Sunday, September 9, 2012

බලු වැඩක් අප්පා......

අද මට ලොකු පුරස්නයක්... අතේ පත්තුවෙලා.. නැ නෑ.. අතේ පත්තුවක් බැදලා.... දකුණු අතේම.. ලියන්න බැරි උනාට කොටන්න පුළුවන් නේ..

බැඩ්මින්ට්න් ප්‍රෑක්ටිස් කරද්දි පස්සෙන් පස්සට දුවන්න ගිහිල්ලා වම් අත කඩා ගත්තු පාර බැන බැන හිටියා ඒ වම් අත වෙච්ච එක ගැන...විභාගේ ලියන්න උනානේ...... මෙදා පාර නම් ඉතිං උයන එකෙන් බේරුනා විතරයි....

අතේ අමාරුව කාලයක් තිස්සේ තිබුණ නමුත් මේ ඊයේ පෙරේදා මවුස් එක අල්ලනකොටත් රිදෙන්න ගත්ත නිසා වෙද මහත්තයෙක් ළඟට ගියා..බැනුම් දෙකක් තුනක් අහගෙන බේතුත් අහගෙන ආවා... දැං ඉතිං සතියක් පත්තු බදින්න ඕනේ.. අපේ මහත්තයා කටටත් පත්තුවක් ඉල්ලගත්තනම් හොදයි කියලා ඔන්න අත බැදලා දීලා ගියා...

දැං ඉතිං හෙට අපේ මහත්තයට දෙන්න ගත්තු තෑග්ග රැප් කරන්නේ කොහොමද අත බැදගෙන... මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක තමයි...

ඒ උනාට ඊයේ බයිසිමොටෝ එකේ යනකොට...( ඒ වචනේ හොරකම් කරගත්තේ සිරාගෙන්..) කතාවක් මතක් උනා.... ඔන්න අහගන්නකෝ...

පශූ වෛද්‍යවරු ( ඒ කිව්වේ බලු දොස්තරලා නෙවෙයි හොදේ.. මේ අය ඕනෙම සතෙකුට ප්‍රතිකාර කරන්න පුළුවන් අය..) කට්ටියකට සම්මන්ත්‍රණයක් තිබුණලු... ඉතිං මේකට ආවලු පොලිස් බල්ලෝ ට්‍රේන් කරන බො‌හොම පළපුරුදු නිළධාරියෙන්... මෙතුමා බොහොම අත්දකීම් බහුල කෙනෙක්ලු.. ඉතිං දැන් එතුමාගෙ කතාව කරගෙන යන අතරේ එතුමා මෙහෙම කියනවලු...

“ බල්ලෝ ට්‍රේන් කරන එක ලේසි වැඩක් නෙවෙයි.. මම එකපාරක් ට්‍රේන් කළා රෙක්ස් කියලා බොහොම හොද පැටිකිරියේ Dachshund ( ඩැෂන්ඩ්) කෙනෙක්ව බෝම්බ නිශ්ක්‍රීය අංශෙට... (පොලිසියට ගන්නේ හොදම ජාතියේ බල්ලෝ කියලා කට්ටිය දන්නවා ඇතිනේ...)එක දවසක් බිල්ඩින් එකක තිබුන බෝම්බයක් නිශ්ක්‍රීය කරන්න ලෑස්ති වෙනකොට අපිට තේරුනා මේක තියෙන තැනට මිනිහෙක්ට යන්න බෑ කියලා.. ඒ වෙලාවේ රෙක්ස් අපි එක්ක හිටියා... එයා තමයි බොම්බෙ තිබුන තැන හොයා ගත්තේ... ඉතිං අපි තීරණය කලා මෙයාව එතනට යවන්න... මේ වෙනකොට බෝම්බෙ පුපුරන්න විනාඩි 3ක් වත් ඉතුරු වෙලා තිබුනේ නෑ... බල්ලාට අණ දුන්නම ඌ විදුලි වේගයෙන් බෝම්බේ තිබුණ තැනට දිව්වා... “

ඔන්න සත්ව දොස්තරවරු ටික හිමින් හිමින් එකිනෙකා එක්ක කතා කරකර හිනා වෙන්න ගත්තා... අරතුමා තමන්ගෙ කතාව කියාගෙන ගියා...

