Saturday, September 22, 2012

අනේ මට ගිය කල......


අද උදේ පාන්දර කොම්පීතර් රාජයාට දුං අල්ලලා එහෙම වැඩකට බැස්සනේ...

විනාඩි 5ක් යන්න කලින් මට “ අනේ අපොයි ...“ කියවුනා....

දෙයියනේ කියලා මාස ගානක් පරක්කු වෙවී ඉදලා ඊයේ හා හා පුරා කියලා Adobe photoshop Cs3 එක බාගත්තා නොවැ... චණ්ඩිකමට වඩා පණ්ඩිතකමට ඔහොම දෙයක් කොලාමයි ඔය.... ඔව් ඔව් ඉස්සරත් ඕවා පාවිච්චි කලා තමයි... ඒත් ඉතිං වටේ පිටේ උදවුවට කොච්චර නම් කට්ට්ය හිටියද... මේ ලෝකෙ සොෆ්ට්වෙයා එකක් බාගන්න උනේ නෑ..

“ අනේ බං මේ කෙහෙල්මල් සොෆ්ට්වෙයා එක නෑ නේ...“ කියලා කෝල් එකක් දුන්නම “ හිටපන් මං ගාව ඇති.. ගෙනත් දෙනකම් නහයෙන් අඩන් නැතුව හිටු...“ කියලා සත්තමක් එහෙම දාලා අනේ ඉතිං ඕක DVD කෑල්ලක ගහලා ගෙනත් දෙන එක නොවැ... දැන් ඉතිං මොනා කරන්නද.. ගිය‌ දේ ගියාවෙකො කියලා මංම කරගත්තා...

තමන් හිසට තම අතමය සෙවනැල්ල කිව්වලුනේ....

වැඩේ හරිගියාම ඉහේ මලක් පිපුන ගානයි..... ඇයි දෙයියනේ මේක නැතුව මම අවුරදු 2ක් තිස්සේ මොන දුකක් වින්දද...? කැවේ බිව්වේ කොහොමද කියලවත් මතක නෑ......

ඕන්න ඉතිං මම හරිබරි ගැහිලා අලුත් ඇප්ලිකේෂන් එක ඕපන් කරලා බැලුවාම තමයි මට අරහෙම කියවුනේ.... මොකෑ දන්නවද....

....... හපොයි මට එක ටූල් එකක් වත් මතක නෑ......

මේකෙන් වැඩක් කරගන්න තව මාසයක්වත් මට මේක අල්ලන් නටන්න වෙයි.......

ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්‌ෙන්..............

...... කමක් නෑ.... දෙන්නම් බැටේ .... කියලා හිතාගෙන ඕන්න මං වැඩට බැස්සා....

.....හික් හික්.......


....... අනේ අම්මපා මට ගිය කල......

46 comments:

  1. අයියෝ අක්කේ ඔක පොඩ්ඩක් ඇදලා කරලා බලන්න.ටක් ගාලා මතක් වෙයි..!!

    ReplyDelete
    Replies
    1. හි හි.. ටිකක් අමාරුයි .. ඒත අතාරින්‌නේ නෑ....

      Delete
  2. ආ මෙන්න මන් වගෙ එක්කෙනෙක්.... වට පිට අය නැත්තම් මම කොම්පිටරෙන් කොරන්නෙ FB යන එක විතරයි

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය ෆේස් බුක් එකෙන් ඈත් වෙලා ඉන්නේ.. හි හි .. ඒක වෙලාවකට මල වදයක්...
      මම නම් ඉතිං කාලයක් වැඩ කලා නේ.... දැන් ආයිත් පුරුදු වෙන්න වෙලා...

      Delete
  3. gedara dore wedath ekka ova amathaka venna athi
    nikan inna vele oka kara kavanna ethakota mathak veyi :-)

    ReplyDelete
    Replies
    1. මට කොම්පීතරයක් තිබ්බේ නෑනේ මඩයෝ.. ඒකයි අවුල උ‌ෙන්.. හි හි...

      Delete
  4. මටත් පින්තුරයක් හදල දෙන්න හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. මාසයක් විතර ඉවසලා ඉන්නකෝ මේක අල්ලගන්නකම්... හි හි

      Delete
  5. නගේ ඕක බාගත්ත තැනක් මටත් කියුකෝ... පොටෝ සාප්පුව නැත්තටම නැති වෙලා දැන් හය මාසෙකටත් වැඩී... කාට හරි මඩක් ගහන්නවත් ඕක නැතිව ඇහැකියෑ...

