ලංකාවෙ ඉන්නවා ක්‍රීඩාව දෙශපාලනය ආගම වගේ දෙවල් කලවං කරගෙන කෑගහන අය ඒවගේම පරාජය බාරගන්න අමාරු උනාම කාගෙ හරි වැරැද්දක් පිට දාලා හිත හදා ගන්න අය ඒවා දිහා උපෙක්ශාවෙන් බලන එක තමා කරන්න තියෙන්නෙ .(මලා උපෙක්ශා ගියා නොවැ)

    ReplyDelete
    Replies
    1. කවුද බං ජෝං උපේක්ෂා.. නිළීයක්ද.... ? ඔක්කොම අනාගෙන අච්චාරු තරගෙන ඉන්න හින්දා තමා මේ නස්පැත්ති සේරම......

      Delete
  17. Ane ane.. methemath rata harak, thama kade yanawane redi adagena. Ai rajata baninakota dukayida? Rata hena gahuwath kamak na ne. oya raja sapata innawa nam. Ane mehema un innakam lankawata deyyangema pihitayi. thawa allapan. redda..

    ReplyDelete
    Replies
    1. රෙදි අදින්නේ නැතුව කඩේ යන්න පුළුවනෑ මහත්තයෝ... රට්ටු හු කියාවිනේ....

      වැදගත් දේකට, හරි හමන් දේකට රජාට බැන්නොත් එතන සපෝට් එකට ඉන්න කට්ටියක් තමයි මෙතන මේ ඉන්නේ... බොරුවට ඒ මිනිහාව අල්ලගෙන හරියට වැඩේ කරගන්න බැරිවෙච්ච නාකි අම්මණිඩිලා වගේ කුණුහරප කියනකොට කාගේද හෙළුව පේන්නේ කියලා තේරෙන්නේ නෑ නේ....

      Delete
    2. Rate prasha kochchara nam tiyanawada? ewa ekakata wath wisadum nathi raja match bala hitiyama hariyanawada? mu methana awilla oka baluwayi kollange hadena moral ekak nam na. Ehema hadenna mu apu ekak wath dunawada? he he.. ane manda? mehemath kade yana jathiyak.

      Mehema kade yaddi redi nathuwa yanawa wage thama.. Ho kiyanawa nangi. Redi ko kiyala thama apita ahanna thiyenne.
      oyage heluwa api dakka

      Delete
    3. කමක් නෑ අයියේ.... ඔයාලට වගේම අපිටත් ජීවත් වෙන්න තියෙන්නේ මේ රට විතරයි... රජා කිව්වත් වෙන මොනා කිව්වත් ඒ මේ රටේ ජනාධිපති.... කඩේ ගියත් නැතත් ඒක පිළිගන්න බැරි මිනිස්සු මේ ව‌ෙග් කතා කිව්වට කියවලා යමක් තේරුම් ගන්න පුළුවන්, ඔලුව කල්පනා කරන්න පුළුවන් කෙනෙක් නම් තේරුම් ගනියි මේ ලියලා තියෙන්නෙ කාටවත් කඩේ යාමක් ගැන නෙවෙයි කියලා....

      Delete
    4. ඔන්න මමත් ඔයාව බලලා ෆලෝ පාරකුත් දාලා ආවා....

      Delete
    5. rate janthawage prashana piliganna bari, ewa prashna widihata dakinna bari, ewa daka daka nodakka wage thamange paduwe inna, idala hitala podi sobana paraka dala.. Meka mage rata ramuduruwanne kiyala, papuwata gahala kagahana. janadipathi waru.. jandipathila widihata piliganna amaruyi nangi. he he.. Me rate godak hoda minissu, edithara minissu hitiya. eth dan na. innne api wage net eke kagahana un tikak witharayi. naththam ape rata me wage ballata yanne na.

      konda nana thiana un rata wenuwen kagahala marila ewarayi. dan api wage sokadatayanta karanna deyak ithuru wela na. me ballo udu buruna diha balan innawa arenna apita wena option na.

      Idala hitala wath me wage comment ekak danna kath ekka wath tharahata nemeyi, api apith ekka thiyana tharahata. me wage kalakanni tikakata rata bara della apith ohe upannata wani wani innawa. Samawenna one.. meka oyage pitin giyata..

      Dawasak eyi.. wadi athaka nemeyi..

