Sunday, September 9, 2012

බලු වැඩේට උත්තරේ...

අද උදේ ජොලියට වගේ අහපු පුරස්නෙට උත්තර දෙන්න ගිහිල්ලා කට්ටියකට ප්‍රශ්නෙ පෙනුන් නෑ නේ.. වෙන මොනාද නම් පෙනිලා පුරස්නයක් කොර ගෙන තිබ්බා.... හි හි... කමක් නෑ කමක් නෑ.... අපේ උන්දැල පුරස්න වලට උත්තර බදින්ඩ කැමතියි කියලා මං දන්නවා නේ...

මුලින්ම ඩූඩ් අයියා වැඩේ අල්ලගෙන හීනියට කොමෙන්ට් එකක් දැම්මා.. වැඩේ කියන්නේ කට්ටියට ඒක අහුවුනේ අන්තිමට තමා.... ( කොහෙද කල්පනාව තිබුනේ මීයෙක් ගැනනේ...)

පොඩ්ඩි, හිරු පොඩ්ඩටයි මඩයා මල්ලිටයි වඩා විනාඩි 3ක් ඉස්සර වෙලා අනිත් උත්තරේ දුන්නා.... රජා ඇවිල්ලා උත්තරේ දීලානේ කියලා කට උල් කරගෙන ආපහු ගිහින්....මධූට නම් ඔලුවෙන් කොම්බු පැන්නලු... ආයිත් ඇතුලට දාගන්න පුළුවන් උනාද දන් නෑ....හි හි

අනිත් සෙට් එකට බල්ලො පෙනිලා තිබුනේ නෑ.. මීයෙක් නෙවැ පෙනිලා තිබුනේ... කමක් නෑ...හි හි..

මගේ අත ඉක්මණට හොද වෙන්න කියලා පතපු මඩයා මල්ලිටත් ස්තූතියි....පොඩ්ඩි නම් මට දෝස් මුරයක් දැම්මා පොඩියට.. හි හි..

මෙන්න මේකයි කතන්දරේ...


ඔරිජිනල් ඩැෂන්ඩ් ලා ලංකාවේ ටිකක් අඩුයි.. ඒ වෙනුවට ඉන්නවා බීගල් කියලා ජාතියක්..මෙයාලා වගේම කොටයි...(මෙයාලගෙත් ලංකාවේ ඉන්න කට්ටිය ටිකක් උසයි...) පාට පාට ඉන්නවා... මෙයාලා හොද ඉව අල්ලන වැඩ වලට තමයි...මොකද තියුණු ඉවක් තියෙනවා කියලා තමා කියන්‌නේ... ඒවගේම ස්වාමියාට හරිම ආදරෙයි...ඒවගේම ටිකක් මෝඩයි....හැබැයි මෙයාලට දුවන්න බෑ...

හරියට ඔලුව එක පැත්තකින් එනකොට පස්ස තව පැත්තකින් එනවා වගේ තමයි පේන්‌නේ.. ඇඟ ගොඩක් දිග නිසා ඇදට තමයි ඇවිදින්නේ.. ඇත්තටම ඇවිදිනකොට මුන් හරිම කැතයි....හරියට සොසේජ් එකක් රෝල් වෙනවා වගේ...අපේ පැත්තේ එකක් හිටියා.. උෟව එලියෙ ඇවිදින්න යනකොට බඩ වටේට රෙදි පටියකින් ඔතලා තමයි අරං යන්නේ... බඩ බිම ගෑවිලා තුවාල වෙන තරම් කොටයි....අපෙ ගෙදරත් උන්දැ කෙනෙක් හිටියා.. හැබැයි උන්දැගේ අම්මා බලු හාමිනේ ගෙදරක හොදට උන්නු එක්කෙනෙක් උනත්, හාද වෙලා තිබුනේ අවලම් පොමනේරියන් බලුරාළ කෙනෙක් එක්ක.. ඉතින් අපේ එකා අම්මට වඩා ටිකක් උසයි....ඔය කට්ටිය පෝලිමට ඇවිදින්න යන කාලයක් තියෙනවානේ... අපේ එකා තමා පෝලිමේ අන්තිමට ඉන්‌ෙන්... ගියාම එන්නේ එක්කෝ කනක් කඩා ගෙන, නහය හූරගෙන... ඒක පාරක් එනකොට බෙල්ල දෙපැත්තේ දත් පාරවල් දෙකක්... මූ වගේ දෙකක් විතර උස බල්ලෙක් බෙල්ලෙන් අල්ලලා හොලෝලා බිමින් තියලා....බේත් කරලා නාවලා කරලා තමා ගෙට ගන්න ඕනේ....

