Friday, October 19, 2012

අපේ ලේසියට මරලම දාමුද....


ලියන්න ජාති කීපයක් හිතේ තිබුනත් නොලියා හිටියා කම්මැලි කම නිසා.... ඒත් මේක හිතුනම ඔන්නොහෙ ලියනවා කියලා හිතාගෙන ඔන්න ලියන්න ගත්තා.....

අපේ සිංහල පංතිය ගැන ඉතිං මං කලින් දවසකත් කියලා තියෙනවානේ.... ඔය දවස් වල මට හැදුන ලෙඩක් තමයි පාරේ යනකොට බෝඩ් කියෝ කියෝ යන එක... හේතුව තමයි ගොඩක් බෝඩ්වල සිංහල අක්ෂර වින්‍යාසය,ව්‍යාකරණ වැරදි විදියට යොදලා තියෙන තැන් මට ටක් ගලා අහුවෙන එක... හි හි...

ඉස්සර ටයිප් සෙටින් කරනකොටත් ලියුම්වල වැරදි අහුවුනාම මම ඔන්නොහෙ හදලා ටයිප් කරනවා.... හැබැයි ඉතිං ගොඩක් අය අහන්නෙවත් නෑ ඇයි ඒක වෙනස් කලේ කියලවත්.. ඒ වෙලාවට මට හිතෙන්නේ එයාලා හරි මොකද්ද, වැරදි මොකද්ද කියලා දන්නේ නැති නිසා වෙන්නැති කියලා...... මට මතකයි එක සැරයක් ටයිප් කරන්න ගෙනාපු පොතක නමක් දාන්න ගිහින් හරියටම දන්නේ නැතුව සර්ට කෝල් කරලා ඇහුවා හරි මොකද්ද කියලා.. හි හි...

දැං ඉතිං මේ කියන්න යන්නේ කම්පියුටරෙන් ටයිප් කරනකොට වෙන වැරදි නෙවෙයි.... අකුරු මාරු වෙන එක වගේ.. ඉස්පිලි පාපිලි හැලෙන එක වගේ.. හි හි.. ඉස්සර ඉස්කොලෙදි නම් ඉස්පිලි පාපිලි හැලුනාම කෙලින්ම අත මැද්දට මීටර් කෝදු පාරක් තමයි අපේ අරුණසිරි සර්ගෙන්... හි හි....

මට මුලින්ම හොඳට මතක තියෙන අක්ෂර වින්‍යාස වැරැද්ද සිද්ධ උනේ මම 5 වසරේ ඉන්න කාලේ... ඒක උනේ අපේ සෙක්ෂන් භාර ප්‍රේමදාස සර්ට..... මට හොඳට මතකයි වචනේ මොකද්ද කියලා....

පරණ ශිෂ්‍යත්ව පේපර් එකකට ඇවිත් තිබුනා....

සුදුසු අක්ෂරය සොයා හිස්තැන පුරවන්න.

මර්‌___නය ( ද, ධ)



ඔන්න ‌ඔහොම......

ඒ දවස්වල මොනාදෝ කැම්පේන් එක්ක හැම තැනම බෝඩ් ගහලා තිබ්බ නිසා ගොඩක් ළමයි ලිව්වා “ධ” යන්න....

පන්තිභාර ට්චර් ඒ දවස්වල නිවාඩු නිසා ප්‍රේමදාස සර් තමා ප්‍රශ්න පත්තර බැලුවේ.... ඉතිං ඔන්න එයා ඒ ළමයින්ට හරි දැම්මා...එහා පන්තියේ ටීචර් ළකුණු දීලා තියෙන්නේ “ද” යන්නට.. ඔන්න ගුරු මණ්ඩලේ කට්ටිය අපේ පන්තියේ සාකච්ඡාවක්.. හි හි.. අපිත් කන් දික් කරන් අහන් හිටියා...
අන්තිමට පහේ පන්තිභාර ටීචර්ලගේ පොතක් අරං ඇවිත් බැලුවාම ඒකේ තියෙන්නේ “ද” යන්න තමයි හරි කියලා...

ඔන්න එදා ඉඳන් මට කවදාවත් වරදින්නේ නැති වචනයක් තමයි මර්දනය....

ඔය වගේම තමයි “ සියලු” කියන වචනේ.... ගොඩක් අය ඕක ලියන්නේ “ සියළු” කියලා... ඒ වෙලාවට මට ඇඟිල්ලෙන් ඇනලා අහන්න හිතෙනවා “ සියල්ල ” ලියද්දි ලියවෙන අකුරට පාපිල්ල එකතු උනාම ඒක නිකම්ම මුර්ධජ වෙනවද කියලා... හි හි...

ඇත්තටම සිංහල වල තියෙන අක්ෂර වින්‍යාස වෙනස්කම් ටිකක් අමාරු බව ඇත්ත... සමහරු අහනවා “ ළමයා” ලියන්න මුර්ධජ ඕනැයෑ...ඕක “ලමයා” කියලා ලිව්වම වැරැද්දක් නෑ ‌නේ කියලා... හි හි...

හැබැයි “ කල ” සහ “ කළ ” කියන්නේ තේරුම් දෙකක්... “ලය” සහ “ළය” කියන්නේ තේරුම් දෙකක්...“ විදිනවා” සහ “විඳිනවා” කියන්නේ තේරුම් දෙකක්...“ කරන” සහ “ කරණ ” කියන්නෙත් තේරුම් දෙකක්..... හි හි... “තන“ සහ “තණ“ කියන්නේ වචන දෙකක්......

( දැං මං මේ ලියන, කියන භාෂාව මීට අවුරුදු 50කට විතර කලින් ලිව්වනං මේ වෙනකොට මාව හිරේ දාලා.. හි හි...)

ඇත්ත කියනවා නම් අපිට මේ වෙනකොට භාෂාවේ පුංචිම ව්‍යාකරණ නීති රීති ටිකත් අමතක වෙලා...

“ මම ” කියලා පටන් ගත්තොත් ඉවර වෙන්නේ “මි” යන්නෙන් කියන එක...
“ අපි ” කියන එක ඉවර කරන්නේ “මු” එකෙන් කියන එක...
“ ඇය ” කිව්වොත් “ කිව්වාය”
“ ඔහු ” කිව්වොත් “ කිව්වේය ”...... ඔය වගේ ඒවා ටිකත්....

ඕනෑම භාෂාවක ඒ භාෂාවට ආවේණික නීති රීති තියෙනවා... ජපන් භාෂාවේ අකුරුම 30000 ගානක් තියෙනවලු.... අනේ අපේ මේ තියෙන ටික අල්ල ගන්න අපිට මෙච්චර අමාරුද.... නෑ... මට නම් හිතෙන්නේ අපේ ලේසියට අපි අමතක කරලාම දාලා.......

සිංහල භාෂාව පරිණමය වෙලා තියෙන්නේ සංස්කෘත භාෂාවේ සහ පාලි භාෂාවේ අභාෂයත් අරගෙන... ඒත් පසුකලීනව ආපු ඉංග්‍රීසි සහ පෘතුගිසි වගේ භාෂාවල කොටසුත් මේකට එකතු උන නිසා තවදුරටත් පරිණාමය වෙවී ඉදිරියට යනවා...මෑතකදි එකතු උන “ෆ” යන්න උදාහරණයක්...
එතකොට හෝඩියෙන් හැලිච්ච අකුරු... “ඞ” යන්න... “අඃ” යන්න.... දැනට යන්තම් එල්ලිලා තියෙන “සෘ” යන්න වගේ අකුරු...සිදත් සඟරා හෝඩියේ ඉඳලා ‌හෝඩිය වෙනස් වෙච්ච හැටි දන්නවා නම් මේක අමුත්තක් නෙවෙයි...

‌මේවා සාමාන්‍ය දේවල්... ඒත් එහෙමයි කියලා අපිට භාෂාවේ ඔක්කොම නීති රීති කඩාගෙන යන්න අයිතියක් නෑ කියලයි මට හිතෙන්නේ...අපි ලේසියට මේ ලියන, කියන භාෂාව වගේම හරි සිංහල භාෂාවත් පැවතිය යුතුයි...එහෙම නැත්තම් තව ටික කාලෙකින් අපි හැමොම සිංග්ලිස් වලට මාරු වෙලා සිංහල භාෂාවත් තවත් මළ භාෂාවක් බවට පත් වේවි...

