Sunday, October 28, 2012

ඉස්කෝලෙ කාලේ ලවු.....


හරි.. අද මට පොඩි පුරස්නයක් අහන්න හිතුනා...

නෑ නෑ.. මෙදා පාර බල්ලෝ ගැන නෙවෙයි.... කොල්ලෝ කෙල්ලෝ ගැන.. හි හි...

මේක ඒ ලෙවල් පන්ති යන කෙල්ලෙකුයි, පොඩි ජොබ් එකක් කරන කොල්ලෙකුයි අතර ඇතිවෙච්ච දෙබසක්....

-----------------------------------------------------

“‌ ගොඩක් වෙලාද ඇවිල්ලා....”

“ නෑ.... දැං ආවේ...”

“ අද ගෙදරද හිටියේ.... ”

“ ඔව්... උදේ පොඩි වැඩ වගයක් කරන්න ගියා... ටිකකට කලින් තමයි ආවේ...”

“ ඔයාට හෙට වැඩ නේද....”

“ ඔව්.. උදේට නම් එන්න වෙන එකක් නෑ.... ”

“ මට පොඩි බඩ්ඩක් කියන්න තියෙනවා.... ඔයාට මතකද මම අර වෙඩින් එකේදි හම්බුණ පයිලට් කෙනෙක් ගැන කිව්වා....”

“ ඔව්... ඉතිං.....”

“ එයා ඊයේ මට කෝල් කළා... අක්කගෙන් ගෙදර නම්බර් එක ඉල්ලගෙන... කට්ටිය අපි දෙන්නව දාගෙන විහිළු කරනවලු....”

“ ඉතිං....”

“ මාව හම්බුවෙන්න ඕනේ කිව්වා...”

“ ඉතිං.. ඔයා මොකද කිව්වේ....”

“ මුකුත් නෑ.. අම්මා හිටියා එතන...”

“ ඉතිං.. ඔයාට හම්බුවෙන්න ඕනේ නම් කමක් නෑ.... මගෙන් අවුලක් නෑ... ඔයාට කිව්වනේ... ඔයාට හොඳයි කියලා හිතෙන කෙනෙක් එකක් යාලු වෙන්න ඔයාට නිදහස තියෙනවා කියලා... මට වඩා හොඳ කෙනෙක් හම්බුනොත් ඔයා යාලුවෙන්න.. අවුලක් නෑ....”

-----------------------------------------------------

ඔන්න කතාව.... ( සෙල් ෆොන් නැති කාලේ කියලා හිතන්නකෝ....)

ඔන්න... ඔය වගේ ඩයලොග් එකක් ඇහුනොත් ඔයාලට මොනවා හිතෙයිද.... ?

61 comments:

  1. කොල්ල ඇත්තටමනම් කිව්වේ ඌ සිරා කොල්ලෙක්..

    එහෙම නැත්තම් ඒ කෙල්ල කොල්ලට දැන් ඇනයක් වෙලා ඉන්නේ.. ඌට ඕනේ කෙල්ලගෙන් ගැලවෙන්න දෙය්යෝ දුන්න වගේ ලැබිච්ච චෑන්ස් එකෙන් කොල්ල ගොඩ යන්න හදන්නේ

    කෙල්ලගේ පැත්තෙන් එව්ව හිතන්න මට තේරෙන්නේ නෑ.. කෙල්ලන්ට හිතන්න දාහක් ජාති තියෙනවනේ

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ එහෙමයි.

      Delete
    2. //ඉතිං.. ඔයාට හම්බුවෙන්න ඕනේ නම් කමක් නෑ.... මගෙන් අවුලක් නෑ... ඔයාට කිව්වනේ... ඔයාට හොඳයි කියලා හිතෙන කෙනෙක් එකක් යාලු වෙන්න ඔයාට නිදහස තියෙනවා කියලා... මට වඩා හොඳ කෙනෙක් හම්බුනොත් ඔයා යාලුවෙන්න.. අවුලක් නෑ....//

      Mee Godayaa & රාජ් අයියා කියන්න වගේ කොල්ලෙක් මෙහෙම කියනවනම් කොල්ලෝ හිතන හැටියට ඌ සිරා කොල්ලෙක් (මාත් එහෙමයි හිතන්නේ ). හැබැයි මම නම් ඒ කොල්ල මම කවදාවත් එහෙම කියන්නේ නැහැ!

