Wednesday, October 3, 2012

ම‌ං කිරිබත් හදපු හැටි......

අද පටං ගත්තා මරු වැඩක්...

මාරයියගේ මාර සරණිය කියවන්න.... අර කවියා තමා ලෙඩේ ‌බෝ කලේ.... එයා‌ගේ සත්තලන් මේ දවසවල මාර සරණිය බලාගෙන උයනවලුනේ.. අනේ අපේ එක්කෙනාටත් ඔය ටික පෙන්නන්න පුළුවන්නම්.. කොහෙද .. මේ එක ‌කමෙන්ට් එකක් කියවගන්න කම්මැලි මිනිහා ඕක කියවයියෑ... ඒවා ඉතිං නොකෙරෙන වැඩ....

මාර සරණිය කියවන්න පටන් ගත්තම මට මුලින්ම හිතුනේ මොකද්ද දන්නවද...?

පොළව පලාගෙන, ලොකූ වලක් හාරගෙන, ඒකට බැහලා, උඩිං කොන්ක්‍රීට් තට්ටුවක් දාගෙන වැලෙලෙන්න... අනේ අම්මපා ඇත්තමයි මේ කියන්නේ...

ගෙදර ඉන්න කාලේ ඉඳලම ඉවිල්ල කියන්නේ මට ඉතිං නොකෙරෙනම වැඩක්... මොකද මම කන්නත් කම්මැලි එකේ උයන්න කොහොමත් කම්මැලියා නිසා...

අනිත් එක ඉතිං සතියේ දවස් 6ක්ම උදේ පාන්දර 5ට ගෙදරින් ගිහින් රෑ 9ට ගෙදර එන එකා වෙච්චිකොට අපේ අම්මට මට කියලා උයව ගන්න එච්චර කැමැත්තක් තිබුනේ නෑ... කොටින්ම කිව්වොත් රස්සාවට යනකම්ම රෙදි ටික හෝදලා දුන්නෙත් අම්මා තමා...

පස්සේ කාලෙක අම්මගේ කේක් ෂොප් එක දැම්මට පස්සේ නම් මට ගෙදර දොරේ වැඩ ටිකක් කරන්න සිද්ධ උනා...

කේක් කතාවත් එක්ක අම්මගේ අනිත් කෑම ගැනත් කියන්නම ඕනේ.. අපේ අම්මට නියමෙට කෑම හදන්න පුළුවන්.. විශේෂයෙන්ම බේක් කරලා හදන අනම් මනම් ජාති... ම්ම්ම්.... පේස්ට්‍රි, බිස්කට් ජාති එහෙම.. අනිත් ජාතිත් ඉතිං නරකක් කියන්න දෙයක් නෑ... හැබැයි මොකද මන්දා මගේ කෑම කැවිල්ල නම් ටිකක් අඩුයි.. ඔන්න සුදු බත් ටිකක් උයලා, මාළු ටිකක් මිරිසට හදලා, පොල් ටිකක් ගාලා ගත්තොත් නම් එදාට බෙදන බත් ටික ඉවර වෙන්න කනවා..... නැත්තම් ඉතිං පිඟාන වටේට එළවලු ටික ඉතුරුයි.... දවස් ගණන් නොකා ඉන්න පුළුවන් ඉතිං ඉස්සර... ජම්බෝ පීනට් එකක් හරි රටකජු රැපියල් 50ක විතර අරගෙන ආවම... හි හි...

කොහොම උනත් අන්තිමට මට උදේ පාන්දර 3ට කුස්සියට යන්න උනා... මම කට්ටයා නොවැ... අම්මගේ අනිත් වැඩ සියල්ලටම, ඒ කිව්වේ කේක් වැඩ, වටලප්පන්, චොක්ලට් මූස්, බිස්කට් පුඩිං වගේ අරවද මේවද හැදිල්ලට අමතරව මම ඉවිල්ල සම්බන්ධයෙන් කරන්නේ සියලුම අඩුම කුඩුම ටික කපලා අම්මට කිට්ටු කරන එක තමයි.... තුනපහ සහ දාන අනිත් ජාති ටික දාලා ලිපේ තිවිල්ල අම්මට බාරයි....

මොක උනත් මට ඔය අරුමෝසම් ජාති නම් හදාගන්න පුළුවන් උනේ ඕක හින්දා වෙන්නැති.... හි හි... ඒත් ඉතිං තාමත් ඔය ඕනෙ කරන බඩු බාහිරාදිය සම්පූර්ණ නැති නිසා ගොඩක් ශිල්ප දක්වන්න බැරි වෙලා තමා ඉන්නේ.... ( අපේ ගෙදරදි හදන ඕනේ මඟුලක් මහා පරිමාණෙන් තමා... ඉතිං පොඩ්ඩ පොඩ්ඩ හදන එකත් අමාරුයි...)

අපේ නැන්දම්මයි මාමාණ්ඩියි අපේ ගෙදර ආපු වෙලාවේ අපේ අම්මයි තාත්තයි දෙන්නම දිගෑරියා නේද මගේ ජාතකේම....

“ මෙයාට යන්තම් තේකක් හදාගන්න නම් පුළුවන්.. පොල් සම්‌බෝලයක් කොටාගන්නත් පුළුවන් අඩුම කුඩුම ටික වංගෙඩියට දාලා දුන්නම..ඒ ඇරෙන්න නම් ඉතිං උයන්න පිහන්න නම් බෑ....“

පුදුමයි අපේ මිනිහා මාව බැන්දා.....

ඔන්න එක පාරක් අම්මා පුරුදු වෙන්න කියලා මාළු පාන් හැදුවා.. එතකොට මං ඒලෙවල් ක්ලාස් එකේ... බණ්ඩාගේ ක්ලාස් එක 11ට ඉවර වෙලා ඊළඟට රොටරි එකේ සිංහල පන්තිය තියෙන්නේ හවස 3ට... ගෙදර ගිහින් එන්න වෙලාවක් නැති හින්දා අපේ සෙට් එක කරන්නේ ඔය කොහෙ හරි රවුන් ගගහා ඉන්න එක තමා... අපි දෙන්නටත් ඉතිං ඔය කොහෙ හරි යන්න කියලා හම්බුනෙත් ඔය දවස විතරයි.... ඒ දවස්වල හැමතුනම බෝම්බ කේස් නිසා වැඩි දුර යන්නත් බෑ... ඉතිං අපි දෙන්නා එදා ගියේ සත්තුවත්තට.. තුනට එන්නත් පුළුවන් නේ... අපේ මහත්තයා මට එක දවසක්වත් ක්ලාස් කට් කරන්න නම් දුන්නේ නැ...