      Delete
    6. ඔයා මේ කියන දේවල් වැරදියි කියලා මම කියනවා නෙවෙයි.... අපිට නෙට් එකෙන් යුද්ධ කරන්න පුලුවන් තත්වයක් තාම ඇති වෙලා නැති නිසා අපි ඔක්කොම තමා සොකඩයෝ තමයි... ඒ ඔයා කියපු දේටයි මම කිව්වේ.

      මම කවදාවත් මේ බිලොග් එකේ ලොකු දේශපාලනයක් කතා කරලා නෑ... ඒ ගැන කතා කරන්න මට තියෙන සුදුසුකම් මම කලින් පෝස්ට් වල කියලා තියෙනවා... මේ පොස්ට් එකේ ඒ ගැන කතා කලේ නෑ.. මාතෘකාවම කියවලා බලන්න...

      නමුත් මම පෝස්ට් එ‌ෙක් කියපු දේ ඔයාට තේරිලා නෑ... මම කතා කලේ වෙන දෙයක්.. ඔයා මම පාට කණ්ණාඩි දාගෙන ඉන්නවා කියලා හිතන්නේ මොන පදනමෙන්ද කියලා මම දන්නේ නෑ.. නමුත් ඔයා මගේ පරණ පොස්ට් ටිකක් කියවලා බැලුවා නම් ඔයාට තේරේයි මම මේ තත්වය ගැන දරන මතය මොකද්ද කියලා....

      ඒක නිසා පුළුවන් නම් මගේ පරණ පෝස්ට් ටික කියවලා බලන්න... එහෙම නැත්තම් කරුණකාරලා වැරදි විදියට කෙනෙක්ට චෝදනා කරන එක නවත්තන්න ....

      /////Idala hitala wath me wage comment ekak danna kath ekka wath tharahata nemeyi, api apith ekka thiyana tharahata. me wage kalakanni tikakata rata bara della apith ohe upannata wani wani innawa. Samawenna one.. meka oyage pitin giyata.. ////

      මේ ටික ගැන කියන්න තියෙන්නේ කුණුහරැප නැතුව කතා කලාට බොහොම ස්තූතියි... ගොඩක් අය පටන් ගන්නෙම කුණුහරුප වලින්....

      ඇත්ත කිව්වොත් ඔය තත්වෙම තමා මමත් ඉන්නේ.. මේ කම්පියුටරයක් තිබුනා කියලා මාත් මගේ මහත්තයත් මහා ලොකු සල්ලිකාරයෝ නෙවෙයි... එහෙම කියලා බැන බැන හිටියට වැඩක් නෑ කියලයි මම හිතන්නේ... ඒකෙන් වෙන්නේ අපේ ජීවිත පවා අවුල් වෙන එක.... අපි කේන්තියෙන් ඉන්න තරමට අපේ හිත නරක් වෙනවා වැඩියි....

      අපේ රටේ අපි වැරදෙන හැම දේකට පස්සේම වැරැද්ද හදා ගන්න උත්සාහ කරනවා වෙනුවට වැරැද්ද වෙච්ච එකට නිදහසට කරුණු හොයන්න යනවා... හරියට ඉන්ටවිව් එකකට ගිහින් ‌ෆේල් උනාම උදේ එළියට බහිනකොට හම්බුන මනුස්සයා මූසල හින්දයි එහෙම උනේ කියනවා වගේ.... මම මේ පෝස්ට් එකෙන් කියන්න හැදුවේ ඒකයි.. එහෙම නැතුව ජනාධිපතිට කඩේ යෑමක් මම කලේ නෑ.....

      මේ ක්‍රමය, ජනාධිපති වෙනස් කරන්න අපිට කරන්න පුළුවන් මොනාද.... ඊට පස්‌සේ මෙයාව එලවලා කාවද අපි පත් කරගන්නේ... ( මේ වගේම මිනිහෙක් ආවත් මේ ටිකම නේ...) ඒ වගේ දේවල් තමා වැදගත්... නැතුව බැන බැන ඉදීම නෙවෙයි... මේ වගේ දේවල් අපිට කතා කරන්න බ්ලොග් හොඳ මාධ්‍යයක් වෙයි ඉස්සරහට.. නමුත් මේක තියෙන්නේ තාම කිරි බොන අවධියේ... එතකම් කරන්න පුළුවන් දේ කරන එකයි අපේ යුතුකම... ගොඩක් බ්ලොග් වලින් ඒ වගේ දේවල් දැනටමත් කෙරෙනවා.... මගේ බිලොග් එක පටන් අරන් තාම මාස ගානයි.. ඔය ටිකට මම ලෝකේ වෙනස් කරන්න යන්නේ නෑ... මට එහෙම කරන්නත් බෑ.... ඒත් පටන් ගැනීමක් තියෙනවා....

