Tuesday, September 25, 2012

පොතකින් කතාවක්...


අතීත ආදරය අනාගතයටත්....

- තරහටත්, අකමැත්තටත් වඩා ආදරේ ශක්තිමත් හා බලවත් කරගන්න.

- එකඟතාවයකට එන්න තරම් බුද්ධිමත්. මන්ද, දැඩි වී කැඩී වෙන්වෙනවාට වඩා මෘදු වී නැමී සිටීම විවාහයේදී වඩාත් යෝග්‍ය වන නිසා.

- නරක ගැන නොහිතා හොද ගැන හිතන්න.

- මතක තියාගන්න හොඳ විවාහයක මූලික පදනම හොඳ මිත්‍රත්වයයි. ඔබේ සහකරුවා හො සහකාරිය ඔබේ හොඳම මිතුරා කරගන්න.

- මේ පාඩම ඔබේ දරු මුණුපුරන්ට කියා දෙන්න. කොච්චර දේවල් වෙනස් වුණත් සමහර දේවල් ඒ විදිහමයි. හරියට විවාහයෙත් ආදරේත් දැනීම වගේ.

-ජේන් වෙල්ස් (1886)

මේ උපුටා ගැනීම විදර්ශන ප්‍රකාශකයන්ගේ “අසිරි සිරිනි“ ජීවිතය - ආදරය ගැන පුංචි කතා කියන පරිවර්තන කෘතියේ 123 වෙනි පිටුවෙන්....

මේ පොත් පෙලින් පළමුවැන්න වන මෙය මා වෙත තිබී කෙසේ හෝ අතුරුදන් වී ඇති නිසා මා යලිත් මිලට ගත්තේ ඊයේ... ඇත්තටම පොත යලිත් මිලට ගන්න තරම් මගේ හිතේ රැදිලා තිබුන කතාව මෙය නොවුනත්, රාත්‍රියෙදි මෙය කියවන විට එක්තරා විදිහකට මගේ හිතේ කම්පනයක් ඇති කිරීමට සමත් උන වචන කීපයක්...

මෙහි සඳහන් කරැණු පහෙන් තුනක් සම්බන්ධයෙන් මා ඉතා සැළකිලිමත්ව කටයුතු කලත්, එක් කරැණක් සම්බන්ධයෙන් මා කැළඹීමට පත් උනා... ( අනෙත් කරුණ තවමත් මට අදාල නැත..)

ඒ මෙහි සඳහන් දෙවැනි කරැණ...

මා ස්වාභාවයෙන් දැඩි තීරණ ගන්නා කෙනෙක්.. එහෙත් බොහෝ අවස්ථාවල තවත් කෙනෙකුගේ මතයට හිස නැමීම සිදු වී තිබෙන්නේ මගේ එකඟත්වයත් ඇතිව... නමුත් යම්කිසි තීරණයක් සම්බන්ධයෙන් මට එකඟවන්නට අපහසු අවස්ථාවල මා මාගේ මතයේ දැඩිව රැදී සිටිනවා... එසේ නොකලොත් මා පසුව යමිකිසි අවස්ථාවක ඒ ගැන පසුතැවිලි වෙයි කියන බිය නිසා...

නමුත් මේ වචන වල තියෙන සත්‍යතාවය මට වැටහෙනවා.... හේතුව විවාහය යනු තවදුරටත් ප්‍රේම කරන කාලයේ තිබු හීන සැබෑ කරන ගැනීම නොව, එකිනෙකට වෙනස් වූ හිත් දෙකක් සහ ශරීර දෙකක් එකට එක්තැන්ව ජීවිතය ඉදිරියට ගෙන යාම පිළිබඳ අලුත් ගැටළු රාශියක් මතු කරන්නක් බව දැනී තිබෙන නිසා...

කෙසේ වුවත් මේ වචන කිහිපය මගේ හිතේ තදින් සටහන් වූවක් වී අවසානයි..

මේ පොත් පෙලෙහි පොත් 6ක් ඇති අතර, පරිවර්තනය සිදු කර ඇත්තේ හේමන්ති සමරජීව විසින්... Chicken Soup for the Women`s Soul යන පොත් පෙත් පෙලෙහි පරිවර්තනයක්...

මෙහි පසුපස පිටුවේ සඳහන් කරැණු ටික උපුටා දක්වන්න හිතුවේ මෙහි අන්තර්ගතය පිලිබඳ අදහසක් ලැබේවි යස අදහසින්...

