Monday, October 1, 2012

කඳුළු බිංදුවකට කරන්න පුළුවන් හරියක්.....

දෑස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල්මාලියේ.....

නිහඬ හදවත් පොතේ ලියවුනූ
සොඳුරු ගී වැලේ ඇතේ මාතැනූ
ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ....

පබළු මිණිමුතු නැතේ මා සතූ
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ
තුෂර පිණි ලෙස මල් මතේ
කඳුළු කොපුලේ රැඳේ...

මට නින්ද නොයන ලෙඩක් හැදිලද කොහෙද මේ දවස්වල.... අපේ මහත්තයටත් අඟහරැ මාරැව තදට බලපාලද කොහෙද කරදර වැඩියි.. මම ඔතනට වෙලා දඟලන්න ගත්තම එයාට නිදා ගන්නත් බැරි වෙන නිසා මම සහනයක් සොයා ආවා මගේ කොම්පීතර අයියා ගාවට.... කොහෙද මෙයත් දුක හිතෙන සින්දු කියන්න පටන් අරන්නේ... දාපු ගමන් කපුගේ....

ඇයි කඳුළු මෙච්චර රසවත්..... ?

ඔන්න මට හිතිච්ච දේ.....

මොන කෙහෙල්මලක්ද... කඳුළේ මොන රසයක්ද..... ම්ම්ම් ... ලුණු රහ තමා ඉතිං.... නේද.... අනේ මන්දා .. මටත් හිතෙන පිස්සු.....

මට ඔහොම හිතුනේ මෙන්න මේ පද ටික හින්දා.....

“ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ....“

කෙල්ලන්ගේ හොඳම ආයුධේ ඔය කඳුලු නොවැ.. මටත් එහෙම තමා ඉතිං.....

කෙල්ලෙක්ගේ කඳුළු කොල්ලෙක්ගේ හිතේ මොනතරම් හැඟීමක් ඇති කරනවාද....?

අනුකම්පාවක්..... ආදරයක්....... සතුටක් ....... දුකක්........ආඩම්බරයක්..... ලොකු කමක්.... ආසාවක්... වින්දනයක්....ශක්තියක්..... කළකිරීමක්.....

මේ තරම් දෙයක් ඔය චූටි කඳුළු බිංදුවකට කරන්න පුළුවන්ද....?

ආදරේ කරන කොල්ලෙක්ට කෙල්ලගේ ඇස් වලින් පිටාර ගලන පුංචි කදුළු බිංදුව මහමෙරක් වගේ... ඒ කඳුළු බිංදුවේ පිරිලා තියෙන්නේ ඔය මං කියපු හැඟීම් ටික නෙවෙයිද.....?

කඳුළකට මවන්න පුළුවන් කතා සාගරයක්.... කවි පොතක්....

ආදරයක් විඳිද්දිත් කඳුළ අපි එක්ක ඉන්නවා...
ආදරය විදවද්දිත් කඳුළු අපිට තනි රකිනවා....

“නිහඬ හදවත් පොතේ ලියවුනූ
සොඳුරු ගී වැලේ ඇතේ මාතැනූ....“

සංවේදී හිතක් ඇති නිහඬ පෙම්වතෙක්, පෙම්වතියගේ කොපුල් තල දිගේ රැරා වැටෙන කඳුළු බිංදුවක් දැකලා හදවතේ ලියාගත්තු ගී වැල් කොහොම කවදා එළි කරන්නද.....

“තුෂර පිණි ලෙස මල් මතේ
කඳුළු කොපුලේ රැඳේ..“

මලක පෙති මත රැඳුනු පිනි පොදක් වගේ ආදරේ කරන කෙල්ලගේ කම්මුල් වල රැදිලා තියෙන කඳුළු බිඳක් පේන්න තරම් පෙම්වතාගේ හිතේ මොන තරම් ආදරයක් තියෙන්න ඕනේ වෙයිද......

මේ පද ටික අහද්දි මට අපේ මහත්තයා මතක් උනේ නිරායාසයෙන්.... එයා කතා කරන කෙනෙක් නෙවෙයි... ආදරෙයි කියන්න ඇරුනම ආදරේ අකුරු කරන්න එයා උත්සාහ කරන්‌ෙන් නෑ... ලියුමක් ලිව්වොත් බාගෙකට වැඩිය මට අරක කරන්න එපා මේක කරන්න එපා කියලා බැනපුවා තමා ඉතිං ඉස්සර......

