Wednesday, October 31, 2012

අපොයි මේ වැස්ස.....


වහිනවා වහිනවා ඉවරයක් නෑ..... දැං දවස් දෙක තුනකම ඉඳලා වැස්සට බැන බැන හිටිය මට අද උදේ තමා රෙදි ටික වේලගන්න පුළුවන් උනේ... යන්තම් කහ පාටට ඉර පොළවට එළිය වැටිලා තියෙනවා දැක්ක ගමන්, හෝදලා ගේ ඇතුලේ වැල් වල දාලා තිබ්බ රෙදි ටික උසස්ගෙන ගිහින් එළියේ වැලේ වැනුවේ යන්තම් හරි වේලගන්න පුළුවන් වෙයි කියලා... මොන..... පැය බාගෙකින් විතර ආයිත් පටං ගත්තේ නැද්ද වක්කොරන්න.....

වැස්ස කියන්නේ අපි වගේ අසරණ බයික් කාරයන්ට නම් කරුමයක්... මේ දවස් ටිකේම අපේ මහත්තයා ගෙදර එන්නේ තෙමිච්ච කුකුළා වගේ... කොච්චර ජැකට් දැම්මත් මේ වැස්සෙන් නම් තෙමෙන්නේ නැතුව එන්න බෑ...

ඉතිං දැං ඔය තෙතබරි වෙලා තියෙන ඇඳුම් හෝදලා වේලපන්කෝ...... මොකෝ ඉර එළිය වැටෙනවාය කියලා මහා ලොකු වත්තක් ඇතැයි... තියෙන පොඩ්ඩේ ඇදලා තියන වැල් දෙකක දාලා නොවැ මේවා වේලන්නත් ඕනේ....

අම්මපා මම ගෙදර හිටියනං.... එහෙනං මේ කිසි කරදරයක් නෑ නොවැ.... රෙදි ටික හේදුවා... අම්මගේ අර ලොකු අවන් දෙක උඩින් වැනුවා... ක්ෂණික නූඩ්ල්ස් වගේ විනාඩි 5යි රෙදි ටික වේලිලා... පොඩ්ඩක් කේක් සුවඳ නං ඉතිං එනවා.. ඒකට මොකෝ නේ...... හි හි....

ඒක කිව්වම මතක් උනේ පොඩි කාළේ කරපු පොඩි පොඩි අපත වැඩ කීපයක් ගැන... බලමු මගේ ජාතියේ කීයක් ඉන්නවද කියලා...

කෑම පෙට්ටිය හේදීම...... හපෝ.. මට එපාම කරපු වැඩක් තමයි.... ලන්ච් ෂීට් දාන්න දෙන්නේ නැති නිසා හැමදාම ඕක හෝදන්න ඕනේ.. ඒත් හැමදාම ඕක මට මතක් වෙන්නේ උදේට ඉස්කෝලෙ යන්න ගියාම තමයි... ඇයි එතකොට සෙනසුරාදා ඉරිදා ගෙදර ඉඳලා සඳුදා උදේට ඕක හොදනකොට.... මං කොච්චර හොඳද කියනවනං සමහර නිවාඩු මාස වලදිත් කෑම පෙට්ටිය හෝදන්න අමතක වෙන එකනේ.... අප්පා ඒ සුවඳ.. මතක් වෙනකොට දුවන්න හිතෙනවා... හි හි....

එතකොට සුදු ගවුම් හේදීම.... ඕකට මම අහවුනේ අඩුවෙන්.. අම්මා නොවැ හෝදන්නේ.. හි හි.... හැබැයි ඉතිං ෆෑන් දා‌ගෙන, අයන් කර කර වේලන්න නම් අහුඋනා... හි හි..

සපත්තු හෝදන්න... හපෝයි.. මතක් කරන්න එපා... පෙන්නන්නම බැරි වැඩේ ඕක තමා... අවුරුද 13ක්ම දැම්මේ සුදු සපත්තු... පොල් මුඩු දාගෙන අතුල්ලලා, ඊට පස්සේ ඔය සුදු කරන ජාති ගාලා... මං නං සාමාන්‍යයෙන් කැන්වස් සපත්තු හෝදන්නෙම නෑ.... සුදු පාට ටිකක් ගාගෙන යනවා.. හි හි... ටික කාලයක් යනකොට අර අනිත් ස්පෝර්ට්ස් සපත්තු දාන්න පටන් ගත්තා.. හැමදාම ගෙදර එන‌කොට ඒවා දුඹුරු පාටයි... ඒවා නං හේදුවේ නැත්තම් විනාසයි.... හැම වීක් එන්ඩ් එකේම හෝදන්න ඕනේ...

ඔය සපත්තු ගැන හොදම මතකය ඉතිං තියෙන්නේ වැස්ස කාලෙට තමා...... හි හි... ඒ ගැන කතා නොකර ඉමු නේ...

මොකද මට තිබුණ තව ලෙඩක් තමයි කුඩ ඉහලන්න ඇති බලවත් නොකැමැත්ත... ඒක නිසා කොච්චර වැස්සක් උනත් කෝච්චියෙන් බැහැලා ගෙදරටම දුවන එක තමයි කරන්නේ.... එතකොට ඉතිං සපත්තු විතරක් නෙවෙයි, පොත් බෑග් එකේ ඉඳන්ම තෙතබරි වෙලා ගෙදරට එන‌කොට..

හ‌යියෝ... තාමත් මේ වැස්ස ඉවර නෑ...

වැස්ස නැති කොටත් බනිනවා.. වහිනකොටත් බනිනවා.. නේදෑ.......

99 comments:

  1. අම්මෝ අද නම් පුදුම වැස්සක් තියෙන්නේ. අදත් නුගේගොඩ ටවුම යට වෙන සයිස්...
    මේ වැස්සත් එක්ක වැඩ කරන කට්ටියට නිවාඩු හම්බ උනා නම් කොහොමද නෙ... නැද්ද හිරු ? :)

    ReplyDelete
    Replies
    1. අදත් වහිනවා අප්පා... පුදුම වාතයක්...
      හි හි... මට නං හැමදාම නිවාඩුනේ මධූ...

      Delete
  2. වැස්සෙන් ලොකුම කරදරේ සිදුවෙන්නෙ බයික්වල යන අපිට තමයි. මම නං මේ දවස්වල බස්එකේ.

    ReplyDelete
    Replies
    1. බස්එකේ පාඩු වෙලා තියෙයි..