“ ගැහැණුන්ගේ ජීවිත ඇතුළෙ හැංගිලා තියෙන අසීමිත වූ සුන්දරත්වය ගැහැණුකමට විතරක් සීමාවුණු අපූරැ දෙයකි.
දුකක් දරාගන්න තියෙන හැකියාව, ප්‍රශ්නයකට මුහණ දෙන්න තියෙන ශක්තිය විතරක් නෙමෙයි, අසීමාන්තිකව ආදරය කරන්නත්.
“අසිරි සිරිනි : ජීවිතය - ආදරය ගැන පුංචි කතා“ නම් මෙම කෘතිය ගැහැණියගේ ඒ අපූර්වත්වය විදහා පාන මනරම් කැටපතක් වැන්න.
Chicken Soup for the Women`s Soul නම් මෙම කෘතිය ලොව පුරා මිලියන ගණනින් අලෙවි වන, අතිශයින් ජනප්‍රිය කෘතියකි.
මෙහි ඇතුලත් සත්‍ය කතා පෙළ කියවන ඕනෑම අයෙකුට ලෝකේ හැම ගැහැණීයක් ඇතුළෙම සංවේදී ආදරණීය චරිතයක් ජීවත්වෙනවාය කියන හැඟීම දැනෙනවා නොඅනුමානය.“

මෙහි සඳහන් සෑම පොඩි සත්‍ය කතාවකම පාහේ මගේ ඇසට කඳුලක් නැගෙන්නා වූ සංවේදී අවසානයන්ගෙන් සමන්විතයි. ඒ ඇතැම් විට දුකට හෝ ඇතැම් විට සතුටට විය යුතුයි...

47 comments:

  1. කියවලා තියනවා වගේ හිතෙනවා. ලියලා තියන විදියට දුවලා ගිහින් ගන්ට හිතයි. පොඩ්ඩිත් ඉතින් ටිකක් හිතුවක්කාරයි. කෝකටත් කියවලා තිබුනත් ආය පාරක් කියවලා බැලුවානම් හොඳයි වගේ. සිංහල පොත නම් ගන්ට අමාරුවෙයි. ඒත් කමක් නෑනේ...:D

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි පොත මීට වඩා රසවත් ඇති පොඩ්ඩි....

      Delete
  2. හිරු පොත් කියවලා වගේ සාහිත්‍ය මාසෙ.

    ReplyDelete
    Replies
    1. අලුත් පොත් ගන්නවට වඩා තිබිලා නැති උන පොත් ටිකක් ගත්තා රාජ්...

      Delete
  3. මම කියවලා නෑ... ආදර කතා වලට නම් ආස නෑ..
    ඔන්න ත්‍රසය භීතිය පිරිච්ච කතා නම් මරු. කුතුහලයත් නොඅඩුවම තියෙන්ඩ ඕනා !!!

    ReplyDelete
    Replies
    1. මේ පොත් සෙට් එකේම තියෙන්නේ ඇත්ත කතා මධූ... අම්මලා ළමයි ගැන, ළමයි අම්මලා තාත්තලා ගැන, ජීවිත වෙනස් කරන්න හේතු උන පොඩි පොඩි සිද්ධි, අසාධ්‍ය, අමාරු තත්ව වලදි මුහුණ දීපු සිද්ධි වගේ ඒවා. ආදරය ගැන කතා තිබුනත්, මේවා ආදර කතා නෙවෙයි.... ඇත්ත කතා... අන්න ඒකයි වෙනස... . එක එක අය ලියපු දේවල්.. හරිම සංවේදියි... සමහර ඒවා ත්‍රාසජනකයි තමා... හි හි.. විශේෂයෙන් අම්මලා තාත්තලා ගැන ළමයි ලියපු දේවල්.... මෙතන ලියපු අය අතරේ ගොඩක් ප්‍රසිද්ධ අයත් ඉන්නවා..

      මේ කෑල්ල මම තෝර ගත්තේ පොඩි වචන කීපයකින් කියලා තියෙන කතාව ලොකු නිසා.. නමුත් මේ පොතේ තියෙන සිද්ධි දිගම එකක් උනත් පිටු තුනකට වැඩිය නෑ....

      පස්සේ වෙලාවක තව සිද්ධියක් උපුටා ගන්න හිතලා තියෙනවා... බලමුකෝ...