මේත් ඒ වගේ පෙම්වතෙක් කියලා මට හිතුනා.... කියන්න බැරි තරම් ආදරයක් හිත ඇතුලේ පුරෝගෙන ඉන්න පෙම්වතෙක්....

මේ ටික ලියන ගමන් මට මතක් උනේ මාරයියාගේ පෝස්ට් එකකට මං දාපු කමෙන්ට් එකකට ඩූඩ් අයියයි මාරයියයි දාලා තිබුණ රිප්ලයි එකක්....

“හිරූ උඹ ඕක පිළිගන්න අකමැති වුනාට හස්බන්ඩා චික් මැග්නට් එකක්නෙ, DIY Dude නෙ. හයියෝ සල්ලි! අන්න මම ආසම බුවෙක්.“

“ඔහොම මිනිහෙක් ලබන්ට පිං කොරලා තියෙන්ට ඕන...“

මම ඒක අද එයාට පෙන්නුවාම කියවලා බලලා හිමීට මට කිස් එකක් දීලා හිනා වෙවී යන්න ගියා...

මාරයියා කියපු කතාව හරි... එයා වගේ කෙනෙක් ලබන්න පිං කරලා තියෙන්න ඕනේ තමා...

මේ පෝස්ට් එක ලිව්වේ නිකම් හිතට ආපු නිසා...


ඔය ඉන්නේ මගේ ලොකු මහත්තයා තමයි.....හි හි
( හැබැයි මේ පෝස්ට් එක නම් මම එයාට පෙන්නන් නෑ... හි හි... )

සින්දුව ලියපු කෙනා ගැන නම් මට හොයාගන්න බැරි උනා... කියන්නේ ගුණදාස කපුගේ කියලා කට්ටිය දන්නවා නේ...

73 comments:

  1. දරු සෙනේහයෙන් මවක නෙතින් ගල හැලුන
    ප්‍රිය වියෝගයෙන් විරහිනියක නෙතින් වැටුන
    මේ කඳුළු බිඳට නමක් ගමක් ලියා තියෙනවද?

    සින්දුව ලිව්වේ ප්‍රියනන්ද විජේසුන්දර(දෑස නිලුපුල් තෙමා)
    ගුණදාස කපුගේ කියන ගායකයා මුලින්ම ගායනා කරපු ගීතයත් මේක

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නුවන්....

      ලියපු කෙනාගේ නම කියපු එකටයි අර ලස්සන පද වැලටයි...හි හි

      Delete
    2. පද වැල මගේ නෙමෙයි!:)
      එක සින්දුවක්!
      දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ!

      Delete
    3. හි හි හි....

      මට මතක් උනා මේක සින්දු කෑල්ලක් කියලා... හැබැයි කාගෙද කියලා නම් හිතාගන්න බැරි උනා... ඕක මතක තියාගෙන හිටපු එකත් මදෑ ඔයා.....

      Delete
  2. හැදිලා තියෙන අසනීපෙ නම් හොඳ එකක් වගේ නෙවෙයි හිරුවෝ.කම්පීතර ගාව ඕවට බෙහෙත් නෑ ඕං....!
    අපූරුයි නේ ඉතිං ඔහොහොම සිංදු ලියන්න පුළුවන් උන එක. මල හොන්ඩරයයි මේ වගේ සිංදුවක් ලියන තැනට වැඩ සිද්ද උනානම් එහෙම.....

    මහා මෙරක් සේ ඔබ ගැන සිතුවෙමි...
    වැලි කැටයක් සේ ඔබ මා ගැන සිතුවේ
    වැලිකැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ...

    මහා සයුර සේ මා සිතුවේ- පෙන බුබුලක් ලෙස ඔබ දු‍ටු දේ//
    විසල් දෙරණ ලෙස මා දු‍ටුදේ- පිණි කඳුලක් මෙනි ඔබ හිතුවේ...
    වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ..

    සඳ මඬලක් සේ මා දු‍ටු දේ-ගිනි පුපුරක් මෙනි ඔබ දු‍ටුවේ..//
    ජීවිතයම ලෙස මා පැතු දේ- එක් මොහොතක් විය ඔබ හමුවේ... වැලිකැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ...

    එහෙම බලන කොට ඔයාලා අපි මොනතරම් වාසනා වන්තද හිරූ...

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල බේත් තියෙන්නේ මේකේ තමා සරත් අය්යේ...

      හපොයි මෙහෙම උනා නම් ඉතිං .... අනේ මන්දා මං මොනා කරයිද කියලා... හි හි

      Delete
  3. මේ තරම් දෙයක් ඔය චූටි කඳුළු බිංදුවකට කරන්න පුළුවන්ද....?