      Delete
    2. අපේ මහත්තයත් බස් එකේ යනවා... ඒත් මේ ටිකේම රෑට එන්න පරක්කුයි.. ඉතිං රෑ වෙලා බස් එකේ එන්න අමාරු නිසා තෙමි තෙමිම බයික් එකේ යනවා....

      සෑම්... මේ දවස් වල බස් එකේ යන එක තමයි ඇත්තටම ලේසි... පරක්කු උනාය කියලා වැටෙන ලෙඩත් අඩුයි නේ.. හි හි..

      Delete
  3. වැස්ස.. වැස්ස.. හරියට මල ගෙදරට මිනිස්සු එන කොට අඩන අය වගේ. සැරින් සැරේ ඇද හැලෙන්නේ. මමත් එහෙම තමයි මොන තරං වැස්සෙන් බාධා ආවත් වැස්ස නෑ වගේ යන්නේ. හරියට විශාකා සිටුදුව වගේ. හික්..

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං කියලා...

      මාත් වැස්සේ තෙමි තෙමි ඇවිල්ලා තියෙනවා.. හැබයි විශාකා සිටුදුව වගේ නම් නෙවෙයි.. පස්සෙන් පිස්සු බල්ලෝ පන්නන ගානට.. හි හි...

      Delete
  4. අනේ.. මං අද එලියට බැස්සේ වහියි කියල හිතං.. ඒත් මං වැඩ ටික කරන් බස් එකට නගිනකනුත් වැස්සට අමතක උනා වහින්න... මට තෙමෙන්න උනේ නැති එක ගැන සාංකාවෙන් මං මේ ඉන්නෝ.. :(
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!!

    ReplyDelete
    Replies
    1. කොහොමත් පණු වැස්සට ආසයි නෙ... ඒක හින්දා වෙන්නැති.. හි හි....

      Delete
  5. තෙමෙන එක නම් මේ දවස් වල උරුමයක් වගේ වෙලා තියෙන්නෙ...

    කෑම පෙට්ටි ප්‍රශ්න තිබිල නෑ...
    ඇඳුම් හෝදන අයන් කරන ප්‍රශ්න තිබිල නෑ... ඔක්කොම කරල ඇඳුම් ටික උදේට කාමරේට එනව...

    සපත්තු පොලිෂ් කරන එක වාරෙකට සැරයයි.. (පළවෙනි දවසෙ..) සපත්තු දෙක කකුල් දෙකේ දාන් යනව මිසක් ඕක පොලිෂ් කර කර දඟලන්න මට පිස්සුවක් ඇතෑ..

    ReplyDelete
    Replies
    1. උඹලට නම් මොකෝ.. කලු සපත්තු නේ....

      මම ඉතිං අවුරුදු 13ම සුදු සපත්තු නේ දැම්මේ... ඒත් ඔය කියන තාලේ තමයි... වතුර ටිකක් ගාලා පිහදාගෙන යන එක තමයි වැඩිපුර ක‌ළේ.. කොහොමත් මටත් ඒ තරම් පිස්සුවක් තිබුණෞ නෑ අනිත් කෙල්ලන්ට වගේ... හි හි...

      Delete
  6. මෙහෙටත් හොඳටම වහිනවා.අපිට නම් ඉතිං වැසස කියලා නැ.පුහුණු විම් නවත් වන්නේ නැ.

    ReplyDelete
    Replies
    1. ඉතිං තෙමුණම ඔය ළමයි ලෙඩ වෙන්නේ නැද්ද මං අහන්නේ... ඉස්සර පනාගොඩ කෑම්ප් එකේ කොල්ලෝ මහ වැස්සෙත් පාර දි‌ගේ දුවනවා මම දැකලා තියෙනවා... පවු කියලා හිතුනත් පුදුමාකාර ගෞරවයකුත් තිබුණා එයාලා ගැන....
      ගයනි නේවි කියලා දන්නවා.. ඒත් ඉන්නේ කොහෙද කියලා නම් මම දන්නේ නෑ...

      Delete
  7. Matath harima karadare ane wassen. montisori yanna epaya baba ekka. Adum welana eka thamai lokuma prashne.

    ReplyDelete
    Replies
    1. ඇඳුම් තමයි අප්පා ලොකුම කරදරේ.... මෙහේ වේලන්න කියලා දාන්න තැනකත් නෑ... ගේ පිස්සන් කොටුව වගේ.. හෝදපු ඇදුම් හැම තැනම දාලා.. නැත්තම් ඉතිං වැඩට යවන්නේ කොහොමද... පොඩි එවුන් හොඳයි තව.... හැමදාම නාගෙන එන්නේ....

      හොඳ වෙලාවට මම ගෙදර ඉන්නේ.. මාත් ජොබ් එකකට ගියා නම් බලාගන්න තිබ්බා මනුස්සයා වැඩට යන හැටි.. හි හි....

      Delete
  8. අද හොඳටම තෙමුනා ..ඒත් මම වැස්සට ආසයි.. :)

    ReplyDelete
    Replies
    1. තෙමෙන්න නම් බැරියෑ බං.. රෙිද වේලන එකනේ කරුමේ...

      Delete
  9. කාගෙද වැරැද්ද..? උඹනේ හිරු.. පායහං...

    මේ හිරුවෝ මොකාට බැන්නත් වැස්සට බයින්න එන්න එපා හරිද..මට තද වෙනවා... යකෝ මාත් වැස්සට තෙමෙන්න උරුම වෙච්ච බයිසිමොටෝ කාරයා වෙච්චි.. ඒත් මං හත් දොහේ තෙමුණත් අනේ වැහැපං කියලා හිතන එකා... පැවිල්ල කාලෙට තියෙන ආමාරුව මතක් වෙද්දී අවුරුද්දම වැස්සත් මංනං නෙවෙයි හුම් කියන්නේ... කොටින්ම අද උදේ තෙමීගෙන වැඩට ආවා.. හෙට උදේටත් තෙමීගෙන ගෙදර යනවා... ඔව්වනං හොනවද..?

    කෑම පෙට්ටි නේද... කවදාවත් භාවිතා කර නැත... ඉස්කෝලේ යන කාලේ තාත්තා දවස ගානේ කෑම එතුවේ තවාපු කෙසෙල් කොළවල... නිකමටවත් ලන්ච් ෂිට් එකක් ගේ හරියට ගෙනාවේ නැහැ...

    සපත්තු... කැන්වස් පාවිච්චි කල කාලෙනං ටිකක් දුක වින්දා.. ඒත් මුලදි දවසක් දෙකක් ඇර සපත්තු හේදිල්ල කලේ නැහැ.. අර විදියටම උඩින් සුදු ගාගෙන ගියා... පස්සේ එහෙමවත් නැතිව මඩ පාටටම ගියා...