      තව දෙයක් දුශ්... මම හිතන්නේ ඔයා මට වඩා බාල ඇති කියලා... හි හි... මට දැන් 30කට කිට්ටුයි....

      Delete
    7. http://www.gossip9.com/2012/10/blog-post_7072.html Check it out.

      Delete
    8. හි හි... දැක්කා .....

      Delete
  18. ඇත්ත දන්නවා උනත් මාත් බයින්නේ රං ගොජාට තමා.....

    ReplyDelete
    Replies
    1. ඒ ඉතිං ඊට අන්ත ගොන් කමක් නේ.. කමක් නෑ.. හි හි...

      Delete
  19. දිවි නසා ගත්තු සිද්ධිය නම් මටත් හිතුනේ වෙන මොකක් හරි හේතුවකට කරන්න ඇති කියල. ක්‍රීඩාව ගත්තම නම් ඉතින් කවුරු හෝ දක්ෂයා දිනීම සාමාන්‍ය දෙයක්. ඒකට වාසනාවත් යම් පමණකට බල පානවා කියලයි මට නම් හිතෙන්නේ. ලංකාව දිනුව නම් තවත් විපර්යාස ටිකක් බලන්නත් තිබුනා පහුවදා ට.

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව.. හි හි... එහෙනං නිවාඩු දෙන්න වෙනවා කට්ටියට.....

      Delete
  20. ඔය වගේ කොමෙන්ටු කීපයක් මටත් කියවන්න ලැබුනා. ඇත්තටම ආණ්ඩුවට බනින එක මොස්තරයක් වෙලා නිසා මම නම් ඒ ගැන තකන්නෙ නෑ. මම ආණ්ඩුවට ඡන්දයක් දාන එකෙක් වත් නෙමේ...අර කතාවට කියන්නෙ පඩයක් කියත් ආණ්ඩුවට බනිනවා කියලා. ඇත්ත වෙන්න ඇති. රටේ පුරවැසියෙක් විදියට ජනාධිපතිටත් අයිතියක් තියෙනවනෙ මැච් එක බලන්න. අනික ජානාධිපති මැච් එක බලන්න ආවා කියන එකට පීඩනයක් කරගන්න තරම් අපේ කණ්ඩායම ශක්තිමත් නැතිද ...විකාර කතා

    මැච් එකක් පැරදුනාම දිවිනසා ගන්නේ මෝඩයෝ. කිසිම දෙයක් දරා ගන්න බැරි උන්. ඉන්දියාවේ තමිල්නාඩුවේ ඉන්න මෝඩ මිනිස්සු හැසිරෙන ලෙවල් එකට ලංකාවේ අය වැටුන එකයි මට දුක.

    ක්‍රිකට් කියන්නෙ තවත් එක තරඟයක් විතරයි. මේ මැච් එකේදී මාලිංග දුන්න ලකුණු 54 තදින්ම බලපෑවා තමයි. ඒත් මාලිංග ඊට කලින් මැච් එකේදී විකට් පහක් ගත්ත එක කාටත් අමතක වෙලා මාලිංගගේ අම්ම මුත්තා මතක් කරනවා. අපේ තිබුනේ දුර්වල ක්‍රීඩා විලාශය හැමෝගෙන්ම දැක්කා. ඒකට මුළු කණ්ඩායමම වගකියන්න ඕනේ මිසක් එක්කෙනෙක්ට දොස් කියන එකේ තේරුමක් තියෙයිද ?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ළිහිණි.... කොහොමත් අපේ කට්ටිය බනින්න ගත්තම මෝස්තරේට තමා බනින්නේ.. ඒක දැං පුරුද්දට ගිහින්...

      Delete
  21. මම ඔය සම්බන්ධව තිබුණු ගොඩක් පෝස්ට් වල කමෙන්ට් එකක් දැම්මා..
    සමහර විට එදා දිනන්නත් තිබුනා.දිනුවානම් මිනිස්සු ඔහොම කියන්නේ නෑ..
    මට නම් කියන්නේ තියෙන්නේ..මිනිස්සු හරි මෝඩ විදිහට හිතනවා කියන එක විතරයි.
    මොකද ජනාධිපති කියල එතුමාට විශේෂ බලයක් නැහැනේ.
    මේ පෝස්ට් එක ලියවුනු එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා අක්කේ.

