Thursday, October 25, 2012

මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා.......

ඔන්න උදේ උය උය ඉන්න අස්‌ෙස් මොකද්දෝ එකක ඇහුනා මරු නිවුස් එකක්..... හැබැයි එක්තරා විදියකින් අහන්න බලාපොරොත්තුව හිටිය එකක් තමා... ඊළඟට ඕක තමා ෂුවර් කියලා මම අපේ මහත්තයට කියලා තිබුණේ....

වෛද්‍යවරු 300% ක වැටුප් වැඩිකිරීමක් ඉල්ලනවාය කියලා....

හරි ඕකත් එක්ක මට එකපාරටම හිතේ මැවුනේ මොකද්ද දන්නවාද.....

ලංකාදීප පත්තරේ මංගල යෝජනා කෑල්ල.... හි හි...

පස්සේ මම කල්පනා කළේ ඇයි එහෙම උනේ කියලා... ඉතිං බත් ඔතන්න තියන් ඉන්න පත්තර කෑල්ලක් අරන් බැලුවා ....

හරි නේන්නං.... මේකේ වැඩිහරියක් මඟුල් වලට හොයන්නේ ටීචර්ලා, දොස්තරලා, කථිකාචාර්‌යලා, ආචාර්‌යලා, නර්ස්ලා.... එහෙම නැත්තම් පිටරට ඉන්න අය...

එතකොට මඟුල් හොයන්නෙත් ඒ වගේ කට්ටිය....

අඩි 5,සුදු, රෑමත්, කථිකාචාර්‌ය නැගෙණියට, විවාහයෙන් පසු පිටරට පදිංචියට යන 50ට අඩු වෛද්‍යවරයෙක් සොහොයුරා සොයයි.අවුරුදු 45යි ( වයස නොපෙනේ).

හි හි...

මං මේ හිනාවෙන්න දාපු එකක්... ඒත් ඉතිං මේවගේ ඒවනේ අප්පා වැඩිපුර තියෙන්නේ... ( මම පත්තරේ ඔය කෑල්ල බලන්නේ හිනාවෙන්න... මාර ආතල් හි හි)

මං ඉතිං කල්පනා කළේ... ඇයි අප්පා මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන මේ දොස්තරලට, ආචාර්‌යවර්න්ට මෙච්චර මේතරම් ඉල්ලුමක් තියෙන්‌ෙන් කියලා...

ඇයි වදේ... දොස්තරලයි ආචාර්‌යවරුනුයි මේ සොච්චම් පඩියකින් ජීවිතේ බොහොම අමාරුවෙන් ගැට ගහගෙන ජීවත් වෙන්නේ... අනේ අප්පා වඩු බාස් කෙනෙක්, මේසන් බාස් කෙනෙක්, ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්, එහෙම හොඳ නැත්ද මං අහන්නේ... මාසෙකට කරදරයක් නැතුව රැ 50000 ක් 65000 ක් විතර හොයනවා එහෙම කෙනෙක්...

දෙයියනේ කියලා උදේට ඩිමෝ බට්ටගේ බඩු ටික පටෝගෙන (සමහරැ ටොයොටා ඩබල් කැබ් එකේ..) ඇවිත් ජම්ප් සූට් එක දාගෙන, සේෆ්ටි කැප් එක, බූට් දෙක දාගෙන වැඩ කරලා, හවස 5 වෙනකොට වැඩ ටික ඉවර කරලා ආයිමත් අර වාහනේ ගෙදර යන එකනේ.. කොච්චර සැප පහසුද... අනිත් එක ගෑණුන්ටත් කරදරයක් නෑ... මිනිහා වෙලාවට ගෙදර එනවා.. කන්න බොන්න, අදින්න පළදින්න, යන වාහන, මොනවයින් අඩුවක්ද...... ළමයි යන්නේ ඉන්ටනැෂනල් ස්කූල්....

දැං බලන්න.. දොස්තරලට 300% වැඩි පඩියක් ඉල්ලන්නේ ඒ මිනිස්සු කොච්චර අමාරුවෙන් ජීවත් වෙනවා ඇද්ද... හපොයි.. හරියට කන්න අඳින්න වත් නැතුව ඇති... බස් එකේම රස්තියාදු වෙලා, මැරිලා මැරිලා ගෙදර එන්නේ.... ළමයින්ට අවුරුද්දට ඇඳුමක් වත් අරන් දෙන්න බැරුව ඇති... ඉස්කෝලෙ පහසුකම් ගාස්තු ටික ගෙවා ගන්න බැරුව කොච්චර දුක් විඳිනවද.... එහෙවු එකේ මේ එයාලම හොයන්නේ මොකෝ මන්දා....

පවු කියලා වෙන්නැති මයේ හිතේ....

Pic from www. clipartguide.com

86 comments:

  1. තොටියෝ, සිදුවෝ.. මෙන්න බොලාට බනිනවෝ......

    ReplyDelete
    Replies
    1. එකෙක්ගෙ වැරැද්දට පරම්පරාවම බැනුම් අහනවානේ බං....

      Delete
  2. නෑ වෛද්‍යවරුන්ට ප්‍රශ්ණයක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ට නම් නෑ. බොහොමයක් ඉස්පිරිතාලවල රස්සාව (තව දුරටත් සේවයක් නොවේ) කරන අය ජීවත් වෙන්නේ අමාරුවෙන්. ඒ අය පහල මධ්‍යම පන්තියේ පවුල්වල අය. එයාලත් ආසයි සුපිරි ධනපති පන්තිය වගේ ජීවත් වෙන්න. (මධ්‍යම පන්තියේ කොටස් කීපයක් තියෙනවා) ඉතින් ඒකයි මේ ඉල්ලීම. බජට් එකත් ළඟයිනේ. විස්ස විජ්ජාලේ කස්ටියටත් දෙන්නම් කියලා තියෙන එකේ පොඩි ට්‍රයි එකක් දාලා බලනවා. මේ ඉල්ලන අයටත් පිට රටවල යන්න බෑ. හේතුව ඒ වගේ පවුල් පසුබිමක් නෑ. සල්ලිත් නෑ.