    රෙදි හේදිල්ල කෙසේ වෙතත් මං රෙදි මැදලා ඇන්ද කෙනෙක් නෙවෙයි එකොළහ වසරට එනකල්ම... ඒ තියා කොණ්ඩේ පිරූවෙත් මතක් උනොත් විතරයි.. :)

    එයින් පස්සෙනං ටිකක් වෙනස් උනා... දැන්නං අයෙත් යුනි‍ෆෝම් එක ඇර වෙන එකක්වත් අයන් කිරීමක් නැත... මල කරදර...

    ReplyDelete
    Replies
    1. ඔන්න මාරයාට තද වෙලා. මොකද කරන්නේ. සරම උස්සල කෑ ගහමුද හිරුවෝ අර වර්ඩ් ටික දාලා...

      Delete
    2. කොහෙද මාරයියේ පායන්න දෙන්නේ නෑ නේ.. ඒකනේ මේ අවුල... හි හි...

      තෙමීගෙන යන එක හරි.. තෙමෙන ඒවා වේලන්න ගියාමනේ වදේ... මොකෝ රෙදි වේලන්න ඩ්‍රයර් තියෙනවා කියලයැ... ඉස්සර නම් අම්මගේ අවන් එක තිබ්බා...

      අපිට බත් ඔතාගෙන යන්න දුන්නේ නෑ මාරයියේ ඉස්කෝලෙ.. කුණු කේස් හින්දා...

      සපත්තුයි ඇඳුමුයි නම් මාරයියත් මගේ ජාතියෙම නේ.. හි හි.... මගේ සුදු ගවුම් අයන් කිරිල්ල ගැන මම කලින් කියලා තියෙනවනේ... දැං නං කොහොමත් අයන් කිරිලි නෑ... මළම කරදරයක් තමා...

      Delete
    3. පවු බං දේශකයෝ... මේ දවස් ටිකේ මාරයියා ඉන්නේ “ ‘ඥාව් ” වෙලාලු... හි හි... ඒක නිසා ඔන්නෝහේ පොඩ්ඩක් සද්දේ දාපු‌ෙදං... හි හි..

      Delete
  10. අපොයි මේ දවස් වල නම් එපා වෙන්නම වහිනවා......( හැබැයි මම වැස්සට ටිකා....ක් විතර කැමතියි.රෑට වහිනකොට නම් හෙනම ජොලි.මං කියන්නේ නිදා ගන්න වෙලවට.හොදට පොරෝ ගෙන ගුලි වෙල නිදා ගත්ත හැකි. )

    කෑම පෙට්ටිය, සුදු ගවුම අපේ අම්මා හෝදුවේ. ඒ නිසා ඒ කරදර තිබ්බේ නෑ. හපෝයි....සපත්තු හේදීම තරම් එපා කරපු වැඩක් තවත් නෑ.සතියකට සැරයයි හෝදන්නේ.අනික් දාට නිකන් උඩින් පල්ලෙන් පිහි දාල දා ගන්නව.... :)

    ReplyDelete
    Replies
    1. රෑට වහින කොට නං ජොලි තමා...

      මාත් ඉස්සර වැස්සට ආසයි නඟා.. ඒ කාලේ වැස්සොත් නිවාඩුවක් දාලා ගෙදර ඉන්නවා.. රෙදි ටික මැෂින් එකට දැම්මා, අවන් එක උඩින් වැනුවා... මොන කේස් එකක් වත් නෑ.. දැං එහෙමද... බලපල්ලකෝ කසාද බැන්දම කොහොමද කියලා... පුදුම කරුමයක්...

      Delete
  11. මමත් කැමති වැස්සට. මොනවා උනත් වැස්සෙ තෙමෙන එක තරම් සතුටක් වෙන කොහින්ද?

    මේ මඟ බලන් ඉන්නෙ එක්කෙනෙක් එනකම් අක්කියෝ වැස්සෙ තෙමෙන්න. හික් හික්....

    ReplyDelete
    Replies
    1. හි හි.. මම මේක පරිස්සම් කරන් තියං ඉදලා ... උඹලා බැදලා අවුරුදු 2කට විතර පස්සේ ආයිත් අහන්නම් හොඳේ.. හි හි...

      ලවු කරන කාළේ නම් මාත් වැස්සට කැමතියි තමයි.. පොඩි කුඩේ යටට වෙලා , වරුවක් විතර තෙමි තෙමි කියෝ කියෝ ඉඳලා ,පරක්කු වෙලා ගෙදර ගියාට වැස්ස පිට දාලා බේරෙන්න පුළුවන් නේ... හි හි...

      Delete
  12. හි හී හී.. හු හු හූ...

    මමත් හා හා පුරා කියලා බයික් එකක් ගත්තේ ගියාවුරුද්දේ සැප්තැම්බර් 20 ... ඊට කලින් ගියේ ඉතින් ලක්ෂ ගනන් කෝටි ගනන් වටින වාහනවල.. (කෝච්චි හා බස් ) රස්සාවට යද්දිනම් බයිසි මොටෝව ගන්න කලින් බොසාට කෝල් එකක් දාලා .. කාව හරි වාහනේක එවපන් කියනවා එවන්න එකෙක් නෑ කිව්වොත් එහෙනම් උබ ඇවිත් එක්කන් පලයන් කියනවා .. ඒකත් බෑ කිව්වොත් ඉතින් යන්න තරම් හදිස්සි වැඩකුත් නැත්තම් ආපහු දොයිය බබා තමා

    බයිසි මොටෝ ගත්තට පස්සෙ ඉතින් කාටවත් දත නියවන්න ඔන උනේ නෑ.. ඒ උනාට අනේ ගත්තු දවසෙ ඉඬන් පටන් ගත්තෙ නැද්ද වැස්ස.. හැබැයි ඉතින් වැස්සක් එක්ක තරහ උනේ නෑ හිරුවෝ.. සපත්තු දෙක සහ කලිසම ගලවල බෑග් එකට දාලා. ශෝටක් ඇඳලා රබර් කටු දෙකක් දාගෙන යන්න තියෙන ගමන් යනවා...