    "කරුමේ........................"

    :P

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. කරුමේ වෙන වෙලාවලුත් තියෙනවා.. හි හි....

      Delete
  4. කෙල්ලෙක්ගෙ කඳුළු ලඟදි ඔය කියන එක දෙයක්වත් දැනෙන්නෙ නැති අයත් ඇති හිරූ...
    කඳුළු තරම් අපේ ජීවිතවලට ලඟ තව දෙයක් නැද්ද මන්දා...අඬාගෙන ඉපදෙනවා. මැරුනම ලඟින් උන්න අය අඬනවා...අනේ මන්දා

    //මම ඒක අද එයාට පෙන්නුවාම කියවලා බලලා හිමීට මට කිස් එකක් දීලා හිනා වෙවී යන්න ගියා... //

    ඔයිටත් වඩා ආදරේ පෙන්නන්න තවත් විදියක් තියෙනවද ? ( අපිට ඉතින් ඊරිසියයිලු )

    ReplyDelete
    Replies
    1. ඔහෙම අය ඉන්නවා.. හිතක් පපුවක් නැති අය... ඒ අය ගැන හිතලා වැඩක් නෑ ළිහිණියො...

      පල පල ... උඹ ඊරිසියා කර කර හිටු..... මට වඩා හොද එකෙක් උඹට හම්බුනාම මම උඹට ඊරිසියා කරනවා... හි හි...

      Delete
    2. ඊරිසියා නොකර පුළුවන්ද අප්පා...

      අනික මම මේ අහන්නමයි උන්නේ...රෑට ඔය කොම්පීතරේ එල්ලෙන්නේ වෙන වැඩ නැද්ද අප්පා කොරන්න...හි හි හි

      Delete
  5. දාඩිය මහන්සියෙන් කොටාපු කොමෙන්‍ටුව බහිරවයා කාලා. හොයලා දුන්නේ නැත්නම් ඕං මම යනවා පොලීසි..! අම්මාපල් ආයේ දෙකක් නෑ ඕං...!

    ReplyDelete
    Replies
    1. අඬන්නේ ‌මොකටද බං අයියේ.. ඔය තියෙන්නේ කොමෙන්ටුව හොඳට.. හි හි...

      Delete
  6. ආ ? කෝ දරුවෝ මම මේකට දාපු කමෙන්ටුව ? ලොකු මහත්තයා ගිල්ලාද ?

    ReplyDelete
    Replies
    1. අයියගේ කොමෙන්ටුව නම් හොයා ගන්න බැරි උනා... ඒක නම් ෂුවර් එකට බහිරවයා කාලා.... උඩ සරත් අයියගේ සත්තමට බය වෙලා එයාගේ කොමෙන්ටුව වමාරලා යට සරත් අයියගේ කොමෙන්ටුව ගිලලා.... දෙන්නම සරත්නේ කියලා හිතලද කොහෙද බහිරවයා......

      Delete
    2. බොරු කියන්න එපා. ඔයා මේක ඊයේ දාල ආයිත් ගලවලා පොටෝ කෑලි දානකොට මගේ කමෙන්ට් එක විසිවෙලා..

      Delete
    3. අනේ.. එහෙම වෙන්නේ කොහොමෙයි.... අඩේ... ඔව් නේන්නං... මට මාතෘකාව දාන්න අමතක වෙලා එඩිට් කලා නොවැ.. ඒ වෙලාවෙදි වෙන්නැති.. දැන් මක්කැයි කොරන්‌‌ෙන්....

      Delete
  7. :)

    //ලියුමක් ලිව්වොත් බාගෙකට වැඩිය මට අරක කරන්න එපා මේක කරන්න එපා කියලා බැනපුවා තමා ඉතිං ඉස්සර......//

    ඒ ඉස්සරනේ..ඒත් දැන් මේ ඕන කෙහුරක් ලියන්න ඇරලා පාඩුවේ ඉන්නේ උන්දෑ... වැඩිය ඕන නැහැ මහ රෑ නැඟිටගෙන කොම්පීටරේ ගාවට වෙලා කොට කොට ඉද්දී වෙන මිනිහෙක්නං බලයි මේකි මොකාටද මේ එන්න හදන්නේ කියලා... බොට ඕන කෙහුරක් ලියන්න ඇරලා පෙන්නුවොත් හිනා වෙලා බලලා යන ටිකම මදිද...? ඔය පස්ට සමාජශීලී කියන බුවාලාගේ ගෑණු මනුස්සයෝ ගෙවන ජීවිතත් මං දැකලා තියෙනවනේ ඇති පදං... ලෝකෙට ප්‍රජාතන්තරේ හඳුන්වා දෙන්න ටෝක් දුන්නට මොකද ගෙදර ගෑණිට ඕන හැටියට හිතන්නවත් දෙන්නේ නැහැ...

