Monday, October 29, 2012

ඉස්කෝලේ යන කාලේ ලවු... ( 2) පොඩි කතාබහකට ඉඩක්..

සාමාන්‍යයෙන් පුරස්නයක් අහලා දවසකට වඩා සද්ද නැතුව හිටියොත් අපෙ කට්ටිය මාව කන්න හදන නිසා මම හිතුවා පොඩි පෝස්ට් කෑල්ලකින්ම උත්තරේ දෙන්න... පුරස්නේ මිස් වෙච්ච අය ගිහින් බලන්නකෝ.....

එක එක කමෙන්ට් එකටත් මම උත්තර බැන්දා...

හරි.. දැං මං මේ කියන්නේ යන්නේ ඇත්ත කතාව... හි හි..

මේක අවුරුදු ගාණකට කලින් වෙච්ච ඇත්ත කතාවක්... හරියටම කිව්‌වොත් 2001 දි විතර... ඔය කියන ලවු එක ඉවර උනේ කසාදෙකින්... හි හි..
ඔව්.. ඔව්... අපේ මහත්තයගෙයි මගෙයි ලවු එක තමා...

ඔය කතාවෙ මුල මැද අග ගැලපුවා නං හොඳයි කියලාම ඔන්න වැ‌ෙඩ් පටන් ගත්තා....

ඕක උනේ ඒ ලෙවල් කරන කාලේ කියලා කිව්වනේ... ඒ කලේ ඉතිං සිරා ලවු කියන්නේ කළුනික වගේ ජාතියක් මම නං හිතන්නේ.. ඒක නිසා ඔන්න ඔය වගේ නිදහසක් දීලා තමයි අපි දෙන්නම ආශ්‍රය කළේ... ඒක හින්දම වෙන්න ඇති මට ඔය සිද්ධිය එයාට කියන්න පුළුවන් වෙන්න ඇත්තෙත්... බෝයි ෆ්‍රෙන්ඩ් යකා වගේ උනාමත් ඔය වගේ ඒවා කියන්න බෑ නේ... හි හි..

සෙල් ෆොන් කියන ජාතිය ඇවිල්ලා තිබුණට ඉස්කෝලෙ යන ළමයි අතේ ඒවා තිබුණේ නෑ..අර කියපු පයිලට්ට නම් එකක් තිබ්බා....

ගෙදර ෆොන් එකට කෝල් එකක් ආවාම අම්මා එතන ඉන්දැද්දි “ අනේ අයියේ මට බෝයි කෙනෙක් ඉන්නවා” කියන්න පුළුවන් තරම් වාතාවරණයක් මට ඒ කාලේ තිබුණේ නෑ නේ... මේවා ඉතිං එතකොටත් රහසේ තිබුණ දේවල් නේ.. ඒකයි අර අක්කටවත් නොකිය ඉන්න උනේ... හි හි.....

ඉතිං ඕක ඉවර උනේ මම ඒ අයියව හම්බුවෙලා, කතා කරලා,මට බෝයි කෙනෙක් ඉන්නවාය කියන එක පැහැදිලි කරලා දුන්නයින් පස්සේ....

අපෙ ගෙදරටත් අර අක්කා කතා කරලා ඔය ගැන කියලා තිබ්බ නිසා,(ඔය කිව්ව කොල්ලා එයාගේ හබීගේ හොඳම යාලුවෙක්...) වැඩේ පොඩ්ඩක් අමාරු උනත් ( අපේ අම්මලා ඒකට උඩින්ම කැමති වුනා... හි හි) මට පුළුවන් උනා අපේ අම්මලට පැහැදිලි කරලා දෙන්න එයා ඒතරම් මට ගැලපෙන කෙනෙක් කියලා මම හිතන්නේ නෑ කියලා..

හරි... මගේ කොල්ලා සිරාවටම මට ආදරෙයි කියලා මම දැන ගත්තේ කොහොමද දන්නවද...?

මම ඔය පයිලට් අයියව හම්බුවෙන්න ගිය දවසේ, අපේ එක්කෙනා නිවාඩු දාලා, ඒ හැම වෙලාවෙම මාව පේන මානෙන් හිටපු නිසා... හි හි... කලින් කතා වෙලා අපි එහෙම කළේ මගේ ආරක්ෂාවට... එහෙම කෙල්ලෙක්ව රකින්නේ ආදරේ නැති කොල්ලෙක් නෙවෙයිනේ.. නේද...?

------------------------------------------------------------
දැං ඉතිං මේක ලියන්න හේතුවත් කියන්න එපැයි... නැත්තම් කට්ටිය බලයි මේ මොකද මේ හිටි හැටියේ පරණ ලවු ස්ටෝරිස් ලියන්න ගත්තේ කියලා...

මේ ඊයේ පෙරේදා මට ඇහුන කතාවක් තමයි මේ මතකය ඇවිස්සුවේ... මගේ නංගි කෙනෙක් එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගැන කියපු දෙයක්...