යනගමන් ඔය වගේ බලු රාළ කෙනෙක් දැක්ක හින්දා තමයි ඕක ඔලුවට ආවේ....

බල්ලෝ වර්ණාන්ධයි ( කලර් බ්ලයින්ඩ්) කියලා ගොඩක් අය දන්නවා ද කොහෙද.. දන් නෑත්තම් Cats & Dogs පළවෙනි ෆිල්ම් එක බැලුවා නම් ගොඩ.... උන්ට පේන්නේ Black & White view එකක්....

හිරු පොඩ්ඩා උත්තරේ හරියට දීපු හින්දා තෑග්ගක් ඉල්ලනවා... අනේ මන්දා....පොඩ්ඩක් හිනාවෙන්නකෝ.. ඇඟටත් හොදයි නේ....

අපේ මහත්තයාට නම් මම උත්තරෙ කිව්වම හිනා ගියා... ඉතිං මේ කතාව මම හදපු එකක් කියලා තේරෙන්න ඇතිනේ... කාටවත් අපහාසයක් කරන්න හිතං ගොතපු එකක් එහෙම නෙවෙයි ඕං....

උත්තර බැන්ද කට්ටියටයි, ප්‍රශ්න අහලා උත්තර දීපු කට්ටියටයි තැන්ක් යු කිව්ව ඕං.....

40 comments:

  1. දැන් තමා හරියටම වැඩේ මීටර් උනේ..
    එහෙම සරලව කිව්වනම් ඔයත් දිනුම් රටත් දිනුම් නේ..
    අර කිව්ව ජාතියේ දිග බල්ලෙක් හදන්ඩ හිතුනා. බලමුකෝ ඒකෙත් හැටි !

    ReplyDelete
    Replies
    1. අපේ නම් හිටියා.... එකපාරක් රුලේ යන්න ගිහින් ආපහු ආවේ නෑ... මැරෙන්න ඇති.. උන්දැට උදේ කිරි එක නැතුව ඉන්න බෑ....

      Delete
  2. මාරයිනේ ඔයාගේ උත්තරේ....හා හා....හොඳ වෙලාවට මම පශු වෛද්‍ය කෙනෙක් නෙමේ.මට හිතෙන්නේ උත්තර දුන්නු හුඟ දෙනෙක්ම පශු ල නෙමේ.එක්කෙනෙක් හිටිය වගේ නේද.
    ආ අමතක වුණා...මේ හස්ත කර්මාන්තය තමයි ලෝකෙ තියන හොඳම කර්මාන්තය.කැමති දෙයක් කැමති විදියට.....

    ReplyDelete
    Replies
    1. ඕක පශූ වෛද්‍යවරු කියලා දැම්මේ එතකොටවත් කට්ටියට මීටර් වෙයිනේ කියලා.... කොහෙද මීයෙක් මතක් කළ ගමන් කට්ටියට ඔක්කොම අමතක උනා නොවැ... හි හි...
      හස්ත කර්මාන්තය ගැන ගොඩක් ජාති අපේ මහත්තයා කියනවා හිටපු ගමන්.. හි හි...

