Wednesday, September 12, 2012

කාලය ගෙවිලා ගියා විතරයි.....



“ මදී.. ක්ලයන්ට් කෙනෙක් ඇව්ල්ලා.... පොෂ් කේස් එකක් වගේ.... ඔයා ආවොත් හොදයි....“

“ මං එන්නම්... ඔයා චුට්ටක් කතා කරන්න...“

මේසය මත තිබූ පොඩි කණ්ණාඩිය අතට ගෙන, යන්තම් දියවී ගිය තොල් ආලේපනය නැවුම් කරගන්නා අතරම, ස්ට්‍රේට් කර තඔ පැහැ ගැන්වූ කෙටි කෙස් වැටිය අතින් සකස් කර ගත් මදී,අමුත්තන් පිළිගැනිමේ කාමරයට ඇතුලු වූවාය.
සැප පහසු සෝපාවේ වාඩි වී අවු කණ්ණාඩි යුවල තාලයට සොලවමින් ගීතයක තාලයක් මුමුණමින් සිටින තරණ පිරිමි රුව දෙස බැලූ ඈ එක්වරම ගල් ගැසී නතර වූවාය.

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ ඔයා මට ‌ගොඩක් වටිනවා මදී මැණික....“
ලාවට සිත තුළ දෝංකාර දුන් හඩ, ඇයව ඈත අතීතයට කැන්දන් යන්නට සමත් විය.

“ඔයා කියන්නේ බොරුනේ ඉතිං... තච ගෑනු කී දෙනෙකුට ඔයා ඔහොම කිව්වද කවුද දන්නේ...“
ඔහුගේ පපුතුරේ මුහුණ හොවා හුරතල් උන හැටි ඇයට සිහි වේ.

“ ඔව්..‌ගොඩකට කිව්වා... ඒත ඔයා තරම් ඒ කවුරුවත් වටින්නේ නෑ.... “
ඔහුගේ දෙනෙත් තුළ දිලිසෙන කාන්තිය ඇයව සිනහා ගැස්වීමට සමත්ය.

“ඔයා බොරු කියන්න හරිම හපනෙක් නේ...“
ඇය සිනාසුනාය.

“ ඉතිං දැං ඔයාමනේ කිව්වේ මට ගෑනු ගොඩක් ඉන්න ඇති කියලා...“

“ ඔයාට මාව ඔය තරම් වටිනවනම්, ඔය වැඩ අතෑරලා හොද රස්සවකට යන්නකෝ...“

“ කවුද මැණික මට රස්සාවල් දෙන්නේ.. පොලිසියෙන් මාව හොයනවා.. අරුන්ට අහුවුනොත් උන් මාව මරනවා....“

“ ඔයා මැරුනොත් මට මොනවද වෙන්නේ.... අනේ මං කියන දේ අහලා පොලිසියට බාර වෙන්නකෝ... එතකොට අඩුගානේ ඔයාගේ පණවත් බේරෙයි...“

“ මම දන්නවා මැණික.. ඒත් උන්ට මාව මරන්න ලේසියි ඇතුලේ හිටියොත්.. මේ වෙලාවේ මට පොලිසියට බාර වෙන්න බෑ...“

“ ඔයා මං ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැ නේද... ඔහොම කියනවට වැඩිය හොද නැද්ද මටත් වෙඩි තියලා මරලා දාන එක...ඔයා නැතුව මම කොහොමද ජීවත් වෙන්නේ...“

“ මම ඔයා ගැන බලාගන්නම් මැණික...මං පොරොන්දු වෙනවා... මං ඔයා ගැන බලාගන්නම්...“

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ දන්නවද.. මං ඔයාට ජොබ් එකක් බැලුවා.. ඔයා නිකම්ම ඉන්න කම්මැලියි කිව්ව නිසා... එතන ඔයාටත් හොදයි.. ඔයා ආස වෙයි....“
ඔහු එය ඇයට කිවු හැටි ඇයට තාමත් මතකය....ඒ ගෙදරට ගොඩ වුන ගමන්ය....

“ මට ජොබ් එකක්.... මොකද්ද අප්පේ ජොබ් එක...“

“ හෙට ලැස්ති වෙන්නකෝ.. මම එක්කන් යන්නම්... ඔයා ආස නම් අපි ඒක දිගටම කරමු.. අපි දෙන්නම එකතු වෙලා....“

“ හානේ... ඔය ඇත්තමද....“

“ හා හා. ඇති ඇති හුරතල් උනා.. .හෙට ගිහින් බලන්නකෝ ඔයා ආසද කියලා...“

“ ඔයා මං ළඟ ඉන්නවනම් ඕනෙ එකක් මට කමක් නෑ...“

ටිකක් දඟලා ඔහුගේ උරහිසට හිස තියාගෙන ඇස් පියා ගත් විට, නළල් තලය මත තැබූ ඔහුගේ අවසාන හාදුවේ උණුසුම ඇයට තවමත් දැනේ.