කී බෝඩ් වල තියෙන ප්‍රශ්න නිසා හරිම සිංහල අකුරු ටයිප් කරන එක හරි අමාරුයි... ඔය “ අඃ ” යන්න හොයන්න මම කී බෝඩ් එකේ අකුරු කීයක් නම් ටෙස්ට් කළාද... හි හි... ඇත්තටම මේක ලියන්න හිතුනේ මෙදා පාර එක්සිබිෂන් එකෙන් ගෙනාපු පොත් කීපයක් කියවද්දි.... ඒක නිසා මේ බ්ලොග් ලියන අය ගැන හිතලා, එයාලගේ වැරදි ගැන කිව්වාම නෙවෙයි.... ඒත් පුළුවන් තරම් අපි හරි සිංහල පාවිච්චි කරන්න උත්සහ කළොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ.... ව්‍යාකරණ බැරි නම් අඩුගානේ අක්ෂර වින්‍යාසය වත්...... හම්ම්.....

96 comments:

  1. අවුරුදු දාහකට විතර ඉස්සර තිබුන භාෂාවල් අද කෝ ? ලෝකේ සියල්ලම වෙනස් වෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි.. භාෂාවක අකුරු වචන වෙනස් වෙන එක නවත්තන්න පුලුවන්ද ? ගඟක් පහලට ගලනවා වගේ භාෂාවත් කාලයත් එක්ක පෝෂණය දුෂණය වෙවී ඉස්සරහට යනවා. මේවා ගැන දුක් වීමේ පලක් නැහැ !! ලබන ආත්මේ අපි වෙන භාෂාවක් අපේ කරගෙන එක ගැන දුක්වේවි.. ගිය ආත්මේ අපි වෙන භාෂාවක් ඉස්මුදුනේ තියාගෙන අනිත් භාෂාවන්ට ගරහන්නත් ඇති !!

    ReplyDelete
    Replies
    1. ඒ කතාව හරි සරත් අයියේ....

      දැං මං ‌මේ ටික හොඳ සිංහලෙන් ලිවව නං මේක කියවන්නේ “ අම්මෝ.... බරසාර ලිපියක්” කියලා හිතාගෙන.. ඒකනේ මම මේ විදියටම ලිව්වේ... හැමදේම වෙනස් වෙනවා.. නැති වෙනවා....

      ඒ උනාට සිංහල භාෂාව තාම නැති වෙලා නෑ නේ.... ඉතිං ඒක නැති වෙලා යන්න ඉඩ නොදී රැක ගන්න උත්සාහයක් ගන්න එක හොඳයි නේ....

      Delete
  2. හිරු කියන කතානං ඇත්ත... ඒත් මටත් දැන් ඒ හැටි ඕවා ගැන හිතන්න හිතෙන්නේ නැහැ... භාෂාව කොහොමත් වෙනස් වෙවීනේ යන්නේ... අර කොම්පීටර්වල වගේ රීස්ටෝර්ස් පොයින්ට් එකක් තියෙනවා කියලෑ..අහවල් දවසේ තිබුන විදියට තිබිය යුතුය කියලා..

    ReplyDelete
    Replies
    1. හිතෙන්නේ නෑ තමා මාරයියේ.. ඒකයි ප්‍රශ්නේ....

      Delete
  3. මෙන්න මම දැක්ක හිරු ලියපු හොදම පෝස්ටුව. හිරුගෙ කතාවට මමත් හොදටම එකගයි. වැඩිය ඕනෙ නෑ හිරු අපේ කට්ටියගෙන් අහලා බලන්නකෝ අපේ හෝඩියෙ අකුරු කීයක් තියෙනවද කියලා, ඒක හරියටම කියන්න පුළුවන් කීදෙනාටද ??ඒකෙ වැරැද්ද එයාලගේම විතරක් නෙමෙයි. සිංහල භාෂාව උගන්වන ගුරුවරුන්ටත් වගකීමක් තියෙනවා, හරි අපේ කට්ටිය සමහරවිට කියයිනෙ අපේ හෝඩියෙ අකුරු ගාණ, හිරුත් කියමු බලන්න. ඒ වගේම අර දන්තජ, මූර්ධජ බේදය ගැන කීවොත් ඒක තේරුම් ගන්න ඉතාම පහසු සරල නීති රීති කිහිපයක් තියෙනවා, ඒ ටික දැනගත්තනම් න-ණ /ල-ළ ගොඩ .

    ReplyDelete
    Replies
    1. මොකද්ද රතූ... එතකොට මීට වඩා හොඳ ඒවා ලියලම නැද්ද මං.... ( අඬමින්)

      හෝඩියේ තියෙන අකුරු ගාන නොදැනීම නම් ඒ තරම් ප්‍රශ්නයක් තියලා මම හිතන්නේ නෑ රතූ.. කෙනෙක් 60යි කිව්වොත් තව කෙනෙක් 56 යි කියයි... ඒක ඒ තරම් වැදගත් නෑ... ඒත් හැමතිස්සෙම භාවිතා කරන වචනවල හරි වැරැද්ද දැන ගැනීම හරි වැදගත්.... වැඩේ කියන්නේ වගකිවයුතු තැන් වලත් පාවිච්චි වෙන්නේ වැරදි විදියට වීම... මට මතකයි කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ බෝඩ් එකේ ගහලා තිබුනා “ කොට්ඨාශ අධ්‍යාපන කාර්‌යාලය” කියලා...

      අපි දැං ඉගෙනගෙන ගොඩක් කල්.. පහේ පොඩි එවුන් අපිට වඩා ඔය ගැන හොඳට දන්නවා ඇති.. අපිට හැමදේම මතක නෑ.... ඒත් මතක තියෙන ටික හරි හරියට පාවිච්චි කළොත් බස මුවහත් කරගන්න පුළුවන් වෙයි...

      Delete
  4. ඔය කියන ණ න ල ළ භේද මහප්රාන අකුරු ඔක්කොම තියෙන්නෙ යම් යම් හේතු ඇතුව. මම නං කිසිම වෙලාවක හිතාමතා භාෂාවෙ නීති කඩන්නෙ නෑ. නොදැනුවත්කමින් වෙන දේවල් නං තියනව. බ්ලොග් පෝස්ට් එකක් උනත් හදිස්සියක් නැත්නම් කිහිප සැරයක් බලනව.
    හොඳ ලිපියක්. හරියට කාරියකරවන මහත්තයගෙ ලිපියක් බැලුව වගේ.

    ReplyDelete
    Replies
    1. හි හි... මාත් හැමතිස්සසෙම අඩුම ගානේ අක්ෂර වින්‍යාසයේ වැරදි වත් නොකර ඉන්න බලනවා... ඒත් වරදින වෙලාවල් තියෙනවා... ඉගෙනගෙන දැං අවුරුදු 10කටත් වැඩියි නේ... හි හි...

      Delete
  5. අක්කේ සිංහල ටයිප් කරන්න "google ime" ප්‍රොග්‍රම් එක පාවිචි කරන්න එක තරම් ලේසි ක්‍රමයක් නැ සිංහල ටියිප් කරන්න කීබෝර්ඩ් එකෙන් ටියිප් කරනවට වඩා ගොඩක් පහසුයි මෙන්න ලින්ක් එක http://www.google.com/inputtools/windows/index.html මේ ලින්ක් එකට ගිහින් Sinhala තෝරාගෙන ඩවුන්ලෝඩ් කරන්න

    ReplyDelete
    Replies
    1. කන්වර්ටර් වලට පුරුදු උනාම තියන අවුල තමයි චැට්එකක් එහෙම දාන්න ගියාම කරන්න දෙයක් නැතිවෙනඑක. කන්වර්ටර් එකේ ටයිප් කරල කොපි පේස්ට් කරනවට වැඩිය හොඳයි කෙලින්ම කී බෝඩ්එකට හුරුවුනාම.

      Delete
    2. ළහිරු..

      මම කම්පියුටරේ අල්ලගත්ත ගමන්ම කී බොඩ් එකෙන් සිංහල ටයිප් තරන්න පුරුදු උනා... මොකද මම සිංහල/ ඉංග්‍රීසි පොත් එහෙම ටයිප් සෙටින් කරපු නිසා... ඒක නිසා මම කවදාවත් කන්වර්ටර්ස් පාවිච්චි කරලා නෑ.... ඇස් වහගෙන ටයිප් කිරීමේ හැකියාවක් ඉස්සර තිබුනා... හි හි

      ලින්ක් එක දුන්නට ස්තූතියි... දන්නෙ නැති කවුරුහරි පාවිච්චි කරයි නේ....

      ඔවු රාජ්... මාත් හිතන්නේ ඒකයි... මාත් විජේසේකර කී බෝඩ් එක විතරක් නෙවෙයි දැන් මේ පාවිච්චි කරන කී බෝඩ් එකෙත් තියෙන වෙනස්කම් වලට අත හුරු කර ගත්තේ සති දෙකකින් විතර...

