Saturday, October 27, 2012

සුදු රෝස වැල...


මිදුලේ තියෙන ලොකු සුදු රෝස මල් වැල මට සිහිවටනයක්...

රෝස වැල එතිලා තියෙන පතොක් ගහ අමිහිරිම මතකයක්...

අපි දෙන්නම එකතු වෙලා ඉන්දපු රෝස පැලේ...රෝස වැල වැඩුණේ මගේ ලේ වලින්....

ඒත් ඒ කටු පදුරක්.....

ඇයි... රෝස වැලෙත් කටු පිරිලා.... පතොක් ගහට විතරක් නොක්කාඩු ....

ඔව්... ඒත් රෝස වැල මට රිද්දන්නේ නෑ...

ඒත් අර පතොක් ගහ මට හැමදාම කටු වලින් ඇන්නා... මම හිතුවේ ඒ ආදරේට කියලා....

ඒත් දවසක්...

ඒ ආදරණිය රිදුම මහ වේදනාවක් උනා... අන්න එදා මට පතොක් ගහේ කටු වල සැර දැනුනා... ඒත් ඒ වෙනකොටත් මගේ පුංචි රෝස පැලේට ඒ කටු උරුම වෙලා ඉවරයි...

මම මගේ රෝස පැලේට එදා වගේම ආදරෙයි... මට එයා එදා වගේම ලස්සනයි... සුදු රෝස මල් එයාගේ ලස්සන හැමදාම මං ඉස්සරහා මවනවා...

මට පතොක් ගහ උගුල්ලා දාන්න බෑ... මගේ පුංචි රෝස පැලේට නැගිටින්න වාරු දුන්නේ එයා හින්දා...

අද...

රෝස වැල පතොක් ගහ පුරාම පැතිරිලා... පතොක් ගහක් පෙන්නත් නෑ... ඒත් මම දන්නවා එයා ඉන්නවා කියලා... ඉස්සර වගේ සරුසාරෙට නෙවෙයි... වැඩීම බාල වෙලා.. පුංචි වෙලා.. ගුලි වෙලා... මගේ රෝස වැල අස්සේ හැංගිලා...

ඔයා දන්නවද....?

දැං මට ඒ ගැන හිතෙනකොට හිනා යනවා...
---------------------------------------------

ප.ලි. කමෙන්ට් ටික දැක්කම තේරුනා කාටවත්ම කතාව තේරිලා නෑ කියලා...

තමන්ගේ ජීවිතයම පීඩාකාරී සැමියාගේ අණසකට යටත් වෙලා ජීවත් උනත්, දුවණිය එසේ නොවී, ධෛර්‌යයෙන් යුතුව ජීවිතය ජය ගන්න ඉදිරියට යනවා දකින කොට අම්මා කෙනෙකුට ඇතිවෙන හාස්‍යය මුසු සතුට ගැන හිතලා ලියවුණ ලියවිල්ලක් විතරයි...

මේක පටන්ගත්තේ දයානන්ද අයියගේ අස්වැන්න කියවගෙන යනකොට හිතට ආපු සිතුවිල්ලකින්... ඒත් අන්තිමට ලියවුණේ හාත්පසින් වෙනස් කතාවක්....

44 comments:

  1. නියම අදහසක්...

    ReplyDelete
  2. පව් පතොක් ගහ... මටනම් ඒ ගැන හිතෙනකොට ඇඩෙනවා! :P

    ReplyDelete
    Replies
    1. පවු තමයි... ඒත් ඒ එයා විහින් කරගත්ත දෙයක්...

      Delete
  3. අදහස ලස්සනයි අක්කියෝ. එත්....... @සිතමින්....... :( මම අරයාගෙන් අහලා බලන්නම් තෙරැම.... :|

    ReplyDelete
    Replies
    1. හා... අහලා බලන්නකෝ... හි හි

      Delete
  4. මම මේ දාන කමෙන්ට් එකක් හිතනවා.. කොච්චර රිද්දුවත් තාම පතොක් ගහට කැමති වෙගේ නේ??

    ReplyDelete
    Replies
    1. එක දවසක් හරි ආදරේ කරපු කෙනෙක්ට වෛර කරන්න බෑ නේද.....

      Delete
  5. බොහොම ලොකු යටි අදහසක් තියනවා කියලයි හිතෙන්නේ.....කොහොමත් ජිවිතේ ගෙවෙනකොට පතොක් කටු රෝස කටු ඈ කී නොකී දහසක් දේ හමු වෙනවා

    ReplyDelete
  6. වැඩේනම් මරු හිරුවෝ. ඒත් මොකක්දෝ හුරු ගතියක් දැනුනනේ. කවදම හරි දවසක මෙහෙම එකක් මම කියෙව්වා කොතනක හරි, එහෙම නැත්නම් මට කිව්වා කවුරු හරි. ඒත් ඒ හිරුවා වෙන්න විදිහක් නෑනේ බොලේ.
    අලේ මල්ලා හීතලට මගේ මොලේ මඤ්ඤං වෙලාද කියලා...!!

    කවදා කොතැනකදෝ...
    කෙලෙසකදෝ...
    අතීත ආත්මයක මා මෙය දු‍ටුවේ...

    පාං කෑවොත් ඔහොම්මමයි....!!

    ReplyDelete
    Replies
    1. හි හි.. නෑ නෑ.... මම මේක ලිව්වේ පෙරේදා රෑ....

      එකම අදහසකින් ලියවුන කවි, ගීත, කතා කොච්චර තියෙනවාද....

      දයානන්ද අයියගේ අස්වැන්න කියවගෙන යනකොට හිතට ආපු සිතුවිල්ලක්... ඒත් අන්තිමට ලියවුණේ හාත්පසින් වෙනස් කතාවක්....