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ Good morning sir. Can I help you....? “

සීරුවෙන් මුවට නංවාගත් සිනාවත් සමඟ ඈ විමසුවාය.

“ Mrs. Madumathi....?“

ඒ සිනහව දුටුවිට, ඉහලට ගත් හුස්ම පහලට දැමීමට ඇයට අමතක විය....

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ ඔය හිනාවෙන් තමයි කෙල්ලෝ අල්ලගන්නෙ නේද.....?

හුරතල් ලෙස ඔහුගේ උරහිසට බරවී ඇසුවා ඇයට මතකය.

“ ඒකනේ මගේ හොදම ආයුදේ....“

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ Yes...That“s me.....“

“ This is for you... You should read this.....“

තරැණයා ඇය අත තැබුවේ Air mail ලියුම් කවරයකි.

හිතේ ප්‍රශ්නාර්ථයක් සමඟ ඈ කවරය දිග හැරියාය.

“ මදී... මගේ මැණික.. මෙච්චරකල් බලා ඉන්න උනාට මට සමාවෙන්න...“

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“මේ සැලොන් එක අද ඉදලා ඔයාගෙ මගේ මැණික....“

උදේ පාන්දර තමාව කැන්දාගෙන අවුත් මේ සාප්පුව බාර කල හැටි ඇයට මතක් විය.

“ඔයාට මං නැති උනත් මේක කරගෙන යන්න පුළුවන් දැන්...“

එසේ කියා ඇය හා විහිලු කළ ඔහු, එදිනම සවස මැර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කළ අයුරු ඇයට සිහිනයෙන් මෙන් මතකය.

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ ඔවු මැණික ..... මම තාම ජීවත් වෙනවා... මේ ලියුම එවන්නේ මගේ පුතා අතේ.....“

ඇය හිස ඔසවා බැලුවා ය.

“ඔයා බිනර ද.....?“

ඔහු හිස සලා සිනා සෙයි.

ඒ හිනාව මයි.. ඇයට සිතින..

අර වචන පටලවමින් හුරතල් කතා කියූ, වැටි වැටි දුවපු පොඩි එකාද මේ....

“ පුතා එක්ක ඔයා එනකම් මං බලන් ඉන්නවා මගේ මැණික...“

ඇයට නිතැතින්ම බිනරගේ දෑස දෙස බැලින...

“ මාමා ගොඩක් දුක් වින්දා පහුගිය කාලේ.... නැන්දට කරදරයක් වෙයි කියලයි මාමා ජීවත් වෙලා ඉන්න බව නොකිව්වේ... නැන්දා මාත් එක්ක එනවා නේද.....“

කවදා හෝ ඔහු ආපසු එයි කියා බලා සිටි ඇගේ දෙනෙත් කදුලින් පිරෙනු බිනර දුටුවේය.

ඔහු සිනාසුනි... ඇය තවමත් ඔහුගේ ආදරණීය නැන්දාමය.... මාමා හැමවිටම කියන්නා වූ, සතුට වැඩි උනාම ඇස් වලට කදුලු පුරවා ගන්නා, දුක වැඩි උනාම නිහඩවෙන්නා වූ ඔහුගේ ආදරණීය නැන්දාමය.....




49 comments:

  1. හැම ආදර කතාවක්ම මෙහෙම ඉවර වෙනවනම් කොයි තරම් නම් හොඳද. ලස්සනයි කතාව හිරු. අදයි ආවෙ මේ පැත්තෙ

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා...
      මේක අවසානය මොකද්ද කියලා දන්නේ නැතුව ලිව්ව කතාවක්....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. සිදූ අදහස් කරපු දේ මට වැරදියට තේරුණාද මන්දා.. මමනම් කැමති නෑ මෙහෙම ආදර කථා ඉවර වෙනවට.... මෙතනත් තියෙන්නේ අහිමි වීමක් විතරයි... මේ ආදර වන්තයෝ ආදරේ වින්දට වඩ ජීවිතේ විඳවල කියලයි මම හිතන්නේ

      Delete
    4. හ්ම්ම්.... ඇත්තටම....