      Delete
    2. හොයාගෙන කියවලා බලන්ඩ වටිනවා

      Delete
  4. ම්ම්ම් කියවන්න වටින පොතක් පාටයි....හොයාගෙන කියවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පුළුවන් නම් හොදයි කවියෝ... මම නම් පොත් සෙට් එකම අරං තියෙන්නේ...

      Delete
  5. ඒ පොතෙත් නැහැ මේක. "ගැහැනියකට අසීමිත විදිහට ඊර්ෂ්‍යා කරන්නත් පුළුවන්.. " මනුස්සයාව තේරුම් නොගත්තා වගේ ඉන්නත් පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඒක තියෙනවා වෙන කතාවක....
      22 වෙනි පිටුව - තවත් ගැහැණියකට ආදරය කිරීම - ‌ඩේවිඩ් ෆෙරෙල් හි හි

      මේ සෙට් එකේම තවත් පොතක කතාවක් තියෙනවා....

      තමන්ගේ සැමියා තමන්ට නොකියාම දික්කසාදයත් අරං, ලබාල ජපන් කෙල්ලෙක්ව බැන්දම ඒ 50 හැවිරිදි ගැහැණිය හිත හදා‌ෙගන කියනවා “කමක් නෑ මට දිගටම තොරතුරු දන්වන්න“ කියලා... අවරුදු කීපයකට පස්සේ පිරිමියා මිය යනවා දරුවො දෙන්නෙක් එක්ක අර තරුණයව තනිකරලා ජපානෙදි... අර වියපත් ගැහැණිය දරු දෙන්නා සහ අර ජපන් තරුණිය තමා ගාවට ගෙන්නගන්නවා ජීවත් කරවීමට.. එතෙනදි ඈ තේරුම් ගන්නවා තමන්ගේ සැමියා ආයිත් තමන් ළඟට ආවා කියලා... අර දරුවන් සහ ඔහු ආදරය කළ තරුණිය සමඟ....

      හි හි....

      අනිවාර්‌යයන්ම... ගැහැණියකට අසීමිතව ඊර්ශ්‍යා කළ හැකිවා වගේම අසීමිතව අනුකම්පා කළ හැකිය කියලත් කියන්න ඕනේ ඉතිං...

      Delete
  6. මං ගත්තෙ එකම එක පොතයි...
    “කවිකඳුර“...
    ඒකත් යාළුවෙක්ට දෙන්න..

    ReplyDelete
    Replies
    1. ඒ මොකද අප්පා... ආර්ථිකේ හින්දද....

      Delete
  7. මම ඔය chicken soup එකේ teens එක කියවලා තියෙනවා.එකේ පරිවර්තනයක් තියෙනවා කියලා අදයි දන්නේ.අපරාදේ මම ඔය පොත තියෙනවා දැක්කත් එක්ක.ඕකේ ම පොඩි ළමයි ලියපු ලිවුම් ටිකේ සිංහල පරිවර්තනයක් ඉස්සර මිහිර පත්තරේ ගියා “පුංචි අපි තනි වෙලා නෑ“ කියලා.ගොඩක් දවසට ඒ ලිපිය තිවුනේ මුල් පිටුවේ ඇතුල් පැත්තේ.ඒවත් හරිම ලස්සනයි.ඇත්ත නෙවෙයි කියලා හිතෙන තරමට සංවේදියි.මං හිතන්නේ ඒ ලිපිය නම් ගොඩක් අය කියවලා ඇති..

    ReplyDelete
    Replies
    1. මට නම් ඒක මතක නෑ තේජි..
      මේකේ නම් තියෙන්නේ ලොකු අය ලියපුවා... පොත් 6ක් තිබ්බා.. මං ගාව නම් තියෙන්නේ 4 යි

      Delete
  8. කෙල්ල හොඳ පොතක් හොයාගෙන වගේ. ඒ කියන්නෙ ඊයේ ගොහින්..හි හි...

    ReplyDelete
    Replies
    1. ගියා ගියා.. හි හි

      මේක මං ගාව තිබුන පොතක් ළිහිණියෝ... නැති උනා.. ඒපාර ආයිත් ගත්තා...

      Delete
  9. එතකොට පිරිමි එහෙම නැද්ද...

    ReplyDelete
    Replies
    1. මේක දෙගොල්ලන්ටම අදාලයි කියලා හිතෙන්නේ නැද්ද.....

      Delete
  10. මමත් chicken soup series එකේ preteen, teen, girls කියන පොත් කියවලා තියනවා. ඒවා පරිවර්තනය කරලා තියන බවක් දැනගෙන හිටියේ නෑ.

