Sunday, September 23, 2012

බුක් එක්සිබිෂන් සංස්කෘතිය...

BMICH එකේ පැවැත්වෙන වාර්ෂික පොත් ප්‍රදර්ශනේ ඔන්න දැන් මේ දවස්වල පැවැත්වෙනවා.. මට හිතුනා ටිකක් ඒ ගැන කතා කරන්න... ( යන යන බ්ලොග් එකේ ඕකට ගිය අය ගැන කියවලා මාත් දැන් නලිය නලිය ඉන්නේ යනකමි...)

පොත් ප්‍රදර්ශනේ පටන් ගත්තේ සැප්තැම්බර් සාහිත්‍ය මාසය මූලික කරගෙන, අ‌ෙප් තරුණ පරපුරේ කියවීමේ රුචිය වැඩිකිරීම, පොත් ප්‍රකාශකයන්ට තමන්ගේ පොත් වලට ප්‍රසිද්ධියක් ලබා ගෑනීමට සහ පොත් විකිණීමේ අවස්ථාව ලබාදීමට වගේම අලුත් පොත් සාහිත්‍යයට එකතු කිරීමේ වැඩපිලිවෙලක් විදියට....

දැන් ඔය කවුරු කවුරු ක්‍රෙඩිට් එක ගත්තත් මේක නම් මම දකින්නේ ඇත්තටම හොද දෙයක් විදියට....

ඔය ප්‍රදර්ශනේ මට හිතෙන විදියට මේ වෙනකොට 10 වතාවකට කිට්ටු වෙන්න පැවැත්විලා තියෙන්න ඕනේ.... පටන් ගත්ත පළවෙනි පාරම ලංකාවේ මිනිස්සු කියවන්න කැමති නෑ, කියවීමෙන් ඈත් වෙලා ඉන්නේ කියන එක බොරු කරන්න වගේ මහා සෙනඟක් ඕකට ඇදිලා ආවා....

හැමෝම හිතුවේ ඊළඟ අවුරුද්ද වෙනකොට ඕකේ ආසාව නැති වෙලා යයි කියලා... ඒත් ඊළඟ අවුරුද්ද වෙනකොට අගෝස්තු වල ඉදලම ළමයි, අම්මලා තාත්තලා ලෑස්ති වුණේ පොත් ප්‍රදර්ශනේට යන්න... අවුරුදු 3 ක් විතර යනකොට සැප්තැම්බර් පොත් සංස්කෘතියක් හැදුනා ‌පොත් ප්‍රදර්ශනේ බලන්න යන....

අපි මාස තුන හතරක ඉදලම පොත් ගන්න සල්ලි එකතු කලා.... තාත්තට කරදර කලා නිවාඩුවක් දාලා හරි එක්කන් යන්න කියලා...

පොත් ප්‍රදර්ශනේ දවසට BMICH එකේ ලංකාවේ වෙන කොතැනක වත් නොදකින විදියේ දසුන් දකින්න ලැබුනා....

තැන තැන හිටගෙන සහ පඩි උඩ වාඩි වෙලා පොත් කියවන අය,අලුත් පොත් එකින් එක ආසාවෙන් අරන් පෙරලලා බලන අය, ෂොපින් බෑග් පුරෝලා පොත් අරන් තවත් පොත් හොයන අය, ලිස්ට් එකක් ලියාගෙන අඩුම මිලට ගන්න පුළුවන් තැන් හොයාගෙන යන අය, එක දවසක් ඇවිල්ලා බලාගෙන ගිහින් තවත් දවසක ඇවිල්ලා පොත් අරන් යන අය,අතේ මිටේ සල්ලි බාගේ ගැවසෙන ලොකු සල්ලිකාර නෝනලා මහත්තුරු සහ එදා වේල හම්බකරන් කන, ඒත් පොත් ගන්න කීයක් හරි ඉතුරු කරගෙන ඔතනට එන දුප්පත් මිනිස්සු එකම කඩේ, එකම පොතේ පිටපත් පෙරලගෙන, එතනම හිටගෙන කියවන හැටි.....ලොකු පොඩි බේදයක් නැති තැනක් වෙලා.....

කොටින්ම කියනවනම් අර ‌ලොකු BMICH main hall එක තනිකරම ප්‍රීන්ටින් තීන්ත සුවදයි ඒ දවස්වලට...

කවදාවත් ලංකාවේ නැති උන පිබිදීමක් මේ දවස් කීපය තුල ඇතිවෙන එක අරුමයක් නෙවෙයි.. මේ දවස්වල කවුරු කාත් එක්ක, මොනවා කතා කලත්, අනිවාර්යයෙන්ම ඇහෙන එක වාක්‍යයක් තියෙනවා..

“ Book fair ගියාද....?“

බොරුල්ලේ ඉදලා ව‌ෙග්ම තුම්මුල්ලේ හංදියේ ඉදලා ධාවනය වෙන පොත් ප්‍රදර්ශනයටම යොදවපු අමුතු අමුතු බස් ජාති තිබුනා ඉස්සර... මට මතකයි ලොරියක් වගේ පරණ තාලේ බස් එකකුත් දාලා තිබුනා... ඔය බස් එක් යන එකත් ඉස්සර හරි ජොලි... (හැබැයි ඉතිං ගැටකපන්නන් සහ ජැක්සන්ලා නම් ඒවායේ වැහි වැහැලා හිටියා....ලංකාව නොවැ... හි හි )

මල්ලියි මායි නංගියි ඕකට යන්නේ උදේ 6ට විතර ගෙදරින්.. අපිට රෑ 10ට ගෙදර ආවත් බැනුම් අහන්න වෙන් නැති එකම දවසත් ඕක විතරයි.. තාත්තා නැත්තම් වගකීම මගේ අතේ... මුන් දෙන්නවත් පරිස්සම් කරගෙන පොතුත් අරගෙන, ඒවත් පරිස්සම් කරගෙන ගෙදර ගියා හැම පාරම... අතේ තියෙන සල්ලි ඔක්කොම වියදම් කරලා... ඒත් තාත්තා කවදාවත් බැනලා නෑ ...

එක පාරක් අතේ තිබ්බ සල්ලි මදි වෙලා ( මගේ මාස දෙකක පඩි රැ 20000 යි , මල්ලිගේ 5000 යි, නංගිගේ 3000 යි, නයෙක් නෙමෙයි මේ ඇත්තමයි... ) තාත්තගේ ක්‍රෙඩිට් කාඩ් එකෙනුත් රු 10000 ක් වියදම් කරලා ගෙදර ආවම අම්මා බනින්න කට ඇරියත් තාත්තා කිව්වේ ...

“ පොත් ගන්නනේ..ක්‍රෙඩිට් කාඩ් එක ලිමිට් ඉවර වෙනකම් ගත්තත් මට කමක් නෑ...“ කියලා...