“ ඉතිං ‌බෝම්බෙ නවත්තන්න එක ක්‍රමයයි තිබුනේ.. වයර් කපන එක... ඉතිං මම අණ කලා රතු වයර් එක කපන්න... (සාමාන්‍යයෙන් රතු වයර් එක කැපුවම වැඩේ හරි යනවා කියලා ෆිල්ම් බලන අය දන්නවා ඇති නේ...) ඉතිං බල්ලා ටක් ගාලා රතු පාට වයර් එක හපලා කඩලා දැම්මා.. මේ වගේ වෙලාවක කරන්ට් වදින්නේ නැතුව වයර් එකක් හපන විදිය මේ බල්ලට පුරුදු කරලයි තිබුනේ.. මේ වගේ දක්ෂකම් කරන්න බල්ලො පුරුදු කරන්න හරිම අමාරැයි... “

මේ ටික කියනකොට කට්ටිය හෝ ගාලා හිනා වෙන්න පටන් ගත්තා.... අරතුමා දිගටම කතාව කරගෙන ගියාලු..

දැං මට තියෙන පුරස්නේ කට්ටිය හිනා උනේ ඇයි කියන එක... පුළුවන් නම් උදව්වක් කරන්නකෝ....

ඔන්න ඩැෂන්ඩ් ලා කවුද කියලා දන් නැති අයට මම හොද පැටිකිරියේ එක්කෙනෙක්ගේ ෆොටෝ එකක් ගූගල් දෙයියගෙන ණයට අරගෙන මෙතන දානවා.....( හැබැයි කටිටිය ගූගල් දෙයියාගෙන් සාත්තර බලලා උත්තර කිව්වොත් මට අල්ලගන්න පුළුවන් හොදේ....)


56 comments:

  1. මවුස් අල්ලනකොටත් අත රිදෙන එක නම් එච්චර හොඳ නෑ..... හිකිස්...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. ඔහොම වෙන්නේ මං හිතන්නේ මවුස් එක අල්ලලා වැඩි වෙලාමද කොහේද...

      Delete
    2. රිදෙන්න ගත්තේ නම් කොම්පීතරේ මවුස් එක අල්ලනකොට.... ඒකත් කියන්න බෑ හැබැයි.... සතියකට නිවාඩු දෙන්න වෙයි වගේ... හි හි...
      අපේ මහත්තයට කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාන්න අත් උදවු දෙන්න ගිහින් කොර ගත්ත වැඩක් තමයි මේ.....

      Delete
    3. ඈ හිරූ ඔයා වෙන මවුස් එහෙමත් අල්ලනවද.අනික් කාරණය ඔයා තාම මහත්තටය අත්උදව්ද දෙන්නේ....අනේ පවු...

      Delete
    4. ඇද්ද අහගත්ත‍.

      @මාතලන්,
      වාසනාවන් උඹේ කට!

      Delete
    5. දෙකයි දෙකයි.. වැඩිය නෑ..... ඇයි ඉදලා හිටලා ඒකත් සැප නැද්දෝ.....

      Delete
    6. අම්මපා රාජ්... කොහෙන්ද පැන්නේ මේ ඩිංගට.....

      Delete
  2. හිරූ ඇත්තටම දන්නෙ අනෙතුව අහනවද? නැතිනම් අපිව පොඩ්ඩක් අන්දන්න අහනවද? මම හිතන්නෙ දෙවෙනි එක. ඒක මට දැනගත්තැකි මේ කමෙන්ට් එක දානකොට මොඩරේට් කරලා තිබ්බොත්. ඒ කියන්නෙ අපි කොපි කරන එක නවත්තන්න.

    ඔය බල්ලාට සොසේජ් ඩෝග් කියලත් කියනවා.