      තමන්ගේ කොල්ල ඔහොම කියනවට කෙල්ලෝ කවදාවත් කැමති නැතිව ඇති. (මම කෙල්ලෝ ගැන හිතන ඉන්න හැටි හරිනම්)

      යාළුවො වගේ ඉන්නකොට ඔහොම කිව්වත් යාලු උනාට පස්සේ ඔහොම කිව්වොත් කොල්ල චාටර් වෙයි! මම දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් සිරා කොල්ලොන්ට කෙලවෙන්නේ ඔය වගේ පොඩි දේවල් වලින්.

      බොරුද මං කියනේ ඈ.. හිරූ අක්කම කියන්නකෝ බලන්න :-)

      Delete
    3. මීයෝ.... රාජ්...

      ඇණයක්.....? ඔයා කියන කම්ම මට එහෙම හිතුනේ නෑ නේ බං... ෂික්.... ඕක එදා තේරැණා නං .... මම හිතුවේ මට ආදරේට කියලා....
      අපරොදේ... හි හි...

      මිස්ටර් ඇනෝ.....
      ඇත්ත.. ඔහොම කියනවට කෙල්ලෝ කැමති නෑ... මොකද එතකොට නිකම් ඕනෙවට එපාවට ලව් කරන ගතියක් දැනෙනවානේ... කෙල්ලො කැමතියි ටිකක් විතර අයිතිකාරකමක් පෙන්නනවට.. ඒත් ඉතිං ඒකත් ඕවර් ගියාම එපා වෙනවා... එහෙම අයට මේ වගේ දෙයක් බය නැතුව කියන්න වත් බෑනේ...

      ඔය සමහර ඉන්නේ කෙල්ලට ෆේස් බුක් එකටවත් එන්න දෙන් නැතුව රකින්න හදන අය... හි හි

      ( මෙයා සිරා වෙන්න ඇති නේ.. නැත්තම් මාව බඳියි යැ... හි හි..)

      Delete
  2. කොල්ලා කෙල්ලගෙන් වෙන් වෙන්න ක්‍ර‍මයක් හොයමින් ඉන්න බවක් තමයි වැටහෙන්නෙ... මේ කථා බහ බොලාට වෙච්ච දෙයක්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මට වෙච්ච එකක් තමා... හි හි...

      Delete
  3. දැන් එතකොට ඩොකාලට ඉන්ජොන්ට පයිලට්ලට විතරද කෙල්ලොන්ව ඕන. අර කිව්ව පොඩි රස්සාව කරන එකාට අකැපද?

    ReplyDelete
    Replies
    1. ඔතනින් බං ඉන්ජෝත් අයින් කරපන් මොකද උනුත් අහිංසකයෝ ජාතියක්

      Delete
    2. ඉන්ජෝ අයින් කරහන් !

      Delete
    3. හික් හික් .... තාම ඩොකෙක් ඇවිත් නෑ වගේ.

      Delete
    4. නෑ බං මම කිව්වේ අහින්සකයිනේ...... නැද්ද මම කියන්නේ

      Delete
    5. නැතුව. නැතුව.

      Delete
    6. වලිය බේර ගනිල්ලා.. මම නෑ ඕවට....

      DDT

      ඔතන තියෙන්නේ ‌ආර්ථික විද්‍යා පුරස්නයක්... මේ කොල්ලා තාම පොඩි රස්සාවක් කරන, පොඩි පඩියක් ගන්න කෙනෙක්.. නමුත් අර පයිලට් ඒ කාලේ හැටියට යම්කිසි ස්ථාවරයක හිටපු කෙනෙක්... ෆොන් එකක් තියෙන, කාර් එකක් තියෙන, ගෙයක් තියෙන, ස්ථිර රැකියාවක් තියෙන කෙනෙක්.. එහෙම කෙනෙක් එක්ක හැප්පෙන්න බෑ කියලා කොල්ලට හිතුනා නම් ඒක සාධාරණයි මම හිතන්නේ... අනිත් එක ඕනෙම කෙල්ලෙක් ඒ වගේ භෞතික සම්පත් වලට ඇදිලා යන්න තියෙන ඉඩකඩ වැඩියි.... එහෙම ගියත් ඒ කෙල්ල අසාධාරණයි කියන්න බෑ...

      Delete
    7. ඕ ඩොකාලවත් අයින් කරන්න හිකිස්......

      Delete
    8. ඉන්ජෝ අහිංසකයි... ඒ නිසා උන්ව අයින් කරන්ඩෝ..

      Delete
    9. දිනේශ් පරක්කු හින්දාද කෙහෙද මදාරා ඇවිත් උතත්ර බදින්න.. හි හි..

