Tuesday, September 18, 2012

ඇස් දෙක....


“... මා ඔබත් එක්ක සුහද කතාවක්....
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්....“

ඊයේ රෑ ෆොන් එක කනේ ගහගෙන නින්ද යනකන් රේඩියෝ එක අහගෙන ඉන්නකොට මේ ගීතය ඇහුනාම මට මතක් උනේ අපේ මහත්තයා මං ගැන කියන කතාවක්....

“කොහෙද... මං මෙයාව තේරුව දවසේ මගේ කණ්ණාඩි දෙක ගෙදර දාලා ඇවිත් නේ.... කණ්ණාඩි දාලා බැලුවමයි හොදට පෙනුනේ.. එතකොට ඉතිං පරක්කු වැඩියි...“

මාත් ඉතිං ඕකම එයාටත් කියනවානේ.... ඒක අපි දෙන්නගේ විහිළුවක්...

ඇත්තටම ආදරයට ඇස් කොතරම් වැදගත්ද....?

මේ ඒකාලේ මගේ ආසම ගීතයක්...

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල්වියේ
නොදැනීම අපගේම සිත් යාවුණා
දසුනින් හසුනක් මවා

ඉස්කෝලෙ යන කාලේ යුනිෆොම් එකට තිබුන බාධක, තහංචි මැද ආදරය කරන කොට ඇස් දෙක තරම් වැදගත් දෙයක් තවත් නෑ.. පෙරුම් පුරාගෙන බලං ඉන්නේ ඇස්‌ දෙකට දැක ගන්නකම්.... නැත්තම් විනාසයි.. එදාට දවසම මූඩ් ගහලා....

ගොඩක් වෙලාවට කතාකරන්න හම්බුවෙන්නේ නැති උනාම කතාවට උදවු වෙන්නේ ඇස් දෙක...

ඇස්පිය හෙලන වාරයක් පාසා කතාවක් කියවුන කාලයක් ඒ... කෝච්චි පෙට්ටියේ එහා කොනේ එයා ඉන්නකොට මං මෙහා කොනේ ඉදන් එයා එක්ක කතා කලා.... ඇස් දෙකින්....

සමහර දවසට එයා උදේට කෝච්චිය ස්ටේෂන් එකට එන වෙලාවට ඇවිල්ලා මගේ ඇස් දෙක දිහා බලාගෙන කෝච්චිය යනකම් ඉදලා ආපහු ගෙදර යනවා... ඒ ඇති දවසටම ඉතිං... හි හි..

අතින් අල්ලන්නවත් බය ඒ කාලේ බය නැතුව බලං හිටියේ ආදරේ උතුරපු ඒ ඇස් දිහා...

හොද නරක, සතුට, දුක, ආදරය,වේදනාව හැම එකම ඇස් දෙකෙන් බෙදා ගත්ත කාලයක් ඒ...

කදුළු බිංදුවක්, ඇස් කොනේ දිලිසෙන හිනාවක් ලොකු කතාවක් කියපු කාලයක්....

අදත් ඒ ඇස් ඒ වගේම තමයි...

49 comments:

  1. ඇස් ගැන කියපු කථාව අමූලික ඇත්ත උනාට.. අපිනම් ඉස්කෝලෙ ගියේ ඉගෙන ගන්න... ඇස් වලින් කථාකරන්න නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව්.... ඒ ගැන නම් ඉතිං ආයිත් කියලා මොකටදෑ....

      Delete
  2. ඒ කලේ මතක කාටවත් අමතක වෙන්නෙ නෑ........

    ReplyDelete
    Replies
    1. රොබින්ටත් අත්දැකීම් තියෙනවා වගේ...

      Delete
  3. 'අදත් ඒ ඇස් ඒ වගේම තමයි... ' :) හැමදාටමත් හිනාවෙන්ම පිරි ජිවිතයක් අක්කෝ ඔබට! :)

    ජය!

    ReplyDelete
    Replies
    1. තැන්කු යූ නඟා.. ඔන්න අපේ මහත්තයත් ඔයාට තෑන්ක්ස් කරන්න කියලා ගියා...

      Delete
    2. :) හා පෙරලා ස්තුතිය :)

      Delete
  4. ඉස්කෝලෙ නම් අමතක කරල ඉන්න දෙන්නෙම නෑ. කවුරු හරි බ්ලොග් එකකින් මතක් කරනවා මයි.