“ අක්කේ මට නං දැං එයාව එපා වෙලා තියෙන්නේ... හැම තිස්සේම සැක කරනවා.. මොනවා කළත් හැම එකම එයාට කියන්න ඕනේ.. ඒත් එයාගේ මොනා හරි මම ඇහුවොත් කියන්නේ නෑ... හිටපු ගමන් දවස් ගනන් එක එක ගමන් යනවා.. අඩු ගානේ මට කෝල් එකක්වත් දීලා යන්නේ නෑ... ආවහම මං කරපු දේවල් ඔක්කෝම එයාට කියන්න ඕනේ.. ඒත් එයා ගියේ කොහෙද කියලවත් මට කියන්නේ නෑ... මට පේන්නේ එයාට දැං මේක එපා වෙලාද කොහෙද... එයාට ඕනේ මං ලව්වම එයාව අතෑරගන්න...එයා මෙහෙම කරන්නේ ඇයි කියල මට හිතාගන්න බෑ... මට එයාව එහෙම අතාරින්න ඕනේ නෑ.. මං එයාට කොච්චර ආදරේද කියලා අක්කා දන්නවානේ.. එත් එයා මෙහෙම කරන්නේ එතකොට එයාට හොඳ එක්කෙනා වෙන්න පුළුවන් නේ මගේ පිටේ වැරැද්ද දාලා.... මටත් මොකටද එහෙම එකෙක්.. ඒත් මං එයාව අතෑරියොත් එයා මාව වැරදිකාරයා කරයි... මොනවා කරන්නද කියලා මට හිතාගන්න බෑ අක්කේ...”

මේකට මොකද කියන්නේ කියලා මට හිතාගන්න බැරි උනා... මොකද මේක මේ ඉස්කෝලෙ යන කාලේ ඉඳලා කැම්පස් යනකම් තිබ්බ ලවු එකක්... කොල්ලගේ පැත්තෙන් මේකට මොකද හේතුව කියලා අහන්න මම උත්සාහ කළත් බැරි උනා..

ඔන්න... ඔය හින්දා තමයි මම මේ පෝස්ට් දෙකම ලිව්වේ... මේ ගැන සංවාදයක් ඕනේ කියලා මට හිතුනා...මොකද ඉස්කෝලෙ යන කාලේ ලවු කියන්නේ අසාමන්‍ය‌ දේවල් නෙවෙයි.. නමුත් ගොඩක් ජීවිත මේ වගේ සම්බන්ධකම් වලදි වරද්දගන්න හේතුව මේ වගේ දේවල් ගැන විවෘතව කතා කරන්නේ නෑති එක කියලයි මට හිතෙන්නේ.. ඉතිං මේ නිකං දීලා තියෙන කමෙන්ට් තීරුවේ පුංචි කතාබහකට ඉඩ සලස්සන්න මට හිතුනා...

ඕනෙම කෙනෙක්ට අදහස්, මතක,අත්දැකිම්, බෙදා හදාගන්න සහ ඕනෙම වයසක කෙනෙක්ට අදහස් දක්වන්න ඉඩ තියෙනවා...

හැබැයි ඉතිං ඔය “ මිස්ටර් ඇනෝනිමස්” වගේ හරි නමක් හදාගන්න වෙනවා ඕකට... “මේ වෙලාවේ ඇනෝට උත්තරේ” කියලා උත්තර බඳින එක ලස්සන නෑ කියලා හිතෙන නිසා.... හි හි

70 comments:

  1. අනේ නම වෙනස් කරන්න හොයා ගන්න බෑ..ඇරත් මම මිස්ටර් වෙන්න බෑනේ මිස් කියලා දා ගන්න එපැයි..ඉතිං ඕං මම මුකුත් කියන්නෑලූ...:P :P

    ReplyDelete
    Replies
    1. නෑ බං ගොන් මැට්ටියේ.... ආ.. නෑ නෑ.. බට්ටියේ.. නම් නැති ඇනෝලට කිව්වේ... හයියෝ.....

      Delete
  2. අර නංගිට කොල්ලගැන හිතන විදිය හරි.. අනිවා ඩෙෆා ඌට ඕනේ ෂෙප් එකේ බූට් එක තියන්න..

    රටේ ලෝකේ උන් ගැන හිතන්න එපා කියන්න.. උන් අපිට කන්න දෙන්නේ නෑනේ.. කසාද බැඳලා ළමයෙක් එක්ක තනි උනහම රටේ ලෝකේ උන් බාරගන්නෙත් නෑනේ... ඒ හින්දා ජීවිතේ වටිනම කාලේ වැඩැකට නැති කෙනෙක් මත්තේ නාස්ති නොකර කෙළින් තීරණයක් ගන්න කියන්න

    ReplyDelete
    Replies
    1. හි හි.. මේ කෙල්ල බය වෙලා ඉන්නේ යාලුවෝ මොනවා කියයිද කියලා... මොකද මේක හැමෝම දන්න ලවු එකක්.. කොහොමත් අර මෝඩයාව අල්ලගෙන අහලා බලන්න ඕනේ හිටපු ගමන් මොන භූතයෙක් වැහුනද කියලා... හි හි..