    ReplyDelete
    Replies
    1. මාතලන්.. මම මේ ලිව්වේ ලේබල් ගැන... හි හි

      රටේ හැමෝම ජීවත් වෙන්නේ සුපිරියට නෙවෙයි... සුපිරි ටිකයි... මධ්‍යම ගොඩයි... දුප්පත් ගොඩාාාායි...

      ඒත් පෞද්ගලික අංශයේ ඔය මොකවත් නෑ නේද... දෙන්නේ කීයද... කටයි අනිත් ඒවයි වහගෙන වැඩ කරන්න වෙනවා...

      කොහොමත් මේක බලාපොරොත්තු වෙච්ච දෙයක්.... හි හි...

      Delete
  3. මුහුදෙන් එතෙර ඉඳලා, නොර‍ටුන්ට කඹුරලා, අපි එවන විදේශ විනිමය රට දුවාගන්න සෑහෙන තල්ලුවක් දෙන බව අපි දන්නවා. නමුත් අපිට කියලා මොනවද රටෙන් ලැබිලා තියෙන්නෙ? අතපය වලංගු නැති කාලෙක අපිට යන කල දසාව මොකක්ද? රටෙන් ඔබට නෙවෙයි පුතේ ඔබෙන් රටට මොනවද දුන්නේ කියලා අහපිය කියලයි කියන්නෙ. මම අහපු දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී ප්‍රශ්නෙට මොකක්ද උත්තරේ? අපිට අඩු ගාන පැංසොං එකක් වත් ගෙවන්න බැරිද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියට මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ...

      Delete
    2. අපි මෙහෙත් ටැක්ස් ගෙවලා ලංකාවට තුට්ටු දෙකක් එව්වම එතනත් කියක් කැපෙනවද . අපිනොදන්න අසරණ දොස්තරලා .

      Delete
    3. බින්දි කියපු කතාව නම් සහතික ඇත්ත... ඒ අතින් බැලුවාම රට ඉන්න මිනිස්සු මෙයාලට වඩා සිය දහස් ගුණයක් හොඳයි....

      Delete
  4. මෙව්වා ඊරිසියාවට කියන කතා... ඔයාට දොස්තර කෙනෙක් වෙන්න බැරි වුනාට අනිත් අය පලි නෑ...

    ඔන්න ඔය වගේ කතා අහන්න වෙයි හිරුවො... අන්න එහෙම අයට, කූඩැල්ලෙක් නොවීම ගැන සතුටු වෙනව කියල කියපන්..

    ReplyDelete
    Replies
    1. කිසි දවසක දොස්තර කෙනෙක් නොවේමැයි කියලා හිතා ගත්තේ මොන්ටිසෝරි යන කාලෙදි... හි හි....

      ඔය හේතුව හින්දාම තමයි....

      Delete
  5. හිරුවටත් ඔලුවට එන දේවල්..කොහොමත් මේ හොඳ සංවාදයකට පසුබිමක්. මේ කතාවට එකඟයි කියන්නත් බෑ එකඟ නැ කියන්නත් බැ.කොහොම වුණත් මේ අය අද ලංකාවේ සුපිරි පන්තියක්.ඒ රස්සාව නිසා ඒත් බොහොම පහළ තැනින් පටන් ගත් අය.


    ඊළග ප්‍රශ්නේ හිරුව ඇයි මංගල දැන්වීම් බලන්න මෙචිචර ආස කියන එකයි. අපේ මහත්තයෝ පරිස්සමින් කෙල්ල ගෙට කරලා තියාගනිං.නැත්තං කොට උඩ..(විහිලුවක් පමණයි)

    ReplyDelete
    Replies
    1. නෑ නලීන් අයියේ.. මේ තාම තියෙන්නේ වැඩවසම් මානසිකත්වය.... දොස්තරලා, නීතිඥයෝ, ඉංජිනේරුවෝ, ආචාර්‌ය කථිකාචාර්‌යවරු විතරයි ලංකාවේ රස්සාවල් කරන්නේ.... (ගෑණුන්ට ටීචිං, නර්සිං..... )

      අනිත් උන් කරුම ගෙවනවා... අඩුගානේ කසාදයක් වත් කරගන්න ගියාම උන්ව පාතට දාන සාමාජයක් මේක... එහෙව් එකේ මම මේක බලාපොරොත්තු උනා කිව්වේ ඒකයි....

      මංගල දැන්වීම් තමයි පත්තරේ ජොලිම කෑල්ල.. ඒක නොකියව හරියනවද.... හි හි...

      Delete
    2. අපිට නඩත්තු කරන්න පුළුවන් කියල හිතෙනවා නම් අපි ගෙදරට වෙලා ඉන්න දුප්පත් කෙල්ලෙක් බඳින්න කැමති වෙනවා, එත් කවුරුවත් රැකියාවක් කරන ගාර්මට් කෙල්ලෙක් බඳින්න කැමති වෙන්නේ නෑ. හේතුව ඔවුන් නොයෙක් අපචාර වලට යොදා ගන්න නිසා. තාම කව්රුවත් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කියන ජොබ් කරන අය ඉල්ලනවා මං දැකල නෑ. එකත් හොඳට ආදායම් තියෙන රස්සාවක්. මට හිතෙන්නේ මේ ඉල්ලන්නේ ආණ්ඩුවේ පෙන්ෂන් තියෙන අයව කියල.