    ඇස් වලින් කරපු ආදරේ කොච්චරද කියනව නම් අන්තිමට මේ දෑස කුමටද කියලම හිතුන.

    ReplyDelete
    Replies
    1. මක්කටෙයි කියලා නෙමේද හිතුනේ...... හි හි

      අනේ මන්දා... ජීවිතේ වැඩි හරියක් හැඩගැහෙන්නේ අපි ඉස්කෝලෙ කාලේ මූණ දෙන දේවල් වලින් කියලයි මම හිතන්නේ... එතකොට ඉතිං ඒවා අමතක වෙන් නෑ නේ...

      Delete
  5. ඇත්තමයි නේ.. ඇස් දෙක ඉතින් කොච්චර දෙයක් කරනවද...

    ReplyDelete
    Replies
    1. Red Riding Hood එකේ වෘකයාගේ ඇස් දෙක මතකද...?

      Delete
    2. අපොයි ඔව්.. ඒ ඇස් දෙකෙන් තමා රෙඩ්ට වෙනසක් දැනෙන්නේ.. :)

      Delete
  6. මමනං සිත් හොරා ගන්නෙ නෑ..
    මම ඇස් දිහා බලන්නෑ..
    සුන්දරියංගේ...
    මරදාන පාරේ...

    ReplyDelete
    Replies
    1. පිස්සුද .. අපිත් නෑ.... හි හි...

      Delete
  7. හිරුවො, ඔය ඇස් ගැන කතා මෙහෙම ලියන්න බෑ. මගෙ තියෙනවා සුන්දර ඇස් කතාවක්. ඒක පෝස්ටුවකින්ම ලියන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. මට හිතාගත්තෑකි... ලියමුකෝ බලන්න...

      Delete
  8. ඇස් වලින් කොච්චර කතා කලත් ආදරේට ඇස් නෑ කියනවලුනෙ වෙලාවකට... අනෙ මංදා... ඉස්කෝලෙ යන කාලෙනම් ඇස් වල ලියවෙච්ච පෙම් කතා කියවන්න මම බය උනා.ලියලා තියෙන ඒත් තාම නොදැම්ම කතාව මේ ඇස් වලින් කතා කරපු පෙමක් ගැන තියෙනවා. බොහෝ දුරට ඊලඟ පොස්ට් එක ඒක වේවි.

    ReplyDelete
    Replies
    1. හපොයි.. මාත් ඉතිං දෙක තුනක් කියෙව්වා.. ඒත් වැඩිපුර හිතට ඇල්ලුවේ මේ ඇස් දෙක.. වැඩේ කියන්නේ ඒ කාලේ කණ්ණාඩි දැම්මානේ.... ඇස් දිහා බලන්න හම්බුනේ බදින්න අවුරුද්දකට කලින්... හි හි... ඒත් අනේ මන්දා.. ඒ කාලේ කොහොමහරි ඇස් වලින් කතාත් කළා....

      අන්න මං හොද වැඩක් කරලා.. දාමු දාමු...

      Delete
  9. ඒක හන්දා වෙන්ඩ ඇති සිංදුවකත් කියන්නේ,

    "ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්ඩ වෙයි" කියලා. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. 'ඩ' ශබ්ධය මගේ උච්ඡාරණය නිසා බව කරුණාවෙන් සලකන්ඩ !!

      Delete
    2. එක දවසක් මටත් ඕක හිතුනා මධූ.. ගෙදරින් වද දීලා දීලා, බැරිම තැන මේක නවත්තනවා කියලා හිතාගෙන හම්බුවෙන්න ආවම බස් එකේ ඔය සින්දුව ගියා... ඒ වෙලාවේ නම් ඇඩුනා.... අනේ මන්දා.. ආපහු එනකොට ලවු එක තිබුනා වගේ දෙගුණයක් වෙලා.. හි හි...