ඔන්න අපි දෙන්නා සත්තු වත්තේ රවුම් දෙකක් තුනක් ගහලා මාළු පාන් ටික කන්න ඉද ගත්තා... මං කන්න කලින්ම අපේ එක්කෙනා ...

“ බලමු අපේ නැන්දම්මගේ මාළු පාන්... “ කියලා කන්න පටන් ගත්තා... ටික වෙලාවක් යනකොට මං දැක්කා මෙයා මගේ දිහා බලං ඉන්නවා කැත විදියට...

“ ඇ හලෝ... ඔයාලෑ අම්මා මගේ දත් ටික කඩන්න හිතලද දන් නෑ නේ මේ ටික එවුවේ....“

ඇත්තට එදා මාළු පාන් ටික ගල් වගේ හයියයි...

දැන් නම් ඉතිං කිසි ගාණක් නැතුව හදාගන්න පුළුවන්.. හි හි... ඔන්න ගෙදර ඉදිද්දි මගේ ඉවිල්ල...

ඔන්න එකපාරක් ජනවාරි පළවෙනිදාවක අපේ ගෙදර කවුරුවත් නැති දවසක් ආවා.. ඒ කිව්වේ ඔක්කොම සෙට් එක ෂොප් එකේ... මං විතරයි ගෙදර.. 31 රෑ එළිවෙනකම් කේක් එකක් හදන්න අම්මලා ෂොප් එකේ නැවතිලා... ඒ පාර අම්මා මට ෆොන් කරලා කිව්වා පුළුවන් නම් කිරිබත් ටිකක් හදන්න කියලා....

දැං ඉතිං මේ හෙට අනිද්දා කසාද බදින්න ඉන්න කෙල්ලෙක්ට කිරිබතක් හදාගන්න බෑ කියන්නේ කොහොමද... මාත් පඬියාවගේ හා කිව්වා....

ඔන්න ඉතිං අම්මා ෆොන් එකෙන්ම උපදෙස් ටිකත් දීලා හාල් කොච්චර ගන්න ඕනෙද හෙම කියලා දැං මං වැඩ පටක් ගත්තා.. දැං ඉතිං හාල් හෝදලා , ගරලා කරලා, පොල් කිරි ටික හරිගස්සගෙන ලුනු චුට්ටකුත් දාලා ලිපේ තිබ්බා.... දැන් ඉතිං හිදීගෙන එනවා... මිටිකිරි ටිකත් දැම්මා..වැඩේ හරි යන්න එපැයි... දැං ඉතිං මං මල් මල් හිනාවක් එහෙම දාගෙන බලං ඉන්නවා කිරිබත වඩන්න කෙසෙල් කොලයක් එහෙම තවාගෙන මේක බාගන්න....

මේක හිදෙන්නෙම නෑනේ... කැට එකතුවෙන පාටක් ඇත්තෙම නෑ.. තාමත් ඇට ටික වෙන් වෙන් වෙලා තියෙන්නේ.. හරි යන් නෑ වැඩේ.. දුන්නා අම්මට කෝල් එකක්..

“ අම්මේ මේක හරි යන් නෑ නේ....“

“ ඇයි මොකද උනේ....“

“ බත් ඇට ටික තාමත් වෙන් වෙලානේ තියෙන්නේ... කිරිත් ඉවරයි...“

“ මොන හාල් ද ගත්තේ...“

“ මුට්ටියේ තිබ්බ ඒවා...“

“ මුට්ටියේ තිබ්බ මොන හාල් ද ගත්තේ..“

“ සුදු හාල්...“

“ සුදු හාල් තිබුන් නෑ නේ ගෙදර... සම්බායි රතු කැකුළුයි විතරනේ තිබ්බේ.......“

මලා.... මම කිරිබත් හදලා තියෙන්නේ සම්බා වලින්.... කෙලියනේ ඉතිං...

තාමත් අපේ කට්ටිය... ඒ කිව්වේ අපේ නෑදෑ පරම්පරාව සහ අපේ මහත්තයගේ නෑදෑ පරම්පරාවේ සියලු දෙනාම අවුරුදු දවසට කෝල් කරලා අහන්නේ...

“ හා ළමයා සුභ අලුත් අවුරුද්දක් වේවා!!! මේ ඔයා මේ පාර සම්බා වලින් කිරිබත් හැදුවේ නැද්ද......“

හපොයි මට වෙන මඟුල්.. අපේ අම්මට සුදු කැකුළු හාල් ටිකක් ගෙනත් තියන්න බැරි වෙච්ච හින්දනේ මේ ඔක්කොම......

ඔය අන්තිමට තියෙන්නේ මම ගෙදර හිටපු කාලේ හදපු කේක් එකක් තමයි....




98 comments:

  1. අනේ වාසනාවන් මෙහෙමත් බිරින්දෑවරු.....

    මටත් උයන්න බැරි කෙල්ලෙක් හම්බ උනොත් මරු කියල හිතෙනවා.. එතකොට සද්දෙ දාගෙන එනකොට එකෙන්ම නෝන්ඩි කරල පැත්තකින් තියන්න පුලුවන්නේ.. හි හි හි

    ReplyDelete
    Replies
    1. ඒවා හරියන් නෑ.. හි හි.. මට උයන්න බෑ කියලා අනිත් ඒවට සද්ද දාන එක නැවතිලා නෑ තාම.. හි හි...

      Delete
  2. කේක් එක නං සුපිරියි... එහෙනං අපිත් එන්නංකෝ දවසක හිරුලා දිහාවේ සම්බා කිරිබත් කන්න... එක පැත්තකින් ඔහොම හරි දන්න එක ලොකු දෙයක් අප්පා... මම මෙලෝ දෙයක් උයන්න දන්නේ නෑ නේ... හොඳට උයන්ට පිහින්ට දන්න බිරින්දෑ කෙනෙක්ම හොයාගන්ට වෙනවා කවදහරි... හැබැයි දෙයියනේ කියලා කන්න නම් දන්නවා...