    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. මටත් ඕවා දැකලා තමා මේක ලියන්න හිතුනේ නඟා....

      Delete
  22. මම එදත් කිවේ යාළු.මම ඕනම දෙයක් ඕනවට වඩා ඇඟට ගන්න එකෙක් නෙමේ. අනික ඔවැනි දේවල් සැහැල්ලුවෙන් බාර ගන්නතරම් හැකියාවක් මට තියනවා. හැමෝම එක මට්ටමේ නෑනේ කියලා මම නම් සද්ද වහලා ඉන්නවා ආයිබෝං...!

    ReplyDelete
    Replies
    1. හි හි.. සරා ගැන අපි නොදන්නවයැ....

      Delete
  23. මේ මැච් එක පැරදුනේ කවුරුවත් හන්දා නෙවෙයි. සමහරු පකඩෙ කකා මැච් එක බලපු නිසාය.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එහෙනං අපේ මස්සිනාලා දෙන්නවම හම ගහන්න ඕනේ... හි හි .... ඒ දෙන්නා තමා 6.45 ඉඳලා ටීවී එක ගාව රැක ගෙන හිටියේ....

      Delete
  24. අපි කවුරු කෝම කිවුවත් සෙල්ලම් කරන් උන් තමයි අක්කේ ඒකේ අමාරුව දන්නේ.. කවුරුත් පරදින්න අකමැති.. ඒත් වැඩියෙන්ම දක්ශකම් පෙන්නන කට්ටිය දිනනවා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ‌අපි බොරුවට දැඟලුවා කියලා වැඩක් තියෙනවායැ....

      Delete
  25. මම ක්‍රිඩාව ප්‍රිය කරන්නෙක් නෙවේ. මේ මැච් එක බැලුවෙත් නැ. ඒත් යම් යම් අය කල ප්‍රකාහ සහ අන්තර් ජාලයේ තිබුන පුවත් දිහා බැලුවාම මට හිතනේ දෙපිළක් කරන ක්‍රිඩාවකදි කවුරු හරි ජයග්‍රහණය කල යුතු බවයි. ඉතින් ඒක තිරණය වෙන්නේ කණ්ඩායමේ ශක්තිය අනුවයි. ජය පැරදුම කාටත් පොදුයි. මටනම් ඉතින් මේ කරගවලදී කවුරු දිනුවත් පැරදුනත් ගානක් නැ. මොකද ඒක තරගයක් නිසා

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන තත්වෙන් එහාට යන තත්වයක් තියෙන්නේ මේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ.. ඒකට මධ්‍යත් වග කියන්න ඕනේ යම් තරමකින්.. ක්‍රිකට් දැං දෙයියෝ දුන්න දෙයක් වෙලානේ....

      Delete
  26. මේකනම් ඇත්ත කතාව වගේ!මොනවා උනත් අසරණ මනුස්සයාගේ කිරි අම්මගේ වලට හිටන් ගෙන ගහන්න ඇති අපේ කස්ටිය කියපු කරපු දේවල් හින්දා.... :D

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ.. හි හි

      Delete
  27. සහතික ඇත්ත කතාවක් හිරු අක්කේ.. :)

    ReplyDelete
    Replies
    1. හි හි.. මොකෝ මේ ටිකේ පේන්න හිටියේ නැත්තේ.....

      Delete
    2. මේ දවස් වල අම්මා අසනීප වෙලා නිසා හවුස් හොල්ඩ් කෝස් එකක් කරනවා අනේ.. :) වැඩ ගොඩායි... අතුගාන්න.. උයන්න.. රෙදි මදින්න.. හප්පේ එපා වෙනවා..

      Delete
  28. මහින්ද මහත්තය ඡන්ද දිනන්න හොඳයි නමුත් ක්‍රීඩාව පැත්තෙන් හරිනෑ. දැක්කනේ නාමල්,යෝෂිත,රෝහිත ආවට පස්සෙ අපේ රග්බිවලට කෙලවුන හැටි!