      Delete
  3. අපොයි....විලි ලැජ්ජාවේ පණ යනවා....කවුද දන්නේ ඔහොම සීන් එකක් කියලා.සොරි වෙන්න ඕනේ, හිරු අක්කගේ හබී බව නොදැනනේ කිව්වේ කෙල්ලට ආදරේ නැතුව ඇති කියලා.........
    අපි මිනිස්සු දිහා බලන විදිය කොච්චර වැරදිද කියලා මට හිතුනා.මං ගැනම ලැජ්ජයි අප්පා...

    ReplyDelete
    Replies
    1. හි හි .. ඒ කාලේ අපේ ලවු එකත් තිබ්බේ වැට උඩ වගේ තමා නඟා... ඒක තමා මම කිව්වේ ඉස්කෝලෙ යන කාලේ ලවු නං සීරියස් කරනන් බෑ කියලා...

      හැබැයි දැං මට හිතෙනවා අපි එහෙම ඕපන් වෙලා හිටපු නිසා තාමත් එකට ඉන්නවා කියලා... ආයිත් ඉතිං මොන දේ උනත් හංගලා නෑනේ.. ඕනේ කුණු ‌ගොඩක් කියලා දාතෑකි.... හි හි...

      ලැජ්ජා වෙන්න දෙයක් නෑ.... හි හි..

      Delete
  4. මම කලින් එකේ කොල්ල ගැන කියපු දෙකෙන් එකක් හරිනේ හිරුවෝ ... " ඌ සිරා කොල්ලෙක් " කොහොමටත් කොල්ලගේ පැත්තෙන් ඒ අහපු ප්‍රෂ්නෙට උත්තර දෙකයි තියෙන්නේ.. ආයේ රබර් ගහට උල්පිහියෙන් ඇන්නහම කිරි එනව වගේ ඒක ෂුවර්

    ඇත්තටම මට කියපං හිරුවෝ... උබ මොනවගේ දේවල් බලාපොරොත්තුවෙන්ද ඒ ටික කිව්වේ... ( අඩු ගානේ 10ක් වත් තියෙන්න ඇති නේ හි හි.. )

    ReplyDelete
    Replies
    1. කෝ මම දාපු අනිත් කොමෙන්ට් එක.. බහිරවය ගිල්ලද....

      Delete
    2. අපේ මහත්තයාගේ ලවු එක සිරා කියලා මට හිතුනෙත් ඔය සීන් එකෙන් තමයි.. හැබැයි කතාව ඇත්ත... මොකද අපේ ගෙදරිනුත් අර කොල්ලට ටක් ගාලා කැමති උනා... හි හි... එහෙම එකේ අපේ එක්කෙනා හරි කෙලින් එයාගේ ස්ථාවරේ කියපු නිසා මට ලේසි උනා තීරණයක් ගන්න... හි හි...

      ඇත්තටම මීයෝ මට තිබ්බ එකම ප්‍රශ්නේ මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා එක... ඇත්තටම මට මෑන්ව ඇල්ලුවේ නෑ කතා කරද්දි උනත්.. ඉතිං මෙයාට කිව්වේ උදව්වක් ගන්න.. ඒක හම්බුනා නොවැ.... හි හි..

      ස්පෑම් එකේ තිබිලා ඔන්න ඇදලා දැම්මා....

      Delete
  5. හම්මපා අයියත් සිරා බුලට් එකක් නේ. මමනම් කිසි දවසක සක කරන්නේ නැහැ මට මගේ කෙල්ල හොඳටම ෂුවර්. මම ඒ කරන විශ්වාසෙ එයා අතින් දවසක කැඩුනොත්. මම එයාව සංපූර්නයෙන්ම අයින් කරනවා. ඒක මම දැන්මම කියලා තියෙන්නේ මොකද පස්සේ මට කියන්න දෙයක් ඉතුරු නොවෙන්න. මොකද අන්තිමේ කියන්න තියෙන්නේ get out කියන ඒක විතරයි. එතනින එහාට දෙයක් කියන්න යන්නේ නැත්තේ මිනියක් උනත් මැරෙන්න ඉඩතියෙන නිසා ඇර වචන දෙකෙන් කතාව ඉවර කරන්න තමයි මම කල් තියා දැනුම් දීල තියෙන්නේ. මට වැඩ හොඳ කෙනෙක් ඉන්න නිසානේ ගියේ. ඕනෙම කොල්ලේ ඇත්තටම ආදරේ කරනවානම් සැක කරන්නේ නැහැ තමන්ගේ කෙල්ලව. අනතුරු දායක තැන්වලින් එයාව වළක්වනවා මිසක්. වාහනයක් ඩ්‍රයිව් කරන ගිහින් හැපුනම වාහනේට බැනල වැඩක් නැහැනේ අපිනේ ඩ්‍රයිව් කරන්නේ අන්න ඒක තමයි මෙතනත් තියරිය

    ReplyDelete
    Replies
    1. මෙන්න අක්කට මිස් උන පොස්ට් එකක් බලන්නකෝ
      http://chithula.blogspot.com/2012/10/18.html

      Delete
    2. ඈ කෝරළයෝ... මේක මම බලපු පෝස්ට් එකක් නේ....