      Delete
  3. ළොකේ ඉන්න ඔක්කෝම සත්තු ඒ සතාගේ නමින් හැඳින්නුවම් එක සමානයි. ඒත් බල්ලෝ මොකද අප්පා හරක් සයිස් එකේ ඉඳලා මීයෝ සයිස් වෙනකන් ඉන්නේ. පූසෝ ඉන්නෙත් අර බූල් තියෙන උනුයි අපේ වගේ උනුයි විතරනේ... :) මීයෝ උනත් ලොකු පොඩි උනාට හැඩ රුව එකයිනේ .. ඒත් බල්ලෝ... ඔහේ දන්නවයි බල්ලෝ එකිනෙකාගේ පස්චාත් ප්‍රදේශය ඉව අල්ලන්නේ ඇයි කියලා. බලු කතා තමයි ඒත් රහයි

    ReplyDelete
    Replies
    1. ඒක නම් හැබැව... බල්ලො නානාප්‍රකාර සයිස් වලින් ජාති වලින් ඉන්නවනේ... අපේ රටේ ඉන්න කට්ටයගෙන් මට පෙන්නන්න බැරි අර බූල් බෝල වගේ ඉන්න පොමනේරියන් ලා.... ඇල්ලුවම ඇටකටු ටික විතරයි... ඔය ජාති වලින් මිනිස්සුන්ට ගොඩක් හිතවත් කියලා ජාතිත් ඉන්නවානෙ... මේ වගේ කට්ටිය තමයි ඒ ජාතියට වැටෙන්නේ...
      පශ්චාත් ප්‍රදේශය ඉව කරන්නේ ඒක උන්ගේ ෆොල් බැක් පොසිශන් එකලු කැට්ස් & ඩෝග්ස් එකට අනුව.... හි හි..
      ඒකෙන් උන්ට ගොඩක් දේවල් දැනගන්න පුළුවනලු.. ඇයි බල්ලෝ දකින දකින ගහටයි කණුවටයි අල්ල අල්ල යන්නේ... ඒ උන් ඒරියා එක මාක් කරන හැටිලු...

      Delete
  4. ඇත්තෙන්ම හිරූ, බල්ලන්ටපේන්නෙ කලුසුදු වලින් කියලා මම අහලා තිබ්බව මට නම් ඒක මතක් වුනෙත් නෑ. ඌට දුවන්න අමාරු කතාව මතක් වුනේත් නෑ. කලබල වුනාම කොරස් කටෙත් අත දාගන්න බෑ කියන්නෙ ඕකනෙ. ඔන්න මේක දාලා වහලා නිදාගන්න යන්නෙ. :)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හබොයි.. මං හිතවා මතක් වෙලා ෂේප් වෙලා ගියා කියලා.. හි හි...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. අනේ මට නොතෙරුනෙමි

    ReplyDelete
    Replies
    1. මොකද්ද තේරුනේ නැත්තේ....?

      Delete
  7. අයි..............යු මං එක ටයිප් කරන්න පටන් ගද්දි උත්තරේ තිබ්බේ නෑ.මගෙ ෆෝන් එකෙන් කමෙන්ට් කලේ,වැඩි හොදට කියලා මං එකේ සිංහලෙන්ම කමෙන්ට් කරන්න ගියා.මෙව්වගේ සිංහල ටයිප් කරන්න වෙලා යන නිසා මට කලින් පොඩි කුමාරිහාමි උත්තරේ දීලා :/

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා සුදා.... හිනා වෙන්න ඇතිනේ.. ඒකයි තෑග්ග...

      Delete
    2. තැනක් යු අක්කේ ;)

      Delete
  8. අනේ අපි දන්නවද නංගි ඔය බල්ලන්ගේ වගක්.. ඔන්න මීයෙක් හරි පූසෙක් ගැන හරිනං මොනවා හරි කියන්න තිබුනා... ඔය ඇවිදින්න පුළුවන් බල්ලොයි බැරි උනුයි කියලා දෙජාතියක් නැහැ මට..බල්ලනං කෝකත් බල්ලා...ෂරිය... ඇවිදින්න බැරිනං ඌ බල්ලෙක් නෙවෙයි තලගොයෙක් හරි මොකෙක් හරි උරගයෙක් වෙන්න ඇති...