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ සුදා.. මම නං දවස් ගානෙං වැඩේ අල්ල ගත්තා...
      සම්බා කිරිබත් දැං හදන්නේ නෑ... හොඳට අර මාරයියා කිව්වා වගේ අඩිය චුට්ටක් අල්ලන්න එහෙම තමයි දැන් හදන්‌ෙන්... හි හි...

      Delete
  3. හපොයි මෙහෙමත් ගෑනු! හැබෑටම දැන් පුළුවන්ද හොඳට උයන්න. කිරිබත් කිව්වම මතක් උනේ. ඒකාලෙ අපේ ගෙදර කිරිබත හැදුවම ඒක කපන්නෙ මම. මම ඕක පටන් ගන්නකොට වයස 10ක් විතර ඇති මං හිතන්නෙ. ඊට පස්සෙ විශේෂ අවස්තාවලදි උනත් මටම තමයි ඒ වැඩේ පැවරෙන්නෙ. අනිත් කාරිය තමයි ෆ්‍රයිඩ් රයිස්. කුක් කෙනෙකුට වඩා හොඳට ඒ වැඩෙත් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දං පුළුවන් රාජ්... කිසි අවුලක් නෑ... ඕනේ ජාතියක් උයන්න පුළුවන්... හි හි..
      ඉස්සර පොල් සම්බෝලෙ මට පැවරෙනවා වගේ.. හැමදාම පොල් සම්බෝලෙ හදන්න අහුවන්නේ මම.. මම ගානට ඒක හදනවා කියලා... හි හි.

      Delete
  4. අද ඉබ්බා වෙන්න පුළුවන් කියලා හිතාගෙන දුවගෙන ආවා මෙන්න මීගොඩයා ඉබ්බා වෙලා ....හ්ම්ම් ..මට නම් මොන ලෝකෙන කාලා ආවත් අම්මගෙන් බත් කටක් නොකා බෑ ..ඒ ඉස්සර ගෙදර ඉන්න කාලෙ,මේ ගෙන්දගම් කැලේ කොහෙන්ද අම්මගෙ බත් කන්නේ .වැඩේ කියන්නේ අපේ අම්මට ඔය බටහිර පන්නයේ කෑම හදන්න බෑ. ඒත් ඉතින් අම්මා පොල් සම්බෝලයක් හදලා කරෝල කෑල්ලක් පුච්චලා දෙහි ටිකක් දාලා ගත්තම ආයෙ ඉතින් නොවක් මරු.
    හැබැයි ඉතින් කෙල්ලක් වුනාම බතක් මාළුවක් උයාගන්න පුළුවන් වෙන්න , මේ අපේ හිරුට වගේ ...හි..හි..හී (ඔන්න ඔබේ බ්ලොගිය මගේ බ්ලොග් සින්ඩිකේටරයට ඇතුළු කොලා ,කමක් නෑනෙ? )

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් එහෙම තමයි ඉතිං.. මඟුල් ගෙදරකින් කාලා ආවත් ගෙදර ඇවිල්ලා කන්නම ඕ‌ෙන්.. හි හි...
      ඔය කියලා තියෙන්නේ මගේ තවත් හොඳ රෙසිපියක්.... හි හි... මෙයා සුජීව ප්‍රසන්නාරච්චිට හපන් වගේ.. හි හි

      සින්ඩියට දැම්මට නම් කිසිම අවුලක් නෑ... මං මේ අහන්න හිටියේ.. මොකද්ද ඔය සින්ඩිය.. ? මං මේ ඔයා ගැන හොයන්න කියලා ප්‍රොෆයිල් එක බලන්න හැදුවා.. බෑ නේ....

      Delete
    2. හපොයි ,මේ සින්ඩිය කිව්වට මගේ බ්ලොග් ලිස්ට් එකට. දැන් ප්‍රොෆයිල් එකේ ගැටළුව විසඳුවා. ඇත්ත තමයි මම සුජීවගෙ පොත් බලන්නේ බඩගිනි වුනේ නැත්නම්. හොදට බඩගිනි වෙනවා.

      Delete
    3. හි හි.. මාත් ඉස්සර කරන්නේ ඒක තමයි..

      ඔන්න ඔයාවත් බලලා ෆලෝ පාරකුත් දාලා ආවා...

      Delete
  5. අයියෝ කිරිබත් කථාවක්

    ReplyDelete
  6. Replies
    1. උඹට ලැජ්ජයි වගේ නේ?

      Delete
    2. මොකෝ මාරයියේ.....?

      රාජ් කිව්වා වගේ ලැජ්ජ හිතුනද...

      බය වෙන්න එපා.. මාත් තව ටික දවසකින් පටන් ගන්නවා රෙසිපි ටිකක් දාන්න.. ඉන්නකෝ..ඔයාව පරද්දනවා ඒකෙනුත්.. මාගල් අයිති කරගත්තා වගේ.... හි හි

      Delete
  7. මටත් ඉතින් උයන කෙරුවාව යන්තන් සන්තන් තමයි.
    කේක් එක නම් මරු ඈ. රසත් ඒ වගේම ඇති නේ?

    ReplyDelete
    Replies
    1. මට උයනවට වඩා හොදට කේක් හැදුවෑකි.. හි හි...

      Delete
  8. ආ හිරූ මේ හදිසියෙ තවත් ආඩපාලියක් මතක් වුණා.. කවුද කිව්වේ සම්බා වලින් කිරිබත් හදන්න බෑ කියලා. මේ එහෙම එකක් නෑ. සම්බා කැකුළු හාල් වලින් කිරිබත් හදන්න පුළුවන්. මොකද මගේ ගම පොළොන්නරුවනේ....

    ReplyDelete
    Replies
    1. කොහෙද.. මේ සම්බා කැකුළු යැ.. කීරි සම්බා එකක්නේ.... අපේ අම්මත් ඕනෙ නැති වැඩ තමා කරන්නේ.. මට සම්බායි අනිත් ජාතියි අඳුරගන්න බෑ කියලා දන්නේ නැතුවයැ... හි හි....

      Delete
  9. මං ඒත් කල්පනා කලා කලින් දාල තිබුන පෝස්ට් එකේ අයියගෙ පින්තූරෙ මිනිහ කෙට්ටුවට ඉන්නෙ ඇයි කියල. මේක තමයි හේතුව. දෙකක් නෑ, උයන ඒව කන්න බැරුව ඇති.