    රෙදි හෝදන වැඩනම් ඉතින් දන්නේ නෑ.. අපෙ ගෙදර තිබ්බ මැජික් බේසමක්, සුමානෙ ඇඳපුව ටික ගිහිල්ල ඒකට දැම්මහම එව්ව ගේදිලා මැදිලා.. නැවිලා බෑග් එකකට ඇවිත් ඉන්නවා.. ( අපෙ පුන්චි වෙලාවට බ්ලොග් කියවන්නෙ නෑ )

    ඉස්කෝලේ කාලේ ඒත් වැස්ස ගේමක් උනේ නෑ බන්.. වැහි පිට වැහි 1000ක් වැස්සත් ඉස්කෝලෙත් ගියා ...

    දියවෙලා යන්න තරම් වැස්සට තෙමුනත් වැස්සත් එක්ක ඔරොප්පු යන්නෙ නැත්තෙ මොන එකද මන්දා. මම වැස්සට පට්ට ලව්.. එකදිගට පැය ගානක් වැස්ස දිහා බලාගෙන ඉන්න පුළුවන් ඒ තරම් ලව්

    ReplyDelete
    Replies
    1. හි හි... ඉස්කෝලෙ යන කාලේ වැස්ස කියන්නේ මාර ජොලිනේ අප්පා... මරු කතාවක් මතක් උනා.. දාන්නම් පොස්ට් එකක්ම....

      Delete
  13. අප්පෝ...වැස්ස ගැන නම් කතා කරන්න එපා. මට නම් එපා වෙලා තියෙන්නෙ..මේ වැස්ස හොඳා පැත්තක් අල්ලගෙන හොඳට නිදා ගන්න...ඔෆීසියේ නම් වැඩක්ම නෑ...

    ඒ විතරක්ද...වැස්ස ..වැස්ස කිය කියා හීතල යන්න කෝපි බීලා මේ දවසවල එක එක්කෙනාගේ ආඩම්බරත් බලනවා...හි හී

    රෙදි...අයියෝ ...මට එළිය කියලා එක දශමයක්වත් නැති එකෙක්නෙ. පිටි පස්සේ බැලකනියේ ලණු දෙකක් තමා තියෙන්නේ. ගිය සෙනසුරාද හෝදපුවාවත් තවම වේලිලා නෑ. මේ වැස්සේ ඩෙනිම් වේලෙද්දි බැරියෑ...

    හිරුවො...බලාගෙන යද්දී අපිට තිබ්බ එක ප්‍රශ්ණයක්වත් මේ පිරිමි පරාණ වලට තිබිලා නෑනේ...ඔක්කොම ලඟටම ඇවිත්...ෂික් විතරක්...ගෑණු අපිටමයි ඔක්කොම කරදර...

    ReplyDelete
    Replies
    1. වැස්ස එපා වෙච්ච ලිහිණියෙක්... දැක්කා........මයි,... ඔන්න ගිජු ලිහිණියො එහෙමනම් .. වැස්සට අකමැති ඇති

      අද දවසෙම මෙයාගෙ කොමෙන්ට් හරහට පේන්නෙ ඇයිද මන්දා....

      Delete
    2. පිරිමියෙක් වෙලා උපදින්න... මේ ආත්මෙදිවත් පින් කරගන්න පින්වතිය...

      Delete
    3. මටත් ඔය සන්තෑසියම තමා... අපි හින්දම හොඳයි බං මුන්ට... ඕක්කොම කරලා අතට දුන්නට පස්සේ පාට් දාන්නත් එන එකනේ ඉවසන්න බැරි.. ඔය පෙන් නැද්ද සිරා කියලා තියෙන දේ... හි හි...

      මීයායි ළිහිණියයි දෙන්නම නැගිටලා තියෙන්නේ වැරදි වෙලාවක.. හි හි..

      පිරිමියෙක් වෙලා උපදින්න...??? අනේ බෑ බං... මේ සැපට ගෙදර ඉන්න එකේ.. අනිත් එක උදේට අපේ මහත්තයව ඇහැරවන්න ගියාම මට මං මොන තරම් වාසනාවන්තද කියලා හිතෙනවා.. මේ වැස්සේ එළියට බැහැලා වැඩට යන්න..?????? හපෝ බෑ....

      හි හි...

      Delete
  14. මට නම් ඔය රෙදි හේදිලි කිසිම එකක් නෑ. සපත්තු දෙක කවදාවත්ම පොලිෂ් කරලත් නෑ.
    පොඩ්ඩක් රෙදි කෑල්ලකින් තෙමලා පිහනවා විතරයි. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. මේ ෂුවර් එකටම කොල්ලෙක්.. හි හි... ( මට හිතාගන්න බැරැව හිටියේ හි හි)

      Delete
    2. ඇයි බං. මම බ්ලොග් එකේම කියලා තියෙන්නේ කොල්ලෙක් කියලා.
      හුරු, ඇස් කටේ දාගෙන ඉන්නවද මන්දා..... හිකිස් :)

      Delete
    3. අනේ ඒක දැක්‌ෙක් නෑ බං.... හි හි

      Delete
  15. මාත් ආසයි වැස්සට. පොරෝනෙකට ගුලිවෙලා නිදන්ට පුලුවන්. වහින දිහා ජනේලෙන් බලා ඉන්ට පුලුවන්. හොඳ පොතක් අරගෙන, පැත්තකට වෙලා කියවන්ට පුලුවන්. (පිටසක්වල කතාවක් වගේ එකක් ):)

    හිරු පෑව්වට කමක් නෑ සැර නැතුව...:D

    ReplyDelete
    Replies
    1. මට න් දැං අව්ව වැස්ස දෙකම අල්ලන්නේ නෑ පොඩ්ඩි.. ඒත් ගෙදරට වෙලා ඉන්න එකේ අව්ව පෑව්වට නම් කමක් නෑ.... හි හි.... වහින කොට මේ රෙදි ප්‍රශ්නේ නැත්තම් ඕන තරම් වැස්සට කමක් නෑ...

      Delete
  16. අපේ මහත්තයා ගැන මටත් දුකයි අනේ... බයිසිමොටෝවට වහළයක් වත් ගහගන්න කිව්වොත් නරකද වස්සානය නිම වෙන තුරු...

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ සිරා එයා ගැන කතා කරලා.... එයාගේ රේන් කෝට් එක ටිකක් ඉරිලා නිසා මම කිව්වා මගේ එක ඇඳන් යන්න කියලා.. බෑම කියලා ගියා.. ඒක කහ පාට හින්දා.. නාකි වෙලත් තියෙන මොස්තර....