( අපි කට්ටකමට එක්කන් යන්නේ තාත්තව තමයි... අම්මත් එක්ක හිතේ හැටියට වියදම් කරන්න බෑ.. හි හි)

ඉතිං ඕකේ තව එක සංස්කෘතික අංගයක් තියෙනවා.. ඒක ඉතිං එහෙමම කියන්න බැරි උනාට මං මේ කිව්වේ අර ඉස්සර රැ 50 දීපු, මේ පාර රැ 75 ක් වෙලා කියලා ආරංචියක් ආව මැගී නූඩ්ල්ස් කප් එක ගැන.....

පොත් වලින් වට්ටම් ලැබුනට, කෑම වලින් නම් නට්ටම් වෙන ගානට ප්‍රදර්ශන භූමියේ ඇතුලේ තියෙන කෑම කඩවල ගාන වැඩියි.... අනිත් එක ඕවට වියදම් කරනවට වඩා ඒ සල්ලි වලින් පොතක් ගන්න පුළුවන්.. ඉතිං අපේ ප්‍රියතම ආහාරය ඔය මැගී එක තමා...

බුක් එක්සිබිෂන් ගිහිල්ලා මැගී එකක් කෑවේ නැත්තම් හරි නෑ වගේ.. කොහොම උනත් මම මේ පාර අපේ මහත්තයට කිව්වේ පොත් ගන්න බැරි උනත් ඔය මැගී එක කාලා එන්න වත් ඔය පැත්තේ යන්න ඕනේ කියලා.... හි හි....

කොහොම උනත් මේක එක්තරා විදියක ට්‍රෙන්ඩ් එකක් කියලා කවුරැහරි කිව්වොත් මම කියන්නේ ඒක හොද විදියේ ට්‍රෙන්ඩ් එකක් කියලා.... පොතක් ගන්න පොත් සාප්පුවකට නොයා හිටපු අපේ මිනිස්සු මේකට තාමත් බැන බැන හරි ( පොත් ගනන් වැඩියි, ප්‍රදර්ශන භූමියේ හොරු වැහි වැහැලා කියල කිය හරි) එන එක හොද ප්‍රවණතාවයක්... ලංකාවේ මිනිස්සු පොත් කියවන්න මෙච්චර ආසද කියලා පටන් ගත්ත දවසේ පුදුම උනා වගේම අදත් පුදුම වෙන විදියේ සෙනඟක් මේකට එන බව දැක්කාම මට නම් ලොකු සතුටක්....


ඔය තියෙන්නේ අපේ කට්ටිය එකපාරක් ගිහිල්ලා මැගී කකා නෙස්කැ‌ෆේ බීපු හැටි....

83 comments:

  1. තාත්තා හොඳ මනුස්සයෙක්...

    දෙන්නා මැගී කන්නේ කවදාවත් කෑම දැකලා නැති අය වගේ නෙව...


    මාත් හිතන්නේ මොන දේ උනත් මේක තියෙන එක හොඳයි... ඒත් මං තැනක දැක්කා පොත් කියන්නේ ආයුධය පොත් ප්‍රදර්ශන යනු ආයුධ වෙළඳ පොලකි කියලා... (හිනාවට කාරණය ඒක ලිව්ව හාදයත් කාලයක් පොතක් ලියං විකුණන්න දඟළ දඟළ හිටිය එකයි... සමහර විට ලෝකේ හොඳම පොත තමන් ලිව්වා කියලා හිතං ඉඳලා ඒකට තැනක් නැති වීම ගැන ඇති උන හිත් වේදනාවට වෙන්න ඇති...)

    ReplyDelete
    Replies
    1. පොතක් තියන්නේ ආයුධයක් තමයි මාරයි‌ෙය්.. මිනිහෙක්ව හදන්නත් නැති කරන්නත් පොතකට පුළුවන්... එහෙම බැලුවාම මිනිහා කියලා තියෙන කතාව ඇත්ත.... ( අර සුජීව ලොක්කගේ වගේ ආදර කතා වලින් නම් ඉතිං කෙරෙන්නේ මිනිස්සු නැති කරන එක විතරයි..)

      හැබැයි ඉතිං ඔය වගේ වැඩකට නැති සමහර පොත් නම් සමහර වෙලාවට එහෙමම අට්ටි පිටින් ගෙදර ගේන්න වෙනවා මං දැකලා තියෙනවා ප්‍රදර්ශනේ ඉවර උනාම.... එහෙම උනාම කුහක කමට ඔය වගේ දේවල් කියන එක සත පහකට ගනන් ගන්න ඕනේ නෑ .. හි හි...

      Delete
  2. ඕක විගඩමක් නෝනා. පොත පත කියවන මනුස්සයා. ඔය ප්‍රදර්ශ්නය තිබුනත් නැතත්, වට්ටමක් දුන්නත් නැතත්, පොත පත කියවනවා. හැම දෙයම් මුදලට යට වුන කළෙක පොත පතටත් ඉන් ගැලවීමක් නෑ. ඇත්තටම ඕක ප්‍රදර්ශනයක්. නමුත් පොත් නෙමෙයි. ඔය දෙන වට්ටම හැමදාම පොත් ගන්න මනුස්සයට ඕන පොත් කඩයකින් ලැබෙන දෙයක්. අනික අද හොඳ පත පොත අඩුයි කියවන්න.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං සීයා කියන කතාවෙත් ඇත්තක් නැත්තේමත් නෑ... මොකද දැන් නම් වට්ටම අඩු වෙලා වගේ තමා පේන්නේ....පොත් ගන්න ..... හැමදාම පොත් ගන්න මිනිස්සු නම් ගන්නවා තමයි ... ඒත නොගන්න මිනිස්සුත් මේ දවස් ටිකේ ඔතනට එනවනේ සීයේ. .. අන්න ඒකයි මම දකින දේ.... ඇත්තට දැන් නං මටත් පොතක් ගන්න කොච්චර ආසාව තිබ්නත් ගන්න සල්ලි නැති තත්වෙක ඉන්‌ෙන්.... ඒත් මාස ගානක ඉදලා කීයක් හරි එකතු කරගත්තේ මේ ප්‍රදර්ශනේට යන්න.... මේක නැති උනානම් ඒකවත් ගැනෙන්‌ෙන් නෑ නේ..

      ඔය හොද පොත් නැති කතාව ගොඩක් අය කියනවා.... මාත් එහෙම හිතාගෙන හිටියා.. නමුත් මට මේ ළගදි තේරුන දෙයක් තමයි අපි පොඩි කාලේ පොතක් ගන්න පෙරුම් පිරුවා වගේ දැන් ළමයි කොමිපියුටරයක් ගන්න පෙරුම් පුරනවා... නෙට් කනෙක්ෂන් එකක් ගන්න ට්‍රයි කරනවා... ෆොන් බිල ගෙවාගන්න සල්ලි එකතු කරනවා.... පොතත් කියවන්න එච්චර දඟලන්නේ නෑ....

      හැබැයි ඒ ඔක්කොම අස්සේ කොහොමහරි කීයක් හරි හොයාගෙන පොත් ප්‍රදර්ශනේටත් එනවා.... ඕක නැති උනා නම්..... ? ඒ එකෙක්වත් පොත් දිහා ඇහැක් ඇරලා බලන එකක් නෑ නේද...?

      හොද පොත් කියෙනවා... හොයා ගන්න ඕනේ.. ඒකට මේක හොද අවස්ථාවක් කියලයි මම හිතන්නේ...