    ReplyDelete
    Replies
    1. එයාව මහත් කරනවා නම් ඉතිං වටේට මැටි ටිකක් ගහලා තමයි... දන්න දා ඉඳලම ඔය සයිස් තමා.. හි හි...

      Delete
    2. ඇත්තමයි මධුරංග, මමත් ඕක කල්පනා කලා, බුවා මෙච්චර කෙට්‍ටු මොකද කියලා. ඇදිලා ගිහිං. මම හිතුවෙ අර අල බහිනවා, වැල මැරෙනවා තියරිය කියලා. බැලින්නම් මේකට කන්න නැතුවනෙ මේ. පව් බං! :(
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. අනේ අනේ ඩූඩ් අයියේ....

      එයාට මං හොඳට කන්න දෙනවා.. දන්න දා ඉඳලා එයා ඔය සයිස් තමයි......

      Delete
  10. හපොයි මෙහෙමත් ගෑණු... :)

    අර මනුස්සයා කොහොම කනවද මන්දා?

    ReplyDelete
    Replies
    1. එයා හොඳට කනවා.. දැං උයන්න පුළුවන්.. හි හි..

      Delete
    2. දැන් උයන්න පුළුවන් ? කාටද මහත්තයාටද? හි.. හි..

      Delete
    3. මට මට... එයා උයයි මේං කියලා... හි හි...

      Delete
  11. // රස්සාවට යනකම්ම රෙදි ටික හෝදලා දුන්නෙත් අම්මා තමා..//

    යකෝ වාසනාවන්ත ගෑණු..

    ඉක්කෝල යද්දිත්, වැඩට යද්දිත් මමම තමා රෙදි හේදුවේ. හැබැයි ඒවා වැලට දාන්නෙ අම්මා. :)

    ඔය ගෙදර ගෘහණිය අර අහිංසක ස්වාමියාද ? :))

    ReplyDelete
    Replies
    1. වෙලාවක් තිබුනේ නෑ නේ මට රෙදි හෝදන්න. ඒකයි ඉතිං....
      අපේ මහත්තයට මොනවා පුළුවන් උනත් උයන්න නම් බෑ... හි හි...

      Delete
  12. මමත් ඉතින් හිරු වගේ බැන්දට පස්සෙම උයන්ට ඉගෙනගන්නම්. ඔය කේක් හදන වැඩේ මට හොඳට කල හැකි. අර තුන පහ ඒවා මේවා දාලා, කිරි දාලා ගන්න ඒවා තමා ප්‍රශ්නේ....:D

    මිනිස්සු මොනවට මේ හැටි කනවද මන්දා...:)))

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං පොඩ්ඩියේ.. ඒ මදිවට වේල් තුනකුත් කනවනේ.. හි හි...

      Delete
  13. කේක් එක නම් ලස්සනයි.. මම පොඩිකාලේ හිටපු ගමන් කිරිබත් ඉල්ලනව. ඉතින් අම්මා හදල දෙනව.. :)
    අපේ ගෙවල් ළඟ පොඩි එකෙක් දවසක් මට කතා කරනවා "මා..මේ, වැලිතලප බොන්න එන්...න" කියල.ගිහින් බලපුවම ඒ ගෙදර ඉන්න අක්කා වැලිතලප හදල. පොඩි එකා කිව්වේ ඇත්ත තමයි. ඒක කන්න නම් කොප්පයක් ඕන වෙනවා..:)

    ReplyDelete
    Replies
    1. ආ ඒවගේ වැඩ වෙනවා.... අපේ එහා ගෙදර ටීචර් කිරි ටොපි හදන්න ගිහින් පොඩි එකා ඇවිත් කියනවා “ අපේ අම්මා අද බුල්ටෝ හැදුවනේ අක්කේ “ කියලා.....

      Delete
  14. අෆ්ෆා ඒ අතින් මම හොදයිනේ. මම වයසින් පොඩ්ඩෙක් උනාට හොදට කැම හදන්න පුළුවන්. හි හි...

    ReplyDelete
    Replies
    1. බය වෙන්න දෙයක් නෑ... දිනේෂයා ඉන්නේ ෆාමසියෙනේ ;)

      බඩරිදුනද ටක් ගාලා දිව්වා...

      Delete
    2. මම ඉතිං වැරදිලාවත් කුස්සියට යන්නැති එකානේ .. ඒකයි ඔය.. හි හි.. ඒත් මං සති ගානෙං වැඩේ එළට අල්ලගත්තා... හි හි...

      මමත් මුලින් උයන්න පටන් ගත්ත කාලෙම කොකටත් කියලා ක්‍රිමිරාජ පැකට් එකක් ගෙනත් තියාගෙනම තමා වැඩේට බැස්සේ .. හි හි...

      Delete
  15. කේක් එකනං පට්ටයි වගේ...
    හැමදාම කේක් කකා ඇති නෙහ්? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් කේක් කාලා කාලා එපා වෙලා හිටියේ.. දැං නං ඉතිං ආසයි.. කාලෙකින් කෑවේ නෑ... හි හි....

      Delete
  16. Hari shok kella karala thiyena wade. Kanna kenek hitiye nathi nisama hodai.

    ReplyDelete
    Replies
    1. නෑ නැ.. කටිටය ඇවිත් කෑවා.. අපරාදොනේ.. අනිත් එක කිරිබත වඩා ගන්න බැරි අවුල විතරයිනේ තිබුනේ.. කන්න පුළුවන් උනා... හි හි...

      Delete
  17. ඔයාගේ කේක් කන්න කවුරුවත් තාම මාළු හොදි එහෙම ඉල්ලලා නැද්ද හිරූ...? ආයේ ලැජ්ජා වෙන්න ඕන නෑ ඇත්ත කියන්න.

    ReplyDelete
    Replies
    1. කේක් වලට නම් කවදාවත් කතා අහලා නෑ... එහෙනම් මම නෙමෙයි පොලව පලං යන්නේ.. අපේ අම්මා.. අම්මා නම ගිය කේක් හදන්නියක් වෙච්චි කොට, දුවට කේක් එකක්වත් හරියට හදාගන්න බැරිනම් ඉතිං කවර කතාද.. හි හි...

      Delete
  18. මටත් ගොඩාක් බෑ . එත් අටවගන්න පුළුවන් :)

    ReplyDelete
    Replies
    1. අටවගන්න පුළුවන් නම් අල්ලගන්න පුළුවන්.. හි හි...