    ReplyDelete
    Replies
    1. http://thepiratebay.se/torrent/3937893

      Delete
    2. ඔය සැමා කියලා තියෙන්නේ... තෑන්ක්ස් සෑම්...

      මාත් thepiratebay.se එකෙන් තමා බෑවේ මාරයියේ... ඒත් මම use කරපු link එකෙන් මාරයියට වැඩක් ගන්න බැරි වෙයි මං හිතන්නේ... ( ඒක mac )

      Delete
    3. තැන්කූ සෑම් සහ හිරු දෙන්නටම... අනිද්දට බාන්න දානවා... මේක ලොකු උදව්වක්...

      Delete
    4. මදෑ කොලා...එදා යස අගේට වැඩ කොරපු ලින්ක් එක අද බලනකොට වැඩ නැහැ... කලුමේ කලුමේ...

      Delete
    5. හයියෝ මාරයියේ.. ඉන්නකෝ... මම බලලා කියන්නම් මට එක් හොයා ගන්න පුළුවන් උනොත්...
      ලින්ක් එක හොයා ගන්න පුළුවන්.. ඒත් වැඩ කරනවද කියලා හොයා ගන්න තමයි මට බැරි...

      Delete
  6. හ්ම්ම්.. පාවිච්චි නොකලාම මොළෙත් මකුළු දැල් බැඳෙනවා නේ.. මට නම් දැන් ඒක වෙලා තියෙන්නේ අක්කියෝ.. ආයේ කැම්පස් පටන් ගත්තාම කරන සබ්ජෙක්ට්ස් ටික මතක තිබුනොත් හොඳයි.. :)

    ReplyDelete
    Replies
    1. මකුළු දැල් බැදිලා මලකඩ කාලා දිරලා තියෙන්නේ නගා... හි හි

      හි හි. .අපේ නඟාත් ඕකම කිය කිය ලෙක්චර්ස්ලට බලු බැනුම් බැන බැන ඉන්නවා ඔන්න....

      Delete
  7. ටික දවසක් පාවිච්චි කරනකොට හරියයි අක්කේ...

    ReplyDelete
    Replies
    1. ඔවු එවු නඟා.. එහෙම අතාරින්න් පුළුවන්ද මේක.... හි හි

      Delete
  8. මට තාම බෑනේ PS.
    මම පාවිච්චි කරන්නේ සූටි සොෆ්ට්වෙයාර් එකක් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මටත් බෑ බං ර‌ජෝ.. මං ආසම Coreldraw තමා... විකල්පයක් විදියට adobe වලට අකමැත්තෙන් උනත් මාරු වෙන්න සිද්ධ උනා...

      Delete
  9. මට බෑනේ පොටෝ සොප්....
    ඉහි ඉහි...

    ReplyDelete
    Replies
    1. අඬන්න එපා තරියෝ..

      ඔය අපේ ගෙදරත් එකෙක් ඉන්‌ෙන්.. කොම්පීතරේ තිබුනට ඕකෙන් ෆේස් බුක් එකේ මඟුල් නටනවා ඇරෙන්න වෙන මුකුත් කරන්නෙ නැති අර මීගොඩයාගේ ජාතියේ එකෙක්....

      Delete
  10. පොටෝ වලටනම් මමත් බොහෝම මනාපයි නොවැ නෝනේ....

    ReplyDelete
    Replies
    1. හි හි.. ආ බුද්ධදාස සීයේ... ඔන්න මාත් ඒ පැත්තේ ගියා .....

      Delete
  11. මටනම් ඔය photoshop , corel draw අරහං ඒ නිසාම මම හොදට හොයලා බලල ඒවා දනන් එකෙක් කසාද බැන්දා.. හැබැයි උන්දැට කියලා වැඩක් කර ගනන් බටර් ලොරි ගනන් ගාන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. හි හි.. කවියගේ අනිත් පැත්ත මෙහේ... අපේ මහත්තයා මේකට අත තියන්නේවත් නෑ... එයා මේ ලෝකේ දෙයක් දන්නැ කොම්පීතර් ගැන... හි හි පුරුදු වෙන්න කිව්වොත් වැඩිම උනොත් එක වාක්‍යක් ටයිප් කරයි.. ඊට පස්‌ෙස් කම්මැලියි කියලා මාරු වෙනවා....