      Delete
  3. තාත්තා හිංදම හොදා ඉතිං....
    හික්ස්...

    ReplyDelete
    Replies
    1. තාත්තා ළඟපාත නොහිටියා නම් අම්මා එදා අපි තුන්දෙනාව උල තියනවා ෂුවර් ... හි හි... මොකද ගෙදර එනකොට රෑ 11ත් පහුවෙලා.... ඒකටත් අල්ලලා තමයි සම්බුව හම්බුවෙන්නේ....

      Delete
    2. ඉහි ඉහි හිරු අක්කේ,,අපිත් ගියා..ඔය උඩ ඉන්න එකා තමා මම මැගී කමු කියනකොට බෑ කිව්වේ..ඉහි ඉහි :'(

      Delete
    3. උෟ දන්නෑ බං ඔතනට ගිහිල්ලා අර පඩියක් උඩ පස්ස පිච්චි පිච්චිවාඩි වෙලා, කට පිච්චි පිච්චි මැගී එකක් කනකොට තියෙන ගතිය.... හි හි...

      Delete
  4. ammo akke oya 38000 kama poth aran ne :¤
    man vadima ganak viyadam kare giya paara eth 4000k eken gaththeth eka pothayi,e pansiya panas jathaka potha,man ammata aran dunna mage anthima padiyen,mata poth ganna gedarin salli illanna hithenne naa dan avurudu 1k thise kolamba thiyala ugannanava hama masema 20000k vithara viyadamatath daaddi illanna hithenema naa,man ithuru kara ganna dekin thama ganne,job karanneth nathi nisa hithe hatiyata poth ganna baa loku unama one vidihata man poth gannavaa :-)

    ReplyDelete
    Replies
    1. ඔය තත්වෙ මටත් තිබුනා මඩයෝ... ඔයාලා තාම පොඩියි නේ... ඒ කාලෙදි ඔය තියෙන ආසාව දිගටම තියාගත්තොත් සල්ලි හම්බුන කාලෙක හිතේ හැටියට පාත් ගන්න හම්බුවෙනයි... කලබල නැතුව විභාගේ කර ගන්නකෝ....

      අපේ තාත්තා ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි... ඒත් තාත්තා පොත් කියවන්න හරි ආසයි... ඉතිං මාත් පොත් කාවෙක් වෙච්ච එක තාත්තට ලොකු ආඩම්බරයක්... තාත්තා මං පොඩි කාලේ ඉදලම පොත් ගෙනත් දුන්නා.. අදටත් මං ඔය ගත්ත පොත් ටික තියෙන්නේ අපේ ගෙදර... මට ඒ ටික ගේන්න හිතෙන්නේ නෑ තාත්තා තාමත් මාව මතක් කර කර ,ඔය පොත් ටික කියෝ කියෝ ම‌ෙග් කාමරේට වෙලා ඉන්නවා කියලා මල්ලි කියන නිසා...

      ඒත් දැන් නම් මට එහෙම වියදම් කරන්න සල්ලි නෑ... නෝ ජොබි නේ.. හි හි.... ඒක නිසා ඉතිං පොතක් දෙකක් අරං එන්න වෙනවා...

      Delete
  5. අම්මෝ මාත් මේ පාර මාස ගානක් සල්ලි එකතු කරලා පොත් 3ක් අරන් ආවා.ඒත් එයින් 2ක් ම එදා රෑ වෙද්දි ඉවරයි.පහුවදා ආයේ යන්න හිතුනා

    ReplyDelete
    Replies
    1. මටත් ඔය සන්තෑසියම තමා ඉස්සර.. හි හි...

      Delete
  6. උදේ හවස BMICH එක ලගින් ගියාට මම තාම book fair ගිහින් නෑ.කවුරුත් මාව එක්කන් යන් නෑනේ.

    ReplyDelete
  7. අපූරූ ලියමන. අපි පොඩි කාළේ ඕවා නෑ. ඒ උනාට ගුණසේන පොත් සාප්පුවේ ස්ටොක් කිලියරින් එකක් තියෙනවා. පොත් ඔක්කොම බිම දාලා තියෙන්නේ. තාත්තා ඔතනින් අපිට පොත් ගෙනත් දෙනවා. ඔක්කොම කියවනවා. අකුරක් නෑර. මරු පරණ සඟරාවක් තිබුනා ගුණසේන ප්‍රකාෂනයක් නම මතක නෑ.

    පොත් ප්‍රදර්ශනේ පිලිබඳ මාතලන් වියතානන් විසින් ලියන ලද පද්‍ය සංග්‍රහය ළඟදීම බලාපොරොත්තු වන්න..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ සේල් වලින් ඉස්සර තාත්තත් මට පොත් ගෙනාවා... තාත්ත මට පොත් ගෙනත් දෙන්න පටන් ගත්තේ අවරුදු 5දි විතර... සිගරට් බොන එක නවත්තලා, ඒ සල්ලි වලින් තමයි මට පොත් ගෙනාවේ මුලින්ම.... ඒ කාලේ කෑවේ බීව්වෙත් අමාරුවෙන් තමයි.. හැබැයි සාමෙකට සැරයක් මට පොතක් ගෙනත් දෙන එක නම් අනිවාර්යයනේම කලා....

      පද්‍ය මට දිරවනවා අඩුයි... කමක් නෑ එන්නංකෝ කියෝලා බලලා තේරෙනවද කියලා බලන්න...

      Delete
    2. ජීවීතේට කවියක් බලපු නැති ඔබා මාමත් කවි රහ වින්දේ අපි වගේ අය නිසා.. ඇවිත් බලන්නකෝ.... දිරෙව්වද නැද්ද කියලත් දාලම යන්න...

      Delete
    3. හැමෝම ඔබා මාමා ගැන ලියලා තියෙන ලිපි කියෝනකොට මට හරි දුකක් දැනෙනවා මාතලන්.. ඒ වගේ මනුස්සයෙක් දැන හදුනගන්න මට වාසනාව නැති උනානේ කියලා.. ඒත් ඔයාලගේ ලිපි වලින් මම ගොඩක් ඒ හොද මනස්සුයා ගැන දැනගෙන ඒ නමටත් ගෞරව කරන්න ගත්තා....

      Delete
  8. මේ ප්‍රදර්ශනය පටන්ගත්ත අවුරුද්දේ ඉඳලා මම එතනට යනවා. මම දකින්නේ මෙතැන වෙනනේ සුරා කෑම.ඔය හැම ප්‍රකාශකයම වෙනදට තමන්ගේ ෂොප් එකේදී 30% වට්ටමක් දෙනවා.මෙතැන දෙන්නේ බොහොම අඩුවෙන්.අනික මෙතැන තියන පොත්වල නිමාවත් අවුල්.පිටරට පොත් හොයාගන්න නම් මෙතැන හොඳයි.ලංකා‍වේ බොහෝ ප්‍රකාශකයන් මෙතැන්ට ගේන්නේ නොම්මර ‍දෙකේ කොලිටිය.දැන් මම පොතක් ගන්න යන්නේ හොඳට දන්න කෙනෙක් ගාවට විතරයි.ලාංකීය පාඨකයා පොතට හුරු වෙනකොට මුන් කල්ල මරේ න්‍යායක් හදාගෙන.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි නලින් අයියේ...