      Delete
  19. හහ්... අපේ උන්දෑ මටත් කලින් ඇවිල්ලනේ. ඇස් වහක් කටවහක් නෑ හිරුවෝ මෙයා නම් ලෙසටම උයනවා. අහවල් දේටය කියලා ඇඟිල්ලක් දික් කරන්න අඩුවක් නෑ.
    මම ලක් කාරයා....යේ..........!!!
    සොරි වෙන්ඩ ඕනේ පොඩි අවුලක් උනා ආයිබොවන්..!

    ReplyDelete
    Replies
    1. ඇයි අපේ එක්කෙනා...? මටත් දැං හොදට උයන්න පුළුවන්.... හි හි

      අවුලක් නෑ...

      Delete
  20. අම්මෝ පුදුම කිරිබත් ඉවිල්ලක් නෙව.. දැන් උයන්ඩ පුලුවන් එක හොඳා..
    හිරූට කියන්ඩ හිරූ, අපේ පුංචම්මෙක් ඉන්නවා අවුරුදු 16ක ඉදන් උයන්න පටන් අරගෙන ඒත් තාම හරියට හොද්දක් මාළුවක් උයාගන්ඩ බෑ. අපෝ උන්දලාගේ ගෙදර ගියහම ජබොර හොදි කන්ඩ වෙන්නේ. :)

    ReplyDelete
    Replies
    1. ආ එහෙම කට්ටියත් ඉන්නවා තමයි මධු... කවදාවත් හරියට පදමක් අල්ලගන්න අත්ගුණයක් නැති අය.....

      Delete
  21. මට කෑම උයන්න බැරි නිසා වෙන්න හාමිනේට නම් ඒ හැකියාව තියෙන්නම වෙනවා. අනිත් ගෙදර දොරේ වැඩපළ නම් මට ටික ටික කරගන්න පුලුවන් :D

    ReplyDelete
    Replies
    1. උයන එකත් මහ ලොකු කජ්ජක් නෙවෙයි හසිත.... මටත් දැනුයි ඒක තේරෙන්නේ....
      කොහොමත් උයන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගන්න එක හොඳා.. එහෙම නැත්තම් අම්මට හොඳට උයන්න පුළුවන්ද කියලා හොයලා බලන්න.. දුවලට අතු ගුණේ පිහිටනවලු.... හි හි

      Delete
  22. සමාවෙයන් හිරුවො..දැනුයි ගෙදර ආවේ. කොමෙන්ට් දාන්න හොඳටම පරක්කුයි...සොරි බන්...අන්තිමට හරි ඇවිත් කමෙන්ට් දානවනෙ...ඔන්න ඔහේ සමාව දීහං...:)

    //“ මෙයාට යන්තම් තේකක් හදාගන්න නම් පුළුවන්.. පොල් සම්‌බෝලයක් කොටාගන්නත් පුළුවන් අඩුම කුඩුම ටික වංගෙඩියට දාලා දුන්නම..ඒ ඇරෙන්න නම් ඉතිං උයන්න පිහන්න නම් බෑ....“//

    අර මනුස්සයාට දෙයියන්ගේ පිහිට නොපතා කොහොමද ඉතින්...හි හී ...

    හිරුවො...මං ඔය ඇහුවාමයි සම්බා වලින් කිරිබත් හදනවා...හි හී...

    කිරිබත් කියද්දී මගෙ කටට කෙලත් උනනවා...මම මාර ආස කෑමක් ..සමහර දවස්වලට රෑට ගෙදර ඇවිත් කිරිබත් හදලා...කොච්චිමිරිස් ලුණුමිරිස් එක්ක උණු උණුවේ හූයි හායි ගාලා කනවා...ඊට පස්සෙ ඉතින් ඔළුවේ හිටන් දැවිල්ල....හි හි

    ReplyDelete
    Replies
    1. හා හා කමක් නෑ.. පරක්කු වෙලා හරි ආවනේ.. හි හි

      මේ මගෙත් ආසම කෑමක් තමයි.. ඒත් දැං මං හදන නිසාද කොහෙද ඉස්සර තරම් පෙරේත හිතෙන්‌ෙන් නෑ...

      Delete
  23. ඉතින් ගෙදර ඉඳන් කේක් හදනවකෝ කවදා හරි ෆැබ් එකේ ගානට එන්න ඇහැක්නේ.... අනික අද කාළේ බත් නොකෑවත් කේක් කනවමනේ... මේවා ඉතින් දෙමව්පියන් වත් දෙන්නේ නැති ඔවදන්...

    ReplyDelete
    Replies
    1. එතකොට අම්මගේ රස්සාවට කෙල වෙනවානේ.. හි හි... අපේ අම්මගේ කේක් ෆැබ් එකට වඩා සිය දහස් ගුණයක් හොඳයි... හි හි..

      Delete
    2. කූඹියෙකුත් කිව්වා

      Delete
    3. හි හි.... මාතලන් ඉතිං කොහෙද කේක් කන්‌නේ.. ඔයා කේක් කියලා පාන් කන එක්කෙනානේ.. හි හි...

      Delete
  24. අඩේ මං කවදාවත් කාල නෑ නේ සම්බා වලින් හදපු කිරිබත් :P
    අපෝ කෙල්ලොන්ට නොකා ඉන්න පුළුවන් වරු ගණන් ඒක හොදටෝම ඇත්ත,අපේ නංගි කන විදිහ දැක්කම මට කලකිරෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර තමා... කන්නත් කම්මැලියි... හි හි.. හැබැයි මේ මහත් වෙන නිසා එහෙම කියලා හිතලා නම් නොකා ඉඳලා නෑ ඉස්සර...

      Delete
  25. ඇත්තටම සම්බා වලින් කිරිබත් හදන්නේ නැද්ද??:D

    ReplyDelete
    Replies
    1. සම්බා කැකුළු වලින් නම් පුළුවන්ලු.. ඔය රතු රජරට කියන්නේ.. හි හි...

      Delete
  26. //පුදුමයි අපේ මිනිහා මාව බැන්දා.....
    අන්න හිරු අක්කේ ඕම අයට මල් තීලා වදින්න ඈ...
    බලන්න ඒ මනුස්සයගේ ජීවිතේම බඩගින්නෙනේ ඉතිං.. ඈ..