      Delete
    3. ගාමන්ට් වල තිටෙයන ජොබ් ගැන දන්නෙ ඒවයේ වැඩ කරන අය විතරයි සුදීක..

      අපේ මහත්තයගේ ජොබ් එකේ හැටියට එයාලා වැඩිපුරම වැඩ කරන්නේ ගාමන්ට්ස් වල... එයා කියන්නේ ජුකී මැෂින් වල වැඩකරන අයට අමතරව, කොලිටි කන්ට්‍රොලර්ලා, සුපවයිසර්ලා, ෆැබ්රික් ඩිසයිනර්ස්ලා, ලැබ් මැෂින් ඔපරේටර්ලා වගේ හෙන ජොබ් සෙට් එකක් ඒක ඇතුලේ තියෙනවලු... ඕවායේ වැඩි හරියක් වැඩ කරන්නේ ගෑණු ළමයි... ගොඩක් ගාමන්ට්වල දැං හොඳට ෆැසිලිටීස් තියෙනවා... ලන්ච්, ට්‍රැවලින්, වගේම මැටනිටි ලීව් උනත් ගානට දෙන තැන් ඒවා....

      ඒත් අදටත් මේ සමාජයේ කෙල්ලෙක් ගාමන්ට් එකක වැඩ කරනවා කිව්වම උගත්, වැදගත් කියාගන්නා ගොන් රැලක් නහය උඩට හරෝලා බලන්නේ.... හරියට උන් ගාව අමුතු ගඳක් තියෙනවා වගේ...

      මගේ අත්දෑකීමක් මේ කියන්නේ... මගේ පොඩි මස්සිනා දැං අවුරුදු ගානක් තිස්සේ ජපානේ ඉන්නේ.. මිනිහට ලංකාවට ඇවිත් කරන්න වැඩක් නෑ... මේ ළඟදි ලංකාවට ආපු වෙලාවේ මිනිහා ආපහු යන්නේ නෑ කිව්වම මම ඇහුවා ඔයාට මොන වගේ ජොබ් එක්ක කරන්නද ආස කියලා... ඒ පාර මිනිහා කිව්වා ප්‍රින්ටින් ප්‍රෙස් එකක් පටන් ගන්න ආසයි කියලා.. මොකද මිනිහා එහේ ප්‍රෙස් එකක වැඩ කරලා තියෙනවා... මං කිව්වා අන්න මරු වැඩක්.. මටත් දෙන්න පුළුවන් හෙල්ප් එකක් දෙන්නම් කියලා...

      මෙන්න එයාගේ නීතීඥ අක්කා කියනවා “ ප්‍රෙස් දාලා වැඩක් නෑ.. තව අවුරුදු 10ක් යනකොට ප්‍රීන්ටින් නවතිනවා මේ යන විදියට... ඔයා මැනේජ්මන්ට් කෝස් එකක් කරන්න...” කියලා... මාත් කරන්නේ ප්‍රින්ටින් නේ.. ඕවා ඇතිවෙනවාද නැති වෙනවද කියලා ෆිල්ඩ් එකේ ඉන්න මම දන්නවා... ඒත් ඔය ලොකු කම් අල්ලන්නේ නැති නිසා මම කට වහගත්තා .... ඇත්තටම එයාලට ඒ වගේ වැඩක් කරන එක පහත් වගේ පේන්නේ..

      කොහොමත් එයාලා මාව උනත් වැඩිය ගන්න ගන්නේ නෑ.... මම කැම්පස් ගියේ නෑ නේ.... මට ඉංග්‍රීසි බෑ.... මට උගත් කමක් නෑ.. එයාලා දන්න ‌දේවල් මම දන්නේ නෑ.... ඔන්න ඔහොමයි හිතං ඉන්නේ.. හි හි.... මාත් ඒ පාට් එකටම ඉන්නවා...

      මාස දෙකක් විතර කැරකි කැරකි ඉඳලා අන්තිමට කොල්ලා ආයිත් රට ගියා....

      Delete
  6. අට පාස් නැති ගොං ඇමති වරුන්ට ලක්සයක් පඩි ලැබෙන එකේ මෙහෙම උගත් කෙනෙක් පඩි වැඩිවීමක් ඉල්ලන එකෙත් අසාධාරණයක් නෑ කියලා තමා මට හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇමතිලා කියන්නේ ‌හොරු කියලා හැමෝම දන්නවනේ මධූ.. දැං දැං දොස්තරලත් කූඩැල්ලෝ වෙලා....

      Delete
  7. පවු යකෝ අසරණ දොස්තර මාමි ලා!

    ReplyDelete
    Replies
    1. ඔවු බං... අසරණ උන් පවු...

      Delete
  8. මොන රස්සාව කලත් කමක් නෑ. උයන්ට පුලුවනි නම් එච්චරයි. :)

    ReplyDelete
    Replies
    1. හිහ්...හිහ්... හිහ්...

      Delete
    2. උයන එක මහ කජ්ජක්ද පොඩ්ඩි.. මේ මම උයන්නේ අගේට.... හි හි...

      උයන්න පුළුවන් පිරිමි හොඳයි... ඒත් ඒක එච්චරම අවුලක් ඇත්තෙත් නෑ... හි හි

      Delete
    3. උයපුවා කන්නත් පුළුවන් වෙන්න එපායෑ.

      Delete
  9. දොස්තර කියන තනතුරට අපේ සමාජයේ තියෙන මහා පිළිගැනීම හා වැටුප් පරතරය නිසා තමයි ඒ අය ගනන් උස්සන්නෙ... දියුණු රටවල නම් එහෙම දෙයක් දකින්න නෑ... විශාල වැටුප් පරතර නැති නිසා... විද්‍යාජෝති කොල්වින් ගුණරත්න මහා වෛද්‍ය තුමා වරක් කිව්වෙ මේ වර්ජනය කරන අපෙන් ඉගෙන ගත්ත දොස්තර ගෝලයෝ ගැන දුකයි.. අපි පදුරක් පදුරක් ගානෙ දොස්තරලා හැදුවා නම් මෙහෙම වෙන්නෙ නෑ කියලා...ඒ කථාව කිව්වා කියලා දොස්තරලා එතුමා එක්ක විරසක වුනා...