    මේ අනිත් ෂීන් එක..බල්ලන්ට පේන්නේ කළු සුදු විතරක්මද..රතුත් පේනවා කියලා මං අහලා තිබුනානේ...

    කොහොම හරි කමක් නැහැ ඉක්මනට අත හොඳ කරං මවුස් අල්ලන්නකෝ... ජය වේවා ඈ...

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ පන්සල්වල දාලා යන බල්ලෝ ගැන නෙවෙයිනේ මාරයියා.. ඒකයි ඔයාට තේරුනේ නැත්තේ.. හි හි... මෙයාලා පැටිකිරිය හොද බල්ලෝ....

      උන්ට පාට පේන් නෑ කියලා තමා කියන්නේ....

      අත හොද කරගන්න එපැයි නේ... නැත්තම් විනාසයි....හි හි...

      Delete
    2. මාරයා මොනවද මීයෝ ගැන දන්නේ?

      Delete
  9. අඩේ මමත් උත්තරේ දුන්නනේ...

    ReplyDelete
    Replies
    1. ඔවුනේ... මිනිත්තු බාගයක් පරක්කු උනා.... ඉස්සර කෝච්චි මිස් උනා වගේ මේකත් මිස් උනා... හි හි...

      Delete
  10. මල් කඩල කාරිය ඉවර වෙලා රෑ වෙලා ආවයින් ප්‍රශ්ණෙයි උත්තරෙයි දෙකම ඉක්මනට කියෙවුවනේ... :)

    ReplyDelete
  11. හපොයි එයාලගේ කකුල් ගැන අමතක උනානේ. ආයම ඕනිම ප්‍රශ්නයක් අහන්ට අපි නම් රෙඩි...

    අර හොල්මන් ඒවා තමා ලස්සනම...
    අර හිරු කුමාරයට තෑගි දුන්නොත් අපිටත් දෙන්ට වෙයි. :D

    ReplyDelete
    Replies
    1. දුන්නා දුන්නා.. තැග්ගට අර මාරයියායි, ඩූඩ් අයියයි, මාතලන් ලොක්කයි, නලින් අයියයි කට්ටියම සම්මාදම් උනා.....

      ආයි නම් ප්‍රශ්න අහන් නෑ... මෙයාලට ප්‍රශ්නේ නෙවේ නේ පෙනුනේ මුලින්ම.. හි හි...

      හොල්මන් කතා හොදයි.. මතක් වෙන් නෑ.... අප්පා...

      Delete
  12. බල්ලට කළු සුදු වගේම පූසගේ ඇගේ තරම බලන්නේ රැවුලෙන් කියනවනේ. උගේ රැවුල කැපුවම ඌ හිරවෙනවලු රිංගන්න බැරි තැන් වල ගිහින්..

    අපි එකෙක්ගේ රැවුල කපලා ට්‍රයි එකක් දුන්න. ඒත් වැඩක් වුනේ නැහැනේ.

    ජය !

    ReplyDelete
    Replies
    1. හි හි... පවු අප්පා.... පූසෝ පෙන්නන්න බැරි උනත් ඔය වගේ පවු වැඩ නම් කරලා නෑ....

      පූසන්ගේ රැවුලේ තියෙන්නේ රැවුලකට වඩා ස්පර්ෂක ජාතියක්... ස්පර්ෂයට සංවේදීයි..... හරියට කැරපොත්තන්ගේ වගේ.. ඒකයි ඔය වැඩේ වෙන්නේ....