    රැස් නැතිවට කමක් නැහැ බං මනුස්සයෙක් ඔහොම හිටියම හොඳටම ඇති...අනික අපිට රැස් පෙන්නන්න කියන උන් අපිට කෙල වෙච්ච දවසකට අඩ ගහලා ඈ බං උඹ කාලද ඉන්නේ කියලා බත් මිටක් කටේ දාන උන් නෙවෙයි... උන්ට රැස් පෙන්නලා අපිට ලැබෙන ලබ්බක් ඇතෑ... ලෝකෙට ඕන හැටියට නෙවෙයි බොලාට තියෙන හැටියට ජීවත් වෙයල්ලා.. එහෙම උන්ගේ රැස් ඔය විච්චූරණ රුස වළලුවලට වඩා හරි බලවත්... කටින් නොකිවුවට එහෙම උන් දිහා බලලා හුගක් උන් හිතිං හූල්ලනවා... බොට හොඳ ජීවිතයක් ලැබිලා තියෙනවා... ඒක ආරස්සා කොරගෙන අනිත් උන්ගේ කතා මට පාංද කියලා හිතලා සතුටෙන් ඉන්න විතරයි තියෙන්නේ...

    (යකෝ දවල්ට නිදියන්න එපා.. එතකොට රෑට නින්ද යන්නේ නැහැ තමා...)

    ReplyDelete
    Replies
    1. කටේ මසුරං දාන්න තරම් වටින උපදෙස් ටිකක්නේ ......දාන්නකෝ මාරයියේ 5ක්

      Delete
    2. එකගයි එකගයි මාරයියේ

      Delete
    3. අඩේ නියමයි මාරේ. ආයෙ මට කියන්න දෙයක් නෑ. ඔය බුවා දාහකින් හොයාගන්න බැරි බුවෙක්.
      හිරුවො උඹ මාරෙයි මමයි කිව්ව එක පෙන්නලා බුවාගෙන් කිස් එකකුත් ගත්තා නේ?:D
      එල එල!
      (ඔය බුවා දාගෙන ඉන්න ජාතියෙ කව්බෝයි තොප්පි දෙකක් දීපටයි මටයිත් තියෙනවා බං. අව්වට හොඳයි. වාහනයක් එලවන්නබෑ ගැට්ට වදිනවා හෙඩ් රෙස්ට් එකේ.)
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    4. ඔය කට්ටිය ළකුණු දීලා තියෙන්නේ මාරයියට... මම නං මුලින්ම ළකුණු දීලා මයි වැඩේ පටන් ගත්තේ.. හි හි...
      මං දවල්ට නිදියන් නෑ මාරයියේ.... ඇඳ පෙනුනොත් නිදිමත වෙන නිසා පැත්ත පළාතේ යන්නේ නෑ දවල්ට...

      හෙන්රි අයියේ....

      ඕක පෙන්නලා කිස් එකක් වත් ඉල්ල ගන්න බැරි නම් මේ පණ දාගෙන කරන කෙටිල්ලෙන් වැඩක් තියෙනවද මං අහන්‌ෙන්... හි හි..
      හැටි එක නම් ඉතිං ඔය කොහෙහරි යන වෙලාවට දූවිලි ගසලා ගන්නවා ඇරෙන්න වැඩි පාවිච්චියක් නෑ ඉතිං....

      කෙල්ලො ටිකට...

      මං ඉතිං කියන් නෑ උඹලා ටිකට..... හි හි... පුළුවන් නම් ඔච්චර හොඳ අදහස් කියෙන තාම තනිකඩ අපේ මාරයියට මඟුලක් සෙට් කරලා දෙන්නලා..... ඔක්කොටම ඔලුව වන වන ඉන්නේ නැතුව.... හි හි....

      Delete
  8. ගෑනු මනුස්සයෙකුගෙ නෙමේ පිරිමියෙකුගේ වත් කඳුළු දකින්න මං ආස නෑ.ඒත් දන්නවා හිනාවෙලා ඉන්න බොහෝ දෙනෙක් හදවතින් අඬනවා.නාඬා නිදියගනින් හිරුවෝ.නැත්තං ඔයාව මහත්තයට ඇණයක් වෙයි.