    විශ්වාස කරන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානෙ Allion කාර් රථයෙන් සේවයට එන නාට්ටාමිලත් ඉන්නවා කියලා.. සෑම කෙනෙකුගේම සේවය ගෞරවනීයයි.. වැසිකිළි හෝදන අයෙකුගේ පවා... නමුත් අපේ දොස්තරලා ටිකක් හිතට අරන් වැඩියි... සුළුතරයක් ගැන මම මේ කිව්වෙ.... උන් ලෙඩ්ඩු හරි බිල්ලට දීලා වැටුප් වැඩි කරගන්න බලන්නෙ...

    මෙවර වැටුප් ප්‍ර‍ශ්නය වර්ජනයක් දක්වා ගමන් නොකරත්වා කියා ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. සිරා මං කියපු දේ අල්ලගෙන...

      ඔය දොස්තරලා හිතට අරං ඉන්නේ උන්ගේ වැරැද්දක් හින්දා නෙවෙයි සිරා... අපේ මිනිස්සුන්ගේ වැරැද්දේන්.... දොස්තර කියන්නෙත් රස්සාවක් විතරයි දැං කියන එක තේරුම් අරං නැතුව තාමත් මුන්ට වඳිනවා... ඒකට නං කමක් නෑ කියමුකෝ.. මේ උඩින් තියාගෙන ඉන්න රස්සා ටික බිමට බස්සනකම් මේ රට නං හදන්න බෑ...

      එක්කෝ අනිත් උන් ටිකත් උස්සන්න ඕනේ.. නැත්තම් මුන්ව බිමට බාන්න ඕනේ....

      Delete
    2. @සිරා.. සිරාගේ සිරාම කතාව. මමත් අදහන සත්‍යයක් තමයි ඒ. අපේ දියුණුව නැත්තෙත් ඒක හින්දනේ. යුරෝපීය, ඇමරිකානු සංස්කෘතීන් දියුණු වෙන්නේ නියම පරම ප්‍රජාතන්ත්‍රවාදය නිසා මිසක් මේ අපිට තියෙන් කතිර ගහන්ට විතරක් දීල තියෙන ප්‍රජාතන්ත්‍රවාදය නිසා නෙමෙයි. මම එකගයි.

      Delete
    3. ඈ බොල... එතකොට මං කියපු කතාව.....???

      උඹ මේ අහක හිටපු මාවත් කුමණ්ත්‍රනේකට අහු කලා නේ... හි හි

      Delete
  10. මම මේ පැත්තට ආවමයි..
    කොහොම උනත් තැලෙන්නේ නැති බැරි මනුස්සයම තමයි..
    ඉක්මනට විසදුනොත් නම් හොදයි..


    ජය..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා...

      හැමදාම තැලුනේ අසරණ මිනිස්සු තමයි බණ්ඩෝ... ඔය මොකවත් නැති පෞද්ගලික අංශයේ අය කරබාගෙන වැඩ කරන්නේ තියෙනවට නෙවෙයිනේ.... ජීවත් වෙන්න ඕනේ නිසා.. වර්ජන කළොත් හාමතේ තමයි... එහෙම අවශ්‍යතාවයක් නැති අයට ඕනේ තරම් කල් වර්ජන කරතෑකි.. විශ්ව විද්‍යාල ආචාර්‌යවර්න්ට වගේ... දොස්තරලට වගේ...

      Delete
  11. අනේ ඇත්තට මොකද මේ කරන්නේ. හැමෝම ඉල්ලුවට අපිට හැකිය ඒගොල්ලන්ට හයිරං කොරාන්ට. අයියෝ අපිට පවු

    ReplyDelete
    Replies
    1. අපි පවු තමා බං හැමදාම.. අපි පවු....

      Delete
  12. Replies
    1. මොනාද අනේ හිතන්නේ... හි හි

      Delete
  13. හි හි..මංගල යෝජනා නම් හිනා කාල මැරෙනවා සමහර ඒවා..දොස්තරලාට නම් මොකුත් නොකියමි :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මාත් හරි ආසයි මංගල යෝජනා කියවන්න...

      Delete
  14. සෑහෙන්න හිතන්න ඕනි ප්‍රශ්ණයක්...
    මංගල තීරු කතාව නම් සහතික ඇත්ත...ඒවා කියෙව්වම බඩ අල්ලන් හිනා වෙතහැකි....හී හී.....

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ මගේ ජාතියේ තව කට්ටිය ඕනේ තරම්.. හි හි...

      Delete
  15. කිසිත් නොකියමි. කිව්වොත් එහෙම කාට හරි කඩේ ගියා කියල අහගන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. අපි ජීවිතේම කරන්නේ කාට හරි කඩේ යන එක.. එහෙව් එකේ මේ බ්ලොග් එකක කාටවත් කඩේ ගියාට නං පාඩුවක් නෑනේ.. එන්නොහෙ කියලා දාන්න මධුරංග... හි හි

      Delete
  16. එක අතකින් පව් හිරුවෝ අසරනයෝ..! රටේම ඉන්න අම්බරුවෝ ටික රටම උලා කන අතරේ මුනුත් ඒකම කරහම මොකෑ කියලා හිතෙන්නැති හික්. ඕකලගේ සේවය නොමිලේ දෙන ගානට තමයි කතාව ආන්ඩුවේ ඉස්පිරිතාලෙකට ගියහම නම්. හිතට එන ආවේගේ වචන වලට හැරෙව්වොත් කැත වෙන්නේ උඹේ පෝස්‍ටුව නිසා මම මොකුත් නොකියා ඉන්නම් නංගියේ. ඒ උනාට මුං තමන්ගේ දේපල වගේ මේ භුක්ති විඳින්නේ අපේ සල්ලි කියලා හිතෙනනකොට තමයි කැලෑ නීතිය තිබුන නම් හොඳා කියලා හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මට දොස්තරලත් එක්ක තරහක් නෑ සරා අයියේ..