      Delete
  4. “ ඉතිං.. ඔයාට හම්බුවෙන්න ඕනේ නම් කමක් නෑ.... මගෙන් අවුලක් නෑ... ඔයාට කිව්වනේ... ඔයාට හොඳයි කියලා හිතෙන කෙනෙක් එකක් යාලු වෙන්න ඔයාට නිදහස තියෙනවා කියලා... මට වඩා හොඳ කෙනෙක් හම්බුනොත් ඔයා යාලුවෙන්න.. අවුලක් නෑ....” ඔන්න ඔය ටික තමයි මමත් මගේ හාමිනේට බඳින්න කලින් කිව්වේ ඒක අහන්නේ අන්තිව බැන්දා දැන් කියන්නේ යන්න පුළුවන් ගියාට පස්සේ එන්න පාරක් නැහැ කියලා විතරයි. අක්කේ ඔය ඔය සෙල් ෆෝන් නැති කාලේ කියන්නේ එකදාස් නවසිය බරගනන්වල වෙන්න ඕනේ. මට අවුරුදු 10 වෙනකොට ඒ කියන්නේ 99 දීත් ඔය ජිල්මාර්ට් ඒක තිබුනා

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ අපේ මහත්තයාගේ ජාතියේ කොල්ලෙක්.. හි හි... ෆොන් තිබ්බා.. ඒත් ඉස්කෝලෙ යන එවුන්ට තිබ්බේ නෑ.. හි හි...

      Delete
  5. 1. මේ දෙන්න අතර සිරා ලවක් තිබිලා නෑ.
    2. කෙල්ල කොල්ලව ටෙස්ට් කළා ද හිතන්නත් හැකියි

    හිරුගේ අද්දැකීමක්ද යන්නත් සැකයි...හි..හි...

    ReplyDelete
    Replies
    1. 1. සිරා ලවක් තිබුනේ නෑ..
      2. නෑ.. ටෙස්ට් එකක් නෙවෙයි....

      මගේ අත්දැකීමක් නෙවෙයි නං මං මෙහෙම ලියන්නේ කොහොමද නලීන් අයියේ... හි හි...

      Delete
  6. කොල්ලා නම් සිරා ලව් කරන එකෙක් නෙමේ වගේ. නැත් නම් ඉතිං ඒ කෙල්ල අවංකවම ඒ සිද්දිය කියද්දිත් ඔහොම කතා කරයියෑ... යන්න ඕනා ඒකියක් නම් ඔහොම ඉඳියෑ..

    මම නම් හිතන්නේ කෙල්ල පොඩි ටෙස්ටිං පාරක් දීලා මොනවා උනත් කොල්ලා ෆේල් ඒකෙන් නම්, කොල්ලාගේ ආදරේ මැන ගන්න ඇති කෙල්ල.

    ඇත්තමටම මේක හිරු අක්කාට උන දෙයක්ද...?

    ReplyDelete
    Replies
    1. යෑස් යෑස්.. මට උන එකක් තමා... හි හි..

      වැඩක් නෑ නඟා කතා කරලා... කොහෙද.. අපේ උන්දැට තාමත් මගේ අගේ තේරෙන්නේ නෑ නේ... හි හි...

      Delete
  7. හපොයි දෙයියනේ.....මෙහෙම දෙයක් ඇහුවමයි....
    අනිවා කොල්ල කෙල්ලට ඇත්තට ආදරය කරලා නෑ.

    ReplyDelete
    Replies
    1. හි හි... දැං තමයි නඟා තේරෙන්නේ... හි හි...

      Delete
  8. හප්පට සිරි බොල! නූතන වෙස්සන්තර හෝ ඇණයක් වූ කුමාරිකාව!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  9. කමෙන්ට් ටිකේ බහුතර අදහස, කොල්ලෙක් ඔහොම කිව්වොත් ඒ කියන්නෙ කෙල්ලව අතඇරල දාන්න... හැමතිස්සෙම ඒක එහෙමයි කියල මම නම් ඒක පිළිගන්නෙ නෑ.. සමහරවිට වෙන්න පුළුවන්... මේ ලියල තියෙන ටිකෙන් නම් කොල්ලට කෙල්ලව අතඅරින්න ඕන වෙලා කියල තීරණය කරන්නෙ නෑ...

    සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔහොම සීන් එකක් උණු උනුවෙම කියන්නෙ වර්ණනාවක් අහගන්න ඕන වුනහම.. :)

    ReplyDelete
    Replies
    1. ආහ්.. සාතන් අදනං කම්මැලි නැතුව කමෙන්ට් එකක් කොටලා.. හි හි...