    ReplyDelete
    Replies
    1. හිනාවෙලා ඉන්න එක තරම් අඬන එක ලස්සන නෑ නලින් අයියේ...

      ඇණයක් වෙන නිසා තමයි ෂේප් එකේ නැගිටලා ආවේ.... හි හි....

      Delete
  9. ඔබට වැළඳී ඇති රෝගය දරුණු රෝගයක් බව පෙනෙයි. මේ සඳහා

    දවල් නිදා ගැනීම, රෑ නිදි මැරීම අගුණ බව සලකන්න.
    ඌශ්නාධික කෑම ගැනීමෙන් වලකින්න.
    පරිඝනකයට ඇබ්බැහි වීමෙන් වලකින්න. (ඕකේ එල්ලුනොත් එල්ලුනාම තමයි. අද ඕක මානසික රෝගයක් වෙලා)
    රෑට කට් ඕෆ් ටයිම් එකක් දා ගන්න. ඒ කියන්නේ ඒ වෙලාවෙන් පස්සේ ඇඳට යෑම මිසක් වෙන කිසිම දෙයක් නොකරන බවට.
    නිදාගෙනම භාවනාවක යෙදෙන්න.
    මළ අඬොවැඩියා ගීත නොව, සරළ වින්දනාත්මක ගීතයක්, අහන එකත් භාවනාවක්. මම නම් අහන්නේ ලයිට් එෆ් එම්.
    ඇඳට ඒමට පෙර හොඳින් පිරිසිඳු වන්න.
    බෙඩ් රගර් ක්‍රීඩාවේ අනිවාර්යයෙන් යෙදෙන්න. (මහන්සියටම නින්ද යනවා.)

    දේශිය වෛද්‍ය විශේෂඥ, දේශ බන්දු, දේෂ ශක්ති මහාචාර්ය මාතලන්

    ReplyDelete
    Replies
    1. "දේශිය වෛද්‍ය විශේෂඥ, දේශ බන්දු, දේෂ ශක්ති මහාචාර්ය මාතලන්"

      හැක හැක හැක අයියෝ මට හිනා යනවා මාතලන් අයියා'

      Delete
    2. නින්ද යන්නැති ලෙඩේට උපදෙස් ටිකක් දෙන්න ආවේ.. මට කලින් මාතලන් ඒක කොරලා මටත් වඩා හොඳට

      Delete
    3. ඔය හේතු ටික ඔක්කොම තිබනුත් මට හොඳට නින්ද යනවා මාතලන්...
      අඟහරු මාරුව නිසාද කොහෙද මේ දවස් ටිකේ මේ අවුල... හි හි....

      Delete
  10. මට දෙයක් අමතක උනා.
    අර බෙඩ් රගර් ක්‍රීඩාව සඳහා සමාන්‍ය රගර් ක්‍රීඩවක කාළයම යොදා ගන්නේ නම් මැනවි

    ReplyDelete
    Replies
    1. පුළුවන් නම් මල් හතයි.. කොහෙද ඊළඟ දවසේ උදෙන්ම වැඩට යන්න තියෙනවානේ.. හි හි....

      Delete
  11. කඳුළු කතාව කියවල කඳුලකුත් ආවද මන්ද.

    ReplyDelete
    Replies
    1. සතුටු කඳුළු නම් අවුලක් නෑ කොල්ලෝ.. හි හි

      Delete
  12. හ්ම්ම් අක්කිට නියම මහත්තයෙක් ලැබිලා තියෙන්නේ. මාරයා හා මාතලන් අයියලා කියපු ඒවාට එකගයි මමත්.

    ReplyDelete
    Replies
    1. හා‌පෝයි.. මේක නම් කොහොමවත් පෙන්නන් නෑ එයාට.. ඉල්ලන් කෑමක් වෙන්නේ මට... හි හි

      Delete
  13. මුනාද මේකට ලියන්නේ කියලා මං මේ කල්පනා කරන්නේ... ම්ම්ම්... කල්පනා වුණාම ලියන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. හා හා ... හැබැයි මේවා කල්පනා කරන්න ගිහින් මොලේ කචල් උනොත් අපි වග කියන් නෑ හරි.... හි හි