    ඔන්න හිරු නැති හෝරාව මගෙ HeyDude බ්ලොග් රෝල් එකට ඇඩ් කලා. මම හිතුව ඒකෙ හිටියා කියලා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අන්දන්න නෙමෙයි... මම දන්නවා... අපේ මහත්තයාගෙන් ඇහුවම එයා දන්නේ නෑ කිව්වා.. උත්තරේ කිව්වම එයාට හිනා ගියා... ඒක නිසයි ඔයාලගෙන් ඇහුවේ......
      මම කමෙන්ට් මොඩරේට් කරන්නේ මොකටදෑ..... එහෙනම් ඔය අපේ මරයියවයි මාතලන් ලොක්කවයි නොවැ මුලින්ම එලවන්නේ... අදාල නැති ප්‍රශ්න අහනවට.... හි හි....

      ඒ දෙන්නට ප්‍රශ්නේ පෙනිලත් නෑද කොහෙද..... හි හි...

      Delete
    2. ඒ කතාවටනං මගේ හිත ඌයියා උනා.. ඇයි යකෝ ලෙඩක් දුකක් කිව්වම ඒකට මුල හෙව්වා මිස අපි වරදක් කිව්වද..? අඳාළ නැති ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද..? අපිත් හිතුවේ මේ මවුස්ව අල්ලන්න ගිහින් වෙච්ච අබග්ගයක් කියලනේ... අනේ ඔයා ඒ ගැන කොහොම හිතුවද කියලා මංනං දන්නේ නැහැ ඔන්න...

      කාලේ වැරැද්ද.. හොඳක් කිව්වත් හොඳක් නැහැ දෙයියනේ...
      (හොටු පෙරාගෙන අඩමින්...)

      Delete
    3. ඕකට අඩන්න එපා මරයියේ....

      ඔයාට අඩන්න වෙනවා තව ටිකකින් මම අර ගිය දවස් ටිකේම ඔයාගේ පොස්ට් වලට දාපු කමෙන්ට වලට උත්තර දුන්නේ නැත්නම් හොදේ..... හි හි .....

      ඔච්චර චණ්ඩියා නම් කියමු බලන්න මොකද අරුන් ටික හිනා උනේ කියලා.....

      Delete
    4. අයියෝ ඕකත් ප්‍රශ්නයක්ද..? අර පොලිස් අංකල්ගේ සිප් එක ඇරිලා තිබිලා... ඒකටයි අර කස්ටිය හිනා වෙලා තියෙන්නේ.. හොඳයි නැහැ කියලා ඔප්පු කරන්න බලන්න...

      Delete
    5. අයියෝ මාරයියේ.. ඔයාට ඕකටත් හිනා යනවද..... ? ඉස්කෝලෙ යන කාලේ ඉදලා කොල්ලන්ට ඔය වැඩේ වෙනවා අපි ඇස් පනාපිටම දැකලා තියෙනවානේ ... ඕනේ නම් මේ පොස්ට් එක කියවන්න... ඕකට හිනා යන් නෑ..... දුක හිතෙනවා...

      http://hirunethihorawa.blogspot.com/2012/09/blog-post.html

      එහෙම එකක් නම් මුල ඉදලම හිනා වෙනවනේ......

      Delete
    6. මාරෙ උඹ නම් යකෙක්, ඒ කියන්නෙ මවුස් ප්‍රොබ්ලම් එකක් තමයි! :D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    7. පැහැදිලිවම හෙන්රි අයියා..:D:D:D

      Delete
    8. දෙන්නටම කියන්නේ. ..උත්තරේ වැරදියි......

      මාරයියට මම අර මුලින් දාන්න හදලා පවු කියලා මකලා දාපු නම දාන්නම හිතෙනවා..... ඒක දම්මොත් කට්ටියට මගේ පුරස්නේ අමතක වෙන හින්දා දාන්නේ නෑ.....

      Delete
    9. බල්ලොන්ට පාට පේන්නෙ නෑ නෙ අක්කේ ඉතින් ඒක නිසා වෙන්න ඇති කට්ටිය හිනා වෙන්න ඇත්තෙ. :)
      මං හරිදෝ ?
      අතට ඉක්මන් සුවය ලැබේවා.........,.!