      ඔය කියන විදයේ වැරදි ගොඩක් මෙතන කියෙනවා.. මම නැ කියන්නේ නෑ.... විදර්ශන එකේ එහෙම පාඨකජාලේ ඉන්න කෙනෙක් හැටියට මටත් එතනින් පොත් ගත්තොත් ඩිස්කවුන්ට් එක වැඩියි...

      නමුත් මම මේ දිහා බලන්නේ මුකුත් නොකර විවෙචනය කර කර ඉන්නවට වැඩිය මේ කරපු දේ හොදයි කියන හැඟීමෙන්... මොකද මිනිස්සු කියවන්‌ෙන් නෑ, කියවන්න හොද පොත් නෑ, ළමයි කියවීමේන ඈත් වෙලා කොම්පියුටරු සෙල්ෆොන් බදාගෙන ඉන්නවා කිය කිය බැන බැන හිටියට වැඩිය දෙයක් මේ ප්‍රදර්ශනේ පටන් ගත්තයින් සිද්ධ වෙලා තියෙනවා.. හැම තැනම හරියටම නීතියට වැඩ සිද්ධ වෙන රටක් නෙවෙයිනේ මේක... එහෙම එකේ වැරදි, අඩුපාඩුකම් එමට තියෙනවා....

      එකපාරක් මම සමරසිංහ ගුණසේකර මහත්තයට හිත හොද දොස්තර පොත පෙන්නලම කිව්වා “ මේ පොත එක්සිබිෂන් එකට දාන්න ඕනේ නිසා කලබලේ ප්‍රින්ට් කරලා පිටු වරදියි... රෑප අකුරු උඩ වැදිලා....“ කියලා..... ඒ වගේ අඩුපාඩු තියෙනවා.... බලලා ගන්න ඕනේ...

      මේ පාර කෙ‌ෙහොමද දන්නේ නෑ... නමුත් ඉස්සර නම් තමන්ගේ පොතකට ඒ මුද්‍රණාලයට, ප්‍රකාශකයට අයත් ස්ටෝල් එකෙන් ගනිද්දි අනිවා 30% ඩිස්කවුන්ට් එකක් දුන්නා....

      Delete
  9. මමත් ගහින් පොත් 5 ක් 6ක් ගත්තා. යාලුවෝ එක්ක විනෝද වෙන්න තමයි ගොඩාක්ම ගිඑ හැබැයි

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් යාලුවෝ සෙට් එකම එක්කත් ගියා.. ඒත් දැන් නම් ඉතිං යාලුවොන්ව හොයන්න මාළු දැල් දාන්න වෙනවා...

      Delete
  10. Ane mama thama okata eka sarayak wath gihin nane. Ilaga sarewath ekka yanna kiyanna one mahaththaya awama. Hina wenna epa thama mama eka sarayai BMICH ekata gihin thiyenne e 2006 dayata kirula balanna. Ekka yanna kenek na ayyo asawa thibbata. Thaniyama yawanneth nane.

    ReplyDelete
    Replies
    1. අපේ මෑන් වගේමයි නේද... හි හි... එයාට යන්න ඕනෙ නැති නිසා ඔයාට යන්නත් නෑ... මටත් ඒ සන්තෑසියම තමයි..... හි හි.. බදින්න කලින් නම් අහන්න කලින් එක්කන් ගියා.. දැන් තමයි..... වැඩක් නෑ කියලා...

      ( යටින් මහත්තයත් ඉන්න නිසා මෙහෙම දැම්මේ හො‌ෙද්... )

      හරි මං අහන්‌නේ... දඩ කොලේද වටින්‌ෙන් වයිෆ්ගේ සංතෝසෙද.....

      නැද්ද මං අහන්නේ... හි හි....

      Delete
    2. Eyata kiwa nam ekka yanawa akke. Eth ape panchi api gawata awa nisa kohewath yana bari una wadiya. Dan nam tikak lokuine yanna puluwan wei. Gedaradi thamai yanna kenek hitiye naththe.

      Delete
    3. හම්ම්.. මහත්තයත් කිව්වා ඒක... පොඩ්ඩත් එක්ක යන්න අමාරුයි තමයි ඔය සෙනඟ ගොඩේ...

      Delete
  11. අප්පච්චියේ හිරූ.. මේ පෝස්‍ටුවෙන් නම් ඔයා මට දඩේකුත් සෙට් කොරලාවගේ ඕං. අපේ බබාලගේ අම්මත් ඇවිත් තියෙන්නේ මේ අහ. ඇනරොයිඩ් එකට සිංහල දාගන්න ඕන කිවුවේ මගේ බ්ලොග් ක‍ටුව කියවන්න. ගොනා වගේ පර්මිෂන් දීපු එකේ පොතිපල ඔය තියෙන්නේ. දැන් ඉතින් හතී කොන කරක් ගහයි.මක්කැයි වෙන්නේ බිලගෙවන්නේ මමනොවැ.හික් හික්..!!

    ගෙදර ඉන්න කාලේ නොලැබුන සමහර දේවල් එයා කියන්නේ මට. ඒකිසිම දෙයක් පැහැර හරින්නැතිබව දන්න නිසා. මොනා කිවුවත් හැම තැනම එක්කන් යනවා. මට කියලා ගොඩාක් ඉන්න එකක් යෑ.

    ( අනික ඒ සීනි බෝල වචන වලට අහුවෙන මම ගොනානේ.)

    ReplyDelete
    Replies
    1. ඈ... මෙන්න මෙයා බොරු කියනෝ.......

      දැ ඔය උඩින් කියලා තියෙන්නේ යන්න ආස උනත් යන්න විදියක් නෑ කියලා.... පවු වැඩේ....

      ඇත්ත සරත් අයියේ.. තනියෙන් නම් යන්න බෑ... ඉස්සර නම් බයක් තිබුන් නෑ.. ඒත් දැන් නම් බෑ....

      ////ගෙදර ඉන්න කාලේ නොලැබුන සමහර දේවල් එයා කියන්නේ මට. ඒකිසිම දෙයක් පැහැර හරින්නැතිබව දන්න නිසා. මොනා කිවුවත් හැම තැනම එක්කන් යනවා. මට කියලා ගොඩාක් ඉන්න එකක් යෑ./////

      අනේ අම්මපා‌ ඇත්තමයි මම මේක නම් අපේ මහත්තයට පෙන්නනවමයි... හි හි....

      Delete
    2. //Ekka yanna kenek na ayyo asawa thibbata. Thaniyama yawanneth nane//
      මේ වචන සැට් එක මට අදාලව නිකුත් කරපු එකක් නෙමේ දරුවෝ. ගෙදර උන්න සංදිය ගැන කියපු එකක්. මම රට වටේම යනවා ඔය ඩබල කර ගහගෙන. මගෙ පොඩිඋන් දෙන්නනේ.හිකිස්,,,!