      Delete
    3. @රාජ් සහෝදරයා,
      ඔය කන්වර්ටර් එකේ කොපි පේස්ට් නෙවෙයි තියන්නේ. ටයිප් කරලා එන්ටර් කලාම හරි.මාත් පාවිච්චි කරන්නේ ඒක. හැබැයි ඉතින් කී බෝඩ් එකට හුරුවෙන එක වඩා හොඳයි තමා. :)

      Delete

    4. @ රාජ් අයියා ....

      රාජ් අයියේ "google ime" කියන්නේ කන්වර්ටර් එකක් නෙවෙයි google ime එක 0n කලාම ‍ෆේස්බුක් එකේ චැට් බොක්ස් එකේ උනත් ටියිප් කරන්න පුළුවන්. තමන්ට අවශ ස්ථානයක ටියිප් කරන්න පුළුවන් කොපි පේස්ට් කරන්න ඕනි නැ. අයියේ මම මේ කමෙන්ට් ටියිප් කරන කොට ගත්ත ෆොටෝ එක බලන්න පෝටෝ එකේ ලින්ක් එක...

      https://lh4.googleusercontent.com/-ZQeIglg7ZoM/UIFPOMd66sI/AAAAAAAAA98/jcQoai_pIfM/s640/Untitled-1.jpg

      @ හිරු අක්කා

      අක්කියෝ මම කීබෝඩ් එකෙන් ටයිප් කරන්න ට්‍රයිකරලා කරලා අයෙත් ට්‍රයි කළා එත් තාම වැඩේ හරි ගියේ නැ ඉස්සෙලා කියන්න බැරි උනා පොස්ට් එක මරු අක්කේ

      Delete
    5. පුළුවන් නම් සිංහල අකුරු ටික කොලේක ප්‍රින්ට් කරගෙන ඒක බලං ලියුමක් දෙකක් ටයිප් කරන්න බලන්න.. මමත් අල්ලගත්තේ එහෙමයි...

      තෑන්ක්ස් මලයා.... හි හි

      Delete
  6. අක්කේ මේ සිංහල පාඩම මටනම් ගොඩක් වැදගත් හොඳේ....... ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඔයාවත් මතක් උනා මේක ලියද්දි.. අර වාක්‍ය අවසානේ තිත මතක් කරන්නත් හදලා, පවුනේ කියලා නිකම් හිටියා... හි හි...

      Delete
    2. හිකිස්...... මම ලංකාවට ඇවිත් සේරටම කලින් යන්න ඉන්නේ සිංහල පන්තියකට නැත්නම් මේ බ්ලොග් කෙරුවාව කොරන්න අමාරුයි. :D

      Delete
  7. බොහොම හොඳ ගුරුවරියක් නේ හිරුවා..නියමයි නියමයි...අපටත් බැයිද මොනව හරි කියලා දෙන්න හවසට හවසට වත්.ඔය නොදන්න ජාති එහෙම.

    ReplyDelete
    Replies
    1. හිරු නෝනේ ඔන්න මම පුංචි පාඩමක් යටින් දැම්මා කුමාරිහාමිට....ඒයි මම සිංහල කරපු එකෙක් නෙමේ...මං කළේ බයෝ හරිය...

      Delete
    2. හා හා.. කමක් නෑ.... බයෝ කළාට මොකෝ.. එක වසරේ ඉඳලා සිංහල ඉගෙන ගත්තනේ... හි හි..

      Delete
  8. //හැබැයි “ කල ” සහ “ කළ ” කියන්නේ තේරුම් දෙකක්... “ලය” සහ “ළය” කියන්නේ තේරුම් දෙකක්...“ විදිනවා” සහ “විඳිනවා” කියන්නේ තේරුම් දෙකක්...“ කරන” සහ “ කරණ ” කියන්නෙත් තේරුම් දෙකක්..... හි හි... “තන“ සහ “තණ“ කියන්නේ වචන දෙකක්...... //

    මෙන්න මේ ටිකේ තේරුම් වෙන, වෙනම කියලා දුන්නානම්.

    මම නම් දන්නේ නැති ඒවා සිංහල ඩික්ෂනරියකින් බලනවා. ඒත් වැරදෙන තැන් වැඩී. මීට පස්සේ හිරු ලියන ඒවා පරිස්සමින් කියවන්ට ඕනි. එතකොට ව්‍යාකරණ ඉබේ ඉගෙන ගත්තු හැකිවෙයි.

    හැබෑට සිංහල පන්තියක් පටන් ගමුද? මම නම් එනවා...:D

    ReplyDelete
    Replies
    1. කුමාරියේ ඔබගේ උනන්දුවට මල් මිටක්....
      හිරුවගේ පෝස්ට් එකේත් වැරදි තියනවා...
      එකක් මෙන්න // හැබැයි ඉතිං ගොඩක් අය අහන්නෙවත් නෑ ඇයි ඒක වෙනස් කලේ කියලවත්//
      මෙහි කලේ යන්න කළේ විය යුතුයි.
      කල කියූ විට හැඟවෙන්නේ කාලයයි. ක්‍රියාව යෙදෙනවිට කළේ විය යුතුයි.
      ලය යනු ස්ථානය යන්න හැඟවෙයි.විද්‍යා+ලය,ළය යනු හදවතයි
      කරන යනු ක්‍රියවයි කරන්නේය යන අදහස දේ.කරණ යන්නෙන් හැඟෙන්නේ කර්ණ හෝ කරණ කොට ගෙන ආදී යෙදුම්ය.
      තන යනු කුමාරිහාමිලා වසාගෙන සිටින හංස ජෝඩුවයි.තණ යනු තෘණ යන්න අදහස දේ

      Delete
    2. ඔය අල්ලලා තියෙන්නෙ මගේ වැරැද්දකුත්.. ඔව්... ඒක හරි.... පෝස්ට් එකේ ඒ වැරැද්ද මම හදන්නේ නෑ...

      “ලය” කියන එකට තව තේරුමක් තියෙනවා.. ඒ සංගීතයේ “ ලය“ හි හි...

      පොඩ්ඩ්.... ඔය පේනවනේ.... මට සිංහල උගන්නන්න නම් බෑ... හි හි...

      Delete
    3. නලීන්ට ගොඩාක් ස්තූතියි පාඩමට. දන්නේ නැති දෙයක් තියෙනවා නම් මීට පස්සේ ඇවිත් අහන්නම්කෝ...:)

      Delete
  9. කාලෙකට පස්සේ ආවම මේයැයි සිංහල පාඩමක් ලියලා.
    මට ප්‍රශ්නයක් තියෙනවා..

    1.අවුවද අව්වද
    2. පවු ද පව් ද

    ඔය ඒවා වලින් හරි මොකද්ද වැරදි මොකද්ද...

    ReplyDelete
    Replies
    1. ඕක නම් කියන්න මමත් දන්නේ නෑ මධු... ඒක දන්න කෙනෙක්ගෙන් අහලා බලලා කියන්නම්...

      Delete
    2. ඔය කොයි විදිහට ලිව්වත් /ලිවුවත් හරිය .

      Delete
    3. එහෙම නං ඉතිං අවුලක් නෑ නොවැ... හි හි...

      Delete
  10. හිරු, වැදගත් දෙයක් ඒ වගේම නොහිතන දෙයක්. සිංහල භාෂාව ක්‍රමයෙන් ගොඩනැගුනු භාෂාවක්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ සිංහල භාෂාව ලිඛිත හා වාචික ලෙස ද්විත්ව ආකාරයෙන් භාවිතයට ගැනීමයි. මේ හේතුව මත සිංහල භාෂාව අවශ්‍ය පරිදි කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඒක නතර කරන්න අමාරුයි. අනාගතයේදී සිංහල භාෂාව ලිඛිතව හා වාචිකව ඒකාතාමිත වූ දාක ඔය වෙනස් කම් වීම ඉතාමත් අඩුවේවි. මාරය කිව්ව වගේ අපි ලියන ඒව අහුබුදුවන් හෝ සුනන්ද මහේනද්‍රයන් දුටුවොත් පොලවේ ගසා මරා දමන බව නිසැකයි. අපිව බේරාගනියෝ

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා තව ටික කාලෙකින් මේ දෙකම එකම විදියට හැදෙයි කියලා.... දැනටත් ඒ වගේ නේ... ඒක හරිද කියන එකයි මට තියෙන පොඩි ප්‍රශ්නේ...

      හි හි... ඇත්තටම අහුබුදුවන්ගේ සිංහල නම් මටත් ඒ තරම් කියවන්න ප්‍රියක් නෑ....