      Delete
    3. නිකමට වගේ හිතුනා මෙහෙම දෙයක්ද දන්නේ නැහැ කියලා!
      කෝරලේ මහත්තයා කියලා තියෙන අදහසම තමයි මාත් හිතන්නේ. ඕනෙම කොල්ලේ ඇත්තටම ආදරේ කරනවානම් සැක කරන්නේ නැහැ තමන්ගේ කෙල්ලව. අනතුරු දායක තැන්වලින් එයාව වළක්වනවා මිසක්.

      ලොකුම දේ දෙන්නගේ අතර අවබෝධය තමයි.

      ප. ලි.
      //හැබැයි ඉතිං ඔය “ මිස්ටර් ඇනෝනිමස්” වගේ හරි නමක් හදාගන්න වෙනවා ඕකට...// මගේ නම යොදාගැනීම තරයේ හෙලා දකිමි! :D

      Delete
    4. කෝරළේ ලොක්කා... අයියගේ වැඩ තව තියෙනවා.. හිමින් කියන්නම්කෝ... අවසර ගන්නත් එපැයි... හි හි...
      සැකය කියන එක නං ඇති වුන තැන ලෙඩක් නේ බං... සැක කරන්න වෙන කෙනෙක්ට ආදරේ කරලත් වැඩක් නෑ...

      අනිත් එක ඕනෙවට වඩා දරුණු වෙන්න ඕනෙත් නෑ ... සමහර දේවල් තියෙනවා කොච්චර ප්‍රතිපත්තිගරුක කෙනෙක්ට උනත් ඒ ප්‍රතිපත්ති නවන්න වෙන අවස්ථාවල්.. ඒ වෙලාවට එහෙම කළොත් පසුතැවිලි ‌වෙන්න තියෙන අවස්ථාවක් නැති වෙයි...

      මනුස්ස හිත් කියන්නේ මේ තියෙන දේ මේ වෙනස් වෙන තැනක්.. ඒහෙම එකේ ආදරයක් උනත් එකම විදියට, නොවෙනස්ව තියෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ...

      මිස්ටර් ඇනෝ...

      ඒකනේ.. අපේ මහත්තයා කරපු දේ අදටත් මම මෙහෙම මතක් කරන්නේ... හි හි.. අවබෝධය තමයි වැදගත්ම දේ... ඒකම ඉතිං කමියුනිකේෂන් වැදගත්....

      හැබැයි යකා වගේ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න කෙල්ලෙක් කො‌ොහමද එයාට ඔපන් එකේ තමන්ගේ දේවල් කියන්නේ... එතකොට වෙන්නේ සමහර දේවල් හංගගෙන ඉන්න එක.. එතකොට එතනම වංචාවක්.. ඒකයි... මට තේරෙන විදියට අවබෝධය කියන්නේ එකිනෙකා අතර ඇතිවෙන කතාබහට...

      මොනා කරන්නද.. මට ඒ ගැන ලියන්න මතක් උනේ ඔයාගේ නම දැකලා තමයි.. හි හි...

      Delete
    5. මටත් ඔය අවුරුදු 20ක් තිස්සේ රාක්ක ප්‍රතිපත්ති ඔක්කොම වෙනස් කොරන්න උනා බැන්දට පස්සේ බොහොම අමාරුවෙන් නමුත් කලයුතුම නිසා කරන්න වුනා. අයියගේ වැඩකිඩ ටික දාන්නකෝ. බලන් ගියාම එයත් මම වගේමද කොහෙද....... :D

      @ MR ඇනොනිමස් අනතුරු දායකතන්වලින් කොච්චර වැලකුවද කිව්වොත් දවස් 4ක් වැලිකඩත් ලගින්න උනා මට. හිකිස්......

      Delete
  6. මේ! සිරාවටම අර කතාව ඇත්තක්ද?අර නැඟී කෙනෙක් කිව්වා කියපු ඒක????අඩේ මගේ හොඳ බොක්කියක්ටත් ඔය සීන් ඒක තියනවා!!! පවු ඈ!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මලයා.. මටත් පවු කියලා හිතුනා.. ඒත් මං එක දෙයක් දන්නවා කෙල්ලගේ.. ඕක නැතිවුනා කියලා ඒකි වැටෙන්නේ නං නෑ... මොළෙන් වැඩ කරන කෙල්ලෙක්... නැත්තම් ඔය ප්‍රශ්නේ මට ඔය විදියට කියන්නෙත් නෑ නේ... එයාට දුකයි... ඒත් එයා කියන්නේ මෙහෙම වෙනවා නං ඉතිං ඉස්සරහට කොහොම ජීවත් වෙන්නද කියලා...

      අර මෝඩයට කතා කරලා බලන්න ඕනේ හිටපු ගමන් වැහිච්ච භූතයා මොකාද කියලා...

      Delete
  7. ඔන්න හිරුවෝ අපි ඒකනේ මුල් පෝස්ට් එකෙන්ම මේ ගැන ඇහුවේ....