      මට තරහා දොස්තරලා දොයියෝ කියලා හිතාගෙන වඳින අපේ සමහර මිනිස්සුත් එක්ක... දොස්තර කෙනෙකුට දුවව දෙන්න දහ අතේ දහං ගැට දාන අම්මලා එක්ක.. දොසතර පුතා ලෝකේ ලොක්කා කියලා උඩ යන අම්මලා තාත්තලා එක්ක.... මේ චූට් පොඩි එවුන් දොස්තරලා කරන්න උදේ හවස උන්ට වද දෙන දෙමවුපියෝ එක්ක....

      Delete
  17. අනේ පව් අහිංසක ඩොකාල. හැබැයි මහජන මුදල් වලින් ඉගනගෙන මහජනයාම අපහසු තාවයකට ලක් කරනවා කියන්නේ සහගහන වැඩ.

    ReplyDelete
    Replies
    1. පවු තමා බං... ජීවි‌ෙත්ම එකම අරමුණක් පස්සේ දුවලා දුවලා හති වැටෙනකම් දුවලා, දොස්තරකම අරගත්තට පස්සේ ඒක විකුණගෙන ක්නන පුළුවන් හැම වෙලාවෙම විකුණුනවට අමතරව, ඒක උගස් කියලා යුද්ධ කරන්නත් වෙනවා..

      පවු බං...

      Delete
    2. අනිවා අක්කණ්ඩි. ඒ අතින් මම ආඩම්බර වෙනවා මම ඉන්ජෙක් උන එක. අපේ නෑනේ ඔය බොරු වැඩ. අපි වර්ජනේ කලොත් වෙන්නේ අකුලාගෙන ගෙදර යන්න අනේ අහිංසක ඉන්ජෝ නේද අක්කේ......:P

      Delete
    3. හි හි... ඔක්කොම එකයි රජයේ නම්...

      කවුරැඋනත් තමන්ගේ ඉල්ලීම් ලබා ගන්න පළවෙනි ක්‍රමය විදියට වර්ජනය තෝරා ගැනීම අසාධාරණයි... මුලින් ඉල්ලීම් කරලා, සාමකාමීව අවශ්‍යතාවය ඉටු කරගන්න උත්සාහ කරලා බැරි උනාම වර්ජනයට යන එක අවුලක් නෑ...

      ඒත් දැං..... අපි ඉල්ලන්නේ මේවා.. මේවා දීපියවු.. දෙනකම් වර්ජනය කරනවා.. ඔන්න ඔහොමනේ...

      Delete
  18. :) හිරු අක්කේ බොලාට ලෙඩකට ඉස්පිරිතාලේ නම් යන්න හම්බ වෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ගියත් අපිට නිකම් බේත් හම්බුවෙන්නේ නෑ නේ මලයා..

      මම මේ ළඟදි අර දතේ කේස් එකට මහරගම ඩෙන්ට්ල් එකට ගියා.. දත් ටික සුද්ධ කරගෙන එන්න කියලා එක දවසක් කිව්වා.. ඒකේ කරන්න බෑලු සෙනඟ වැඩියිලු... ඊළඟ දවසේ ගියාම කියනවා මගේ වැඩේ කරන්න එයාලට බෑලු.. ඉන්නේ එක දොස්තරයි ලු.... හැබැයි පොතේ හැටියට ඒකේ තියටර් 3ක් තියෙනවා.. ප්‍රයිවට් රකගන්න කිව්වේ.. දතකට 10000ක් වියදම් කරන්න අපිට කොහෙද සල්ලි.. මම ඔන්නොහේ අතෑරලා දැම්මා...

      Delete
  19. හිරු කියන දේ ඇත්ත, ඒත් මේ ප්‍රශ්ණය ටිකක් සංකීර්ණයි. මෙකන තියෙන්නෙ වැටුප් ප්‍රශ්නෙකට වඩා ආකල්පමය ගැටළුවක්. ඩොකාලා හිතනවා ඒ අය සමාජයේ අන් අයට වඩා සුවිශේෂ පිරිසක් කියලා; ගාම්භීර පිරිසක් කියලා. ඔය ඉල්ලන්නෙ ඒ ගාම්භීරත්වයේ මිල.

    මේ තත්ත්වය යහපත් මට්ටමකට ගේන්න ඕන නම් පොදු ජනතාව වෛද්‍ය විද්‍යාව ගැන සාමාන්‍ය දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා හරිම තැනින් අල්ලලා... මමත් කිව්වේ මේක හරියන්න ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ කියලා.... මේ සමාජයේ ඉන්න හැම රෑකියාවකටම ( නීති විරෝධී රැකියා වලට නෙවෙයි) එක හා සමාන පිළිගැනීමක් දෙන්න ඕනේ... පිටරට ගිහින් වැසිකිලි හෝදලා මෙහේ ඇවිත් සුද්දො වගේ ජීවත් වෙන අය තමන්ගේ දරුවට හොයන්නේ දොස්තර කෙනෙක්... ඒ උනාට අපේ මිනිස්සු තාම ඉන්නේ සුද්දන්ගේ කාලයේ මානසිකත්වයේ... ඒකයි මේ අවුල....