      Delete
  11. බොරු මොටද හිරූ, මම ඇත්තටම හරියට සිංහල දන්නෙ නෑ. ඕලෙවල්වලට සිංහල ඉගෙන ගත්තට පස්සෙ ආයෙ සිංහල ඉගෙන ගන්න උනෙත් නෑ. මමත් පුළුවන් හැමවෙලාවෙම දන්න විදියට නිවැරදිව ලියන්න උත්සාහ කරනව. සමහර වෙලාවට වචන එහෙම හරියට ලියන්න දන්නෙ නැති වෙලාවට මම දන්න කියන පණ්ඩිත හාමුදුරුවොනමකට කෝල්කරල අහගන්න වෙලාවලුත් තියෙනව. ඒත් හැම තිස්සෙම හාමුදුරුවොන්ට කරදර කරන්නත් බෑනේ. මටත් ඔය සිංහල හරියට ලියන්න ඕන කියන අදහස ඉස්සෙල්ලම ඇති වුනේ අපි ඕලෙවල්වලට සිංහල ටියුෂන් ගත්තු සර් නිසා. නවය වසරෙ ඉඳන් අවුරුදු තුනක් ම හිටපු නිසා සර් ගැන නම් රස කතා ගොඩයි. අපි වැරදියට ලිව්වම, වචන කඩල ලිව්වම එහෙම සර් මුළු පන්තියටම ඇහෙන්න ඒක ශබ්ද කරනව, එතකොට ඉතිං අපිටම තේරෙනව ලිව්වෙ වැරදියට කියල.
    මමත් කන්වර්ටර් නම් යූස් කරන්නෙ නෑ. අනෙක මට කීබෝඩ් එකෙන් ඕනම සිංහල අකුරක් ටයිප් කරගන්න නම් පුළුවන්, වැඩේ තියෙන්නෙ ලොකු ටයිපින් ස්පීඩ්එකක් නැතිඑක.

    ReplyDelete
    Replies
    1. කියන ලස්සන විතරක්.... එක වස‌ෙර් ඉඳලා ඉගෙන ගත්තලු... හි හි

      ඉංග්‍රීසි බෑ කියන්න ඇඹරෙන අය ගොඩක් දෙනෙක් සිංහල බෑ කියන්නේ ලොකු කමට වගේ....

      දන්න ටික හරියට ලියන්න උත්සාහ කළොත් ආයිමත් අමතක වෙලා තියෙන ඒවා මතක් වේවි.... මට නම් පොඩි කාලේ ඉඳලම සිංහල ගැන පොඩි කැක්කුමක් වගේ තිබුණා.. ඕක අසාධ්‍ය තත්වයට පත් උනේ සන්නා හින්දා තමා....

      Delete
    2. ‘සන්නා‘ හින්දා ගොඩක් කස්ටියට අසාධ්‍ය උනාද කොහෙද.

      ෴ ඉංග්‍රීසි බෑ කියන්න ඇඹරෙන අය ගොඩක් දෙනෙක් සිංහල බෑ කියන්නේ ලොකු කමට වගේ.... ෴

      අනේ දෙයියනේ මම එහෙම දෙයක් අදහස් කළේ නෑ. මට ඔය එකක්වත් හරියකට බෑ.

      Delete
    3. හරි හරි අනේ... මම විහිළුවට කිව්වේ... හි හි....

      Delete
  12. මම නම් සිංහල ගැන කතා කරන්න යන්නෙ නෑ....ඒ තරම්ම දුකයි..ඒත් මම මගේ වියුණෙත් භාෂාව ගැන විතරක් පොස් 4ක් පහක් ලියා තියෙනවා...!! හිරූ අක්කා..
    http://neranjienotes.blogspot.com/2011/12/blog-post_14.html
    http://neranjienotes.blogspot.com/2012/01/blog-post_20.html
    http://neranjienotes.blogspot.com/2012/07/blog-post_13.html

    වෙලාව තියෙන වෙලාවක කියවන්න...

    ReplyDelete
    Replies
    1. නඟාගේ පෝස්ට් තුනම කියෙව්වා.... මට මතක නැති වෙලා තිබ්බ ටිකකුත් මතක් උනා....

      මටත් දුකක් තියෙනවා නඟා.. මොකද මාත් මේ භාෂාවට හරිම ආදරෙයි... ඒක මගේ මවු භාෂාව නිසාමත් නෙවෙයි... තියෙන ලස්සන නිසා.... මගෙත් එක්ක වි‌ෙද්ශිකයෝ කීප දෙනෙක්ම කියලා තියෙනවා සිංහල භාෂාව කනට මිහිරි භාෂාවන්ගෙන් එකක් කියලා...

      Delete
  13. හ්ම්... අපූරුයි හිරූ. මට ඔය ලෙඩේ තියනවා. එහෙම වෙලාවට නංගි බබාගෙන් අහනවා. එයාට ඕවා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මම හුඟක් ඔයවගේ රීතීන් ‍රැකගෙන ලියන්න උත්සාහ කරනවා. මොකද හිතා මතාම ඒවා නොසලකා හරින එක වැරදියි. ටිකක් නෙමේ මහ හුඟක්. අපේ අනාගත පරපුරටයි ඒකෙන් අවැඩක් වෙන්නේ. ඒත් බහුතරයක් එහෙම හිතන්නේ නෑ. ඇහුවොත් මේක කාලයේ තාලය කියන ලාබ උත්තරේ තමයි අපට ලැබෙන්නේ, එහෙම වෙලාවට එහෙම උත්තර අපිට දිරවන්නෙත් නෑ නොවැ. අකුරක පුරස්නෙකට මනුස්සයෝ තරහ කොරගන්න උවමනා නැති නිසා කරබා ගන්නවා. ගොඩාක් වෙලාවට මිනිස්සු කියපු ලියපු දේවල් තේරුම් ගන්නේ තමන්ට අවශ්‍ය ආකාරයට මිස ඇත්ත ඇති සැටියෙන් නෙමේ. මෙහෙම කියන්න උදාහරණ බොහෝමයි. ඒත් ඒවා ඕන නැහැ. යමෙකුගේ හෝ යමක ඇති දුර්වලතාවයක් අඩු පාඩුවක් පෙන්නලා දුන්නොත් එතනදි වෙලා තියන අඩුපාඩුව හදාගන්න නිවැරදි කරන්න උත්සාහ නොකර පෙන්නලා දුන්න තැනැත්තාට මොකක් හෝ කියා අවඥාවෙන් හිනාවෙන්න නැතොත් ලිං මැඩි මානසිකත්වය යන ලේබලය අලවන්න තරමට ඇතැම් අය කුහකයි. එයාලට අනුව ගත්තම හැමදේම හරි අවුල තියෙන්නේ අපි හිතන විදිහේ.අහෝ.. දුකකි.. ඉරකි..තිතකි..!!

    කොහොම උනත් අගයන්න වටිනවා මෙහෙම ලිපි. ගොඩාක් අය උගත් උනාට අපි වගේ නූගත් අයත් ඉන්නවනේ. අපි වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් හරි මේ දේවල් ඉස්සරහට ගෙනියන්න කවුරු කවුරු හරි උත්සාහ ගන්නවා නම් වටිනවා. මට මතකයි අප්‍රේල් මාසේ මම ලියපු දෙවනි පෝස්‍ටුවේ මගේ අතින් වැරදි වචනයක් ලියවිලා තිබිලා අපේ dude මහත්මයා හරි අපූරුවට මට ඒ වරද නිවැරදි වෙන ආකාරය පෙන්නලා දීලා තිබුනා. මම එයට ප්‍රතිචාර දක්වපු විදිහත් එතනට ගියහම බලාගන්න පුලුවන්. අපේ අඩුපාඩුවක් යමෙක් පෙන්වා දෙනකොට ඒක පිළිගන්න පුලුවන් තරමට අපිට නිහතමානී වෙන්න හැකි නම් තමයි වටින්නේ.මෙතන මම කියපු උදාහරණය තියෙනවා.

    http://saragelokaya.blogspot.com/2012/04/blog-post_29.html#comment-form

    ReplyDelete
    Replies
    1. මමත් බැලුවා ඒක. ඩුඩ් අයියා ලස්සනට පෙන්නලා දීලා තියනවා නේ.

      Delete
    2. ඔය අඩුපාඩුවක් පෙන්නුවම ඒක හදාගන්නේ නැතුව ඒක පෙන්නන කෙනාට ගනං පාට් දාන එක ඉතිං අපේ ගොඩක් අයගේ සිරිතක්නේ සරා අයියේ..

      ( මාත් එහෙම කරනවා.. හරියට උයාගන්න එහෙම බැරි උනාම... හි හි)

      ලින්ක් එක දිගේ ගිහින් ඩූඩ් අයියගේ පරණ පෝස්ට් එකකුත් එක්ක කමෙන්ට් ටිකත් බලාගෙනම ආවා... හි හි...