      Delete
    10. එක උත්තරයත් හරි යෝ...

      අත දැනටමත් හොදයි වගේ මල්ලියෝ... ඒත් සිංහල බේත් මග නතර කරන්න හොද නෑ ලුනේ.... සතියම බදින්න වෙනවා......

      Delete
    11. අනිත් එක එහෙනම් කරන්ට් වදින කතාව වෙන්න ඇති :)

      Delete
  3. හිරු ඔයා මාර නරකයි හී... හී... විහිලුවට හොඳේ.

    එකක් අත කඩාගත්තු එක. ඔය පිරිමි කරන වැඩ එයාලට කරන්ට දීලා නිකං හිටියා නම් ඉවරනේ.:)

    මොකක්ද අර වලව්වේ බය හිතෙන ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර නොදී ඉන්නේ. බල්ලන්ට පාට පේන්නේ නෑ කියලා දන්නවා. මේ මොකක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්ට ඕනි.

    ReplyDelete
    Replies
    1. //ඔය පිරිමි කරන වැඩ එයාලට කරන්ට දීලා නිකං හිටියා නම් ඉවරනේ//

      එතකොට....සමතැන් එපා ද ...? :D

      Delete
    2. කවුදැ දැන් සමතැන් ඉල්ලුවේ.... ගෑණුන්ව කුස්සියට හිර කරන්න හදන එකටනේ ගෑණු විරුද්ධ උනේ....

      මේ වගේ වැඩ ගෑණුන්ට කරන්න බැරි හින්දා නෙවෙයි,කරන්න දෙන් නැති හින්දනේ ඔය සමතැනක් ඉල්ලන්න වුනේ නේද සුමිත් අය්යේ.....

      Delete
  4. මේ බල්ලෝ ජාතිය මාර මෝඩ බල්ලෝ ජාතියක්නේ. ඒකයි.....:D

    ReplyDelete
    Replies
    1. කොහොමත් හොද පැටිකිරියේ බල්ලෝ හැම එකාම වගේ මෝඩයි... මොකද ජාන මිශ්‍ර වෙන් නෑ නේ... උන් හොද වලව්වේ හාමුලා වගේ කාකා බීබී ඉන්න තමයි... පොඩ්ඩිට නොණ්ඩියක් දැම්මා නෙවෙයි හොදේ...
      අපේ බුලට්ගේ හොස්ස ළඟින් මීයෙක් දිව්වත් නැගිටින්න කම්මැලියි....

      ඒකට බලන්න ඕනේ පාරෙ‌ ඉන්න වල් බල්ලෝ...

      කතාව හරි.. ඒත් උත්තරේ නෙවෙයි...

      Delete
    2. පාරෙ වල්බල්ලෝ දිහා බැලිම අනතුරුදායකයි....

      Delete
    3. එහෙමත් එකක්දෑ....උන් දිහා නොබලා පාරෙ යන්නේ කොහොමදෑ නලීන් අයියේ.... ? ඇගටම නෙවැ හපාකන්න පනින්නේ.... පොල්ලක් අරං පතබාලා නොවැ පණ බේර ගන්‌ෙන්..... හි හි..

      Delete
  5. මොනා කරන්නද අපේ උන්දැට උදවුවට කෙනෙක් නැති උනාම මං යනවා... එයා වැඩ කරන තැනට වෙලා විකාර කර කර ඉන්නවට එයා හරි ආසයි.... හි හි.... මොකද්ද අප්පේ මං කරපු නරක වැඩේ.....

    ඔයා එක උත්තරයක් හොයා ගෙන... ...

    අන්න උත්තර දුන්නා.. මට ගහන්න එහෙම එපා ඒක බලලා.. හි හි....