    ReplyDelete
    Replies
    1. හි හි.. නලීන් අයියා ඉතිං ඕක අනුමාන නොකර කොහොමද... හි හි

      Delete
  8. කලින් පෝස්ට් එක කියවලාම එන්නම්..

    ReplyDelete
  9. ඔන්න අයිසුත් මේ පැත්තේ ආවා.....
    පුදනකොටම කාපි යකා කියලා හිරු අක්කි අහල තියෙන්නේ මරු පුරස්නයක් නොවැ. ඇනෝ මොකටද ඔන්න කෙලින්ම කියනවා.. ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න හොඳ නෑලු... :P

    ඉස්කෝලේ කාලේ ලව් ගැන නම් ඉතින් කමෙන්ටුවක් නෙමෙයි බ්ලොගයක්ම ලියත හැකි.. හික් හික්
    එහෙම කියලා ඉතින් මට නම් ලව් 4ක් 5ක් තිබුනේ නෑ. ෆර්ස්ට් ලව් එක තිබුණා, ඒක පටන් ගන්නකොට අවුරුදු 16 යි. ඒ වුණාට ඔය crushes නම් 10,15 ක් තිබුණා. ඒ කාලේ මට පොඩි ලෙඩක් තිබුණා, යන හැම ටියුෂන් ක්ලාස් එකකින්ම එක crush එකක්වත් තිබුනේ නැත්තන් මට නිකං කෑවේ නෑ වගේ.. හි හී... ඒක නම් මහ පිස්සු කාලයක්.. :P

    ReplyDelete
    Replies
    1. //හැම ටියුෂන් ක්ලාස් එකකින්ම එක crush එකක්වත් තිබුනේ නැත්තන් මට නිකං කෑවේ නෑ වගේ// :O

      Delete
    2. අයිස්... ඔන්න සාදරයෙන් පිළිග්නනවා...

      මටත් ඔය ලෙඩේ තිබ්බා අප්පා.. ක්ලාස් එකක බල බල ඉන්න හරි කොල්ලෙක් හිටියේ නැත්තම් ක්ලාස් යන්න කම්මැලියි... හි හි.... ඒක නිසා හැම ක්ලාස් එකකම එකෙක් හරි, ගොඩක් වෙලාවට දෙතුන් දෙනෙක් හරි හිටියා... ඒවා ඉතිං බල බල ඉන්න විතරයි... හි හි..

      වැඩේ කියන්නේ උන් ටික තාමත් මගේ හොඳ යාලුවෝ... උන් දන්නවා ඒ කාලේ මං නැටුව පිස්සු ගැන.. කීප දෙනෙක්ම පස්සේ යාලු වෙන්නත් ඇහුවා... ඒත් එතකොට මං බුක්... හි හි...

      ඔ‌ෙහාම තමයි ඇනෝ... ඒ කාලේ නටපු පිස්සු මතක් වෙනකොටත් දැං හිනා... ජොලි අප්පා...

      Delete
    3. //ක්ලාස් එකක බල බල ඉන්න හරි කොල්ලෙක් හිටියේ නැත්තම් ක්ලාස් යන්න කම්මැලියි..// matanam oya lede thibune ne.mokadha okkotama kiyala eka kollek hema class ekema hiti nisa. :D

      Delete
  10. සොරි වෙන්න ඕනා හිරු අක්කා ඔයාගේ හබියා කියලා නොදැනයි ඕං කලින් කමෙන්ටුව දැම්මේ.. කවුද අප්පා ඒක දන්නේ..

    එස්කෝලේ කාලේ ලව්..... හ්ම්ම්ම්... හරියන ඒවත් තියෙනවා වරදින ඒවත් තියෙනවා.. ඒත් ඉතින් කලාතුරකින් එකක් දෙකක් තමා හරියන්නේ..

    අර Ice අක්කා කිව්වා වගේ ඔන්න මටත් තිබුනා ඉස්කෝලේ කාලේ ලව් එකක් මගේ ෆස්ට් ලව් එක හැබැයි ඒක නම් ස්ටාට් උනේ A/L අන්තීම බාගෙදි. අර නංගි කිව්වා වගේ සැක කරන දරඳඩු කොල්ලෙක් නිසා ඒකත් නැවතුනා.හිරකාරියක් වෙලා ජීවත් වෙනවට වඩ මට නම් තනියම ඉන්න එක සැපැයි හිරු අක්කේ..


    මේ ඒක නෙමේ 2001 A/L කලා නම් දැන් ඔයාට වයස කීයද අප්පා.. අක්කා අක්කා කිව්වාට මට නම් ඇන්ටියෙක්ද කොහෙද.. :P

    ReplyDelete
    Replies
    1. මගේ හබියා කිව්වනං ඔක්කොම එකම දෙයක් කියයි.. ඒකයි නොකිව්වේ.. හි හි...

      ඒ කාලේ ලවු වැඩි දුර යන්නෙ නෑ නඟා.. එහෙම වෙන එක හොදයි.. මොකද තේරුම් ගැනීම අන්තිමයි නේ ඒ කාලේ.. අර හැමෝම යාලු වෙනවට යාලු වෙන කාලයක් නේ... හි හි...