      Delete
  10. හැමදාමත් ඒ ඇස් දෙක එදා වගේම තියාගන්න. මේක තරමක අභියෝගයක්.සමහරවිට මේ අභියෝගය ජයගන්න අනේක කැපකිරීම් කරන්නත් වෙයි. ඒත් මං හිතනවා හිරුට ඒ දේ කරන්න පුළුවන්.වාසනාවන්ත අනාගතයක්

    ReplyDelete
    Replies
    1. හපොයි ඔවු.. හරිම අමාරුයි... ඒත් කොච්චර ප්‍රශ්න මැද්දේ උනත් ඒ ඇස් දෙක නිසා හිත සැනසෙනවා ගොඩක් වෙලාවට...

      ස්තූතියි නලින් අය්යේ..

      Delete
  11. මදුරංග කියන කතාව මාත් දැක්කා. ත්‍රී වීල් එකක පිටි පස්සේ. ඒක දැකලා තමයිලු ඒ සිංදුව ලිය උනේ...
    "ඔය ඇස් අමතක වෙන්න නම්, මගේ ඇස් පිය වෙන්න වෙයි..."

    ඇත්තටම ඇස් වලින් කතා කරන අය ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔවු.. ඇස් වලින් කතා කරනකොට හරිම සුන්දරත්වයක් තියෙනවා... හිනා යනකොට තමයි යාලුවන්ට වැඩේ මාට්ටු වෙන්නේ.. හි හි...

      Delete
  12. ඇස් දෙක ගැන නම් කතා කරන්න එපා...
    මට පේන්නෙම නෑනේ :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මට මතක් උනා ඔයාවත් මේක ලියද්දි.. අපේ මහත්තයත් කණ්ණාඩි දැම්මා ඉස්සර... ඒත් කතාවට නම් බාධාවක් උනේ නෑ.. හි හි..

      Delete
    2. මේ රජා නම් පට්ට පල් බොරු කාරයෙක් තමා....

      ඉන්දියන් කෙල්ලන්ගේ නම් ඇස් දෙක දිහා අවුරුද්දක් උනත් අනිමිස ලෝචනය කල හැකිය කියා කියා තවත් ඇස් ගැන කතා කරන්න එපාලු...

      මට සැකයි මේකා මේ රජපස්ස පරම්පාරාවෙද වත් කියලා... හි හි

      Delete
  13. ඇස් දෙක වැදගත්. ස්කයිප් එකෙන් කතා කරද්දි අම්මා එහෙම ලගපාත ඉන්නවනම් ඉතින් විඩියෝ එකෙන් මුණ බලන් එපැයි චැට් කරන්න. ඇස් හරිම වැදගත්.

    ReplyDelete
    Replies
    1. හි හි... කොම්පූටරේ දිහා බලාගෙන තනියම හිනාවෙනකොට අම්මා අහන්නේ නැද්ද පිස්සුද කියලා...

      Delete
  14. තාම ඇත්තටම දැක්ක නැති ඒ ලස්ස්න ඇස් දෙකට මම කොච්චර කවි ලියලා ඇත්ද? ඒ ඇස් දෙක දිහා ලග ඉදන් බලන් ඉන්න තව මාස 8 පෙරුම් පුරන්න ඕන.. :)

    ReplyDelete
    Replies
    1. ඈ.. එතකොට ඔය බදින්න යන්නේ තාම ඇත්තට දැකලාවත් නැතුවද....? ඔක්කෝම ස්කයිප් එකෙන්ද...? මල මඟුලයි...

      දෙන්න එක්ක වෙඩින් එකටත් ස්කයිප් එකට කේක් කෑල්ලක්වත් කවන්න වෙයි එහෙනං.. හි හි...

      Delete
  15. ලකියානම් දැන් ඇස් වලින් කථා කරනවා තියා කෙල්ලන්ගේ ඇස් දිහා බලන්නෙවත් නෑ...
    කෙල්ලන්ගේ ඇස් වලට ලකියා බයයි දැන්.මොකද ඒ ඇස් වලින් තේරුම් ගන්න අමාරු ඒ වගේම මහ භයානක නපුරු දේවල් කියවෙනවා.ඒ ඇස් මතක් වෙනකොට රෑට නින්ද යන්නෙත් නෑ අප්පා...
    අතීතයේ නම් ඇස් වලින් කථා කරා වගේ මතකයි.
    (කාලයක් කෙල්ලෙක්ගෙන් හිත හිරි වට්ටන ලොකු ඇස් දෙකක් සින්නක්කර ලියාගන්නත් ඉල්ලුවා වගේ මතකයි හික් හික්..)