      Delete
  20. හිරු මටනම් හිතෙන්නේ අපේ ඇත්තෝ තාමත් පටු ආකල්ප වල රැදි ඇති බවයි.රටේ සමහරක් දේශපාලක නායකන්ගේ වැඩ නිසා තමයි ඔය විදියේ ආකල්ප ගොඩනැගේන්නේ.ඒත් ඉතිං පහත් තැනින් වතුර ගලා බසිනවා වගේ රජයේ රෝහල් වලින ප්‍රථිකාර ගන්න අහිංසක ජනතාව තමයි දුක් විඳින්නේ.සමහරක් වෛද්‍යවරු වරු උදේ සහ සවස තම පෞද්ගලික ඩිස්පෙන්සරි මඟින් විශාල මුදලක් උපයනවා.කමක් එතුමන්ලගේ හැකියාව මත ඒ අවස්ථාව. අපේ කිසි කහටක් නැ.එත් ඉතිං අපට වඩා බුද්ධිමතුන් ඕයිට වඩා ඒ අහිංසක මිනිසුන්ට විකල්පයක් දිලා ඕන කරන දේයක් කරන්න.ඒ මිනිසුන්ව ඇමට ගන්න හොඳ නැ.මොකද මේ රටේ ඕන තරම් උදාහර තියෙනවා ඉල්ලිම් ඉල්ලා වර්ජන කිරිමෙන් මිනිස් ජිවිත අහිමි විම්.වෛද්‍යවරයෙකුට ඔහු තවත් එක් ලෙඩෙකු පමණයි,එහෙත් ඔහුගේ ඥාතියාට ඔහු මුළු ජිවිතයම වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ගයනි..

      වෛද්‍ය වෘත්තිය කියන්නේ අත්‍යවශ්‍ය සේවයක්....

      ඒ වගේම අපේ තාත්තා වැඩ කරපු වරායත් අත්‍යවශ්‍ය සේවයක්... කිසි දවසක ඔය බෝම්බ පිපුරැනාය කියලවත්, වර්ජන කරන්නවත් අවස්ථාවක් නොලැබ කිසි කන්කෙඳිරියක් නොනඟා වැඩ කරපු කට්ටියක් අපේ තාත්තලත්.... අපේ තාත්තලා වර්ජනයක් කළා නම් නැති වෙන්නේ ආර්ථික ලාභයක්.. වෛද්‍යවරැ වර්ජනය කළොන් නැති වෙන්නේ ජීවිතයක්... එහෙම බැලුව නං අපේ තාත්තලගේ සේවයට වඩා වෛද්‍ය සේවය මානුෂික විය යුතුයි. ඒත් අපේ තාත්තලා කවදාවත් වර්ජන කළේ නෑ... දොස්තරලා...... කී පාරක් නම් වර්ජන කළාද....?

      ඔවුන් ලබා දෙන දිවුරුම අමු අමුවේ කඩ කිරීමක් වර්ජන කිරීම.... ඒත් ඉතිං මුදලට ඔය කෝකත් යටයි නේ...

      Delete
  21. සුමිත් අයියා කියපු දේට සම්පූර්ණයෙන් එකගයි. ඔය එන්නේ තත්වෙ පෙන්නන්න. මතකනේ ඡන්දේ දවස්වල බීල හිටපු එක ඩොක්ටර් කෙනෙකුට අනුරාධපුරෙදි ගැහුවා කියල දේශපාලනයත් ගාව ගෙන දාපු සත්තම.

    හැබැයි එකක් කියන්නේ ඕන. මගේ බුකියෙ ඉන්න ඩොක්ටර්ලා හත් දෙනෙක්ම කිව්වා, ඒ අය මේ වැඩේ පිළිකුලෙන් බැහැර කරනවා කියල. හැබැයි ඒ අය තාම පළමු පත්වීමේ ඉන්න අලුත් දොස්තර මහත්වරු, තාම හඩට බලයක් නෑ.

    ඔහොම බැලුවොත් ඔයිටත් වඩා පිඩනයක් ඇති කරන්න පුළුවන්, නගර සභාවේ කුණු අදින අයට. ඒ ගොල්ලො වැඩ නැවැත්තුවොත් ඒ වැඩේ කරන්න වෙන කාටවත් ලේසි නෑ.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ ඒ මිනිස්සු එහෙම කරන්නේ නෑ පේට්‍රියට්.. එයාලා දන්නේ නෑ ඒ විදියට ඩිමාන්ඩ් කරන්න.. එයාලා දන්නේ නෑ මේ සමාජයට එයාලා කොච්චර අවශ්‍යද කියලා... දැනගත්තත් ඒ මිනිස්සුන්‌ෙග් මනුස්සකම් වැඩියි.... ඒකයි මෙ‌තන තියෙන අනිත් ප්‍රශ්නේ....

      මේ සමාජයේ තියෙන රැකියාවල උස්පහත්කම් තමයි මේකට ප්‍රධාන හේතුව.. දොස්තර කමත්, කථිකාචාර්‌යකමත් සමාජයේ එක ජොබ් එකක් විතරක් විදියට සලකන මට්ටමට ආපු දවසට මෙයාලගේ මේ සද්ද බද්ද නතර වෙලා ඉඳියි....

      ඔය මොන තරම් අමාරුකම් මැද උනත් පෞද්ගලික අංශයේ සේවක‌යෝ වැඩ කරන්නේ.. අන්න ඒ වගේ...

      Delete
    2. මාවයි තිසරවයි කුමන්ත්‍රණකාරයෝ කළා නේ.... හි හි..

      දේශකයා

      Delete
    3. අඩේ කුමන්ත්‍රණ වලට මාවත් සම්බන්ධ කරන නේ මේ පැට්රියට් මලයා. ඕකගේ බස් කප් එක ගලවන්ට හිතෙනවා දැං...