      මං 2003 ඒ ලෙවල්.. දැං 28ක් වෙනවා අප්පා.. නාකියි නං තමයි... ඒත් හිත හැදෙන්නත් එක්ක අක්කා කියමුකෝ... හි හි

      Delete
  11. අද මම කට පියාගෙන ඉන්ඩ කියලා බැලුවේ...
    කට්ටියම කියන ඒවා හොරෙන් පැත්තක ඉදන් අහගෙන ඉන්නවා... හික්ස් :)

    ReplyDelete
    Replies
    1. හි හි.. මෙන්න හොර ගෙඩියෙක් රිංගලා....

      Delete
  12. අනේ මන්ද..ඔය කේස් තමා මට පේන්න බැරි..

    ReplyDelete
    Replies
    1. මොන නේස් ද බං.. ලවුද ....????? මටත් එහෙමයි.... හි හි

      Delete
  13. ආදරයේදි ලැබෙන ප්‍ර‍තිචාර පුද්ගලයාට අනුව සාපේක්ෂ නිසා ඔබේ අත්දැකීම් තව කෙනෙකුට එලෙසම නොවෙන්න පුලුවන්... මම විශ්වාස කරන්නෙ විවෘත භාවය තමයි දෙදෙනා අතර ශක්තිමත් සබදතාවකට අඩිතාලම යොදන්නෙ... අපේ මහත්තයා දීලා තිබ්බ පිළිතුර මම හිතන්නෙ නෑ කොල්ලො සීයකට දහයක් දෙයි කියලා... කොයි කොල්ලද කටක් ඇරලා කියන්නෙ මම හොද නැත්නම් ඌට කැමති වෙයන් කියලා... එහෙම වෙස්සන්තරලා දැන් අඩුයි...

    ReplyDelete
    Replies
    1. සිරා හරි...

      මම හිතන්නේ ඒ විවෘත භාවය තිබ්බේ, මට මේ වගේ දේකදි එයා ගැන විශ්වාස කරන්න පුළුවන් කියලා මගේ හිතේ තිබුණ නිසා කියලා...

      අනිත් එක අපි දෙන්නම හොඳට තේරුම් අරං හිටියේ මේ ලවු එක දිගටම තියෙන්න නම් අපි දෙන්නම ගොඩක් විවෘතව ඉන්න වෙනවා කියලා.. අවුරුදු 11 කියන්නේ ජීවිතෙන් භාගයක් නේ.. හි හි...

      ඔය කාලේ අපි දෙන්නම හිටියේ වැට උඩ තත්වෙක... දෙන්නම වැඩිය ඇඟට අරං හිටියේ නෑ ලවු එක... හම්බුනා, කතා කළා... ඕනේ දේකට උදව්වක් ගත්තා... ( වැඩිපුර මම... හි හි).. ඔය විදියට හිටියා... ටික ටික තමයි ආදරයක් ඇති උනේ... ඒක හින්දා වෙන්නැති එයා එහෙම කියන්න ඇත්තේ...

      Delete
  14. සැකය ඇති වෙන්නේ අවබෝධය ගිලිහිණු තැනදී.කොච්චර ආදරය කලත් වැඩක් නැ සැකය මත රණ්ඩු නම්.එහෙම උනාම පිඩනයක් එක.එවිට සිත කියන එක වෙනත් ආදරයක් සොයා යන්න පුළුවන්.ආදරේ තියෙන ආර්ත්මාර්ථකාමිත්වය නිසා තමයි මේ ගැටුම්.හොඳ සංවාදයකට මඟක් ඔබේ ලිපිය.

    ReplyDelete
    Replies
    1. සැකෙයි ආදරෙයි එකට යන් නෑ... ඒක ඇත්ත...

      Delete
  15. Me wage dewal godak aya athare wenawa hiru. Eth tika denai hari thirane ganne. Anthimata waradi thirane gaththa kena mulu jeewitha kalema vidawanawa.

    ReplyDelete
    Replies
    1. හි හි.. ඒක හරි... තමන් හරි හෝ වැරදි තීරණයක් ගත්තා කියලා දැනෙන්නේ කාලයක් ගියාම... ඒක නිසා තීරණ ගන්නකොට දුර දිග බලන එක ඇඟට ගුණයි...

      Delete
    2. අපූරු සංවාදයක් ගොඩ නැගෙනවා වගේ, ඒත් මට ටිකක් පැහැදිලි මදි. තේරෙන්න කීවානම් මොකද...?

      Delete
    3. අනේ මන්දා... මේවා තේරුම් කරන්න ගිහින් මට ගුටි කන්න වෙයිද මන්දා....

      මට නම් හිතෙන්නේ අපි ගන්න තීරණ වලින් බලපෑම් වෙන්නේ අපිටම විතරක් නෙවෙයි.. ඒක නිසා තීරණයක් ගනිද්දි දැං ගැන විතරක් නැතුව දුර දිග හිතන්න ඕනේ.. දුර දිග කිව්වේ කාලය විතරක් නෙවෙයි.. අපි වටේ ඉන්න අය ගැනත්....