      Delete
  2. හරිම අපූරුයි හිරු.මේ වෙලාවේ වැඩ.ඉතිරිය පසුවට.

    ReplyDelete
    Replies
    1. රාජකාරිය පළමුව... හි හි..
      ඇත්තටම අදහස අහන්න කැමතියි මේ ගැන...
      මේක ලිව්වේ කතාව ගැන අදහසක් හිතේ නැතුව...

      Delete
    2. ඔන්න අද කතාව කියෙව්වා නිවාඩු පාඩුව. මටනම් ටිකක් පැටලිලි සහිතයි.ඉදිරිපත් කරන ආකෘතියේ වෙනසක් වුණා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ.සිද්ධි එකින් එක ගැලපීම අපැහැදිලියි.මේ අඩුපාඩු නැති වුණා නම් පංකාදු රචනයක්.ලස්සන වචන බස්වහර කදිමයි.

      Delete
    3. ගැලපීම නම් පොඩ්ඩක් අවුල් තමයි මටත් පේන්නේ දැන්.. හි හි...

      ස්තූතියි..

      Delete
  3. ආදරය සම්බන්ද දේ සෑම විටම සුන්දරයි. කතාව නම් ලස්සනයි ඕන්

    ReplyDelete
    Replies
    1. හි හි.. හැමවිටම නෑ සුදා.... ඒත් පස්සේ හිතෙනවා සුන්දරයි කියලා.. අනේ මන්දා....

      Delete

  4. මේ කතාවෙ වංගුම දහ අටක් විතර ගහලා තියෙනවා. කියවන කල්ම මම කීප වතාවක් නොමග ගිහින් ආපහු ආවා. අනපේක්ෂිත අවසානයක්! එල ඈ!


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් මේක අනපේක්ෂිත අවසානයක් ඩූඩ් අයියේ.. මම ලියන්න ගියේ එකක්. ඒත් ලියවුනේ එකක්.. ඔන්නොහේ දැම්මා.. මොකද ලිව්වට පස්සේ මට මේ කතාවේ අමුතු පැත්තක් පේන්න ගත්තා....

      Delete
  5. කතාව තේරෙන්නේ නැහැ වගේ වුණාට අන්තිමට තමා තේරුණේ

    ReplyDelete
    Replies
    1. ලියපු මටත් එහෙම නම් ඉතිං කියෝපු ඔයාට එහෙම වෙන එක අහන්න දෙයක්ද .. හි හි....

      Delete
  6. අයි හේට් ලව්ස්ටෝරි කියලා කියලම මට ඇති වෙලා අයියෝ...
    හික්ස්...
    කතාවනං එල..

    ReplyDelete
    Replies
    1. මාත් අයි හේට් ලවු ස්ටෝරි තමා... මේක ලවු ස්ටෝරියක් වගේ පේන්නේ මගේ වැරැද්දෙන්....

      Delete
  7. මම මේ වගේ එව්වට එච්චර මනාප නෑ. ඒත් මේක වෙනස්. ලිවීමේ ක්‍රමය. බොහොම අගෙයි

    ReplyDelete
    Replies
    1. මේ වගේ එව්වා කිව්වේ.... ආදරේටද....?
      ලිවීමේ ක්‍රමය නම් මටත් අලුත්.. ඒක වෙන්නැති කතාව පැහැදිලි නැත්තේ....

      Delete
  8. ඇත්තමයි මට හරියට වැටහුනේ නෑ... මැද හරිය ටිකක් පැටලිලි සහගතයි වගේ... ඔබේ උත්සාහය අගය කරනවා...

    ReplyDelete
    Replies
    1. කාල දෙකක් එක්ක පැටලැවිල්ලක් සිරා.....
      ස්තූතියි.....

      Delete
  9. අන්තිම වෙනකන් මුකුත් වැටහුන් නෑ.පස්සෙ යන්තන් ගලපගත්තා

    ReplyDelete
    Replies
    1. පොඩි එකා ඔහොම හරි ගලපගත්තනම් හරි... හි හි.....

      Delete
  10. ලස්සන ආදර කතාවක්!!!!!!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිට ආදර කතාවක් පෙනිලා.... මට කතා තුනක් පේනවා.... හි හි....
      මගේ ලීව්ම එච්චර සාර්ථක නෑ වගේ.. හි හි...