      නෑ නෑ.. ඇත්තටම උනේ කොල්ලට ටිකක් අප්සට් වෙච්ච එක... අර වගේ රැකියාවක් කරන කෙනෙක් එක්ක තරඟයක් දෙන්න එයාට බැරි වෙයි කියලා හිතුව එක වගේම, කෙල්ලට හොඳයි කියලා ගන්න තීරණයකට ඉඩ දෙන්න හිත හදාගෙන හිටපු එක...

      ( එදා මම එහෙම හිතුවා... දැං නං කියන්නේ මං ඇණයක් හින්දලු එහෙම කළේ... හි හි)

      Delete
  10. මන් වගේ හොඳ අහිංසක දැහැමින් සෙමින් ජීවත් වෙන කොල්ලෙක් කියලා හිතෙන්නේ මට නම්.

    ReplyDelete
    Replies
    1. දැහැමින් සෙමෙන්.... ????

      මං වගේ......????????????????

      හි හි....

      Delete
  11. අන්තිමට කියලා තියෙන දේ මම කාලෙකට ඉහතදි කෙල්ලෙක්ට කිව්වා එදා එයා නම් කිව්වේ

    "පිස්සු කතා කියන්ඩ එපා ! මම ඔයාව දාලා යන්නේ නෑ " කියලා

    බලාගෙන ගියහම කෙල්ලෝ කියන්නෙම බොරු නෙහ්. :)

    ReplyDelete
    Replies
    1. හරි බං.. ඇත්ත...

      මං කිව්වෙත් “ මට හොඳයි කියලා හිතුනොත් මං යාලු වෙනවා...” කියලා....

      ඒත් බොරුවක් නේ දැං බැලුවාම.... හි හි

      Delete
  12. සෑහෙන්න බොන්න වෙන පස්නයක්!! දෙන්නම අවංක බව පෙන්නන්න හදනවා..ද කොහෙද!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්... දෙන්නම උපරිමේටම අවංක උනා....

      Delete
  13. හෑ... එහෙම අය ඉන්නවද ඈ...
    ජය වේවා !!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඉන්නවා.. හි හි

      Delete
  14. Replies
    1. කෝච්ච් එළවන අය නෙවෙයි... ප්ලේන් ඩ්‍රයිව් කරන අය... හි හි...

      Delete
  15. දැරිවි මේවෙලාවෙ කොල්ලා ටෙස්ට් කලා වගේ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. ටෙස්ට් එකක් නෙවෙයි...

      Delete
  16. මම නම් ඔය කියන ජාතියේ සිරා කොල්ලෙක් නෙමේ. ඕන දෙයක් අනුන්ට දෙන්න පුළුවන් උනාට ඔය මාතෘකාවේදි මම හරිම ආත්මාර්ථකාමීයි. ඒ නිසාම මට එහෙම උත්තරයක් දෙන්න පුළුවන් කමක් නෑ. අනිත් අයට කොයිතරම් වැරදියට පෙනුනත් මට කරන්න දෙයක් නෑ. මම කියන්නේ මට නිසා.මේ මගේ අදහස.සිද්දියට මූණ දුන්නේ ගෑණු දරුවා නම් එයා පළවෙනි වතාවෙදිම අදාල ප්‍රශ්ණේ නිරාකරනය කරගන්න ඕන. ඒක දෙන්නගෙම ප්‍රශ්ණයක් වෙන තරමට ගේන්නේ නැතිව. කොල්ලට උනත් මට කියන්න තියෙන්නේ ඒකමයි. ගෑණු ළමයා හෝ පිරිමි ළමයා තමන්ගේ අගය වැඩිකර පෙන්වීමට හෝ වෙන යම් කාරණයක් නිසා මෙහෙම කතන්දර ගේන එක මගේ මතයට අනුව වැරදී. දෙන්නම මේ එපෙයාර් එක පවත්වන් යන්නේ ටයිම් පාස් කරන්න නම් ඒක අවුලක් නැතිව ඇති.හැබැයි මම මේ කතාකරන්නේ සිරා ලව් ගැන. එහෙම තැන් වලදි දෙදෙනාම උත්සාහ දරන්න ඕන තමන්ගේ පැත්ත ගැටළු නැතිව පවත්වන් යන්න. අදාල සිද්දිය මට උන එකක් නම් මේන් පොතිචාරේ. මම කෙල්ලගෙන් අහනවා දැන් ඒ ප්‍රශ්නේ ඉවරද කියලා. මම මොකුත් කිවුවේ නෑ කිවුවොත් ඇයි ඒ වෙලාවෙම කතා කරලා ඒක ඉවරයක් කරගත්තේ නැත්තේ, දැන් මේ වෙලාවෙම කතාකරලා කියන්න කියනවා. එහෙම නිමා උනොත් හොඳයි .නැති උනොත් මම අදාල පුද්ගලයට එක්ස්ප්ලේන් කරනවා එකම එක වතාවක්. හැබැයි ඒ තමයි පළවෙනි හා අන්තිම වතාව. මම දැක්ක කතාකල පමණින් කෙල්ලොත් එක්ක යාළු නොවෙන්නේ ඔය හේතුව නිසයි. පස්මහ බැළුම් බලලා යාළු උන කෙනා මට විතරමයි කියන මතේ මොනම හේතුවක් නිසාවත් වෙනස් කරන්නේ නෑ මම.