      Delete
  17. අක්කලාගේ ගෙවල් පැත්තට වැස්ස විතරයි ...... එකට අපිට බණ්ඩාරවෙලට වැස්සට වඩා මේ දවස්වල මාර සීතලයි හවස් වෙනකොට සිතලට හුස්ම ගන්නත් බැ

    ReplyDelete
    Replies
    1. ආයිස් අප්පා.. එහෙනං මරුනේ.... ගුලි වෙලා ඇති නේ කට්ටිය....

      Delete
  18. වස්සානයට අත වනල ඉමු මග බලන්...
    උද්‍යානයක කෙළවරට වී..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ වැස්ස චිත්‍රේ දැක්කම මට මතක් උනේ "වැසි දිනයක් චිත්‍රයට නගන්න" කතාව . එකෙක් තනිකර කළුපාට විතරක් ගාගෙන ගිහින්. ටීච ඇහුවම් ඇයි කියලා ඌ කිව්වළු තද වැස්ස ටීච මුකුත් පේන්නේ නෑ කියලා..

      Delete
    2. වස්සානය ඇවිල්ලලු නේ... හි හි...
      ඔය කතාව මමත් අහලා තියෙනවා... මං හිතන්නේ ඒක ඇත්ත කතාවක්...

      Delete
  19. අපොයි..වැස්ස කීවාම මතක් වුණේ මී අවුරුදු 23කට ඉස්සරත්, අද වගේ දවසක මහවැස්සක් තිබිලා තියෙනවා..අම්මා කිව්වෙ.. හෙට මගෙ උපන් දිනේනෙ..

    ඒක කොහොම වුණත්, කෑම පෙට්ටි කරදරය නම් මට තිබුණෙ පහ වසර වෙනකං විතරයි. 6 වසර ඉඳන් ගෝතමී යද්දි, මම කැන්ටිමෙන් කන්න පුරුදු වුණා. අපෙ අම්මා උදේට ඉවුවෙ නෑ..5 වසර වෙනකං අම්මා, කඩෙන් කෑම අරන් පෙට්ටියට දාලා දුන්නා..හයෙන් පස්සෙ මම කැන්ටිමෙන් කෙලින්ම බඩට දාගත්තෙ..

    පහ වසර වෙනකං අම්මා කෑම පෙට්ටිය හේදුවා.. සුදු සපත්තු දැම්මෙත් පහ වසර වෙනකං විතරයි... ඉන් පස්සෙ ගෝතමියෙ නිල සපත්තු කලු නිසා, හරි පහසුවක් වුණා. අප්පච්චි හැමදාම උදේට එයාගෙ සපත්තු පොලිෂ් කරනවා.. සෝ මාත් එතනින් ගිහින් මගෙ දෙක තියෙනවා.. ඇඟ හෝදන් එද්දි ඒකත් ශයින් වෙලා... 13 වසර වෙනකම්ම ඒක අප්පච්චි කළා.. කොටින්ම එයා ගෙ දෙක නොකළත් මගෙ දෙක කළා..

    මම නම් වහිනකොට ඉස්කෝල යන්න කැමතියි. ගෝතමියෙ යට වල පිට්ටනිය ස්විමිංෆූල් වගේ.. පඩි පෙළ දිය ඇල්ල වාගෙ... ටීචර්ලා මඩ වැඩි වුණාම, පන්තියට එන්නෙ.. ළමයිත් අඩුයි... ආයෙ සෙල්ලංද ඒ වාගෙ දවස්,

    ReplyDelete
    Replies
    1. ගෝතමියේ ඉන්න කොට වැස්ස හින්දා වෙච්ච සීන් එකක් මතක් උනා.. පෝස්ට් එකක්ම දාන්නම්... හි හි...

      Happy bday to you....
      happy bday to you...
      happy bday dear Nadya....
      happy bday toooooo youuuuu........

      Delete
    2. ඔන්න මම සුභ පැතුවා ඔබට. කොහොමද දන්නවද...?
      සුභම සුභ උපන්දිනයක් වේවා.....!
      කියලා.
      ඒ විතරක්ම නෙමේ ජීවන මගේ විසිතුන් වන සැතපුම් කනුව පසු කරන නෙරංජීට නිදුක් නිරෝගී සුව ලැබේවා, වාසනා වන්ත අනාගතයක් උදා වේවා කියලා....!
      ඇතිනේ....?
      හිරුවා ලඟ කේක් ඇති ඕන නම් ඉල්ලගන්න . හැබැයි මං කිව්වා කියල කියනවා නෙමේ ඕං..!

      Delete
    3. අපේ ලොකු මස්සිනාගේ බර්ත්ඩේ එකත් අද... ඔයාගේ කමෙන්ට් එක දැකලා තමයි මට මතක් උනේ ඊයේ.. හි හි..

      ඔය කලු සපත්තු සහ තනි කොණ්ඩ සීන් එක ආවේ මම 11 ඉන්නකොට... මම ඕලෙවල් වලින් අයින් උනානේ.. හි හි.. ඒක නිසා සදා කල් සුදු තමා..

      Delete
    4. සරා අයියේ........................................................
      කොහෙන්ද පැන්නේ මේ චුට්ටට........... හි හි

      Delete
    5. නිනූ ඉපදිලා තියෙන්නේ මලවුන්ගේ මාසේ නේ.

      Delete
    6. අඩේ..........මගෙ උපන්දිනේට.. මෙන්න හිරුවාගෙ බ්ලොග් එකෙත් සුබ පතලා

      Delete
  20. අයියෝ.. හිරු අක්කේ ලංකාවට විතරක් නෙමේ මෙහෙටත් වහිනවා හොඳටම.. අද උදේ ඉඳන් එක දිගට නොනවත්වාම තාමත් වහිනවා අනේ.... මම නම් හොඳට සීතලට ගුලි වෙලා පොරවගෙන ජාලේ සැරි සරනවා නැගිටපු වෙලේ ඉඳන්ම... හි:) හි:).....

    කෑම පෙට්ටියේ කථාව නම් මට තදින්ම වැදිලා ගියා.. ඔය වගේමයි මමත් ඕං... හෆ්ෆොච්චියේ.. ඒකේ ගඳ මතක් වෙනකොට සංසාරේ එපා වෙනවා.. යුනිෆෝම් හෝදන එක නම් මට අදාල නෑ ඕං මොකො අපේ අම්මාට රෙදි හෝදන යාන්ත්‍රක් තිබුනා නොවෑ මට තියෙන්නේ කිළිටි රෙදි ඕකට දාන්න විතරයි හේදිලා වේළිලා අවහම ඉතිං මැදිගන්න නම් ඕන.. ඒත් ඉතිං එපා වෙන වැඩක් තමා.... අහ්....හ්.. අපි ඉතින් කලු සපත්තු කාරයොනේ ඉතින් හේදිලි නෑ ඒ නිසා මම නම් ඇති වෙන්න වහින දවස් වලට මඩේ නටලා තමා එන්නේ.. හැබැයි ඉතින් එදාට තාත්තාගෙන් ගුටි ෂුවර්..