      Delete
  14. මට පේන්නේ හිරුගේ බුවයි මගේ බුවයි දෙන්නම එක ජාතියේ කියලා.අන්තර්ජාලයේ සැරිසරන්න , බ්ලොග් එකක් කරන්න මේ තරම් දෙවල් ලියන්න මට නිදහසක් වගේම වෙලාවකුත් ලැබුනේ මගේ සත්තලන් එක්ක ආවට පස්සේ තමා.එයා පන දාගෙන රාජකාරි කොරද්දී මම මගේ ලැපත් ඒ ලගින්ම තියාගෙන කවි ලියනවා කතා ලියනව බ්ලොග් බලනවා දන්න කියන අය එක්ක චැට් කොරනවා ඔය අස්සේ මොනා හරි දන්නේ නැති දෙයක් හොයා ගන්න කොර ගන්න බෙල්ලේ එල්ලිලා බටර් ගාලා කෝම හරි ඒ වෙලාවෙම ඒකත් කොර ගන්නවා.වෙලාවකට මේකිට මටත් වැඩිය මේකිගේ බ්ලොග් එක තමා ලොකු කියලා කිව්වට එයාට මාව විශ්වාසයි එය දන්නවා මම කවදාවත් මගේ සීමාවෙන් පිට යන්නේ නෑ කියලා.මමත් එයාගෙ ඒ විශ්වාසය රකිනවා.ඉතින් අපි සතුටින් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. එකවගේ කිව්වට හිරුගේ සත්තලන් සරං අඳින්නෙ නෑලු ... :P

      Delete
    2. කවියෝ...

      අපේ එක්කෙනා කම්පියුටරේට එන්නේ මම මොනා හරි පෙන්නන්න අඩගහුවොත් විතරයි.... හි හි.. බ්ලොග් කෙරුවාව මම ගෙදර ඉන්න කාලේ ඉඳලමනේ කලේ.. කොහොමත් මම කරන දේවල් වලට ගෙදරින් එහෙම අවුලක් තිබුනෙත් නෑ.. හැබැයි ඉතිං ගමන් බිමන් බෑ...

      ග්‍රැෆික් ඩිසයිනින් කිරීමේ මගේ බලවත් ආසාව නිසා තමා මේක අරං දුන්නෙත්.. හි හි... අවුරුදු දෙකක් බලං හිටියා ඒකටත්... බටර් ගාලා ගාලා ඩොන්ගල් එකකුත් ගත්තා ඉතිං.... මගේ සීමාව තියාගෙන ඉන්නවා වගේම මේකේ ඉන්න එවුන්ගේ ඔක්කෝම කෙරුවාවල් මම එයාට කියනවා.. ඔය මාරයියගේ වැඩ ගැන, මාතලන් ගේ පණ්ඩිත කතා ගැන එහෙම.. ඉතිං එයා මම කරන දේවල් දන්නවා...

      මී ගොඩයෝ....

      අපේ එක්කෙනා සරමට බො‌හොම ප්‍රිය කරන සරං රසවතෙක් හරිද... ඔයාලා වගේ ෂෝටට පෙම් බැදගෙන නෑ... එයා ෂෝට්ස් අඳින්න කැමතිම නැ....

      Delete
    3. නියමයි හිරුවෝ... මගේ සත්තලන් මගේ බ්ලොග් එකනම් හොරාට බලනවා ඒත් මේකා ආසාවට කමෙන්ට් එකක්නම් දාන්නේ නෑ.මමත් ඔය එක එක්කෙනාගේ ඒවා සේරම එයාට මේ පැත්තේ ඉදන් ස්කයිප් එකෙන් එයාගේ කොම්පීතලෑට ලින්ක් එක දානවා එයත් හිනා වෙවී බලනවා.මේ දවස්වලත් මාරයාගේ දෙයක් තමා පෙන්නමින් ඉන්නේ හි හී

      Delete
    4. හු හූ මී ගොඩයෝ අන්න එයත් සරං අඳිනවලු

      Delete
  15. :) සතුටුයි මට ඇත්තටම අක්කි :)ඔයා වාසනාවන්තයි ගොඩක්..

    ReplyDelete
    Replies
    1. තැන්ක් යු නඟා....

      ( හිටපල්ලකෝ උඹලත් මේ කටු කනකොට මාත් කියඤඤං උඹ හරි වාසනාවන්තයි කියලා.. හි හි..)

      Delete
    2. ඕ..................:(

      Delete
  16. කඳුළු සහ කෙල්ලෝ !!
    අම්බෝ මතක් කරන්ඩෙපා !

    ReplyDelete
    Replies
    1. හි හි.. අන්න කොල්ලට වැඩේ අහුවුනා...