      Delete
  7. අඩේ.....මාර සිතුවිල්ලක්නේ.....මං දෙතුන් පාරක් කියෙව්වා....ඒත් ටිකක් අපැහැදිලි තැන් තියනවා.....මගේ මීටරේ ටිකක් අවුල්නේ....කෝක වුනත් ලස්සන නිර්මාණයක් හිරු.... :)

    ReplyDelete
    Replies
    1. ඕන පැහැදිලි වෙන්න මම ප.ලි.යක් එකතු කළා... හි හි

      Delete
  8. ඔන්නඉතිං අද bio පාඩමක් පටන් අරගෙන වගේ!!!!!මොනවා උනත් ලස්සන අදහසක් ඈ! හැබැයි තේරුනේ අඩුවෙන්!

    ReplyDelete
    Replies
    1. හි හි... ඔන්න මං ප.ලි.යක් එකතු කළා....

      Delete
  9. යටි අරුත තේරුනේ නෑ!

    ReplyDelete
    Replies
    1. මට හිතුනා... ඒක නිසා ඔන්න කතාවට යටින් මගේ හිතේ තිබ්බ අදහස එකතු කළා....

      Delete
  10. Replies
    1. හි හි.. ඔන්න ප.ලි. යක් දැම්මා....

      Delete
  11. පස්ටයි ඇඃ!! :) හැබැයි සමහර තැන් තවම මීටර් නෑ.

    ReplyDelete
    Replies
    1. මදෑ කොලා..... ඔන්න එහෙනං ප.ලි. ය බලවත් මීටරේට දාගන්නකෝ....

      Delete
  12. මොනවා උනත් දුකේන් ලියපු බවක් මට පේනවා.පතොක් කටු උනත් රොස අත්තට වාරු දිපු නිසා උගුලන්න බැරිද?එතන නම් ලොකු අර්ථයක් ඇතෝ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔවු ගයනි... ලියන්න පටන් ගත්ත එක, ඒ වෙලාවේ හිතේ තිබ්බ ස්වාභාවය අනුව දුක් මුසු අදහසකින් ඉදිරිපත් උනේ.... ඒකයි මම ප. ලි . යේ කිව්වේ ලියන්න ආපු එක නෙවෙයි ලියවුනේ කියලා...

      Delete
  13. මොකද මේ හදිස්සියේම මලක් ගැන හිතුනේ අයියාවත් කිව්වද මලක් කඩමු කියලා?????

    ReplyDelete
    Replies
    1. මල් කැඩුවා බං ඉස්සර.. දැං මොන මල්ද.. හි හි...

      Delete
    2. හිකිස්....... වයසට ගියාම ඔහොම තමයි. :P

      Delete
  14. නියමයි... ඒත්...පතොක් ගහේ රිදුම හැමදාම උහුලගෙන ඉන්න උනොත්...ඒ වේදනාව මුළු ජීවිතයම වෙලා ගත්තොත්....අනේ මන්දා....

    ReplyDelete
    Replies
    1. ඒ තරමටම බය වෙන්න එපා. හොඳ නැති වුණොත් මෙතෙක් ආ විදයටම වුණත් ළිහිණි ට ඉන්න හැකිනේ.පොඩි අවදානමක් අරගන්න. විසඳුම් ඔබ සතුව ඇත.

      Delete
    2. ළිහිණියෝ...

      නලීන් අයියා කියපු කතාව හරි.... ඔන්න මම ප.ලි. යේ දැම්මා...

      කවදහරි ඉවර වෙනවා.. එදාට හිනාවෙන්න පුළුවන් වෙයි....

      Delete
  15. මොනා හරි වෙලා තියනවා වගේ පේනවා. රිදුමක්???

    ReplyDelete
  16. වැල් රෝස වැලක්ද කොහෙද... ඕනෑවට වඩා උසට යද්දි වැල්රෝස කපන්න ඕනෙ... එතකොට තමා මල් වැඩිපුර පිපෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ෂා... මේ ඉන්නේ.. මං නං ඉතිං මල් ගැන ඒ තරම් දන්නේ නෑ... ඒත් සුදු රෝස වැලක් අපේ ගෙදර තිබ්බා.. ඒක අකුලට වැවුනේ... කප්පාදු නොකළා උනත් හැමදාම මල් තිබ්බා....

      Delete
  17. ජීවිතයක් උනහම මල් පිනෙව වගේම කටු ඇනෙන්නත් ඕනේ.. කටු ඇනෙන්න ඇනෙන්න පිපින මල් ලස්සනට පේනවා..

    ReplyDelete
  18. මම නම් ඉතිං ඔන්න පරක්කුවෙල ඇවිත් ප.ලි.යත් බලලම කමෙන්ට් එක කොටන්න ආවා.

    රෝස කිව්වම නම් ඉතිං මට හැමදාම මතක් වෙන්නෙ ‘රෝස මලේ නටුවෙ කටූ‘ තමයි. :)

    ReplyDelete
    Replies
    1. හි හි... ඒක හැබැයි.....

      Delete
  19. ඇති යාන්තන් පලිය නිසා කතාව තේරුං ගත්තා.
    නැත්නං මෙලහට්ට ඔලුවෙන් කොම්බුත් පැනලා. කොම්බු පැන්නට ඔහේ එනවායෙ ඒවා බේරුං කොරලා දෙන්ඩ !

    ReplyDelete
    Replies
    1. ඕක හැමදාම පනින කොම්බුවනේ.... හි හි....

      Delete
  20. පලිය නිසා ගොඩ ගියා..

    ජය..

    ReplyDelete
  21. දැං වැඩක් නෑ. එහෙනං ඕං මං ගියා

    ReplyDelete