      Delete
  22. ඒකනම් ඇත්ත හිරු අක්කියෝ.....පවු අනේ ඩොක්ටර්ස්ලා නම්....ඔය ඉල්ලන පඩිය දීලා දාන්න බැරිද මං අහන්නේ ඔය මහින්ද මාමාගෙන්..........

    ReplyDelete
    Replies
    1. එක අතකට වර්ජන කරලා නිකම් මේ අහක ඉන්න අපිත් ලේ ටික පුච්චගන්නවට වඩා හොඳයි ඉල්ලන දෙයක් දීලා දාලා කටවල් වහන එක... නේද....

      Delete
  23. මහත්තයෝ ! මෙන්න නෝනා ඔයාට වැඩිය හොඳ කෙනෙක් බැඳගන්න තිබුනද කියලා හොයනාවෝ !! හිරු බොරු කියයි...

    ReplyDelete
    Replies
    1. මම ඒ කාලේ ඉඳලම හෙව්වා සරත් අයියේ මීට වඩා හොඳ කෙනෙක්... හම්බුනේ නෑ නේ... අතාරින්‌ෙන් නෑ ඒත් වැඩේ.. හි හි

      Delete
  24. අර ලේක්චරර්ස්ලා 6% කියල පඩි වැඩි කර ගන්න හදනකොට අපේ ඔෆිස් එකේ අය අතර වාදයක් ඇති වුනා. මම කිව්වා මේගොල්ලෝ ඉවර වෙනකොට දොස්තරලා පටන් ගනියි, ඒ වගේම කැම්පස් වල අනධ්‍යන කාර්ය මණ්ඩල පටන් ගනියි කියල. මේක ව්‍යාපාරයක් බවට පත් වෙලා ඊළඟට නර්ස් නෝනලා, ඇපොතිකාරී වෛද්‍ය වරු, සුළු සේවකයෝ. අර්ගොල්ලන්ට දුන්න නම් අපිටත් ඕනෑ කියන තැන ඉන්නේ. ලංකාවේ තියෙන ලොකුම ආකල්පමය ගැටලුව තියෙන්නේ ඔන්න ඔතන. අනිත් මිනිස්සුන්ට දුන්න නම් අපිටත් ඕනෑ කියන තැන. දොස්තරලට පඩි වැඩි කරහම බදු ගණන් යනවද ? නෑ අර තියෙන කුහක කම. ඒක වගේම අර ව්‍යපාරය. මුලින්ම දොස්තරලා පස්සේ නර්ස්ලා ඊළඟට අනිත් කට්ටිය. මේ මිනිස්සුන්ට සදාචාරාත්මක අයිතියක් තියෙනවද එයාලගේ ජීවන තත්වය පවත්වාගෙන යන්න රෝගියාගේ ජීවිත බිල්ලට තියන්න ? ඔයාලා හිතයි මම මාතෘකාවෙන් පිට කතා කරනවා කියල. ඇත්ත මේ මගුල් වලට දොස්තර, නීතිඥ ඉංජිනේරු හොයන තාක් කල් මේවා හදන්න බෑ. හිරු පෙන්වා දෙනවා වගේ මේ දෙක අතර ලොකු සම්බන්ධයක් තියෙනවා.

    පොස්ට් එකත් ෂෝක්, කමෙන්ට් ටිකත් ෂෝක්.

    ReplyDelete
    Replies
    1. ////ඇත්ත මේ මගුල් වලට දොස්තර, නීතිඥ ඉංජිනේරු හොයන තාක් කල් මේවා හදන්න බෑ.///

      කාටවත් මේක පේන්නේ නැත්තේ ඇයි කියන එක ඔයා නලීන් අයියගේ කමෙන්ට් එකට දාපු කමෙන්ට් එකට මම දීපු උත්තරේක තියෙනවා සුදීක...

      Delete
  25. අපේ රටේ රස්සාවල් අතර තියන මේ පරතරය නම් අඩු කරන්නම ඕනේ... යම්කිසි සිවිල් බලයක් සහිත තනතුරක් දැරීම කියන එක වන්දනාමාන කරන යුගයක තාම අපි ඉන්නේ... තනතුර දරන කෙනා එයගේ වගකීම ඉෂ්ඨ කරනවා වෙනුවට, අපි කියන්නේ 'අර මහත්තයා ලවා කරව ගත්තා" වගේ කතා.. ඒ කියන්නේ වැඩේ කරගැනීම කියන්නේ තනතුරේ වගකීමක් නෙවෙයි අපේ වගකීමක් කියලා හිතන්න අපි පුරුදු වෙලා තියෙන්නේ.

    දොස්තරකම කියන්නේ රටක ඉහලම රස්සාවල් අතරට වැටෙන්න ඕනේ රස්සාවක්. නමුත් ඒ සිවිල් බලය අයුතු ලෙස ප්‍රයෝජනයට අරන් වැඩවර්ජනය කරන ට්‍රෙන්ඩ් එකක් ලංකාවේ දොස්තරලගේ තියනවා. හිරු කියනව වගේ මංගල දැන්වීම් තීරය තමයි ඕකට හේතුව... :D

    ReplyDelete
    Replies
    1. ///හිරු කියනව වගේ මංගල දැන්වීම් තීරය තමයි ඕකට හේතුව... :D///

      හි හි.. වෙන මොකද්ද ඉතිං....

      මේ අන්න අපි දෙන්නව කුමන්ත්‍රණකාරයෝ කරලා ප්‍රේටියට්....

      දේශකයා

      Delete
    2. හරේ කුමන්ත්‍රණකාරයෝ තිදෙනාම එක තැන.. පැට්රියට් මලය.. ගනු පුවරුව එනු සටනට.. මේ ක..ප.. තියෙනතුරු නොපරදින්නෙමි...