      Delete
    3. මට හිතුනා පස්සේ ඒක වෙන්නැති කියන්න ඇත්තේ කියලා... හි හි...

      Delete
  12. මට ඕකට යන්න උනේ එකම එක පාරයි... පටන් ගත්තු අවුරුද්දෙමද කොහෙද... හෙන පොත් තොගයක් උස්සන් ආවත් සතියක් යනකොට ඔක්කොම කියවල ඉවරයි... රෑට නිදාගන්න හිතෙන්නෙත් නෑ...
    මට කියවන්න පුරුදු කළේ අපේ සීයා... සීයා ගාව තිබ්බා පුස්තකාලයක තරම් පොත්... ඒ දවස්වල ඒව අරන් ගිය උදවිය අරන් ගියාම තමයි... ආයෙ ඇහැටවත් දැක්කෙ නෑ.... පස්සෙ මං රස්සාවට ගියාට පස්සෙ පඩි ගත්තම නුගේගොඩ සරසවි එක පීරල පොත් ගන්න පුරුදු උනා.... අනාගතේ ළමයින්ට කියවන්න කියල හිතාගෙනත් එකතු කළා මතකයි... දැන් ඒව ටික කාමරයක් පුරවල තියල මෙහෙට වෙලා ඉන්නව...

    ReplyDelete
    Replies
    1. ළමයින්ට පොත් කියන්නේ හරිම වටින දෙයක්.. මටත් ඒක පුරුදු කලේ අපේ තාත්තා.. අම්මත් කියවන්න ආසයි.. ඒත් වැඩි උනන්දුවක් පෙන්නුවෙ නෑ... එකක් එයාට වැඩ වැඩියි.. අනිත් එක පොත් ගන්න සල්ලි නෑ.. ඒත් නොකා නොබී හරි මට පොත් අරං දුන්නා... දැ මට වයස 28ක්... මේ පාරත් එක්කන් යන්නද කියලා ඇහුවා...

      අපි තුන්දෙනත් ඒ දවස්වල දවස් ගානක් යනකම් නොකා නොබී නිදා ගන් නැතුව පොත් කියෝනවා... හි හි...

      Delete
  13. මට මේ ගමන යන්න බැරිවුනා, සල්ලි නැති හින්දා. මායියයි ළමයි දෙන්නයි නම් ගිහින් ආවා. පොත් තොගයක් ගෙනත් තියෙනවා ඒත් ගිය අවුරුද්දෙ තරම් නෑ. ලබන අවුරුද්ද වෙනකොට සොරිම වෙයි කියල හිතෙනවා. (ව්නෝදාංශයට පෙර ජීවක්වෙලා ඉන්න එපායැ)

    කවුරු මොනව කිව්වත් පොත් ප්‍රදර්ශනය තියෙන එක හොදයි. අවුරුද්ද පුරාම ඩිස්කවුන්ට් දෙනවා කිව්වට ඒ දෙන්නෙ බොහොම සුළු ප්‍රතිශතයක්. ෆෙයාර් එකෙදි ඊට වඩා ලැබෙනවා. මේක ජනප්‍රිය; රැල්ලේ සංකෘතියක් බව ඇත්ත. ඒත් සියළු නරක දේ අතර ඒක "හොද" සංස්කෘතියක්, අඩුම ගණනෙ ධාතු බලන්න පෝලිම් ගැහෙනවට වඩාවත් හොදයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න සුමිත් අයියා මං කියන්න හදපු දේ හරියටම තේරුම් අරං...
      හි හි.....

      Delete
  14. මේක නම් හොඳම ට්‍රෙන්ඩ් එකක් තමයි හිරු. මිනිස්සු අතර කියවීම මෙච්චර ජනප්‍රිය බව දැනගන්න ලැබීමත් සතුටක්. ඒ වගෙම පුදුමයක් නේ?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. පුදුමයක් උනා ඒ දවස්වල ඩූඩ් අයියේ... මෙච්චර සෙනඟක් ආවම... හි හි...

      ඉස්සර නම් පොත් ප්‍රදර්ශනේ පටන් ගන්නකම් උඩ පැන පැන ඉන්නේ කීයක් හරි එකතු කරගෙන.. අපේ ගෙදරින් මේ ලෝකේ දේකට යන්න දෙන්නේ නෑ.. හැබැයි මේකට නම් කිසිම පුරස්නයක් නෑ... කීයක් හරි වැඩිපුරත් දෙනවා .....

      Delete
    2. අපේ හෙන්රි අයියගෙ පර්වර්ථන කෘතියකුත් ලබන සැරේ පොත් ප්‍ර‍දර්ශනේට දානවලු ඔන්න.... කවරය මගෙන්ලු...

      Delete
    3. මම අර වනජීවි එකේ මහත්තයගේ පොත හෙව්වා.. හම්බුනේ නෑ...
      ඩූඩ් අයියා ලියනවා නම් ඉතිං අනිවා ගන්නවා... හැබැයි අපිට කියන්න ඕනේ ඉතිං.. එතකොටනේ ගිහින් ගන්න පුළුවන්..මේක නොමිලේ ලැබෙන ප්‍රචාරක සේවයක් නොවැ... හි හි...

      පොත් කවර හැදිල්ලත් ආයිත් මුල ඉදන් පුරුදු වෙන්න වෙනවා මටත්... හි හි

      Delete
  15. මම නං පොත් ගන්නෙ පුස්තකාලෙං. අපිට වැඩි දුරක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අනුලා ඉන්න කාලේ මම අවුරුදු 2ක් පුස්තකාලේ පදිංචි වෙලා හිටියා නැද්දේ.. ඒත් පබ්ලික් ලයිබ්‍රරි නම් මට හරි ගියේ නෑ... වෙලාවට පොත් රිටර්න් කරන්න බැරි වෙන නිසා.... හැමදාම දඩ...

      අනිත් එක මගේ පුරුද්දක් තියෙනවා හැම පොතක්ම අඩුම ගානේ 10 පාරක්වත් කියවන... හි හි... බොහොම කලාතුරකින් තමයි මම පොතක් එකපාරක් කියවලා පැත්තකින් තියන්නේ.... අපේ තාත්තා ඒක හින්දා තමයි මට පොත් ගෙනත් දෙන්න පටන් ගත්‌ෙත්...

      Delete
  16. ඉස්සර පොත් ගන්න මහ ඕනෑ කමක් තිබුනත් අතේ සල්ලි තිබුනේ නෑ. පොත් ප්‍රදර්ශණය තිබුනා කියලා දැනගත්තම දුක හිතෙනවා.දැන් අතේ සල්ලි තියෙද්දී යන්න වෙලාවක් නෑ. ලොකු ගණන් දීලා පොත් ගත්තේ නැතත් ගන්න ඕනෙ පොත් ආසාවෙන් ගත්තා. අද යන්න කියලා ප්ලෑන් කලත් අදත් දවසම ඔෆීසියෙ.

    ආ අර ලොරිය වගේ බස් තාම දුවනවා. මම ගිය දවසෙත් මට මතකයි ඒ බස් කීපයක් ගේට්ටු කිට්ටුව නවත්තලා තිබුනා..