    ReplyDelete
  6. මම මේ උත්තරේ කියන්න කට උල් කරගෙන ආවේ...
    කොහෙද ඉතින් වැඩේ කාලනේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තාම එක අත්තරයයි රජෝ හම්බුනේ.... තව එකක් තියෙනවා... කලින්ම මුන් හිමිහිට හිනා වෙන්න පටන් ගත්තේ ඇයි කියලත් කියමු බලන්න....

      Delete
  7. මගේ ඔලුවෙන් කොම්බුත් පැන්නා... ඇයි වදේ.. කතාවක් තේරුං ගන්ඩ පුලුවන් වෙන විදිහට කියන්ඩ එපැයි.. හික්ස් :)
    දැන් ඉතින් මාර වැඩේ.. මවුස් එක අල්ලන්ඩ වෙන්නේ නෑ.. හූ.....හු...හු... :)

    ReplyDelete
    Replies
    1. අම්මපා මධුවෝ.... අහපු පුරස්නෙත් පේන්නේ නැති තරම් ඔලුවෙන් කොම්බු පැන්නද....?
      මම ඇහුවේ මීයෙක් ගැන නෙවෙයි... බල්ලෙක් ගැන.....

      Delete
  8. ඇහ්හ්...
    මිනිස්සුන්ට යන්න බැරි බිල්ඩින් එකක්? එතකොට ඒ බිල්ඩිම හදලා තියෙන්නේ බල්ලොද? අනික බෝම්බ අටවන්නේ කොහොමද මිනිස්සුන්ට යන්න බැරිනම්? ඒකත් බල්ලෝ වෙන්ට ඇති කළේ..

    ReplyDelete
    Replies
    1. අම්මාපල්ල‍‍... එතකොට ඒක අටෝලා තියෙන්නෙත් ඔය ජාතියේ බල්ලෙක්ම යවලා වෙන්ට ඇති.. ආන්න ඒකාව ට්‍රේනින් කලා එකා නෙව බුවා...

      Delete
    2. චැක්.... හිරු පොඩ්ඩට නම් කියන්න තියෙන්නේ ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලන්න කියලා තමයි.... කොල්ලා පොඩ්ඩක් වටේ හිතලා බලලා තියෙනවා..... නෑ... වැරදියි...

      මාරයියේ.... අනේ ඔයාට තාමත් හිතා ගන්න බැරි උනාද අප්පා... පන්සලේ වත් හිටියේ නැද්ද මේ වගේ වේගෙන් දුවන්න පුළුවන් බල්ලෝ.....

      Delete
    3. ඔන්න මම ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලලා හොයාගත්තා ඔය කියන බල්ලන්ට තියෙන්නේ කොට කකුල් කියලා. එහෙමත් තියෙද්දි විදුලි වේගෙන් දුවපු එකද හේතුව හිරු අක්කේ?

      අනේ මේ පාරත් වැරදියි කියන්න නම් එපෝ

      Delete
    4. ඔය අල්ලගත්තේ... දැන් ඉතිං ප්‍රශ්නේ ක්ලොස් කරන්න වෙනවා....

      ඔෆීෂියලි උත්තරේ හෙට පෝස්ට් එකකින් දෙන්නම්කෝ....
      අන්ඔෆීෂියලි උත්තර‌ දෙකම හම්බුනා....

      Delete
    5. එහේම ෂේප් වෙන්න දෙන්න බැහැ. මෙච්චර මහන්සි වෙච්ච එකේ තෑග්ගක් ඕනමයි.

      Delete
  9. ඒ උනාට ඊයේ බයිසිමොටෝ එකේ යනකොට...( ඒ වචනේ හොරකම් කරගත්තේ සිරාගෙන්..)


    සිරා ඒ වචනෙ හොරකම් කර ගත්තෙ මාරයාගෙන්....
    සුනඛ තෙමේලා වර්ණ අන්ධ බව මමත් දන්නවා... ඊට අවශේෂ කාරණයක් නම් හිතාගන්න බැරියෝ....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සිරෝ..මං ඕය වචනේ අයිතියට නඩු කියන්ට කියලා හදලත් ආයේ නිකා හිටියේ මගේ මාගල් වලට තිබුන අයිතියටත් මේකේ ලොක්කි පොරකන්ට තිබා ගත්ත හින්දා...:D:D:D
      මුංදලට කියලා පැහැදිලි කොරලා දෙන්ට ඇහැකියෑ..හික් හික්...