    මොනවා උනත් හිරු අක්කේ ඉක්මන්ට පෑයුවොත් නම් හොඳා... මොකො ඉතින් මෙහේ සීතලත් එක්ක වැස්සත් තියෙනවායි කියන්නේ.. අපි මැරිලා තමා..

    වැඩියේ සැරට නම් පායන්නෙ එපා ඕං.. හි:) හි:)

    ReplyDelete
    Replies
    1. මම හිතුවා.. මගේ ජාතියේ තව ඇති කියලා.. හි හි...
      සිත්තරාවි ‌ලෝක ගෝලේ කොයි හරියෙද අප්පා ඉන්නේ.. ආක්ටික් පැත්තේද....

      පෑවිවොත් හොඳා තමා නඟේ... මොකද මේ අපේ මහත්තයාගේ යුනිෆොම් කෙරුවාව නම් හරිම අමාරුයි..

      Delete
  21. මට තියෙන සීන් කෝන් ඒක තමයි මම කුඩයක් අරන් ගියොත් එදාට වහින්නේ නෑ! කුඩයක් නැතිව එලියට බැස්සොත් ලෙසටම වහිනවා! :D

    ReplyDelete
    Replies
    1. සිරාවට මටත් ඔහොම වෙනවා බං.!!

      Delete
    2. මමත් එකගයි.... පට්ටයි ඔය සිද්ධිය...

      Delete
    3. හැබෑට බොලේ මටත් ඕක වෙනවනේ.

      Delete
    4. හි හි...

      එක ජාතියේ කට්ටිය ගොඩා....යි... හි හි...

      Delete
  22. වැස්සට මං නම් ආසයි. බයික් එක්ක තමා බැරි. අපේ පාර කාපට් කරපු අලුත වැස්ස වෙලාවක බයික් එක හදිසියේ නවත්වන්න ගිහින් මගේ බෙල්ල නොකැඩි බේරුනේ අනූ අටෙන්..!! :) එච්චරකට ලිස්සන සුළුයි. වැස්සේ යනවා නම් පරිස්සමින් යන්ට ඈ.
    අද නම් දවසම වහිනවා.

    ReplyDelete
    Replies
    1. අප්පා.. ඔව් .. ඒක නම් සහතින ඇත්ත... ඒත් මේ පිරිමි කියන වඳුරෝ ජාතියට බයික් වල හිමින් යන්න බෑලුනේ.... කොච්චර කිව්වත් වැඩක් නෑ...

      Delete
    2. වඳුරෝ..??? අඩෝ..ව්..කවුද ඩෝ වඳුරෝ...!! අපහාසෙට දානවා නඩු :D :D

      Delete
    3. වැරදුනා.. වඳුරන්ට අන්තයි නොවැ.. රිලවු රිලවු.... හි හි....

      Delete
  23. සික් මාත් මේ තෙමීගෙන ආවා විතරයි....එක්කෝ ඉඳල හිටල හරි නාන එකත් අනිත් අයට හොඳයිනේ...

    ReplyDelete
    Replies
    1. හි හි...

      කොල්ලට එහෙනං තේරිලා.... හි හි

      Delete
  24. //අපේ මහත්තයා ගෙදර එන්නේ තෙමිච්ච කුකුළා වගේ//..අනේ ඉතින් කුකුලට උනුහුම් වෙන්න නාඹර කිකිලියෙක් ගෙදර ඉන්නවනේ.
    ඉතින් මොනවට වැස්සට බයවෙනවද. මටනං වැස්ස දාට හරි ජොලි...

    ReplyDelete
    Replies
    1. ඔයාට නං මොකෝ... වතුර බිංදුවක් වත් ඇගේ ගෑවෙන එකක් යෑ... ඔෆිස් එකෙන් වාහනේට නඟිනවා.. ‌ගේ ළඟින් බහනවා..

      කුකුළව උණුහුම් කරනව ඇරෙන්න වෙන වැඩ නෑ නේ මට.. හි හි....

      Delete
  25. //මේ දවස් ටිකේම අපේ මහත්තයා ගෙදර එන්නේ තෙමිච්ච කුකුළා වගේ...\\

    මට හිතෙන්නේ වෙනසකට තියෙන්නේ මේ දවස්වල තෙමෙන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. අපොයි... එයා හොඳ කකුළෙක් තමා.... හි හි

      Delete
  26. කොච්චර වැස්සත් මම නම් වැස්සට හෙන ලව්.මන් කවදාහරි අවුරුද්දේ වැඩිම වර්ෂාපතනය ලැබෙන නගරයට පදිංචියට යනවා අනිවාඩෙෆා.

    ReplyDelete
    Replies
    1. මූ නං මැරිච්ච මාළුවෙක්ද කොහෙද.. හි හි....

      Delete
  27. වැස්ස ද? මතක් කරන්නෙපා.. පොටෝ එකක් ගහන්නවත් එලියට යන්න විදිහක් නෑ..

    ReplyDelete
    Replies
    1. මෙයාට ‌පොටෝ පිස්සුව තදට හැදිලා ව‌ෙග් නේ.. හි හි...