    අපි ගිය දවසෙත් වැඩියෙන්ම කලේ වටේ පිටේ පෙන්න තියෙන දේවල් කාපු එක. මැගී නම් මට පේන්න බැරි කෑමක් හිරූ

    ReplyDelete
    Replies
    1. අයියෝ ළිහිණියෝ.. මැගී එපාම උනත් එදාට නම් කන්න ඕනේ.. හි හි...

      දැන් නම් ඉතිං මටත් ඕකම තමයි වෙලා තියෙන්නේ.. එකක් දෙකක් තෝරාගෙන එන්න ගියාම හරි දුකයි...

      Delete
  17. ලොරිය වගේ බස් තාම කට්ටිය නොමිලේ ප්‍රදර්ශනයට අරලවනවා!
    බුක් ෆෙයා සංස්කෘතිය ඇත්තටම හොඳ එකක්!අපි හැමදාම කතා කරන්නේ පොත් මිලදී ගන්නන්ගේ ප්‍රශ්න ගැන උනාට,සුළු පරිමාණයේ පොත් ප්‍රකෂකයෝන්ටත් සැහෙන්න කරදර!ඒ බව දැනගත්තේ මේ පර.කලින් රුපියල් 45000ට තිබුන පොඩි ස්ටෝල් එකක් මේ පාර එක්ලක්ෂ ගානක්!ඉතින් එක්ලක්ෂගානක ලාබයක් ගන්න කොයිතරම් නම් පොත් විකුනන්න ඕනද??
    කොහොම කරත් සාහිත්‍යට ලැබෙන තැන එන්න එන්නම අඩු වේගෙන යන බවක් තමයි පෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ඔව් .. මේ පාර ස්ටෝල්ස් ගනන් කියලා මටත් දන්න කෙනෙක් කිව්වා.. ඒත් සමහරු අරන් තිබුනා මේකෙන් පොඩි ප්‍රසිද්ධියක් ලැබෙනවා කියලා... ඇත්තට ඉතිං අහලාවත් නැති නම් කොච්චර ඕකේ තියෙනවද...?

      සාහිත්‍යයට ලැබෙන තැන නම් ඉතිං ඇත්තටම දැනටමත් අඩුයි... ඉස්සර කවියක් කියෝලා විචාරයක් කරන්න පුළුවන් තත්වෙක හිටිය මට උනත් දැන් නම් එහෙම දෙයක් හිතන්නවත් බෑ... ඒ වගේ රසවත්ව ලියවෙන දේවල් හරි අඩු නිසා.... විචාරයක් කියෙව්වොත් ඒකේ මොකක් හරි දේශපාලනික මඟුලක් කොහෙ හරි මුල්ලක ඇති...

      Delete
  18. මිනිස්සු කියවන්ටම ඕනි. කියවීමන් තමා මිනිහෙක් සම්පූර්ණවෙන්නේ කියලා කතාවක් තියනවා නේද?පොත් කියවන්ට මේ විදියටත් පුරුදු වෙන එකත් හොඳයි. ඒ වගේම පුස්තකාල. ලෝකේ කොහේ ගියත් පොඩ්ඩි ලඟම තියන පුස්තකාලයක ඇති.

    ඔය ප්‍රදර්ශනේ බලන්ට කවදාවත් ගිහින් නෑ. දවසක යන්ට ඕනි පොතකුත් ප්‍රදර්ශනයට හදාගෙනම.
    පොත නොමිලේ දෙනවා 'පොඩ්ඩි' කියලා අත්සන් කරලා...:D

    ReplyDelete
    Replies
    1. නොමිලේ දෙනවා නම් ඕනේ එකක්.. හි හි... මාත් එනවා එදාට......

      ඇත්තටම මගෙත් ලොකු ආසාවක් තිබුනා පොතක් පළකරන්න.. ඉස්කෝලේ යන කාලේ ඉදලා.. පොත් කීපයක් ලිව්වා.. ඒත් මගේ හිතට ඒවා හරි මදි... තාමත්.. හි හි...

      Delete
  19. අපිත් ගොහින් පොත් ගත්තා 20සි 30 දාහක හැබැ අර අම්පාරේ ඉස්කොලෙට තැගී කොරන්න බ්ලොග් අවකාසේ මිතුරන්ගේ සමාජ සත්කාර වැඩසටහනට

    ReplyDelete
    Replies
    1. නාඩියාගේ වැ‌ෙඩ්ට නේද... මාත් ඒකට නම් යන්න හිතාගෙනම ඉන්‌ෙන්.. එක පොතක් හරි දෙනවා කියලා හිතාගෙන තමයි මේ ගමන යන්නෙත්... හැබැයි කීප දෙනෙක්ම කිව්වා තියෙන තැන හොයා ගන්න බැරි උනා කියලා...

      Delete
    2. නඩියාගේ වැඩයට නොවෙයි වැඩිදුර විස්තර මෙතැනින්...
      http://cyberfestival.blogspot.com/2012/08/2012.html

      Delete
    3. මං හිතුවා නාඩියාගේ වැඩෙයි මේකයි දෙකම එකයි කියලා.. දෙකක්ද....?

      Delete
    4. මම දැනුයි ඔක්කොම ලිපි ටික කියෙව්වේ... මෙතන වැඩ දෙකක් තියෙනවා නේද.. හරි හරි...

      දැන් ඔයාලගේ වැඩේ ඊයේ ඉවර වෙලානේ රාජ්...

      Delete
    5. ම්..නෑ පඉ ෆෙස්බුක් එකේ දැම්ම පොත් එකතු කරන වැඩේ ස්ප් 30 වෙනකන් කරන බව

      Delete
    6. මහ ගොඩක් නම් නෙවෙයි.. ඒත් නාඩියාගේ වැඩේට නම් පොතක් දීලා ආවා අද....

      එතන කවුරුහරි හිටියනම් හරි.. මොකද ගෙදරින් එළියට යන කෙනෙක් නොවෙන නිසා මට මේ වගේ දේවල් මඟෑරෙනවා....

      Delete
  20. එකපාර 38000ක් පොත් වලට... සෙල්ලම් නෑ... මම නම් ඉතිං පොතුයි චොකලටුයි කියන දෙක හිතෙන වෙලාවට ගන්නව අතේ සල්ලි තියෙනව නම්...

    එකපාරක්වත් නොගිය එකේ මේ පාර යනව කියල හිතපු එකෙන් ගිය මාසෙ ගන්න හිතුන පොතත් නෑ ප්‍රදර්ශනේට ගියෙත් නෑ... :(

    ReplyDelete
    Replies
    1. හි හි.. ඒ ඒ කාලේ නොවැ... ජොබ් කරන කාලේ අවුලක් නෑ ඕවට වියදම් කරන්න....

      හා.. එහෙම ඒවා නම් මටත් වෙනවා.. ගිය පාර යං යං කිය කිය හිටියා.. අන්තිමට අතේ සතේ නෑ....