      Delete
  17. හික්ස්…. කඳුළු.. මුකුත් නොකිය ඉන්නම්.. :)))))

    ReplyDelete
    Replies
    1. ඒක කෝකටත් ගුණයි.. නේ.. හි හි..

      Delete
  18. ඔහොම යං... ඔහොම යං... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙයා අර විකට් කූරු තුන පිටිපස්සේ ඇණ තියාගෙන හිටපු එක්කෙනා වගේයි නේ... හි හි...

      Delete
  19. ඇස්වහක් කටවහක් නෑ...හැන්ඩි කොල්ලෙක්නෙ.හැබැයි මම කියන්නේ ඔයත් තව ටිකක් දත කට මැදලා හැමදාම නාලා එයාට ගැළපෙන විදිහට ඉන්න ඕන.හොරෙන් නහය හාරන පුරුද්දත් ඉතිං නතර කරගන්න වෙයි.එනි වේ සුබාසිරි පතනවා දෙන්නටම.

    ReplyDelete
    Replies
    1. චැක්.. මේ කවුද බොලේ.... ළඟපාත ඉන්න එක්කෙනෙක්දැ.....

      මං දිහා බලං හිටියා වගේ කියලා තියෙන්නේ.. ලැජ්ජාවේ පණ යනවා.. හි හි....

      Delete
  20. ඔය ලෙඩේ උත්සන්න වෙන්නෙ ඔය වගේ සිංදු ඇහුවම නේ, අර ඇග පුරා පච්ච කොටාගෙන ආර්ම්ස් කපපු ටීෂර්ට් දාගෙන දහයකට පහළොවකතට සල්ලං වෙන්නම නෙලන්න වගේ සෙට්වෙලා එක අතකින් අණ්ඩ කොසේ අල්ලගෙන දෙපැත්තට වැනි වැනි ලතෝනි තියන "නව පරපුරේ" ගායක්යෙක්ගෙ ෂිංදුවක් ඇහුවනම් අවුලක් වෙන්නෙ නෑනෙ....නැත්නම් "රෝයල් ස්ටැග් නයිට්" CD එක දාගෙන බලන්න....:P

    සතුටු වෙන්න, කපුගේ වැනි ගායකයෙකුගේ සිංදුවක් අහන්න විඳින්න තරම් සංවේදී හිතක් තියෙන එක ගැන.
    ඔය ගීතයේ රචකයා, ප්‍රියානන්ද විජේසුන්දර හොරණ විද්‍යාරත්නයේ හිටපු ගුරුවරයෙක්, චිත්‍රකතා රචකයෙක්.

    ඔය පික් එකේ ඉන්න හැන්ඩි පොර දාගෙන ඉන්න ජාතියේ තොප්පියක් මටත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. රෝයල් ස්ටැග් නයිට්........ ඒක බැලුවොත් නිදා ගන්න නොමෙයි වෙන්නේ.. හි හි... මම කාලෙකට කලින් බැලුවා ඒ CD එකක් හම්බුවෙලා... නව පරපුරේ ගායකයකන්ගේ සින්දු මම අහන්නේ නැති නිසා හොඳ නරකක් කියන්න බෑ... හි හි

      අපේ මහත්තයගේ ආසම සින්දු ටික මම කොම් එකේ දාගෙන ඉන්නේ.. ගෙදර ඉන්න දවසට එයා නැගිට්ට ගමන් කරන්නේ ඒ ටික දාගන්න එක... හි හි.....

      හැන්ඩි පොර..... ‌හොඳ වෙලාවට සුමිත් අයියා මේක පහුවෙලා දැම්මේ... නැත්තම් අද යයි අඩියක් දෙකක් උඩින්... හි හි

      Delete
  21. මේ කදුළු බිංදුව මගේ නොවේ ,,එය ඔබේමයි......හි හි හි..

    ReplyDelete
    Replies
    1. අප්පා හිනාව... හි හි...

      Delete
  22. කඳුළු....
    කොච්චර මතකයන් අලුත් කරනවද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කියලා වැඩක් නෑ සිතු.. අඬනවා විතරයි මතක.. හි හි...

      Delete
  23. ලොකු මහත්තයා හැන්ඩියා නේද? මේක නම් එයාට පෙන්නන්ටම එපා...:D

    ReplyDelete
    Replies
    1. හැන්ඩියා හැන්ඩියා... ඔහොම ඉන්නකොට විතරයි.. හි හි...