      Delete
  12. PS ගැන මම නම් වැඩිය මුකුත් දන්නෙ නෑ. ඒත් ඉස්සර tutorial බල බල තනියම PS කරන්න ඉගෙන ගත්තා යන්තමට ..දැනටත් ඉතින් යාන්තමට එහෙන් මෙහෙන් ගැට ගහ ගන්න පුළුවන් කම විතරයි තියෙන්නෙ.ටූල්ස් අමතක උනාම මොලේ කොලොප්පන් වෙනවා තමා. ඒත් වරදින්න වරදින්න ඔහේ PS කරන්න ගත්තම ආයෙමත් ඉබේම පුළුවන් වෙනවා. හිරූ නම් ඉතින් ග්‍රැපික් හපනියක්නෙ...

    ReplyDelete
    Replies
    1. මාත් තනියම තමයි ළිහිණි ඔක්කොම අල්ලගත්තේ... ඒත් Coreldraw තමා මගේ ආසම සොෆ්ට්වෙයා එක.. ඒක නිසා adobe පුරුදු වෙන්නේම නැති නිසා ජොලියට වගේ ඒකෙන්ම වැඩ කරන ක්ලාස් එකකට ගියා... සති දෙකක් යනකොට වැඩේ ගොඩ... ඒත් දැන් මට විකල්පයක් විදියට adobe පාවිච්චි කරන්න වෙනවා.. මේ කොම්පීතරේ Coreldraw වැඩ කරන්නේ නෑ... දුක තමයි...

      Delete
  13. PS සෑමා උගත්තේද තනිවමය.

    එසේම සෑමා කම්පීතර ඩිප්ලෝමාවක්වත් නොකර එහෙන් මෙහෙන් වැඩ කැලි දමන්නේය :)

    ReplyDelete
    Replies
    1. මාත් කොම්පීතරේ සහ Coreldraw ඩිසයිනිස් , ටයිපින් පුරුදු වුනේ නම් තනියම සෑම්.. ඒත් ජොබකට ගියාම සර්ටිෆිකට් ඉල්ලන කිසා ග්‍රැෆික් ඩිප්ලෝමා එකක් කලා.. අනිත් එක මට adobe අරහං.... ක්ලාස් එකේ එකෙන්ම වැඩ කරන්න වෙන නිසා තමයි ගියේ.... මොකද හැම එකම මම කරකවන්නේ Coreldraw වලින් ඉස්සර...

      Delete
  14. අනේ මටත් ඔය වැඩේට නම් ආසයි. වෙලා තමයි නැත්තේ...

    දැන් ඉතින් හිරුගේ වැඩ දිහාවත් බලාගෙන ඉන්නවා.:)

    ReplyDelete
    Replies
    1. හි හි.. මගේ පොඩි කාලේ ඉදලම තිබුන ආසාවනේ පොඩ්ඩි මේක.... අතාරින්න හිතෙන්‌ෙන් නැ....

      Delete
  15. අයියෝ හිරුවෝ ටූල් ටික පොඩ්ඩක් අතපත ගාන්න එතකොට ඉබේම වගේ මතක්වෙනවා.ඔයාට දැන් හොඳට වැඩ කටයුතු කරගන යන්න පුළුවන්. ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නලින් අයියා....
      ඔව් ඔව් .. මේක හදාග්නන පුළුවන්...

      Delete
  16. අන්න තවත් DIY පොරියක්. නියමායි. ඕකෙ ටියුටෝරියල් එක ටික ටික කියවන ගමන් වැඩට බහීන්න. ඇත්තම කිව්වොත් හිරු මමත් හුඟක් දෙවල් ඉගෙනගත්තෙත් ගන්නෙත් තනියම.
    ආ මෙන්න දැන් වෙලඳ දැන්වීමක්.
    මෙන්න මගේ අලුත්ම බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම මගේ ඩෙනිම My Blue Jeans
    .|
    බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මගේ ඩෙනිමටත් පොඩි බැක් අප් එකක්.
    හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට (WordPress-Thanks Ravi)එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔන්න එල්ල ගත්තා.. හි හි... ඇති යන්තම්.. දැන් මට ඕක මිස් වෙන් නෑ...

      තනියම තමා ඩූඩ් මාත් ඔක්කොම වගේ කලේ.. ලංකාවේ ග්‍රැෆික් කෝස් ගොඩක් කරන මඟුලක් නෑ සොෆ්ට්වෙයාර් එක උගන්නන එක ඇරෙන්න.. ඩිසයිනින් කියන්නේ ඊට වඩා දෙයක් තියෙන ෆිල්ඩ් එකක්.. ඒත් සර්ටිෆිකට් ඉල්ලන ජරා පුරුද්දක් තියෙන නිසා මාත් එකකට ගියා.. හැබැයි ඒ ක්ලාස් එක නම් යම් තරමකට හොද තත්වයේ තිබුනා... ( INGRIN )