      Delete
    3. පැරදිලා ඉවරයි... මම අර රසකතා ටිකත් කියෝලා ආවේ... හි හි

      Delete
    4. ඔන්න තව රසකතාවක් දැම්මා

      Delete
    5. ඈ බං... කමෙන්ට් කරන්න වත්ත වටේ යන්න එපැයි.. මොකෝ මේ....

      Delete
  26. අපේ රටේ තියන මානසිකත්වයේ අවුල තමා ඔය. රස්සාව කොයිකත් එකයි. අන්තිමට ඔය වැඩි කරන හැම සතේම බර අදින්න වෙන්නේත් රටේ ආර්ථිකයට දායකත්වයක් සපයන අයටම තමයි.

    ReplyDelete
    Replies
    1. හි හි.. චන්දන ෂේප් න්‍යායෙන්ම ෂේප් වෙලා....

      Delete
  27. දොස්තරලාට එක එක ඒවා කියනවාට සෑමාගේ විරෝධය !

    ReplyDelete
    Replies
    1. “ එක” ” එක ” ඒවා නෙවෙයි බං.... එකයි එකයි... හි හි

      Delete
    2. හෑ බොලේ සැමා (කොන්)දොස්තර කෙනෙක්ද ?

      Delete
    3. ඒක තමා මාත් මේ බලුවේ..... හි හි

      Delete
  28. හ්ම්.. අදමයි මේ පැත්තේ ආවේ... කියවපු මුල්ම පෝස්ට් එකෙන්ම මාව කැරකිලා ගියා වගේ හිරු අක්කේ..අනේ මංදා මොනවා උනත් දොස්තර මාමාලා පව්නේ..

    අර කිව්ව මංගල යෝජනා පිටුව නම් මරු.. මමත් ඉඳලා හිටලා ඕකේ ඉන්න එකියක්ව සෙට් කරන්න ගොහින් අපේ අයියණ්ඩියගෙන් ගුටිත් කාලා තියෙනවා..

    එළ එළ ආයේ එන්නම්කෝ මේ පැත්තේ..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා...

      මං කියන්නද... එහෙනං පරණ පෝස්ට් ටිකක් කියවන්න... මෙයාව කැරකිලා ගියා කියලා මට නඩුවක් එහෙම වැටුනොත්... හි හි)

      මාත් ඔය වගේ වැඩ කරනවා.. හැබැයි මම සෙට් කරන්නේ අපේ මහත්තයට... හි හි

      Delete
  29. මාත් අදමයි ආවේ. පෝස්ට් එක දෙපාරක් කියෙව්වත් දාන්න කොමෙන්ට් එකක් හිතාගන්න බැරි උනා! :-)
    ඊළඟ එකටම දාන්නම්කො!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා...

      කමක් නෑ.. මටත් කියෙව්වට කමෙන්ට් එකක් දාගන්න බැරි වෙන පෝස්ට් ඕනේ තරම් තියෙනවා... හි හි

      Delete
  30. හොද වෙලාවට මම ලංකාවේ දොස්තර උනේ නැත්තේ.. නැත්නම් මේ බැනුම් ඇහිල්ල මටත් අදාලයි.. හෙහ්...

    ReplyDelete
    Replies
    1. එහෙනං ඩූඩ් අයියා අහපු ප්‍රශ්නේ දිනේශ්ටත් අහතෑකි....

      Delete
  31. හිරු එන්න එන්නම මහ අමුතු පෝස්ට් ලියන්න පටන්ගෙන, කේක් ගැන ලිය ලියා යස අගේට හිටිය කෙල්ල

    ReplyDelete
    Replies
    1. ඉතිං මේවා හිතෙනවනේ අප්පා... හි හි..

      රතූ ගිය ටිකේ පේන්න හිටියේ නෑ නේ.....

      Delete
  32. අපොයි කසාදෙට දොස්තර කෙන්ක්ම සොයා දීලා අම්මලා දොස්තර දුවෙක්ට කල අපරාධයක් මන් දන්නවා . අපේ මනුස්සයටත් බයෝ කරලා දොස්තර කෙනෙක් වෙන්න කියල තාත්තලා තදින්ම කිව්වත් මුන්දට ඔය අංශය අල්ලන්නෙම නැති නිසා ගණන් කරන්න ඕන කියල පොලවේ හැපිලා .

    දෙන්න පුළුවන් නම් කොච්චර පඩි දුන්නත් කමක් නැහැ . ඒ වුනත් ඉතින් මේ සුපිරියි කියල පන්තියක් හදාගන්න එකනේ වරද .

    දෙවිවරු වගේ දොස්තරලා ඉන්නවා . වැරැද්ද වෘත්තියක් ලෙස මේ පිම්බීම තමයි. තනි තනිව ගත්තම ඒගොල්ලත් හොඳ මිනිස්සු .
    මේවා කතා කරලා වැඩක් නැහැ නංගියේ . නැද්ද බලහන් කුස්සියේ මිරිස් ගලක් . කට උලාගන්න

    ReplyDelete
    Replies
    1. බින්දිට තරහා ගිහින්... තරහා නොයයියෑ මේ වගේ දේවල් වලට... නේද..

      ///වැරැද්ද වෘත්තියක් ලෙස මේ පිම්බීම තමයි///

      මේක හින්දා තමයි මම අර කිව්වේ තාම අපේ රටේ ඉන්න මිනිස්සු ඉන්නේ වැඩවසම් මානසිකත්වයේ කියලා.... ඉස්සර දොස්තරලා අනේ රදඏයන්ගේ පුත්තු.. තාමත් හිතං ඉන්නේ එහෙමයි කියලා....

      බැලුවට වැඩක් නෑ බං අක්කේ.. කුස්සියේ මිරිස් ගලක් නෑ .... හි හි...

      Delete
  33. සෑහිමකට පත් වෙන්නේ නැති මිනිස් සිත :(

    ReplyDelete