      Delete
  28. මෙයාල මෙතන වැස්සට ලව් කරනව, මම අද උදේ ඉඳන් මේ මඟුල් වැස්ස නිසා මාර කට්ටක් කන්නෙ. අද උදේ මම ඇඳේ හන්සිවෙල ඉද්දි ලෝකෙ ඔළුව උඩට පාත් වුන වගේ මර සද්දයක් ආවා. දඩිබිඩිගාල එළියට දුවල බැලින්නම් අල්ලපු ගෙදර පොල් ගහක් මගේ කාමරේ උඩ. වැඩි ඩැමේජ් එකක් නෑ, පැත්තකින් උළු කඩාගෙන ඇතුළට වැටිල ගහ තියෙන්නෙ බිත්තිය උඩ නැවතිල. සිවිලිම තිබ්බෙ නැත්නම් උළු කැට කෑලි ටික ඇඳේ හිටපු මගේ ඇඟඋඩ වැටෙන්නෙ. එහෙම උනානම් ඉතිං දැන් මැහුම් දාන් ඇඳක පතබෑවිල ඉන්න තිබුණ. අල්ලපුගෙදර කෂ්ටිය කෝල්කරල ආපදා කළමණාකරනෙන් හමුදාවෙ දෙන්නෙක් ඇවිත් විස්තර ලියාගෙන ගියා, වෙන තැනක නම් 25000 ක් ද කොහෙද ගෙවනවළු. අපේ තාත්ත රජයෙ සේවකයෙක් නිසා රජයෙන් ගෙවන්නෑළු, ආණ්ඩුව ලොකු පඩි දෙන නිසා අපි ඉතිං පෝසත්තුනේ, දැන් අල්ලපුගෙදර අය හෙට වහල හදල දෙනව කිව්ව, ගහ නම් පොඩි කෑලි කෑලිවලට කපල වහලෙන් අස්කරා. ඊට පස්සෙ මම කොනක ඉඳන් ආයි කාමරේ යථා තත්ත්වෙට පත් කරගන්න ඕන. කාමරේට යන කරන්ට් වයර් ඔක්කොම විසන්ධිකරල ගෙදර ට්‍රිප් එක ඕන් කලෙත් හවස. සිවිලිමයි බිත්තියි ධාරානිපාත වැස්සට හෝදගෙන ගියා, ආයිත් කාමරේ පේන්ට්කරල සිවිලිම හදාගන්ට ඕන. අලි මදිවට හරක් ! දැන් මමත් අවතැන්වෙල, කාමරෙන් සාලෙට ආවා ඇඳයි කම්පූටරෙයි උස්සන්.

    ඔන්න කොහෙද යන මළඉලව් වැස්සක් මට කරපු හදිය.

    ReplyDelete
    Replies
    1. අඩේ ස්කීපර් සැට් එකක් හොයා ගත්තා නම් ආධාර එකතු කොරන්න යන්න තිබ්බා මුගේ නම විකුනලා..!
      ෂිට්..!
      කරුමෙට මම ලංකාවේ නෑනේ.

      Delete
    2. අයියෝ මෙයාට වෙලා තියෙන වැඩේ.....
      දැං සහනාධාර මොනාද ඕනේ.....

      විහිළු නෙවෙයි බං මාත් ටිකක් බයෙන් ඉන්නේ.. මොකද මේ ගේ උඩටම සෙට් වෙච්ච කොස් ගහක අත්තක් තියෙනවා... ළඟදි ටිකක් කපලා දාපු නිසා මම හිතන්නේ අල්ලගෙන ඉන්නේ.. නැත්තම් මෙලාහකට වහලේ උඩ...

      අපොයි සාරා අයියත්........ හි හි...

      Delete
    3. කොස් අතු නම් ගේ පැත්තට තියන ඒවා අනිවා කපන්න ඕනි. ඕව හුළඟට කැඩිලා ඈතට විසිවෙනවා.

      Delete
    4. මේවා ඉතිං අපේ ගෙවල් නෙවෙයිනේ බං..... අපි රෙන්ට් එකට නොවැ ඉන්නේ....

      Delete
  29. //වැස්ස කියන්නේ අපි වගේ අසරණ බයික් කාරයන්ට නම් කරුමයක්... මේ දවස් ටිකේම අපේ මහත්තයා ගෙදර එන්නේ තෙමිච්ච කුකුළා වගේ... කොච්චර ජැකට් දැම්මත් මේ වැස්සෙන් නම් තෙමෙන්නේ නැතුව එන්න බෑ...//

    මමත් අසරණ බයික් කාරයෙක් තමයි බං. බයික් එකේ තියෙන ආතල් එක නිදහස වෙනම එකක්.

    ජර්කින් දැම්මට වැඩක් නැතිනම් අර ආර්පිකෝ එකෙත් තියෙනවා කෑලි දෙකේ සැහැල්ලු රේන් කෝට් එකක් ඔලුවත් එක්කම. ඒක ඇන්දම තෙමෙන්නෙම නෑ. ඒක අර එල්ලෙන ලොකු එකක් නෙවෙයි. ඇඳුම් වලට උඩින් ගානට අඳින්න පුලුවන්. කහපාට එකක් ගනිල්ලා. ඒක මේ වැස්සෙ උනත් අනිත් ඩ්‍රයිවර්ලට ලේසියෙන් පේනවත් එක්ක.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අයියෝ ඩූඩ් අයියේ.. අපේ මහත්තයටත් තියෙන්නේ ඒ පාතියේ රේන් කෝට් එකක් තමා.. නිල් පාට එක... ඒක ටිකක් ඉරිලා දැනටම... මට ඊට ව‌ඩා හොඳ එකක් තියෙනවා කහ පාට.. අපේ තාත්තලට වැඩපොලෙන් දීපු හොඳ හයිය වතුර බිංදුවක් වත් යන්නේ නැති ජාතියේ එකක්... ඊයේ මේ කමෙන්ට් එක දැකලා මම කිව්වා මගේ එක ඇදන් යන්න කියලා...

      බෑම කියලා පොළවේ හැපුනා... මං කහ පාටට ආස නෑ... මට ලැජ්ජයි ඕක ඇදන් යන්න... ඕක ඇන්දම කහ කුරුල්ලා වගේ.... පොලිසියට පේනවා වැඩියි... කියලා ගියා ඉරිච්ච එකම ඇදගෙන...

      නාකි මනමාලකම...

      Delete
    2. ඇයි හත් ඉලව්වේ ඒක ඉරිලනං මහලා දෙනවකෝ... එච්චර හරියක්වත් නොකර තෙමි තෙමි වැඩට යනවා මදිවට තව මනමාලකං කියලා දෙස් තියන්නේ...

      (මෙයා අකමැතිම ඇති ඒකගේ නාකි මනමාල කමට..මට ඔය හාදයව හම්බ උනොත් මං උන්දැට කියන්නං නිකං හිටහං හිරුවට ඔය මනමාලකං නොකර කියලා..:D:D:D)

      Delete
    3. හි හි.. ඇත්ත මාරයියේ..

      මහලා දෙන්න කියලා හිතුවේ.. ඒත් එයාම එපා කිව්වා ඒක මහන්න ගියොත් තවත් ඉරෙනවා කියලා... අව්වට පිච්චිලා දිරලා වගේ ... මේ වීක් එන්ඩ් එකේවත් ට්‍රයි එක්ක දෙන්න ඕනේ ඒක මහන්න...