      Delete
  16. මලා...මං උන්නෙ නැති එක දවසට මුන් ටික මට හොරෙන් පරණ ලව් ගැනත් කතා කරලා...ඉස්සරවෙලාම පරණ පෝස්ටුව කියවලා එන්නම්...

    ReplyDelete
    Replies
    1. හා හා.. කියෝලා එන්නකෝ....

      Delete
  17. මේසැරේ නං අහුවෙන්නෙ නෑ. මේ නෝනයි මහත්තයයි අපිව අමාරුවෙ දාන්න හදන්නෙ! :)

    ReplyDelete
  18. පාස්..:):):)

    ReplyDelete
    Replies
    1. මමත් මේ සැරේ පාස්...!කරමි.

      Delete
    2. පාස් නැත්තම් බඳියි යෑ බං මම... හි හි..

      Delete
  19. ඔවානම් දැන් අමතකත් වෙලා ගිහින්

    ReplyDelete
    Replies
    1. මලා.. ඒ තරම් නාකියිද.... හි හි

      Delete
  20. අනේ මන්දා හැබැයි මම මේකට ටිකක් අදාල වගේ වෙන පොස්ට් එකක් නම් දැම්මා.

    ReplyDelete
    Replies
    1. හොයාගන්නම්කෝ මම ගිහින්....

      Delete
  21. ගල් වලින් පට්ටා ගත හැකි උනත් ඉබ්බන්ගෙන් පිහා‍ටු ලැබුනත් කපුටෝ සුදු උනත්. සරා වචන වෙනස් නොකරයි. වැට උඩ කතාද නැත.

    ReplyDelete
    Replies
    1. හි හි... ඒ සරා නොවැ...

      මේ සරා අයියේ ... ඒ දැන් නේ... ඉස්සරවත් වැට උඩ ඉඳලා නැද්ද මං අහන්නේ... එහෙම උනා නං අන්තිම දරදඬු මිනිහෙක් වෙන්න ඕ‌ෙන්...

      එහෙම වෙන එකෙන් වැරදි තීරණ ගන්නත් ඉඩ තියෙනවා... අවශ්‍ය වෙලාවට පොඩ්ඩක් නැවෙන්න පුළුවන් විදියට හදා ගන්න එක තමයි හොඳ.... නැත්තම් ඔයා කෙසේ වෙතත් ඔයා වටේ ඉන්න අය හරි දුක් විඳින්න ඉඩ තියෙනවා...

      Delete
    2. Ane hiruwo masuran danna watinawa me kiwa tikata. Mama nisama iha gahala innawa. Nathnam melahata..........thamai:D

      Delete
  22. දෙන්නා නොගැලපෙනවානම් තමා මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ...
    නැත්නම් රන්ඩු කරන තරමට ආදරේ වැඩිවෙනවා කියලා තමයි මම නම් හිතාගෙන ඉන්නේ. :D

    ReplyDelete
    Replies
    1. ඒ රණ්ඩු යි මේ රණ්ඩුයි වෙනස් පොඩ්ඩියේ... මේවා ඇවිල්ලා කිරිමිනල් කේස්.. හි හි..

      Delete
  23. අන්න ප්‍රේමවන්තයෝ. නිවාඩු දාලා කෙල්ලව ආරස්සා කරනවා. හපොයි රටකට ගිය කලක්.. ඔය ගැන පණ්ඩිත කතා කියන්ට මට තේරෙන්නේ නෑ හිරුවො

    ReplyDelete
    Replies
    1. ඒ ඒ කාලෙනේ.. දැං නං ආසාවට වත් එක දවසක් ගෙදර තියාගන්න බෑ... හි හි..

      Delete
  24. ටැංකියට ආපු අඩි පාර දිගේ මාත් මේ පැත්තට ආවා. දිගටම එන්නම්.
    අද හදිස්සියේ ආපු නිසා කියවන්න නම් උනේ නෑ. නිවාඩු වෙලාවක කියවන්නම් :)

    ReplyDelete
  25. ඕවා ගැන දැන් අදහස් පලකරලා මක්කටැයි... බැන්දට පස්සේ ඉතින්, එක වෙලාවකට බැඳගත්ත නිසා බෙරේ ගහනවා, අනිත් වෙලාවට මගෙ සුදු බෙරේනෙ කියල තාල අල්ලලා ගහනවා, තව වෙලාවකට පලනව මම බෙරේ කියල පුපුර පුපුර ඉන්නවා, කාලයක් ගියාම අනේ ඉතිං මොනා උනත් මෙච්චර කල් ගහපු බෙරේනෙ කියලා ඕක රැකබලාගන්නව.... තව සමහරුන්ට ඉතින් ඕකේ පලුවකුත් නෑ ගහපු පදේකුත් නෑලු අන්තිමේ....