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ... දැං මං හොදට උයනවා.. හි හි...

      Delete
  27. අපේ හාමිනේටත් ගෙදර ඉන්න කාලේ මෙලෝ සංසාරයක් උයන්න බැහැ..මට එකටත් එක්ක පුළුවන් නියමෙට උයන්න.. හැබැයි දැන් අපේ ස්වීට් හාට් උයනවා .. කියල වැඩක් නැහැ..වතුරෙන් ඉවුවත් දිවිය ලෝක රසයි.. අපේ නැන්දම්මා හිතන් ඉන්නේ එයාට තාම උයන්න බැහැ කියලා. ඉතින් ගෙදර ගියාම මගෙන් හොරෙන් අහනවා. අරයා උයන එවුවා කන්න පුලුවන්ද ? මන් බොරුවට මුණ හපුටු කරලා කියනවා.. කොහෙද අම්මගේ එවුවයේ අහලකවත් තියන්න බැහැනේ.. ඉතින් එයා හරි සතුටුයි..එයා හිටු කියලා රසට හදනවා. ඕක අපේ හාමිනේත් දන්නවා.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි.. නැන්දම්මව පොඩ්ඩක් උඩින් තියන්න වෙනවා.... එතකොට ෂේප් එකේ ඉන්න ලේසියි.. හැබැයි නෑනලත් එක්ක නම් බෑ... මල වදේ.. හි හි...

      අපේ නැන්දම්මා නම් එහෙම අවුලක් නෑ.. හිටපු ගමන් මගෙනත් අහගෙන උයනවා.. හි හි.... අරුමොසම් කෑම හදන්න පුළුවන්නේ මට... වැඩේ කියන්නේ එයාලා වෙජ්ටේරියන්.. මට උම්බලකඩ නැතුව පොල් සම්බොලයක්වත් කන්න ආස නෑ... ගෙදරට වත් ගේන්න දෙන් නැති හින්දා මටත් අකමැත්තෙන් හරි කන්න වෙනවා....

      Delete
  28. මට දැන් හිතාගන්න පුලුවන් මහත්තය එන්න එන්න කෙට්ටුවෙන්නෙ ඇයි කියලා..හි ..හි...
    ඉස්සල්ලා හිතන් හිටියේ වෙන දෙයක්නේ.....

    ReplyDelete
    Replies
    1. එයා කෙට්ටු වෙන් නෑ අයියේ.. හැමදාම ඔය සයිස් තමයි.. හි හි..

      Delete
  29. කතාවක් තියනවානේ සුප් එක නරක් වෙන තරමට පලපුරුද්ද වැඩියෙන් ලැබෙනවා කියලා. ඒ නිසා අවුලක් නෑ. වරදින්න වරදින්න පලපුරුද්ද වැඩිවෙනවා. ඒත් අර සම්බා වලින් කිරිබත් හදලා කියන්න තිබුනේ මොංගෝලියන් රයිස් කියලා.

    ReplyDelete
    Replies
    1. හි හි... කියන්න නම් තිබුනා.. වැඩේ කියන්නේ මට සම්බයි අනිත් සුදු හාල් ජාතියි ඒ කාලේ අඳුර ගන්න බැරි එක.. ඉතිං නිකම්ම වැඩේ මාට්ටු උනා...

      Delete
  30. උයා කවදත් මරුනේ..හි.....පිස්සු අක්කියා :)

    'පොළව පලාගෙන, ලොකූ වලක් හාරගෙන, ඒකට බැහලා, උඩිං කොන්ක්‍රීට් තට්ටුවක් දාගෙන වැලෙලෙන්න... අනේ අම්මපා ඇත්තමයි මේ කියන්නේ.' මේ ටික නියමයි :) :) ඔයා ලියන විදිහ ෆන්................හි....:) ෂෝයි

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කරන්නද ඉතිං හිතෙන්නේ.. අර ෆොටෝ ටික දැක්කම.... හි හි
      ( ඔයා මේ වෙන තැනකින් ෆොටෝ ටිකක් අරගෙන ඔයාගේ වගේ දානවා නේද කියලා කියන්නවත් බෑනේ.. හි හි..)

      Delete
  31. මේ උයාට ඇවිත් හුරතල් දාන්නේ මම ආදරේ නිසා හරි :/ :)

    ReplyDelete
    Replies
    1. දන්නවා දන්නවා.. පිස්සු හොල්මනක් කියලා... ඕනෙ හුරතලයක් දා ගන්නකෝ.... හි හි

      Delete
  32. හක හක හක.....උයාට දැන්වත් කිරිබත් උයන්න පුලුවන්ද හිරු? වැඩේ කියන්නේ මට තාම ඕක හරියට හදාගන්න බෑනේ.හැමදාම හැඩුවොත් පැත්තක් අමුයි පැත්තක් අඩිය අල්ලනවා.

    ReplyDelete
    Replies
    1. දැන් පුළුවන් .. වැඩේ කියන්නේ අපේ මහත්තයා ආස ඉඹුල් කිරිබත් වලට... ඉතිං පැණිපොල් එහෙම හදාගෙන ඔය කෝස් එක ඉවර වෙනකොට ‌කොහොමත් 4 දෙනෙකුට විතර ඇතිවෙන්න තියෙනවා අන්තිමට... කිසි අවුලක් නෑ අපේ මහත්තයා දවස තිස්සේම ඕකට දෙනවා වැඩේ....

      කවියෝ පොඩි ටිප් එකක් දෙන්නම්... ඔය වැඩේ ෂේප් කරගන්න මුලින් බත වතුරෙන් උයාගන කිරි දැම්මනං හරි... මම නං දියකිරෙනුත් උයනවා බත... මදි උනොත් වතුරත් දානවා.. හි හි

      තව එකක්.. බත උයද්දි ඒකට සුදු ළූණු බිකක් කපලා දැම්මම ඉක්මණට නරක් වෙන් නෑ.. අර නිදිමත ගතිය, බඩ පුරෝ දාලා වගේ ගතිය එන්නෙත් නෑ.. සුදු ළුණු ටිකාක් දාන නිසා රසේ වෙනසක් වෙන්නෙත් නෑ...

      Delete
  33. සම්බා වලින් කිරිබත් හදන්න බැරිද හැබෑට?? (මම ඔයාට වඩා හපන් නේ..ඒකයි :)
    මොනවා උනත් අර අන්තිමට දාපු කේක් එකනම් මරු අප්පා. මාරම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හි හි.. තැන්ක්යු නඟා..