      Delete
  11. ආදර කතා !
    වැඩක් නෑ.. මට නම් ඕවා වහ කදුරු වගේ !
    ඒ උනත් ලියලා තියෙන විදිහ නිසා කියෝ ගත්තා.. :)

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි මධූ...
      මම ලියන්න ගියේ ආදර කතවක්ද මමම දන් නෑ... ඒත අන්තිමට ලියවිලා තියෙන්නේ ඒ වගේ එකක්... හි හි...

      Delete
  12. man hithuwe kolla dala gihin kiyala.made wela thiyena de.

    ReplyDelete
    Replies
    1. හි හි... මට ඕනේ වුනේ මුලදි කියවනකොට අවසානය හිතාගන්න බැරි කතාවක් ලියන්න..

      Delete
  13. kohomahari nendata mamawa hamba unane..awasanaya lassanayi..

    ReplyDelete
  14. අදයි මේ පැත්තට ගොඩ වැදුනේ.... ලස්සනට ලියල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ වේවා.. හි හි..

      Delete
  15. හැමෝම මේ ආදර කතාවක් කියලනේ. ඒක නිසා මම එහෙම කියන්නැතුව ඉන්නම්. අර පැත්තක හිටපු ගැන්ග්ස්ටර් ට තමයි මම කැමති. ඉම්රාන් හෂ්මිගෙ පිල්ම් එකක් මතක් උනා මට. සාර්ථකයි, ඔයාට ජය...!

    ReplyDelete
    Replies
    1. මට ඕනෙ උනේ සමාජයේ වැරදියි කියන චරිත වලත් යම් කිසි ‌හොද පැත්තක් තියෙන්න පුළුවන් කියලා කියන කතාවක් ලියන්න.. හැබැයි මම මුලින් තෝර ගත්තේ මේ වැරැද්ද නොවයි... හි හි.. මඟදී කතාව වෙනස් උනා..
      ස්තූතියි....

      Delete
  16. මං මුලින්ම හිතාගත්තේ කුණුහරපයක් පස්සේ අන්තිමට එද්දී හරියට තේරුනා :)
    නාකි ආදරයක් ;)

    ReplyDelete
    Replies
    1. මොකද්ද අප්පේ කුණු හරුපේ... ඇයි නාකි ආදරේ ලස්සන නැද්ද...?

      Delete
    2. නෑ නෑ අක්කේ ලස්සනයි නිකන් ඇදේට වගේ කිව්වේ ;)

      Delete
  17. කතාවේ අදහස මම ත්රුම් ගත්තද කියල මම දන්නේ නෑ.ඒත් මට තේරුණා විදියට අපරාධ කරන්නෙක්ට ආදරය කරන තරුණියක් නේද මේ කතාවේ ඉන්නේ??
    මම හිරගෙදරක ගහල තියෙනවා දැක්කා"Hate the crime,not the criminal" කියල.
    කොයිතරම් දරදඬු හදවතක උනත් ආදරය කියන දේ තියෙනවා!
    මුල මඩ අග සම්බන්ධයක් සහිතව ලිව්වනම් මීට වැඩ අගේ කියල මට හිතුනේ!:)
    ජය!

    ReplyDelete
    Replies
    1. නුවන් කියලා තියෙන දේ හරි.. හැම අපරාධකාරයෙක් තුළම සැඟවණු මනුශ්‍යයෙක් ඉන්නට පුළුවන්...
      මට ඕනේ උනේ ඒ පැත්ත පෙන්නන්ට... ඒ වගේම කතාව මුලදි අවසානය මොකක් වෙයිද කියලා හිතන්න බැරි කතාවක් ලියන්න.. ඇත්තම කිව්වොත් මටත් අදහසක් තිබුන් නෑ අවසානය මොනවා වෙයිද කියා...

      Delete
  18. ලියල තියන ටික හිතට දැනෙන්න ලියල තියනවා අක්කෝ!නියමයි!
    ජය! :)

    ReplyDelete
  19. මේ ආදර කතාවක් විතරක්ම නෙමෙයිද මන්දා.. මට හිතෙන්නේ එහෙනමනේ..

    ReplyDelete
    Replies
    1. නෑ දිනේශ්.. ආදර කතාවක්ම නෙවෙයි... හි හි..

      Delete
  20. අද තමයි මුලින්ම මේ පැත්තෙ ආවෙ. කතාව ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තවත් මධුරංග කෙනෙක්.. සාදරයෙන් පිළිගන්නවා....
      ස්තූතියි...

      Delete
  21. හරි ලස්සන කතාවක් හිරු... හිතට දැනෙන්න ලියල තියනවා..

    ReplyDelete