      Delete
  21. //මාස දෙකක පඩි රැ 20000 යි , මල්ලිගේ 5000 යි, නංගිගේ 3000 යි, තාත්තගේ ක්‍රෙඩිට් කාඩ් එකෙනුත් රු 10000 ක් වියදම් කරලා//
    බුදු අම්මෝ අක්කෙ... ගෙනාවෙ මොකේද ලොරියකද? ඒයෙ ගිහින් 8000ක විතර පොත් අරගෙන උස්සගෙන එන්න ගිහින් මගෙ කර රිදුනා.

    අපේ නම් යාලුවො සෙට් එක තමා යන්නෙ.එක එක අවුරුදු වල එක එකා හැලුනට.තුන්දෙනෙක්වත් ඉන්නවා.මේ පාරනම් ඔක්කොම ආවා.

    අපිනම් ඉස්සර මැගී තමා කන්නෙ.මේ පාරනම් ගමේ කඩෙන් කෑවෙ.මොනවා වුනත් දේශීය කෑමනෙ. :)))

    මටත් කියවන්න පුරුදු කලේ තාත්තයි,සීයයි.නංගියි මායි දෙන්නම පොත් ගුල්ලො තමා.කොච්චර පොත් ගෙනාවත් සති දෙකෙන් කියවලා ඉවරයි.

    අපි හිතාගෙන ඉන්නෙ ක්‍රමවත් පුස්තකාලයක් මට්ටමට පොත් ටික හදන්න.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ... 4 දෙනෙක් හිටියන්.. හි හි... ඒ පාර තාමා වැඩිම පොත් ගෙනාවේ.. හැබැයි ඉතිං මාසේ ඉවර වෙන්න කලින් ඔක්කොම ටික කියෝලා ඉවර කරා....

      මගේ තිබුනා පුස්තකාලයක්.. ඒකේ තිබ්බ පොත් අරං යනවා මිසක් එකෙක්වත් ගෙනත් දෙන්න නෑ.. පස්සේ මම වැඩේ නැවැත්තුවා.. බදින කොට පොත් ටික පුස්තකාලෙකට දෙන්න හිතං හිටියේ... ඒත් තාත්තා මාව මතක් කර කර ඔය පොත් ටික බල බල ඉන්නවලු... ඒක නිසා මං ඒ ටික ඔහේ තියෙන්න ඇරියා....

      Delete
  22. නඩියාගේ වැඩයට නොවෙයි වැඩිදුර විස්තර මෙතැනින්...
    http://cyberfestival.blogspot.com/2012/08/2012.html

    ReplyDelete
  23. තාත්තා හින්දම හොදයි ඉතින්...

    ReplyDelete
    Replies
    1. හි හි.. නැත්තම් කාට ඔහොම දඩ දාන්නද... නේද...

      Delete
  24. සිංහල පොත් නම මට හරියට කළු නික වගෙයි.. ගිය අවුරුද්දේ ගල් විහාරේ ළඟ මනුසයෙක්ගෙන් පොත් ගොඩක් ගත්තා. ඉන්දියාවේ මුම්බායි වල ඉන්නකොට නම් පොත් පිස්සෙක් වගේ කියෙවුවා. අන්න තැන පොත් කියවන යට. පාර දෙපැත්තේ එක වීදියක පොත් ගොඩ ගහල. රුපියල් සීයක් තැන්පත් කරලා අරන් යන්න පුළුවන් .. ආපහු ගෙනත්දුන්නාම දහයක් කපාගන්නවා. පොත් පුදුම ලබයි .. ඒවා එහෙ මුද්‍රණය කරන හින්දා.

    ReplyDelete
    Replies
    1. සේම් හියර්.. හි හි...

      සිංහල පොත් කියවන්න ආස නෑ... ඒත් සර්ගේ අතට මාට්ටු උන නිසා එකම එකක් අරං ආවා.. හි හි

      Delete
  25. මාත් ගියා පොත් ප්‍රදර්ශනේට, හැබැයි මටනම් එපා වුණා, ප්‍රකාශකයෝ පිස්සො වගේ තමයි පොත් ගොඩගහලා තියෙන්නෙ, මිනිස්සුන්ට ඒ අතරින් යන්නවත් ඉඩක් නෑ. වැඩි හරියක් හිටියෙ එළියෙ... :)

    ReplyDelete
    Replies
    1. හැමදාම එහෙම තමයි ලහිරු... විශේෂයෙන් බාර්ගෙන් ෂොප්ස් වල...

      ඒකත් එක්තරා ජොලියක් තමා... පොත් ගොඩකින් වට වෙලා ඉන්නකොට දැනෙන සතුට දැනෙන්නේ පොත් කාවෙකුටම තමා.. හි හි...

      Delete
  26. ඔන්න මට වුණ වැඩක් කියඳ? ඊයෙ මම jeya එකෙන් පොතක් ගන්න බලල ආපහු ආවා.(8000+ Rs)ඒක ගත්තොත් 8000 ගානකට අනිත් පොත් ගන්න ගාන අඩු වෙන නිසා.

    ඊට ටික වෙලාවකට පස්සෙ මම pitrabhan එකේ ඉද්දි මගෙ වෙන්ඩ මහත්තයා කෝල් කළා. මම එයාට 8000 ගානෙ පොත ගැන කිවුවම එයා කිවුව ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්න, එයා ඒ සල්ලි මට දෙන්නම් ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්න කියල.( ඔන්න හොයාගන්නව නම් කොල්ලො)

    මට ආව සතුට කොච්චරද කියනවනම් pitrban එකේ ඉඳන් එක හුස්මට ජෙයා එකට දිවුව. ගිහින් ටික වෙලාවකින් මට තේරුණේ මම එකේ ඒ වෙලාවෙ බල බල හිටිය පොතත් උස්සන් ඇවිත් තියෙන්නෙ.

    මට ඒ වෙලාවෙ කොච්චර බය හිතුනද කියනව නම් මට ඒක ආපහු ගෙනිහින් එකට දෙන්න බය හිතුනා. මම ඒක එහෙමම JEYA එකෙන් තියල ආව. වැඩේ තනිකරම වැරදියි තමයි. ඒත් මට බය හිතුණා ඒක JEYA එකෙන් එලියට යද්දි මම හොරකම් කළා කියල හිතයි කියල. පස්සෙ මතක් වුණේ, ලේබල් ගහල තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. හැබැයි අපරාදේ.. ඔයාට ගිහින් සල්ලි දීලා ගන්න තිබ්බෙ.. ඔයා ආස නැති පොතක් නම් ඉතිං තියලා අපු එක ෂේප්.. ආපහු ගිහින් දුන්නත් එයාලා නම් මුකුත් කියන්නේ නෑ... මොකද ඔය වගේ වැඩ ගොඩක් අයට වෙනවා... ඕක කලේ කවුද කියලා කාටවත් කියන්න බෑනේ.... වැරැද්දක් නෑ.. ගනන් ගන්න එපා... ඔයා හොරකමක් කලේ නෑ...

      අපේ මහත්තයත් ඉතිං ඒ වගේ.. අතේ තියෙන සල්ලි ඔක්කොම ඉවර වෙනකම් ගන්න කියලා කිව්වා කෝල් කලාම.. හි හි...