      ඔය රතු රජරට නම් කියනවා සම්බා කැකුළු වලින් පුළුවන්ලු.. නොදන්න දෙමලෙට ගිහින් වරිගේ නහ ගන්නවට වඩා හොදයි දන්න සිංහලෙන් පණ බේර ගන්නවා කියලා හිතලා මම නම් සුදු කැකුළෙන්ම තමයි ඉතිං හදන්නේ...

      Delete
  34. හෆ්ෆේ හොද වෙලාවට මෙහෙම තනියම ජීවත් වෙන්න ඇවිත් උයන්න පුරුදු උනේ.. වැරදිලා ගියොත් උයලා කන්න දෙන්න හරි දන්නවා..

    අරයත් අර උඩ ලොක්කා වගේ උයන්න දන්නවා කිවුවට බැරිය ආවට පස්සේ බලන්න.. :)

    ReplyDelete
    Replies
    1. පවු බං... ගෙවල් වල ඉන්න කෙල්ලන්ට අම්මලා උයන්න දෙන්නේ නෑ.. එක දවසක් ඉව්වොත් සුමානෙක බඩු ඉවරයි කියලා.. ( මටත් එහෙම තමා.. හි හි)

      ඒක නිසා බැඳලා වෙනම ඉන්නකොට තමයි හිතේ හැටියට එක්ස්පෙරිමන්ට් දාලා කෑම හදන්න විතරක් නෙවෙයි අනිත් වැඩක් පුළුවන් වෙන්නේ.. නැන්දම්මලා නෑනලා එක්කත් බෑ ඉතිං ඔය වැඩේ කරන්න.. හි හි.... නෝණ්ඩි සහ ලොකු කම් දානවා නේ... ඒක නිසා ඔයා බැඳපු ගමන් අහිංසකීගේ කනෙං අල්ලන්න එපා “ පණ්ඩිතයා වගේ කියෙව්වනං දැං උයපං “ කියලා... හි හි...

      Delete
    2. //ගෙවල් වල ඉන්න කෙල්ලන්ට අම්මලා උයන්න දෙන්නේ නෑ.. එක දවසක් ඉව්වොත් සුමානෙක බඩු ඉවරයි කියලා..//

      ආයෙත් අහලා. තමුන්ගෙ වියදමින් ගෙනත් හැඩුවත් සල්ලි නාස්ති කරනවා කියලා කියනවානෙ. :( මං පත්තර වල යන කෑම් වට්ටෝරු එකතු කරලා පොතක අලවලා තියාගෙන ඉන්නවා.එක පාරක් දෙපාරක් විතර හැදුවා.ඊට පස්සෙ නැවැත්තුවා.

      Delete
    3. මං නං සාමාන්‍යයෙන් ඕනේ එකක් දැන් උයාගන්න පුළුවන් තත්වෙ ඉන්නේ .. ඒත් කෝකටත් කියලා හැම කෑම වට්ටෝරැවක්ම තියෙන ලොකු පොතක් අරගෙන තියෙනවා... සමහර වෙලාවට මොනා හරි අමතක නම් බලන්න විතරයි ඉතිං ඒක පාවිච්චි කරන්‌ෙන්... අම්මා මේ ළඟදි ඉඳලා රසවිමන මැගසින් එක අරගෙන මට එවනවා.. ඒකේ තියෙන කෑම නම් පංකාදු පහයි.. හැබැයි ඒවට ඕනෙ බඩු ටික ගන්න ගියාම මාසෙක බජට් එක ඉවරයි.. හි හි....

      Delete
  35. //පොළව පලාගෙන, ලොකූ වලක් හාරගෙන, ඒකට බැහලා, උඩිං කොන්ක්‍රීට් තට්ටුවක් දාගෙන වැලෙලෙන්න... අනේ අම්මපා ඇත්තමයි මේ කියන්නේ...//

    උදව්වක් ඕන උනොත් කියන්න

    ReplyDelete
    Replies
    1. හා හා... කියංඤඤංකෝ... හි හි...

      Delete
  36. අම්මේ හිරුවො මටත් හාල් අදුර ගන්නම බෑ නෙ.කේක් ගෙඩිය නම් මරු.වෙඩින් එකට කේක් එකක් එහෙම හදා ගන්න පුලුවන් වෙයි නේද? ලඟනෙ ඉන්නෙත් ;) මටත් සෑහෙන කාලෙකින් කේක් එකක් හදන්න බැරි වුනා.හදන්න ඕනෙ ලගදිම

    මං එක පාරක් මගෙ උපන්දිනයකට කැම්පස් ගෙනියන්න ඔයාලගෙ අම්මගෙන් පොල් කේක් ගත්තා.කවුද එතකොට ඔයාව දන්නෙ.

    ඔය මාලු පාන් වලට වුන වැඩේ අපේ තාත්තා හදපු බනිස් වගයකට වුනා.ගල් වගේ හයියයි වෙලාවට පැනි රස නිසා බිස්කට් එක වගේ කෑවා.රසට තිබුනා. :))

    ReplyDelete
    Replies
    1. හා හා.. මං නැති උනාට කමක් නෑ.. අම්මගෙන් කේක් ගන්න.. හැබැයි ඔන්න බ්ලෝගේ තියෙන කතා ගැන එහෙම වචනයක්වත් කියන්නේ නෑ හොඳේ.. හි හි...

      වෙඩින් කේක් නම් හදනවා... ළඟදි බදින්නද යන්නේ...?

      Delete
  37. මටත් පුළුවන් පපඩමක්, බිත්තරයක් එහෙම හදිසියකට උයාගන්න... ඒව තියන තැන හොයාගන්න පුළුවන් උනොත්.... කෑම වල ලුණු ඇඹුල් බලන්න නම් ඉතින් මට වගේ හැකියාවක් පබිලිස්ටවත් නෑ කියලයි අපේ එක්කෙනා කියන්නේ... විශේෂ අවස්ථාවන් වලදි ෆුඩ් ටේස්ටිං වැඩේ පැවරෙන්නේ මට..... අපේ ගෙදර විතරක්යැ... යාලුවන්ගේ ගෙවල් වලට ගියහමත් ඕක වෙනවා... බිරිඳැල ටික මට මාර ගෞරවේ... මාත් ඉතිං බලල "හ්ම්ම්ම් මේකට තව ලුණු චූට්ටක් දන්න" කියලා යනවා... හොද්දට ලුණු.. මට ලකුණු...