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නම් රාජ් මම රග්බි තරඟයක් නම් තාම බලලා නෑ.... නමුත් මාත් මුලින් හිතුවා ඒ ක්‍රීඩාවේ යම්කිසි ප්‍රගතියක් තියෙයි කියලා නාමල් ඉන්න නිසා... ඒත් දැං යන විදියට ඒකත් නිකම්ම නිකම් ෂෝ එකක් විතරක් වෙලා... වැඩක් නෑ.... ඔය ස්ට්‍රීට් රේස් වගේ දේවල් පවා ලංකාවට අවශ්‍ය දේවල් නෙවෙයි.... ලංකාවේ එහෙම යන්න පුළුවන් පාරවල් කීයද තියෙන්නේ.... අර දියතලාවෙයි තව තැන් දෙක තුනක තියෙන කාර්, මෝටර්සයිකල් රේස් ටික තිබ්බම හොඳටෝම ඇති ලංකාවේ හොඳ ක්‍රීඩකයෙක් ඉනන්වනං එළියට ගන්න... මේවා නං මහ ගොං වැඩ තමා.....

      ඒ උනාට මේ මැච් එක පැරදුනේ මේ මනුස්සයා ආපු එකෙන් කියලා කියන එකෙන් පේන්නේ අපේ මිනිස්සු ඇත්ත පිළිගන්න කොච්චර අකමැතිද කියලායි මට හිතුනේ.... ඒක හරියට මොනා හරි වැරදුනාම ගෙිය්න එීළයට බහිද්දි හම්බුවෙච්ච කෙනා මූසලයි කියනවා වගේ හිත හදා ගන්න කියන කතාවක්....

      Delete
    2. ekek marala.. u wenuwata, baby awa kiyala, Rugby walata wena sethak na na.. He he.. marichcha unge ammala thaththalagen ahuwa nam theren, unta una sethe... Mun yana hama thanama thiyenne boruwa. Pata kandi galawala loke diha balanna. Nodakapu dewal peneyi.

      Delete
    3. ඔයා ඔය ටික කියලා තියෙන්නේ තරහින් නේ දුශ්... බඩගින්‌ෙන් ඉන්න කෙනෙක්ට බණ කියලා වැඩක් නෑ කියලා බුදු හාමුදුරවොත් තේරුම් කලා නේ.... අපි තරහා නිවා ගෙන ඉමු....

      Delete
  29. මිනිස්සු හිතන එක හරි උනත් වැරදි උනත් එහෙම හිතන්නේ ඇයි කියලා හිතෙන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ සරත් අයියේ අපේ මිනිස්සුන්ගේ ඇත්ත පිළිගන්න තියෙන අකමත්ත සහ හීන මානය නිසා කියලා...... ක්‍රීඩාවක තියෙන ඇත්ත වන ජය පරාජය සමයි කියන ඇත්ත පිළිගන්න බැරි විදියට අපේ අයගේ මනස හැදිලා තියෙන නිසා... ඒකනේ ඔය දිවි නසා ගැනීම් ව‌ෙග් දේවලුත් වෙන්නේ....

      මේවා හදන්න ඕනේ ඉස්කෝල වලින්.... ඒත් ඉස්කෝල වල වත් දරුවන්ට මේවා හදා ගන්න උගන්නන්නේ නෑ... තරඟයක් දීලා පරාජය වෙනවා කියන එකත් ලොකු දෙයක් කියන එක සහ පරාජය කියන්නෙත් දිණුමක් කියන එක... ක්‍රීඩාවත් දැං මිනීමරාගන්න තත්වයට පත් වෙලා තියෙන්නේ ඕවා හන්දයි කියලා මට හිතුනේ....

      Delete
  30. ඔන්න දාන්න හදපු කොමෙන්ට් එක පෝස්ට් එකක් වෙලා ඊටත් පස්සෙ මහා වල්බූතයක් වෙලා ඔන්න මගේ බ්ලොග් එකේ.... වෙලාවක් හෙම තියේ නං බලන්නකෝ...

    ReplyDelete
    Replies
    1. බැලුවා බැලුවා....

      අ‌ෙන් මේ ඇත්තමයි කියන්නේ.... ඔලුව හොඳටම අවුල් වෙලා තිබ්බ වෙලාවක උනත් හොඳටම හිනා උනා.. ලියලා තියෙන විදියට.....

      Delete
    2. මොකදැයි මේ ඔලුව අවුල් කියන්නේ... එහෙන් මෙහෙන් සැර කොමෙන්ට්ස් ටිකක් වැටිල හින්දද?

      Delete
    3. කමෙන්ට් නම් මොනාද... හි හි.... අපේ මහත්තයා ලෙඩක් දාගෙන.... ඒකයි... හි හි

      Delete