      ඉංග්‍රීසි බෑ කියන්න ඇඹරෙන අය ගොඩක් දෙනෙක් සිංහල බෑ කියන්නේ ලොකු කමට වගේ.... ඕක අර DDTට කිව්වම එයා හිතලා එයාට කිව්වා කියලා... හි හි.. හැමදේම හරියටම දන්න අය නෑ නේ... බැරි කමට බෑ කියන එක වෙනම කතාවක්... මම කිව්වේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මට සිංහල බෑ කියන එක කිව්වම උගත් සමාජයේ වගේ පේනවා කියලා... ඒත් තමන්ගේ මවු භාෂාව දන්නේ නෑ කියන එක මොන තරම් ලැජ්ජාවක්ද කියලා තේරෙන්න තරම් අපේ සමහර අයට මොළේ නෑ....

      Delete
    3. // ඕක අර DDTට කිව්වම එයා හිතලා එයාට කිව්වා කියලා... //

      අයියෝ .. එහෙම ප්‍රශ්නයක් නෑ හිරූ, මම හිතුවෙ ඔයා ඒක වැරදියට තේරුම් අරන් කියල, ඒකයි ඒ විදියට රිප්ලයි කරේ. අනෙක මම ඔය කිව්ව වගේම එක වසරෙ ඉඳන් සිංහල ඉගෙන ගත්ත, ඒක අනෙක් හුඟ දෙනෙක්ට වඩා මම හරියකට කරන්න ඇති, මොකද මට ඕලෙවල් සිංහල විෂයට D එකක් තියෙනව. සිංහලවලට විතරක් නෙවි මට විෂයන් අටකටම D තිබුණ, ඒකෙන් අදහස් වෙන්නෙ අපි ඒ විෂයන් පිළිබඳ උගත්තු කියල නෙවිනේ. ඉතිං මම හිතනව ඒක අපි භාෂාව දන්නවය කියන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙවිය කියල. සමහර විට උ. පෙළ සිංහල භාෂාව විෂයක් විදියට කරන අයට ඊට වඩා ක්‍රමවත් සිංහල දැනුමක් ඇති. (හැබැයි අදටත් A/L සිංහල කරපු මගේ සමහර යාළුවොන්ට රාජකාරි ලියුමක් වගේ දෙයක් ලියන්න ඕන වුනාම A/L මැත්ස් කරපු මට කියනව ලියල දීපන් කියල) ඇත්ත, තමන්ගෙ මවුභාෂාව දන්නෑ කියන්නෙ ලැජ්ජ වෙන්න ඕන කාරණයක් තමයි, ඒත් මට නම් ඒ විෂය වැඩිදුර ඉගෙන ගන්න අවස්ථාවක් උදාවුනෙත් නෑ, ඒ ගැන මට උවමනාවක් තිබුණෙත් නෑ. අනෙක් බොහෝ දෙනෙකුටත් එහෙම වෙන්න ඇති කියල මම හිතනව. ඔබ අදහස් කළේ මවුභාෂාව ගැන සාමාන්‍ය දැනීමක් තිබිය යුතුයි කියල නම් ඒක නම් මටත් තියෙනව, ඒත් ඒකෙන් කියන්න පුළුවන්ද අපි භාෂාවක් නිවැරදිව දන්නව කියල? ඒ නිසා තමයි මම අවංකවම කිව්වෙ මට ඒ ගැන ලොකු දැනුමක් නෑ කියල. මගේ හිතේ ඕනෙම සමාජයක ඒ අයගෙ භාෂාව පිළිබඳ උගතුන් සිටින්නෙ සීමිත පිරිසක්. පේන හැටියට නම් ලංකාවෙත් එහෙමයි. දන්නව කියල වැරදි කරනවට වැඩිය නිහතමානීව නොදන්නකම පිළිගන්න එක වැදගත් කියල මම හැම විටම සිතනව, ඔය අවුල වුනේ ඒ නිසයි. කොහොම උනත් මම ලියන දේවල් අනෙක් අයට තේරුම් ගිය නිසා මට මෙච්චර කාලෙකට නම් භාෂාව ගැන එච්චර අවුලක් වෙලා නෑ. එහෙම තමයි, හැමෝටම ජේ. බී. ල වෙන්න බෑනේ.

      ඒ වගේම මම මේ ලිව්වෙ කේන්තියෙන් කියල හිතන්න එපා හිරූ. මේක පොඩි කරුණු පැහැදිලි කිරීමක් විතරයි.

      Delete
    4. ඔයා හරි.... කොහොමත් ටික කාලයක් පාවිච්චි නොකළම අමතක වෙනවා ලියන විදිය... ඒක සාමාන්‍ය දෙයක්.... දැං උනත් සිංහලෙන් ලියන්න ගියොත් ටිකක් වෙලා යනවා හුරු වෙන්න... හි හි.... ඔය ලියුම් වගේ දේවල් වලදි මමත් ඔය ප්‍රශ්නෙට මාත් මූණ දීලා තියෙනවා... විශේෂයෙන්ම ඉංග්‍රීසියෙන්ම වැඩ කරන කාලෙදි.... ඕනෑම සමාජයක භාෂාවක පරතෙරට යන්නේ කීප දෙනයි... ඒක ඇත්ත....

      මම කිව්වේ සිංහල භාෂාව පහත් කරලා කතා කරන අය කට්ටියකුත් ඉන්නවා නොවැ අපි අතර... අන්න ඒ අය ගැන...එයාලා හිතන්නේ සිංහල දන්නවා, සිංහලෙන් කතා කරනවා කියන එක තමන්ගේ තත්වෙට මදි කමක් කියලා...

      Delete
  14. මටත් නිතරම පැටලෙන දේවල් ටිකක් තමයි...කියන්නත් ලැජ්ජයි සිංහල අකුරු වරදිනවා කියන ඒක ඒත් බහුතරයක් අයට තියෙන ගැටළුවක් තමයි මේකත් (මෙතනත් වැරදි තියෙනවද මන්දා )

    ReplyDelete
    Replies
    1. සිංහල අකුරු වරදින්න හේතුව අපි දකින අකුරු වලත් වැරදි තියෙන එක... අනිත් එක ලියන්නෙත් නෑ නේ.. ඒකත් එක හේතුවක්...

      ලැජ්ජ වෙන්න ඕනේ නම් තමයි..ඊටත් වඩා හොඳයි දන්න ටික හරි හරියට පාවිච්චි කරන එක...

      Delete
  15. භාෂාවකට නීතී දාන්න ඕන නෑ.. සංනිවේදනය තේරූම් ගන්නවා නම් එච්චරයි අවශ්‍ය.. සමහර තැන්වල භාෂාව ඕනත් නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙමත් කියන්න බෑ මාතලන්... මොකද නීති නැති භාෂාවකින් සන්නිවේදනය කරන එක අපහසුයි.... ඔයා එක විදියකට එකක් කියද්දි ඒක නීති රීති නැති භාෂාවක් නම් මම කො‌ෙහාමද ඒක තේරුම් ගන්නේ....

      සමහර තැන් වල භාෂාව අවශ්‍ය නෑ සන්නිවේදනය සඳහා.. ඒක ඇත්ත...

      Delete
  16. භාෂවත් එන්න එන්න වෙනස් වෙනවනේ. අලුත් අකුරු එකතු වෙනවා. පරණ අකුරු හැලෙනවා. හැබැයි ඔය අකුරු ඕන වෙනවා පරණ පොතක් එහෙම කියවන්න ගියාම. සමහර අකුරු දන්නෙත් නෑ."ඏ"(ඉලු)ඔන්න ඔහොම ඒවා මොනවගේ වචන වලට භාවිතා කලාද කියල වත් මම නම් දන්නේ නෑ. හැබැයි මේවා හරියට භාවිතා වෙනවා නම් කියන හෝ ලියන දෙයින් නිවැරදිම අර්ථය ගන්න පුළුවන් පහසුවෙන්ම.
    සිංහල උගන්වනකොට අකුරු එහා මෙහා දාලා පෙන්වන වාක්‍ය දෙක තුනකුත් තියනවා නේ..? :)
    "ඍජු" මේ වචනය සම්පුර්ණයෙන් වැරදියට උච්චාරණය කරන ඉතා ප්‍රසිද්ධ පුද්ගලයෙක් මං දැකලා තියනවා. ඉතින් අපි පුළුවන් හැම වෙලාවේම භාෂාවේ භාවිතය පිළිබඳව සැලකිලිමත් වෙන එක හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.
    අනික අකුරු මාරු වුනාම නම් තේරුම සම්පුර්ණයෙන් ම වෙනස් වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. ‘මෘදුකාංග‘ කියන වචනෙ හරියට ශබ්ද කරන්න බැරි හිටපු මුදල් ඇමතිවරයෙක් මමත් දැකල තියෙනව. ඒ මනුස්සය අයවැය ඉදිරිපත් කරද්දි ඔය වචනෙ ඉස්සෙල්ලම යෙදිච්ච තැනදි පොඩ්ඩක් පල්ලම් බැස්ස. ටිකක් තතනන කොට පස්සෙන් හිටී කෙනා කිව්ව ඒ මොකක්ද කියල. ඉන් පස්සෙ ශුද්ධ සිංහලෙන්ම software කියල කියෙව්ව.