      Delete
  27. ජැක්සන්ලා හිටියෙ නොමිලේ ප්‍ර‍වාහන සේවයේද නැත්නම් පොත් ප්‍ර‍දර්ශනේ ඇතුලෙද ?

    ඔයාගෙ මාස දෙකේ වැටුපට බින්දුවක් අඩු වෙලා නේද ?


    මම ඔය ප්‍ර‍දර්ශනේ බලන්න ගිය එකම අවුරුද්ද 2009... එවර BMICH දොරටුවේ සිට බොහෝ දේවල් ඩිසයින් කලේ මම... හැම තැනම සෙනග පිරිලා පොත් තෝරනවා දැක්කහම ඇත්තටම සතුටුයි... ඔබ කිව්ව තීන්ත සුවද හරිම සුන්දර අත්දැකීමක්... කැටපත් පවුර ලගදි නිසදැසක් ලියලා භාර දීලා එවර ස්වර්ණ පුස්ථක සම්මානය දිනාගත්ත ස්වයංජාත නවකථාවත් අරගෙනයි ගෙදර ආවෙ... හැන්දෑවට තියෙන සංගීත සන්ධ්‍යාවන් ආදියත් බොහොම සුන්දර අත්දැකීම්... මිනිස්සු මෙච්චර කියවන්න ලැදි බව දැකීමත් සතුටක්...

    අනේ මේ කෙල්ලො තාත්තගෙ කාඩ් එකට වැඩේ දිලා වගේ හිදෙන්න...

    ReplyDelete
    Replies
    1. නොමිලේ ප්‍රවාහන සේවයේ නම් හිටියේ නෑ වගේ මතක.. මේ පාර ගියේ වාහනේ...
      අනේ නෑ.. ගාන හරි.... හි හි...

      හරි ආසයි නේද එහෙම දකින කොට... පොත් කාවන්ට නම් ඉතිං දිව්‍යලෝකෙ වගේ තමා.. හි හි
      ෂා.. ඒ වගේ අවස්ථාවක් නම් නියමයි.... මාත් හැමදාම කැටපත් පවුරේ ලියලා තියෙන දේවල් කියෝලා එනවා... හි හි.. ලියන්න නම් යන් නෑ...

      මේ පාරත් දුන්නා බැටේ... හි හි....

      Delete
  28. අර වම් කෙලවරේ ඉන්නේ ඔහේ නේද ?

    ReplyDelete
    Replies
    1. මේකේ වම දකුණු හොයන්නේ කො‌ොහමද ඉතිං.. කලු ටී එකක් ඇඳලා ඉන්නේ මම.. ඊළඟට ඉන්නෙ නංගි... අනිත් අය නංගිගේ යාලුවෝ...

      Delete
    2. මෙහෙමනේ සුදූ,
      මේ වගේ එහෙක වම දකුණ හොයන්නේ බලන්නාගේ වම් පැත්ත හෝ දකුණු පැත්ත අනුව. එහෙම බලාගෙන ගියහම වම් පැත්ත කියන්නෙ කළු පාට ගෑල්ලමයා ඉන්න පැත්ත.. කළු කිව්වේ ඇඳුමේ පාට හරි ද..

      ඔයා කළු නෑ.. ඔයා සිත් කළු නෙහ්. :)

      Delete
  29. පොත් ප්‍රදර්ශනේට ගියාම මට තියන අවුල තමයි එතන තියන පොත් ඔක්කොම ගෙදර අරන් එන්න හිතෙන එක.

    ReplyDelete
    Replies
    1. වෙනදට නම් මටත් එහෙම තමයි සිතූ... ඒත් මෙදා පාර නම් එහෙමකට කියලා අලුත් හොද පොත් දැක්කේ නෑ...

      Delete
  30. මමත් මේ සැරේ තනියම ගිහිල්ලා පොත් ටික උස්සගෙන ඇවිත් අතුත් කකියන්න ගත්තා.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. හි හි.. වෙනදට නම් ඒකත් ජොලි.. හි හි

      බරට බරේ පොත් උස්සන් එනකොට.. හි හි

      Delete
  31. ඇත්තටම මමත් හැමදාම book fair ගිය කෙනෙක් ඒත් මේ අවුරුද්දේ යන්න බැරි උණා. ඇත්තටම අළුත් පොත් ලාභෙට අරගන්න පුළුවන් වෙන එක වාසියක් කියලයි මට නම් හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේ පාරනම් අලුත් ‌පොත් තිබුන් නෑ වැඩිය.. තිබුන ඒවත් මෙලෝ රහක් නෑ වගේ තමා..
      මම කලේ මං ගාව තිබිලා නැති උනා පොත් ටිකක් ගත්ත එක....

      Delete
    2. දැන් හැමටදේම සල්ලි වලට යට වෙලා පොත් ලියන අයත් සල්ලි මත්තෙම නැහෙනවා තමන්ගෙ නිර්මාණ වල ගුණාත්මක බව ගැන ඒ ගොල්ලන්ට ගාණක් වත් නෑ. හෙදම උදාහරණය තමයි චන්දන මෙන්ඩිස් මහතා. එයාගෙ පලවෙනි පරිවර්ථන කොච්චර ලස්සනයිද. ඒත් දැන් එයා ෂර්ලෝක් හෝම්ස් ලියන්න ගිහින් ඒවා එපා කරවනවා. මමත් අමාරුවෙන් විතර ඒ පොත් 2 ක් විතර කියව්වා. මේ සැරෙත් තවත් පොතක් ලියල කියල ආරංචියි.

      Delete
    3. ඒ කතාව ඇත්ත.. මේ පාර මමත් හිතාගෙන ගියේ හම්බුනොත් මෙදා පාර නම් බනිනවා කියලා... හි හි
      ඉස්සර නම් හැම ෂර්ලොක් හෝම්ස් පොතක්ම ගත්තා.... දැන් නම් එපා වෙලා ඉන්නේ....

      Delete
  32. කාලෙක ඉදන් වරද්දන්නේ නැතුව බුක් ෆෙයාර් යනවා. ඒත් දැන් නම් කතා පොත් ගැනෙනවා අඩුයි. ගන්න හුඟක් පොත ආගම දහම ගැන වගේම ඉතිහාසය ගැන තියෙන ඒවා. බුක් ෆෙයාර් එකේ අවුල් නම් ගොඩක් තිබුණත් දැන් ඒක අපේ කල්චර් එකක් වෙලා ඉවරයිනේ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඒක දැන් නම් කල්චර් එකක් වෙලා තමයි...
      මම නම් ඉතිං කතා පොත් තමයි.. ආගම දහම ගැන නම් මොකද මන්දා මම චරිත කතා විතරයි ගන්‌ෙන්.. ආනන්ද මෛත්‍රීය හැමුදුරුවන්ගේ පොත් ටික සහ සෝම හාමුදුරුවන්ගේ පොත් ටික තියෙනවා...

      මේ පාර සිල්මාතා කායිව් කියන පොත ගත්තා.. තාම කියවන්න බැරි උනා...

      Delete
  33. පොත් නම් ඉතිං... මොක වුණත් පොත්!!!

    ReplyDelete