      Delete
    2. මං අල්ලගත්තේ සිරාගෙන් නොවැ... සිරානේ බයිසිමොටෝ සවාරියක් ගිහින් තිබුනේ.... හි හි.. මාරයියේ සොරි වෙන්ඩෝනෑ හොදේ.....

      මාගල් නම් දැන් මගේ.... ඔයා එන්නෙපා අයිතිවාසිකම් කියන්ඩ..... හි හි.....

      Delete
  10. මං දන්න තරමිං බල්ලන්ට පාට පේන්නෑ...
    පේන්නේ කලු සුදු...
    ඩොකාලා ඒක දන්න නිසා අරූට හිනාවෙන්නැති..

    ReplyDelete
    Replies
    1. තරියා මිනිත්තු බාගයක් පරක්කු වෙලා හරි උත්තරයක් දීලා... ඔන්න උත්තරේ දැම්මා....

      Delete
  11. මම නම් බල්ලොන්ට පාට පෙන්නෙ නෑ කියලා අදයි ඇහුවෙ අම්මපා

    ReplyDelete
    Replies
    1. අනේ බාං නරුමයෝ.....( චික්... ඒක කියන්න ගියාම හරි කැතයි....)
      හිරු පොඩ්ඩට කිව්වා වගේ Cats & Dogs පළවෙනි ෆිල්ම් එක බලන්නකෝ..

      Delete
  12. හැමදාම ඔයාගේ පොස්ට් කියවනකොට මාරම ළඟ බවක් දැනෙන්නේ ඇයිද කියල මම දන්නේ නැහැ අක්කි..ඒ ඔයා ලියන විදිහ නිසා වෙන්න ඇති අනිවාරෙන්ම..මම ඒ විදිහට කැමතියි..සුහදයි..
    හ්ම්ම්..ඉක්මනට සනීප වෙන්න..
    වෙලාවට බෙහෙත් කරගන්න..
    ම්ම්..අර උත්තර නම් මම දන්නේ නැහැ..වෙලාවක ඇවිත් බලන්නම්කෝ උත්තර ටිකත්,,
    එහෙනම් අපි ගියා!
    ඔයාට ජයෙන් ජය අක්කෝ..:)

    ReplyDelete
    Replies
    1. හි හි... අමුතු විදියක් නෑ නඟා.. මේ මගේ හැටි....
      බේත් නම් කරනවා.. තැන්කි යු වේවා...

      Delete
  13. සෑහෙන හිතන්න ඕන ප්‍රශ්ණයක් වගේනේ... :)

    ReplyDelete
    Replies
    1. හිතන්නකෝ හිතන්නකෝ...

      Delete
  14. මම මේක කියවන්න එන කොට උත්තරෙත් දාල ඉවරයි මයේ හිතේ.

    බල්ලා කොහොමද රතු වයර් එක කපන්නේ? මම දන්න තරමින් බල්ලා බ්ලැක් ඇන්ඩ් වයිට්.

    ReplyDelete
    Replies
    1. දන්න ක්ටයි පරක්කු වෙලානේ ඇවිල්ලා තියෙන්නේ.....හි හි..

      Delete
    2. ඒකනේ,, පමාව පසුතැවිල්ලට හේතු වේ..!

      Delete
  15. මදැ‍යි ප්‍රමාද වැඩියිනේ. බල්ලා තාම පරණ කාලේ black n white යුගයේ කියලා කියන්න හැදුවා විතරයි

    ReplyDelete
    Replies
    1. හි හි.. පරක්කුයි නම් තමයි....
      ගොඩක් අය ඒක දැනගෙන හිටියා නේද.... ? හැබැයි දුවන්න බැරි බල්ලෝ ඉන්නවා කියලා දැනගෙන හිටියේ නෑ නේ....

      Delete