      Delete
    2. හි හි. ඔය ව‌ගේ ඒවා වෙන්නේ ඇත්තටම වැරදි භාවිතය හින්දයි... හැමෝම කියන කොට අපිට පුරුදු වෙන්නේ ඒ විදියටයි... ඔය “ සියලු” වරදින්නේත් ඒ නිසාවේනම තමයි... හි හි...

      Delete
  17. මට නම් බැරිම දේ ඕකනේ :)

    ReplyDelete
  18. හිරූ කියන දේ හරියටම හරි... මේ පෝස්ටුව කියවද්දී උනත් මට තේරුනා මම ලියන සමහර දේ වැරදියි කියලා. සමහර විට අපි මේ කොම්පීතර භාවිතා කිරීමත් ඒකට එක හේතුවක් වෙන්න ඇති. ඇත්තටම දැන් අතින් සිංහල අකුරු ලිවීම නැවතිලාම තියෙන්නේ....

    අපි ඉස්කෝලේ යන කාලේදි නම් අපේ සිංහල උගන්වපු විමලා මිස් ගුටි දිදී වැරදි හැදුවා..මට මතකයි ...

    ඇත්තටම භාෂාවක නීති රීති තියෙන්නෙ ඒ භාෂාව ග්‍රහණය කර ගන්නකම් විතරක් කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හි හි.. මං නං ගුටි කාලාම නෑ අකුරු වරද්දලා .... කොම්පීතරේ හින්දා තමයි මේ අපිටත් දැං ගොඩක් දේවල් මතක නැති වෙලා තියෙන්නේ..... ඒත් මම නං උත්සාහ කරනවා දන්න ටික හරි හරියට පාවිච්චි කරන්න...

      නීති රීති තියෙන්න ඕනේ ඒ භාෂාවේ පැවැත්මටත්.... ඒ ව‌ෙග්ම ඒවා වෙනස් වෙන්නත් ඕනේ.. හැබැයි භාෂාවට හානියක් නොවී....

      Delete
  19. මගෙ නං අදහස සිංහල භාෂාවට අකුරු වැඩි බවයි.
    න ණ. ල ළ. ශ ෂ වගේ එකම ශ්බ්දෙ එන අකුරු නං ඕනේම නෑ.. ඒත් z වගේ ශබ්දයක් එන අකුරක් එහෙමත් නෑ මෙච්චර ලොකු හෝඩියේ. අනෙ මන්දා. කවුරු හැදුවද කියලා මේවා.
    (අදමයි මුලින්ම ආවෙ ඕං. Bookmark එකකුත් දාගත්තා :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා....

      z කියලා ශබ්දයක් සිංහල භාෂාවේ නෑ ‌නේ..ඉතිං අකුරක් අවශ්‍ය උනේ නෑ... ෆ තිබුනේ නෑ.... දැං තියෙනවා... ඉස්සරට z ත් එයි.... හි හි...

      සිංහල භාෂාවේ න ණ ල ළ භේදයට හේතුවක් තියෙනවා... ඒක නීතියක් අනුව.. දැං මට ඒ මතක නෑ අප්පා.. මම බලලා කියන්නම්... පොත් ටික නෑ මං ගාව දැං....

      Bookmark කිමටද..... Follow පරක් දැම්මා නම් අහවරයි නොව..... හි හි...

      Delete
    2. ම්හ්ම්... සිංහල භාෂාවේ අකුරු වැඩි නෑ.. ඔය හැම අකුරකටම සියුම්ව වෙනස් වෙන ශබ්ධ තියෙනවා. කියවල බලන්න 'න' යන්නයි 'ණ' යන්නයි එක වගේද කියලා.

      Delete
  20. ශෝක් ඈ....... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  21. අෆ්ෆා මගේත් සිංහල වල හෙන වැරදි ගොඩක් තියෙනවා :(((

    ReplyDelete
    Replies
    1. හි හි.. හිමීට හදාගන්න බලන්න....

      Delete
  22. වටිනා ලිපියක්.

    භාෂාව සන්නිවේදන මෙවලමක් ලෙස කාලානුරූපව වෙනස්වීම අරුමයක් නෙවෙයි. ඒත් එහි රැකගතයුතු මූලික සිද්ධාන්ත තියෙනවා. ඒවා ආරක්ෂා කරගෙන ඉදිරි පරම්පරාවට නොදුන්නොත් භාෂාවේ අනන්‍යතාවය ක්‍රමිකව විනාශ වෙනවා. එතැනදී විනාශ වෙන්නෙ භාෂාව විතරක් නෙවෙයි,ඒ හා බැඳි සියලු දේත් ඒ සමගම විනාශ වෙනවා.
    ඒ නිසා සෑම පරම්පරාවකම සිංහල භාෂව පිළිබඳ විශාරදයින් සිටීම වැදගත්. ඒ වගේම සිංහල භාෂාව පාසල්වල ඉගැන්වීමේ දී ඒය නිවැරදිවම කෙරෙන්න ඕන.

    ඉදිරියේදී සියලුම ලේඛන කටයුතු පරිගණක ආශ්‍රිතයෙන් සිදුවන නිසා "සිංහල ෆොන්ට්" පැකේජ වල සම්පූර්ණ සිංහල හෝඩිය තිබීම අත්‍යාවශ්‍ය වෙනවා. දැනට ෆොන්ට් මාස්ටර් අකුරු පැකේජයේ සියලුම සිංහල අකුරු තියෙනවා. ඒ නිසා ඉතා පැරණි පොතක් වුනත් මේ අකුරු භාවිතයෙන් නැවත මුද්‍රණය කරන්න පුළුවන්. නමුත් හිරු, මේ බ්ලොග් එකේ හෙඩර් එකට යොදාගෙන තියෙන "කැලණි" ෆොන්ට් එකෙනුත් මේ ලිපියේ පික් එකේ තියෙන "ආරාධනා" ෆොන්ට් එකෙනුත් ඒ වැඩේ කරන්න බෑ. මොකද සියලුම සිංහල අකුරු මෙහි නෑ වගේම තියෙන අකුරුත් තාක්ෂණිකව වැරදියි.

    මමත් අත්හදා බැලීමක් විදියට සිංහල අකුරු මෝස්තර දෙකක් නිර්මාණය කළා.(විජේසේකර කීබෝඩ් එකට) එතනදි මම ආදර්ශයට ගත්තෙ "ෆොන්ට් මාස්ටර්" අකුරු පැකේජයයි. අසම්පූර්ණ අකුරු මෝස්තර නිර්මාණය කරලා ප්‍රසිද්ධ කළොත් අපි භාෂාවට කරන්නෙ බරපතල වරදක්.

    හැමෝම වගේ න ණ ල ළ ගැන කතා කරපු නිසා මම වෙනස් විදියක කමෙන්ට් එකක් දැම්මා.

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා මේ ලිපියට ලොකු වටිනාකමක් දීලා තියෙන්නේ..

      ඔව්.. ගොඩක් ෆොන්ට්ස් වල අකුරු අඩුයි.... ඒ ව‌ෙග්ම අකුරු වැරදි ෆොන්ට්සුත් තියෙනවා.... ඉස්සර අපි හරියට අමාරුවේ වැටෙනවා පොඩි ළමයින්ගේ පන්තිවල වැඩ ටයිප් සෙටින් කරන්න ගියාම... මොකද ඒ වගේ එකක හරි අකුරු පාවිච්චි කළේ නැත්තම් ළමයින්ට අකුර වැරදි විදියට තමයි මතක හිටින්නේ....

      ඒ වගේම සමහර වෙලාවට අමාරුවේ වැටෙනවා ලෝගෝස් හදද්දි එහෙම.. ෆොන්ට්ස් නිර්මාණය ගැන ටිකක් දන්නවා උනාට මම කවදාවත් ඒ වැඩේට අත ගැහුවේ නෑ... ( ට්‍රයි කළේ වත් නෑ... හි හි)

      පොත් මුද්‍රණයේදි ගොඩක් වෙලාවට යොදාගන්න “FMAbhaya” “ DL Manel” වගේ ‌ෆොන්ට්ස් වලත් හැම අකුරුම තියෙනවා.. මේකේ හෙඩර් එකේ තියෙන්නේ “ NIDAHASA Madu” “ Araliya” කියන ෆොන්ට්ස් දෙක... අර කියපු ඒවා ළඟින් යන ඒවා... මම සිරිතක් විදියට කැළණි ෆොන්ට් එක පාවිච්චි කරන්නේ නෑ... අරලිය බෝල්ඩ් ෆොන්ට් එකක් නිසා අවශ්‍යතාවය අනුව යොදනවා....