    ReplyDelete
    Replies
    1. මලා.. මම ඔය පොඩි ඒවා තියෙනවා කියලා දැනගෙන හිටියේ නෑ නේ...

      Delete
  11. උඩින්ම තියන රුවන් වැකි ටික නම් නියමයි හිරූ.ඔන්න මම නම් මතකෙට ගත්තා. ජය..!!

    ReplyDelete
  12. ඔය චිකස් සුප් සීරීස් එකක්ම තියෙනවානෙ හිරු. Chicken Soup for the කියලා teen soul, travellers' soul, යනාදී වශයෙන්. මමත් හුඳාක් කියවලා තියෙනවා. නියමයි.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒකනේ... මාත් මේක ගත්තේ මලම පැනලා ඉන්නකොට කියෙව්වම පොඩ්ඩක් ඔලුව හරියන නිසා... හි හි

      Delete
  13. ඔය වගේ පොත් නම් ටිකක් කියවන්න හොරයි!:-/
    සාහිත්‍ය මාසේ වැදගත් පොතක් අරන් වගේ!:)

    ReplyDelete
    Replies
    1. මේක මං ගාව තිබිලා නැතිඋන පොතත් නුවන්..
      මේක කියෙව්වොත් නම් ඔයාට ආස හිතෙයි.. ලවු ස්ටෝර්ස් නෙවෙයිනේ තියෙන්නේ.. හි හි

      Delete
  14. කියවන්න කම්මැලි වෙලා අක්කෝ මම නම්..:(

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතිං කො‌ෙහාමත් කියවන්න කම්මැලියා නේ.. හි හි

      Delete
  15. හොඳයි හිරුවෝ මේක ලස්සන පොතක්.

    ReplyDelete
    Replies
    1. මේ පාර සර්ගේ අතටම අහුවුනා මාව.. ඒ පාර ඔය කිව්ව හින්දා අර පොත ගත්තා.. කො‌හොමත් මම එක සිංහල පොතක් ගන්නවනේ හැම පාරම.... හැබැයි තාම කියෝනවද කියලා හිතුවෙ නෑ...

      Delete
  16. අක්කේ මම මේ බ්ලොත් එකට ආව පලවෙනි පාර... බ්ලොග් එක ගොඩක් නියමයි

    ReplyDelete
    Replies
    1. ආවට ස්තූතියි ලහිරු...
      දිගටම කියවන්නකෝ.... හි හි...

      Delete
  17. අපෝ ඕකේ නමත් ඇහුවේ අදමයි.ඒක කියවන්න බෝරිං නෑ කියලා ඔයා කියනවා නම් හොයලා කියවනවා :)

    ReplyDelete
    Replies
    1. ඔයා පොඩි කාලේ වෙච්ච දේවල්වලට තාමත් සවේදී හිතක් තියෙන කෙනෙක් කියලා දන්න නිසා මට හොඳටම ෂුවර් මේ පොත නම් ඔයාට බෝරිං වෙන් නෑ කියලා.....

      Delete
  18. සෑහෙන වටින පොතක්නේ.. වයිෆ්ට කියන්න ඕන අරන් තියා ගන්න කියලා..

    ReplyDelete
    Replies
    1. වයිෆ්ට විතරක් මොකෝ... ඔයාටත් කියවන්න වටිනවා... හි හි

      Delete
  19. පොතේ කවරෙත් ලස්සනයි.... අන්තර්ගතයත් හොද ඇති.... පොතක් කියවපු කාලයක් මතක නෑ... පොත් පෙරළනවා ඇරෙන්න...

    ReplyDelete
    Replies
    1. සිරා මම දැකලා තියෙන විදියට විදර්ශන එකේ පොත්වල කවර වල අමුතුම ගතියක් තියෙනවා... පොතක ප්‍රින්ට් එක උනත් යමිකිසි කොලිටියකට තියෙනවා අනිත් ඒවත් එක්ක බැලුවම...

      අඩුගානේ දැක්කම අතට අරං පෙරලලා බලන්න හිතෙනවා.. පොතක පිටකවරෙකට අවශ්‍යම දෙයක් මම හිතන විදියට ඒක...