    (මොකා උනත් අතර මැදියට නම් දෙවියන්ගේම පිහිටයි මම වගේ එකෙක් එක පැත්තක හිටියොත්...!හික් හික් හික්)

    ReplyDelete
    Replies
    1. සරා අයියා කියන කතාව හරි...

      ඒත් මෙතන කෑලි කීපයක් තියෙනවා ඔය කියන විදියට නොවුන එකට හේතු... ඔන්න මම පෝස්ට් එකක්ම දාන්න හිතුවා ඒ ගැන... හි හි...

      ආදරේකදි පොඩි ආත්මාර්ථකාමී කමක් තියෙන්න ඕනේ... එහෙම උනාම ආදරේ දැනෙනවා... ඒත් ඕනෙවට වඩා එහෙම උනාමත් එපා වෙනවා... එහෙම උනාම මේ වගේ ප්‍රශ්නයක් කියන්නවත් පුළුවන්කමක් නැති වෙනවනේ..

      මේ සිද්ධියෙදි නං වෙන්න ඕනේ විදියටම හැම දේම උනා කියලයි මට හිතෙන්නේ...

      Delete
  17. අපේ එවුන් අඩ අඩා හොටු කන ආකරයට මෙය කොල්ලෙක් නොකියන වදන් මාලාවකි “ ඉතිං.. ඔයාට හම්බුවෙන්න ඕනේ නම් කමක් නෑ.... මගෙන් අවුලක් නෑ... ඔයාට කිව්වනේ... ඔයාට හොඳයි කියලා හිතෙන කෙනෙක් එකක් යාලු වෙන්න ඔයාට නිදහස තියෙනවා කියලා... මට වඩා හොඳ කෙනෙක් හම්බුනොත් ඔයා යාලුවෙන්න.. අවුලක් නෑ....”

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... ඇත්තටම කිව්ව කතාවක්...

      Delete
  18. Ane mata ba mekata cament karanna. Iye hawasath ekak type kala ekath na. Dan ekak type kala ekath na.
    Dennama waradi. Kollata thibbe eka ethanin nathara karanna kiyanna. Kellta thibbe e katha karapu welawe kawru hitiyath laga ba kiyanna. Dennata denna adarei nam e adare raka ganna onene. Athara madiyek one naha ekata. Mama hithanne ehemai.

    ReplyDelete
    Replies
    1. මොකද්ද අප්පා... එහෙම වෙන්නේ ඔයාටම..... ඔයාට එහෙම වෙන්න දෙන්න බෑ..... ඊළඟ පාරත් ට්‍රයි කරන්නකෝ.. හි හි...

      හැ හැ..... මුන් දෙන්න නං තකට තක... ( හිතමින්) අනේ නඟෝ.. මේක මේ ඉස්කෝලෙ යන කාලේ ලවු එකක් බං....ඒ කාලේ කොහෙද සිරා ලවු.... හි හි...

      Delete
  19. කෙල්ලෝ ඔහොම තමා ගනන් උස්සන්නේ....කොල්ලෝ ඒක දන්නේ නෑ. පව් අර අසරණ අහිංසක කොල්ලා...:D

    ReplyDelete
    Replies
    1. අන්න පොඩි කුමාරිහාමි තමයි හරි දේ කිවුවෙ.. ඔය කෙල්ලො ගනන් උස්සන්න කියන එකක්. ඒ වෙලාවට තේරුම් ගන්න ඕනෙ මෙන්න මෙයා නිකම් බොරු සෝබන කාරියක් කියලා. ඔන්න ඔහෙ යන්න කියල කී කොල්ල නම් නුවනක්කාරයා.