      Delete
    2. මම නම් සාමාන්‍ය යෙන් යූස් කරන්නෙ ෆොන්ට් මාස්ටර්ලගෙ FM ෆොන්ට්ස් පැකේජ් එක. ඒකෙනුත් වැඩිපුරම FMAbhaya යි FMSamantha යි FMBasuru යි තමයි. තව සරා ෆොන්ට්ස් සෙට් එකත් යූස් කරනව. ෆොන්ට් මාස්ටර්ලගෙ විසිතුරු අකුරු සෙට් එකක් තියෙනව, ඒකනම් බර ගානක් වෙනව, අපි වගේ දුප්පතුන්ට පාවිච්චි කරන්න බෑ. අවශ්‍ය වුනොත් ඒ ස්ටයිල් එකක අවශ්‍ය අකුරුටික විතරක් ඇඳල හදාගන්න එක තමයි හොඳම වැඩේ. අර DL ෆොන්ට්ස් මමත් ඉස්සර පාවිච්චි කරා, ඒ අකුරු එච්චරම ලස්සන නෑනේ.

      Delete
    3. DL Fonts පාවිච්චි කරන්න හේතුවක් තියෙනවා DDT... හිනා යන එකක්... ඒ ෆොන්ට්ස් හීනියි... ටෝනර් යනවා අඩුයි.... කමියුනිකේෂන්ස් වල වැඩිපුරම පාවිච්චි කරන්නේ ඔය වගේ ෆොන්ට්ස්.. අනිත් එක DL Manel වගේ ඒවායේ පොඩි රාජකාරිමය ගතියක් තියෙනවා... හි හි...

      මං ගාව ඔය ෆොන්ට්ස් හෙන ලොට් එකක් තිබුනා... DL, FM, SARA, NIDAHASA, දැං නං අතුරුදහන් වෙලා...

      Delete
    4. මගෙත් මේ අයිස් ජොබ් එක නිසා මටත් ටිකක් ෆොන්ට්ස් එක්ක වැඩකරන්න වෙනවා. DL Fonts හැම එකක්ම හීනි නෑ හිරු, ටෝනර් එක ගැන හිත හිත ෆොන්ට්ස් යූස් කරන එකනම් මහ පිස්සුවක්. මගේ ළඟත් සිංහල ෆොන්ට්ස් නම් 300-400 ක් විතර තියෙනව, ඒත් මම ඉන්ස්ටෝල් කරන්නෙත් අර කලින් කියපු ටික විතරයි. DL Manelවලට වඩා රාජකාරිමය ගතියක් FM Abhaya, FM Rashmee, FM Malithi වගේ ෆොන්ට්ස්වල තියෙනව කියල මට හිතෙනව. කොහොම උනත් ඉතිං අවශ්‍යතාවයෙ හැටියට තමන් හොඳයි කියල සිලෙක්ට්කරන ෆොන්ට් එක තමයි ඒ වැඩේට ලෝකෙ තියෙන හොඳම ෆොන්ට් එක.

      Delete
    5. ඒක හරි... අනිත් එක එක එක්කෙනාට හරි යන ෆොන්ට්සුත් තියෙනවනේ... මලිති නම් ලියුම් වලට හරියන්නෑ මට... ඒක බෝල වැඩියි... හි හි

      අර කමියුනි‌කේෂන් කතාව මම ඇත්තටම කිව්වේ.. Basuru, Araliya, Gangani, වගේ ඒවා මහත නිසා ලියුමකින් ලැබෙන ලාබය අඩුයි... ( විශේෂයෙන් හොඳ ටෝනර් පාවිච්චි කරන අයට) ඒක මේ බිස්නස්කාරයන්ගේ වැඩක්.. හි හි... මමත් එකක වැඩ කළානේ...

      Delete
  23. ඇත්තටම හොද ලිපියක්. ඔය කියන බෝඩ් කියවන පුරුද්ද මටත් තිබ්බා. බස් එකේ යද්දි පොඩි කාලේ බෝඩි කියවනවා හරියට. ඒ මදිවට වාහනවල නම්බර් ප්ලේට් වල ඉලක්කම් එකතු කරලා රවුම් ගානක් එනවද බලනවා :)

    න ණ ල ළ ගැන දැනගත්තාට මට ටයිප් කරද්දි ඕව දෙපාරක් බැලෙන්නේ නැහැ. ඒක මගෙ වරදක් ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. වාහන වල නම්බර් ප්ලේට් වැඩේ පුරුදු කළේ අපේ මහත්තයා.. හි හි.... ලෙඩ දෙකම තාමත් තියෙනවා.. ඒත් වැඩිපුර කොහෙවත් යැවෙන්නේ නෑ නේ....

      Delete
  24. මෙන්න තන සහ තණ ගැන

    http://upashantha.blogspot.com/2010/06/blog-post_25.html


    මෙන්න යුනිකෝඩ් කන්වටරයේ භාවිතයේ උපරිමය

    http://upashantha.blogspot.com/2012/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. අම්මේ මෙයාව දැක්ක කල්...... මං හිතුවා බ්ලොග් එපා වෙලා කියලා.... හි හි

      අර මුක්කන් නාහේ කතාව නම් කියලා වැඩක් නෑ... හි හි....
      අර පරණ කතාව නම් හිනා වෙනවට වඩා දෙයක් තිබුණා.... හැම පරණ දේටම ගරහන මිනිස්සුත් ඉන්නවානේ නේද....

      Delete
  25. මටත් හිටිගමන් අමතක වෙන වැරදෙන තැන් තියෙනවා.. පෝස්ට් කරන්න කලින් දෙතුන් පාරක්ම මම කියවලා බලලා දාන්නේ... :)

    මේක බුක්මාර්ක් කරගත්තලු හොදේ.. ආයෙ පැටලෙන වෙලාවට බලන්න..

    ReplyDelete
    Replies
    1. හි හි... දෙතුන් පාරක් කියෙව්වත් මටත් අහුවෙන් නැති ඒවා තියෙනවා මලයා... ඒවා ඉතිං සොරි ඩොට් කොම් තමා...

      Delete
  26. මම ව්‍යාකරණ ගැන තරමක දැනීමකින් යුක්ත උවද භාවිත අකුරු ඇමිණුම් මාධ්‍යයේ(google ime) තිබෙන්නා වූ නොයෙකුත් නොගැලපීම් හේතුවෙන් සියල්ල අමතක කර දමා ශබ්ද රසය පමණක් ජනිතවනසේ අකුරු කරමි.

    ReplyDelete
    Replies
    1. හම්ම්.....

      කී බෝඩ් එකෙන් සිංහල ටයිප් කරන එක ගොඩක් අමාරුයි වගේ නේ කට්ටියට....

      මම නම් මුලින්ම පටන් ගත්තේ ඔක්කොම අකුරු ටික කොලේක ප්‍රින්ට් කරගෙන ඒක බලාගෙන... සති දෙකක් යනකොට අල්ලගත්තා... අවුරුදු 2ක් කම්පියුටරයක් අල්ලන්නේ නැතුව ඉඳලා ආයිත් පටන් ගත්තමත් දවස් දෙකක් තුනක් යනකොට ආයිත් පුරුදු උනා... එච්චර අමාරුවක් තිබුණ් නෑ...

      Delete
  27. මේ න ණ ල ළ භේද ගැන කියවද්දී මට මතක් උනේ 'බස්තියන් ගෙ සොහොන පොත' ඒකෙ කතාව සම්පුර්ණයෙන්ම ගෙතිල තියෙන්නෙ ඔය වගේ පොඩි අකුරු විජ්ජාවක් මත!

    ReplyDelete
    Replies
    1. ෂිකේ... මට දැං ඒ පොතේ කතාව මතක නෑ අප්පා... අපරාදේ...

      Delete
  28. කමෙන්ට් එක ටයිප් කරලා ඉන්දික අය්යගෙ පෝස්ට් එකේ ලින්ක් එකත් කොපි කරගෙන ආවට පස්සෙ තමයි දැක්කෙ ඉන්දික අය්යා ඒක දාලා


    මර්ධනය සීන් එක අපේ ස්කෝලෙත් ඔය විදියටම උනා.. හිරුයි මායි එක ස්කෝලෙද මන්දා...