      පෙන්නන් නෑ.. ‌පෙන්නුවත් වැඩක් නෑ පොඩ්ඩි.. ඊයේ ආසාවෙන් බලයි කියලා හිතලා පෙන්නුවා.. අනේ මට ඕවා කියවන්න කම්මැලියි කියලා නැගිටලා ගියේ නැද්ද... ආයි නං උන්දැට පෙන්නන් නෑ මොකවත්..

      Delete
  24. කදුළු , සුසුම් ගීතයක කවියක තවරලා නැත්නම් ඒවා ගීත නෙවෙයි.. අපි පුරුදුවෙලා තියෙන්නෙ සංවේදි අත්දැකිමස් තවතවත් සංවේදි විදියට දැනෙන්න ලියන්න, කියන්න.
    ගියක්න ළුුනත් හැමොටම ඒ සංවේදිකම දනවන්න බහැ. නිදසුනක් විදියට නන්දාමාලනියෙගේ "මා හඬනා කඳුළු ගලා" වගේ ගියක් ඇහෙන කොට අපි ඒ අත්දැකිම හැබැහින් අත් නොවින්දත් මනසින් විඳින්න පුරුදු වෙලා ඒ අපේ සිතුවිලි වල හැටි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ඒක ඇත්ත.. කොහොමත් ගීයකින් සහ මොනයම්ම කලා නිර්මාණයකින් කෙරෙන්නේ අපේ තියෙන සංවේදී තැනකට පොඩි තට්ටුවක් දැමීම කියලයි මට හිතෙන්නෙත්....

      Delete
  25. Kadula gana nam kiyala wadak na ane kawru hari rawwath adenawa. E wagema hina wenakotath kadulu paninawa. Hama detama api laga wenasak nathiwa inne eya witharai.

    ReplyDelete
    Replies
    1. කෙල්ල නම් හොදට අඩන පාටයි.... හි හි

      Delete
    2. අපොයි...හිරුවෝ ඔයැයි ගැන නම් කතාකරලා වැඩක් නෑ.
      මම ස්කයිප් ඉන්න ගමන් එරෙව්වත් ඇති උන්දැට අඩන්න. සමහර වෙලාවට මම විහිළුවටත් පොඩි පොඩි සත්තම් මුන්දැව අඬවන්න,මැට්ටි ඒවටත් අහුවෙනවනේ. ඒකටත් එක්ක මගේ දූ ඩිංග. එහෙන් මෙහෙන් ආලවට්ටන් ටිකක් දාලා තිබුනට අපරාදේ කියන්න බෑ එහෙම පිටින්ම මගෙම කොපියක්.

      Delete
    3. එහෙනං තාත්තණ්ඩිටත් හපන් වෙයි ලොකු වෙනකොට..... හි හි... අන්න එහෙම තමා කෙල්ලෝ ඉන්න ඕනේ....

      Delete
  26. ඇත්තටම ඔය කෙල්ලංගෙ කදුලු කියන එවුවට මාත් බයයි අප්පා...
    හරි අසාධාරණයි...
    හිරු අක්කගේ ලොකු මාත්තයව මට දැකලා පුරුදුයි පුරුදුයි වගේ..
    අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයව..._? ම්ම්ම් දන්නේ නෑ .. සමහර විට දැකලා ඇති .... කොයි වෙලාවේ බැලුවත් පාරෙනේ....

      Delete
  27. "කෙල්ලෙක්ගේ කඳුළු කොල්ලෙක්ගේ හිතේ මොනතරම් හැඟීමක් ඇති කරනවාද....?

    අනුකම්පාවක්..... ආදරයක්....... සතුටක් ....... දුකක්........ආඩම්බරයක්..... ලොකු කමක්.... ආසාවක්... වින්දනයක්....ශක්තියක්..... කළකිරීමක්....."

    මෙහෙම කිව්වට අක්කේ සමහර වෙලාවට කඳුළු බිංඳුවක් නෙවෙයි කඳුළු නැති වෙන්නම ඇඬුවත් ඔය කියන එකක් වත් වෙනි නැති අය ඉන්නවා.. :/

    අක්කියා නම් ගොඩාක් වාසනාවන්තයි තමන්ට ගොඩාක් ආදරේ කරන කෙනෙක් ලැබෙන්න.. :)

    ReplyDelete
  28. මම නම් ගොඩක් හොදට ලියන්න දන්නෑ. ඒත් මේකෙ මම ආසම වචන පේලි දෙක මෙහෙම දාන්නම්. ආදරයක් විඳිද්දිත් කඳුළ අපි එක්ක ඉන්නවා...

    ආදරය විදවද්දිත් කඳුළු අපිට තනි රකිනවා....

    ReplyDelete