      Delete
    2. පුදුමයි පොඩ්ඩි කොල්ලෙක්ගේ පැත්තට කතා කළා.. හි හි.. ඒක තමයි අද මේ උදේ ඉඳන් වහින්නේ.. හි හි...

      සරක් අයියේ.. කොල්ලා නුවණක්කාරයා... ඒකනේ මම අන්තිමට බඳගත්තේ.. හි හි....

      Delete
  20. ෂික් එහෙම අවස්ථාවක් තිබිලත් මේ මනුස්සයා අමාරුවේ වැටුනනේ.. පයිලට් වාසනාවන්තයි...:D:D:D

    ඔය ටික මගෙන් ඇහුවනං මං කියන්නේ "තෝව මරනවා" කියලා... (මං සුජීවගේ පොත් කියෝනවනේ..)

    ReplyDelete
    Replies
    1. අයියෝ........ ඇයි මාරයියේ එහෙම කියන්නේ....

      හැබැයි ඉතිං මං වගේ කෙල්ලෙක්ට එහෙම කිව්වොත් මාරයියට තමා මැරෙන්න වෙන්නේ... හි හි...

      Delete
  21. මම හිතන්නෙ නම් කොල්ලා අවංක කොල්ලෙක් කියලා. හැබැයි ඉතින් කොල්ලා කියන මුඩ් එක අනුව තමයි එක තිරනය කරන්න වෙන්නෙ ;) හිරැ අක්කියෝ.

    ReplyDelete
    Replies
    1. හි හි.. ග්‍රහයෝ නං ඔය දවස්වල හොඳටම අප්සට් වෙලා තිබ්බේ.. හි හි... ඒකත් බලපාන්න ඇති තමා ඔහොම කියන්න.. හි හි... කොහොමත් ඕක ඉස්සර හැම තිස්සෙම වගේ කියන කතාවක්.. මොකද මගේ පස්සෙන් කොල්ලෝ එනවා වැඩියි ඒ දවස්වල... හි හි...

      Delete
  22. බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් මම නම් දන්නේ නැහැ අප්පා..මෙයාල ඉතින් එකේක ඒවා කියලනේ..මට ලව් නම් අරහන් අක්කේ ..:/

    ReplyDelete
    Replies
    1. මටත්... ඒක නං අරහන් තමා.. ඒත් මොනා කරන්නද... හැම තැනම තියෙනවනේ... කතා කරන්න වෙනවා...

      Delete
  23. ඕවට මට අත්දැකීම් නැනේ .... :(
    මොනවා වුනත් දෙන්නම දෙන්නව මග හරින්නද කොහෙද .. :)

    http://theachcharuptuwa.blogspot.it/

    ReplyDelete
    Replies
    1. වැට උඩ ඉන්න කාළේ අත්දැකීම.. නරක නෑ නේ..... හි හි...

      Delete
  24. කෙල්ල ඔය කතාව කියන මූඩ් එක අනුව තමයි.. කොල්ලට නිකන් කතාවක් කියනවා වගේ කිව්වනම් කොල්ල දීපු උත්තරේ හොද නෑ. ඒත් කෙල්ල ඒක ගොඩක් හිතට අරන් කිව්වා නම් කොල්ලගේ උත්තරේ හරි. ඒත් එකපාරටම එහෙම අතඅරින එකත් හරි නෑ. කොල්ලට ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනෙ ඕන එකෙක් එක්ක තරග කරන්න. නැත්තං හරියට දාල යන්න හේතුවක් හොය හොය හිටිය වගේනෙ..

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ බන්ඩා ගානට ඇනලයිස් කරලා...

      ඇත්ත තමා... නිකං ගනන් උස්සන්න කියන කතාවකට මෙහෙම කිව්වොත් කොල්ලට බඩුම තමා... හි හි... ඔන්න අනිත් පෝස්ට් එකේ උත්තරේ තියෙනවා... ( මං හිතන්නේ.. හි හි)

      Delete
  25. එහෙම කියනවනම් ඉතින් කොල්ලා සිරා.. මටනම් ඔන්න බෑලු ඉතින්..

    ReplyDelete
    Replies
    1. හි හි.. දැං ඔයා සිරා ලවු කරන්න පටන් අරන්‌ නේ .. එතකොට මේවා කිව්වොත් මදාරා ඔයාගේ කන ගලවයි.. හි හි

      Delete