      Delete
    2. මේකට නම් හිනායනවෝ. පුසන්ගේ රැවුල තියෙනවෝ...රැවුල කපපු පූසොත් ඉන්නවෝ........පූසො පෙන්නන්න බැරි වුණාට පූසා රැකගනියෝ.

      Delete
    3. හිතුවා හිතුවා හිනාවෙයි කියලා.... හි හි...

      Delete
  13. වෙලාවට මොකුත් නොකියා ගියේ.. නැත්තං විනාසයි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ....?

      උත්තරේ දැනගෙන නෙවෙයිද ආවේ.... හි හි..

      Delete
  14. මට බල්ලන් ගැන සෑහෙන දුකක් එනවා අප්පා..ශික්..කොච්චර සල්ලි දීල ගෙනත් කලර් ටීවී එකකින් බැලුවත් පේන්නෙ බ්ලැක් ඇන්ඩ් වයිට්නේ :(

    ReplyDelete
    Replies
    1. එකනේ බල්ලෝ ටීවී බලන්න කම්මැලි.... හි හි..

      Delete
  15. මමත් චුට්ටි හොර වැඩක් කරලා තමා උත්තරේ හොයාගත්තේ. මුලදිම ඒක කරන්න එපා හිරු අක්කා ලියලා තිබ්බ නිසා කරන්නම හිතුනා. අවුලක් ‍වගේ නැහැනේ? තෑග්ගනම් නියමායි...

    ReplyDelete
    Replies
    1. මං දන්නවා හොර වැඩේ කළා කියලා.. හි හි... කමක් නෑ... දැන් ඉතිං මතක තියෙයිනේ...

      Delete
  16. සුනඛ තෙමේ කියන්නෙ හොදම ගතිගුණ තියෙන බොහොම සුන්දර සත්වයෙක්... සිරා හරිම කැමතියි එයාලට....

    ReplyDelete
    Replies
    1. මටත් ඉතිං ඔය අතින් ඇල්ලුවා ඇටකටු ගොඩ විතරක් අහුවෙන පොමනේරියන්ලා ඇරුනාම අනිත් ඕන බලුරාළ කෙනෙක් හොදයි....

      Delete
  17. අම්මෝ බල්ලෝ ගැන මෙයා දන්න දේවල් . . ඔයා වෙට් ඩොක් කෙනෙක්ද? හික්z

    ReplyDelete
    Replies
    1. අපේ අම්මලගේ ගෙදර ඉන්න වලව්වෙ හාමුව මාසෙකට සැරයක් අනිවාර්යයෙන්ම වෙට් ගාවට අරන් යන්න ඕනෙ එකේ උන්දැ හින්දා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.... හි හි... වැලි මැක්කෙක් ඇඟට ගියත් උන්දැට උණ ගන්නවා...

      බල්ලන්ට මම හරිම ආසයි... හි හි...

      Delete
  18. ඔය බලුවන්ට මී පැටියත් හරි ආසයි. මී පැටියාගේ ගෙදරත් ඉන්නවා බලුවෙක්. වූ නම් ගොඩක් ලොකුයි. ටීවී එහෙමත් බලනව අපිත් එක්කම..

    ReplyDelete
  19. අපේ අම්මලගේ ගෙදර ඉන්න මගේ බුලට් නම් කාටවත් ටීවී බලන්න දෙන්නේ නෑ.. එයා සබාව මැද්දට ඇවිල්ලා එයාගේ ස්ටොරිය කියන්න පටන් ගත්තම අපි ඔක්කොම වැඩ නවත්තලා එය දිහා බලන්න ඕනේ..... හි හි...

    බුලට් ගැන මම කලින් ලිව්වා.. මේක ලියනකොට එයාට අවුරුද්දක්වත් නෑ.... දැන් අලියා වගේ....
    http://hirunethihorawa.blogspot.com/2010/07/blog-post.html

    ReplyDelete
    Replies
    1. බව්වා ගැනත් කියෙව්වා. කමෙන්ට් එකකුත් දැම්මා.

      Delete