    මටත් ඔය අක්ෂර වින්‍යාසය විකාරයි... ඊටත් හපන් අකුරු වලින් භාග ලියන්නෙ, ඉස්පිළි පාපිලි ඇහිදින්න කවුරු හරි පස්සෙන් ඇවිදින්න ඔනේ...
    ශිෂ්‍යත්වෙ ප්‍රථිපල ආව දවසෙ ටීචර් මාව තුරුල් කරගෙන කිව්වෙ උබ අකුරු ටික හදා ගත්තනම් රෝයල් එකේ කොල්ලෝ.. කමක් නෑ ඔය ටිකත් මදෑ කියලා

    ReplyDelete
    Replies
    1. එතනත් වැරදියි බොල මීයෝ.... මර්දනය හි හි...
      එහෙනං මෙයත් අපේ මල්ලිගේ ජාතියේ.... පුදුම අමාරුවෙන් අකුරු හැදෙව්වේ එයාගෙත්...

      Delete
  29. ටීචර්.ර්.ර්.ර්.ර්
    කවද්ද පංතිය පටන් ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. පංති.....??????

      බලමු.... මගේ පරණ ටියුට් ටික හොයාගන්න පුළුවන් උනොත් වැඩිපුරම අවශ්‍ය වෙන ඒවා ටික දාලා පෝස්ට් එකක් ලියන්නම්....

      Delete
  30. අපේ භාෂාවලුනේ අමාරුම භෂාව...

    ReplyDelete
    Replies
    1. එහෙමද....???

      වෙන්නැති අප්පා... හි හි

      Delete
  31. මට නම් කන්වර්ටර් නැතුව ටයිප් කරන්න බැහැ.

    ඒක අල්ලලා දාමු. නමුත් හිරු කියන මේ භාෂාව මැරීම ගැන කිව්වොහ් මම හිරුත් එක්ක එකඟයි. මමත් හිතාමතා නම් භාෂා නීති උල්ලංඝනය කරන්න හදන්නෙ නෑ. මමත් දන්නෙ අර උඹ දීලා තියෙන උදාහරන විතරයි (මම මි) නමුත් ඒ ටික කල්පනාවෙන් පාවිච්චි කලොත් සෑහෙන්න අඩුපාඩු මග හරවා ගන්න පුලුවන්.

    මටත් තියෙන එක අවුලක් තමයි නණ ලළ භේදය.
    ඕවා ඉගෙන ගන්න තියෙනවා කිව්ව අර කෙටිමං සූත්‍ර හෙමත් දාපංකො ඉතින් අපිටත් ඉගෙන ගන්න.

    මම සිංහල ගැන විශේෂ අවධානයක් යොමු කරන්නෙ මම භාෂා දෙකෙන්ම බ්ලොග් ලියන නිසා. මම ඉංග්‍රීසි කිසිම වරදක් නැතුව ලියන්න උත්සාහ කරනවා වගේම සිංහලටත් ඒ සැලකිල්ලම දෙනවා. ප්‍රශ්ණෙ නණ ලළ තමයි. මතකයි නේද මම ඉන්නෙ සිංහල ඇහෙන පරිසරයක නෙවෙයි. සිංහල පොත් පත්තර නෑ. උඹලගෙ බ්ලොග් විතරයි තියෙන්නෙ.

    ඉතින් දන්න දෙයක් අපිටත් කියලා දීහං.

    අවසාන වශයෙන් කිව්වොත් ජීවමාන භාෂාවක් ගහක් වගෙ නිරන්තරයෙන් වෙනස්වෙනවා. නමුත් අපි ගහ මරන්න ඕනෙ නෑ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හි හි.. ඔහේ ඉඳලා හෙන්රි අයියා ඔය කොරන හරිය මදෑ සිංහලෙන්...

      අන්න හරි... ගහ මරන එකට තමයි මගෙත් අකමැත්ත.. මේ පාර ගෙනාපු පොත් වලින් දෙක තුනක්ම හරියට අකුරු වැරදි වලින් පිරිලා.....

      Delete
  32. "ape sinhala panthiya" kiyala dakina kotama mata mathak une sannawa. Balana kota e ganama thamai neda kiyala thiyenne. Matath godakma oya lede bo une sanna hinda thamai. Wachaneka wradi akurak thibuna gaman e wachane mokakdo aduwak thiyenawa kiyala danenawa. Matath waradena welawal thiyenawa eth godak durata ehema wachana hariyata hithala thamai liyanne. Kawru sannata dos kiwath sirge class giya kenek baninne na. Pitin balana ayata vikarayak wage penunata uganwanakota ehema na. Akamathi kattiya mata banida danne na hiruwo mehema kiwata.

    ReplyDelete
    Replies
    1. හි හි.. ඔයාට අපේ සිංහල පංතිය ගැන ලියපු පෝස්ට් දෙක මිස් උනා නේ.. ඔන්න ගිහින් බලන්නකෝ කට්ටිය කියලා තියෙන කතා.... හි හි

      ඉස්කෝලෙ ගිය කාලේ කෝච්චි කතාවක්.....
      අපේ සිංහල පන්තිය... (සුදු හුණු ගෑමක් නොවේ....)

      Delete
  33. අඩේ මටත් ඔහොමයි..ඔය ‘ද‘යනු ‘න‘යනු හැම වෙලේම පැටලෙනවා...

    ReplyDelete
  34. වැදගත් ලිපියක් . ඉස්කෝලේ යනකාලේ සිංහල නිකන් කජු කනවා වගේ . ඒ වුනාට ආයේ කාලෙකින් ලියන්න ගත්තු නිසා වැරදීම් වෙනවා . මටත් කන්වර්ටර් පිහිට තමයි . මේ කමෙන්ට් එකක තිබුන කන්වර්ටර් එක උණු උණුවෙම බාගෙනයි මේ ලියන්නේ . ලේසියි .වැඩේ හරි නැහැ තමයි . ඒ වුනාට අපි දැන් කම්මැලි වෙලානේ .

    ඔන්න ළමයින්ට සිංහල උගන්නවන්න ගියහම තමයි අකුරු වැරදි සොයන්න වෙන්නේ . මන් තමයි සිංහල ගුරුතුමිය අපේ දෙන්නටම . පොත් ගෙනත් තියන් ඉන්නේ . ළමයින්ට බොරු උගන්නන එක හරි නැති නිසා .
    භාෂාවක් කෙමෙන් වෙනස් වන දෙයක් කියන මතයේ මන් ඉන්නේ . එහෙම නොවුනොත් පැවැත්මක් නැහැ . හැබැයි පවත්නා තත්ත්ව යටතේ හරි දේ ඉගෙන ගැනීම වැදගත් .

    ReplyDelete
    Replies
    1. ඒකනං හැබෑව.. ඉස්සර කජු කතවා වගේ වැඩක් දැං ඔලුව කස කස කල්පනා කරන්න වෙලා... හි හි...

      අපොයි ඉස්කෝලවලත් ඉන්නවා දන්නෙ නැති කම වහගන්න බොරු උගන්නන ටීචර්ලා... ඒක නිසා පොතකින් බලලා හරි හරි‌ දේ උගන්නන එක වැදගත්.. හි හි...

      Delete
  35. අඩේ අක්ක කියලා තියෙන කතාව නම් ඇත්ත ඒත් ඒවා ගැන බැලෙන්නේ නැති එක නේ අවුල :/

    ReplyDelete
    Replies
    1. බැලෙන්නේ නෑ.. බලන්න ඕනේ.. අනේ මන්දා මේ මඩයත්... හි හි...

      Delete
  36. මමත් ගොඩක් කරන වැරැද්දක් ,දැන්නං ගොඩක් හදාගන ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ඒක තමයි අටම් කෙරෙන්න ඕනේ.. හි හි...

      Delete
  37. සුපිරි ඈ!
    මටනම් සිංහල ඉංගිරිසි දෙකේම ස්පෙලින්ග්ස් හරියට බෑ! අනේ මොකෝ මන්දා.....
    හැබැයි දැන්නම් හිතෙනවා ටිකක් හදා ගත්තොත් හොඳයි කියලා!

    ReplyDelete
    Replies
    1. හා.... දැං වත් හිතුන නං මදෑ..... හි හි....

      Delete
  38. හ්ම්ම්..ඔයා හරි අක්කෝ..ඇත්තටම ලියනවට ලියන්නේ නැතුව අකුරු ටිකක් මතක්කර ගන්න ඕන තමා :)

    ReplyDelete
  39. පෝස්ට් එක දැක්කම සතුටු හිතුනා.මාත් ඒ ගැන ටිකක් උනන්දු නිසා.ඒත් අපිටත් වරදින වෙලාවල් නැත්තේ නෑ.මට නම් තියෙන ප්‍රශ්නේ තාම unicode converter එකෙන් සමහර අකුරු ටයිප් කරන්න දන්නෙ නැති එක. :(

    ReplyDelete