    කේක් එක නම් එල.... ඔකේ මල් කන්න පුළුවන් ඒවද? මම නම් ආසම කේක් වල මල් කන්න...

    ReplyDelete
  38. මේ කේක් වල මල් නම් කන්න පුළුවන් .. ඒත් මම හිතාගෙන හිටියේ මේවා කන්න ආස පොඩි ළමයි විතරයි කියලා.... හි හි

    ලුණු බලන්න එක්ස්පර්ට් කෙනෙක් වගේ.... හි හි

    ////ඒව තියන තැන හොයාගන්න පුළුවන් උනොත්////
    හි හි.. ඉස්සර මටත් ඔහොමයි.... හදිස්සියේ මොනා හරි හදන්න උනොත් අම්මා බඩු තියපු තැන් හොයන්න ගියාම ඉවිල්ල එපා වෙනවා....

    ReplyDelete
    Replies
    1. මල් කිව්වම මතක් වුනේ.. අපි වැඩ කරන තැනට ඉඳල හිටලා ඔයවගේ කේක් හම්බ වෙනවා ඔය බර්ත්ඩේ වගේ ඒවාට. ටී ටයිම් එකේදී බලන කොට මල් නෑ.. කේක් එක විතරයි. එක එකා යන එන ගමන් මල් වලට වැඩේ දීලා..:)

      Delete
    2. ඒ මේ මල් නම් වෙන්න බෑ... නිකම් අයිසින් මල් කෑවට මේවා එහෙම කෑවොත් කට්ටිය තැන් තැන් වල වැටිලා නිදා ගනියි.. මේවත් අයිසින් තමා... ඒත් මේව හරි හයියයි... අනිත් එක කලර් ස්ප්‍රේ කරලා තියෙන්නේ... කෑවට කමක් නෑ.. ඒත් නොකා ඉන්නවා නම් හොඳයි... හි හි...

      ඔය මල් සෙට් එක බොකේ එකක් ව‌ෙග් ගලවලා අතට ගන්න පුළුවන්...

      Delete
  39. අදමද මන්දා අවෙත්... අපු ගමන් උයන්න කියනවා මට නම් නබිත්තරයක් තම්බන්න වත් බැ මෙව කියවලාම බයෙත් බැ...

    ReplyDelete
    Replies
    1. මම නම් දැක්කේ අද තමයි.. හි හි

      බය වෙන්න දෙයක් නෑ.... මේවා හරි ෂේප් වැඩ.. හි හි

      Delete
  40. උයන්න ඉගෙන ගන්න ගෑණු පිරිම භේදයක් නෑ... තරු පහේ හෝටල් වල කවුද වැඩ දාන්නෙ පිරිමි පාර්ශවය නෙමෙයිද... අපේ ගෙදර කෙල්ලො නැති හින්දා අම්මා අපිට කෑම වේලක් හදාගන්න පුලුවන් ආකාරය කියලා දීලා තියෙනවා... ඒ නිසා බැන්ද දවසක වයිපරේ කන්කෙදිරි ගාලා එයාගෙ ගෙදර ගියත් අපිට ආතල් එකේ බතක් මාලුවක් උයාගෙන කුරුල්ලා වගේ ඉන්න පුලුවන්... උඹට කැමති දවසක වරෙන් කියලා....

    ReplyDelete
    Replies
    1. අපොයි.. සිරා නෝන්ඩියට වගේනේ ඒක කියලා තියෙන්‌ෙන්... ඔය වයිෆ් ගෙදර හිටිය දවසක උනත් ඉඳලා හිටලා පොඩ්ඩක් උදවුවක් දුන්නට නරක් වෙන්නේ නෑ... හි හි....

      අපේ ගෙදරත් අපේ මල්ලිට ගොඩක් පොඩි කාලේ ඉඳලා උයන්න පුළුවන්.. මිනිහා ඉස්සර පරිප්පු හොද්දක් හදනවා කියලා වැඩක් නැ.. ඒවා ඉස්කෝලේ කියලා දීපුවා... හි හි...

      Delete
  41. යන ඒන අතර තුෙර් හිරු දුටුෙවමි.අෙවමි ඔෙබ් ගිමන් හලට

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළීගන්නවා.....

      Delete
  42. ඔයාගේ කේක් එක හරිම ලස්සනයි හිරු. මාත් මුලින් කේක් හද හද ඉඳල පස්සේ තමා උයන්න ගත්තේ. හැබැයි කේක් ඩෙකරේෂන් වලට ගොඩක් ඉවසීම තියෙන්නේ ඕනේ නේද? ඔයාට නම් ඒක තියෙනවා වගේ. මම කම්මැලිකමට ෆජ් අයිසින් එකක් වක්කරල දානවා.

    සම්බා වලින් කිරිබත් හදන්න බැරිද?? ඇත්තටම මම මේ කල්පනා කරේ මාත් හදල නෑනේ...බාස්මතී වලින් නම් හදල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හි හි... ඔය කේක් එක අපේ අම්මගේ සිම්පල් කේක් වලින් එකක්.. හරි ලේසියි... මට කේක් ඩෙකරේෂන් කරන්න නම් කම්මැලිකම අඩුයි.. අනිත් ඒවට වැඩිය.. හි හි...

      බාස්මතී වලින් අමාරුයි නේද... මැටි වගේ වෙනවනේ... ඔන්න සම්බා කැකුළූ වලින් පුළුවන් කියලා අර රතු රජරට කිව්වා.. හදලා බලන්න ඕනේ....

      Delete
  43. මං පනුච්චිත් පොඩි පොඩි ටෙස්ට් කරනවලු ඉතිං ඔය හිතුනම... අයියෝ... මට එපාම කරපු වැඩේ ඔය කපන කොටන දේවල් තමා..
    අක්කගේ කිරිබත් හැදිල්ලත් මරු ඈ...

    ReplyDelete
  44. හි හි.. මං නං කපන කොටන වැඩ ටිකට කැමතියි... ඔය ජාති ටික දාලා ලිපේ තියාගන්න ටික තමා ඉස්සර පුළුවන් තරම් ෂේප් කරන්‌ෙන්... හි හි...

    ReplyDelete