    ඔය බෙරේ... නෑ මේ මේ.. ලව් එක පැහැදිලි කරන්න බැරි දෙයක්ය කියනවානේ... ඒක නම් ඇත්ත කියලා මේ ලාබාල වයසට මටත් හිතෙනවා... දැන් මගෙයි අපේ හාමිනෙගෙයි ලව් එක ගත්තොත්... එක්කෝ ඔන්නොහෙ ඕන්නෑ....

    ReplyDelete
    Replies
    1. ////මේ ලාබාල වයසට මටත් හිතෙනවා////

      තිසරගේ මුළු කමෙන්ට් එකෙන්ම මට පෙනුනේ මේ කෑල්ල විතරයි... අනේ මන්දා...

      හි හි...

      Delete
  26. මොනවා කියන්නද කියලා කල්පනා කරේ..
    ආදරය තනිකරම දුවන්නේ විශ්වාසයත් එක්ක.. කවදා හරි ඒ විශ්වාසය කැඩුනොත් ඒක ආපහු ගන්න බෑ. සැක කර කර ලව් කරන්නත් බෑ.. මම මගේ කෙලිපොඩ්ඩට කියල තියෙන්නේ කවදා හරි මාව එපා කියල හිතුනොත් ඒක මුලින්ම කියන්න ඕනෙ මට කියලා.
    ඔය කිව්ව නංගියා දැන් අර කොල්ලා අතාරින්න බැරුව දගලන්නේ ආදරේට වඩා තමන් වැරදියි කියල ලෝකයා හිතයි කියන බයටනේ.
    ඒ ආදරෙන් වැඩක් තියෙනවද?? හදිස්සියකට උරච්චි කරල බොන්නද?? දෙන්නෙක්ට තමන් ගැලපෙන්නෙ නෑ කියලා තේරෙනවනම් හොදම දේ අයින් වෙන එක. මුලදි ටිකක් දුක උනාට මට හිතෙන විදිහට ඒක හැමෝටම හොදයි..

    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. මේ කෙල්ල ටිකක් හිත තද කෙල්ලෙක්.. කරනවා නම් හරියටම කරන්න දඟලන්‌ෙන්.. අනිත් උන් කියන දේවල් වලටත් ටිකක් බය තියෙනවා... ඒත් මම හිතන් නෑ ඒකමයි කියලත්.. එයා කියන්නේ එයාට හිතා ගන්න බෑලු මොකද මේ කොල්ලට වෙලා තියෙන්නේ කියලා....

      මට පේන විදියට කෙල්ල මේක අතාරින්න හිත හදාගෙන ඉන්නේ දැං නං... මාත් හිතන්නේ ඒක හොඳයි කියලා...

      ///ආදරේට වඩා තමන් වැරදියි කියල ලෝකයා හිතයි ////

      කෙල්ලෙක්ට මේකත් ලොකු ප්‍රශ්නයක් තමා.....

      Delete
  27. හ්ම්ම්,, අර කොල්ලට නම් ඕන යන්න තමයි.. ඒත් ඉතින් ඒක දැන දැනම කෙල්ල එල්ලිලා ඉන්න එක හරි නෑනේ.. ඒක දෙන්නටම නිකන් වදයක් විතරයි..

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ එහෙම තමයි දිනේශ්.. ඒත් එකපාරටම එහෙම උනේ ඇයි කියන එකයි අවුල... වෙන කෙල්ලෙක් එක්ක පැටලෙන ජාතියේ එකෙක් වගේත් නෙවෙයි මම දන්න හැටියට... ඒක නිසා කතා කරන්නම වෙනවා...

      Delete
  28. දෙන්නම සිරාවට ලව් කලත් මම නම් හිතන්නෙ සම්බන්දෙ නතර කරන එක දෙන්නටම සහනයක් වෙයි... මොකද මම දැකල තියෙන සහ, දකින විදිහට සැකය සහ නීති කියන පාරවල් වල ගියොත් ගියාමයි... ආපහු හැරීමක් නෑ... කොච්චර කලත් අළු යට ගිනි පුපුරු වගේ...

    ReplyDelete
    Replies
    1. මගෙත් අදහස් ඒක තමයි ... ගොඩක් වෙලාවට මේ සම්බන්ධෙ නම් නවතියි වගේ...

      Delete
  29. මේකනේ මුලදිම ටිකක් බය ගන්වලා තියන්න එපායැ. නැත්නම් ඉතින් බැන්නදට පස්සේ මහත්තයට අහන්න වෙන්නේ නෝනාගෙන් ඔය විදියටම තමයි. ඒ හින්දා පෙර සූදානමක් තියෙන්නත් ඕනැනේ..

    ReplyDelete
    Replies
    1. මලා.. එතකොට මේක ප්‍රකෝෂන් එකක් වගේද... හි හි...

      අයියා මේක දැක්කේ නැ නේද....

      සුදු රෝස වැල

      Delete
  30. හුටා! මට අර කලින් දාපු කමෙන්ට් එක ඉල්ලා අස් කරගන්න හිතුනා.

    අපේ මහත්තයා සිරා පොරක්නෙ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සිරාදත් අහනවා... හි හි

      නැත්තම් මම බැඳ ගන්නවයෑ... හි හි...

      Delete