    ReplyDelete
    Replies
    1. නපුරු ඇස්වලත් සමහර වෙලාවට අමුතු අමුතු ලස්සන පේනවා ලකියෝ.. අන්න එතකොට තමයි පරිස්සම් වෙන්න ඕනේ...

      Delete
  16. මේ පෝස්ටුව බලලා මාර දුකක් හිතුනා....
    දැන් ඉතින් ලඟ නැති කෙනෙකුගේ ඇස් දිහා බලන්නේ කොහොමද? :(

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ‌තේරුනේ නෑ නොවැ....

      Delete
  17. ඇස් ඇත්තට කොච්චර දේවල් කියනවද?

    ReplyDelete
    Replies
    1. ඒවා කියවන්න සොෆ්ට්වෙයාර් එකක් තියෙන්නෙත් තව එක ඇස් දෙකක විතරයි සිතූ.....

      Delete
  18. පුංචියට උනත් ලස්සණට ලියලා හිරූ. සමහර කමෙන්ට් දැක්කම හිතෙනවා මෙයාලා උගුරට හොරා බේත්කන්න හදනවද කියලා. ඇත්ත ඒඇස් නිසා මමත් ඕනම දෙයක් කරනවා. ජය.!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. වෙලාවකට තරහත් යනවා... මේ ඇස් දෙකක් නිසා විදින දුකක් කියලා.. හි හි.. ඇත්තට අපේ මහත්තයා කතා කරනවා හරි අඩුයි... එයාගේ ඇස් දෙකෙන් තමයි මම හැමදෙයක්ම අල්ලගන්‌ෙන්.. හි හි... ඒ ඇස් දෙකට හොර බොරු බෑ...

      Delete
  19. එතකොට අන්ධයාගේ ආලය කෙසේ විය හැකිද..?

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං අන්ධයෙක්ගෙන්ම අහන්න වෙනවා මාරයියේ..... අනිත් එක ආලයට ඇස් ඕනෙම නැ නේ... ‌නේද..

      Delete
  20. ලොකු පස්නයක් අප්පා ඔය ඇස් කියන ජාතිය.අවුරුදු එකොළහක් මං නං බේරිලා හිටියා.ඉස්සරහට තියෙන අවුරුදු දෙකෙත් පුළුවන් වේවි කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. කලු කණ්ණිඩි දැම්මත් කියවන්න පුළුවන් ඇස් දෙකක් දැක්කොත් ඉබේටම කියවෙනවා වර්ෂා.. ඒක නවත්තන්න බෑ...

      Delete
  21. අදත් ඒ ඇස් ඒ වගේම තමයි...

    අන්න ඒ කෑල්ල නම් එළ තමයි ඈ. ඒ මදිවට ඒක ඩිස්ක්ලේමර් එකක්ද කොහෙදත්, හික්ස්!

    මට ඇස් කතාවල් තියෙනවා. පස්සෙ බ්ලොග් පෝස්ට් වලම ලියන්නම්කො.

    මට මතක් වුනා අපේ ගෙදර තිබ්බා ඓතිහාසික පොතක් ඇස් දෙක කියලා. අපේ අම්මගෙ ෆේවරිට්ම පොත.ඔය හංවැල්ල, කඩුවෙල, කොරතොට වගෙ පැත්තක ලේඛකයෙක් කෙනෙක් ලියලා තිබ්බෙ. තාත්තලගෙ යාලුවෙක්ද කොහෙද. නියම පොතක් වග නම් මතකයි

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඕව ඒ වගේ එකක් තමා.. හි හි..
      ඇස දෙක කියලා ෆිල්ම් එකකුත් තිබ්බා නේද..... මට දැනුයි ඒක මතක් උනේ....

      Delete
  22. // පෙරුම් පුරාගෙන බලං ඉන්නේ ඇස්‌ දෙකට දැක ගන්නකම්.... නැත්තම් විනාසයි.. එදාට දවසම මූඩ් ගහලා.... //

    ඔයා මාර කතා අප්පා කියන්නෙ.සහතික ඇත්ත කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. හි හි.. ඉස්කෝලෙ යන කාලේ ඒවා නේ....

      Delete