      Delete
  20. මේ බ්ලොග් එකට අද තමයි ආවේ. පොත් නම් කියවනවා අඩුයි දැන්. ඉස්කෝලේ යන කාලේ නම් පොත් කියවන්න ආසයි. දැන් කම්මැලි වෙලා ද කොහෙද මම. දාල තියන කරුණු ටිකෙන් පෙන්නේ කියවල ගන්න දෙයක් තියන පොතක් වගේ...

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට බොහෝම ස්තූතියි..
      ඉස්කෝලෙ යන කාලේ ඉතිං පොතක් අහුවුනොත් ඒක කියෝලා ඉවර කරන කම් නින්ද යන් නෑ මටත්.... හි හි
      මේ පොත ගොඩක් සංවේදී ඇත්ත කතා ගොඩක එකතුවක් නිසා ගන්න දෙයක් ඇත්තටම තියේවි...

      Delete
  21. මේ පොතටත් වඩා මම කැමති මවකගේ ආදරය කියන පරිවර්ථනයට. මම කියවපු හොදම පරිවර්ථන වලින් එකක් මේ පොත් set එක

    ReplyDelete
  22. මවකගේ ආදරය මේ පොත් සෙට් එකේ 3වෙනි පොත වගේයි මතක...
    මටත් හොඳටම හිතට වැදුන පොතක් තමා...

    ReplyDelete
  23. මට නම් ඔය තොග ගණනින් තියන රුවන් වැකි නම් එච්චර දිරවන්නේ නෑ ඉතින්... ධනාත්මක චින්තයත් ඔහොම තමයි... අර මිනිහෙකුට මාළුවෙක් දුන්නොත් වේලක බඩගින්න නිවන්න පුළුවන්, ඒත් මාළු අල්ලන විදිහ කියලා දුන්නොත් ජීවිත කාලෙම බඩගින්න නිවන්න පුළුවන් කියලා කතවක් තියෙන්නේ (ඒකත් රුවක් වැකියක්ද මන්දා). ජීවිතේට ගැලපෙන රුවන් වැකි හොයාගන්නේ, මතුකරගන්නේ කොහොමද කියන එක තමා අපි ඉගෙනගන්න ඕනේ... ඒත් "එක්තරා රාමුවක් තුල..." (මගේ බ්ලොග් එකේ පෝස්ට් එකකි... හිහ් හිහ් ) ඔය පොත් වලිනුත් කෙරෙන්නේ නරකක් කියලා කියන්න බෑ

    ReplyDelete
    Replies
    1. මම කලිනුත් කිව්වා වගේ මේකේ තියෙන්නේ ධනාත්මක චින්තනය හෝ ජිවිතයට වැදගත් දේ හෝ මේ මේ දේවල් කළ යුතුය වගේ දේවල් නෙවෙයි..

      මේකේ තියෙන්‌නෙ පොඩි පොඩි ඇත්ත කතා... දිගම එකක් පිටු 3කට වඩා නෑ... සමහර ඒවා අපිට නොපුරුදුයි... ඒත් මේ කතා වල අපූරු සංවේදී බවක් තියෙනවා... ජීවිතේට ගත යුත්තක්මයි කියනවට වැඩිය කියවලා බලන්න කියලා තමා කියන්න වෙන්නේ..

      එක එක්කෙනාට දැනෙන විදිය වෙනස් නේ.... හි හි

      Delete
  24. Awith lipi kiyawala giyata comment dammad kiyal mathakayak na.
    Eth me lipiyata comment ekak danna hithuna.

    Menn poth tika

    1 chicken Soup for the Teenage Soul: Stories of Life Love Learning
    2 Chicken Soup for the Soul: Teens Talk Relationships: Stories about family
    3 Chicken Soup for the Woman's Soul on Love and Friendship
    4 Chicken Soup for the Soul: Think Positive: 101 Inspirationa Stories about Counting Your Blessing and Having a Positive Attitude
    5 Chicken Soup for the Dog Lover's Soul: Stories of Canine Companionship
    6 Chicken Soup for the Soul: Woman to Woman: Women Sharing Their Stories of Hope Humor and Inspiration
    7 chicken Soup for the Soul: Preteens Talk: Inspiration and Support for Preteens from Kids Just Like Team
    8 Chicken Soup for the Soul: Stories of Changes Choices and Growing....

    Google books search giyama me poth walin tika tika kiyawanna puluwan.

    ReplyDelete
    Replies
    1. ෂා මරුනේ... මෙච්චර හරියක් මම දැන්ං හිටියෙත් නෑ...
      තෑන්ක්ස්... හි හි

      Delete