      ( ඒත් එතකං ගෙදර තියෙන එක ඇදගෙන යන්න බැරි මොකෝ... මනමාලකම තමා...... )

      මට මනමාලකම් දැම්මට කමක් නෑ... මෙයා මේ පාරේ යන කෙල්ලන්ටනේ මනමාලකම් දාන්න යන්නේ.. ඒත් කමක් නෑ අඩු ටික පරිස්සම් කරගෙන ගෙදර එනවා නං , මේ වැස්සේ බයික් එකේ සෙල්ලං දාන්න යන්නේ නැතුව... හි හි...

      Delete
    4. වීක් එන්ඩ් එකේ ට්‍ර‍යි කරන්න ඉස්සෙල්ලාම බොට මහන්න පුලුවන්ද ?

      Delete
    5. බෑ බං.. ඒක තමා ට්‍රයි එකක් දෙන්න ඕනේ කිව්‌ෙව්... හි හි.....

      Delete
  30. වහින එකත් හරියට වහිනවනං තමයි මම කැමති. ඒ කිව්වෙ අර හෙන ගගහ ගොරෝ ගොරෝ වහින නා කපන වැස්ස. ඒ වෙලාවට ගුලි වෙලා නිදා ගත්තහැකි නෙ. දවස පුරා වැටෙන චුරු චුරු වැස්ස තමා පෙන්ට බැරි. මගෙත් කුඩ කෙරුවාව නෑ. මොකෝ යන යන තැන දාල එනව.

    ReplyDelete
    Replies
    1. හෙන නම් නැතුවට කමක් නෑ..හි හි... ඒ වගේ වෙලාවට මම ඉන්නේ ඇඳ උඩට වෙලා, ඔලුවේ ඉදන් පොරෝගෙන... ලයිටි එහෙම නම් ඉතිං නිකම්ම යනවනේ.. ට්‍රීප් එක ගියාම... හි හි

      ගෑණු අපි පපුවේ බිත්තර තම්බ තම්බ ඉන්නේ ... කරන්ට් බඩු එහෙම පාවිච්චි කරන කොට... මම මේ මේක දාගෙන ඉන්නෙත් ගොරවන්නේ නැති හින්දා... නැත්තම් මේකත් ගලවලා දාලා... හයියෝ...

      Delete
  31. පායපු කාලේ බැනපු අපි දැන් වැස්සට බනිනවා. ඔන්න ඕකයි අපේ හැටි..

    මම ට්‍රැෆික් එකේ, පාරේ වුනත් බයික් වලට යන්න ඉඩ දෙනවා. මම බයික් එකේ වැස්සට තෙමි තෙමි ගිය කාලේ මට මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම්... බයික් එකේ යනකොට සමහර බස් කාරයෝ එහෙම කිසි ගානක් නැතුව වතුර වලවල් උඩින් දාලා අපිව නාවනවා... ඒ වෙලාවට ඉතිං උන්ගේ අම්මලට දෙයියන්ගේ පිහිටයි...

      ඉස්කෝලෙ යන කොටත් ඉස්සර ඔය වැඩේ වෙනවා.. පොඩ්ඩක්වත් කල්පනා කරන්නේ නෑ ඔය ‌ලොකු වාහන වල යන අය, පාරේ යන අනිත් මිනිස්සු ගැන... ඒ අතින් නම් හරි කැතයි බං අපේ ගොඩක් මිනිස්සු...

      Delete
  32. වහිනඑක හොදයි ගෙදර ඉන්නකොට නමි....ඒත් කොහෙහරි යනවා නමි වැස්සත් හරිම වදයක් තමා......

    ReplyDelete
    Replies
    1. අද තමයි මේ නම දැක්කේ...

      මම ගෙදර ඉදලත් මේ රෙදි වේලන වදේ නේ අප්පා.. හි හි....

      Delete
  33. වැස්ස කියන්නේ මගේ ප්‍රියතම සොබා සම්පත.. මම කැමති කැලයක් මද්දේ ලොකු ගහක් යට ඉඳන් වැස්ස බලල සතු‍ටු වෙන්න. ඔන්න මගෙ බ්ලොග් එකේ පරන ලිපියක් ඇති මේ ගැන .. මේක කියවන්නකෝ..

    http://lankapriyagesithivili.blogspot.com/2011/02/blog-post_3455.html

    ReplyDelete
    Replies
    1. හි හි.. කාව්‍යමය අදහස් එන්නේ නෑ සරත් අයියේ මේ වගේ වැඩ වැඩි උන වෙලාවට.... ඉස්සර නං මටත් ඔය වගේ තමා... ඒත් දැං.....

      Delete
  34. ක්‍රිකට් මැච් තියෙන දවස් වලට වහින එක තමයි දුක. අපි ඉස්සර නා කපන වැස්සේ ෆුට් බෝල් ගහල තියෙනවා. මාර සොමි වැඩේ.

    ReplyDelete
    Replies
    1. මම මැච් නං බලන්නේම නෑ නේ... ඒක නිසා දුක නෑ..

      හි හි.. ඒ කාලේ අපිත් වැස්සත් ක්‍රිකට් ගැහිල්ල නවත්තන්නේ නෑ... ෆුට් බෝල් නං වැස්සේ තමයි හොඳටම ජොලි.. මඩ නාගෙන ගෙදර එන්නේ....

      Delete
  35. අඩෝව්....වැස්සට බනින්න එපා හරිය :D ....කාලෙකින් අම්බානක ෆන් එකක් හම්බෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මෙයා මොනද දන්‌නෑ කරන්නේ.... ඔලුවේ ඉඳන් ‌පොරෝගෙන නිදා ගන්නවද... හි හි....

      Delete
  36. මං මේ කල්පනා කලේ අපිට වඩා පව් වැස්ස තමයි. ඇයි ඉතින් වැස්සත් බනිනවා පෑව්වත් බන්නිනවා. අයියෝ වැස්ස!

    ReplyDelete
    Replies
    1. හි හි.. ඒකනේ මම අන්තිමට කිව්වේ..

      Delete
  37. හෆ්ෆේ මාත් මාරම ආසයි වැස්සට තෙමෙන්න.. මේ ටිකේ අපිටත් වැස්ස.. හැබැයි මේ වැස්සේ තෙමෙන්න බෑ.. සමර් එකට මඩ වැහි.. වින්ටර් එකට අයිස් වැහි.. ඒකන්දා මෙහේ වැස්සට තෙමෙන්න යන්න බෑ ලංකාවට ආව වෙලාවක මදාරා එක්කම තම්යි.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඔය ඉන්නේ මදාරා ඔයා එනකම් ඇඟිලි ගැන ගැන, වැස්සේ තෙමෙන්න.. හි හි...

      Delete