      Delete
  17. අපේ ගෙදර එක්කෙනාට නම් කම්පීතර් ඩිප්ලෝම කොල්ල සහතිකත් තියනවා ඕං..!ඒත් එයා ඒ ගැන දන්නේ මොනවද කියලා එයා විතරක් නෙමේ සහතික දුන්නු ගොබිලොවත් දන්නවද කියලානම් ගැටලුවක් තියෙනවා. මොකෝ හැම එකම අහන්නේ කම්පීතරලා ගැන උගන්නන මොන්ටිසෝරියකටවත් නොගිය මගෙන්.කැඩුන රේඩියෝ කෑලියි කොම්පූටර් ක‍ටුයි අටෝන මම දන්නවලු එයාට වඩා. මම නෙමේ එයයි එහෙම කියන්නේ. ඔය කිවුවට මමදන්න දේකුත් නෑ අප්පා....!

    ReplyDelete
    Replies
    1. මමත් ඉතිං කොම්පීතර් ගැන නම් දන්න දෙයක් නෑ..

      අපේ මාමා පරණ ලඩ්ඩක් ඔන් කරලා දීලා Coreldraw 9 දාලා ඒකට 7 එකේ පොතක් මගේ අතට දිලා ගියාට පස්‌සේ මම තනියම තමා ඉගෙන ගත්තේ... ඒ ඉතිං ඩිසයින්නේ...

      මගේ ගෙදර ති‌ෙයන කොම්පීතරේ නම් ඕනේ විදියකට ගලෝලා, කරකවලා ඒත් බැරිනම් පයින් දෙකක් දීලා හරි හදා ගන්න පුළුවන්.. මේ මඟුල නම් සොරි ඩොට් කොම් තමා කැඩුනොත්...

      Delete
  18. කොම්පීතර් රාජයා ෆෝමැට් කලාට පස්සේ ෆොටෝ සාප්පුව මාත් දැම්මේ නෑනේද කියලා දැනුයි මතක් උනේ.. මේ ටිකේම හැබැයි වැඩ වලට විදේශ ආධාර නොමිලෙම ලැනුන නිසා අඩුව දැනුනේ නෑනේ.. :)

    ReplyDelete
    Replies
    1. හි හි.... ඉස්සර නම් මටත් විදේශාධාර ඕනෙ තරම් තිබුනා.... දැන් ඉතිං සොරි තමා....

      Delete
  19. ඔහොම එවුවා බාගෙන අන්තිමට මට බාගයක් මකන්න උනා.. ඒවත් එක්ක එන වෙන හොල්මන් අවතාර හින්දා. ඔයා පාවිච්චි කරලා කියන්නකෝ..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සරත් අයියේ.... මම නම් ටොරන්ට් තමයි බාන්නේ.. හැබැයි බාන්න කලින් ඒක දාපු දවසේ ඉදලා කට්ටිය දීලා තියෙන කමෙන්ට්ස් ටික කියෝනවා... කචල් තියෙනවා නම් අල්ලගන්න පුළුවන් එතකොට...

      මේකත් ලෙඩ ගොඩක් එක්ක තමයි හරි ගස්ස ගත්තේ... සීරියල් වැරදිලා.. හැබැයි කමෙන්ට් වලින්ම ඒවා හදාගන්න පුළුවන් උනා... අනිත් එක installation video වලිනුත් ගොඩක් ජාති අල්ලගන්න පුළුවන්..

      මම ගත්ත එකෙන් නම් සරත් අයියට වැඩක් ගන්න පුළුවන් වෙන්නේ Mac OX leopard එක්ක පාවිච්චි කරනව නම් තමයි... හි හි... පරණ වර්ෂන් වලට හරියන එකක් මේ ලින්ක් එක...

      Delete
  20. මං නං දැම්මෙත් සෙවන්... අද වෙනකලුත් සෙවන්... මැරෙනකලුත් ෆොටෝෂොප් සෙවන්... නෝ සීරියල් කී... කොරල්‍ ඩ්‍රෝ නම් මැරෙනකල් 11 තමා...

    ReplyDelete
    Replies
    1. මට වෙන විකල්පයක් නෑ සුදෝ... හි හි
      Ps Cs3 තමා මේකේ වැඩකරන අන්තිම එක...

      Delete
    2. අර මොකෝ ඒ?... කම්පියුටරේ අලුත් වැඩිද?

      Delete
    3. පරණ වැඩියි.. හි හි
      තියෙන වර්ශන් එක අවුරදු 4ක් පරණයි..

      Delete